ත්‍රිපිටකය
33. උමාපුප්ඵියවග්ගො 33. උම්මා පුප්ඵිය වග්ග
1. උමාපුප්ඵියත්ථෙරඅපදානං 1. උම්මා පුප්ඵිය ථේරාපදානය
2. පුලිනපූජකත්ථෙරඅපදානං 2. පුලින පූජක ථේරාපදානය
3. හාසජනකත්ථෙරඅපදානං 3. හාසජනක ථේරාපදානය
4. යඤ්ඤසාමිකත්ථෙරඅපදානං 4. යඤ්ඤසාමික ථේරාපදානය
5. නිමිත්තසඤ්ඤකත්ථෙරඅපදානං 5. නිමිත්ත සඤ්ඤක ථේරාපදානය
6. අන්නසංසාවකත්ථෙරඅපදානං 6. අන්නසංසාවක ථේරාපදානය
7. නිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරඅපදානං 7. නිග්ගුණ්ඩි පුප්ඵිය ථේරාපදානය
39
‘‘යදා දෙවො දෙවකායා, චවතෙ ආයුසඞ්ඛයා;
තයො සද්දා නිච්ඡරන්ති, දෙවානං අනුමොදතං.
39
“යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුතවූයේද, (එකල්හි) අනුමෝදනය කරන්නාවූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිටවී යෙත් (කෙසේදයත්?)
40
‘‘‘ඉතො භො සුගතිං ගච්ඡ, මනුස්සානං සහබ්‍යතං;
මනුස්සභූතො සද්ධම්මෙ, ලභ සද්ධං අනුත්තරං.
40
“පින්වත, මින් චුතව මනුෂ්‍යයන්ගේ සහභාවයවූ සුගතියට යනු මැනව. මිනිස්වූයේ, සසුනෙහි උතුම්වූ ශ්‍රද්‍ධාව ලබව.
41
‘‘‘සා තෙ සද්ධා නිවිට්ඨාස්ස, මූලජාතා පතිට්ඨිතා;
යාවජීවං අසංහීරා, සද්ධම්මෙ සුප්පවෙදිතෙ.
41
“ඒ ශ්‍රද්‍ධා තොමෝ බැසගන්නා ලදී. එහි හටගත් මුල් ඇත්තී, මැනවින් පිහිටන ලද්දී, වියයුතු වන්නීය. මනාකොට අවබෝධ කරණ ලද ධර්‍මයෙහි දිවි ඇති තාක් නොපසුබටවූ, කයින්ද, වචනයෙන්ද, සිතින්ද, බොහෝ කුසල්කොට නිදුක්වූ (ක්ලේශොෂධී රහිත බැවින්) පිරිසිදුවූ, (අත්බැව් සම්පත් හා භවභෝග සම්‍යක් උපදනා) ඔෂධිකවූ ඒ බොහෝ කුසල්ද කොට පරිත්‍යාගයෙන් යුතුව අනික් මිනිසුන්ද බ්‍රහ්මචරිය නම්වූ සද්‍ධර්‍මයෙහි පිහිටවනු මැනව, කියායි.
42
‘‘‘කායෙන කුසලං කත්වා, වාචාය කුසලං බහුං;
මනසා කුසලං කත්වා, අබ්‍යාපජ්ජං නිරූපධිං.
42
43
‘‘‘තතො ඔපධිකං පුඤ්ඤං, කත්වා දානෙන තං බහුං;
අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ, බ්‍රහ්මචරියෙ නිවෙසය’.
43
44
‘‘ඉමාය අනුකම්පාය, දෙවාදෙවං යදා විදූ;
චවන්තං අනුමොදන්ති, එහි දෙව පුනප්පුනං (දෙවපුරං පුන (සී.)).
44
“නුවණැති දෙවිවරු (එසේ) චුතවන්නාවූ දෙවියනට දෙව්පුරයට නැවත එනු මැනවයි කියා මෙම අනුකම්පාවෙනුදු අනුමෝදනය (අනුව සතුටු කිරීම) කෙරෙත්.
45
‘‘සංවෙගො මෙ (සංවිග්ගොහං (ස්‍යා.)) තදා ආසි, දෙවසඞ්ඝෙ සමාගතෙ;
කංසු නාම අහං යොනිං, ගමිස්සාමි ඉතො චුතො.
45
“දිව්‍ය සමූහයා රැස්වූ කල්හි මට සංවේගයක් ඇතිවිය. (කෙසේදයත්?) මම මින් චුතව කිනම් යෝනියකට උත්පත්ති වශයෙන් යන්නෙම්ද කියායි.
