ත්‍රිපිටකය
2. සුමෙධපත්ථනාකථා 2. සුමෙධපත්‍ථනා කාණ්ඩය
1
කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ;
අමරං නාම නගරං, දස්සනෙය්‍යං මනොරමං.
1
මහා කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දැකුම්කලු, මනරම්වූ, දශ ශබ්දයකින් තොරනොවූ, ආහාරපානයෙන් යුත් අමර(වතී) නම් නුවරක් වී.
2
දසහි සද්දෙහි අවිවිත්තං, අන්නපානසමායුතං;
හත්ථිසද්දං අස්සසද්දං, භෙරිසඞ්ඛරථානි ච;
ඛාදථ පිවථ චෙව, අන්නපානෙන ඝොසිතං.
2
ඇතුන්ගේ කුඤ්ච නාදයෙන්ද, අසුන්ගේ හේසාරවයෙන්ද, බෙර හඬින්ද, සක් හඬින්ද, “කව්, බොව්” යන හඬින්ද ඝෝෂා කරන ලද්දාවූ,
3
නගරං සබ්බඞ්ගසම්පන්නං, සබ්බකම්මමුපාගතං;
සත්තරතනසම්පන්නං, නානාජනසමාකුලං;
සමිද්ධං දෙවනගරංව, ආවාසං පුඤ්ඤකම්මිනං.
3
සියලු නගරාඞ්ගයෙන් යුත්, පැමිණි සියලු කර්‍මාන්ත ඇති, සත් රුවණින් සමන්විතවූ, නොයෙක් දේශවලින් පැමිණි නොයෙක් වෙස් ගත් ජනයාගෙන් ගැවසීගත්, පින්කම් කරන්නවුන්ට වාසස්ථානයක්වූ, “අමරවතී” නම් නුවර දෙව් නුවරක් මෙන් සමෘද්‍ධවී.
4
නගරෙ අමරවතියා, සුමෙධො නාම බ්‍රාහ්මණො;
අනෙකකොටිසන්නිචයො, පහූතධනධඤ්ඤවා.
4
අමරවතී නම්වූ නුවරෙහි නිදන්කළ කෝටි ගණන් නොයෙක් ධනය ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, ශාස්ත්‍ර පිරිවහන්නාවූ, අථර්‍වන් වේදය දරන්නාවූ, තුන් වේදයෙහි පරතෙරට පැමිණි, ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ කුල ධර්‍මයෙහිද පරතෙරට ගිය “සුමේධ” නම් බමුණෙක් (විය.)
5
අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
ලක්ඛණෙ ඉතිහාසෙ ච, සධම්මෙ පාරමිං ගතො.
5
6
රහොගතො නිසීදිත්වා, එවං චින්තෙසහං තදා;
‘‘දුක්ඛො පුනබ්භවො නාම, සරීරස්ස ච භෙදනං.
6
ඒ (සුමේධ නම් බමුණුව උපන්) කාලයෙහි මම රහසිව (තනිව) හිඳගෙන මෙසේ සිතූයෙමි. “නැවත ඉපදීම නම් දුකයි. ශරීර භෙදයත් (මැරීමත්) දුකයි” (කියාය.)
7
‘‘ජාතිධම්මො ජරාධම්මො, බ්‍යාධිධම්මො සහං (චහං (සී. ස්‍යා.)) තදා;
අජරං අමතං ඛෙමං, පරියෙසිස්සාමි නිබ්බුතිං.
7
ඒ කාලයෙහි මම ඉපදීම ස්වභාවකොට ඇත්තෙක්ද, දිරීම ස්වභාවකොට ඇත්තෙක්ද, ලෙඩවීම ස්වභාවකොට ඇත්තෙක්ද වීමි. දිරීමක් නැති, මරණයක් නැති, භවයක් නැති නිවණ සොයන්නෙමි (යි සිතූයෙමි.)
8
‘‘යංනූනිමං පූතිකායං, නානාකුණපපූරිතං;
ඡඩ්ඩයිත්වාන ගච්ඡෙය්‍යං, අනපෙක්ඛො අනත්ථිකො.
8
නොයෙක් කුණපයෙන් පිරිණු මේ කුණු කය ඇලීමක් නැත්තේ, වැඩක් නැත්තේ හැරදමා යන්නෙම් නම් යෙහෙක.
9
‘‘අත්ථි හෙහිති සො මග්ගො, න සො සක්කා න හෙතුයෙ;
පරියෙසිස්සාමි තං මග්ගං, භවතො පරිමුත්තියා.
9
භවයෙන් මිදීම පිණිස යම් මගක් වේද, ඒ මග ඇත. නැතිවන්ට බැරිය. (එහෙයින්) ඒ මාර්‍ගය සොයන්නෙමි.
10
‘‘යථාපි දුක්ඛෙ විජ්ජන්තෙ, සුඛං නාමපි විජ්ජති;
එවං භවෙ විජ්ජමානෙ, විභවොපි ඉච්ඡිතබ්බකො.
10
යම්සේ දුකක් ඇතිකල සැපයකුත් ඇතිවෙයි. මෙසේ භවය ඇති කළ භවයෙන් මිදීමකුත් කැමතිවිය යුතුය.
11
‘‘යථාපි උණ්හෙ විජ්ජන්තෙ, අපරං විජ්ජති සීතලං;
එවං තිවිධග්ගි විජ්ජන්තෙ, නිබ්බානං ඉච්ඡිතබ්බකං.
11
යම්සේ උණක් ඇති කළ (එයින්) අන්‍ය සීතලක්ද ඇතිවෙයි. මෙසේ (රාග - ද්වේෂ - මෝහ යන) තුන් ගින්න ඇති කල නිවණත් කැමති විය යුතුය.
12
‘‘යථාපි පාපෙ විජ්ජන්තෙ, කල්‍යාණමපි විජ්ජති;
එවමෙව ජාති විජ්ජන්තෙ, අජාතිපිච්ඡිතබ්බකං.
12
යම්සේ අකුසල් ඇතිකල කුසලයකුත් ඇතිවෙයි. මෙසේම ඉපදීම ඇතිකල නොඉපදීමයි කියන ලද නිවණකුත් කැමති විය යුතුය.
13
‘‘යථා ගූථගතො පුරිසො, තළාකං දිස්වාන පූරිතං;
න ගවෙසති තං තළාකං, න දොසො තළාකස්ස සො.
13
යම්සේ වැසිකිළි වළක වැටුණු මිනිසෙක් දිය පිරුණු විලක් දැක ඒ විල නොසොයා නම් එය විලේ දොසක් නොවේ.
14
‘‘එවං කිලෙසමලධොව, විජ්ජන්තෙ අමතන්තළෙ;
න ගවෙසති තං තළාකං, න දොසො අමතන්තළෙ.
14
මෙසේ කෙලෙස් කිලුටු සෝදා දමන නිවන් නමැති දිය විලක් ඇති කල්හි ඒ විල නොසොයා නම් එය නිවන් නමැති විලේ දොසක් නොවේ.
15
‘‘යථා අරීහි පරිරුද්ධො, විජ්ජන්තෙ ගමනම්පථෙ;
න පලායති සො පුරිසො, න දොසො අඤ්ජසස්ස සො.
15
යම්සේ සතුරන් විසින් වට කරණ ලද මිනිසෙක් පලා යා හැකි මගක් ඇති කල පලා නොයේ නම් එය මගේ දොසක් නොවේ.
16
‘‘එවං කිලෙසපරිරුද්ධො, විජ්ජමානෙ සිවෙ පථෙ;
න ගවෙසති තං මග්ගං, න දොසො සිවමඤ්ජසෙ.
16
මෙසේ කෙලෙස්වලින් වලකන ලද්දේ, නිවන් මග ඇති කල ඒ මග නොසොයා නම්, එය නිවන් මග දොසක් නොවේ.
17
‘‘යථාපි බ්‍යාධිතො පුරිසො, විජ්ජමානෙ තිකිච්ඡකෙ;
න තිකිච්ඡාපෙති තං බ්‍යාධිං, න දොසො සො තිකිච්ඡකෙ.
17
යම්සේත් ලෙඩවූ මිනිසෙක් වෙදෙකු ඇතිකල ඒ ලෙඩට වෙදකම් නොකරවා නම් එය වෙදාගේ දොසක් නොවේ.
18
‘‘එවං කිලෙසබ්‍යාධීහි, දුක්ඛිතො පරිපීළිතො;
න ගවෙසති තං ආචරියං, න දොසො සො විනායකෙ.
18
මෙසේ කෙලෙස් නමැති ලෙඩින් උපන් දුක් ඇත්තේ, නිතර පෙළෙන ලද්දේ, ඇදුරකු නොසොයා නම් ඒ දෝසය සත්ත්‍වයන් හික්මවන (මොක් මග) ඇදුරන්ගේ නොවේ.
19
‘‘යථාපි කුණපං පුරිසො, කණ්ඨෙ බන්ධං ජිගුච්ඡිය;
මොචයිත්වාන ගච්ඡෙය්‍ය, සුඛී සෙරී සයංවසී.
19
යම්සේ සැප ඇති, කැමතිසේ හැසිරෙන, තමහට වසඟවූ මිනිසෙක්, බෙල්ලෙහි බඳින ලද කුණපයක් පිළිකුල් කොට මුදාහැර යන්නේද,
20
‘‘තථෙවිමං පූතිකායං, නානාකුණපසඤ්චයං;
ඡඩ්ඩයිත්වාන ගච්ඡෙය්‍යං, අනපෙක්ඛො අනත්ථිකො.
20
එසේම නොයෙක් කුණු රැස්වූ මේ කුණු කය බලාපොරොත්තුවක් නැත්තේ, ප්‍රයෝජනයක් නැත්තේ හැර දමා යන්නෙමි.
