2. එකූපොසථිකවග්ගො | 2. එකු පොසථිකා වග්ග |
1. එකූපොසථිකාථෙරීඅපදානං | 1. එකු පොසථිකාපදානය |
1
‘‘නගරෙ
දිවසෙ පුණ්ණමාය සො, උපවසි උපොසථං.
|
1
“බන්ධුමතී නගරයෙහි බන්ධුමා නම් ක්ෂත්රියයෙක් (රජෙක්) (විය.) හෙතෙම පසළොස්වක් පොහෝ දිනයෙහි පෙහෙවෙස් විසීය.
|
2
‘‘අහං තෙන සමයෙන, කුම්භදාසී අහං තහිං;
දිස්වා සරාජකං සෙනං, එවාහං චින්තයිං තදා.
|
2
“මම එසමයෙහි එහි කළ (දිය අදිනා) දැස්සක් වීමි. එකල්හි මම රජු සහිත දූත පිරිස දැක මෙසේ සිතීමි.
|
3
‘රාජාපි රජ්ජං ඡඩ්ඩෙත්වා, උපවසි උපොසථං;
සඵලං නූන තං කම්මං, ජනකායො පමොදිතො’.
|
3
“රජතෙමේද රාජ්‍යය හැර දමා පෙහෙවස් විසීය. ඒකාන්තයෙන් මම (උපොසථ) කර්මය සඵලය. එහෙයින් ජන සමූහයා ප්‍රමුදිත විය (කියායි.)
|
4
‘‘යොනිසො
මානසං සම්පහංසිත්වා, උපවසිං උපොසථං.
|
4
“(මමද) දුගී බවද, දිළිඳු බවද නුවණින් ප්රත්යවෙක්ෂාකොට, සිත පහදවා පෙහෙවස් විසීමි.
|
5
‘‘අහං උපොසථං කත්වා, සම්මාසම්බුද්ධසාසනෙ;
තෙන කම්මෙන සුකතෙන, තාවතිංසමගච්ඡහං.
|
5
“මම සම්බුදුරජුන්ගේ සසුනෙහි පෙහෙවස් කම් කොට මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙන තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
6
‘‘තත්ථ මෙ සුකතං බ්යම්හං, උබ්භයොජනමුග්ගතං
(උද්ධං යොජනමුග්ගතං (සී. ස්‍යා. පී.));
කූටාගාරවරූපෙතං, මහාසනසුභූසිතං.
|
6
“එහි මට මැනවින් කරණ ලද විමන උඩට යොදුනක් පැන නැංගේය. උතුම් කුළු ගෙවලින් යුක්තය. සෙනසුන්වලින්ද අලඞ්කාර විය.
|
7
‘‘අච්ඡරා සතසහස්සා, උපතිට්ඨන්ති මං සදා;
අඤ්ඤෙ දෙවෙ අතික්කම්ම, අතිරොචාමි සබ්බදා.
|
7
“සියක් දහසක් අප්සරාවෝ (පරිවරණය සඳහා) නිතර මා වෙත එළඹ සිටිත්. අනික් දෙවියන් (පිළිබඳ දිව්‍යානුභාවය මැඩ) හැමකල්හි බබළමි.
|
8
‘‘චතුසට්ඨි දෙවරාජූනං, මහෙසිත්තමකාරයිං;
තෙසට්ඨි චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
|
8
“සූසැටක් දෙවිවරුන්ගේ මෙහෙසිබව කරවීමි. තෙසැටක් සක්විති රජුන්ගේද මෙහෙසිබව කරවීමි. හැම තන්හි උතුම් තැනැත්තියක් වෙමි. පෙහෙවස් විසීමෙහි මේ විපාකයයි.
|
9
‘‘සුවණ්ණවණ්ණා
සබ්බත්ථ පවරා හොමි, උපොසථස්සිදං ඵලං.
|
9
“මම රන්වන්ව භවයෙහි සැරිසරමි. සියලු තැන්හි උතුම් වෙමි. පෙහෙවස් විසීමෙහි මේ විපාකයයි.
|
10
‘‘හත්ථියානං අස්සයානං, රථයානඤ්ච සීවිකං
(කෙවලං (සී. ස්‍යා. පී.));
ලභාමි සබ්බමෙවෙතං, උපොසථස්සිදං ඵලං.
|
10
“හුදෙක් හස්ති යානය, අශ්ව යානය, රථ යානය යන මේ සියල්ල ලබමි. උපොසථ (කර්ම)යාගේ මේ විපාකයයි.
|
11
‘‘සොණ්ණමයං රූපිමයං, අථොපි ඵලිකාමයං;
ලොහිතඞ්ගමයඤ්චෙව, සබ්බං පටිලභාමහං.
|
11
“මම රන්මුවාවූද, රිදීමුවාවූද, යලි පළිඟුමුවාවූද, පියුමරාමිණිමුවාවූද, සියල්ල ලබමි.
|
12
‘‘කොසෙය්යකම්බලියානි
මහග්ඝානි ච වත්ථානි, සබ්බං පටිලභාමහං.
|
12
“කොසෙය්ය හා කම්බිලිද, කොමුපිලි හා කපුපිලිද, මාහැඟි වස්ත්‍රද යන සියල්ල ලබමි.
|
13
‘‘අන්නං
සබ්බමෙතං පටිලභෙ, උපොසථස්සිදං ඵලං.
|
13
“ආහාරද, පානද, කෑයුතු දෙයද, වස්ත්‍ර හා සෙනසුන්ද (යන) මේ සියල්ල ලබමි. උපොසථ කර්මයාගේ මේ විපාකයයි.
|
14
‘‘වරගන්ධඤ්ච මාලඤ්ච, චුණ්ණකඤ්ච විලෙපනං;
සබ්බමෙතං පටිලභෙ, උපොසථස්සිදං ඵලං.
|
14
“උතුම්වූ සුවඳද, මල්ද, (වත්) සුණුද, විලවුන්ද (යන) මේ සියල්ල ලබමි. උපොසථ කර්මයාගේ මේ විපාකයයි.
|
15
‘‘කූටාගාරඤ්ච පාසාදං, මණ්ඩපං හම්මියං ගුහං;
සබ්බමෙතං පටිලභෙ, උපොසථස්සිදං ඵලං.
|
15
“කුළුගෙයද, පහයද, මඩුවද, සඳළු සහිත ගෙයද, ගුහාවද (යන) මේ සියල්ල ලබමි. උපොසථ කර්මයාගේ මේ විපාකයයි.
|
16
‘‘ජාතියා සත්තවස්සාහං, පබ්බජිං අනගාරියං;
අඩ්ඪමාසෙ අසම්පත්තෙ, අරහත්තමපාපුණිං.
|
16
“උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අඩමසත් නොපැමිණි කල්හිම රහත්බවට පැමිණියෙමි.
|
17
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
17
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත උපතක් නැත.
|
18
‘‘එකනවුතිතො
දුග්ගතිං නාභිජානාමි, උපොසථස්සිදං ඵලං.
|
18
“මින් (පෙර) එක් අනූවන කපෙහි වු එකල්හි යම් කර්මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උපොසථ කර්මයාගේ මේ විපාකයයි.
|
19
‘‘කිලෙසා
|
19 |
20
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
20
“ඒකාන්තයෙන් යහපත් පැමිණීමක් විය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
21
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං එකූපොසථිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
21
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකූපොසතික භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|
2. සළලපුප්ඵිකාථෙරීඅපදානං | 2. සලල පුප්ඵිකාපදානය |
22
‘‘චන්දභාගානදීතීරෙ, අහොසිං කින්නරී තදා;
අද්දසාහං දෙවදෙවං, චඞ්කමන්තං නරාසභං.
|
22
“එකල්හි මම චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. මම සක්මන් කරන්නාවූ, දේවාතිදේවවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දුටිමි.
|
23
‘‘ඔචිනිත්වාන සළලං, බුද්ධසෙට්ඨස්සදාසහං;
උපසිඞ්ඝි මහාවීරො, සළලං දෙවගන්ධිකං.
|
23
“මම සලල මල් නෙලා, “මහා වීරයන් වහන්සේ දිව සුවඳ ඇති සලල මල් සිඹිනු මැනවැ” යි බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
|
24
‘‘පටිග්ගහෙත්වා
උපසිඞ්ඝි මහාවීරො, පෙක්ඛමානාය මෙ තදා.
|
24
“මහාවීරවූ, ලෝකනායකවූ විපස්සී බුදුරජතෙම එය පිළිගෙන, එකල්හි මා බලා සිටියදීම ආඝ්‍රාණය කළ සේක.
|
25
‘‘අඤ්ජලිං පග්ගහෙත්වාන, වන්දිත්වා ද්විපදුත්තමං
(දිපදුත්තමං (සී. ස්‍යා. පී.));
සකං චිත්තං පසාදෙත්වා, තතො පබ්බතමාරුහිං.
|
25
“ඇඳිලි බැඳ බුදුරජුන්හට වැඳ, සිය සිත පහදවා ඉක්බිති පර්වතයට නැංගෙමි.
|
26
‘‘එකනවුතිතො
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
26
“මින් (පෙර) එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
27
‘‘කිලෙසා
|
27
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
28
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
28
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
29
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං සළලපුප්ඵිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
29
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
|
3. මොදකදායිකාථෙරීඅපදානං | 3. මොදකදායිකාථෙරීඅපදානං |
30
‘‘නගරෙ බන්ධුමතියා, කුම්භදාසී අහොසහං;
මම භාගං ගහෙත්වාන, ගච්ඡං උදකහාරිකා
(උදකහාරිකං (සී.), උදකහාරිකෙ (ස්‍යා.)).
|
30
මොදක දායිකාපදානය.
|
31
‘‘පන්ථම්හි සමණං දිස්වා, සන්තචිත්තං සමාහතං;
පසන්නචිත්තා සුමනා, මොදකෙ තීණිදාසහං.
|
31
“මම බන්ධුමතී නගරයෙහි දිය අදිනා දාසියක් වීමි. මාගේ (අහාර) කොටසද ගෙන දියට යන්නේ,
|
32
‘‘තෙන
එකනවුතිකප්පානි
(එකූනතිංසකප්පානි (ස්‍යා.)), විනිපාතං නගච්ඡහං.
|
32
“මම මාර්ගයෙහිදී ශාන්තවූ සන්හුන් ශ්‍රමණයෙකු දැක පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, අග්ගලා තුණක් දුනිමි.
|
33
‘‘සම්පත්ති තං
(සම්පත්තිඤ්ච (ස්‍යා.), සම්පත්තිකං (ක.)) කරිත්වාන, සබ්බං අනුභවිං අහං;
මොදකෙ තීණි දත්වාන, පත්තාහං අචලං පදං.
|
33
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම එක් අනූ කපක් දුගතියකට නොගියෙමි.
|
34
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
|
34
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
35
‘‘ස්වාගතං
|
35
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
36
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං මොදකදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
36
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් මොදකදායිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|
4. එකාසනදායිකාථෙරීඅපදානං | 4. එකාසන දායිකාපදානය |
37
‘‘නගරෙ
මාතා ච මෙ පිතා චෙව, කම්මන්තං අගමංසු තෙ.
|
37
“එකල්හි (මම) හංසවතී නගරයෙහි බාලිකාවක් වීමි. මාගේ මවද, පියාද යන ඒ දෙදෙනා කර්මාන්තයට ගියාහුය.
|
38
‘‘මජ්ඣන්හිකම්හි සූරියෙ, අද්දසං සමණං අහං;
වීථියා අනුගච්ඡන්තං, ආසනං පඤ්ඤපෙසහං.
|
38
“මම හිරු මැදහත් (ඉර මුදුන්) වේලෙහි වීථියෙහි ගමන් කරන්නාවූ ශ්‍රමණයෙකු දුටිමි. (දැක) මම අසුනක් පැණවීමි.
|
39
‘‘ගොනකාවිකතිකාහි
(ගොනකචිත්තකාදීහි (සී.)), පඤ්ඤපෙත්වා මමාසනං;
පසන්නචිත්තා සුමනා, ඉදං වචනමබ්රවිං.
|
39
“මම දික් ලොම් ඇති මහ කොඳු පලස්ද, ව්‍යාල චිත්‍ර ඇති එළු ලොම් ඇතිරිද යන මේ ආදියෙන් අසුනක් පණවා පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා මෙම වචනය කීමි.
|
40
‘‘‘සන්තත්තා කුථිතා භූමි, සූරො මජ්ඣන්හිකෙ ඨිතො;
මාලුතා ච න වායන්ති, කාලො චෙවෙත්ථ මෙහිති
(චෙත්ථ උපට්ඨිතො (සී.), චෙවත්ථං එති තං (පී.)).
|
40
“හිරු මුදුනෙහි සිටියේය. භූමි තොමෝ රත්වූවා, කැකෑරී ගියාය. වාතයද නොහමත්. මෙහි (විවේකයට සුදුසු) කාලයද එළඹ සිටියේය.
|
41
‘‘‘පඤ්ඤත්තමාසනමිදං, තවත්ථාය මහාමුනි;
අනුකම්පං උපාදාය, නිසීද මම ආසනෙ’.
|
41
“මහාමුනීන් වහන්ස, මේ පණවන ලද ආසනය ඔබ වහන්සේ සඳහාය. අනුකම්පාව උපදවා මාගේ අසුනෙහි වැඩහිඳිනු මැනව.”
|
42
‘‘නිසීදි තත්ථ සමණො, සුදන්තො සුද්ධමානසො;
තස්ස පත්තං ගහෙත්වාන, යථාරන්ධං අදාසහං.
|
42
“මැනවින් දමනයවූ පිරිසිදු සිත් ඇති ශ්‍රමණතෙමේ එහි වැඩ හුන්සේක. මම උන්වහන්සේගේ පාත්‍රය ගෙන (කිසිවක් නොමැති බැවින්) හිස්වූ ලෙසම (ආපසු) දුනිමි.
|
43
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
43
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
|
44
‘‘තත්ථ මෙ සුකතං බ්යම්හං, ආසනෙන සුනිම්මිතං;
සට්ඨියොජනමුබ්බෙධං, තිංසයොජනවිත්ථතං.
|
44
“එහි මට මනාකොට කරණ ලද විමානය ආසනයකින්ද යුතුව මැනවින් නිර්මිත කරණ ලදී. (එය) සැට යොදුනක් උසය. තිස් යොදුනක් පුළුල්ය.
|
45
‘‘සොණ්ණමයා
ලොහිතඞ්ගමයා චෙව, පල්ලඞ්කා විවිධා මම.
|
45
“මම එහි රුවන්මුවාවූද, මිණිමුවාවූද, යලිදු පළිඟුමුවාවුද, පියුම්රාමිණිමුවාවූද නන් වැදෑරුම් පර්‍ය්‍යඞ්කයෝ වෙති.
|
46
‘‘තූලිකා විකතිකාහි, කට්ටිස්සචිත්තකාහි ච;
උද්දඑකන්තලොමී ච, පල්ලඞ්කා මෙ සුසණ්ඨිතා
(සුසන්ථතා (සී.)).
|
46
“පුළුන් ඇතිරිවලින් හා සිංහ ව්‍යාඝ්‍රාදී රූපයන්ගෙන් විචිත්‍රවූ එළුලොම් ඇතිරිවලින්ද, රන්කසුකම් කොට කිහිරි හුයින් කළ පලස්වලින් හා ව්‍යාල චිත්‍ර ඇති එළුලොම් ඇතිරිවලින්ද, එක් අතක පමණක් දාවලු ඇති එකදාය ඇතිරිවලින් හා දෙඅතෙහිම දාවලු ඇති දෙදාය ඇතිරිවලින්ද, මැනවින් අතුරනලද පර්‍ය්‍යඞ්කයෝ මට (එහි වෙති.)
|
47
‘‘යදා
සහ පල්ලඞ්කසෙට්ඨෙන, ගච්ඡාමි මම පත්ථිතං.
|
47
“යම් කලෙක්හි විනෝද කෙළි සහිතව ගමනක් (යාමට) සිතම්ද, (එකල්හි) උතුම්වූ පළඟ සමගම මා කැමති තැනටම යමි.
|
48
‘‘අසීති දෙවරාජූනං, මහෙසිත්තමකාරයිං;
සත්තති චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
|
48
“අසූවක් දෙව්රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. සැත්තෑවක් සක්විති රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
|
49
‘‘භවාභවෙ
භොගෙ මෙ ඌනතා නත්ථි, එකාසනස්සිදං ඵලං
(එකාසනඵලං ඉදං (සබ්බත්ථ) එවමුපරිපි).
|
49
“මම කුදු මහත් භවයන්හි සැරිසරන්නේ මහත්වූ භෝග සම්පත් ලබමි. මාගේ භෝගයෙහි අඩුවක් නැත. එක අසුනක් පිදීමෙහි මේ විපාකයයි.
|
50
‘‘දුවෙ භවෙ සංසරාමි, දෙවත්තෙ අථ මානුසෙ;
අඤ්ඤෙ භවෙ න ජානාමි, එකාසනස්සිදං ඵලං.
|
50
“දෙව් අත්බැව්හිද, යලි මිනිස් අත්බැව්හිද, යන දෙ අත්බැව්හි සැරිසරමි. අන්‍යවූ භවයන් ගැන නොදනිමි. එක අසුනක් පිදීමෙහි මේ විපාකයයි.
|
51
‘‘දුවෙ කුලෙ පජායාමි, ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ;
උච්චාකුලීනා
(උච්චාකුලිකා (ස්‍යා. පී. ක.)) සබ්බත්ථ, එකාසනස්සිදං ඵලං.
|
51
“කැත් කුලයෙහිද, බමුණු කුලයෙහිද යන දෙකුලයෙහි උපදිමි. හැමතන්හි උසස් කුලවතියක් වීමි. එක අසුනක් පිදීමෙහි මේ විපාකයයි.
|
52
‘‘දොමනස්සං න ජානාමි, චිත්තසන්තාපනං මම;
වෙවණ්ණියං න ජානාමි, එකාසනස්සිදං ඵලං.
|
52
“මාගේ සිත තැවුලක්ද, දොම්නසක්ද (ගැන) නොදනිමි. දුර්වර්ණ බවකුදු එසේම නොදනිමි. එක් අසුනක් පිදීමෙහි මේ විපාකයයි.
|
53
‘‘ධාතියො
අඞ්කෙන අඞ්කං ගච්ඡාමි, එකාසනස්සිදං ඵලං.
|
53
“බොහෝ කුදු ස්ත්‍රීහුද, කෙලතොළු ස්ත්‍රීහුද (හැර දෝෂ විරහිත) කිරිමවුමරු මට උවටැන් කරති. (එබඳු කිරිමවුවරුන්ගේ) ඇකයෙන් ඇකයට යමි. එක් අසුනක් පිදීමෙහි මේ විපාකයයි.
|
54
‘‘අඤ්ඤා න්හාපෙන්ති භොජෙන්ති, අඤ්ඤා රමෙන්ති මං සදා;
අඤ්ඤා ගන්ධං විලිම්පන්ති, එකාසනස්සිදං ඵලං
(අඤ්ඤා මමෙව න්හාපෙන්ති, අඤ්ඤා භොජෙන්ති භොජනං; අඤ්ඤා මං අලඞ්කරොන්ති, අඤ්ඤා රමෙන්ති මං සද්ධා; (ස්‍යා.)).
|
54
“ඇතැම් ස්ත්‍රීහු මා නාවත්. ආහාර අනුභව කරවත්. අනික් ස්ත්‍රීහු හැමකල්හි මා (ක්‍රීඩාවෙන්) සතුටු කරවත්. සමහර ස්ත්‍රීහු (මාගේ සිරුරෙහි) සුවඳ විලවුන් ආලේප කරත්. එක් අසුනක් පිදීමෙහි මේ විපාකයයි.
|
55
‘‘මණ්ඩපෙ රුක්ඛමූලෙ වා, සුඤ්ඤාගාරෙ වසන්තියා;
මම සඞ්කප්පමඤ්ඤාය, පල්ලඞ්කො උපතිට්ඨති.
|
55
“මඩුවක හෝ, රුක් මුලක හෝ, හිස් ගෙයක හෝ වසන්නාවූ මාගේ අදහස් දැන පර්‍ය්‍යඞ්කයක් එළඹ සිටියි.
|
56
‘‘අයං පච්ඡිමකො මය්හං, චරිමො වත්තතෙ භවො;
අජ්ජාපි රජ්ජං ඡඩ්ඩෙත්වා, පබ්බජිං අනගාරියං.
|
56
“මාගේ මේ අන්තිම (ආත්ම)යයි. අවසාන භවය පවතී. රාජ්‍යය හැරදමා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.
|
57
‘‘සතසහස්සිතො කප්පෙ, යං දානමදදිං තදා;
දුග්ගතිං නාභිජානාමි, එකාසනස්සිදං ඵලං.
|
57
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් (ආසන) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එක් අසුනක් පිීමෙහි මේ විපාකයයි.
|
58
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
|
58
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
59
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
59
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
60
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං එකාසනදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
60
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් එකාසනදායිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|
5. පඤ්චදීපදායිකාථෙරීඅපදානං | 5. පඤ්චදීපදායිකාපදානය |
61
‘‘නගරෙ
ආරාමෙන ච ආරාමං
(ආරාමෙන විහාරෙන (ස්‍යා. පී.)), චරාමි කුසලත්ථිකා.
|
61
“මම එකල්හි හංසවතී නගරයෙහි චාරිකාවේ හැසිරෙන්නියක් වීමි. පින් කැමැත්තී, ආරාමයෙන් ආරාමයට හැසිරෙමි.
|
62
‘‘කාළපක්ඛම්හි දිවසෙ, අද්දසං බොධිමුත්තමං;
තත්ථ චිත්තං පසාදෙත්වා, බොධිමූලෙ නිසීදහං.
|
62
“කාලපක්ෂයෙහිවූ (අමාවක්) දිනයෙහි උතුම්වූ බෝධිය දුටිමි. මම එහි සිත පහදවා බෝමුල හුනිමි.
|
63
‘‘ගරුචිත්තං උපට්ඨෙත්වා, සිරෙ කත්වාන අඤ්ජලිං;
සොමනස්සං පවෙදෙත්වා, එවං චින්තෙසි තාවදෙ.
|
63
“ගෞරවයෙන් යුක්ත සිතක් උපදවා සිරසෙහි ඇඳිලි බැඳ වැඳ, සොම්නස ඇතිකොට, එකෙණෙහි මෙසේ සිතීමි.
|
64
‘‘‘යදි බුද්ධො අමිතගුණො, අසමප්පටිපුග්ගලො;
දස්සෙතු පාටිහීරං මෙ, බොධි ඔභාසතු අයං’.
|
64
“ඉදින් බුදුරජතෙම අපමණ ගුණ ඇත්තේ වේ නම්, අසමවූ අප්‍රති පුද්ගල වේ නම්, මා ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වාවා! මේ බෝධිය ආලෝකවත් වේවා” යි (කියායි.)
|
65
‘‘සහ ආවජ්ජිතෙ මය්හං, බොධි පජ්ජලි තාවදෙ;
සබ්බසොණ්ණමයා ආසි, දිසා සබ්බා විරොචති.
|
65
“මාගේ ආවර්ජනය (මෙනෙහි කිරීම) සමගම එකෙණෙහි බෝධිය දැල්විනි. (එය) සර්ව ස්වර්ණමය විය. සියළු දිගුන් බැබළුනු,
|
66
‘‘සත්තරත්තින්දිවං තත්ථ, බොධිමූලෙ නිසීදහං;
සත්තමෙ දිවසෙ පත්තෙ, දීපපූජං අකාසහං.
|
66
“මම රෑ දාවල් සතක් එහි බෝමුලෙමි හුනිමි. සත්වැනි දවස පැමිණි කල්හි මම පහන් පූජාවක් කෙළෙමි.
|
67
‘‘ආසනං පරිවාරෙත්වා, පඤ්ච දීපානි පජ්ජලුං;
යාව උදෙති සූරියො, දීපා මෙ පජ්ජලුං තදා.
|
67
“ආසනය පරිවරා (වටකොට) පහන් පසක් දැල්වීමි. හිරු උදාවනතුරු එකල්හි මාගේ ප්රදීපයෝ දැල්වුනහ.
|
68
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
68
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
69
‘‘තත්ථ මෙ සුකතං බ්යම්හං, පඤ්චදීපාති වුච්චති;
සට්ඨියොජනමුබ්බෙධං, තිංසයොජනවිත්ථතං.
|
69
“එහි මට මැනවින් කරණ ලද (පහළවූ) විමානය “පඤ්චදීපී” යයි කියනු ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුනක් පුළුලුය.
|
70
‘‘අසඞ්ඛියානි
යාවතා දෙවභවනං, දීපාලොකෙන ජොතති.
|
70
“අපමණ ප්රදීපයෝ මාගේ හාත්පස දැල්වුනහ. දිව්‍ය භවනය මුළුල්ලම ප්‍රදීපාලෝකයෙන් බබලයි.
|
71
‘‘පරම්මුඛා
(පුබ්බමුඛා (ස්‍යා.)) නිසීදිත්වා, යදි ඉච්ඡාමි පස්සිතුං;
උද්ධං අධො ච තිරියං, සබ්බං පස්සාමි චක්ඛුනා.
|
71
“ඉදින් අනභිමුඛයෙහි හිඳ යමක් බලන්නට කැමතිවෙම්ද, (එවිට) උඩද, යටද, සරසද සියල්ල ඇසින් දකිමි.
|
72
‘‘යාවතා අභිකඞ්ඛාමි, දට්ඨුං සුගතදුග්ගතෙ
(සුකතදුක්කටෙ (පී.));
තත්ථ ආවරණං නත්ථි, රුක්ඛෙසු පබ්බතෙසු වා.
|
72
“යම්තාක් (තන්හි) සුගති දුගතිවල (උපන් සත්ත්වයන්) දකින්නට කැමති වෙම්ද, එහිදී වෘක්ෂයන්හි හෝ පර්වතයන්හි හෝ (ඒ හේතුවෙන් සිදුවන) ආවරණයක් නැත.
|
73
‘‘අසීති දෙවරාජූනං, මහෙසිත්තමකාරයිං;
සතානං චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං.
|
73
“අසූවක් දෙවිවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. සියයක් සක්විති රජුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
|
74
‘‘යං
දීපසතසහස්සානි, පරිවාරෙ ජලන්ති මෙ.