46
‘‘මම සංවෙගමඤ්ඤාය, සමණො භාවිතින්ද්‍රියො;
මමුද්ධරිතුකාමො සො, ආගච්ඡි මම සන්තිකං.
46
“වඩනලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම මාගේ දුක දැන, මා ඒ දුකින් ගොඩගනු කැමැත්තේ, මාගේ සමීපයට පැමිණියේය. එකල්හි “සුමන” නම්වූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක තෙම අර්ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනය කොට මා සංවේගයට පත් කෙළේය.
47
‘‘සුමනො නාම නාමෙන, පදුමුත්තරසාවකො;
අත්ථධම්මානුසාසිත්වා, සංවෙජෙසි මමං තදා.
47
48
‘‘තස්සාහං වචනං සුත්වා, බුද්ධෙ චිත්තං පසාදයිං;
තං ධීරං අභිවාදෙත්වා, තත්ථ කාලංකතො අහං.
48
“මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්‍රාඥයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කළුරිය කෙළේ වෙමි.
49
‘‘උපපජ්ජිං ස (උපපජ්ජිස්සං (සී.)) තත්ථෙව, සුක්කමූලෙන චොදිතො;
වසන්තො මාතුකුච්ඡිම්හි, පුන ධාරෙති මාතුයා.
49
“එකී කුශල මූලයෙන් මෙහෙයන ලද මම එම දෙව්ලොවෙහි උපදින්නෙම් (ඉක්බිති) මව් කුසෙහි වසන්නේ නැවතත් මව් කුසින් දරයි.
50
‘‘තම්හා කායා චවිත්වාන, තිදසෙ උපපජ්ජහං;
එත්ථන්තරෙ න පස්සාමි, දොමනස්සමහං තදා.
50
“මම එම අත්බැවින් චුතව තව්තිසා දෙව්ලොව උපනිමි. මම එකල්හි මේ අතරතුර කාලයෙහි දොම්නසක් නොදනිමි.
51
‘‘තාවතිංසා චවිත්වාන, මාතුකුච්ඡිං සමොක්කමිං;
නික්ඛමිත්වාන කුච්ඡිම්හා, කණ්හසුක්කං අජානහං.
51
“තව්තිසා දෙව්ලොවින් චුතව මව් කුසක උපනිමි. මම මව් කුසින් බිහිව (ලදරු බැවින්) කළු සුදු (හෙවත් හොඳ නරක කුමක්දැයි) නොදනී.
52
‘‘ජාතියා සත්තවස්සොව (ජාතියා සත්තවස්සෙන (ස්‍යා.)), ආරාමං පාවිසිං අහං;
ගොතමස්ස භගවතො, සක්‍යපුත්තස්ස තාදිනො.
52
“මම උපතින් සත් ඇවිරිදි වයස් ඇත්තේ ආරාමයට පිවිසියෙමි. තාදී ගුණ ඇති, භාග්‍යවත්වූ ගෞතම කාශ්‍යප පුත්‍රයන් වහන්සේගේ බොහෝ දෙනා විසින් මැනවයි පිළිගත් සසුනයයි කියන ලද එම විසිතුරු ත්‍රිපිටක ධර්‍මයෙහි (දක්‍ෂව) බුදුරජුන්ගේ සසුන කරන්නාවූ භික්‍ෂූන් දුටිමි.
53
‘‘විත්ථාරිකෙ (විත්ථාරිතෙ (සී. ක.)) පාවචනෙ, බාහුජඤ්ඤම්හි සාසනෙ;
අද්දසං සාසනකරෙ, භික්ඛවො තත්ථ සත්ථුනො.
53
54
‘‘සාවත්ථි නාම නගරං, රාජා තත්ථාසි කොසලො;
රථෙන නාගයුත්තෙන, උපෙසි බොධිමුත්තමං.
54
“සැවැත් නම් නුවරෙක් විය. කොසොල් රජ තෙමේ එහි වී. (එම කොසොල් රජ තෙම) ඇතුන් යෙදු රියකින් උතුම් බෝධිය වෙත එළඹියේය.
55
‘‘තස්සාහං නාගං දිස්වාන, පුබ්බකම්මං අනුස්සරිං;
අඤ්ජලිං පග්ගහෙත්වාන, සමයං අගමාසහං.
55
“මම එම රජුගේ ඇතා දැක පූර්‍ව කර්‍මය සිහි කෙළෙමි. මමද ඇඳිලි බැඳ එම සභාවට ගියෙමි.
