ත්‍රිපිටකය
19. කුටජපුප්ඵියවග්ගො 19. කුටජපුප්ඵිය වග්ග
1. කුටජපුප්ඵියත්ථෙරඅපදානං 1. කුටජපුප්ඵිය ථේරාපදානය
2. බන්ධුජීවකත්ථෙරඅපදානං 2. බන්ධුජීවක ථේරාපදානය
3. කොටුම්බරියත්ථෙරඅපදානං 3. කොටුම්බරිය ථේරාපදානය
4. පඤ්චහත්ථියත්ථෙරඅපදානං 4. පඤ්චහත්‍ථිය ථේරාපදානය
5. ඉසිමුග්ගදායකත්ථෙරඅපදානං 5. ඉසිමුග්ගදායක ථේරාපදානය
6. බොධිඋපට්ඨාකත්ථෙරඅපදානං 6. බොධි උපට්ඨාක ථේරාපදානය
7. එකචින්තිකත්ථෙරඅපදානං 7. එකචින්තික ථේරාපදානය
34
‘‘යදා දෙවො (දෙවා (ක.)) දෙවකායා, චවතෙ (චවන්ති (ක.)) ආයුසඞ්ඛයා;
තයො සද්දා නිච්ඡරන්ති, දෙවානං අනුමොදතං.
34
“යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙව්ලොවින් චුතවූයේද, එකල්හි අනුමෝදනය කරන්නාවූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිටව යෙත්. (කෙසේද යත්?)
35
‘ඉතො භො සුගතිං ගච්ඡ, මනුස්සානං සහබ්‍යතං;
මනුස්සභූතො සද්ධම්මෙ, ලභ සද්ධං අනුත්තරං.
35
“පින්වත, මින් චුතව මනුෂ්‍යයන්ගේ සහභාවයවූ සුගතියට එනු මැනව. මිනිස්වූයේ සසුනෙහි උතුම් වූ ශ්‍රද්‍ධාව ලබව.
36
‘‘‘සා තෙ සද්ධා නිවිට්ඨාස්ස, මූලජාතා පතිට්ඨිතා;
යාවජීවං අසංහීරා, සද්ධම්මෙ සුප්පවෙදිතෙ.
36
“ඒ ශ්‍රද්‍ධා තොමෝ බැස ගන්නා ලද්දී, එහි හටගත් මුල් ඇත්තී, මැනවින් බිහිවෙන ලද්දී විය යතු වන්නීය. මනාකොට අවබෝධ කරණ ලද ධර්‍මයෙහි දිවි ඇතිතාක් නොපසු බටව, කයින්ද, වචනයෙන්ද, සිතින්ද බොහෝ කුසල්කොට, නිදුක්වූ (ක්ලේශොපධි රහිත බැවින්) පිරිසිදුවූ (අත් බැව් සම්පත් හා භව භෝග සම්පත් උපදනා) ඔපධිකවූ ඒ බොහෝ කුසල්ද කොට, පරිත්‍යාගයෙන් යුතුව, අනික් මිනිසුන්ද බ්‍රහ්මචරිය නම්වූ සද්ධර්‍මයෙහි පිහිටුවනු මැනව කියායි.”
37
‘‘‘කායෙන කුසලං කත්වා, වාචාය කුසලං බහුං;
මනසා කුසලං කත්වා, අබ්‍යාපජ්ජං (අබ්‍යාපජ්ඣං (ස්‍යා.), අප්පමාණං (ඉතිවුත්තකෙ 83)) නිරූපධිං.
37
38
‘‘‘තතො ඔපධිකං පුඤ්ඤං, කත්වා දානෙන තං බහුං;
අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ, බ්‍රහ්මචරියෙ නිවෙසය’.
38
39
‘‘ඉමාය අනුකම්පාය, දෙවා දෙවං යදා විදූ;
චවන්තං අනුමොදන්ති, එහි දෙව පුනප්පුනං (දෙවපුරං පුන (ස්‍යා.)).
39
“නුවණැති දෙවිවරු චුතවන්නාවූ දෙවියනට ‘දෙව්පුරයට නැවත එනු මැනවැ’ යි කියා මෙම අනුකම්පාවෙනුදු අනුමෝදනය කෙරෙත්.
40
‘‘සංවෙගො මෙ (සංවිග්ගොහං (ස්‍යා.)) තදා ආසි, දෙවසඞ්ඝෙ සමාගතෙ;
කංසු නාම අහං යොනිං, ගමිස්සාමි ඉතො චුතො.
40
“දිව්‍ය සමූහයා රැස්වූ එකල්හි මට සංවේගයක් ඇති විය. (කෙසේද යත්) ‘මම මින් චුතව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යන්නෙම්ද?’ කියායි.
41
‘‘මම සංවෙගමඤ්ඤාය, සමණො භාවිතින්ද්‍රියො;
මමුද්ධරිතුකාමො සො, ආගච්ඡි මම සන්තිකං.
41
“වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම මාගේ දුක දැන මා ඒ දුකින් ගොඩ නගනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේය. එකල්හි සුමන නම්වූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක තෙම අර්ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනාකොට මා සංවේගයට පත් කෙළේය.
42
‘‘සුමනො නාම නාමෙන, පදුමුත්තරසාවකො;
අත්ථධම්මානුසාසිත්වා, සංවෙජෙසි මමං තදා.
42
43
‘‘තස්සාහං වචනං සුත්වා, බුද්ධෙ චිත්තං පසාදයිං;
තං ධීරං අභිවාදෙත්වා, තත්ථ කාලංකතො අහං.
43
“මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්‍රාඥයන් වහන්සේට අභිවාදනයකොට මම එහි කළුරිය කෙළේ වෙමි.
44
‘‘උපපජ්ජිං ස (උපපජ්ජිස්සං (සී.)) තත්ථෙව, සුක්කමූලෙන චොදිතො;
කප්පානං සතසහස්සං, දුග්ගතිං නුපපජ්ජහං.
44
“එකී කුශල මූලයෙන් වෙහෙසන ලද මම එම දෙව්ලොවෙහි උපදින්නෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනෙමි.
45
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකචින්තිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
45
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකචින්තික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
8. තිකණ්ණිපුප්ඵියත්ථෙරඅපදානං 8. තිකණ්ණිපුප්ඵිය ථේරාපදානය
9. එකචාරියත්ථෙරඅපදානං 9. එකචාරිය ථේරාපදානය
10. තිවණ්ටිපුප්ඵියත්ථෙරඅපදානං 10. තිවණ්ටිපුප්ඵිය ථේරාපදානය