55. භද්දියවග්ගො | 55. භද්දිය වග්ග |
1. ලකුණ්ඩභද්දියත්ථෙරඅපදානං | 1. ලකුණ්ඨක භද්දිය ථේරාපදානය |
1
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
1
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියළු ධර්මයන් විෂයයෙහි (විනිවිද දක්නා) ඇස් ඇත්තාවූ, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ (ලොව) පහළවූහ.
|
2
‘‘තදාහං හංසවතියං, සෙට්ඨිපුත්තො මහද්ධනො;
ජඞ්ඝාවිහාරං විචරං, සඞ්ඝාරාමං අගච්ඡහං.
|
2
“එකල්හි මම හංසවතී නගරයෙහි මහත් ධන ඇති සිටුපුතෙක් (වීමි.) (ඒ) මම ජංඝා විහාරයෙහි හෙවත් සක්මණෙහි හැසිරෙන්නේ, සංඝාරාමයට ගියෙමි.
|
3
‘‘තදා සො ලොකපජ්ජොතො, ධම්මං දෙසෙසි නායකො;
මඤ්ජුස්සරානං පවරං, සාවකං අභිකිත්තයි.
|
3
“එකල්හි ඒ (පදුමුත්තර නම්වූ) ලොව බබුළුවන්නාවූ, ලෝකනායක (බුදුරජ) තෙම දහම් දෙසූහ. මිහිරි ස්වර ඇතියවුන් අතුරෙන් අග්‍රවූ භික්ෂුවකට පැසසූහ.
|
4
‘‘තං සුත්වා මුදිතො හුත්වා, කාරං කත්වා මහෙසිනො;
වන්දිත්වා සත්ථුනො පාදෙ, තං ඨානමභිපත්ථයිං.
|
4
“එය අසා සතුටුවූයේව මහර්ෂීවූ බුදුරජුන්හට සත්කාරකොට එම ශාස්තෘන් වහන්සේගේ (සිරි) පා වැඳ එම තනතුර පැතීමි.
|
5
‘‘තදා බුද්ධො වියාකාසි, සඞ්ඝමජ්ඣෙ විනායකො;
‘අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙ තං මනොරථං.
|
5
“එකල්හි ශ්‍රේෂ්ඨ නායකවූ බුදුරජතෙම සංඝයා මධ්‍යයෙහිදී මතු කාලයෙහි එම චිත්තාභිලාශය සමෘද්ධවන්නේයයි ප්‍රකාශ කළ සේක.
|
6
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
6
“මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නාහ.
|
7
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
භද්දියො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
7
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් භද්දිය නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.”
|
8
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
8
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර, තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
|
9
‘‘ද්වෙනවුතෙ
දුරාසදො දුප්පසහො, සබ්බලොකුත්තමො ජිනො.
|
9
“මින් පෙර දෙයානූවන කපෙහි (ගුණයෙන් කිසිවෙකුටත්) ලංවිය නොහැක්කාවූ, බලාත්කාරයෙන් මැඩලිය නොහැක්කාවූ, සව්ලෝ මුදුන්වූ, පස්මරුන් ජයගන්නාවූ, (පසළොස්) චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, මහත්වූ ඎජු ප්‍රතාප ගුණ ඇති ඵුස්ස නම් බුදුරජතෙමේ ලොව පහළවූහ. සව්සත්හට හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) බොහෝ ජනයා (සසර) බැදුමින් මිදූහ.
|
10
‘‘චරණෙන ච සම්පන්නො, බ්රහා උජු පතාපවා;
හිතෙසී සබ්බසත්තානං
(සබ්බපාණීනං (සී.)), බහුං මොචෙසි බන්ධනා.
|
10 |
11
‘‘නන්දාරාමවනෙ තස්ස, අහොසිං ඵුස්සකොකිලො
(පුස්සකොකිලො (සී. ස්‍යා.));
ගන්ධකුටිසමාසන්නෙ, අම්බරුක්ඛෙ වසාමහං.
|
11
“උන්වහන්සේගේ නන්දාරාම නම් රාජොද්‍යානයෙහි ඵුස්ස නම්වූ කෝකිලයෙක් වීමි. (ඒ) මම ගඳකිළිය අබියස අඹ රුකෙක්හි වසමි.
|
12
‘‘තදා
දිස්වා චිත්තං පසාදෙත්වා, මඤ්ජුනාභිනිකූජහං
(මඤ්ජුනාදෙන කූජහං (සී. පී.)).
|
12
“එකල්හි මම පිඬු පිණිස හැසිරෙන්නාවූ, දක්ෂිණාර්හවූ බුදුරජුන් දැක සිත පහදවා මිහිරි හඬින් හැඬීමි.
|
13
‘‘රාජුය්යානං
අම්බපිණ්ඩං ගහෙත්වාන, සම්බුද්ධස්සොපනාමයිං.
|
13
“එකල්හි රජ උයනට ගොස් (ඉදීගිය බැවින්) රන්වන්වූ පිට පොතු ඇති, මොනවට පැසුනාවූ අඹ ගෙඩියක් ගෙන බුදුරජුන්හට පිරිනැමීමි.
|
14
‘‘තදා මෙ චිත්තමඤ්ඤාය, මහාකාරුණිකො ජිනො;
උපට්ඨාකස්ස හත්ථතො, පත්තං පග්ගණ්හි නායකො.
|
14
“එකල්හි ලොකනායතවූ, මහාකාරුණීකවූ, බුදුරජතෙමේ මාගේ අදහස් දැන උපස්ථායකයන්ගේ අතින් පාත්‍රය ගත්සේක.
|
15
‘‘අදාසිං
පත්තෙ පක්ඛිප්ප පක්ඛෙහි, පඤ්ජලිං
(පක්ඛෙහඤ්ජලිං (සී.)) කත්වාන මඤ්ජුනා.
|
15
“මම සතුටු සිත් ඇත්තේ අඹගෙඩිය බුදුරජුන්හට දුනිමි. එය පාත්‍රයෙහි බහා පියාපත්වලින් ඇඳිලි බැඳ (සිත්) අලවන්නාවූ, මනොඥවූ, මිහිරිවූ, ඇසීමට ප්‍රිය උපදවන බැවින් ශ්රවණීයවූ ස්වරයෙන් බුදුපුද පිණිස හඬලමින් මම කැදැල්ලට ගොස් හොත්තෙමි.
|
16
‘‘සරෙන රජනීයෙන, සවනීයෙන වග්ගුනා;
වස්සන්තො බුද්ධපූජත්ථං, නීළං
(නිද්දං (ස්‍යා. පී.)) ගන්ත්වා නිපජ්ජහං.
|
16 |
17
‘‘තදා මුදිතචිත්තං මං, බුද්ධපෙමගතාසයං;
සකුණග්ඝි උපාගන්ත්වා, ඝාතයී දුට්ඨමානසො.
|
17
“එකල්හි බුද්ධාලම්බන ප්‍රීති සහගත සිත් ඇති ප්‍රමුදිතවූ මා වෙත දුෂ්ඨ සිත් ඇති උකුස්සෙක් පැමිණ (ඒ මා) නැසීය.
|
18
‘‘තතො චුතොහං තුසිතෙ, අනුභොත්වා මහාසුඛං;
මනුස්සයොනිමාගච්ඡිං, තස්ස කම්මස්ස වාහසා.
|
18
“මම ඉන් සැව එම කර්මයාගේ බලයෙන් තුෂිත දෙව්ලොව මහත් සැප අනුභවකොට, මිනිසත් බවට පැමිණියෙමි.
|
19
‘‘ඉමම්හි
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
19
“මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්රේෂ්ටවූ, ගොත්‍රයෙන් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවූහ.
|
20
‘‘සාසනං ජොතයිත්වා සො, අභිභුය්ය කුතිත්ථියෙ;
විනයිත්වාන වෙනෙය්යෙ, නිබ්බුතො සො සසාවකො.
|
20
“හෙතෙම සසුන බබුළුවා, මිථ්‍යා තීර්ත්ථකයන් මැඩ (හික්මවියයුතු) විනෙය්ය ජනයන් හික්මවා, ශ්‍රාවකයන් සහිතවූ එම බුදුරජතෙම පිරිනිවියේ වූහ.
|
21
‘‘නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ, පසන්නා ජනතා බහූ;
පූජනත්ථාය බුද්ධස්ස, ථූපං කුබ්බන්ති සත්ථුනො.
|
21
“ඒ බුදුරජුන් පිරනිවි කල්හි පැහැදුනාවූ බොහෝ දෙන බුදුරජුන්හට පිදීම පිණිස (එම) ශාස්තෲන් වහන්සේට සෑයක් කරවත්.
|
22
‘‘‘සත්තයොජනිකං ථූපං, සත්තරතනභූසිතං;
කරිස්සාම මහෙසිස්ස’, ඉච්චෙවං මන්තයන්ති තෙ.
|
22
“සත් රුවනින් සරසන ලද, සත් යොදුන් සෑයක් මහර්ෂීවූ බුදුරජුන්හට කරන්නෙමු” යයි මෙසේ ඔවුහු මන්ත්‍රණය කරත්.
|
23
‘‘කිකිනො කාසිරාජස්ස, තදා සෙනාය නායකො;
හුත්වාහං අප්පමාණස්ස, පමාණං චෙතියෙ වදිං.
|
23
“මම එකල්හි කිකී නම් කාසි රජුගේ සේනාවෙහි නායකයාව, චෛත්‍යයෙහි අප්‍රමාණවූ (විශාලවූ) ප්‍රමාණය (ගැන) කීමි.
|
24
‘‘තදා තෙ මම වාක්යෙන, චෙතියං යොජනුග්ගතං;
අකංසු නරවීරස්ස, නානාරතනභූසිතං.
|
24
“එකල්හි මාගේ වචනය නිසා ඔවුහු බුදුරජුන්ගේ සත්රුවනින් සැරසූ චෛත්‍යය (සත් යොදුන් නොකොට) යොදුනක් උසැතිකොට කළාහුය.
|
25
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
25
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
26
‘‘පච්ඡිමෙ
සාවත්ථියං පුරවරෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
|
26
“මම දැන් (මේ) පශ්චිම භවය පැමිණි කල්හි, සැවත් පුරවරයෙහි සමෘද්ධවූ, පිරුණාවූ, මහත් ධන ඇති සිටු කුලයෙහි උපන්නේ,
|
27
‘‘පුරප්පවෙසෙ සුගතං, දිස්වා විම්හිතමානසො;
පබ්බජිත්වාන න චිරං, අරහත්තමපාපුණිං.
|
27
“නගර දොරෙහිදී බුදුරජුන් දැක විෂ්මය පත්වූයේ, පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පැමිණියෙමි.
|
28
‘‘චෙතියස්ස පමාණං යං, අකරිං තෙන කම්මුනා;
ලකුණ්ඩකසරීරොහං, ජාතො පරිභවාරහො.
|
28
“චෛත්‍යයාගේ (විශාලත්වය අඩුකොට) යම් ප්‍රමාණයක් කෙළෙම්ද, එම කර්මය කරණකොට ගෙන මම නින්දාවට සුදුසුවූ මිටි සිරුරු ඇත්තේ (වීමි.)
|
29
‘‘සරෙන
මඤ්ජුස්සරානං භික්ඛූනං, අග්ගත්තමනුපාපුණිං.
|
29
“මම මිහිරි ස්වරයෙන් බුදුරජුන් පුදා, මිහිරි ස්වර ඇති භික්ෂූන් අතුරෙන් අගතැන්පත් බවට පැමිණියෙමි.
|
30
‘‘ඵලදානෙන
සාමඤ්ඤඵලසම්පන්නො, විහරාමි අනාසවො.
|
30
“බුදුරජුන්හට (කළ) අම්බ ඵල දානය කරණකොටගෙනද, (උන්වහන්සේගේ) ගුණ සිහිකිරීම කරණකොටගෙනද, (සෝවාන් ආදී මාර්ග ඵල නම්වූ) ශ්‍රාමාණ්‍ය ඵලයන්ගෙන් යුක්තවූයේ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
31
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
31
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
32
‘‘ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
32
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
33
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
33 |
2. කඞ්ඛාරෙවතත්ථෙරඅපදානං | 2. කඞ්ඛා රෙවත ථේරාපදානය |
34
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා;
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
34
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියළු ධර්මයන් විෂයයෙහි (විනිවිද දක්නා සුළු) නුවණැ’ස් ඇති, ලෝකනායකවූ, පදුමුත්තර බුදුරජතෙමේ ලොව පහළ විය.
|
35
‘‘සීහහනු බ්රහ්මගිරො, හංසදුන්දුභිනිස්සනො
(හංසදුන්දුභිනිස්සරො (සී.) ... නිස්සවනො (පී.) ... සාවනො (ස්‍යා.));
නාගවික්කන්තගමනො, චන්දසූරාදිකප්පභො.
|
35
“(එම සර්වඥතෙම) සිංහයෙකුගේ හණුවලට බඳු පිරුණු හණු ඇත්තේය. (අෂ්ටාංග සමූපෙත) බ්‍රහ්ම ස්වර ඇත්තේය. හංසධවනී ඇති බෙරයකට බඳු හඬ ඇත්තේය. හස්ති (රාජ) යෙකුගේ ගමනට බඳු ගමන් ඇත්තේය. සඳ හිරු පැහැයට අධිකවූ පැහැ ඇත්තේය.
|
36
‘‘මහාමතී
මහාකාරුණිකො නාථො, මහාතමපනූදනො
(මහාතමවිධංසනො (ස්‍යා.), මහාතමනිසූදනො (පී.)).
|
36
“මහනුවණැත්තේය. මහා විර්ය්ය ඇත්තේය. මහත් බල ඇත්තේය. මහා කරුණා ඇත්තේය. (අනාථයනට) නාථය. මහත් මොහඳුර නසන්නේය.
|
37
‘‘ස
ධම්මං දෙසෙසි සම්බුද්ධො, සත්තාසයවිදූ මුනි.
|
37
“සත්ත්වයින්ගේ ආශයානුශයාදීන් (සිත හා එහි පවත්නා රාගාදිය) දන්නාවූ, තිලොවට අග්‍රවූ, මොනෙය්‍ය ගුණ යුත් ඒ සම්බුදුරජතෙම කිසි කලෙක්හි බොහෝ විනෙය්ය ජනයන් හික්මවමින් දහම් දෙසූහ.
|
38
‘‘ඣායිං ඣානරතං වීරං, උපසන්තං අනාවිලං;
වණ්ණයන්තො පරිසතිං, තොසෙසි
(තොසෙති (ස්‍යා. පී. ක.)) ජනතං ජිනො.
|
38
“එම බුදුරජතෙමේ ධ්‍යාන කරණසුළුවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ, උපශාන්තවූ, නොකැළඹුනාවූ, වීරවූ ශ්‍රාවකයෙකු පිරිස් මැදදී (ධ්‍යාන කරන්නවුනට අග්‍රයයි) වර්ණනා කරමින් ජනසමූහයා සතුටු කරවූහ.
|
39
‘‘තදාහං හංසවතියං, බ්රාහ්මණො වෙදපාරගූ;
ධම්මං සුත්වාන මුදිතො, තං ඨානමභිපත්ථයිං.
|
39
“එකල්හි මම හංසවතී නගරයෙහි (ත්‍රි) වේදයෙහි තෙරපත් බමුණෙක් (වීමි.) (එම) ධර්මය අසා සතුටුවූයේ, එකී තනතුර පැතීමි.
|
40
‘‘තදා ජිනො වියාකාසි, සඞ්ඝමජ්ඣෙ විනායකො;
‘මුදිතො හොහි ත්වං බ්රහ්මෙ, ලච්ඡසෙ තං මනොරථං.
|
40
“එකල්හි විශිෂ්ඨ නායකවූ බුදුරජතෙමේ සඟමැද මෙසේ පැවසුහ. “බමුණ, තුටුවනු මැනව. එම චිත්තාභිලාෂය (සමෘද්ධව) ලබනෙහිය.