56
‘‘ජාතියා සත්තවස්සොව, පබ්බජිං අනගාරියං;
යො සො බුද්ධං උපට්ඨාසි, ආනන්දො නාම සාවකො.
56
“උපතින් සත් ඇවිරිදිවූයේම, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. (එකල) සම්‍යක් බුදුරජුන්හට උවටැන් කෙළේද හේ (මේ) ආනන්‍ද නම් ශ්‍රාවක තෙමේයි.
57
‘‘ගතිමා ධිතිමා චෙව, සතිමා ච බහුස්සුතො;
රඤ්ඤො චිත්තං පසාදෙන්තො, නිය්‍යාදෙසි මහාජුති.
57
“සිටි පියවරෙහිම සිට පද සැටදහසක් වුවද බුදුරජුන් වදාළ නියාවෙන්ම දැන ගැනීමෙහි සමත් බැවින් ගතිමත්වූද, බුද්‍ධ වචනය ඉගෙන ගන්නා වීර්‍ය්‍යයද, සඣායනය කිරීමෙහි වීර්‍ය්‍යයද, සිත්හි ලා දැරීමෙහි වීර්‍ය්‍යයද, ශාස්තෲන් වහන්සේට උවටැන් කිරීමෙහි වීර්‍ය්‍යයද, අන් හැම දෙනටම වඩා අධිකව ඇති බැවින් ධෘතිමත්වූද, එසේම අන් හැම දෙනාටම වඩා බුදුවදන් සිත්හි ලා දැරීමෙහි සිහි ඇති බැවින් ගතිමත්වූද, (මෙම සසුනෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහිම සිට බුදුවදන් උගත් බැවින් බහුශ්‍රුතවූද, (එම ආනන්‍ද ස්ථවිර තෙම) රජුගේ සිත පහදවමින් මහත් ආලෝකයක් නික්මවීය.
58
‘‘තස්සාහං ධම්මං සුත්වාන, පුබ්බකම්මං අනුස්සරිං;
තත්ථෙව ඨිතකො සන්තො, අරහත්තමපාපුණිං.
58
“මම උන්වහන්සේගේ ධර්‍මය අසා පූර්‍ව කර්‍මය සිහිපත් කෙළෙමි. එහි හුන්නේම රහත් බවටද පැමිණියෙමි.
59
‘‘එකංසං චීවරං කත්වා, සිරෙ කත්වාන අඤ්ජලිං;
සම්බුද්ධං අභිවාදෙත්වා, ඉමං වාචං උදීරයිං.
59
“ඉක්බිති සිවුර එකස්කොට, හිසෙහි ඇඳිලි බැඳ, සම්බුදු රජුන් වැඳ, මෙම වචනය කීමි. (කේසදයත්)
60
‘‘‘පදුමුත්තරබුද්ධස්ස, ද්විපදින්දස්ස සත්ථුනො;
නිග්ගුණ්ඩිපුප්ඵං පග්ගය්හ, සීහාසනෙ ඨපෙසහං.
60
“මම ශාස්තෘවූ, විපදෝත්තමවූ, පදුමුත්තර බුදුරජුන්ගේ සිහසුනෙහි (බුද්‍ධාසනයෙහි) නික මල් ගෙන තැබීමි.
61
‘‘‘තෙන කම්මෙන ද්විපදින්ද, ලොකජෙට්ඨ නරාසභ;
පත්තොම්හි අචලං ඨානං, හිත්වා ජයපරාජයං’.
61
“විපදෝත්තමයන් වහන්ස, ලොක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, එම (කුශල) කර්‍මය කරණකොටගෙන ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයවූ නිවණට (රහත්බවට) පැමිණියේ වෙමි.
62
‘‘පඤ්චවීසසහස්සම්හි , කප්පානං මනුජාධිපා;
අබ්බුදනිරබ්බුදානි, අට්ඨට්ඨාසිංසු ඛත්තියා.
62
“පස් විසි දහස්වන කපෙහි මනුජාධිපතිවූ අබ්බුද නිරබ්බුද නම්වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
63
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා නිග්ගුණ්ඩිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
63
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
8. සුමනාවෙළියත්ථෙරඅපදානං 8. සුමනා වෙලිය ථේරාපදානය
9. පුප්ඵච්ඡත්තියත්ථෙරඅපදානං 9. පුප්ඵ ඡත්තිය ථේරාපදානය
10. සපරිවාරඡත්තදායකත්ථෙරඅපදානං 10. සපිරිවාර ඡත්තදායක ථේරාපදානය