21
‘‘යථා උච්චාරට්ඨානම්හි, කරීසං නරනාරියො;
ඡඩ්ඩයිත්වාන ගච්ඡන්ති, අනපෙක්ඛා අනත්ථිකා.
21
යම්සේ මල පහ කරන තැන පුරුෂ ස්ත්‍රීහු මල බලාපොරොත්තු නැත්තෝ, හැර දමා යෙත්ද,
22
‘‘එවමෙවාහං ඉමං කායං, නානාකුණපපූරිතං;
ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං, වච්චං කත්වා යථා කුටිං.
22
එසේම මම නොයෙක් කුණපයෙන් පිරුණු මේ කය මල පහකොට වැසිකිළියක් මෙන් හැරදමා යන්නෙමි.
23
‘‘යථාපි ජජ්ජරං නාවං, පලුග්ගං උදගාහිනිං (උදකගාහිණිං (සී.), උදකගාහිනිං (ස්‍යා.));
සාමී ඡඩ්ඩෙත්වා ගච්ඡන්ති, අනපෙක්ඛා අනත්ථිකා.
23
යම්සේ නැව් හිමියෝ අරුණවූ සිඳී බිඳී ගිය දිය උනන්නාවූ නැවක් ගැණ බලාපොරොත්තු නැත්තාහු, වැඩ නැත්තාහු, හැරදමා යෙද්ද,
24
‘‘එවමෙවාහං ඉමං කායං, නවච්ඡිද්දං ධුවස්සවං;
ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං, ජිණ්ණනාවංව සාමිකා.
24
එපරිද්දෙන්ම මම ඇස් කන් ආදී සිදුරු නවයක් ඇති, නිතර මල වැගිරෙන, මේ කය, නැව් හිමියෝ දිරූ නැවක් මෙන් හැර දමා යන්නෙමි.
25
‘‘යථාපි පුරිසො චොරෙහි, ගච්ඡන්තො භණ්ඩමාදිය;
භණ්ඩච්ඡෙදභයං දිස්වා, ඡඩ්ඩයිත්වාන ගච්ඡති.
25
යම්සේ මිනිසෙක් (රන් රුවන් ආදී) බඩුවක් හැරගෙන සොරුන් සමග යන්නේ, බඩු පැහැරගෙන යන බිය දැක ඒ සොරුට හැරදමා යයිද,
26
‘‘එවමෙව අයං කායො, මහාචොරසමො විය;
පහායිමං ගමිස්සාමි, කුසලච්ඡෙදනා භයා’’.
26
එපරිද්දෙන්ම මේ කය මහ සොරෙකු හා සමානය. මේ කය කුසල් නමැති රුවන් පැහැරගනීය යන බියෙන් හැර දමා යන්නෙමි.
27
එවාහං චින්තයිත්වාන, නෙකකොටිසතං ධනං;
නාථානාථානං දත්වාන, හිමවන්තමුපාගමිං.
27
මම මෙසේ සිතා නොයෙක් කෝටි ගණන් ධනය නාථයන්ට හා අනාථයන්ට දන්දී හිමාල වනයට පැමිණියෙමි.
28
හිමවන්තස්සාවිදූරෙ, ධම්මිකො නාම පබ්බතො;
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
28
හිමාල වනය සමීපයෙහි “ධම්මක” නම් පර්‍වතයෙකි. එහි මට අසපුවක් හොඳින් කරන ලදී. පන්සලක් හොඳින් මවන ලදී.
29
චඞ්කමං තත්ථ මාපෙසිං, පඤ්චදොසවිවජ්ජිතං;
අට්ඨගුණසමූපෙතං, අභිඤ්ඤාබලමාහරිං.
29
ඒ අසපු පෙදෙසෙහි (සක්මන්) දොස් පසකින් තොරවූ සක්මනක් කෙළේය. (පැවිදි) සැප අටකින් යුත් අභිඤ්ඤා බලය ඇතිකර ගතිමි.
30
සාටකං පජහිං තත්ථ, නවදොසමුපාගතං;
වාකචීරං නිවාසෙසිං, ද්වාදසගුණමුපාගතං.
30
එහිදී නව දොසකින් යුත් රෙදි අත්හළෙමි. දොළොස් ගුණයකින් යත් වැහැරි සිවුරු හැන්දෙමි.
31
අට්ඨදොසසමාකිණ්ණං , පජහිං පණ්ණසාලකං;
උපාගමිං රුක්ඛමූලං, ගුණෙ දසහුපාගතං.
31
අට දොසකින් යුත් පන්සල අත්හළෙමි. ගුණ දසයකින් යුත් රුක්මුල වෙත පැමිණියෙමි.
32
වාපිතං රොපිතං ධඤ්ඤං, පජහිං නිරවසෙසතො;
අනෙකගුණසම්පන්නං, පවත්තඵලමාදියිං.
32
වපුරණ ලද්ද වුවද, සිටුවන ලද්ද වුවද, ධාන්‍ය (ඇට ජාති) සම්පූර්‍ණයෙන් අත්හළෙමි. නොයෙක් ගුණයෙන් යුත් ඉබේ නටුයෙන් ගැලවී බිම වැටුණු ගෙඩි වැළඳුයෙමි.
33
තත්ථප්පධානං පදහිං, නිසජ්ජට්ඨානචඞ්කමෙ;
අබ්භන්තරම්හි සත්තාහෙ, අභිඤ්ඤාබලපාපුණිං.
33
එහි හිඳීමෙහිදී, සිටීමෙහිදී, සක්මන්හිදී වීර්‍ය්‍ය කෙළෙමි. සත් දිනක් ඇතුළතදී අභිඤ්ඤා බලයට පැමිණියෙමි.
34
එවං මෙ සිද්ධිප්පත්තස්ස, වසීභූතස්ස සාසනෙ;
දීපඞ්කරො නාම ජිනො, උප්පජ්ජි ලොකනායකො.
34
මෙසේ තවුස් සස්නෙහි වසී (පුරුදු)වූ මා පඤ්ච අභිඤ්ඤාවන්ගේ ප්‍රයෝජනය ලැබීමේ තත්ත්‍වයට පැමිණ සිටි කල්හි දීපංකර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ලෝකයෙහි උපන් සේක.
35
උප්පජ්ජන්තෙ ච ජායන්තෙ, බුජ්ඣන්තෙ ධම්මදෙසනෙ;
චතුරො නිමිත්තෙ නාද්දසං, ඣානරතිසමප්පිතො.
35
(උන්වහන්සේ) පිළිසිඳගැනීමෙහිද, මව් කුසින් බිහිවන කල්හිද, බුදුවීමෙහිද, දම්සක් පැවැත්වීමෙහිද (ඇතිවූ) සතර පෙර නිමිති, ධ්‍යාන සැපයෙන් යුත්වූයේ, මම නොදුටුයෙමි.
36
පච්චන්තදෙසවිසයෙ, නිමන්තෙත්වා තථාගතං;
තස්ස ආගමනං මග්ගං, සොධෙන්ති තුට්ඨමානසා.
36
පසල් දනව්වෙක ජනයෝ (ඒ දීපඞ්කර) තථාගතයන් වහන්සේට ආරාධනාකොට උන්වහන්සේ විසින් වැඩියයුතුවූ මාර්‍ගය සතුටු සිත් ඇත්තාහු සුද්ද කරත්.
37
අහං තෙන සමයෙන, නික්ඛමිත්වා සකස්සමා;
ධුනන්තො වාකචීරානි, ගච්ඡාමි අම්බරෙ තදා.
37
මම ඒ කාලයෙහි සිය අසපුවෙන් නික්ම, වැහැරි වත් සලමින් එවේලෙහි අහසෙහි යෙමි.
38
වෙදජාතං ජනං දිස්වා, තුට්ඨහට්ඨං පමොදිතං;
ඔරොහිත්වාන ගගනා, මනුස්සෙ පුච්ඡි තාවදෙ.
38
හටගත් සොම්නස් ඇති, තුටුපහටුවූ මහත් සතුටු ඇති ජනයා දැක, එකෙණෙහි ගුවනින් බැස මිනිසුන්ගෙන් විචාළේය.
39
‘‘තුට්ඨහට්ඨො පමුදිතො, වෙදජාතො මහාජනො;
කස්ස සොධීයති මග්ගො, අඤ්ජසං වටුමායනං’’.
39
තුටුපහටුවූ මහත් සතුට ඇති, හටගත් සොම්නස් ඇති මහජනතෙම (මග සුද්ද කරයි.) “අඤ්ජස - වටුම - අයන යන නම් ඇති (මේ) මග (ඔබ විසින්) කවරකු පිළිබඳව සුද්ද කරණු ලැබේද?”
40
තෙ මෙ පුට්ඨා වියාකංසු, ‘‘බුද්ධො ලොකෙ අනුත්තරො;
දීපඞ්කරො නාම ජිනො, උප්පජ්ජි ලොකනායකො;
තස්ස සොධීයති මග්ගො, අඤ්ජසං වටුමායනං’’.
40
එසේ මා විසින් විචාරණ ලද මිනිස්සු “උතුම්වූ පස්මරුන් දිනූ ලෝහිමිවූ බුදු රජහු ලෝකයෙහි උපන් සේක. උන්වහන්සේට (වැඩවීම පිණිස) අඤ්ජස - වටුම - අයන යන නම් ඇති මග සුද්ද කරනු ලැබේ” යයි පැවසූහ.
41
බුද්ධොතිවචනං (බුද්ධොති මම (සී. ස්‍යා. ක.)) සුත්වාන, පීති උප්පජ්ජි තාවදෙ;
බුද්ධො බුද්ධොති කථයන්තො, සොමනස්සං පවෙදයිං.
