ත්‍රිපිටකය
2. එකූපොසථිකවග්ගො 2. එකු පොසථිකා වග්ග
1. එකූපොසථිකාථෙරීඅපදානං 1. එකු පොසථිකාපදානය
2. සළලපුප්ඵිකාථෙරීඅපදානං 2. සලල පුප්ඵිකාපදානය
3. මොදකදායිකාථෙරීඅපදානං 3. මොදකදායිකාථෙරීඅපදානං
4. එකාසනදායිකාථෙරීඅපදානං 4. එකාසන දායිකාපදානය
5. පඤ්චදීපදායිකාථෙරීඅපදානං 5. පඤ්චදීපදායිකාපදානය
6. නළමාලිකාථෙරීඅපදානං 6. නළමාලිකාපදානය
7. මහාපජාපතිගොතමීථෙරීඅපදානං 7. මහා ප්‍රජාපතී ගොතමී පදානය
8. ඛෙමාථෙරීඅපදානං 8. ඛෙමාපදානය
9. උප්පලවණ්ණාථෙරීඅපදානං 9. උප්පලවණ්ණාපදානය
384
‘‘භික්ඛුනී උප්පලවණ්ණා, ඉද්ධියා පාරමිං ගතා;
වන්දිත්වා සත්ථුනො පාදෙ, ඉදං වචනමබ්‍රවි.
384
“ඎද්‍ධියෙහි පරතෙරට ගිය උත්පලවර්‍ණා භික්‍ෂුණීතොමෝ බුදුරජාණන්වහන්සේගේ සිරිපා වැඳ, මෙම වචනය කීවාය.
385
‘‘‘නිත්ථිණ්ණා ජාතිසංසාරං (ජාතිසංසාරා (පී.)), පත්තාහං අචලං පදං;
සබ්බදුක්ඛං මයා ඛීණං, ආරොචෙමි මහාමුනි.
385
“බුදුරජාණන් වහන්ස, (මා විසින්) සසර තරණය කරන ලදී. අචල පදයවූ නිවණට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්‍ෂය කරන ලදී. (එය) ආරෝචණය කරමි.
386
‘‘‘යාවතා පරිසා අත්ථි, පසන්නා ජිනසාසනෙ;
යස්සා ච මෙපරාධොත්ථි, ඛමන්තු ජිනසම්මුඛා.
386
“බුදුසසුන්හි පහන්වූ යම් පමණ පිරිසක් ඇද්ද, යම් කෙනෙකුන්හට මාගේ (සිදුවූ යම්) අපරාධයක් ඇත්නම් (ඔවුහු) තථාගතයන් හමුයෙහි (මට) ක්‍ෂමා කෙරෙත්වා.
387
‘‘‘සංසාරෙ සංසරන්තියා (සංසරන්තා මෙ (ස්‍යා.)), ඛලිතං මෙ සචෙ භවෙ;
ආරොචෙමි මහාවීර, අපරාධං ඛමස්සු තං (මෙ (ස්‍යා.)).
387
“ඉදින් සසරෙහි සැරිසරන්නාවූ මාගේ වරදක් වන්නේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. එම අපරාධයට ක්‍ෂමා කෙරෙහිවා” යි (කියායි.)
388
‘‘‘ඉද්ධිඤ්චාපි නිදස්සෙහි, මම සාසනකාරිකෙ;
චතස්සො පරිසා අජ්ජ, කඞ්ඛං ඡින්දාහි යාවතා.
388
“මාගේ සසුන කරන්නියෙනි, ඎද්‍ධියද දක්වන්න. අද සිව් පිරිස යම්තාක් නම් (ඔවුන්ගේ) සැක දුරුකරන්න.
389
‘‘‘ධීතා තුය්හං මහාවීර, පඤ්ඤවන්ත ජුතින්ධර;
බහුඤ්ච දුක්කරං කම්මං, කතං මෙ අතිදුක්කරං.
389
“මහාවීරයන් වහන්ස, පැණවතුන් වහන්ස, පැහැ දරන්නවුන් වහන්ස, (මම) ඔබ වහන්සේගේ දුවක්මි. මා විසින් කිරීමට ඉතා අපහසුවූ බොහෝ දුෂ්කර කර්‍මයක් කරන ලදී.
390
‘‘‘උප්පලස්සෙව මෙ වණ්ණො, නාමෙනුප්පලනාමිකා;
සාවිකා තෙ මහාවීර, පාදෙ වන්දාමි චක්ඛුම.
390
“මහා වීරයන් වහන්ස, මාගේ පැහැය උපුල් මලකට බඳුය. නම්න් උප්පල නමැත්තී වෙමි. පසැස් ඇතියාණන් වහන්ස, ඒ ඔබ වහන්සේගේ දුහිතෘතොමෝ සිරිපා වඳියි.
