ත්‍රිපිටකය
2. එකූපොසථිකවග්ගො 2. එකු පොසථිකා වග්ග
1. එකූපොසථිකාථෙරීඅපදානං 1. එකු පොසථිකාපදානය
2. සළලපුප්ඵිකාථෙරීඅපදානං 2. සලල පුප්ඵිකාපදානය
3. මොදකදායිකාථෙරීඅපදානං 3. මොදකදායිකාථෙරීඅපදානං
4. එකාසනදායිකාථෙරීඅපදානං 4. එකාසන දායිකාපදානය
5. පඤ්චදීපදායිකාථෙරීඅපදානං 5. පඤ්චදීපදායිකාපදානය
6. නළමාලිකාථෙරීඅපදානං 6. නළමාලිකාපදානය
7. මහාපජාපතිගොතමීථෙරීඅපදානං 7. මහා ප්‍රජාපතී ගොතමී පදානය
8. ඛෙමාථෙරීඅපදානං 8. ඛෙමාපදානය
289
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා;
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
289
“සියළු ධර්‍මයන්හි (විනිවිද දක්නා සුළු) පසැස් ඇත්තාවූ, ලෝක නායකවූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
290
‘‘තදාහං හංසවතියං, ජාතා සෙට්ඨිකුලෙ අහුං (අහු (ස්‍යා.));
නානාරතනපජ්ජොතෙ, මහාසුඛසමප්පිතා.
290
“එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන සිටු කුලයක උපන්නී, බොහෝ සුව විඳින්නියක් වීමි.
291
‘‘උපෙත්වා තං මහාවීරං, අස්සොසිං ධම්මදෙසනං;
තතො ජාතප්පසාදාහං, උපෙමි සරණං ජිනං.
291
“එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණකොට ගියෙමි.
292
‘‘මාතරං පිතරං චාහං, ආයාචිත්වා විනායකං;
නිමන්තයිත්වා සත්තාහං, භොජයිං සහසාවකං.
292
“මවටද, පියාටද කියා (අවසර ගෙන) බුදුරජුන් පවරා ශ්‍රාවකයන් සහිතව සතියක් මුළුල්ලෙහි වැළඳවීමි.
293
‘‘අතික්කන්තෙ ච සත්තාහෙ, මහාපඤ්ඤානමුත්තමං;
භික්ඛුනිං එතදග්ගම්හි, ඨපෙසි නරසාරථි.
293
“තථාගත තෙම සතිය ඉකුත්වූ කල්හි මහාප්‍රාඥ ඇත්තියන් අතුරෙන් උතුම්වූ භික්‍ෂුණියක් එතදග්‍රස්ථානයෙහි තැබූහ.
294
‘‘තං සුත්වා මුදිතා හුත්වා, පුනො තස්ස මහෙසිනො;
කාරං කත්වාන තං ඨානං, පණිපච්ච පණීදහිං.
294
“එය අසා සතුටුව නැවතද එම බුදුරජුන්හට සත්කාරකොට (උන්වහන්සේගේ) දෙපා මුල වැටී එම තනතුර පැතීමි.
295
‘‘තතො මම ජිනො (මං ස ජිනො (ස්‍යා.)) ආහ, ‘සිජ්ඣතං පණිධී තව;
සසඞ්ඝෙ මෙ කතං කාරං, අප්පමෙය්‍යඵලං තයා.
295
“ඉක්බිති තථාගත තෙමේ මට මෙසේ වදාළ සේක. “තිගේ පැතුම් සිදුවේවා. තී විසින් සඞ්ඝයා සහිතවූ මා කෙරෙහි කරණ ලද සත්කාරය අපමණ විපාක ඇත්තකි.
296
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
296
“මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නාහ.
297
‘‘‘තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා;
එතදග්ගමනුප්පත්තා, ඛෙමා නාම භවිස්සති’.
297
“උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදිවූ, ඖරස (බුද්ධපුත්‍රී) වූ, ධර්‍මයෙන් නිර්මිත කරණ ලද්දාක් වැනිවූ (තී) එතදග්‍රස්ථානයට පැමිණියා ‘ඛෙමා’ නම් වන්නෙහිය (කියායි.)
298
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගා අහං.
298
“මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
299
‘‘තතො චුතා යාමමගං, තතොහං තුසිතං ගතා;
තතො ච නිම්මානරතිං, වසවත්තිපුරං තතො.
299
“මම ඉන් චුතවූවා යාම දෙව්ලොවට ගියෙමි. ඉන් තුෂිත දෙව්ලොවට ගියා, එතැනින් නිර්‍මාණරතියටද, ඉන් (චුතව) වශවර්ති (දිව්‍ය) පුරයටද (උත්පත්ති වශයෙන්) ගියෙමි.
300
‘‘යත්ථ යත්ථූපපජ්ජාමි, තස්ස කම්මස්ස වාහසා;
තත්ථ තත්ථෙව රාජූනං, මහෙසිත්තමකාරයිං.
300
“එම කර්‍මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම් නම් ඒ ඒ තන්හි රජවරුන්ගේ මෙහෙසි බව කෙළෙමි.
