ඛුද්දකනිකායෙ | ඛුද්දකනිකායෙ |
බුද්ධවංසපාළි | බුද්ධවංස පාළි |
1. රතනචඞ්කමනකණ්ඩං | 1. රතනචඞ්කමන කාණ්ඩය |
1
බ්‍රහ්මා
‘‘සන්තීධ සත්තාප්පරජක්ඛජාතිකා, දෙසෙහි ධම්මං අනුකම්පිමං පජං’’.
|
1
ලෝකයට අධිපතිවූ සහම්පතී නම් බ්‍රහ්මතෙමේද වඳින ලද්දේ මේ ලෝකයෙහි (නුවණ නමැති) ඇසෙහි (රාගාදී) ස්වල්ප කෙලෙස් රජස් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. මේ ප්‍රජාවට අනුකම්පාකොට දහම් දෙසනු මැනවයි අනුත්තරවූ බුදුරදුන් අයැදී.
|
2
සම්පන්නවිජ්ජාචරණස්ස තාදිනො, ජුතින්ධරස්සන්තිමදෙහධාරිනො;
තථාගතස්සප්පටිපුග්ගලස්ස, උප්පජ්ජි කාරුඤ්ඤතා සබ්බසත්තෙ.
|
2
අෂ්ට විද්‍යායෙන් හා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුත්, තාදී ගුණ ඇති, ශරීර ශෝභාවක් දරන්නාවූ (නොහොත් නුවණ නමැති පහණක් ඇත්තාවූ) අන්තිම ශරීරයක් දරණ, තමන් වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තාවූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්‍වයන් කෙරෙහි කරුනාව උපනි.
|
3
‘‘න හෙතෙ ජානන්ති සදෙවමානුසා, බුද්ධො අයං කීදිසකො නරුත්තමො;
ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච කීදිසං, බුද්ධබලං ලොකහිතස්ස කීදිසං.
|
3
යම් හෙයකින් මේ දෙවි මිනිස්සුන්ට උතුම්වූ මේ බුදුරජහු කෙබඳුද, ලොවට හිතවූ උන්වහන්සේගේ ඎද්‍ධි බලය, ප්‍රඥා බලය කෙබඳුද, බුද්‍ධ බලය කෙබඳුදැයි නොදනිත්.
|
4
‘‘න
ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච එදිසං, බුද්ධබලං ලොකහිතස්ස එදිසං.
|
4
යම් හෙයකින් මේ දෙවි මිනිස්සු මිනිසුන්ට උතුම්වූ මේ බුදුරජහු මෙබඳුය, ලොවට හිතවූ උන්වහන්සේගේ ඎද්‍ධි බලය හා ප්‍රඥා බලය මෙබඳුය, බුද්‍ධ බලය මෙබඳුයයි නොදනිත්ද?
|
5
‘‘හන්දාහං
චඞ්කමං මාපයිස්සාමි, නභෙ රතනමණ්ඩිතං’’.
|
5
එහෙයින් මම උතුම්වූ බුද්‍ධ බලය දක්වන්නෙමි. අහසෙහි රුවනින් හෙබි සක්මණක් මවන්නෙමි.
|
6
භුම්මා මහාරාජිකා තාවතිංසා, යාමා ච දෙවා තුසිතා ච නිම්මිතා;
පරනිම්මිතා යෙපි ච බ්‍රහ්මකායිකා, ආනන්දිතා විපුලමකංසු ඝොසං.
|
6
බිම වැසි දෙවියෝද, චාතුම්මහාරාජික නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තාවතිංස නම් දෙව්ලෝ වැසි දෙවියෝද, යාම නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නිම්මානරතී නම් දෙව්ලෝ වැසි දෙවියෝද, පරනිම්මිත වසවත්ති නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නැවත යම් බඹලෝ වැසි බ්‍රහ්ම කෙනෙක් ඇද්ද, ඔවුහුද, සතුටුවූවාහු මහත් ඝෝෂාවක් කළහ.
|
7
ඔභාසිතා
තමො ච තිබ්බො විහතො තදා අහු, දිස්වාන අච්ඡෙරකං පාටිහීරං.
|
7
ඒ කාලයෙහි ආශ්චර්‍ය්‍යවූ පෙළහර දැක බොහෝවූ දෙවියන් සහිත මිනිස්සුද, ලෝකාන්තරික නිරයවල උපන් සත්ත්‍වයෝද සතුටුවූහ. මුළු පොළොව බැබලවී. ලෝකාන්තරික නරකයෝද අනාවරණය වූහ. අඳුරද නැසුනේ විය.
|
8
සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසෙ, ආභා උළාරා විපුලා අජායථ;
ඉමස්මිං
|
8
දෙව්, ගඳඹ, මිනිස්, රකුස් යන මොවුන් සහිත මේ මිනිස් ලොවෙහිද, අන් දෙව්ලෝවලද යන උභය ලෝකයන්හිද, යටද, උඩද, සරසද පැතිර පැවති විශාලවූ මහත් ආලෝකයක් ඇතිවී.
|
9
සත්තුත්තමො අනධිවරො විනායකො, සත්ථා අහූ දෙවමනුස්සපූජිතො;
මහානුභාවො සතපුඤ්ඤලක්ඛණො, දස්සෙසි අච්ඡෙරකං පාටිහීරං.