391
‘‘‘රාහුලො ච අහඤ්චෙව, නෙකජාතිසතෙ බහූ;
එකස්මිං සම්භවෙ ජාතා, සමානඡන්දමානසා.
391
“බොහෝ නොයෙක් සිය ගණන් ජාතීන්හි රාහුල තෙමේද, මමද එකම ජාතියෙහි උපන්නාහු, සමවූ අදහස් ඇත්තෝ වූහ.
392
‘‘‘නිබ්බත්ති එකතො හොති, ජාතියාපි ච එකතො (ජාතීසු බහුසො මම (සී.));
පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, උභොපි නානාසම්භවා.
392
“බොහෝ සෙයින් ජාතීන්හි මාගේ උත්පත්තිය (රාහුලයන් හා) එක්වම වේ. අන්තිම භවය පැමිණි කල්හි දෙදෙනම වෙන වෙන උත්පත්ති ඇත්තෝ වුහ.
393
‘‘‘පුත්තො ච රාහුලො නාම, ධීතා උප්පලසව්හයා;
පස්ස වීර මමං ඉද්ධිං, බලං දස්සෙමි සත්ථුනො.
393
“පුත්‍ර තෙමේ රාහුල නම් වේ. දුහිතෘ තොමෝ උත්පල(වර්‍ණා) නම් වූවාය. වීරයන් වහන්ස, මාගේ ඎද්‍ධිය බලනු මැනව. ශාස්තෘන් වහන්සේට මාගේ බලය දක්වමි.
394
‘‘‘මහාසමුද්දෙ චතුරො, පක්ඛිපි හත්ථපාතියං;
තෙලං හත්ථගතඤ්චෙව, ඛිඩ්ඩො (වෙජ්ජො (සී. පී.)) කොමාරකො යථා.
394
“ළදරු වෙදකමෙහි දක්‍ෂ වෛද්‍යයෙක් තෙම අත්ලට ගත් තෙලක් මෙන් සිව්මහ සමුදුරු අත්ලෙහි දැමුවාය.
395
‘‘‘උබ්බත්තයිත්වා පථවිං, පක්ඛිපි හත්ථපාතියං;
චිත්තං මුඤ්ජං යථා නාම, ලුඤ්චි කොමාරකො යුවා.
395
“තරුණ කුමරුවෙක් තෙම චිත්තමුඤ්ජ නම් තෘණ විශේෂය යම්සේ ඉදිරීනම් පොළොව උදුරා අත්ලෙහි බැහුවාය.
396
‘‘‘චක්කවාළසමං පාණිං, ඡාදයිත්වාන මත්ථකෙ;
වස්සාපෙත්වාන ඵුසිතං, නානාවණ්ණං පුනප්පුනං.
396
“සක්වලක ප්‍රාණීන් මතුයෙහි වසා නන්වන් දියබිඳු නැවත වස්වා,
397
‘‘‘භූමිං උදුක්ඛලං කත්වා, ධඤ්ඤං කත්වාන සක්ඛරං;
සිනෙරුං මුසලං කත්වා, මද්දි කොමාරිකා යථා.
397
“පොළොව වංගෙඩියක් කොට, බොරළු කැට ධාන්‍යකොට, සිනෙර පර්‍වතය මොහොලක් කොට (ඕතොමෝ) ලදැරියක මෙන් මැඩුවාය.
398
‘‘‘ධීතාහං බුද්ධසෙට්ඨස්ස, නාමෙනුප්පලසව්හයා;
අභිඤ්ඤාසු වසීභූතා, තව සාසනකාරිකා.
398
“මම නම්න් උත්පල(වර්‍ණා) නම්වූ අභිඥාවන්හි වශීභූතවූ ඔබ වහන්සේගේ සසුන කරන්නාවූ බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘවක් වෙමි.
399
‘‘‘නානාවිකුබ්බනං කත්වා, දස්සෙත්වා ලොකනායකං;
නාමගොත්තඤ්ච සාවෙත්වා (පකාසෙත්වා (ස්‍යා.)), පාදෙ වන්දාමි චක්ඛුම.
399
“පසැස් ඇතියාණන් වහන්ස, නානාවිධ (ඎද්‍ධි) විකුර්‍වණයන් කොට, ලෝක නායකයන් වහන්සේට දක්වා, නම් ගොත්ද අස්වා (සිරි)පා වඳිමි.