|
74
“දිව්‍යවූද, යලි මනුෂ්‍යවූද, යම් යම් යෝනියක උපදිම් නම් සියක් දහසක් ප්රදීපයෝ මා පිරිවරකොට දැල්වෙත්.
|
75
‘‘දෙවලොකා චවිත්වාන, උප්පජ්ජිං මාතුකුච්ඡියං;
මාතුකුච්ඡිගතා සන්තී, අක්ඛි මෙ න නිමීලති.
|
75
“දෙව්ලොවින් චුතව මව්කුසෙහි උපනිමි. මව් කුසට (පිළිසිඳගැනීම්) වශයෙන් ගිය මාගේ ඇස් නොපියවේ.
|
76
‘‘දීපසතසහස්සානි, පුඤ්ඤකම්මසමඞ්ගිතා;
ජලන්ති සූතිකාගෙහෙ, පඤ්චදීපානිදං ඵලං.
|
76
“කරණ ලද පුණ්‍ය කර්මය හා යෙදුනාවූ සියක් දහසක් ප්රදීපයෝ තිඹිරිගෙයි දැල්වෙත්. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.
|
77
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, මානසං විනිවත්තයිං;
අජරාමතං සීතිභාවං, නිබ්බානං ඵස්සයිං අහං.
|
77
“අන්තිම භවය පැමිණි කල්හි (තෘෂ්ණා සහිත) සිත (තෘෂ්ණාවෙන් ඉවතට) පෙරළා දැමීමි. මම ජරා මරණ විරහිතවූ, සිසිල් බැව් ඇති නිවණ පසක් කෙළෙමි.
|
78
‘‘ජාතියා සත්තවස්සාහං, අරහත්තමපාපුණිං;
උපසම්පාදයී බුද්ධො, ගුණමඤ්ඤාය ගොතමො.
|
78
“උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත්බවට පැමිණියෙමි. ගෞතම බුදුරජතෙමේ (මාගේ) ගුණ දැක මා උපසම්පදා කරවූ සේක.
|
79
‘‘මණ්ඩපෙ රුක්ඛමූලෙ වා, සුඤ්ඤාගාරෙ වසන්තියා;
සදා පජ්ජලතෙ දීපං, පඤ්චදීපානිදං ඵලං.
|
79
“මණ්ඩපයක හෝ, රුක්මුලක හෝ, ප්‍රාසාදයන්හි හෝ, ගුහාවන්හි හෝ, හිස් ගෙයක හෝ වසන්නීවූ මට හැම කල්හි පහන් දැල්වේ. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.
|
80
‘‘දිබ්බචක්ඛු විසුද්ධං
අභිඤ්ඤාපාරමිප්පත්තා, පඤ්චදීපානිදං ඵලං.
|
80
“මාගේ දිවැස පිරසිදු විය. මම සමාධියෙහි දක්ෂවූවා වෙමි. අභිඥාවන්හි තෙර පැමිණියාද වෙමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.
|
81
‘‘සබ්බවොසිතවොසානා, කතකිච්චා අනාසවා;
පඤ්චදීපා මහාවීර, පාදෙ වන්දාමි චක්ඛුම.
|
81
“සියල්ල සර්මපූර්ණ ලෙස අවසන්කොට නිමකරණලද කටයුතු ඇත්තී ආශ්‍රව සහිතවූවාය. පසැස් අත්තාවූ මහා වීරයන් වහන්ස, පඤ්චදීපා තොමෝ ඔබවහන්සේගේ පා වඳියි.
|
82
‘‘සතසහස්සිතො කප්පෙ, යං දීපමදදිං තදා;
දුග්ගතිං නාභිජානාමි, පඤ්චදීපානිදං ඵලං.
|
82
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි.
|
83
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
|
83
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
84
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
84
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
85
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං පඤ්චදීපදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
85
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් පඤ්චදීපදායිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|
6. නළමාලිකාථෙරීඅපදානං | 6. නළමාලිකාපදානය |
86
‘‘චන්දභාගානදීතීරෙ
අද්දසං විරජං බුද්ධං, සයම්භුං අපරාජිතං.
|
86
“මම චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. එකල්හි සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
|
87
‘‘පසන්නචිත්තා
නළමාලං ගහෙත්වාන, සයම්භුං අභිපූජයිං.
|
87
“පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, හටගත් ප්‍රීති ඇත්තී, බඳැඳිලි ඇත්තී, (මම) බට මලක් ගෙන බුදුරජුන්හට පිදීමි.
|
88
‘‘තෙන
ජහිත්වා කින්නරීදෙහං
(මානසං දෙහං (සී. පී. ක.) සුමෙධාවග්ගෙපි), තාවතිංසමගච්ඡහං.
|
88
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
89
‘‘ඡත්තිංසදෙවරාජූනං, මහෙසිත්තමකාරයිං;
මනසා පත්ථිතං මය්හං, නිබ්බත්තති යථිච්ඡිතං.
|
89
“සතිසක් දෙව්රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. මාගේ සිතින් පතන ලද්ද අදහස්වූ පරිදි පහළවේ.
|
90
‘‘දසන්නං චක්කවත්තීනං, මහෙසිත්තමකාරයිං;
ඔචිතත්තාව
(සුචිතත්තාව (පී.)) හුත්වාන, සංසරාමි භවෙස්වහං.
|
90
“දස සක්විති රජ කෙනෙකුන්ගේ මෙහෙසිබව කෙළෙමි. මම රැස්කළ පින් ඇත්තියක්ව භවයෙහි සැරිසරමි.
|
91
‘‘කුසලං විජ්ජතෙ මය්හං, පබ්බජිං අනගාරියං;
පූජාරහා අහං අජ්ජ, සක්යපුත්තස්ස සාසනෙ.
|
91
“මාගේ (කරන ලද) කුශලය විද්‍යමානවේ. මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අද ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තියක්ද වෙමි.
|
92
‘‘විසුද්ධමනසා අජ්ජ, අපෙතමනපාපිකා;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
92
“අද පිරිසිදු සිත් ඇත්තියකි. පහවගිය සිත්හිවූ පව් ඇත්තීය. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
93
‘‘චතුන්නවුතිතො කප්පෙ, යං බුද්ධමභිපූජයිං;
දුග්ගතිං නාභිජානාමි, නළමාලායිදං ඵලං.
|
93
“මින් (පෙර) සිව් අනූවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බට මලක් පිදීමෙහි මේ විපාකයයි.
|
94
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
|
94
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
95
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
95
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
96
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං නළමාලිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
96
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් නළමාලිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|
7. මහාපජාපතිගොතමීථෙරීඅපදානං | 7. මහා ප්‍රජාපතී ගොතමී පදානය |
97
‘‘එකදා
කූටාගාරෙ සුසාලායං, වසතෙ නරසාරථි.
|
97
“එක් කලෙක ලොව බබුළුවන්නාවූ, නරදම්සැරිවූ බුදුරජාණන් වහන්සේ විශාලා නගරයෙහි මහාවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
|
98
‘‘තදා ජිනස්ස මාතුච්ඡා, මහාගොතමි භික්ඛුනී;
තහිං කතෙ
(තහිංයෙව (ස්‍යා.)) පුරෙ රම්මෙ, වසී භික්ඛුනුපස්සයෙ.
|
98
“එකල්හි බුදුරජුන්ගේ සුළුමවවූ මහා ප්‍රජාපතී භික්‍ෂුණීතොමෝ එම විශාලා නගරයෙහි කරණ ලද රම්‍යවූ භික්ෂුණී අසපුවක විසුවාය.
|
99
‘‘භික්ඛුනීහි
රහොගතාය තස්සෙවං, චිතස්සාසි
(චිත්තස්සාපි (ස්‍යා.)) විතක්කිතං.
|
99
“රහත්වූ පන් සියයක් භික්ෂුණීන් සමග හුදකලාව (විවේකයෙන්) විසූ එම ප්‍රජාපතී ගොතමියගේ සිතට මෙබඳු අදහසක් ඇතිවිය.
|
100
‘‘බුද්ධස්ස පරිනිබ්බානං, සාවකග්ගයුගස්ස වා;
රාහුලානන්දනන්දානං, නාහං ලච්ඡාමි පස්සිතුං.
|
100
“මම බුදුරජුන්ගේ හෝ, අගසව් දෙනමගේ හෝ, රාහුල-ආනන්ද- නන්ද යන සව්වන්ගේ හෝ පිරිනිවන දකින්නට නොලබන්නෙමි.
|
101
‘‘බුද්ධස්ස පරිනිබ්බානා, සාවකග්ගයුගස්ස වා;
මහාකස්සපනන්දානං, ආනන්දරාහුලාන ච.
|
101
“බුදුරජුන්ගේද, අගසව් දෙනමගේද, මහා කාශ්‍යප, නන්ද-ආනන්ද, රාහුල යන මේ සව්වන්ගේද පරිනිර්වාණයෙන්,
|
102
‘‘පටිකච්චායුසඞ්ඛාරං
(පටිගච්චායුසඞ්ඛාරෙ (සී.))
ගච්ඡෙය්යං ලොකනාථෙන, අනුඤ්ඤාතා මහෙසිනා.
|
102
“පෙරාතුවම බුදුරජුන් විසින් අනුදන්නා ලද්දීවූ මම ආයුසංස්කාරය හැර නිවනට යන්නෙමි” ය (කියායි.)
|
103
‘‘තථා පඤ්චසතානම්පි, භික්ඛුනීනං විතක්කිතං;
ආසි ඛෙමාදිකානම්පි, එතදෙව විතක්කිතං.
|
103
“පන්සියයක් භික්ෂුණීන්ගේ අදහසද මෙබඳුම විය. ඛෙම ආදී භික්ෂුණීන්ගේ අදහසද මෙයම විය.
|
104
‘‘භූමිචාලො තදා ආසි, නාදිතා දෙවදුන්දුභී;
උපස්සයාධිවත්ථායො, දෙවතා සොකපීළිතා.
|
104
“එකල්හි භූමිකම්පාවක් විය. දිව බෙර නාද කළහ. භික්ෂුණී අසපුවෙහි අධිගෘහිතවූ, ශෝකයෙන් පෙළුනාවූ දෙවිවරු දුක් සහිතවම හඬන්නාහු එහි කඳුළු හෙලූහ.
|
105
‘‘විලපන්තා සුකරුණං
(සකරුණං (සී. ස්‍යා. පී.)), තත්ථස්සූනි පවත්තයුං;
මිත්තා
(සබ්බා (ස්‍යා. පී.)) භික්ඛුනියො තාහි, උපගන්ත්වාන ගොතමිං.
|
105
“ඒ මිත්‍රවූ භික්ෂුණීහු ගෝතමිය වෙත එළඹ හිසින් පාමුල වැටී මෙම වචනය කීහ.
|
106
‘‘නිපච්ච සිරසා පාදෙ, ඉදං වචනමබ්‍රවුං;
‘තත්ථ තොයලවාසිත්තා, මයමය්යෙ රහොගතා.
|
106
“ආර්‍ය්‍යාවෙනි, දියබිඳු ඉසින ලද්දාක් වැනිවූ හෙවත් සිසිල් බැවින් කායික අස්වැසිලි ලැබූ අපි එම අසපුවෙහි විවේකයෙහි යෙදුනේ වෙමු. (එකල්හි) නිශ්චලවූ පෘථිවිතොමෝ චලනය වූවාය. දිව්‍ය භෙරීහු වාදනය කරන ලදහ. හැඬීම්ද ඇසෙත්. ගෝතමීන් වහන්ස, ඒකාන්තයෙන් මෙය කුමක් සඳහා වූවක්ද?
|
107
‘‘‘සා
පරිදෙවා ච සුය්යන්තෙ, කිමත්ථං නූන ගොතමී’.
|
107 |
108
‘‘තදා අවොච සා සබ්බං, යථාපරිවිතක්කිතං;
තායොපි සබ්බා ආහංසු, යථාපරිවිතක්කිතං.
|
108
“එකල්හි ඒ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ සිතන ලද පරිදි සියල්ලක් කීවාය. ඒ සියළු භික්ෂුණීහුද තම තමන් සිතන ලද පරිදි කීවාහුය.
|
109
‘‘‘යදි තෙ රුචිතං අය්යෙ, නිබ්බානං පරමං සිවං;
නිබ්බායිස්සාම සබ්බාපි, බුද්ධානුඤ්ඤාය සුබ්බතෙ.
|
109
“මනා ව්‍රත ඇති ආර්‍ය්‍යයන් වහන්ස, ඉදින් ශාන්තියවූ උතුම් නිවන (ලැබීම) ඔබ වහන්සේගේ රුචිය නම් බුදුරජාණන් වහන්සේගේ අනුමතිය පරිදි (අපි) සියල්ලෝම පිරිනිවන් පාන්නෙමු.
|
110
‘‘‘මයං
සහායෙව ගමිස්සාම, නිබ්බානං පදමුත්තමං’.
|
110
“අපි ගිහිගෙහිනුදු, භවයෙනුදු, එක්වම නික්මුනෝ වෙමු. උතුම්වූ නිවන් පුරයටද එක්වම යන්නෙමු” ය (කියායි.)
|
111
‘‘‘නිබ්බානාය වජන්තීනං, කිං වක්ඛාමී’ති සා වදං;
සහ සබ්බාහි නිග්ගඤ්ඡි, භික්ඛුනීනිලයා තදා.
|
111
“ඒ ප්‍රජාපතී ගෝතමී තොමෝ, “නිවනට යන්නියන්හට කුමක් කියන්නෙම්දැ” යි තෙපලමින් එකල්හි (ඒ) සියළු භික්ෂුණීන් සමග අසපුවෙන් නික්මුණාය.
|
112
‘‘උපස්සයෙ
භික්ඛුනීනිලයස්සෙදං, පච්ඡිමං දස්සනං මම.
|
112
“භික්ෂුණී අසපුවෙහි අධිගෘහිත යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔවුහු මට කමත්වා! භික්ෂුණී අසපුවෙහි මාගේ මේ අන්තිම දැකුමයි.
|
113
‘‘න ජරා මච්චු වා යත්ථ, අප්පියෙහි සමාගමො;
පියෙහි න වියොගොත්ථි, තං වජිස්සං
(තං වජ්ජියං (ස්‍යා.)) අසඞ්ඛතං.
|
113
“යම් තැනෙක්හි ජරාවක් නැද්ද, මරණයක් නරද්ද, අප්‍රියයන් හා එක්වීමක් නැද්ද, ප්‍රියයන්ගෙන් වෙන්වීමක් නැද්ද, ඒ අසංඛත ධාතුවවූ නිවනට යන්නෙමි.
|
114
‘‘අවීතරාගා තං සුත්වා, වචනං සුගතොරසා;
සොකට්ටා පරිදෙවිංසු, අහො නො අප්පපුඤ්ඤතා.
|
114
“(රහත්බවට නොපැමිණි බැවින්) අවීතරාගීවූ බුද්ධපුත්‍රයෝ එම වචනය අසා සොවින් පෙළුනාහු, “අහෝ අපගේ පින් මඳ බවකැ” යි කියමින් හැඬූහ.
|
115
‘‘භික්ඛුනීනිලයො
පභාතෙ විය තාරායො, න දිස්සන්ති ජිනොරසා.
|
115
“එම භික්ෂුණීන්ගෙන් තොරවූ, මෙම භික්ෂුණී අසපුව හිස් විය. බුද්ධපුත්‍රයෝ අළුයම්හි තාරකාවන් මෙන් (බැබලීම් සහිතව) නොපෙනෙත්.
|
116
‘‘නිබ්බානං ගොතමී යාති, සතෙහි සහ පඤ්චහි;
නදීසතෙහිව සහ, ගඞ්ගා පඤ්චහි සාගරං.
|
116
“ගඞ්ගාතොමෝ පන්සියයක් නදීන් සමග සයුරට යන්නාක් මෙන් ගෝතමී තොමෝ පන්සියයක් භික්ෂුණීන් සමග නිවනට යන්නිය” යි රහත් නොවූවහු හැඬූහ.
|
117
‘‘රථියාය
ඝරා නික්ඛම්ම පාදෙසු, නිපච්ච ඉදමබ්රවුං.
|
117
“වීථියෙහි වඩින්නාවූ ගෝතමිය දැක සැදැහැවත් උවැසියෝ ගෙවලින් නික්ම (අවුත්) පාමුල්හි වැටී මෙම වචනය කීහ.
|
118
‘‘‘පසීදස්සු මහාභොගෙ, අනාථායො විහාය නො;
තයා න යුත්තා
(යුත්තං (සී. ස්‍යා. පී.)) නිබ්බාතුං, ඉච්ඡට්ටා විලපිංසු තා’.
|
118
“සප්තාර්ය්යධන නම්වූ මහත් භෝග ඇති උත්තමාවෙනි, (තව කලක් වැඩ සිටීමට) සතුටුවනු මැනව. අතහැර දමා (යාමෙන්) අපි අනාථවූ ස්ත්‍රීහු වෙමු. තී පැරිනිවන් පෑමට නුසුදුසුය.” (දුකින්) පෙළෙමින් ඒ උවැසියෝ විලාප කීවාහුය.
|
119
‘‘තාසං සොකපහානත්ථං, අවොච මධුරං ගිරං;
‘රුදිතෙන අලං පුත්තා, හාසකාලොයමජ්ජ වො.
|
119
“එම උවැසියන්ගේ ශෝකය දුරුකරණු සඳහා (ගෝතමී තොමෝ) මිහිරි වචනයෙන් මෙසේ කීවාය. “දරුවෙනි, හැඬීමෙන් කම් නැත. මේ අද තොපගේ සතුටු විය යුතු කාලයයි.
|
120
‘‘‘පරිඤ්ඤාතං මයා දුක්ඛං, දුක්ඛහෙතු විවජ්ජිතො;
නිරොධො මෙ සච්ඡිකතො, මග්ගො චාපි සුභාවිතො.
|
120
“මා විසින් දුක පිරිසිඳ දැනගන්නා ලදී. දුකට හේතුව දුරුකරන ලදී. නිවන අවබෝධ කරණ ලදී. මාර්ගයද මැනවින් වඩන ලදී.
|
121
‘‘‘පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං;
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
|
121
“මා විසින් ශාස්තෘතෙම ඇසුරු කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ (සසර) බර බහා තබන ලදී. භව තෘෂ්ණාව විනාශ කරණ ලදී.
|
122
‘‘‘යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
|
122
“යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වුවද, මා විසින් පැමිණෙන ලද එම අර්ත්ථය ඇත්තේය. (මම) සියලු සංයෝජනයන් ක්ෂයකෙළේද වෙමි.
|
123
‘‘‘බුද්ධො
නිබ්බාතුං තාව කාලො මෙ, මා මං සොචථ පුත්තිකා.
|
123
“බුදුරජතෙමේද උන්වහන්සේගේ සද්ධර්මයද යම්තාක් සම්පූර්ණව පවතී නම්, ඒතාක් කල් මාගේ පිරිනිවීමට කාලයයි. දැරියෙනි, මා ගැන ශෝක නොකරව්.
|
124
‘‘‘කොණ්ඩඤ්ඤානන්දනන්දාදී
සුඛිතො සහිතො සඞ්ඝො, හතදබ්බා ච තිත්ථියා.
|
124
“ඔසවා තබනලද ඔක්කාක වංශයාගේ කීර්තිය ඇති, මාර බලය මඩින්නාවූ සුඛිත සංඝයා සහිතවූ බුදුරජතෙමේද, රාහුල තෙමේද, තීර්ත්ථකයින්ගේ එඩි මඩින්නාවූ කොණ්ඩඤ්ඤ, ආනන්ද, නන්ද ආදීහුද වැඩ සිටිත්. දැරියෙනි, දැන් මාගේ පරිනිර්වාණය පිණිස කාලය නොවේද?
|
125
‘‘‘ඔක්කාකවංසස්ස යසො, උස්සිතො මාරමද්දනො;
නනු සම්පති කාලො මෙ, නිබ්බානත්ථාය පුත්තිකා.
|
125 |
126
‘‘‘චිරප්පභුති
ආනන්දභෙරිකාලොයං, කිං වො අස්සූහි පුත්තිකා.
|
126
“බොහෝ කලක පටන් මා විසින් යමක් පතන ලද නම් අද (එය) සමෘද්ධවේ. මෙය සන්තෝෂ භෙරිය (ගසන) කාලයයි. දැරියෙනි, තොපගේ කඳුළු හෙලීමෙන් කවර ප්‍රයෝජනද?
|
127
‘‘‘සචෙ මයි දයා අත්ථි, යදි චත්ථි කතඤ්ඤුතා;
සද්ධම්මට්ඨිතියා සබ්බා, කරොථ වීරියං දළ්හං.
|
127
“ඉදින් මා කෙරෙහි දයාවක් ඇත්නම්, ඉදින් කෙළෙහිගුණ සැලකීමක් ඇත්නම් සසුනෙහි පැවැත්ම පිණිස සියල්ලෝ දැඩිසේ වීර්‍ය්‍ය කරව්.
|
128
‘‘‘ථීනං අදාසි පබ්බජ්ජං, සම්බුද්ධො යාචිතො මයා;
තස්මා යථාහං නන්දිස්සං, තථා තමනුතිට්ඨථ’.
|
128
“මා විසින් (ස්ත්‍රීන්හට පැවිද්ද දීම සඳහා) සම්බුදුරජතෙම අයදින ලදී. (එසේම එම තථාගත තෙම) ස්ත්‍රීන්හට පැවිද්ද දුන් සේක. එහෙයින් යම්සේ මම සතුටුවන්නෙම්ද, එසේම එම ධර්මයට අනුව සිටිව්.”
|
129
‘‘තා එවමනුසාසිත්වා, භික්ඛුනීහි පුරක්ඛතා;
උපෙච්ච බුද්ධං වන්දිත්වා, ඉදං වචනමබ්රවි.
|
129
“භික්ෂුණීන් විසින් පිරිවරන ලද ඒ ගෞතම තොමෝ මෙසේ අනුශාසනා කොට බුදුරජුන් වෙත එළඹ මෙම වචනය කීවාය.
|
130
‘‘‘අහං
සද්ධම්මසුඛද
(සද්ධම්මසුඛදො (සී. ස්‍යා. පී.)) නාථ, තයා ජාතාම්හි ගොතම.
|
130
“සුගතයන් වහන්ස, මම ඔබ වහන්සේගේ මව් තොමෝය. (තවද) වීරයන් වහන්ස, ඔබ මාගේ (අර්හත් මාර්ග ඥානය ඉපදවීමෙහි) පිය තෙමේය. නාථයන් වහන්ස, (ඔබ) සදහම් නමැති සුවය දෙන්නේ(වෙහිය.) ගෞතම ගෝත්‍ර ඇත්තාවූ සුගතයන් වහන්ස, ඔබ උපන් කල්හි මා විසින් ඔබගේ මේ රූපාකාරය වඩන ලදී. ඔබ වහන්සේ විසින් මාගේ ප්‍රශංසාවට සුදුසු ධර්ම ශරීරය වඩන ලදී.
|
131
‘‘‘සංවද්ධිතොයං සුගත, රූපකායො මයා තව;
අනින්දිතො
(ආනන්දියො (ස්‍යා.), අනින්දියො (පී.)) ධම්මකායො
(ධම්මතනු (සී. පී. ක.)), මම සංවද්ධිතො තයා.
|
131 |
132
‘‘‘මුහුත්තං තණ්හාසමණං, ඛීරං ත්වං පායිතො මයා;
තයාහං සන්තමච්චන්තං, ධම්මඛීරඤ්හි
(ධම්මඛීරම්පි (ස්‍යා., ක.)) පායිතා.
|
132
“මා විසින් මොහොතක් (ක්ෂුධා) තෘෂ්ණාව සන්සිඳුවන්නාවූ කිරි ඔබවහන්සේට පොවන ලදී. ඔබවහන්සේ විසින් මම අතිශයින් ශාන්තවූ දහම් නමැති කිරි පොවන ලද්දී වෙමි.
|
133
‘‘‘බන්ධනාරක්ඛනෙ මය්හං, අණණො
(අනණො (සී. ස්‍යා. පී.)) ත්වං මහාමුනෙ;
පුත්තකාමා ථියො යාචං, ලභන්ති තාදිසං සුතං.
|
133
“මහා මුනීන් වහන්ස, ඔබ වැඩීමෙහි හා රැකීමෙහි මට ණය නැත්තේවෙහිය. පුතුන් කැමැත්තාවූ යම් ඒ ස්ත්‍රීහු වෙත් නම් (ඔබ යම්සේද) එබඳුවූ පුතෙකු ලබත්වා!
|
134
‘‘‘මන්ධාතාදිනරින්දානං, යා මාතා සා භවණ්ණවෙ;
නිමුග්ගාහං තයා පුත්ත, තාරිතා භවසාගරා.
|
134
“මන්ධාතු ආදී රජවරුන්ගේ යම් මවක් වූවා නම් ඕතොමෝ භව සාගරයෙහි ගැලුනීය. පුතණුවන් වහන්ස, ඔබ විසින් මම භව සයුරින් එතරකරණ ලද්දී වෙමි.
|
135
‘‘‘රඤ්ඤො මාතා මහෙසීති, සුලභං නාමමිත්ථිනං;
බුද්ධමාතාති යං නාමං, එතං පරමදුල්ලභං.
|
135
“ස්ත්‍රීන්හට රාමාතාවය, මෙහෙසිය යන නම් පහසුවෙන් ලැබිය හැකිය. බුද්ධමාතාවය යන මේ නමක් වේ නම් මෙය ලැබීම අතිශයින් අපහසුය.
|
136
‘‘‘තඤ්ච
අණුකං වා මහන්තං වා, තං සබ්බං පූරිතං මයා.
|
136
“වීරයන් වහන්ස, මා විසින් එයද ලබන ලදී. ඔබ කරණකොටගෙන මාගේ කුඩාවූද, මහත්වූද ඒ සියළු පැතුම් මා විසින් සම්පූර්ණ කරණ ලදී.
|
137
‘‘‘පරිනිබ්බාතුමිච්ඡාමි
අනුජානාහි මෙ වීර, දුක්ඛන්තකර නායක.
|
137
“මේ සිරුර හැර නිවණට කැමැති වෙමි. දුක් කෙළවර කරන්නවුන් වහන්ස, ලෝක නායකයන් වහන්ස, වීරයන් වහන්ස, මට පිරිනිවණට අනුදැන වදාළ මැනව.
