ත්‍රිපිටකය
3. කුණ්ඩලකෙසීවග්ගො 3. කුණ්ඩල කෙසී වග්ග
1. කුණ්ඩලකෙසාථෙරීඅපදානං 1. කුණ්ඩලකෙසාපදානය
2. කිසාගොතමීථෙරීඅපදානං 2. කිසා ගෝතමී අපදානය
3. ධම්මදින්නාථෙරීඅපදානං 3. ධම්මදින්නාපදානය
4. සකුලාථෙරීඅපදානං 4. සකුලාපදානය
5. නන්දාථෙරීඅපදානං 5. නන්‍දා ජනපද කල්‍යාණි අපදානය
6. සොණාථෙරීඅපදානං 6. සොණාපදානය
7. භද්දකාපිලානීථෙරීඅපදානං 7. භද්දා කාපිලානි අපදානය
8. යසොධරාථෙරීඅපදානං 8. යසොධරාපදානය
314
එකස්මිං සමයෙ රම්මෙ, ඉද්ධෙ රාජගහෙ පුරෙ;
පබ්භාරම්හි වරෙකම්හි, වසන්තෙ නරනායකෙ.
314
“එක් සමයෙක්හි රම්‍යවූ, සමෘද්‍ධවූ රජගහ නගරයෙහි එක් උතුම් ගිරි ගුහාවක බුදුරජුන් වැඩ වෙසෙන කල්හි
315
වසන්තියා තම්හි නගරෙ, රම්මෙ භික්ඛුනුපස්සයෙ;
යසොධරාභික්ඛුනියා, එවං ආසි විතක්කිතං.
315
“එම නගරයෙහි මනරම්වූ භික්‍ෂුණී අසපුවක වෙසෙන යසොධරා නම් භික්‍ෂුණියට මෙබඳු විතර්‍කයක් ඇතිවිය.
316
‘‘සුද්ධොදනො මහාරාජා, ගොතමී ච පජාපතී;
අභිඤ්ඤාතා මහාථෙරා, ථෙරියො ච මහිද්ධිකා.
316
317
‘‘සන්තිං ගතාව ආසුං තෙ, දීපච්චීව නිරාසවා;
ලොකනාථෙ ධරන්තෙව, අහම්පි ච සිවං පදං.
317
318
‘‘ගමිස්සාමීති චින්තෙත්වා, පස්සන්තී ආයුමත්තනො;
පස්සිත්වා ආයුසඞ්ඛාරං, තදහෙව ඛයං ගතං.
318
“සුදොවුන් මහරජ තෙමේද, ප්‍රජාපතී ගෞතමී තොමෝද, ප්‍රසිද්ධවූ මහතෙරවරුද, මහත් ඎද්‍ධි ඇති ස්ථවිරාවෝද, යන ආශ්‍රව රහිත ඔවුහු පහන් සිළු මෙන් නිවනට ගියාහුම වූහ. “බුදුරජුන් වැඩ සිටි කල්හිම මමද ශාන්ති පදයට යන්නෙමි” යි සිතා තමාගේ ආයුෂ බලන්නී, එදවස්හිම ක්‍ෂයට ගියාවූ ආයු සංස්කාරය දැක, පා සිවුරු ගෙන ගිය අසපුවෙන් නික්ම,
319
‘‘පත්තචීවරමාදාය, නික්ඛමිත්වා සකස්සමා;
පුරක්ඛතා භික්ඛුනීභි, සතෙහි සහස්සෙහි සා (සහ පඤ්චහි (සී. පී.)).
319
“පන්සියයක් භික්‍ෂුණීන් විසින් පිරිවරන ලදුව, මහත් ඎද්‍ධි ඇත්තී, මහත් ප්‍රඥා ඇත්තී බුදුරජුන් වෙත එළඹියාය.
320
‘‘මහිද්ධිකා මහාපඤ්ඤා, සම්බුද්ධං උපසඞ්කමි;
සම්බුද්ධං අභිවාදෙත්වා, සත්ථුනො චක්කලක්ඛණෙ;
නිසින්නා එකමන්තම්හි, ඉදං වචනමබ්‍රවි.
320
“සම්බුදුරජුන් වැඳ, ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණු යුත් සිරිපා මුල එකත් පසෙක හුන්නී, මෙම වචනය කීවාය.
321
‘‘‘අට්ඨසත්තතිවස්සාහං, පච්ඡිමො වත්තතෙ වයො (පච්ඡිමා වත්තයි වයා (ස්‍යා.));
පබ්භාරම්හි අනුප්පත්තා, ආරොචෙමි මහාමුනි.
321
“අට සැත්තෑ හැවිරිදි වයස් ඇත්තී වෙමි. අන්තිම වයස පවතී. සිරුර කුදු ගැසෙන පබ්භාර නම් අවස්ථාවට පැමිණියා වෙමි. මහා මුනීන් වහන්ස, (මෙය ඔබ වහන්සේට) සැළ කරමි.
