54. කච්චායනවග්ගො | 54. කච්චාන වග්ග |
1. මහාකච්චායනත්ථෙරඅපදානං | 1. මහා කච්චාන ථේරාපදානය |
1
‘‘පදුමුත්තරො
සතසහස්සෙ කප්පානං, ඉතො උප්පජ්ජි නායකො.
|
1
“මින් කල්ප ලක්ෂයකින් මතුයෙහි නොපැරදවිය හැකි, මර රුපුනුදු ජය ගත්තාවූ, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළවූහ.
|
2
‘‘වීරො කමලපත්තක්ඛො, සසඞ්කවිමලානනො;
කනකාචලසඞ්කාසො
(කඤ්චනතචසඞ්කාසො (ස්‍යා.)), රවිදිත්තිසමප්පභො.
|
2
“වීරවූ, පියුම් පතක් බඳු ඇස් ඇති, සඳු මෙන් පිරිසිදු මුහුණක් ඇති, කතක පර්වතයක් (රත්රන් කන්දක්) මෙන් බබලන්නාවූ, හිරුරැසට බඳු පැහැ ඇති,
|
3
‘‘සත්තනෙත්තමනොහාරී, වරලක්ඛණභූසිතො;
සබ්බවාක්යපථාතීතො, මනුජාමරසක්කතො.
|
3
“සත්ත්වයන්ගේ නෙත් සිත් පැහැරගන්නාවූ, උතුම් (දෙතිස් මහා පුරිස්) ලකුණින් සරසන ලද්දාවූ, සියළු (වර්ණනාත්මක) කථා මාර්ගය ඉක්මවන ලද්දාවූ, දෙවි මිනිසුන් විසින් සත්කාර කරන ලද්දාවූ,
|
4
‘‘සම්බුද්ධො බොධයං සත්තෙ, වාගීසො මධුරස්සරො;
කරුණානිබන්ධසන්තානො, පරිසාසු විසාරදො.
|
4
“(මාර්ග) ස්වරවූ, මධුර ස්වර ඇත්තාවූ, (සිව්) පිරිස්හි විශාරද, (නිර්භය)වූ, සම්‍යක් සම්බුදුරජ තෙමේ සත්ත්වයනට (දහම්) අවබෝධ කරවමින්,
|
5
‘‘දෙසෙති
නිමුග්ගෙ මොහපඞ්කම්හි, සමුද්ධරති පාණිනෙ.
|
5
“සිව් සස් සහිතවූ මිහිර දහම් දෙසති. මෝහය (මුලාව) නමැති මඩෙහි ගැලුන සත්ත්වයන් (ඉන්) ගොඩලති.
|
6
‘‘තදා එකචරො හුත්වා, තාපසො හිමවාලයො;
නභසා මානුසං ලොකං, ගච්ඡන්තො ජිනමද්දසං.
|
6
“හිමව් (පව්ව) වාසස්ථානකොට ඇති තව්සෙකුවූ (මම) එකල්හි එකලාව හැසිරෙන්නේව අහසින් මිනිස් ලොවට යන්නේ බුදුරජුන් දුටිමි.
|
7
‘‘උපෙච්ච සන්තිකං තස්ස, අස්සොසිං ධම්මදෙසනං;
වණ්ණයන්තස්ස වීරස්ස, සාවකස්ස මහාගුණං.
|
7
“(මම) වීරවූ ශ්රවකයෙකු පිළිබඳ මහත්වූ ගුණය වර්ණනය කරන්නාවූ ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපයට එළඹ (එම) දහම් දෙසුම් ඇසීමි.
|
8
‘‘සඞ්ඛිත්තෙන මයා වුත්තං, විත්ථාරෙන පකාසයං;
පරිසං මඤ්ච තොසෙති, යථා කච්චායනො අයං.
|
8
“යම්සේ මා විසින් සංක්ෂිප්ත වශයෙන් (ලුහුඬින් යමක්) කියන ලද නම් (එය) මේ කෘත්‍යායන තෙමේ විස්තර වශයෙන් පවසමින් පිරිසිඳ මාද තුටු කෙරෙයි.
|
9
‘‘‘නාහං
තස්මාතදග්ගෙ
(තස්මෙතදග්ගෙ (සී.)) එසග්ගො, එවං ධාරෙථ භික්ඛවො’.
|
9
“මහණෙනි, මම මෙබඳුවූ අන්කිසි ශ්‍රාවකයෙකු නොදනිමි. එහෙයින් මෙතෙම අග්‍රය. එතදග්‍රස්ථානයෙහි ලා දරව්.”
|
10
‘‘තදාහං විම්හිතො හුත්වා, සුත්වා වාක්යං මනොරමං;
හිමවන්තං ගමිත්වාන, ආහිත්වා
(ආහත්වා (සී. පී.)) පුප්ඵසඤ්චයං.
|
10
“එකල්හි මම ඒ මනොඥ වචනය අසා හිමවතට ගොස් මල් රැසක් ගෙනවුත්,
|
11
‘‘පූජෙත්වා ලොකසරණං, තං ඨානමභිපත්ථයිං;
තදා මමාසයං ඤත්වා, බ්යාකාසි ස රණඤ්ජහො.
|
11
“ලෝකයට පිහිටවූ බුදුරජුන්හට පුදා එම තනතුර පැතීමි. ඒ බුදුරජතෙම එකල්හි මාගේ අදහස දැන (මෙසේ) පැවසූහ.
|
12
‘‘‘පස්සථෙතං
උද්ධග්ගලොමං පීණංසං, අචලං පඤ්ජලිං ඨිතං.
|
12
“රත්කොට පිරිසිදු කළ ස්වර්ණයක (පැහැයට) බඳු සිවිය ඇති, උඩට නැමීගිය අග් සහිත ලොම් ඇති, සම්පූර්ණව (මසින් වැසුනාවූ) උරහිස් ඇති, නිශ්චලවූ, බඳැදිලිව සිටියාවූ, සතුටු කඳුලින් පිරීගිය ඇස් ඇති, බුදුරජුන්ගේ ගුණ වැනීමෙහි මෙහෙයන සිත් ඇති, අමා වගුරන ලද්දාක් මෙන්වූ (මූර්තිමත්වූ) ධර්මය වැනි උතුම් සිරුරක් ඇති මෙම ඎෂිවරයා (දෙස) බලව්.”
|
13
‘‘‘හාසං
ධම්මජං උග්ගහදයං
(ධම්මංව විග්ගහවරං (සී.), ධම්මපටිග්ගහවරං (පී.)), අමතාසිත්තසන්නිභං’.
|
13 |
14
‘‘කච්චානස්ස ගුණං සුත්වා, තං ඨානං පත්ථයං ඨිතො;
අනාගතම්හි අද්ධානෙ, ගොතමස්ස මහාමුනෙ.
|
14
“(මෙතෙම) කච්චායනයන්ගේ ගුණ අසා, එම තනතුර පතමින් සිටියේය. (ගෞතම) මහා මුනීන්ද්රයන් වහන්සේගේ (සසුන පවත්නා) අනාගත කාලයෙහි,
|
15
‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
කච්චානො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
|
15
“එම බුදුරජුන්ගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන්ම නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්රවූ, නම්න් “කච්චාන” නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
|
16
‘‘බහුස්සුතො මහාඤාණී, අධිප්පායවිදූ මුනෙ;
පාපුණිස්සති තං ඨානං, යථායං බ්යාකතො මයා.
|
16
“යම්සේ මා විසින් මෙය පවසන ලද නම්, එසේම අනාගතයෙහි බහුශ්රුතයෙක්ව, මහ නුවණැතියෙක්ව, අදහස් දන්නා කෙනෙක්ව, එම තනතුරට පැමිණෙන්නේය” (කියායි.)
|
17
‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
17
“මින් සියක් දහස්වනකපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) මම දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
18
‘‘දුවෙ භවෙ සංසරාමි, දෙවත්තෙ අථ මානුසෙ;
අඤ්ඤං ගතිං න ගච්ඡාමි, බුද්ධපූජායිදං ඵලං.
|
18
“වේ ආත්ම බවෙහිද, මිනිස් ආත්ම බවෙහිද යන දෙආත්ම බවෙහි සැරිසරමි. (ඉන් පිටත්) අනික් ගතියකට නොයමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
19
‘‘දුවෙ
නීචෙ කුලෙ න ජායාමි, බුද්ධපූජායිදං ඵලං.
|
19
“කැත් කුලයෙහිද, යලි, බමුණු කුලයෙහිද යන දෙකුලයෙහිම උපදිමි. නීච කුලයෙහි නොඋපදිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
20
‘‘පච්ඡිමෙ
පජ්ජොතස්ස ච චණ්ඩස්ස, පුරොහිතදිජාධිනො
(පුරොහිතදිජාතිනො (සී. පී.)).
|
20
“දැන් මේ පශ්චිම භවයෙහි උදේනි නගරයෙහි උපන්නේ වෙමි. චණ්ඩ ප්‍රද්‍යොත රජුගේ තිරීටවච්ඡ (නම්) පුරෝහිත බමුණාගේ පුත්‍රවූයේ, සියුම් නුවණැත්තේ, (සිව්) වේදයෙහි පරතෙරට ගියේ වීමි. මව්තොමෝ “චන්දිමා” නම් වූවාය. උතුම් සිවියක් (සමක්) ඇති මම කච්චාන නම් වෙමි.
|
21
‘‘පුත්තො තිරිටිවච්ඡස්ස
(තිරිටවච්ඡස්ස (සී.), තිපිතිවච්ඡස්ස (ස්‍යා.)), නිපුණො වෙදපාරගූ;
මාතා ච චන්දිමා නාම, කච්චානොහං වරත්තචො.
|
21 |
22
‘‘වීමංසනත්ථං බුද්ධස්ස, භූමිපාලෙන පෙසිතො;
දිස්වා මොක්ඛපුරද්වාරං, නායකං ගුණසඤ්චයං.
|
22
“බුදුරජුන් විමසන පිණිස රජු විසින් එවන ලද යම් ගුණ සමූහය ඇති, ලෝකනායකවූ බුදුරජුන්ද, මොක්පුර දොරටුව (නිර්වාණ වාරය) ද දැක,
|
23
‘‘සුත්වා ච විමලං වාක්යං, ගතිපඞ්කවිසොසනං;
පාපුණිං අමතං සන්තං, සෙසෙහි සහ සත්තහි.
|
23
“(සසර) ගමන නමැති මඩ වියලන්නාවූ නිර්මල බුද්ධ වචනයද අසා පන්සියයක් දෙනා සමග ශාන්තවූ අමෘතයට (නිවනට) පැමිණියෙමි.
|
24
‘‘අධිප්පායවිදූ ජාතො, සුගතස්ස මහාමතෙ;
ඨපිතො එතදග්ගෙ ච, සුසමිද්ධමනොරථො.
|
24
“මහාමුනිවූ බුදුරජුන්ගේ අදහස් දන්නෙක් විය. මැනවින් සමෘද්ධවූ මනෝරථ (අදහස්) ඇත්තේ එතදග්‍රස්ථානයෙහි තබන ලද්දේ (වීමි.)
|
25
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
25
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
26
‘‘ස්වාගතං
‘‘ස්වාගතං වත මෙ ආසි, මම බුද්ධස්ස සන්තිකෙ; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
26
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
27
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
27 |
2. වක්කලිත්ථෙරඅපදානං | 2. වක්කලි ථේරාපදානය |
28
‘‘ඉතො
අනොමනාමො අමිතො, නාමෙන පදුමුත්තරො.
|
28
“මින් සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, අලාමකවූ නම් ඇති, අපමණ ගුණ ඇති, නම්න් පදුමුත්තර නම්වූ බුදුරජතෙම ලොව පහළ විය.
|
29
‘‘පදුමාකාරවදනො, පදුමාමලසුච්ඡවී;
ලොකෙනානුපලිත්තොව තොයෙන පදුමං යථා.
|
29
“(එම) බුදුරජතෙම) පියුමකට බඳු මුහුණු ඇත්තේය. ජලය හා (නොගැටෙන) පියුම මෙන් ලෝකය හා නොගැටෙන්නේය.
|
30
‘‘වීරො පදුමපත්තක්ඛො, කන්තො ච පදුමං යථා;
පදුමුත්තරගන්ධොව, තස්මා සො පදුමුත්තරො.
|
30
“(එසේම) වීරයෙක. සුදු පියුම් පතට බඳු ඇස් ඇත්තෙක. පියුමක් මෙන් සිත්කළුය. උතුම් පියුමක සුවඳට බඳු සුවඳ (මුව) ඇත්තෙක. එබැවින් හෙතෙම පදුමුත්තර නමුදු වේ.
|
31
‘‘ලොකජෙට්ඨො ච නිම්මානො, අන්ධානං නයනූපමො;
සන්තවෙසො ගුණනිධි, කරුණාමතිසාගරො.
|
31
“එසේම එම (බුදුරජතෙම) ලෝක ජ්යෙෂ්ඨයෙක. (ගුණ) නිපදවන්නෙක. (දෑස් නැති අන්ධයනට) ඇසක් වැනියෙක. ශාන්තවූ වෙශ ඇතියෙක. ගුණ නිධානයක. කුළුණු නැණ සයුරෙක.
|
32
‘‘ස කදාචි මහාවීරො, බ්රහ්මාසුරසුරච්චිතො;
සදෙවමනුජාකිණ්ණෙ, ජනමජ්ඣෙ ජිනුත්තමො
(ජනුත්තමො (ස්‍යා. පී.), අනුත්තමො (ක.) වඞ්ගීසත්ථෙරාපදානෙපි).
|
32
“බඹ, අසුර, සුරයන් විසින් පුදන ලද, දෙවියන් සහිතවූ මිනිසුන් විසින් ගැවසීගත් (පිරිවරන ලද), අති උත්තමවූ, ඒ මහාවීරවූ බුදුරජතෙම කිසියම් දිනෙක්හි,
|
33
‘‘වදනෙන සුගන්ධෙන, මධුරෙන රුතෙන ච;
රඤ්ජයං පරිසං සබ්බං, සන්ථවී සාවකං සකං.
|
33
“සුවඳවත් මුවින්ද, මියුරුවූ හඬින්ද සියළු පිරිස (එහි) රඳවමින් සිය සව්වෙකුට ස්තූති කළ සේක.
|
34
‘‘සද්ධාධිමුත්තො
නත්ථි එතාදිසො අඤ්ඤො, යථායං භික්ඛු වක්කලි.
|
34
“බැසගත් සැදැහැ ඇති, මනා නුවණැති, මාගේ දැකුමෙහි ලොල්වූ මේ වක්කලී භික්ෂුව වැනි මෙබඳුවූ අනික් භික්ෂුවක් නැත” (කියායි.)
|
35
‘‘තදාහං හංසවතියං, නගරෙ බ්රාහ්මණත්රජො;
හුත්වා සුත්වා ච තං වාක්යං, තං ඨානමභිරොචයිං.
|
35
“එකල්හි මම හංසවතී නගරයෙහි බ්‍රාහ්මණ පුත්රයෙක්ව (බුදුරජුන්ගේ) ඒ වචනය අසා, එම තනතුර රුචි කෙළෙමි.
|
36
‘‘සසාවකං
සත්තාහං භොජයිත්වාන, දුස්සෙහච්ඡාදයිං තදා.
|
36
“එකල්හි ශ්‍රාවක සංඝයා සහිත ඒ නිර්මල බුදුරදුන් පවරා සතියක් (දන්) වළඳවා (චීවර) වස්ත්‍රවලින්ද හැඳවීමි.
|
37
‘‘නිපච්ච
නිමුග්ගො පීතිසම්පුණ්ණො, ඉදං වචනමබ්රවිං.
|
37
“උන්වහන්සේගේ අනන්තවූ ගුණ සයුරෙහි සිරසින් (හිස නමා) වැටී (එහි) ගිළුනේ, ප්‍රීතියෙන් සම්පූර්ණවූයේ මෙම වචනය කීමි.
|
38
‘‘‘යො සො තයා සන්ථවිතො, ඉතො සත්තමකෙ මුනි
(ඉධ සද්ධාධිමුත්තො ඉසි (ස්‍යා.), ඉතො සත්තමකෙහනි (සී. පී.));
භික්ඛු සද්ධාවතං අග්ගො, තාදිසො හොමහං මුනෙ’.
|
38
“මුනීන් වහන්ස, මින් සත්වැනි දිනයෙහි (සතියකට පෙර) යම් ඒ භික්ෂුවක් තෙම සැදැහැතියනට අග්‍රයයි ඔබ වහන්සේ විසින් පසසන ලදද, මමද එබන්දෙක් වෙමියි (කියායි.)
|
39
‘‘එවං වුත්තෙ මහාවීරො, අනාවරණදස්සනො;
ඉමං වාක්යං උදීරෙසි, පරිසාය මහාමුනි.
|
39
“මෙසේ කීකල්හි මහාවීරවූ, නොඇවිරුණු දැකුම් (අනාවරණ ඥාන) ඇති බුදුරජතෙම පිරිස්හිදී මෙම වචනය වදාළ සේක.
|
40
‘‘‘පස්සථෙතං මාණවකං, පීතමට්ඨනිවාසනං;
හෙමයඤ්ඤොපචිතඞ්ගං
(හෙමයඤ්ඤොපවීතඞ්ගං (සී.)), ජනනෙත්තමනොහරං.
|
40
“යාගකොට රන්හුයින් දැමූ පූනනූල් සහිත සිරුර ඇති හේ නෙත් සිත් ඇදගන්නාවූ කසාවත් හඳින්නාවූ මේ මානවකයා දෙස බලව්.
|
41
‘‘‘එසො අනාගතද්ධානෙ, ගොතමස්ස මහෙසිනො;
අග්ගො සද්ධාධිමුත්තානං, සාවකොයං භවිස්සති.
|
41
“මෙතෙම මතු කාලයෙහි ගෞතම බුදුරජුන් කල බැසගත් සැදැහැ ඇති (සද්ධාධිමුක්තික)යනට අග්‍රවූ ශ්රාවකයා වන්නේය.