301
‘‘තතො චුතා මනුස්සත්තෙ, රාජූනං චක්කවත්තිනං;
මණ්ඩලීනඤ්ච රාජූනං, මහෙසිත්තමකාරයිං.
301
“ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජවරුන්ගේද, මණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
302
‘‘සම්පත්තිං අනුභොත්වාන, දෙවෙසු මනුජෙසු ච;
සබ්බත්ථ සුඛිතා හුත්වා, නෙකකප්පෙසු සංසරිං.
302
“දෙවියන් කෙරෙහිද, මිනිසුන් කෙරෙහිද සම්පත් අනුභවකොට, සියළු තන්හි සුව ඇත්තීව බොහෝ කල්පයන්හි සැරි සැරීමි.
303
‘‘එකනවුතිතො කප්පෙ, විපස්සී ලොකනායකො;
උප්පජ්ජි චාරුදස්සනො (චාරුනයනො (සී. පී.)), සබ්බධම්මවිපස්සකො.
303
“මින් එක්අනූවන කපෙහි මනොඥවූ ඇස් ඇති, සර්‍ව ධර්‍මයන් විෂයයෙහි විශිෂ්ඨවූ දැකුම් ඇති, ලෝකනායකවූ විපස්සී බුදුරජතෙම ලොව පහළවූහ.
304
‘‘තමහං ලොකනායකං, උපෙත්වා නරසාරථිං;
ධම්මං භණිතං සුත්වාන, පබ්බජිං අනගාරියං.
304
“මම ලෝකනායකවූ ඒ බුදුරජුන් වෙත එළඹ ප්‍රණීතවූ ධර්‍මය අසා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.
305
‘‘දසවස්සසහස්සානි , තස්ස වීරස්ස සාසනෙ;
බ්‍රහ්මචරියං චරිත්වාන, යුත්තයොගා බහුස්සුතා.
305
“එම බුදුරජුන්ගේ සසුනෙහි දස දහසක් අවුරුදු බඹසර හැසිර, යෙදෙන ලද භාවනා ඇත්තී, බහුශ්‍රුතවූවා,
306
‘‘පච්චයාකාරකුසලා, චතුසච්චවිසාරදා;
නිපුණා චිත්තකථිකා, සත්ථුසාසනකාරිකා.
306
“ප්‍රත්‍යාකාර (පටිච්ච සමුප්පාද)යෙහි දක්‍ෂවූවා, චතුස්සත්‍යයෙහි විශාරදවූවා, පුරුදුවූවා, චිත්‍ර කථිකවූවා, බුදුසසුන් කරන්නීවූ මම ඉන් චුතව තුසිත දෙව්ලොව උපන්නී, යසස් ඇත්තී, බඹසර හැසිරීමෙහි බලයෙන් මම එහි අනිකුදු (සුව) අනුභව කෙළෙමි.
307
‘‘තතො චුතාහං තුසිතං, උපපන්නා යසස්සිනී;
අභිභොමි තහිං අඤ්ඤෙ, බ්‍රහ්මචාරීඵලෙනහං.
307
308
‘‘යත්ථ යත්ථූපපන්නාහං, මහාභොගා මහද්ධනා;
මෙධාවිනී සීලවතී (රූපවතී (සී. ස්‍යා. පී.)), විනීතපරිසාපි ච.
308
“(ඒ) යම් යම් තැනක උපන්නීවූ මම මහත්වූ භෝග ඇත්තී, රූමත්වූවා, මහත් ධන ඇත්තී, නැණවත්වූවා, හික්මුනාවූ පිරිස් ඇත්තීද වෙමි. බුදුසසුන්හි යෙදීමෙන් (රැස්කළ) එම පුණ්‍යකර්‍මයෙන් මට සිතට ප්‍රියවූ සියළු සම්පත්තීහු සුලභයහ.
309
‘‘භවාමි තෙන කම්මෙන, යොගෙන ජිනසාසනෙ;
සබ්බා සම්පත්තියො මය්හං, සුලභා මනසො පියා.
309
310
‘‘යොපි මෙ භවතෙ භත්තා, යත්ථ යත්ථ ගතායපි;
විමානෙති න මං කොචි, පටිපත්තිබලෙන මෙ.
310
“යම් යම් තැනක (උත්පත්ති වශයෙන්) ගිය මට යම් කිසිවෙක් ස්වාමියා වේද, (හෙතම මාගේ) ප්‍රතිපත්ති ඵලය කරණකොට ගෙන අවමන් නොකරයි.
311
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්‍රහ්මබන්ධු මහායසො;
නාමෙන කොණාගමනො, උප්පජ්ජි වදතං වරො.
311
“මෙම මහා භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කොනාගමන නම්වූ බුදුරජතෙම ලොව පහළවූහ.
312
‘‘තදා හි බාරාණසියං, සුසමිද්ධකුලප්පජා (සුසමිද්ධි... (ස්‍යා.));
ධනඤ්ජානී සුමෙධා ච, අහම්පි ච තයො ජනා.
312
“එකල්හි මම බරණැස් නුවර සමෘද්ධවූ කුලයක උපනිමි. ධනඤ්ජානියද, සුමෙධාවද, මමද යන අපි තිදෙන පෙර දාන සහායිකාවූවෝ, සඞ්ඝාරාමයක් දුනිමු. සඞ්ඝයා උදෙසා විහාරයක්ද කරවීමු.
