ත්‍රිපිටකය
40. පිලින්දවච්ඡවග්ගො 40. පිළින්දවච්ඡ වග්ග
1. පිලින්දවච්ඡත්ථෙරඅපදානං 1. පිළින්දවච්ඡ ථේරාපදානය
1
‘‘නගරෙ හංසවතියා, ආසිං දොවාරිකො අහං;
අක්ඛොභං අමිතං භොගං, ඝරෙ සන්නිචිතං මම.
1
“මම හංසවතී නගරයෙහි දොරටුපාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි රැස්කරණලද නිරවුල් අපමණ භෝග සම්පත්ද විය.
2
‘‘රහොගතො නිසීදිත්වා, පහංසිත්වාන මානසං (සම්පහංසිත්ව මානසං (සී.));
නිසජ්ජ පාසාදවරෙ, එවං චින්තෙසහං තදා.
2
“මමඑකල්හි පහයෙහි වාඩිවී විවේකීව හිඳ සිත පහදවා මෙසේ සිතීමි.
3
‘‘‘බහූ මෙධිගතා භොගා, ඵීතං අන්තෙපුරං මම;
රාජාපි (රාජිසි (ක.)) සන්නිමන්තෙසි, ආනන්දො පථවිස්සරො.
3
“මා විසින් භොග සම්පත්තීහු ලබන ලදහ. මාගේ අන්තො නගරය සමෘද්‍ධය. පෘථිවීශ්වරවූ ආනන්‍ද රජ තෙමේද (බුදුරජුන් ප්‍රධාන සංඝයාට දානය සඳහා) ආරාධනය කෙළේය.
4
‘‘‘අයඤ්ච බුද්ධො උප්පන්නො, අධිච්චුප්පත්තිකො මුනි;
සංවිජ්ජන්ති ච මෙ භොගා, දානං දස්සාමි සත්ථුනො.
4
“සර්‍වඥ තෙම ලෝවැඩ සඳහා පහළවන්නේ වේ. මේ (ඒ) සර්‍වඥ තෙම ලොව පහළවිය. මාගේ භොගයොද විද්‍යමාන වෙත්. ශාස්තෘන්වහන්සේට දනක් දෙන්නෙමි.
5
‘‘‘පදුමෙන රාජපුත්තෙන, දින්නං දානවරං ජිනෙ;
හත්ථිනාගෙ ච පල්ලඞ්කෙ, අපස්සෙනඤ්චනප්පකං.
5
“පදුම නම් රාජ පුත්‍රයා විසින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උතුම් දානයක් දෙන ලදී. (එම දානයෙහි) හස්තිරාජයන්ද, පර්‍ය්‍යඞ්කයන්ද, හේත්තුවන ඇඳිද යන බොහෝ දේ වෙයි.
6
‘‘‘අහම්පි දානං දස්සාමි, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
අදින්නපුබ්බමඤ්ඤෙසං, භවිස්සං ආදිකම්මිකො.
6
“මමද උතුම්වූ සංඝයා කෙරෙහි දනක් දුන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි.
7
‘‘‘චින්තෙත්වාහං බහුවිධං, යාගෙ යස්ස සුඛංඵලං;
පරික්ඛාරදානමද්දක්ඛිං, මම සඞ්කප්පපූරණං.
7
“යමක් පිළිබඳවූ දීමෙහි සැපවත්වූ විපාකයක් ඇද්ද, මම (ඒ විපාකයන්) නන් අයුරින් සිතා මාගේ අදහස් සපුරාලන පරිෂ්කාර දානය (මේ මේයයි) දුටිමි.
8
‘‘‘පරික්ඛාරානි දස්සාමි, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
අදින්නපුබ්බමඤ්ඤෙසං, භවිස්සං ආදිකම්මිකො’.
8
“උතුම්වූ සංඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි.
9
‘‘නළකාරෙ උපාගම්ම, ඡත්තං කාරෙසි තාවදෙ;
ඡත්තසතසහස්සානි, එකතො සන්නිපාතයිං.
9
“එකෙණෙහි කුළු පොත්තන් (බට ලී කර්‍මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍රයක් කරවීමි. (එබඳු) ඡත්‍ර ලක්‍ෂයක් එක් රැස් කෙළෙමි.
10
‘‘දුස්සසතසහස්සානි, එකතො සන්නිපාතයිං;
පත්තසතසහස්සානි, එකතො සන්නිපාතයිං.
10
“(එසේම) වස්ත්‍ර ලක්‍ෂයක්ද එක් රැස් කෙළෙමි. පාත්‍ර ලක්‍ෂයක්ද එක් රැස් කෙළෙමි.
11
‘‘වාසියො සත්ථකෙ චාපි, සූචියො නඛඡෙදනෙ;
හෙට්ඨාඡත්තෙ ඨපාපෙසිං, කාරෙත්වා තදනුච්ඡවෙ.
11
“වෑද, කුඩ, පිහියද, හිඳිකටුද, නියපොතු කපනා පිහියද ඊට සුදුසු ලෙස කරවා කුඩය යට (පැත්තෙහි) එල්බ වීමි.
12
‘‘විධූපනෙ තාලවණ්ටෙ, මොරහත්ථෙ ච චාමරෙ;
පරිස්සාවනෙ තෙලධාරෙ (තෙලධරෙ (සී.)), කාරයිං තදනුච්ඡවෙ.
12
“පවන් අතුද, වටාපත්ද, මොණර පියාපත්ද, සෙමර වල්ගද, පෙරහන්කඩද, තෙල් බඳුන්ද එයට සුදුසු ලෙස කරවීමි.
13
‘‘සූචිඝරෙ අංසබද්ධෙ, අථොපි කායබන්ධනෙ;
ආධාරකෙ ච සුකතෙ, කාරයිං තදනුච්ඡවෙ.
13
“ඉදිකටු ගුලාද, උරහිසේ එල්ලන (අංසකඩ) පටිද, එසේම හිණ බඳනා පටිද, කුඩා මේස, කනප්ප, පාත්‍ර අඩි ආදී මැනවින් ආධාරකද එයට සුදුසු ලෙස කරවීමි.
14
‘‘පරිභොගභාජනෙ ච, අථොපි ලොහථාලකෙ;
භෙසජ්ජෙ පූරයිත්වාන, හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
14
“පරිභොගයට ගන්නා බඳුන්ද, එසේම ලොහො තලිද, බෙහෙත් (වර්‍ග) වලින් පුරවා මම ඡත්‍රය යට තැබීමි. (කිනම් බෙහෙත්ද යත්?)
15
‘‘වචං උසීරං ලට්ඨිමධුං, පිප්ඵලී මරිචානි ච;
හරීතකිං සිඞ්ගීවෙරං, සබ්බං පූරෙසි භාජනෙ.
15
“වදකසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල්ය, දඬුවෙල්බෑ මීය, පිප්පිලි නොහොත් පුලිලය, මිරිස්ය, අරළුය, හිඟුරුය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි.
16
‘‘උපාහනා පාදුකායො, අථො උදකපුඤ්ඡනෙ;
කත්තරදණ්ඩෙ සුකතෙ, කාරයිං තදනුච්ඡවෙ.
16
“සෙරෙප්පුද, මිරිවැඩිද, එසේම නෑමෙන් පසු දිය පිසනා දිය පිස්නාවන්ද, මැනවින් කළ සරයටිද එයට සුදුසු ලෙස කරවීමි.
17
‘‘ඔසධඤ්ජනනාළී ච (ඔසධං අඤ්ජනාපිච (ස්‍යා.)), සලාකා ධම්මකුත්තරා;
කුඤ්චිකා පඤ්චවණ්ණෙහි, සිබ්බිතෙ කුඤ්චිකාඝරෙ.
17
“බෙහෙත් අඳුන් නාලිකා (භාජනද), (බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා) ලොහොකුරු හෝ උණ පතුරුද, දම් කොතුරු (පැන් කෙණ්ඩිය) ද, කෙසි (යතුරු) ද, පස් වර්‍ණයකින් (පාට පසකින්) වසා කළ කෙසිඟුලා හෙවත් යතුරු දමන කොපුද,
18
‘‘ආයොගෙ ධූමනෙත්තෙ ච, අථොපි දීපධාරකෙ;
තුම්බකෙ ච කරණ්ඩෙ ච, කාරයිං තදනුච්ඡවෙ.
18
“යමක් එල්ලා ගැනීම සඳහා උරහිසේ යොදන පටිද, දුම් (බොන) පයිප්පද, දල්වන පහන්ද නොහොත් පහන් එල්ලන කොකුද, ධාන්‍ය මැනීමට ගන්නා තිඹ නම් මිණුම්ද, කරඬුද එයට සුදුසු ලෙස කරවීමි.
19
‘‘සණ්ඩාසෙ පිප්ඵලෙ චෙව, අථොපි මලහාරකෙ;
භෙසජ්ජථවිකෙ චෙව, කාරයිං තදනුච්ඡවෙ.
19
“හඩුද, කතුරුද, යලිදු මල හරනා හඬුද, බෙහෙත් දමනා පසුම්බිද, එයට සුදුසු ලෙස කරවීමි.
20
‘‘ආසන්දියො පීඨකෙ ච, පල්ලඞ්කෙ චතුරොමයෙ;
තදනුච්ඡවෙ කාරයිත්වා, හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
20
“දිත්හඟලා පුටුද, කුඩා පුටුද, ඇඳි නැති (පා සතරකින් යුත්) අසුන්ද, මම එයට සුදුසු ලෙස කරවා ඡත්‍රයට තැබීමි.
21
‘‘උණ්ණාභිසී තූලභිසී, අථොපි පීඨිකාභිසී (පීඨකාභිසී (ස්‍යා. ක.));
බිම්බොහනෙ (බිබ්බොහනෙ (ස්‍යා. ක.)) ච සුකතෙ, කාරයිං තදනුච්ඡවෙ.
21
“එළු ලොම් පිරවූ ගුදිරිද, පුලුන් පිරවු ගුදිරිද, යලිදු පුටුවලට දමන ගුදිරිද, මැනවින් කරන ලද මෙට්ටද, එයට සුදුසු ලෙස කරවිය.
22
‘‘කුරුවින්දෙ මධුසිත්ථෙ, තෙලං හත්ථප්පතාපකං;
සිපාටිඵලකෙ සුචී, මඤ්චං අත්ථරණෙන ච.
22
“කුරුවින්‍දක පාෂාණද, මී ඉටිද, (තල) තෙල්ද, ඇඟ ඉලීමට ගන්නා පෙණද, (ඇඟ ඉලීමට ගන්නා මට කළ) ගල් පතුරුද,
23
‘‘සෙනාසනෙ පාදපුඤ්ඡෙ, සයනාසනදණ්ඩකෙ;
දන්තපොණෙ ච ආටලී (කථලිං (ස්‍යා.)), සීසාලෙපනගන්ධකෙ.
23
“සෙනසුන්ද, පාපිසිද, සෙනසුන්හි පරිභොගයට ගන්නා (සැරයටි ආදී) දඬුද, දැහැටිද, ආටලී නම් ද්‍රව්‍යයද, හිසෙහි ගල්වන ගන්ඩ (තෛලාදිය) ද,
24
‘‘අරණී ඵලපීඨෙ (පලාලපීඨෙ (සී.)) ච, පත්තපිධානථාලකෙ;
උදකස්ස කටච්ඡූ ච, චුණ්ණකං රජනම්බණං (රජනම්මණං (සී.)).
