4. ඛත්තියාවග්ගො | 4. ඛත්තියා වග්ග |
1. යසවතීපමුඛඅට්ඨාරසභික්ඛුනීසහස්සඅපදානං | 1. යශවතී ප්රමුඛ භික්ෂුණීන්ගේ අපදානය |
1
‘‘භවා
සබ්බාසවා ච නො නත්ථි, ආරොචෙම මහාමුනෙ.
|
1
“සියළු භවයෝ ක්ෂය කරන ලදහ. භව සන්ධීන්ගෙන් මිදෙන ලදහ. අපගේ සියළු ආශ්රවයනුදු නැත. මහා මුනීන් වහන්ස, (එය ඔබ වහන්සේට) සැළකරමු.
|
2
‘‘පුරිමං කුසලං කම්මං
(පරිකම්මඤ්ච කුසලං (ස්‍යා.)), යං කිඤ්චි සාධුපත්ථිතං;
පරිභොගමයං දින්නං, තුය්හත්ථාය මහාමුනෙ.
|
2
“පෙර කුශල කර්මයක් (කොට) යම් කිසිවක් මැනවින් පතන ලදද, මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා පරිභෝගය කරන ලද්ද (අප විසින්) දෙන ලදී.
|
3
‘‘බුද්ධපච්චෙකබුද්ධානං, සාවකානඤ්ච පත්ථිතං
(බුද්ධානං සාවකානඤ්ච (සී. ක.));
පරිභොගමයං දින්නං, තුය්හත්ථාය මහාමුනෙ.
|
3
“මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා බුදු පසේබුදු සව්වනට පරිභොගය සඳහා කරන ලද්ද (අප විසින්) දෙන ලදී.
|
4
‘‘උච්චනීචමයං කම්මං, භික්ඛූනං සාධුපත්ථිතං;
උච්චාකුලපරිකම්මං, කතමෙතං මහාමුනෙ
(කතම්හෙහි මහාමුනෙ (ස්‍යා. පී.)).
|
4
“භික්ෂූහට (පිදීම් වශයෙන්) ලොකු කුඩා කර්ම (කොට) මැනවින් පතන ලදී. මහා මුනීන් වහන්ස, මේ උසස් කුලයෙහි ඉපදීමට සුදුසු පින්කම්ද (අප විසින්) කරන ලදී.
|
5
‘‘තෙනෙව සුක්කමූලෙන, චොදිතා කම්මසම්පදා;
මානුසිකමතික්කන්තා, ජායිංසු ඛත්තියෙ කුලෙ.
|
5
“එම කුශල මූලය කරණකොටගෙන මෙහෙයන ලද කර්ම සම්පත් ඇත්තාහු සාමාන්‍ය මනුෂ්‍යත්වය ඉක්මවූ ක්ෂත්රිය කුලයෙහි උපන්නාහුය.
|
6
‘‘උප්පත්තෙ ච කතෙ කම්මෙ, ජාතියා වාපි එකතො;
පච්ඡිමෙ එකතො ජාතා, ඛත්තියා කුලසම්භවා.
|
6
“කරන ලද කර්මය රැස්වූ කල්හි ජාතියෙනුදු එක්ව අන්තිම භවයෙහිද එක්වම ක්ෂත්රිය කුලයෙහි උපන්නියෝ (වෙමු.)
|
7
‘‘රූපවතී භොගවතී, ලාභසක්කාරපූජිතා;
අන්තෙපුරෙ මහාවීර, දෙවානං විය නන්දනෙ.
|
7
“මහා වීරයන් වහන්ස, දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් ඇතුළු පුරයෙහි රූමත් වූවාහු, භෝග සම්පත් ඇත්තාහු, ලාභ සත්කාරයෙන් පුදන ලද්දියෝ (වෙමු.)
|
8
‘‘නිබ්බින්දිත්වා අගාරම්හා, පබ්බජිම්හනගාරියං;
කතිපාහං උපාදාය, සබ්බා පත්තාම්හ නිබ්බුතිං.
|
8
“ගිහිගෙන් කලකිරී අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමු. (අපි) සියල්ලෝ කිහිප දිනකින් නිවනට පැමිණියෝ වෙමු.
|
9
‘‘චීවරං
උපනෙන්ති බහූ අම්හෙ, සදා සක්කතපූජිතා.
|
9
“චීවරද, පිණ්ඩපාතද, ගිලානප්රත්යද, සයනාසනද බොහෝ දෙන හැම කල්හි සත්කාර කරන ලද්දාවූද, පුදන ලද්දාවූද අප වෙත පමුණුවත්.
|
10
‘‘කිලෙසා ඣාපිතා අම්හං, භවා සබ්බෙ සමූහතා;
නාගීව බන්ධනං ඡෙත්වා, විහරාම අනාසවා.
|
10
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
11
‘‘ස්වාගතං වත නො ආසි, මම බුද්ධස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
11
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
12
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
12
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
2. චතුරාසීතිභික්ඛුනීසහස්සඅපදානං | 2. බ්‍රාහ්මණකන්‍යා භික්ෂුණීන්ගේ අපදානය |
13
‘‘චුල්ලාසීතිසහස්සානි
සුඛුමාලහත්ථපාදා, පුරෙ තුය්හං මහාමුනෙ.
|
13
“අසූහාර දහස් වරක් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නාහු මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ හමුවීමට පෙරම සියුමැලි අත් පා ඇත්තියෝ වීමු.
|
14
‘‘වෙස්සසුද්දකුලෙ ජාතා, දෙවා නාගා ච කින්නරා;
චාතුද්දීපා බහූ කඤ්ඤා, පුරෙ තුය්හං මහාමුනෙ.
|
14
“මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේට පෙරාතුවම වෛශ්‍ය, ශුද්‍ර කුලයන්හි උපන්නාහු සිව් දිවයිනෙහි දිව්‍ය, නාග, කින්නර, බොහෝ කන්‍යාවෝ වීමු.
|
15
‘‘කාචි පබ්බජිතා අත්ථි, සබ්බදස්සාවිනො
(සච්චදස්සාවිනො (සී. පී.)) හූ;
දෙවා ච කින්නරා නාගා, ඵුසිස්සන්ති අනාගතෙ.
|
15
“කිසිවෙක් පැවිදිවූවාහු වෙති. බොහෝ දෙන සත්‍ය දක්නාහුද වෙති. මතු කාලයෙහි දෙවියෝද, කිඳුරෝද, නාගයෝද සත්‍යාවබෝධය කෙරෙත්.
|
16
‘‘අනුභොත්වා යසං සබ්බං, පත්වාන සබ්බසම්පදා;
තුම්හං
|
16
“සියළු යසස් අනුභවකොට, සියළු සම්පත්ද ලබා, ඔබ කෙරෙහි පැහැදීම ලැබුවාහු, මතු කාලයෙහි සත්‍යාවබෝධය කෙරෙති.
|
17
‘‘අම්හෙ බ්රාහ්මණධීතා තු, බ්රාහ්මඤ්ඤකුලසම්භවා;
පෙක්ඛතො නො
(ලක්ඛණා ච (ස්‍යා.)) මහාවීර, පාදෙ වන්දාම චක්ඛුම.
|
17
“පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්ස, බමුණු කුලයෙහි උපන්, බමුණු දූවරුන්වූ අපි අපගේ හමුයෙහිදී ඔබ වහන්සේගේ පා වඳිමු.
|
18
‘‘උපහතා භවා සබ්බෙ, මූලතණ්හා සමූහතා;
සමුච්ඡින්නා අනුසයා, පුඤ්ඤසඞ්ඛාරදාලිතා.
|
18
“සියළු භවයෝ නසන ලදහ. තෘෂ්ණාව මුල් සහිතව වනසන ලදහ. අනුශයයෝ සමුඡ්ඡේදය කරන ලදහ. පුණ්‍ය සංස්කාරයෝ පලා දමන ලදහ.
|
19
‘‘සමාධිගොචරා සබ්බා, සමාපත්තිවසී කතා;
ඣානෙන ධම්මරතියා, විහරිස්සාම නො සදා.
|
19
“අපි හැම කල්හි සියලු සමාධීන් ගෝචරකොට ඇත්තාහු එසේම සමාපත්තීන්හි වශීවූවාහු, එසේම ධ්‍යානයෙන්ද, ධර්මරතියෙන්ද යුතුව වසන්නෙමු.
|
20
‘‘භවනෙත්ති අවිජ්ජා ච, සඞ්ඛාරාපි ච ඛෙපිතා;
සුදුද්දසං පදං ගන්ත්වා, අනුජානාථ
(අනුජානිම්හ (ස්‍යා. පී. ක.)) නායක.
|
20
“භව තෘෂ්ණාවද, අවිද්‍යාවද, සංස්කාරයෝද, ගෙවන ලදහ. ලෝක නායකයන් වහන්ස, නිර්වාණ පදයට යාම සඳහා අනුදැන වදාළ මැනවි.
|
21
‘‘උපකාරා මමං තුම්හෙ, දීඝරත්තං කතාවිනො;
චතුන්නං සංසයං ඡෙත්වා, සබ්බා ගච්ඡන්තු නිබ්බුතිං.
|
21
“තෙපි මට බොහෝ උපකාර ඇත්තෝය. බොහෝ කාලයක් මුළුල්ලෙහි කරන ලද කුසල් ඇත්තෝය. බොහෝ දෙනාගේ සැක හැර සියල්ලෝ පරිනිර්වාණයට යෙත්වා.
|
22
‘‘වන්දිත්වා
කාචි දස්සෙන්ති ආලොකං, අන්ධකාරමථාපරා.
|
22
“ඇතැම් භික්ෂුණීහු බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳ, එකවිට කරුණු දෙකක් සිදුවන ඎද්ධීන් කොට ආලෝකය දක්වත්. යලි අන්ධකාරය දක්වත්.
|
23
‘‘දස්සෙන්ති චන්දසූරියෙ, සාගරඤ්ච සමච්ඡකං;
සිනෙරුං පරිභණ්ඩඤ්ච, දස්සෙන්ති පාරිඡත්තකං.