313
‘‘සඞ්ඝාරාමමදාසිම්හ, දානසහායිකා පුරෙ (නෙකෙ සහස්සිකෙ මුනෙ (ස්‍යා.), දානං සහස්සිකං මුනෙ (පී.));
සඞ්ඝස්ස ච විහාරම්පි (සසංඝස්ස විහාරං හි (ස්‍යා. පී.)), උද්දිස්ස කාරිකා (දායිකා (පී.)) මයං.
313
314
‘‘තතො චුතා මයං සබ්බා, තාවතිංසූපගා අහුං;
යසසා අග්ගතං පත්තා, මනුස්සෙසු තථෙව ච.
314
“අපි සියල්ලෝ එයින් චුතවූවාහු තව්තිසා දෙව්ලොවට ගියෙමු. මිනිසුන් අතරෙහි මෙන්ම ඒ දෙව්ලොවද කීර්තියෙන් අගතැන් පත්වීමු.
315
‘‘ඉමස්මිංයෙව කප්පම්හි, බ්‍රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
315
“කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
316
‘‘උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො;
කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
316
“එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
317
‘‘තස්සාසිං ජෙට්ඨිකා ධීතා, සමණී ඉති විස්සුතා;
ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
317
“එම රජුන්ගේ ‘සමණී’යයි ප්‍රකටවූ ජ්‍යෙෂ්ඨ දුවණිය වීමි. බුදුරජුන්ගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
318
‘‘අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං;
වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
318
“(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේ‍ධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් අවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
319
‘‘කොමාරිබ්‍රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා;
බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්ත ධීතරො.
319
320
‘‘සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා;
ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා.
320
“(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්‍ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද,
321
‘‘අහං උප්පලවණ්ණා ච, පටාචාරා ච කුණ්ඩලා;
කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
321
“එම සත්දෙන පිළිවෙළින් අප බුදුන් කල මමද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, කිසා ගෝතමීයද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
322
‘‘කදාචි සො නරාදිච්චො, ධම්මං දෙසෙසි අබ්භුතං;
මහානිදානසුත්තන්තං, සුත්වා තං පරියාපුණිං.
322
“කිසියම් කලෙක්හි එම (කාශ්‍යප) බුදුරජතෙමේ ආශ්චර්‍ය්‍යවූ ධර්‍මය දෙසූහ. (මම) මහානිදාන සූත්‍රාන්තය අසා එය ප්‍රගුණ කර ගතිමි.
323
‘‘තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
323
“මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
324
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, සාකලාය පුරුත්තමෙ;
රඤ්ඤො මද්දස්ස ධීතාම්හි, මනාපා දයිතා පියා.
324
“දැන් මේ අන්තිම භවයෙහි උතුම්වූ සාගල පුරයෙහි, මන වඩන්නාවූ, දයාවත්වූ, ප්‍රියවූ මදුරජුන්ගේ දුවණියක් වීමි.
325
‘‘සහ මෙ ජාතමත්තම්හි, ඛෙමං තම්හි පුරෙ අහු;
තතො ඛෙමාති නාමං මෙ, ගුණතො උපපජ්ජථ.
325
“මාගේ උත්පත්ති මාත්‍රය සමගම එම පුරයෙහි ක්‍ෂෙමය විය. එහෙයින් මාගේ ‘ඛෙම’ යන නම ගුණ වශයෙන් උපන්නේය.
326
‘‘යදාහං යොබ්බනං පත්තා, රූපලාවඤ්ඤභූසිතා (රූපවණ්ණවිභූසිතා (ස්‍යා.), රූපවන්තා විභූසිතා (පී.), රූපවිලාසභූසිතා (ක.));
තදා අදාසි මං තාතො, බිම්බිසාරස්ස රාජිනො.
326
“යම් කලෙක්හි මම රූප ලාවන්‍යයෙන් අලඞ්කාරවූ යෞවන බවට පැමිණියා (වෙම්) ද, එකල්හි පියතෙම මා බිම්බිසාර රජුට දුන්නේය.
327
‘‘තස්සාහං සුප්පියා ආසිං, රූපකෙ ලායනෙ රතා;
රූපානං දොසවාදීති, න උපෙසිං මහාදයං.
327
“මම රූ නැලවුම්හි ඇලුනී, එම (බිම්බිසාර) රජුගේ ඉතා ප්‍රියවූ මෙහෙසිය වීමි. රූපයන්ගේ දොස් කියන්නෙකැයි මහත්වූ දයා ඇති තථාගතයන් වෙත නොඑළඹුනෙමි.
328
‘‘බිම්බිසාරො තදා රාජා, මමානුග්ගහබුද්ධියා;
වණ්ණයිත්වා වෙළුවනං, ගායකෙ ගාපයී මමං.
328
“එකල්හි බිම්බිසාර රජ තෙමේ මට අනුග්‍රහ (කරන) සිතින් වෙළුවනාරාමය වර්‍ණනය කොට ගායකයන් ලවා මා හමුවෙහි ගායනය කරවීය. (කෙසේද යත්?)