|
41
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
41
“(මින්) මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
|
42
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
රෙවතො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
42
“උන් වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් “රේවත” නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.”
|
43
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
43
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් ලොව හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
|
44
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ජාතොහං කොලියෙ පුරෙ;
ඛත්තියෙ කුලසම්පන්නෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
|
44
“මම දැන් පශ්චිම භවය පැමිණි කල්හි කෝලිය නගරයෙහි කුලවත්, සමෘද්ධවූ, සම්පූර්ණවූ, මහත් ධන ඇති ක්ෂත්රිය වංශයෙහි උපන්නේ,
|
45
‘‘යදා
තදා පසන්නො සුගතෙ, පබ්බජිං අනගාරියං.
|
45
“යම් කලෙක්හි (ගෞතම) බුදුරජතෙමේ කපිලවස්තු නගරයෙහි දහම් දෙසීද, එකල්හි බුදුරජුන් කෙරෙහි පැහැදුනේ, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වීමි.
|
46
‘‘කඞ්ඛා මෙ බහුලා ආසි, කප්පාකප්පෙ තහිං තහිං;
සබ්බං තං විනයී බුද්ධො, දෙසෙත්වා ධම්මමුත්තමං.
|
46
“ඒ ඒ තන්හිදී කැප නොකැප දැයෙහි මාගේ සැකය බහුල විය. බුදුරජතෙමේ උතුම් දහම් දෙසා ඒ සියල්ල වැරදි අදහස් නැති කිරීමෙන් හික්ම වූහ.
|
47
‘‘තතොහං
විහරාමි තදා බුද්ධො, මං දිස්වා එතදබ්රවි.
|
47
“ඉක්බිති මම තරණය කරන ලද සසර සයුරු ඇත්තේ, සෑම කල්හි දැහැන් සුවයෙහි ඇළුනේ වෙසෙමි. එකල්හි බුදුරජතෙම මා දැන මෙය වදාළ සේක.
|
48
‘‘‘යා
යෙ ඣායිනො තා පජහන්ති සබ්බා, ආතාපිනො බ්රහ්මචරියං චරන්තා’.
|
48
“සිය දැනුමෙහි හෝ, අනුන්ගේ දැනුමෙහි හෝ, මෙලෙව්හි හෝ, පරලෙව්හි හෝ, යම්කිසි සැකයක් වේද, ඒ සියල්ල ධ්‍යාන කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, බඹසරෙහි හැසිරෙන්නාවූ යමෙක් වෙත් නම්, (ඔවුහු) දුරුකෙරෙත්” (ය කියායි.)
|
49
‘‘සතසහස්සෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං මම.
|
49
“මින් පෙර සියක් දහස්වන කපෙහි කරන ලද මාගේ කර්මය මෙහිදී විපාක දැක්විය. (දුන්නෙන්) මනාව මිදීගිය හී සැරයක් මෙන් මාගේ කෙළෙස් දැවීය.
|
50
‘‘තතො ඣානරතං දිස්වා, බුද්ධො ලොකන්තගූ මුනි;
ඣායීනං භික්ඛූනං අග්ගො, පඤ්ඤාපෙති මහාමති.
|
50
“ඉක්බිති ලොව කෙළවරට ගිය, මොනෙය්‍ය ගුණ යුත්, මහ නුවණැති බුදුරජතෙම, ධ්‍යානයෙහි ඇළුනාවූ මා දැක, ධ්‍යාන කරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයයි (අග්‍ර ස්ථානයෙහි) තැබූහ.
|
51
‘‘කිලෙසා
|
51
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
52
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
52
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
53
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
53 |
3. සීවලිත්ථෙරඅපදානං | 3. සීවලී ථේරාපදානය |
54
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
54
“මින් පෙර සියක් දහස්වන කපෙහි හෙවත් කල්ප ලක්ෂයකට පෙර ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නා සුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවූහ.
|
55
‘‘සීලං තස්ස අසඞ්ඛෙය්යං, සමාධි වජිරූපමො;
අසඞ්ඛෙය්යං ඤාණවරං, විමුත්ති ච අනොපමා.
|
55
“උන්වහන්සේගේ ශීලය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සමාධිය (බිඳිය නොහැකි බැවින්) වජ්රයක් මෙනි. උතුම්වු ඥානයද (මෙතෙකැයි) පමණ කළ නොහැකිය. විමුක්තියද (මෙබඳුයයි) උපමාවක් කළ නොහැකිය.
|
56
‘‘මනුජාමරනාගානං, බ්රහ්මානඤ්ච සමාගමෙ;
සමණබ්රාහ්මණාකිණ්ණෙ, ධම්මං දෙසෙසි නායකො.
|
56
“(එම ලෝක) නායකවූ බුදුරජතෙම මහණ බමුණන්ගෙන් ගැවසීගත් මිනිස්, දෙව් හා බඹ යන මොවුන්ගේ සමාගමයෙහි දහම් දෙසූහ.
|
57
‘‘සසාවකං මහාලාභිං, පුඤ්ඤවන්තං ජුතින්ධරං;
ඨපෙසි එතදග්ගම්හි, පරිසාසු විසාරදො.
|
57
“(සිව්) පිරිස්හි විශාරදවූ බුදුරජ තෙමේ (ශීල සමාධ්‍යාදී) ආලෝකවත්වූ, පින්වත්වූ, මහත් ලාභ ලබන්නාවූ සිය සව්වෙකු එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
58
‘‘තදාහං ඛත්තියො ආසිං, නගරෙ හංසසව්හයෙ;
සුත්වා ජිනස්ස තං වාක්යං, සාවකස්ස ගුණං බහුං.
|
58
“එකල්හි මම හංසවතී නගරයෙහි රජෙක් විමි. (එකී) ශ්‍රාවකයාගේ බොහෝ ගුණ (පවසන) බුදුරජුන්ගේ (එම) වචනය අසා
|
59
‘‘නිමන්තයිත්වා
මහාදානං දදිත්වාන, තං ඨානමභිපත්ථයිං.
|
59
“ශ්‍රාවකයන් සහිත බුදුරජුන් පවරා සතියක් වළඳවා, මහදන්දී එම තනතුර පැතීමි.
|
60
‘‘තදා මං විනතං පාදෙ, දිස්වාන පුරිසාසභො;
සරෙන මහතා වීරො
(සුස්සරෙන මහාවීරො (සී. පී.)), ඉදං වචනමබ්රවි.
|
60
“එකල්හි පුරුෂ ශ්‍රේෂ්ඨවූ, මහා වීරවු, බුදුරජතෙම වැඳගෙන පාමුල නැමුනාවූ මා දැක මිහිරි ස්වරයෙන් මෙම වචනය (කීමට සැරසුනෝය.)
|
61
‘‘‘තතො ජිනස්ස වචනං, සොතුකාමා මහාජනා;
දෙවදානවගන්ධබ්බා, බ්රහ්මානො ච මහිද්ධිකා’.
|
61
“ඉක්බිති බුදුරජුන්ගේ වචනය අසනු කැමති මහාජනයාද, දිව්‍ය සුරගාන්ධර්වයෝද, මහත් ඎද්ධි ඇති බ්‍රහ්මයෝද,
|
62
‘‘සමණබ්රාහ්මණා චෙව, නමස්සිංසු කතඤ්ජලී;
‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම.
|
62
“මහණ බමුණෝද කරන ලද ඇඳිලි ඇත්තාහු, “පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා” යි (කිමින්) වැන්දාහුය.
|
63
‘‘‘ඛත්තියෙන
සොතුකාමා ඵලං තස්ස, බ්යාකරොහි මහාමුනෙ’.
|
63
“(වැඳ) ඔබ වහන්සේට සතියක් මුළුල්ලෙහි (මෙම) රජතුමන් විසින් මහා දානයක් දෙන ලද මහාමුනීන් වහන්ස, (අපි) ඔහුගේ (එම කර්ම) විපාකය (කෙසේදැයි) අසනු කැමැත්තෝ වෙමු. පවසනු මැනවැ” යි (කිහ.)
|
64
‘‘තතො අවොච භගවා, ‘සුණාථ මම භාසිතං;
අප්පමෙය්යම්හි බුද්ධම්හි, සසඞ්ඝම්හි පතිට්ඨිතා
(සංඝම්හි සුප්පතිට්ඨිතා (සී. පී.)).
|
64
“ඉක්බිති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළ සේක. “මාගේ වචනය අසව්. දක්ෂිණා තොමෝ අපමණවූ ගුණ ඇති බුදුරජුන් කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහිද, මැනවින් පිහිටියාය. එම දක්ෂිණාවගේ (විපාකය) පවසන්නේ කවරෙක්ද, ඕතොමෝ අප්‍රමෙය්‍යවූ විපාක ඇත්තීය. එතකුදුවූවත් මේ මහාභාග්‍ය ඇති රජතෙමේ උතුම් තනතුරක් පතයි.
|
65
‘‘‘දක්ඛිණා තාය
(දක්ඛිණාදාය (ස්‍යා. පී.)) කො වත්තා, අප්පමෙය්යඵලා හි සා;
අපි චෙ ස මහාභොගො, ඨානං පත්ථෙති උත්තමං.
|
65 |
66
‘‘‘ලාභී විපුලලාභානං, යථා භික්ඛු සුදස්සනො;
තථාහම්පි භවෙය්යන්ති, ලච්ඡසෙ තං අනාගතෙ.
|
66
“මහත් ලාභ ඇතියවුන් අතුරෙන් (ශ්‍රේෂ්ඨ) ලාභියාවූ සුදර්ශන භික්ෂුතෙම යම්සේද, මමද එසේම වෙම්වා,” යනු ඔහුගේ පැතුමයි. මතු කාලයෙහි මෙම තනතුර හෙතෙම ලබන්නේය.
|
67
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
67
“මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
|
68
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
සීවලි නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
68
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධපුත්‍ර)වූ නම්න් සීවලී නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය” (කියායි.)
|
69
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගො අහං.
|
69
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) එළඹියේ වෙමි.
|
70
‘‘එකනවුතිතො කප්පෙ, විපස්සී ලොකනායකො;
උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මවිපස්සකො.
|
70
“මින් (පෙර) එක් අනූවන කපෙහි මනොඥ ඇස් ඇති, සියළු දතයුතු ධර්මයන් වෙසෙසින් දක්නා සුළුවූ, ලෝකනායකවූ, විපස්සී බුදුරජතෙමේ ලොව පහළවූහ.
|
71
‘‘තදාහං
දයිතො පස්සිතො චෙව, ආසිං කම්මන්තවාවටො
(කම්මන්තබ්යාවටො (සී. ස්‍යා. ක.)).
|
71
“එකල්හි මම බන්ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක (නෑයන් විසින් කරන ලද) දයාව ඇත්තාවූ, (දෙමාපියන් විසින්) ප්‍රාර්ත්‍ථනාකොට ලබන ලද්දාවූ, කර්මාන්තයන්හි යෙදුනාවූ පුතෙක් වීමි.
|
72
‘‘තදා අඤ්ඤතරො පූගො, විපස්සිස්ස මහෙසිනො;
පරිවෙසං අකාරයි, මහන්තමතිවිස්සුතං.
|
72
“එකල්හි එක්තරා උපාසක සමූහයෙක් තෙම විපස්සී බුදුරජුන්හට මහත්වූ ඉතා ප්‍රකටවූ පිරිවෙණක් කරවීය.
|
73
‘‘නිට්ඨිතෙ
නවං දධිං මධුඤ්චෙව, විචිනං නෙව අද්දසුං.
|
73
“(පිරිවෙණ) නිමි කල්හිද, ඛාද්යවර්ගයන්ගෙන් යුක්තවූ මහා දානයක් දෙන්නේ (මෙහි කුමක් නැද්දැයි) සොයන්නේ, අළුත් දී හා (කැටි) මීද නොදුටුවෙමි.
|
74
‘‘තදාහං තං ගහෙත්වාන, නවං දධිං මධුම්පි ච;
කම්මස්සාමිඝරං ගච්ඡිං, තමෙසන්තා මමද්දසුං.
|
74
“එකල්හි මම ඒ අළුත් දී හා කැටි මීද ගෙන කර්මාන්ත ස්වාමියාගේ ගෙට ගියෙමි. (ඒ අළුත් දී හා කැටි මී) සොයන්නෝ මා දුටුවාහුය.
|
75
‘‘සහස්සමපි දත්වාන, නාලභිංසු ච තං ද්වයං;
තතොහං එවං චින්තෙසිං, ‘නෙතං හෙස්සති ඔරකං.
|
75
“දහසකුදු දී ඒ දැක ඔවුහු නොලැබුවාහුය. එබැවින් මම (මෙසේ) සිතීමි. මෙය ලාමක වන්නෝය.
|
76
‘‘‘යථා ඉමෙ ජනා සබ්බෙ, සක්කරොන්ති තථාගතං;
අහම්පි කාරං කස්සාමි, සසඞ්ඝෙ ලොකනායකෙ’.
|
76
“යම්සේ මේ සියළු ජනයෝ සත්කාර කෙරෙත්ද, ශ්‍රාවක සංඝයා සහිතවූ ලෝකනායක බුදුරජුන් කෙරෙහි සත්කාරයක් කරන්නෙමි” යි (කියායි.)
|
77
‘‘තදාහමෙවං
මද්දිත්වා ලොකනාථස්ස, සසඞ්ඝස්ස අදාසහං.
|
77
“එකල්හි වනාහි මම මෙසේ සිතා, දීද, මීද එකට යොදා සඞ්ඝයා සහිතවූ ලෝකනායකයන් වහන්සේට දුනිමි.
|
78
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
78
“මැනවින් කරන ලද එම කර්මය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
79
‘‘පුනාහං බාරාණසියං, රාජා හුත්වා මහායසො;
සත්තුකස්ස තදා දුට්ඨො, ද්වාරරොධමකාරයිං.
|
79
“මම නැවත බරණැස් නුවර මහත් යස පිරිවර ඇති රජෙක්ව එකල්හි සතුරු රජෙකුට කිපියෙම්, නුවරින් (පිටවිය නොහැකි සේ) දොර වැසීම කරවූයෙමි.
|
80
‘‘තදා තපස්සිනො රුද්ධා, එකාහං රක්ඛිතා අහුං;
තතො තස්ස විපාකෙන, පාපතිං
(පාපිට්ඨං (ස්‍යා.) පාපත්තං (ක.)) නිරයං භුසං.
|
80
“ඉක්බිති (නුවරින් බැහැර යා නොහැකි සේ) අවුරණ ලද සතුරෝ සතියක් මුළුල්ලෙහි (හිරකොට) රක්නා ලද්දාහුද, එහෙයින් එම (අකුශල ධර්මයාගේ) විපාකය කරණකොටගෙන දැඩිවූ ඒ නිරයෙහි (දුකට) වැටුනෙමි.
|
81
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ජාතොහං කොලියෙ පුරෙ;
සුප්පවාසා ච මෙ මාතා, මහාලි ලිච්ඡවී පිතා.
|
81
“මම දැන් අන්තිම ජාතියෙහි කොලිය නගරයෙහි උපන්නේ (වෙමි.) මාගේ මව් තොමෝ සුප්පවාසා (රජ මෙහෙසිය)ය. පියතෙම “මහාලී” ලිව්ඡවි (රජ) තෙමේය.
|
82
‘‘ඛත්තියෙ පුඤ්ඤකම්මෙන, ද්වාරරොධස්ස වාහසා;
සත්ත වස්සානි නිවසිං, මාතුකුච්ඡිම්හි දුක්ඛිතො.
|
82
“කුශල කර්ම බලයෙන් කැත් කුලයෙහි උපනිමි. නුවර දොර වැස්වූ අකුශල කර්ම බලයෙන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි හටගත් දුක් ඇත්තේ මව් කුසයෙහි විසීමි.