24
“ගිනිගානා දඬුද, පිදුරු යොදා කළ පුටුද, පාත්‍රයන් වහන පියන් හා තලිද, දිය ගන්නා පිණිස යොදන කිණිසිද, සුණු වර්‍ගද, පඬු ඔරුද,
25
‘‘සම්මජ්ජනං (සම්මුඤ්ජනං (ස්‍යා.), සම්මජ්ජනිං, සම්මුඤ්ජනිං (?)) උදපත්තං, තථා වස්සිකසාටිකං;
නිසීදනං කණ්ඩුච්ඡාදි, අථ අන්තරවාසකං.
25
“(හමදනා) මුස්නුද, දිය බඳුන්ද, එසේම වැසි සළුද, හිඳිනා ඇතිරිද, වණ බඳින රෙදි පටිද, හඳනද,
26
‘‘උත්තරාසඞ්ගසඞ්ඝාටී, නත්ථුකං මුඛසොධනං;
බිළඞ්ගලොණං පහූතඤ්ච (ලොණභූතඤ්ච (ක.)), මධුඤ්ච දධිපානකං.
26
“තනිපට සිවුරු හා දෙපට සිවුරුද, නශ්‍ය කරණ ද්‍රව්‍යද, මුව දෝනා බඳුන්ද, ඇඹුල්කාඩි (විනාකිරි) ද, ලුණුද, බොහෝවූ මීද, දිහියෙන් කළ පාන වර්‍ගද,
27
‘‘ධූපං (ධූමං (ක.)) සිත්ථං පිලොතිඤ්ච, මුඛපුඤ්ඡනසුත්තකං;
දාතබ්බං නාම යං අත්ථි, යඤ්ච කප්පති සත්ථුනො.
27
“දුම් අල්ලන ද්‍රව්‍යද, ඉටිද, රෙදි කැබලි (පාන්කඩ) ද, මුව පිස්නා (ලේන්සු) හා නූල් දැයි (මෙසේ) දියයුතු යමක් ඇද්ද, (ඒ) යමක් ශාස්තෘන් වහන්සේට කැපද,
28
‘‘සබ්බමෙතං සමානෙත්වා, ආනන්දං උපසඞ්කමිං;
උපසඞ්කම්ම රාජානං, ජනෙතාරං මහෙසිනො (මහෙසිනං (සී.), මහායසං (ස්‍යා.), මහිස්සරං (ක.));
සිරසා අභිවාදෙත්වා, ඉදං වචනමබ්‍රවිං.
28
“මේ සියල්ල රැස් කරවා මහර්ෂීවූ බුදුරජුන්ගේ පියාවූ ආනන්‍ද රජු වෙත එළඹියෙමි. එළඹ, හිස නමා වැඳ, මෙම වචනය කීමි. (කෙසේද යත්?)
29
‘‘‘එකතො ජාතසංවද්ධා, උභින්නං එකතො මනං (යසො (ස්‍යා.), මනො (?));
සාධාරණා සුඛදුක්ඛෙ, උභො ච අනුවත්තකා.
29
“(අප දෙදෙන) එකට ඉපිද, එකට වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිතද එක්වම පවතී. දෙදෙනා පිළිබඳව සුවදුක් දෙදෙනාටම සාධාරණය. (දෙදෙනාම ඔවුනොවුනට) අනුව පවත්නෝ වෙමු.
30
‘‘‘අත්ථි චෙතසිකං දුක්ඛං, තවාධෙය්‍යං අරින්දම;
යදි සක්කොසි තං දුක්ඛං, විනොදෙය්‍යාසි ඛත්තිය.
30
“සතුරන් මඩනාවූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත්, තොප විසින් මැඩලිය යුතු දුකක් නැත. ක්‍ෂත්‍රියයාණෙනි, ඉදින් හැකිවෙහි නම් එම දුක දුරු කරන්නෙහිය කියායි.
31
‘‘‘තව දුක්ඛං මම දුක්ඛං, උභින්නං එකතො මනො (මනං (සී. ස්‍යා.));
නිට්ඨිතන්ති විජානාහි, මමාධෙය්‍යං සචෙ තුවං.
31
“ඔබගේ දුක මගේ දුකය. දෙදෙනාගේම සිත එක් බඳුය. ඉදින් තාගේ දුක මා අයත්නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම්, එය අවසන්වීයයි දැනගනුව.
32
‘‘‘ජානාහි ඛො මහාරාජ, දුක්ඛං මෙ දුබ්බිනොදයං;
පහු සමානො ගජ්ජසු, එකං තෙ දුච්චජං වරං.
32
“මහරජතුමනි, මගේ දුරුකළ නොහැකි එක් උතුම් දෙයකැයි දැනගනුව. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් (කරන බවට) ගර්ජනය කරනු මැනවි.
33
‘‘‘යාවතා විජිතෙ අත්ථි, යාවතා මම ජීවිතං;
එතෙහි යදි තෙ අත්ථො, දස්සාමි අවිකම්පිතො.
33
“විජිතය (පිළිබඳ) යම්තාක් දේ ඇද්ද, ඉදින් මෙකී දෙයකින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නොවූයේම (එය) දෙන්නෙමි.
34
‘‘‘ගජ්ජිතං ඛො තයා දෙව, මිච්ඡා තං බහු ගජ්ජිතං;
ජානිස්සාමි තුවං අජ්ජ, සබ්බධම්මෙ (සච්චධම්මෙ (?)) පතිට්ඨිතං.
34
“දේවයන් වහන්ස, ඔබ විසින් (එසේ කරණ බවට) ගර්‍ජනය තරන ලදී. එබඳු බොහෝ ගර්ජිතයන් (ඇතැම් විට) බොරු වන්නේය. අද ඔබ සියළු ධර්‍මයන්හි පිහිටියෙක්දැයි දැන ගන්නෙමි”
35
‘‘‘අතිබාළ්හං නිපීළෙසි, දදමානස්ස මෙ සතො;
කිං තෙ මෙ පීළිතෙනත්ථො, පත්ථිතං තෙ කථෙහි මෙ.
35
“(ඇති) යමක් දෙන්නාවූ මා (ඔබ) දැඩි ලෙස පෙළන්නෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? තා විසින් පතන ලද්ද මට කියව.
36
‘‘‘ඉච්ඡාමහං මහාරාජ, බුද්ධසෙට්ඨං අනුත්තරං;
භොජයිස්සාමි සම්බුද්ධං, වජ්ජං (වඤ්චුං (?)) මෙ මාහු ජීවිතං.
36
“මහරජතුමනි, මම අනුත්තරවූ බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. ජීවිතය (බඳු) මාගේ වචනය (අන්ලෙසකින්) නොවේවා.
37
‘‘‘අඤ්ඤං තෙහං වරං දම්මි, මා යාචිත්ථො තථාගතං (අයාචිතො තථාගතො (ස්‍යා. ක.));
අදෙය්‍යො කස්සචි බුද්ධො, මණි ජොතිරසො යථා.
37
“මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නොඉල්ලනු මැනව. ජොතිරස නම් මැණික වැනිවූ බුදුරජ තෙම කිසිවෙකුට නොදිය යුත්තෙකි.”
38
‘‘‘නනු තෙ ගජ්ජිතං දෙව, යාව ජීවිතමත්තනො (විජිතමත්ථිතං (ක.), ජීවිතමත්ථිකං (ස්‍යා.));
ජීවිතං (විජිතං (ක.)) දදමානෙන, යුත්තං දාතුං තථාගතං.
38
“දෙවයන්වහන්ස, ඔබ විසින් තමාගේ ජීවිතය වුවද දෙමැයි ගර්ජනය කරන ලදුයේ නොවේද? ජීවිතය දෙන්නාහු විසින් බුදුරජුන් දීම සුදුසුය.”
39
‘‘‘ඨපනීයො මහාවීරො, අදෙය්‍යො කස්සචි ජිනො;
න මෙ පටිස්සුතො බුද්ධො, වරස්සු අමිතං ධනං.
39
“බුදුරජතෙම (වෙන්කොට) තැබිය යුතුය. සර්‍වඥතෙම කිසිවෙකුට නොදිය යුතු වේ. මා විසින් බුදුරජතෙම දෙමැයි පිළිවදන් නොදෙන ලදී. (අනික් කැමතිතාක්) අපමණවූ ධනය ඉල්ලනු මැනව.”
40
‘‘‘විනිච්ඡයං පාපුණාම, පුච්ඡිස්සාම විනිච්ඡයෙ;
යථාසණ්ඨං (යථාසන්තං (සී.)) කථෙස්සන්ති, පටිපුච්ඡාම තං තථා.
40
“අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහිදී (කරුණු) විචාරන්නෙමු.
41
‘‘‘රඤ්ඤො හත්ථෙ ගහෙත්වාන, අගමාසිං විනිච්ඡයං;
පුරතො අක්ඛදස්සානං, ඉදං වචනමබ්‍රවිං.
41
“රජුන් අත් ගෙන විනිශ්චය (උසාවියට) ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මෙම වචනය කීමි.”
42
‘‘‘සුණන්තු මෙ අක්ඛදස්සා, රාජා වරමදාසි මෙ;
න කිඤ්චි ඨපයිත්වාන, ජීවිතම්පි (විජිතංපි (ක.)) පවාරයි.
42
“විනිසකරුවෝ මාගේ (වචනය) අසත්වා. කිසිවක් නොතබා මට රජතෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරිය හෙවත් කැමතිවුවහොත් දෙන බව කීය.”
43
‘‘‘තස්ස මෙ වරදින්නස්ස, බුද්ධසෙට්ඨං වරිං අහං;
සුදින්නො හොති මෙ බුද්ධො, ඡින්දථ සංසයං මම.
43
“මට (එසේ) වර දුන් මම බුදුරජුන් ඉල්ලීමි. මම බුදුරජතෙම මැනවින් දෙන ලද්දේ වේද, එසේ නොදෙන ලද්දේ නම් (එය වරදකැයි) මාගේ සැකයකි.
44
‘‘‘සොස්සාම තව වචනං, භූමිපාලස්ස රාජිනො;
උභින්නං වචනං සුත්වා, ඡින්දිස්සාමෙත්ථ සංසයං.
44
“තාගේ වචනයද, පෘථිවිපාලකවූ රජුගේ වචනයද අසන්නෙමු. දෙදෙනාගේම වචන අසා මෙහි සැක දුරුකරන්නෙමු.”
45
‘‘‘සබ්බං දෙව තයා දින්නං, ඉමස්ස සබ්බගාහිකං (සබ්බගාහිතං (ස්‍යා. ක.));
න කිඤ්චි ඨපයිත්වාන, ජීවිතම්පි පවාරයි.
45
“දේවයන් වහන්ස, කිසිවක් තබා නොගෙන, සියල්ලම ගතයුතු සේ කොට, (ඒ) සියල්ල ඔබ වහන්සේ විසින් මොහුට දෙන ලදද, ජීවිතය (දෙන බව කියා) පැවරීද?”