400
‘‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
400
“මහා මුණීන් වහන්ස, ඎද්‍ධියද වසඟකොට ඇත්තේ වෙමි. දිව්‍ය ශ්‍රොත ධාතුවද, (අනුන්ගේ සිත් දැනගත හැකි) චෙතොපරියඤාණයද වසඟකොට ඇත්තේ වෙමි.
401
‘‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
401
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
402
‘‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මෙ විමලං (විපුලං (ස්‍යා.)) සුද්ධං, සභාවෙන මහෙසිනො.
402
“බුදුරජාණන් වහන්සේගේ බලයෙන් අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද, මාගේ නුවණ ඉතා පිරිසිදුය.
403
‘‘‘පුරිමානං ජිනග්ගානං, සඞ්ගමං තෙ නිදස්සිතං (සම්මුඛා ච පරම්මුඛා (සී.));
අධිකාරං බහුං මය්හං, තුය්හත්ථාය මහාමුනි.
403
“මහා මුනීන් වහන්ස, පළමු බුදුවරයන්ගේ හමුයෙහිද ඔබවහන්සේ (දැකීම) පිණිස මා විසින් බොහෝ පින් කරන ලදී.
404
‘‘‘යං මයා පූරිතං කම්මං, කුසලං සර මෙ මුනි;
තවත්ථාය මහාවීර, පුඤ්ඤං උපචිතං මයා.
404
“මාගේ බුදුරජාණන් වහන්ස, මා විසින් පුරනලද යම් කුශල කර්‍මයක් වේ නම් (එය) සිහි කරනු මැනව. මහා වීරයන් වහන්ස, මා විසින් ඔබ වහන්සේ (දැකීම) පිණිස පින් රැස් කරන ලදි.
405
‘‘‘අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා, වාරයන්තී (පරිවජ්ජන්ති (සී.), පරිපාචෙන්තො (ස්‍යා.)) අනාචරං;
තවත්ථාය මහාවීර, චත්තං මෙ ජීවිතුත්තමං.
405
“නුසුදුසු තැන් හැර බොහෝ දෙන (වරදින්) වලක්වන්නී, මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ පිණිස මාගේ උතුම් ජීවිතය පරිත්‍යාග කරන ලදි.
406
‘‘‘දසකොටිසහස්සානි , අදාසිං මම ජීවිතං;
පරිච්චත්තා ච මෙ හොමි, තවත්ථාය මහාමුනි.
406
“දසකෙළදහස් වරක් මාගේ ජීවිතය දුනිමි. මාහි මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස මාගේ පරිත්‍යාගය වේ” ය කියායි.
407
‘‘‘තදාතිවිම්හිතා සබ්බා, සිරසාව කතඤ්ජලී;
අවොචය්‍යෙ කථං ආසි, අතුලිද්ධිපරක්කමා’.
407
“එකල්හි කරන ලද ඇඳිලි ඇති, ඉතා විස්මයට පත්වු සියල්ලෝ, “ආර්‍ය්‍යාවෙනි, අනූපමවූ (මේ) ඎද්‍ධි පරාක්‍රමය කෙසේ වීදැ” යි ඇසූහ.
408
‘‘සතසහස්සිතො කප්පෙ, නාගකඤ්ඤා අහං තදා;
විමලා නාම නාමෙන, කඤ්ඤානං සාධුසම්මතා.
408
“මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි නාග කන්‍යාවක් වීමි. (එම නාග) කන්‍යාවන් අතුරින් මැනවැයි සම්මතවූ (මම) නම්න් “විමලා” නම් වීමි.
409
‘‘මහොරගො මහානාගො, පසන්නො ජිනසාසනෙ;
පදුමුත්තරං මහාතෙජං, නිමන්තෙසි සසාවකං.
409
“බුදුසසුන්හි පහන්වූ මහොරග මහානාග තෙමේ ශ්‍රාවකයන් සහිතවූ මහත් තෙද ඇති පදුමුත්තර බුදුරජුන් පැවරිය.
410
‘‘රතනමයං මණ්ඩපං, පල්ලඞ්කං රතනාමයං;
රතනං වාලුකාකිණ්ණං, උපභොගං රතනාමයං.
410
“රුවන් වැලි විසුරුවන ලද රුවන්මුවා මඩුවක්ද, රුවන්මුවා පළඟක්ද, රුවන්මුවා උපභෝග වස්තුවද,
411
‘‘මග්ගඤ්ච පටියාදෙසි, රතනද්ධජභූසිතං;
පච්චුග්ගන්ත්වාන සම්බුද්ධං, වජ්ජන්තො තූරියෙහි සො.