|
138
‘‘‘චක්කඞ්කුසධජාකිණ්ණෙ, පාදෙ කමලකොමලෙ;
පසාරෙහි පණාමං තෙ, කරිස්සං පුත්තඋත්තමෙ
(පුත්තපෙමසා (සී. පී.), පුත්තපෙමහං (ස්‍යා.)).
|
138
“චක්‍ර, අංකුස, ධජ යන මේ ලකුණුවලින් ගැවසීගත් පියුමක් මෙන් මොලොක්වූ (දෙ)පා දිගු කළ මැනව. පුත්‍ර ප්‍රේමයෙන් යුතුව ඔබට ප්‍රණාමය කරන්නෙමි.
|
139
‘‘‘සුවණ්ණරාසිසඞ්කාසං, සරීරං කුරු පාකටං;
කත්වා දෙහං සුදිට්ඨං තෙ, සන්තිං ගච්ඡාමි නායක’.
|
139
“රන් රැසක් මෙන් බබලන සිරුර ප්‍රකට කළ මැනව. (ලෝක) නායකයන් වහන්ස, ඔබ වහන්සේගේ සිරුර මැනවින් දක්නා ලද්දක් කොට නිවණට යන්නෙමි”
|
140
‘‘ද්වත්තිංසලක්ඛණූපෙතං, සුප්පභාලඞ්කතං තනුං;
සඤ්ඣාඝනාව බාලක්කං, මාතුච්ඡං දස්සයී ජිනො.
|
140
“බුදුරජතෙම දෙතිස් ලකුණින් යුතු, මනා පැහැයෙන් අලංකාඑවූ සිරුර, සැඳෑ වලාවකින් නික්මුණු තරුණ සූර්‍ය්‍යයා මෙන් සුළු මවට දැක්වීය.
|
141
‘‘ඵුල්ලාරවින්දසංකාසෙ, තරුණාදිච්චසප්පභෙ;
චක්කඞ්කිතෙ පාදතලෙ, තතො සා සිරසා පති.
|
141
“ඉක්බිති පිපුණු පියුමක් මෙන් බබලන තරුණ සූර්‍ය්‍යයා මෙන් ප්‍රභාවත්වූ, සක් ලකුණින් යුතු පාද තලයෙහි ඕ තොමෝ හිසින් වැටුනාය.
|
142
‘‘‘පණමාමි නරාදිච්ච, ආදිච්චකුලකෙතුකං;
පච්ඡිමෙ මරණෙ මය්හං
(සරණං මය්හං (ස්‍යා.)), න තං ඉක්ඛාමහං පුනො.
|
142
“සූර්ය්ය වංශයට ධජයක් වැනිවූ, හිරු මෙන් (තෙදවත්) නරශ්‍රේෂ්ඨයන් වඳිමි. මාගේ (මේ) අන්තිම මරණයෙහි මම නැවත එබඳු මරණයක් ගැන නොසලකමි.
|
143
‘‘‘ඉත්ථියො
යදි කො චත්ථි දොසො මෙ, ඛමස්සු කරුණාකර.
|
143
“ලෝක නායකයන් වහන්ස, සත්‍රීහු නම් සියළු දොස් (ඇති) කරන්නාහුයයි දක්නා ලදහ. කරුණාවට ආකරයක් බඳු බුදුරජාණන් වහන්ස, ඉදින් මාගේ කිසියම් දොසක් ඇත්නම් ක්ෂමා කරණ සේක්වා!
|
144
‘‘‘ඉත්ථිකානඤ්ච පබ්බජ්ජං, හං තං යාචිං පුනප්පුනං;
තත්ථ චෙ අත්ථි දොසො මෙ, තං ඛමස්සු නරාසභ.
|
144
“නරශ්‍රේෂ්ටයන් වහන්ස, මම ස්ත්‍රීන්හට යම් පැවිද්දක් නැවත නැවත අයැදියෙම්ද, ඉදින් එහි මාගේ කිසියම් දොසක් ඇත්නම් එයට ක්ෂමා කරණ සේක්වා!
|
145
‘‘‘මයා භික්ඛුනියො වීර, තවානුඤ්ඤාය සාසිතා;
තත්ර චෙ අත්ථි දුන්නීතං, තං ඛමස්සු ඛමාධිප
(ඛමාධිති (ස්‍යා.), ඛමාපිතො (ක.)).
|
145
“වීරයන් වහන්ස, මා විසින් ඔබ වහන්සේගේ අනුදැනුමින් අනුසස්නා ලද භික්ෂුණීහු වෙති. ඉදින් ඒ භික්ෂුණීන් කෙරෙහි යම් අවිනීත බවක් ඇත්නම් ක්ෂමාවට අධිපතිවූ බුදුරජාණන් වහන්ස, එයට ක්ෂමා කරණ සේක්වා” යි කීවාය.
|
146
‘‘‘අක්ඛන්තෙ
කිමුත්තරං තෙ වක්ඛාමි, නිබ්බානාය වජන්තියා.
|
146
“නොඉවසියයුතු වරදක් ඇති කල්හි නම් ක්ෂමා කළ යුතුය. ගුණ අබරණකොට ඇති මාතාවෙනි, තී කෙරෙහි එබඳු වරදක් කෙසේ වේද. අළුයම් කල්හි තාරකාවන්ගේ (බැසයාමෙන් වන) ව්‍යසනය දැක, චන්ද්රරේඛා තොමෝද බැස යන්නීය. එසේම ශුද්ධවූ, සම්පූර්ණවූ මාගේ භික්ෂු සංඝයා මෙම ලෝකයෙන් නික්මයාමට හෙවත් පරිනිර්වාණයට කැමති වන කල්හි පිරිනිවනට යන්නාවූ තීගේ එම අදහසට වැඩි කුමක් නියන්නෙම්දැ” යි (වදාළ සේක.)
|
147
‘‘‘සුද්ධෙ අනූනෙ මම භික්ඛුසඞ්ඝෙ, ලොකා ඉතො නිස්සරිතුං ඛමන්තෙ;
පභාතකාලෙ බ්යසනඞ්ගතානං, දිස්වාන නිය්යාතිව චන්දලෙඛා’.
|
147 |
148
‘‘‘තදෙතරා භික්ඛුනියො ජිනග්ගං, තාරාව චන්දානුගතා සුමෙරුං;
පදක්ඛිණං කච්ච නිපච්ච පාදෙ, ඨිතා මුඛන්තං සමුදික්ඛමානා.
|
148
“චන්ද්‍රයා අනුව ගිය තාරකාවක් මෙන් ඒ භික්ෂුණීහු, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමැති මේරු පර්වතය පැදකුණු කොට, (සිරි) පා මුල වැටී, (බුදුරජුන්ගේ) මුහුණ දෙස බලමින් සිටියාහුය.
|
149
‘‘‘න
චිත්තං මමං කෙවලමෙකමෙව, පප්පුය්ය තං ධම්මරසෙන තිත්ති.
|
149
“ඔබ වහන්සේගේ දර්ශනයෙන් ඇස තෘප්ත නොවේ. (එසේම) ඔබ වහන්සේගේ වචන ඇසීමෙන් කණද තෘප්ති නොවේ. හුදෙක් මාගේ ඒ එකම සිත (ඔබ වහන්සේගේ) දහම් රසය කරණකොට ගෙන තෘප්තියට පැමිණෙන්නේය.
|
150
‘‘‘නදතො පරිසායං තෙ, වාදිතබ්බපහාරිනො;
යෙ තෙ දක්ඛන්ති වදනං, ධඤ්ඤා තෙ නරපුඞ්ගව.
|
150
“විරුද්ධවාදීන්ගේ එඩිය බැහැර කරන්නාවූ, පිරිස් මැද සිට අභීත නාද කරන්නාවූ, ඔබ වහන්සේගේ මුඛය යමෙක් දකින්නාහු නම්, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔවුහු භාග්‍ය ඇත්තෝය.
|
151
‘‘‘දීඝඞ්ගුලී
යෙ පාදෙ පණමිස්සන්ති
(පණමායන්ති (ස්‍යා.)), තෙපි ධඤ්ඤා ගුණන්ධර.
|
151
“දික් ඇඟිලි ඇත්තාවූ, තඹවන් නිය ඇත්තාවූ, ශුභවූ දික් විළුම් ඇත්තාවූ ඔබ වහන්සේගේ සිරිපා යමෙක් වඳින්නාහු නම්, ගුණධාරීන් වහන්ස, ඔවුහුද භාග්‍ය ඇත්තෝය.
|
152
‘‘‘මධුරානි
යෙ තෙ වාක්යානි සුය්යන්ති, තෙපි ධඤ්ඤා නරුත්තම.
|
152
“ඔබ වහන්සේගේ මිහිරිවූ, පහටුවූ, දොස් නසන්නාවූ, හිතවූ වචනයන් යමෙක් තුමූ අසන්නාහුද, නරොත්තමයන් වහන්ස, ඔවුහුද භාග්‍ය ඇත්තෝය.
|
153
‘‘‘ධඤ්ඤාහං
තිණ්ණසංසාරකන්තාරා, සුවාක්යෙන සිරීමතො’.
|
153
“මහා වීරයන් වහන්ස, ශ්‍රීමත්වූ ඔබ වහන්සේගේ සිරිපා පිදීමෙහි යෙදුනාවූ යහපත්වූ වචනය කරණකොටගෙන තරණය කරණ ලද සසර කතර ඇත්තාවූ මම (ද) භාග්‍ය ඇත්තියක් වෙමි” (යි කීවාය.)
|
154
‘‘තතො සා අනුසාවෙත්වා
(අනුමානෙ ත්වා (ක.)), භික්ඛුසඞ්ඝම්පි සුබ්බතා;
රාහුලානන්දනන්දෙ ච, වන්දිත්වා ඉදමබ්රවි.
|
154
“ඉක්බිති මනා ව්‍රත ඇති ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ, භික්ෂු සංඝයාටද දැනුම් දී, රාහුල, ආනන්ද, නන්ද යන ශ්රාවකයනටද වැඳ මෙය කීවාය.
|
155
‘‘‘ආසීවිසාලයසමෙ, රොගාවාසෙ කළෙවරෙ;
නිබ්බින්දා දුක්ඛසඞ්ඝාටෙ, ජරාමරණගොචරෙ.
|
155
“සර්පයින් වසන තැනක් බඳුවූ, රෝගයනට වාසස්ථානවූ, ජරාමරණයනට ගොදුරුවූ, දුක් රැස්වීම් ඇත්තාවූ, කිලිටි කුණුවලින් ගැවසී ගත්තාවූ, අනුන් අයත්වූ හෙවත් තමාගේ විෂයෙහි නොපවත්නාවූ, උත්සාහ විරහිත සිරුරෙහි කලකිරුනී වෙමි. එහෙයින්(ම) පිරිනිවනට කැමැත්තෙමි. (මාගේ) කුඩා දරුවෙනි, (එයට) අනුදනිමි” (යයි කීවාය.)
|
156
‘‘‘නානාකලිමලාකිණ්ණෙ
(නානාකුණපමලාකිණ්ණෙ (ස්‍යා.), නානාකාළමලාකිණ්ණෙ (ක.)), පරායත්තෙ නිරීහකෙ;
තෙන නිබ්බාතුමිච්ඡාමි, අනුමඤ්ඤථ පුත්තකා’.
|
156 |
157
‘‘නන්දො රාහුලභද්දො ච, වීතසොකා නිරාසවා;
ඨිතාචලට්ඨිති ථිරා, ධම්මතමනුචින්තයුං.
|
157
“නන්ද තෙමේද, රාහුල භද්‍ර තෙමේද, (යන මේ දෙදෙන) පහවූ ශෝක ඇත්තාවූ, ආශ්‍රව රහිත වූවාහු, (අටලෝ දහම්හි) නිසලව සිටීමෙහි තිරවූවාහු, (සංස්කාර ධර්මයන්ගේ) ස්වභාවය අනුව සිතුවාහුය. (කෙසේද යත්?)
|
158
‘‘‘ධිරත්ථු සඞ්ඛතං ලොලං, අසාරං කදලූපමං;
මායාමරීචිසදිසං, ඉතරං අනවට්ඨිතං.
|
158
“ලොල්වූ, අසාරවූ, කෙසෙල් කඳකට බඳු උපමා ඇත්තාවූ, මායාවක්, මිරිඟුවක් සමානවූ, ස්වල්පවූ, ස්ථිරව නොපවත්නාවූ, සංස්කාර ධර්මයනට නින්දා වේවා.
|
159
‘‘‘යත්ථ නාම ජිනස්සායං, මාතුච්ඡා බුද්ධපොසිකා;
ගොතමී නිධනං යාති, අනිච්චං සබ්බසඞ්ඛතං’.
|
159
“යම් තැනෙක්හි නම් බුදුරජුන්ගේ සුළු මවවූ, බුදුරජුන් පෝෂණය කළාවූ, මේ ගෞතමී තොමෝ මරණයට පැමිණේද, (එහෙයින්) සියළු සංස්කාර ධර්ම අනිසය” (කියායි.)
|
160
‘‘ආනන්දො ච තදා සෙඛො, සොකට්ටො
(කනිට්ඨො (ස්‍යා.)) ජිනවච්ඡලො;
තත්ථස්සූනි කරොන්තො සො, කරුණං පරිදෙවති.
|
160
“එකල්හි බුදුරජුහට සෙනෙහ ඇති, ශෝකයෙන් ආතුරවූ, ශෛක්ෂයවූ ඒ ආනන්ද තෙමේද, එහි කඳුළු හෙලමින් දුකින් හඬයි. (කෙසේද යත්?)
|
161
‘‘හා සන්තිං
(භාසන්තී (ස්‍යා.)) ගොතමී යාති, නූන බුද්ධොපි නිබ්බුතිං;
ගච්ඡති න චිරෙනෙව, අග්ගිරිව නිරින්ධනො.
|
161
“අහෝ ගෞතමී තොමෝ පිරිනිවනට යයි. ඒකාන්තයෙන් නොබෝ කලකින්ම බුදුරජතෙමේද දර නැති ගින්නක් මෙන් පිරිනිවනට යති.
|
162
‘‘එවං
සුතසාගරගම්භීර
|
162
“මෙසේ හඬන්නාවූ අනද තෙරුන්හට ගෞතමී තොමෝ මෙසේ කීවාය. (බුදුරජුන් විසින් දෙසූතාක්ද, දෙසන තාක්ද දහම් සියල්ලක් තමා අසා දැනගන්නා බැවින්), “ගැඹුරුවූ ශ්රුති සාගරයාණන් වහන්ස, බුදුරජුන්හට උවටැන් කිරීමෙහි නිරතවූවන් වහන්ස, පුතණුවන් වහන්ස, සතුටුවියයුතු කාලය පැමිණි කල්හි ශොක කිරිමට නුසුදුසුය. පුතණුවෙනි, මා පැමිණියාවූ නිවන් පිණිස ඔබ මට පිළිසරණ (වූයෙහිය.)
|
163
‘‘‘න යුත්තං සොචිතුං පුත්ත, හාසකාලෙ උපට්ඨිතෙ;
තයා මෙ සරණං පුත්ත, නිබ්බානං තමුපාගතං.
|
163 |
164
‘‘‘තයා තාත සමජ්ඣිට්ඨො, පබ්බජ්ජං අනුජානි නො;
මා පුත්ත විමනො හොහි, සඵලො තෙ පරිස්සමො.
|
164
“පුතණුවන් වහන්ස, ඔබ විසින් ආරාධනා කරණ ලදුයේ (බුදුරජතෙම) අපට පැවිද්ද අනු දැන වදාළ සේක. දරුව දුක් නොවන්න. ඔබගේ උත්සාහය සඵලය.
|
165
‘‘‘යං
තං පදං සුකුමාරීහි, සත්තවස්සාහි වෙදිතං.
|
165
“පෙරවූ තීර්ත්ථකාචාර්ය්යයන් විසිනුදු නොදක්නා ලද යමක් වේ නම් ඒ (ශාන්ත)පදය සිව්මැලිවූ සත් හැවිරිදි ලදැරියක් විසින් දැනගන්නා ලදී.
|
166
‘‘‘බුද්ධසාසනපාලෙත, පච්ඡිමං දස්සනං තව;
තත්ථ ගච්ඡාමහං පුත්ත, ගතො යත්ථ න දිස්සතෙ.
|
166
“බුද්ධ ශාසන පාලකයාණන් වහන්ස, ඔබ වහන්සේගේ (මේ) අන්තිම දර්ශනයයි. යම් තැනෙක්හි ගිය කල්හි නොපෙනේද, පුතනුවන් වහන්ස, මම එහි යෙමි.
|
167
‘‘‘කදාචි ධම්මං දෙසෙන්තො, ඛිපී ලොකග්ගනායකො;
තදාහං ආසීසවාචං, අවොචං අනුකම්පිකා.
|
167
“කිසියම් දිනක දහම් දෙසන්නාවූ තථාගතතෙම කිවිසීසේක. එකල්හි අනුකම්පා ඇත්තාවූ මම ආශීර්වාද වචනයක් කීමි. (කෙසේදයත්?)
|
168
‘‘‘චිරං ජීව මහාවීර, කප්පං තිට්ඨ මහාමුනෙ;
සබ්බලොකස්ස අත්ථාය, භවස්සු අජරාමරො.
|
168
“මහා වීරයන් වහන්ස, බොහෝ කලක් ජීවත්වෙනු මැනව. මහාමුනීන් වහන්ස, කාලයක් වැඩ සිටිනු මැනව. සියළු ලෝකයට වැඩ පිණිස අජරාමර හෙවත් ජරා මරණ නැති කෙනෙක් වෙනු මැනව” (කියායි.)
|
169
‘‘‘තං තථාවාදිනිං බුද්ධො, මමං සො එතදබ්රවි;
‘න හෙවං වන්දියා බුද්ධා, යථා වන්දසි ගොතමී.
|
169
“ඒ බුදුරජතෙමේ එසේ කියන්නාවූ මට මෙසේ වදාළ සේක. “ගෞතමිය වඳින්නාක් මෙන් බුදුවරයෝ වැඳිය යුත්තාහු නොවෙති” යි (කියායි.)
|
170
‘‘‘කථං චරහි සබ්බඤ්ඤූ, වන්දිතබ්බා තථාගතා;
කථං අවන්දියා බුද්ධා, තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
|
170
“එසේ නම් සර්වඥ තථාගතවරයෝ කෙසේ වැඳිය යුත්තාහුද, (එම) බුදුවරයෝ කෙසේ නොවැඳිය යුත්තාහුද, විචාරණ ලද්දාවූ මට කියනු මැනව” (කියායි.)
|
171
‘‘‘ආරද්ධවීරියෙ පහිතත්තෙ, නිච්චං දළ්හපරක්කමෙ;
සමග්ගෙ සාවකෙ පස්ස, එතං බුද්ධානවන්දනං.
|
171
“පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇති, (කාය-ජීවිත නිරපෙක්ෂකව සසුනෙහි) මෙහෙයූ සිත් ඇති, නිරන්තරයෙන් දෘඪ පරාක්‍රම ඇති සමගි ශ්‍රාවකයන් දක්නේය. මෝතොමෝ බුද්ධ වන්දනාව නම් වන්නීය” යි (වදාළ සේක.)
|
172
‘‘‘තතො උපස්සයං ගන්ත්වා, එකිකාහං විචින්තයිං;
සමග්ගපරිසං නාථො, රොධෙසි තිභවන්තගො.
|
172
“ඉක්බිති මම භික්ෂුණී අසපුවට ගොස් හුදකලාව මෙසේ සිතීමි. “භවත්‍රයෙහි අන්තයට ගිය බුදුරජ තෙම සමගිවූ පිරිසක් රුචි කෙරෙයි.
|
173
‘‘‘හන්දාහං
එවාහං චින්තයිත්වාන, දිස්වාන ඉසිසත්තමං.
|
173
“ඒකාන්තයෙන් මම පිරිනිවන් පාන්නෙමි. ඒ විපත නොදකීවා” යි මම මෙසේ සිතා බුදුරජුන් දැක,
|
174
‘‘‘පරිනිබ්බානකාලං මෙ, ආරොචෙසිං
(ආරොචෙමි (ස්‍යා.)) විනායකං;
තතො සො සමනුඤ්ඤාසි, කාලං ජානාහි ගොතමී.
|
174
“මාගේ පිරිනිවනට පැමිණීමේ කාලය විනායකවූ තථාගතයන්හට දැන්වීමි. ඉක්බිති ඒ බුදුරජතෙමේ, “ගෞතමිය, කල් දනුව” යි අනුදැන වදාළ සේක.
|
175
‘‘‘කිලෙසා
|
175
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
176
‘‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
176
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
177
‘‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
177
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ටවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
178
‘‘‘ථීනං ධම්මාභිසමයෙ, යෙ බාලා විමතිං ගතා;
තෙසං දිට්ඨිප්පහානත්ථං, ඉද්ධිං දස්සෙහි ගොතමී’.
|
178
“ස්ත්‍රීන් ධර්මාවබෝධයෙහි යමි. ඒ ඇතැම් අඥානයෝ සැකයට පත්වූහ. ගෞතමිය, ඔවුන්ගේ වැරදි අදහස දුරුකිරීම පිණිස ඎද්ධි දක්වනු මැනවැ” යි (වදාළ සේක)
|
179
‘‘තදා නිපච්ච සම්බුද්ධං, උප්පතිත්වාන අම්බරං;
ඉද්ධී අනෙකා දස්සෙසි, බුද්ධානුඤ්ඤාය ගොතමී.
|
179
“එකල්හි ගෞතමී තොමෝ සම්බුදුරජුන් (පාමුළ) වැටී, අහසට නැගී, තථාගතයන්ගේ අනුදැනුම පරිදි බොහෝ ඎද්ධීන් දැක්වූවාය.
|
180
‘‘එකිකා බහුධා ආසි, බහුකා චෙතිකා තථා;
ආවිභාවං තිරොභාවං, තිරොකුට්ටං
(තිරොකුඩ්ඩං (ස්‍යා.)) තිරොනගං.
|
180
“එක් තැනැත්තියක්(ව) බොහෝ දෙනා වූවාය. එසේම, බොහෝදෙනා(ව) එක් තැනැත්තියක් වූවාය. (ආවරණයව තුබු දැය) ප්‍රකට කළාය. (ප්රකටව තුබූ දැය) ආවරණය කළාය. භික්තියෙන් ඔබ්බටද, පර්වතයෙන් ඔබ්බටද නොගැටි ගියාය. පොළොවෙහිද කිමිදුනාය. නොබෙදෙන දියෙහිද පොළොවෙහි මෙන් ගමන් කළාය.
|
181
‘‘අසජ්ජමානා
අභිජ්ජමානෙ උදකෙ, අගඤ්ඡි මහියා යථා.
|
181 |
182
‘‘සකුණීව තථාකාසෙ, පල්ලඞ්කෙන කමී තදා;
වසං වත්තෙසි කායෙන, යාව බ්රහ්මනිවෙසනං.
|
182
“එකල්හි ලිහිණියක මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කළාය. කයින් බඹලොව දක්වා තමා වසඟයෙහි පැවැත්වූවාය. හෙවත් දෘශ්‍යමානවූ කයින් සියල්ලන්ට පෙනෙමින් බඹලොවට ගියාය.
|
183
‘‘සිනෙරුං
සමූලං පරිවත්තෙත්වා, ධාරයං චඞ්කමී නභෙ.
|
183
“සිනෙරු පර්වතය (කුඩයෙහි) දණ්ඩ (මිට)ට ගෙන මහා පෘථිවිය ඡත්‍රයට ගෙන, සහමුලින්ම පොළොව පෙරළා (කුඩයක් ලෙස) දරන්නී, අහසෙහි සක්මන් කළාය.
|
184
‘‘ඡස්සූරොදයකාලෙව, ලොකඤ්චාකාසි ධූමිකං;
යුගන්තෙ විය ලොකං සා, ජාලාමාලාකුලං අකා.
|
184
“ඕතොමෝ සූර්ය්යයන් සදෙනෙකු උදාවන කල්හි මෙන් ලොව දුම් සහිත කළාය. කල්පාන්තයෙහිදී මෙන් ලෝකය අග්නිජ්වාලාවන්ගෙන් ආකූල කළාය.
|
185
‘‘මුචලින්දං මහාසෙලං, මෙරුමූලනදන්තරෙ
(මෙරුමන්දාරදද්දරෙ (සී. පී.), මෙරුං මන්දාරදන්තරෙ (ස්‍යා.));
සාසපාරිව සබ්බානි, එකෙනග්ගහි මුට්ඨිනා.
|
185
“මුචලින්ද නම් මහා පර්වතයද, මේරු-මන්දාර පර්වතයන්ද යන මේ සියල්ල අබ ඇට මෙන් එක මිටින් ගත්තාය.
|
186
‘‘අඞ්ගුලග්ගෙන ඡාදෙසි, භාකරං සනිසාකරං;
චන්දසූරසහස්සානි, ආවෙළමිව ධාරයි.
|
186
“හිරු, සඳු ඇඟිලි අගින් වැසුවාය. දහස් ගණන සඳ-හිරු මුදුන් මල්කඩ ලෙස දැරුවාය.
|
187
‘‘චතුසාගරතොයානි, ධාරයී එකපාණිනා;
යුගන්තජලදාකාරං, මහාවස්සං පවස්සථ.
|
187
“සිව් සයුරෙහි ජලය එක අතින් දැරුවාය. යුගාන්තයෙහිවූ මහා මේඝයක් මෙන් මහ වැසි වැස්වූහ.
|
188
‘‘චක්කවත්තිං සපරිසං, මාපයී සා නභත්තලෙ;
ගරුළං ද්විරදං සීහං, විනදන්තං පදස්සයි.
|
188
“ඕතොමෝ පිරිස් සහිතවූ සක්විති රජ අහස් තලයෙහි මැව්වාය. නාද කරන්නාවූ ගුරුළාද, හස්තියාද, සිංහයාද දැක්වූවාය.
|
189
‘‘එකිකා අභිනිම්මිත්වා, අප්පමෙය්යං භික්ඛුනීගණං;
පුන අන්තරධාපෙත්වා, එකිකා මුනිමබ්රවි.
|
189
“හුදකලාවූවා (යලි) අපමණවූ භික්ෂුණී සමූහයා මවා, (නැවත ඔවුන්) අතුරුදන්කොට හුදකලාවූවා බුදුරජුන්හට මෙසේ කීවාය.