|
9
සීලාදී ගුණයෙන් සියලු සත්ත්‍වයන් විෂයෙහි උතුම්වූ, තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති, සත්ත්‍වයන් හික්මවන ශාස්තෘතෙම දෙවි මිනිසුන් විසින් පුදන ලද්දේ විය. මහත් ආනුභාව ඇති, සිය පින් ලකුණෙන් යුත් බුදුරජතෙම ආශ්චර්‍ය්‍යවූ පෙළහරක් දැක්වී.
|
10
සො යාචිතො දෙවවරෙන චක්ඛුමා, අත්ථං සමෙක්ඛිත්වා තදා නරුත්තමො;
චඞ්කමං
(චඞ්කමං තත්ථ (සී.)) මාපයි ලොකනායකො, සුනිට්ඨිතං සබ්බරතනනිම්මිතං.
|
10
එකල්හි මිනිසුන් අතර උතුම්වූ පසැස් ඇති ලෝහිමිවූ ඒ බුදුරජතෙම සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද්දේ හිත කාරණය බලා එහි මනාව නිමියාවූ සියලු රණින් නිමවන ලද සක්මණක් මැවී.
|
11
ඉද්ධී ච ආදෙසනානුසාසනී, තිපාටිහීරෙ භගවා වසී අහු;
චඞ්කමං මාපයි ලොකනායකො, සුනිට්ඨිතං සබ්බරතනනිම්මිතං.
|
11
ඎද්‍ධි, ආදේශනා, අනුශාසනී යන තුන් පෙළහරෙහි භාග්‍යවත් තෙම වසීවූයේ විය. ලෝනාහිමිවූ බුදුරජතෙම මනාව නිමියාවූ, සියලු රනින් නිමවන ලද සක්මනක් මැවී.
|
12
දසසහස්සීලොකධාතුයා, සිනෙරුපබ්බතුත්තමෙ;
ථම්භෙව දස්සෙසි පටිපාටියා, චඞ්කමෙ රතනාමයෙ.
|
12
දස දහසක් සක්වළෙහි උතුම්වූ මහාමේරු පර්වතයන් රුවන් සක්මනෙහි කණු මෙන් පිළිවෙලින් දැක්වී.
|
13
දසසහස්සී
සබ්බසොණ්ණමයා පස්සෙ, චඞ්කමෙ රතනාමයෙ.
|
13
පස්මරුන් දිනූ බුදුරජතෙම දස දහසක් සක්වළ ඉක්මවා සක්මණ මැවී. රුවන් මුවා (රණින් කළ) සක්මණ දෙපසෙහි බිමද රණින් කරන ලද්දේය.
|
14
තුලාසඞ්ඝාටානුවග්ගා
වෙදිකා සබ්බසොවණ්ණා, දුභතො පස්සෙසු නිම්මිතා.
|
14
ඊට අනුරූපවූ තලාඳ වලලු (බාල්ක පරාල)ද, ඒ මත රුවන් පෝරු (ලෑලිද) අතුරණ ලදහ. දෙපසෙහි මවන ලද සියලු වේදිකාවෝද, මුලුල්ලද, රුවන්මුවා වෙති.
|
15
මණිමුත්තාවාලුකාකිණ්ණා, නිම්මිතො රතනාමයො;
ඔභාසෙති දිසා සබ්බා, සතරංසීව උග්ගතො.
|
15
මිණිමුතු වැල්ලෙන් ගැවසුණු මවන ලද රුවන් මුවා සක්මණ හිරු මෙන් සියලු දිගුන් හොබවයි.
|
16
තස්මිං චඞ්කමනෙ ධීරො, ද්වත්තිංසවරලක්ඛණො;
විරොචමානො සම්බුද්ධො, චඞ්කමෙ චඞ්කමී ජිනො.
|
16
නුවණැති දෙතිස් මහා පුරිස් ලකුණෙන් යුත් පස්මරුන් දිනූ සම්බුදුරජතෙම ඒ සක්මණෙහි සක්මන් කිරීමේදී බබළමින් සක්මන් කළ සේක.
|
17
දිබ්බං මන්දාරවං පුප්ඵං, පදුමං පාරිඡත්තකං;
චඞ්කමනෙ ඔකිරන්ති, සබ්බෙ දෙවා සමාගතා.
|
17
(එහි) රැස්වූ සියලු දෙවියෝ දෙව්ලොව හටගත් මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද සක්මණෙහි විසුරුවත්.
|
18
පස්සන්ති තං දෙවසඞ්ඝා, දසසහස්සී පමොදිතා;
නමස්සමානා නිපතන්ති, තුට්ඨහට්ඨා පමොදිතා.
|
18
දස දහසක් සක්වළ දෙවියෝ සතුටු සිත් ඇත්තාහු උන්වහන්සේ බලත්. (ඒ දෙවියෝ) වඳිමින් සතුටු වූවාහු විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු රැස්වෙති.
|
19
තාවතිංසා
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො;
උදග්ගචිත්තා සුමනා, පස්සන්ති ලොකනායකං.
|
19
තාවතිංස නම් දෙව්ලෝ වැසි දෙවියෝද, යාම නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නිම්මානරතී නම් දෙව්ලෝ වැසි දෙවියෝද, පරනිම්මිත වසවත්ති නම් දෙව්ලෝ වැසි දෙවියෝද, යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුහුද ඔදවැඩි සිත් ඇත්තාහු, සතුටු සිත් ඇත්තාහු, ලෝනාහිමිඳුන් දකිත්.
|
20
සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසා, නාගා සුපණ්ණා අථ වාපි කින්නරා;
පස්සන්ති
|
20
දෙව්, ගඳඹ, මිනිස්, යක්, යන මොවුන් සහිත නාග, ගුරුළු යන මොහුද වෙත්. රකුසෝද සත්ත්‍ව ලෝකයාහට හිතානුකම්පා ඇති උන්වහන්සේ අහසෙහි උදාවූ සඳ මඬල මෙන් දකිත්.