|
23
“සඳු හිරු දක්වත්. මත්ස්‍යයන් සහිතවූ සාගරය දක්වත්. හාත්පස පර්වතයන් සහිත සිනෙරු පර්වතයද, පරසතු රුකද දක්වත්.
|
24
‘‘තාවතිංසඤ්ච භවනං, යාමං දස්සෙන්ති ඉද්ධියා;
තුසිතං නිම්මිතෙ දෙවෙ, වසවත්තී මහිස්සරෙ.
|
24
“ඎද්ධියෙන් තව්තිසා භවනයද, යාමයද, තුසිතයද, මහත් ඵෙශ්චර්ය්ය ඇති පරනිර්මිත වසවර්ති දෙවියන්ද දක්වත්.
|
25
‘‘බ්රහ්මානො කාචි දස්සෙන්ති, චඞ්කමඤ්ච මහාරහං;
බ්රහ්මවණ්ණඤ්ච මාපෙත්වා, ධම්මං දෙසෙන්ති සුඤ්ඤතං.
|
25
“කිසිවෙක් බ්‍රහ්මයන්ද, මාහැඟි සක්මනක්ද දක්වත්. බඹ වෙසක් මවාගෙන නිර්වාණ ධර්මයද දෙසත්.
|
26
‘‘නානාවිකුබ්බනං කත්වා, ඉද්ධිං දස්සිය සත්ථුනො;
දස්සයිංසු
|
26
“නොයෙක් පුදුම ඎද්ධීන් කොට ශාස්තෲන් වහන්සේට ඎද්ධිය දක්වා සියළු භික්ෂුණීහු බල දැක්වූහ. ශාස්තෲන් වහන්සේගේ පා වැන්දහ.
|
27
‘‘ඉද්ධීසු
චෙතොපරියඤාණස්ස, වසී හොම මහාමුනෙ.
|
27
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රොතධාතු ඥානයෙහිද වශීවෙමු. චෙතොපරියඥානයාගේද වශීවෙමු.
|
28
‘‘පුබ්බෙනිවාසං ජානාම, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
28
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
29
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං අම්හං මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
|
29
“මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද අපගේ ඥානය ඔබ වහන්සේ සමීපයෙහිදී උපන්නේය.
|
30
‘‘පුබ්බානං ලොකනාථානං, සඞ්ගමං නො නිදස්සිතං;
අධිකාරං බහුං අම්හං, තුය්හත්ථාය මහාමුනෙ.
|
30
“පෙර බුදුවරුන් හා එක්වීම අප දක්වන ලදී. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා අපගේ පින්කම් බොහෝය.
|
31
‘‘යං අම්හෙහි කතං කම්මං, කුසලං සර තං මුනෙ;
තුය්හත්ථාය මහාවීර, පුඤ්ඤානුපචිතානි නො.
|
31
“මුනීන්ද්රයන් වහන්ස, අප විසින් කරන ලද යම් කුශල කර්මයක් වේ නම් එය සිහිකළ මැනව. මහා වීරයන් වහන්ස, අප විසින් ඔබ පිණිස පින් රැස් කරන ලදී.
|
32
‘‘සතසහස්සිතො කප්පෙ, පදුමුත්තරො මහාමුනි;
පුරං හංසවතී නාම, සම්බුද්ධස්ස කුලාසයං.
|
32
“මින් සියක් දහස්වන කපෙහි පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කුල නගරය වූයේ හංසවතී නම් පුරයයි.
|
33
‘‘ද්වාරෙන හංසවතියා, ගඞ්ගා සන්දති සබ්බදා;
උබ්බළ්හා නදියා භික්ඛූ, ගමනං න ලභන්ති තෙ.
|
33
“හංසවතී නගර වාරයෙන් හැම කල්හි ගඞ්ගාවක් ගලා බසී. එම භික්ෂූහු ගඟෙහි කරදරයට පැමිණියාහු ගමන නොලබත්.
|
34
‘‘දිවසං ද්වෙ තයො චෙව, සත්තාහං මාසිකං තතො;
චතුමාසම්පි සම්පුණ්ණං, ගමනං න ලභන්ති තෙ.
|
34
“දෙතුන් දිනක්ද, සතියක්ද, මාසයක්ද, යලි සිව් වසකුදු සම්පූර්ණ විය. ඔවුහු ගමන නොලබත්.
|
35
‘‘තදා අහු සත්තසාරො, ජටිලො නාම රට්ඨිකො;
ඔරුද්ධෙ
(ඔරතීරෙ (ස්‍යා.)) භික්ඛවො දිස්වා, සෙතුං ගඞ්ගාය කාරයි.
|
35
“එකල්හි එරට වැසිවූ ජටිල නම් උතුම් තැනැත්තෙක් විය. කරදරවූ භික්ෂූන් දැක ගඟෙහි ගෙයක් කරවීය.
|
36
‘‘තදා
සඞ්ඝස්ස ඔරිමෙ තීරෙ, විහාරඤ්ච අකාරයි.
|
36
“එකල්හි ලක්ෂයකින් ගඟෙහි ගෙයක් කරවීය. මෙතෙරෙහි සංඝයාට විහාරයක්ද කරවීය.
|
37
‘‘ඉත්ථියො පුරිසා චෙව, උච්චනීචකුලානි ච;
තස්ස සෙතුං විහාරඤ්ච
(තෙසු සෙතුවිහාරෙසු (සී.), තස්ස සෙතූ විහාරෙ ච (පී.)), සමභාගං අකංසු තෙ.
|
37
“ඒ ස්ත්‍රී පුරුෂයෝද, උසස් පහත් කුලයෝද එම ගෙය අසල තැනවූ විහාරයෙහි සම කොටසක් කරවූහ.
|
38
‘‘අම්හෙ අඤ්ඤෙ ච මානුජා, විප්පසන්නෙන චෙතසා;
තස්ස ධම්මෙසු දායාදා, නගරෙ ජනපදෙසු ච.
|
38
“පැහැදි සිතින් යුතුව අපිදු අන්‍යවූ මනුෂ්‍යයෝද ඔහුගේ කර්මයෙහි කොටස්කරුවෝ වීමු. නගරයෙහිද, ජනපදයන්හිද,
|
39
‘‘ඉත්ථී පුමා කුමාරා ච, බහූ චෙව කුමාරිකා;
සෙතුනො ච විහාරස්ස, වාලුකා ආකිරිංසු තෙ.
|
39
“ඒ බොහෝ ස්ත්‍රී පුරුෂයෝද, කුමාරයෝද, කුමාරියෝද, ගෙය සමීපයෙහි වූ විහාරයට වැලි විසිරවූහ.
|
40
‘‘වීථිං
ධූපං චුණ්ණඤ්ච මාලඤ්ච, කාරං කත්වාන සත්ථුනො.
|
40
“වීථිය හැමද කෙසෙල් පුන් කලස් ධජ දුම් (සුවඳ) සුණු මල් (යන මේවායින්) ශාස්තෲන් වහන්සේට සත්කාරකොට,
|
41
‘‘සෙතුවිහාරෙ කාරෙත්වා, නිමන්තෙත්වා විනායකං;
මහාදානං දදිත්වාන, සම්බොධිං අභිපත්ථයිං.
|
41
“ගෙය අසල විහාරය කරවා බුදුරජුන පවරා මහ දන් දී සම්‍යක් සම්බෝධිය පැතීය.
|
42
‘‘පදුමුත්තරො මහාවීරො, තාරකො සබ්බපාණිනං;
අනුමොදනීයංකාසි, ජටිලස්ස මහාමුනි
(කත්වා, වියාකාසි මහාමුනි (ස්‍යා.)).
|
42
“සව් සතුන් සසර සයුරින් තරණය කරවන්නාවූ පදුමුත්තර බුදුරජතෙම ජටිලහට අනුමෙවෙනි බණ දෙසූහ.
|
43
‘‘‘සතසහස්සාතික්කන්තෙ, කප්පො හෙස්සති භද්දකො;
භවාභවෙනුභොත්වාන, පාපුණිස්සති බොධියං.
|
43
“කල්ප ලක්ෂයක් ඉක්ම ගිය කල්හි (මහා) භද්‍ර කල්පය වන්නේය. කුදු මහත් භවයෙහි සම්පත් අනුභවකොට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නේය.
|
44
‘‘‘කාචි හත්ථපරිකම්මං, කතාවී නරනාරියො;
අනාගතම්හි අද්ධානෙ, සබ්බා හෙස්සන්ති සම්මුඛා’.
|
44
“යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් අතින් කරණ පිළියම් කළාහු නම් මතු කාලයෙහි සියල්ලෝ හමුවන්නාහුය.
|
45
‘‘තෙන කම්මවිපාකෙන, චෙතනාපණිධීහි ච;
උප්පන්නා දෙවභවනං, තුය්හං තා පරිචාරිකා.
|
45
“එම කර්ම විපාකය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද දේව භවනයෙහි උපන්නාහු, ඔබගේ ඒ පරිචාරිකාවෝ,
|
46
‘‘දිබ්බසුඛං
තුය්හං තෙ පරිචාරෙම, සංසරිම්හ භවාභවෙ.
|
46
“අසංඛ්‍යවූ දිව්‍ය සම්පත්ද, අසංඛ්‍යවූ මනුෂ්‍ය සම්පත්ද බොහෝ කාලයක් අනුභව කරන්නියෝ, කුදු මහත් භවයෙහි හැසිරෙන්නෙමු.
|
47
‘‘සතසහස්සිතො කප්පෙ, සුකතං කම්මසම්පදං;
සුඛුමාලී මනුස්සානං, අථො දෙවපුරෙ වරෙ.
|
47
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි කර්ම සම්පත්තිය මැනවින් කරන ලදී. මිනිසුන් අතරෙහි සිව්මැලි තැනැත්තියෝ වීමු. යලි දිව්‍ය පුරවරයෙහි
|
48
‘‘රූපභොගයසෙ චෙව, අථො කිත්තිඤ්ච සක්කතං
(කිත්තිසුඛං පියං (ස්‍යා.));
ලභාම සතතං සබ්බං, සුකතං කම්මසම්පදං.