329
‘‘රම්මං වෙළුවනං යෙන, න දිට්ඨං සුගතාලයං;
න තෙන නන්දනං දිට්ඨං, ඉති මඤ්ඤාමසෙ මයං.
329
“බුදුරජුන්ගේ නිවාසස්ථානයවූ මනරම් වෙළුවනය යමෙකු විසින් නොදක්නාලද නම් ඔහු විසින් (දෙවියන්ගේ) නන්‍දනොද්‍යානය නොදක්නා ලද්දාක් මෙන් අපි හඟිමු.
330
‘‘යෙන වෙළුවනං දිට්ඨං, නරනන්දනනන්දනං;
සුදිට්ඨං නන්දනං තෙන, අමරින්දසුනන්දනං.
330
“මිනිස් (රජ) පුතුන් සතුටු කරවන්නාවූ වෙළුවනය, යමෙකු විසින් දක්නා ලද නම්, ඔහු විසින් දෙවියන් තුටු කරන නන්‍දනොද්‍යානය මැනවින් දක්නා ලදී.
331
‘‘විහාය නන්දනං දෙවා, ඔතරිත්වා මහීතලං (මහීතලෙ (ස්‍යා. පී.));
රම්මං වෙළුවනං දිස්වා, න තප්පන්ති සුවිම්හිතා.
331
“දෙවියෝ නන්‍දනොද්‍යානය හැර පොළෝතලයට බැස මනරම් වෙළුවනය දැක අතිශය විශ්මය පත්වූවාහු තෘෂ්ක නොවෙත්.
332
‘‘රාජපුඤ්ඤෙන නිබ්බත්තං, බුද්ධපුඤ්ඤෙන භූසිතං;
කො වත්තා තස්ස නිස්සෙසං, වනස්ස ගුණසඤ්චයං.
332
“රජුගේ පිණින් හටගත්, බුදුරජුන්ගේ පිණින් අලඞ්කාරවූ එම වනයාගේ සම්පූර්‍ණ ගුණ සමූහය කියන්නා කවරෙක්ද?
333
‘‘තං සුත්වා වනසමිද්ධං, මම සොතමනොහරං;
දට්ඨුකාමා තමුය්‍යානං, රඤ්ඤො ආරොචයිං තදා.
333
“මාගේ කණට හා සිතට මිහිරක්වූ ඒ (ජෙත)වන සමෘද්‍ධිය අසා එකල්හි එම උයන දකිනු කැමැත්තී රජුට දැන්වීමි.
334
‘‘මහතා පරිවාරෙන, තදා ච සො (තදා මං සො (ස්‍යා. පී.)) මහීපති;
මං පෙසෙසි (සංපෙසෙසි (ස්‍යා.), සම්පාපෙසි (පී.)) තමුය්‍යානං, දස්සනාය සමුස්සුකං.
334
“එකල්හි එම රජතෙම මහ පිරිවරින් යුතුව එය දැකුමට උත්සාහවත්වූ මා එම උයනට යැවීය. (කෙසේද යත්?)
335
‘‘ගච්ඡ පස්ස මහාභොගෙ, වනං නෙත්තරසායනං;
යං සදා භාති සිරියා, සුගතාභානුරඤ්ජිතං.
335
“මහා භොග සම්පත් ඇත්තිය, යනු මැනව. බුදු රැසින් රැඳුනාවූ යම් වනයක් හැම කල්හි ශ්‍රියාවෙන් බබලාද, නෙතට රසඳුනක්වූ (එම) වනය බලනු මැනව.
336
‘‘යදා ච පිණ්ඩාය මුනි, ගිරිබ්බජපුරුත්තමං;
පවිට්ඨොහං තදායෙව, වනං දට්ඨුමුපාගමිං.
336
“යම් කලෙක තථාගත තෙම උතුම්වූ ගිරිව්‍රජ නගරයට පිඬු පිණිස පිවිසියේද, එකල්හිම මම ජේතවනය දැකීමට එළඹියෙමි.
337
‘‘තදා තං ඵුල්ලවිපිනං, නානාභමරකූජිතං;
කොකිලාගීතසහිතං, මයූරගණනච්චිතං.
337
“එකල්හි මම (එහි) හැසිරෙන්නී, නොයෙක් බමර සමූහයා විසින් කුල්නා ලද්දාවූ, කෝකිල ගීතයෙන් යුක්තවූ, මයුර සමූයහා විසින් නැටුම් ඇති, නිශ්ශබ්දවූ, නොගැවසුනාවූ, බොහෝ සක්මන් (මලු)වලින් අලඞ්කාරවූ, කුටි හා මණ්ඩපයන්ගෙන් ගැවසීගත්, උතුම් යෝගීන්ගෙන් බබලන, පිපීගිය (ජෙත)වනය දැක මාගේ ඇස (ලැබීම) සඵලයයි සිතීමි. එහි භාවනාවෙහි යෙදුනු තරුණ භික්‍ෂුවක් දැක (මෙසේද) කල්පනා කෙළෙමි.
338
‘‘අප්පසද්දමනාකිණ්ණං, නානාචඞ්කමභූසිතං;
කුටිමණ්ඩපසඞ්කිණ්ණං, යොගීවරවිරාජිතං.