411
“රුවන් ධජවලින් සරසන ලද මාර්‍ගයද පිළියෙළ කළේය. හෙතෙම තූර්‍ය්‍යන් වාදනය කරමින් බුදුරජුන්හට පෙරගමන් කොට,
412
‘‘පරිසාහි ච චතූහි (පරිසාහි චතූහි සො (සී.), පරිසාහි චතස්සො හි (පී.)), පරිවුතො (සහිතො (සී.), ඵරතෙ (ස්‍යා.), පරෙතො (පී.)) ලොකනායකො;
මහොරගස්ස භවනෙ, නිසීදි පරමාසනෙ.
412
“සිව් පිරිස සහිතවූ ඒ ලෝකනායක තෙමේ මහොරග නාගරාජයාගේ භවනයෙහිවූ උතුම් අසුනෙහි වැඩහුන් සේක.
413
‘‘අන්නං පානං ඛාදනීයං, භොජනඤ්ච මහාරහං;
වරං වරඤ්ච පාදාසි, නාගරාජා මහායසං.
413
“මහත් යසස් ඇති නාගරාජතෙමේ උතුම්වූ ආහාර පාන ඛාද්‍ය භොද්‍ය පිළිගැන්වීය.
414
‘‘භුඤ්ජිත්වාන සම්බුද්ධො, පත්තං ධොවිත්වා යොනිසො;
අනුමොදනීයංකාසි, නාගකඤ්ඤා මහිද්ධිකා.
414
“බුදුරජතෙමේ නුවණින් වළඳා, පාත්‍රයද සෝදා, මහත් ඎද්‍ධි ඇති නාගරාජයාහට අනුමෙවෙනි බණ දෙසූහ.
415
‘‘සබ්බඤ්ඤුං ඵුල්ලිතං දිස්වා, නාගකඤ්ඤා මහායසං;
පසන්නං සත්ථුනො චිත්තං, සුනිබන්ධඤ්ච මානසං.
415
“මහත් යසස් ඇති නාග කන්‍යාවෝ ප්‍රබෝධවත් බුදුරජුන් දැක ශාස්තෲන් වහන්සේට පහන් වූවාහුය. (නාග කන්‍යාවක් වූ මා විසින්) මනස නම්වූ සිත බඳනා ලදී.
416
‘‘මමඤ්ච චිත්තමඤ්ඤාය, ජලජුත්තමනාමකො;
තස්මිං ඛණෙ මහාවීරො, භික්ඛුනිං දස්සයිද්ධියා.
416
“මහාවීරවූ පදුමුත්තර නම් බුදුරජතෙම මාගේද සිත දැන එකෙණෙහි ඎද්‍ධියෙන් යුත් භික්‍ෂුණියක් දැක්වූහ.
417
‘‘ඉද්ධී අනෙකා දස්සෙසි, භික්ඛුනී සා විසාරදා;
පමොදිතා වෙදජාතා, සත්ථාරං ඉදමබ්‍රවි (එතදබ්‍රවිං (ස්‍යා. පී.)).
417
“ඒ විශාරදවූ භික්‍ෂුණී තොමෝ නොයෙක් ඎද්‍ධීන් දැක්වූවාය. හටගත් ප්‍රීති ඇති, ප්‍රමුදිතවූ බුදුරජුන්හට මෙසේ කීමි.
418
‘‘‘අද්දසාහං ඉමං ඉද්ධිං, සුමනං ඉතරායපි;
කථං අහොසි සා වීර, ඉද්ධියා සුවිසාරදා’.
418
“අධිකවූ සුමනා නම් භික්‍ෂුණියගේ මෙම ඎද්‍ධිය මම දුටිමි. (දැක) වීරයන් වහන්ස, ඕ තොමෝ කෙසේ ඎද්‍ධියෙහි අති විශාරද තැනැත්තියක් වූවාදැ” යි (ඇසීමි.)
419
‘‘‘ඔරසා මුඛතො ජාතා, ධීතා මම මහිද්ධිකා;
මමානුසාසනිකරා, ඉද්ධියා සුවිසාරදා’.
419
“මාගේ මුඛයෙන් හෙවත් අනුශාසනයෙන් උපන්නාවූ මහත් ඎද්‍ධිමත් ඖරසපුත්‍රී තොමෝ මාගේ අනුශාසනය කිරීම හේතුවෙන් ඎද්‍ධියෙහි අතිශය විශාරද වූවායයි (වදාළ සේක.)
420
‘‘බුද්ධස්ස වචනං සුත්වා, එවං පත්ථෙසහං තදා (තුට්ඨා එවං අවොචහං (ස්‍යා.), එවමහොසහං තදා (ක.));
අහම්පි තාදිසා හොමි, ඉද්ධියා සුවිසාරදා.
