ත්‍රිපිටකය
39. අවටඵලවග්ගො 39. අවණ්ටඵලදායක වග්ග
1. අවටඵලදායකත්ථෙරඅපදානං 1. අවණ්ටඵලදායක ථේරාපදානය
2. ලබුජදායකත්ථෙරඅපදානං 2. ලබුදජදදායක ථේරාපදානය
3. උදුම්බරඵලදායකත්ථෙරඅපදානං 3. උදුම්බර ඵලදායක ථේරාපදානය
4. පිලක්ඛඵලදායකත්ථෙරඅපදානං 4. පිලක්ඛ ඵලදායක ථේරාපදානය
5. ඵාරුසඵලදායකත්ථෙරඅපදානං 5. ඵාරුස ඵලදායක ථේරාපදානය
6. වල්ලිඵලදායකත්ථෙරඅපදානං 6. වල්ලි ඵලදායක ථේරාපදානය
7. කදලිඵලදායකත්ථෙරඅපදානං 7. කදලිඵල දායක ථේරාපදානය
8. පනසඵලදායකත්ථෙරඅපදානං 8. පනසඵලදායක ථේරාපදානය
9. සොණකොටිවීසත්ථෙරඅපදානං 9. සොනකොටිවිස ථේරාපදානය
10. පුබ්බකම්මපිලොතිකබුද්ධඅපදානං 10. පුබ්බකම්බ පිලොතිකා ථේරාපදානය
64
‘‘අනොතත්තසරාසන්නෙ , රමණීයෙ සිලාතලෙ;
නානාරතනපජ්ජොතෙ, නානාගන්ධවනන්තරෙ.
64
නොයෙක් රත්නයන්ගෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයන්ගෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්ත විල සමීපයෙහි වූ සිත්කළු ගල් තලාවක
65
‘‘මහතා භික්ඛුසඞ්ඝෙන, පරෙතො (උපෙතො (උදානට්ඨකථායං 4 වග්ගෙ, 8 සුත්තෙ)) ලොකනායකො;
ආසීනො බ්‍යාකරී තත්ථ, පුබ්බකම්මානි අත්තනො.
65
මහත්වූ භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද බුදුරජාණන් වහන්සේ වැඩහුන් සේක් එහිදී තමන් වහන්සේගේ පූර්‍වකර්‍මය ප්‍රකාශ කළ සේක.
66
(සුණාථ භික්ඛවෙ මය්හං, යං කම්මං පකතං මයා; එකං අරඤ්ඤිකං භික්ඛුං, දිස්වා දින්නං පිලොතිකං; පත්ථිතං පඨමං බුද්ධං, බුද්ධත්තාය මයා තදා; පිලොතියස්ස කම්මස්ස, බුද්ධත්තෙපි විපච්චති; ගොපාලකො පුරෙ ආසිං, ගාවිං පාජෙති ගොචරං; පිවන්තිං උදකං ආවිලං, ගාවිං දිස්වා නිවාරයිං; තෙන කම්මවිපාකෙන, ඉධ පච්ඡිමකෙ භවෙ; විපාසිතො යදිච්ඡකං, න හි පාතුං ලභාමහං (ස්‍යා.)) ‘‘සුණාථ භික්ඛවො මය්හං, යං කම්මං පකතං මයා;
පිලොතිකස්ස කම්මස්ස, බුද්ධත්තෙපි විපච්චති (සුණාථ භික්ඛවෙ මය්හං, යං කම්මං පකතං මයා; එකං අරඤ්ඤිකං භික්ඛුං, දිස්වා දින්නං පිලොතිකං; පත්ථිතං පඨමං බුද්ධං, බුද්ධත්තාය මයා තදා; පිලොතියස්ස කම්මස්ස, බුද්ධත්තෙපි විපච්චති; ගොපාලකො පුරෙ ආසිං, ගාවිං පාජෙති ගොචරං; පිවන්තිං උදකං ආවිලං, ගාවිං දිස්වා නිවාරයිං; තෙන කම්මවිපාකෙන, ඉධ පච්ඡිමකෙ භවෙ; විපාසිතො යදිච්ඡකං, න හි පාතුං ලභාමහං (ස්‍යා.)).