46
‘‘‘කිච්ඡප්පත්තොව හුත්වාන, යාචී වරමනුත්තරං (යාවජීවමනුත්තරං (ස්‍යා. ක.));
ඉමං සුදුක්ඛිතං ඤත්වා, අදාසිං සබ්බගාහිකං.
46
“(හෙතෙම) කරදරයට පැමිණියෙක්ව, උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන (කැමති සියල්ලක්ම දෙමැයි) සර්‍වග්‍රාහිකකොට වරයක් දුනිමි.”
47
‘‘‘පරාජයො තුවං (තවං (සී.)) දෙව, අස්ස දෙය්‍යො තථාගතො;
උභින්නං සංසයො ඡින්නො, යථාසණ්ඨම්හි (යථාසන්තම්හි (සී.)) තිට්ඨථ.
47
“දෙවයන් වහන්ස, පරාජය ඔබ වහන්සේටය, බුදුරජතෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේම සැක පසිඳන ලදී. සත්‍යයෙහි සිටිනු මැනවි.”
48
‘‘‘රාජා තත්ථෙව ඨත්වාන, අක්ඛදස්සෙතදබ්‍රවි;
සම්මා මය්හම්පි දෙය්‍යාථ, පුන බුද්ධං ලභාමහං.
48
“රජතෙම එහිම සිටගෙන විනිසකරුවනට මෙය කීය. “මිත්‍රවරුනි, මටද තෙපි (වරයක්) දෙන්නහු නම් නැවත මම බුදුරජුන් (ආපසු) ලබමි.
49
‘‘‘පූරෙත්වා තව සඞ්කප්පං, භොජයිත්වා තථාගතං;
පුන දෙය්‍යාසි (දෙය්‍යාථ (ක.)) සම්බුද්ධං, ආනන්දස්ස යසස්සිනො’.
49
“තාගේ අදහස් සම්පූර්‍ණකොටගෙන, තථාගතයන් වළඳවා, ආනන්‍ද රජුහට නැවත (ආපසු) බුදුරජුන් දෙන්නෙහිය.”
50
‘‘අක්ඛදස්සෙභිවාදෙත්වා, ආනන්දඤ්චාපි ඛත්තියං;
තුට්ඨො පමුදිතො හුත්වා, සම්බුද්ධමුපසඞ්කමිං.
50
“මම විනිසකරුවනටද, රජතුමාටද වැඳ සතුටුවූයේ, ප්‍රමුදිතවූයේම බුදුරජුන් වෙත එළඹියෙමි.
51
‘‘උපසඞ්කම්ම සම්බුද්ධං, ඔඝතිණ්ණමනාසවං;
සිරසා අභිවාදෙත්වා, ඉදං වචනමබ්‍රවිං.
51
“චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ සම්බුදුරජුන් වෙත එළඹ හිස නමා වැඳ මෙම වචනය කීමි.
52
‘වසීසතසහස්සෙහි , අධිවාසෙහි චක්ඛුම;
හාසයන්තො මම චිත්තං, නිවෙසනමුපෙහි මෙ’.
52
“පසැස් ඇත්තාණන් වහන්ස, රහතුන් ලක්‍ෂයක් දෙනා වහන්සේ සමග (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව.”
53
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මම සඞ්කප්පමඤ්ඤාය, අධිවාසෙසි චක්ඛුමා.
53
“ලෝවැස්සන්ගේ පූජා සත්කාරයන් පිළිගන්නාවූ, තුන්ලොවම මැනවින් දතුවාවූ, පසැස් ඇත්තාවූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ අදහස දැන (එම ආරාධනය) ඉවසූහ.
54
‘‘අධිවාසනමඤ්ඤාය, අභිවාදිය සත්ථුනො;
හට්ඨො උදග්ගචිත්තොහං, නිවෙසනමුපාගමිං.
54
“(මම) ආරාධනය පිළිගත් බව දැන, ශාස්තෲන් වහන්සේට වැඳ සතුටුව ඔද වැඩි සිත් ඇත්තේ (සිය) නිවසට එළඹියෙමි.
55
‘‘මිත්තාමච්චෙ සමානෙත්වා, ඉදං වචනමබ්‍රවිං;
‘සුදුල්ලභො මයා ලද්ධො, මණි ජොතිරසො යථා.
55
“(මම) මිත්‍රාමාත්‍යවරුන් රැස්කරවා මෙම වචනය කීමි. “ජොතිරස” නම් මිණිරුවන වැනි අති දුර්ලභ වස්තුවක් මා විසින් ලබන ලදී.
56
‘‘‘කෙන තං පූජයිස්සාම, අප්පමෙය්‍යො අනූපමො;
අතුලො අසමො ධීරො, ජිනො අප්පටිපුග්ගලො.
56
“බුදුරජාණන් වහන්සේ පමණ කළ නොහැකි ගුණ ඇති සේක. උපමාවක් දැක්විය නොහැකිවූ ගුණ ඇති සේක. ලෝකයෙහි සමාන කළ හැකි කිසිදු වස්තුවක් නැති සේක. පස්මරුන් ජයගත් සේක. අප්‍රති පුද්ගල වන සේක. එම බුදුජුන්හට කුමකින් පුදන්නෙමුද?
57
‘‘‘තථාසමසමො චෙව, අදුතියො නරාසභො;
දුක්කරං අධිකාරඤ්හි, බුද්ධානුච්ඡවිකං මයා.
57
“එසේම එම බුදුරජාණන් වහන්සේ අසමසමයහ. අදුකියහ. නරශ්‍රේෂ්ඨයහ. මා විසින් එම බුදුරජුන්හට සුදුසුවූ පූජාවක් (කරනු ලැබීම) දුෂ්කරය.
58
‘‘‘නානාපුප්ඵෙ සමානෙත්වා, කරොම පුප්ඵමණ්ඩපං;
බුද්ධානුච්ඡවිකං එතං, සබ්බපූජා භවිස්සති’.
58
“නොයෙක් මල් රැස්කොට පුෂ්ප මණ්ඩපයක් කරමු. මේ සියළු පූජා බුදුරජුන්හට සුදුසු වන්නීය.
59
‘‘උප්පලං පදුමං වාපි, වස්සිකං අධිමුත්තකං (අතිමුත්තකං (?));
චම්පකං (චන්දනං (ක.)) නාගපුප්ඵඤ්ච, මණ්ඩපං කාරයිං අහං.
59
“මම උපුල්ද, පියුම්ද, ඉද්ද මල්ද, කෝඹු මල්ද, සපු මල්ද, නා මල්ද යොදා මණ්ඩපය කරවීමි.
60
‘‘සතාසනසහස්සානි, ඡත්තච්ඡායාය පඤ්ඤපිං;
පච්ඡිමං ආසනං මය්හං, අධිකං සතමග්ඝති.
60
“ඡත්‍රයන්ගේ සෙවනෙහි ලක්‍ෂයක් අසුන් පැණවීමි. මාගේ අන්තිම ආසනය සියයකට වඩා අගනේය.
61
‘‘සතාසනසහස්සානි, ඡත්තච්ඡායාය පඤ්ඤපිං;
පටියාදෙත්වා අන්නපානං, කාලං ආරොචයිං අහං.
61
“මම ඡත්‍රයන්ගේ සෙවෙනෙහි ලක්‍ෂයක් අසුන් පැනවීමි. ආහාර පානද පිළියෙළ කරවා (සුදුසු) කළැයි දැන්වීමි.
62
‘‘ආරොචිතම්හි කාලම්හි, පදුමුත්තරො මහාමුනි;
වසීසතසහස්සෙහි, නිවෙසනමුපෙසි මෙ.
62
“කාලය ආරෝචනය කළ කල්හි පදුමුත්තර බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග මාගේ නිවසට එළඹි සේක.
63
‘‘ධාරෙන්තං උපරිච්ඡත්තං (ධාරෙන්තමුපරිච්ඡත්තෙ (සී.)), සුඵුල්ලපුප්ඵමණ්ඩපෙ;
වසීසතසහස්සෙහි, නිසීදි පුරිසුත්තමො.
63
“ඡත්‍රය මතුයෙහි දරණ, මැනවින් පිපුණු මල් (එල්ලා) ඇති බැවින් පුෂ්ප මණ්ඩපයක්වූ එහි පුරුෂොත්තමවූ බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග වැඩහුන් සේක.
64
‘‘‘ඡත්තසතසහස්සානි, සතසහස්සමාසනං;
කප්පියං අනවජ්ජඤ්ච, පටිගණ්හාහි චක්ඛුම’.
64
“ඡත්‍ර ලක්‍ෂයකි. (එහි පැණවූ) අසුන් ලක්‍ෂයකි. බුදුරජාණන් වහන්ස, (මේවා) කැපය, නිවරදය, පිළිගනු මැනවි.
65
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මමං තාරෙතුකාමො සො, සම්පටිච්ඡි මහාමුනි.
65
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ඒ මහා මුනිවූ පදුමුත්තර බුදුරජතෙම මා (සසර සයුරින්) එතර කරනු කැමැත්තේ (එය) පිළිගත් සේක.
66
‘‘භික්ඛුනො එකමෙකස්ස, පච්චෙකං පත්තමදාසහං;
ජහිංසු සුම්භකං (පුබ්බකං (සී.), සම්භතං (ස්‍යා.), මත්තිකං (?)) පත්තං, ලොහපත්තං අධාරයුං.
66
“මම එක එක භික්‍ෂුවට වෙන වෙනම පාත්‍ර දුනිමි. පළමුවෙන් තිබුණු පාත්‍ර ඉවත්කොට හැරියාහුය. (හැම දෙනා වහන්සේම) ලෝහ පාත්‍ර දැරුවාහුය.
67
‘‘සත්තරත්තින්දිවං බුද්ධො, නිසීදි පුප්ඵමණ්ඩපෙ;
බොධයන්තො බහූ සත්තෙ, ධම්මචක්කං පවත්තයි.
67
“බුදුරජතෙම දිවා රෑ සතක් පුෂ්ප මණ්ඩයෙහි වැඩ හුන් සේක. බොහෝ සත්නට දහම් අවබෝධ කරවමින් දම්සක් පැවැත්වූ සේක.
68
‘‘ධම්මචක්කං පවත්තෙන්තො, හෙට්ඨතො පුප්ඵමණ්ඩපෙ;
චුල්ලාසීතිසහස්සානං , ධම්මාභිසමයො අහු.
68
“පුෂ්ප මණ්ඩපය යට දම්සක් පවත්වන කල්හි අසූහාරදහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය විය.
69
‘‘සත්තමෙ දිවසෙ පත්තෙ, පදුමුත්තරො මහාමුනි;
ඡත්තච්ඡායායමාසීනො, ඉමා ගාථා අභාසථ.
69
“සත්වැනි දින පැමිණි කල්හි පදුමුත්තර බුදුරජ තෙම ඡත්‍රච්ඡායාවෙහි (කුඩය සෙවෙනෙහි) වැඩහුන්නේ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)
70
‘‘‘අනූනකං දානවරං, යො මෙ පාදාසි මාණවො;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
70
“යම් මානවකයෙක් තෙම (කිසිවකින්) නොඅඩුවූ උතුම් දානයක් දුන්නේද, මම හේ (කවරෙක්දැයි) කියන්නෙමි. (එය) කියන්නාවූ මාගේ (වචනය) අසව්.