|
42
‘‘‘දෙවභූතො මනුස්සො වා, සබ්බසන්තාපවජ්ජිතො;
සබ්බභොගපරිබ්යූළ්හො, සුඛිතො සංසරිස්සති.
|
42
“දෙවිවූයේ හෝ, මිනිස්වූයේ හෝ, සියළු තැවුල්වලින් බැහැරවූයේ, හැම භෝග සම්පත්තීන්ගෙන් පිරිවරන ලදුයේ, සුව ඇත්තෙක් වන්නේය.
|
43
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
43
“මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
|
44
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
වක්කලි නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
44
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ පුත්‍ර)වූ, නම්න් “වක්කලී” නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
|
45
‘‘තෙන කම්මවිසෙසෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
45
“මම එම කර්ම විශේෂය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
46
‘‘සබ්බත්ථ සුඛිතො හුත්වා, සංසරන්තො භවාභවෙ;
සාවත්ථියං පුරෙ ජාතො, කුලෙ අඤ්ඤතරෙ අහං.
|
46
“මම සියළු කල්හි සුව ඇත්තේව, කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, සැවැත්නුවර එක්තරා කුලයක උපන්නේ වෙමි.
|
47
‘‘නොනීතසුඛුමාලං
මන්දං උත්තානසයනං, පිසාචභයතජ්ජිතා.
|
47
“පිසාචියගේ බියෙන් තැතිගත්තාවූ, බැගෑපත් සිත් ඇති (දෙමාපියෝ) වෙඬරුමෙන් සිවුමැලිවූ, අසෝක දළු මෙන් මොලොක්වූ, උඩුකුරුව හෝනාවූද, හොඳ නොහොඳ නොදන්නාවූ, ළදරුවූ, මා මහර්ෂීවූ බුදුරජුන්ගේ පා මුල සයනස කරවූහ. “නාථයන් වහන්ස, පිහිටවනු මැනවැයිද (කීහ.)
|
48
‘‘පාදමූලෙ මහෙසිස්ස, සායෙසුං දීනමානසා;
ඉමං දදාම තෙ නාථ, සරණං හොහි නායක.
|
48 |
49
‘‘තදා
ජාලිනා චක්කඞ්කිතෙන
(සඞ්කලඞ්කෙන (සී.)), මුදුකොමලපාණිනා.
|
49
“එකල්හි බිසවුනට පිහිටවූ ඒ බුදුරජතෙම සක් ලකුණු ඇති මුදු කොමල හස්තයෙන් (දැල්හුයින් පිළි)ගත්සේක.
|
50
‘‘තදා පභුති තෙනාහං, අරක්ඛෙය්යෙන රක්ඛිතො;
සබ්බවෙරවිනිමුත්තො
(සබ්බබ්යාධිවිනිමුත්තො (ස්‍යා.), සබ්බූපධිවිනිමුත්තො (පී.)), සුඛෙන පරිවුද්ධිතො.
|
50
“මම එතැන් පටන් එම ආරක්ෂාව කරණකොටගෙන රක්නා ලදුයේ, සියලු පසමිතුරන්ගෙන් මිදුනේ, සුවයෙන් වැඩුනේ,
|
51
‘‘සුගතෙන
ජාතියා සත්තවස්සොහං, පබ්බජිං අනගාරියං.
|
51
“මොහොතකුදු බුදුරජුන්ගෙන් වෙන්වූයේ උකටලීවෙමි. උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
52
‘‘සබ්බපාරමිසම්භූතං, නීලක්ඛිනයනං
(ලඞ්කිනීලයනං (සී.)) වරං;
රූපං සබ්බසුභාකිණ්ණං, අතිත්තො විහරාමහං
(විහයාමහං (සී. පී.)).
|
52
“සියළු පාරමිතාවන්ගේ බලයෙන් හටගත්තාවූ, උතුම්වූ ලක්ෂ්මියට (සම්පත්ති වාසස්ථානවූ සියළුම ශුභ වර්ණ සණ්ඨාන)යන්ගෙන් ගැවසීගත් (බුදුරජුන්ගේ) රූපය මම සෑහිමකට පත් නොවූයේ කැමති වෙමි.
|
53
‘‘බුද්ධරූපරතිං
(බුද්ධො රූපරතිං (සී.)) ඤත්වා, තදා ඔවදි මං ජිනො;
‘අලං වක්කලි කිං රූපෙ, රමසෙ බාලනන්දිතෙ.
|
53
“එකල්හි පස්මරුන් දිනූ බුදුරජතෙම (මා) රූපයෙහි ඇළුනු බව දැක “වක්කලිය, කම් නැත. බාලයන් තුටු කරන්නාවූ රූපයෙහි කිම ඇලෙහිද?”
|
54
‘‘‘යො හි පස්සති සද්ධම්මං, සො මං පස්සති පණ්ඩිතො;
අපස්සමානො සද්ධම්මං, මං පස්සම්පි න පස්සති.
|
54
“යමෙක් සදහම් දක්නේ වේද, ඒ පණ්ඩිතතෙම මා දකී. සදහම් නොදක්නේ මා දක්නේ නමුදු නොදක්නේමය.
|
55
‘‘‘අනන්තාදීනවො කායො, විසරුක්ඛසමූපමො;
ආවාසො සබ්බරොගානං, පුඤ්ජො දුක්ඛස්ස කෙවලො.
|
55
“කය අපමණවූ දොස් ඇත්තකි. විෂ වෘක්ෂයකට බඳු උපමා ඇත්තකි. සියළු රෝගයනට නිවාස ස්ථානයකි. හුදු දුඃඛ පිණ්ඩයකි.
|
56
‘‘‘නිබ්බින්දිය තතො රූපෙ, ඛන්ධානං උදයබ්බයං;
පස්ස උපක්කිලෙසානං, සුඛෙනන්තං ගමිස්සති’.
|
56
“එබැවින් රූපයෙහි කලකිරී, ස්කන්ධයන්ගේ උදය-ව්‍යය (ඇතිවීම, නැතිවීම) බලව. (ඉන්) සියළු කෙළෙසුන්ගේ කෙළවරට සුවසේ පැමිණෙන්නෙහිය.
|
57
‘‘එවං
ගිජ්ඣකූටං සමාරුය්හ, ඣායාමි ගිරිකන්දරෙ.
|
57
“හිතෛෂිවූ එම (ලෝක) නායකයන් වහන්සේ විසින් මෙසේ අනුශාසනා කරන ලද එම ගිජුකුළු පව්වට නැගී ගිරිකඳුරෙක්හිදී මැරෙන්නට සිතීමි.
|
58
‘‘ඨිතො පබ්බතපාදම්හි, අස්සාසයි
(මමාහසො (සී.)) මහාමුනි;
වක්කලීති ජිනො වාචං, තං සුත්වා මුදිතො අහං.
|
58
“ඒ පස්මරුන් දිනූ බුදුරජතෙම (එවිට) කඳු බෑවුමේ සිටියේ, “වක්කලී” යයි මට ඇමතූ සේක. මම එම වචනය අසා සතුටුවූයේ බොහෝ සිය ගණන් පුරිස් පමණවූ (ශතපුරුෂ ප්‍රමාණවූ) පර්වත පබ්භාරය (කන්ද යටින් හෑරී සෑදුනු ප්රපාතය)ට පැන්නෙමි. එකල්හි (මම) සුවසේම භූමි ගතවූයේ (පොළොවෙහි පිහිටියේ වෙමි.)
|
59
‘‘පක්ඛන්දිං සෙලපබ්භාරෙ, අනෙකසතපොරිසෙ;
තදා බුද්ධානුභාවෙන, සුඛෙනෙව මහිං ගතො.
|
59 |
60
‘‘පුනොපි
(පුනාපි (ස්‍යා.), මුනි මං (ක.)) ධම්මං දෙසෙති, ඛන්ධානං උදයබ්බයං;
තමහං ධම්මමඤ්ඤාය, අරහත්තමපාපුණිං.
|
60
“(බුදුරජතෙම) නැවතද ස්කන්ධයන්ගේ උදය-ව්‍යය පිළිබඳව දහමක් දෙසූහ. මම එම ධර්මය දැක රහත් බවට පැමිණියෙමි.
|
61
‘‘සුමහාපරිසමජ්ඣෙ
අග්ගං සද්ධාධිමුත්තානං, පඤ්ඤපෙසි මහාමති.
|
61
“එකල්හි මහ නුවණැති, මරණයෙහි කෙළවරට ගිය, නිවන් ලැබීමෙන් මරණ දුක නැතිකළ (බුදුරජතෙම) අති මහත් පිරිස් මැද (හිඳ) මා බැසගත් සැදැහැ ඇති (ශ්‍රද්ධා විමුක්තික)යනට අග්‍රයයි (අගතන්හි) තැබූහ.
|
62
‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
62
“මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
63
‘‘කිලෙසා
|
63
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
64
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
64
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
65
‘‘පටිසම්භිදා
|
65 |
3. මහාකප්පිනත්ථෙරඅපදානං | 3. මහා කප්පින ථේරාපදානය |
66
‘‘පදුමුත්තරො
උදිතො අජටාකාසෙ
(ජගදාකාසෙ (සී.), ජලදාකාසෙ (පී.)), රවීව සරදම්බරෙ.
|
66
“සියළු දහම්හි තෙරපත් පදුමුත්තර නම් බුදුරජතෙමේ ලෝකය නමැති අහසෙහි උදාවූ ශරදාකාශයෙහි සූර්‍ය්‍යයා මෙන්,
|
67
‘‘වචනාභාය බොධෙති, වෙනෙය්යපදුමානි සො;
කිලෙසපඞ්කං සොසෙති, මතිරංසීහි නායකො.
|
67
“වචන නමැති රශ්මියෙන් විනෙය ජන නමැති පියුම් පුබුදුවති. (එම) ලෝක නායක තෙමේ නුවණ නමැති රැසින් කෙළෙස් නමැති මඩ වියලති.
|
68
‘‘තිත්ථියානං යසෙ
(යසො (සී. පී.)) හන්ති, ඛජ්ජොතාභා යථා රවි;
සච්චත්ථාභං පකාසෙති, රතනංව දිවාකරො.
|
68
“කණමැදිරි එලිය (නොබබුළුවන) හිරු මෙන් තීර්ත්ථකයින්ගේ යශස නසයි. සත්‍යාර්‍ත්‍ථ ප්‍රභාව ප්‍රකට කෙරෙයි. සූර්‍ය්‍යතෙමේ රත්නයන් ප්‍රකටකොට දක්වන්නාක් මෙනි.
|
69
‘‘ගුණානං ආයතිභූතො, රතනානංව සාගරො;
පජ්ජුන්නොරිව භූතානි, ධම්මමෙඝෙන වස්සති.
|
69
“රත්නයනට සයුර මෙන් ගුණයට රැස්වන තැනක් (ආකාරයක්) වේ. භූත වස්තූන් (තෙමා සමාධියට පත් කරන) වැහි වළාවක් මෙන් ලෝකයා දහම් වැස්සෙන් තෙමයි.
|
70
‘‘අක්ඛදස්සො තදා ආසිං, නගරෙ හංසසව්හයෙ;
උපෙච්ච ධම්මමස්සොසිං, ජලජුත්තමනාමිනො.
|
70
“මම එකල්හි හංසවතී නගරයෙහි සාරදර්ශීවූ ආචාර්ය්යවරයෙක් වීමි. (බුදුරදුන් වෙත) එළඹ භික්ෂු නට අවවාද කරන්නවුන් අතුරෙන් (අගතැන්පත්) කටයුතු දෑ කොට නිමවූ ශ්රාවකයෙකුගේ ගුණ පවසන්නාවූ මාගේ සිත සතුටු කරන්නාවූ (එම) පදුමුත්තර බුදුරදුන්ගේ ධර්මය ඇසීමි.
|
71
‘‘ඔවාදකස්ස භික්ඛූනං, සාවකස්ස කතාවිනො;
ගුණං පකාසයන්තස්ස, තප්පයන්තස්ස
(තොසයන්තස්ස (සී.), හාසයන්තස්ස (ස්‍යා.), වාසයන්තස්ස (පී.)) මෙ මනං.
|
71 |
72
‘‘සුත්වා පතීතො සුමනො, නිමන්තෙත්වා තථාගතං;
සසිස්සං භොජයිත්වාන, තං ඨානමභිපත්ථයිං.
|
72
“(එම ධර්මය) අසා සතුටුවූයේ, සොම්නස්වූයේ, ශිෂ්‍යන් සහිතවූ තථාගතයන් පවරා (දන්) වළඳවා එම තනතුර මමද පැතීමි.
|
73
‘‘තදා
පස්සථෙතං මහාමත්තං, විනිච්ඡයවිසාරදං.
|
73
“එකල්හි හංසහඬ ඇති, බෙර හඬකට බඳු මහා ස්වර ඇති, මහත් භාග්‍ය ඇති බුදුරජතෙමේ මෙසේ පැවසූහ. “මැනවින් උඩට නැගුනාවූ ඌර්ධවාග්රරෝම ඇති, මාගේ පාමුල වැටුනාවූ, මේඝවර්ණවූ, පිරිපුන් උරහිස් ඇති, පැහැදි ඇස් හා මුහුණ ඇති මේ මහාමාත්‍යයා දෙස බලච්.
|
74
‘‘පතිතං පාදමූලෙ මෙ, සමුග්ගතතනූරුහං;
ජීමූතවණ්ණං පීණංසං, පසන්නනයනානනං.
|
74 |
75
‘‘පරිවාරෙන
එසො කතාවිනො ඨානං, පත්ථෙති මුදිතාසයො.
|
75
“මහත්වූ පිරිවර සහිතව, මහා යශස් රඤජනය කරන්නාවූ ප්‍රමුදිත සිත් ඇති මෙතෙම, කටයුතු දෑ කොට නිමවූ භික්ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අගතැන් (පත් එම ශ්‍රාවකයාගේ) තනතුර පතයි.
|
76
‘‘‘ඉමිනා
කප්පසතසහස්සානි, නුපපජ්ජති දුග්ගතිං.
|
76
“මෙම පිණ්ඩපාත දානය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදියි.
|
77
‘‘‘දෙවෙසු දෙවසොභග්ගං, මනුස්සෙසු මහන්තතං;
අනුභොත්වාන සෙසෙන
(අභුත්වාව සෙසෙන (සී.), අනුභොත්වාව සෙසෙන (ස්‍යා.)), නිබ්බානං පාපුණිස්සති.
|
77
“දෙවියන් අතුරෙහි දිව්‍යමය සෞභාග්‍යයද, මිනිසුන් අතුරෙහි මහන්තත්වයද අනුභවකොට (එම) කර්මාවශේෂයෙන් නිවණටද පැමිණෙන්නේය.
|
78
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
78
“මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
|
79
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
කප්පිනො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
79
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් බඳුවූ ඖරස (බුද්ධපුත්‍ර)වූ නම්න් කප්පින නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය” (කියායි.)
|
80
‘‘තතොහං සුකතං කාරං, කත්වාන ජිනසාසනෙ;
ජහිත්වා මානුසං දෙහං, තුසිතං අගමාසහං.
|
80
“ඉක්බිති මම සර්වඥ ශාසනයෙහි (මෙම) මහා පින්කම කොට, මිනිස් සිරුර හැර, තුෂිත දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
81
‘‘දෙවමානුසරජ්ජානි, සතසො අනුසාසිය;
බාරාණසියමාසන්නෙ, ජාතො කෙනියජාතියං.
|
81
“දැහැමින් සෙමින් සියක් වරක් මනුෂ්‍ය රාජ්‍යයන් (අනුශාසනය) කොට, බරණැස සමීපයෙහි පෙශකාර කුලයෙහි උපන්නේ වෙමි.
|
82
‘‘සහස්සපරිවාරෙන
(සතසහස්සපරිවාරො (ස්‍යා.)), සපජාපතිකො අහං;
පඤ්ච පච්චෙකබුද්ධානං, සතානි සමුපට්ඨහිං.
|
82
“භාර්‍ය්‍යාව සහිතවූ මම දහසක් පිරිවරද සමග පන්සියයක් පසේබුදුවරුනට උවටැන් කෙළෙමි.
|
83
‘‘තෙමාසං භොජයිත්වාන, පච්ඡාදම්හ තිචීවරං;
තතො චුතා මයං සබ්බෙ, අහුම්හ තිදසූපගා.
|
83
“තෙමසක් (මුළුල්ලෙහි දන්) වළඳවා තුන් සිවුරු දුනිමු. අපි සියල්ලෝ ඉන් චුතව තව්තිසා දෙව්ලොවට ගියෙමු.
|
84
‘‘පුනො සබ්බෙ මනුස්සත්තං, අගමිම්හ තතො චුතා;
කුක්කුටම්හි පුරෙ ජාතා, හිමවන්තස්ස පස්සතො.
|
84
“යලි අපි සියල්ලෝ ඉන් චුතවූවාහු මිනිසත්බවට පැමිණියෙමු. හිමවත් පව් පසෙකින් (පැත්තකින්) වූ කුක්කුට පුරයෙහි උපන්නෝ වෙමු.
|
85
‘‘කප්පිනො
සෙසාමච්චකුලෙ ජාතා, මමෙව පරිවාරයුං.
|
85
“මම මහත් යසස් ඇති, කප්පින නම් රාජ පුත්‍රයෙක් වීමි. සෙස්සෝ ඇමති කුලයෙහි උපන්නාහු මාව පිරිවැරූහ.
|
86
‘‘මහාරජ්ජසුඛං පත්තො, සබ්බකාමසමිද්ධිමා;
වාණිජෙහි සමක්ඛාතං, බුද්ධුප්පාදමහං සුණිං.
|
86
“සියළු කාම සුඛයන්ගෙන් සමෘධවූ මම මහරජ සුවයට පැමිණයේ වෙළඳුන් විසින් කියන ලද බුදු උපත (ගැන) ඇසීමි.
|
87
‘‘‘බුද්ධො ලොකෙ සමුප්පන්නො, අසමො එකපුග්ගලො;
සො පකාසෙති සද්ධම්මං, අමතං සුඛමුත්තමං.