|
190
‘‘‘මාතුච්ඡා
අනුප්පත්තා සකං අත්ථං, පාදෙ වන්දාමි චක්ඛුම’.
|
190
“මහා වීරයන් වහන්ස! ඔබ වහන්සේගේ සසුන කරන්නාවූ (එසේම) ඔබ වහන්සේගේ සුළුමව්මූ (ගෞතමී තොමෝ) ස්වීය අභිමතාර්ත්ථයට හෙවත් නිවණට පැමිණියාය. පසැස් ඇතියාණන් වහන්ස! (ඕතොමෝ ඔබ වහන්සේගේ) සිරිපා වඳී” යයි කියමින්
|
191
‘‘දස්සෙත්වා විවිධා ඉද්ධී, ඔරොහිත්වා නභත්තලා;
වන්දිත්වා ලොකපජ්ජොතං, එකමන්තං නිසීදි සා.
|
191
“ඕතොමෝ විවිධවූ ඎද්ධීන් දක්වා අහස් තලයෙහි බැස, බුදුරජුන් වැඳ, එකත් පසෙක සිටියාය.
|
192
‘‘සා වීසවස්සසතිකා, ජාතියාහං මහාමුනෙ;
අලමෙත්තාවතා වීර, නිබ්බායිස්සාමි නායක.
|
192
“මහා මුනීන් වහන්ස, ඒ (ගෞතමීවූ) මම උත්පත්තියෙන් එක්විසි වයස් ඇත්තීය. වීරයන් වහන්ස, මෙතෙක් (ජීවත්වීම) පමණි. ලෝක නායකයන් වහන්ස, පිරිනිවන් පාන්නෙමැ” යි (කීවාය.)
|
193
‘‘තදාතිවිම්හිතා
අවොචය්යෙ කථං ආසි, අතුලිද්ධිපරක්කමා.
|
193
“එකල්හි මහත් විෂ්මයට පත්වූ ඒ පිරිස් තොමෝ බඳැදිලි ඇත්තී, “ආර්‍ය්‍යාවෙනි, අනූපමවූ (මෙබඳු) ඎද්ධි පරාක්‍රමයක් කෙසේ වීදැ” යි (ඇසුවාහ.)
|
194
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
194
“සියළු ධර්මයන් විෂයෙහි (මනාවූ) දැකුම් ඇති, ලෝක නායකවූ පදුමුත්තර බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
|
195
‘‘තදාහං
සබ්බොපකාරසම්පන්නෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
|
195
“එකල්හි මම හංසවතී නගරයෙහි සියළු උපකාරයන්ගෙන් යුක්තවූ, සමෘද්ධවූ, ආඪ්‍යවූ, මහත් ධන ඇති අමාත්‍ය කුලයෙක්හි උපන්නී වීමි.
|
196
‘‘කදාචි පිතුනා සද්ධිං, දාසිගණපුරක්ඛතා;
මහතා පරිවාරෙන, තං උපෙච්ච නරාසභං.
|
196
“කිසියම් කලෙක්හි දාසී සමූහයා විසින් පිරිවරන ලදුව, පියා සමග ඒ බුදුරජුන් වෙත එළඹ,
|
197
‘‘වාසවං විය වස්සන්තං, ධම්මමෙඝං අනාසවං
(පවස්සයං (ක.));
සරදාදිච්චසදිසං, රංසිජාලසමුජ්ජලං
(රංසිමාලාකුලං ජිනං (සී. ස්‍යා.), රංසිජාලාකුලං ජිනං (පී.)).
|
197
“ශක්‍රයා වැනිවූ, දහම් වැසි වස්වන්නාවූ, ආශ්‍රව රහිතවූ, රැස් සමූහයෙන් ගැවසීගත් සරාහිරු වැනිවූ, සුළුමව්වූ භික්ෂුණිය අග්‍රස්ථානයෙහි තබන්නාවූ නරනායකවූ, පස්මරුන් ජය ගත්තාවූ බුදුරජුන් දැක, උන්වහන්සේගේ සුභාෂිත වචනයද අසා, සඞ්ඝයා සහිතවූ, නරශ්‍රේෂ්ඨවූ, ඒ තාදී ගුණ බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි මහ දන් දී බොහෝ ප්‍රත්‍යයන්ද දී,
|
198
‘‘දිස්වා චිත්තං පසාදෙත්වා, සුත්වා චස්ස සුභාසිතං;
මාතුච්ඡං භික්ඛුනිං අග්ගෙ, ඨපෙන්තං නරනායකං.
|
198 |
199
‘‘සුත්වා දත්වා මහාදානං, සත්තාහං තස්ස තාදිනො;
සසඞ්ඝස්ස නරග්ගස්ස, පච්චයානි බහූනි ච.
|
199 |
200
‘‘නිපච්ච පාදමූලම්හි, තං ඨානමභිපත්ථයිං;
තතො මහාපරිසතිං, අවොච ඉසිසත්තමො.
|
200
“පාමුල වැටී, එම (සුළුමව්වූ භික්ෂුණිය ලැබූ) තනතුර පැතීමි. ඉක්බිති බුදුරජතෙම, මහපිරිසට මෙසේ වදාළ සේක.
|
201
‘‘‘යා සසඞ්ඝං අභොජෙසි, සත්තාහං ලොකනායකං;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
201
“යම් තැනැත්තියක් තොමෝ සංඝයා සහිතවූ බුදුරජුන් සතියක් මුළුල්ලෙහි වැළඳවූවාද, මම ඇය කෙබඳු තැනැත්තියක්දැයි පවසන්නෙමි. එසේ පවසන්නාවූ මාගේ වචනය අසව්.
|
202
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
202
“මින්මතු සියක් දහස්වන කපෙහි, ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
|
203
‘‘‘තස්ස
ගොතමී නාම නාමෙන, හෙස්සති සත්ථු සාවිකා.
|
203
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ඖරස (බුද්ධ) පුත්‍රීවූ, ධර්මයෙන් නිර්මිත කරන ලද්දාක් වැනිවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නීය.
|
204
‘‘‘තස්ස බුද්ධස්ස මාතුච්ඡා, ජීවිතාපාදිකා
(ජීවිතපාලිකා (ස්‍යා.)) අයං;
රත්තඤ්ඤූනඤ්ච අග්ගත්තං, භික්ඛුනීනං ලභිස්සති’.
|
204
“එම බුදුරජුන්ගේ සුළුමවවූ මෝ තොමෝ, උන්වහන්සේගේ ජීවිතය පෝෂණය කරන්නීය. චිරරාත්රඥවූ භික්ෂුණීන් අතුරෙන් අගබවද ලබන්නීය.” (යනුයි.)
|
205
‘‘තං සුත්වාන පමොදිත්වා
(තං සුත්වාහං පමුදිතා (සී. ස්‍යා. පී.)), යාවජීවං තදා ජිනං;
පච්චයෙහි උපට්ඨිත්වා, තතො කාලඞ්කතා අහං.
|
205
“එය අසා ප්‍රමුදිතවූ මම එකල්හි බුදුරජුන්හට දිවි ඇතිතෙක් සිව්පසයෙන් උවටැන් කොට මම එම ආත්මභාවයෙන් චුතවූයේ,
|
206
‘‘තාවතිංසෙසු දෙවෙසු, සබ්බකාමසමිද්ධිසු;
නිබ්බත්තා දසහඞ්ගෙහි, අඤ්ඤෙ අභිභවිං අහං.
|
206
“සියළු කම්සුවයන්ගෙන් පිරුණාවූ තව්තිසා දෙවියන් අතුරෙහි උපන්නීවූ මම කරුණු දශයකින් සෙසු දෙවියන් යටපත් කෙළෙමි. (කෙබඳු කරුණු දශයකින්ද යත්?)
|
207
‘‘රූපසද්දෙහි ගන්ධෙහි, රසෙහි ඵුසනෙහි ච;
ආයුනාපි ච වණ්ණෙන, සුඛෙන යසසාපි ච.
|
207
“රූපයෙන් හා ශබ්දයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, ස්පර්ශයෙන්ද, ආයුෂින්ද, වර්ණයෙන්ද, සැපයෙන්ද, යසසින්ද, එසේම ආධිපත්‍යයෙන්ද මම (සෙසු දෙවියන්) ඉක්මවා බැබලුනෙමි. එහි ශක්‍රයාගේ මෙහෙසියවූ (දෙව්) අඟනද වීමි.
|
208
‘‘තථෙවාධිපතෙය්යෙන, අධිගය්හ විරොචහං;
අහොසිං අමරින්දස්ස, මහෙසී දයිතා තහිං.
|
208 |
209
‘‘සංසාරෙ
කාසිස්ස රඤ්ඤො විසයෙ, අජායිං දාසගාමකෙ.
|
209
“කර්මය නමැති වායු වේගයෙන් මෙහෙයන ලද සසරෙහි සැරිසරන්නාවූ මම කාසි රජුන්ගේ විජිතයෙහි දාසයන්ගේ ගමක උපනිමි.
|
210
‘‘පඤ්චදාසසතානූනා, නිවසන්ති තහිං තදා;
සබ්බෙසං තත්ථ යො ජෙට්ඨො, තස්ස ජායා අහොසහං.
|
210
“එකල්හි එම ගමෙහි නොඅඩු පන්සියයත් දාසයෝ වෙසෙති. එහි එම සියලු දාසයිනට යමෙක් ජ්යෙෂ්ඨවේද, මම ඔහුගේ භාර්‍ය්‍යාව වීමි.
|
211
‘‘සයම්භුනො පඤ්චසතා, ගාමං පිණ්ඩාය පාවිසුං;
තෙ දිස්වාන අහං තුට්ඨා, සහ සබ්බාහි ඉත්ථිභි
(ඤාතිභි (සී. ස්‍යා. පී.)).
|
211
“පන්සියයක් පසේබුදුවරු (එම) ගමට පිඬු පිණිස පිවිසියාහුය. උන්වහන්සේලා දැක, සියළු ඥාතීන් සමග තුටුවූ මම,
|
212
‘‘පූගා හුත්වාව සබ්බායො
(කත්වා පඤ්චසතකුටී (සී. ස්‍යා.)), චතුමාසෙ උපට්ඨහුං
(උපට්ඨිය (සී. ස්‍යා. පී.));
තිචීවරානි දත්වාන, සංසරිම්හ
(පසන්නාම්හ (ස්‍යා.)) සසාමිකා.
|
212
“පන්සියයක් කුටි සාදා (දී) (වස්) සිව් මස උවටැන්කොට, තුන් සිව්රුද දී, සැමියා සහිතව සැරිසැරීමි.
|
213
‘‘තතො
පච්ඡිමෙ ච භවෙ දානි, ජාතා දෙවදහෙ පුරෙ.
|
213
“ඉන් සැව, ස්වාමියා සහිතවූ අපි දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෝ වෙමු. දැන් මේ අන්තිම භවයෙහි දෙව්දහ නගරයෙහි උපන්නී,
|
214
‘‘පිතා අඤ්ජනසක්කො මෙ, මාතා මම සුලක්ඛණා;
තතො කපිලවත්ථුස්මිං, සුද්ධොදනඝරං ගතා.
|
214
“මාගේ පිය තෙමේ අඤජන ශාක්‍ය රජ තෙමේයි. මාගේ මව් තොමෝ සුලක්ඛණා තොමෝයි. ඉක්බිති කපිලවස්තු නගරයෙහි සුදේධා්දන රජුගේ ගෘහයට (මෙහෙසි බවට) ගියා,
|
215
‘‘සෙසා
(සබ්බා (ස්‍යා.)) සක්යකුලෙ ජාතා, සක්යානං ඝරමාගමුං;
අහං විසිට්ඨා සබ්බාසං, ජිනස්සාපාදිකා අහුං.
|
215
“සෙසු තැනැත්තියෝ ශාක්‍ය කුලයෙහි උපන්නියෝ, ශාක්‍යයන්ගේ කුලවලටම ගියාහුය. මම සියළු ස්ත්‍රීන් අතුරෙන් විශිෂ්ඨවූවා, බුදුරජුන් පොෂණය කළ තැනැත්තිය වීමි.
|
216
‘‘මම
පච්ඡාහං පබ්බජිත්වාන, සතෙහි සහ පඤ්චහි.
|
216
“මාගේ පුත්‍ර තෙමේ ගෘශාභිනිෂ්ක්රමණයකොට විශිෂ්ඨ නායකවූ බුදුරජ තෙමේ විය. පසුව මම ප්‍රාඥවූ පන්සියයක් ශාක්‍ය කාන්තාවන් සමග පැවිදිව ශාන්ති සුඛයවූ නිවණ ස්පර්ශ කෙළෙමි. හෙවත් අවබෝධ කෙළෙමි. එකල්හි යමෙක් තුමූ පෙර ජාතියෙහි අපගේ ස්වාමීහු වූවාහුද,
|
217
‘‘සාකියානීහි ධීරාහි, සහ සන්තිසුඛං ඵුසිං;
යෙ තදා පුබ්බජාතියං, අම්හාකං ආසු සාමිනො.
|
217 |
218
‘‘සහපුඤ්ඤස්ස කත්තාරො, මහාසමයකාරකා;
ඵුසිංසු අරහත්තං තෙ, සුගතෙනානුකම්පිතා.
|
218
“ඔවුහු සමගිව පින් කරන්නාහූ, දැඩිසේ ආගම ධර්මයෙහි යෙදෙන්නාහු, බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද්දාහු රහත්බව ස්පර්ශ කළාහුය. හෙවත් රහත්වූහ.
|
219
‘‘තදෙතරා භික්ඛුනියො, ආරුහිංසු නභත්තලං;
සංගතා
(ඛගතා (සී.)) විය තාරායො, විරොචිංසු මහිද්ධිකා.
|
219
“ඒ සෙසු භික්ෂුණීහු අහස්තලයට නැංගාහුය. අහසෙහිවූ තාරකාවන් මෙන් මහර්ධි ඇති (එම භික්ෂුණීහු) බැබලුණාහුය.
|
220
‘‘ඉද්ධී අනෙකා දස්සෙසුං, පිළන්ධවිකතිං යථා;
කම්මාරො කනකස්සෙව, කම්මඤ්ඤස්ස සුසික්ඛිතො
(පුණ්ණකම්මෙසු සික්ඛිතා (ස්‍යා.)).
|
220
“මනාසේ රන්කම් උගත් ස්වර්ණකාරයෙකු කර්මයොග්යවූ ස්වර්ණයෙන් ආභරණ විශේෂයක් සාදන්නේ යම්සේද, (එසේම) බොහෝ ඎද්ධීන් දැක්වූහ.
|
221
‘‘දස්සෙත්වා පාටිහීරානි, විචිත්තානි
(විවිධානි (ස්‍යා.)) බහූනි ච;
තොසෙත්වා වාදිපවරං, මුනිං සපරිසං තදා.
|
221
“විසිතුරුවූ, බොහෝවූ ප්‍රාතිහාර්‍ය්‍යයන් දක්වා එකල්හි වාදීන් අතුරෙන් උතුම්වූ පිරිස් සහිතවූ බුදුරජුන් තුටුකොට,
|
222
‘‘ඔරොහිත්වාන ගගනා, වන්දිත්වා ඉසිසත්තමං;
අනුඤ්ඤාතා නරග්ගෙන, යථාඨානෙ නිසීදිසුං.
|
222
“අහසින් බැස, තථාගතයන් වැඳ, එම නරශ්‍රේෂ්ඨවූ බුදුරජුන් විසින් අනුදන්නා ලද්දීවූ (භික්ෂුණීහු) සුදුසු තන්හි උන්නාහුය.
|
223
‘‘‘අහොනුකම්පිකා
වාසිතා තව පුඤ්ඤෙහි, පත්තා නො ආසවක්ඛයං.
|
223
“වීරයන් වහන්ස, ගෞතමී තොමෝ අප සියළු දෙනාට (කරණ ලද) අනුකම්පා ඇත්තීය. (එය) ආශ්චර්‍ය්‍යයකි. ඔබවහන්සේගේ පින් කරණ කොට ගෙන සුවඳ කවන ලද (භාවිතවූ) අපි ආශ්රවක්ෂය නම්වූ නිවණට පැමිණියේ වෙමු.
|
224
‘‘‘කිලෙසා
නාගීව බන්ධනං ඡෙත්වා, විහරාම අනාසවා.
|
224
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතිණියන් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමු.
|
225
‘‘‘ස්වාගතං වත නො ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
225
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයෙහි අපගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
226
‘‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං.
|
226
“සිව් පිලිසිඹියාවෝද, අෂ්ඨවිමොක්ෂයෝද, ෂඩභිඥාවෝද, සාක්ෂාත් කරණ ලදද බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
227
‘‘‘ඉද්ධීසු ච වසී හොම, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොම මහාමුනෙ.
|
227
“ඎද්ධීන්හි වශීවූවෝ වෙමු. මහා මුනීන් වහන්ස, දිව්‍ය ශ්රොතාඥානයෙහිද, චෙතො පරියඥානයෙහිද වශීවූවෝ වෙමු.
|
228
‘‘‘පුබ්බෙනිවාසං ජානාම, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
228
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරණ ලදී. සියලු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
229
‘‘‘අත්ථෙ
ඤාණං අම්හං මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
|
229
“මහා වීරයන් වහන්ස, ඔබවහන්සේගේ සමීපයෙහිදී උපන් අර්ත්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව් පිළිසිඹියාවන්හිවූ ඥානයද අපට ඇත.
|
230
‘‘‘අස්මාභි පරිචිණ්ණොසි, මෙත්තචිත්තාහි නායක;
අනුජානාහි සබ්බාසං
(සබ්බායො (ස්‍යා. පී.)), නිබ්බානාය මහාමුනෙ’.
|
230
“ලෝක නායකයන් වහන්ස, අප විසින් මෙත් සිත පුරුදු කරණ ලදුයේමය. මහාමුණීන් වහන්ස, සියලු දෙනාහට පිරිනිවණට අනු දැන වදාළ මැනව.
|
231
‘‘නිබ්බායිස්සාම ඉච්චෙවං, කිං වක්ඛාමි වදන්තියො;
යස්ස දානි ච වො කාලං, මඤ්ඤථාති ජිනොබ්රවි.
|
231
“පිරිනිවන් පාන්නෙමැයි මෙසේ පවසන්නාවූ පින්වන්තියනට කුමක් කියන්නෙම්ද? යම් හෙයකින් දැන් තොපගේ (පිරිනිවණට) කාලය (නම් එය) සිතව්” යයි තථාගත තෙම වදාළ සේක.
|
232
‘‘ගොතමීආදිකා තායො, තදා භික්ඛුනියො ජිනං;
වන්දිත්වා ආසනා තම්හා, වුට්ඨාය අගමිංසු තා.
|
232
“එකල්හි ගෞතමිය ආදීවූ එම භික්ෂුණීහු එම අසුනින් නැගිට ගියාහුය. ඒ වීරවූ, ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජතෙමේ මහත්වූ ජන සමූහයා සමග (ආරාමයෙහි) දොරකොටුව (දොරටුව) දක්වා සුලු මව අනුව ගිය සේක.
|
233
‘‘මහතා
අනුසංයායී සො
(අනුසංසාවයී (ස්‍යා. ක.)) වීරො, මාතුච්ඡං යාවකොට්ඨකං.
|
233 |
234
‘‘තදා නිපති පාදෙසු, ගොතමී ලොකබන්ධුනො;
සහෙව තාහි සබ්බාහි, පච්ඡිමං පාදවන්දනං.
|
234
“එකල්හි ගෞතමී තොමෝ සෙසු සියලු භික්ෂුණීන්ද සමග ලෝකබන්ධුවූ බුදුරජුන්ගේ පාමුල වැටුනාය. (මෙසේද කීවාය.) “අන්තිම සිරිපා වැඳුමයි.”
|
235
‘‘‘ඉදං පච්ඡිමකං මය්හං, ලොකනාථස්ස දස්සනං;
න පුනො අමතාකාරං, පස්සිස්සාමි මුඛං තව.
|
235
“මේ මාගේ බුදුරජුන්ගේ අන්තිම දර්ශණයයි. නැවත අමෘතයක් වැනිවූ ඔබ වහන්සේගේ මුහුණ නොදකින්නෙමි.
|
236
‘‘‘න ච මෙ වන්දනං
(වදනං (ක.)) වීර, තව පාදෙ සුකොමලෙ;
සම්ඵුසිස්සති ලොකග්ග, අජ්ජ ගච්ඡාමි නිබ්බුතිං’.
|
236
“වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ සියුමැලි සිරිපා වැඳුමක් (මින්මතු) නොවන්නේය. ලෝකනායකයන් වහන්ස, (සිරිපා හිසින්) ස්පර්ශ කරමි. අද පිරිනිවණට යමි.
|
237
‘‘රූපෙන
සබ්බං සඞ්ඛතමෙවෙතං, අනස්සාසිකමිත්තරං.
|
237
“මෙලෙව්හිදීම සත්‍යවූ (වෙන්වීමෙන් යුක්ත) ඔබ වහන්සේගේ මේ රූපයෙන් කිම. මේ සියලු සංස්කාර ධර්මම අස්වැසිලි රහිතය. ස්වල්පය.”
|
238
‘‘සා සහ තාහි ගන්ත්වාන, භික්ඛුනුපස්සයං සකං;
අඩ්ඪපල්ලඞ්කමාභුජ්ජ, නිසීදි පරමාසනෙ.
|
238
“ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ එම භික්ෂුණීන් සමග ස්වකීය භික්ෂුණී අසපුවට ගොස් අර්ධපර්ය්යඞ්කය බැඳගන උතුම්වූ අසුනෙහි වැඩහුන්නාය.
|
239
‘‘තදා උපාසිකා තත්ථ, බුද්ධසාසනවච්ඡලා;
තස්සා පවත්තිං සුත්වාන, උපෙසුං පාදවන්දිකා.
|
239
“එකල්හි එහි බුදුසසුනෙහි ඇලුම් ඇති උවැසියෝ එම ප්‍රජාපතී ගෞතමියගේ පුවත අසා (එතුමියගේ) පා වඳිනු කැමැත්තියෝ එළඹියාහුය.
|
240
‘‘කරෙහි උරං පහන්තා, ඡින්නමූලා යථා ලතා;
රොදන්තා කරුණං රවං, සොකට්ටා භූමිපාතිතා.
|
240
“අත්වලින් ලෙහි පැහැර සිඳින ලද මුල් ඇති ලතාවන් මෙන්, බැගෑ හඬින් හඬමින් ශෝකයෙන් ආතුරවූවාහු බිම ඇද වැටුනාහුය.
|
241
‘‘මා
නිපතිත්වාන යාචාම, සබ්බායො සිරසා මයං.
|
241
“අපගේ සරණ දායිකාවෙනි, (අනාථවූ අපට පිහිටවන) නාථාවෙනි. අප හැර දමා පිරිනිවණට නොයනු මැනව. අපි සියල්ලෝ හිසින් (දෙපාමුල) වැටී (එසේ නොයන ලෙස) යදිමු” යයි (කීහ.)
|
242
‘‘යා
තස්සා සීසං පමජ්ජන්තී, ඉදං වචනමබ්රවි.
|
242
“ඔවුනතුරෙන් ඉතා ප්‍රධානවූ, යම් සැදැහැවත්, පැණවත් උවැසියක් තොමෝ වූවාද, ඇයගේ හිස පිරිමදින්නී (ගෞතමී තොමෝ) මෙම වචනය කීවාය.
|
243
‘‘‘අලං
අනිච්චං සඞ්ඛතං සබ්බං, වියොගන්තං චලාචලං’.
|
243
“දැරියෙනි, මාරයාගේ මළ පුඩුව අනුව ගියාවූ දුකින් කම් නැත. සියලු සංස්කාරයන් අනිත්‍යය. වෙන්වීමෙන් කෙළවර වන්නේය. අතිශයින් චංචලය” කියායි.)
|
244
‘‘තතො සා තා විසජ්ජිත්වා, පඨමං ඣානමුත්තමං;
දුතියඤ්ච තතියඤ්ච, සමාපජ්ජි චතුත්ථකං.
|
244
“ඉක්බිති ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ එම උවසියන් අතහැර දමා උතුම්වූ ප්රථමධ්යානයටද, වීතීයධ්යානයටද, තෘතීයධ්යානයටද, චතුර්ත්ථධ්යානයටද සම වැදුනාය.
|
245
‘‘ආකාසායතනඤ්චෙව, විඤ්ඤාණායතනං තථා;
ආකිඤ්චං නෙවසඤ්ඤඤ්ච, සමාපජ්ජි යථාක්කමං.
|
245
“ආකාසානඤ්චායතනයටද, එසේම විඤ්ඤාණඤ්චායතනයටද, ආකිඤ්චඤ්ඤායතනයටද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයටද පිළිවෙලින් සමවැදුනාය.
|
246
‘‘පටිලොමෙන ඣානානි, සමාපජ්ජිත්ථ ගොතමී;
යාවතා පඨමං ඣානං, තතො යාවචතුත්ථකං.
|
246
“ගෞතමී තොමෝ ප්‍රථමධ්‍යානය දක්වා ප්‍රතිලෝම වශයෙන්ද, ඉක්බිති චතුර්‍ත්‍ථධ්‍යානය දක්වා (අනුලොම් වශයෙන්ද) ධ්‍යානයට සමවැදුනාය.
|
247
‘‘තතො වුට්ඨාය නිබ්බායි, දීපච්චීව නිරාසවා
(නිරාසනා (සී. පී.));
භූමිචාලො මහා ආසි, නභසා විජ්ජුතා පති.
|
247
“ඉන් නැගිට තෙල් රහිතවූ පහන් දැල්ලක් මෙන් පිරිනිවන් පෑවාය. මහත්වූ භූමිකම්පාවක්ද විය. අහසින් විදුලිද වැටුනේය.
|
248
‘‘පනාදිතා දුන්දුභියො, පරිදෙවිංසු දෙවතා;
පුප්ඵවුට්ඨී ච ගගනා, අභිවස්සථ මෙදනිං.
|
248
“භෙරීහු නාද කළාහුය. දෙවිවරු හැඬූහ. අහසින් මල්වැසි ඇතිවිය.
|
249
‘‘කම්පිතො මෙරුරාජාපි, රඞ්ගමජ්ඣෙ යථා නටො;
සොකෙන චාතිදීනොව විරවො ආසි සාගරො.