71
‘‘‘හත්ථී අස්සා රථා පත්තී, සෙනා ච චතුරඞ්ගිනී;
පරිවාරෙස්සන්තිමං (තං (ස්‍යා.)) නිච්චං, සබ්බදානස්සිදං ඵලං.
71
“ඇත්තුද, අශ්වයෝද, රියද, පාබල සෙනගද යන සිව්රඟ සෙනග මොහු නිතර පිරිවරන්නාහුය. සර්‍ව දානයාගේ (සියල්ල දීමෙහි) මේ විපාකයයි.
72
‘‘‘හත්ථියානං අස්සයානං, සිවිකා සන්දමානිකා;
උපට්ඨිස්සන්තිමං නිච්චං, සබ්බදානස්සිදං ඵලං.
72
“හස්තියානය, අශ්වයානය, පල්ලැක්කි (දෝලා) ය, සන්‍දමානික නම් යානය යන මෙකී යානයෝ නිරතුරුවම මොහු වෙත එළඹ සිටිත්. සර්‍වදානයාගේ මේ විපාකයයි.
73
‘‘‘සට්ඨි රථසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, සබ්බදානස්සිදං ඵලං.
73
“සියළු ආභරණයන්ගෙන් සරසන ලද සැට දහසක් රථයෝ නිරතුරුව මොහු පිරිවරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාකයයි.
74
‘‘‘සට්ඨි තූරියසහස්සානි, භෙරියො සමලඞ්කතා;
වජ්ජයිස්සන්තිමං නිච්චං, සබ්බදානස්සිදං ඵලං.
74
“සැට දහසක් තූර්‍ය්‍යයෝද, මැනවින් අලංකාර කරණ ලද භෙරීහුද, මොහුට නිරතුරු වාදනය කරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාකයයි.
75
‘‘‘ඡළාසීතිසහස්සානි, නාරියො සමලඞ්කතා;
විචිත්තවත්ථාභරණා, ආමුක්කමණිකුණ්ඩලා (ආමුත්තමණිකුණ්ඩලා (සී. ස්‍යා.)).
75
“මැනවින් අලංකාර කරණ ලද සයානූදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණි කොඬොල් ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවින් හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාකයයි.
76
‘‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, සබ්බදානස්සිදං ඵලං.
76
77
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
77
“කප් තිස් දහසක් කල් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් දේවේන්‍ද්‍ර දිව්‍ය රාජ්‍යය කරන්නේය.
78
‘‘‘සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
78
“දහස් වරක් සක්විති රජ වන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැකිය.
79
‘‘‘දෙවලොකෙ වසන්තස්ස, පුඤ්ඤකම්මසමඞ්ගිනො;
දෙවලොකපරියන්තං, රතනඡත්තං ධරිස්සති.
79
“පුණ්‍ය කර්‍මයාගේ (විපාකය හා) යෙදී දෙව්ලොව වසන්නාවූ මොහුට දෙව්ලොව කෙළවරකොට රුවන් සැතක් (ස්වර්‍ණමය කුඩයක්) දරන්නේය.
80
‘‘‘ඉච්ඡිස්සති යදා ඡායං (යදා වායං (ස්‍යා. ක.)), ඡදනං දුස්සපුප්ඵජං;
ඉමස්ස චිත්තමඤ්ඤාය, නිබද්ධං ඡාදයිස්සති.
80
“යම් කලෙක රෙදි මල්වලින් සෑදූ මහලක්ද, (එයින් වැටෙන) සෙවනක්ද කැමති වන්නේ නම් (එකල්හි) මොහුගේ සිත දැන (මෙන්) නිරතුරුව සෙවන කරන්නේය.
81
‘‘‘දෙවලොකා චවිත්වාන, සුක්කමූලෙන චොදිතො;
පුඤ්ඤකම්මෙන සංයුත්තො, බ්‍රහ්මබන්ධු භවිස්සති.
81
“කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, දෙව්ලොවින් චුතව පුණ්‍යකර්‍ම විපාකය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේය.
82
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන (නාමෙන (සබ්බත්ථ) එවමුපරිපි; අට්ඨථායං පන පුබ්බෙ ගොත්තෙනාතිපදං වණ්ණිතං), සත්ථා ලොකෙ භවිස්සති.
82
“මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදිනා ගොත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.
83
‘‘‘සබ්බමෙතං අභිඤ්ඤාය, ගොතමො සක්‍යපුඞ්ගවො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, එතදග්ගෙ ඨපෙස්සති.
83
“ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෙෘතම බුදුරජතෙමේ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ (මොහු) එතදග්‍රස්ථානයෙහි තබන්නාහ.
84
‘‘‘පිලින්දවච්ඡනාමෙන (පිලින්දිවච්ඡනාමෙන (සී.)), හෙස්සති සත්ථුසාවකො;
දෙවානං අසුරානඤ්ච, ගන්ධබ්බානඤ්ච සක්කතො.
84
“දෙවියන් විසින්ද, අසුරයන් විසින්ද, ගාන්‍ධර්‍වයන් විසින්ද සත්කාර කරණ ලද පිළින්දිවච්ඡ නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
85
‘‘‘භික්ඛූනං භික්ඛුනීනඤ්ච, ගිහීනඤ්ච තථෙව සො;
පියො හුත්වාන සබ්බෙසං, විහරිස්සතිනාසවො’.
85
“එසේම හෙතෙම භික්‍ෂූන්හටද, භික්‍ෂුණීන්හටද (යන) සියල්ලනට ප්‍රියව, ආශ්‍රව රහිතව වාසය කරන්නේය” කියායි.
86
‘‘සතසහස්සෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයී මම (ඣාපයිස්සති (සී. ක.), ඣාපයිං අහං (ස්‍යා.)).
86
“මින් සියක් දහස්වන කපෙහි කරන ලද කර්‍මයා (ගේ) විපාකය මට මෙහිදී දැක්වීය. දුනු දියෙන් මිදුනු හී වේගය මෙන් කෙළෙස් දවන්නේය.
87
‘‘අහො මෙ සුකතං කම්මං, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ;
යත්ථ කාරං කරිත්වාන, පත්තොම්හි අචලං පදං.
87
“නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි මා විසින් මැනවින් කරණ ලද පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍යයි. යම් පින් කෙතෙක පින්කම් කොට අචලවූ නිර්‍වාණ පදයට පැමිණියේ වෙම්ද, එහෙයිනි.
88
‘‘අනූනකං දානවරං, අදාසි යො (සො (ක.)) හි මාණවො;
ආදිපුබ්බඞ්ගමො ආසි, තස්ස දානස්සිදං ඵලං.
88
“යම් මානවකයෙක් තෙම කිසිවකින් නොඅඩුවූ උතුම් දනක් දුන්නේද, පළමුකොටම (එහි) ප්‍රමුඛයා වූයේද, එම දානයාගේ මේ විපාකයයි.
89
‘‘ඡත්තෙ ච සුගතෙ දත්වා (ඡත්තෙ සුගතෙ දත්වාන (සී. ස්‍යා.)), සඞ්ඝෙ ගණවරුත්තමෙ;
අට්ඨානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
89
“බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද ඡත්‍රයන් පුදා, මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.
90
‘‘සීතං උණ්හං න ජානාමි, රජොජල්ලං න ලිම්පති;
අනුපද්දවො අනීති ච, හොමි අපචිතො සදා.
90
“ශීත හෝ ඌෂ්ණය හෝ නොදනිමි. දැළි කුණු නොතැවරේ. උවදුරු විපත් නැතිවේ. හැම කල්හි පුදන ලද්දෙක් වෙමි.
91
‘‘සුඛුමච්ඡවිකො හොමි, විසදං හොති මානසං;
ඡත්තසතසහස්සානි, භවෙ සංසරතො මම.
91
“සියුම් සිවි ඇත්තේ වෙමි. සිත පිරිසිදුවේ. භවයෙහි සැරිසරන්නාවූ මට මෙම ජාතිය හැර අනික් හැම ජාතියකදීම එම කර්‍මයාගේ බලයෙන් සියළු අලංකාරයන්ගෙන් යුක්තවූ විසි දහස් ගණන් කුඩ මාගේ හිසට දරත්.
92
‘‘සබ්බාලඞ්කාරයුත්තානි , තස්ස කම්මස්ස වාහසා;
ඉමං ජාතිං ඨපෙත්වාන, මත්ථකෙ ධාරයන්ති මෙ.
92
93
‘‘කස්මා (තස්මා (ස්‍යා. ක.)) ඉමාය ජාතියා, නත්ථි මෙ ඡත්තධාරණා;
මම සබ්බං කතං කම්මං, විමුත්තිඡත්තපත්තියා.
93
“මේ ජාතියේ මාගේ ඡත්‍රධාරණයක් (කුඩ දැරීමක්) නැත්තේ මන්ද? මා විසින් කරණ ලද සියළු කර්‍මය විමුක්ති ඡත්‍ර ලාභයට (නිවන් ලැබීමට) හේතුවූ බැවිනි.
94
‘‘දුස්සානි සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
අට්ඨානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
94
“බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද වස්ත්‍ර දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් අනුභව කරමි.
95
‘‘සුවණ්ණවණ්ණො විරජො, සප්පභාසො පතාපවා;
සිනිද්ධං හොති මෙ ගත්තං, භවෙ සංසරතො මම.
95
“ස්වර්‍ණ වර්‍ණ වූයේ, රජස් රහිත වූයේ, ප්‍රභා සහිත වූයේ, ප්‍රතාපවත් වූයේ භවයෙහි සැරිසරන්නාවූ මාගේ සිරුර සිනිඳු වේ.
96
‘‘දුස්සසතසහස්සානි, සෙතා පීතා ච ලොහිතා;
ධාරෙන්ති මත්ථකෙ මය්හං, දුස්සදානස්සිදං ඵලං.
96
“සුදුවන්වූද, කහවන් වූද, ලෙහෙවන් වූද සිය දහස් වස්ත්‍රයෝ මාගේ මස්තකයෙහි (හිසට) දරත්. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
97
‘‘කොසෙය්‍යකම්බලියානි, ඛොමකප්පාසිකානි ච;
සබ්බත්ථ පටිලභාමි, තෙසං නිස්සන්දතො අහං.
97
“කොසෙය්‍ය වස්ත්‍රය, කම්බල නම් වස්ත්‍රය, කොමු පිලිය, කපු පිලිය යන මේ වස්ත්‍ර එම කර්‍මයන්ගේ ඵලයෙන් මම සියළු තන්හිදී ලබමි.
98
‘‘පත්තෙ සුගතෙ දත්වාන, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
දසානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
98
“බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද පාත්‍රදී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි.
99
‘‘සුවණ්ණථාලෙ මණිථාලෙ, රජතෙපි ච ථාලකෙ;
ලොහිතඞ්ගමයෙ ථාලෙ, පරිභුඤ්ජාමි සබ්බදා.
99
“රන්තලිද, මිණිතලිද, රිදීතලිද, පියුමරාමිණිමුවා තලිද, හැම කල්හි පරිභෝග කරමි.