|
87
“අසමවූ, අසහාය පුද්ගලවූ බුදුරජතෙම ලොව පහළවිය. හෙතෙම උතුම්වූ අමාසුවය (දෙන) සදහම් දෙසති.
|
88
‘‘‘සුයුත්තා තස්ස සිස්සා ච, සුමුත්තා ච අනාසවා’;
‘‘සුත්වා නෙසං සුවචනං, සක්කරිත්වාන වාණිජෙ.
|
88
“උන්වහන්සේගේ ශිෂ්යයෝදමැනවින් (එම ධර්මයෙහි) යෙදුනෝය. ආශ්‍රවයන් කෙරෙන් මැනවින් මිදුනෝය” (කියායි.) ඔවුන්ගේ මේ මනා වචනය අසා (එම) වෙළඳුන්හට සත්කාරකොට,
|
89
‘‘පහාය රජ්ජං සාමච්චො, නික්ඛමිං බුද්ධමාමකො;
නදිං දිස්වා මහාචන්දං, පූරිතං සමතිත්තිකං.
|
89
“රාජ්‍යය හැර දමා, ඇමතියන් සහිතව (තථාගතයන් දක්නට) නික්මුණේය. මුවවිට දක්වා (සමව) පිරුණාවූ චන්ද්රභාග මහා නදිය දැක,
|
90
‘‘අප්පතිට්ඨං
ගුණං සරිත්වා බුද්ධස්ස, සොත්ථිනා සමතික්කමිං.
|
90
“එහි වැටුනු අයට කිසිදු පිහිටක් නොමැති බැවින් ප්‍රතිෂ්ඨා විරහිතවූ, එල්බ ගැනීමට කිසිවක් නැති බැවින් නිරාලම්බවූ, තරණය කිරීමට දුෂ්කරවූ, ශීඝ්‍රව (වේගයෙන්) ගලා බස්නාවූ (චන්ද්රභාග නදිය) බුදුරජුන්ගේ ගුණ සිහිකොට සුවසේ ඉක්මවීමි. (කේසේදයත්?)
|
91
‘‘‘භවසොතං සචෙ බුද්ධො, තිණ්ණො ලොකන්තගූ විදූ
(විභූ (ක.));
එතෙන සච්චවජ්ජෙන, ගමනං මෙ සමිජ්ඣතු.
|
91
“ලෝකයෙහි කෙළවරට ගියාවූ, (දතයුතුතාක් සියල්ල) දන්නා සර්වඥතෙමේ ඉදින් භවය නමැති සැඩපහර තරණය කළේ නම් එම සත්‍ය වචනය කරණකොටගෙන මාගේ ගමන සමෘද්ධි වේවා.
|
92
‘‘‘යදි
එතෙන සච්චවජ්ජෙන, ගමනං මෙ සමිජ්ඣතු.
|
92
“ඉදින් ශාන්ති ගමන මාර්ගයද, මොක්ෂයද අත්‍යන්ත සුඛ වේ නම්, එම සත්‍ය වචනය කරණකොටගෙන මාගේ ගමන සමෘද්ධ වේවා.
|
93
‘‘‘සඞ්ඝො චෙ තිණ්ණකන්තාරො, පුඤ්ඤක්ඛෙත්තො අනුත්තරො;
එතෙන සච්චවජ්ජෙන, ගමනං මෙ සමිජ්ඣතු’.
|
93
“ඉදින් (ආර්‍ය්‍ය) සංඝ තෙමේ තරණය කරණ ලද (භව) කාන්තාරය ඇත්තේ වේද, නිරුත්තරවූ පුණ්‍ය ක්ෂෙත්රය වේද, එම සත්‍ය වචනය කරණකොටගෙන මාගේ ගමන සමෘද්ධවේවා” යි (සත්‍ය ක්‍රියා කෙළෙමි.)
|
94
‘‘සහ කතෙ සච්චවරෙ, මග්ගා අපගතං ජලං;
තතො සුඛෙන උත්තිණ්ණො, නදීතීරෙ මනොරමෙ.
|
94
“(මෙම) උතුම්වූ සත්‍යක්‍රියාව කළ කෙණෙහි මාර්ගයෙන් ජලය ඉවත්විය. ඉක්බිති සුවසේ ගඟින් එතෙරවූයේ, මනරම්වූ ගඞ්ගා තීරයෙහි,
|
95
‘‘නිසින්නං
ජලන්තං හෙමසෙලංව, දීපරුක්ඛංව ජොතිතං.
|
95
“උදාවන හිරු මෙන්ද, දිලිසෙන හිමාලය පර්වතය මෙන්වූද, බබලන ප්‍රදීප වෘක්ෂයක් වැනිවූද, තාරකා සමූහය සහිතවූ සඳු මෙන්, ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද්දාවූද, වර්ෂණය කරන්නාවූ මේඝයක් මෙන් (දහම්) දෙසුම් නමැති දිය දෙන්නාවූද වැඩහුන්නාවූ බුදුරජුන් දුටිමි.
|
96
‘‘සසිංව තාරාසහිතං, සාවකෙහි පුරක්ඛතං;
වාසවං විය වස්සන්තං, දෙසනාජලදන්තරං
(දෙවෙන ජලනන්දනං (ස්‍යා. පී.)).
|
96 |
97
‘‘වන්දිත්වාන සහාමච්චො, එකමන්තමුපාවිසිං;
තතො නො ආසයං
(තතො අජ්ඣාසයං (ස්‍යා.)) ඤත්වා, බුද්ධො ධම්මමදෙසයි.
|
97
“(මම) ඇමතියන් සහිතව (බුදුරජුන්) වැඳ, එකත්පසෙක හුනිමි. ඉක්බිති බුදුරජතෙමේ අපගේ අදහස් දැන දහම් දෙසූහ.
|
98
‘‘සුත්වාන
‘පබ්බාජෙහි මහාවීර, නිබ්බින්දාම්හ
(නිබ්බින්නාම්හ (සී. පී.), ඔතිණ්ණම්හ (ස්‍යා.)) මයං භවෙ’.
|
98
“අපි නිර්මලවූ ධර්මය අසා බුදුරජුන්හට (මෙසේ) කීමු. “මහා වීරයන් වහන්ස, අපි භවයෙහි කළකිරුණෝ වෙමු. පැවිදි කරණු මැනව” (කියායි.)
|
99
‘‘‘ස්වක්ඛාතො භික්ඛවෙ ධම්මො, දුක්ඛන්තකරණාය වො;
චරථ බ්රහ්මචරියං’, ඉච්චාහ මුනිසත්තමො.
|
99
“මහණෙනි, ධර්මය (මැනවින් දෙසන ලද බැවින්) ස්වාක්ඛාතය. තොපගේ දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව්” යයි විපස්සී බුදුරජුන් පටන් මෙම බුදුරජුන් දක්වා සත්වැනිවූ (ගෞතම) මුනිතෙම වදාළ සේක.
|
100
‘‘සහ වාචාය සබ්බෙපි, භික්ඛුවෙසධරා මයං;
අහුම්හ උපසම්පන්නා, සොතාපන්නා ච සාසනෙ.
|
100
“එම වචනය අසා අපි සියල්ලෝ භික්ෂු වේශ දරන්නාහු, සසුනෙහි උපසපන්වූ, සෝවාන්වූ පැවිද්දෝ වීමු.
|
101
‘‘තතො ජෙතවනං ගන්ත්වා, අනුසාසි විනායකො;
අනුසිට්ඨො ජිනෙනාහං, අරහත්තමපාපුණිං.
|
101
“ඉක්බිති බුදුරජතෙම දෙව්රම් වෙහෙරට ගොස් අනුශාසනා කළ සේක. බුදුරජුන් විසින් අනුශාසනා කරන ලද මම රහත් බවට පැමිණියෙමි.
|
102
‘‘තතො භික්ඛුසහස්සානි
(භික්ඛුසහස්සං තං (සී. පී.)), අනුසාසිමහං තදා;
මමානුසාසනකරා, තෙපි ආසුං අනාසවා.
|
102
“ඉක්බිති (මාගේ පිරිවරවූ) ඒ භික්ෂූන් දහසකටද මම අනුශාසනා කෙළෙමි. එකල්හි මාගේ අනුශාසනය කරන්නාවූ ඔවුහුදු ආශ්‍රව රහිතයෝ (රහත්හු) වූහ.
|
103
‘‘ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං;
භික්ඛුඔවාදකානග්ගො, කප්පිනොති මහාජනෙ.
|
103
“එම ගුණයෙහි සතුටුවූ බුදුරජතෙම මහජනයා ඉදිරියෙහි, “කප්පින තෙමේ භික්ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අග්‍රය” යි එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
104
‘‘සතසහස්සෙ
පමුත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං
(ඣාපයී (සී.)) මම.
|
104
“මින් (යම්) සියක් දහස්වන කපෙහි මා විසින් කරන ලද (ඒ පුණ්‍ය) කර්මය මෙහිදී විපාක දැක්විය. (දුන්නෙන්) මැනවින් මුදා හරින ලද වේගවත් හීයක් මෙන් (එම කර්ම ඵලය) මාගේ කෙළෙසුන් දැවීය.
|
105
‘‘කිලෙසා
|
105
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
106
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
106
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
107
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
107 |
4. දබ්බමල්ලපුත්තත්ථෙරඅපදානං | 4. දබ්බ ථේරාපදානය |
108
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
|
108
“පසැස් ඇත්තාවූ, සව් ලෝ (මැනවින්) දත්, පස් මරුන් දිනූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
|
109
‘‘ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං;
දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
|
109
“(සව් සත්නට) ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (එසේම ඔවුන් සසර සයුරින්) එතර කරවන්නාවූ, දේශනාවෙහි දක්ෂවූ බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා (සසරින්) එතර කරවූ සේක.
|
110
‘‘අනුකම්පකො
සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි
(පතිට්ඨහි (ස්‍යා. ක.)).
|
110
“සව් සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමති වන්නාවූ, (බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටුවූහ.
|
111
‘‘එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං
(සුඤ්ඤකං (සී.) එවමුපරිපි) තිත්ථියෙහි ච;
විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
|
111
“මෙසේ (එම කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදි ගුණ ඇති (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
|
112
‘‘රතනානට්ඨපඤ්ඤාසං, උග්ගතො සො මහාමුනි;
කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
|
112
“එම බුදුරජතෙමේ අට පණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
|
113
‘‘වස්සසතසහස්සානි
තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
|
113
“එකල්හි වර්ෂ ලක්ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ (මෙම) සර්වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළ සේක.
|
114
‘‘තදාහං හංසවතියං, සෙට්ඨිපුත්තො මහායසො;
උපෙත්වා ලොකපජ්ජොතං, අස්සොසිං ධම්මදෙසනං.
|
114
“එකල්හි මම හංසවතී නගරයෙහි මහත් යසස් ඇති සිටු පුත්‍රයෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි.
|
115
‘‘සෙනාසනානි භික්ඛූනං, පඤ්ඤාපෙන්තං සසාවකං;
කිත්තයන්තස්ස වචනං, සුණිත්වා මුදිතො අහං.
|
115
“භික්ෂූනට සෙනසුන් පනවන්නාවූ සිය සව්වෙකුට පසසන උන්වහන්සේගේ වචන අසා සතුටුවූ මම,
|
116
‘‘අධිකාරං
නිපච්ච සිරසා පාදෙ, තං ඨානමභිපත්ථයිං.
|
116
“සංඝයා සහිතවූ ඒ බුදුරජුන්හට (දන්දීම් ආදීවූ) පින්කම් කොට (උන්වහන්සේගේ) පාමුල සිරසින් වැටී එම තනතුර පැතීමි.
|
117
‘‘තදාහ ස මහාවීරො, මම කම්මං පකිත්තයං;
‘යො සසඞ්ඝමභොජෙසි, සත්තාහං ලොකනායකං.
|
117
“එකල්හි ඒ මහාවීරවූ බුදුරජතෙමේ මාගේ පුණ්‍ය කර්මයට පසසමින් මෙසේ කීහ. “යමෙක් තෙම සංඝයා සහිත බුදුරජුන් සතියක් වැළඳවීද,
|
118
‘‘‘සොයං කමලපත්තක්ඛො, සීහංසො කනකත්තචො;
මම පාදමූලෙ නිපති
(පතිතො (පී.)), පත්ථයං ඨානමුත්තමං.
|
118
“(හෙළ) පියුම් පතකට බඳු ඇස් ඇති, ශ්‍රේෂ්ඨවූ (පිරුණු) උරහිස් ඇති, රන්වන්වූ සිවි ඇති ඒ මේ සිටුපුතෙක් තෙම (මෙම) උතුම් තනතුර පතමින් මාගේ පාමුල වැටුනේද,
|
119
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
119
“මින් සියක් දහස්වන කපින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ බුදුරජතෙමේ ලොව පහළ වන්නේය.
|
120
‘‘‘සාවකො තස්ස බුද්ධස්ස, දබ්බො නාමෙන විස්සුතො;
සෙනාසනපඤ්ඤාපකො, අග්ගො හෙස්සතියං තදා’.
|
120
“එකල්හි මෙතෙම එම බුදුරජුන්ගේ දබ්බ නම්න් ප්රසිද්ධවූ, සෙනසුන් පනවන්නාවූ අගසව්වෙක් වන්නේය” (කියායි.)
|
121
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
121
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
|
122
‘‘සතානං තීණික්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං;
සතානං පඤ්චක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
|
122
“මම තෙසියවරක් දිව්‍ය රාජ්‍යය කරවිමි. පන්සියවරක් සක්විති රජ වීමි.
|
123
‘‘පදෙසරජ්ජං
සබ්බත්ථ සුඛිතො ආසිං, තස්ස කම්මස්ස වාහසා.
|
123
“(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. එම කර්මයාගේ බලයෙන් හැමතන්හි සුව ඇත්තේ වීමි.
|
124
‘‘එකනවුතිතො කප්පෙ, විපස්සී නාම නායකො;
උප්පජ්ජි චාරුදස්සනො
(චාරුනයනො (සී. ස්‍යා. පී.)), සබ්බධම්මවිපස්සකො.
|
124
“මින් (යට) එක් අනූවන කපෙහි මනොඥ ඇස් ඇති, සියළු ධර්මයන් විදසුන් නුවණින් දක්නාවූ විපස්සී නම් බුදුරජතෙමේ ලොව පහළවූහ.
|
125
‘‘දුට්ඨචිත්තො උපවදිං, සාවකං තස්ස තාදිනො;
සබ්බාසවපරික්ඛීණං, සුද්ධොති ච විජානිය.
|
125
“තාදී ගුණ ඇති උන්වහන්සේගේ සියළු ආශ්‍රවයන් ක්ෂය කළ ශ්‍රාවකයෙකු ශුද්ධවූ උතුමෙකැයි දැනම දුෂ්ට සිත් ඇත්තේ නින්දා කෙළෙමි.
|
126
‘‘තස්සෙව නරවීරස්ස, සාවකානං මහෙසිනං;
සලාකඤ්ච ගහෙත්වාන
(සලාකං පග්ගහෙත්වාන (සී. පී.)), ඛීරොදනමදාසහං.
|
126
“මම සළාකයක් ගෙන එම බුදුරජුන්ගේ මහර්ෂීවූ (රහත්) සව්වනට කිරිබතක් දුනිමි.
|
127
‘‘ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො;
කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
|
127
“මම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහිවූ, මහත් යසස් ඇති, කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙමේ ලොව පහළවිය.
|
128
‘‘සාසනං ජොතයිත්වාන, අභිභුය්ය කුතිත්ථියෙ;
විනෙය්යෙ විනයිත්වාව, නිබ්බුතො සො සසාවකො.
|
128
“ශ්‍රාවකයන් සහිතවූ හෙතෙම මිත්ථ්යාතීර්ත්ථකයන් මැඩ, සසුන බබුළුවා, හික්මවියයුතු ජනයන් හික්මවා පිරිනිවන් පෑහ.
|
129
‘‘සසිස්සෙ නිබ්බුතෙ නාථෙ, අත්ථමෙන්තම්හි සාසනෙ;
දෙවා කන්දිංසු සංවිග්ගා, මුත්තකෙසා රුදම්මුඛා.
|
129
ශිෂ්‍යයන් සහිතවූ බුදුරජුන් පිරිනිවි කල්හි, සසුන පිරිහෙන කල්හි, කලකිරුණාවූ දෙවිවරු මිදූ (විසිරවූ) කෙස් ඇත්තාහු, කඳුලු පිරි මුහුණු ඇත්තාහු හැඬූහ. (කෙසේදයත්?)
|
130
‘‘නිබ්බායිස්සති
න සුණිස්සාම සද්ධම්මං, අහො නො අප්පපුඤ්ඤතා.
|
130
“දහම් ඇස නිවීයන්නේය. මනා ව්‍රත ඇති (ශ්‍රාවක)යන් නොදකින්නෙමු. සදහම් නොඅසන්නෙමු. අහෝ අපගේ පින් මද බවය (කියායි.)
|
131
‘‘තදායං පථවී සබ්බා, අචලා සා චලාචලා
(චලාචලී (සී.), පුලාපුලී (ස්‍යා.));
සාගරො ච සසොකොව, විනදී කරුණං ගිරං.
|
131
“එකල්හි මේ නිශ්චලවූ සියළු පෘථිවි තොමෝ වෙව්ළුම් සහිතව කම්පාවූවාය. සයුරද සෝක සහිතව මෙන් අනුකම්පා කටයුතු සේ නාද පැවැත්වීය.
|
132
‘‘චතුද්දිසා දුන්දුභියො, නාදයිංසු අමානුසා;
සමන්තතො අසනියො, ඵලිංසු ච භයාවහා.
|
132
“සිව්දිගෙහිවූ, අමානුෂීකවූ භෙරිහු ශබ්ද පැවැත්වූහ. හාත්පස භයජනකවූ අසනීහු (හෙණ) පතිතවූහ.