|
21
ආභස්සරා
සුසුද්ධසුක්කවත්ථවසනා, තිට්ඨන්ති පඤ්ජලීකතා.
|
21
ආභස්සර නම් බඹලොව වැසි බඹහුද, සුභකිණ්ණ නම් බඹලොව වැසි බඹහුද, වෙහජඵල නම් බඹලොව වැසි බඹහුද, අකණිටා නම් බඹලොව වැසි බඹහුද, ඉතා පිරිසිදු සුදු වත් හැන්දාහු, හිස මත දෙ අත් තබා වඳින ලද්දාහු සිටිත්.
|
22
මුඤ්චන්ති පුප්ඵං පන පඤ්චවණ්ණිකං, මන්දාරවං චන්දනචුණ්ණමිස්සිතං;
භමෙන්ති චෙලානි ච අම්බරෙ තදා, ‘‘අහො ජිනො ලොකහිතානුකම්පකො.
|
22
පුදුමයකි. ජිනරාජයන් වහන්සේ ලෝකයාට හිතානුකම්පා ඇතිසේකැයි ඒ (පෙළහරපානා) තාලයෙහි සඳුන් සුණු මුසු මදාරා මල්ද, පස්වනක් මල්ද දමත්. අහසෙහි වස්ත්‍රයන්ද කරකවත්.
|
23
‘‘තුවං සත්ථා ච කෙතූ ච, ධජො යූපො ච පාණිනං;
පරායනො පතිට්ඨා ච, දීපො ච ද්විපදුත්තමො
(දිපදුත්තමො (සී. ස්‍යා.)).
|
23
නුඹවහන්සේ සත්ත්‍වයන්ට ශාස්තෘ (අනුශාසක)ත් වන සේක. කොඩියක් මෙන්ද වන සේක. ධජයක් මෙන්ද වන සේක. යාග ටැඹක් මෙන්ද වන සේක. පිහිටක් වන සේක. පිහිටීමක් වන සේක. පහනක් මෙන්ද වන සේක. දෙපා ඇත්තවුන්ට උතුම්ද වන සේක.
|
24
‘‘දසසහස්සීලොකධාතුයා, දෙවතායො මහිද්ධිකා;
පරිවාරෙත්වා නමස්සන්ති, තුට්ඨහට්ඨා පමොදිතා.
|
24
දසදහස් ලෝදාහි මහත් ඎද්‍ධි ඇති දෙවියෝ සතුටුවූවාහු, විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු, පිරිවරා (සිට) නමස්කාර කරත්.
|
25
‘‘දෙවතා දෙවකඤ්ඤා ච, පසන්නා තුට්ඨමානසා;
පඤ්චවණ්ණිකපුප්ඵෙහි, පූජයන්ති නරාසභං.
|
25
පැහැදුනු තුටු සිත් ඇති දෙවියෝද, දෙවඟනෝද, පස්වනක් මලින් නරදෙටුවන් වහන්සේ පුදත්.
|
26
‘‘පස්සන්ති
පඤ්චවණ්ණිකපුප්ඵෙහි, පූජයන්ති නරාසභං.
|
26
පැහැදුණු තුටු සිත් ඇති දෙවි සමූහයෝ ඒ නරදෙටුවන් වහන්සේ දකිත්. පස්වනක් මලින් පුදත්.
|
27
‘‘අහො අච්ඡරියං ලොකෙ, අබ්භුතං ලොමහංසනං;
න මෙදිසං භූතපුබ්බං, අච්ඡෙරං ලොමහංසනං’’.
|
27
ලෝකයෙහි අහෝ! පුදුමයකි. පෙර නොවූවෙකි. ලොමු දැහැගැන්මකි. මා විසින් මෙබඳු පුදුමයක් ලොමු දැහැගැන්මක් පෙර නොදක්නා ලද්දේයයි,
|
28
සකසකම්හි භවනෙ, නිසීදිත්වාන දෙවතා;
හසන්ති තා මහාහසිතං, දිස්වානච්ඡෙරකං නභෙ.
|
28
ඒ දෙවියෝ තම තමන්ගේ විමානවල හිඳ අහසෙහි පුදුමය (පෙළහර) දැක මහ සිනහවෙන් සිනහසෙත්.
|
29
ආකාසට්ඨා ච භූමට්ඨා, තිණපන්ථනිවාසිනො;
කතඤ්ජලී නමස්සන්ති, තුට්ඨහට්ඨා පමොදිතා.
|
29
අහසෙහි පිහිටි විමානවල වසන්නාවූද, බිම පිහිටි විමානවල වසන්නාවූද, තණග පිහිටි විමානවල වසන්නාවූද, මග පිහිටි විමානවල වසන්නාවූද දෙවියෝ සතුටුවූවාහු, විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු, වැඳගෙන නමස්කාර කරත්.
|
30
යෙපි
පමොදිතා නමස්සන්ති, පූජයන්ති නරුත්තමං.
|
30
බොහෝ ආයුෂ ඇති, පින්වත්, මහත් ඎද්‍ධි ඇති යම නාග කෙනෙක් වෙද්ද (ඔවුහුද) සතුටු සිත් ඇත්තාහු, නරෝත්තමයන් නමස්කාර කරත්. පුදත්.