420
“එකල්හි මම බුදුරජුන්ගේ වචනය අසා මමද ඎද්‍ධියෙහි අතිශය විශාරදවූ එබඳු තැනැත්තියක් වෙමැ” යි මෙසේ පැතීමි.
421
‘‘පමොදිතාහං සුමනා, පත්ථෙ උත්තමමානසා (පත්තඋත්තමමානසා (සී. ස්‍යා. පී.));
අනාගතම්හි අද්ධානෙ, ඊදිසා හොමි නායක.
421
“පැමිණි උතුම්වූ චිත්ත සමාධි ඇති සුමනාතොමෝ ප්‍රමුදිතවූවාය. ලෝකනායකයන් වහන්ස, මමද මතු කාලයෙහි මෙබඳු තැනැත්තියක් වෙමි” යි (කීවාය.)
422
‘‘මණිමයම්හි පල්ලඞ්කෙ, මණ්ඩපම්හි පභස්සරෙ;
අන්නපානෙන තප්පෙත්වා, සසඞ්ඝං ලොකනායකං.
422
“පැහැ විහිදෙන්නාවූ මඩුවෙහි මිණිමුවා පළඟක සංඝයා සහිතවූ බුදුරජුන් ආහාර පානයෙන් තෘප්තිකොට,
423
‘‘නාගානං පවරං පුප්ඵං, අරුණං නාම උප්පලං;
වණ්ණං මෙ ඊදිසං හොතු, පූජෙසිං ලොකනායකං.
423
“මාගේ වර්‍ණය මෙබඳු වේවා” යි නාගයින්ගේ උතුම්වූ අරුණ නම් මලක් පිදීය.
424
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
424
“මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
425
‘‘තතො චුතාහං මනුජෙ, උපපන්නා සයම්භුනො;
උප්පලෙහි පටිච්ඡන්නං, පිණ්ඩපාතමදාසහං.
425
“ඉන් චුතවූ මිනිසත් බැව්හි උපන් මම බුදුවරයෙකුට උපුල් මල්වලින් වැසූ පිණ්ඩපාත දානයක් දුනිමි.
426
‘‘එකනවුතිතො කප්පෙ, විපස්සී නාම නායකො;
උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මෙසු චක්ඛුමා.
426
“මින් එක්අනූවන කපෙහි මනොඥ ඇස් ඇති සියලු දහම්හි නුවණැස් ඇති විපස්සී නම් බුදුරජතෙමේ ලොව පහළ විය.
427
‘‘සෙට්ඨිධීතා තදා හුත්වා, බාරාණසිපුරුත්තමෙ;
නිමන්තෙත්වාන සම්බුද්ධං, සසඞ්ඝං ලොකනායකං.
427
“එකල්හි (මම) උතුම් බරණැස් නගරයෙහි සිටු දුවක්ව සංඝයා සහිතවූ ලෝකනායක බුදුරජුන් පවරා,
428
‘‘මහාදානං දදිත්වාන, උප්පලෙහි විනායකං;
පූජයිත්වා චෙතසාව (ච තෙහෙව (ස්‍යා. පී.)), වණ්ණසොභං අපත්ථයිං.
428
“මහ දන්දී උපුල්වලින් බුදුරජුන් පුදා (එම උපුල්වල) වර්‍ණ ශෝභාව සිතින්ම පැතීමි.
429
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්‍රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
429
“කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
430
‘‘උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො;
කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
430
“එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
431
‘‘තස්සාසිං දුතියා ධීතා, සමණගුත්තසව්හයා;
ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
431
“මම ඔහුගේ සමන ගුත්ත නම් දෙවැනි දුව වීමි. බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
432
‘‘අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං;
වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
432
“(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේ‍ධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් අවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
433
‘‘කොමාරිබ්‍රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා;
බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්තධීතරො.
433
“(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්‍ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද, රාජකන්‍යාවන්වූ, සුවසේ වැඩුනාවූ, බුදේ‍ධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්‍රමුදිතවූ, (එම රජුගේ) දූවරුන් සත් දෙනෙකු වූ අපි ගිහිගෙහිම විසිදහසක් අවුරුදු කුමරි බඹසරෙහි හැසුරුනෙමු.
434
‘‘සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා (භික්ඛුදාසිකා (සී. ස්‍යා.));
ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා (සංඝදාසිකා (සී. ස්‍යා.)).
