ත්‍රිපිටකය
4. ඛත්තියාවග්ගො 4. ඛත්තියා වග්ග
1. යසවතීපමුඛඅට්ඨාරසභික්ඛුනීසහස්සඅපදානං 1. යශවතී ප්‍රමුඛ භික්‍ෂුණීන්ගේ අපදානය
2. චතුරාසීතිභික්ඛුනීසහස්සඅපදානං 2. බ්‍රාහ්මණකන්‍යා භික්‍ෂුණීන්ගේ අපදානය
3. උප්පලදායිකාථෙරීඅපදානං 3. උප්පලදායිකාපදානය
4. සිඞ්ගාලමාතුථෙරීඅපදානං 4. සිඟාල මාතා පදානය
5. සුක්කාථෙරීඅපදානං 5. සුක්කාපදානය
6. අභිරූපනන්දාථෙරීඅපදානං 6. රූපනන්‍දාපදානය
7. අඩ්ඪකාසිථෙරීඅපදානං 7. අඩ්ඪකාසි අපදානය
8. පුණ්ණිකාථෙරීඅපදානං 8. පුණ්ණාපදානය
184
‘‘විපස්සිනො භගවතො, සිඛිනො වෙස්සභුස්ස ච;
කකුසන්ධස්ස මුනිනො, කොණාගමනතාදිනො.
184
“විපස්සී බුදුරජාණන් වහන්සේගේද, සිඛීය, වෙස්සභූය, කකුසඳය, තාදි ගුණ ඇති කොණාගමනය යන මේ බුදුරජාණන් වහන්සේලාගේද,
185
‘‘කස්සපස්ස ච බුද්ධස්ස, පබ්බජිත්වාන සාසනෙ;
භික්ඛුනී සීලසම්පන්නා, නිපකා සංවුතින්ද්‍රියා.
185
“කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේද සසුනෙහි පැවිදිව, ප්‍රඥාවත්වූ, සංවරණය කරන ලද ඉන්‍ද්‍රියයන් ඇති සිල්වත් භික්‍ෂුණියක් වීමි.
186
‘‘බහුස්සුතා ධම්මධරා, ධම්මත්ථපටිපුච්ඡිකා;
උග්ගහෙතා ච ධම්මානං, සොතා පයිරුපාසිතා.
186
“බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී, තෙවලා දහම් සිත්හි ලා දරන්නී, ධර්‍මාර්ත්‍ථයන් විචාරන්නී, දහම් ඉගෙනගන්නී, අසන්නී, (ධර්‍මය) භජනය කරන්නී,
187
‘‘දෙසෙන්තී ජනමජ්ඣෙහං, අහොසිං ජිනසාසනෙ;
බාහුසච්චෙන තෙනාහං, පෙසලා අතිමඤ්ඤිසං.
187
“මම ජන සමූහයා මැද (දහම්) දෙසන්නියක් වීමි. මම බුදුසසුන්හි (ඇතිවූ) එම බහුශ්‍රුතබව කරණකොටගෙන සිල්වතුන්ට අවමන් කෙළෙමි.
188
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, සාවත්ථියං පුරුත්තමෙ;
අනාථපිණ්ඩිනො ගෙහෙ, ජාතාහං කුම්භදාසියා.
188
“දැන් අන්තිම භවයෙහි උතුම්වූ සැවැත් නුවරෙහි මම අනේපිඬු සිටුහුගේ ගෙහි දිය අදිනා ස්ත්‍රියකගේ කුසෙහි උපන්නී (වෙමි.)
189
‘‘ගතා උදකහාරියං, සොත්ථියං දිජමද්දසං;
සීතට්ටං තොයමජ්ඣම්හි, තං දිස්වා ඉදමබ්‍රවිං.
189
“දිය ගෙන ඒමට ගියා, ජලය මධ්‍යයෙහි සීතෙන් පීඩිතවූ සොත්‍ථිය නම් බමුණා දුටිමි. ඔහු දැක මෙසේ කීමි.
190
‘‘‘උදහාරී අහං සීතෙ, සදා උදකමොතරිං;
අය්‍යානං දණ්ඩභයභීතා, වාචාදොසභයට්ටිතා (වාචාරොසභයට්ටිතා (ස්‍යා.)).
190
“මම දිය අදිනා දාසියක් වෙමි. ස්වාමිවරුන්ගේ දඬුවම් බියෙන් බියපත්වූවා, මාගේ දෝෂ භීතියෙන් ආතුරවූවා, හැම කල්හි ශීතෙහි දියට බැස්සෙමි.