41
එකෙණෙහි “බුද්‍ධ” යන වචනය අසා මට ප්‍රීතිය උපනි. “බුද්‍ධ, බුද්‍ධ” යයි කියමින් සොම්නස වින්දෙමි.
42
තත්ථ ඨත්වා විචින්තෙසිං, තුට්ඨො සංවිග්ගමානසො;
‘‘ඉධ බීජානි රොපිස්සං, ඛණො වෙ මා උපච්චගා.
42
එතැන සිට සතුටුවූයේ, විස්මයට පත් සිත් ඇත්තේ, (මෙසේ) සිතුයෙමි. මෙහි කුශල බීජයන් රෝපණය කරන්නෙමි. කාලය ඉක්ම නොයේවා.
43
‘‘යදි බුද්ධස්ස සොධෙථ, එකොකාසං දදාථ මෙ;
අහම්පි සොධයිස්සාමි, අඤ්ජසං වටුමායනං’’.
43
ඉදින් බුදුරදුන් පිළිබඳව (මග) සුද්ද කරව් නම් මට එක් කොටසක් දෙව්. වල ගොඩ ඇති මග මමත් සුද්ද කරන්නෙමි.
44
අදංසු තෙ මමොකාසං, සොධෙතුං අඤ්ජසං තදා;
බුද්ධො බුද්ධොති චින්තෙන්තො, මග්ගං සොධෙමහං තදා.
44
ඒ කාලයේ ඔවුහු මට මාර්‍ගයේ කොටසක් සුද්ද කරන්නට දුන්හ. මම එකල්හි “බුද්‍ධ, බුද්‍ධ” යයි සිතමින් මග සුද්ද කරමි.
45
අනිට්ඨිතෙ මමොකාසෙ, දීපඞ්කරො මහාමුනි;
චතූහි සතසහස්සෙහි, ඡළභිඤ්ඤෙහි තාදිහි;
ඛීණාසවෙහි විමලෙහි, පටිපජ්ජි අඤ්ජසං ජිනො.
45
මාගේ මග පෙදෙස (සාදා) නොනිමි කල්හිම කෙලෙස් පැරදවූ, දිවකුරු මුනිඳු, ෂඩ් අභිඥාලාභීවූ, තාදී ගුණ ඇති, කෙලෙස් කිලිටු නැති, සාර ලක්‍ෂයක් රහතුන් සමග මගට පිළිපන් සේක.
46
පච්චුග්ගමනා වත්තන්ති, වජ්ජන්ති භෙරියො බහූ;
ආමොදිතා නරමරූ, සාධුකාරං පවත්තයුං.
46
සතුටු සිත් ඇති දෙවි මිනිස්සු පෙර ගමන් පවත්වත්. බොහෝ බෙර වයත්. සාදුකාර පවත්වත්.
47
දෙවා මනුස්සෙ පස්සන්ති, මනුස්සාපි ච දෙවතා;
උභොපි තෙ පඤ්ජලිකා, අනුයන්ති තථාගතං.
47
දෙවියෝ මිනිසුන් දකිත්. මිනිස්සුත් දෙවියන් (දකිත්.) ඒ දෙව් මිනිස්සුද වැඳගෙන තථාගතයන් වහන්සේ පසුපස්සේ යෙත්.
48
දෙවා දිබ්බෙහි තුරියෙහි, මනුස්සා මානුසෙහි ච (මානුස්සකෙහි ච මානුසකෙහි ච (ස්‍යා. ක.));
උභොපි තෙ වජ්ජයන්තා, අනුයන්ති තථාගතං.
48
දෙවියෝ දෙවියන්ගේ තූර්‍ය්‍යයන්ද, මිනිස්සු මිනිසුන්ගේ තූර්‍ය්‍යයන්ද වයමින් ඒ දෙව් මිනිස්සු තථාගතයන් වහන්සේ පසු පස්සේ යෙත්.
49
දිබ්බං මන්දාරවං පුප්ඵං, පදුමං පාරිඡත්තකං;
දිසොදිසං ඔකිරන්ති, ආකාසනභගතා මරූ.
49
දෙව්ලොව මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද, අහසට පැමිණි දෙවියෝ දිසාවෙක් දිසාවෙක්හි වගුරුවත්.
50
දිබ්බං චන්දනචුණ්ණඤ්ච, වරගන්ධඤ්ච කෙවලං;
දිසොදිසං ඔකිරන්ති, ආකාසනභගතා (ආකාසෙ නභගා (ස්‍යා.)) මරූ.
50
සපු මල්ද, හෝපලු මල්ද, බක්මී මල්ද, නා මල්ද, දොඹ මල්ද, වැටකේ මල්ද බිම සිටි මිනිස්සු දිසාවෙක් දිසාවෙක්හි විසුරුවත්.
51
චම්පකං සරලං නීපං, නාගපුන්නාගකෙතකං;
දිසොදිසං උක්ඛිපන්ති, භූමිතලගතා නරා.
51
“මම ඒ මඩෙහි හිසකෙස් මුදා, වැහැරි සිවුරද, සම්කඩද අතුරා මුහුණින් දිග ඇදී ගත්තෙමි.
52
කෙසෙ මුඤ්චිත්වාහං තත්ථ, වාකචීරඤ්ච චම්මකං;
කලලෙ පත්ථරිත්වාන, අවකුජ්ජො නිපජ්ජහං.
52
“බුදුරදහු මා පාගාගෙන සිසු සව්වන් සහිතව යේවා. මඩ නොපාගාවා. (ඒ මඩ නොපෑගීම) මට හිත පිණිස වන්නේය.”
53
‘‘අක්කමිත්වාන මං බුද්ධො, සහ සිස්සෙහි ගච්ඡතු;
මා නං කලලෙ අක්කමිත්ථ, හිතාය මෙ භවිස්සති’’.
53
54
පථවියං නිපන්නස්ස, එවං මෙ ආසි චෙතසො;
‘‘ඉච්ඡමානො අහං අජ්ජ, කිලෙසෙ ඣාපයෙ මම.
54
“පොළොවෙහි හොත්තාවූ මාගේ සිතට මෙබඳු සිතිවිල්ලක් ඇතිවී. මම කැමති නම් අද මාගේ රාගාදී කෙලෙස් වවන්නෙමි.
55
‘‘කිං මෙ අඤ්ඤාතවෙසෙන, ධම්මං සච්ඡිකතෙනිධ;
සබ්බඤ්ඤුතං පාපුණිත්වා, බුද්ධො හෙස්සං සදෙවකෙ.
55
“මෙහිදී අප්‍රසිද්‍ධ වේශයෙන් සිව්සස් අවබෝධ කිරීමෙන් මට කවර වැඩක්ද? සර්‍වඥබවට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදුවන්නෙමි” (කියායි.)
56
‘‘කිං මෙ එකෙන තිණ්ණෙන, පුරිසෙන ථාමදස්සිනා;
සබ්බඤ්ඤුතං පාපුණිත්වා, සන්තාරෙස්සං සදෙවකං.
56
“(තමාගේ) බලය දන්න මිනිසෙක්වූ මාගේ තනිව සසරින් එතරවී යාමෙන් කවර ප්‍රයෝජනයක්ද? සර්‍වඥබවට පැමිණ දෙවියන් සහිත ලෝවැස්සන් සසරින් එතර කරන්නෙමි.
57
‘‘ඉමිනා මෙ අධිකාරෙන, කතෙන පුරිසුත්තමෙ;
සබ්බඤ්ඤුතං පාපුණිත්වා, තාරෙමි ජනතං බහුං.
57
මිනිසුන්ට උතුම්වූ දිවකුරු මුනිඳුන් කෙරෙහි කළ මගේ මේ වටිනා වැඩෙන් සර්‍වඥ බවට පැමිණ බොහෝ ජන සමූහයා සසරින් ගොඩලමි.
58
‘‘සංසාරසොතං ඡින්දිත්වා, විද්ධංසෙත්වා තයො භවෙ;
ධම්මනාවං සමාරුය්හ, සන්තාරෙස්සං සදෙවකං’’.
58
“සසර ඉපදීමට කරුණුවූ තෘෂ්ණා නමැති සැඩ පහර සිඳ, තුන් භවයෙහි උපදනා කම් කෙලෙස් නසා, දහම් නමැති නැවට නැගී දෙවියන් සහිත ලෝ වැස්සන් සසරින් එතර කරන්නෙමි.
59
මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං;
පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා;
අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣති.
59
“මිනිසත්බව, පිරිමියෙකුවීම, පින් ඇති බව, ශාස්තෲන් වහන්සේ දැකීම, පැවිද්ද, අභිඥා ගුණයෙන් යුක්තවීම, ජීවිත පරිත්‍යාගය, බලවත් උත්සාහය යන කරුණු අට එක්වීමෙන් බුදුබව පැතීම සිදුවේ.”
60
දීපඞ්කරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
උස්සීසකෙ මං ඨත්වාන, ඉදං වචනමබ්‍රවි.
60
දන් පිළිගැනීමට සුදුසු දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මාගේ හිස මත්තෙහි වැඩ සිට මේ මතු කියන වචනය වදාළ සේක.
61
‘‘පස්සථ ඉමං තාපසං, ජටිලං උග්ගතාපනං;
අපරිමෙය්‍යිතො කප්පෙ, බුද්ධො ලොකෙ භවිස්සති.
61
“ජටාධරවූ, උසස් තපස් ඇති මේ තාපසයා බලව්. මෙකපින් අපමණ කල්පයෙක මෙතෙම ලෝකයෙහි බුදුවන්නේය.
62
‘‘අහු කපිලව්හයා රම්මා, නික්ඛමිත්වා තථාගතො;
පධානං පදහිත්වාන, කත්වා දුක්කරකාරිකං.