|
31
සඞ්ගීතියො පවත්තෙන්ති, අම්බරෙ අනිලඤ්ජසෙ;
චම්මනද්ධානි වාදෙන්ති, දිස්වානච්ඡෙරකං නභෙ.
|
31
අහසෙහි පුදුමය (පෙළහර) දැක, පවන් මගවූ අහසෙහි (දේවනාටක) සංගීතීන් පවත්වත්. දිව බෙර වාදනය කරත්.
|
32
සඞ්ඛා ච පණවා චෙව, අථොපි ඩිණ්ඩිමා
(ඩෙණ්ඩිමා (සී.)) බහූ;
අන්තලික්ඛස්මිං වජ්ජන්ති, දිස්වානච්ඡෙරකං නභෙ.
|
32
(දෙවියෝ) අහසෙහි පුදුමය දැක සක්ද, පණාබෙරද තවත් බොහෝ දෙණ්ඩි නම් බෙර විශේෂයන්ද (නොහොත් උඩැක්කිද) අහසෙහි වාදනය කරත්.
|
33
අබ්භුතො
ධුවමත්ථසිද්ධිං ලභාම, ඛණො නො පටිපාදිතො.
|
33
ඒකාන්තයෙන් අපට අද වෙනදා නොවූවක්ද ලොමු දැහැගැනීමක්ද උපනි. එහෙයින් නොවරදවා වැඩ සිදුවීම ලබමු. අප විසින් යහපත් කාලයක් ලබන ලද්දේය.
|
34
බුද්ධොති තෙසං සුත්වාන, පීති උප්පජ්ජි තාවදෙ;
බුද්ධො බුද්ධොති කථයන්තා, තිට්ඨන්ති පඤ්ජලීකතා.
|
34
එකෙනෙහි “බුද්‍ධ” යන වචනය අසා ඒ දෙවියන්ට ප්‍රීතිය උපනි. “බුද්‍ධය, බුද්‍ධය” යි කියන්නාහු, හිස මත දෙ අත් තබා වැඳගෙන සිටිත්.
|
35
හිඞ්කාරා සාධුකාරා ච
(හිඞ්කාරං සාධුකාරඤ්ච (සී. ස්‍යා.)), උක්කුට්ඨි සම්පහංසනං
(සම්පසාදනං (සී.), සම්පනාදනං (ස්‍යා.));
පජා ච විවිධා ගගනෙ, වත්තෙන්ති පඤ්ජලීකතා.
|
35
(දේවාදී) ප්‍රජාවෝ හී හී යන අනුකරණ ශබ්දයද, සාධුකාර ශබ්දයද, ඔල්වර හඬද, පැහැදීමේ ලකුණුද වැඳගෙන නොයෙක් ආකාරයෙන් අහසෙහි පවත්වත්.
|
36
ගායන්ති සෙළෙන්ති ච වාදයන්ති ච, භුජානි පොථෙන්ති ච නච්චයන්ති ච;
මුඤ්චන්ති පුප්ඵං පන පඤ්චවණ්ණිකං, මන්දාරවං චන්දනචුණ්ණමිස්සිතං.
|
36
බුදුගුණ ගී ගයත්. මුඛයෙන් සිරු හඬ නගත්. වාදනය කරත්. අත්පොළසන් දෙත්. නටත්. පස්වණක් මල්ද, සඳුන් සුණුමුසු මදාරා මල්ද දමත්.
|
37
‘‘යථා
ධජවජිරපටාකා, වඩ්ඪමානඞ්කුසාචිතං.
|
37
“මහාවීරය, නුඹවහන්සේගේ පාදයන්හි සක් ලකුණුය, ධජය, වජිරය, පතාකාය, වඩ්ඪමානය, අංකුසය (යන ලක්‍ෂණයන්) යම්සේ පිරිවරන ලදද,
|
38
‘‘රූපෙ
විමුත්තියා අසමසමො, ධම්මචක්කප්පවත්තනෙ.
|
38
“(එසේම) රූපයෙන්ද, සීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥායෙන්ද (අනුන් හා) අසමානය. දම්සක් පැවැත්මෙන්ද, ඵල විමුක්තියෙන්ද, අසමයයි කියන ලද ඉකුත් බුදුවරයන් හා සමානය.
|
39
‘‘දසනාගබලං
ඉද්ධිබලෙන අසමො, ධම්මචක්කප්පවත්තනෙ.
|
39
“නුඹ වහන්සේගේ ශරීරයෙහි ඇතුන් දස දෙනෙකුගේ ශක්තියයි කියන ලද දස නාග බලය, පියවි බලයයි. දම්සක් පැවැත්මෙන්ද, ඎද්‍ධි බලයෙන්ද අසමානය.
|
40
‘‘එවං සබ්බගුණූපෙතං, සබ්බඞ්ගසමුපාගතං;
මහාමුනිං කාරුණිකං, ලොකනාථං නමස්සථ.
|
40
“මෙසේ ලොවී ලොව්තුරා ගුණයෙනුත්, සියලු බුද්‍ධාඞ්ගයෙන් සැදුනු මහාමුණිවූ, කරුණා ඇති, ලෝකස්වාමීවූ බුදුරජුන් වඳිමි.
|
41
‘‘අභිවාදනං ථොමනඤ්ච, වන්දනඤ්ච පසංසනං;
නමස්සනඤ්ච පූජඤ්ච, සබ්බං අරහසී තුවං.
|
41
“අභිවාදනයටද, අනුන් හමුවෙහි ගුණ කීමටද, වැඳීමටද, ඉදිරියෙහි පැසසීමටද, කයින් හෝ සිතින් නමස්කාර කිරීමටද, පිදීමටද යන සියල්ලට නුඹ වහන්සේ සුදුසු සේක.