322
‘‘‘පරිපක්කො වයො මය්හං, පරිත්තං මම ජීවිතං;
පහාය වො ගමිස්සාමි, කතං මෙ සරණමත්තනො.
322
“මාගේ වයස මුහුකුරා ගියේය. මාගේ ජීවිතය ස්වල්පය. ඔබ හැර දමා යන්නෙමි. මාගේ පිහිට මා විසින්ම කරන ලදී.
323
‘‘‘වයම්හි පච්ඡිමෙ කාලෙ, මරණං උපරුද්ධති;
අජ්ජරත්තිං මහාවීර, පාපුණිස්සාමි නිබ්බුතිං.
323
“අන්තිම කාලයෙහි ආයුෂ වනාහි මරණය තෙමේ වළක්වයි. මහා වීරයන් වහන්ස, අද රාත්‍රියෙහි පරිනිර්‍වාණයට පැමිණෙන්නෙමි.
324
‘‘‘නත්ථි ජාති ජරා බ්‍යාධි, මරණඤ්ච මහාමුනෙ;
අජරාමරණං පුරං, ගමිස්සාමි අසඞ්ඛතං.
324
“මුනීන්‍ද්‍රයන් වහන්ස, ජාති-ජරා-ව්‍යාධි-මරණ යම් තැනෙක්හි නැද්ද, ඒ අජරාමරවූ, අසංඛතවූ, ශාන්ති පුරයට යන්නෙමි.
325
‘‘‘යාවතා පරිසා නාම, සමුපාසන්ති සත්ථුනො;
අපරාධමජානන්තී (සචෙ මෙත්ථි (සී.), පජානන්තී (ක.)), ඛමන්තං සම්මුඛා මුනෙ.
325
“යම්තාක් පිරිස වෙත් නම් ශාස්තෲන් වහන්සේගේ සමීපයට එළඹෙත්. ඉදින් මාගේ වරදක් ඇත්නම්, මුනීන්‍ද්‍රයන් වහන්ස, සම්මුඛයෙහි ක්‍ෂමා කරන සේක්වා.
326
‘‘‘සංසරිත්වා ච සංසාරෙ, ඛලිතඤ්චෙ මමං තයි;
ආරොචෙමි මහාවීර, අපරාධං ඛමස්සු මෙ’.
326
“ඉදින් සසරෙහි සැරිසරාද, ඔබ කෙරෙහි මාගේ වරදක් වේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. මාගේ වරදට ක්‍ෂමා වේවා.”
327
‘‘සුත්වාන වචනං තස්සා, මුනින්දො ඉදමබ්‍රවි;
‘කිමුත්තරං තෙ වක්ඛාමි, නිබ්බානාය වජන්තියා.
327
“ඇයගේ වචනය අසා මුනීන්‍ද්‍ර තෙම මෙය වදාළ සේක. “නිවණට යාමට ඔබට මින් මතු කුමක් කියම්ද?
328
‘‘‘ඉද්ධිඤ්චාපි නිදස්සෙහි, මම සාසනකාරිකෙ;
පරිසානඤ්ච සබ්බාසං, කඞ්ඛං ඡින්දස්සු යාවතා’.
328
“මාගේ සසුන කරන තැනැත්තිය, ඎද්‍ධියද දක්වනු මැනව. සියළු පිරිසගේ සසුන කෙරෙහිවු සැක සිඳිනු මැනව.
329
‘‘සුත්වා තං මුනිනො වාචං, භික්ඛුනී සා යසොධරා;
වන්දිත්වා මුනිරාජං තං, ඉදං වචනමබ්‍රවි.
329
ඒ යසෝධරා භික්‍ෂුණී තොමෝ බුදුරජුන්ගේ ඒ වචනය අසා එම බුදුරජුන් වැඳ මෙම වචනය කීවාය.
330
‘‘‘යසොධරා අහං වීර, අගාරෙ තෙ පජාපති;
සාකියම්හි කුලෙ ජාතා, ඉත්ථිඅඞ්ගෙ පතිට්ඨිතා.
330
“වීරයන් වහන්ස, ගිහිගෙයිදී ඔබ වහන්සේගේ බිරිඳවූ, ශාක්‍ය කුලයෙහි උපන්නාවූ, සත්‍රී අඞ්ගයෙහි පිහිටියාවූ යසෝධරා තොමෝ මම වෙමි.
331
‘‘‘ථීනං සතසහස්සානං, නවුතීනං ඡදුත්තරි;
අගාරෙ තෙ අහං වීර, පාමොක්ඛා සබ්බා ඉස්සරා.
331
“ගිහිගෙයි ඔබ වහන්සේගේ සයානූ දහසක් ස්ත්‍රීන් අතුරෙන්, වීරයන් වහන්ස, මම සියල්ලනට අධිපතිවූ, ප්‍රමුඛ තැනැත්තිය (වීමි.)