|
48
“රූපය, භොගය, යසස්ය, යලි කීර්තියද, සත්කාරයද යන සියල්ල හැම කල්හි ලබමු. එය මැනවින් කරන ලද කර්ම සම්පත්තියයි.
|
49
‘‘පච්ඡිමෙ
සුඛුමාලහත්ථපාදා, සක්යපුත්තනිවෙසනෙ.
|
49
“අන්තිම භවය පැමිණි කල්හි ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ මැදුරෙහි සිවුමැලි අත් පා ඇත්තාහු බමුණු කුලයෙහි උපන්නියෝ වෙමු.
|
50
‘‘සබ්බකාලම්පි
චික්ඛල්ලභූමිමසුචිං
(චික්ඛල්ලං භූමිං ගමනං (ස්‍යා.)), න පස්සාම මහාමුනෙ.
|
50
“හැම කල්හිම නොසැරසූ භූමිය නොදුටිමු. මහා මුනීන් වහන්ස, අපිරිසිදුවූ මඩ සහිත බිමක් නොදකිමු.
|
51
‘‘අගාරං වසන්තෙ අම්හෙ, සක්කාරං සබ්බකාලිකං;
උපනෙන්ති සදා සබ්බං, පුබ්බකම්මඵලෙන නො
(පුබ්බකම්මඵලං තතො (සී. පී.)).
|
51
“අප ගිහිගෙහි වසන කල්හි හැම කල්හිවූ සියළු සත්කාර අපගේ කර්ම බලයෙන් (වෙතට) පැමිණෙති.
|
52
‘‘අගාරං
සංසාරපථනිත්ථිණ්ණා, වීතරාගා භවාමසෙ
(නත්ථි දානි පුනබ්භවො (සී. ස්‍යා. පී.)).
|
52
“ගිහිගෙය හැර අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිව සසර මග ගෙව්වාහු, පහවූ රාග ඇත්තියෝ වෙමු.
|
53
‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
උපනෙන්ති සදා අම්හෙ, සහස්සානි තතො තතො.
|
53
“චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍යය, සයනාසන හැම කල්හි අප වෙත ඒ ඒ තැනින් දහස් ගණනින් පැමිණෙත්.
|
54
‘‘කිලෙසා ඣාපිතා අම්හං...පෙ.... විහරාම අනාසවා.
|
54
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
55
‘‘ස්වාගතං
|
55
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
56
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
56
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
3. උප්පලදායිකාථෙරීඅපදානං | 3. උප්පලදායිකාපදානය |
57
‘‘නගරෙ අරුණවතියා, අරුණො නාම ඛත්තියො;
තස්ස රඤ්ඤො අහුං භරියා, එකජ්ඣං චාරයාමහං.
|
57
“අරුණවතී නගරයෙහි අරුණ නම් ක්ෂත්රියයෙක් විය. මම එම රජුන්ගේ භාර්‍ය්‍යාව වෙමි. එක්වම හැසිරෙමි.
|
58
‘‘රහොගතා නිසීදිත්වා, එවං චින්තෙසහං තදා;
‘කුසලං මෙ කතං නත්ථි, ආදාය ගමියං මම.
|
58
“මම එකල්හි රහසිගතව හිඳ මෙසේ සිතීමි. මාගේ ගෙන යා යුතු, මා විසින් කරන ලද කුශල කර්මයක් නැත.
|
59
‘‘‘මහාභිතාපං කටුකං, ඝොරරූපං සුදාරුණං;
නිරයං නූන ගච්ඡාමි, එත්ථ මෙ නත්ථි සංසයො’.
|
59
“මහත් තැවුම් ඇති, කටුකවූ, ඝෝර ස්වරූපවූ, අති දරුණුවූ නිරයට ඒකාන්තයෙන් යමි. මෙහි මාගේ සැකයක් නැත.
|
60
‘‘එවාහං
රාජානං උපගන්ත්වාන, ඉදං වචනමබ්රවිං.
|
60
“මම මෙසේ සිතා සිත පහදවා රජු වෙත එළඹ මෙම වචනය කීමි.
|
61
‘‘‘ඉත්ථී නාම මයං දෙව, පුරිසානිත්තරා අහු
(පුරිසානුගතා සදා (සී.), පුරිසා න භවාම නො (ස්‍යා.), පුරිසානං භරා මයං (පී.));
එකං මෙ සමණං දෙහි, භොජයිස්සාමි ඛත්තිය’.
|
61
“දේවයන් වහන්ස, ස්ත්‍රීන් නම්වූ අපි හැම කල්හි පුරුෂයන් අනුව ගියෝ වෙමු. රජතුමනි, මා එක ශ්රමණයන් වහන්සේ නමක් දෙනු මැනවි. වළඳවන්නෙමි.
|
62
‘‘අදාසි
තස්ස පත්තං ගහෙත්වාන, පරමන්නෙන පූරයිං.
|
62
“එකල්හි රජ තෙමේ වඩන ලද ඉඳුරන් ඇති ශ්රමණයන් වහන්සේ නමක් මට දුන්නේය. උන්වහන්සේගේ පාත්‍රය ගෙන උතුම්වූ ආහාරයෙන් පිරවීමි.
|
63
‘‘පූරෙත්වා
මහාචෙලෙන ඡාදිත්වා, අදාසිං තුට්ඨමානසා.
|
63
“සුවඳ විලවුන් සහිත උතුම් ආහාරය පුරවා මහ සලුවකින් වසා සතුටු සිතින් දුනිමි.
|
64
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
64
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
|
65
‘‘සහස්සදෙවරාජූනං, මහෙසිත්තමකාරයිං;
සහස්සචක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
|
65
“දහසක් දෙව් රජවරුන්හට මෙහෙසි බව කෙළෙමි. දහසක් සක්විති රජවරුන්හටද මෙහෙසිබව කෙළෙමි.
|
66
‘‘පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං;
නානාවිධං බහුං අඤ්ඤං, තස්ස කම්මඵලං තතො.
|
66
“මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නොහැකිය. ඉක්බිති අන්‍යවූ නානාවිධ බොහෝ (සම්පත්ද විඳින ලදී.) එම කර්මයාගේ විපාකයයි.
|
67
‘‘උප්පලස්සෙව මෙ වණ්ණො, අභිරූපා සුදස්සනා;
ඉත්ථිසබ්බඞ්ගසම්පන්නා, අභිජාතා ජුතින්ධරා.
|
67
“මාගේ වර්ණය උපුල් මලකට බඳුවිය. මනා රූ දැකුම් ඇති, දැකුම්කළුවූ, ශ්‍රේෂ්ඨ ජන්ම ඇත්තාවූ, පැහැ විහිදෙන්නාවූ, සියළු (පිරිපුන්) අඟ පසඟින් යුක්තවූ ස්ත්‍රියක් වීමි.
|
68
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, අජායිං සාකියෙ කුලෙ;
නාරීසහස්සපාමොක්ඛා, සුද්ධොදනසුතස්සහං.
|
68
“අන්තිම භවය පැමිණි කල්හි සුදේධාදන පුත්‍රයාගේ ස්ත්‍රීන් දහසකට ප්‍රමුඛවූ මම ශාක්‍ය කුලයෙහි උපනිමි.
|
69
‘‘නිබ්බින්දිත්වා අගාරෙහං, පබ්බජිං අනගාරියං;
සත්තමීරත්තිසම්පත්තා
(සත්තමිංරත්තිමපත්තා (සී. ස්‍යා. පී.)), චතුසච්චමපාපුණිං.
|
69
“මම ගිහිගෙයි කලකිරී අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. සත්වෙනි රැයට නොපැමිණ චතුස්සත්යාවබෝධයට පැමිණියෙමි.
|
70
‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
පරිමෙතුං න සක්කොමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
|
70
“චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍යය, ශයනාසන (යන සිව්පසය) පමණ කරන්නට නොහැක්කෙමි.
|
71
‘‘යං මය්හං පූරිතං කම්මං, කුසලං සරසෙ මුනි;
තුය්හත්ථාය මහාවීර, පරිචත්තං බහුං මයා.
|
71
“මුනීන්ද්රයන් වහන්ස, මාගේ පූර්වයෙහිවූ යම් කුශල කර්මයක් සිහි කෙරෙම් නම්, මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ සඳහා මා විසින් බොහෝ දැය පරිත්‍යාග කරන ලදී.
|
72
‘‘එකත්තිංසෙ ඉතො කප්පෙ, යං දානමදදිං තදා;
දුග්ගතිං නාභිජානාමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
|
72
“මින් එක් තිස්වන කපෙහිවු එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
|
73
‘‘ද්වෙ
අඤ්ඤං ගතිං න ජානාමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
|
73
“දෙව් අත්බවද, මිනිසත් බවද යන දෙගතිය දනිමි. අනික් ගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
|
74
‘‘උච්චෙ කුලෙ පජායාමි, මහාසාලෙ
(තයො සාල (ක.)) මහද්ධනෙ;
අඤ්ඤෙ කුලෙ න ජායාමි, පිණ්ඩපාතස්සිදං ඵලං.
|
74
“මහත් ධන ඇති, උසස්වූ මහාසාර කුලයෙහි උපදිමි. අනික් කුලයක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
|
75
‘‘භවාභවෙ සංසරිත්වා, සුක්කමූලෙන චොදිතා;
අමනාපං න පස්සාමි, සොමනස්සකතං ඵලං.
|
75
“කුශල මූලයෙන් මෙහෙයන ලද්දී, කුදු මහත් භවයෙහි සැරිසරා දොම්නස්වූ දෙයක් නොදනිමි. සොම්නසින් කළ කුශල ධර්මයාගේ මේ විපාකයයි.