|
83
‘‘සත්තාහං
මාතා මෙ ඡන්දදානෙන, එවං ආසි සුදුක්ඛිතා.
|
83
“මම සතියක් මුළුල්ලෙහි මූඩගර්භව මහ දුකින් යුක්තවීමි. මාගේ මව් තොමෝ නුවර දොර වැසීමට කැමැත්ත දීම කරණකොට ගෙන මෙසේ අතිශයින් හටගත් දුක් ඇත්තී වුවාය.
|
84
‘‘සුවත්ථිතොහං
නික්ඛන්තදිවසෙයෙව, පබ්බජිං අනගාරියං.
|
84
“බුදුරජුන් විසින් අනුකම්පා කරන ලද මම නිදුකින් (මවු කුසින්) නික්මුනෙමි. (සතියකට පසු ගිහිගෙන්) නික්මුනු දවස්හිම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
85
‘‘උපජ්ඣා සාරිපුත්තො මෙ, මොග්ගල්ලානො මහිද්ධිකො;
කෙසෙ ඔරොපයන්තො මෙ, අනුසාසි මහාමති.
|
85
“මහ නුවණැති ශාරීපුත්‍ර තෙමේ මාගේ උපාධ්‍යායයන් වූහ. මහත් ඎද්ධි ඇති මෞද්ගල්‍යාන තෙමේ මාගේ හිසකේ බාමින් අනුශාසනා කළහ.
|
86
‘‘කෙසෙසු
දෙවා නාගා මනුස්සා ච, පච්චයෙ උපනෙන්ති මෙ.
|
86
“හිසකේ බානා කල්හිම (කරගෙහිදීම) රහත්බවට පැමිණියෙමි. දෙවියෝද, මනුෂ්‍යයෝද, නාගයෝද සිව් පසය මට එලවත්.
|
87
‘‘පදුමුත්තරනාථඤ්ච, විපස්සිඤ්ච විනායකං;
යං පූජයිං පමුදිතො, පච්චයෙහි විසෙසතො.
|
87
“පදුමුත්තර බුදුරජුන්ද, විපස්සී බුදුරජුන්ද, යම් හෙයකින් පිදූයෙම් නම්,
|
88
‘‘තතො තෙසං විසෙසෙන, කම්මානං විපුලුත්තමං;
ලාභං ලභාමි සබ්බත්ථ, වනෙ ගාමෙ ජලෙ ථලෙ.
|
88
“ඒ හේතුවෙන් එම කුශල කර්මයන්ගේ (විපාකයෙන්) වනයෙහිද, ගමෙහිද, දියෙහිද, ගොඩබිම්හි (දැයි යන) හැම තන්හි මහත්වූ, උතුම්වූ සිවු පසය වෙසෙසින් ලබමි.
|
89
‘‘රෙවතං දස්සනත්ථාය, යදා යාති විනායකො;
තිංසභික්ඛුසහස්සෙහි, සහ ලොකග්ගනායකො.
|
89
“යම් කලෙක්හි ලෝකාග්‍රනායකවූ බුදුරජතෙම තිස් දහසක් භික්ෂූන් සමග රේවත ස්ථවිරයන් දකින පිණිස වඩීද,
|
90
‘‘තදා දෙවොපණීතෙහි, මමත්ථාය මහාමති;
පච්චයෙහි මහාවීරො, සසඞ්ඝො ලොකනායකො.
|
90
“එකල්හි මාගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් එළවන ලද, සිව් පසයෙන් මහත් ප්‍රඥා ඇත්තාවූ මහත් වීර්‍ය්‍ය ඇති සංඝයා සහිතවූ, තුන්ලොවට නායකවූ බුදුරජතෙම මා විසින් උවටැන් කරන ලද්දේ වැඩමවා රේවත තෙරුන් දුටුසේක. ඉන්පසු දෙව්රමට වැඩ, “මහණෙනි, මාගේ සිසුන් අතුරෙහි සීවලී තෙමේ ලාභීන්ගෙන් අග්‍රය” යි මා ලාභීන් අතුරෙහි එතදග්‍රස්ථානයෙහි ලා තැබූහ. සව්ලොවට හිතවූ ශාස්තෘ තෙමේ පිරිස මැදදි මට පැසසූහ.
|
91
‘‘උපට්ඨිතො
තතො ජෙතවනං ගන්ත්වා, එතදග්ගෙ ඨපෙසි මං.
|
91 |
92
‘‘‘ලාභීනං සීවලි අග්ගො, මම සිස්සෙසු භික්ඛවො’;
සබ්බලොකහිතො සත්ථා, කිත්තයී පරිසාසු මං.
|
92 |
93
‘‘කිලෙසා
|
93
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
94
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
94
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
95
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
95 |
4. වඞ්ගීසත්ථෙරඅපදානං | 4. වඞ්ගීස ථේරාපදානය |
96
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා;
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
96
“මින් (පෙර) දහස්වන කපෙහි හෙවත් කල්ප ගක්ෂයකට පෙර, ලොකනායකවූ,
|
97
‘‘යථාපි
එවං පාවචනං තස්ස, අරහන්තෙහි චිත්තිතං.
|
97
“සයුරේ රළ යම්සේ (විසිතුරුද), අහසෙහි තරු යම්සේ (විසිතුරුද), එසේ උන්වහන්සේගේ සසුන රහතුන්ගෙන් විසිතුරු විය.
|
98
‘‘සදෙවාසුරනාගෙහි, මනුජෙහි පුරක්ඛතො;
සමණබ්රාහ්මණාකිණ්ණෙ, ජනමජ්ඣෙ ජිනුත්තමො.
|
98
“ඒ ජනෝත්තමවූ බුදුරජතෙම දිව්‍ය, අසුර, නාග යන මොවුන් විසින් පිරිවරන ලදුයේ, බමුණන්ගෙන් ගැවසීගත් ජනයා මැද,
|
99
‘‘පභාහි අනුරඤ්ජන්තො, ලොකෙ
(ලොකං (සී.)) ලොකන්තගූ ජිනො;
වචනෙන විබොධෙන්තො, වෙනෙය්යපදුමානි සො.
|
99
“(භවෝත්පත්තිය දුරුකිරීමෙන්) ලෝකයාගේ කෙළවරට ගිය ඒ බුද්ධ දිවාකර තෙම ප්‍රභාවෙන් ලෝකයා රඳවමින් විනෙය්ය ජන නමැති පියුම් වචනයෙන් (හෙවත් වචන රැසින්) පොබයමින්,
|
100
‘‘වෙසාරජ්ජෙහි සම්පන්නො, චතූහි පුරිසුත්තමො;
පහීනභයසාරජ්ජො, ඛෙමප්පත්තො විසාරදො.
|
100
“චතුර්වෛශාරද්යයන්ගෙන් යුක්තවූ දුරුකරනලද බිය හා ඇළුම් ඇති (ක්ෂෙමයයි කියන ලද) නිවනට පැමිණියාවූ විශාරදවූ, පුරුෂෝත්තමවූ,
|
101
‘‘ආසභං
පටිජානාති ලොකග්ගො, නත්ථි සඤ්චොදකො ක්වචි.
|
101
“ලෝකනායකවූ බුදුරජතෙම හුදෙක් ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ තනතුර වන බුද්ධ භූමිය (හෙවත් බුද්ධත්වය තමා තුළ ඇතැයි) විරුද්ධව එන්නවුන් ඉදිරියෙහි දන්වයි. (එහෙත් උන්වහන්සේ හමුවෙහි ඔබට එබඳු බුද්ධත්වයක් නැතැයි චෝදනා කරන) කිසියම් චෝදකයෙක් නැත.
|
102
‘‘සීහනාදමසම්භීතං, නදතො තස්ස තාදිනො;
දෙවො නරො වා බ්රහ්මා වා, පටිවත්තා න විජ්ජති.
|
102
“(මෙසේ) අභීත සිංහනාදය කරන, තාදී ගුණ ඇති උන්වහන්සේට විරුද්ධව කියන දෙවියෙක්, මිනිසෙක් හෝ බඹෙක් හෝ නැත.
|
103
‘‘දෙසෙන්තො
ධම්මචක්කං පවත්තෙති, පරිසාසු විසාරදො.
|
103
“උතුම් දහම් දෙසමින්, දෙවියන් සහිත ලෝකයා (සසර සයුරින්) එතර තරමින් පිරිස් මැද විශාරදව දම්සක් පවත්වයි.
|
104
‘‘පටිභානවතං අග්ගං, සාවකං සාධුසම්මතං;
ගුණං බහුං පකිත්තෙත්වා, එතදග්ගෙ ඨපෙසි තං.
|
104
“වැටහීම් ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රවූ මැනවැයි සම්මතවූ ශ්‍රාවකයෙකු (දැක) බොහෝ ගුණ පවසා හේ එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
105
‘‘තදාහං හංසවතියං, බ්රාහ්මණො සාධුසම්මතො;
සබ්බවෙදවිදූ ජාතො, වාගීසො වාදිසූදනො.
|
105
“එකල්හි මම හංසවතී නගරයෙහි උපන්නේ, මැනවැයි සම්මතවූ සියළු වේදයන් දන්නාවූ, වාදීන්ට අධිපතිවූ, වාදීන් මැඩපවත්වන්නාවූ බමුණෙක් වූයේ,
|
106
‘‘උපෙච්ච තං මහාවීරං, සුත්වාහං ධම්මදෙසනං;
පීතිවරං පටිලභිං, සාවකස්ස ගුණෙ රතො.
|
106
“ඒ මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ එකී දම් දෙසුම අසා (ප්‍රතිභාණවත්) ශ්‍රාවකයාගේ ගුණයෙහි ඇළුනේ උතුම්වූ ප්‍රීතිය ලැබීමි.
|
107
‘‘නිමන්තෙත්වාව සුගතං, සසඞ්ඝං ලොකනන්දනං;
සත්තාහං භොජයිත්වාහං, දුස්සෙහච්ඡාදයිං තදා.
|
107
“එකල්හි මම සංඝයා ලෝකයා තුටු කරන්නාවූ බුදුරජුන් පවරා සතියක් වළඳවා වස්ත්රයන්ගෙන් හැඳවීමි.
|
108
‘‘නිපච්ච සිරසා පාදෙ, කතොකාසො කතඤ්ජලී;
එකමන්තං ඨිතො හට්ඨො, සන්ථවිං ජිනමුත්තමං.
|
108
“හිසින් පාමුල වැටී (වැඳ) ලබන ලද අවකාශ ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ, සතුටුවූයේ, එකත්පසෙන් සිටියේ, උතුම්වූ බුදුරජුන්හට ස්තූති කෙළෙමි. (කෙසේදයත්?)
|
109
‘‘‘නමො තෙ වාදිමද්දන
(වාදිසද්දුල (සී. පී.), වාදිසූදන (ස්‍යා.)), නමො තෙ ඉසිසත්තම
(පුරිසුත්තම (සී. පී.));
නමො තෙ සබ්බලොකග්ග, නමො තෙ අභයඞ්කර.
|
109
“වාදී (මෘගය)නට කොටියෙකු වැනිවූ උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. මුළු ලොවට අග්‍රවූ උතුමාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා, අභය (දානය) කරන්නාවූ උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා.
|
110
‘‘‘නමො
නමො තෙ සන්තිසුඛද, නමො තෙ සරණඞ්කර.
|
110
“මාර බල මර්දනය කරන්නවුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. (දෙසැට) මිසදිටු මඩිනවුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ශාන්ති සුඛ දායකයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. සත් ලොවට පිහිට (සිදු) කරන උතුමාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා.
|
111
‘‘‘අනාථානං
විස්සාමභූමි
(විස්සාසං භූමි (ස්‍යා.), විස්සානභූමි (පී.)) සන්තානං, සරණං සරණෙසිනං’.
|
111
“පින්වත් තෙමේ අනාථවූවනට පිහිටය. බියවූවනට අභය දෙන්නේය. ඝ්රාන්ත (විඩා) වූවනට විඩා හරනා බිමෙක. සරණ සොයනවුනට පිළිසරණෙක.
|
112
‘‘එවමාදීහි සම්බුද්ධං, සන්ථවිත්වා මහාගුණං;
අවොචං වාදිසූදස්ස
(වාදිසූරස්ස (සී. ස්‍යා. පී.)), ගතිං පප්පොමි භික්ඛුනො.
|
112
“මේ ආදී නයින් මහත්වූ ගුණ ඇති සම්බුදුරජුන්හට පසසා, “වාදීශූරවූ (ප්‍රතිභාණවත්) භික්ෂුවගේ ස්වභාවය (තනතුරට) පැමිණියෙමි” යි කීමි.
|
113
‘‘තදා අවොච භගවා, අනන්තපටිභානවා;
‘යො සො බුද්ධං අභොජෙසි, සත්තාහං සහසාවකං.
|
113
“එකල්හි අනන්තවූ වැටහීම් ඇති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළසේක. “ඒ යමෙක් තෙම පහන්වූයේ, ශ්‍රාවකයන් සහිතවූ බුදුරජුන් සියතින් වැළඳවීද, (ඒ සම්බුද්ධවූ) මාගේ ගුණ පැවසීද, මෙතෙම වාදීශූරවූ (ඒ ප්‍රතිභාණවත්) භික්ෂුවගේ තනතුර පතයි.
|
114
‘‘‘ගුණඤ්ච මෙ පකිත්තෙසි, පසන්නො සෙහි පාණිභි;
එසො පත්ථයතෙ ඨානං, වාදිසූදස්ස භික්ඛුනො.
|
114 |
115
‘‘‘අනාගතම්හි
දෙවමානුසසම්පත්තිං, අනුභොත්වා අනප්පකං.
|
115
“නොඅඩුවූ දෙවි මිනිස් සැප අනුභවකොට මතුකාලයෙහි ඒ ඔහුගේ සිත්හිවූ අදහස (සමෘද්ධව) ලබන්නේය.
|
116
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
116
“මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය”
|
117
‘‘‘තස්ස
වඞ්ගීසො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
117
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන්ම නිර්මිත කළාක් වැනි, ඖරස බුද්ධපුත්රවූ, නම්න් වංගීස නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය” කියායි.
|
118
‘‘තං සුත්වා මුදිතො හුත්වා, යාවජීවං තදා ජිනං;
පච්චයෙහි උපට්ඨාසිං, මෙත්තචිත්තො තථාගතං.
|
118
“එකල්හි එය අසා සතුටුවූයේම මෙත් සිතැත්තේ දිවි ඇතිතාක් තථාගත බුදුරජුන් (සිව්) පසයෙන් උවටැන් කෙළෙමි.
|
119
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තුසිතං
(තාවතිංසං (ස්‍යා.)) අගමාසහං.
|
119
“මම මැනවින් කරණලද එම කර්මය හේතුකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
120
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ජාතො විප්පකුලෙ
(පරිබ්බාජකුලෙ (සී. ස්‍යා. පී.)) අහං;
පච්චාජාතො
(සම්පත්තො ච (ක.)) යදා ආසිං, ජාතියා සත්තවස්සිකො.
|
120
“මම දැන් (මේ) අන්තිම ජාතියෙහි පිරිවැජි කුලයෙහි උපන්නේ, උපතින් සත් හැවිරිදි වූයේ වීමි.
|
121
‘‘සබ්බවෙදවිදූ
වාදිස්සරො
(වග්ගුස්සරො (ස්‍යා. පී.)) චිත්තකථී, පරවාදප්පමද්දනො.
|
121
“සියළු වේද දන්නෙක් වූයේ, වේදශාස්ත්රයෙහි විශාරදවූයේ, වාදීන්හට ශ්‍රේෂ්ඨවූයේ, චිත්තකථිකවූයේ, විරද්ධවාදීන් මඩනාසුළු වූයේ,
|
122
‘‘වඞ්ගෙ ජාතොති වඞ්ගීසො, වචනෙ ඉස්සරොති වා;
වඞ්ගීසො ඉති මෙ නාමං, අභවී ලොකසම්මතං.