338
339
‘‘විචරන්තී අමඤ්ඤිස්සං, සඵලං නයනං මම;
තත්ථාපි තරුණං භික්ඛුං, යුත්තං දිස්වා විචින්තයිං.
339
340
‘‘‘ඊදිසෙ විපිනෙ රම්මෙ, ඨිතොයං නවයොබ්බනෙ;
වසන්තමිව කන්තෙන, රූපෙන ච සමන්විතො.
340
341
‘‘‘නිසින්නො රුක්ඛමූලම්හි, මුණ්ඩො සඞ්ඝාටිපාරුතො;
ඣායතෙ වතයං භික්ඛු, හිත්වා විසයජං රතිං.
341
“නව යෞවනයෙහි සිටියාවූ, වසන්ත කාලය වැනිවූ, මනකල් රුවින් යුත්, හිස මුඩුකළාවූ, සඟල සිවුර පෙරවූ, රුක්මුල්හි වැඩහුන් ඒ මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන් කාමාරම්මණයන්ගෙන් හටගන්නාවූ ඇල්ම හැර මෙබඳු මනරම් වනයෙහිද ධ්‍යාන කරයි.
342
‘‘‘නනු නාම ගහට්ඨෙන, කාමං භුත්වා යථාසුඛං;
පච්ඡා ජිණ්ණෙන ධම්මොයං, චරිතබ්බො සුභද්දකො’.
342
343
‘‘සුඤ්ඤකන්ති විදිත්වාන, ගන්ධගෙහං ජිනාලයං;
උපෙත්වා ජිනමද්දක්ඛං, උදයන්තංව භාකරං.
343
“ගිහියා විසින් සුවසේ කම් සැප අනුභවකොට පසුව ජරපත්වූ ඔහු විසින් (මහළු වයසෙහි) ඉතා යහපත්වූ මෙම ධර්‍මයෙහි හැසිරිය යුත්තේ නම් නොවේද?”
344
‘‘එකකං සුඛමාසීනං, බීජමානං වරිත්ථියා;
දිස්වානෙවං විචින්තෙසිං, නායං ලූඛො නරාසභො.
344
“(බුදුරදුන් නැති බැවින්) ගඳකිළිය හිස්යයි සිතා (එම) සර්‍වඥ ගෘහයට එළඹ පවන් සලනු ලබන්නාවූ උතුම් ස්ත්‍රියක් සමග හුදකළාව සුවසේ වැඩ හුන්නාවූ, උදාවන හිරු වැනිවූ තථාගතයන් වහන්සේ දුටිමි. දැක මෙසේ සිතීමි. “මෙතෙම රූක්‍ෂ නර ශ්‍රේෂ්ඨයෙක් නොවේ.
345
‘‘සා කඤ්ඤා කනකාභාසා, පදුමානනලොචනා;
බිම්බොට්ඨී කුන්දදසනා, මනොනෙත්තරසායනා.
345
“ඒ (පවන් සලන) කන්‍යාතොමෝ රන්වන් පැහැ ඇත්තීය. පියුමකට බඳු මුහුණු හා ඇස් ඇත්තීය. (ඉදුන) බිඹුපලවන් තොල් ඇත්තීය. කොඳ (කැකුළු) වැනි දසන් ඇත්තීය. සිතට හා නෙතට රසදුනක් වැන්නීය.
346
‘‘හෙමදොලාභසවනා (හෙමදොලා සුවදීනා (ස්‍යා.)), කලිකාකාරසුත්ථනී (කලසාකාරසුත්තනී (සී. පී.), කමලාකාරසුත්තනී (ස්‍යා.));
වෙදිමජ්ඣාව සුස්සොණී (කනුමජ්ඣාව සුස්සොණී (සී.), වෙදිමජ්ඣා වරසොණී (ස්‍යා. පී.)), රම්භොරු චාරුභූසනා.
346
347
‘‘රත්තංසකුපසංබ්‍යානා, නීලමට්ඨනිවාසනා;
අතප්පනෙය්‍යරූපෙන, හාසභාවසමන්විතා (හාවභාවසමන්විතා (සී.), සබ්බාභරණමණ්ඩිතා (ස්‍යා.)).
347
“රන් ඔන්චිල්ලාවක් වැනි කන් ඇත්තීය. කුඹු වැනි මනා පියවුරු ඇත්තීය. සිහිනිඟ ඇත්තීය. මනාවූ උකුළු ඇත්තිය. රඹ වැනි කලවා ඇත්තීය. මනා අබරණ ඇත්තීය.
348
‘‘දිස්වා තමෙවං චින්තෙසිං, අහොයමභිරූපිනී;
න මයානෙන නෙත්තෙන, දිට්ඨපුබ්බා කුදාචනං.
348
“හැඳගන්නාලද රන්හුයින් වියූ උරහිස්වලින් යුත් සැට්ටය ඇත්තීය. හැඳගත් නීල වත් ඇත්තීය. තෘප්ත කළ නොහැකි රුවින්ද භාව-භාවයන්ගෙන්ද යුක්තවූවාය.
349
‘‘තතො ජරාභිභූතා සා, විවණ්ණා විකතානනා;
භින්නදන්තා සෙතසිරා, සලාලා වදනාසුචි.