|
133
‘‘උක්කා
සධූමා ජාලවට්ටා ච
(සබ්බථලජසත්තා ච (සී.)), රවිංසු කරුණං මිගා.
|
133
“අහසින් උල්කාවෝ පතිතවූහ. ධූමකේතූහුද පෙණුනාහුය. මෘග (ආදී)වූ ගොඩ උපදින සියළු සත්ත්ටවෝ අනුකම්පා කටයුතු සේ නාද පැවැත්වූහ.
|
134
‘‘උප්පාදෙ දාරුණෙ දිස්වා, සාසනත්ථඞ්ගසූචකෙ;
සංවිග්ගා භික්ඛවො සත්ත, චින්තයිම්හ මයං තදා.
|
134
“ශාසන විනාශය පවසන දරුණු උත්පාත (භූත විකාරයන්) දැක කලකිරුණාවූ භික්ෂූන් සත් නමක්වූ අපි එකල්හි මෙසේ සිතීමු.
|
135
‘‘සාසනෙන විනාම්හාකං, ජීවිතෙන අලං මයං;
පවිසිත්වා මහාරඤ්ඤං, යුඤ්ජාම ජිනසාසනං.
|
135
“සසුනෙන් තොරවූ අපගේ ජීවිතයෙන් කම් නැත. අපි මහා වනයට පිවිස බුදුසසුනෙහි යෙදෙමුය” (කියායි.)
|
136
‘‘අද්දසම්හ
නිස්සෙණියා තමාරුය්හ, නිස්සෙණිං පාතයිම්හසෙ.
|
136
“එකල්හි අරණෙහි උස්වූ පර්වතයක් දුටිමු. හිණිමගෙකින් (එම) පර්වතයට නැගී හිණිමග බිම හෙළීමු.
|
137
‘‘තදා
සද්ධාතිදුල්ලභා ලද්ධා, ථොකං සෙසඤ්ච සාසනං.
|
137
“එකල්හි (එම පිරිස අතුරෙන්) සංඝ ස්ථවිර තෙමේ අපට (මෙසේ) අවවාද කෙළේය. “බුද්ධෝත්පාදය අතිශයින් දුර්ලභය. ශ්‍රද්ධා තොමෝද අතිශයින් දුර්ලභ වන්නීය. සසුනද ශේෂව ඇත්තේ ස්වල්පයකි.
|
138
‘‘නිපතන්ති ඛණාතීතා, අනන්තෙ දුක්ඛසාගරෙ;
තස්මා පයොගො කත්තබ්බො, යාව ඨාති මුනෙ මතං
(යාව තිට්ඨති සාසනං (ස්‍යා.)).
|
138
“අෂ්ට දුෂ්ටක්ෂණ විනිර්මුක්ත මෙම උතුම් මොහොත ඉක්මවූවෝ අනන්තවූ දුක් සයුරෙහි වැටෙත්. එහෙයින් සර්වඥ මතය (බුදුසසුන) පවත්නා කල්හිම (එම) යෙදීම කළයුතුයි.
|
139
‘‘අරහා ආසි සො ථෙරො, අනාගාමී තදානුගො;
සුසීලා ඉතරෙ යුත්තා, දෙවලොකං අගම්හසෙ.
|
139
“ඒ (ඔවා දුන්) ස්ථවිරතෙමේ රහත්විය. උන්වහන්සේ අනුව ගිය (දෙවැන්නා) අනාගාමී විය. (ධර්මයෙහි) යෙදුනු සෙසු සිල්වතුන්වූ අපි (ඉන් චුතව) දෙව්ලොව ගියෙමු.
|
140
‘‘නිබ්බුතො තිණ්ණසංසාරො, සුද්ධාවාසෙ ච එකකො;
අහඤ්ච පක්කුසාති ච, සභියො බාහියො තථා.
|
140
“(අනාගාමීවූ තැනැත්තේ) හුදකලාව ශුද්ධාවාසයෙහිදී තරණය කළ සසර ඇත්තේ (රහත්ව) (එහදී) පිරිනිවන් පෑයේ (විය.) මමද, පුක්කුසාතී (රජ)ද, (එසේම) සහියද, බාහියද, කුමාර කස්සපදැයි (මෙසේ) අපි ඒ ඒ තන්හි උත්පත්ති වශයෙන් ගියාහු, ගෞතම බුදුරජුන් විසින් අනුකම්පා කරන ලද්දාවූ සසර බැඳුමින් මිදුනෝ වෙමු.
|
141
‘‘කුමාරකස්සපො චෙව, තත්ථ තත්ථූපගා මයං;
සංසාරබන්ධනා මුත්තා, ගොතමෙනානුකම්පිතා.
|
141 |
142
‘‘මල්ලෙසු කුසිනාරායං, ජාතො ගබ්භෙව මෙ සතො;
මාතා මතා චිතාරුළ්හා, තතො නිප්පතිතො අහං.
|
142
“මම මල්ල රටෙහි උපන්නේ මව් කුසෙහිදීම මාගේ මව මළා, චිතකයට නැංවූවා (එම මවගේ මෘත ශරීරයෙන්) වැටුනේ වෙමි.
|
143
‘‘පතිතො
බ්රහ්මචාරීබලෙනාහං, විමුත්තො සත්තවස්සිකො.
|
143
“කුස තණ ගොඩෙහි වැටුනේ, ඒ හේතුවෙන් “දබ්බ” යන නම්න් ප්‍රකටවූයේ වෙමි. බඹසර බලය කරණකොටගෙන මම සත් ඇවිරිදි වූයේ, (සසරින්) මිදුනේ වෙමි.
|
144
‘‘ඛීරොදනබලෙනාහං
ඛීණාසවොපවාදෙන, පාපෙහි බහුචොදිතො.
|
144
“මම කිරිබත් (දන් දීමේ) විපාකයෙන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන අඞ්ග පසකින් යුක්තවූයේ වෙමි. (රහතන් වහන්සේ කෙනෙකුට නින්දා කිරීමේ) අරියෝපවාද පාපය කරණකොටගෙන බෙහෙවින් චෝදනා ලබන ලදුයේද වෙමි.
|
145
‘‘උභො පුඤ්ඤඤ්ච පාපඤ්ච, වීතිවත්තොම්හි දානිහං;
පත්වාන පරමං සන්තිං, විහරාමි අනාසවො.
|
145
“දැන් මම කුසල් (රැස් කිරීම)ද, අකුසල් රැස් කිරීමද යන මේ දෙකම ඉක්මවූයේ වෙමි. පරම ශාන්තියවූ නිවනට පැමිණ ආශ්‍රව රහිතවූයේ වෙමි.
|
146
‘‘සෙනාසනං පඤ්ඤාපයිං, හාසයිත්වාන සුබ්බතෙ;
ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං.
|
146
“මනා ව්‍රත ඇති භික්ෂූන් තුටුකොට සෙනසුන් පැණවීමි. එම ගුණයෙහි තුටුවූ බුදුරජතෙම මා (සෙනසුන් පනවන භික්ෂූන් අතුරෙන් අග්‍රයයි) එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
147
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
147
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
148
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
148
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
149
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
149 |
5. කුමාරකස්සපත්ථෙරඅපදානං | 5. කුමාර කස්සප ථේරාපදානය |
150
‘‘ඉතො
සබ්බලොකහිතො වීරො, පදුමුත්තරනාමකො.
|
150
“මින් ලක්ෂයක් වන කපෙහි සියලු ලොවට හිතවූ, වීරවූ පදුමුත්තර නම් ලෝකනායක (බුදුරජ) තෙමේ ලොව පහළවූහ.
|
151
‘‘තදාහං
දිවාවිහාරං විචරං, අද්දසං ලොකනායකං.
|
151
“එකල්හි මම වේදයෙහි පරතෙරට ගිය බමුණෙක්ව ප්‍රකටවූයේ, දිවා විහරණයෙහි හැසිරෙන්නේ, සිව් සස් දෙසන්නාවූ, දෙවියන් සහිත ලෝකයාට දහම් අවබෝධ කරන්නාවූ, මහජනයා ඉදිරියෙහි විචිත්‍ර කථිකයනට අගතැන් පත් සව්වෙකු වර්ණනය කරන්නාවූ,
|
152
‘‘චතුසච්චං
විචිත්තකථිකානග්ගං, වණ්ණයන්තං මහාජනෙ.
|
152 |
153
‘‘තදා මුදිතචිත්තොහං, නිමන්තෙත්වා තථාගතං;
නානාරත්තෙහි වත්ථෙහි, අලඞ්කරිත්වාන මණ්ඩපං.
|
153
“එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේ පවරා නන්රුවනින් බබලන මඩුවක් නොයෙක් රතු වත්වලින් සරසා, එහි සංඝයා සහිත බුදුන් වැළඳවීමි. සතියක් මුළුල්ලෙහි නොයෙක් අග රස බොජුනෙන් වළඳවා,
|
154
‘‘නානාරතනපජ්ජොතං, සසඞ්ඝං භොජයිං තහිං;
භොජයිත්වාන සත්තාහං, නානග්ගරසභොජනං.
|
154 |
155
‘‘නානාචිත්තෙහි
(නානාවණ්ණෙහි (සී.)) පුප්ඵෙහි, පූජයිත්වා සසාවකං
(මහාවීරං (ක.));
නිපච්ච පාදමූලම්හි, තං ඨානං පත්ථයිං අහං.
|
155
“මම නන් වන් මලින් ශ්‍රාවක සංඝයා සහිත බුදුරදුන් පුදා පාමුල වැටී එම තනතුර පැතීමි.
|
156
‘‘තදා
‘පස්සථෙතං දිජවරං, පදුමානනලොචනං.
|
156
“එකල්හි එම කරුණා ජලාශයක්වූ බුදුරජතෙම (මෙසේ) වදාළ සේක. “පියුමකට බඳු මුහුණු හා ඇස් ඇත්තාවූ, ප්‍රීති ප්‍රමොද්‍ය බහුලකොට ඇති, මැනවින් උඩට නැගාවූ ඌර්ධවාග්ර රෝම ඇති, ප්‍රීතිය අධික වීමෙන් විශාලවූ ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනාවූ, (චිත්‍ර කථික භික්ෂූන් අතුරෙන් අග්රවීමය යන මේ) එකම අතට හැරුණු මනා අදහස් ඇති මේ බමුණු උතුමා බලව්. මෙතෙම විචිත්‍ර කථිකත්වයවූ ඒ මේ තනතුරු පතයි.
|
157
‘‘‘පීතිපාමොජ්ජබහුලං, සමුග්ගතතනූරුහං;
හාසම්හිතවිසාලක්ඛං, මම සාසනලාලසං.
|
157 |
158
‘‘‘පතිතං පාදමූලෙ මෙ, එකාවත්ථසුමානසං
(එකවත්ථං සුමානසං (ස්‍යා. ක.));
එස පත්ථෙති තං ඨානං, විචිත්තකථිකත්තනං
(විචිත්තකථිකත්තදං (සී. පී.)).
|
158 |
159
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
159
“මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
|
160
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
කුමාරකස්සපො නාම, හෙස්සති සත්ථු සාවකො.
|
160
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවු, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්රවූ කුමාර කස්සප නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
|
161
‘‘‘විචිත්තපුප්ඵදුස්සානං
විචිත්තකථිකානං සො, අග්ගතං පාපුණිස්සති’.
|
161
“(පුදන ලද) විසිතුරු පුෂ්ප වස්ත්රයන්ගේද, රත්නයන්ගේද බලයෙන් හෙතෙම විචිත්‍ර කථිකවූ භික්ෂූන් අතුරෙන් අග්‍ර බවට පැමිණෙන්නේය” (කියායි.)
|
162
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
162
“මම මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
|
163
‘‘පරිබ්භමං භවාභවෙ
(භවාකාසෙ (සී. පී.)), රඞ්ගමජ්ඣෙ යථා නටො;
සාඛමිගත්රජො හුත්වා, මිගියා කුච්ඡිමොක්කමිං.
|
163
“රඟමඬල මැදට පත් නළුවෙකු මෙන්, භවය නමැති අහසෙහි කැරකෙමින්, ශාඛ මෘග පෝතකයෙක්ව මුව දෙනෙකුගේ කුසයෙහි පිළිසිඳ ගතිමි.
|
164
‘‘තදා මයි කුච්ඡිගතෙ, වජ්ඣවාරො උපට්ඨිතො;
සාඛෙන චත්තා මෙ මාතා, නිග්රොධං සරණං ගතා.
|
164
“එකල්හි මා මව්කූස පිළිසිඳ ගත් කල්හි (මවගේ) මරණයට නියමිත වාරය එළඹ සිටියේය. ශාඛ මෘගරාජයා විසින් අතහැරදමනලද මාගේ මව්තොමෝ න්‍යග්‍රොධ මෘග රාජයා පිහිටකොට ගියාය.
|
165
‘‘තෙන සා මිගරාජෙන, මරණා පරිමොචිතා;
පරිච්චජිත්වා සපාණං
(සංපාණං (සී. පී.)), මමෙවං ඔවදී තදා.
|
165
“එකල්හි ඒ න්‍යග්‍රොධ මෘග රාජයා විසින් මුදාගන්නාලද ඕතොමෝ මට මෙසේ අවවාද කළාහුය.
|
166
‘‘‘නිග්රොධමෙව සෙවෙය්ය, න සාඛමුපසංවසෙ;
නිග්රොධස්මිං මතං සෙය්යො, යඤ්චෙ සාඛම්හි ජීවිතං’.
|
166
“න්‍යග්‍රොධ මෘගයාම සේවනය කරව. ශාඛ මෘග රාජයා සමග නොවසව. ඉදින් ශාඛ මෘග රාජයා සමග වැස යම් ජිවත්විමක් වේ නම් (එයට වඩා) න්‍යග්‍රොධ මෘග රාජයා කෙරෙහි වැස මරණය යෙහෙකි.
|
167
‘‘තෙනානුසිට්ඨා මිගයූථපෙන, අහඤ්ච මාතා ච තථෙතරෙ ච
(චිතරෙ ච (ස්‍යා.), තස්සොවාදෙන (පී.), චිතරෙ ච තස්සොවාදං (ක.));
ආගම්ම
|
167
“එම න්‍යග්‍රොධ මෘග රාජයා විසින් අනුශාසනය කරන ලද මමද එසේම සෙස්සෝද, දුර රටක සිටියෙක් සිය ගෙදරට එන්නාක් මෙන් රම්‍යවූ තුෂිත දෙව්ලොව විසීම සඳහා ගියෝ (වෙමු.)
|
168
‘‘පුනො කස්සපවීරස්ස, අත්ථමෙන්තම්හි සාසනෙ;
ආරුය්හ සෙලසිඛරං, යුඤ්ජිත්වා ජිනසාසනං.
|
168
“යලි කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පිරිහී යන කල්හි කඳු මුදුනකට නැගී, බුදුසසුනෙහි යෙදී,
|
169
‘‘ඉදානාහං රාජගහෙ, ජාතො සෙට්ඨිකුලෙ අහුං;
ආපන්නසත්තා මෙ මාතා, පබ්බජි අනගාරියං.
|
169
“දැන් මම රජගහනුවර සිටු කුලයක උපන්නේ වෙමි. කුස පිළිසිඳගත් දරු ගැබ් ඇති (එහෙත් එය නොදත්) මාගේ මව් තොමෝ අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වූවාය.
|
170
‘‘සගබ්භං
සො අවොච ‘විනාසෙථ, පාපිකං භික්ඛුනිං ඉමං’.
|
170
“දරුගැබ් සහිත බව (පසුව දැන සෙසු භික්ෂුණීහු) ඇය දෙව්දත් තෙරුන් වෙත පැමිණවූහ. එම දෙව්දත් තෙමේ, “මේ පවිටු භික්ෂුණිය(ගේ) (සිවුරු හැරවීමෙන්) ලිඞ්ග ශාසනය කරව්” යයි කිය.
|
171
‘‘ඉදානිපි මුනින්දෙන, ජිනෙන අනුකම්පිතා;
සුඛිනී අජනී මය්හං, මාතා භික්ඛුනුපස්සයෙ.
|
171
“දැනුදු මුනීන්ද්රවූ බුදුරජුන් විසින් අනුකම්පා කරන ලද්දී, මාගේ මව් තොමෝ භික්ෂුණී ආශ්රමයේදීම, සුව ඇත්තී (මා) ප්‍රසූත කළාය.
|
172
‘‘තං විදිත්වා මහීපාලො, කොසලො මං අපොසයි;
කුමාරපරිහාරෙන, නාමෙනාහඤ්ච කස්සපො.
|
172
“එය දැන කොසොල් රජ තෙමේ මා කුමර පෙරහැරින් පෝෂණය කෙළේය. මම නම්න් කාශ්‍යප නම් වූයේ (ද වෙමි.)
|
173
‘‘මහාකස්සපමාගම්ම, අහං කුමාරකස්සපො;
වම්මිකසදිසං කායං, සුත්වා බුද්ධෙන දෙසිතං.
|
173
“මහා කාශ්‍යප තෙරුන් නිසා මම කුමාර කාශ්‍යපයයි (ප්‍රසිද්ධ විය.) කය තුඹසකොට සමකොට බුදුරජුන් (විසින් කළ) දෙසුම අසා-
|
174
‘‘තතො
පායාසිං දමයිත්වාහං, එතදග්ගමපාපුණිං.
|
174
“එහෙයින් මාගේ සිත තෘෂ්ණාදියෙන් දැඩිකොට අල්වා ගැනීමක් නොකොට හැම ලෙසින්ම (ආශ්‍රවයන් කෙරෙන්) මිදුනේය. (මම පායාසිරාජන්යයා) දමනය කොට (චිත්‍ර කථික භික්ෂූන් අතුරෙන්) එතදග්‍ර ස්ථානයට පැමිණියෙමි.
|
175
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
175
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
176
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
176
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
177
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
177 |
6. බාහියත්ථෙරඅපදානං | 6. බාහිය ථේරාපදානය |
178
‘‘ඉතො
මහප්පභො තිලොකග්ගො, නාමෙන පදුමුත්තරො.