|
122
“වඞ්ග රටෙහි උපන්නේනු” යි “වඞ්ගීසය නොහොත් වචනයෙහි අධිපතිනු” යි වංගීසයයි මාගේ නාමය සම්මත විය.
|
123
‘‘යදාහං
තදා රාජගහෙ රම්මෙ, සාරිපුත්තමහද්දසං
(මථද්දසං (සී. පී.), ච අද්දසං (ස්‍යා.)).
|
123
“යම් කලෙක්හි මම දනුමැතිබවට පැමිණියේ, පළමු යෞවනයෙහි සිටියේ වෙම්ද, එකල්හි රම්‍යවූ රජගහනුවරදී සැරියුත් තෙරුන් දුටිමි.
|
124
‘‘පිණ්ඩාය විචරන්තං තං, පත්තපාණිං සුසංවුතං;
අලොලක්ඛිං මිතභාණිං, යුගමත්තං නිදක්ඛිතං
(නිරික්ඛතං (සී. පී.), උදික්ඛතං (ස්‍යා.)).
|
124
“පිඬු පිණිස හැසිරෙන්නාවූ, ඒ පාත්‍රය ගත් අත් ඇති, සන්හුන්වූ, ලොල් නොවූ (නිශ්චල) ඇස් ඇති, පමණ දැන කථාකරන්නාවූ, වියදඬු පමණ දුර බලන්නාවූ,
|
125
‘‘තං දිස්වා විම්හිතො හුත්වා, අවොචං මමනුච්ඡවං
(මනනුච්ඡවං (සී. ස්‍යා.));
කණිකාරංව නිචිතං
(කණිකාරපරිචිතං (පී.), ඛණිකං ඨානරචිතං (සී.)), චිත්තං ගාථාපදං අහං.
|
125
“එම සැරියුත් තෙරුන් දැක, මම හටගත් විෂ්මය ඇත්තේව, සිතට සුදුසුවූ, එකෙණෙහි වැටහුනාවූ, එතන්හිදීම රචිතවූ, විචිත්‍රවූ ගාථා පදයක් කීමි.
|
126
‘‘ආචික්ඛි සො මෙ සත්ථාරං, සම්බුද්ධං ලොකනායකං;
තදා සො පණ්ඩිතො වීරො, උත්තරිං
(උත්තරං (සී. පී.)) සමවොච මෙ.
|
126
“එකල්හි ඒ වීරවූ පණ්ඩිත ශාරීපුත්‍ර තෙමේ, ලොකනායකවූ, ශාස්තෘවූ සම්බුදුරජුන් ගැන කීය. මට පිළිතුරුද කීය.
|
127
‘‘විරාගසංහිතං වාක්යං, කත්වා දුද්දසමුත්තමං;
විචිත්තපටිභානෙහි, තොසිතො තෙන තාදිනා.
|
127
“තාදී ගුණ ඇති එම සැරියුත් තෙරුන් විසින් සතුටුකරන (මම) තෘෂ්ණා නොවූ බැවින් විරාග සහිතවූ, දුද්දස හෙවත් අවබෝධයට දුෂ්කරවූ, උතුම්වූ වාක්‍යයක් (ගාථාවක්) කොට, විසිතුරු වැටහීම් හෙවත් ප්රතිභාණයන් කරණකොටගෙන (එම සැරියුත් තෙරුන්ගේ) පාමුල සිරසින් නැමී (වැඳ), “මා පැවිදිකළ මැනවැ” යි කීමි.
|
128
‘‘නිපච්ච සිරසා පාදෙ, ‘පබ්බාජෙහී’ති මං බ්රවි;
තතො මං ස මහාපඤ්ඤො, බුද්ධසෙට්ඨමුපානයි.
|
128
“ඉක්බිති ඒ මහා ප්‍රාඥවූ ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ මා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණවීය. පාමුල සිරසින් නැමී (වැඳ) ශාස්තෘන් වහන්සේගේ සමීපයෙහි හුනිමි.
|
129
‘‘නිපච්ච සිරසා පාදෙ, නිසීදිං සත්ථු සන්තිකෙ;
මමාහ වදතං සෙට්ඨො, කච්චි වඞ්ගීස ජානාසි
(සච්චං වඞ්ගීස කච්චි තෙ (ස්‍යා.)).
|
129
“කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ බුදුරජතෙමේ, “වංගීස, කිම, කිසියම් ශිල්පයක් දනිහිදැ” යි මගෙන් ඇසූහ. මම උන්වහන්සේට, “දනිමි” යයි කීමි.
|
130
‘‘කිඤ්චි
මතසීසං
තව විජ්ජාවිසෙසෙන, සචෙ සක්කොසි වාචය
(භාසය (සී. පී.)).
|
130
“දොළොස් අවුරුදු ඉක්මගිය නමුදු වනයෙහි බැහැරලූ මළවුන්ගේ හිස්කබලක් (ගෙන), “තාගේ විද්‍යා විශේෂය කරණකොටගෙන (එම හිස්කබල අයත් තැනැත්තා කොහි උපන්නේදැයි කීමට) ඉදින් හැකිවෙහි නම් (එය) කියව.”
|
131
‘‘ආමොති මෙ පටිඤ්ඤාතෙ, තීණි සීසානි දස්සයි;
නිරයනරදෙවෙසු, උපපන්නෙ අවාචයිං.
|
131
“එසේය” යි මා පිළිගත් කල්හි හිස් කබල් තුණක් දැක්විය. නරකය, මිනිස් ලොව, දෙව් ලොව යන මේ තන්හි උපන්නවුන් (ගැන) කීමි.
|
132
‘‘තදා ඛීණාසවස්සෙව
(පච්චෙකබුද්ධස්ස (සී. පී.)), සීසං දස්සෙසි නායකො;
තතොහං විහතාරබ්භො, පබ්බජ්ජං සමයාචිසං.
|
132
“එකල්හි ලෝකනායකවූ බුදුරජතෙම, පසේබුදුවරයෙකුගේ හිස්කබලක් දැක්වීය. ඉක්බිති මම (උන්වහන්සේ උපන් තැන කිය නොහැකි බැවින්) නටුවාවූ මාන ඇත්තේ පැවිද්ද ඉල්වීමි.
|
133
‘‘පබ්බජිත්වාන සුගතං, සන්ථවාමි තහිං තහිං;
තතො මං කබ්බවිත්තොසි
(කවිචිත්තොති (ස්‍යා. පී.)), උජ්ඣායන්තිහ භික්ඛවො.
|
133
“පැවිදිව බුදුරජුන්හට ඒ ඒ තන්හිදී ස්තූති කරමි. එහෙයින් මේ භික්ෂූහු මට කවියම සැපතකොට ඇත්තේයයි දොස් පහළ කෙරෙත්.
|
134
‘‘තතො
තක්කිකා පනිමා ගාථා, ඨානසො පටිභන්ති තං.
|
134
“ඉක්බිති විශිෂ්ඨ නායකවූ බුදුරජතෙම විමසනු සඳහා මට මෙසේ වදාළ සේක. “මෙම ගාථාවෝ (කල් ඇතිව) සිතා මතා ගොතන ලද්දාහුද, නොහොත් තැනට සුදුසු පරිදි (එකෙණෙහි හිතට) වැටහෙන්නේද” (කියායි.)
|
135
‘‘න කබ්බවිත්තොහං වීර, ඨානසො පටිභන්ති මං;
තෙන හි දානි වඞ්ගීස, ඨානසො සන්ථවාහි මං.
|
135
“වීරයන් වහන්ස, මම කවි ගැන සිතීම සම්පත්තිය කොට ඇත්තෙක් නොවෙමි. එම කවි එකෙණෙහි මට වැටහෙත්” (යයි කීමි.) වංගීස, එසේ නම් දැන් තැනට සුදුසු පරිදි (එකෙණෙහි) මට ස්තූති කරව” යි (බුදුරජතෙම වදාළ සේක.)
|
136
‘‘තදාහං සන්ථවිං වීරං, ගාථාහි ඉසිසත්තමං;
ඨානසො මෙ තදා තුට්ඨො, ජිනො අග්ගෙ ඨපෙසි මං.
|
136
“එකල්හි මම වීරවූ බුදුරජුන්හට එතැන්හිදීම ගාථාවන්ගෙන් ස්තූති කෙළෙමි. එකල්හි සතුටුවූ බුදුරජතෙම මා (ප්‍රතිභාණවත් භික්ෂූන් අතුරෙන්) අග්‍රස්ථානයෙහි තැබූහ.
|
137
‘‘පටිභානෙන චිත්තෙන, අඤ්ඤෙසමතිමඤ්ඤහං;
පෙසලෙ තෙන සංවිග්ගො, අරහත්තමපාපුණිං.
|
137
“මම (එකෙණෙහි) වැටහෙනසුළු සිතින් අනික් ප්‍රියශීලී භික්ෂූන් ඉක්මවීමි. එහෙයින්ම කළකිරුණේ රහත්බවට පැමිණියෙමි.
|
138
‘‘‘පටිභානවතං අග්ගො, අඤ්ඤො කොචි න විජ්ජති;
යථායං භික්ඛු වඞ්ගීසො, එවං ධාරෙථ භික්ඛවො’.
|
138
“මෙම වංගීස භික්ෂුව වැනි (වහා) වැටහීම් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූ අන් කිසිවෙක් නැත. මහණෙනි, මෙසේ (එයින් අග්‍රයයි සිත්හි ලා) දරව්.”
|
139
‘‘සතසහස්සෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං මම.
|
139
“(මින් පෙර) සියක් දහස්වන කපෙහි කරන ලද කර්මය මෙහිදි මට විපාක දැක්වීය. (දුන්නෙන්) මැනවින් මුදා හළ හී සැරයක් මෙන් මාගේ කෙළෙස් දැවීය.
|
140
‘‘කිලෙසා
|
140
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
141
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
141
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
142
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
142 |
5. නන්දකත්ථෙරඅපදානං | 5. නන්දක ථේරාපදානය |
143
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
143
“(මින් පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇත් පදුමුත්තර බුදුරජ ලොව පහළවූහ.
|
144
‘‘හිතාය සබ්බසත්තානං, සුඛාය වදතං වරො;
අත්ථාය පුරිසාජඤ්ඤො, පටිපන්නො සදෙවකෙ.
|
144
“කථා කරන්නවුනට උතුම්වූ, පුරුෂ ශ්‍රේෂ්ඨවූ, බුදුරජතෙම සව්සත්නට හිත පිණිස, සුව පිණිස, වැඩ පිණිස දෙවියන් සහිත ලෝකයෙහි පිළිපන්නේ,
|
145
‘‘යසග්ගපත්තො සිරිමා, කිත්තිවණ්ණභතො
(කිත්තිවණ්ණ භටො (ස්‍යා. ක.)) ජිනො;
පූජිතො සබ්බලොකස්ස, දිසා සබ්බාසු විස්සුතො.
|
145
“යසසින් අගතැන් පැමිණියාවූ, ශ්‍රී (සම්පත්) ඇත්තාවූ, ගුණ ඝෝෂා කථනය දරන්නාවූ, සියළු ලෝකයා විසින් පුදන ලද සිව්දිගින්හි ප්‍රකටවූ බුදුරජතෙම,
|
146
‘‘උත්තිණ්ණවිචිකිච්ඡො
පරිපුණ්ණමනසඞ්කප්පො, පත්තො සම්බොධිමුත්තමං.
|
146
“ඉක්මවූ (බුද්ධාදී අටතැන්හි සැකයයි කියන ලද) විචිකිච්ඡා ඇති, ඉවත්කළ (ධර්ම විෂයයෙහි) කෙසේද යනුවෙන් පැවති විමති ඇති, පරිපූර්ණවූ චිත්ත සංකල්පනාවෙන් හෙවත් සපිරුණු අදහස් ඇති හෙතෙම උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියේ,
|
147
‘‘අනුප්පන්නස්ස මග්ගස්ස, උප්පාදෙතා නරුත්තමො;
අනක්ඛාතඤ්ච අක්ඛාසි, අසඤ්ජාතඤ්ච සඤ්ජනී.
|
147
“නූපන් මාර්ගයන්(ගේ) උපදවන්නාවූ මිනිස්නට උතුම්වූ (ඒ බුදුරජතෙම) (පෙර) කිසිවකු විසින් නොකියන ලදද (චතුරාර්‍ය්‍ය සත්‍යය)ද කීය. නොහටගත් (ඵල සමාපත්තීන්ද) හටගැන්වීය.
|
148
‘‘මග්ගඤ්ඤූ
මග්ගස්ස කුසලො සත්ථා, සාරථීනං වරුත්තමො
(නරුත්තමො (ස්‍යා.)).
|
148
“(නිවන්) මග අවබෝධකළ (නිවන්) මග දැනගත් (සෝවාන් ආදීවූ මගෙහි) දක්ෂවූ, (දෙව් මිනිස්නට) අනුශාසනා කරන්නාවූ (පුරුෂයන් හික්මවීමෙහි ලා රථාචාර්ය්යයෙකු බඳුුවූ පුරිසධම්ම) සාරථී ගුණ ඇතියවුන් අතුරෙන් උතුම්වූ නරශ්‍රේෂ්ඨවූ,
|
149
‘‘තදා මහාකාරුණිකො, ධම්මං දෙසෙසි නායකො;
නිමුග්ගෙ කාමපඞ්කම්හි
(මොහපඞ්කම්හි (සී. ස්‍යා.), මොහමග්ගම්හි (පී.)), සමුද්ධරති පාණිනෙ.
|
149
“මහා කරුණාව ඇත්තාවූ බුදුරජුන් වනාහි එකල්හි දහම් දෙසූ සේක. මොහො-මඩෙහි ගැළුනු සත්ත්වයන් (ඉන්) ගොඩලති.
|
150
‘‘භික්ඛුනීනං ඔවදනෙ, සාවකං සෙට්ඨසම්මතං;
වණ්ණයං එතදග්ගම්හි, පඤ්ඤපෙසි මහාමුනි.
|
150
“ඒ මහා මුනිතෙම භික්ෂුණීන්හට ඔවා දීමෙහි අග්‍රයයි සම්මතවූ ශ්‍රාවකයෙකු වණමින් (පසසමින්) එතදග්‍ර ස්ථානයෙහි තැබූහ.
|
151
‘‘තං සුත්වාහං පමුදිතො, නිමන්තෙත්වා තථාගතං;
භොජයිත්වා සසඞ්ඝං තං, පත්ථයිං ඨානමුත්තමං.
|
151
“එය අසා සතුටුවූ මම බුදුරජුන් පවරා සංඝයා සහිතව වළඳවා එම උතුම් තනතුර පැතීමි.
|
152
‘‘තදා පමුදිතො නාථො, මං අවොච මහාඉසි;
‘සුඛී භවස්සු දීඝාවු
(දීඝායු (සී. ස්‍යා.)), ලච්ඡසෙ තං මනොරථං.
|
152
“එකල්හි ප්‍රමුදිතවූ, මහර්ෂීවූ සර්වඥතෙම මට මෙසේ කීහ. “සුව ඇත්තේ වේවා. දිගාසිරි ඇත්තේ වේවා. ඒ මනදොළ (සපුරා) ලැබෙන්නේය.
|
153
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
153
“මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.
|
154
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
නන්දකො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
154
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවු, ඒ ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්රවූ නම්න් “නන්දක” නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය” කියායි.
|
155
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගො අහං.