100
‘‘අනුපද්දවො අනීති ච, හොමි අපචිතො සදා;
ලාභී අන්නස්ස පානස්ස, වත්ථස්ස සයනස්ස ච.
100
“උවදුරු රහිතවූයේ, විපත් රහිතවූයේ, හැම කල්හි (සියල්ලන් විසින්) පුදන ලදුයේ වෙමි. ආහාරපාන, වස්ත්‍ර, සයනාසන ලබන්නෙක්ද වෙමි.
101
‘‘න විනස්සන්ති මෙ භොගා, ඨිතචිත්තො භවාමහං;
ධම්මකාමො සදා හොමි, අප්පක්ලෙසො අනාසවො.
101
“මාගේ භෝගයෝ විනාශ නොවෙත්. මම නැවතුනාවූ සිත් ඇත්තේ වෙමි. හැම කල්හි ධර්‍මය කැමති වෙමි. කෙලෙස් නැතිවූයේ, ආශ්‍රව රහිතද වෙමි.
102
‘‘දෙවලොකෙ මනුස්සෙ වා, අනුබන්ධා ඉමෙ ගුණා;
ඡායා යථාපි රුක්ඛස්ස, සබ්බත්ථ න ජහන්ති මං.
102
“දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද මෙකී ගුණයෝ මා අනුවම ගියාහුය. ගසේ සෙවන (ගස නොහරින්නාක්) මෙනි. සියළු තන්හිදී මා අතහැර නොදමන්නාහුය.
103
‘‘චිත්තබන්ධනසම්බද්ධා (චිත්තබන්ධනසම්පන්නා (ක.)), සුකතා වාසියො බහූ;
දත්වාන බුද්ධසෙට්ඨස්ස, සඞ්ඝස්ස ච තථෙවහං.
103
“මම විසිතුරු බන්‍ධනයන්ගෙන් බඳනා ලද මැනවින් කළ බොහෝ දැලිපිහිද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට හා එසේම සංඝයාටද පුදා
104
‘‘අට්ඨානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම;
සූරො හොමවිසාරී ච, වෙසාරජ්ජෙසු පාරමී.
104
“සූරවූයේ, කලබල නොවූයේ, විශාරද බැව්හි කෙළ පැමිණියේ වෙමි. හැම කල්හි (කෙළෙස් වසඟව යා නොදී) දැඩිකොට ගත් සිත් ඇත්තේ, නුවණැත්තේ වීර්‍ය්‍යවත්ද වෙමි.
105
‘‘ධිතිවීරියවා හොමි, පග්ගහීතමනො සදා;
කිලෙසච්ඡෙදනං ඤාණං, සුඛුමං අතුලං සුචිං;
සබ්බත්ථ පටිලභාමි, තස්ස නිස්සන්දතො අහං.
105
“මම සියුම්වූ, අවමානවූ, පිරිසිදුවූ කෙළෙස් සිඳීමේ නුවණද එම පුණ්‍යකර්‍ම බලයෙන් හැමතන්හිදී ලබමි.
106
‘‘අකක්කසෙ අඵරුසෙ, සුධොතෙ සත්ථකෙ බහූ;
පසන්නචිත්තො දත්වාන, බුද්ධෙ සඞ්ඝෙ තථෙව ච.
106
“පහන් සිත් ඇත්තේ, බුදුරජුන් කෙරෙහිද, සංඝයා කෙරෙහිද කොරොස් නොවූ, රළු නොවූ, මැනවින් දෙවූ බොහෝ ආයුධ දී එසේම,
107
‘‘පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම;
කල්‍යාණමිත්තං (කල්‍යාණචිත්තං (සී.)) වීරියං, ඛන්තිඤ්ච මෙත්තසත්ථකං.
107
“මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි. (එනම්) කල්‍යාණ චිත්තයද, වීර්‍ය්‍යයද, ක්‍ෂාන්තියද, මෛත්‍රී ශාස්ත්‍රයද, තෘෂ්ණා හුල සිඳින ලද බැවින් වජ්‍රායුධය හා සමාන අනුත්තර නුවණවූ ප්‍රඥා ශස්ත්‍රය (ප්‍රඥා ආයුධය) ද එම කුශලකර්‍ම බලයෙන් ලබන්නේය.
108
‘‘තණ්හාසල්ලස්ස ඡින්නත්තා, පඤ්ඤාසත්ථං අනුත්තරං;
වජිරෙන සමං ඤාණං, තෙසං නිස්සන්දතො ලභෙ.
108
109
‘‘සූචියො සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
109
“බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද හිඳි (කටු) දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
110
‘‘න සංසයො කඞ්ඛච්ඡෙදො, අභිරූපො ච භොගවා;
තික්ඛපඤ්ඤො සදා හොමි, සංසරන්තො භවාභවෙ.
110
“කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, හැම කල්හි සැක නැත්තේ, කුකුස් සිඳින්නේ, මනා රූ ඇත්තේ, භොග සම්පත් ඇත්තේ, තියුණු පැණවත්වූයේ වෙමි.
111
‘‘ගම්භීරං නිපුණං ඨානං, අත්ථං ඤාණෙන පස්සයිං;
වජිරග්ගසමං ඤාණං, හොති මෙ තමඝාතනං.
111
“ගැඹුරුවූද, සියුම්වූද තැන් හා අරුත් නුවණින් දුටුවෙමි. මාගේ මොහඳුරු නසන්නානවූ විදුරු අගක් මෙන් (සියුම්) නුවණද වේ.
112
‘‘නඛච්ඡෙදනෙ සුගතෙ, දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
112
“බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද නිය කපන කුඩා පිහි (ආයුධ) දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
113
‘‘දාසිදාසෙ (දාසිදාස (ක.)) ගවස්සෙ ච, භතකෙ නාටකෙ (ආරක්ඛකෙ (සී.)) බහූ;
න්හාපිතෙ භත්තකෙ සූදෙ, සබ්බත්ථෙව ලභාමහං.
113
“බොහෝ දාසි දාසයන්ද, ගව අශ්වයන්ද, බැලමෙහෙ කරන්නන්ද, ආරක්‍ෂකයන්ද, රවුළු බාන්නන්ද, (ඉසකෙස් කපන්නන්), බත් පිළියෙළ කරන්නන්ද, (සූප වර්‍ග පිළියෙළ කරණ) අරක්කැමියන්ද මම භවයෙහි සියළු තැන්හිදී ලබමි.
114
‘‘විධූපනෙ සුගතෙ දත්වා, තාලවණ්ටෙ ච සොභණෙ;
අට්ඨානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
114
“ශොභනවූ, (චිත්‍ර ලෙස කළ) විජිනිපත්ද, (තල්කොළයෙන් කළ) වටාපත්ද, බුදුරජුන් කෙරෙහිද, (උතුම් සඟ ගණ කෙරෙහිද), දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.
115
‘‘සීතං උණ්හං න ජානාමි, පරිළාහො න විජ්ජති;
දරථං නාභිජානාමි, චිත්තසන්තාපනං මම.
115
“ශීතෝෂ්ණ නොදනිමි. (සිරුරෙහි හොා් සිතෙහි) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපයක් නොදනිමි.
116
‘‘රාගග්ගි දොසමොහග්ගි, මානග්ගි දිට්ඨිඅග්ගි ච;
සබ්බග්ගී නිබ්බුතා මය්හං, තස්ස නිස්සන්දතො මම.
116
“මාගේ ඒ කුශල කර්‍මයාගේ විපාකයෙන් රාගාග්නිය, ද්වේෂාග්නිය, මානාග්නිය, දෘෂ්ඨි අග්නිය යන සියළු අග්නීහු නිවී ගියාහුය.
117
‘‘මොරහත්ථෙ චාමරියො, දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ;
උපසන්තකිලෙසොහං, විහරාමි අනඞ්ගණො.
117
“මොණර පියාපත්ද, සෙමෙර වලිගද, බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟ ගණ කෙරෙහි දී, මම කෙළෙස් රහිතව, සන්සිඳුනු කෙළෙස් ඇත්තේව වෙසෙමි.
118
‘‘පරිස්සාවනෙ සුගතෙ, දත්වා ධම්මකරුත්තමෙ (දත්වා සුකතෙ ධම්මකුත්තරෙ (ස්‍යා. ක.));
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
118
“පෙරහනද, ධර්‍ම කරක නම්වූ පැන් පෙරහනද බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟ ගණ කෙරෙහි දී මාගේ කර්‍මයට සුදුසුවූ පඤ්චානිශංසයක් අනුභව කරමි.
119
‘‘සබ්බෙසං සමතික්කම්ම, දිබ්බං ආයුං ලභාමහං;
අප්පසය්හො සදා හොමි, චොරපච්චත්ථිකෙහි වා.
119
“මම (සෙසු) සියල්ලන්ගේ ආයුෂ ඉක්මවා දිව්‍යමය ආයුෂ ලබමි. හැම කල්හි සොරුන් විසින් හෝ බලයෙන් පැහැරගෙන යුත්තෙක් නොවෙමි.
120
‘‘සත්ථෙන වා විසෙන වා, විහෙසම්පි න කුබ්බතෙ;
අන්තරාමරණං නත්ථි, තෙසං නිස්සන්දතො මම.
120
“අවියකින් හෝ, විසයකින් හෝ වෙසෙසකුදු නොකෙරේ. එම පුණ්‍ය විපාකයෙන් මාගේ (නියමිත ආයුෂ නොගෙවී) අතරතුර මරණයකුදු නැත.
121
‘‘තෙලධාරෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
121
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද තෙල් ගුලාවන් දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
122
‘‘සුචාරුරූපො සුභද්දො (සුගදො (සී.), සුවාචො (?)), සුසමුග්ගතමානසො;
අවික්ඛිත්තමනො හොමි, සබ්බාරක්ඛෙහි රක්ඛිතො.
122
“මනහර රූ ඇත්තේ, (එබඳුවූ) මනොඥ හඬ ඇත්තේ, මැනවින් උසස්වූ (සමාධියෙන් යුත්) සිත් ඇත්තේ, නොකැළඹුණු සිත් ඇත්තේ, සියළු ආරක්‍ෂකයින් විසින් රක්නා ලද්දෙක් වෙමි.
123
‘‘සූචිඝරෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
තීණානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
123
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගුලාවන් දී මාගේ කර්‍මයට සුදුසු අනුසස් තුණක් අනුභව කරමි.
124
‘‘චෙතොසුඛං කායසුඛං, ඉරියාපථජං සුඛං;
ඉමෙ ගුණෙ පටිලභෙ, තස්ස නිස්සන්දතො අහං.
124
“චිත්ත සුඛයද, කාය සුඛයද, ඉරියව්වලින් හටගත් සුවයද යන මේ ත්‍රිවිධ ගුණයන් (සුව) එම ගුණ්‍ය ඵලයෙන් මම ලබමි.
125
‘‘අංසබද්ධෙ ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
තීණානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
125
“චෙතොපරිය ගුණය හෙවත් පෙර ජාතීන් දක්නා නුවණ ලබමි. දෙවෙනි භවයද සිහි කරමි. එම පුණ්‍ය ඵලයෙන් සියළු භවයෙහිදීම මනා සිවි ඇත්තේ වෙමි.