66
“මහණෙනි, මා විසින් යම් කර්‍මයක් කරන ලදද (මාගේ ඒ කර්‍මය අසව) විපාකාවශේෂ කර්‍මය බුදු බැව් ලැබූ කල්හිද විපාක දේ.
67
‘‘මුනාළි නාමහං ධුත්තො, පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු (අඤ්ඤාය ජාතියා (උදාන අට්ඨ.));
පච්චෙකබුද්ධං සුරභිං (සරභුං (සී.)), අබ්භාචික්ඛිං අදූසකං.
67
“පෙර මම අප්‍රකටවූ (ශුද්‍ර) ජාතියකට අයත් මුනාළී නම් ධූර්‍තයෙක් වීමි. (එකල්හි) ක්ලේශයන්ගෙන් දූෂ්‍ය නොවූ සරභූ නම් පසේ බුදුන් වහන්සේට නින්දාකොට බැන්නෙමි.
68
‘‘තෙන කම්මවිපාකෙන, නිරයෙ සංසරිං චිරං;
බහූවස්සසහස්සානි, දුක්ඛං වෙදෙසි වෙදනං.
68
“එම (අකුශල) කර්‍ම විපාකයෙන් නිරයෙහි බොහෝ කලක් හැසුරුනිමි. බොහෝ දහස් ගණන් අවුරුදු දුක් වේදනා වින්දෙමි.
69
‘‘තෙන කම්මාවසෙසෙන, ඉධ පච්ඡිමකෙ භවෙ;
අබ්භක්ඛානං මයා ලද්ධං, සුන්දරිකාය කාරණා.
69
“එම කර්‍මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්‍දරිකා නම් පරිබ්‍රාජිකාව නිමිතිකොට මා විසින් නින්දා අපහාස වචන ලබන ලදී.
70
‘‘සබ්බාභිභුස්ස බුද්ධස්ස, නන්දො නාමාසි සාවකො;
තං අබ්භක්ඛාය නිරයෙ, චිරං සංසරිතං මයා.
70
“සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්‍ද නම් ශ්‍රාවකයෙක් විය. උන්වහන්සේට නින්දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදී.
71
‘‘දසවස්සසහස්සානි, නිරයෙ සංසරිං චිරං;
මනුස්සභාවං ලද්ධාහං, අබ්භක්ඛානං බහුං ලභිං.
71
“අවුරුදු දසදහසක් පමණවූ දීර්‍ඝ කාලයක් නිරයෙහි හැසුරුනෙමි. මිනිසත් බව ලැබූ මම බොහෝ නින්දා ලැබීමි.
72
‘‘තෙන කම්මාවසෙසෙන, චිඤ්චමානවිකා මමං;
අබ්භාචික්ඛි අභූතෙන, ජනකායස්ස අග්ගතො.
72
“එම කර්‍මයාගේ ශේෂවූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජන සමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාය.
73
‘‘බ්‍රාහ්මණො සුතවා ආසිං, අහං සක්කතපූජිතො;
මහාවනෙ පඤ්චසතෙ, මන්තෙ වාචෙමි මාණවෙ.
73
“බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දාවූද මම බහුශ්‍රුත බමුණෙක් වීමි. මහවෙනෙහි පන්සියයක් මානවකයනට මන්ත්‍ර හදාරවමි.
74
‘‘තත්ථාගතො (තමාගතො (ක.)) ඉසි භීමො, පඤ්චාභිඤ්ඤො මහිද්ධිකො;
තං චාහං ආගතං දිස්වා, අබ්භාචික්ඛිං අදූසකං.
