ත්‍රිපිටකය
49. පංසුකූලවග්ගො 49. පංසුකූල වග්ග
1. පංසුකූලසඤ්ඤකත්ථෙරඅපදානං 1. පංසුකූල සඤ්ඤක ථේරාපදානය
2. බුද්ධසඤ්ඤකත්ථෙරඅපදානං 2. බුද්ධ සඤ්ඤක ථේරාපදානය
3. භිසදායකත්ථෙරඅපදානං 3. භිසදායක ථේරාපදානය
4. ඤාණථවිකත්ථෙරඅපදානං 4. ඤාණත්‍ථවික ථේරාපදානය
5. චන්දනමාලියත්ථෙරඅපදානං 5. චන්‍දන මාලිය ථේරාපදානය
6. ධාතුපූජකත්ථෙරඅපදානං 6. ධාතු පූජක ථේරාපදානය
7. පුලිනුප්පාදකත්ථෙරඅපදානං 7. පුලිනුප්පාද ථේරාපදානය
8. තරණියත්ථෙරඅපදානං 8. තරණිය ථේරාපදානය
9. ධම්මරුචියත්ථෙරඅපදානං 9. ධම්මරුචි ථේරාපදානය
164
‘‘යදා දීපඞ්කරො බුද්ධො, සුමෙධං බ්‍යාකරී ජිනො;
‘අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
164
“යම් කලෙක්හි පස්මරුන් දිනූ දීපඞ්කර බුදුරජතෙම සුමේධ තවුසාහට මෙය (විවරණ වශයෙන්) ප්‍රකාශ කළහ. (කෙසේද යත්?) මින් අපරිමෙය්‍ය කල්පයෙහි මෙතෙම බුදුවන්නේය.
165
‘‘‘ඉමස්ස ජනිකා මාතා, මායා නාම භවිස්සති;
පිතා සුද්ධොදනො නාම, අයං හෙස්සති ගොතමො.
165
“(එකල්හි) මොහුගේ ජනක මාතාව මායා නම් වන්නීය. පියතෙම සුදේ‍ධාදන නම් වන්නේය. මෙතෙම ගෞතම නම් වන්නේය.
166
‘‘‘පධානං පදහිත්වාන, කත්වා දුක්කරකාරිකං;
අස්සත්ථමූලෙ සම්බුද්ධො, බුජ්ඣිස්සති මහායසො.
166
“වීර්‍ය්‍ය වඩා, දුෂකර ක්‍රියා කොට, ඇසතු බෝරුක් මුල්හිදී මහත් යසස් ඇති මෙතෙම සම්‍යක් සම්බුද්‍ධ වන්නේය.
167
‘‘‘උපතිස්සො කොලිතො ච, අග්ගා හෙස්සන්ති සාවකා;
ආනන්දො නාම නාමෙන (ආනන්දො නාමුපට්ඨාකො (ස්‍යා.)), උපට්ඨිස්සතිමං ජිනං.
167
“උපතිස්ස තෙමේද, කෝලිත තෙමේද අග්‍රශ්‍රාවකයෝ වන්නාහුය. මේ බුදුරජුන්හට ආනන්‍ද නම් තැනැත්තේ උවටැන් කරන්නේය.
168
‘‘‘ඛෙමා උප්පලවණ්ණා ච, අග්ගා හෙස්සන්ති සාවිකා;
චිත්තො ආළවකො චෙව, අග්ගා හෙස්සන්තුපාසකා.
168
“ඛෙමා තොමෝද, උත්පලවර්‍ණා තොමෝද අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහුය. චිත්ත තෙමේද, ආලවක තෙමේද අග්‍රොපාසකයෝ වන්නාහුය.
169
‘‘‘ඛුජ්ජුත්තරා නන්දමාතා, අග්ගා හෙස්සන්තුපාසිකා;
බොධි ඉමස්ස වීරස්ස, අස්සත්ථොති පවුච්චති’.
169
“ඛුජ්ජුත්තරාවෝද, නන්‍ද මාතා තොමෝද අග්‍රොපාසිකාවෝ වන්නාහුය. මෙම (සර්‍වඥ) වීරයන් වහන්සේගේ බෝධිය ඇසතුයයි කියනු ලැබේ.
170
‘‘ඉදං සුත්වාන වචනං, අසමස්ස මහෙසිනො;
ආමොදිතා නරමරූ, නමස්සන්ති කතඤ්ජලී.
170
“අසමවූ මහර්ෂීන් වහන්සේගේ මෙම වචනය අසා සතුටුවූ දෙව් මිනිස්සු කරන ලද ඇඳිලි ඇත්තාවූ නමස්කාර කෙරෙත්.