434
“(එම සත් දෙන නම්) සමණීද, සමණගුත්තාද, භික්‍ඛුණීද, භික්‍ඛුදායිකාද, ධම්මාද, සත්වැනිවූ සඞ්ඝදාසියද,
435
‘‘අහං ඛෙමා ච සප්පඤ්ඤා, පටාචාරා ච කුණ්ඩලා;
කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
435
“(එම සත්දෙනා පිළිවෙළින් අප බුදුන් කල) මමද, මහා ප්‍රාඥවූ ඛේමාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, කිසාගෝතමියද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
436
‘‘තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
436
“මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
437
‘‘තතො චුතා මනුස්සෙසු, උපපන්නා මහාකුලෙ;
පීතං මට්ඨං වරං දුස්සං, අදං අරහතො අහං.
437
“ඉන් චුතව මිනිස් බැව්හි උතුම් කුලයක උපන්නී, මම උතුම්වූ, මටවූ කසාවතක් රහත් නමකට දුනිමි.
438
‘‘තතො චුතාරිට්ඨපුරෙ, ජාතා විප්පකුලෙ අහං;
ධීතා තිරිටිවච්ඡස්ස, උම්මාදන්තී මනොහරා.
438
“මම ඉන් චුතව අරිෂ්ඨ නගරයෙහි බමුණු කුලයෙක (රූ සපුවෙන් දුටුවන්) උමතු කරන්නාවූ, මනහරවූ තිරීටවච්ඡ නමැත්තහුගේ දුවක් වීමි.
439
‘‘තතො චුතා ජනපදෙ, කුලෙ අඤ්ඤතරෙ අහං;
පසූතා නාතිඵීතම්හි, සාලිං ගොපෙමහං තදා.
439
“මම ඉන් චුතව එක්තරා දනව්වක ඉතා සමෘද්‍ධ නොවූ කුලයෙක්හි උපන්නී එකල්හි හැල් (කෙතක්) රැකීමි.
440
‘‘දිස්වා පච්චෙකසම්බුද්ධං, පඤ්චලාජාසතානිහං;
දත්වා පදුමච්ඡන්නානි, පඤ්ච පුත්තසතානිහං.
440
“මම පසේ බුදුරජුන් දැක පියුමෙන් වැසූ විලඳ පන්සියයක් දී, පන්සියයක් පුතුනුදු පැතීමි. ඔවුහුද පසේබුදුරජාණන් වහන්සේට මී පැණි දී (පුතුන් වීමට) පැතූහ. මම ඉන් චුතව අරණෙහි පියුම් ගැබක උපනිමි.
441
‘‘පත්ථයිං තෙපි පත්ථෙසුං, මධුං දත්වා සයම්භුනො;
තතො චුතා අරඤ්ඤෙහං, අජායිං පදුමොදරෙ.
441
442
‘‘කාසිරඤ්ඤො මහෙසීහං, හුත්වා සක්කතපූජිතා;
අජනිං රාජපුත්තානං, අනූනං සතපඤ්චකං.
442
“මම කසී රජුගේ මෙහෙසියව ලබන ලද පූජා සත්කාර ඇත්තීව නොඅඩුවූ පන්සියයක් රජ පුතුන් ප්‍රසූත කෙළෙමි.
443
‘‘යදා තෙ යොබ්බනප්පත්තා, කීළන්තා ජලකීළිතං;
දිස්වා ඔපත්තපදුමං, ආසුං පච්චෙකනායකා.
443
“යම් කලෙක්හි යොවුන්බවට පත් ඔවුහු දිය කෙළෙියට යෙදෙන්නාහු (එකල්හි) පත් ගිලිහී වැටෙන පියුමක් දැක (භාවනා වඩා) පසේබුදුවරයෝ වූහ.
444
‘‘සාහං තෙහි විනාභූතා, සුතවීරෙහි සොකිනී (සුතවරෙහි සොකිනී (සී. ස්‍යා.));
චුතා ඉසිගිලිපස්සෙ, ගාමකම්හි අජායිහං.
444
“ඒ මම එම උතුම් පුතුන්ගෙන් වෙන්වූවා, හටගත් ශෝක ඇත්තී (එම ආත්මභාවයෙන්) චුතව ඉසිගිලි (පව්වෙහි) පසෙකවූ ගමෙක්හි උපනිමි.
445
‘‘යදා බුද්ධා සුතමතී, සුතානං භත්තුනොපි ච (කසතං තදා (සී.), අත්තනොපි ච (ස්‍යා.));
යාගුං ආදාය ගච්ඡන්තී, අට්ඨ පච්චෙකනායකෙ.
445
“යම් කලෙක්හි (මම) වැඩිවියට පත්වූවා, දැන උගත්කම් ඇත්තී එකල්හි සිටි පුතුන්හට කැඳ ගෙන යන්නී, පසේබුදුවරුන් අට නමක් ගමට පිඬු පිණිස වඩිනු දැක පුතුන් සිහි කෙළෙමි. එකල්හි පුත්‍ර ප්‍රේමය කරණකොටගෙන මාගේ කිරි දහර නික්මිනි.