62
“ඒ ගෞතම තථාගතතෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යයද කොට දුෂ්කර ක්‍රියාවද කොට,
63
‘‘අජපාලරුක්ඛමූලස්මිං, නිසීදිත්වා තථාගතො;
තත්ථ පායාසං පග්ගය්හ, නෙරඤ්ජරමුපෙහිති.
63
“තථාගතතෙම අජපල් නුගරුක් මුල හිඳ එහිදී කිරිබත පිලිගෙන නෙරංජරා ගංගාව ස්වමීපයට එළඹෙයි.
64
‘‘නෙරඤ්ජරාය තීරම්හි, පායාසං අද සො ජිනො;
පටියත්තවරමග්ගෙන, බොධිමූලමුපෙහිති.
64
“නැවත ජිනරාජතෙම නේරංජරා ගංතෙරදී කිරිබත වළඳා දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් ඇසතු බෝමුල කරා එළඹෙයි.
65
‘‘තතො පදක්ඛිණං කත්වා, බොධිමණ්ඩං අනුත්තරො (අනුත්තරං (ස්‍යා. කං.));
අස්සත්ථරුක්ඛමූලම්හි, බුජ්ඣිස්සති මහායසො.
65
“මහා යසස් ඇති ගෞතම නරශ්‍රේෂ්ඨතෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කරන්නේය.
66
‘‘ඉමස්ස ජනිකා මාතා, මායා නාම භවිස්සති;
පිතා සුද්ධොදනො නාම, අයං හෙස්සති ගොතමො.
66
“මුන්වහන්සේගේ වදන මව මායා නම් වන්නීය. පියතෙම සුදොවුන් නම් රජ වන්නේය. මෙතෙම ගෞතම නම් වන්නේය.
67
‘‘අනාසවා වීතරාගා, සන්තචිත්තා සමාහිතා;
කොලිතො උපතිස්සො ච, අග්ගා හෙස්සන්ති සාවකා;
ආනන්දො නාමුපට්ඨාකො, උපට්ඨිස්සතිමං (උපට්ඨිස්සති තං (සී.)) ජිනං.
67
“කාමාදී ආසව නැති, රාගාදී කෙලෙස් නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති ‘කොලිත’ ද, ‘උපතිස්ස’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක කෙනෙක් ගෞතමයන්ට උපස්ථාන කරන්නේය.
68
‘‘ඛෙමා උප්පලවණ්ණා ච, අග්ගා හෙස්සන්ති සාවිකා;
අනාසවා වීතරාගා, සන්තචිත්තා සමාහිතා;
බොධි තස්ස භගවතො, අස්සත්ථොති පවුච්චති.
68
“කාමාදී ආසව නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති “ඛෙමා” ද, “උප්පලවණ්ණ” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ඇසතු රුකයයි කියනු ලැබේ.
69
‘‘චිත්තො ච හත්ථාළවකො (හත්ථාලවකො (සී.)), අග්ගා හෙස්සන්තුපට්ඨකා;
උත්තරා නන්දමාතා ච, අග්ගා හෙස්සන්තුපට්ඨිකා’’.
69
“චිත්ත” ද, “හත්‍ථාලවක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, ‘උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වන්නාහ. යසස් ඇති ඒ ගෞතම භාග්‍යවත්හුගේ ආයුෂය සියයකි.”
70
ඉදං සුත්වාන වචනං, අසමස්ස මහෙසිනො;
ආමොදිතා නරමරූ, බුද්ධබීජං කිර (බුද්ධබීජඞ්කුරො (සී. ස්‍යා.)) අයං.
70
“අසමවූ, මහර්ෂීවූ දිවකුරු බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙව් මිනිස්සු මේ බුදු පැලයෙකැ (බුදුබව පතන බෝසතෙකැ) යි
71
උක්කුට්ඨිසද්දා වත්තන්ති, අප්ඵොටෙන්ති (අප්ඵොඨෙන්ති (සී.)) හසන්ති ච;
කතඤ්ජලී නමස්සන්ති, දසසහස්සී සදෙවකා.
71
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැස්සෝ ඔල්වර හඬ පවත්වත්. අත් පොළසන් දෙත්. සතුටෙන් සිනහසෙත්. වැඳගෙන නමස්කාර කරත්.
72
‘‘යදිමස්ස ලොකනාථස්ස, විරජ්ඣිස්සාම සාසනං;
අනාගතම්හි අද්ධානෙ, හෙස්සාම සම්මුඛා ඉමං.
72
ඉදින් මෙලෝහිමියාණන්ගේ සස්න හෙවත් අරි අටඟි මග වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි මුන්වහන්සේ හමුවන්නෙමු.
73
‘‘යථා මනුස්සා නදිං තරන්තා, පටිතිත්ථං විරජ්ඣිය;
හෙට්ඨාතිත්ථෙ ගහෙත්වාන, උත්තරන්ති මහානදිං.
73
“යම්සේ ගඟක් එතර කරන්නාවූ මිනිස්සු ඉදිරි තොට වැරදී ගියහොත්, යටි තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
74
‘‘එවමෙව මයං සබ්බෙ, යදි මුඤ්චාමිමං ජිනං;
අනාගතම්හි අද්ධානෙ, හෙස්සාම සම්මුඛා ඉමං’’.
74
“එමෙන්ම අපි හැමදෙනම මේ දිනිඳු නමුත් ඉදින් මුදමුනම් අනාගත කාලයෙහි මුන්වහන්සේ හමුවන්නෙමු.”
75
දීපඞ්කරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මම කම්මං පකිත්තෙත්වා, දක්ඛිණං පාදමුද්ධරි.
75
දන් පිළිගැනීමට සුදුසු දිවකුරු සම්බුදුරජහු මාගේ ක්‍රියාව ගැන විස්තරය ප්‍රකාශකොට ගමනට දකුණු පය ඉදිරීය.
76
යෙ තත්ථාසුං ජිනපුත්තා, පදක්ඛිණමකංසු (සබ්බෙ පදක්ඛිණමකංසු (ස්‍යා. ක.)) මං;
දෙවා මනුස්සා අසුරා ච, අභිවාදෙත්වාන පක්කමුං.
76
ඒ සමාගමයෙහි යම් ජිනපුත් කෙනෙක් (හෙවත්) බුදු සව් කෙනෙක් වූහුද, ඔවුහු මා පැදකුණු කළහ. දෙවියෝද, මිනිස්සුද, අසුරයෝද අභිවාදනයකොට වැඳ, ගියහ.
77
දස්සනං මෙ අතික්කන්තෙ, සසඞ්ඝෙ ලොකනායකෙ;
සයනා වුට්ඨහිත්වාන, පල්ලඞ්කං ආභුජිං තදා.
77
මාගේ දැකීම සඟුන් සහිත ලෝහිමියන් ඉක්ම ගිය කල්හි මඩෙහි මුහුණින් හොත් තැනින් නැගිට මල් රාශිය මතුපිට අරමිනිය ගොතා හුන්නෙමි.
78
සුඛෙන සුඛිතො හොමි, පාමොජ්ජෙන පමොදිතො;
පීතියා ච අභිස්සන්නො, පල්ලඞ්කං ආභුජිං තදා.
78
එකල්හි කය, සිත සුවයෙන් සැප ඇත්තෙක් වෙමි. සාමාන්‍ය සතුටෙන් සතුටු සිත් ඇත්තෙක් වෙමි. බලවත් ප්‍රීතියෙන් පිනා ගියේ, පළඟක් බැන්දෙමි, හෙවත් අරමිණිය ගොතා හුන්නෙමි.
79
පල්ලඞ්කෙන නිසීදිත්වා, එවං චින්තෙසහං තදා;
‘‘වසීභූතො අහං ඣානෙ, අභිඤ්ඤාසු පාරමිංගතො (අභිඤ්ඤාපාරමිං ගතො (සී.)).
79
මම එකල්හි පළඟින් හිඳ මෙසේ සිතුයෙමි. “මම ධ්‍යානයෙහි පුරුදුවූයෙමි. පඤ්චාභිඥාවන්හි පරතෙරට ගියෙමි.
80
‘‘සහස්සියම්හි ලොකම්හි, ඉසයො නත්ථි මෙ සමා;
අසමො ඉද්ධිධම්මෙසු, අලභිං ඊදිසං සුඛං.
80
“දසදහසක් සක්වළෙහි මා හා සම තාපස කෙනෙක් නැත. ඎද්‍ධි ධර්‍මයෙහි අසමවූ මම මෙබඳු කය, සිත සැපයක් ලැබූයෙමි.”
81
‘‘පල්ලඞ්කාභුජනෙ මය්හං, දසසහස්සාධිවාසිනො;
මහානාදං පවත්තෙසුං, ‘ධුවං බුද්ධො භවිස්සසි.
81
“මාගේ පළඟ බැඳීමෙහි දස දහසක් සක්වළ දෙවියෝ “ඒකාන්තයෙන් බුදුවන්නෙහිය” යි මහ හඬක් පැවැත්වූහ.
82
‘‘‘යා පුබ්බෙ බොධිසත්තානං, පල්ලඞ්කවරමාභුජෙ;
නිමිත්තානි පදිස්සන්ති, තානි අජ්ජ පදිස්සරෙ.
82
“පෙර බෝසතුන්ගේ පළඟ බැඳීමෙහිදී යම් නිමිති කෙනක් දක්නා ලැබුණහුද, ඒ නිමිති අද දක්නා ලැබෙත්.