|
42
‘‘යෙ කෙචි ලොකෙ වන්දනෙය්‍යා, වන්දනං අරහන්ති යෙ;
සබ්බසෙට්ඨො මහාවීර, සදිසො තෙ න විජ්ජති.
|
42
“ලෝකයෙහි වැඳීමට සුදුසුවූ යම්කිසි කෙනෙක් ඇද්ද, යම් කෙනෙක් වැඳීමට සුදුසුසෝ වෙත්ද, මහාවීරය, නුඹ වහන්සේ ඒ සියල්ලන්ට උතුම්ය. නුඹ වහන්සේ හා සමානයෙක් නැත.”
|
43
‘‘සාරිපුත්තො මහාපඤ්ඤො, සමාධිජ්ඣානකොවිදො;
ගිජ්ඣකූටෙ ඨිතොයෙව, පස්සති ලොකනායකං.
|
43
(සොළොස් වැදෑරුම්) මහා නුවණ ඇති, සමාධි ධ්‍යානයන්හි දක්‍ෂවූ, අගසව් සැරියුත් තෙර, ගිජුකුළු පව්වෙහි සිටියේම ලෝකනායකවූ බුදුරදුන් දකී.
|
44
‘‘සුඵුල්ලං සාලරාජංව, චන්දංව ගගනෙ යථා;
මජ්ඣන්හිකෙව
(මජ්ඣන්තිකෙව (සබ්බත්ථ)) සූරියං, ඔලොකෙසි නරාසභං.
|
44
හොඳින් මල් පිපීගිය මහ සල් ගසක් මෙන්ද, අහසෙහි සඳ මෙන්ද, මධ්‍යාහ්නයෙහි හිරු මෙන්ද, නරෝත්තමයන් වහන්සේ බබලයි.
|
45
‘‘ජලන්තං දීපරුක්ඛංව, තරුණසූරියංව උග්ගතං;
බ්‍යාමප්පභානුරඤ්ජිතං, ධීරං පස්සති ලොකනායකං.
|
45
දැල්වෙන පහන් රුකක් මෙන්ද, උදාවූ හිරු මෙන්ද, බඹයක් පමණ තැන පැතිර පවතින ආලෝකයෙන් යුත් නුවණ ඇත්තාවූ ලෝකනායකවූ බුදුරදුන් දකී.
|
46
‘‘පඤ්චන්නං භික්ඛුසතානං, කතකිච්චාන තාදිනං;
ඛීණාසවානං විමලානං, ඛණෙන සන්නිපාතයි.
|
46
(එකල) සිවුමග ඵලයන් පිළිබඳ සොළොස් කිස කළ, තාදී ගුණ ඇති, ආසවයන් පහකළාවූ, රාගාදී කෙළෙස් කිලුටු නැති කර දැමූ, පන්සියයක් භික්‍ෂූන් සැරියුත් තෙර ඇසිල්ලකින් රැස්කරවී. (එසේ කරවා)
|
47
‘‘ලොකප්පසාදනං
අම්හෙපි තත්ථ ගන්ත්වාන, වන්දිස්සාම මයං ජිනං.
|
47
“(භාග්‍යවතුන් වහන්සේ) ලෝකප්පසාදක නම් පෙළහරක් දැක්වූ සේක. අපිදු එහි යන්නෙමු. අපි පස්මරුන් දිනූ බුදුරදුන් වඳින්නෙමු.
|
48
‘‘එථ සබ්බෙ ගමිස්සාම, පුච්ඡිස්සාම මයං ජිනං;
කඞ්ඛං විනොදයිස්සාම, පස්සිත්වා ලොකනායකං’’.
|
48
“එව්. අපි සිව්දෙනා එකතුවී ගොස් ලෝනා හිමි ජිනරාජයන් වහන්සේ බලා විචාරන්නෙමු. සැකය සංසිඳවන්නෙමු” (යි කීය.)
|
49
සාධූති
පත්තචීවරමාදාය, තරමානා උපාගමුං.
|
49
නුවණ ඇත්තාවූ, සංවර කළ ඉඳුරන් ඇති ඒ භික්‍ෂූහු, “යහපතැ” යි (සැරියුත් තෙරුන්ට) පිළිවදන් දී, පා සිවුරු ගෙණ ඉක්මණින් එළඹියාහුය.
|
50
ඛීණාසවෙහි විමලෙහි, දන්තෙහි උත්තමෙ දමෙ;
සාරිපුත්තො මහාපඤ්ඤො, ඉද්ධියා උපසඞ්කමි.
|
50
මහ නුවණැති සැරියුත් තෙර උතුම් දමනයෙන් දැමුණු, රාගාදී කිලුටු නැති රහතුන් සමග ඎද්‍ධියෙන් (භාග්‍යවතුන් වහන්සේ වෙත) එළඹී.
|
51
තෙහි
ලළන්තො දෙවොව ගගනෙ, ඉද්ධියා උපසඞ්කමි.
|
51
මහ පිරිස් ඇති සැරියුත් තෙර ඒ රහත් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුව, අහස්හි බබලන දෙවියකු මෙන් ඎද්‍ධියෙන් එළඹී.
|
52
උක්කාසිතඤ්ච ඛිපිතං
(උක්කාසිතඤ්ච ඛිපිතඤ්ච (ස්‍යා. අට්ඨ.)), අජ්ඣුපෙක්ඛිය සුබ්බතා;
සගාරවා සප්පතිස්සා, සම්බුද්ධං උපසඞ්කමුං.