332
‘‘‘රූපාචාරගුණූපෙතා , යොබ්බනට්ඨා පියංවදා;
සබ්බා මං අපචායන්ති, දෙවතා විය මානුසා.
332
“රූපාචාර ගුණයන්ගෙන් යුක්තවූ, යෞවන බැව්හි සිටියාවූ, ප්‍රිය වචන කියන්නාවූ, මිනිස් දෙව් දූවරුන් වැනි සියල්ලෝ මට ගරු කෙරෙත්.
333
‘‘‘කඤ්ඤාසතසහස්සපමුඛා, සක්‍යපුත්තනිවෙසනෙ;
සමානසුඛදුක්ඛතා, දෙවතා විය නන්දනෙ.
333
“ශාක්‍ය පුත්‍රයන්ගේ මැදුරෙහි කන්‍යාවන් දහසකට ප්‍රධානවූ, සැප දුක් දෙක්හි සමානව වසන්නාවූ, නඳුනුයනෙහි ඒ දෙව් දුවක වැනිවූ,
334
‘‘‘කාමධාතුමතික්කම්ම (කාමධාතුමතික්කන්තා (සී. ස්‍යා. පී. ක.)), සණ්ඨිතා රූපධාතුයා;
රූපෙන සදිසා නත්ථි, ඨපෙත්වා ලොකනායකං.
334
“කාම ධාතුව ඉක්මවූ, රූප ධාතුවෙහි සිටියාවූ (මට) ලෝකනායක බුදුරජුන් හැර රූපයෙන් සමානවු අනිකෙක් නැත.”
335
‘‘‘සම්බුද්ධං අභිවාදෙත්වා, ඉද්ධිං දස්සෙසි සත්ථුනො;
නෙකා නානාවිධාකාරා, මහාඉද්ධීපි දස්සයී (එවමාදීනි වත්වාන, උපතිත්වාන අම්බරං; ඉද්ධී අනෙකා දස්සෙසි, බුද්ධානුඤ්ඤා යසොධරා; (සී.)).
335
මේ ආදිය කියා යසෝධරා තොමෝ බුදුරජුන්ගේ අනුදැනීමෙන් අහසට නැඟී නොයෙක් ඎද්‍ධීන් දැක්වූය.
336
‘‘‘චක්කවාළසමං කායං, සීසං උත්තරතො කුරු;
උභො පක්ඛා දුවෙ දීපා, ජම්බුදීපං සරීරතො.
336
“චක්‍රවාටය සමවූ කයද, උතුරුකුරු දිවයින සමවූ හිසද, දෙදිවයින් සමවූ දෙපියාපත්ද, සිරුරින් දඹදිවද,
337
‘‘‘දක්ඛිණඤ්ච සරං පිඤ්ඡං, නානාසාඛා තු පත්තකා;
චන්දඤ්ච සූරියඤ්චක්ඛි, මෙරුපබ්බතතො සිඛං.
337
(මොණර) පිල දකුණු සයුරද, කුඩා පිහාටු නොයෙක් අතුද, සඳ හිරු ඇස්ද, මේරු පර්‍වතයෙන් ශිඛාවද,
338
‘‘‘චක්කවාලගිරිං තුණ්ඩං, ජම්බුරුක්ඛං සමූලකං;
බීජමානා උපාගන්ත්වා, වන්දන්තී ලොකනායකං.
338
චක්‍රවාට පර්‍වතය තුඩද කොට, මුල් සහිතවූ දඹරුක කම්පනය කරන්නී, බුදුරජුන් වෙත එළඹ වඳින්නීය.
339
‘‘‘හත්ථිවණ්ණං තථෙවස්සං, පබ්බතං ජලධිං තථා;
චන්දිමං සූරියං මෙරුං, සක්කවණ්ණඤ්ච දස්සයි.
339
“ඇත් වෙසද, එසේම අශ්වය, පර්‍වතය, සයුරය, සඳුය, හිරුය, මේරු පර්‍වතය, ශක්‍ර වේශය (යන මේවා) දැක්වූය.
340
‘‘‘යසොධරා අහං වීර, පාදෙ වන්දාමි චක්ඛුම;
සහස්සලොකධාතූනං, ඵුල්ලපද්මෙන ඡාදයි.
340
“වීරයන් වහන්ස, මම යශෝධරා (වෙමි.) පසැස් ඇතියාණන් වහන්ස, (ඔබ වහන්සේගේ) සිරිපා වඳිමි” (යි කියමින්) දහසක් ලෝ දා පිපි පියුමකින් වැසූය.
341
‘‘‘බ්‍රහ්මවණ්ණඤ්ච මාපෙත්වා, ධම්මං දෙසෙසි සුඤ්ඤතං;
යසොධරා අහං වීර, පාදෙ වන්දාමි චක්ඛුම.