|
76
‘‘ඉද්ධීසු
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
76
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්යශ්රොතධාතුඥානයෙහිද වශීවෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
77
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
77
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
78
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
|
78
“මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද, මාගේ ඥානය ඔබවහන්සේගේ සමීපයෙහිදී උපන්නේය.
|
79
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
|
79
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
80
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
80
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
81
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
81
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
4. සිඞ්ගාලමාතුථෙරීඅපදානං | 4. සිඟාල මාතා පදානය |
82
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
82
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියළු ධර්මයන්හි පරතෙරට ගිය, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළවිය.
|
83
‘‘තදාහං හංසවතියං, ජාතාමච්චකුලෙ අහුං;
නානාරතනපජ්ජොතෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
|
83
“එකල්හි මම හංසවතී නගරයෙහි සමෘද්ධිවූ, සම්පත්තීන් පිරුණාවූ, නන්රුවනින් බබලන ලද මහත් ධන ඇති ඇමති කුලයෙහි උපන්නී වෙමි.
|
84
‘‘පිතුනා සහ ගන්ත්වාන, මහාජනපුරක්ඛතා;
ධම්මං බුද්ධස්ස සුත්වාන, පබ්බජිං අනගාරියං.
|
84
“මහජනයා විසින් පෙරටු කරන ලද්දී, පියා සමග ගොස් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.
|
85
‘‘පබ්බජිත්වාන
වචීදුච්චරිතං හිත්වා, ආජීවං පරිසොධයිං.
|
85
“පැවිදිව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග් දුෂ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
|
86
‘‘බුද්ධෙ පසන්නා ධම්මෙ ච, සඞ්ඝෙ ච තිබ්බගාරවා;
සද්ධම්මස්සවනෙ යුත්තා, බුද්ධදස්සනලාලසා
(බුද්ධදස්සනසාලයා (ස්‍යා.)).
|
86
“බුදුරජුන් කෙරෙහි පැහැදුනා, ධර්මය කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහිද, දැඩි ගෞරව ඇත්තී, සදහම් ඇසුමෙහි යෙදුනා, බුදුරජුන් දැකුමෙහි ලොල්වූවා,
|
87
‘‘අග්ගං සද්ධාධිමුත්තානං, අස්සොසිං භික්ඛුනිං තදා;
තං ඨානං පත්ථයිත්වාන, තිස්සො සික්ඛා අපූරයිං.
|
87
“එකල්හි භික්ෂුණියක් බැසගත් සැදැහැ ඇත්තියන් අතුරෙන් අග්‍රයයි ඇසීමි. එම තනතුර පතා ත්රිශික්ෂාවන් පිරීමි.
|
88
‘‘තතො
‘යස්ස සද්ධා තථාගතෙ, අචලා සුප්පතිට්ඨිතා;
සීලඤ්ච
|
88
“ඉක්බිති කරුණාව අනුව ගිය සිත් ඇති තථාගත තෙමේ මට මෙසේ වදාළ සේක. “යමෙකුගේ ශ්‍රද්ධා තොමෝ තථාගතයන් කෙරෙහි නිශ්චලව මැනවින් පිහිටියාද,
|
89
‘‘‘සඞ්ඝෙ පසාදො යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං;
අදලිද්දොති තං ආහු, අමොඝං තස්ස ජීවිතං.
|
89
“යමෙකුගේ යහපත්වූ ආර්‍ය්‍යයන් විසින් කැමතිවන ලද්දාවූ, පසසන ලද්දාවූ ශීලයද, සඞ්ඝයා කෙරෙහි ප්රසාදයද, (එසේම) ඎජුවූ දෘෂ්ටියද ඇත්තේ නම් හේ දිළින්දෙක් නොවේ” යයි කීහු. ඔහුගේ ජීවිතය නොසිස්ය.
|
90
‘‘‘තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං;
අනුයුඤ්ජෙථ
|
90
“එහෙයින් නුවණැත්තේ, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කෙරෙමින් ශ්රද්ධාවෙහිද, ශීලයෙහිද, ප්‍රසාදයෙහිද, ධර්ම දර්ශනයෙහිද, යෙදෙන්නේය.
|
91
‘‘තං සුත්වාහං පමුදිතා, අපුච්ඡිං පණිධිං මම;
තදා අනොමො අමිතො, බ්යාකරිත්ථ විනායකො;
‘බුද්ධෙ පසන්නා කල්‍යාණී, ලච්ඡසෙ තං සුපත්ථිතං.
|
91
“එය අසා ප්‍රමුදිතවූ මම මාගේ ප්රාර්ත්ථනය ගැන විචාළෙමි. එකල්හි අලාමකවූ, අපමණ ගුණ ඇති තථාගත තෙම (මෙසේ) වදාළසේක.
|
92
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
92
“බුදුරජුන් කෙරෙහි පැහැදුනාවූ කලණ තැනැත්තිය, (තී) මේ මැනවින් පතන ලද්ද ලබන්නෙහිය. මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
|
93
‘‘‘තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා;
සිඞ්ගාලකස්ස
(සිගාලකස්ස (සී. පී.)) මාතාති, හෙස්සති සත්ථු සාවිකා’.
|
93
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ඖරස (බුද්ධපුත්රී) වූ, ධර්මයෙන් නිර්මිත කරන ලද්දාක් වැනිවූ, “සිඟාල මාතා” නම් ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නේය.”
|
94
‘‘තං සුත්වා මුදිතා හුත්වා, යාවජීවං තදා ජිනං;
මෙත්තචිත්තා පරිචරිං, පටිපත්තීහි නායකං.
|
94
“එකල්හි එය අසා ප්‍රමුදිතව, ලෝකනායකවූ බුදුරජුන්හට මෙත් සිතින් ප්රතිපත්තීන් කරණකොටගෙන පරිවරණය කෙළෙමි.
|
95
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
95
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දේව්ලොවට ගියෙමි.
|
96
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ගිරිබ්බජපුරුත්තමෙ;
ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ, මහාරතනසඤ්චයෙ.
|
96
“දැන් මේ අන්තිම භවයෙහි, උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි, සමෘද්ධවූ බොහෝ රත්න සමූහ ඇති සිටු කුලයෙහි උපන්නී,
|
97
‘‘පුත්තො
දිට්ඨිගහනපක්ඛන්දො, දිසාපූජනතප්පරො.
|
97
“නොමගෙහි ඇළුනාවූ, මිථ්යාදෘෂ්ටිගතුවන්ගෙන් ආකුල පක්ෂයෙහිවූ, දිශාවන් පිදීමෙහි නියැලිවූ, මාගේ සිඟාලක නම් පුත්‍රයෙක් විය.
|
98
‘‘නානාදිසා නමස්සන්තං
(නමස්සති (ස්‍යා.)), පිණ්ඩාය නගරං වජං;
තං දිස්වා ඔවදී බුද්ධො, මග්ගෙ ඨත්වා විනායකො.
|
98
“නගරයට පිඬු පිණිස වඩින්නාවූ බුදුරජතෙම නොයෙක් දිශාවන්ට නමස්කාර කරන්නාවූ ඔහු දැක මාර්ගයෙහි සිට අවවාද කළ සේක.
|
99
‘‘තස්ස දෙසයතො ධම්මං, පනාදො විම්හයො අහු;
ද්වෙකොටිනරනාරීනං, ධම්මාභිසමයො අහු.
|
99
“දහම් දෙසන්නාවූ උන්වහන්සේගේ බ්‍රහ්ම ස්වරය විය. විස්මයද විය. දෙකෙළක් ස්ත්‍රී පුරුෂයන්හට ධර්මාභිසමයද විය.
|
100
‘‘තදාහං
සොතාපත්තිඵලං පත්තා, පබ්බජිං අනගාරියං.
|
100
“එකල්හි මම (එම) පිරිස වෙත ගොස් බුද්ධ දේශනාව අසා සෝවාන් ඵලයට පැමිණියා, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
101
‘‘න
අනුස්සතිං තං භාවෙත්වා, අරහත්තමපාපුණිං.
|
101
“බුද්ධ දර්ශනයෙහි ලොල්වූ මම නොබෝ කලකින්ම එම (බුද්ධ) අනුස්සතිය වඩා රහත් බවට පැමිණියෙමි.
|
102
‘‘දස්සනත්ථාය බුද්ධස්ස, සබ්බදා ච වජාමහං;
අතිත්තායෙව පස්සාමි, රූපං නයනනන්දනං.
|
102
“මම බුදුන් දැකීම සඳහා හැමදාම යෙමි. නයනානන්දවූ (උන්වහන්සේගේ) රූපය අතෘප්තවූවාම බලමි.
|
103
‘‘සබ්බපාරමිසම්භූතං, ලක්ඛීනිලයනං වරං;
රූපං සබ්බසුභාකිණ්ණං, අතිත්තා විහරාමහං.
|
103
“සියළු පාරමිතාවන්ගෙන් හටගත්තාවූ, ලක්ෂ්මියගේ වාසස්ථානයවූ, සියළු සුභයන්ගෙන් ගැවසී ගත්තාවූ, උතුම්වූ රූපය (දෙස) අතෘප්තවූ මම බලමි.
|
104
‘‘ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං;
සිඞ්ගාලකස්ස යා මාතා, අග්ගා සද්ධාධිමුත්තිකා
(සංඝවිමුත්තිකා (පී.), මමාධිමුත්තිකා (ක.)).
|
104
“එම ගුණයෙහි සතුටුවූ බුදුරජතෙම යම් සිඟාල මාතාවක් වූවාද, ඕ බැසගත් සැදැහැ ඇත්තියන් අතුරින් අග්‍රයයි මා එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
105
‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනි.
|
105
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද, වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
106
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
106
“පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
107
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
|
107
“මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහි උපන්නේය.
|
108
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
|
108
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
109
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
109
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
110
‘‘පටිසම්භිදා
|
110
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
5. සුක්කාථෙරීඅපදානං | 5. සුක්කාපදානය |
111
‘‘එකනවුතිතො
උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මවිපස්සකො.