|
52
උන්වහන්සේලා කහින හඬක්ද, කිවිසින හඬක්ද නොකොට, මනා පැවතුම් ඇත්තාහු, ගෞරව සහිත වූවාහු, යටහත් පැවතුම් ඇත්තාහු, සම්බුදුන් කරා එළඹියහ.
|
53
උපසඞ්කමිත්වා පස්සන්ති, සයම්භුං ලොකනායකං;
නභෙ අච්චුග්ගතං ධීරං, චන්දංව ගගනෙ යථා.
|
53
අන් උපදෙස් රහිතව සිව්සස් අවබෝධ කළ ලෝනාහිමිවූ, ධීර ගුණයෙන් යුත්, අහසෙහි නැගී සිටි සර්‍වඥයන් වහන්සේ වෙත එළඹ (භික්‍ෂූහු උන්වහන්සේ) දකිත්.
|
54
ජලන්තං දීපරුක්ඛංව, විජ්ජුංව ගගනෙ යථා;
මජ්ඣන්හිකෙව සූරියං, පස්සන්ති ලොකනායකං.
|
54
බබලන පහන් රුකක් වැනිවූද, අහසෙහි විදුලිය වැනිවූද, දින මැද හිරු මඬල වැනිවූද, ලෝනා හිමිවූ බුදුරදුන් දකිත්.
|
55
පඤ්චභික්ඛුසතා සබ්බෙ, පස්සන්ති ලොකනායකං;
රහදමිව විප්පසන්නං, සුඵුල්ලං පදුමං යථා.
|
55
සියලු පන්සියයක් භික්‍ෂූහු හොඳින් පෑදුනු ජලාසයක් වැනි, හොඳින් පිපුණු පියුමක් වැනි, ලෝනා හිමිවූ බුදුරදුන් දකිත්.
|
56
අඤ්ජලිං
නමස්සමානා නිපතන්ති, සත්ථුනො චක්කලක්ඛණෙ.
|
56
(ඒ භික්‍ෂූහු) සතුටුවූවාහු, විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු, ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණෙන් යුත් සිරිපාදයන් ඇඳිලි බැඳ වඳිමින් වැඳ වැටෙත්.
|
57
සාරිපුත්තො මහාපඤ්ඤො, කොරණ්ඩසමසාදිසො;
සමාධිජ්ඣානකුසලො, වන්දතෙ ලොකනායකං.
|
57
මහ නුවණ ඇති, කටුකරඬු මලක් හා සමාන ශරීර ශෝභාවක් ඇති, සමාධි ධ්‍යානයන්හි දක්‍ෂවූ සැරියුත් තෙර ලොකනායකවූ බුදුරදුන් වඳී.
|
58
ගජ්ජිතා කාලමෙඝොව, නීලුප්පලසමසාදිසො;
ඉද්ධිබලෙන අසමො, මොග්ගල්ලානො මහිද්ධිකො.
|
58
ගර්ජනා කරන කලු වැහි වළාකුළක් වැනිවූද, නිල් උපුල් (මානෙල්) මලක් හා සමවද, ශරීර ශෝභාවක් ඇති, ඎද්‍ධි බලයෙන් අසමවූ, මහත් ඎද්‍ධි ඇති මුගලන් තෙරද,
|
59
මහාකස්සපොපි
ධුතගුණෙ අග්ගනික්ඛිත්තො, ථොමිතො සත්ථුවණ්ණිතො.
|
59
උදුනෙහි කෝවයෙහි ලා උණුකොට පිරිසිදු කළ රන් හා සමාන ශරීර වර්‍ණ ඇති, ධුත ගුණයෙහි අග නැත්පත්, දෙවි මිනිසුන් විසින් ප්‍රශංසා කරන ලද, ශාස්තෲන් වහන්සේ විසින්ද වර්‍ණනා කළ මහ කසුප් තෙරද (බුදුරදුන් වඳී.)
|
60
දිබ්බචක්ඛූනං යො අග්ගො, අනුරුද්ධො මහාගණී;
ඤාතිසෙට්ඨො භගවතො, අවිදූරෙව තිට්ඨති.
|
60
යමෙක් දිවැස් ඇත්තවුන් අතුරෙහි අගතැන් පැමිණියේද, මහ පිරිස් ඇති භාග්‍යවතුන් වහන්සේගේ ඥාති ශ්‍රේෂ්ඨවූද, ඒ අනුරුද්‍ධ තෙරද නුදුරු තැනෙක්හිම සිටියි.
|
61
ආපත්තිඅනාපත්තියා
විනයෙ අග්ගනික්ඛිත්තො, උපාලි සත්ථුවණ්ණිතො.
|
61
ආපත්ති-අනාපත්තියෙහිද, පිළියම් කළ හැකි කර්‍ම, පිළියම් නොකළ හැකි කර්‍මයෙහිද සමත්වූ, විනය දැනීමෙහි අග තැන තැබූ ශාස්තෲන් වහන්සේ විසින් වර්‍ණනා කරන ලද උපාලි තෙරද (නුදුරෙහි සිටියි.)
|
62
සුඛුමනිපුණත්ථපටිවිද්ධො, කථිකානං පවරො ගණී;
ඉසි මන්තානියා පුත්තො, පුණ්ණො නාමාති විස්සුතො.