341
“වීරයන් වහන්ස, මම යශෝධරා (වෙමි.) පසැස් ඇතියාණන් වහන්ස, සිරිපා වඳිමි” යි බ්‍රහ්ම වෙසක් මවාගන නිර්‍වාණ ධර්‍මය දෙසූය.
342
‘‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනි.
342
“මහා මුනීන් වහන්ස, ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රෝතධාතු ඥානයාගේද වශී වෙමි.
343
‘‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
343
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදිමක් නැත.
344
‘‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මය්හං මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
344
“මහා වීරයන් වහන්ස, අර්ත්‍ථ, ධර්‍ම නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමිපයෙහිදී උපන්නේය.
345
‘‘‘පුබ්බානං ලොකනාථානං, සඞ්ගමං තෙ නිදස්සිතං (සුදස්සිතං (ස්‍යා. පී. ක.));
අධිකාරං බහුං මය්හං, තුය්හත්ථාය මහාමුනෙ.
345
“ලොකනාථවූ බුදුවරයන්ගේ එක්වීම (කෙබඳුදැයි) ඔබ වහන්සේ විසින් මැනවින් දක්වන ලදි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා මා (කළ) පින්කම් බොහෝය.
346
‘‘‘යං මය්හං පූරිතං කම්මං, කුසලං සරසෙ මුනෙ;
තුය්හත්ථාය මහාවීර, පුඤ්ඤං උපචිතං මයා.
346
“මුනීන්‍ද්‍රයන් වහන්ස, මා විසින් යම් කුශලයක් (කරන ලද නම්) මාගේ (ඒ) පෙර කර්‍මය සිහි කරන්න. මහා වීරයන් වහන්ස, මා විසින් ඔබ පිණිසම පින් රැස් කරන ලදී.
347
‘‘‘අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා, වාරයිත්වා අනාචරං;
තුය්හත්ථාය මහාවීර, සඤ්චත්තං ජීවිතං මයා.
347
“වීරයන් වහන්ස, නුසුදුසු තැන් අත්හැර, අනාචාරයෙන් වැළකී, ඔබ වහන්සේ පිණිස මාගේ ජීවිතය පරිත්‍යාග කරන ලදි.
348
‘‘‘නෙකකොටිසහස්සානි , භරියත්ථායදාසි මං;
න තත්ථ විමනා හොමි, තුය්හත්ථාය මහාමුනි.
348
“නොයෙක් කෙළ දහස් ගණන් අයට මා (පරිවාර) ස්ත්‍රිය පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.
349
‘‘‘නෙකකොටිසහස්සානි, උපකාරායදාසි මං;
න තත්ථ විමනා හොමි, තුය්හත්ථාය මහාමුනි.
349
“නොයෙක් කෙළ දහස් ගණන් අයට මා උපකාර පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.
350
‘‘‘නෙකකොටිසහස්සානි, භොජනත්ථායදාසි මං;
න තත්ථ විමනා හොමි, තුය්හත්ථාය මහාමුනි.
350
“නොයෙක් කෙළ දහස් ගණන් අයට මා භොජනය (සැපයීම) පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, (එය) ඔබ වහන්සේ සඳහාය.
351
‘‘‘නෙකකොටිසහස්සානි, ජීවිතානි පරිච්චජිං;
භයමොක්ඛං කරිස්සන්ති, දදාමි මම ජීවිතං.
351
“නොයෙක් කෙළ දහස් ගණන් ජීවිත පරිත්‍යාග කෙළෙමි. භයින් මිදීම ඇත්තියක් කරන්නෙමැයි (සිතා) මාගේ ජීවිතය හැරියෙමි.
352
‘‘‘අඞ්ගගතෙ (අඞ්ගෙ එවං (ක.)) අලඞ්කාරෙ, වත්ථෙ නානාවිධෙ බහූ;
ඉත්ථිමණ්ඩෙ න ගූහාමි, තුය්හත්ථාය මහාමුනි.
352
“ශරීරාවයන්හිවූ නානාවිධ අලඞ්කාර වස්ත්‍රද, බොහෝ ස්ත්‍රී ආභරණද, මහා මුනීන් වහන්ස! ඔබ වහන්සේ සඳහා නොසඟවමි.
353
‘‘‘ධනධඤ්ඤපරිච්චාගං , ගාමානි නිගමානි ච;
ඛෙත්තං පුත්තා ච ධීතා ච, පරිච්චත්තා මහාමුනි.
353
“මහා මුනීන් වහන්ස, ධන ධාන්‍ය පරිත්‍යාගයද, ගම්, නියම් ගම්, කෙත්, පුත් හා දූවරුන්ද පරිත්‍යාග කරන ලදී.
354
‘‘‘හත්ථී අස්සා ගවා චාපි, දාසියො පරිචාරිකා;
තුය්හත්ථාය මහාවීර, පරිච්චත්තා අසඞ්ඛියා.