|
111
“මින් පෙර එක් අනූවන කපෙහි මනොඥවූ ඇස් ඇති සියළු ධර්මයන් විශිෂ්ඨ ලෙස දක්නාවූ විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය.
|
112
‘‘තදාහං බන්ධුමතියං, ජාතා අඤ්ඤතරෙ කුලෙ;
ධම්මං සුත්වාන මුනිනො, පබ්බජිං අනගාරියං.
|
112
“එකල්හි මම බන්ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක උපන්නී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
113
‘‘බහුස්සුතා
විචිත්තකථිකා චාපි, ජිනසාසනකාරිකා.
|
113
“බහුශ්‍රුතවූ, ධර්මධරවූ, වැටහෙන නුවණ ඇත්තාවූ, එසේම විචිත්‍ර කථිකවූ බුදුසසුන කරන්නියක් වීමි.
|
114
‘‘තදා
තතො චුතාහං තුසිතං, උපපන්නා යසස්සිනී.
|
114
“එකල්හි ජන සමූහයාට හිතවූ බොහෝ දහම් කථාකොට ඉන් චුතවූ මම යසස් ඇත්තී තුෂිත පුරයෙහි උපන්නී වෙමි.
|
115
‘‘එකතිංසෙ ඉතො කප්පෙ, සිඛී විය සිඛී ජිනො;
තපන්තො යසසා ලොකෙ
(ලොකං (ස්‍යා. පී.)), උප්පජ්ජි වදතං වරො.
|
115
“මින් එක්තිස්වන කපෙහි යසසින් ලෙව්හි දිලිසෙන්නාවූ, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, ගින්නක් මෙන් (බබලන්නා)වූ සිඛී බුදුරජතෙම ලොව පහළ විය.
|
116
‘‘තදාපි පබ්බජිත්වාන, බුද්ධසාසනකොවිදා;
ජොතෙත්වා ජිනවාක්යානි, තතොපි තිදිවං ගතා.
|
116
“එකල්හිදු පැවිදිව බුදුසසුන්හි දක්ෂවූවා බුදුවදන් බබුලුවා එයිනුදු චුතව දෙව්ලොවට ගියා,
|
117
‘‘එකතිංසෙව කප්පම්හි, වෙස්සභූ නාම නායකො;
උප්පජ්ජිත්ථ මහාඤාණී, තදාපි ච තථෙවහං.
|
117
“මින් එක්තිස්වන කපෙහි මහ නුවණැති වෙස්සභූ නම් බුදුරජතෙම ලොව පහළ විය. එකල්හිදු එසේම මම,
|
118
‘‘පබ්බජිත්වා
ගන්ත්වා මරුපුරං රම්මං, අනුභොසිං මහාසුඛං.
|
118
“පැවිදිව ධර්මධරවූවා බුදුසසුන බැබලවීමි. රම්‍යවූ දිව්‍යපුරයට ගොස් මහත් සැපද අනුභව කෙළෙමි.
|
119
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, කකුසන්ධො ජිනුත්තමො;
උප්පජ්ජි නරසරණො
(නරසද්දූලො (සී. ස්‍යා. පී.)), තදාපි ච තථෙවහං.
|
119
“මෙම භද්‍ර කල්පයෙහි නරශ්‍රේෂ්ඨවූ කකුසඳ නම් බුදුරජතෙම ලොව පහළ විය. එකල්හිදු එසේම මම,
|
120
‘‘පබ්බජිත්වා මුනිමතං, ජොතයිත්වා යථායුකං;
තතො චුතාහං තිදිවං, අගං සභවනං යථා.
|
120
“පැවිදිව දිවි ඇතිතාක් සර්වඥ මතය හොබවා ඉන් චුතව මම සිය විමනට යන්නාක් මෙන් දෙව්ලොවට ගියෙමි.
|
121
‘‘ඉමස්මිංයෙව කප්පම්හි, කොණාගමනනායකො;
උප්පජ්ජි ලොකසරණො, අරණො අමතඞ්ගතො
(වදතං වරො, සබ්බසත්තානමුත්තමො (ස්‍යා.)).
|
121
“මෙම කල්පයෙහි ලොවට පිළිසරණවූ, අමෘතය අවබෝධ කළාවූ, (කාමයන්හි) නොඇළුනාවූ කෝණාගමන බුදුරජතෙම ලොව පහළ විය.
|
122
‘‘තදාපි පබ්බජිත්වාන, සාසනෙ තස්ස තාදිනො;
බහුස්සුතා ධම්මධරා, ජොතයිං ජිනසාසනං.
|
122
“එකල්හිදු තාදී ගුණ ඇති උන්වහන්සේගේ සසුනෙහි පැවිදිව බහුශ්රුතවූවා, ධර්මධරවූවා, බුදුසසුන බැබලවීමි.
|
123
‘‘ඉමස්මිංයෙව
උප්පජ්ජි ලොකසරණො, අරණො මරණන්තගූ.
|
123
“මෙම කල්පයෙහිම පුරුෂොත්තමවූ, ලොවට ඇසක් වැනිවූ, නොඇලෙන්නාවූ, මරණයෙහි කෙළවරට ගිය කාශ්‍යප බුදුරජතෙම ලොව පහළ විය.
|
124
‘‘තස්සාපි නරවීරස්ස, පබ්බජිත්වාන සාසනෙ;
පරියාපුටසද්ධම්මා, පරිපුච්ඡාවිසාරදා.
|
124
“එම බුදුරජාණන් වහන්සේගේද සසුනෙහි පැවිදිව, ප්‍රගුණ කරන ලද සදහම් ඇත්තී, නොදත් දේ ඇසීමෙහි දක්ෂවූවා,
|
125
‘‘සුසීලා ලජ්ජිනී චෙව, තීසු සික්ඛාසු කොවිදා;
බහුං ධම්මකථං කත්වා, යාවජීවං මහාමුනෙ.
|
125
“මනා සිල් ඇත්තී, (පවට) ලජ්ජා ඇත්තී, ත්රිශික්ෂාවන්හි දක්ෂවූවා මහා මුනීන් වහන්ස, දිවි ඇතිතාක් බොහෝ ධර්ම කථා කොට
|
126
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
126
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත පුණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
|
127
‘‘පච්ඡිමෙ
ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ, මහාරතනසඤ්චයෙ.
|
127
“දැන් අන්තිම භවයෙහි උතුම්වූ ගිරිව්‍රජ පුරයෙහි සමෘද්ධ, බොහෝ රුවන් ඇති සිටු කුලයක උපන්නී,
|
128
‘‘යදා
උපාගමි රාජගහං, සහස්සක්ඛෙන වණ්ණිතො.
|
128
“යම් කලෙක්හි භික්ෂූන් දහසක් විසින් පිරිවරන ලද බුදුරජතෙම රජගහ නුවරට එළඹියේද, (එකල්හි) ශක්‍රයා විසින් වර්ණනා කරන ලද්දේ විය.
|
129
‘‘‘දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි, විප්පමුත්තො විප්පමුත්තෙහි;
සිඞ්ගීනික්ඛසවණ්ණො, රාජගහං පාවිසි භගවා’.
|
129
“දැමුනාවූ, විශේෂයෙන් (කාමාදී කෙලෙසුන් කෙරෙන්) මිදුනාවූ භාග්‍යවතුන් වහන්සේ නගාගත් රන් නිකකට බඳු පැහැ ඇති සේක්, දැමුනාවූ, විශේෂයෙන් මිදුනාවූ පුරාණ ජටිලයන් හා රජගහනුවරට වැඩි සේක’ යි (කියායි.)
|
130
‘‘දිස්වා බුද්ධානුභාවං තං, සුත්වාව ගුණසඤ්චයං;
බුද්ධෙ චිත්තං පසාදෙත්වා, පූජයිං තං යථාබලං.
|
130
“එම බුද්ධානුභාව දැක, ගුණ සමූහයද අසා, බුදුරජුන් කෙරෙහි සිත පහදවා උන්වහන්සේට ශක්ති පමණින් පිදීමි.
|
131
‘‘අපරෙන ච කාලෙන, ධම්මදින්නාය සන්තිකෙ;
අගාරා නික්ඛමිත්වාන, පබ්බජිං අනගාරියං.
|
131
“මෑත කාලයෙහි ගිහිගෙන් නික්ම ධම්මදින්නාවගේ සමීපයෙහි අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
132
‘‘කෙසෙසු ඡිජ්ජමානෙසු, කිලෙසෙ ඣාපයිං අහං;
උග්ගහිං සාසනං සබ්බං, පබ්බජිත්වාචිරෙනහං.
|
132
“මම හිස බාන කල්හි කෙලෙස් දැවීමි. මම පැවිදිව නොබෝ කලකින් සියළු සසුන ඉගෙන ගතිමි.
|
133
‘‘තතො ධම්මමදෙසෙසිං, මහාජනසමාගමෙ;
ධම්මෙ දෙසියමානම්හි, ධම්මාභිසමයො අහු.
|
133
“ඉක්බිති මහා ජන සමූහයා හමුයෙහි දහම් දෙසීමි. දහම් දෙසන කල්හි නොයෙක් දහස් ගණන් ප්‍රාණීන්හට ධර්මාභිසමය විය. එය දැන ඉතා විෂ්මයට පත්වූ, අති පහන්වූ දෙවියෙක් තෙම ගිරිව්‍රජ නගරයට ගොස්,
|
134
‘‘නෙකපාණසහස්සානං, තං විදිත්වාතිවිම්හිතො;
අභිප්පසන්නො මෙ යක්ඛො, භමිත්වාන ගිරිබ්බජං.
|
134 |
135
‘‘කිං මෙ කතා රාජගහෙ මනුස්සා, මධුං පීතාව අච්ඡරෙ;
යෙ සුක්කං න උපාසන්ති, දෙසෙන්තිං අමතං පදං.