349
“ඇය දැක මෙසේ සිතීමි. “මෙම අභිරූපිනිය ආශ්චර්‍ය්‍යයකි. මා විසින් මේ ඇසින් කිසි කලෙකත් නොදක්නා ලද විරීය.”
350
‘‘සඞ්ඛිත්තකණ්ණා සෙතක්ඛී, ලම්බාසුභපයොධරා;
වලිවිතතසබ්බඞ්ගී, සිරාවිතතදෙහිනී.
350
“ඉක්බිති ජරාවෙන් මැඩුනාවූ, දුර්‍වර්‍ණවූ, වැහැරී ගිය මුහුණු ඇති, ගිලිහුණු දත් ඇති, සුදුවූ හිස(කේ) ඇති, අපිරිසිදුවූ කෙළ සහිත මුඛය ඇත්තීය. හැකුලුනු කන් ඇති, සුදුවූ ඇස් ඇති, එල්බෙන පිළිකුල් කළ යුතු පියයුරු ඇති, රැලි වැටී පැතිරීගිය සියළු අවයව ඇති, නහර පැතුරුණු සිරුර ඇති, නැමුණු අවයව ඇති, සැරයටිය සහායකොට ඇති, හටගත් පඬුවන් පැහැ ඇති, වැහැරීගියාවූ, වෙව්ලන්නාවූ, බිම ඇද වැටුනාවූ ඕතොමෝ නැවත නැවත හුස්ම හෙලන්නීය.
351
‘‘නතඞ්ගා දණ්ඩදුතියා, උප්ඵාසුලිකතා (උප්පණ්ඩුපණ්ඩුකා (සී. ස්‍යා.)) කිසා;
පවෙධමානා පතිතා, නිස්සසන්තී මුහුං මුහුං.
351
352
‘‘තතො මෙ ආසි සංවෙගො, අබ්භුතො ලොමහංසනො;
ධිරත්ථු රූපං අසුචිං, රමන්තෙ යත්ථ බාලිසා.
352
353
‘‘තදා මහාකාරුණිකො, දිස්වා සංවිග්ගමානසං;
උදග්ගචිත්තො සුගතො, ඉමා ගාථා අභාසථ.
353
“ඉක්බිති මට ආශ්චර්‍ය්‍යවූ, ලොමු දැහැගන්නාවූ සංවේගයක් ඇතිවිය. “යම් තැනෙක්හි නැණහීනයෝ ආලෙත්ද, ඒ අපිරිසිදුවූ රූපයට නින්දා වේවා” (ය කියාය.)
354
‘‘‘ආතුරං අසුචිං පූතිං, පස්ස ඛෙමෙ සමුස්සයං;
උග්ඝරන්තං පග්ඝරන්තං, බාලානං අභිනන්දිතං.
354
“එකල්හි ඔදවැඩි සිත් ඇති මහාකාරුණීකවූ තථාගත තෙමේ කළකිරුණාවූ සිත් ඇති (මා) දැක මෙම ගාථාවන් වදාළ සේක.
355
‘‘‘අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං;
සති කායගතා ත්‍යත්ථු, නිබ්බිදා බහුලා භව.
355
“ඛෙමාවෙනි, ගිලන්වූ, අපිරිසිදුවූ, කුණුවූ, උතුරා යන්නාවූද, වැගිරි යන්නාවූද, නුවණ නැතියවුන් විසින් මැනවැයි සතුටුවනලද (මේ) සිරුර (දෙස) බලනු මැනව.
356
‘‘‘යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං;
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, කායෙ ඡන්දං විරාජය.
356
“අශුභාරම්මණයෙහි එකඟකොට, මොනවට සමාධිගතකොට සිත වඩනු මැනව. කායගතාසතිය වේවා. කලකිරීම් බහුලකොට ඇත්තියක් වනු මැනව.
357
‘‘‘අනිමිත්තඤ්ච භාවෙහි, මානානුසයමුජ්ජහ;
තතො මානාභිසමයා, උපසන්තා චරිස්සසි.
357
“මේ ස්ත්‍රියගේ සිරුර යම්සේ නම් මේ සිරුරද එබඳුම වෙයි. මේ (මළාවූ ස්ත්‍රියගේ) සිරුර ඉදිමීම ආදී වශයෙන් උද්‍ධුමාතක අශුභාදියට පැමිණෙන්නේ (යම්සේ) නම් මේ සිරුරු (මරණින් පසු) එබඳුම වෙයි. ආධ්‍යාත්මිකවූ තමාගේ කයෙහිද ආලය දුරුකළ මැනව.
358
‘‘‘යෙ රාගරත්තානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව ජාලං;
එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති, න පෙක්ඛිනො (අනපෙක්ඛිනො (සී. ස්‍යා. පී.)) කාමසුඛං පහාය’.
358
“නිර්‍වෙදභාගීවූ සමාධියෙන් එකඟවූ සිත් ඇත්තේ විදර්‍ශනා වඩව. මානායුසය දුරු කරව. එහෙයින් මානය දුරුකිරීමෙන් සංසිඳුනී හැසිරෙන්නෙහිය.