354
“මහා වීරයන් වහන්ස, අනන්තවූ ඇත්, අස්, ගව යන මොවුහුද, පිරිවර දාසියෝද, ඔබ වහන්සේ සඳහා පරිත්‍යාග කරන ලදී.
355
‘‘‘යං මය්හං පටිමන්තෙසි (පතිමන්තෙසි (සී.)), දානං දස්සාමි යාචකෙ;
විමනං මෙ න පස්සාමි, දදතො දානමුත්තමං.
355
“යාචකයනට දනක් දෙමැ” යි යමක් මා සමග මන්ත්‍රණය කළේද, උතුම් දනක් දෙන්නහුට මාගේ දොම්නසක් නොදකිමි.
356
‘‘‘නානාවිධං බහුං දුක්ඛං, සංසාරෙ ච බහුබ්බිධෙ;
තුය්හත්ථාය මහාවීර, අනුභුත්තං අසඞ්ඛියං.
356
“මහා වීරයන් වහන්ස, බහු විධවූ සසරෙහි නන් වැදෑරුම්වූ බොහෝ දුක අපමණව ඔබ වහන්සේ උදෙසා අනුභව කරන ලදී.
357
‘‘‘සුඛප්පත්තානුමොදාමි, න ච දුක්ඛෙසු දුම්මනා;
සබ්බත්ථ තුලිතා හොමි, තුය්හත්ථාය මහාමුනි.
357
“සැපයට පැමිණියා සතුටු නොවෙමි. දුක් පැමිණි කල්හි දොම්නස් ඇත්තීද නොවෙමි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස හැම තන්හි සැප දුක්ද දෙකෙහි සමව උපෙක්‍ෂක වෙමි.
358
‘‘‘අනුමග්ගෙන සම්බුද්ධො, යං ධම්මං අභිනීහරි;
අනුභොත්වා සුඛං දුක්ඛං, පත්තො බොධිං මහාමුනි.
358
“සම්බුදුරජතෙම අනුගමනය කළ මගින් යම් ධර්‍මයක් පැතීද, මහාමුනිතෙමේ සැපද දුක් අනුභවකොට (ඒ) සම්‍යක් සම්බෝධියට පැමිණි සේක.
359
‘‘‘බ්‍රහ්මදෙවඤ්ච සම්බුද්ධං, ගොතමං ලොකනායකං;
අඤ්ඤෙසං ලොකනාථානං, සඞ්ගමං තෙ බහුං මයා.
359
“බ්‍රහ්මදේවවූ, ලෝකනායකවූ ගෞතම බුදුරජුන්ගේද, ඒ බොහෝ සෙසු බුදුවරයන්ගේද හමුවීම මට විය.
360
‘‘‘අධිකාරං බහුං මය්හං, තුය්හත්ථාය මහාමුනි;
ගවෙසතො බුද්ධධම්මෙ, අහං තෙ පරිචාරිකා.
360
“මහා මුනීන් වහන්ස, ඔබ පිණිස මාගේ බොහෝ පින්කම් (විය.) මම බුදු දහම සොයන්නාවූ ඔබගේ පරිචාරිකාව (වීමි.)
361
‘‘‘කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ;
දීපඞ්කරො මහාවීරො, උප්පජ්ජි ලොකනායකො.
361
“සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් පෙර ලෝකනායකවූ දිවකුරු බුදුරජතෙම ලොව පහළවිය.
362
‘‘‘පච්චන්තදෙසවිසයෙ, නිමන්තෙත්වා තථාගතං;
තස්ස ආගමනං මග්ගං, සොධෙන්ති තුට්ඨමානසා.
362
“පසල් දනව්වෙහි සොම්නස්වූ මිනිස්සු බුදුරජුන් පවරා, උන්වහන්සේ වැඩමවන මග පිරිසිදු කෙරෙත්.
363
‘‘‘තෙන කාලෙන සො ආසි, සුමෙධො නාම බ්‍රාහ්මණො;
මග්ගඤ්ච පටියාදෙසි, ආයතො (ආයතං (සී.)) සබ්බදස්සිනො.
363
“එකල්හි හෙතෙම සුමේධ නම් බමුණෙක් විය. සියල්ල දක්නාවූ බුදුරජුන්හට දීර්‍ඝ මාර්‍ගයද පිළියෙළ කළේය.
364
‘‘‘තෙන කාලෙනහං ආසිං, කඤ්ඤා බ්‍රාහ්මණසම්භවා;
සුමිත්තානාම නාමෙන, උපගච්ඡිං සමාගමං.
364
“එසමයෙහි මම බමුණු කුලයෙහි උපන්, නම්න් සුමිත්තා නම්වූ කන්‍යාවක් වීමි. (මෙම) රැස්වීමට(ද) එළඹියෙමි.