|
155
“මම මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
156
‘‘පච්ඡිමෙ
සාවත්ථියං පුරෙ වරෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
|
156
“දැන් පශ්චිම භවය පැමිණි කල්හි මම සමෘද්ධවූ (සම්පත්තීන්) පිරුණු, මහත් ධන ඇති, උතුම්වූ සැවැත්නුවරෙහි සිටු කුලයක උපන්නේ (වෙමි.)
|
157
‘‘පුරප්පවෙසෙ සුගතං, දිස්වා විම්හිතමානසො;
ජෙතාරාමපටිග්ගාහෙ, පබ්බජිං අනගාරියං.
|
157
“නගරයට පිවිසෙන කල්හි බුදුරජුන් දැක විෂ්මිතවූ සිත් ඇත්තේ, ජේතවනාරාමය පිළිගැනීමේදී අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
158
‘‘නචිරෙනෙව
තතොහං තිණ්ණසංසාරො, සාසිතො සබ්බදස්සිනා.
|
158
“නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේ වෙමි. ඉක්බිති සර්‍වදර්ශීවූ බුදුරජුන් විසින් අනුශාසනා කරන ලද මම තරණය කළ සසර සයුරු ඇත්තේ,
|
159
‘‘භික්ඛුනීනං
සාසිතා තා මයා සබ්බා, අභවිංසු අනාසවා.
|
159
“මම භික්ෂුණීන්හට ධර්මකථාවද පටිපුච්ඡාවද (විචාරීම) කෙළෙමි. මා විසින් අනුශාසනය කරන ලද ඒ සියළු භික්ෂුණීහු නොඅඩුවූ පන්සියයක් රහත් මෙහෙණියෝ වූහ. එකල්හි තුටුවූ බුදුරජතෙම භික්ෂුණීන්හට ඔවා දෙන්නවුන් අතුරෙන් මා අගතැන්හි තැබුහ.
|
160
‘‘සතානි පඤ්චනූනානි, තදා තුට්ඨො මහාහිතො;
භික්ඛුනීනං ඔවදතං, අග්ගට්ඨානෙ ඨපෙසි මං.
|
160 |
161
‘‘සතසහස්සෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං මම.
|
161
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි කරන ලද කර්මය මෙහිදී මට විපාක දැක්විය. (දුන්නෙන්) මැනවින් මුදාහළ හී සැරයක් මෙන් මාගේ කෙළෙස් දැවීය.
|
162
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
162
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
163
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
163
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
164
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
164 |
6. කාළුදායිත්ථෙරඅපදානං | 6. කාළුදායි ථේරාපදානය |
165
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා;
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
165
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇති, පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවිය.
|
166
‘‘නායකානං
කතඤ්ඤූ කතවෙදී ච, තිත්ථෙ යොජෙති පාණිනෙ
(පාණිනො (සී. ස්‍යා පී.)).
|
166
“නායකයන් අතුරෙහි උතුම්වූ ගුණ අගුණ දැය මේ මේයයි දන්නාවූ, (දෙවි මිනිසුන්හට) ශාස්තෘවූ, කෙළෙහිගුණ නැවත, නැවත සිහිකරන්නාවූ බුදුරජතෙම සත්ත්වයන් තීර්ත්ථයෙහි හෙවත් නිවන් මගෙහි යොදයි.
|
167
‘‘සබ්බඤ්ඤුතෙන ඤාණෙන, තුලයිත්වා දයාසයො;
දෙසෙති පවරං ධම්මං, අනන්තගුණසඤ්චයො.
|
167
“අනන්ත ගුණ රාශියක් බඳුවූ, දයාවට වාසස්ථානවූ (එම සර්වඥතෙම) සියල්ල දන්නා නුවණින් (තරාදියකින් කිරිමක් මෙන් සත්ත්වයන්ගේ ආසයානුසය චරිතාධිමුක්තීන්) විමසා බලා උතුම්වූ ධර්මය දෙසති.
|
168
‘‘ස
දෙසෙති මධුරං ධම්මං, චතුසච්චූපසඤ්හිතං.
|
168
“ඒ මහාවීරවූ බුදුරජතෙම කිසිකලෙක්හි අනන්ත ජනයාගෙන් යුත් සබ මැදදී සිව්සස් දහම් සහිතවූ මිහිරි ධර්මය දේශනා කරති.
|
169
‘‘සුත්වාන තං ධම්මවරං, ආදිමජ්ඣන්තසොභණං;
පාණසතසහස්සානං, ධම්මාභිසමයො අහු.
|
169
“ආදි, මධ්‍ය, පරියොසාන කල්‍යාණවූ ඒ උතුම් ධර්මය අසා සියක් දහසක් (ලක්ෂයක්) ප්‍රාණීන්හට ධර්මාවබෝධය විය.
|
170
‘‘නින්නාදිතා තදා භූමි, ගජ්ජිංසු ච පයොධරා;
සාධුකාරං පවත්තිංසු, දෙවබ්රහ්මනරාසුරා.
|
170
“එකල්හි පෘථිවි තොමෝ මහත් නාද පැවැත්වූවාය. මේඝයෝ ගර්ජනය කළාහුය. දෙව්-බඹ-මිනිස්-අසුර යන මොවුහු සාධුකාර පැවැත්වුහ.
|
171
‘‘‘අහො
අහො භවසමුද්දම්හි, නිමුග්ගෙ උද්ධරී ජිනො’.
|
171
“කාරුණීකවූ ශාස්තෘතෙමේ ආශ්ර්ච්යයකි. සදහම් දෙසුමද ආශ්චර්‍ය්‍යයකි. සර්වඥතෙම භවසයුරෙහි ගිලුනුවුන් ගොඩ නැගූහ. ආශ්චර්‍ය්‍යයකි.
|
172
‘‘එවං පවෙදජාතෙසු, සනරාමරබ්රහ්මසු;
කුලප්පසාදකානග්ගං, සාවකං වණ්ණයී ජිනො.
|
172
“මෙසේ විශ්මයෙන් ඇලලීගිය, දෙව් බඹුන් ඇති කල්හි බුදුරජතෙම කුල පහදවන්නවුන් අතුරෙන් අග්‍රයයි ශ්‍රාවකයෙකු වර්ණනා කළ සේක.
|
173
‘‘තදාහං හංසවතියං, ජාතොමච්චකුලෙ අහුං;
පාසාදිකො දස්සනියො, පහූතධනධඤ්ඤවා.
|
173
“එකල්හි මම හංසවතී නගරයෙහි ඇමති කුලයෙක උපන්නේ, දුටුවන් පහදවන්නාවූ, දැකුම්කළුවූ, සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති කෙනෙක් විමි.
|
174
‘‘හංසාරාමමුපෙච්චාහං
සුණිත්වා මධුරං ධම්මං, කාරං කත්වා ච තාදිනො.
|
174
“මම හංසාරාමයට එළඹ එම බුදුරජුන්හට වැඳ, මිහිරි දහම් අසා, තාදී ගුණ ඇති එම බුදුරජුන්හට සත්කාරකොට,
|
175
‘‘නිපච්ච පාදමූලෙහං, ඉමං වචනමබ්රවිං;
‘කුලප්පසාදකානග්ගො, යො තයා සන්ථුතො
(යො තව සාසනෙ (ස්‍යා.)) මුනෙ.
|
175
“මම (උන්වහන්සේගේ) පාමුල වැඳ (වැටී) මෙම වචනය කීමි. මුනීන්ද්රයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කුල පහදවන්නවුන් අතුරෙන් අග්‍රයයි යම් ශ්‍රාවකයෙක් තෙම පසසන ලදද, වීරයන් වහන්ස, මමද ශ්‍රේෂ්ඨවූ බුදුවරයෙකුගේ සසුනෙහි එබඳු (කුලප්පසාදක භික්ෂූන් අතුරෙන් අග්‍රවූ) ශ්‍රාවකයෙක් වෙවැ” යි කීමි. එකල්හි මහා කාරුණිකවූ බුදුරජතෙමේ මට අමා ඉසින්නාක් මෙන් “පුතණුවෙනි, නැගිටිනු මැනව, එම මනදොළ (සපුරා) ලබන්නෙහිය. බුදුවරයෙකු කෙරෙහි සත්කාරයක් කොට කෙසේ නම් නිෂ්ඵල වන්නේදැ” යි මට වදාළ සේක.
|
176
‘‘‘තාදිසො
තදා මහාකාරුණිකො, සිඤ්චන්තො වා මතෙන මං.
|
176 |
177
‘‘ආහ මං ‘පුත්ත උත්තිට්ඨ, ලච්ඡසෙ තං මනොරථං;
කථං නාම ජිනෙ කාරං, කත්වාන විඵලො සියා.
|
177 |
178
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
178
“මින් මතු තිස් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
|
179
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
උදායි නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
179
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ ඖරස (බුද්ධ) පුත්‍රවූ නම්න් උදායි නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය” යි (වදාළසේක.)
|
180
‘‘තං සුත්වා මුදිතො හුත්වා, යාවජීවං තදා ජිනං;
මෙත්තචිත්තො පරිචරිං, පච්චයෙහි විනායකං.
|
180
“එකල්හි එය අසා සතුටුවූයේව මෙත් සිත් ඇත්තේ විශිෂ්ඨ නායකවූ බුදුරජුන්හට (සිව්) පසයෙන් පරිවරණය (සේවය) කෙළෙමි.
|
181
‘‘තෙන කම්මවිපාකෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
181
“එම කර්ම විපාකය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
182
‘‘පච්ඡිමෙ
ජාතො මහාමච්චකුලෙ, සුද්ධොදනමහීපතෙ
(සුද්ධොදනො මහීපති (ස්‍යා.)).
|
182
“දැන් මේ අන්තිම භවයෙහි රම්‍යවූ කපිලවස්තු නගරයෙහි සුද්ධොදන මිහිපතිහුගේ මහ ඇමති කුලයෙහි උපන්නේ,
|
183
‘‘තදා අජායි සිද්ධත්ථො, රම්මෙ ලුම්බිනිකානනෙ;
හිතාය සබ්බලොකස්ස, සුඛාය ච නරාසභො.
|
183
“යම් කලෙක්හි නරශ්‍රේෂ්ඨවූ සිද්ධාර්ත්ථ බෝසත් තෙමේ සව්ලොවට හිත පිණිසද, සුව පිණිසද ලුම්බිණි සල් උයනෙහිදී (මව් කුසින්) බිහිවීද,
|
184
‘‘තදහෙව
පියො සහායො දයිතො, වියත්තො නීතිකොවිදො.
|
184
“එදවස්හිම මමද උපන්නේ එම බෝසත් සිදුහත් සමගම වැඩුනේ, (ඔහුට) ප්රියවූයේම දයාවත්වූ, ව්‍යක්තවූ, නිතිදක්ෂවූ සහායකයෙක් (වීමි.)
|
185
‘‘එකූනතිංසො වයසා, නික්ඛමිත්වා අගාරතො
(නික්ඛන්තො පබ්බජිත්ථසො (සී. ස්‍යා.));
ඡබ්බස්සං වීතිනාමෙත්වා, ආසි බුද්ධො විනායකො.
|
185
“වයසින් එකුන් තිස්හැවිරිදිවූ ඒ (සිදුහත්) බෝසත්තෙමේ ගිහිගෙන් නික්මුනේ, පැවිදිවිය. (දුෂ්කර ක්‍රියාවෙහි යෙදීමෙන්) සවසක් ගෙවා විශිෂ්ඨ නායකවූ බුදුවරයෙක් වූහ.
|
186
‘‘ජෙත්වා
භවණ්ණවං තරිත්වාන, බුද්ධො ආසි සදෙවකෙ.
|
186
“(එම සිදුහත්තෙම) සේනා සහිතවූ මාරයා ජයගෙන ආශ්‍රවයන් ක්ෂයකොට, භව සයුර තරණය කොට, දෙවියන් සහිත ලෝකයෙහි බුදුවරයා වූහ.
|
187
‘‘ඉසිව්හයං ගමිත්වාන
(ඉසිව්හයං පතනං ගන්ත්වා (ස්‍යා.)), විනෙත්වා පඤ්චවග්ගියෙ;
තතො විනෙසි භගවා, ගන්ත්වා ගන්ත්වා තහිං තහිං.
|
187
“ඉසිපතනයට ගොස්, පඤ්චවග්ගිය භික්ෂූන් හික්මවා, ඉක්බිති භාග්‍යවත් තෙමේ ඒ ඒ තන්හි ගොස් (විනෙය්යාජනයන්) හික්මවූහ.
|
188
‘‘වෙනෙය්යෙ විනයන්තො සො, සඞ්ගණ්හන්තො සදෙවකං;
උපෙච්ච මගධෙ ගිරිං
(මාගදගිරිං (සී.), මඞ්ගලාගිරිං (පී.)), විහරිත්ථ තදා ජිනො.
|
188
“හික්මවියයුතු ජනයන් හික්මවන්නාවූ එම බුදුරජතෙම දෙවියන් සහිත ලෝකයාට සංග්‍රහ කරමින් මගධ පර්වතයට හෙවත් රජගහනුවරට එළඹ එකල්හි එහි විසූහ.
|
189
‘‘තදා
ගන්ත්වා දිස්වා දසබලං, පබ්බජිත්වාරහා අහුං.
|
189
“එකල්හි සුදොවුන් රජතුමන් විසින් යවන ලද මම ගොස් බුදුරජුන් දැක පැවිදිව රහත්වීමි.
|
190
‘‘තදා මහෙසිං යාචිත්වා, පාපයිං කපිලව්හයං;
තතො පුරාහං ගන්ත්වාන, පසාදෙසිං මහාකුලං.
|
190
“එකල්හි බුදුරජුන් අයැද කපිලවස්තු නගරයට පැමිණවීමි. උන්වහන්සේ එහි වැඩමවීමට පෙරාතුවම මම ගොස් (සුදේධාදන) මහරජ කුලය පැහැදවීමි.
|
191
‘‘ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, මං මහාපරිසාය සො
(මමාහ පුරිසාසභො (ස්‍යා. පී.));
කුලප්පසාදකානග්ගං, පඤ්ඤාපෙසි විනායකො.
|
191
“එම ගුණයෙහි සතුටුවූ, විශිෂ්ඨ නායකවූ එකී (ගෞතම) බුදුරජතෙම මහ පිරිස් මැදදී මා කුල පහදවන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූහ.
|
192
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
192
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
193
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
193
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
194
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
194 |
7. අභයත්ථෙරඅපදානං | 7. අභය ථේරාපදානය |
195
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
|
195
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවිය.
|
196
‘‘සරණගමනෙ
කිඤ්චි සීලෙ නිවෙසෙසි, දසකම්මපථුත්තමෙ.
|
196
“(එම) තථාගතතෙම කිසිවෙකු සරණාගමනයෙහි පිහිටුවති. කිසිවෙකු ශීලයෙහිද, උතුම්වූ දශ (කුශල) කර්ම පථයෙහිද පිහිටුවති.
|
197
‘‘දෙති කස්සචි සො වීරො, සාමඤ්ඤඵලමුත්තමං;
සමාපත්තී තථා අට්ඨ, තිස්සො විජ්ජා පවච්ඡති.
|
197
“ඒ බුද්ධවීරතෙමේ කිසිවෙකුට උතුම්වූ (සෝවාන් ආදිවූ සතර) ශ්රාමාණ්යඵලය හෙවත් ශ්‍රමණ බැව්හි උසස් ප්‍රතිඵල දෙයි. එසේම ත්‍රිවිද්‍යාවන්ද, අෂ්ඨසමාපත්තීන්ද දෙයි.
|
198
‘‘ඡළභිඤ්ඤාසු යොජෙසි, කිඤ්චි සත්තං නරුත්තමො;
දෙති කස්සචි නාථො සො, චතස්සො පටිසම්භිදා.