|
249
“මේරූ පර්වත රාජයාද රඟමඬලෙහි මැද (නටන) නළුවෙකු මෙන් කම්පා විය. සොවින් ඉතා බැගෑවූවාක් මෙන් සයුරද පවත්වන කද ශබ්ද ඇත්තේ විය.
|
250
‘‘දෙවා නාගාසුරා බ්රහ්මා, සංවිග්ගාහිංසු තඞ්ඛණෙ;
‘අනිච්චා වත සඞ්ඛාරා, යථායං විලයං ගතා’.
|
250
“දෙවියෝද, නාගයෝද, අසුරයෝද, බ්‍රහ්මයෝද, එකෙණෙහි සංවේගයට පත්වුහ. (කෙසේද යත්) යම්සේ මෝ තෙමෝ මරණයට පත්වූවාද (එසේම) ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ.
|
251
‘‘යා
තායොපි අනුපාදානා, දීපච්චි විය
(දීපසිඛා විය (ස්‍යා.)) නිබ්බුතා.
|
251
“ඉදින් බුදුසසුන කරන්නාවූ යම් භික්ෂුණී කෙණෙක් මෙම ගෞතමිය පිරිවරා සිටියාහුද, එම භික්ෂුණීහුද පහන් සිළු මෙන් නිවී ගියහ.
|
252
‘‘හා යොගා විප්පයොගන්තා, හානිච්චං සබ්බසඞ්ඛතං;
හා ජීවිතං විනාසන්තං, ඉච්චාසි පරිදෙවනා.
|
252
“අහෝ සංයෝගයෝ වියෝගය කෙළවරකොට ඇත්තාහ. අනේ! සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. අහෝ, ජීවිතය මරණයෙන් කෙළවර වන්නකැ” යි මෙසේ මහත්වූ හැඬීමක් විය.
|
253
‘‘තතො
කාලානුරූපං කුබ්බන්ති, උපෙත්වා ඉසිසත්තමං.
|
253
“ඉක්බිති දෙවියෝද, බ්‍රහ්මයෝද රජුන් වෙත එළඹ (අෂ්ට) ලෝක ධර්මයට අනුව පැවැත්ම කලට සුදුසු පරිදි කෙරෙත්” යයි කීහ.
|
254
‘‘තදා
‘ගච්ඡානන්ද නිවෙදෙහි, භික්ඛූනං මාතු නිබ්බුතිං’.
|
254
“එකල්හි ශාස්තෘතෙමේ ශ්රුති සාගරයක්වූ හෙවත් බුදුරජුන් වෙතින්ම ඇසීමෙන් දැනගන්නාලද, සයුර මෙන් අපමණවූ ධර්මය ඇති අනඳ තෙරුන් ඇමතූහ. (අමතා) “ආනන්දය, යනු මැනව. භික්ෂූන්හට මවගේ පිරිනිවීම දන්වව” යි වදාළ සේක.
|
255
‘‘තදානන්දො
ගග්ගරෙන සරෙනාහ, ‘සමාගච්ඡන්තු භික්ඛවො.
|
255
“එකල්හි පහව ගිය ප්‍රීතිය ඇති ආනන්ද තෙමේ කඳුලු පිරුණු ඇස් ඇත්තේ, ගොත ගසන හඬින්, “පෙර, දකුණු, පැසුලූ, උතුරු දිශාවන්හි යම් (භික්ෂු කෙණෙක්) වසත් නම් (එම භික්ෂූහු) රැස් වෙත්වා. බුද්ධ පුත්‍රවූ භික්ෂූහු මගේ වචනය අසත්වා.
|
256
‘‘‘පුබ්බදක්ඛිණපච්ඡාසු, උත්තරාය ච සන්තිකෙ;
සුණන්තු භාසිතං මය්හං, භික්ඛවො සුගතොරසා.
|
256 |
257
‘‘‘යා වඩ්ඪයි පයත්තෙන, සරීරං පච්ඡිමං මුනෙ;
සා ගොතමී ගතා සන්තිං, තාරාව සූරියොදයෙ.
|
257
“යම් මවක් තොමෝ බුදුරජුන්ගේ අන්තිම ශරීරය උත්සාහයෙන් වර්ධනය කළාද, ඒ (මහා ප්‍රජාපතී) ගෞතමී තොමෝ හිරු උදාවන කල්හි නිෂ්ප්රභාවන තාරකාවන් මෙන් පිරිනිවනට පැමිණියාය.
|
258
‘‘‘බුද්ධමාතාති පඤ්ඤත්තිං
(සඤ්ඤත්තිං (ස්‍යා.)), ඨපයිත්වා ගතාසමං;
න යත්ථ පඤ්චනෙත්තොපි, ගතිං
(ගතං (සී. පී.), තත්ථ (ස්‍යා.)) දක්ඛති නායකො.
|
258
“බුද්ධ මාතාව” යන නම (පමණක්) තබා ගියාය. (පිරිනිවීමෙන් පසු) යම් තැනෙක්හි ගියා නම් (ඇය එහි) පසැස් ඇති බුදුරජතෙමේ නමුදු නොදකින්නේය.
|
259
‘‘‘යස්සත්ථි සුගතෙ සද්ධා, යො ච පියො මහාමුනෙ;
බුද්ධමාතුස්ස
(බුද්ධමාතරි (සී.), බුද්ධස්ස මාතු (ස්‍යා.)) සක්කාරං, කරොතු සුගතොරසො’.
|
259
“බුදුරජුන් කෙරෙහි යමෙකුගේ ශ්‍රද්ධාව ඇත්තේ වේද, යමෙක් මහාමුනිවූ තථාගතයන්ගේ බුද්ධමාතාව කෙරෙහි සත්කාර කෙරේවා” යි (කියායි.)
|
260
‘‘සුදූරට්ඨාපි තං සුත්වා, සීඝමාගච්ඡු භික්ඛවො;
කෙචි බුද්ධානුභාවෙන, කෙචි ඉද්ධීසු කොවිදා.
|
260
“එය අසා බොහෝ දුර සිටියාවූද කිසියම් භික්ෂු කෙණෙක් බුද්ධානුභාවයෙන් (එතැනට) පැමිණියාහුය. ඎද්ධීන්හි දක්ෂවූ ඇතැම් කෙණෙක් ශුභවූ සියල්ල රුවන්මුවාවූ රම්‍යවූ උතුම් කුලුගෙයක ගෞතමී තොමෝ පිරිනිවන සඳහා යම් (සයනයක) සැතපුනාද (එම) සයනය නංවා තැබූහ.
|
261
‘‘කූටාගාරවරෙ රම්මෙ, සබ්බසොණ්ණමයෙ සුභෙ;
මඤ්චකං සමාරොපෙසුං, යත්ථ සුත්තාසි ගොතමී.
|
261
“ගෞතමී තොමෝ පිරිනිවන සඳහා යම් (සයනයක) සැතපුනාද, (එම) සයනය ශුභවූ සියල්ල රුවන්මුවාවූ රම්‍යවූ උතුම් කුලුගෙයක (රන්සිවිගෙයක) නංවා තැබූහ.
|
262
‘‘චත්තාරො ලොකපාලා තෙ, අංසෙහි සමධාරයුං;
සෙසා සක්කාදිකා දෙවා, කූටාගාරෙ සමග්ගහුං.
|
262
“ඒ ලෝකපාලකවූ සිව්වරම් රජවරු (එම රන්සිවිගෙය) කරින් ඉසුලූහ. සෙසු ශක්‍රාදී දෙවිවරුද රන්සිවිගෙවල් ගත්තාහුය.
|
263
‘‘කූටාගාරානි
සරදාදිච්චවණ්ණානි, විස්සකම්මකතානි හි.
|
263
“විශ්වකර්මයා විසින් කරණ ලද්දාවූ, සරා හිරුවන්වූ සියල්ල පන්සියයක් කූටාගාරයෝ (රන්සිවිගෙවල්) වූහ.
|
264
‘‘සබ්බා තාපි භික්ඛුනියො, ආසුං මඤ්චෙසු සායිතා;
දෙවානං ඛන්ධමාරුළ්හා, නිය්යන්ති අනුපුබ්බසො.
|
264
“එම සියලු භික්ෂුණීහු (පිරිනිවන් පා) සයනයෙහි සැතපී සිටින්නියෝ වූහ. (එම සයනයන් රන්සිවි ගෙවල තබා, එකී රන්සිවිගෙවල් පිටින්) දෙවියන්ගේ කරට නැඟුනාහු, පිළිවෙලින් නික්ම යෙත්.
|
265
‘‘සබ්බසො
සතාරා චන්දසූරා ච, ලඤ්ඡිතා කනකාමයා.
|
265
“අහස්තලය සර්වාකාරයෙන්ම වියනින් වසන ලද්දේ විය. රුවන්මුවාවූ තරු සහිත සඳ හිරු සටහන් කළ
|
266
‘‘පටාකා
ඔගතාකාසපදුමා
(ඔගතාකාසධූමාව (පී.)), මහියා පුප්ඵමුග්ගතං.
|
266
“ඔසවන ලද බොහෝ පතාකයෝ (වූහ.) පතළාවූ මල් සැට්ටද, බැසගත්තාවූ ආකාශ පද්මයෝද (වූහ.) (එසේම) පොළොවෙන් මල් උඩට නැංගේය.
|
267
‘‘දස්සන්ති චන්දසූරියා, පජ්ජලන්ති ච තාරකා;
මජ්ඣං ගතොපි චාදිච්චො, න තාපෙසි සසී යථා.
|
267
“චන්ද්‍ර-සූර්‍ය්‍යයෝ පෙනෙත්. තාරකාවෝ දිලිසෙත්. හිරු මධ්යගතවූයේ නමුදු සඳු මෙන් නොතවයි.
|
268
‘‘දෙවා
වාදිතෙහි ච නච්චෙහි, සඞ්ගීතීහි ච පූජයුං.
|
268
“දෙවියෝ දිව්‍යමයවූ සුවඳ මලින්ද, මල්වලින්ද, නෘත්‍යයන්ගෙන්ද, සංගීතයන්ගෙන්ද පිදුවාහුය.
|
269
‘‘නාගාසුරා ච බ්රහ්මානො, යථාසත්ති යථාබලං;
පූජයිංසු ච නිය්යන්තිං, නිබ්බුතං බුද්ධමාතරං.
|
269
“නාග-අසුර යන මොවුහුද, බ්‍රහ්මයෝද, (තම-තමන්ගේ) ශක්තිය පරිදි, බලය පරිදි, පිරිනිවියාවූ (වැඩමවා) ගෙන යන්නාවූ බුද්ධමාතාවට පිදුවාහුය.
|
270
‘‘සබ්බායො පුරතො නීතා, නිබ්බුතා සුගතොරසා;
ගොතමී නිය්යතෙ පච්ඡා, සක්කතා බුද්ධපොසිකා.
|
270
“බුද්ධපුත්රීවූ, පිරිනිවනට පත් සියළු භික්ෂුණීහු ඉදිරියෙහි ගෙනයන ලදහ. බුදුරජාණන් වහන්සේ පොෂණය කරණ ලද (තථාගතයන් වහන්සේ විසිනුදු) සත්කාර කරණ ලද (මහා ප්‍රජාපතී) ගෞතමී තොමෝ ඉක්බිතිව ගෙනයන ලදහ.
|
271
‘‘පුරතො දෙවමනුජා, සනාගාසුරබ්රහ්මකා;
පච්ඡා සසාවකො බුද්ධො, පූජත්ථං යාති මාතුයා.
|
271
“නා-සුර-බඹුන් සහිතවූ දෙවි මිනිස්සු ඉදිරියෙහි (යෙත්.) පසුව ශ්‍රාවකයන් සහිතවූ බුදුරජතෙම මවට පුද පිණිස යති.
|
272
‘‘බුද්ධස්ස පරිනිබ්බානං, නෙදිසං ආසි යාදිසං;
ගොතමීපරිනිබ්බානං, අතෙවච්ඡරියං
(අතීවච්ඡරියං (සබ්බත්ථ) මොගල්ලානබ්යාකරණං ඔලොකෙතබ්බං) අහු.
|
272
“ගෞතමියගේ පරිනිර්වාණය සම්බුදු නම් බුදුරජුන්ගේ පරිනිර්වාණයද මෙබඳු නොවීය. ඉතා ආශ්චර්‍ය්‍ය දැය සිදුවිය.
|
273
‘‘බුද්ධො
බුද්ධො ගොතමිනිබ්බානෙ, සාරිපුත්තාදිකා තථා
(යථා (ස්‍යා.)).
|
273
“බුදුරජුන්ගේ පරිනිර්වාණයෙහි බුදුරජතෙමේද, ශාරීපුත්‍ර ආදී භික්ෂූහුද නොවූහ. ගෞතමියගේ පරිනිර්වාණයෙහි එසේ නොවීය. බුදුරජතෙමේද, ශාරීපුත්‍ර ආදී භික්ෂූහුද වූහ.
|
274
‘‘චිතකානි කරිත්වාන, සබ්බගන්ධමයානි තෙ;
ගන්ධචුණ්ණපකිණ්ණානි, ඣාපයිංසු ච තා තහිං.
|
274
“(එම දිව්‍ය-බ්‍රහ්ම-නර-නාගාදී) ඔවුහු සියල්ල සුවඳ දරින් කරණ ලද්දාවූ, සුවඳ සුණු ඉසින ලද්දාවූ චිතකයන් කොට, එහි එම භික්ෂුණීන් දැවූහ.
|
275
‘‘සෙසභාගානි ඩය්හිංසු, අට්ඨී සෙසානි සබ්බසො;
ආනන්දො ච තදාවොච, සංවෙගජනකං වචො.
|
275
“සෙසු කොටස් දැවුනාහ. සෑම අයුරින්ම ඇට ඉතිරිවිය. එකල්හි ආනන්ද තෙමේද සංවේගය දන්වන්නාවූ වචන කීය. (කෙසේද යත්?)
|
276
‘‘‘ගොතමී නිධනං යාතා, ඩය්හඤ්චස්සා සරීරකං;
සඞ්කෙතං බුද්ධනිබ්බානං, න චිරෙන භවිස්සති’.
|
276
“ගෞතමී තොමෝ පරිනිර්වාණයට පැමිණියාය. ඒ ගෞතමියගේ සිරුරද ආදාහනය කරණ ලදී. බුදුරජුන්ගේ පරිනිර්වාණයද නොබෝ කලකින්ම වන්නේයයි මට සැක ඇත්තේ වෙමි” යි (කියායි.)
|
277
‘‘තතො ගොතමිධාතූනි, තස්සා පත්තගතානි සො;
උපනාමෙසි නාථස්ස, ආනන්දො බුද්ධචොදිතො.
|
277
“ඉක්බිති බුදුරජුන් විසින් මෙහෙයන ලද ඒ ආනන්ද තෙමේ ඇයගේම පාත්රයෙහිවූ ගෞතමියගේ ධාතූන් ලෝකනාථයන් වහන්සේට පිරිනැමීය.
|
278
‘‘පාණිනා තානි පග්ගය්හ, අවොච ඉසිසත්තමො;
‘මහතො සාරවන්තස්ස, යථා රුක්ඛස්ස තිට්ඨතො.
|
278
“තථාගත තෙමේ එම ධාතූන් ශ්‍රී හස්තයෙන් ගෙන (මෙසේ) වදාළ සේක. “යම්සේ මහත්වූ අරටු සහිතව පවත්නාවූ වෘක්ෂයක ඒ මේ අතිවිශාල කඳ (පවා) පළුදු වන්නේය. (මේ) අනිත්‍යතාවයි. එසේම භික්ෂුණී සංඝයාගේ (නායිකාවවූ) ගෞතමී තොමෝ පිරිනිවණට පත්වූවාය.
|
279
‘‘‘යො
තථා භික්ඛුනිසඞ්ඝස්ස, ගොතමී පරිනිබ්බුතා.
|
279 |
280
‘‘‘අහො අච්ඡරියං මය්හං
(ආනන්ද පස්ස බුද්ධස්ස (ස්‍යා.)), නිබ්බුතායපි මාතුයා;
සරීරමත්තසෙසාය, නත්ථි සොකපරිද්දවො
(න සොකපරිදෙවනා (ස්‍යා.)).
|
280
“ආනන්දය, බලනු මැනව. ශරීර (ධාතු) මාත්‍රය පමණක් ඉතිරිවූ පිරිනිවණට පත් මව පිළිබඳව බුදුරජුන් ශෝකයක් හෝ පරිදේවයක් හෝ නැත.
|
281
‘‘‘න
පරිවජ්ජිතසන්තාපා, සීතිභූතා සුනිබ්බුතා.
|
281
“ඕතොමෝ අනුන්ගේ ශෝකයට නුසුදුසුය. තරණය කරණ ලද සසර සයුරු ඇත්තීය. දුරුකරණ ලද තැවුල් ඇත්තීය. සිසිල් වූවාය. මැනවින් නිවීගියාය.
|
282
‘‘‘පණ්ඩිතාසි මහාපඤ්ඤා, පුථුපඤ්ඤා තථෙව ච;
රත්තඤ්ඤූ භික්ඛුනීනං සා, එවං ධාරෙථ භික්ඛවො.
|
282
“ඕතොමෝ පණ්ඩිත වූවාය. එසේම මහාප්රාඥද, පුථුප්රාඥද, භික්ෂුණීන් අතුරෙන් චිරරාත්රඥද වූවාය. මහණෙනි, මෙසේ (ඇය මෙබඳු ගුණ ඇත්තීයයි සිත්හි ලා) දරව්.
|
283
‘‘‘ඉද්ධීසු
චෙතොපරියඤාණස්ස, වසී ආසි ච ගොතමී.
|
283
“ගෞතමී තොමෝ ඎද්‍ධියෙහිද, දිව්‍ය ශ්‍රොත ධාතුයෙහිද වශීවූවාය. චෙතොපරිය ඤාණයෙහිද වශීවූවාය.
|
284
‘‘‘පුබ්බෙනිවාසමඤ්ඤාසි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි තස්සා පුනබ්භවො.
|
284
“පෙර විසූ කඳ පිළිවෙළද දැනගත්තාය. දිවැසද පිරිසිදු කරණ ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. ඇයගේ නැවත ඉපදීමක් නැත.
|
285
‘‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
පරිසුද්ධං අහු ඤාණං, තස්මා සොචනියා න සා.
|
285
“අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, ප්‍රතිභාණයෙහිද නුවණ පිරිසිදු විය. එහෙයින් ඇය ශෝකයට සුදුසු නොවන්නීය.
|
286
‘‘‘අයොඝනහතස්සෙව, ජලතො ජාතවෙදස්ස;
අනුපුබ්බූපසන්තස්ස, යථා න ඤායතෙ ගති.
|
286
“ඝන යමුගුරකින් ගසන ලද දැල්වෙන ගින්නක් මෙන් අනුපූර්ව ශාන්තියට පැමිණියහුගේ ගතිය නොපෙනේ.
|
287
‘‘‘එවං සම්මා විමුත්තානං, කාමබන්ධොඝතාරිනං;
පඤ්ඤාපෙතුං ගති නත්ථි, පත්තානං අචලං සුඛං.
|
287
“මෙසේ මැනවින් මිදුනාවූ, කාමබන්ධනය නමැති සැඩපහර තරණය කරණ ලද නිවන් සුවයට පැමිණියවුන්ගේ පණවන්නට ගතියක් නැත.
|
288
‘‘‘අත්තදීපා තතො හොථ, සතිපට්ඨානගොචරා;
භාවෙත්වා සත්තබොජ්ඣඞ්ගෙ, දුක්ඛස්සන්තං කරිස්සථ’’’.
ඉත්ථං සුදං මහාපජාපතිගොතමී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
288
“එහෙයින් තමාම පිළිසරණකොට ඇත්තෝ වව්. සතිපට්ඨානය අරමුණුකොට ඇත්තාහු, සප්තබොධ්‍යඞ්ගයන් වඩා දුක් කෙළවර කරව්” ය කියායි.
මෙහි මෙම අයුරින් මහා ප්‍රජාපතී භික්ෂුණීන් වහන්සේ (ගැන) මෙම ගාථාවන් වදාළ සේක.
|
8. ඛෙමාථෙරීඅපදානං | 8. ඛෙමාපදානය |
289
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා;
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
289
“සියළු ධර්මයන්හි (විනිවිද දක්නා සුළු) පසැස් ඇත්තාවූ, ලෝක නායකවූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
|
290
‘‘තදාහං
නානාරතනපජ්ජොතෙ, මහාසුඛසමප්පිතා.
|
290
“එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන සිටු කුලයක උපන්නී, බොහෝ සුව විඳින්නියක් වීමි.
|
291
‘‘උපෙත්වා
තතො ජාතප්පසාදාහං, උපෙමි සරණං ජිනං.
|
291
“එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණකොට ගියෙමි.
|
292
‘‘මාතරං
නිමන්තයිත්වා සත්තාහං, භොජයිං සහසාවකං.
|
292
“මවටද, පියාටද කියා (අවසර ගෙන) බුදුරජුන් පවරා ශ්‍රාවකයන් සහිතව සතියක් මුළුල්ලෙහි වැළඳවීමි.
|
293
‘‘අතික්කන්තෙ ච සත්තාහෙ, මහාපඤ්ඤානමුත්තමං;
භික්ඛුනිං එතදග්ගම්හි, ඨපෙසි නරසාරථි.
|
293
“තථාගත තෙම සතිය ඉකුත්වූ කල්හි මහාප්‍රාඥ ඇත්තියන් අතුරෙන් උතුම්වූ භික්ෂුණියක් එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
294
‘‘තං සුත්වා මුදිතා හුත්වා, පුනො තස්ස මහෙසිනො;
කාරං කත්වාන තං ඨානං, පණිපච්ච පණීදහිං.
|
294
“එය අසා සතුටුව නැවතද එම බුදුරජුන්හට සත්කාරකොට (උන්වහන්සේගේ) දෙපා මුල වැටී එම තනතුර පැතීමි.
|
295
‘‘තතො මම ජිනො
(මං ස ජිනො (ස්‍යා.)) ආහ, ‘සිජ්ඣතං පණිධී තව;
සසඞ්ඝෙ මෙ කතං කාරං, අප්පමෙය්යඵලං තයා.
|
295
“ඉක්බිති තථාගත තෙමේ මට මෙසේ වදාළ සේක. “තිගේ පැතුම් සිදුවේවා. තී විසින් සඞ්ඝයා සහිතවූ මා කෙරෙහි කරණ ලද සත්කාරය අපමණ විපාක ඇත්තකි.
|
296
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
296
“මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නාහ.
|
297
‘‘‘තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා;
එතදග්ගමනුප්පත්තා, ඛෙමා නාම භවිස්සති’.
|
297
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදිවූ, ඖරස (බුද්ධපුත්රී) වූ, ධර්මයෙන් නිර්මිත කරණ ලද්දාක් වැනිවූ (තී) එතදග්‍රස්ථානයට පැමිණියා ‘ඛෙමා’ නම් වන්නෙහිය (කියායි.)
|
298
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගා අහං.
|
298
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
|
299
‘‘තතො චුතා යාමමගං, තතොහං තුසිතං ගතා;
තතො ච නිම්මානරතිං, වසවත්තිපුරං තතො.
|
299
“මම ඉන් චුතවූවා යාම දෙව්ලොවට ගියෙමි. ඉන් තුෂිත දෙව්ලොවට ගියා, එතැනින් නිර්මාණරතියටද, ඉන් (චුතව) වශවර්ති (දිව්‍ය) පුරයටද (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
300
‘‘යත්ථ
තත්ථ තත්ථෙව රාජූනං, මහෙසිත්තමකාරයිං.
|
300
“එම කර්මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම් නම් ඒ ඒ තන්හි රජවරුන්ගේ මෙහෙසි බව කෙළෙමි.
|
301
‘‘තතො චුතා මනුස්සත්තෙ, රාජූනං චක්කවත්තිනං;
මණ්ඩලීනඤ්ච රාජූනං, මහෙසිත්තමකාරයිං.
|
301
“ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජවරුන්ගේද, මණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
|
302
‘‘සම්පත්තිං අනුභොත්වාන, දෙවෙසු මනුජෙසු ච;
සබ්බත්ථ සුඛිතා හුත්වා, නෙකකප්පෙසු සංසරිං.
|
302
“දෙවියන් කෙරෙහිද, මිනිසුන් කෙරෙහිද සම්පත් අනුභවකොට, සියළු තන්හි සුව ඇත්තීව බොහෝ කල්පයන්හි සැරි සැරීමි.
|
303
‘‘එකනවුතිතො කප්පෙ, විපස්සී ලොකනායකො;
උප්පජ්ජි චාරුදස්සනො
(චාරුනයනො (සී. පී.)), සබ්බධම්මවිපස්සකො.
|
303
“මින් එක්අනූවන කපෙහි මනොඥවූ ඇස් ඇති, සර්ව ධර්මයන් විෂයයෙහි විශිෂ්ඨවූ දැකුම් ඇති, ලෝකනායකවූ විපස්සී බුදුරජතෙම ලොව පහළවූහ.
|
304
‘‘තමහං
ධම්මං භණිතං සුත්වාන, පබ්බජිං අනගාරියං.
|
304
“මම ලෝකනායකවූ ඒ බුදුරජුන් වෙත එළඹ ප්‍රණීතවූ ධර්මය අසා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.
|
305
‘‘දසවස්සසහස්සානි
බ්රහ්මචරියං චරිත්වාන, යුත්තයොගා බහුස්සුතා.
|
305
“එම බුදුරජුන්ගේ සසුනෙහි දස දහසක් අවුරුදු බඹසර හැසිර, යෙදෙන ලද භාවනා ඇත්තී, බහුශ්රුතවූවා,
|
306
‘‘පච්චයාකාරකුසලා, චතුසච්චවිසාරදා;
නිපුණා චිත්තකථිකා, සත්ථුසාසනකාරිකා.
|
306
“ප්‍රත්‍යාකාර (පටිච්ච සමුප්පාද)යෙහි දක්ෂවූවා, චතුස්සත්‍යයෙහි විශාරදවූවා, පුරුදුවූවා, චිත්‍ර කථිකවූවා, බුදුසසුන් කරන්නීවූ මම ඉන් චුතව තුසිත දෙව්ලොව උපන්නී, යසස් ඇත්තී, බඹසර හැසිරීමෙහි බලයෙන් මම එහි අනිකුදු (සුව) අනුභව කෙළෙමි.