365
‘‘‘අට්ඨ උප්පලහත්ථානි, පූජනත්ථාය සත්ථුනො;
ආදාය ජනසංමජ්ඣෙ, අද්දසං ඉසි මුග්ගතං.
365
“ශාස්තෲන් වහන්සේට පිදීම පිණිස උපුල් මල් අට මිටක් ගෙන (එද්දී) ජන සමූහයා මැදෙහි වැහැරි සිවුර මත හුන්නාවූ, අතිශයින් සිත්කලුවූ, මනහරවූ, ඔදවැඩුනු සිත් ඇති ඎෂිවරයා දුටිමි. දැක එකල්හි මාගේ ජීවිතය සඵලයයි සිතීමි.
366
‘‘‘චිරානුගතං දයිතං (චිරානුපරි ආසීනං (සී.)), අතික්කන්තං මනොහරං;
දිස්වා තදා අමඤ්ඤිස්සං, සඵලං ජීවිතං මම.
366
367
‘‘‘පරක්කමං තං සඵලං, අද්දසං ඉසිනො තදා;
පුබ්බකම්මෙන සම්බුද්ධෙ, චිත්තඤ්චාපි පසීදි මෙ.
367
“එකල්හි ඎෂිහුගේ ඒ උත්සාහය සඵලයයි දුටිමි. මාගේ පූර්‍ව කර්‍ම (බල)යෙන් සම්බුදුරජුන් කෙරෙහි සිතද පැහැදුනේය.
368
‘‘‘භිය්‍යො චිත්තං පසාදෙසිං, ඉසෙ උග්ගතමානසෙ;
දෙය්‍යං අඤ්ඤං න පස්සාමි, දෙමි පුප්ඵානි තෙ ඉසි.
368
“ඔදවැඩි සිත් ඇති ඎෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පැහැදවීමී. මහර්ෂී බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට දියයුතු අනිකක් නොදකිමි. (උපුල්) මල් දෙමි.
369
‘‘‘පඤ්චහත්ථා තව හොන්තු, තයො හොන්තු මමං ඉසෙ;
තෙන සද්ධිං සමා හොන්තු, බොධත්ථාය තවං ඉසෙ’.
369
(මින් මල්) පස් මිටක් ඔබවහන්සේට වේවා. මාගේ ඎෂිවරයා කෙරෙහි තෙමිටක් වේවා. බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ (ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මය) අවබෝධය පිණිස එම ඎෂිවරයා සමග (මාගේ අදහස්) සමවේවා.
370
‘‘ඉසි ගහෙත්වා පුප්ඵානි, ආගච්ඡන්තං මහායසං;
පූජෙසි ජනසංමජ්ඣෙ, බොධත්ථාය මහාඉසි.
370
“එම ඎෂිතෙම මල් (තෙමිට) ගෙන වඩින්නාවූ මහත් යසස් ඇති බුදුරජුන්ට ජන සමූහයා මැදදී සර්‍වඥතාඥානාවබෝධය පිණිස පිදීය.
371
‘‘පස්සිත්වා ජනසංමජ්ඣෙ, දීපඞ්කරො මහාමුනි;
වියාකාසි මහාවීරො, ඉසි මුග්ගතමානසං.
371
“මහාවීරවූ දීපඞ්කර බුදුරජතෙමේ ජන සමූහයා මැදදී ඔද වැඩි සිත් ඇති තවුසා දැක (මෙසේ) පැවැසූහ.
372
‘‘අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ, දීපඞ්කරො මහාමුනි;
මම කම්මං වියාකාසි, උජුභාවං මහාමුනි.
372
“මින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි මහාමුනිවූ දීපඞ්කර බුදුරජතෙමේ මාගේ කර්‍මයද ඎජුබවද පැවසූහ.
373
‘‘‘සමචිත්තා සමකම්මා, සමකාරී භවිස්සති;
පියා හෙස්සති කම්මෙන, තුය්හත්ථාය මහාඉසි (මහාඉසෙ (ස්‍යා.)).
373
“මහා ඎෂිවරය, ඔබ පිණිස (කළ) මෙම කර්‍මය කරණකොටගෙන (ඇය ඔබ හා) සම කර්‍ම ඇති, සමව කටයුතු කරන සුළු තැනැත්තියක් වන්නීය. ප්‍රියවූ තැනැත්තියක්ද වන්නීය.
374
‘‘‘සුදස්සනා සුපියා ච, මනාපා පියවාදිනී;
තස්ස ධම්මෙසු දායාදා, විහරිස්සති ඉද්ධිකා.
374
“ඔහුගේ ධර්‍මයෙහි කොටස්කාරියක්වූ, මනා දැකුම් ඇති, ඉතා ප්‍රියවූ, මන වඩන්නාවූ, ප්‍රිය වචන කියන්නාවූ, ප්‍රිය ගති ඇති ස්ත්‍රියක්ද වන්නීය.