171
‘‘තදාහං මාණවො ආසිං, මෙඝො නාම සුසික්ඛිතො;
සුත්වා බ්‍යාකරණං සෙට්ඨං, සුමෙධස්ස මහාමුනෙ.
171
“එකල්හි මම සුශික්‍ෂිතවූ මෙඝ නම් මානවකයෙක් වීමි. සුමෙධ බුදුරජුන්ගේ එම ශ්‍රේෂ්ඨ විවරණය අසා, මහාමුනිවූ, කුළුණුබර අදහස් ඇති සුමෙධ බුදුරජුන් කෙරෙහි විශ්වාස ඇත්තේව පැවිදිවන්නාවූ එම (සුමේධ) වීරයන් සමග ඒ අනුව පැවිදිවීමි.
172
‘‘සංවිසට්ඨො භවිත්වාන, සුමෙධෙ කරුණාසයෙ (කරුණාලයෙ (ස්‍යා.));
පබ්බජන්තඤ්ච තං වීරං, සහාව අනුපබ්බජිං.
172
173
‘‘සංවුතො පාතිමොක්ඛස්මිං, ඉන්ද්‍රියෙසු ච පඤ්චසු;
සුද්ධාජීවො සතො වීරො, ජිනසාසනකාරකො.
173
“ප්‍රාතිමොක්‍ෂ සංවරයෙහිද, පඤ්චවිධ ඉන්‍ද්‍රිය සංවරයෙහිද සංවෘතවූයේ, පිරිසිදු ආජීවය ඇත්තේ, සිහියෙන් යුතුවූයේ, බුදුසසුන කරන්නාවූ වීරයෙක්ව,
174
‘‘එවං විහරමානොහං, පාපමිත්තෙන කෙනචි;
නියොජිතො අනාචාරෙ, සුමග්ගා පරිධංසිතො.
174
“මෙසේ වාසය කරන්නාවූ මම කිසියම් පාපමිත්‍රයෙකු සමග අනාචාරයෙහි යෙදුනේ (සුමගින් ගිලිහී) විපතට පත්වූයේ,
175
‘‘විතක්කවසිකො හුත්වා, සාසනතො අපක්කමිං;
පච්ඡා තෙන කුමිත්තෙන, පයුත්තො මාතුඝාතනං.
175
“විතර්‍කයට වසඟවූවෙක්ව සසුනෙන් බැහැරවීමි. පසුව එම පාපමිත්‍රයා විසින් මම මාතෘඝාතක කර්‍මයෙහි යොදවන ලදී.
176
‘‘අකරිං ආනන්තරියං (අකරිං නන්තරියඤ්ච (ස්‍යා. ක.)), ඝාතයිං දුට්ඨමානසො;
තතො චුතො මහාවීචිං, උපපන්නො සුදාරුණං.
176
“දුෂ්ඨ සිත් ඇත්තේ (මම) මව මැරීමි. ආනන්තර්‍ය්‍ය කර්‍මයක් කෙළෙමි. එම ආත්ම බවෙන් චුතවුයේ, ඉතා දරුණු (දුක් ඇති) මහා අවීචි නරකයෙහි උපන්නේ වෙමි.
177
‘‘විනිපාතගතො සන්තො, සංසරිං දුක්ඛිතො චිරං;
න පුනො අද්දසං වීරං, සුමෙධං නරපුඞ්ගවං.
177
“දුගතියට ගියේ, බොහෝ කාලයක් දුඃඛිතව හැසුරුනෙමි. නැවත නරශ්‍රේෂ්ඨවූ සුමෙධ වීරයා නොදුටිමි.
178
‘‘අස්මිං කප්පෙ සමුද්දම්හි, මච්ඡො ආසිං තිමිඞ්ගලො;
දිස්වාහං සාගරෙ නාවං, ගොචරත්ථමුපාගමිං.
178
“මෙම කල්පයෙහි සමුද්‍රයෙහි තිමිඞ්ගල නම් මත්ස්‍යයෙක් වීමි. මහ සයුරෙහි නැවක් දැක ගොදුරු පිණිස (ඒ නැව වෙත) එළඹියෙමි.
179
‘‘දිස්වා මං වාණිජා භීතා, බුද්ධසෙට්ඨමනුස්සරුං;
ගොතමොති මහාඝොසං, සුත්වා තෙහි උදීරිතං.