|
307
‘‘තතො චුතාහං තුසිතං, උපපන්නා යසස්සිනී;
අභිභොමි තහිං අඤ්ඤෙ, බ්රහ්මචාරීඵලෙනහං.
|
307 |
308
‘‘යත්ථ යත්ථූපපන්නාහං, මහාභොගා මහද්ධනා;
මෙධාවිනී සීලවතී
(රූපවතී (සී. ස්‍යා. පී.)), විනීතපරිසාපි ච.
|
308
“(ඒ) යම් යම් තැනක උපන්නීවූ මම මහත්වූ භෝග ඇත්තී, රූමත්වූවා, මහත් ධන ඇත්තී, නැණවත්වූවා, හික්මුනාවූ පිරිස් ඇත්තීද වෙමි. බුදුසසුන්හි යෙදීමෙන් (රැස්කළ) එම පුණ්යකර්මයෙන් මට සිතට ප්‍රියවූ සියළු සම්පත්තීහු සුලභයහ.
|
309
‘‘භවාමි තෙන කම්මෙන, යොගෙන ජිනසාසනෙ;
සබ්බා සම්පත්තියො මය්හං, සුලභා මනසො පියා.
|
309 |
310
‘‘යොපි
විමානෙති න මං කොචි, පටිපත්තිබලෙන මෙ.
|
310
“යම් යම් තැනක (උත්පත්ති වශයෙන්) ගිය මට යම් කිසිවෙක් ස්වාමියා වේද, (හෙතම මාගේ) ප්‍රතිපත්ති ඵලය කරණකොට ගෙන අවමන් නොකරයි.
|
311
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
නාමෙන කොණාගමනො, උප්පජ්ජි වදතං වරො.
|
311
“මෙම මහා භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කොනාගමන නම්වූ බුදුරජතෙම ලොව පහළවූහ.
|
312
‘‘තදා හි බාරාණසියං, සුසමිද්ධකුලප්පජා
(සුසමිද්ධි... (ස්‍යා.));
ධනඤ්ජානී සුමෙධා ච, අහම්පි ච තයො ජනා.
|
312
“එකල්හි මම බරණැස් නුවර සමෘද්ධවූ කුලයක උපනිමි. ධනඤ්ජානියද, සුමෙධාවද, මමද යන අපි තිදෙන පෙර දාන සහායිකාවූවෝ, සඞ්ඝාරාමයක් දුනිමු. සඞ්ඝයා උදෙසා විහාරයක්ද කරවීමු.
|
313
‘‘සඞ්ඝාරාමමදාසිම්හ, දානසහායිකා පුරෙ
(නෙකෙ සහස්සිකෙ මුනෙ (ස්‍යා.), දානං සහස්සිකං මුනෙ (පී.));
සඞ්ඝස්ස ච විහාරම්පි
(සසංඝස්ස විහාරං හි (ස්‍යා. පී.)), උද්දිස්ස කාරිකා
(දායිකා (පී.)) මයං.
|
313 |
314
‘‘තතො චුතා මයං සබ්බා, තාවතිංසූපගා අහුං;
යසසා අග්ගතං පත්තා, මනුස්සෙසු තථෙව ච.
|
314
“අපි සියල්ලෝ එයින් චුතවූවාහු තව්තිසා දෙව්ලොවට ගියෙමු. මිනිසුන් අතරෙහි මෙන්ම ඒ දෙව්ලොවද කීර්තියෙන් අගතැන් පත්වීමු.
|
315
‘‘ඉමස්මිංයෙව කප්පම්හි, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
315
“කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
|
316
‘‘උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො;
කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
|
316
“එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
|
317
‘‘තස්සාසිං
ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
|
317
“එම රජුන්ගේ ‘සමණී’යයි ප්‍රකටවූ ජ්‍යෙෂ්ඨ දුවණිය වීමි. බුදුරජුන්ගේ ධර්මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
|
318
‘‘අනුජානි
වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
|
318
“(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් අවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
|
319
‘‘කොමාරිබ්රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා;
බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්ත ධීතරො.
|
319 |
320
‘‘සමණී
ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා.
|
320
“(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද,
|
321
‘‘අහං උප්පලවණ්ණා ච, පටාචාරා ච කුණ්ඩලා;
කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
|
321
“එම සත්දෙන පිළිවෙළින් අප බුදුන් කල මමද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, කිසා ගෝතමීයද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
|
322
‘‘කදාචි සො නරාදිච්චො, ධම්මං දෙසෙසි අබ්භුතං;
මහානිදානසුත්තන්තං, සුත්වා තං පරියාපුණිං.
|
322
“කිසියම් කලෙක්හි එම (කාශ්‍යප) බුදුරජතෙමේ ආශ්චර්‍ය්‍යවූ ධර්මය දෙසූහ. (මම) මහානිදාන සූත්‍රාන්තය අසා එය ප්‍රගුණ කර ගතිමි.
|
323
‘‘තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
323
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
|
324
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, සාකලාය පුරුත්තමෙ;
රඤ්ඤො මද්දස්ස ධීතාම්හි, මනාපා දයිතා පියා.
|
324
“දැන් මේ අන්තිම භවයෙහි උතුම්වූ සාගල පුරයෙහි, මන වඩන්නාවූ, දයාවත්වූ, ප්‍රියවූ මදුරජුන්ගේ දුවණියක් වීමි.
|
325
‘‘සහ මෙ ජාතමත්තම්හි, ඛෙමං තම්හි පුරෙ අහු;
තතො ඛෙමාති නාමං මෙ, ගුණතො උපපජ්ජථ.
|
325
“මාගේ උත්පත්ති මාත්‍රය සමගම එම පුරයෙහි ක්ෂෙමය විය. එහෙයින් මාගේ ‘ඛෙම’ යන නම ගුණ වශයෙන් උපන්නේය.
|
326
‘‘යදාහං යොබ්බනං පත්තා, රූපලාවඤ්ඤභූසිතා
(රූපවණ්ණවිභූසිතා (ස්‍යා.), රූපවන්තා විභූසිතා (පී.), රූපවිලාසභූසිතා (ක.));
තදා අදාසි මං තාතො, බිම්බිසාරස්ස රාජිනො.
|
326
“යම් කලෙක්හි මම රූප ලාවන්‍යයෙන් අලඞ්කාරවූ යෞවන බවට පැමිණියා (වෙම්) ද, එකල්හි පියතෙම මා බිම්බිසාර රජුට දුන්නේය.
|
327
‘‘තස්සාහං සුප්පියා ආසිං, රූපකෙ ලායනෙ රතා;
රූපානං දොසවාදීති, න උපෙසිං මහාදයං.
|
327
“මම රූ නැලවුම්හි ඇලුනී, එම (බිම්බිසාර) රජුගේ ඉතා ප්‍රියවූ මෙහෙසිය වීමි. රූපයන්ගේ දොස් කියන්නෙකැයි මහත්වූ දයා ඇති තථාගතයන් වෙත නොඑළඹුනෙමි.
|
328
‘‘බිම්බිසාරො තදා රාජා, මමානුග්ගහබුද්ධියා;
වණ්ණයිත්වා වෙළුවනං, ගායකෙ ගාපයී මමං.
|
328
“එකල්හි බිම්බිසාර රජ තෙමේ මට අනුග්‍රහ (කරන) සිතින් වෙළුවනාරාමය වර්ණනය කොට ගායකයන් ලවා මා හමුවෙහි ගායනය කරවීය. (කෙසේද යත්?)
|
329
‘‘රම්මං වෙළුවනං යෙන, න දිට්ඨං සුගතාලයං;
න තෙන නන්දනං දිට්ඨං, ඉති මඤ්ඤාමසෙ මයං.
|
329
“බුදුරජුන්ගේ නිවාසස්ථානයවූ මනරම් වෙළුවනය යමෙකු විසින් නොදක්නාලද නම් ඔහු විසින් (දෙවියන්ගේ) නන්‍දනොද්‍යානය නොදක්නා ලද්දාක් මෙන් අපි හඟිමු.
|
330
‘‘යෙන
සුදිට්ඨං නන්දනං තෙන, අමරින්දසුනන්දනං.
|
330
“මිනිස් (රජ) පුතුන් සතුටු කරවන්නාවූ වෙළුවනය, යමෙකු විසින් දක්නා ලද නම්, ඔහු විසින් දෙවියන් තුටු කරන නන්‍දනොද්‍යානය මැනවින් දක්නා ලදී.
|
331
‘‘විහාය
රම්මං වෙළුවනං දිස්වා, න තප්පන්ති සුවිම්හිතා.
|
331
“දෙවියෝ නන්‍දනොද්‍යානය හැර පොළෝතලයට බැස මනරම් වෙළුවනය දැක අතිශය විශ්මය පත්වූවාහු තෘෂ්ක නොවෙත්.
|
332
‘‘රාජපුඤ්ඤෙන
කො වත්තා තස්ස නිස්සෙසං, වනස්ස ගුණසඤ්චයං.
|
332
“රජුගේ පිණින් හටගත්, බුදුරජුන්ගේ පිණින් අලඞ්කාරවූ එම වනයාගේ සම්පූර්ණ ගුණ සමූහය කියන්නා කවරෙක්ද?
|
333
‘‘තං සුත්වා වනසමිද්ධං, මම සොතමනොහරං;
දට්ඨුකාමා තමුය්යානං, රඤ්ඤො ආරොචයිං තදා.
|
333
“මාගේ කණට හා සිතට මිහිරක්වූ ඒ (ජෙත)වන සමෘද්ධිය අසා එකල්හි එම උයන දකිනු කැමැත්තී රජුට දැන්වීමි.
|
334
‘‘මහතා පරිවාරෙන, තදා ච සො
(තදා මං සො (ස්‍යා. පී.)) මහීපති;
මං පෙසෙසි
(සංපෙසෙසි (ස්‍යා.), සම්පාපෙසි (පී.)) තමුය්යානං, දස්සනාය සමුස්සුකං.
|
334
“එකල්හි එම රජතෙම මහ පිරිවරින් යුතුව එය දැකුමට උත්සාහවත්වූ මා එම උයනට යැවීය. (කෙසේද යත්?)
|
335
‘‘ගච්ඡ පස්ස මහාභොගෙ, වනං නෙත්තරසායනං;
යං සදා භාති සිරියා, සුගතාභානුරඤ්ජිතං.
|
335
“මහා භොග සම්පත් ඇත්තිය, යනු මැනව. බුදු රැසින් රැඳුනාවූ යම් වනයක් හැම කල්හි ශ්‍රියාවෙන් බබලාද, නෙතට රසඳුනක්වූ (එම) වනය බලනු මැනව.
|
336
‘‘යදා ච පිණ්ඩාය මුනි, ගිරිබ්බජපුරුත්තමං;
පවිට්ඨොහං තදායෙව, වනං දට්ඨුමුපාගමිං.
|
336
“යම් කලෙක තථාගත තෙම උතුම්වූ ගිරිව්‍රජ නගරයට පිඬු පිණිස පිවිසියේද, එකල්හිම මම ජේතවනය දැකීමට එළඹියෙමි.
|
337
‘‘තදා තං ඵුල්ලවිපිනං, නානාභමරකූජිතං;
කොකිලාගීතසහිතං, මයූරගණනච්චිතං.
|
337
“එකල්හි මම (එහි) හැසිරෙන්නී, නොයෙක් බමර සමූහයා විසින් කුල්නා ලද්දාවූ, කෝකිල ගීතයෙන් යුක්තවූ, මයුර සමූයහා විසින් නැටුම් ඇති, නිශ්ශබ්දවූ, නොගැවසුනාවූ, බොහෝ සක්මන් (මලු)වලින් අලඞ්කාරවූ, කුටි හා මණ්ඩපයන්ගෙන් ගැවසීගත්, උතුම් යෝගීන්ගෙන් බබලන, පිපීගිය (ජෙත)වනය දැක මාගේ ඇස (ලැබීම) සඵලයයි සිතීමි. එහි භාවනාවෙහි යෙදුනු තරුණ භික්ෂුවක් දැක (මෙසේද) කල්පනා කෙළෙමි.
|
338
‘‘අප්පසද්දමනාකිණ්ණං, නානාචඞ්කමභූසිතං;
කුටිමණ්ඩපසඞ්කිණ්ණං, යොගීවරවිරාජිතං.
|
338 |
339
‘‘විචරන්තී අමඤ්ඤිස්සං, සඵලං නයනං මම;
තත්ථාපි තරුණං භික්ඛුං, යුත්තං දිස්වා විචින්තයිං.
|
339 |
340
‘‘‘ඊදිසෙ
වසන්තමිව කන්තෙන, රූපෙන ච සමන්විතො.
|
340 |
341
‘‘‘නිසින්නො රුක්ඛමූලම්හි, මුණ්ඩො සඞ්ඝාටිපාරුතො;
ඣායතෙ වතයං භික්ඛු, හිත්වා විසයජං රතිං.
|
341
“නව යෞවනයෙහි සිටියාවූ, වසන්ත කාලය වැනිවූ, මනකල් රුවින් යුත්, හිස මුඩුකළාවූ, සඟල සිවුර පෙරවූ, රුක්මුල්හි වැඩහුන් ඒ මේ භික්ෂු තෙමේ ඒකාන්තයෙන් කාමාරම්මණයන්ගෙන් හටගන්නාවූ ඇල්ම හැර මෙබඳු මනරම් වනයෙහිද ධ්‍යාන කරයි.
|
342
‘‘‘නනු නාම ගහට්ඨෙන, කාමං භුත්වා යථාසුඛං;
පච්ඡා ජිණ්ණෙන ධම්මොයං, චරිතබ්බො සුභද්දකො’.
|
342 |
343
‘‘සුඤ්ඤකන්ති
උපෙත්වා ජිනමද්දක්ඛං, උදයන්තංව භාකරං.
|
343
“ගිහියා විසින් සුවසේ කම් සැප අනුභවකොට පසුව ජරපත්වූ ඔහු විසින් (මහළු වයසෙහි) ඉතා යහපත්වූ මෙම ධර්මයෙහි හැසිරිය යුත්තේ නම් නොවේද?”
|
344
‘‘එකකං සුඛමාසීනං, බීජමානං වරිත්ථියා;
දිස්වානෙවං විචින්තෙසිං, නායං ලූඛො නරාසභො.
|
344
“(බුදුරදුන් නැති බැවින්) ගඳකිළිය හිස්යයි සිතා (එම) සර්වඥ ගෘහයට එළඹ පවන් සලනු ලබන්නාවූ උතුම් ස්ත්‍රියක් සමග හුදකළාව සුවසේ වැඩ හුන්නාවූ, උදාවන හිරු වැනිවූ තථාගතයන් වහන්සේ දුටිමි. දැක මෙසේ සිතීමි. “මෙතෙම රූක්ෂ නර ශ්‍රේෂ්ඨයෙක් නොවේ.
|
345
‘‘සා කඤ්ඤා කනකාභාසා, පදුමානනලොචනා;
බිම්බොට්ඨී කුන්දදසනා, මනොනෙත්තරසායනා.
|
345
“ඒ (පවන් සලන) කන්‍යාතොමෝ රන්වන් පැහැ ඇත්තීය. පියුමකට බඳු මුහුණු හා ඇස් ඇත්තීය. (ඉදුන) බිඹුපලවන් තොල් ඇත්තීය. කොඳ (කැකුළු) වැනි දසන් ඇත්තීය. සිතට හා නෙතට රසදුනක් වැන්නීය.
|
346
‘‘හෙමදොලාභසවනා
වෙදිමජ්ඣාව සුස්සොණී
(කනුමජ්ඣාව සුස්සොණී (සී.), වෙදිමජ්ඣා වරසොණී (ස්‍යා. පී.)), රම්භොරු චාරුභූසනා.
|
346 |
347
‘‘රත්තංසකුපසංබ්යානා, නීලමට්ඨනිවාසනා;
අතප්පනෙය්යරූපෙන, හාසභාවසමන්විතා
(හාවභාවසමන්විතා (සී.), සබ්බාභරණමණ්ඩිතා (ස්‍යා.)).
|
347
“රන් ඔන්චිල්ලාවක් වැනි කන් ඇත්තීය. කුඹු වැනි මනා පියවුරු ඇත්තීය. සිහිනිඟ ඇත්තීය. මනාවූ උකුළු ඇත්තිය. රඹ වැනි කලවා ඇත්තීය. මනා අබරණ ඇත්තීය.
|
348
‘‘දිස්වා තමෙවං චින්තෙසිං, අහොයමභිරූපිනී;
න මයානෙන නෙත්තෙන, දිට්ඨපුබ්බා කුදාචනං.
|
348
“හැඳගන්නාලද රන්හුයින් වියූ උරහිස්වලින් යුත් සැට්ටය ඇත්තීය. හැඳගත් නීල වත් ඇත්තීය. තෘප්ත කළ නොහැකි රුවින්ද භාව-භාවයන්ගෙන්ද යුක්තවූවාය.
|
349
‘‘තතො ජරාභිභූතා සා, විවණ්ණා විකතානනා;
භින්නදන්තා සෙතසිරා, සලාලා වදනාසුචි.
|
349
“ඇය දැක මෙසේ සිතීමි. “මෙම අභිරූපිනිය ආශ්චර්‍ය්‍යයකි. මා විසින් මේ ඇසින් කිසි කලෙකත් නොදක්නා ලද විරීය.”
|
350
‘‘සඞ්ඛිත්තකණ්ණා
වලිවිතතසබ්බඞ්ගී, සිරාවිතතදෙහිනී.
|
350
“ඉක්බිති ජරාවෙන් මැඩුනාවූ, දුර්වර්ණවූ, වැහැරී ගිය මුහුණු ඇති, ගිලිහුණු දත් ඇති, සුදුවූ හිස(කේ) ඇති, අපිරිසිදුවූ කෙළ සහිත මුඛය ඇත්තීය. හැකුලුනු කන් ඇති, සුදුවූ ඇස් ඇති, එල්බෙන පිළිකුල් කළ යුතු පියයුරු ඇති, රැලි වැටී පැතිරීගිය සියළු අවයව ඇති, නහර පැතුරුණු සිරුර ඇති, නැමුණු අවයව ඇති, සැරයටිය සහායකොට ඇති, හටගත් පඬුවන් පැහැ ඇති, වැහැරීගියාවූ, වෙව්ලන්නාවූ, බිම ඇද වැටුනාවූ ඕතොමෝ නැවත නැවත හුස්ම හෙලන්නීය.
|
351
‘‘නතඞ්ගා දණ්ඩදුතියා, උප්ඵාසුලිකතා
(උප්පණ්ඩුපණ්ඩුකා (සී. ස්‍යා.)) කිසා;
පවෙධමානා පතිතා, නිස්සසන්තී මුහුං මුහුං.
|
351 |
352
‘‘තතො මෙ ආසි සංවෙගො, අබ්භුතො ලොමහංසනො;
ධිරත්ථු රූපං අසුචිං, රමන්තෙ යත්ථ බාලිසා.
|
352 |
353
‘‘තදා මහාකාරුණිකො, දිස්වා සංවිග්ගමානසං;
උදග්ගචිත්තො සුගතො, ඉමා ගාථා අභාසථ.
|
353
“ඉක්බිති මට ආශ්චර්‍ය්‍යවූ, ලොමු දැහැගන්නාවූ සංවේගයක් ඇතිවිය. “යම් තැනෙක්හි නැණහීනයෝ ආලෙත්ද, ඒ අපිරිසිදුවූ රූපයට නින්දා වේවා” (ය කියාය.)
|
354
‘‘‘ආතුරං
උග්ඝරන්තං පග්ඝරන්තං, බාලානං අභිනන්දිතං.
|
354
“එකල්හි ඔදවැඩි සිත් ඇති මහාකාරුණීකවූ තථාගත තෙමේ කළකිරුණාවූ සිත් ඇති (මා) දැක මෙම ගාථාවන් වදාළ සේක.
|
355
‘‘‘අසුභාය
සති කායගතා ත්යත්ථු, නිබ්බිදා බහුලා භව.
|
355
“ඛෙමාවෙනි, ගිලන්වූ, අපිරිසිදුවූ, කුණුවූ, උතුරා යන්නාවූද, වැගිරි යන්නාවූද, නුවණ නැතියවුන් විසින් මැනවැයි සතුටුවනලද (මේ) සිරුර (දෙස) බලනු මැනව.
|
356
‘‘‘යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං;
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, කායෙ ඡන්දං විරාජය.
|
356
“අශුභාරම්මණයෙහි එකඟකොට, මොනවට සමාධිගතකොට සිත වඩනු මැනව. කායගතාසතිය වේවා. කලකිරීම් බහුලකොට ඇත්තියක් වනු මැනව.
|
357
‘‘‘අනිමිත්තඤ්ච භාවෙහි, මානානුසයමුජ්ජහ;
තතො මානාභිසමයා, උපසන්තා චරිස්සසි.
|
357
“මේ ස්ත්‍රියගේ සිරුර යම්සේ නම් මේ සිරුරද එබඳුම වෙයි. මේ (මළාවූ ස්ත්‍රියගේ) සිරුර ඉදිමීම ආදී වශයෙන් උද්ධුමාතක අශුභාදියට පැමිණෙන්නේ (යම්සේ) නම් මේ සිරුරු (මරණින් පසු) එබඳුම වෙයි. ආධ්‍යාත්මිකවූ තමාගේ කයෙහිද ආලය දුරුකළ මැනව.
|
358
‘‘‘යෙ රාගරත්තානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව ජාලං;
එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති, න පෙක්ඛිනො
(අනපෙක්ඛිනො (සී. ස්‍යා. පී.)) කාමසුඛං පහාය’.
|
358
“නිර්වෙදභාගීවූ සමාධියෙන් එකඟවූ සිත් ඇත්තේ විදර්ශනා වඩව. මානායුසය දුරු කරව. එහෙයින් මානය දුරුකිරීමෙන් සංසිඳුනී හැසිරෙන්නෙහිය.
|
359
‘‘තතො
මහානිදානං දෙසෙසි, සුත්තන්තං විනයාය මෙ.
|
359
“රාගයෙන් රත්වූ යමෙක් තුමූ, තමා විසින් කළ දැල මකුළුවා මෙන් තමන් උපදවාගත් (තෘෂ්ණා) නමැති සැඩ පහරෙහි වැටෙත්ද, (නුවණැත්තෝ) මෙම තෘෂ්ණා නම්වූ බැම්මද කපා අපෙක්ෂා නැත්තාහු, කම් සුව හැර දමා පැවිදි වෙති.
|
360
‘‘සුත්වා
තත්ථ ඨිතාවහං සන්තී, ධම්මචක්ඛුං විසොධයිං.
|
360
“ඉක්බිති නරසාරථීවූ තථාගත තෙමේ (ධර්මාවබෝධයට) සුදුසුවූ සිත් ඇති මා දැක, මාගේ හික්මීම පිණිස මහානිදාන සූත්‍රාන්තය දේශනා කළ සේක.
|
361
‘‘නිපතිත්වා මහෙසිස්ස, පාදමූලම්හි තාවදෙ;
අච්චයං දෙසනත්ථාය, ඉදං වචනමබ්රවිං.
|
361
“එම ශ්‍රේෂ්ඨ සූත්‍රාන්තය අසා පෙර ඇසීම සිතට නගා ගතිමි. මම එහි සිටින්නීම දහම් ඇස පිරිසිදු කෙළෙමි.
|
362
‘‘‘නමො තෙ සබ්බදස්සාවී, නමො තෙ කරුණාකර;
නමො තෙ තිණ්ණසංසාර, නමො තෙ අමතං දද.
|
362
“එකෙණෙහි මහර්ෂීන් වහන්සේගේ පාමුල වැටී ඇවැත් දෙසුම පිණිස මෙම වචනය කීමි.
|
363
‘‘‘දිට්ඨිගහනපක්ඛන්දා
(... පක්ඛන්තා (සී. ස්‍යා.)), කාමරාගවිමොහිතා;
තයා සම්මා උපායෙන, විනීතා විනයෙ රතා.
|
363
“සර්‍වදර්ශීවූ තථාගතයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. කරුණාවට ආකරයක්වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. තරණය කරන ලද සසර සයුර ඇති බුදුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. අමෘත දායකයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා.
|
364
‘‘‘අදස්සනෙන විභොගා
(විබ්භොගා (සී.), විහිතා (ස්‍යා.)), තාදිසානං මහෙසිනං;
අනුභොන්ති මහාදුක්ඛං, සත්තා සංසාරසාගරෙ.
|
364
“(දෙසා) මිසදිටු අවුලට අයත් පක්ෂයෙහි ඇතුළත්වූවා, කාමරාගයෙන් මුළාවූවාද (වීමි.) ඔබවහන්සේ විසින් සම්‍යක් උපායෙන් හික්මවන ලද්දී, විනයයෙහි ඇළුනීද වෙමි.
|
365
‘‘‘යදාහං ලොකසරණං, අරණං අරණන්තගුං
(මරණන්තගං (ස්‍යා.));
නාද්දසාමි අදූරට්ඨං, දෙසයාමි
(දෙසෙස්සාමි (ස්‍යා.)) තමච්චයං.
|
365
“එබඳු බුදුවරුන්ගේ නොදැකීමෙන් දුර්භාග්යවූ සත්ත්වයෝ සසර සයුරෙහි මහ දුක් අනුභව කෙරෙත්.
|
366
‘‘‘මහාහිතං
නොපෙසිං රූපනිරතා, දෙසයාමි තමච්චයං’.
|
366
“යම් කලෙක්හි මම නුදුරෙහි සිට ලොවට පිළිසරණවූ, නොඇළුනාවූ, මරණය කෙළවර කළ බුදුරජුන් නොදුටුයෙම් නම් එම ඇවත දෙසමි.
|
367
‘‘තදා
අවොච තිට්ඨ ඛෙමෙති, සිඤ්චන්තො අමතෙන මං.
|
367
“අහිතවත් කෙනෙකැයි සැක කරන්නී, රූපයෙහි ඇළුනී, බොහෝ හිතවත්වූ අභිමත දැය දෙන්නාවූ (තථාගතයන් වෙත) නොපැමිණියෙම් නම් එම ඇවත දෙසමි” යි.
|
368
‘‘තදා පණම්ය සිරසා, කත්වා ච නං පදක්ඛිණං;
ගන්ත්වා දිස්වා නරපතිං, ඉදං වචනමබ්රවිං.