126
‘‘සද්ධම්මෙ ගාධං (චෙතොඤාණං ච (සී.)) වින්දාමි, සරාමි දුතියං භවං;
සබ්බත්ථ සුච්ඡවී හොමි, තස්ස නිස්සන්දතො අහං.
126
127
‘‘කායබන්ධෙ ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
ඡානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
127
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද කාය බන්‍ධනයන් හෙවත් පටි දී මාගේ කර්‍මයට සුදුසු අනුසස් සයක් ලබමි.
128
‘‘සමාධීසු න කම්පාමි, වසී හොමි සමාධිසු;
අභෙජ්ජපරිසො හොමි, ආදෙය්‍යවචනො සදා.
128
“සමාධින්හි කම්පා නොවෙමි. එසේම සමාධීන්හි වර්‍ග වෙමි. නොබෙදුනු පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි අනුන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ වෙමි.
129
‘‘උපට්ඨිතසති හොමි, තාසො මය්හං න විජ්ජති;
දෙවලොකෙ මනුස්සෙ වා, අනුබන්ධා ඉමෙ ගුණා.
129
“එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. මට තැති ගැන්මක් නැත. මේ ගුණයෝ දෙව්ලොවෙහි වුවද, මිණිස් ලොවෙහි වුවද (මා) අනුවම එති.
130
‘‘ආධාරකෙ ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
පඤ්චවණ්ණෙහි දායාදො (පඤ්චවණ්ණෙ භයාභාවො (ස්‍යා.)), අචලො හොමි කෙනචි.
130
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද (පත්තාධාරකාදී භාණ්ඩ තබන) ආධාරකයන් දී පස් අයුරකින් (ලබන ලද) දායාද ඇත්තේ හෙවත් අනුසස් පසක් ලබන ලද්දේ වෙමි. (එනම්) කිසිවකින් කම්පා නොවෙමි. මා විසින් අසන ලද යම්කිසි ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ ධර්‍මයෝ සිහිය හා නුවණ පොබයන්නෝ වෙති. සිත්හි ලා දරණ ලද්ද (හෙවත් පාඩම් කළ දෙය) නොවැනසේ. එම සිත්හි ලා දරණ ලද ධර්‍මයෝ මැනවින් තීරණය කරණ ලද්දාහුද වෙති.
131
‘‘යෙ කෙචි මෙ සුතා ධම්මා, සතිඤාණප්පබොධනා;
ධතා (ඨිතා (ක.)) මෙ න විනස්සන්ති, භවන්ති සුවිනිච්ඡිතා.
131
132
‘‘භාජනෙ පරිභොගෙ ච, දත්වා බුද්ධෙ ගණුත්තමෙ;
තීණානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
132
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පරිභෝග භාජනයක් දී එම කර්‍මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
133
‘‘සොණ්ණමයෙ මණිමයෙ, අථොපි ඵලිකාමයෙ;
ලොහිතඞ්ගමයෙ චෙව, ලභාමි භාජනෙ අහං.
133
“මම රුවන් මුවාවූද, මිණිමුවාවූද, යලි පිළිමිණිමුවාවූද, පියුම්රාමිණිමුවාවූද බඳුන් ලබමි.
134
‘‘භරියා දාසදාසී (සබ්බත්ථපි එවමෙව දිස්සති) ච, හත්ථිස්සරථපත්තිකෙ;
ඉත්ථී පතිබ්බතා චෙව, පරිභොගානි සබ්බදා.
134
“භාර්‍ය්‍යාවෝද, දාසිදාසයෝද, හස්ති අශ්ව රථ පාබල සෙනගද, පතිවෘතා ස්ත්‍රීහුද හැම කල්හි පරිභෝග වස්තූහු වෙත්.
135
‘‘විජ්ජා මන්තපදෙ චෙව, විවිධෙ ආගමෙ බහූ;
සබ්බං සිප්පං නිසාමෙමි, පරිභොගානි සබ්බදා.
135
විද්‍යාවන්ටද, මන්ත්‍රපදයනටද, විවිධවූ ආගම් ධර්‍මයනටද, සියළු ශිල්පයනටද කන් යොමු කරමි. ඒවා හැම කල්හි ස්වකීය පරිභොගය සඳහා වූවෝ වෙත්.
136
‘‘ථාලකෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
තීණානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
136
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද තලි දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් තුනක් අනුභව කරමි.
137
‘‘සොණ්ණමයෙ මණිමයෙ, අථොපි ඵලිකාමයෙ;
ලොහිතඞ්ගමයෙ චෙව, ලභාමි ථාලකෙ අහං.
137
“රුවන් මුවාවූද, මිණිමුවාවූද, යලි පිළිමිණිමුවාවූද, පියුම්රාමිණිමුවාවූද තලි (මම) ලබමි.
138
‘‘අසත්ථකෙ (අසත්ථකෙ (සී.), අස්සට්ඨකෙ (ස්‍යා.)) ඵලමයෙ, අථො පොක්ඛරපත්තකෙ;
මධුපානකසඞ්ඛෙ ච, ලභාමි ථාලකෙ අහං.
138
“එලවන් ඇසතුද, යලි පොකුරුපන්ද, මිහි බොන සක්ද යන තලි (මම) ලබමි.
139
‘‘වත්තෙ ගුණෙ පටිපත්ති, ආචාරකිරියාසු ච;
ඉමෙ ගුණෙ පටිලභෙ, තස්ස නිස්සන්දතො අහං.
139
“වත්සපන්වූ, ගුණවත්වූ, ප්‍රතිපත්ති ඇති ආචාර ක්‍රියාවන්හිද නිපුණු මෙබඳු ගුණ එම පුණ්‍ය කර්‍ම බලයෙන් මම ලබන්නෙමි.
140
‘‘භෙසජ්ජං සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
දසානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
140
“බුදුරජුන් කෙරෙහිද බෙහෙත් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි.
141
‘‘ආයුවා බලවා ධීරො, වණ්ණවා යසවා සුඛී;
අනුපද්දවො අනීති ච, හොමි අපචිතො සදා;
න මෙ පියවියොගත්ථි, තස්ස නිස්සන්දතො මම.
141
“ආයුෂඇත්තේ, බලවත්වූයේ, චිරගුණ ඇත්තේ, වර්‍ණවත්වූයේ, කීර්තිමත්වූයේ, සැප ඇත්තේ, උවදුරු රහිතවූයේ, හැම කල්හි (අනුන් විසින්) පුදන ලදුයේ වෙමි. එම පුණ්‍ය කර්‍මයාගේ ඵලයෙන් මට ප්‍රිය විප්‍රයෝග දුකක් නැත.
142
‘‘උපාහනෙ ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
තීණානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
142
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පාවහන් දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
143
‘‘හත්ථියානං අස්සයානං, සිවිකා සන්දමානිකා;
සට්ඨිසතසහස්සානි, පරිවාරෙන්ති මං සදා.
143
“හස්ති අශ්ව යානද, සිවිකා (දෝලා) සන්‍දමානික යන යානයෝද, සැට ලක්‍ෂයක් මා හැමකල්හිම පිරිවරත්.
144
‘‘මණිමයා තම්බමයා (කම්බලිකා (සී. ක.)), සොණ්ණරජතපාදුකා;
නිබ්බත්තන්ති පදුද්ධාරෙ, භවෙ සංසරතො මම.
144
“භවයෙහි සැරිසරන්නාවූ මට පියවරක් පාසා මැණික්වලින් කරණ ලද්දාවූද, රුවණින් කරණ ලද්දාවූද (පාවහන්) නිපදිත්.
145
‘‘නියාමං සති ධාවන්ති (නියමං පටිධාවන්තී (සී.), නියාමං පටිධාවන්ති (ස්‍යා.)), ආගුආචාරසොධනං (ආචාරගුණසොධනං (සී. ස්‍යා.));
ඉමෙ ගුණෙ පටිලභෙ, තස්ස නිස්සන්දතො අහං.
145
“නියම කළ දෙය කරා දුවත්. ආචාර ගුණ ශෝධනය කෙරෙත්. එම පුණ්‍ය ඵලයෙන් මම මෙම ගුණ ලබන්නෙමි.
146
‘‘පාදුකෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
ඉද්ධිපාදුකමාරුය්හ, විහරාමි යදිච්ඡකං.
146
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද මිරිමැඩ දී කැමති තාක් කල් ඎද්‍ධිමය මිරිවැඩි නැගී වෙසෙමි.
147
‘‘උදකපුච්ඡනචොළෙ , දත්වා බුද්ධෙ ගණුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
147
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද දිය පිස්නාකඩ දී මාගේ කර්‍මයට සුදුසුවූ පස් අනුසයක් ලබමි.
148
‘‘සුවණ්ණවණ්ණො විරජො, සප්පභාසො පතාපවා;
සිනිද්ධං හොති මෙ ගත්තං, රජොජල්ලං න ලිම්පති;
ඉමෙ ගුණෙ පටිලභෙ, තස්ස නිස්සන්දතො අහං.
148
“මගේ සිරුර ස්වර්‍ණ වර්‍ණ වූයේ, රජස් රහිත වූයේ, ප්‍රභා සහිත වූයේ, සිනිඳුද වේ. දැළි කුණු නොතැවරේ. එම පුණ්‍ය බලයෙන් මම මෙම ගුණ ලබමි.
149
‘‘කත්තරදණ්ඩෙ සුගතෙ, දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ;
ඡානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
149
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද සරයටි දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් සයක් ලබමි.
150
‘‘පුත්තා මය්හං බහූ හොන්ති, තාසො මය්හං න විජ්ජති;
අප්පසය්හො සදා හොමි, සබ්බාරක්ඛෙහි රක්ඛිතො;
ඛලිතම්පි (ඛලිතං මං (සී. ක.)) න ජානාමි, අභන්තං මානසං මම.
150
“මට බොහෝ පුත්‍රයෝ වෙත්. මාගේ තැති ගැනීමක් නැත. සියළු ආරක්‍ෂයන් විසින් රක්නා ලදුයේ, හැම කල්හි බලාත්කාරයෙන් නොපැහැර ගන්නා ලද්දෙක් වෙමි. මාගේ පැකිලීමක් නොදනිමි. මාගේ සිත්හි තැති ගැනිමක්ද නැත.
151
‘‘ඔසධං අඤ්ජනං දත්වා, බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ;
අට්ඨානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
151
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද මාගේ එම කර්‍මයනට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.
152
‘‘විසාලනයනො හොමි, සෙතපීතො ච ලොහිතො;
අනාවිලපසන්නක්ඛො, සබ්බරොගවිවජ්ජිතො.
152
“සුදුවූද, කහවන්වූද, ලෙහෙවන්වූද, සියළු රෝගයන්ගෙන් වූද, නොකැලන් පහන් ඇස් ඇත්තේ, විසල්වූ ඇස් ඇත්තේද වෙමි.
153
‘‘ලභාමි දිබ්බනයනං, පඤ්ඤාචක්ඛුං අනුත්තරං;
ඉමෙ ගුණෙ පටිලභෙ, තස්ස නිස්සන්දතො අහං.
153
“දිවැසද, අනුත්තරවූ පැණැසද ලබමි. මම එම පුණ්‍ය ඵලයෙන් මෙම ගුණ ලබමි.