191
‘‘‘කස්ස බ්‍රාහ්මණ ත්වං භීතො, සදා උදකමොතරි;
වෙධමානෙහි ගත්තෙහි, සීතං වෙදයසෙ භුසං’.
191
“බමුණ, ඔබ කවරෙකුට බියවූයේ, සැලෙන ගතින් යුතුව, හැමකල්හි දියට බැස්සේ, දැඩි ශීතය විඳිනෙහිද?
192
‘‘‘ජානන්තී වත මං භොති, පුණ්ණිකෙ පරිපුච්ඡසි;
කරොන්තං කුසලං කම්මං, රුන්ධන්තං (නිද්ධන්තං (සී. පී.), නුදන්තං (ස්‍යා.)) කතපාපකං.
192
“පින්වත් පුණ්ණාවෙනි, කරන ලද පව් වළක්වන්නාවූ, කුශල කර්‍මයක් කරන්නාවූ මා ගැන දන්නාවූ තී විචාරහිය.
193
‘‘‘යො චෙ වුඩ්ඪො දහරො වා, පාපකම්මං පකුබ්බති;
දකාභිසිඤ්චනා සොපි (භොති (සී. ක.) ථෙරීගා. 239), පාපකම්මා පමුච්චති’.
193
“යම් මහළු කෙනෙක් හෝ, ළදරු කෙනෙක් හෝ, පව්කමක් කෙරෙත්ද, පින්වතිය, දියෙහි ගිලීමෙන් (ඔවුහු) (එම) පව්කමින් මිදෙති.
194
‘‘උත්තරන්තස්ස අක්ඛාසිං, ධම්මත්ථසංහිතං පදං;
තඤ්ච සුත්වා ස සංවිග්ගො (සුසංවිග්ගො (ස්‍යා.)), පබ්බජිත්වාරහා අහු.
194
“දියෙන් ගොඩ එන්නාවූ එම බමුණාහට ධර්‍මාර්ත්‍ථයන්ගෙන් යුක්තවූ වචනයක් කීමි. හෙතෙමේද එම (ධර්‍ම) වචනය අසා කලකිරුනේ පැවිදිව රහත්විය.
195
‘‘පූරෙන්තී ඌනකසතං, ජාතා දාසිකුලෙ යතො;
තතො පුණ්ණාති නාමං මෙ, භුජිස්සං මං අකංසු තෙ.
195
“යම් හෙයකින් එකකින් අඩු සියයක් පුරවමින් දැස් කුලයෙහි උපන්නී වෙම්ද, එහෙයින් මාගේ නම “පුණ්ණා” නම් විය. ඒ ස්වාමිවරු මා දාසබැවින් මිදුනු තැනැත්තියක් කළහ.
196
‘‘සෙට්ඨිං තතොනුජානෙත්වා (තතො අනුමොදෙත්වා (සී. ස්‍යා.), තතො අනුමානෙත්වා (පී.)), පබ්බජිං අනගාරියං;
න චිරෙනෙව කාලෙන, අරහත්තමපාපුණිං.
196
“ඉක්බිති සිටුවරයාද තම අදහස අනුව සතුටු කරවා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. නොබෝ කලකින්ම රහත්බවට පැමිණියෙමි.
197
‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
197
“මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
198
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
198
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
199
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මෙ විමලං සුද්ධං, බුද්ධසෙට්ඨස්ස වාහසා.
199
“අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ බලයෙන් නිර්‍මලය, පිරිසිදුය.
200
‘‘භාවනාය මහාපඤ්ඤා, සුතෙනෙව සුතාවිනී;
මානෙන නීචකුලජා, න හි කම්මං විනස්සති (පනස්සති (ස්‍යා.)).
200
“භාවනා බලයෙන් මහ පැණැත්තියක් වීමි. බහුශ්‍රුත බලයෙන් ශ්‍රුතවත් තැනැත්තියක් වීමි. මානය කරණකොටගෙන පහත් කුලයෙහි උපන්නී වෙමි. කර්‍මය නම් විනාශ නොවේ.
201
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
201
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
202
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
202
“බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
203
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
203
“ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
9. අම්බපාලිථෙරීඅපදානං 9. අම්බපාලී අපදානය
10. පෙසලාථෙරීඅපදානං 10. පෙසලාපදානය