359
‘‘තතො කල්ලිතචිත්තං (කල්ලිකචිත්තං (ස්‍යා.), කලිකචිත්තං (පී.)) මං, ඤත්වාන නරසාරථි;
මහානිදානං දෙසෙසි, සුත්තන්තං විනයාය මෙ.
359
“රාගයෙන් රත්වූ යමෙක් තුමූ, තමා විසින් කළ දැල මකුළුවා මෙන් තමන් උපදවාගත් (තෘෂ්ණා) නමැති සැඩ පහරෙහි වැටෙත්ද, (නුවණැත්තෝ) මෙම තෘෂ්ණා නම්වූ බැම්මද කපා අපෙක්‍ෂා නැත්තාහු, කම් සුව හැර දමා පැවිදි වෙති.
360
‘‘සුත්වා සුත්තන්තසෙට්ඨං තං, පුබ්බසඤ්ඤමනුස්සරිං;
තත්ථ ඨිතාවහං සන්තී, ධම්මචක්ඛුං විසොධයිං.
360
“ඉක්බිති නරසාරථීවූ තථාගත තෙමේ (ධර්‍මාවබෝධයට) සුදුසුවූ සිත් ඇති මා දැක, මාගේ හික්මීම පිණිස මහානිදාන සූත්‍රාන්තය දේශනා කළ සේක.
361
‘‘නිපතිත්වා මහෙසිස්ස, පාදමූලම්හි තාවදෙ;
අච්චයං දෙසනත්ථාය, ඉදං වචනමබ්‍රවිං.
361
“එම ශ්‍රේෂ්ඨ සූත්‍රාන්තය අසා පෙර ඇසීම සිතට නගා ගතිමි. මම එහි සිටින්නීම දහම් ඇස පිරිසිදු කෙළෙමි.
362
‘‘‘නමො තෙ සබ්බදස්සාවී, නමො තෙ කරුණාකර;
නමො තෙ තිණ්ණසංසාර, නමො තෙ අමතං දද.
362
“එකෙණෙහි මහර්ෂීන් වහන්සේගේ පාමුල වැටී ඇවැත් දෙසුම පිණිස මෙම වචනය කීමි.
363
‘‘‘දිට්ඨිගහනපක්ඛන්දා (... පක්ඛන්තා (සී. ස්‍යා.)), කාමරාගවිමොහිතා;
තයා සම්මා උපායෙන, විනීතා විනයෙ රතා.
363
“සර්‍වදර්ශීවූ තථාගතයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. කරුණාවට ආකරයක්වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. තරණය කරන ලද සසර සයුර ඇති බුදුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. අමෘත දායකයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා.
364
‘‘‘අදස්සනෙන විභොගා (විබ්භොගා (සී.), විහිතා (ස්‍යා.)), තාදිසානං මහෙසිනං;
අනුභොන්ති මහාදුක්ඛං, සත්තා සංසාරසාගරෙ.
364
“(දෙසා) මිසදිටු අවුලට අයත් පක්‍ෂයෙහි ඇතුළත්වූවා, කාමරාගයෙන් මුළාවූවාද (වීමි.) ඔබවහන්සේ විසින් සම්‍යක් උපායෙන් හික්මවන ලද්දී, විනයයෙහි ඇළුනීද වෙමි.
365
‘‘‘යදාහං ලොකසරණං, අරණං අරණන්තගුං (මරණන්තගං (ස්‍යා.));
නාද්දසාමි අදූරට්ඨං, දෙසයාමි (දෙසෙස්සාමි (ස්‍යා.)) තමච්චයං.
365
“එබඳු බුදුවරුන්ගේ නොදැකීමෙන් දුර්භාග්‍යවූ සත්ත්‍වයෝ සසර සයුරෙහි මහ දුක් අනුභව කෙරෙත්.
366
‘‘‘මහාහිතං වරදදං, අහිතොති විසඞ්කිතා;
නොපෙසිං රූපනිරතා, දෙසයාමි තමච්චයං’.
366
“යම් කලෙක්හි මම නුදුරෙහි සිට ලොවට පිළිසරණවූ, නොඇළුනාවූ, මරණය කෙළවර කළ බුදුරජුන් නොදුටුයෙම් නම් එම ඇවත දෙසමි.
367
‘‘තදා මධුරනිග්ඝොසො, මහාකාරුණිකො ජිනො;
අවොච තිට්ඨ ඛෙමෙති, සිඤ්චන්තො අමතෙන මං.
367
“අහිතවත් කෙනෙකැයි සැක කරන්නී, රූපයෙහි ඇළුනී, බොහෝ හිතවත්වූ අභිමත දැය දෙන්නාවූ (තථාගතයන් වෙත) නොපැමිණියෙම් නම් එම ඇවත දෙසමි” යි.
368
‘‘තදා පණම්‍ය සිරසා, කත්වා ච නං පදක්ඛිණං;
ගන්ත්වා දිස්වා නරපතිං, ඉදං වචනමබ්‍රවිං.
368
“එකල්හි මධුර ස්වර ඇති, මහාකාරුණික බුදුරජතෙම මා අමාවෙන් තෙමන්නාක් මෙන්, “ඛේමාවෙනි, සිටිනු මැනවැ” යි වදාළ සේක.