|
62
සියුම් තියුණු අර්ත්‍ථයන් අවබෝධ කළ, දම් දෙසන්නවුන් අතර උතුම්වූ, පිරිස් ඇති (කුසල් දම් සෙව් බැවින්) ඉසිවූ, මන්නානි නම් බැමිණියගේ පුත් ඉතා ප්‍රසිද්‍ධ පුණ්ණ නම් තෙරද (නුදුරෙහි සිටියි.)
|
63
එතෙසං චිත්තමඤ්ඤාය, ඔපම්මකුසලො මුනි;
කඞ්ඛච්ඡෙදො මහාවීරො, කථෙසි අත්තනො ගුණං.
|
63
උපමාවෙහි දක්‍ෂවූ, සැක නැති කර දමන, මහා වීර්‍ය්‍ය ඇති, මුනීන්‍ද්‍රයන් වහන්සේ, මේ රහතුන්ගේ සිතිවිලි දැන, තමාගේ ගුණ (හෙවත් බුදුගුණ) වදාළ සේක.
|
64
‘‘චත්තාරො
සත්තකායො ච ආකාසො, චක්කවාළා චනන්තකා;
බුද්ධඤාණං අප්පමෙය්‍යං, න සක්කා එතෙ විජානිතුං.
|
64
“යම් ගමනක අවසානයක් නොපෙනේද, ඒ අසංඛයෝ සතරෙකි. සත්ත්‍ව සමූහයාද, අහසද, සක්වළවල්ද අපමණයහ. (එමෙන්) බුද්‍ධ ඥානයද ප්‍රමාණ කළ නොහැක. මොවුහු (මෙපමණයයි) දැනගන්ට නොහැක්කාහ.
|
65
‘‘කිමෙතං අච්ඡරියං ලොකෙ, යං මෙ ඉද්ධිවිකුබ්බනං;
අඤ්ඤෙ බහූ අච්ඡරියා, අබ්භුතා ලොමහංසනා.
|
65
“ලෝකයෙහි මාගේ යම් විකුර්‍වණ ඎද්‍ධියක් වීද, එය කවර පුදුමයක්ද, පෙර නොවූ, ලොමු දැහැගන්නා අනික් බොහෝ පුදුමයෝ (ඇත්තාහ.)
|
66
‘‘යදාහං තුසිතෙ කායෙ, සන්තුසිතො නාමහං තදා;
දසසහස්සී සමාගම්ම, යාචන්ති පඤ්ජලී මමං.
|
66
“යම් කලෙක මම තුසිත දෙව්ලොව දෙවියන් අතර සන්තුසිත නම් (දෙව් රජෙක්) වීද, ඒ කාලයෙහි දසදහසක් සක්වළ දෙවියෝ මා කරා පැමිණ, වැඳගෙන යාඥා කරත්.
|
67
‘‘‘කාලො ඛො තෙ
(කාලො දෙව (සී.), කාලොයං තෙ (ස්‍යා. ක.)) මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං;
සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පදං’.
|
67
“(කෙසේද?) මහත් විර්‍ය්‍ය ඇති (දේවය), ඔබට (බුදුවීමට) මේ කාලයයි. මිනිස් ලොවෙහි මව් කුස පිළිසිඳගණු මැනව. දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතර කරමින් නිවන් අවබෝධ කරණු මැන.”
|
68
‘‘තුසිතා
දසසහස්සීලොකධාතු, කම්පිත්ථ ධරණී තදා.
|
68
“යම් කාලයෙක තුසිත දෙවියන් අතරින් චුතව මව් කුසෙහි පිළිසිඳ ගත්තෙම්ද, ඒ කාලයෙහි දසදහසක් සක්වළෙහි පොළොව කම්පා විය.
|
69
‘‘යදාහං මාතුකුච්ඡිතො, සම්පජානොව නික්ඛමිං;
සාධුකාරං පවත්තෙන්ති, දසසහස්සී පකම්පථ.
|
69
“යම් කාලයෙක මම මව් කුසින් සිහි ඇතිව බිහිවූයෙම්ද, (ඒ කාලයෙහි) දසදහසක් සක්වළ සාධු නාද පවත්වමින් කම්පා විය.
|
70
‘‘ඔක්කන්තිං මෙ සමො නත්ථි, ජාතිතො අභිනික්ඛමෙ;
සම්බොධියං අහං සෙට්ඨො, ධම්මචක්කප්පවත්තනෙ.
|
70
“මව් කුස පිළිසිඳ ගැනීමෙහිද, මව් කුසින් බිහිවීමෙහිද, මා හා සමානවූවෙක් නැත. බුදුබව ලැබීමෙහිද, (සිව්සස් අවබෝධ කිරීමෙහිද), දම්සක් පැවැත්විමෙහිද මම උසස් වූයෙමි.
|
71
‘‘අහො අච්ඡරියං ලොකෙ, බුද්ධානං ගුණමහන්තතා;
දසසහස්සීලොකධාතු, ඡප්පකාරං පකම්පථ;
ඔභාසො ච මහා ආසි, අච්ඡෙරං ලොමහංසනං’’.
|
71
“ලෝකයෙහි බුදුවරයන්ගේ ගුණ මහත් බව විෂ්මයයි. පුදුමයි. දසදහස් ලෝක ධාතුව සය ආකාරයකින් කම්පා විය.”
|
72
භගවා තම්හි
(භගවා ච තම්හි (සී. ස්‍යා. ක.)) සමයෙ, ලොකජෙට්ඨො නරාසභො;
සදෙවකං දස්සයන්තො, ඉද්ධියා චඞ්කමී ජිනො.