74
“මහත් ඎද්‍ධි ඇති, පඤ්චාභිඥාලාභීවූ භයජනක ඎෂිවරයෙක් තෙම එහි පැමිණියේය. මම (එසේ) පැමිණියාවූ දුෂ්‍ය නොවූ ඔහු දැක නින්දා කෙළෙමි. (කෙසේදයත්)
75
‘‘තතොහං අවචං සිස්සෙ, කාමභොගී අයං ඉසි;
මය්හම්පි භාසමානස්ස, අනුමොදිංසු මාණවා.
75
“ඉක්බිති මම ශිෂ්‍යයන්හට මේ ඎෂිතෙමේ කාමභොගියෙකැයි කීමි. මානවකයෝද එසේ කියන්නාවූ මාගේ (කථාවට) අනුව සතුටු වූවාහුය.
76
‘‘තතො මාණවකා සබ්බෙ, භික්ඛමානං කුලෙ කුලෙ;
මහාජනස්ස ආහංසු, කාමභොගී අයං ඉසි.
76
“ඉක්බිති සියළු මානවකයෝ ගෙයක් ගෙයක් පාසා පිඬු පිණිස යන්නාවූ මේ ඎෂිතෙම කාමභෝගියෙකැයි මහජනයාට කීවාහුය.
77
‘‘තෙන කම්මවිපාකෙන, පඤ්ච භික්ඛුසතා ඉමෙ;
අබ්භක්ඛානං ලභුං සබ්බෙ, සුන්දරිකාය කාරණා.
77
“ඒ සියළු මානවකයෝ මේ පන්සියයක් භික්‍ෂූහුම වෙති. එම කර්‍ම විපාකය කරණකොටගෙන ඔවුහු සුන්‍දරිකා පරිබ්‍රාජිකාව නිමිතිකොට නින්දා ලැබූවාහුය.
78
‘‘වෙමාතුභාතරං පුබ්බෙ, ධනහෙතු හනිං අහං;
පක්ඛිපිං ගිරිදුග්ගස්මිං, සිලාය ච අපිංසයිං.
78
“පෙර මම (එක පියෙකුට දාව අන් මව් කුසකින් උපන්) ෙවමාතික (කණිටු) සොහොයුරා ධනය හේතුකොටගෙන නැසීමි. ගිරි දුර්‍ගයකටද හෙළීමි. (හෙළා) ගලකින්ද ගැසීමි.
79
‘‘තෙන කම්මවිපාකෙන, දෙවදත්තො සිලං ඛිපි;
අඞ්ගුට්ඨං පිංසයී පාදෙ, මම පාසාණසක්ඛරා.
79
“එම කර්‍ම විපාකය කරණකොටගෙන දෙව්දත් තෙමේ ගලක් පෙරලීය. (ඉන් නැගුණු) ගල් පතුරක් මාගේ පයෙහි මහපටැඟිල්ලට වැදුනේය.
80
‘‘පුරෙහං දාරකො හුත්වා, කීළමානො මහාපථෙ;
පච්චෙකබුද්ධං දිස්වාන, මග්ගෙ සකලිකං (සක්ඛලිකං (ක.)) ඛිපිං (දහිං (ස්‍යා.)).
80
“පෙර මම (කුල) දරුවෙක්ව මහ මගෙහි ක්‍රීඩා කරමින් (එම) මගෙහි (වඩින) පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකු දැක ගල් කැබෙල්ලක් (උන්වහන්සේ දෙසට) විසි කෙළෙමි.
81
‘‘තෙන කම්මවිපාකෙන, ඉධ පච්ඡිමකෙ භවෙ;
වධත්ථං මං දෙවදත්තො, අභිමාරෙ පයොජයි.
81
“එම කර්‍ම විපාකය කරණකොටගෙන මෙම අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවීය.
82
‘‘හත්ථාරොහො පුරෙ ආසිං, පච්චෙකමුනිමුත්තමං;
පිණ්ඩාය විචරන්තං තං, ආසාදෙසිං ගජෙනහං.