|
178
“මින් (පෙර) සියක් දහස්වන කපෙහි මහත් ප්‍රභා ඇති, තිලොවට අග්‍රවූ, නම්න් පදුමුත්තර නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
|
179
‘‘ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුස්ස, ගුණං කිත්තයතො මුනෙ;
සුත්වා උදග්ගචිත්තොහං, කාරං කත්වා මහෙසිනො.
|
179
“එකෙනෙහි දහම් අවබෝධ කරන බැවින්) ක්ෂිප්රාභිඥවූ භික්ෂුවකගේ ගුණයට පසසන බුදුරජුන්ගේ (දෙසුම) අසා ඔදවැඩි සිත් ඇති මම මහාර්ෂීවූ (එම) බුදුරජුන්හට පුද සත්කාරකොට-
|
180
‘‘දත්වා සත්තාහිකං දානං, සසිස්සස්ස මුනෙ අහං;
අභිවාදිය සම්බුද්ධං, තං ඨානං පත්ථයිං තදා.
|
180
“එකල්හි මම සිසුන් (ශ්‍රාවක සංඝයා) සහිත බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි දන් දී, සම්බුදුරජුන් වැඳ එම තනතුර පැතීමි.
|
181
‘‘තතො මං බ්යාකරි බුද්ධො, ‘එතං පස්සථ බ්රාහ්මණං;
පතිතං පාදමූලෙ මෙ, චරියං පච්චවෙක්ඛණං
(පසන්නනයනානනං (සී.), පීනසම්පන්නවෙක්ඛණං (ස්‍යා.), පීණංසං පච්චවෙක්ඛණං (පී.)).
|
181
“ඉක්බිති බුදුරජතෙම මට මෙසේ පැවසූහ. ‘මාගේ පාමුල වැටුනාවූ, පහන්වූ ඇස් හා මුහුණු ඇති, රන්හුයින් යාගයෙහිදි දැමූ පූනනූල් සහිත සිරුරු ඇති, සුදු පැහැ ඇඟ සිවි ඇති, එල්බෙන (ඉදීමෙන්) රතු බිඹුඵල වැනි දෙතොල් ඇති, මුවහත් තියුණු අවියකින් (මැද) සමකළාක් වැනි දත් ඇති, අති බොහෝවූ ගුණය හා බලය ඇති, මැනවින් උඩට නැඟුණාවූ ඌර්ධවාග්ර රෝම ඇති, ගුණ නමැති සැඩපහරට ස්ථානයක්වූ, ප්‍රීතියෙන් මැනවින් පුබුදුව ගිය මුහුණු ඇති මෙම බමුණා (දෙස) බලව්.
|
182
‘‘‘හෙමයඤ්ඤොපචිතඞ්ගං
පලම්බබිම්බතම්බොට්ඨං, සෙතතිණ්හසමං දිජං.
|
182 |
183
‘‘‘ගුණථාමබහුතරං, සමුග්ගතතනූරුහං;
ගුණොඝායතනීභූතං, පීතිසම්ඵුල්ලිතානනං.
|
183 |
184
‘‘‘එසො පත්ථයතෙ ඨානං, ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුනො;
අනාගතෙ මහාවීරො, ගොතමො නාම හෙස්සති.
|
184
“මෙතෙම ක්ෂිප්රාභිඥා (එකෙණෙහි දහම් අවබෝධ කරන්නාවූ) භික්ෂුවගේ (එම) තනතුර පතයි. අනාගතයෙහි ගෞතම නම් බුදුරජතෙම(ලොව පහළ) වන්නේය.
|
185
‘‘‘තස්ස
බාහියො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
185
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් බාහිය නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
|
186
‘‘තදා හි තුට්ඨො වුට්ඨාය, යාවජීවං මහාමුනෙ;
කාරං කත්වා චුතො සග්ගං, අගං සභවනං යථා.
|
186
“එකල්හි ඉතා සතුටුවූයේ නැගිට දිවි ඇතිතාක් බුදුරජුන්හට සත්කාරකොට (ඉන්) චුතවූයේ සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්ගයට ගියෙමි.
|
187
‘‘දෙවභූතො
වාහසා සංසරිත්වාන, සම්පත්තිමනුභොමහං.
|
187
“මම එම කර්මයාගේ බලයෙන් දෙවිවූයේ හෝ මිනිස්වූයේ හෝ සුඛිතවූයේ සැරිසරා සම්පත් අනුභව කෙළෙමි.
|
188
‘‘පුන කස්සපවීරස්ස, අත්ථමෙන්තම්හි
(අත්ථඞ්ගතම්හි (ස්‍යා.)) සාසනෙ;
ආරුය්හ සෙලසිඛරං, යුඤ්ජිත්වා ජිනසාසනං.
|
188
“යලි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුන පිරිහී යන කල්හි කඳු මුදුනකට නැගී, බුදුසසුනෙහි යෙදී,
|
189
‘‘විසුද්ධසීලො සප්පඤ්ඤො, ජිනසාසනකාරකො;
තතො චුතා පඤ්ච ජනා, දෙවලොකං අගම්හසෙ.
|
189
“පිරිසිදු සිල් ඇති, ප්‍රඥාවෙන් යුතුවූ, බුදුසසුන් කරන්නාවූ (අපි) පස්දෙනෙක් ඉන් චුතවූවාහු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමු.
|
190
‘‘තතොහං බාහියො ජාතො, භාරුකච්ඡෙ පුරුත්තමෙ;
තතො නාවාය පක්ඛන්දො
(පක්ඛන්තො (සී.), පක්කන්තො (පී.)), සාගරං අප්පසිද්ධියං
(අත්ථසිද්ධියං (ක.)).
|
190
“ඉක්බිති හාරුකච්ඡ නම් උතුම් නගරයෙහි මම උපන්නේ “බාහික” (නමැත්තේ වීමි.) අනතුරුව නැවකින් අප්‍රකට සයුරට පිවිසියේ,
|
191
‘‘තතො නාවා අභිජ්ජිත්ථ, ගන්ත්වාන කතිපාහකං;
තදා භීසනකෙ ඝොරෙ, පතිතො මකරාකරෙ.
|
191
“ඉක්බිති කිහිප දිනක් ගොස් නැව බිඳුනේය. එකල්හි (දැති) මුවර (ආදී චණ්ඩ මත්ස්‍ය)යනට ආකරවූ ඝොර බිරුම් (සයුරෙහි) වැටුනේ,
|
192
‘‘තදාහං වායමිත්වාන, සන්තරිත්වා මහොදධිං;
සුප්පාදපට්ටනවරං
(සුප්පාරපට්ටනවරං (සී. පී.)), සම්පත්තො මන්දවෙධිතො
(මන්දමෙධිකො (සී.), මන්දවෙදිතො (ස්‍යා.), මද්දවෙරතං (ක.)).
|
192
“එකල්හි මම වෑයම්කොට මහසයුර තරණයකොට (වෙහෙස කරණකොටගෙන) මඳවූ නුවණැත්තේ උතුම් සුප්පාරක පටුනට පැමිණියේ,
|
193
‘‘දාරුචීරං නිවාසෙත්වා, ගාමං පිණ්ඩාය පාවිසිං;
තදාහ සො ජනො තුට්ඨො, අරහායමිධාගතො.
|
193
“සිහින් දර පතුරුවලින් ගොතා කළ වස්ත්‍රයක් හැඳ ගමට පිඬු පිණිස ගියෙමි. එකල්හි (එම ගමෙහි) එම ජන තෙමේ තුටුවූයේ මෙසේ කීය. “මේ රහත් කෙනෙක් මෙහි පැමිණියේය.
|
194
‘‘ඉමං අන්නෙන පානෙන, වත්ථෙන සයනෙන ච;
භෙසජ්ජෙන ච සක්කත්වා, හෙස්සාම සුඛිතා මයං.
|
194
“අපි මොහුට ආහාරයෙන්ද, පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, සයනයෙන්ද, බෙහෙතින්ද සත්කාරකොට සැප ඇත්තෝ වෙමු” (කියායි.)
|
195
‘‘පච්චයානං තදා ලාභී, තෙහි සක්කතපූජිතො;
අරහාහන්ති සඞ්කප්පං, උප්පාදෙසිං අයොනිසො.
|
195
“එකල්හි ප්රත්යලාභීවූයේ එම ගම්වැසියන් විසින් පුද සැළකිළි කරන ලදුයේ මම රහතෙක් වීමි. නුනුවණින් අදහසක් ඉපිදවීමි.
|
196
‘‘තතො
‘න ත්වං උපායමග්ගඤ්ඤූ, කුතො ත්වං අරහා භවෙ’.
|
196
“ඉක්බිති පෙර එකට මහණදම් පුරමින් සිට බඹලොව උපන් අනාගාමි බ්‍රහ්ම දේවතාවෙක් මාගේ සිත දැන, “තෝ (නිර්වාණගාමී) උපාය මාර්ගය දන්නෙක් නොවෙහිය. තෝ කවර හෙයකින් රහතෙක් වෙහිදැ” යි චෝදනා කෙළේය.
|
197
‘‘චොදිතො
‘කෙ වා එතෙ කුහිං ලොකෙ, අරහන්තො නරුත්තමා.
|
197
“ඔහු විසින් චෝදනා කරන ලද මම කලකිරුනේ, එකල්හි ඔහුගෙන් (මෙසේ) විචාළෙමි. “මේ රහත්හු නම් කවරහු වෙත්ද, ඒ නරෝත්තමවූ රහත්හු ලෝකයෙහි කොහි වෙසෙත්ද?” (කියායි.)
|
198
‘‘‘සාවත්ථියං
සො සක්යපුත්තො අරහා අනාසවො, දෙසෙති ධම්මං අරහත්තපත්තියා.
|
198
“සැවැත්නුවර කොසොල් (රජ) මැදුරෙහි, සම්පූර්ණවූ ප්‍රඥා ඇති, උතුම්වූ මහා නුවණැති, ආශ්‍රව රහිතවූ (රහත්වූ) ඒ ශාක්‍ය පුත්‍රවූ බුදුරජතෙමේ රහත්බවට පැමිණීම පිණිස දහම් දෙසත්.
|
199
‘‘‘තදස්ස සුත්වා වචනං සුපීණිතො
(පීණිත්වා (ක.)), නිධිංව ලද්ධා කපණොති විම්හිතො;
උදග්ගචිත්තො අරහත්තමුත්තමං, සුදස්සනං දට්ඨුමනන්තගොචරං.
|
199
“එකල්හි ඔහුගේ වචනය අසා ලබන ලද නිධායනයත් ඇති දුගියෙකු මෙන් අතිශයින් පිණාගියේ, ඉතා විෂ්මය පත්වූයේ, ඔදවැඩි සිත් ඇත්තේ, අතිශයින් දැකුම්කළුවූ, අනන්තවූ, සත්ත්ව-සංස්කාර අවකාශ ලෝකයන් විෂයයෙහි විනිවිද ගිය නුවණ ඇති, අර්හත්වූ, උතුම්වූ බුදුරජුන් දැකීමට,
|
200
‘‘‘තදා තතො නික්ඛමිත්වාන සත්ථුනො
(නික්ඛමිතුන සත්ථුවරං (සී.)), සදා ජිනං පස්සාමි විමලානනං
(පරාජිනං පස්සාමි කමලානනං (ක.));
උපෙච්ච රම්මං විජිතව්හයං වනං, දිජෙ අපුච්ඡිං කුහිං ලොකනන්දනො.
|
200
“එකල්හි ඉන් වහා නික්ම, පිරිසිදු මුහුණක් ඇති බුදුරජුන් කවදා දකිම්දැයි රම්‍යවූ විජිත නම් වනයට එළඹ, ලෝක නන්දනවූ බුදුරජුන් කොහිදැයි බමුණන්ගෙන් විචාළෙමි.
|
201
‘‘‘තතො අවොචුං නරදෙවවන්දිතො, පුරං පවිට්ඨො අසනෙසනාය සො;
සසොව
(පච්චෙහි (සී. ස්‍යා.)) ඛිප්පං මුනිදස්සනුස්සුකො, උපෙච්ච වන්දාහි තමග්ගපුග්ගලං’.
|
201
“ඉක්බිති (ඔවුහු) මෙසේ කීහ. දෙවි මිනිසුන් විසින් වඳින ලද්දාවූ බුදුරජතෙම පිඬු සිඟීමෙහි අදහස් ඇත්තේ නගරයට පිවිසි සේක. ඉදින් වහා බුදුරජුන් දැකීමෙහි උත්සාවත්වූයේ (වෙහි නම්) ඒ අග්‍ර පුද්ගලවූ බුදුරජුන් වෙත එළඹ වඳුව” (කියායි.)
|
202
‘‘තතොහං තුවටං ගන්ත්වා, සාවත්ථිං පුරමුත්තමං;
විචරන්තං තමද්දක්ඛිං, පිණ්ඩත්ථං අපිහාගිධං.
|
202
“ඉක්බිති මම වහා උතුම්වූ සැවැත්නුවරට ගොස් ගිජුකම හා ආශාවෙන් තොරව පිඬු පිණිස හැසිරෙන්නාවූ එම බුදුරජුන් දුටිමි.
|
203
‘‘පත්තපාණිං
සිරීනිලයසඞ්කාසං, රවිදිත්තිහරානනං.
|
203
“(වාත්රිංශද්වර අශීත්යනු ව්‍යඤ්ජන) ශ්රීයගේ නිවාසස්ථානය මෙන් බබලන සූර්ය්යයාගේ දිප්තියට බඳු දීප්තිමත් මුහුණු ඇති, නිසසල ඇස් ඇති, අමා බෙදන්නෙකු මෙන් පාත්රගත් අත් ඇති,
|
204
‘‘තං සමෙච්ච නිපච්චාහං, ඉදං වචනමබ්රවිං;
‘කුපථෙ විප්පනට්ඨස්ස, සරණං හොහි ගොතම.
|
204
“එම බුදුරජුන් වෙත එළඹ මම පාමුල වැටී, “උවදුරු සහිත මාර්ගයෙහි මංමුලාවී නටුවහුට ගෞතමයන් වහන්ස, පිහිටවනු මැනව” යි මෙම වචනය කීමි.
|
205
‘‘‘පාණසන්තාරණත්ථාය
න තෙ ධම්මකථාකාලො, ඉච්චාහ මුනිසත්තමො’.
|
205
“මම සත්ත්වයින් සසර සයුරින් එතර කිරීම පිණිස පිඬු පිණිස හැසිරෙමි. තට ධර්ම කථාවට කාලය නොවේවා” යයි (විපස්සී බුදුරදුන් පටන්) සත්වැනි මුනිවූ බුදුරජතෙමේ වදාළ සේක.
|
206
‘‘තදා පුනප්පුනං බුද්ධං, ආයාචිං ධම්මලාලසො;
යො මෙ ධම්මමදෙසෙසි, ගම්භීරං සුඤ්ඤතං පදං.
|
206
“එකල්හි දහම්හි ලොල්වුයේ, නැවන නැවතත් බුදුරජුන් අයැදීමි. එම බුදුරජතෙම ගැඹුරුවූ, ශූන්‍යතා ලක්ෂණවු, නිර්වාණ පදයවූ ධර්මය මට දෙසීය.
|
207
‘‘තස්ස
පරික්ඛීණායුකො සන්තො, අහො සත්ථානුකම්පකො.
|
207
“(මම) පිරිහුනු ආයුෂ ඇත්තේ, උන්වහන්සේගේ ධර්මය අසා ආශ්රවක්ෂයවූ නිවණට පැමිණියෙමි. (අසරණ යනට) අනුකම්පා කරන්නාවූ ශාස්තෘන් වහන්සේ ආශ්චර්ය්යසේක් මැයි.
|
208
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
208
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මා විසින් බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
209
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
209
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
210
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
210
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද, සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බාහිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක.
|
211
‘‘එවං ථෙරො වියාකාසි, බාහියො දාරුචීරියො;
සඞ්කාරකූටෙ පතිතො, භූතාවිට්ඨාය ගාවියා.
|
211
“භූතාවිෂ්ඨවූ දෙනක විසින් (පහරදී) කසලගොඩට හෙලනු ලැබූ බාහිය දාරුචීරිය තෙමේ මෙසේ තමාගේ වචනය පිළිබඳ තොරතුරු පැවසීය.
|
212
‘‘අත්තනො
පරිනිබ්බායි සො ථෙරො
(වීරො (සී.), ධීරො (ස්‍යා.)), සාවත්ථියං පුරුත්තමෙ.
|
212
“මහ නුවණැති ඒ වීරවූ දාරුචීරය තෙමේ උතුම් සැවැත්පුරයෙහිදී තමාගේ පෙර සිරිත පවසා පිරිනිවන් පෑවේය.
|
213
‘‘නගරා
දාරුචීරධරං ධීරං, බාහියං බාහිතාගමං.
|
213
“නුවරින් නික්මෙන්නාවූ (විපස්සී බුදුරදුන් පටන්) සත්වැනි ඎෂිවූ, ගෞතම බුදුරජතෙමේ, සිහින් දර පතුරුවලින් ගොතා කළ වස්ත්‍රයක් දරන්නාවූ, නැණවත්වූ, බැහැර කරන ලද බාහිර වචන ඇති, බිම වැටුනාවූ, දැමුනාවූ, වැටුනු ඉන්ද්‍ර කේතු (වල්ගාතරු)වක් වැනිවූ, අවසන්වූ ආයුෂ ඇති, ඉක්මගිය කෙළෙස් ඇති, බුදුසසුන කරන්නාවූ ඒ බාහිය (තෙරුන්) දැක,
|
214
‘‘භූමියං පතිතං දන්තං, ඉන්දකෙතූව පාතිතං;
ගතායුං සුක්ඛකිලෙසං
(ගතායු සංගතක්ලෙසං (සී. පී.), තදායු සඞ්කතාලෙසං (ක.)), ජිනසාසනකාරකං.
|
214 |
215
‘‘තතො ආමන්තයී සත්ථා, සාවකෙ සාසනෙ රතෙ;
‘ගණ්හථ නෙත්වා
(හුත්වා (ස්‍යා. පී. ක.)) ඣාපෙථ, තනුං සබ්‍රහ්මචාරිනො.