|
198
“නරෝත්තමවූ (එම) බුදුරජතෙම කිසියම් සත්ත්ව කෙනෙක් ෂඩ් අභිඥාවන්හි යොදවයි. ඒ (පිහිටක් නොමැති) අනාථයනට (පිහිටවන බැවින්) නාථවූ තථාගතතෙම කිසිවෙකුට සිව් පිළිසිඹියාවන් දෙයි.
|
199
‘‘බොධනෙය්යං පජං දිස්වා, අසඞ්ඛෙය්යම්පි යොජනං
(අසඞ්ඛෙය්යෙපි යොජනෙ සී. ස්‍යා. පී.));
ඛණෙන උපගන්ත්වාන, විනෙති නරසාරථි.
|
199
“(දමනය කළයුතු පුරුෂයන් හික්මවන බැවින්) නරසාරථීවූ බුදුරජතෙම යොදුන් අංසඛ්යයක් දුර තන්හි සිටියාවූද, ධර්මාවබෝධයට සුදුසු සත්ත්ව සමූහයා දැක මොහොතකින් (එහි) එළඹ (ඔවුන්) හික්මවති.
|
200
‘‘තදාහං හංසවතියං, අහොසිං බ්රාහ්මණත්රජො;
පාරගූ සබ්බවෙදානං, වෙය්යාකරණසම්මතො.
|
200
“එකල්හි මම හංසවතී නගරයෙහි සියළු වේදයන්ගේ පරතෙරට ගියාවූ, ව්‍යාකරණ සංඛ්‍යාත ශබ්ද ශාස්ත්‍රයෙහි විශාරදයෙකැයි සම්මතවූ, (ශබ්දාර්ත්ථයන් නිවැරැදි ලෙස තැනුමට උගන්වන) නිරුක්ති ශාස්ත්‍රයෙහි දක්ෂවූ, (ශබ්දාභිදානයන් දැනගැනුමට උගන්වන) නිඝණ්ටු ශාස්ත්‍රයෙහි විශාරදවූ, (ව්යාකරණයෙහිම ආදීම අවස්ථාව ලෙස සැලකෙන නාවාදී) පදයන් දන්නාවූ, (කාව්‍යකරණයේදී කවීන්හට උපකාරවන අලඞ්කාරාදිය ඇතුළත් ක්‍රියා කල්ප විකල්පයැයි කියන ලද) කෙටුහ ශාස්ත්‍රයද දන්නාවූ, (අක්ෂරයන්ගේ නියමය දැක්වෙන ඡන්දස් වෙන්කොට දැනගැනීමට උගන්වන) ඡන්දො විචිති වෙදාඞ්ගයෙහිද දක්ෂවූ බ්‍රාහ්මණ පුත්‍රයෙක් වීමි.
|
201
‘‘නිරුත්තියා ච කුසලො, නිඝණ්ඩුම්හි විසාරදො;
පදකො කෙටුභවිදූ, ඡන්දොවිචිතිකොවිදො.
|
201 |
202
‘‘ජඞ්ඝාවිහාරං විචරං, හංසාරාමමුපෙච්චහං;
අද්දසං වරදං
(වදතං (සී. පී.), පවරං (ස්‍යා.)) සෙට්ඨං, මහාජනපුරක්ඛතං.
|
202
“මම ජඞ්ගාවිහාරයෙහි යෙදෙමින් හෙවත් ශරීර සනීපය උදෙසා ඇවිදිමින් හංසාරාමයට එළඹ කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, මහාජනයා විසින් පිරිවරන ලද, නිර්මලවූ ධර්මය දේශනා කරන්නාවූ බුදුරජුන් දුටිමි. (එයට) විරුද්ධ අදහස් ඇති මම (සමීපයට) එළඹ උන්වහන්සේගේ නිර්මලවූ වචනය අසා,
|
203
‘‘දෙසෙන්තං විරජං ධම්මං, පච්චනීකමතී අහං;
උපෙත්වා තස්ස කල්‍යාණං, සුත්වාන විමලං අහං
(වාක්යානි, සුත්වාන විමලානහං (සී. ස්‍යා. පී.)).
|
203 |
204
‘‘බ්යාහතං
නාද්දසං තස්ස මුනිනො, තතො පබ්බජිතො අහං.
|
204
“වැරදි ලෙස යොදන ලද්දාවූ හෝ, නැවත නැවත කියන ලද්දාවූ හෝ, විරුද්ධ අදහස් ඇත්තාවූ හෝ, නිරර්ත්ථකවූ හෝ, එම බුදුරජුන්ගේ (වචනයක්) මම නොදුටිමි. එහෙයින් මම පැවිදිවූයේ වෙමි.
|
205
‘‘නචිරෙනෙව කාලෙන, සබ්බසත්තවිසාරදො;
නිපුණො බුද්ධවචනෙ, අහොසිං ගුණිසම්මතො.
|
205
“නොබෝ කලකින්ම සියළු ශාස්ත්‍රයන්හි විශාරදවූයේ, බුද්ධ වචනයෙහි දක්ෂවූයේ, ගණයා පරිහරණයට සුදුසුයැයි සම්මතවූයේ හෙවත් ස්ථිරවූයේ වීමි.
|
206
‘‘තදා චතස්සො ගාථායො, ගන්ථයිත්වා සුබ්යඤ්ජනා;
සන්ථවිත්වා තිලොකග්ගං, දෙසයිස්සං දිනෙ දිනෙ.
|
206
“එකල්හි මම බුදුරජුන්හට පසසන්නාවූ, (අක්ෂර) ව්‍යඤ්ජන ඇති, ගාථා හතරක් ගොතා දිනපතා කියන්නෙමි. (කෙසේද යත්?)
|
207
‘‘විරත්තොසි මහාවීරො, සංසාරෙ සභයෙ වසං;
කරුණාය න නිබ්බායි, තතො කාරුණිකො මුනි.
|
207
“මහාවීරයන් වහන්ස, (ඔබ) භය සහිතවූ සසරෙහි වසමින් (ඉන්) වෙන්වූයේ වෙහිය. (සත්ත්වයා කෙරෙහි පතළාවූ) කරුණාව කරණකොටගෙන පිරිනිවන් නොපෑය. එහෙයින්ම බුදුරජතෙම කාරුණිකය.
|
208
‘‘පුථුජ්ජනො
සම්පජානො සතියුත්තො, තස්මා එසො අචින්තියො.
|
208
“යමෙක් පෘථග්ජනවූයේම ක්ලේශ වසඟ නොවූයේද, යමෙක් ප්‍රඥාවෙන් හා ස්මෘතියෙන් යුක්තවේද, එහෙයින් මෙතෙම නොසිතිය හැකි ගුණ ඇත්තේය.
|
209
‘‘දුබ්බලානි
ඤාණග්ගිපරිදඩ්ඪානි, න ඛීයිංසු තමබ්භුතං.
|
209
“යමෙකුගේ සිතෙහිවූ මෙම දුර්වල ක්ලේශයෝ ඥානාග්නියෙන් දවන ලද්දාහු ඉතිරි නොවූවාහුද, එය විෂ්මයකි.
|
210
‘‘යො සබ්බලොකස්ස ගරු, ලොකො
(ලොකෙ (ස්‍යා. ක.)) යස්ස තථා ගරු;
තථාපි ලොකාචරියො, ලොකො තස්සානුවත්තකො.
|
210
“යම් බුදුවරයෙක් තෙම සියළු ලෝකයාහට යම්සේ ගරුද, එසේම යම් ඒ බුදුරජුන්හට ලෝකයාද එසේම ගරුය. එසේම උන්වහන්සේ ලෝකාචාර්ය්යය. ලෝකයා උන්වහන්සේ අනුගමනය කරන්නේ වේ.
|
211
‘‘එවමාදීහි සම්බුද්ධං, කිත්තයං ධම්මදෙසනං;
යාවජීවං කරිත්වාන, ගතො සග්ගං තතො චුතො.
|
211
“මේ ආදීන්ගෙන් සම්බුදුරජුන්හට පසසමින් දිවි ඇතිතාක් දම් දෙසුම් කොට ඉන් චුතවූයේ ස්වර්ගයට ගියේ වෙමි.
|
212
‘‘සතසහස්සිතො කප්පෙ, යං බුද්ධමභිකිත්තයිං;
දුග්ගතිං නාභිජානාමි, කිත්තනාය ඉදං ඵලං.
|
212
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට පැසසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුදුරජුහට) පැසසීමෙහි මේ විපාකයයි.
|
213
‘‘දෙවලොකෙ මහාරජ්ජං, පාදෙසිං කඤ්චනග්ඝියං
(දිබ්බානුභොජහං තදා (ස්‍යා.), රජ්ජං පාදෙසි කංචයං (සී.));
චක්කවත්තී මහාරජ්ජං, බහුසොනුභවිං අහං.
|
213
“මම දෙව්ලොවෙහි මහාරාජ්යයද, ප්රාදේශිකවූ යම් රාජ්‍යයක් වේනම් එයද, චක්‍රවර්ති මහාරාජ්යයද බෙහෙවින් අනුභව කෙළෙමි.
|
214
‘‘දුවෙ
අඤ්ඤං ගතිං න ජානාමි, කිත්තනාය ඉදං ඵලං.
|
214
“දෙව් අත්බැව්හිද, යලි මිනිස් අත්බැව්හිද යන දෙඅත්බැව්හිම උපදීමි. (ඉන් පිටත්) අනික් ගතියක් නොදනිමි. (බුදුරජුන්ගේ) ගුණ කීර්‍තනයෙහි මේ විපාකයයි.
|
215
‘‘දුවෙ කුලෙ පජායාමි, ඛත්තියෙ අථ බ්රාහ්මණෙ;
නීචෙ කුලෙ න ජායාමි, කිත්තනාය ඉදං ඵලං.
|
215
“කැත් කුලයෙහි, යලි බමුණු කුලයෙහිද යන දෙකුලයෙහිම උපදිමි. පහත් කුලයෙහි නොඋපදිමි. (බුදුරජුන්ගේ) ගුණ කීර්‍තනයෙහි මේ විපාකයයි.
|
216
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ගිරිබ්බජපුරුත්තමෙ;
රඤ්ඤොහං බිම්බිසාරස්ස, පුත්තො නාමෙන චාභයො.
|
216
“මම දැන් (මේ) පශ්චිම භවය පැමිණි කල්හි උතුම්වූ ගිරිව්‍රජ පුරයෙහි නම්න් අභය නම්වූ බිම්සර රජුගේ පුත්‍රයෙක් වීමි.
|
217
‘‘පාපමිත්තවසං ගන්ත්වා, නිගණ්ඨෙන විමොහිතො;
පෙසිතො නාටපුත්තෙන, බුද්ධසෙට්ඨමුපෙච්චහං.
|
217
“පාපමිත්‍ර වසඟයට ගොස් නිගණ්ඨයෙකු විසින් මුලාකරණ ලද්දාවූ (නිගණ්ඨ) නාථ පුත්‍රයා විසින් මෙහෙයන ලද්දාවූ මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ,
|
218
‘‘පුච්ඡිත්වා
පබ්බජිත්වාන නචිරං, අරහත්තමපාපුණිං.
|
218
“(නිගන්ඨයන් විසින්) පුහුණු කරන ලද ප්‍රශ්නයක් විචාරා (බුදුරජුන්ගේ) උතුම්වූ (එම ප්‍රශ්න) විසඳීම අසා පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියෙමි.
|
219
‘‘කිත්තයිත්වා ජිනවරං, කිත්තිතො හොමි සබ්බදා;
සුගන්ධදෙහවදනො, ආසිං සුඛසමප්පිතො.
|
219
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පසසා හැමකල්හිම පසසන ලදුයේ වෙමි. සුවඳවත්වූ සිරුර හා මුව ඇත්තේ සැප ලබන්නෙක් වීමි.
|
220
‘‘තික්ඛහාසලහුපඤ්ඤො, මහාපඤ්ඤො තථෙවහං;
විචිත්තපටිභානො ච, තස්ස කම්මස්ස වාහසා.
|
220
“මම එම කර්මයාගේ බලයෙන් තික්ඛපඤ්ඤද, හාසුපඤ්ඤද, ලහුපඤ්ඤද, මහාපඤ්ඤද, එසේම විසිතුරු වැටහීම් ඇත්තේද වෙමි.
|
221
‘‘අභිත්ථවිත්වා පදුමුත්තරාහං, පසන්නචිත්තො අසමං සයම්භුං;
න ගච්ඡි කප්පානි අපායභූමිං, සතං සහස්සානි බලෙන තස්ස.
|
221
“පහන් සිත් ඇත්තේ, අසමවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පදුමුත්තර නම් බුදුරජුන්හට පසසා එම කුශල කර්මයාගේ විපාකයෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අපාය භූමියට නොගියෙමි.
|
222
‘‘කිලෙසා
|
222
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
223
‘‘ස්වාගතං
|
223
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
224
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
224 |
8. ලොමසකඞ්ගියත්ථෙරඅපදානං | 8. ලොමස කඞ්ගිය ථේරාපදානය |
225
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
225
“මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළ විය.
|
226
‘‘තදාහං චන්දනො චෙව, පබ්බජිත්වාන සාසනෙ;
ආපාණකොටිකං ධම්මං, පූරයිත්වාන සාසනෙ.
|
226
“එකල්හි මමද, (මාගේ සහායවූ) චන්දන තොමේද සසුනෙහි පැවිදිව ජීවිතාන්තය දක්වා ශාසනයෙහි ප්‍රතිපත්ති ධර්මය පුරා,
|
227
‘‘තතො චුතා සන්තුසිතං, උපපන්නා උභො මයං;
තත්ථ දිබ්බෙහි නච්චෙහි, ගීතෙහි වාදිතෙහි ච.
|
227
“අප දෙදෙනම ඉන් සැව සන්තුෂිතයෙහි උපන්නාහු, එහි දිව්‍යමයවූ නෘත්‍ය-ගීත-වාදිතයන් කරණකොටගෙනද,
|
228
‘‘රූපාදිදසහඞ්ගෙහි, අභිභොත්වාන සෙසකෙ;
යාවතායුං වසිත්වාන, අනුභොත්වා මහාසුඛං.
|
228
“රූපයාදී දශවිධ අංගයන් කරණකොටගෙනද, සෙස්සන් අභිභවනයකොට මහත් සම්පත් අනුභවකොට දිවි ඇතිතාක් වැස,
|
229
‘‘තතො චවිත්වා තිදසං, චන්දනො උපපජ්ජථ;
අහං කපිලවත්ථුස්මිං, අජායිං සාකියත්රජො.
|
229
“ඉන් සැව චන්දන තෙමේ දෙවියෙක්ව උපන්නේය. මම කපිලවස්තු නගරයෙහි ශාක්‍යපුත්‍රයෙක් වීමි.
|
230
‘‘යදා උදායිත්ථෙරෙන, අජ්ඣිට්ඨො ලොකනායකො;
අනුකම්පිය සක්යානං, උපෙසි කපිලව්හයං.
|
230
“යම් කලෙක්හි උදායී ස්ථවිරයන් විසින් ඇරයුම් කරන ලද බුදුරජතෙම ශාක්‍යයන්හට අනුකම්පාකොට කපිලවස්තු නගරයට වැඩි සේක්ද,
|
231
‘‘තදාතිමානිනො
පණමන්ති න සම්බුද්ධං, ජාතිථද්ධා අනාදරා.
|
231
“එකල්හි අතිශය මානවත්වූ, බුදුරජුන්ගේ ගුණ නොදන්නාවූ, ජාතිමානයෙන් තදවූ, ආදර විරහිතවූ ශාක්‍යයෝ සම්බුදුරජුන්හට නොවඳිත්.
|
232
‘‘තෙසං
පජ්ජුන්නො විය වස්සිත්ථ, පජ්ජලිත්ථ යථා සිඛී.
|
232
“ඔවුන්ගේ අදහස දත් බුදුරජතෙම අහසෙහි සක්මන් කළ සේක. වස්ස වළාහකයා මෙන් වැස්සවූ සේක. ගින්න මෙන් දිලිසුණ සේක.