82
“මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන්නාවූ උතුම් පසේබුදුවරයන් වහන්සේ කෙනෙක් දැක ඇතා ලවා උන්වහන්සේ ගැටවීමි.
83
‘‘තෙන කම්මවිපාකෙන, භන්තො (දන්තො (ක.)) නාළාගිරී ගජො;
ගිරිබ්බජෙ පුරවරෙ, දාරුණො සමුපාගමි (මං උපාගමි (සී.)).
83
“එම කමී විපාකය කරණකොටගෙන ගිරිබ්බජ (මගධරට පුරාණ රාජධානිය) නම් උතුම් නගරයෙහිදී (මත්වී) භ්‍රාන්තවූ නාලාගිරි ඇත්තෙමේ දරුණුවූයේ මා වෙත එළඹියේය.
84
‘‘රාජාහං පත්ථිවො (පත්තිකො (ස්‍යා. ක.), ඛත්තියො (උදාන අට්ඨ.)) ආසිං, සත්තියා පුරිසං හනිං;
තෙන කම්මවිපාකෙන, නිරයෙ පච්චිසං භුසං.
84
“මම පෙර පෘථිවීශ්වරවූ රජෙක් වීමි. (එකල්හි) ආයුධය (කඩුව) කින් (ගසා) පුරුෂයෙකු මැරීමි. එම කර්‍ම විපාකය කරණකොට ගෙන බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.
85
‘‘කම්මුනො තස්ස සෙසෙන, ඉදානි සකලං මම;
පාදෙ ඡවිං පකප්පෙසි (පකොපෙසි (සී.)), න හි කම්මං විනස්සති.
85
“එම කර්‍මයාගේ ශේෂවූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සියළු සිවිය (ඇතුළත ලේ ගැලීම් නිසා) නරක්විය. කර්‍මය නැති නොවේ.
86
‘‘අහං කෙවට්ටගාමස්මිං, අහුං කෙවට්ටදාරකො;
මච්ඡකෙ ඝාතිතෙ දිස්වා, ජනයිං සොමනස්සකං (සොමනස්සහං (උදාන අට්ඨ.)).
86
“මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. (එකල්හි) නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.
87
‘‘තෙන කම්මවිපාකෙන, සීසදුක්ඛං අහූ මම;
සබ්බෙ සක්කා ච හඤ්ඤිංසු, යදා හනි විටටූභො (විටටුභො (ස්‍යා. ක.)).
87
“එම කර්‍ම විපාකයෙන් මාගේ හිසෙහි (දුක්) වේදනාවක් ඇතිවිය. යම් කලෙක්හි විඩූඪභ තෙමේ යුද කෙළේද, එකල්හි සියළු ශාක්‍යයෝද නැසුනාහුය.
88
‘‘ඵුස්සස්සාහං පාවචනෙ, සාවකෙ පරිභාසයිං;
යවං ඛාදථ භුඤ්ජථ, මා ච භුඤ්ජථ සාලයො.
88
“ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි (එම) ශ්‍රාවකයන්හට “යව කව්” “හැල් අනුභව නොකරව්” යයි නින්දා කෙළෙම්ද,
89
‘‘තෙන කම්මවිපාකෙන, තෙමාසං ඛාදිතං යවං;
නිමන්තිතො බ්‍රාහ්මණෙන, වෙරඤ්ජායං වසිං තදා.
89
“එම කර්‍ම විපාකයෙන් බමුණෙකු විසින් ආරාධනය කරන ලදුයේ වෙරඤ්ජාවෙහි වසමින් එකල්හි තෙමසක් මුළුල්ලෙහි යව අනුභව කරණ ලදී.
90
‘‘නිබ්බුද්ධෙ වත්තමානම්හි, මල්ලපුත්තං නිහෙඨයිං (නිසෙධයිං (ස්‍යා. ක.));
තෙන කම්මවිපාකෙන, පිට්ඨිදුක්ඛං අහූ මම.