|
215
“ඉක්බිති ශාස්තෘතෙමේ සසුනෙහි නිරත ශ්‍රාවකයන් ඇමතීය. (අමතා) මේ සමාන බ්‍රහ්මචර්‍ය්‍යය ඇත්තහුගේ සිරුර ගනිව්. ගෙනගොස් ආදාහනය කරව්.
|
216
‘‘‘ථූපං කරොථ පූජෙථ, නිබ්බුතො සො මහාමති;
ඛිප්පාභිඤ්ඤානමෙසග්ගො, සාවකො මෙ වචොකරො.
|
216
“සෑයක් කරව්. (ඒ සෑයටද) පුදව්. ඒ මහා නුවණ ඇත්තේ පිරිනිවන් පෑවේය. මාගේ වචනය කරන්නාවූ, සුවචවූ මේ ශ්‍රාවකතෙමේ වහා දහම් අවබෝධ කරගන්නා භික්ෂුන් අතුරෙන් අග්‍රය.
|
217
‘‘‘සහස්සමපි චෙ ගාථා, අනත්ථපදසඤ්හිතා;
එකං ගාථාපදං සෙය්යො, යං සුත්වා උපසම්මති.
|
217
“අත්ථ විරහිත පදයෙන් යුක්තවූ ගාථාවෝ ඉදින් දහසෙක් නමුදු (උතුම් නොවෙති.) යම් ගාථාවක් අසා (පුද්ගලතෙමේ) සන්සිඳේද, (එබඳු) එක ගාථා පදය නමුදු ශ්‍රේෂ්ඨය.
|
218
‘‘‘යත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති;
න තත්ථ සුක්කා ජොතන්ති, ආදිච්චො න පකාසති.
|
218
“යම් තැනෙක්හි ආපෝ ධාතුවවූ ජලයද, පඨවි ධාතුව වූ පෘථිවියද, තේජෝ ධාතුවවූ ගින්නද, වායෝ ධාතුව වූ වාතයද, ස්ථිරව නොපිහිටා නම් එහි (ඔසධිතාරකා ආදී) පිරිසිදු රැස් ඇති වස්තූහු නොබබලත්. හිරු ප්රකටව නොපෙනේ.
|
219
‘‘‘න තත්ථ චන්දිමා භාති, තමො තත්ථ න විජ්ජති;
යදා ච අත්තනා වෙදි, මුනිමොනෙන බ්රාහ්මණො.
|
219
“එහි සඳු බබලයි. එහි අඳුරද නැත. (එසේම) යම් කලෙක්හි (බහා තබන ලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණයයිද, මොන්යෙය ගුණයෙන් යුත් බැවින් මුනියයිද තෙමේම දැන ගත්තේ නම් එකල්හි හේ රූපාවචර ලෝකයන්ගේද, අරූපාවචර ලෝකයන්ගේද, සැපදුක්වලින් මිදේය” යි මෙසේ තිලොවට පිළිසරණවූ (අනාථයන්ට) නාථවූ බුදුරජතෙම වදාළ සේක.
|
220
‘‘‘අථ
ඉච්චෙවං අභණී නාථො, තිලොකසරණො මුනි’’.
|
220 |
7. මහාකොට්ඨිකත්ථෙරඅපදානං | 7. කොඨිත ථේරාපදානය |
221
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
|
221
“පසැස් ඇති, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගත්තාවූ, පස්මරුන් දිනූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ පින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
|
222
‘‘ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං;
දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
|
222
“සව්සත්හට ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (සත්ත්වයන් සසරින්) එතර කරන්නාවූ, දේශනාවෙහි දක්ෂවූ, බුදුරජතෙම බොහෝ ජන සමුහයා සසරින් එතර කරවූහ.
|
223
‘‘අනුකම්පකො
සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි.
|
223
“සව් සත්හට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටුවූහ.
|
224
‘‘එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං තිත්ථියෙහි ච;
විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
|
224
“මෙසේ (එම කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤචවශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
|
225
‘‘රතනානට්ඨපඤ්ඤාසං, උග්ගතො සො මහාමුනි;
කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
|
225
“එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
|
226
‘‘වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ;
තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
|
226
“එකල්හි වර්ෂ ලක්ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මෙහි සර්වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළ සේක.
|
227
‘‘තදාහං හංසවතියං, බ්රාහ්මණො වෙදපාරගූ;
උපෙච්ච සබ්බලොකග්ගං
(සබ්බසාරග්ගං (සී.), සත්තපාරගං (පී.)), අස්සොසිං ධම්මදෙසනං.
|
227
“එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි.
|
228
‘‘තදා සො සාවකං වීරො, පභින්නමතිගොචරං;
අත්ථෙ ධම්මෙ නිරුත්තෙ ච, පටිභානෙ ච කොවිදං.
|
228
“එකල්හි ඒ වීරවූ බුදුරජතෙමේ අර්ත්ථයෙහිද, ධර්මයෙහිද, නිරුක්තියෙහිද, ප්‍රතිභානයෙහිද යන (මෙහි) දක්ෂවූ ප්‍රභේද ගත ප්‍රතිසම්භිදා ඥාන ඇති ශ්‍රාවකයෙකු,
|
229
‘‘ඨපෙසි එතදග්ගම්හි, තං සුත්වා මුදිතො අහං;
සසාවකං ජිනවරං, සත්තාහං භොජයිං තදා.
|
229
“එතදග්‍රස්ථානයෙහි තැබූහ. එය අසා ප්‍රමුදිතවූ මම එකල්හි ශ්‍රාවකයන් සහිත උතුම්වූ බුදුරජුන් සතියක් වැළඳවීමි.
|
230
‘‘දුස්සෙහච්ඡාදයිත්වාන
නිපච්ච පාදමූලම්හි, තං ඨානං පත්ථයිං අහං.
|
230
“මම බුද්ධිසාගරවූ බුදුරජුන් ශිෂ්‍යයන් සහිතව වස්ත්රයන්ගෙන් (සිවුරුවලින්) හඳවා, පාමුලෙහි වැටී, එම තනතුර පැතීමි.
|
231
‘‘තතො
විනතං පාදමූලෙ මෙ, කමලොදරසප්පභං.
|
231
“ඉක්බිති ලෝකාග්‍රවූ බුදුරජතෙම මෙසේ වදාළසේක. “මාගේ පාමුලෙහි නැමුනාවූ, පියුම් ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලව්.
|
232
‘‘‘බුද්ධසෙට්ඨස්ස
(සෙට්ඨං බුද්ධස්ස (ස්‍යා. ක.)) භික්ඛුස්ස, ඨානං පත්ථයතෙ අයං;
තාය සද්ධාය චාගෙන, සද්ධම්මස්සවනෙන
(තෙන ධම්මස්සවෙන (සී. පී. ක.)) ච.
|
232
“මෙතෙම ඒ සිව් පිළිසිඹියාවන් දත්, ශ්‍රේෂ්ඨවූ භික්ෂුවගේ තනතුර පතයි. (මෙහු තුල ඇති) එම ශ්‍රද්ධාවෙන්ද, ත්‍යාගයෙන්ද, දහම් ඇසීමෙන් (යන මෙකී ගුණ කරණකොටගෙන)
|
233
‘‘‘සබ්බත්ථ සුඛිතො හුත්වා, සංසරිත්වා භවාභවෙ;
අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙ තං මනොරථං.
|
233
“සියළු තන්හි සුව ඇත්තේව, කුදු මහත් භවයෙහි සැරිසරා, මතු කාලයෙහි මනොරථය ලබන්නෙහිය.
|
234
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
234
“මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.
|
235
‘‘‘තස්ස
කොට්ඨිකො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
235
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් කොඨිත නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය” (කියායි.)
|
236
‘‘තං සුත්වා මුදිතො හුත්වා, යාවජීවං තදා ජිනං;
මෙත්තචිත්තො පරිචරිං, සතො පඤ්ඤාසමාහිතො.
|
236
“එකල්හි එය අසා සතුටුවූයේම දිවි ඇතිතාක් මෙත් සිත් ඇත්තේ, සිහි ඇත්තේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ, බුදුරජුනට (වතාවත් කිරීම් වශයෙන්) පරිවරණය කෙළෙමි.
|
237
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
237
“මම එම කර්ම විපාකය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
238
‘‘සතානං තීණික්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං;
සතානං පඤ්චක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
|
238
“මම තෙසිය වාරයක් දිව්‍ය රාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
|
239
‘‘පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං;
සබ්බත්ථ සුඛිතො ආසිං, තස්ස කම්මස්ස වාහසා.
|
239
“(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. එම කර්මයාගේ බලයෙන් සියළු තන්හි සුඛිතවූයේ වෙමි.
|
240
‘‘දුවෙ
අඤ්ඤං ගතිං න ගච්ඡාමි, සුචිණ්ණස්ස ඉදං ඵලං.
|
240
“දෙව් අත්බැව්හිද, මිනිස් අත්බැව්හිද, (යන) දෙඅත්බැව්හි සැරිසරමි. අනික් ගතියකට නොයමි. රැස් කරන ලද පුණ්‍ය කර්මයාගේ මේ විපාකයයි.
|
241
‘‘දුවෙ කුලෙ පජායාමි, ඛත්තියෙ අථ බ්රාහ්මණෙ;
‘‘නීචෙ කුලෙ න ජායාමි, සුචිණ්ණස්ස ඉදං ඵලං.
|
241
“කැත් කුලයෙහිද, යලි බමුණු කුලයෙහිද යන (මෙම) දෙකුලයෙහි උපදිමි. නීච කුලයෙහි නොඋපදිමි. රැස් කරන ලද පුණ්‍ය කර්මයාගේ මේ විපාකයයි.
|
242
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, බ්රහ්මබන්ධු අහොසහං;
සාවත්ථියං විප්පකුලෙ, පච්චාජාතො මහද්ධනෙ.
|
242
“මම පශ්චිම භවය පැමිණි කල්හි බමුණෙක් වීමි. සැවැත්නුවර මහත් ධන ඇති බමුණු කුලයක උපන්නේය.
|
243
‘‘මාතා චන්දවතී නාම, පිතා මෙ අස්සලායනො;
යදා මෙ පිතරං බුද්ධො, විනයී සබ්බසුද්ධියා.
|
243
“මාගේ මව්තොමෝ චන්ද්රවතී නම් වූවාය. පියතෙම අස්සලා නම් විය. යම් කලෙක්හි බුදුරජතෙම මාගේ පියා සර්ව ශුද්ධියෙන් හෙවත් රහත් බවට පැමිණවීමෙන් හික්මවීද,
|
244
‘‘තදා
මොග්ගල්ලානො ආචරියො, උපජ්ඣා සාරිසම්භවො.
|
244
“එකල්හි බුදුරජුන් කෙරෙහි පහන්වූයේ අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. මෞද්ගල්‍යාන තෙමේ ආචාර්ය්ය විය. ශාරීපුත්‍ර තෙමේ උපාධ්‍යාය විය.
|
245
‘‘කෙසෙසු ඡිජ්ජමානෙසු, දිට්ඨි ඡින්නා සමූලිකා;
නිවාසෙන්තො ච කාසාවං, අරහත්තමපාපුණිං.
|
245
“කෙස් කපන කල්හි සහමුලින්ම (සක්කාය) දිට්ඨි තොමෝ සිඳින ලද්දේය. කසාවත් හඳනේ, රහත් බවට පැමිණියෙමි.
|
246
‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ ච මෙ මති;
පභින්නා තෙන ලොකග්ගො, එතදග්ගෙ ඨපෙසි මං.
|
246
“මාගේ ස්මෘති තොමෝ අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, ප්‍රතිභාණයෙහිද, වෙන වෙනම විනිවිද ගිය බැවින් ප්රභෙදගතවූවාය. එහෙයින් ලොවගපත් බුදුරජතෙම (පිළිසැඹියාපතුවන් අතුරෙන්) මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
|
247
‘‘අසන්දිට්ඨං වියාකාසිං, උපතිස්සෙන පුච්ඡිතො;
පටිසම්භිදාසු තෙනාහං, අග්ගො සම්බුද්ධසාසනෙ.
|
247
“ප්‍රතිසම්භිදාවන් විෂයයෙහි (ප්‍රශ්න) උපතිස්ස (ශාරීපුත්‍ර)යන් විසින් විචාරන ලදුයේ, නිසැකව (ඒවා) (විසඳා) පැවසීමි. එහෙයින්ම මම සම්බුදු සසුනෙහි (පිළිසිඹියා පතුවනට) අග්රවූයේ වෙමි.
|
248
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
248
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
249
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
249
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
250
‘‘පටිසම්භිදා
|
250 |
8. උරුවෙළකස්සපත්ථෙරඅපදානං | 8. ඌරුවෙල කස්සප ථේරාපදානය |
251
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
|
251
“පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගත්තාවූ, පස්මරුන් ජයගත්තාවූ, පදුමුත්තර නම බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවීය.
|
252
‘‘ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං;
දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
|
252
“සව්සත්හට ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (සත්ත්වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්ෂවූ බුදුරජතෙම බොහෝ ජන සමූහයා සසරින් එතර කරවීය.
|
253
‘‘අනුකම්පකො කාරුණිකො, හිතෙසී සබ්බපාණිනං;
සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි.
|
253
“සව්සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ එම බුදුරජතෙම, පැමිණි සියළු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටවූහ.
|
254
‘‘එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං තිත්ථියෙහි ච;
විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
|
254
“මෙසේ (එම කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤචවශිතාවන්ගෙන්) වශීභූතවූ රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
|
255
‘‘රතනානට්ඨපඤ්ඤාසං, උග්ගතො සො මහාමුනි;
කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
|
255
“එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
|
256
‘‘වස්සසතසහස්සානි
තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
|
256
“එකල්හි වර්ෂ ලක්ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මේ සර්වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළහ.
|
257
‘‘තදාහං හංසවතියා, බ්රාහ්මණො සාධුසම්මතො;
උපෙච්ච ලොකපජ්ජොතං, අස්සොසිං ධම්මදෙසනං.
|
257
“එකල්හි මම හංසවතී නගරයෙහි යහපත්යයි සම්මත බ්‍රාහ්මණයෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දහම් දෙසුම් ඇසීමි.
|
258
‘‘තදා
ඨපෙන්තං එතදග්ගම්හි, සුත්වාන මුදිතො අහං.
|
258
“එකල්හි මම (මහ පිරිස් ඇතියනට අග්‍රයයි) එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ, මහ පිරිස් ඇති බුද්ධ ශ්‍රාවකයෙකු දැක සතුටුවූයේ,
|
259
‘‘මහතා පරිවාරෙන, නිමන්තෙත්වා මහාජිනං;
බ්රාහ්මණානං සහස්සෙන, සහදානමදාසහං.
|
259
“බමුණන් දහසක් සහිතවූ මම මහ පිරිවරින් බුදුරජුන් පවරා දනක් දුනිමි.
|
260
‘‘මහාදානං දදිත්වාන, අභිවාදිය නායකං;
එකමන්තං ඨිතො හට්ඨො, ඉදං වචනමබ්රවිං.
|
260
“මහ දන්දී, බුදුරජුන් වැඳ සතුටුවූයේ, එකත් පසෙක සිටියේ මෙම වචනය කීමි.
|
261
‘‘‘තයි සද්ධාය මෙ වීර, අධිකාරගුණෙන ච;
පරිසා මහතී හොතු, නිබ්බත්තස්ස තහිං තහිං’.
|
261
“වීරයන් වහන්ස, මා විසින් ඔබවහන්සේ කෙරෙහි සැදැහැයෙන් (කරන ලද) (පූජා සත්කාර නමැති) අධිකාර ගුණයන් කරණකොටගෙන ඒ ඒ තන්හි උපදින්නාවූ මට මහත්වූ පිරිස (ඇති) වේවා.
|
262
‘‘තදා අවොච පරිසං, ගජගජ්ජිතසුස්සරො;
කරවීකරුතො සත්ථා, ‘එතං පස්සථ බ්රාහ්මණං.
|
262
“එකල්හි මේඝ ගර්ජනයකට බඳු මනාවූ (ගම්භීර) ස්වර ඇති, කුරවි කෙවිල් හඬකට බඳු (ස්වකීය) ස්වර ඇති ශාස්තෘ තෙමේ පිරිසට (අමතා) මෙසේ කීහ. “ස්වර්ණ වර්ණවූ මහා බාහු ඇති, පියුමකට බඳුවූ මුහුණු හා ඇස් ඇති, ඌධවාග්රවූ රෝම ඇති, ප්‍රීතිමත්වූ, මාගේ ගුණයෙහි සැදැහැවත්වූ මෙම බමුණා (දෙස) බලව්. මේ තෙමේ සීහඝොෂ භික්ෂුවගේ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කරයි. අනාගත කාලයෙහි ඒ අදහස ඉටුවන්නේය.
|
263
‘‘‘හෙමවණ්ණං මහාබාහුං, කමලානනලොචනං;
උදග්ගතනුජං හට්ඨං, සද්ධවන්තං ගුණෙ මම.
|
263 |
264
‘‘‘එස
අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙ තං මනොරථං.
|
264 |
265
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
265
“මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
|
266
‘‘‘තස්ස
කස්සපො නාම ගොත්තෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
266
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් කස්සප නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් තෙම වන්නේය” (කියායි.)
|
267
‘‘ඉතො ද්වෙනවුතෙ කප්පෙ, අහු සත්ථා අනුත්තරො;
අනූපමො අසදිසො, ඵුස්සො ලොකග්ගනායකො.
|
267
“මින් පෙර දෙයානූවන කපෙහි ලෝකයෙහි ශ්‍රේෂ්ඨ නායකයාණන්වූ, (මෙබඳුයයි) කීමට උපමාවක් නැත්තාවූ, සමානයයි දැක්වීමට කෙනෙක් නැත්තාවූ ඵුස්ස බුදුරජතෙම ලොව පහළවිය.