154
‘‘කුඤ්චිකෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
ධම්මද්වාරවිවරණං, ලභාමි ඤාණකුඤ්චිකං.
154
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද යතුරු දී දහම් දොර හරවා නුවණ නමැති යතුරුද ලබමි.
155
‘‘කුඤ්චිකානං ඝරෙ දත්වා, බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ;
ද්වානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම;
අප්පකොධො අනායාසො, සංසරන්තො භවෙ අහං.
155
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද යතුරු දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දෙකක් අනුභව කරමි. මම රහිතවූයේ, භවයෙහි සැරිසරන්නේ, ස්වල්පවූ ක්‍රොධ ඇත්තේ ආයාස වෙමි.
156
‘‘ආයොගෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
156
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද අංසයෙහි ලන පසුම්බි දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
157
‘‘සමාධීසු න කම්පාමි, වසී හොමි සමාධිසු;
අභෙජ්ජපරිසො හොමි, ආදෙය්‍යවචනො සදා;
ජායති භොගසම්පත්ති, භවෙ සංසරතො මම.
157
“සමාධීන්හි කම්පා නොවෙමි. සමාධීන්හි වසඟව වෙසෙමි. නොබිඳෙන පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි පිළිගතයුතු වචන ඇත්තේ ද වේ. භවයෙහි සැරිසරන්නාවූ මට භෝග සම්පත් හටගනී.
158
‘‘ධූමනෙත්තෙ ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
තීණානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
158
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද දුම් පයිප්ප දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
159
‘‘සති මෙ උජුකා හොති, සුසම්බන්ධා ච න්හාරවො;
ලභාමි දිබ්බනයනං (දිබ්බසයනං (ස්‍යා.)), තස්ස නිස්සන්දතො අහං.
159
“මාගේ සිහිය ඎජුවේ. මැනවින් සම්බන්‍ධවූ නහර ඇත්තේද වේ. එම පුණ්‍ය ඵලයෙන් මම දිවැස් ලබමි.
160
‘‘දීපධාරෙ (දීපට්ඨානෙ (සී.), දීපදානෙ (ස්‍යා.), දීපට්ඨාපෙ (ක.)) ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
තීණානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
160
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පහන් මිල දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
161
‘‘ජාතිමා අඞ්ගසම්පන්නො, පඤ්ඤවා බුද්ධසම්මතො (බුද්ධිසම්මතො (සී. ක.));
ඉමෙ ගුණෙ පටිලභෙ, තස්ස නිස්සන්දතො අහං.
161
“ජාතිමත්වූයේ, සම්පූර්‍ණවූ ශරීරාවයව ඇත්තේ, ප්‍රඥාවත්වූයේ, බුද්ධිමත්යයි සම්මතවූයේ, එම පුණ්‍ය බලයෙන් මෙම ගුණ ලබමි.
162
‘‘තුම්බකෙ ච කරණ්ඩෙ ච, දත්වා බුද්ධෙ ගණුත්තමෙ;
දසානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
162
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද (ධාන්‍යමාන) බඳුන්ද, කරඬුද දී මාගේ එම කර්‍මයට සුදුසු අනුසස් දසයක් ලබමි.
163
‘‘සුගුත්තො (සදාගුත්තො (සී. ස්‍යා.) සංගුත්තො (ක.)) සුඛසමඞ්ගී, මහායසො තථාගති;
විපත්තිවිගතො (විභත්තිගත්තො (ස්‍යා.)) සුඛුමාලො, සබ්බීතිපරිවජ්ජිතො.
163
“හැමකල්හි ආරක්‍ෂා සහිත වූයේ, සැපයෙන් යුක්තවූයේ, මහත්වූ කීර්ති ඇත්තේ, මනා ගති ඇත්තේ, විපත්තීන්ගෙන් වෙන්වූයේ, සියුමැලිවූයේ, සියළු උවදුරු බැහැර කරණ ලදුයේ,
164
‘‘විපුලෙ ච ගුණෙ ලාභී, සමාව චලනා මම;
සුවිවජ්ජිතඋබ්බෙගො, තුම්බකෙ ච කරණ්ඩකෙ.
164
“මහත් ගුණ ලාභීවූයේ, සමවූ හැසිරීම් ඇත්තේ, මාගේ මැනවින් බැහැරකළ උද්වේගය (චඤ්චල ගතිය) ද ඇත්තේ, ධාන්‍ය මිණුම්ද, කරඬුද, හස්ත්‍ය අශ්වාදී සිව්රඟ සෙනගද ලබමි. මාගේ එම සම්පත් විනාශ නොවේ. තුම්බ නම්වූ ධාන්‍ය මාන භාජන දානයෙහි මේ විපාකයයි.
165
‘‘ලභාමි චතුරො වණ්ණෙ, හත්ථිස්සරතනානි ච;
තානි මෙ න විනස්සන්ති, තුම්බදානෙ ඉදං ඵලං.
165
166
‘‘මලහරණියො (අඤ්ජනනාළියො (සී.), හත්ථලිලඞ්ගකෙ (ස්‍යා. පී.), හත්ථලිලඞ්ගතෙ (ක.)) දත්වා, බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
166
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද අඳුන් (බේත්) ගුළා දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
167
‘‘සබ්බලක්ඛණසම්පන්නො, ආයුපඤ්ඤාසමාහිතො;
සබ්බායාසවිනිමුත්තො, කායො මෙ හොති සබ්බදා.
167
“සියළු ලක්‍ෂණයන්ගෙන් යුක්තවූයේ, ආයුෂින් හා ප්‍රඥාවෙන්ද යුතුවූයේ මාගේ හැම කල්හි සියළු ආයාසයන්ගෙන් වෙන්වූ කයද ඇත්තේ වේ.
168
‘‘තණුධාරෙ සුනිසිතෙ, සඞ්ඝෙ දත්වාන පිප්ඵලෙ;
කිලෙසකන්තනං ඤාණං, ලභාමි අතුලං සුචිං.
168
“මුවහත්වූ කතුරු බුදුරජුන් කෙරෙහිද උතුම් සඟගණ කෙරෙහිද දී කෙළෙස් සිඳින්නාවූ, පිරිසිදුවූ, අතුල්‍යවූ නුවණ ලබමි.
169
‘‘සණ්ඩාසෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
කිලෙසභඤ්ජනං (කිලෙසලුඤ්චනං (සී. ස්‍යා. පී.)) ඤාණං, ලභාමි අතුලං සුචිං.
169
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද හඬු දී අතුල්‍යවූ, පිරිසිදුවූ කෙළෙස් සිඳුනා නුවණ ලබමි.
170
‘‘නත්ථුකෙ (ථවිකෙ (?) භෙසජ්ජථවිකෙති හි පුබ්බෙ වුත්තං) සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
අට්ඨානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
170
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද නශ්‍ය ද්‍රව්‍යාදියෙන් මාගේ එම කර්‍මයට සුදුසුවූ අට අනුසයක් ලබමි.
171
‘‘සද්ධං සීලං හිරිඤ්චාපි, අථ ඔත්තප්පියං ගුණං;
සුතං චාගඤ්ච ඛන්තිඤ්ච, පඤ්ඤං මෙ අට්ඨමං ගුණං.
171
“ශ්‍රද්‍ධාවද, ශීලයද, ලජ්ජාවද, භයද, ශ්‍රුතයද, ත්‍යාගයද, ක්‍ෂාන්තියද, ප්‍රඥාවද මාගේ අටවැනි ගුණයයි.
172
‘‘පීඨකෙ සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
172
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පුටු දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
173
‘‘උච්චෙ කුලෙ පජායාමි, මහාභොගො භවාමහං;
සබ්බෙ මං අපචායන්ති, කිත්ති අබ්භුග්ගතා මම.
173
“මම උසස් කුලයෙහි උපදිමි. මහත් භෝග ඇත්තෙක් වෙමි. සියල්ලෝ මට ගරු බුහුමන් කෙරෙත්. මාගේ කීර්ති තොමෝ උසස්ව පැන නැංගාහ.
174
‘‘කප්පසතසහස්සානි, පල්ලඞ්කා චතුරස්සකා;
පරිවාරෙන්ති මං නිච්චං, සංවිභාගරතො අහං.
174
“කල්ප සිය දහස් වර සිව්රැස් පර්‍ය්‍යඞ්කයෝ නිතර මා පිරිවරත්. මම දාන සංවිභාගයෙහි දන් (බෙදීමෙහි) යෙදුනේද වෙමි.
175
‘‘භිසියො සුගතෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
ඡානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
175
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගුදිරි දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් සයක් අනුභව කරමි.
176
‘‘සමසුගත්තොපචිතො, මුදුකො චාරුදස්සනො;
ලභාමි ඤාණපරිවාරං, භිසිදානස්සිදං ඵලං.
176
“සමවූ සිරුරු ඇත්තේ වෙමි. (බොහෝ දෙනා විසින්) ගරු බුහුමන් කරන ලදුයේ වෙමි. මෘදු සිරුරු ඇත්තේ වෙමි. මනහර දැකුම් ඇත්තේ වෙමි. නැණවත් පිරිවරද ලබමි. ගුදිරි දනෙහි මේ විපාකයයි.
177
‘‘තූලිකා විකතිකායො, කට්ටිස්සා (කට්ඨිස්සා (සී.), කුට්ටකා (ක.)) චිත්තකා බහූ;
වරපොත්ථකෙ කම්බලෙ ච, ලභාමි විවිධෙ අහං.
177
“මම පුළුන් පිරවූ මෙට්ටද, සිංහාදීන්ගේ රූ ඇති පලස්ද, මැණික් ඇල්ලූ පට වස්ත්‍රද, දීමෙන් විසිතුරු එළු ලොම් ඇතිරිද, නියදින් කළ උතුම් වස්ත්‍රද, නානාවිධ කම්බලද ලබමි.
178
‘‘පාවාරිකෙ ච මුදුකෙ, මුදුකාජිනවෙණියො;
ලභාමි විවිධත්ථාරෙ (විවිධට්ඨානෙ (ස්‍යා. ක.)), භිසිදානස්සිදං ඵලං.
178
“මොලොක් උතුරු සළුද, මෘදු ඇඳුම් දිවිසම්ද, නොයෙක් ඇතිරිලිද ලබමි. ගුදිරි දනෙහි මේ විපාකයයි.
179
‘‘යතො සරාමි අත්තානං, යතො පත්තොස්මි විඤ්ඤුතං;
අතුච්ඡො ඣානමඤ්චොම්හි, භිසිදානස්සිදං ඵලං.
179
“යම් කලක පටන් තමා පිළිබඳව සිතම්ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියේ වෙම්ද, (එතැන් පටන්ම) නොසිස්වූ ධ්‍යාන නමැති මඤ්චය ඇත්තේ හෙවත් ධ්‍යාන ලාභීවූයේ වෙමි. භිසි දානයාගේ (ගුදිරි දනෙහි) මේ විපාකයයි.
180
‘‘බිබ්බොහනෙ ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
ඡානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
180
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද බුමුතුරුණු (කොට්ට) දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් හයක් අනුභව කරමි.