|
135
“මේ රජගහ නුවර මනුෂ්‍යයෝ කුමක් කරන ලද්දාහු මධු පානය කළාහු මෙන් සිටිත්ද? යමෙක් තුමූ යහපත්වූ අමා පිය දෙසන්නිය වෙතට නොඑළඹෙත් නම්,
|
136
‘‘තඤ්ච
පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා, වලාහකමිවද්ධගූ.
|
136
“එය නොපසුබස්නා ගති ඇති, නොවැගිරෙන්නාවූ ඔජාවක්වූ, මේඝයක් වෙතට නොයන මගියෙකු මෙනි. නුවණැත්තෝ එය පානය කරන්නවුන් වැනි වෙතියි” යි (කීය.)
|
137
‘‘ඉද්ධීසු
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
137
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
138
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
138
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
|
139
‘‘අත්ථධම්මනිරුත්තීසු
ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
|
139
“මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්රතිභානයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහි උපන්නේය.
|
140
‘‘කිලෙසා
|
140
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
141
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
141
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
142
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
142
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
6. අභිරූපනන්දාථෙරීඅපදානං | 6. රූපනන්දාපදානය |
143
‘‘එකනවුතිතො කප්පෙ, විපස්සී නාම නායකො;
උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මෙසු චක්ඛුමා.
|
143
“මින් එක්අනූවන කපෙහි සියලු ධර්මයන් විෂයයෙහි නුවණැස් ඇති, මනොඥවූ නෙත් ඇති විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවීය.
|
144
‘‘තදාහං බන්ධුමතියං, ඉද්ධෙ ඵීතෙ මහාකුලෙ;
ජාතා
|
144
“එකල්හී මම බන්ධුමතී නගරයෙහි සමෘද්ධවූ සම්පත්තීන් පිරීගියාවූ මහා කුලයක උපන්නී, මනා රූ ඇත්තී, දයා ඇත්තී, ජනයා විසින් පිදියයුතු තැනැත්තියක් වූවා වෙමි.
|
145
‘‘උපගන්ත්වා මහාවීරං, විපස්සිං ලොකනායකං;
ධම්මං සුණිත්වා සරණං, උපෙසිං නරනායකං.
|
145
“මහා වීරවූ විපස්සී බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ධර්මය අසා තථාගතයන් සරණකොට ගියෙමි.
|
146
‘‘සීලෙසු සංවුතා හුත්වා, නිබ්බුතෙ ච නරුත්තමෙ;
ධාතුථූපස්ස උපරි, සොණ්ණච්ඡත්තමපූජයිං.
|
146
“ශීල සංයමය ඇත්තීව තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ධාතු ස්ථූපය මතුයෙහි ස්වර්ණමය කුඩයක් පිදීමි.
|
147
‘‘මුත්තචාගා සීලවතී, යාවජීවං තතො චුතා;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගා අහං.
|
147
“දිවි ඇතිතාක් ත්‍යාග සම්පන්නවූවා, සිල්වත්වූවා, ඉන් චුතව මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියා වීමි.
|
148
‘‘තදා
රූපසද්දෙහි ගන්ධෙහි, රසෙහි ඵුසනෙහි ච.
|
148
“එකල්හි කරුණු දහයකින් සෙසු දෙවියන් මැඩ රූප, ශබ්ද දෙකින්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන්ද, ආයුෂින්, වර්ණයෙන්, සැපයෙන් හා යයසින්ද, එසේම ආධිපත්‍යයෙන්ද මම උසස්ව බැබලීමි.
|
149
‘‘ආයුනාපි ච වණ්ණෙන, සුඛෙන යසසාපි ච;
තථෙවාධිපතෙය්යෙන, අධිගය්හ විරොචහං.
|
149 |
150
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ජාතාහං කපිලව්හයෙ;
ධීතා ඛෙමකසක්කස්ස, නන්දා නාමාති විස්සුතා.
|
150
දැන් මේ අන්තිම භවයෙහි මම කපිලවස්තු පුරයෙහි උපන්නී, ඛොමක නම් ශාක්‍යයාගේ දුව වූවා, නන්දා නම්න් ඉතා ප්‍රසිද්ධ වූවා (වීමි.)
|
151
‘‘අභිරූපසම්පදම්පි
(අභිරුපං උපපදං (සී.), අභිරුපං උප්පාදං (පී.)), අහු මෙ කන්තිසූචකං;
යදාහං යොබ්බනප්පත්තා, රූපලාවඤ්ඤභූසිතා.
|
151
“යම් කලෙක්හි මම යොවුන්බවට පැමිණියා, රූප ලාවන්‍යයෙන් අලඞ්කාරවූවා, මාගේ මනරම් බව පවසන්නාවූ නම මුලට අභිරූප නම් තවත් පදයක්ද විය.
|
152
‘‘තදා
පබ්බාජෙසි තතො තාතො, මා සක්යා විනස්සිංසුති.
|
152
“එකල්හි මා සඳහා ශාක්‍යයන්ගේ අති මහත් විවාදයක් විය. ඉක්බිති පියතෙමේ ශාක්‍යයෝ නොවැනසෙත්වායි මා පැවිදි කරවීය.
|
153
‘‘පබ්බජිත්වා තථාගතං, රූපදෙස්සිං නරුත්තමං;
සුත්වාන නොපගච්ඡාමි, මම රූපෙන ගබ්බිතා.
|
153
“පැවිදිව මාගේ රූපයෙන් ආඩම්බර වූවා රූපයෙහි දොස් දක්වන්නාවූ, නරෝත්තමවූ තථාගතයන් වහන්සේ වෙත නොඑළඹෙමි.
|
154
‘‘ඔවාදම්පි
තදා ජිනො උපායෙන, උපනෙත්වා සසන්තිකං.
|
154
“බුදුරජුන් දැකීමෙහි බියවූවා ඔවා ඇසීමටද නොයමි. එකල්හි තථාගත තෙම උපායයෙන් (මා) තමන් වහන්සේ සමීපයට පමුණුවා,
|
155
‘‘තිස්සිත්ථියො
(තිස්සො ථීයො (සී. පී.)) නිදස්සෙසි, ඉද්ධියා මග්ගකොවිදො;
අච්ඡරාරූපසදිසං, තරුණිං ජරිතං
(ජරිකං (ස්‍යා. ක.)) මතං.
|
155
“සත්ත්වයින් හික්මවීමේ මගෙහි නිපුණාවූ සර්වඥ තෙමේ, ඎද්ධි බලයෙන්, දිව්‍යප්සරා රූපයක් වැනිවූ තරුණියක්ද, ජරපත් තැනැත්තියක්ද, මළ තැනැත්තියක්දැයි ස්ත්‍රීන් තිදෙනෙක් දැක්වූහ.
|
156
‘‘තායො දිස්වා සුසංවිග්ගා, විරත්තාසෙ කළෙවරෙ;
අට්ඨාසිං භවනිබ්බින්දා, තදා මං ආහ නායකො.
|
156
“එම සත්‍රීන් දැක සංවේගයට පත්වූවා, සිය සිරුරෙහි නොඇළුනී, භවයෙහි කලකිරුනීව සිටියෙමි. ලෝකනායක තෙමේ එකල්හි මට මෙසේ වදාළ සේක.
|
157
‘‘‘ආතුරං අසුචිං පූතිං, පස්ස නන්දෙ සමුස්සයං;
උග්ඝරන්තං පග්ඝරන්තං, බාලානං අභිනන්දිතං.
|
157
“නන්දාවෙනි, බාලයන්ගේ සතුට ඇතිකරන්නාවූ, ගිලන්වූ, අපිරිසිදුවූ, කුණුවූ, උඩට දමන්නාවූ, යටින් වැගිරෙන්නාවූ පඤචස්කන්ධය දෙස බලන්න.
|
158
‘‘‘අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං;
යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං.
|
158
“අශුභාරම්මනයෙහි එකඟවූ, මැනවින් පිහිටුවාගන්නාලද සිත වඩනු මැනවි. මේ සවිඥානක පඤ්චස්කන්ධය යම්සේ නම්, ඒ අවිඥානක පඤ්චස්කන්ධයද එසේය. ඒ අවිඥානක පඤ්චස්කන්ධය යම්සේ නම්, මේ සවිඥානක පඤ්චස්කන්ධයද එසේය.
|
159
‘‘‘එවමෙතං අවෙක්ඛන්තී, රත්තින්දිවමතන්දිතා;
තතො සකාය පඤ්ඤාය, අභිනිබ්බිජ්ඣ වච්ඡසි’.
|
159
“මෙසේ මේ අශුභය දෙස බලන්නී, දිවා රෑ දෙක්හි අනලස්වූවා, ඉක්බිති ස්වකීය ප්‍රඥාවෙන් කලකිරී වසන්නෙහිය.
|
160
‘‘තස්සා
යථාභූතං අයං කායො, දිට්ඨො සන්තරබාහිරො.
|
160
“මේ සසුනෙහි නුවණින් යුතුව අප්‍රමාදයෙන් (වෙසෙන) ඒ මා විසින් ඇතුළත, පිටත සහිතවූ මේ කය තත්වූ පරිදි දක්නා ලදී.
|
161
‘‘අථ නිබ්බින්දහං කායෙ, අජ්ඣත්තඤ්ච විරජ්ජහං;
අප්පමත්තා විසංයුත්තා, උපසන්තාම්හි නිබ්බුතා.
|
161
“ඉක්බිති මම කයෙහි කලකිරී (එසේම) මම (එහි) සිතද නොඅලවා, අප්රමාදීවූවා, (පඤ්චස්කන්ධයෙහිවූ ඇල්මෙන්) වෙන්වූවා, සන්සිඳීමට පත්වූවා, නිවණට පැමිණියා වෙමි.
|
162
‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
162
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
163
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා
|
163
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
|
164
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
|
164
“මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්රතිභානයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහි උපන්නේය.
|
165
‘‘කිලෙසා
|
165
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
166
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
166
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
167
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
167
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
7. අඩ්ඪකාසිථෙරීඅපදානං | 7. අඩ්ඪකාසි අපදානය |
168
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
168
“මෙම භදු කල්පයෙහි කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, මහත් යසස් ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ, නම්න් කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළ විය.