446
‘‘භික්ඛාය ගාමං ගච්ඡන්තෙ, දිස්වා පුත්තෙ අනුස්සරිං;
ඛීරධාරා විනිග්ගච්ඡි, තදා මෙ පුත්තපෙමසා.
446
447
‘‘තතො තෙසං අදං යාගුං, පසන්නා සෙහි පාණිභි;
තතො චුතාහං තිදසං, නන්දනං උපපජ්ජහං.
447
“ඉක්බිති පහන් බවට පත්වූවා, උන්වහන්සේලාට සියතින් කැඳ පිළිගැන්වීමි. අනතුරුව මම ඉන් චුතව තිදසපුරයෙහිවූ නඳුනුයනෙහි උපනිමි.
448
‘‘අනුභොත්වා සුඛං දුක්ඛං, සංසරිත්වා භවාභවෙ;
තවත්ථාය මහාවීර, පරිච්චත්තඤ්ච ජීවිතං.
448
“මහාවීරයන් වහන්ස, මම කුඩා මහත් භවයෙහි සැරිසරා සුවදුක් විඳ, ඔබ වහන්සේගේ (දැකුම) පිණිස ජීවිතය පරිත්‍යාග කරන ලදී.
449
‘‘එවං බහුවිධං දුක්ඛං, සම්පත්තී ච බහුබ්බිධා;
පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, ජාතා සාවත්ථියං පුරෙ.
449
“මෙසේ නානා විධ දුක්ද, විවිධ සම්පත්ද විඳ, අන්තිම භවය පැමිණි කල්හි සැවැත්නුවරෙහි මහත් ධන ඇති, සුඛිතවූ, එසේම සරසන ලද නන් රුවනින් බබලන, සියළු කාම සම්පත්තියෙන් සමෘද්‍ධවූ සිටු කුලයක උපන්නී.
450
‘‘මහාධනසෙට්ඨිකුලෙ, සුඛිතෙ සජ්ජිතෙ තථා;
නානාරතනපජ්ජොතෙ, සබ්බකාමසමිද්ධිනෙ.
450
451
‘‘සක්කතා පූජිතා චෙව, මානිතාපචිතා තථා;
රූපසීරිමනුප්පත්තා (රූපසොභග්ගසම්පන්නා (සී.)), කුලෙසු අතිසක්කතා (අභිසම්මතා (සී.)).
451
“මම සත්කාර කරන ලද්දාවූ, බුහුමන් කරන ලද්දාවූ, එසේම කුලයන් අතුරෙන් උසස්යයි සම්මත කුල ඇත්තී, අග්‍රවූ රූප ශෝභාවෙන් යුක්තවූවාද (වීමි.)
452
‘‘අතීව පත්ථිතා චාසිං, රූපභොගසිරීහි ච;
පත්ථිතා සෙට්ඨිපුත්තෙහි, අනෙකෙහි සතෙහිපි.
452
“රූප භෝග සම්පත් කරණකොටගෙණ ඉතාම පැතියයුතු තැනැත්තියක් වීමි. බොහෝ සිය ගණන් සිටු පුතුන් විසින්ද පතන ලද්දියක් වීමි.
453
‘‘අගාරං පජහිත්වාන, පබ්බජිං අනගාරියං;
අඩ්ඪමාසෙ අසම්පත්තෙ, චතුසච්චමපාපුණිං.
453
“ගිහිගෙය හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අඩමසක් නොපැමිණි කල්හිම රහත් බවට පැමිණියෙමි.
454
‘‘ඉද්ධියා අභිනිම්මිත්වා, චතුරස්සං රථං අහං;
බුද්ධස්ස පාදෙ වන්දිස්සං, ලොකනාථස්ස තාදිනො.
454
“මම ඎද්‍ධියෙන් අසුන් සිව් දෙනෙක් යෙදූ රියක් මවා ලෝකනාථවූ, ශ්‍රීමත්වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
455
‘‘‘සුපුප්ඵිතග්ගං උපගම්ම පාදපං (භික්ඛුනී (සී. පී. ක.) ථෙරීගා. 230), එකා තුවං තිට්ඨසි සාලමූලෙ;
චාපි තෙ දුතියො අත්ථි කොචි (න චත්ථි තෙ දුතියා වණ්ණධාතු (සී. පී. ක.)), බාලෙ න ත්වං භායසි ධුත්තකානං’.