83
‘‘‘සීතං බ්‍යපගතං හොති, උණ්හඤ්ච උපසම්මති;
තානි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
83
“සීතල පහවූයේ වෙයි. උණුසුමද සන්සිඳෙයි. ඒ නිමිති අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
84
‘‘‘දසසහස්සී ලොකධාතූ, නිස්සද්දා හොන්ති නිරාකුලා;
තානි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
84
“දස දහසක් සක්වළවල් නිශ්ශබ්ද වෙත්. නිරවුල් වෙත්. ඒ නිමිති අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
85
‘‘‘මහාවාතා න වායන්ති, න සන්දන්ති සවන්තියො;
තානි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
85
“මහා වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ඒ නිමිති අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
86
‘‘‘ථලජා දකජා පුප්ඵා, සබ්බෙ පුප්ඵන්ති තාවදෙ;
තෙපජ්ජ පුප්ඵිතා (පුප්ඵිතානි (අට්ඨ.)) සබ්බෙ, ධුවං බුද්ධො භවිස්සසි.
86
“ගොඩ හටගන්නාවූද, දියෙහි හටගන්නාවූද, හැම මල් එකවිට පිපෙත්ද, ඒ හැම මලුත් අද පිපුනාහුය. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
87
‘‘‘ලතා වා යදි වා රුක්ඛා, ඵලභාරා හොන්ති තාවදෙ;
තෙපජ්ජ ඵලිතා සබ්බෙ, ධුවං බුද්ධො භවිස්සසි.
87
“වැල්ද, ඉදින් ගස්ද එකවිට ගෙඩි බරවූවාහු වෙත්ද, ඒ හැම ගස් වැල් අද පල ගත්හ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
88
‘‘‘ආකාසට්ඨා ච භූමට්ඨා, රතනා ජොතන්ති තාවදෙ;
තෙපජ්ජ රතනා ජොතන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
88
“අහස පිපියාවූද, බිම පිපියාවූද රත්නයෝ එකවිට බබළත්ද, ඒ රත්න ජාතීහුද අද බබලත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
89
‘‘‘මානුස්සකා ච දිබ්බා ච, තුරියා වජ්ජන්ති තාවදෙ;
තෙපජ්ජුභො අභිරවන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
89
“මිනිසුන් පිළිබඳවූද, දෙවියන් පිළිබඳවූද වාද්‍ය භාණ්ඩ එකවිට වාදනය කෙරෙත්ද, ඒ දෙවි මිනිස් දෙවග ගී භාණ්ඩ අදත් නාද පවත්වත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
90
‘‘‘විචිත්‍රපුප්ඵා ගගනා, අභිවස්සන්ති තාවදෙ;
තෙපි අජ්ජ පවස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
90
“අහසින් විසිතුරු නොයෙක් සුවඳ මල් එකවිට වසිත්ද, ඒ වැසිත් අද වසිත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
91
‘‘‘මහාසමුද්දො ආභුජති, දසසහස්සී පකම්පති;
තෙපජ්ජුභො අභිරවන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
91
“මහ මුහුද හැකිලේද, දස දහසක් සක්වළ කම්පා වේද, ඒ දෙදෙනත් අද නාද කරත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
92
‘‘‘නිරයෙපි දසසහස්සෙ, අග්ගී නිබ්බන්ති තාවදෙ;
තෙපජ්ජ නිබ්බුතා අග්ගී, ධුවං බුද්ධො භවිස්සසි.
92
“දස දහසක් චක්‍රවාටයන්හි නිරයවල එකවිට ගිනි නිවෙත්ද, ඒ ගිනිත් අද නිවුණහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
93
‘‘‘විමලො හොති සූරියො, සබ්බා දිස්සන්ති තාරකා;
තෙපි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
93
“හිරු නිර්‍මල වේද, සියලු තරු දක්නා ලැබෙද්ද, ඔහුත් අද දකිනු ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
94
‘‘‘අනොවට්ඨෙන (අනොවුට්ඨෙන (ස්‍යා. ක.)) උදකං, මහියා උබ්භිජ්ජි තාවදෙ;
තම්පජ්ජුබ්භිජ්ජතෙ මහියා, ධුවං බුද්ධො භවිස්සසි.
94
“වැස්සෙන් ඇති නොවූ ජලය පොළොවෙන් නැගූ අද ඒ ජලයද පොළොවෙන් නැගෙයි. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
95
‘‘‘තාරාගණා විරොචන්ති, නක්ඛත්තා ගගනමණ්ඩලෙ;
විසාඛා චන්දිමා යුත්තා, ධුවං බුද්ධො භවිස්සසි.
95
“වෙසක් සඳින් යුත් නැකැත් තරු හා කුඩා තරු ගුවන් මඬලෙහි බබළත්ද, ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
96
‘‘‘බිලාසයා දරීසයා, නික්ඛමන්ති සකාසයා;
තෙපජ්ජ ආසයා ඡුද්ධා, ධුවං බුද්ධො භවිස්සසි.
96
“බිම් සිදුරුවල හෝනා නයි, මුගටි ආදී සත්තුද, ගල් ගුහා ආදියෙහි හෝනා සිංහ, කොටි ආදී සත්තුද, තම තමන් වසන ගුහාවලින් නික්මෙත්ද, ඔවුහුද අද ගුහාවලින් නික්මුණාහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
97
‘‘‘න හොන්ති අරතී සත්තානං, සන්තුට්ඨා හොන්ති තාවදෙ;
තෙපජ්ජ සබ්බෙ සන්තුට්ඨා, ධුවං බුද්ධො භවිස්සසි.
97
“එකෙණෙහි සත්ත්‍වයන්ට නොඇල්මෙක් නොවේද, සතුටු සිත් ඇත්තන් වෙද්ද, අද ඔවුහු සියල්ලෝම සතුටු සිත් ඇත්තාහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
98
‘‘‘රොගා තදුපසම්මන්ති, ජිඝච්ඡා ච විනස්සති;
තානි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
98
“ඒ කාලයෙහි රෝගයෝ සංසිඳෙත්ද, බඩගින්න වැනසේද, අද ඔවුහු දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
99
‘‘‘රාගො තදා තනු හොති, දොසො මොහො විනස්සති;
තෙපජ්ජ විගතා සබ්බෙ, ධුවං බුද්ධො භවිස්සසි.
99
“ඒ කාලයෙහි පස්කම් සැපෙහි ඇල්ම නැතිවේද, ද්වේෂයද, මෝහයද වැනසේද, අද ඒ සියල්ලෝ පහවූහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
100
‘‘‘භයං තදා න භවති, අජ්ජපෙතං පදිස්සති;
තෙන ලිඞ්ගෙන ජානාම, ධුවං බුද්ධො භවිස්සසි.
100
“ඒ කාලයෙහි බියවීමක් නොවේද, අදත් එය දක්නා ලැබේ. ඒ කරුණෙන් ඒකාන්තයෙන් ඔබ බුදු වන්නෙහියයි දනිමු.
101
‘‘‘රජොනුද්ධංසති උද්ධං, අජ්ජපෙතං පදිස්සති;
තෙන ලිඞ්ගෙන ජානාම, ධුවං බුද්ධො භවිස්සසි.
101
“රජස් (දූලී) උඩට නොනගීද, අදත් එය දක්නා ලැබේ. ඒ කරුණෙන් ඔබ බුදුවන්නෙහියයි දනිමු.
102
‘‘‘අනිට්ඨගන්ධො පක්කමති, දිබ්බගන්ධො පවායති;
සොපජ්ජ වායති ගන්ධො, ධුවං බුද්ධො භවිස්සසි.
102
“අනිටු ගඳ (දුගඳ) පහවේද, දෙව්ගඳ (සුවඳ) හමාද, අද ඒ සුවඳද හමයි. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
103
‘‘‘සබ්බෙ දෙවා පදිස්සන්ති, ඨපයිත්වා අරූපිනො;
තෙපජ්ජ සබ්බෙ දිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
103
“අරූතල වැසි දෙවියන් හැර සියලු දෙවියෝ දක්නා ලැබෙත්ද, ඔහු හැමත් අද දකිනු ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
104
‘‘‘යාවතා නිරයා නාම, සබ්බෙ දිස්සන්ති තාවදෙ;
තෙපජ්ජ සබ්බෙ දිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
104
“යම්තාක් නරකයෝ වෙත්නම්, එකවිට ඒ සියල්ලෝ දක්නා ලැබෙත්ද, ඒ හැමත් අද දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
105
‘‘‘කුට්ටා (කුඩ්ඩා (සී.)) කවාටා සෙලා ච, න හොන්තාවරණා තදා;
ආකාසභූතා තෙපජ්ජ, ධුවං බුද්ධො භවිස්සසි.
105
“ඒ කාලයෙහි බිත්තිද, කවුළුද, පර්‍වතද ආවරණ නොවූවාහු වෙත්ද, ඔහුත් අනාවරණ වූහ. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
106
‘‘‘චුතී ච උපපත්ති ච, ඛණෙ තස්මිං න විජ්ජති;
තානිපජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
106
“එකෙණෙහි මරණයක්ද, ඉපදීමක්ද නැත. අදත් ඔවුහු දක්නා ලැබෙත්. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
107
‘‘‘දළ්හං පග්ගණ්හ වීරියං, මා නිවත්ත අභික්කම;
මයම්පෙතං විජානාම, ධුවං බුද්ධො භවිස්සසි’’’.
107
“වීර්‍ය්‍යය දැඩිකොට තදින් ගණුව. නොනවතුව. ඉදිරියට යව නොහොත් නොපසුබසුව. අපිදු මෙය දනිමු. ඒකාන්තයෙන් ඔබ බුදුවන්නෙහිය.
108
බුද්ධස්ස වචනං සුත්වා, දසසහස්සීනචූභයං;
තුට්ඨහට්ඨො පමොදිතො, එවං චින්තෙසහං තදා.
108
“දිවකුරු බුදුරදුන්ගේද, දස දහසක් සක්වළ වැසි දෙවි මිනිසුන්ගේද යන දෙපසේ වචන අසා එවේලෙහි තුටු පහටුවූ බලවත් සතුටු සිත් ඇති මම මෙසේ සිතුයෙමි.