90
“(පෙර) මල්ල යුද්‍ධයක් පවත්නා කල්හි (ප්‍රති මල්ලව ආ) මල්ල පුත්‍රයෙක් පෙලීමි. එම කර්‍ම විපාකය කරණකොටගෙන මාගේ පිටෙහි (පවත්නා) දුක්ඛ වේදනාවක් විය.
91
‘‘තිකිච්ඡකො අහං ආසිං, සෙට්ඨිපුත්තං විරෙචයිං;
තෙන කම්මවිපාකෙන, හොති පක්ඛන්දිකා මම.
91
“මම පෙර වෛද්‍යවරයෙක් වීමි. (ධනය ගනු කැමතිව) එක් සිටු පුත්‍රයෙක් විරේක කරවීමි. එම කර්‍මය කරණකොටගෙන මට ලෝහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) වැළඳුනේ වේ.
92
‘‘අවචාහං ජොතිපාලො, සුගතං කස්සපං තදා;
කුතො නු බොධි මුණ්ඩස්ස, බොධි පරමදුල්ලභා.
92
“(පෙර) ජෝතිපාල මානවකවූ මම එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට “හිස මුඩු කළහුට (සම්බෝධි) ඥානයක් කොයින්ද, (තොපට) (සම්බෝධි) ඥානය ඉතා දුර්ලභය” යි කීමි.
93
‘‘තෙන කම්මවිපාකෙන, අචරිං දුක්කරං බහුං;
ඡබ්බස්සානුරුවෙළායං, තතො බොධිමපාපුණිං.
93
“එම කර්‍ම විපාකය කරණකොටගෙන උරුවෙලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කර ක්‍රියා කෙළෙමි. ඉක්බිති සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
94
‘‘නාහං එතෙන මග්ගෙන, පාපුණිං බොධිමුත්තමං;
කුම්මග්ගෙන ගවෙසිස්සං, පුබ්බකම්මෙන වාරිතො.
94
“පූර්‍ව කර්‍මයෙන් (සැප) වළක්වන ලදුයේ නොමගින් බුදුබව සොයන්නෙමි. මම (එම) නොමගින් උතුම් සම්‍යක් සම්බෝධියට නොපැමිණියෙමි.
95
‘‘පුඤ්ඤපාපපරික්ඛීණො, සබ්බසන්තාපවජ්ජිතො;
අසොකො අනුපායාසො, නිබ්බායිස්සමනාසවො.
95
“කුසල් හා අකුසල් (රැස් කිරීමේ ශක්තිය) ක්‍ෂය කරණ ලදුයේ, සියළු (කෙළෙස්) තැවුල් බැහැරකරණ ලදුයේ, ශෝක රහිතවූයේ, වෙහෙසීම් රහිතවූයේ, ආශ්‍රව රහිතවූයේ පරිනිර්‍වාණයට පත්වන්නෙමි.
96
‘‘එවං ජිනො වියාකාසි, භික්ඛුසඞ්ඝස්ස අග්ගතො;
සබ්බාභිඤ්ඤාබලප්පත්තො, අනොතත්තෙ මහාසරෙ’’ති.
ඉත්ථං සුදං භගවා අත්තනො පුබ්බචරිතං කම්මපිලොතිකං නාම බුද්ධාපදානධම්මපරියායං අභාසිත්ථාති.
96
“සියළු අභිඥා බලයනට පත් සර්‍වඥයන් වහන්සේ අනවතප්ත මහ විල් (තෙර) හිදී බික් සඟන ඉදිරියෙහි මෙසේ වදාළ සේක. මෙහි මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පූර්‍ව චරිතය (දැක්වෙන) පුබ්බකම්මපිලොතික නම්වූ ධර්‍ම පරියායය වදාළ සේක.