|
368
“එකල්හි මධුර ස්වර ඇති, මහාකාරුණික බුදුරජතෙම මා අමාවෙන් තෙමන්නාක් මෙන්, “ඛේමාවෙනි, සිටිනු මැනවැ” යි වදාළ සේක.
|
369
‘‘‘අහො
වනදස්සනකාමාය, දිට්ඨො නිබ්බානතො මුනි.
|
369
“එකල්හි (මම) උන්වහන්සේට සිරසින් වැඳ පැදකුණුකොට ගොස් රජතුමා දැක මෙම වචනය කීමි.
|
370
‘‘‘යදි තෙ රුච්චතෙ රාජ
(රාජා (ස්‍යා.)), සාසනෙ තස්ස තාදිනො;
පබ්බජිස්සාමි රූපෙහං, නිබ්බින්නා මුනිවාණිනා’
(මුනිභාණිනා (ස්‍යා. පී.)).
|
370
“රජතුමෙනි, ආශ්චර්‍ය්‍යයකි. ඔබ විසින් මනාවූ උපායක් සිතන ලදී. (ජෙත)වනය දකිනු කැමැත්තිය විසින් නිවන දෙසන්නාවූ තථාගත තෙම දක්නා ලදී.
|
371
‘‘අඤ්ජලිං පග්ගහෙත්වාන, තදාහ ස මහීපති;
‘අනුජානාමි තෙ භද්දෙ, පබ්බජ්ජා තව සිජ්ඣතු’.
|
371
“ඒ රජතෙම ඇඳිලි බැඳගෙන, “සොඳුර තීහට අනුදනිමි. තීගේ පැවිද්ද සමෘද්ධ වේවා” යි කීය.
|
372
‘‘පබ්බජිත්වා තදා චාහං, අද්ධමාසෙ
(සත්තමාසෙ (ස්‍යා.)) උපට්ඨිතෙ;
දීපොදයඤ්ච භෙදඤ්ච, දිස්වා සංවිග්ගමානසා.
|
372
“එකල්හි මම පැවිදිව අඩමසක් එළඹි කල්හි පහන් දැල්වීමද නිවීමද දැක කලකිරුනු සිත් ඇත්තී,
|
373
‘‘නිබ්බින්නා
චතුරොඝෙ අතික්කම්ම, අරහත්තමපාපුණිං.
|
373
“සියළු සංස්කාරයන් කෙරෙහි කළකිරුනී, ප්‍රත්‍යාකාර (පටිච්ච සමුප්පාද)යෙහි දක්ෂවූවා, (කාමාදී) චතුරෝඝයන් ඉක්මවා රහත්බවට පැමිණියෙමි.
|
374
‘‘ඉද්ධීසු ච වසී ආසිං, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී චාපි භවාමහං.
|
374
“මම ඎද්‍ධියෙහිද වශීවීමි. (එසේම) දිව්‍යශ්‍රොත ධාතුයෙහිද, චෙතොපරිය ඥානයෙහිද වශීවෙමි.
|
375
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
375
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. (මා විසින්) දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
376
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
පරිසුද්ධං මම ඤාණං, උප්පන්නං බුද්ධසාසනෙ.
|
376
“බුදු සසුන්හිවූ අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද මට පිරිසිදු නුවණ පහළවිය.
|
377
‘‘කුසලාහං විසුද්ධීසු, කථාවත්ථුවිසාරදා;
අභිධම්මනයඤ්ඤූ ච, වසිප්පත්තාම්හි සාසනෙ.
|
377
“මම විසුද්ධීන්හි දක්ෂවූවා, කථාවස්තුවෙහි විශාරදවූවා, විජමනය දන්නී, සසුනෙහි වශීබවට පැමිණියා වෙමි.
|
378
‘‘තතො
පුච්ඡිතා නිපුණෙ පඤ්හෙ, බ්යාකරොන්තී යථාතථං.
|
378
“ඉක්බිති කොසොල් රජු විසින් බොජුන් වත්හි පුහුණුවූ ප්‍රශ්ණයක් විචාරණ ලද්දී තත්වූ පරිදි පවසන්නීය.
|
379
‘‘තදා ස රාජා සුගතං, උපසඞ්කම්ම පුච්ඡථ;
තථෙව බුද්ධො බ්යාකාසි, යථා තෙ බ්යාකතා මයා.
|
379
“එකල්හි එම රජතෙම බුදුරජුන් වෙත එළඹ විචාළේය. යම් සේ මා විසින්ම (ඇයගෙන් උගත් පරිදි) එම ප්‍රශ්නයෝ විසඳන ලද නම් බුදුරජ තෙමේද එසේම වදාළ සේක.
|
380
‘‘ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං;
මහාපඤ්ඤානමග්ගාති, භික්ඛුනීනං නරුත්තමො.
|
380
“නරොත්තමවූ තථාගත තෙම එම ගුණයෙහි තුටුවූයේ, “මහා ප්‍රාඥවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍ර වන්නීය” යි මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
|
381
‘‘කිලෙසා
|
381
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
382
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
382
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
383
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ඛෙමා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
383
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් ඛේමා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|
9. උප්පලවණ්ණාථෙරීඅපදානං | 9. උප්පලවණ්ණාපදානය |
384
‘‘භික්ඛුනී උප්පලවණ්ණා, ඉද්ධියා පාරමිං ගතා;
වන්දිත්වා සත්ථුනො පාදෙ, ඉදං වචනමබ්රවි.
|
384
“ඎද්ධියෙහි පරතෙරට ගිය උත්පලවර්ණා භික්‍ෂුණීතොමෝ බුදුරජාණන්වහන්සේගේ සිරිපා වැඳ, මෙම වචනය කීවාය.
|
385
‘‘‘නිත්ථිණ්ණා
සබ්බදුක්ඛං මයා ඛීණං, ආරොචෙමි මහාමුනි.
|
385
“බුදුරජාණන් වහන්ස, (මා විසින්) සසර තරණය කරන ලදී. අචල පදයවූ නිවණට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්ෂය කරන ලදී. (එය) ආරෝචණය කරමි.
|
386
‘‘‘යාවතා
යස්සා ච මෙපරාධොත්ථි, ඛමන්තු ජිනසම්මුඛා.
|
386
“බුදුසසුන්හි පහන්වූ යම් පමණ පිරිසක් ඇද්ද, යම් කෙනෙකුන්හට මාගේ (සිදුවූ යම්) අපරාධයක් ඇත්නම් (ඔවුහු) තථාගතයන් හමුයෙහි (මට) ක්ෂමා කෙරෙත්වා.
|
387
‘‘‘සංසාරෙ සංසරන්තියා
(සංසරන්තා මෙ (ස්‍යා.)), ඛලිතං මෙ සචෙ භවෙ;
ආරොචෙමි මහාවීර, අපරාධං ඛමස්සු තං
(මෙ (ස්‍යා.)).
|
387
“ඉදින් සසරෙහි සැරිසරන්නාවූ මාගේ වරදක් වන්නේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. එම අපරාධයට ක්ෂමා කෙරෙහිවා” යි (කියායි.)
|
388
‘‘‘ඉද්ධිඤ්චාපි නිදස්සෙහි, මම සාසනකාරිකෙ;
චතස්සො පරිසා අජ්ජ, කඞ්ඛං ඡින්දාහි යාවතා.
|
388
“මාගේ සසුන කරන්නියෙනි, ඎද්‍ධියද දක්වන්න. අද සිව් පිරිස යම්තාක් නම් (ඔවුන්ගේ) සැක දුරුකරන්න.
|
389
‘‘‘ධීතා තුය්හං මහාවීර, පඤ්ඤවන්ත ජුතින්ධර;
බහුඤ්ච දුක්කරං කම්මං, කතං මෙ අතිදුක්කරං.
|
389
“මහාවීරයන් වහන්ස, පැණවතුන් වහන්ස, පැහැ දරන්නවුන් වහන්ස, (මම) ඔබ වහන්සේගේ දුවක්මි. මා විසින් කිරීමට ඉතා අපහසුවූ බොහෝ දුෂ්කර කර්මයක් කරන ලදී.
|
390
‘‘‘උප්පලස්සෙව
සාවිකා තෙ මහාවීර, පාදෙ වන්දාමි චක්ඛුම.
|
390
“මහා වීරයන් වහන්ස, මාගේ පැහැය උපුල් මලකට බඳුය. නම්න් උප්පල නමැත්තී වෙමි. පසැස් ඇතියාණන් වහන්ස, ඒ ඔබ වහන්සේගේ දුහිතෘතොමෝ සිරිපා වඳියි.
|
391
‘‘‘රාහුලො ච අහඤ්චෙව, නෙකජාතිසතෙ බහූ;
එකස්මිං සම්භවෙ ජාතා, සමානඡන්දමානසා.
|
391
“බොහෝ නොයෙක් සිය ගණන් ජාතීන්හි රාහුල තෙමේද, මමද එකම ජාතියෙහි උපන්නාහු, සමවූ අදහස් ඇත්තෝ වූහ.
|
392
‘‘‘නිබ්බත්ති එකතො හොති, ජාතියාපි ච එකතො
(ජාතීසු බහුසො මම (සී.));
පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, උභොපි නානාසම්භවා.
|
392
“බොහෝ සෙයින් ජාතීන්හි මාගේ උත්පත්තිය (රාහුලයන් හා) එක්වම වේ. අන්තිම භවය පැමිණි කල්හි දෙදෙනම වෙන වෙන උත්පත්ති ඇත්තෝ වුහ.
|
393
‘‘‘පුත්තො ච රාහුලො නාම, ධීතා උප්පලසව්හයා;
පස්ස වීර මමං ඉද්ධිං, බලං දස්සෙමි සත්ථුනො.
|
393
“පුත්‍ර තෙමේ රාහුල නම් වේ. දුහිතෘ තොමෝ උත්පල(වර්ණා) නම් වූවාය. වීරයන් වහන්ස, මාගේ ඎද්ධිය බලනු මැනව. ශාස්තෘන් වහන්සේට මාගේ බලය දක්වමි.
|
394
‘‘‘මහාසමුද්දෙ
තෙලං හත්ථගතඤ්චෙව, ඛිඩ්ඩො
(වෙජ්ජො (සී. පී.)) කොමාරකො යථා.
|
394
“ළදරු වෙදකමෙහි දක්ෂ වෛද්‍යයෙක් තෙම අත්ලට ගත් තෙලක් මෙන් සිව්මහ සමුදුරු අත්ලෙහි දැමුවාය.
|
395
‘‘‘උබ්බත්තයිත්වා පථවිං, පක්ඛිපි හත්ථපාතියං;
චිත්තං මුඤ්ජං යථා නාම, ලුඤ්චි කොමාරකො යුවා.
|
395
“තරුණ කුමරුවෙක් තෙම චිත්තමුඤ්ජ නම් තෘණ විශේෂය යම්සේ ඉදිරීනම් පොළොව උදුරා අත්ලෙහි බැහුවාය.
|
396
‘‘‘චක්කවාළසමං
වස්සාපෙත්වාන ඵුසිතං, නානාවණ්ණං පුනප්පුනං.
|
396
“සක්වලක ප්‍රාණීන් මතුයෙහි වසා නන්වන් දියබිඳු නැවත වස්වා,
|
397
‘‘‘භූමිං උදුක්ඛලං කත්වා, ධඤ්ඤං කත්වාන සක්ඛරං;
සිනෙරුං මුසලං කත්වා, මද්දි කොමාරිකා යථා.
|
397
“පොළොව වංගෙඩියක් කොට, බොරළු කැට ධාන්යකොට, සිනෙර පර්වතය මොහොලක් කොට (ඕතොමෝ) ලදැරියක මෙන් මැඩුවාය.
|
398
‘‘‘ධීතාහං බුද්ධසෙට්ඨස්ස, නාමෙනුප්පලසව්හයා;
අභිඤ්ඤාසු වසීභූතා, තව සාසනකාරිකා.
|
398
“මම නම්න් උත්පල(වර්ණා) නම්වූ අභිඥාවන්හි වශීභූතවූ ඔබ වහන්සේගේ සසුන කරන්නාවූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘවක් වෙමි.
|
399
‘‘‘නානාවිකුබ්බනං
නාමගොත්තඤ්ච සාවෙත්වා
(පකාසෙත්වා (ස්‍යා.)), පාදෙ වන්දාමි චක්ඛුම.
|
399
“පසැස් ඇතියාණන් වහන්ස, නානාවිධ (ඎද්ධි) විකුර්වණයන් කොට, ලෝක නායකයන් වහන්සේට දක්වා, නම් ගොත්ද අස්වා (සිරි)පා වඳිමි.
|
400
‘‘‘ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
|
400
“මහා මුණීන් වහන්ස, ඎද්‍ධියද වසඟකොට ඇත්තේ වෙමි. දිව්‍ය ශ්‍රොත ධාතුවද, (අනුන්ගේ සිත් දැනගත හැකි) චෙතොපරියඤාණයද වසඟකොට ඇත්තේ වෙමි.
|
401
‘‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
401
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
402
‘‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
ඤාණං මෙ විමලං
(විපුලං (ස්‍යා.)) සුද්ධං, සභාවෙන මහෙසිනො.
|
402
“බුදුරජාණන් වහන්සේගේ බලයෙන් අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභානයෙහිද, මාගේ නුවණ ඉතා පිරිසිදුය.
|
403
‘‘‘පුරිමානං
අධිකාරං බහුං මය්හං, තුය්හත්ථාය මහාමුනි.
|
403
“මහා මුනීන් වහන්ස, පළමු බුදුවරයන්ගේ හමුයෙහිද ඔබවහන්සේ (දැකීම) පිණිස මා විසින් බොහෝ පින් කරන ලදී.
|
404
‘‘‘යං මයා පූරිතං කම්මං, කුසලං සර මෙ මුනි;
තවත්ථාය මහාවීර, පුඤ්ඤං උපචිතං මයා.
|
404
“මාගේ බුදුරජාණන් වහන්ස, මා විසින් පුරනලද යම් කුශල කර්මයක් වේ නම් (එය) සිහි කරනු මැනව. මහා වීරයන් වහන්ස, මා විසින් ඔබ වහන්සේ (දැකීම) පිණිස පින් රැස් කරන ලදි.
|
405
‘‘‘අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා, වාරයන්තී
(පරිවජ්ජන්ති (සී.), පරිපාචෙන්තො (ස්‍යා.)) අනාචරං;
තවත්ථාය මහාවීර, චත්තං මෙ ජීවිතුත්තමං.
|
405
“නුසුදුසු තැන් හැර බොහෝ දෙන (වරදින්) වලක්වන්නී, මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ පිණිස මාගේ උතුම් ජීවිතය පරිත්‍යාග කරන ලදි.
|
406
‘‘‘දසකොටිසහස්සානි
පරිච්චත්තා ච මෙ හොමි, තවත්ථාය මහාමුනි.
|
406
“දසකෙළදහස් වරක් මාගේ ජීවිතය දුනිමි. මාහි මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස මාගේ පරිත්‍යාගය වේ” ය කියායි.
|
407
‘‘‘තදාතිවිම්හිතා සබ්බා, සිරසාව කතඤ්ජලී;
අවොචය්යෙ කථං ආසි, අතුලිද්ධිපරක්කමා’.
|
407
“එකල්හි කරන ලද ඇඳිලි ඇති, ඉතා විස්මයට පත්වු සියල්ලෝ, “ආර්‍ය්‍යාවෙනි, අනූපමවූ (මේ) ඎද්ධි පරාක්‍රමය කෙසේ වීදැ” යි ඇසූහ.
|
408
‘‘සතසහස්සිතො
විමලා නාම නාමෙන, කඤ්ඤානං සාධුසම්මතා.
|
408
“මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි නාග කන්‍යාවක් වීමි. (එම නාග) කන්‍යාවන් අතුරින් මැනවැයි සම්මතවූ (මම) නම්න් “විමලා” නම් වීමි.
|
409
‘‘මහොරගො මහානාගො, පසන්නො ජිනසාසනෙ;
පදුමුත්තරං මහාතෙජං, නිමන්තෙසි සසාවකං.
|
409
“බුදුසසුන්හි පහන්වූ මහොරග මහානාග තෙමේ ශ්‍රාවකයන් සහිතවූ මහත් තෙද ඇති පදුමුත්තර බුදුරජුන් පැවරිය.
|
410
‘‘රතනමයං මණ්ඩපං, පල්ලඞ්කං රතනාමයං;
රතනං වාලුකාකිණ්ණං, උපභොගං රතනාමයං.
|
410
“රුවන් වැලි විසුරුවන ලද රුවන්මුවා මඩුවක්ද, රුවන්මුවා පළඟක්ද, රුවන්මුවා උපභෝග වස්තුවද,
|
411
‘‘මග්ගඤ්ච පටියාදෙසි, රතනද්ධජභූසිතං;
පච්චුග්ගන්ත්වාන සම්බුද්ධං, වජ්ජන්තො තූරියෙහි සො.
|
411
“රුවන් ධජවලින් සරසන ලද මාර්ගයද පිළියෙළ කළේය. හෙතෙම තූර්ය්යන් වාදනය කරමින් බුදුරජුන්හට පෙරගමන් කොට,
|
412
‘‘පරිසාහි ච චතූහි
(පරිසාහි චතූහි සො (සී.), පරිසාහි චතස්සො හි (පී.)), පරිවුතො
(සහිතො (සී.), ඵරතෙ (ස්‍යා.), පරෙතො (පී.)) ලොකනායකො;
මහොරගස්ස භවනෙ, නිසීදි පරමාසනෙ.
|
412
“සිව් පිරිස සහිතවූ ඒ ලෝකනායක තෙමේ මහොරග නාගරාජයාගේ භවනයෙහිවූ උතුම් අසුනෙහි වැඩහුන් සේක.
|
413
‘‘අන්නං
වරං වරඤ්ච පාදාසි, නාගරාජා මහායසං.
|
413
“මහත් යසස් ඇති නාගරාජතෙමේ උතුම්වූ ආහාර පාන ඛාද්‍ය භොද්ය පිළිගැන්වීය.
|
414
‘‘භුඤ්ජිත්වාන සම්බුද්ධො, පත්තං ධොවිත්වා යොනිසො;
අනුමොදනීයංකාසි, නාගකඤ්ඤා මහිද්ධිකා.
|
414
“බුදුරජතෙමේ නුවණින් වළඳා, පාත්‍රයද සෝදා, මහත් ඎද්ධි ඇති නාගරාජයාහට අනුමෙවෙනි බණ දෙසූහ.
|
415
‘‘සබ්බඤ්ඤුං
පසන්නං සත්ථුනො චිත්තං, සුනිබන්ධඤ්ච මානසං.
|
415
“මහත් යසස් ඇති නාග කන්‍යාවෝ ප්‍රබෝධවත් බුදුරජුන් දැක ශාස්තෲන් වහන්සේට පහන් වූවාහුය. (නාග කන්‍යාවක් වූ මා විසින්) මනස නම්වූ සිත බඳනා ලදී.
|
416
‘‘මමඤ්ච
තස්මිං ඛණෙ මහාවීරො, භික්ඛුනිං දස්සයිද්ධියා.
|
416
“මහාවීරවූ පදුමුත්තර නම් බුදුරජතෙම මාගේද සිත දැන එකෙණෙහි ඎද්ධියෙන් යුත් භික්ෂුණියක් දැක්වූහ.
|
417
‘‘ඉද්ධී අනෙකා දස්සෙසි, භික්ඛුනී සා විසාරදා;
පමොදිතා වෙදජාතා, සත්ථාරං ඉදමබ්රවි
(එතදබ්රවිං (ස්‍යා. පී.)).
|
417
“ඒ විශාරදවූ භික්ෂුණී තොමෝ නොයෙක් ඎද්ධීන් දැක්වූවාය. හටගත් ප්‍රීති ඇති, ප්‍රමුදිතවූ බුදුරජුන්හට මෙසේ කීමි.
|
418
‘‘‘අද්දසාහං ඉමං ඉද්ධිං, සුමනං ඉතරායපි;
කථං අහොසි සා වීර, ඉද්ධියා සුවිසාරදා’.
|
418
“අධිකවූ සුමනා නම් භික්ෂුණියගේ මෙම ඎද්ධිය මම දුටිමි. (දැක) වීරයන් වහන්ස, ඕ තොමෝ කෙසේ ඎද්ධියෙහි අති විශාරද තැනැත්තියක් වූවාදැ” යි (ඇසීමි.)
|
419
‘‘‘ඔරසා මුඛතො ජාතා, ධීතා මම මහිද්ධිකා;
මමානුසාසනිකරා, ඉද්ධියා සුවිසාරදා’.
|
419
“මාගේ මුඛයෙන් හෙවත් අනුශාසනයෙන් උපන්නාවූ මහත් ඎද්ධිමත් ඖරසපුත්රී තොමෝ මාගේ අනුශාසනය කිරීම හේතුවෙන් ඎද්ධියෙහි අතිශය විශාරද වූවායයි (වදාළ සේක.)
|
420
‘‘බුද්ධස්ස වචනං සුත්වා, එවං පත්ථෙසහං තදා
(තුට්ඨා එවං අවොචහං (ස්‍යා.), එවමහොසහං තදා (ක.));
අහම්පි තාදිසා හොමි, ඉද්ධියා සුවිසාරදා.
|
420
“එකල්හි මම බුදුරජුන්ගේ වචනය අසා මමද ඎද්ධියෙහි අතිශය විශාරදවූ එබඳු තැනැත්තියක් වෙමැ” යි මෙසේ පැතීමි.
|
421
‘‘පමොදිතාහං
අනාගතම්හි අද්ධානෙ, ඊදිසා හොමි නායක.
|
421
“පැමිණි උතුම්වූ චිත්ත සමාධි ඇති සුමනාතොමෝ ප්රමුදිතවූවාය. ලෝකනායකයන් වහන්ස, මමද මතු කාලයෙහි මෙබඳු තැනැත්තියක් වෙමි” යි (කීවාය.)
|
422
‘‘මණිමයම්හි පල්ලඞ්කෙ, මණ්ඩපම්හි පභස්සරෙ;
අන්නපානෙන තප්පෙත්වා, සසඞ්ඝං ලොකනායකං.
|
422
“පැහැ විහිදෙන්නාවූ මඩුවෙහි මිණිමුවා පළඟක සංඝයා සහිතවූ බුදුරජුන් ආහාර පානයෙන් තෘප්තිකොට,
|
423
‘‘නාගානං පවරං පුප්ඵං, අරුණං නාම උප්පලං;
වණ්ණං මෙ ඊදිසං හොතු, පූජෙසිං ලොකනායකං.
|
423
“මාගේ වර්ණය මෙබඳු වේවා” යි නාගයින්ගේ උතුම්වූ අරුණ නම් මලක් පිදීය.
|
424
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
424
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
|
425
‘‘තතො චුතාහං මනුජෙ, උපපන්නා සයම්භුනො;
උප්පලෙහි පටිච්ඡන්නං, පිණ්ඩපාතමදාසහං.
|
425
“ඉන් චුතවූ මිනිසත් බැව්හි උපන් මම බුදුවරයෙකුට උපුල් මල්වලින් වැසූ පිණ්ඩපාත දානයක් දුනිමි.
|
426
‘‘එකනවුතිතො
උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මෙසු චක්ඛුමා.
|
426
“මින් එක්අනූවන කපෙහි මනොඥ ඇස් ඇති සියලු දහම්හි නුවණැස් ඇති විපස්සී නම් බුදුරජතෙමේ ලොව පහළ විය.
|
427
‘‘සෙට්ඨිධීතා
නිමන්තෙත්වාන සම්බුද්ධං, සසඞ්ඝං ලොකනායකං.
|
427
“එකල්හි (මම) උතුම් බරණැස් නගරයෙහි සිටු දුවක්ව සංඝයා සහිතවූ ලෝකනායක බුදුරජුන් පවරා,
|
428
‘‘මහාදානං
පූජයිත්වා චෙතසාව
(ච තෙහෙව (ස්‍යා. පී.)), වණ්ණසොභං අපත්ථයිං.
|
428
“මහ දන්දී උපුල්වලින් බුදුරජුන් පුදා (එම උපුල්වල) වර්ණ ශෝභාව සිතින්ම පැතීමි.
|
429
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
429
“කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
|
430
‘‘උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො;
කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
|
430
“එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
|
431
‘‘තස්සාසිං දුතියා ධීතා, සමණගුත්තසව්හයා;
ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
|
431
“මම ඔහුගේ සමන ගුත්ත නම් දෙවැනි දුව වීමි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
|
432
‘‘අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං;
වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
|
432
“(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් අවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
|
433
‘‘කොමාරිබ්රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා;
බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්තධීතරො.
|
433
“(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද, රාජකන්යාවන්වූ, සුවසේ වැඩුනාවූ, බුදේධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්‍රමුදිතවූ, (එම රජුගේ) දූවරුන් සත් දෙනෙකු වූ අපි ගිහිගෙහිම විසිදහසක් අවුරුදු කුමරි බඹසරෙහි හැසුරුනෙමු.
|
434
‘‘සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා
(භික්ඛුදාසිකා (සී. ස්‍යා.));
ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා
(සංඝදාසිකා (සී. ස්‍යා.)).
|
434
“(එම සත් දෙන නම්) සමණීද, සමණගුත්තාද, භික්ඛුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සත්වැනිවූ සඞ්ඝදාසියද,
|
435
‘‘අහං ඛෙමා ච සප්පඤ්ඤා, පටාචාරා ච කුණ්ඩලා;
කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
|
435
“(එම සත්දෙනා පිළිවෙළින් අප බුදුන් කල) මමද, මහා ප්‍රාඥවූ ඛේමාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, කිසාගෝතමියද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
|
436
‘‘තෙහි
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
436
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
|
437
‘‘තතො චුතා මනුස්සෙසු, උපපන්නා මහාකුලෙ;
පීතං මට්ඨං වරං දුස්සං, අදං අරහතො අහං.
|
437
“ඉන් චුතව මිනිස් බැව්හි උතුම් කුලයක උපන්නී, මම උතුම්වූ, මටවූ කසාවතක් රහත් නමකට දුනිමි.
|
438
‘‘තතො චුතාරිට්ඨපුරෙ, ජාතා විප්පකුලෙ අහං;
ධීතා තිරිටිවච්ඡස්ස, උම්මාදන්තී මනොහරා.