|
268
‘‘සො
වස්සතෙ අමතං වුට්ඨිං, තප්පයන්තො සදෙවකං.
|
268
“ඒ බුදුරජතෙමේද සියළු (මෝහ) අඳුරු නසා, ලෝකයෙහි ඇති මහත්වූ (තෘෂ්ණා) අවුල නිරවුල්කොට, දෙවියන් සහිත ලෝකයා පිණවමින් අමා වැසි වස්වයි.
|
269
‘‘තදා
භාතරොම්හ තයො සබ්බෙ, සංවිසට්ඨාව රාජිනො.
|
269
“එකල්හි අපි බරණැස් නුවර රාජ පුත්‍රයෝ වීමු. එසේම අපි (ඔවුනොවුනට) සොහොයුරුවූ තිදෙනෙක් වීමු. සියළු දෙන රජුගේ විශ්වාසයෝද වීමු.
|
270
‘‘වීරඞ්ගරූපා බලිනො, සඞ්ගාමෙ අපරාජිතා;
තදා කුපිතපච්චන්තො
(කුප්පති පච්චන්තො (ක.)), අම්හෙ ආහ මහීපති.
|
270
“එකල්හි කිපුනු පසල් දනව් ඇති රජතෙම, රූසපුවෙන් දිව්‍යපුත්‍රයන් සමාන ශරීර ඇති නොහොත් විරියමය (වීර්‍ය්‍යයෙන්ම කරන ලද) ශරීර ඇත්තවුන් වැනිවූ, බලවත්වූ, යුද්ධයෙහි පරාජය නොවූ අප (අමතා) මෙසේ කීය.
|
271
‘‘‘එථ ගන්ත්වාන පච්චන්තං, සොධෙත්වා අට්ටවීබලං;
ඛෙමං විජිරිතං කත්වා, පුන දෙථාති භාසථ’.
|
271
“(දරුවනි) එව්. ගොස් දාමරික සොරුන්හට බලයක්වූ වනයද, පසල් දනව්වද පිරිසිදුකොට (දාමරික බල මැඩ) මාගේ රට සෙමෙහි (තැබීම) කොට නැවත එව්” යයි කීය.
|
272
‘‘තතො මයං අවොචුම්හ, යදි දෙය්යාසි නායකං;
උපට්ඨානාය අම්හාකං, සාධයිස්සාම වො තතො.
|
272
“ඉක්බිති අපි මෙසේ කීමු. “ඉදින් ලෝකනායකවූ බුදුරජුන් උවටැන් කිරීම සඳහා අපට දෙන්නෙහි නම් ඒ හේතුවෙන් තොපගේ සතුරන් මැඩීම කරන්නෙමුය” (කියායි.)
|
273
‘‘තතො මයං ලද්ධවරා, භූමිපාලෙන පෙසිතා;
නික්ඛිත්තසත්ථං පච්චන්තං, කත්වා පුනරුපච්ච තං.
|
273
ඉක්බිති ලබන ලද වර ඇති අපි රජු විසින් මෙහෙයවන ලද්දාවූ, කුපිතවූ පසල් දනව් වැසි දාමරිකයන් බහා තබන ලද අවි ඇත්තවුන් කොට පෙරළා අවුත් රජුගෙන් එම බුදේධාපස්ථානය අයැද, ලෝකනායකවූ ඒ බුදුරජුන් ලැබ දිවි ඇතිතාක් පූජා පැවැත්වීමු.
|
274
‘‘යාචිත්වා සත්ථුපට්ඨානං, රාජානං ලොකනායකං;
මුනිවීරං ලභිත්වාන, යාවජීවං යජිම්හ තං.
|
274 |
275
‘‘මහග්ඝානි ච වත්ථානි, පණීතානි රසානි ච;
සෙනාසනානි රම්මානි, භෙසජ්ජානි හිතානි ච.
|
275
“දැහැමෙන් උපයන ලද මාහැඟි වස්ත්‍රද, ප්‍රණීත රසයන්ද, මනරම් සෙනසුන්ද, (සිරුරට) හිත බෙහෙත්ද සංඝයා සහිත බුදුරජුන්හට දී, සිල්වත්වූවාහු, කාරුණිකවූවාහු, භාවනාවෙහි යෙදූ සිත් ඇත්තාහු, හැම කල්හි මෙත් සිතින් යුතුව ලෝකනායකවූ බුදුරජුන්හට පරිවරණය (වතාවත්) කොට, එම බුදුරජුන් පිරිනිවි කල්හිද හැකි පමණින් පූජාකොට,
|
276
‘‘දත්වා සසඞ්ඝමුනිනො
(සසංඝස්ස මුනෙ (සී. පී.)), ධම්මෙනුප්පාදිතානි නො;
සීලවන්තො කාරුණිකා, භාවනායුත්තමානසා.
|
276 |
277
‘‘සද්ධා පරිචරිත්වාන, මෙත්තචිත්තෙන නායකං;
නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ, පූජං කත්වා යථාබලං.
|
277 |
278
‘‘තතො
අනුභූතා මයං සබ්බෙ, බුද්ධපූජායිදං ඵලං.
|
278
“අපි සියල්ලෝ ඉන් සැව තුෂිත දෙව්ලොවට ගියාහු එහි මහත්වූ සැප අනුභව කළාහුය. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
279
‘‘මායාකාරො
තථා භවෙ භමන්තොහං
(ගමෙන්තොහං (ක.), භවන්තොහං (ස්‍යා.)), විදෙහාධිපතී අහුං.
|
279
“යම්සේ මායාකාරයෙක් රඟමඬලෙහි බොහෝ විකාර දක්වාද, එසේම භවයෙහි කැරකෙන්නාවූ මම විදෙහ රටෙහි අධිපතියා වීමි.
|
280
‘‘ගුණාචෙළස්ස වාක්යෙන, මිච්ඡාදිට්ඨිගතාසයො;
නරකං මග්ගමාරූළ්හො, රුචාය මම ධීතුයා.
|
280
“ගුණ නම් අචෙලකයාගේ වචනය කරණකොටගෙන මිසදිටු බැව්හි ගිය සිත් ඇත්තේ, වැරදි මගට පිළිපන්නේ, රුජා නම් මාගේ දුවගේ අවවාදය නොපිළිගෙන (මහා) නාරද (කාශ්‍යප) බ්‍රහ්මයා විසින් නොයෙක් අයුරින් අනුසස්නා ලද්දේ, පවිටු මිසදිටු (බව) හැර
|
281
‘‘ඔවාදං නාදියිත්වාන, බ්රහ්මුනා නාරදෙනහං;
බහුධා සංසිතො සන්තො, දිට්ඨිං හිත්වාන පාපිකං.
|
281 |
282
‘‘පූරයිත්වා
හිත්වාන දෙහමගමිං, සග්ගං සභවනං යථා.
|
282
“මම වෙසෙසින් දශකර්ම පථයන් පුරා (මිනිස්) සිරුර හැර සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්ගයට ගියෙමි.
|
283
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, බ්රහ්මබන්ධු අහොසහං;
බාරාණසියං ඵීතායං, ජාතො විප්පමහාකුලෙ.
|
283
“පශ්චිම භවය පැමිණි කල්හි මම බ්‍රාහ්මණයෙක් වීමි. සමෘද්ධවූ බාරාණසී නගරයෙහි බමුණු මහසල් කුලෙහි උපන්නේ,
|
284
‘‘මච්චුබ්යාධිජරා භීතො, ඔගාහෙත්වා මහාවනං
(ජහිත්වාන මහාධනං (සී.), ජහිත්වා ච මහාධනං (පී.));
නිබ්බානං පදමෙසන්තො, ජටිලෙසු පරිබ්බජිං.
|
284
“මරණය, ව්‍යාධිය, ජරාව යන මෙයින් බියවූයේ, මහත්වූ ධනය හැර නිර්වාණ පදය සොයන්නේ (ජටාධර තවුසන්වූ) ජටිලයන් කෙරෙහි පැවිදිවීමි.
|
285
‘‘තදා ද්වෙ භාතරො මය්හං, පබ්බජිංසු මයා සහ;
උරුවෙළායං මාපෙත්වා, අස්සමං නිවසිං අහං.
|
285
“එකල්හි මාගේ සහෝදරයෝ මා සමග පැවිදිවූහ. මම උරුවෙලායෙහි අසපුවක් ඉදිකොට (එහි) විසීමි.
|
286
‘‘කස්සපො නාම ගොත්තෙන, උරුවෙළනිවාසිකො
(උරුවෙළාය නිවසිං (ස්‍යා.));
තතො මෙ ආසි පඤ්ඤත්ති, උරුවෙළකස්සපො ඉති.
|
286
“උරුවෙලාවෙහි වසන්නාවූ මම ගොත්‍රයෙන් කාශ්‍යප නම් වීමි. එහෙයින් මට උරුවෙල කස්සප යන ප්රඥප්තිය (නම) විය.
|
287
‘‘නදීසකාසෙ භාතා මෙ, නදීකස්සපසව්හයො;
ආසී සකාසනාමෙන, ගයායං ගයාකස්සපො.
|
287
“මාගේ සොහොයුරු තෙමේ ගඞ්ගානදිය සමීපයෙහි (විසූ බැවින්) නදීකස්සප නම් විය. ගයාවෙහි විසූ කාශ්‍යප තෙමේ සමීප නාමයෙන් ගයා කාශ්‍යප නම් විය.
|
288
‘‘ද්වෙ
මම පඤ්ච සතානූනා, සිස්සා සබ්බෙ මමානුගා.
|
288
“කණිටු ගයා කාශ්‍යප දෙසියයක්ද, මැදිබෑ නදී කාශ්‍යපට තුන්සියයක්ද, මට නොඅඩුවූ පන්සියයක්දැයි (දහසක්වූ) සියළු ශිෂ්‍යයෝ මා අනුව ගියාහුය.
|
289
‘‘තදා උපෙච්ච මං බුද්ධො, කත්වාන විවිධානි මෙ
(කත්වා නානාවිධානි මෙ (සී.));
පාටිහීරානි ලොකග්ගො, විනෙසි නරසාරථි.
|
289
“එකල්හි පුරිසධම්මසාරථීවූ, ලෝකාග්‍රවූ බුදුරජතෙමේ මාගේ සමීපයට එළඹ, නන්වැදෑරුම් ප්‍රාතිහාර්‍ය්‍යයන් කොට මා හික්මවූහ.
|
290
‘‘සහස්සපරිවාරෙන, අහොසිං එහිභික්ඛුකො;
තෙහෙව සහ සබ්බෙහි, අරහත්තමපාපුණිං.
|
290
“මම පිරිවර සහිතව එහිභික්ෂුභාවයෙන් පැවිදිවීමි. එම සියළුදෙනා සමගම රහත්බවටද පැමිණියෙමි.
|
291
‘‘තෙ
සාසිතුඤ්ච සමත්ථොහං, තතො මං ඉසිසත්තමො.
|
291
“එම ශිෂ්‍යයෝද, අනික් බොහෝ දෙනද, මා පිරිවැරූහ. මම (ඔවුනට) අනුශාසනා කිරීමට සමර්ත්ථ වෙමි. ඉක්බිති (විපස්සී බුදුරජුන් පටන් සත්වැනිවූ බැවින්) ඎෂීසත්තමවූ (ගෞතම බුදුරජතෙමේ)
|
292
‘‘මහාපරිසභාවස්මිං
අහො බුද්ධෙ කතං කාරං, සඵලං මෙ අජායථ.
|
292
“මහ පිරිස් ඇති බැව්හි මා එතදග්‍ර ස්ථානයෙහි තැබූහ. ආශ්චර්‍ය්‍යයකි. බුදුරජුන් කෙරෙහි කරන ලද මාගේ පුණ්‍ය කර්මය සඵලවිය.
|
293
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
293
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
294
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
294
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
295
‘‘පටිසම්භිදා
|
295 |
9. රාධත්ථෙරඅපදානං | 9. රාධ ථේරාපදානය |
296
‘‘පදුමුත්තරො
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
|
296
“පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගන්නාවූ, පස්මරුන් ජයගත්තාවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවූහ.
|
297
‘‘ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං;
දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
|
297
“සව් සත්හට ඔවා දෙන්නාවූ, දහම් පිළිවිදුවන්නාවූ, (සත්ත්වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්ෂවූ, බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා සසරින් එතර කරවූහ.
|
298
‘‘අනුකම්පකො කාරුණිකො, හිතෙසී සබ්බපාණිනං;
සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි.
|
298
“සව් සත්හට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ, (එම බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටුවූහ.
|
299
‘‘එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං තිත්ථියෙහි ච;
විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
|
299
“මෙසේ (එම කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවාක් විය.
|
300
‘‘රතනානට්ඨපඤ්ඤාසං, උග්ගතො සො මහාමුනි;
කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
|
300
“එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
|
301
‘‘වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ;
තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
|
301
“එකල්හි වර්ෂ ලක්ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මෙම සර්වඥතෙමෙ බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක
|
302
‘‘තදාහං හංසවතියං, බ්රාහ්මණො මන්තපාරගූ;
උපෙච්ච තං නරවරං, අස්සොසිං ධම්මදෙසනං.
|
302
“එකල්හි මම හංසවතී නගරයෙහි (වේද) මන්ත්‍රයන්හි තෙරපත් බමුණෙක් වූයේ, එම බුදුරජුන් වෙත එළඹ දහම් ඇසීය.
|
303
‘‘පඤ්ඤපෙන්තං මහාවීරං, පරිසාසු විසාරදං;
පටිභානෙය්යකං භික්ඛුං, එතදග්ගෙ විනායකං.
|
303
“මහත් වීර්‍ය්‍ය ඇති, පිරිස්හි විශාරදවූ, විශිෂ්ඨ නායකත්වය ඇති, (පටිභාණෙය්‍යක භික්ෂූන් අතුරෙන් මෙම භික්ෂුව අග්‍රයයි) එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ පටිභාණෙය්‍යක වැටහීම ඇති භික්ෂුවක් දැක,
|
304
‘‘තදාහං කාරං කත්වාන, සසඞ්ඝෙ ලොකනායකෙ;
නිපච්ච සිරසා පාදෙ, තං ඨානං අභිපත්ථයිං.
|
304
“එකල්හි මම සංඝයා සහිත ලෝක නායකයන් වහන්සේ කෙරෙහි අධිකාරකම් කොට සිරසින් පාමුල වැටී හෙවත්, හිස පාමුල තබා එම තනතුර පැතීමි.
|
305
‘‘තතො
සරෙන රජනීයෙන, කිලෙසමලහාරිනා.
|
305
“ඉක්බිති දිව්‍ය ස්වර්ණයනට වඩා ශ්‍රේෂ්ඨ, සිංගී නම් ස්වර්ණ නිෂ්කයක (කලන් විස්ස හෝ විසිපහ නිෂ්කයයි.) පැහැයට බඳු පැහැ ඇති භාග්‍යවත් තෙමේ, කෙළෙස් මල හරනාවූ (සිත්) රැඳවිය යුතු (මිහිරි) ස්වරයෙන්,
|
306
‘‘‘සුඛී
සසඞ්ඝෙ මෙ කතං කාරං, අතීව විපුලං තයා.
|
306
“සුවපත් වේවා, දීර්ඝායු වේවා, තාගේ පැතුම් සිදුවේවා, සංඝයා සහිතවූ මා කෙරෙහි කරණලද පූර්ව කර්මය (ආනිශංස වශයෙන්) අති මහත්ය.
|
307
‘‘‘සතසහස්සිතො
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
307
“මින් (මතු) සියක් දහස්වන කපෙහි, ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
|
308
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
රාධොති නාමධෙය්යෙන, හෙස්සති සත්ථු සාවකො.
|
308
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, රාධඝන නම්න් යුත් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
|
309
‘‘‘ස තෙ හෙතුගුණෙ තුට්ඨො, සක්යපුත්තො නරාසභො
(ඉදං පාදද්වයං ස්යාමමූලෙ නත්ථී);
පටිභානෙය්යකානග්ගං, පඤ්ඤපෙස්සති නායකො’.
|
309
“ඔහුග් හේතු සම්පත්තියෙහි හා ගුණයෙහි තුටුවූ, ශාක්‍ය පුත්‍රවූ, නර ශ්‍රේෂ්ඨවූ, ඒ බුදුරජතෙම පටිභාණෙය්‍යක භික්ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාහ” (කියායි.)
|
310
‘‘තං සුත්වා මුදිතො හුත්වා, යාවජීවං තදා ජිනං;
මෙත්තචිත්තො පරිචරිං, සතො පඤ්ඤාසමාහිතො.
|
310
“එය අසා සතුටුවූ එකල්හි මෙත් සිත් ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, ප්‍රඥාවත්වූයේ, දිවි ඇතිතාක් බුදුරජුන්හට පරිවරණය (සේවය) කෙළෙමි.
|
311
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
311
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති (වශයෙන්) ගියෙමි.
|
312
‘‘සතානං තීණික්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං;
සතානං පඤ්චක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
|
312
“මම තෙසිය වාරයක් දිව්‍ය රාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
|
313
‘‘පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං;
සබ්බත්ථ සුඛිතො ආසිං, තස්ස කම්මස්ස වාහසා.
|
313
“(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (ගණන් වශයෙන්) මෙතෙකැයි ගිණිය නොහැකිය. එම කර්මයාගේ බලයෙන් සියළු තන්හි සුව ඇත්තේ වෙමි.
|
314
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, ගිරිබ්බජපුරුත්තමෙ;
ජාතො විප්පකුලෙ නිද්ධෙ, විකලච්ඡාදනාසනෙ.
|
314
“පශ්චිම භවය පැමිණි කල්හි උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි දුර්ලභවූ වස්ත්‍ර ආහාර ඇති සමෘද්ධ නොවූ බමුණු කුලයක උපන්නේ,
|
315
‘‘කටච්ඡුභික්ඛං පාදාසිං, සාරිපුත්තස්ස තාදිනො;
යදා
|
315
“තාදී ගුණ ඇති සැරියුත් තෙරුන්හට හැන්දක් පමණවූ පිණ්ඩදානය දුනිමි. යම් කලෙක්හි මම ජීර්ණවූයෙම්ද, වෘද්ධවූයෙම්ද, එකල්හි ආරාමයට එළඹියෙමි.