369
‘‘‘අහො සම්මා උපායො තෙ, චින්තිතොයමරින්දම;
වනදස්සනකාමාය, දිට්ඨො නිබ්බානතො මුනි.
369
“එකල්හි (මම) උන්වහන්සේට සිරසින් වැඳ පැදකුණුකොට ගොස් රජතුමා දැක මෙම වචනය කීමි.
370
‘‘‘යදි තෙ රුච්චතෙ රාජ (රාජා (ස්‍යා.)), සාසනෙ තස්ස තාදිනො;
පබ්බජිස්සාමි රූපෙහං, නිබ්බින්නා මුනිවාණිනා’ (මුනිභාණිනා (ස්‍යා. පී.)).
370
“රජතුමෙනි, ආශ්චර්‍ය්‍යයකි. ඔබ විසින් මනාවූ උපායක් සිතන ලදී. (ජෙත)වනය දකිනු කැමැත්තිය විසින් නිවන දෙසන්නාවූ තථාගත තෙම දක්නා ලදී.
371
‘‘අඤ්ජලිං පග්ගහෙත්වාන, තදාහ ස මහීපති;
‘අනුජානාමි තෙ භද්දෙ, පබ්බජ්ජා තව සිජ්ඣතු’.
371
“ඒ රජතෙම ඇඳිලි බැඳගෙන, “සොඳුර තීහට අනුදනිමි. තීගේ පැවිද්ද සමෘද්‍ධ වේවා” යි කීය.
372
‘‘පබ්බජිත්වා තදා චාහං, අද්ධමාසෙ (සත්තමාසෙ (ස්‍යා.)) උපට්ඨිතෙ;
දීපොදයඤ්ච භෙදඤ්ච, දිස්වා සංවිග්ගමානසා.
372
“එකල්හි මම පැවිදිව අඩමසක් එළඹි කල්හි පහන් දැල්වීමද නිවීමද දැක කලකිරුනු සිත් ඇත්තී,
373
‘‘නිබ්බින්නා සබ්බසඞ්ඛාරෙ, පච්චයාකාරකොවිදා;
චතුරොඝෙ අතික්කම්ම, අරහත්තමපාපුණිං.
373
“සියළු සංස්කාරයන් කෙරෙහි කළකිරුනී, ප්‍රත්‍යාකාර (පටිච්ච සමුප්පාද)යෙහි දක්‍ෂවූවා, (කාමාදී) චතුරෝඝයන් ඉක්මවා රහත්බවට පැමිණියෙමි.
374
‘‘ඉද්ධීසු ච වසී ආසිං, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී චාපි භවාමහං.
374
“මම ඎද්‍ධියෙහිද වශීවීමි. (එසේම) දිව්‍යශ්‍රොත ධාතුයෙහිද, චෙතොපරිය ඥානයෙහිද වශීවෙමි.
375
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
375
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. (මා විසින්) දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
376
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
පරිසුද්ධං මම ඤාණං, උප්පන්නං බුද්ධසාසනෙ.
376
“බුදු සසුන්හිවූ අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද මට පිරිසිදු නුවණ පහළවිය.
377
‘‘කුසලාහං විසුද්ධීසු, කථාවත්ථුවිසාරදා;
අභිධම්මනයඤ්ඤූ ච, වසිප්පත්තාම්හි සාසනෙ.
377
“මම විසුද්‍ධීන්හි දක්‍ෂවූවා, කථාවස්තුවෙහි විශාරදවූවා, විජමනය දන්නී, සසුනෙහි වශීබවට පැමිණියා වෙමි.
378
‘‘තතො තොරණවත්ථුස්මිං, රඤ්ඤා කොසලසාමිනා;
පුච්ඡිතා නිපුණෙ පඤ්හෙ, බ්‍යාකරොන්තී යථාතථං.
378
“ඉක්බිති කොසොල් රජු විසින් බොජුන් වත්හි පුහුණුවූ ප්‍රශ්ණයක් විචාරණ ලද්දී තත්වූ පරිදි පවසන්නීය.
379
‘‘තදා ස රාජා සුගතං, උපසඞ්කම්ම පුච්ඡථ;
තථෙව බුද්ධො බ්‍යාකාසි, යථා තෙ බ්‍යාකතා මයා.
379
“එකල්හි එම රජතෙම බුදුරජුන් වෙත එළඹ විචාළේය. යම් සේ මා විසින්ම (ඇයගෙන් උගත් පරිදි) එම ප්‍රශ්නයෝ විසඳන ලද නම් බුදුරජ තෙමේද එසේම වදාළ සේක.
380
‘‘ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං;
මහාපඤ්ඤානමග්ගාති, භික්ඛුනීනං නරුත්තමො.
380
“නරොත්තමවූ තථාගත තෙම එම ගුණයෙහි තුටුවූයේ, “මහා ප්‍රාඥවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍ර වන්නීය” යි මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
381
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
381
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
382
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
382
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
383
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ඛෙමා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
383
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් ඛේමා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
9. උප්පලවණ්ණාථෙරීඅපදානං 9. උප්පලවණ්ණාපදානය
10. පටාචාරාථෙරීඅපදානං 10. පටාචාරාපදානය