181
‘‘උණ්ණිකෙ පදුමකෙ ච, අථො ලොහිතචන්දනෙ;
බිබ්බොහනෙ උපාධෙමි, උත්තමඞ්ගං සදා මම.
181
“එළු ලොම් ආදිය පිරෙව්වාවූද, පඤචාකාර මැහුම් ගෙත්තම් ඇත්තාවූද, ලෙහෙසියෙන්ම සඳුන් සුවඳ හමන්නාවූද, බිම්බොහනා (කොට්ට) හැමකල්හි මාගේ හිස තබමි.
182
‘‘අට්ඨඞ්ගිකෙ මග්ගවරෙ, සාමඤ්ඤෙ චතුරො ඵලෙ;
තෙසු ඤාණං උප්පාදෙත්වා (උපනෙත්වා (සී.)), විහරෙ නිච්චකාලිකං.
182
“උතුම් ආර්‍ය්‍ය අෂ්ඨාංගීක මාර්ගයෙහිද, චතුර් ශ්‍රමණ්‍ය ඵලයෙහිද, යන එම ධර්‍මයන් කෙරෙහි නුවණ මෙහෙයා හැම කල්හි වෙසෙමි.
183
‘‘දානෙ දමෙ සංයමෙ ච, අප්පමඤ්ඤාසු රූපිසු;
තෙසු ඤාණං උප්පාදෙත්වා (උපනෙත්වා (සී.)), විහරෙ සබ්බකාලිකං.
183
“දීමෙහිද, (කාය චිත්ත) දමනයෙහිද, සංයමයෙ (සන්හුන් බැව්) හිද, අප්‍රමාණ්‍ය ධර්‍ම (සිව් බඹ විහරණ) කෙරෙහිද, රූපාවචර ධ්‍යානයන්හිද, යන එකී ධර්‍මයන් කෙරෙහි නුවණ මෙහෙයා හැම කල්හි වෙසෙමි.
184
‘‘වත්තෙ ගුණෙ පටිපත්ති, ආචාරකිරියාසු ච;
තෙසු ඤාණං උප්පාදෙත්වා (ඤාණං උපදහිත්වාන (සී.)), විහරෙ සබ්බදා අහං.
184
“මම වත්සපන් ගුණයෙහිද, ප්‍රතිපත්තීන්හි හා ආචාර ක්‍රියාවන්හිද නුවණ උපදවා හැම කල්හි වෙසෙමි.
185
‘‘චඞ්කමෙ වා පධානෙ වා, වීරියෙ බොධිපක්ඛියෙ;
තෙසු ඤාණං උප්පාදෙත්වා, විහරාමි යදිච්ඡකං.
185
“සක්මණෙහිද, පදහන් විරියෙහිද, බෝපැකි දහම්හිද යන එකී ධර්‍මයන්හි නුවණ උපදවා කැමැතිසේ වෙසෙමි.
186
‘‘සීලං සමාධි පඤ්ඤා ච, විමුත්ති ච අනුත්තරා;
තෙසු ඤාණං උප්පාදෙත්වා (ඤාණං උපදහිත්වාන (සී.)), විහරාමි සුඛං අහං.
186
“අනුත්තරවූ ශීලය, සමාධිය, ප්‍රඥාවය, විමුක්තිය යන එකී දහම්හි නුවණ මෙහෙයා මම සුවසේ වෙසෙමි.
187
‘‘ඵලපීඨෙ (පලාලපීට්ඨෙ (සී.)) ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
ද්වානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
187
“පිදුරු යොදා කළ පුටු බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද දී මාගේ එම කර්‍මයට සුදුසු අනුසස් දෙකක් ලබමි.
188
‘‘සොණ්ණමයෙ මණිමයෙ, දන්තසාරමයෙ බහූ;
පල්ලඞ්කසෙට්ඨෙ වින්දාමි, ඵලපීඨස්සිදං ඵලං.
188
“රන්මුවාවූද, මිණිමුවාවූද, දළමුවාවූද, හරමුවාවූද බොහෝ උතුම් පර්‍ය්‍යඞ්කයන් ලබමි. පලාලපීඨ දානයාගේ මේ විපාකයයි.
189
‘‘පාදපීඨෙ ජිනෙ දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
ද්වානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම;
ලභාමි බහුකෙ යානෙ, පාදපීඨස්සිදං ඵලං.
189
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පා පුටු දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දෙකක් ලබමි.
190
‘‘දාසී දාසා ච භරියා, යෙ චඤ්ඤෙ අනුජීවිනො;
සම්මා පරිචරන්තෙ මං, පාදපීඨස්සිදං ඵලං.
190
“බොහෝ යානයන් ලබමි. පා පුටු දනෙහි මේද විපාකයකි. දැසිදස්යෝද, බිරියෝද, අනික් අනු ජීවීහුද, මට මැනවින් පරිවරණය කෙරෙත්. මේද පාපුටු දනෙහි විපාකයයි.
191
‘‘තෙලඅබ්භඤ්ජනෙ (තෙලානබ්භඤ්ජනෙ (සී.)) දත්වා, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
191
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ඇඟ ගල්වන තෙල් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
192
‘‘අබ්‍යාධිතා රූපවතා, ඛිප්පං ධම්මනිසන්තිතා;
ලාභිතා අන්නපානස්ස, ආයුපඤ්චමකං මම.
192
“මාගේ නීරෝගී බවද, රූමත් බවද, වහා ධර්‍මය වැටහෙන බවද, ආහාර පාන ලාභී බවද, ආයු පඤචකයද (ආයු - වර්‍ණ - සැප - බල - ප්‍රඥා) ද ලබමි.
193
‘‘සප්පිතෙලඤ්ච දත්වාන, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
193
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගිතෙල් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
194
‘‘ථාමවා රූපසම්පන්නො, පහට්ඨතනුජො සදා;
අබ්‍යාධි විසදො හොමි, සප්පිතෙලස්සිදං ඵලං.
194
“හැමකල්හි පිනාගිය සිරුරින් හටගත් බලය ඇත්තේ, රූමත්වූයේ, නීරෝගීවූයේ, පැහැදුනු (ප්‍රකට) කෙනෙක් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි.
195
‘‘මුඛසොධනකං දත්වා, බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ;
පඤ්චානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
195
“මුවදෝනාව (බඳුන) ක් බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද දී, මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
196
‘‘විසුද්ධකණ්ඨො මධුරස්සරො, කාසසාසවිවජ්ජිතො;
උප්පලගන්ධො මුඛතො, උපවායති මෙ සදා.
196
“පිරිසිදු කණ්ඨය (උගුර) ඇත්තේ, මිහිරි ස්වර ඇත්තේ, කාස ස්වාසාදියෙන් තොරවූයේ, හැමකල්හි මාගේ මුවින් උපුල් මල් සුවඳ විහිදේ.
197
‘‘දධිං දත්වාන සම්පන්නං, බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ;
භුඤ්ජාමි අමතං භත්තං (විත්තං (සී. ක.)), වරං කායගතාසතිං.
197
“බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද, සමෘද්‍ධවූ දිහි දී, උතුම්වූ කායගතා සති සංඛ්‍යාත අමෘත ධනය අනුභව කරමි.
198
‘‘වණ්ණගන්ධරසොපෙතං, මධුං දත්වා ජිනෙ ගණෙ;
අනූපමං අතුලියං, පිවෙ මුත්තිරසං අහං.
198
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද වර්‍ණ, ගන්‍ධ, රසයන්ගෙන් යුක්තවීද, මම උපමාවක් කිය නොහැකි අතුල්‍යවූ විමුක්ති රසය පානය කරමි.
199
‘‘යථාභූතං රසං දත්වා, බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ;
චතුරො ඵලෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
199
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ඇති අයුරුවූ රසවත් දැය දී මාගේ එම කර්මයට සුදුසුවූ (සෝවාන් ආදී සිව්) ඵලයන් අනුභව කරමි.
200
‘‘අන්නං පානඤ්ච දත්වාන, බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ;
දසානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
200
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ආහාර පාන දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි.
201
‘‘ආයුවා බලවා ධීරො, වණ්ණවා යසවා සුඛී;
ලාභී අන්නස්ස පානස්ස, සූරො පඤ්ඤාණවා සදා;
ඉමෙ ගුණෙ පටිලභෙ, සංසරන්තො භවෙ අහං.
201
“මම ආයු ඇත්තේ, බල ඇත්තේ, නුවණැත්තේ, වර්‍ණවත්වූයේ, පැණවත්වූයේ, හැම කල්හි භවයෙහි සැරිසරන්නේ මෙම ගුණ ලබමි.
202
‘‘ධූපං (ධූමං (සී. ක.)) දත්වාන සුගතෙ, සඞ්ඝෙ ගණවරුත්තමෙ;
දසානිසංසෙ අනුභොමි, කම්මානුච්ඡවිකෙ මම.
202
“බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද සුවඳ දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් ලබමි.
203
‘‘සුගන්ධදෙහො යසවා, සීඝපඤ්ඤො ච කිත්තිමා;
තික්ඛපඤ්ඤො භූරිපඤ්ඤො, හාසගම්භීරපඤ්ඤවා.
203
204
‘‘වෙපුල්ලජවනපඤ්ඤො , සංසරන්තො භවාභවෙ;
තස්සෙව වාහසා දානි, පත්තො සන්තිසුඛං සිවං.
204
“මම කුදු මහත් වනයෙහි සැරිසරන්නේ, සුවඳවත් සිරුරු ඇත්තේ, කීර්තිමත්වූයේ, යශස් ඇත්තේ, සීඝ්‍ර තීක්‍ෂණ භූරි හාසු ගම්භීර ප්‍රඥා ඇත්තේ, විපුලවූ ජවන ප්‍රඥා ඇත්තේද වෙමි. එම පුණ්‍ය කර්ම බලයෙන්ම දැන් ශිවවූ ශාන්ති සුඛයටද පැමිණියේ වෙමි.
205
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
205
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
206
‘‘ස්වාගතං වත මෙ ආසි, මම බුද්ධස්ස සන්තිකෙ (බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ (?) එවමුපරිපි; එතදෙව හි උපාලිත්ථෙරාපදානට්ඨකථායං වණ්ණිතං);
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
206
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
207
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පිලින්දවච්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
207
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
2. සෙලත්ථෙරඅපදානං 2. සෙල ථේරාපදානය
3. සබ්බකිත්තිකත්ථෙරඅපදානං 3. සබ්බකිත්තික ථේරාපදානය
4. මධුදායකත්ථෙරඅපදානං 4. මධුදායක ථේරාපදානය
5. පදුමකූටාගාරියත්ථෙරඅපදානං 5. පදුම කූටාගාරිය ථේරාපදානය
6. බාකුලත්ථෙරඅපදානං 6. බක්කුල ථේරාපදානය
7. ගිරිමානන්දත්ථෙරඅපදානං 7. ගිරිමානන්‍ද ථේරාපදානය
8. සළලමණ්ඩපියත්ථෙරඅපදානං 8. සලල මණ්ඩපිය ථේරාපදානය
9. සබ්බදායකත්ථෙරඅපදානං 9. සබ්බදායක ථේරාපදානය
10. අජිතත්ථෙරඅපදානං 10. අජිත ථේරාපදානය