179
“මා දැක බියපත්වූ වෙළෙන්දෝ, බුද්‍ධශ්‍රේෂඨයන් වහන්සේ සිහි කළාහුය. ඔවුන් විසින් කියන ලද “ගෞතම” යන මහ හඬ අසා,
180
‘‘පුබ්බසඤ්ඤං සරිත්වාන, තතො කාලඞ්කතො අහං;
සාවත්ථියං කුලෙ ඉද්ධෙ, ජාතො බ්‍රාහ්මණජාතියං.
180
“පූර්‍ව (දීපඞ්කර විවරණ) සංඥාව සිහිකොට ඉන් කළුරිය කළ මම සැවැත්නුවර ආඪ්‍යවූ කුලයක බ්‍රාහ්මණ ජාතියෙහි උපනිමි.
181
‘‘ආසිං ධම්මරුචි නාම, සබ්බපාපජිගුච්ඡකො;
දිස්වාහං ලොකපජ්ජොතං, ජාතියා සත්තවස්සිකො.
181
“ධර්‍මරුචි” නම්වූ සියළු පව් පිළිකුල් කරන්නෙක් වීමි. උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම ලොව බබුළුවන්නාවූ බුදුරජුන් දැක,
182
‘‘මහාජෙතවනං ගන්ත්වා, පබ්බජිං අනගාරියං;
උපෙමි බුද්ධං තික්ඛත්තුං, රත්තියා දිවසස්ස ච.
182
“දෙව්රම් වෙහෙරට ගොස් අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. රාත්‍රියෙහිද, දිවා කල්හිද බුදුරජුන් වෙත තෙවිටක් එළඹෙමි.
183
‘‘තදා දිස්වා මුනි ආහ, චිරං ධම්මරුචීති මං;
තතොහං අවචං බුද්ධං, පුබ්බකම්මපභාවිතං.
183
“එකල්හි සර්‍වඥ තෙම ධර්‍මරුචි නම්වූ මා බොහෝ කලකින් දැක මෙසේ වදාළ සේක. ඉක්බිති පූර්‍ව කර්‍මයෙන් ප්‍රභාවිතවූ බුදුරජුන්හට (මෙසේ) කීමි.
184
‘‘සුචිරං සතපුඤ්ඤලක්ඛණං, පතිපුබ්බෙන විසුද්ධපච්චයං;
අහමජ්ජසුපෙක්ඛනං වත, තව පස්සාමි නිරුපමං විග්ගහං (නිරූපමග්ගහං (සී.)).
184
“පෙර දිවකුරු බුදුන් හමුවෙහි සපිරූ පිරිසිදු පාරමී සමූහ ඇති, සියයක් පින් ලකුණු ඇති, සුන්දර දැකුම් ඇති, උපමා විෂයාතික්‍රාන්ත ශරීර ඇති ඔබ බොහෝ කලකට පසු මම අද ඒකාන්තයෙන් දකිමි.
185
‘‘සුචිරං විහතත්තමො මයා, සුචිරක්ඛෙන නදී විසොසිතා;
සුචිරං අමලං විසොධිතං, නයනං ඤාණමයං මහාමුනෙ.
185
“මහා මුනීන් වහන්ස, ඔබ විසින් නසන ලද මොහඳුරු ඇත්තේය. මැනවින් රැකීම් වශයෙන් (තෘෂ්ණා) නදී තොමෝ වියලන ලද්දීය. බොහෝ කලකට පසු නිර්මලවූ නිවන සාක්‍ෂාත් කරන ලදී. ඥානමයවූ දිව්‍ය චක්‍ෂුසය බොහෝ කලකට පසු ලබන ලදී.
186
‘‘චිරකාලසමඞ්ගිතො (චිරකාලං සමාගතො (පී.)) තයා, අවිනට්ඨො පුනරන්තරං චිරං;
පුනරජ්ජසමාගතො තයා, න හි නස්සන්ති කතානි ගොතම.
186
“ගෞතමයන් වහන්ස, බොහෝ කලකට පසු ඔබවහන්සේ සමග එක්වූයේ වෙමි. (පෙර එක්ව සිට) නැවත අතරතුර බොහෝ කලක් (ඔබෙන් වෙන්ව) නටුයේ වෙමි. නැවත (පෙර මෙන්) අද ඔබවහන්සේ සමග එක්වූයේ වෙමි. කරනලද කර්‍මයෝ විනාශ නොවෙත්.
187
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
187
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
188
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
188
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
189
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
189
10. සාලමණ්ඩපියත්ථෙරඅපදානං 10. සාලමණ්ඩපිය ථේරාපදානය