109
‘‘අද්වෙජ්ඣවචනා බුද්ධා, අමොඝවචනා ජිනා;
විතථං නත්ථි බුද්ධානං, ධුවං බුද්ධො භවාමහං.
109
“බුදුවරයෝ සැබෑය, බොරුය යන දෙපරිද්දෙකින් පවත්නා වචන නැති හෙයින් නොවෙනස් වචන ඇත්තාහ. පස්මරුන් දිනුවෝ, නොනිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි.
110
‘‘යථා ඛිත්තං නභෙ ලෙඩ්ඩු, ධුවං පතති භූමියං;
තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං;
විතථං නත්ථි බුද්ධානං, ධුවං බුද්ධො භවාමහං.
110
“යම්සේ අහසෙහි උඩ දැමූ ගල් කැටක් ඒකාන්තයෙන් බිම වැටේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්යෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි”
111
‘‘යථාපි සබ්බසත්තානං, මරණං ධුවසස්සතං;
තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං;
විතථං නත්ථි බුද්ධානං, ධුවං බුද්ධො භවාමහං.
111
“යම්සේ සියලු සත්ත්‍වයන්ට මරණය ඒකාන්තයෙන් ඒකාකාරව පවතීද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි”
112
‘‘යථා රත්තික්ඛයෙ පත්තෙ, සූරියුග්ගමනං ධුවං;
තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං;
විතථං නත්ථි බුද්ධානං, ධුවං බුද්ධො භවාමහං.
112
“යම්සේ රාත්‍රිය අවසන්වූ කල්හි හිරු නැගීම ඒකාන්තයෙන් සිදුවේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි”
113
‘‘යථා නික්ඛන්තසයනස්ස, සීහස්ස නදනං ධුවං;
තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං;
විතථං නත්ථි බුද්ධානං, ධුවං බුද්ධො භවාමහං.
113
“යම්සේ ලැග්ග තැනින් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි”
114
‘‘යථා ආපන්නසත්තානං, භාරමොරොපනං ධුවං;
තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං;
විතථං නත්ථි බුද්ධානං, ධුවං බුද්ධො භවාමහං.
114
“යම්සේ ගර්භනීන්ගේ ගැබ්බර මිදීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි”
115
‘‘හන්ද බුද්ධකරෙ ධම්මෙ, විචිනාමි ඉතො චිතො;
උද්ධං අධො දස දිසා, යාවතා ධම්මධාතුයා’’.
115
එහෙයින් බුදුබව සිදුකරණ ධර්‍මයන් උඩ (දෙව්ලොවෙහි), යට (මිනිස් ලොවෙහි)ද, දස දිග්හිද, යම්තාක් ධර්‍ම ධාතුවෙහිද ඔබ මොබ සොයයි.
116
විචිනන්තො තදා දක්ඛිං, පඨමං දානපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, අනුචිණ්ණං මහාපථං.
116
එකල්හි බුදුබව සිදුකරණ ධර්‍ම සොයන්නේ, ඉකුත්වූ (පෙර ඇතිවූ) මහර්ෂීවූ බුදුවරයන් විසින් රැස්කරණ ලද සිව්සස් අවබෝධයට මාවතවූ පළමුවන දාන පාරමිතාව දුටුයෙමි.
117
‘‘ඉමං ත්වං පඨමං තාව, දළ්හං කත්වා සමාදිය;
දානපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
117
“ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් “මේ දාන පාරමිතාව” පළමුවෙන් දැඩිකොට සමාදන්ව දාන පාරමිතාවට පැමිණෙව.
118
‘‘යථාපි කුම්භො සම්පුණ්ණො, යස්ස කස්සචි අධො කතො;
වමතෙ වුදකං නිස්සෙසං, න තත්ථ පරිරක්ඛති.
118
යම්සේ දිය පිරුණු කළයක් යමෙකු විසින් මුහුණින් නමන ලද්දේ දිය ඉතුරු නොකොට වගුරුවයිද, ඒ කලයෙහි දිය නොරැකේද, (ඉතිරි නොවේද)
119
‘‘තථෙව යාචකෙ දිස්වා, හීනමුක්කට්ඨමජ්ඣිමෙ;
දදාහි දානං නිස්සෙසං, කුම්භො විය අධො කතො.
119
එසේම පහත්, උසස්, මැදුම් යාචකයන් දැක මුහුණින් නැමූ දිය කලයක් මෙන් ඉතිරි නොකොට දන් දෙව්.
120
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
120
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
121
විචිනන්තො තදා දක්ඛිං, දුතියං සීලපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
121
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද දෙවෙනි “සීල පාරමිතාව” දුටුවෙමි.
122
‘‘ඉමං ත්වං දුතියං තාව, දළ්හං කත්වා සමාදිය;
සීලපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
122
“ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් දෙවැනිව සීල පාරමිතාවට පැමිණෙව.”
123
‘‘යථාපි චමරී වාලං, කිස්මිඤ්චි පටිලග්ගිතං;
උපෙති මරණං තත්ථ, න විකොපෙති වාලධිං.
123
යම්සේ සෙමර මුව තෙම කටු ආදී කිසිවෙක්හි වලිගය පැටලුණේ, එහි මැරීමට පැමිණේද, වලිගය නොනසාද,
124
‘‘තථෙව ත්වං චතූසු භූමීසු, සීලානි පරිපූරය;
පරිරක්ඛ සබ්බදා සීලං, චමරී විය වාලධිං.
124
එපරිද්දෙන්ම යාම්, ඊම්, ඉඳීම්, සිටීම් යන සතර තන්හි නොහොත් පාතිමොක්ඛ, ඉන්‍ද්‍රිය සංවර, ආජීව පාරිසුද්‍ධි, පච්චය සන්නිස්සිත යන සිව් බිමෙහි සිල් පුරව. සෙමෙර මුව තෙම වලිගය රක්නෙක් මෙන් හැමකල්හි සිල් රකුව.
125
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
125
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
126
විචිනන්තො තදා දක්ඛිං, තතියං නෙක්ඛම්මපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
126
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද තුන්වෙනි “නෙක්ඛම්ම පාරමිතාව” දුටුයෙමි.
127
‘‘ඉමං ත්වං තතියං තාව, දළ්හං කත්වා සමාදිය;
නෙක්ඛම්මපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
127
ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමති වන්නෙහි නම් තුන්වැනිව මේ “නෙක්ඛම්ම පාරමිතාව” දැඩිකොට සමාදන්ව නෙක්ඛම්ම පාරමිතාවට පැමිණෙව.
128
‘‘යථා අන්දුඝරෙ පුරිසො, චිරවුත්ථො දුඛට්ටිතො;
න තත්ථ රාගං ජනෙසි, මුත්තිංයෙව ගවෙසති.
128
යම්සේ සිරගෙයි බොහෝ කලක් විසූ, දුකින් පෙළුණු මිනිසෙක් එහි ඇලීමක් නූපදවාද, මිදීමට සොයාද,
129
‘‘තථෙව ත්වං සබ්බභවෙ, පස්ස අන්දුඝරෙ විය;
නෙක්ඛම්මාභිමුඛො හොහි, භවතො පරිමුත්තියා.
129
එසේම ඔබ සියලු භවයන් සිරගෙවල් මෙන් බලව. භවයෙන් මිදීම පිණිස නෙක්ඛම්මය (කෙලෙසුන්ගෙන් නික්මීම) ඉදිරිපත් කර ගනුව.
130
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
130
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
131
විචිනන්තො තදා දක්ඛිං, චතුත්ථං පඤ්ඤාපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
131
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද සිව්වැනි “පඤ්ඤා පාරමිතාව” දුටුයෙමි.
132
‘‘ඉමං ත්වං චතුත්ථං තාව, දළ්හං කත්වා සමාදිය;
පඤ්ඤාපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
132
ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමතිවන්නෙහි නම් සිව්වැනි මේ “පඤ්ඤා පාරමිතාව” දැඩිකොට සමාදන්ව පඤ්ඤා පාරමිතාවට පැමිණෙව.
133
‘‘යථාපි භික්ඛු භික්ඛන්තො, හීනමුක්කට්ඨමජ්ඣිමෙ;
කුලානි න විවජ්ජෙන්තො, එවං ලභති යාපනං.
133
යම්සේ මහණ තෙම පහත්, උසස්, මැදුම් කුලයන් නොහරිමින් පිඬු සිඟන්නේ, මෙසේ ආහාර ලබයිද,
134
‘‘තථෙව ත්වං සබ්බකාලං, පරිපුච්ඡං බුධං ජනං;
පඤ්ඤාපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
134
එසේම ඔබ සියලු කල්හි නුවණැති ජනයා වෙත පැමිණ, කුසල් කිම? අකුසල් කිම? කටයුතු කිම? නොකටයුතු කිම? යනාදී වශයෙන් පිළිවිසිමින් පඤ්ඤා පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.
135
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
135
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
136
විචිනන්තො තදා දක්ඛිං, පඤ්චමං වීරියපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
136
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද පස්වැනි විරිය පාරමිතාව දුටුයෙමි.
137
‘‘ඉමං ත්වං පඤ්චමං තාව, දළ්හං කත්වා සමාදිය;
වීරියපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
137
ඉදින් ඔබ බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් පස්වැනිව මේ විරිය පාරමිතාව දැඩිකොට සමාදන්ව, විරිය පාරමිතාවට පැමිණෙව.
138
‘‘යථාපි සීහො මිගරාජා, නිසජ්ජට්ඨානචඞ්කමෙ;
අලීනවීරියො හොති, පග්ගහිතමනො සදා.