|
169
‘‘තදාහං පබ්බජිත්වාන, තස්ස බුද්ධස්ස සාසනෙ;
සංවුතා පාතිමොක්ඛම්හි, ඉන්ද්රියෙසු ච පඤ්චසු.
|
169
“එකල්හි මම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදිව ප්රාතිමොක්ෂ ශීලයෙහිද, පඤ්චෙන්ද්රිය සංවරයෙහිද, සංවෘත වූවා,
|
170
‘‘මත්තඤ්ඤුනී ච අසනෙ, යුත්තා ජාගරියෙපි ච;
වසන්තී යුත්තයොගාහං, භික්ඛුනිං විගතාසවං.
|
170
“ආහාරයෙහි පමණ දන්නී, නිදිවැරීමෙහි යෙදුනී, යෝගී බැව්හිද යෙදුනීවූ මම, පහවූ ආශ්‍රව ඇති, (රහත්වූ) භික්ෂුණියකට දුෂ්ට සිත් ඇත්තී, ආක්‍රොෂ කෙළෙමි. “ගණිකාවකැ” යි කීමි. එකල්හි එම පාපය කරණකොටගෙන නිරයෙහි පැසුනෙමි.
|
171
‘‘අක්කොසිං දුට්ඨචිත්තාහං, ගණිකෙති භණිං තදා;
තෙන පාපෙන කම්මෙන, නිරයම්හි අපච්චිසං.
|
171 |
172
‘‘තෙන
බහුසොව පරාධීනා, පච්ඡිමාය ච ජාතියං.
|
172
“එම කර්මයාගේම අවශේෂ විපාක වශයෙන් බෙහෙවින්ම අනුන් අයත්වූ ගනිකා කුලයෙහි උපනිමි. අන්තිම ජාතියෙහිද,
|
173
‘‘කාසීසු සෙට්ඨිකුලජා, බ්රහ්මචාරීබලෙනහං;
අච්ඡරා විය දෙවෙසු, අහොසිං රූපසම්පදා.
|
173
“මම කසී රටෙහි සිටු කුලයක උපන්නී, බඹසර රැකීමේ ඵලයෙන් දිව්‍ය අප්සරාවක මෙන් රූප සම්පත්තිය ඇත්තියක් වීමි.
|
174
‘‘දිස්වාන දස්සනීයං මං, ගිරිබ්බජපුරුත්තමෙ;
ගණිකත්තෙ නිවෙසෙසුං, අක්කොසනබලෙන මෙ.
|
174
“දර්ශනීයවූ මා දැක මාගේ (ඒ) ආක්‍රෝෂ කිරීමේ ඵලයද කරණකොටගෙන උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි ගණිකා බැව්හි වැස්වූහ.
|
175
‘‘සාහං සුත්වාන සද්ධම්මං, බුද්ධසෙට්ඨෙන දෙසිතං;
පුබ්බවාසනසම්පන්නා, පබ්බජිං අනගාරියං.
|
175
“ඒ මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය අසා පූර්ව වාසනාවෙන් යුක්තවූවා, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
176
‘‘තදූපසම්පදත්ථාය, ගච්ඡන්තී ජිනසන්තිකං;
මග්ගෙ ධුත්තෙ ඨිතෙ සුත්වා, ලභිං දූතොපසම්පදං.
|
176
“ඉක්බිති උපසම්පදාවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ සමීපයට යන්නී, ධූර්තයන් මග සිටින කල්හි (එය) අසා දූතොපසම්පදාව ලැබීමි.
|
177
‘‘සබ්බකම්මං
සබ්බසංසාරමුත්තිණ්ණා, ගණිකත්තඤ්ච ඛෙපිතං.
|
177
“සියලු කර්මය ක්ෂය විය. එසේම කුශලාකුශලයන්ද ක්ෂයවිය. සියලු සසරිනුදු එතරවූවා, ගණිකාබවද ගෙවන ලදී.
|
178
‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
178
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
179
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
179
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
|
180
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මම මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
|
180
“මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමීපයෙහිදී උපන්නේය.
|
181
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
|
181
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
182
‘‘ස්වාගතං
|
182
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
183
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
183
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
8. පුණ්ණිකාථෙරීඅපදානං | 8. පුණ්ණාපදානය |
184
‘‘විපස්සිනො භගවතො, සිඛිනො වෙස්සභුස්ස ච;
කකුසන්ධස්ස මුනිනො, කොණාගමනතාදිනො.
|
184
“විපස්සී බුදුරජාණන් වහන්සේගේද, සිඛීය, වෙස්සභූය, කකුසඳය, තාදි ගුණ ඇති කොණාගමනය යන මේ බුදුරජාණන් වහන්සේලාගේද,
|
185
‘‘කස්සපස්ස
භික්ඛුනී සීලසම්පන්නා, නිපකා සංවුතින්ද්රියා.
|
185
“කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේද සසුනෙහි පැවිදිව, ප්‍රඥාවත්වූ, සංවරණය කරන ලද ඉන්ද්රියයන් ඇති සිල්වත් භික්ෂුණියක් වීමි.
|
186
‘‘බහුස්සුතා ධම්මධරා, ධම්මත්ථපටිපුච්ඡිකා;
උග්ගහෙතා ච ධම්මානං, සොතා පයිරුපාසිතා.
|
186
“බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී, තෙවලා දහම් සිත්හි ලා දරන්නී, ධර්මාර්ත්ථයන් විචාරන්නී, දහම් ඉගෙනගන්නී, අසන්නී, (ධර්මය) භජනය කරන්නී,
|
187
‘‘දෙසෙන්තී ජනමජ්ඣෙහං, අහොසිං ජිනසාසනෙ;
බාහුසච්චෙන තෙනාහං, පෙසලා අතිමඤ්ඤිසං.
|
187
“මම ජන සමූහයා මැද (දහම්) දෙසන්නියක් වීමි. මම බුදුසසුන්හි (ඇතිවූ) එම බහුශ්‍රුතබව කරණකොටගෙන සිල්වතුන්ට අවමන් කෙළෙමි.
|
188
‘‘පච්ඡිමෙ
අනාථපිණ්ඩිනො ගෙහෙ, ජාතාහං කුම්භදාසියා.
|
188
“දැන් අන්තිම භවයෙහි උතුම්වූ සැවැත් නුවරෙහි මම අනේපිඬු සිටුහුගේ ගෙහි දිය අදිනා ස්ත්‍රියකගේ කුසෙහි උපන්නී (වෙමි.)
|
189
‘‘ගතා උදකහාරියං, සොත්ථියං දිජමද්දසං;
සීතට්ටං තොයමජ්ඣම්හි, තං දිස්වා ඉදමබ්රවිං.
|
189
“දිය ගෙන ඒමට ගියා, ජලය මධ්‍යයෙහි සීතෙන් පීඩිතවූ සොත්ථිය නම් බමුණා දුටිමි. ඔහු දැක මෙසේ කීමි.
|
190
‘‘‘උදහාරී
අය්යානං දණ්ඩභයභීතා, වාචාදොසභයට්ටිතා
(වාචාරොසභයට්ටිතා (ස්‍යා.)).
|
190
“මම දිය අදිනා දාසියක් වෙමි. ස්වාමිවරුන්ගේ දඬුවම් බියෙන් බියපත්වූවා, මාගේ දෝෂ භීතියෙන් ආතුරවූවා, හැම කල්හි ශීතෙහි දියට බැස්සෙමි.
|
191
‘‘‘කස්ස බ්‍රාහ්මණ ත්වං භීතො, සදා උදකමොතරි;
වෙධමානෙහි ගත්තෙහි, සීතං වෙදයසෙ භුසං’.
|
191
“බමුණ, ඔබ කවරෙකුට බියවූයේ, සැලෙන ගතින් යුතුව, හැමකල්හි දියට බැස්සේ, දැඩි ශීතය විඳිනෙහිද?
|
192
‘‘‘ජානන්තී වත මං භොති, පුණ්ණිකෙ පරිපුච්ඡසි;
කරොන්තං කුසලං කම්මං, රුන්ධන්තං
(නිද්ධන්තං (සී. පී.), නුදන්තං (ස්‍යා.)) කතපාපකං.
|
192
“පින්වත් පුණ්ණාවෙනි, කරන ලද පව් වළක්වන්නාවූ, කුශල කර්මයක් කරන්නාවූ මා ගැන දන්නාවූ තී විචාරහිය.
|
193
‘‘‘යො චෙ වුඩ්ඪො දහරො වා, පාපකම්මං පකුබ්බති;
දකාභිසිඤ්චනා සොපි
(භොති (සී. ක.) ථෙරීගා. 239), පාපකම්මා පමුච්චති’.
|
193
“යම් මහළු කෙනෙක් හෝ, ළදරු කෙනෙක් හෝ, පව්කමක් කෙරෙත්ද, පින්වතිය, දියෙහි ගිලීමෙන් (ඔවුහු) (එම) පව්කමින් මිදෙති.
|
194
‘‘උත්තරන්තස්ස අක්ඛාසිං, ධම්මත්ථසංහිතං පදං;
තඤ්ච සුත්වා ස සංවිග්ගො
(සුසංවිග්ගො (ස්‍යා.)), පබ්බජිත්වාරහා අහු.
|
194
“දියෙන් ගොඩ එන්නාවූ එම බමුණාහට ධර්මාර්ත්ථයන්ගෙන් යුක්තවූ වචනයක් කීමි. හෙතෙමේද එම (ධර්ම) වචනය අසා කලකිරුනේ පැවිදිව රහත්විය.
|
195
‘‘පූරෙන්තී ඌනකසතං, ජාතා දාසිකුලෙ යතො;
තතො පුණ්ණාති නාමං මෙ, භුජිස්සං මං අකංසු තෙ.