|
233
‘‘දස්සෙත්වා රූපමතුලං, පුන අන්තරධායථ;
එකොපි හුත්වා බහුධා, අහොසි පුනරෙකකො.
|
233
“අසමානවූ (උන්වහන්සේගේ) රූපය දක්වා නැවත අතුරුදහන් වූ සේක. පළමුවෙන් එකෙක්ව (පෙනී) නැවත බොහෝදෙනා (ලෙස පෙනෙන්නට) විය. යලි එකෙක් ලෙස පෙනෙන්නට විය.
|
234
‘‘අන්ධකාරං
පාටිහෙරං කරිත්වාන, විනයී ඤාතකෙ මුනි.
|
234
“අඳුරද, එලියද නොයෙක් අයුරින් දක්වා ප්රාතිහාර්ය්යකොට බුදුරජතෙම ඥාතීන් හික්මවූ සේක.
|
235
‘‘චාතුද්දීපො මහාමෙඝො, තාවදෙව පවස්සථ;
තදා හි ජාතකං බුද්ධො, වෙස්සන්තරමදෙසයි.
|
235
“සිව්දිගෙහි පවත්නාවූ මහා මේඝයක් වැස්සේය. එකල්හි බුදුරජතෙම වෙස්සන්තර ජාතකය දේශනා කළ සේක.
|
236
‘‘තදා තෙ ඛත්තියා සබ්බෙ, නිහන්ත්වා ජාතිජං මදං;
උපෙසුං සරණං බුද්ධං, ආහ සුද්ධොදනො තදා.
|
236
“එකල්හි ඒ සියළු ක්ෂත්රියයෝ ජාතිමානයෙන් හටගත්තාවු මදය නැතිකොට බුදුරජුන් සරණකොට ගියාහුය. එකල්හි සුදේධාදන රජතෙම මෙසේ කීය.
|
237
‘‘‘ඉදං තතියං තව භූරිපඤ්ඤ, පාදානි වන්දාමි සමන්තචක්ඛු;
යදාභිජාතො පථවී පකම්පයී, යදා ච තං නජ්ජහි ජම්බුඡායා’.
|
237
“(මහත් ප්‍රඥා ඇති බැවින්) භූරිපඤ්ඤ නම්වූ, (සර්වඥතා ඥානයෙන් යුත් බැවින්) සමන්ත චක්ඛු නම්වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි. මේ තෙවන වැඳුමයි. යම් කලෙක්හි විශිෂ්ඨ ජන්ම ඇත්තේ, පෘථිවිය කම්පාවීද, (ඒ අසිත තවුස් හමුවෙහි මාගේ පළමු වැඳුම විය.) (එසේම) යම් කලෙක්හි වප්මඟුල්දා සමවත් සුවෙන් පළක් බැඳ හිඳ දඹරුක් සෙවන නොහැරීද, ඒ මාගේ දෙවන වැඳුමයි.”
|
238
‘‘තදා බුද්ධානුභාවං තං, දිස්වා විම්හිතමානසො;
පබ්බජිත්වාන තත්ථෙව, නිවසිං මාතුපූජකො.
|
238
“එකල්හි ඒ බුද්ධානුභාව දැක විෂ්මය පත් සිත් ඇත්තේ මවට පුදන්නාවූ මම පැවිදිව එහිම විසීමි.
|
239
‘‘චන්දනො දෙවපුත්තො මං, උපගන්ත්වානුපුච්ඡථ;
භද්දෙකරත්තස්ස තදා, සඞ්ඛෙපවිත්ථාරං නයං.
|
239
“එකල්හි චන්දන දිව්‍යපුත්‍රතෙමේ මා වෙත එළඹ භද්දෙකරත්ත (සූත්‍ර)ය පිළිබඳ සංක්ෂිප්ත ක්‍රමය හා විස්තර ක්‍රමය විචාළේය.
|
240
‘‘චොදිතොහං
භද්දෙකරත්තං සුත්වාන, සංවිග්ගො වනමාමකො.
|
240
“එකල්හි මම දිව්‍ය පුත්‍රයා විසින් මෙහෙයන ලදුයේ, බුදුරජුන් වෙත එළඹ භද්දෙකරත්ත සූත්‍රය අසා කලකිරුණේ, වනයෙහි විසීමට කැමතිවූයේ,
|
241
‘‘තදා මාතරමපුච්ඡිං, වනෙ වච්ඡාමි එකකො;
සුඛුමාලොති මෙ මාතා, වාරයී තං
(තෙ (ස්‍යා. පී. ක.)) තදා වචං.
|
241
“එකල්හි හුදකලාව වනයෙහි වසන්නෙමැයි (මවගෙන් කැමැත්ත) විචාළෙමි. මාගේ මවුතොමෝ (මා) සිව්මැලියයි එය වැළකුවාය. එකල්හි (මම මවට) මෙසේ කීමි.
|
242
‘‘කාසං
(දබ්බං (සී. ස්‍යා. පී.)) කුසං පොටකිලං, උසීරං මුඤ්ජපබ්බජං
(මුඤ්ජබබ්බජං (සී. පී.));
උරසා පනුදිස්සාමි, විවෙකමනුබ්රූහයං.
|
242
“හිඳීම්, සිටීම්, සක්මන් කිරීම් යන ත්‍රිවිධ ඉරියව්වෙන්ම යුතුව (විවේකයෙන්) භාවනා වඩමින් දබ්භ නම්වූ කුසතණද, කාශනම් තෘණද, සැවැන්නද, මුඤ්ජතෘණ හා බබ්වජ තෘණද, (සයනය) කළවිට ලයෙහි තැවරෙන බැවින් සයනය නොකරමි. ලයින් ඉවත් කරන්නෙමැයි (කියායි.)
|
243
‘‘තදා වනං පවිට්ඨොහං, සරිත්වා ජිනසාසනං;
භද්දෙකරත්තඔවාදං, අරහත්තමපාපුණිං.
|
243
“එකල්හි වනයට පිවිසි මම භද්දෙකරත්ත අවවාදය සිහිකොට රහත්බවට පැමිණියෙමි. කෙසේදයත්?
|
244
‘‘‘අතීතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං.
|
244
“අතීතවූ පස්කඳ ගැන (තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් සිතමින්) ඒ අනුව නොයන්නේය. අනාගතයවූ (පස්කඳ තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් සිතමින්) නොපතන්නේය. (කුමක් හෙයින්ද යත්?) යම් අතීතයක් වූයේ නම් එය ගෙවී ගියේය. යම් අනාගතයක් වන්නේ නම් එය නොපැමිණියේය. (එහෙයිනි.)
|
245
‘‘‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රූහයෙ.
|
245
“යමෙක්තෙම වර්තමානවූ (පඤ්චස්කන්ධ) ධර්මයන් (පිළිබඳව සිතට ඇතිවන අදහස්) ඒ ඒ තන්හිදීම (අනිත්‍යාදී වශයෙන්) විදසුන් නුවණින් දකීද, එබඳු නුවණැත්තේ රාගාදියෙන් නොසෙල්විය හැකි (එසේම රාගාදියෙන්) නොසෙල්විය හැකි, (එසේම රාගාදියෙන් වෙනස්කළ නොහැකි, (ඒ විදර්ශනාව) භාවනා වශයෙන් වඩන්නේය.
|
246
‘‘‘අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං
(සඞ්කරං (ක.)) තෙන, මහාසෙනෙන මච්චුනා.
|
246
“අද අදම වීර්‍ය්‍ය කළයුතුය. මරණය හෙටදැයි කවරෙක් දන්නේද? (ගිනි-විස- අවි ආදී මරණයට කරුණු වන නොයෙක් හේතු නමැති) මහ සෙනග ඇති, මරණය හෙවත් මාරයා සමග අපගේ (මිත්‍ර සන්ථව වශයෙන් හෝ, අල්ලස් දීම් වශයෙන් හෝ, බලයෙන් මැඩලීම් වශයෙන් හෝ ඇතිකරගන්නා) පොරොන්දුවක් නැත.
|
247
‘‘‘එවංවිහාරිං
තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනි’.
|
247
“මෙසේ වසන්නාවූ, වීර්ය්යවත්වූ, දිවා රෑ දෙක්හි අනලස්වූයේ, එකාන්තයෙන් “භද්දෙකරත්ත” යයි ශාන්තවූ බුදුරජතෙම වදාරණ සේක.
|
248
‘‘කිලෙසා
|
248
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
249
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
249
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
250
‘‘පටිසම්භිදා
|
250 |
9. වනවච්ඡත්ථෙරඅපදානං | 9. වන වච්ඡ ථේරාපදානය |
251
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
251
“මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
|
252
‘‘තදාහං පබ්බජිත්වාන, තස්ස බුද්ධස්ස සාසනෙ;
යාවජීවං චරිත්වාන, බ්රහ්මචාරං තතො චුතො.
|
252
“එකල්හි මම එම බුදුරජුන්ගේ සසුනෙහි පැවිදිව, දිවි ඇතිතාක් බඹසර වැස ඉන් සැව,
|
253
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
253
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
254
‘‘තතො චුතො අරඤ්ඤම්හි, කපොතො ආසහං තහිං;
වසතෙ ගුණසම්පන්නො, භික්ඛු ඣානරතො සදා.
|
254
“ඉන් ච්‍යුතවූයේ, මම අරණෙහි පරවියෙක් වීමි. හැමකල්හි ධ්‍යානයෙහි ඇළුනාවූ (අභිඥා) ගුණයන්ගෙන් යුක්තවූ, මෙත් සිත් ඇති, කාරුණිකවූ, නිතරම පුබුදුවූ මුහුණු ඇති, උපෙක්ෂාවෙන් යුක්තවූ, මහත් වීර්‍ය්‍ය ඇති, (මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ෂා නම්වූ) අප්රමාණ්යාලම්බනයන්හි දක්ෂවූ භික්ෂුවක් එම වනයෙහි වසයි.
|
255
‘‘මෙත්තචිත්තො කාරුණිකො, සදා පමුදිතානනො;
උපෙක්ඛකො මහාවීරො, අප්පමඤ්ඤාසු කොවිදො.
|
255 |
256
‘‘විනීවරණසඞ්කප්පෙ, සබ්බසත්තහිතාසයෙ;
විසට්ඨො නචිරෙනාසිං, තස්මිං සුගතසාවකෙ.
|
256
“කෙළෙසුන්ගෙන් නොඇවිරුණු සිත් ඇති, සව් සත්නට හිතවූ අදහස් ඇති, එම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි නොබෝ කලකින්ම විශ්වාසවූයේ වෙමි.
|
257
‘‘උපෙච්ච
කදාචි සාමිසං දෙති, ධම්මං දෙසෙසි චෙකදා.
|
257
“එකල්හි ඒ තවුස්තෙම එළඹ පාමුල හුන් මට කිසිදිනක (ආහාරයවූ) ආමිසයෙක් දෙයි. කිසියම් දිනක දහම් දෙසයි.
|
258
‘‘තදා
තතො චුතො ගතො සග්ගං, පවාසො සඝරං යථා.
|
258
“එකල්හි මහත්වූ ප්‍රේමයෙන් (එම) බුද්ධ ශ්‍රාවකයන් ඇසුරුකොට ඉන් ච්‍යුතවූයේ, දුරු රටක ගොස් සිට ගෙදරට එන්නාක් මෙන් ස්වර්ගයට ගියේය.
|
259
‘‘සග්ගා
අගාරං ඡඩ්ඩයිත්වාන, පබ්බජිං බහුසො අහං.
|
259
“පුණ්යකර්ම බලයෙන් ස්වර්ගයෙන් ච්‍යුතව මිනිසත්බැව්හි උපන්නාවූ මම ගිහිගෙය (ලුහුඬු වශයෙන් සළකා) අතහැර දමා පැවිදිවීමි.
|
260
‘‘සමණො
හුත්වා වසිං අරඤ්ඤම්හි, අනෙකසතසො අහං.
|
260
“එසේම මම නේ සියක්වර ශ්‍රමණයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, පරිව්රාජකයෙක්ද වී, අරණෙහි විසීමි.
|
261
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, රම්මෙ කපිලවත්ථවෙ;
වච්ඡගොත්තො දිජො තස්ස, ජායාය අහමොක්කමිං.
|
261
“දැන් මේ අන්තිම ජාතියෙහි රම්‍යවූ කපිලවස්තු නගරයෙහි මච්ඡගොත්ත නම් පරිව්‍රාජකයෙක් වීමි. මා ඔහුගේ භාර්‍ය්‍යාවගේ කුසෙහි පිළිසිඳ ගතිමි.
|
262
‘‘මාතු මෙ දොහළො ආසි, තිරොකුච්ඡිගතස්ස මෙ;
ජායමානසමීපම්හි, වනවාසාය නිච්ඡයො.
|
262
“මව්කුසෙහි පිළිසිඳගත් මාගේ මවට ප්‍රසූතිය ලංවු කල්හි වනයෙහි විසීමේ තීරණය (දොළදුක) විය.
|
263
‘‘තතො මෙ අජනී මාතා, රමණීයෙ වනන්තරෙ;
ගබ්භතො නික්ඛමන්තං මං, කාසායෙන පටිග්ගහුං.
|
263
“ඉක්බිති මාගේ මව්තොමෝ සිත්කළු වනයෙහිදී (මා) ප්‍රසූතකළාය. මව්කුසින් නික්මෙන්නාවූ මා කසාවතකින් පිළිගත්තාය.
|
264
‘‘තතො කුමාරො සිද්ධත්ථො, ජාතො සක්යකුලද්ධජො;
තස්ස මිත්තො පියො ආසිං, සංවිසට්ඨො සුමානියො.
|
264
“ඉක්බිති ශාක්‍ය වංශයට ධජයක් වැනිවූ සිදුහත් කුමර තෙමේ උපන්නේය. (මම) ඔහුගේ ඉතා විශ්වාසවූ, අතිශයින් බුහුමන් කටයුතුවූ ප්‍රිය මිත්‍රයා වීමි.
|
265
‘‘සත්තසාරෙභිනික්ඛන්තෙ, ඔහාය විපුලං යසං;
අහම්පි පබ්බජිත්වාන, හිමවන්තමුපාගමිං.
|
265
“මහත්වූ සම්පත් හැරදමා බෝසතුන් ගිහිගෙන් නික්මුණු කල්හි මමද පැවිදිව හිමවතට එළඹියෙමි.
|
266
‘‘වනාලයං භාවනීයං, කස්සපං ධුතවාදිකං;
දිස්වා සුත්වා ජිනුප්පාදං, උපෙසිං නරසාරථිං.
|
266
“වනවාසීවු, ගරුකටයුතුවූ, ධුතවාදීවු, (මහ) කසුප් තෙරුන් දැක බුද්ධෝත්පාදය ගැන අසා තථාගතයන් වහන්සේ වෙත එළඹියෙමි.
|
267
‘‘සො මෙ ධම්මමදෙසෙසි, සබ්බත්ථං සම්පකාසයං;
තතොහං පබ්බජිත්වාන, වනමෙව පුනාගමං
(පුනාගමිං (සී. පී.), පුනොක්කමං (ස්‍යා.)).
|
267
“ඒ සර්වඥතෙම සියළු අර්ත්ථයන් ප්‍රකට කරමින් මට දහම් දෙසූහ. ඉක්බිති මම පැවිදිව යලි වනයට ආමි.
|
268
‘‘තත්ථාප්පමත්තො
අහො සුලද්ධලාභොම්හි, සුමිත්තෙනානුකම්පිතො.
|
268
“එහි නොපමාවූයේ වෙසෙමින් ෂඩභිඥාවන් ලැබීමි. කලණ මිතුරු (මහකසුප්) තෙරුන් විසින් අනුකම්පා කරන ලදුයේ, උතුම් ලාභයක් ලබන ලදුයේ වෙමි. ආශ්චර්‍ය්‍යයකි.