|
316
‘‘පබ්බජති න මං කොචි
(පබ්බාජෙන්ති න මං කෙචි (සී. ස්‍යා පී.)), ජිණ්ණදුබ්බලථාමකං;
තෙන දීනො විවණ්ණඞ්ගො
(විවණ්ණකො (ක.)), සොකො චාසිං තදා අහං.
|
316
“එකල්හි ජීර්ණවූ, දුර්වලව ගිය බල ඇති මා කිසිවෙක් පැවිදි නොකරත්. එහෙයින් මම බැගෑපත්වූයේ, දුර්වර්ණ සිරුරු ඇත්තේ, ශෝකීවූයේද වීමි.
|
317
‘‘දිස්වා මහාකාරුණිකො, මමමාහ
(මමාහ සො (සී.), මමාහ ච (පී.)) මහාමුනි;
‘කිමත්ථං පුත්තසොකට්ටො, බ්රූහි තෙ චිත්තජං රුජං’.
|
317
“මහා කාරුණීකවූ බුදුරජතෙම මා දැක මෙසේ වදාළ සේක. “පුත, කුමක් පිණිස සොවින් ආතුරවූයෙහිද? ඔබගේ සිතෙහි හටගත් රිදුම (කුමක්දැයි) කියනු මැනව” (කියායි).
|
318
‘‘‘පබ්බජ්ජං න ලභෙ වීර, ස්වාක්ඛාතෙ තව සාසනෙ;
තෙන සොකෙන දීනොස්මි, සරණං හොහි නායක’.
|
318
“වීරයන් වහන්ස, ස්වාක්ඛාතවූ ඔබවහන්සේගේ සසුනෙහි පැවිද්ද නොලබන්නෙමි. එම ශෝකය කරණකොටගෙන බැගෑපත්වූයේ වෙමි. (ලෝක) නායකයන් වහන්ස, (මට) පිහිටවනු මැනව” යි (කීය.)
|
319
‘‘තදා
‘ඉමස්ස අධිකාරං යෙ, සරන්ති බ්යාහරන්තු තෙ’.
|
319
“එකල්හි (විපස්සී බුදුරජුන් පටන් සත්වැනිවූ) ගෞතම බුදුරජතෙමේ භික්ෂූන් කැඳවා, “යම් කෙනෙක් මොහුගේ කිසියම් උපකාරයක් සිහි කෙරෙත්නම් ඔහු එම උපකාරය පවසත්වා” යි වදාළ සේක.
|
320
‘‘සාරිපුත්තො
කටච්ඡුභික්ඛං දාපෙසි, පිණ්ඩාය චරතො මම’.
|
320
“එකල්හි සැරියුත් තෙමේ මෙසේ කීහ. “ඔහුගේ උපකාරයක් මම සිහිකරමි. (දිනක්) පිඬු පිණිස හැසිරෙන්නාවූ මට (හේ) හැන්දක් පමණ පිඬු දෙවීය” (කියායි.’
|
321
‘‘‘සාධු සාධු කතඤ්ඤූසි, සාරිපුත්ත ඉමං තුවං;
පබ්බාජෙහි දිජං වුඩ්ඪං, හෙස්සතාජානියො අයං’.
|
321
“සාධු, සාධු, ශාරීපුත්‍රයෙනි. ඔබ කළගුණ දන්නෙහිය. මේ වෘද්ධ බ්‍රාහ්මණයා පැවිදි කරන්න. මෙතෙම ශ්‍රේෂ්ඨයෙක් වන්නේය” යි (වදාළ සේක.)
|
322
‘‘තතො
න චිරෙනෙව කාලෙන, පාපුණිං ආසවක්ඛයං.
|
322
“ඉක්බිති පැවිද්දද, කර්මවාචා උපසම්පත්තියද ලැබීමි. නොබෝ කලකින්ම ආශ්රවක්ෂය (නිවණට) පැමිණියෙමි.
|
323
‘‘සක්කච්චං මුනිනො වාක්යං, සුණාමි මුදිතො යතො;
පටිභානෙය්යකානග්ගං, තතො මං ඨපයී ජිනො.
|
323
“යම්හෙයකින් සකසා බුදුරජුන්ගේ වචනය මුදිතවූයේ අසමද, එහෙයින් බුදුරජතෙම මා වහා වැටහෙන නුවණක් ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයයි තැබූහ.
|
324
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
324
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
325
‘‘ස්වාගතං
|
325
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
326
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
326 |
10. මොඝරාජත්ථෙරඅපදානං | 10. මොඝරාජ ථේරාපදානය |
327
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බලොකවිදූ මුනි;
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
|
327
“පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගත්තාවූ, පස්මරුන් ජයගත්තාවූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවූහ.
|
328
‘‘ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං;
දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
|
328
“සව්සත්නට ඔවා දෙන්නාවූ, දහම් පිළිවිදුවන්නාවූ, (සත්ත්වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්ෂවූ බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා සසර සයුරින් එතර කරවූහ.
|
329
‘‘අනුකම්පකො කාරුණිකො, හිතෙසී සබ්බපාණිනං;
සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි.
|
329
“සව්සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්ථකයින් පන්සිල්හි පිහිටවූහ.
|
330
‘‘එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං තිත්ථියෙහි ච;
විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
|
330
“මෙසේ (එම කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤ්චවශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
|
331
‘‘රතනානට්ඨපඤ්ඤාසං
කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
|
331
“එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහ පුරිස් ලකුණු ඇත්තේය.
|
332
‘‘වස්සසතසහස්සානි
තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
|
332
“එකල්හි වර්ෂ ලක්ෂයක් ආයුෂ වෙයි. ඒ තාක් කල් වැඩහුන්නාහු, මෙම සර්වඥ තෙමේ බොහෝ ජන සමූහයා (සසරින) එතර කළහ.
|
333
‘‘තදාහං
පරකම්මායනෙ යුත්තො, නත්ථි මෙ කිඤ්චි සංධනං.
|
333
“එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක උපනිමි. අනුන්ගේ බැල මෙහෙ කිරීමෙහි යෙදුනේ, මට කිසිදු ස්වකීය ධනයක් නැත.
|
334
‘‘පටික්කමනසාලායං, වසන්තො කතභූමියං;
අග්ගිං උජ්ජාලයිං තත්ථ, දළ්හං කණ්හාසි සා
(කණ්හා සියා (සී. පී.), ඩය්හකණ්හා සිලා (ස්‍යා.)) හී.
|
334
“ආසන ශාලාවෙහි (පිරියම්) නොකළ බිමෙහි වසන්නේ එහි ගිනි දැල්වීමි. පොළොව දැඩිසේ කළුවිය.
|
335
‘‘තදා පරිසතිං නාථො, චතුසච්චපකාසකො;
සාවකං සම්පකිත්තෙසි, ලූඛචීවරධාරකං.
|
335
“එකල්හි සිව්සස් පවසන්නාවූ බුදුරජතෙමේ, පිරිස් මැදෙහි රළු සිවුරු දරන්නාවූ සව්වෙකුට පැසසූහ.
|
336
‘‘තස්ස තම්හි ගුණෙ තුට්ඨො, පණිපච්ච
(පතිපජ්ජ (ස්‍යා.)) තථාගතං;
ලූඛචීවරධාරග්ගං, පත්ථයිං ඨානමුත්තමං.
|
336
“(මම) ඔහුගේ එම ගුණයෙහි සතුටුවූයේ, තථාගතයන් නැමී වැඳ, රූක්ෂචීවරධාරී භික්ෂූන් අතුරෙන් අග්‍රවූ එම උතුම් තනතුර පැතීමි.
|
337
‘‘තදා අවොච භගවා, සාවකෙ පදුමුත්තරො;
‘පස්සථෙතං පුරිසකං, කුචෙලං තනුදෙහකං.
|
337
“එකල්හි පදුමුත්තර බුදුරජතෙමේ සව්වනට (මෙසේ) වදාළ සේක. “වැරහැලිවූ වස්ත්‍ර ඇති, සිහින් සිරුර ඇති, ප්‍රීතියෙන් පැහැදුනු මුහුණු ඇති, ශ්‍රද්ධා ධනයෙන් යුත්, ඌර්ධර්වාග්රවූ රෝම ඇති, සතුටුවූ, නිශ්චලවූ, සල් ගෙඩියක් අතින් ගත්තාවූ මෙතෙම රූක්ෂචීවරධාරීවූ, සත්යසේන නම් භික්ෂුවගේ එම (චීවර) වර්ණයට ඇදී ගිය සිත් ඇත්තේ ඒ තනතුර පතයි” යි (කියායි.)
|
338
‘‘‘පීතිප්පසන්නවදනං
උදග්ගතනුජං හට්ඨං, අචලං සාලපිණ්ඩිතං.
|
338 |
339
‘‘‘එසො පත්ථෙති තං ඨානං, සච්චසෙනස්ස භික්ඛුනො;
ලූඛචීවරධාරිස්ස, තස්ස වණ්ණසිතාසයො
(වණ්ණගතාසයො (සී. ස්‍යා. පී.)).
|
339 |
340
‘‘තං සුත්වා මුදිතො හුත්වා, නිපච්ච සිරසා ජිනං;
යාවජීවං සුභං කම්මං, කරිත්වා ජිනසාසනෙ.
|
340
“එය අසා සතුටුවූයේම බුදුරජුන් හිස නමා නැමී වැඳ, බුදු සසුන්හි දිවි ඇතිතාක් යහපත්වූ කර්ම කොට,
|
341
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගො අහං.
|
341
“මම මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියේ වෙමි.
|
342
‘‘පටික්කමනසාලායං, භූමිදාහකකම්මුනා;
සමසහස්සං නිරයෙ, අදය්හිං වෙදනාට්ටිතො.
|
342
“ආසන ශාලාවෙහි බිම දැවීමේ කර්මය කරණකොටගෙන, දුක් වේදනාවෙන් පීඩිතවූයේ, සත සහශ්‍ර වර්ෂයක් (අවුරුදු දහසක්) නිරයෙහි දැවුනෙමි.
|
343
‘‘තෙන
මනුස්සො කුලජො හුත්වා, ජාතියා ලක්ඛණඞ්කිතො.
|
343
“මම ශේෂවූ එම කර්මයෙන් පන්සියයක් ජාතීන්හි කුලවත් මිනිසෙක්ව උපතින්ම සිරුරෙහි ලප ඇත්තෙක් වීමි.
|
344
‘‘පඤ්ච
මහාදුක්ඛං අනුභවිං, තස්ස කම්මස්ස වාහසා.
|
344
“පන්සියයක් ජාතීන්හි කුෂ්ඨ රෝගයෙන් ආතුරවූයේ, එම කර්මයාගේ බලයෙන්ම මහත් දුක් වින්දෙමි.
|
345
‘‘ඉමස්මිං භද්දකෙ කප්පෙ, උපරිට්ඨං යසස්සිනං;
පිණ්ඩපාතෙන තප්පෙසිං, පසන්නමානසො අහං.
|
345
“පැහැදි සිත් ඇති මම මෙම භද්‍ර කල්පයෙහි උපරිට්ඨ (පසේ)බුදුරජුන් පිණ්ඩපාතයෙන් තෘප්තියට පැමිණවීම කෙළෙමි.
|
346
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
346
“එම විශේෂ කර්මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
347
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, අජායිං ඛත්තියෙ කුලෙ;
පිතුනො අච්චයෙනාහං, මහාරජ්ජසමප්පිතො.
|
347
“පශ්චිම භවය පැමිණි කල්හි කැත් කුලෙහි උපනිමි. පියාගේ ඇවෑමෙන් මම මහරජබවට පැමිණියේ වෙමි.
|
348
‘‘කුට්ඨරොගාධිභූතොහං, න රතිං න සුඛං ලභෙ;
මොඝං රජ්ජං සුඛං යස්මා, මොඝරාජා තතො අහං.
|
348
“මම කුෂ්ඨ රෝගයෙන් වැඩුනේ (රජ සැපෙහි) ඇල්මක් නොලබමි. සුවයක්ද නොලබමි. යම් හෙයකින් රජ සුවය හිස්වීද, එහෙයින් මම මොඝරාජ නම් වීමි.
|
349
‘‘කායස්ස දොසං දිස්වාන, පබ්බජිං අනගාරියං;
බාවරිස්ස දිජග්ගස්ස, සිස්සත්තං අජ්ඣුපාගමිං.
|
349
“ශරීරයාගේ දොස් දැක අනගාර්‍ය්‍ය නම්වූ (බාහිර) සසුනෙහි පැවිදිවීමි. බාවාරි නම් ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙකු බවට පැමිණියෙමි.
|
350
‘‘මහතා පරිවාරෙන, උපෙච්ච නරනායකං;
අපුච්ඡිං නිපුණං පඤ්හං, තං වීරං වාදිසූදනං.
|
350
“මහත්වූ පිරිවර සහිතව බුදුරජුන් වෙත එළඹ, වාදීන් මඩින්නාවූ එම වීරයන් වහන්සේගෙන් සියුම් ප්‍රශ්ණයක් විචාළෙමි.
|
351
‘‘‘අයං ලොකො පරො ලොකො, බ්රහ්මලොකො සදෙවකො;
දිට්ඨිං නො
(දිට්ඨා නො (සී.), දිට්ඨං නො (පී.), දිට්ඨිං තෙ (ස්‍යා.)) නාභිජානාමි, ගොතමස්ස යසස්සිනො.
|
351
“මෙම (මිනිස්) ලොවද, (ඉන් පිටත්) පරලොවද, දෙව්ලොව සහිතවූ බඹලොවද, (ඔබවහන්සේගේ නුවණින්) දතයුතුය. හෙතෙම සර්වඥවූ ඔබවහන්සේගේ (ඒ පිළිබඳ) හැඟීම (කුමක්දැයි) නොදනිමි.
|
352
‘‘‘එවාභික්කන්තදස්සාවිං
කථං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සති’.
|
352
“(දෙවියන් සහිත ලෝකයාගේ ආසයානුසය චරිතාධිමුක්ති ආදීන් දැකීමෙහි සමත් බැවින්) මෙසේ මනා දැකුම් ඇති (ඔබවහන්සේගේ) ප්‍රශ්න කිරීමෙන් (ඥාන) ආගමයක් (නුවණ පහළවීමක්) ඇත. ලෝකය කෙසේ දකින්නා මෘත්‍යුරාජයා නොදකීද,
|
353
‘‘‘සුඤ්ඤතො
අත්තානුදිට්ඨිං උහච්ච, එවං මච්චුතරො සියා.
|
353
“මොඝරාජ හැමකල්හි සිහි ඇත්තේ සක්කාය දෘෂ්ඨිය ඇතිකොට (නොවසඟයෙහි පවත්නා බැවින් හෝ සංස්කාරයන්ගේ අසාර බැවින්) හිස් (ශූන්‍ය) වූවක් ලෙස ලෝකය දෙස බලනු මැනව. මෙසේ (ඇති කල්හි) ඉක්මවූවෙක් වන්නේයයි” සියළු සසර රෝගයනට වෛද්‍යවරයෙකු (වැනි)වූ බුදුරජතෙම මට මෙසේ වදාළ සේක.
|
354
‘‘‘එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සති’;
ඉති මං අභණි බුද්ධො, සබ්බරොගතිකිච්ඡකො.
|
354 |
355
‘‘සහ ගාථාවසානෙන, කෙසමස්සුවිවජ්ජිතො;
කාසාවවත්ථවසනො, ආසිං භික්ඛු තථාරහා.
|
355
“(මෙම) ගාථාව දෙසා අවසාන වෙනවාත් සමගම කෙස් රැවුල් විරහිතවූයේ, කසාවත් හැඳුනේ, එබඳුවූ රහත් භික්ෂුවක් වීමි.
|
356
‘‘සඞ්ඝිකෙසු විහාරෙසු, න වසිං රොගපීළිතො;
මා විහාරො පදුස්සීති, වාතරොගෙහි පීළිතො
(වාචායාභිසුපීළිතො (ස්‍යා. පී.), වාතරොගී සුපීළිතො (ක.)).
|
356
“(කුෂ්ඨ) රෝගයෙන් පෙළුනාවූ මම වාත රෝගයකිනුදු පීඩිතවූයේ, “විහාරය කිලිටි නොවේවා” යි සංඝීක විහාරයන්හි නොවිසීමි.
|
357
‘‘සඞ්කාරකූටා
තතො සඞ්ඝාටිං කරිත්වා, ධාරයිං ලූඛචීවරං.
|
357
“කසලගොඩින්ද, සොහොනින්ද, වීදිවලින්ද, (රෙදි කැබලි) ගෙනවුත් ඉන් සඟල සිවුරක් කොට රූක්ෂ චීවරයක් දැරීමි.
|
358
‘‘මහාභිසක්කො තස්මිං මෙ, ගුණෙ තුට්ඨො විනායකො;
ලූඛචීවරධාරීනං, එතදග්ගෙ ඨපෙසි මං.
|
358
“මාගේ එම ගුණයෙහි සතුටුවූ, සසර ලෙඩට අග්‍ර වෛද්යකවූ, ලෝකනායක බුදුරජතෙමේ මා රූක්ෂ චීවරධාරීන් අතුරෙන් අග්‍රයයි එතදග්‍රස්ථානයෙහි තැබූහ.
|
359
‘‘පුඤ්ඤපාපපරික්ඛීණො, සබ්බරොගවිවජ්ජිතො;
සිඛීව අනුපාදානො, නිබ්බායිස්සමනාසවො.
|
359
“කුසලාකුසල කර්ම රැස්කිරීම නැතිවූයේ, සියළු රෝගයන්ගෙන් වෙන්වූයේ, දර නොමැති ගින්නක් මෙන් ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නෙමි.
|
360
‘‘කිලෙසා
|
360
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
361
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
361
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
|
362
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
362 |