|
195
“යම් හෙයකින් එකකින් අඩු සියයක් පුරවමින් දැස් කුලයෙහි උපන්නී වෙම්ද, එහෙයින් මාගේ නම “පුණ්ණා” නම් විය. ඒ ස්වාමිවරු මා දාසබැවින් මිදුනු තැනැත්තියක් කළහ.
|
196
‘‘සෙට්ඨිං තතොනුජානෙත්වා
(තතො අනුමොදෙත්වා (සී. ස්‍යා.), තතො අනුමානෙත්වා (පී.)), පබ්බජිං අනගාරියං;
න චිරෙනෙව කාලෙන, අරහත්තමපාපුණිං.
|
196
“ඉක්බිති සිටුවරයාද තම අදහස අනුව සතුටු කරවා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. නොබෝ කලකින්ම රහත්බවට පැමිණියෙමි.
|
197
‘‘ඉද්ධීසු
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
197
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
198
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
198
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
|
199
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං
|
199
“අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ බලයෙන් නිර්මලය, පිරිසිදුය.
|
200
‘‘භාවනාය මහාපඤ්ඤා, සුතෙනෙව සුතාවිනී;
මානෙන නීචකුලජා, න හි කම්මං විනස්සති
(පනස්සති (ස්‍යා.)).
|
200
“භාවනා බලයෙන් මහ පැණැත්තියක් වීමි. බහුශ්‍රුත බලයෙන් ශ්‍රුතවත් තැනැත්තියක් වීමි. මානය කරණකොටගෙන පහත් කුලයෙහි උපන්නී වෙමි. කර්මය නම් විනාශ නොවේ.
|
201
‘‘කිලෙසා
|
201
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
202
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
202
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
203
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
203
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
9. අම්බපාලිථෙරීඅපදානං | 9. අම්බපාලී අපදානය |
204
‘‘යො
තස්සාහං භගිනී ආසිං, අජායිං ඛත්තියෙ කුලෙ.
|
204
“යමෙක් තෙමේ රැස් පහස්නා සිරස් තලය ඇත්තේ වේද, (හෙතෙම) ඵුස්ස නම් බුදුරජතෙමේ (වේ.) මම උන්වහන්සේගේ සොහොයුරිය වීමි. කැත් කුලයෙහි උපනිමි.
|
205
‘‘තස්ස ධම්මං සුණිත්වාහං, විප්පසන්නෙන චෙතසා;
මහාදානං දදිත්වාන, පත්ථයිං රූපසම්පදං.
|
205
“මම උන්වහන්සේගේ ධර්මය අසා පැහැදි සිතින් මහ දන් දී රූප සම්පත්තිය පැතීමි.
|
206
‘‘එකතිංසෙ ඉතො කප්පෙ, සිඛී ලොකග්ගනායකො;
උප්පන්නො ලොකපජ්ජොතො, තිලොකසරණො ජිනො.
|
206
“මින් තිස්එක්වන කපෙහි ලෝකයෙහි අසහාය නායකවූ, ලොව බබුළුවන්නාවූ, සිඛී නම් බුදුරජතෙම ලෙව්හි පහළවිය.
|
207
‘‘තදාරුණපුරෙ රම්මෙ, බ්රාහ්මඤ්ඤකුලසම්භවා;
විමුත්තචිත්තං කුපිතා, භික්ඛුනිං අභිසාපයිං.
|
207
“එකල්හි රම්‍යවූ අරුණපුරයෙහි බමුණු කුලයෙහි උපන්නී, කුපිතවූවා, එහත් මෙහෙණියකට සාප කෙළෙමි.
|
208
‘‘වෙසිකාව
එවං අක්කොසයිත්වාන, තෙන පාපෙන කම්මුනා.
|
208
“බුදුසසුන කිලිටි කරන්නාවූ, අනාචාරයෙහි හැසිරෙන්නාවූ, නින්දිත ගණිකාවය” කියායි. මෙසේ ආක්රෝෂකොට එම පව්කමින්,
|
209
‘‘දාරුණං
තතො චුතා මනුස්සෙසු, උපපන්නා තපස්සිනී.
|
209
“දරුණු නිරයට ගොස් මහ දුක් ලැබුවා, ඉන් ච්‍යුතව මිනිස් ගතියෙහි උපන්නී, යසස් ඇත්තී,
|
210
‘‘දසජාතිසහස්සානි, ගණිකත්තමකාරයිං;
තම්හා පාපා න මුච්චිස්සං, භුත්වා දුට්ඨවිසං යථා.
|
210
“දස දහසක් ජාතීන්හි ගණිකා බව කෙළෙමි. දරුණු විෂයක් අනුභව කළාක් මෙන් එම පවින් නොමිදුනෙමි.
|
211
‘‘බ්රහ්මචරියමසෙවිස්සං
(බ්රහ්මවෙසමසෙවිස්සං (ස්‍යා.), බ්රහ්මචෙරමසෙවිස්සං (පී.)), කස්සපෙ ජිනසාසනෙ;
තෙන කම්මවිපාකෙන, අජායිං තිදසෙ පුරෙ.
|
211
“කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසුරුනෙමි. එම කර්ම විපාකය කරණකොටගෙන තිදස් පුරයෙහි උපනිමි.
|
212
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, අහොසිං ඔපපාතිකා;
අම්බසාඛන්තරෙ ජාතා, අම්බපාලීති තෙනහං.
|
212
“අන්තිම භවය පැමිණි කල්හි ඔපපාතික වීමි. අඹ අතු අතුරෙහි උපන්නී, එහෙයින් “අම්බපාලී” නම් වෙමි.
|
213
‘‘පරිවුතා
පත්තාහං අචලං ඨානං, ධීතා බුද්ධස්ස ඔරසා.
|
213
“ප්‍රාණීන් කෝටියක් විසින් පිරිවරන ලද්දී, බුදු සසුනෙහි පැවිදිවීමි. නිශ්චල ස්ථානයවූ නිවණට පැමිණියාවූ මම බුදුරජාණන් වහන්සේගේ ඖරස දුහිතෘවක් වෙමි.
|
214
‘‘ඉද්ධීසු ච වසී හොමි, සොතධාතුවිසුද්ධියා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
214
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, පිරිසිදුවූ (දිව්‍ය) ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
215
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
215
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
|
216
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මෙ විමලං සුද්ධං, බුද්ධසෙට්ඨස්ස වාහසා.
|
216
“අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ බලයෙන් නිර්මලය, පිරිසිදුය.
|
217
‘‘කිලෙසා
|
217
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
|
218
‘‘ස්වාගතං
|
218
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
219
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
219
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
10. පෙසලාථෙරීඅපදානං | 10. පෙසලාපදානය |
220
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
220
“මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යශස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
|
221
‘‘සාවත්ථියං
පසූතා තං
(නං (ස්‍යා.)) ජිනවරං, දිස්වා සුත්වා ච දෙසනං.
|
221
“මම උතුම්වූ සැවැත් නගරයෙහි උපාසක කුලයක උපන්නී, එම බුද්ධශ්රේෂ්ටයන් වහන්සේ දැක දහම් දෙසුමද අසා,
|
222
‘‘තං වීරං සරණං ගන්ත්වා, සීලානි ච සමාදියිං;
කදාචි සො මහාවීරො, මහාජනසමාගමෙ.
|
222
“එම වීරයන් වහන්සේ කරණකොට ගොස් සිල්ද සමාදන්වීමි. නරශ්‍රේෂ්ඨවූ ඒ මහාවීර තෙමේ කිසියම් දිනක මහාජන රැස්විමකදී,
|
223
‘‘අත්තනො අභිසම්බොධිං, පකාසෙසි නරාසභො;
අනනුස්සුතධම්මෙසු, පුබ්බෙ දුක්ඛාදිකෙසු ච.
|
223
“තමන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය පැවසූ සේක. “පෙර නොඇසූ විරූ දුඃඛාදී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් විෂයයෙහි මට ඥානචක්ෂුසයද, දැනීමද, ප්‍රඥාවද, විද්‍යාවද (පහළ) විය.” තමන්වහන්සේගේ සම්‍යක් සම්බෝධිය පැවසූ සේක. “පෙර නොඇසූ විරූ දුඃඛාදී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් විෂයයෙහි මට ඥාන චක්ෂුසයද, දැනීමද, ප්‍රඥාවද, විද්‍යාවද (පහළ) විය” (කියායි.) එය අසා ඉගෙනගන භික්ෂූන්ගෙන්ද විචාළෙමි.
|
224
‘‘චක්ඛු ඤාණඤ්ච පඤ්ඤා ච, විජ්ජාලොකො ච ආසි මෙ;
තං සුත්වා උග්ගහෙත්වාන, පරිපුච්ඡිඤ්ච භික්ඛවො.
|
224 |
225
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
225
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට (උත්පත්ති) වශයෙන් ගියෙමි.
|
226
‘‘පච්ඡිමෙ
උපෙච්ච බුද්ධං සද්ධම්මං, සුත්වා සච්චූපසංහිතං.
|
226
“දැන් අන්තිම භවයෙහි සිටු මහසල් කුලයෙහි උපන්නී, බුදුරජුන් වෙත එළඹ, සිව්සස් යුතුවූ සදහම් අසා,
|
227
‘‘පබ්බජිත්වාචිරෙනෙව, සච්චත්ථානි
(සබ්බත්ථානි (ස්‍යා. ක.)) විචින්තයං;
ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ, අරහත්තමපාපුණිං.
|
227
“පැවිදිව නොබෝ කලකින්ම සත්යාර්ත්ථයන් සොයමින් සියළු ආශ්‍රවයන් ගෙවා රහත්බවට පැමිණියෙමි.
|
228
‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
228
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
|
229
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
229
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
|
230
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මෙ විමලං සුද්ධං, බුද්ධසෙට්ඨස්ස වාහසා.
|
230
“අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ බලයෙන් නිර්මලය, පිරිසිදුය.
|
231
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
නාගීව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවා.
|
231
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නියක මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
232
‘‘ස්වාගතං
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
232
“බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
233
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
233
“ප්‍රතිසම්භිදාවෝ සිව්ිපිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|