|
269
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
269
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
270
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
270
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
271
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
271 |
10. චූළසුගන්ධත්ථෙරඅපදානං | 10. චූලසුගන්ධ ථේරාපදානය |
272
‘‘ඉමම්හි
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
272
“මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ, දෙතිස් මහ පුරිස් ලකුණු ඇති, අසූවක් අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, (බඹයක් ඈතට විහිදෙන) බ්යාමප්රභාවෙන් වටවූ, රැස් සමූහයෙන් ගැවසීගත්තාවූ, සඳු මෙන් ලෝ වැස්සන් ඉවසන්නාවු, හිරු මෙන් පැහැ විහිදෙන්නාවු, වැහි වළාවක් මෙන් (සත්ත්වයින්ගේ ගිමන්) නිවන්නාවූ, සයුර මෙන් ගුණයට ආකරයක්වු, ශීලයෙන් මහ පොළොව වැනිවු, සමාධියෙන් හිමව් පව්ව වැනිවු, ප්‍රඥාවෙන් අහස මෙන්වූ, සුළඟ මෙන් නම්න් නොඇලෙන, කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
|
273
‘‘අනුබ්යඤ්ජනසම්පන්නො, බාත්තිංසවරලක්ඛණො;
බ්යාමප්පභාපරිවුතො, රංසිජාලසමොත්ථටො.
|
273 |
274
‘‘අස්සාසෙතා යථා චන්දො, සූරියොව පභඞ්කරො;
නිබ්බාපෙතා යථා මෙඝො, සාගරොව ගුණාකරො.
|
274 |
275
‘‘ධරණීරිව සීලෙන, හිමවාව සමාධිනා;
ආකාසො විය පඤ්ඤාය, අසඞ්ගො අනිලො යථා.
|
275 |
276
‘‘තදාහං
පහූතධනධඤ්ඤස්මිං, නානාරතනසඤ්චයෙ.
|
276
“එකල්හි මම බරණැස් නුවර සමෘද්ධවූ, ධන-ධාන්‍ය ඇති, විවිධ රත්න සමූහ ඇති, මහා කුලයක උපන්නේ,
|
277
‘‘මහතා පරිවාරෙන, නිසින්නං ලොකනායකං;
උපෙච්ච ධම්මමස්සොසිං, අමතංව මනොහරං.
|
277
“මහත්වූ පිරිවර සහිතව වැඩ හුන්නාවූ බුදුරජුන් වෙත එළඹ අමෘතය මෙන් මනොඥවූ ධර්මය ඇසීමි.
|
278
‘‘ද්වත්තිංසලක්ඛණධරො, සනක්ඛත්තොව චන්දිමා;
අනුබ්යඤ්ජනසම්පන්නො, සාලරාජාව ඵුල්ලිතො.
|
278
“තාරකා සහිතවූ සඳු මෙන් දෙතිස් මහ පුරිස් ලකුණු දරන්නාවූ, (අසූ) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, පිපුනු සල් රුකක් වැනිවූ,
|
279
‘‘රංසිජාලපරික්ඛිත්තො, දිත්තොව කනකාචලො;
බ්යාමප්පභාපරිවුතො, සතරංසී දිවාකරො.
|
279
“රැස් සමූහයෙන් වට කරන ලද දීප්තිමත් ස්වර්ණ පර්වතයක් වැනිවූ, බඹයක් දුරට පැතිරෙන රශ්මියෙන් වට කරන ලද රැස් සහිත හිරු වැනිවූ,
|
280
‘‘සොණ්ණානනො ජිනවරො, සමණීව
(රම්මණීව (ස්‍යා.)) සිලුච්චයො;
කරුණාපුණ්ණහදයො, ගුණෙන විය සාගරො.
|
280
“ස්වර්ණවර්ණ මුහුණක් ඇති, මැණික් සහිතවූ පර්වතයක් වැනි, (පස්මරුන් ජයගත් බැවින්) ජිනවරයෙකුවූ, කරුණාවෙන් පිරුණු හදවතක් ඇත්තාවූ, ගුණයෙන් සයුර වැනිවූ,
|
281
‘‘ලොකවිස්සුතකිත්ති ච, සිනෙරූව නගුත්තමො;
යසසා විත්ථතො වීරො, ආකාසසදිසො මුනි.
|
281
“ලෝකයෙහි ප්‍රකට කීර්ති ඇත්තාවූ, සිනෙරු පර්වත රාජයා වැනිවූ, යසසින් පතළාවූ, ආකාශය සදෘශවූ, (මෙනෙය්ය ගුණ යුක්ත බැවින්) මුනිවූ,
|
282
‘‘අසඞ්ගචිත්තො සබ්බත්ථ, අනිලො විය නායකො;
පතිට්ඨා සබ්බභූතානං, මහීව මුනිසත්තමො.
|
282
“වාතය මෙන් සියළු තන්හි නොඇලෙන සිත් ඇති, (නිවන් මගට පමුණුවන බැවින්) නායකවූ, මහ පොළොව මෙන් සව් සත්නට පිහිටවූ, පෙර බුදුවරයන් සයදෙනෙකුගෙන් පසු ලොව පහළවූ බැවින් මුනි සත්තමවූ,
|
283
‘‘අනුපලිත්තො ලොකෙන, තොයෙන පදුමං යථා;
කුවාදගච්ඡදහනො, අග්ගිඛන්ධොව සොභසි
(සොභති (සී.), සො වසි (ස්‍යා. ක.)).
|
283
“ජලයෙන් නොතැවරුන පියුම මෙන් ලෝකය හා නොතැවරුනාවූ, මිත්‍යාවාද නමැති පැලෑටි දවන ගිනි කඳක් මෙන් (එම කසුප් බුදුරජතෙම) බබලයි.
|
284
‘‘අගධො විය සබ්බත්ථ, කිලෙසවිසනාසකො;
ගන්ධමාදනසෙලොව, ගුණගන්ධවිභූසිතො.
|
284
“(එසේම එම බුදුරජතෙම) සියළු තන්හි කෙලෙස් විස නසන්නාවූ බෙහෙතක් මෙනි. ගුණ සුවඳින් සරසන ලද්දාවූ ගන්ධමාදන පර්වතය මෙනි.
|
285
‘‘ගුණානං
සින්ධූව වනරාජීනං, කිලෙසමලහාරකො.
|
285
“(එම) වීරවූ බුදුරජතෙම රත්නයනට සයුර මෙන් ගුණයට ආකරයකි. ධනරාජීන්ගේ (කසල යොදා හරන්නාවූ) සින්ධු නදිය මෙන් කෙළෙස්මල දුරු කෙළෙමි.
|
286
‘‘විජයීව
චක්කවත්තීව සො රාජා, බොජ්ඣඞ්ගරතනිස්සරො.
|
286
“(සතුරන්) දිනනසුළු මහා යෝධයෙකු මෙන් මරසෙනඟ මඩින්නෙකි. (එසේම) ඒ බුදුරජතෙම (සත්රුවනට ඉසුරුවූ) සක්විති රජකුමෙන් බොධ්‍යඞ්ග නමැති රත්නයනට අධිපතියෙකි.
|
287
‘‘මහාභිසක්කසඞ්කාසො, දොසබ්යාධිතිකිච්ඡකො;
සල්ලකත්තො යථා වෙජ්ජො, දිට්ඨිගණ්ඩවිඵාලකො.
|
287
“(ක්ලේශ) දෝෂ නමැති ව්‍යාධියට පිළියම් කරන්නාවූ මහා වෛද්‍යවරයෙකු මෙනි. (මිථ්‍යා) දෘෂ්ඨි නමැති ගෙඩිය පලන්නාවූ ශල්‍ය වෛද්‍යවරයෙකුද වැනිය.
|
288
‘‘සො තදා ලොකපජ්ජොතො, සනරාමරසක්කතො;
පරිසාසු නරාදිච්චො, ධම්මං දෙසයතෙ ජිනො.
|
288
“එකල්හි දෙව් මිනිසුන් විසින් ගරුකරනලද ලොව බබුළුවන්නාවූ, මිනිස්නට හිරුවූ බුදුරජතෙම පිරිස මැද දහම් දෙසති.
|
289
‘‘දානං දත්වා මහාභොගො, සීලෙන සුගතූපගො;
භාවනාය ච නිබ්බාති, ඉච්චෙවමනුසාසථ.
|
289
“දන්දී මහත් භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. සීලය කරණකොටගෙන සුගතියට යන්නෙක් වන්නේය. භාවනාවෙන් (කෙළෙස් පිරිනිවනින්) පිරිනිවන්පාය” යි මෙසේ අනුශාසනා කළ සේක.
|
290
‘‘දෙසනං තං මහස්සාදං, ආදිමජ්ඣන්තසොභණං;
සුණන්ති පරිසා සබ්බා, අමතංව මහාරසං.
|
290
“මහත් ආශ්වාද ජනකවූ හෙවත් රසවත් බවක් ඇති කරන්නාවූ, ආදි-මධ්‍ය-පරියොසන කල්‍යාණවූ එම දහම් දෙසුම සියළු පිරිස මහත් රසවත් අමෘතයක්මෙන් අසත්.
|
291
‘‘සුත්වා සුමධුරං ධම්මං, පසන්නො ජිනසාසනෙ;
සුගතං සරණං ගන්ත්වා, යාවජීවං නමස්සහං.
|
291
“ඉමිහිරි දහම් දෙසා බුදුසසුන්හි පැහැදුනේ එම බුදුරජුන් සරණකොට ගොස් දිවි ඇතිතෙක් සරණගතයෙක්ව නමස්කාර කෙළෙමි.
|
292
‘‘මුනිනො ගන්ධකුටියා, ඔපුඤ්ජෙසිං
(උබ්බට්ටෙසිං (ස්‍යා.)) තදා මහිං;
චතුජ්ජාතෙන ගන්ධෙන, මාසෙ අට්ඨ දිනෙස්වහං.
|
292
“එකල්හි මම බුදුරජුන්ගේ ගඳකිලියෙහි පොළොව මසකට අට දිනක් සිව්දෑ ගඳින් පිසදැමීමි.
|
293
‘‘පණිධාය සුගන්ධත්තං, සරීරවිස්සගන්ධිනො
(සරීරස්ස විගන්ධිනො (සී. ස්‍යා. පී.));
තදා ජිනො වියාකාසි, සුගන්ධතනුලාභිතං.
|
293
“එකල්හි (ගඳකිලිය) සුවඳ බැව්හි තබා (ඒ හේතුවෙන්) ශරීර සුගන්ධය නැති මට සුවඳවත් සිරුරක් ලැබෙන බව බුදුරජතෙම වදාළහ.
|
294
‘‘‘යො යං ගන්ධකුටිභූමිං, ගන්ධෙනොපුඤ්ජතෙ සකිං;
තෙන කම්මවිපාකෙන, උපපන්නො තහිං තහිං.
|
294
“යමෙක් මේ ගඳකිළි බිම නිතර සුවඳින් පිසදමාද, එම කර්ම විපාකය කරණකොටගෙන ඒ ඒ තන්හි උපන්නේ,
|
295
‘‘‘සුගන්ධදෙහො සබ්බත්ථ, භවිස්සති අයං නරො;
ගුණගන්ධයුත්තො හුත්වා, නිබ්බායිස්සතිනාසවො’.
|
295
“ඒ සියළු තන්හිදී මේ මිනිස් තෙම ගුණ සුවඳින් යුතුවූයේව, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය” (කියායි.)
|
296
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
296
“මැනවින් කරනලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
297
‘‘පච්ඡිමෙ ච භවෙ දානි, ජාතො විප්පකුලෙ අහං;
ගබ්භං මෙ වසතො මාතා, දෙහෙනාසි සුගන්ධිතා.
|
297
“දැන් (මේ) අන්තිම ජාතියෙහි මම බමුණු කුලයෙහි උපන්නේ, (මව්) කුසෙහි වසන්නාවූ මාගේ මවුතොමෝ සිරුරින් සුවඳවත් වූවාය.
|
298
‘‘යදා
සාවත්ථිසබ්බගන්ධෙහි, වාසිතා විය වායථ.
|
298
“යම් කලෙක්හි මවුකුසින් නික්මෙත්ද, එකල්හි සැවැත්නුවර සියළු සුවඳින් කවන ලද්දක් මෙන් (සුවඳ) හැමීය.
|
299
‘‘පුප්ඵවස්සඤ්ච
ධූපානි ච මහග්ඝානි, උපවායිංසු තාවදෙ.
|
299
“මනරම්වූ සුමිහිරි දිව්‍යමය සුවඳ ඇති මල් වැසිද, මාහැඟි සුගන්ධ ධූමයෝද එකෙණෙහි හමා ගියාහුය.
|
300
‘‘දෙවා
වාසයිංසු සුගන්ධෙන, යස්මිං ජාතො අහං ඝරෙ.
|
300
“යම් ගෘහයෙක මම උපන්නෙම්ද, දෙවියෝ එම ගෘහය සියළු සුගන්ධයන්ගෙන් යුත් දුම් හා මල් කරණකොටගෙන ඇතිවූ සුවඳින් සුවඳවත් කළහ.
|
301
‘‘යදා ච තරුණො භද්දො, පඨමෙ යොබ්බනෙ ඨිතො;
තදා සෙලං
(සෙසං (ස්‍යා.)) සපරිසං, විනෙත්වා නරසාරථි.
|
301
“යම් කලෙක්හි (මම) තරුණවූයේද, භද්‍රවූ ප්‍රථම යෞවනයෙහි සිටියේද, එකල්හි බුදුරජතෙම පිරිස් සහිතව සෙල බ්‍රාහ්මණයා හික්මවා,
|
302
‘‘තෙහි සබ්බෙහි පරිවුතො
(සහිතො (සී. ස්‍යා. පී.)), සාවත්ථිපුරමාගතො;
තදා බුද්ධානුභාවං තං, දිස්වා පබ්බජිතො අහං.
|
302
“ඒ සියල්ලන් සමග සැවැත්පුරයට පැමිණියේ එකල්හි මම ඒ බුද්ධානුභාවය දැක පැවිදිවූයේ,
|
303
‘‘සීලං සමාධිපඤ්ඤඤ්ච, විමුත්තිඤ්ච අනුත්තරං;
භාවෙත්වා චතුරො ධම්මෙ, පාපුණිං ආසවක්ඛයං.
|
303
“අනුත්තරවූ සීලයද, සමාධියද, ප්‍රඥාවද, විමුක්තියද, (යන) සතර ධර්මයන් වඩා, ආශ්රවක්ෂය නම්වූ නිවනට පැමිණියෙමි.
|
304
‘‘යදා පබ්බජිතො චාහං, යදා ච අරහා අහුං;
නිබ්බායිස්සං යදා චාහං, ගන්ධවස්සො තදා අහු.
|
304
“මම යම් කලෙක්හි පැවිදිවූයේ වෙම්ද, යම් කලෙක්හි රහත්වූයේ වෙම්ද, (එසේම) යම් කලෙක්හි පිරිනිවන් පාන්නෙම්ද, ඒ (සියළු) කල්හි සුගන්ධ (වර්ෂා පැවැත්තේ) විය.
|
305
‘‘සරීරගන්ධො ච සදාතිසෙති
(සදා වාසෙති (ක.)) මෙ, මහාරහං චන්දනචම්පකුප්පලං;
තථෙව
|
305
“මාහැඟිවූ සඳුන්, සපු, උපුල් මල් සුවඳ මිශ්‍රව මාගේ ශරීර ගන්ධය හැම කල්හි හමයි. එසේම සෙසු සුගන්ධයන්ද, ඒ ඒ තන්හි ගියේ, වේගවත්ව විහිදුවයි.
|
306
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
306
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
307
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
307
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
308
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා චූළසුගන්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති;
|
308 |