138
යම්සේ සිව්පාවුන්ට රජවූ සිංහ තෙම හිඳීම්, සිටීම්, සක්මන් කිරීම් යන තුන් ඉරියව්වෙහි නොපසුබට වීර්‍ය්‍ය ඇත්තේ වේද, හැම කල්හි නගා සිටුවන ලද සිත් ඇත්තේ වේද,
139
‘‘තථෙව ත්වං (ත්වංපි (සී.)) සබ්බභවෙ, පග්ගණ්හ වීරියං දළ්හං;
වීරියපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
139
එපරිද්දෙන් ඔබ සියලු භවයෙහි වීර්‍ය්‍යය දැඩිකොට තදින් ගනුව. විරිය පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.
140
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
140
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
141
විචිනන්තො තදා දක්ඛිං, ඡට්ඨමං ඛන්තිපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
141
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද සයවැනි ඛන්ති පාරමිතාව දුටුයෙමි.
142
‘‘ඉමං ත්වං ඡට්ඨමං තාව, දළ්හං කත්වා සමාදිය;
තත්ථ අද්වෙජ්ඣමානසො, සම්බොධිං පාපුණිස්සසි.
142
ඔබ මේ ඛන්ති පාරමිතාව සවැනිව දැඩිකොට සමාදන්ව එහි දෙපරිද්දෙකින් පැවති සිත් නැත්තේ බුදුබවට පැමිණෙන්නෙහිය.
143
‘‘යථාපි පථවී නාම, සුචිම්පි අසුචිම්පි ච;
සබ්බං සහති නික්ඛෙපං, න කරොති පටිඝං තයා.
143
යම්සේ පොළොව නම් දමන ලද (සුවඳ සඳුන් මල් ආදීවු) යහපත් දෙයද, අයහපත් දෙයද යන සියල්ල ඉවසයිද, කෝපයක්ද, දයාවක්ද ඇති නොකරයිද,
144
‘‘තථෙව ත්වම්පි සබ්බෙසං, සම්මානාවමානක්ඛමො;
ඛන්තිපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
144
ආකාරයෙන්ම ඔබත් සියල්ලන්ගේ ආදර, අනාදර ඉවසන්නේ, ඛන්ති පාරමිතාවට පැමිණ බුදුබවට පැමිණෙන්නෙහිය.
145
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
145
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
146
විචිනන්තො තදා දක්ඛිං, සත්තමං සච්චපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
146
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද සත්වැනි “සච්ච පාරමිතාව” දුටුයෙමි.
147
‘‘ඉමං ත්වං සත්තමං තාව, දළ්හං කත්වා සමාදිය;
තත්ථ අද්වෙජ්ඣවචනො, සම්බොධිං පාපුණිස්සසි.
147
ඔබ මේ “සච්ච පාරමිතාව” සත්වැනිව දැඩිකොට සමාදන්ව එහි දෙයාකාර වචන නැත්තේ (සත්‍ය වචන) ඇත්තේ, බුදු බවට පැමිණෙන්නෙහිය.
148
‘‘යථාපි ඔසධී නාම, තුලාභූතා සදෙවකෙ;
සමයෙ උතුවස්සෙ වා, න වොක්කමති වීථිතො.
148
යම්සේ ඔසධි තාරකාව දෙවියන් සහිත ලෝකයාට තරාදියක් සේ වූවා, වැසි කාලයෙහිද, සිසිල් කාලයෙහි හා ගිමන් කාලයෙහිද, තමාගේ ගමන් වීථියෙන් බැහැර නොයේද,
149
‘‘තථෙව ත්වම්පි සච්චෙසු, මා වොක්කම හි වීථිතො;
සච්චපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
149
එපරිද්දෙන් ඔබද සැබෑ වචන කීමේ මගින් මඳක්වත් ඉක්ම නොයව. මෙසේ සච්ච පාරමිතාවට පැමිණ බුදුබවට පැමිණෙන්නේය.
150
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
150
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
151
විචිනන්තො තදා දක්ඛිං, අට්ඨමං අධිට්ඨානපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
151
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද අටවෙනි “අධිට්ඨාන පාරමිතාව” දුටුවෙමි.
152
‘‘ඉමං ත්වං අට්ඨමං තාව, දළ්හං කත්වා සමාදිය;
තත්ථ ත්වං අචලො හුත්වා, සම්බොධිං පාපුණිස්සසි.
152
ඔබ මේ අධිට්ඨාන පාරමිතාව දැඩිකොට සමාදන්ව ඔබ ඒ අධිට්ඨාන පාරමිතාවෙහි නොසෙල්වී බුදුබවට පැමිණෙන්නෙහිය.
153
‘‘යථාපි පබ්බතො සෙලො, අචලො සුප්පතිට්ඨිතො;
න කම්පති භුසවාතෙහි, සකට්ඨානෙව තිට්ඨති.
153
යම්සේ ගල් පර්‍වතයක් නොසෙල්වී හොඳින් පිහිටියේ සැඩසුලඟින් නොසැලේද, පිහිටි තැනම සිටීද,
154
‘‘තථෙව ත්වම්පි අධිට්ඨානෙ, සබ්බදා අචලො භව;
අධිට්ඨානපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
154
එපරිද්දෙන්ම ඔබත් ඉටාගැනීමෙහි සියලු කල්හි නොසෙල්වෙව. අධිට්ඨාන පාරමිතාවට පැමිණ බුදුබවට පැමිණෙන්නෙහිය.
155
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
155
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
156
විචිනන්තො තදා දක්ඛිං, නවමං මෙත්තාපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
156
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද නවවැනි මෙත්තා පාරමිතාව දුටුවෙමි.
157
‘‘ඉමං ත්වං නවමං තාව, දළ්හං කත්වා සමාදිය;
මෙත්තාය අසමො හොහි, යදි බොධිං පත්තුමිච්ඡසි.
157
ඉදින් බුදුබවට පැමිණෙන්ට කැමැත්තෙහි නම් ඔබ මේ “මෙත්තා පාරමිතාව” නවවැනිව දැඩිකොට සමාදන්ව මෛත්‍රියෙන් අසමානයෙක් වෙව.
158
‘‘යථාපි උදකං නාම, කල්‍යාණෙ පාපකෙ ජනෙ;
සමං ඵරති සීතෙන, පවාහෙති රජොමලං.
158
යම්සේ ජලය නම් යහපත්වූද, පවිටුවූ ජනයා කෙරෙන් සිසිල් ගුණයෙන් එකාකාරව පැතිරේද, දූලි, ඩහදිය ආදී කිලුටු දුරුකෙරේද,
159
‘‘තථෙව ත්වං හිතාහිතෙ, සමං මෙත්තාය භාවය;
මෙත්තාපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
159
එසේම ඔබද සතුරන් කෙරෙහි හා මිතුරන් කෙරෙහි සමව මෙත් වඩව. මෙත්තා පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.
160
‘‘නහෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ;
අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා’’.
160
මේ බුදුබව සිදුකරණ ධර්‍මයෝ මෙපමණක්ම නොවන්නාහ. යම් ධර්‍ම කෙණෙක් බුදුබව මෝරවත්ද, එබඳු අනික් ධර්‍ම කෙණෙකුත් සොයන්නෙමි.
161
විචිනන්තො තදා දක්ඛිං, දසමං උපෙක්ඛාපාරමිං;
පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
161
එකල්හි බුදුබව මෝරවන ධර්‍ම සොයන්නේ, පෙර ඇතිවූ, මහර්ෂිවූ බුදුවරයන් විසින් ආදරයෙන් සෙව්නා ලද, නිති සෙව්නා ලද දසවැනිවූ “උපෙක්ඛා පාරමිතාව” දුටුයෙමි.
162
‘‘ඉමං ත්වං දසමං තාව, දළ්හං කත්වා සමාදිය;
තුලාභූතො දළ්හො හුත්වා, සම්බොධිං පාපුණිස්සසි.
162
ඔබ මේ “උපෙක්ඛා පාරමිතාව” දසවැනිකොට දැඩිකොට සමාදන්ව තරාදියක් මෙන් මැදහත්වූයේ, දැඩි සිත් ඇතිව බුදුබවට පැමිණෙන්නෙහිය.
163
‘‘යථාපි පථවී නාම, නික්ඛිත්තං අසුචිං සුචිං;
උපෙක්ඛති උභොපෙතෙ, කොපානුනයවජ්ජිතා.
163
යම්සේ පොළොව නම් දමන ලද හොඳ දෙය හා නරක දෙයද යන මේ දෙක ගැන කෝපය, ආලය යන දෙකින් තොරවූයේ මැදහත් වේද,
164
‘‘තථෙව ත්වං සුඛදුක්ඛෙ, තුලාභූතො සදා භව;
උපෙක්ඛාපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
164
එපරිද්දෙන්ම ඔබත් සුව දුක් දෙක්හි හැමකල්හි තරාදියක් වූයේ හෙවත් මධ්‍යස්තවූයේ වෙව. උපෙක්ඛා පාරමිතාවට පැමිණ බුදු බවට පැමිණෙන්නෙහිය.
165
‘‘එත්තකායෙව තෙ ලොකෙ, යෙ ධම්මා බොධිපාචනා;
තතුද්ධං නත්ථි අඤ්ඤත්‍ර, දළ්හං තත්ථ පතිට්ඨහ’’.
165
ලෝකයෙහි බුදුබව මෝරවන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ මෙපමණය. ඒ දස පාරමිතාවන්ගෙන් බැහැර තවත් වැඩියයුතු අනික් ධර්‍ම කෙනෙක් නැත. එහි තරකොට පිහිටුව.
166
ඉමෙ ධම්මෙ සම්මසතො, සභාවසරසලක්ඛණෙ;
ධම්මතෙජෙන වසුධා, දසසහස්සී පකම්පථ.