|
438
“මම ඉන් චුතව අරිෂ්ඨ නගරයෙහි බමුණු කුලයෙක (රූ සපුවෙන් දුටුවන්) උමතු කරන්නාවූ, මනහරවූ තිරීටවච්ඡ නමැත්තහුගේ දුවක් වීමි.
|
439
‘‘තතො චුතා ජනපදෙ, කුලෙ අඤ්ඤතරෙ අහං;
පසූතා නාතිඵීතම්හි, සාලිං ගොපෙමහං තදා.
|
439
“මම ඉන් චුතව එක්තරා දනව්වක ඉතා සමෘද්ධ නොවූ කුලයෙක්හි උපන්නී එකල්හි හැල් (කෙතක්) රැකීමි.
|
440
‘‘දිස්වා පච්චෙකසම්බුද්ධං, පඤ්චලාජාසතානිහං;
දත්වා පදුමච්ඡන්නානි, පඤ්ච පුත්තසතානිහං.
|
440
“මම පසේ බුදුරජුන් දැක පියුමෙන් වැසූ විලඳ පන්සියයක් දී, පන්සියයක් පුතුනුදු පැතීමි. ඔවුහුද පසේබුදුරජාණන් වහන්සේට මී පැණි දී (පුතුන් වීමට) පැතූහ. මම ඉන් චුතව අරණෙහි පියුම් ගැබක උපනිමි.
|
441
‘‘පත්ථයිං
තතො චුතා අරඤ්ඤෙහං, අජායිං පදුමොදරෙ.
|
441 |
442
‘‘කාසිරඤ්ඤො මහෙසීහං, හුත්වා සක්කතපූජිතා;
අජනිං රාජපුත්තානං, අනූනං සතපඤ්චකං.
|
442
“මම කසී රජුගේ මෙහෙසියව ලබන ලද පූජා සත්කාර ඇත්තීව නොඅඩුවූ පන්සියයක් රජ පුතුන් ප්‍රසූත කෙළෙමි.
|
443
‘‘යදා තෙ යොබ්බනප්පත්තා, කීළන්තා ජලකීළිතං;
දිස්වා ඔපත්තපදුමං, ආසුං පච්චෙකනායකා.
|
443
“යම් කලෙක්හි යොවුන්බවට පත් ඔවුහු දිය කෙළෙියට යෙදෙන්නාහු (එකල්හි) පත් ගිලිහී වැටෙන පියුමක් දැක (භාවනා වඩා) පසේබුදුවරයෝ වූහ.
|
444
‘‘සාහං තෙහි විනාභූතා, සුතවීරෙහි සොකිනී
(සුතවරෙහි සොකිනී (සී. ස්‍යා.));
චුතා ඉසිගිලිපස්සෙ, ගාමකම්හි අජායිහං.
|
444
“ඒ මම එම උතුම් පුතුන්ගෙන් වෙන්වූවා, හටගත් ශෝක ඇත්තී (එම ආත්මභාවයෙන්) චුතව ඉසිගිලි (පව්වෙහි) පසෙකවූ ගමෙක්හි උපනිමි.
|
445
‘‘යදා බුද්ධා සුතමතී, සුතානං භත්තුනොපි ච
(කසතං තදා (සී.), අත්තනොපි ච (ස්‍යා.));
යාගුං ආදාය ගච්ඡන්තී, අට්ඨ පච්චෙකනායකෙ.
|
445
“යම් කලෙක්හි (මම) වැඩිවියට පත්වූවා, දැන උගත්කම් ඇත්තී එකල්හි සිටි පුතුන්හට කැඳ ගෙන යන්නී, පසේබුදුවරුන් අට නමක් ගමට පිඬු පිණිස වඩිනු දැක පුතුන් සිහි කෙළෙමි. එකල්හි පුත්‍ර ප්‍රේමය කරණකොටගෙන මාගේ කිරි දහර නික්මිනි.
|
446
‘‘භික්ඛාය
ඛීරධාරා විනිග්ගච්ඡි, තදා මෙ පුත්තපෙමසා.
|
446 |
447
‘‘තතො තෙසං අදං යාගුං, පසන්නා සෙහි පාණිභි;
තතො චුතාහං තිදසං, නන්දනං උපපජ්ජහං.
|
447
“ඉක්බිති පහන් බවට පත්වූවා, උන්වහන්සේලාට සියතින් කැඳ පිළිගැන්වීමි. අනතුරුව මම ඉන් චුතව තිදසපුරයෙහිවූ නඳුනුයනෙහි උපනිමි.
|
448
‘‘අනුභොත්වා සුඛං දුක්ඛං, සංසරිත්වා භවාභවෙ;
තවත්ථාය මහාවීර, පරිච්චත්තඤ්ච ජීවිතං.
|
448
“මහාවීරයන් වහන්ස, මම කුඩා මහත් භවයෙහි සැරිසරා සුවදුක් විඳ, ඔබ වහන්සේගේ (දැකුම) පිණිස ජීවිතය පරිත්‍යාග කරන ලදී.
|
449
‘‘එවං
පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, ජාතා සාවත්ථියං පුරෙ.
|
449
“මෙසේ නානා විධ දුක්ද, විවිධ සම්පත්ද විඳ, අන්තිම භවය පැමිණි කල්හි සැවැත්නුවරෙහි මහත් ධන ඇති, සුඛිතවූ, එසේම සරසන ලද නන් රුවනින් බබලන, සියළු කාම සම්පත්තියෙන් සමෘද්ධවූ සිටු කුලයක උපන්නී.
|
450
‘‘මහාධනසෙට්ඨිකුලෙ, සුඛිතෙ සජ්ජිතෙ තථා;
නානාරතනපජ්ජොතෙ, සබ්බකාමසමිද්ධිනෙ.
|
450 |
451
‘‘සක්කතා පූජිතා චෙව, මානිතාපචිතා තථා;
රූපසීරිමනුප්පත්තා
(රූපසොභග්ගසම්පන්නා (සී.)), කුලෙසු අතිසක්කතා
(අභිසම්මතා (සී.)).
|
451
“මම සත්කාර කරන ලද්දාවූ, බුහුමන් කරන ලද්දාවූ, එසේම කුලයන් අතුරෙන් උසස්යයි සම්මත කුල ඇත්තී, අග්‍රවූ රූප ශෝභාවෙන් යුක්තවූවාද (වීමි.)
|
452
‘‘අතීව පත්ථිතා චාසිං, රූපභොගසිරීහි ච;
පත්ථිතා සෙට්ඨිපුත්තෙහි, අනෙකෙහි සතෙහිපි.
|
452
“රූප භෝග සම්පත් කරණකොටගෙණ ඉතාම පැතියයුතු තැනැත්තියක් වීමි. බොහෝ සිය ගණන් සිටු පුතුන් විසින්ද පතන ලද්දියක් වීමි.
|
453
‘‘අගාරං පජහිත්වාන, පබ්බජිං අනගාරියං;
අඩ්ඪමාසෙ අසම්පත්තෙ, චතුසච්චමපාපුණිං.
|
453
“ගිහිගෙය හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අඩමසක් නොපැමිණි කල්හිම රහත් බවට පැමිණියෙමි.
|
454
‘‘ඉද්ධියා
බුද්ධස්ස පාදෙ වන්දිස්සං, ලොකනාථස්ස තාදිනො.
|
454
“මම ඎද්ධියෙන් අසුන් සිව් දෙනෙක් යෙදූ රියක් මවා ලෝකනාථවූ, ශ්‍රීමත්වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
|
455
‘‘‘සුපුප්ඵිතග්ගං
න
|
455
“මෙහෙණියෙනි, ඔබ අග පටන් සුපිපි රුකක් කරා එළඹ (ඒ) සල් රුක් මුල්හි එකලාව සිටිනෙහිය. ඔබට රූපයෙන් ඔබ වැනි දෙවැන්නියක්ද නැත. මෙහි පැමිණි අනික් මෙහෙණියෝද ඔබ බඳු වන්නාහුය. නුවණ මඳ තැනැත්තිය, ඔබ සලෙලුවන්හට බිය නොවෙහිද?” මෙය දිනක් උත්පලවර්ණාවගෙන් මාරයා ඇසූ ප්‍රශ්නයෙකි.
|
456
‘‘‘සතං සහස්සානිපි ධුත්තකානං
(සහස්සානම්පි ධුත්තකානං (පී.) ථෙරීගා. 231), සමාගතා එදිසකා භවෙය්යුං;
ලොමං න ඉඤ්ජෙ න සම්පවෙධෙ, කිං මෙ තුවං මාර කරිස්සසෙකො
(න මාර භායාමි තවෙකිකාපි (සී. ක.) ... තමෙකිකාසිං (පී.)).
|
456
“ධූතියන් සිය දහසක් මෙහි ආවත්, ඔවුහු තා බඳුවූවත් ලෝමයකුදු නොසලමි. නොම තැති ගනිමි. මරුව, හුදකලාවූද මම තට නොබියෙමි.
|
457
‘‘‘එසා අන්තරධායාමි, කුච්ඡිං වා පවිසාමි තෙ;
භමුකන්තරිකායම්පි, තිට්ඨන්තිං මං න දක්ඛසි.
|
457
“මේ මම අතුරුදන් වෙමි. ඔබ කුසට හෝ පිවිසියෙමි. ඔබේ දෙබැම අතුරෙහි හෝ සිටින මා ඔබ නොදක්නෙහි.
|
458
‘‘‘චිත්තස්මිං වසීභූතාම්හි, ඉද්ධිපාදා සුභාවිතා;
සබ්බබන්ධනමුත්තාම්හි, න තං භායාමි ආවුසො.
|
458
“සිතෙහි වසීවූයෙමි. මා විසින් සතර ඎද්ධිපාදයෝ මොනවට වඩන ලදහ. සියළු බන්ධනයන්ගෙන් මිදුනා වෙමි. ඇවැත්නි, එබැවින් තට බිය නොවෙමි.
|
459
‘‘‘සත්තිසූලූපමා කාමා, ඛන්ධාසං අධිකුට්ටනා;
යං ත්වං කාමරතිං බ්රූසි, අරතී දානි සා මම.
|
459
“කාමයෝ උල් ආයුධයකට සමානයහ. අධිකුට්ටනාර්ත්ථයෙන් හෙවත් ඊ පිට නොවන අර්ත්ථයෙන් (කොට) කඩුවක් වැනියහ. තෝ යම් හෙයකින් කාමරතිය හෙවත් කාමයෙහි ඇල්ම වඩනෙහි නම් දැන් මාගේ ඒ කාමරතිය අරතියති, හෙවත් නොඇලීමකි.
|
460
‘‘‘සබ්බත්ථ
එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තක’.
|
460
සියළු තන්හි තෘෂ්ණා තොමෝ නසන ලද්දීය. මොහඳුරු කඳ පලන ලදී. මරුව මෙසේ දැනගනුව. මාරය තෝ නටුයේ වෙහිය” යි (මාරයාට කීවාය.)
|
461
‘‘ජිනො තම්හි ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං;
අග්ගා ඉද්ධිමතීනන්ති, පරිසාසු විනායකො.
|
461
“පිරිස් මැදදී පස්මරුන් දිනූ බුදුරජතෙමේ එම ගුණයෙහි තුටුවූයේ, ඎද්ධිමත් භික්ෂුණීන් අතුරෙන් අග්‍රයයි මා එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
462
‘‘පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං;
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
|
462
“මා විසින් ශාස්තෘතෙම ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.
|
463
‘‘යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
|
463
“ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි යමක් පිණිස පැවිදිවූවාද, මා විසින් එම අර්ත්ථය ලබන ලදී. ක්ෂය කළ සියළු සංයෝජනයන් ඇත්තේද වෙමි.
|
464
‘‘චීවරං
ඛණෙන උපනාමෙන්ති, සහස්සානි සමන්තතො.
|
464
“චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය (යන සිව්පසය) හාත්පසින්, දහස් ගණන් මොහොතකින් මහාජනයා මා වෙත පිරිනමත්.
|
465
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා;
|
465
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
466
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
466
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
467
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං උප්පලවණ්ණා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
|
467
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් උප්පලවණ්ණා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|
10. පටාචාරාථෙරීඅපදානං | 10. පටාචාරාපදානය |
468
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
468
“මින් පෙර සියක් දහස් වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම (ලොව) පහලවිය.
|
469
‘‘තදාහං හංසවතියං, ජාතා සෙට්ඨිකුලෙ අහුං;
නානාරතනපජ්ජොතෙ, මහාසුඛසමප්පිතා.
|
469
“එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන සිටු කුලයක උපන්නී බොහෝ සුව විඳින්නියක් වීමි.
|
470
‘‘උපෙත්වා තං මහාවීරං, අස්සොසිං ධම්මදෙසනං;
තතො ජාතපසාදාහං, උපෙසිං සරණං ජිනං.
|
470
“එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි. ඉන් හටගත් පැහැදීම ඇත්තාවූ මම බුදුරජුන් සරණ කොට ගියෙමි.
|
471
‘‘තතො විනයධාරීනං, අග්ගං වණ්ණෙසි නායකො;
භික්ඛුනිං ලජ්ජිනිං තාදිං, කප්පාකප්පවිසාරදං.
|
471
“ඉක්බිති ලෝකනායක තෙමේ විනයධාරී භික්ෂුණීන් අතුරෙන් අග්රවවූ, ලජ්ජීවූ, තාදී ගුණ ඇති, කැප නොකැප දැයෙහි නිපුණවූ භික්ෂුණියක් වර්ණනය කළ සේක.
|
472
‘‘තදා
නිමන්තෙත්වා දසබලං, සසඞ්ඝං ලොකනායකං.
|
472
“එකල්හි ප්‍රමුදිතවූ සිත් ඇති මම එම තනතුර බලාපොරොත්තු වන්නී, සඞ්ඝයා සහිතවූ ලෝනා බුදුන් පවරා,
|
473
‘‘භොජයිත්වාන සත්තාහං, දදිත්වාව තිචීවරං
(දදිත්වා පත්තචීවරං (ස්‍යා.));
නිපච්ච සිරසා පාදෙ, ඉදං වචනමබ්රවිං.
|
473
“සතියක් (දන්) වළඳවා, තුන් සිවුරු දී, හිසින් (නැමී) පාමුල වැටී මෙම වචනය කීමි.
|
474
‘‘‘යා තයා වණ්ණිතා වීර, ඉතො අට්ඨමකෙ මුනි;
තාදිසාහං භවිස්සාමි, යදි සිජ්ඣති නායක’.
|
474
“වීරයන් වහන්ස, මින් (පෙර) අටවෙනි දිනයෙහි ඔබ වහන්සේ විසින් යම් භික්ෂුණියක් තොමෝ වර්ණනය කරන ලද්දි නම්, ලෝක නායකයන් වහන්ස, ඉදින් (පැතුම) සමෘද්ධි වන්නේ නම් මමද එබඳු තැනැත්තියක් වන්නෙමි.
|
475
‘‘තදා
අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙ තං මනොරථං.
|
475
“එකල්හි මට ශාස්තෘතෙමේ මෙසේ වදාළ සේක. “සොඳුරු තැනැත්තිය, බිය නොවනු මැනව. අස්වැසිලි ලබනු මැනව. අනාගත කාලයෙහි මනොරථය ලබන්නෙහිය.
|
476
‘‘‘සතසහස්සිතො
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
476
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
|
477
‘‘‘තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා;
පටාචාරාති නාමෙන, හෙස්සති සත්ථු සාවිකා’.
|
477
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදිවූ, ඖරස (බුද්ධ පුත්‍රී) වූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, නම්න් පටාචාරා නම්වූ බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙහිය” (කියායි.)
|
478
‘‘තදාහං මුදිතා
(පමුදී (ක.)) හුත්වා, යාවජීවං තදා ජිනං;
මෙත්තචිත්තා පරිචරිං, සසඞ්ඝං ලොකනායකං.
|
478
“ඉක්බිති මම ප්‍රමුදිතව, එතැන් පටන් දිවි ඇතිතාක් මෙත් සිතින් සඞ්ඝයා සහිත ලෝකනායක බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
|
479
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
479
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
|
480
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
480
“කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම මෙම කල්පයෙහි ලොව පහළවූහ.
|
481
‘‘උපට්ඨාකො
කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
|
481
“එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
|
482
‘‘තස්සාසිං
ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
|
482
“එම රජුගේ භික්ඛුණීයයි ප්‍රකටවූ තෙවන දුවණිය වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
|
483
‘‘අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං;
වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
|
483
“(පැවිදිවීම සඳහා) පිය (රජ) තෙම අපට නොඅනුදත්තේය. එකල්හි රාජ කන්‍යාවන්වූ, සුවසේ වැඩුණාවූ, බුදේධාපස්ථානයෙහි ඇලුනාවූ, ප්‍රමුදිතවූ (එම රජුගේ) දූවරුන් සත්දෙනෙකුවූ අපි ගිහිගෙහිදීම විසිදහසක් අවුරුදු කෞමාරී බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුණෙමු.
|
484
‘‘කොමාරිබ්රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා;
බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්තධීතරො.
|
484
“(එම සත් දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්ෂුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝදාසියද, රාජකන්යාවන්වූ, සුවසේ වැඩුනාවූ, බුදේධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්‍රමුදිතවූ, (එම රජුගේ) දූවරුන් සත් දෙනෙකු වූ අපි ගිහිගෙහිම විසිදහසක් අවුරුදු කුමරි බඹසරෙහි හැසුරුනෙමු.
|
485
‘‘සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා;
ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා.
|
485
“(එම සත් දෙන නම්) සමණීද, සමණගුත්තාද, භික්ඛුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සත්වැනිවූ සඞ්ඝදාසියද,
|
486
‘‘අහං උප්පලවණ්ණා ච, ඛෙමා භද්දා ච භික්ඛුනී;
කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
|
486
“මමද, උප්පලවණ්ණාවද, ඛේමාවද, භද්දාවද, භික්ඛුණියද, කිසාගෝතමියද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
|
487
‘‘තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
487
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
|
488
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ජාතා සෙට්ඨිකුලෙ අහං;
සාවත්ථියං පුරවරෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
|
488
“දැන් මේ අන්තිම භවයෙහිද මම සැවැත් පුරවරෙහි සමෘද්ධවූ, සැපතින් පිරුණු, සිටු කුලයක උපන්නී,
|
489
‘‘යදා
නරං ජාරපතිං දිස්වා, තෙන සද්ධිං අගච්ඡහං.
|
489
“යම් කලෙක්හි මම යොවුන් බැවින් යුතුවූවා (කාම) විතර්කයට වසඟවූවාද (එකල්හි) මම දනව් වැසි පුරුෂයෙකු දැක ඔහු සමග ගියෙමි.
|
490
‘‘එකපුත්තපසූතාහං
තදාහං මාතාපිතරො, ඔක්ඛාමීති
(ඉක්ඛාමීති (ස්‍යා.), දක්ඛාමීති (සී.)) සුනිච්ඡිතා.
|
490
“මම එක පුතෙකු වැදීමි. දෙවැන්නා මාගේ කුසයෙහිය. එකල්හි මම දෙමාපියන් දක්නෙමැයි තීරණය කරන ලද්දී,
|
491
‘‘නාරොචෙසිං පතිං මය්හං, තදා තම්හි පවාසිතෙ;
එකිකා නිග්ගතා ගෙහා, ගන්තුං සාවත්ථිමුත්තමං.
|
491
“මාගේ ස්වාමියා රුචි නොකෙළේය. එකල්හි ඔහු බැහැර ගියවිට උතුම් සැවැත් පුරයට යාමට එකලාව ගෙයින් නික්මුනා,
|
492
‘‘තතො
තදා මෙ කම්මජා වාතා, උප්පන්නා අතිදාරුණා.
|
492
“ඉක්බිති මාගේ ස්වාමියා අවුත් මාර්ගයෙහිදි මා හමුවිය. එකල්හි ඉතා දරුණුවු මාගේ කර්මජ වාතයෝ වූහ.
|
493
‘‘උට්ඨිතො ච මහාමෙඝො, පසූතිසමයෙ මම;
දබ්බත්ථාය තදා ගන්ත්වා, සාමි සප්පෙන මාරිතො.
|
493
“මාගේ ප්‍රසව කාලයෙහි මහ මේ කුලක් නැංගේය. එකල්හි හිමි තෙමේ ලි (කැපීම) පිණිස ගොස් සර්පයෙකු විසින් (දෂ්ටකොට) මරණ ලදී.
|
494
‘‘තදා විජාතදුක්ඛෙන, අනාථා කපණා අහං;
කුන්නදිං පූරිතං දිස්වා, ගච්ඡන්තී සකුලාලයං.
|
494
“එකල්හි දරු වැදූ දුකින් පීඩිතවූ, අනාථවූ මම පිරුණාවූ කුඩා නදියක් දික සිය නිවසට යන්නී,
|
495
‘‘බාලං
සායෙත්වා
(පායෙත්‍වා (ස්‍යා.), පාතෙත්වා (ක.)) බාලකං පුත්තං, ඉතරං තරණායහං.
|
495
“ලදරු පුතා ගෙන එතරවීමි. එතෙර ඉවුරෙහි ලදරු පුතා සතප්වා, මම අනික් පුතු එතෙර කරවීම පිණිස,
|
496
‘‘නිවත්තා උක්කුසො හාසි, තරුණං විලපන්තකං;
ඉතරඤ්ච වහී සොතො, සාහං සොකසමප්පිතා.
|
496
“ආපසු එන්නී, උකුස්සෙක් තෙම විලාප කියන්නාවූ ලදරු පුතු පැහැර ගත්තේය. ගඟ සැඩ පහර සෙසු පුතු ගසා ගෙන ගියේය. සෝදුකින් යුතුවූ ඒ මම,
|
497
‘‘සාවත්ථිනගරං ගන්ත්වා, අස්සොසිං සජනෙ මතෙ;
තදා අවොචං සොකට්ටා, මහාසොකසමප්පිතා.
|
497
“ස්වකීය (දෙමාපිය) ජනයා මළ කල්හි සැවැත්නුවරට ගොස් (එම පුවත) ඇසීමි. එකල්හි මහත්වු ශෝකයෙන් යුතුවූවා, සෝ දුකින් මඩනා ලද්දී (මෙසේ) කීමි.
|
498
‘‘උභො පුත්තා කාලඞ්කතා, පන්ථෙ මය්හං පතී මතො;
මාතා පිතා ච භාතා ච, එකචිතම්හි ඩය්හරෙ.
|
498
“පුතුන් දෙදෙන කළුරිය කළහ. (අතර) මගදී මාගේ ස්වාමියා මළේය. මවද, පියාද, සොහොයුරාද එකම දරසෑයෙහි දැවෙත්.”
|
499
‘‘තදා කිසා ච පණ්ඩු ච, අනාථා දීනමානසා;
ඉතො තතො භමන්තීහං
(ගච්ඡන්තීහං (ස්‍යා.), ගමෙන්තීහං (ක.)), අද්දසං නරසාරථිං.
|
499
“එකල්හි කෘශවූ, පඬුවන්වූ, අනාථවූ, බැගෑ සිත් ඇති මම ඒ මේ අත කරකැවෙන්නී, නරදම්සැරිවූ (බුදුරජුන්) දුටිමි.
|
500
‘‘තතො අවොච මං සත්ථා, ‘පුත්තෙ මා සොචි අස්සස;
අත්තානං තෙ ගවෙසස්සු, කිං නිරත්ථං විහඤ්ඤසි.
|
500
“ඉක්බිති ශාස්තෘතෙමේ මට මෙසේ වදාළ සේක. “දුවණියෙනි, ශෝක නොකරන්න. සැනසෙන්න, තිගේ ආත්මය ගැන සොයන්න. කිම නිකරුණේ වෙහෙසෙහිද?”
|
501
‘‘‘න සන්ති පුත්තා තාණාය, න ඤාතී නපි බන්ධවා;
අන්තකෙනාධිපන්නස්ස, නත්ථි ඤාතීසු තාණතා’.
|
501
“පුත්‍රයෝ ආරක්ෂාව පිණිස නොවෙත්. පියතෙමේද නොවේ. නෑයෝද නොවෙති. මරණය විසින් යටපත් කරන ලද්දහුට ඥාතින් කෙරෙහි ආරක්ෂා බවක් නැත.”
|
502
‘‘තං
පබ්බජිත්වාන නචිරං, අරහත්තමපාපුණිං.
|
502
“බුදුරජාණන් වහන්සේගේ එම වචනය අසා පළමුවෙනි (සෝවාන්) ඵලයට පැමිණියෙමි. පැවිදිව නොබෝ කලකින් රහත් බවට පැමිණියෙමි.
|
503
‘‘ඉද්ධීසු
පරචිත්තානි ජානාමි, සත්ථුසාසනකාරිකා.
|
503
“බුදුසසුන කරන්නීවු (මම) ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශීවෙමි. පර සිත් දනිමි.
|
504
‘‘පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං;
ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ, විසුද්ධාසිං සුනිම්මලා.
|
504
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආශ්‍රවයන් ක්ෂයකොට අති නිර්මලවූවා, පිරිසිදුවූවාද වෙමි.
|
505
‘‘තතොහං විනයං සබ්බං, සන්තිකෙ සබ්බදස්සිනො;
උග්ගහිං සබ්බවිත්ථාරං, බ්යාහරිඤ්ච යථාතථං.
|
505
“ඉක්බිති මම බුදුරජුන් සමීපයෙහිදී සියළු විනය උගතිමි. තත්වූ පරිදි සියල්ල විස්තර වශයෙන් දකිමි.
|
506
‘‘ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං;
අග්ගා විනයධාරීනං, පටාචාරාව එකිකා.
|
506
“එම ගුණයෙහි සතුටුවූ බුදුරජතෙම, “මේ එකලාවූ පටාචාරා තොමෝ විනයධාරී (භික්ෂුණී)න් අතුරෙන් අග්‍රයයි මා එතදග්‍රස්ථානයෙහි තැබීය.
|
507
‘‘පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං;
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
|
507
“මා විසින් ශාස්තෘ තෙමේ ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.
|
508
‘‘යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
|
508
“යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවූවාද, මා විසින් සියළු සංයෝජනයන් ක්ෂයකිරීම නම්වූ නොවිසිරෙන ලද එම අර්ත්ථය ඇත්තේද වෙමි.
|
509
‘‘කිලෙසා
|
509
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
510
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
510
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
|
511
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
511
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් පටාචාරා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
|