|
72 |
73
චඞ්කමෙ චඞ්කමන්තොව, කථෙසි ලොකනායකො;
අන්තරා න නිවත්තෙති, චතුහත්ථෙ චඞ්කමෙ යථා.
|
73
මහා ආලෝකයක්ද, පුදුමයක්ද, ලොමුදැහැගැණුමක්ද වී. ඒ වේලාවෙහි ලොවෙහි දෙටුවූ, මිනිසුන්ට උතුම්වූ, පස්මරුන් දිනූ භාග්‍යවතුන් වහන්සේද දෙවියන් සහිත ලෝකයාහට පෙළහර දක්වමින් ඎද්‍ධියෙන් යුක්තව සක්මන් කළ සේක. ලෝක නායකයන් වහන්සේ (රුවන්) සක්මනෙහි සක්මන් කරමින්ම දහම් දෙසූ සේක. සතර රියන් සක්මනෙහි යම්සේ අතර නොනැවතුණු සේක.
|
74
සාරිපුත්තො
පඤ්ඤාය පාරමිප්පත්තො, පුච්ඡති ලොකනායකං.
|
74
මහා නුවණ ඇති, සමාධියෙහි හා ධ්‍යානයෙහි සමත්වූද, සාවක පාරමී ඤාණයාගේ පරතෙරට පැමිණියාවූද, සැරියුත් තෙර, ලෝකනායකවූ බුදුරදුන් වෙතින් (මෙසේ) විචාරයි.
|
75
‘‘කීදිසො තෙ මහාවීර, අභිනීහාරො නරුත්තම;
කම්හි කාලෙ තයා ධීර, පත්ථිතා බොධිමුත්තමා.
|
75
“මහාවීරවූ නරෝත්තමයාණෙනි, නුඹවහන්සේගේ අභිනීභාරය (පැතිම) කෙබඳුද? ධීරයන් වහන්ස, නුඹ වහන්සේ විසින් කවර කාලයක උතුම් සම්බෝධිය පතන ලද සේක්ද?
|
76
‘‘දානං
ඛන්තිසච්චමධිට්ඨානං, මෙත්තුපෙක්ඛා ච කීදිසා.
|
76
“දාන පාරමිතාවද, සීල පාරමිතාවද, පඤ්ඤා පාරමිතාවද, විරිය පාරමිතාවද, කෙබඳුද? ඛන්ති පාරමිතාවද, සච්ච පාරමිතාවද, අදිට්ඨාන පාරමිතාවද, මෙත්තා පාරමිතාවද, උපෙක්ඛා පාරමිතාවද කෙබඳුද?
|
77
‘‘දස
කථං උපපාරමී පුණ්ණා, පරමත්ථපාරමී කථං’’.
|
77
“වීර්‍ය්‍යය ඇත්තාවූ ලෝහිමියාණෙනි, (නුඹවහන්සේ විසින්) කෙසේ දස පාරමිතාවෝද, කෙසේ උප පාරමිතාවෝද, කෙසේ පරමත්‍ථ පාරමිතාවෝද පුරණ ලද්දෝද?”
|
78
තස්ස පුට්ඨො වියාකාසි, කරවීකමධුරගිරො;
නිබ්බාපයන්තො හදයං, හාසයන්තො සදෙවකං.
|
78
(මෙසේ) ඒ සැරියුත් තෙරුන් විසින් විචාරන ලද්දෝ කුරවි කෙවිල්ලන්ගේ මෙන් මිහිරි නාද ඇති බුදුරජහු (දෙවි මිනිසුන්ගේ) සිත් නිවමින් දෙවියන් සහිත ලෝකයා සතුටු කරවමින් (මේ බුද්‍ධවංශය) ප්‍රකාශ කළ සේක.
|
79
අතීතබුද්ධානං ජිනානං දෙසිතං, නිකීලිතං
(නිකීළිතං (ක.)) බුද්ධපරම්පරාගතං;
පුබ්බෙනිවාසානුගතාය බුද්ධියා, පකාසයී ලොකහිතං සදෙවකෙ.
|
79
පස්මරුන් දිනූ (දීපංකර ආදී) ඉකුත් බුදුවරයන් විසින් දේශනා කරන ලද, නික්‍රීඩිත (කප්ප - ජාති - ගොත්ත - ආයු - බෝධි - සාවක - සාවිකා ආදී පිළිවෙල සහිත)වූ බුද්‍ධ පරම්පරාවෙන් පැවත ආ, ලොවට හිතවූ පුබ්බේනිවාසානුස්සතිය අනුව ගිය (නුවණින්) දෙවියන් සහිත ලෝකයා කෙරෙහි ප්‍රකාශ කළ සේක.
|
80
‘‘පීතිපාමොජ්ජජනනං, සොකසල්ලවිනොදනං;
සබ්බසම්පත්තිපටිලාභං, චිත්තීකත්වා සුණාථ මෙ.
|
80
“සතුට හා සිතේ පැහැදීම උපදවන, සෝක නමැති උළ උදුරා දමන්නාවූ, සියලු සැප ලැබීමට හේතුවන මා විසින් දේශනා කරන ලද බුද්‍ධ වංශය ගරුකොට අසව්.
|
81
‘‘මදනිම්මදනං සොකනුදං, සංසාරපරිමොචනං;
සබ්බදුක්ඛක්ඛයං මග්ගං, සක්කච්චං පටිපජ්ජථා’’ති.
|
81
“ජාතිමද ආදිය නැතිකරන, ශෝකය පහකරන, සසර දුකින් මුදවන, සියලු දුක් නැතිකරන මාර්‍ගයට සකස්ව පිළිපදීවා.”
|