166
ස්වභාව සංඛ්‍යාත රස ලක්‍ෂණ සහිතව මේ දස පැරුම් දම් සලකා බලන්නාවූ බෝසත්හුගේ පාරමී ධර්‍ම තෙජසින් දස දහසක් සක්වලෙහි පොළොව කම්පාවිය.
167
චලතී රවතී පථවී, උච්ඡුයන්තංව පීළිතං;
තෙලයන්තෙ යථා චක්කං, එවං කම්පති මෙදනී.
167
පොළොව උක් මිරිකන යන්ත්‍රයක් මෙන් නාද කරයි. තෙල් යන්ත්‍රයක රෝදය යම්සේද, එසේ මහපොළොව සැළෙයි. කම්පාවෙයි.
168
යාවතා පරිසා ආසි, බුද්ධස්ස පරිවෙසනෙ;
පවෙධමානා සා තත්ථ, මුච්ඡිතා සෙති භූමියං.
168
දිවකුරු බුදුරදුන් වළඳවන තන්හි යම් පමණ පිරිස වූවාද, ඒ පිරිස වෙව්ලමින් මුසපත්වූවා, එහි බිම දිග ඇද වැටුනාය.
169
ඝටානෙකසහස්සානි, කුම්භීනඤ්ච සතා බහූ;
සඤ්චුණ්ණමථිතා තත්ථ, අඤ්ඤමඤ්ඤං පඝට්ටිතා.
169
නොයෙක් දහස් ගණන් කළද, බොහෝ සිය ගණන් මහ සැළිද ඔවුනොවුන් එකට ගැටී කුඩුවී, මිරිකී ගියහ.
170
උබ්බිග්ගා තසිතා භීතා, භන්තා බ්‍යාථිතමානසා;
මහාජනා සමාගම්ම, දීපඞ්කරමුපාගමුං.
170
සැළෙන හදවත ඇති, තැතිගත්, බියවූ, එක තැනක නැවතීමක් නැති, පෙළුන සිත් ඇති මහජනයෝ එක්ව දිවකුරු බුදුන් වෙත එළඹියහ.
171
‘‘කිං භවිස්සති ලොකස්ස, කල්‍යාණමථ පාපකං;
සබ්බො උපද්දුතො ලොකො, තං විනොදෙහි චක්ඛුම’’.
171
ලොවට කිම? යහපතක් හෝ අයහපතක් වන්නේද? සියලු ලෝ වැසිතෙම පෙළුනේය. පසැස් ඇති හිමි සඳුනි, ඒ සංසිඳවනු මැන.
172
තෙසං තදා සඤ්ඤපෙසි, දීපඞ්කරො මහාමුනි;
‘‘විසට්ඨා හොථ මා භෙථ (භාථ (සබ්බත්ථ)), ඉමස්මිං පථවිකම්පනෙ.
172
එකල්හි දිවකුරු මුනිසඳු ඔවුන්ට, “මේ පොළොව කම්පාවීමෙහි නිදහස් සිත් ඇත්තෝ වව්. බිය නොවව්” යයි හැඟවී.
173
‘‘යමහං අජ්ජ බ්‍යාකාසිං, බුද්ධො ලොකෙ භවිස්සති;
එසො සම්මසති ධම්මං, පුබ්බකං ජිනසෙවිතං.
173
“මම අද යමෙකු ලෝකයෙහි බුදුවන්නේයයි ප්‍රකාශ කෙළෙම්ද, එතෙම පෙර ඇතිවූ බුදුවරයන් විසින් සෙව්නා ලද පෙරුම්දම් සිතීම් සලකා බලයි.
174
‘‘තස්ස සම්මසතො ධම්මං, බුද්ධභූමිං අසෙසතො;
තෙනායං කම්පිතා පථවී, දසසහස්සී සදෙවකෙ’’.
174
“බුදුබව ලැබීමට තැන (පිහිට) වූ පෙරුම්දම් ඉතිරි නොකොට ඔහු සිතා සලකා බලන කල්හි, ඒ කරණ කොට ගෙණ දෙවියන් සහිත දස දහසක් සක්වලෙහි මේ පොළොව කම්පාවූවාය.”
175
බුද්ධස්ස වචනං සුත්වා, මනො නිබ්බායි තාවදෙ;
සබ්බෙ මං උපසඞ්කම්ම, පුනාපි අභිවන්දිසුං.
175
එකෙණෙහි දිවකුරු බුදුරදුන්ගේ වචනය අසා ඔවුන්ගේ සිත නිවිණි. සියලුදෙනාම මා කරා පැමිණ නැවතත් මා වැන්දාහ.
176
සමාදියිත්වා බුද්ධගුණං, දළ්හං කත්වාන මානසං;
දීපඞ්කරං නමස්සිත්වා, ආසනා වුට්ඨහිං තදා.
176
එකල්හි සිත තරකොටගෙන බුදුබව සිදුකරණ ධර්‍මයන් සමාදන්ව, දිවකුරු බුදුරදුන්ට නමස්කාර කොට හුන් තැනින් නැගී සිටියෙමි.
177
දිබ්බං මානුසකං පුප්ඵං, දෙවා මානුසකා උභො;
සමොකිරන්ති පුප්ඵෙහි, වුට්ඨහන්තස්ස ආසනා.
177
හුන් තැනින් නැගිටින කල්හි දෙවියෝද, මිනිස්සුද යන දෙපස දෙව්ලොව හටගත්තාවූද, මිනිස් ලොව හටගත්තාවූද මල් ගෙන මලින් වගුරුවත්.
178
වෙදයන්ති ච තෙ සොත්ථිං, දෙවා මානුසකා උභො;
‘‘මහන්තං පත්ථිතං තුය්හං, තං ලභස්සු යථිච්ඡිතං.
178
දෙවියෝද, මිනිස්සුද යන දෙපිරිස සැප ඇති බව හඟවත්. ඔබ විසින් මහ තනතුරක් පතන ලද්දේය. එය කැමති සේ ලබව.
179
‘‘සබ්බීතියො විවජ්ජන්තු, සොකො රොගො විනස්සතු;
මා තෙ භවන්ත්වන්තරායා (භවත්වන්තරායො (සී. ස්‍යා.)), ඵුස ඛිප්පං බොධිමුත්තමං.
179
සියලු පීඩාවෝ දුරු කෙරෙත්වා. සෝක, රෝග වැනසේවා. ඔබට අනතුරක් නොවේවා. උතුම් බුදුබව වහා ලබාගනු මැන.
180
‘‘යථාපි සමයෙ පත්තෙ, පුප්ඵන්ති පුප්ඵිනො දුමා;
තථෙව ත්වං මහාවීර, බුද්ධඤාණෙන පුප්ඵසි.
180
යම්සේ සුදුසු කාලය පැමිණි කල්හි මල් හටගන්නාවූ ගස්වල මල් පිපෙත්ද, මහා වීරය, එසේම ඔබ අටළොස් බුදු නැණින් පුබුදුවෙව.
181
‘‘යථා යෙ කෙචි සම්බුද්ධා, පූරයුං දස පාරමී;
තථෙව ත්වං මහාවීර, පූරය දස පාරමී.
181
යම්සේ යම්කිසි බදුවර කෙනෙක් දස පෙරුම් පිරුවාහුද, මහා වීරය, එසේම ඔබද දස පෙරුම් පුරව.
182
‘‘යථා යෙ කෙචි සම්බුද්ධා, බොධිමණ්ඩම්හි බුජ්ඣරෙ;
තථෙව ත්වං මහාවීර, බුජ්ඣස්සු ජිනබොධියං.
182
යම්සේ යම්කිසි බුදුවර කෙනෙක් බෝමැඩදී සිව්සස් අවබෝධ කළාහුද, මහා වීරය, එසේම ඔබද ජිනබෝධිය අවබෝධ කරණු මැනව.
183
‘‘යථා යෙ කෙචි සම්බුද්ධා, ධම්මචක්කං පවත්තයුං;
තථෙව ත්වං මහාවීර, ධම්මචක්කං පවත්තය.
183
යම්සේ යම්කිසි බුදුවර කෙනෙක් දම්සක් පැවැත්වූවාහුද, එසේම ඔබද දම්සක් පවත්වව.
184
‘‘පුණ්ණමායෙ යථා චන්දො, පරිසුද්ධො විරොචති;
තථෙව ත්වං පුණ්ණමනො, විරොච දසසහස්සියං.
184
යම්සේ පුණු පොහොයෙහි සඳ පිරිසිදුව බබලාද, එසේම ඔබ පිරුණු සිත් ඇතිව දස දහසක් සක්වලෙහි බබලව.
185
‘‘රාහුමුත්තො යථා සූරියො, තාපෙන අතිරොචති;
තථෙව ලොකා මුඤ්චිත්වා, විරොච සිරියා තුවං.
185
යම්සේ රාහුගෙන් මිදුණු හිරු සිය රැසින් ඉතා බබලාද, එසේම ඔබ ලෝකයෙන් මිදී, බුදුසිරින් වෙසෙසා බබලව.
186
‘‘යථා යා කාචි නදියො, ඔසරන්ති මහොදධිං;
එවං සදෙවකා ලොකා, ඔසරන්තු තවන්තිකෙ’’.
186
යම්සේ යම්කිසි ගංගාවෝ මුහුද කරා ගලා බසිත්ද, එසේ දෙවියන් සහිත ලෝ වැස්සෝ ඔබ වෙතට එත්වා.
187
තෙහි ථුතප්පසත්ථො සො, දස ධම්මෙ සමාදිය;
තෙ ධම්මෙ පරිපූරෙන්තො, පවනං පාවිසී තදාති.
187
එකල්හි දෙවි මිනිසුන් විසින් පසස්නා ලද ඒ සුමෙධ තවුස්තෙම දස පෙරුම් දම් සමාදන්ව, ඒ දස පෙරුම් දම් පුරමින් වනයට ගියේය.