455
“මෙහෙණියෙනි, ඔබ අග පටන් සුපිපි රුකක් කරා එළඹ (ඒ) සල් රුක් මුල්හි එකලාව සිටිනෙහිය. ඔබට රූපයෙන් ඔබ වැනි දෙවැන්නියක්ද නැත. මෙහි පැමිණි අනික් මෙහෙණියෝද ඔබ බඳු වන්නාහුය. නුවණ මඳ තැනැත්තිය, ඔබ සලෙලුවන්හට බිය නොවෙහිද?” මෙය දිනක් උත්පලවර්‍ණාවගෙන් මාරයා ඇසූ ප්‍රශ්නයෙකි.
456
‘‘‘සතං සහස්සානිපි ධුත්තකානං (සහස්සානම්පි ධුත්තකානං (පී.) ථෙරීගා. 231), සමාගතා එදිසකා භවෙය්‍යුං;
ලොමං න ඉඤ්ජෙ න සම්පවෙධෙ, කිං මෙ තුවං මාර කරිස්සසෙකො (න මාර භායාමි තවෙකිකාපි (සී. ක.) ... තමෙකිකාසිං (පී.)).
456
“ධූතියන් සිය දහසක් මෙහි ආවත්, ඔවුහු තා බඳුවූවත් ලෝමයකුදු නොසලමි. නොම තැති ගනිමි. මරුව, හුදකලාවූද මම තට නොබියෙමි.
457
‘‘‘එසා අන්තරධායාමි, කුච්ඡිං වා පවිසාමි තෙ;
භමුකන්තරිකායම්පි, තිට්ඨන්තිං මං න දක්ඛසි.
457
“මේ මම අතුරුදන් වෙමි. ඔබ කුසට හෝ පිවිසියෙමි. ඔබේ දෙබැම අතුරෙහි හෝ සිටින මා ඔබ නොදක්නෙහි.
458
‘‘‘චිත්තස්මිං වසීභූතාම්හි, ඉද්ධිපාදා සුභාවිතා;
සබ්බබන්ධනමුත්තාම්හි, න තං භායාමි ආවුසො.
458
“සිතෙහි වසීවූයෙමි. මා විසින් සතර ඎද්‍ධිපාදයෝ මොනවට වඩන ලදහ. සියළු බන්ධනයන්ගෙන් මිදුනා වෙමි. ඇවැත්නි, එබැවින් තට බිය නොවෙමි.
459
‘‘‘සත්තිසූලූපමා කාමා, ඛන්ධාසං අධිකුට්ටනා;
යං ත්වං කාමරතිං බ්‍රූසි, අරතී දානි සා මම.
459
“කාමයෝ උල් ආයුධයකට සමානයහ. අධිකුට්ටනාර්ත්‍ථයෙන් හෙවත් ඊ පිට නොවන අර්ත්‍ථයෙන් (කොට) කඩුවක් වැනියහ. තෝ යම් හෙයකින් කාමරතිය හෙවත් කාමයෙහි ඇල්ම වඩනෙහි නම් දැන් මාගේ ඒ කාමරතිය අරතියති, හෙවත් නොඇලීමකි.
460
‘‘‘සබ්බත්ථ විහතා නන්දී, තමොඛන්ධො පදාලිතො;
එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තක’.
460
සියළු තන්හි තෘෂ්ණා තොමෝ නසන ලද්දීය. මොහඳුරු කඳ පලන ලදී. මරුව මෙසේ දැනගනුව. මාරය තෝ නටුයේ වෙහිය” යි (මාරයාට කීවාය.)
461
‘‘ජිනො තම්හි ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං;
අග්ගා ඉද්ධිමතීනන්ති, පරිසාසු විනායකො.
461
“පිරිස් මැදදී පස්මරුන් දිනූ බුදුරජතෙමේ එම ගුණයෙහි තුටුවූයේ, ඎද්‍ධිමත් භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයයි මා එතදග්‍රස්ථානයෙහි තැබූහ.
462
‘‘පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං;
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
462
“මා විසින් ශාස්තෘතෙම ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.
463
‘‘යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
463
“ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි යමක් පිණිස පැවිදිවූවාද, මා විසින් එම අර්ත්‍ථය ලබන ලදී. ක්‍ෂය කළ සියළු සංයෝජනයන් ඇත්තේද වෙමි.
464
‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
ඛණෙන උපනාමෙන්ති, සහස්සානි සමන්තතො.
464
“චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය (යන සිව්පසය) හාත්පසින්, දහස් ගණන් මොහොතකින් මහාජනයා මා වෙත පිරිනමත්.
465
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා;
465
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
466
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
466
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
467
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං උප්පලවණ්ණා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
467
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් උප්පලවණ්ණා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
10. පටාචාරාථෙරීඅපදානං 10. පටාචාරාපදානය