375
‘‘‘යථාපි භණ්ඩසාමුග්ගං, අනුරක්ඛති සාමිනො;
එවං කුසලධම්මානං, අනුරක්ඛිස්සතෙ අයං.
375
“ස්වාමියාගේ බඩු පෙට්ටියක් යම්සේ රකිත්ද, එසේම මෝතොමෝ කුසල් දහම් රකින්නේය.
376
‘‘‘තස්ස තෙ (තස්ස තං (ස්‍යා.)) අනුකම්පන්තී, පූරයිස්සති පාරමී;
සීහොව පඤ්ජරං භෙත්වා (හිත්වා (ස්‍යා.), හෙත්වා (පී.)), පාපුණිස්සති බොධියං’.
376
“ඒ (අනුගාමික) ජනයෝද ඔහුට අනුකම්පා කෙරෙත්. (හෙතෙම) පෙරුම් පුරන්නේය. මැදිරිය (කූඩුව) බිඳ (නිදහස්වූ) සිංහයෙකු මෙන් සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නේය.
377
‘‘අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ, යං මං බුද්ධො වියාකරී;
තං වාචං අනුමොදෙන්තී, එවංකාරී භවිං අහං.
377
“මින් අපරිමෙයවූ කපෙහි බුදුරජතෙම මට යමක් ප්‍රකාශ කෙළේද, එම වචනයට අනුව සතුටුවන්නී මම මෙසේ කරනසුළු තැනැත්තියක් වීමි.
378
‘‘තස්ස කම්මස්ස සුකතස්ස, තත්ථ චිත්තං පසාදයිං;
දෙවමනුස්සකං යොනිං, අනුභොත්වා අසඞ්ඛියං.
378
“එහිදී මැනවින් කරන ලද එම කර්‍මයට සිත පැහැදවීමි. දෙවි මිනිස් දෙගතියෙහි අපමණ (සැප) අනුභවකොට,
379
‘‘සුඛදුක්ඛෙනුභොත්වාහං, දෙවෙසු මානුසෙසු ච;
පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, අජායිං සාකියෙ කුලෙ.
379
“මම දෙවියන් අතුරෙහිද, මිනිසුන් අතුරෙහිද, (මෙසේ) සැප දුක් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි ශාක්‍ය කුලයෙහි උපනිමි.
380
‘‘රූපවතී භොගවතී, යසසීලවතී තතො;
සබ්බඞ්ගසම්පදා හොමි, කුලෙසු අභිසක්කතා.
380
“මනා රූ ඇති, භෝග සම්පත් ඇති, කීර්තියෙන් හා ශීලයෙන් යුක්තවූ, යලි සියළු (පිරිපුන්) අඟ පසඟ සම්පත් ඇති කුලයන්හි අතිශයින් සත්කාර කරන ලද තැනැත්තෙක් වෙමි.
381
‘‘ලාභං සිලොකං සක්කාරං, ලොකධම්මසමාගමං;
චිත්තඤ්ච දුක්ඛිතං නත්ථි, වසාමි අකුතොභයා.
381
“ලාභ, කීර්තිය, සත්කාරය, (අට) ලෝ දහමින් ගැටීමය යන මේවා පිළිබඳ දුක් සහිත සිතක් නැත. බියක් නොමැතිව වසමි.
382
‘‘වුත්තඤ්හෙතං භගවතා, රඤ්ඤො අන්තෙපුරෙ තදා;
ඛත්තියානං පුරෙ වීර, උපකාරඤ්ච නිද්දිසි.
382
383
‘‘උපකාරා ච යා නාරී, යා ච නාරී සුඛෙ දුඛෙ;
අත්ථක්ඛායී ච යා නාරී, යා ච නාරීනුකම්පිකා.
383
384
‘‘පඤ්චකොටිසතා බුද්ධා, නවකොටිසතානි ච;
එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං.
384
385
‘‘අධිකාරං මහා (සදා (පී.) එවමුපරිපි) මය්හං, ධම්මරාජ සුණොහි මෙ;
එකාදසකොටිසතා, බුද්ධා ද්වාදස කොටියො (හොන්ති ලොකග්ගනායකා (සී. ස්‍යා.), පණ්ණාකොටිසතානි ච (පී.)).
385
386
‘‘එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං;
අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ.
386
387
‘‘‘වීසකොටිසතා බුද්ධා, තිංසකොටිසතානි ච;
එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං.
387
388
‘‘‘අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ;
චත්තාලීසකොටිසතා, පඤ්ඤාස කොටිසතානි ච.
388
389
‘‘‘එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං;
අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ.
389
390
‘‘‘සට්ඨිකොටිසතා බුද්ධා, සත්තතිකොටිසතානි ච;
එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං.
390
391
‘‘‘අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ;
අසීතිකොටිසතා බුද්ධා, නවුතිකොටිසතානි ච.
391
392
‘‘‘එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං;
අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ.
392
393
‘‘‘කොටිසතසහස්සානි, හොන්ති ලොකග්ගනායකා;
එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං.
393
394
‘‘‘අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ;
නවකොටිසහස්සානි, අපරෙ ලොකනායකා.
394
395
‘‘‘එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං;
අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ.
395
396
‘‘‘කොටිසතසහස්සානි, පඤ්චාසීතිමහෙසිනං;
පඤ්චාසීතිකොටිසතා, සත්තතිංසා ච කොටියො.
396
397
‘‘‘එතෙසං දෙවදෙවානං, මහාදානං පවත්තයිං;
අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ.
397
398
‘‘‘පච්චෙකබුද්ධා වීතරාගා (ධුතරාගා (පී. ක.)), අට්ඨට්ඨමකකොටියො (අට්ඨමත්තක... (සී.), අට්ඨමත්ථක... (ස්‍යා.));
අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ.
398
399
‘‘‘ඛීණාසවා වීතමලා, අසඞ්ඛියා බුද්ධසාවකා;
අධිකාරං මහා මය්හං, ධම්මරාජ සුණොහි මෙ.
399
400
‘‘‘එවං ධම්මෙ සුචිණ්ණානං, සදා ධම්මස්ස චාරිනං;
ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි ච.
400
401
‘‘‘ධම්මං චරෙ සුචරිතං, න නං දුච්චරිතං චරෙ;
ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි ච.
401
402
‘‘‘නිබ්බින්දිත්වාන සංසාරෙ, පබ්බජිං අනගාරියං;
සහස්සපරිවාරෙන, පබ්බජිත්වා අකිඤ්චනා.
402
“සසරෙහි කලකිරී, අනගාර්‍ය්‍ය නම්වූ සසසුනෙහි පැවිදිවීමි. දහසක් පිරිවර සහිතව පැවිදිව කිසිත් (වස්තුවක්) නැති තැනැත්තියක් වුවාය.
403
‘‘‘අගාරං විජහිත්වාන, පබ්බජිං අනගාරියං;
අඩ්ඪමාසෙ අසම්පත්තෙ, චතුසච්චමපාපුණිං.
403
“මෙසේ ගිහිගෙය අතහැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. (පැවිදිව) අඩමසක් නොපැමිණි කල්හිම චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි.
404
‘‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
උපනෙන්ති බහූ ජනා, සාගරෙයෙව ඌමියො.
404
“චීවරද, පිණ්ඩපාතද, ගිලානප්‍රත්‍යයද, සේනාසනද (යන මේ සිව්පසය) සයුරට රැළ (පමුණුවන්නාක්) මෙන් බොහෝ දෙන නානාවිධව පමුණුවත්.
405
‘‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
405
“මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
406
‘‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
406
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. (මා විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
407
‘‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’.
407
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ටවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද ශාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
408
‘‘එවං බහුවිධං දුක්ඛං, සම්පත්තී ච බහුබ්බිධා;
විසුද්ධිභාවං සම්පත්තා, ලභාමි සබ්බසම්පදා.
408
“මෙසේ නන්වැදෑරුම්වූ දුක්ද, නන්වැදෑරුම්වූ සම්පත්ද (විඳ) රහත් බවට පැමිණියා සියළු සම්පත් ලබමි.
409
‘‘යා දදාති සකත්තානං, පුඤ්ඤත්ථාය මහෙසිනො;
සහායසම්පදා හොන්ති, නිබ්බානපදමසඞ්ඛතං.
409
“යම් ස්ත්‍රියක් තොමෝ බුදුරජුන්ට පින් පිණිස ස්වකීය ආත්මය දේද, (ඔහුට) සහාය සම්පත්තිහු වෙත්. අසංස්කෘතවූ නිර්‍වාණපදයද වේ.
410
‘‘පරික්ඛීණං අතීතඤ්ච, පච්චුප්පන්නං අනාගතං;
සබ්බකම්මං මමං ඛීණං, පාදෙ වන්දාමි චක්ඛුම’’.
ඉත්ථං සුදං යසොධරා භික්ඛුනී භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
410
“අතීතවූද, වර්‍තමානවූද, අනාගතවූද, මාගේ සියළු කර්‍මය ක්‍ෂය විය. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි.
මෙහි මේ අයුරින් යශෝධරා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
9. යසොධරාපමුඛදසභික්ඛුනීසහස්සඅපදානං 9. යශෝධරා ප්‍රමුඛ දසදහසක් භික්‍ෂුණීන්ගේ අපදානය
10. යසොධරාපමුඛඅට්ඨාරසභික්ඛුනීසහස්සඅපදානං 10. යශොධරා ප්‍රමුඛ අටළොස් දහසක් භික්‍ෂුණින්ගේ අපදානය