14. සොභිතවග්ගො | 14. සොභිත වග්ග |
1. සොභිතත්ථෙරඅපදානං | 1. සොභිත ථේරාපදානය |
1
‘‘පදුමුත්තරො
මහතො ජනකායස්ස, දෙසෙති අමතං පදං.
|
1
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහත්වූ ජන සමූහයාට අමෘතපදය, (නිර්වාණය) දේශනා කරණ සේක.
|
2
‘‘තස්සාහං වචනං සුත්වා, වාචාසභිමුදීරිතං
(වාචාසභිමුදීරයිං (?));
අඤ්ජලිං පග්ගහෙත්වාන, එකග්ගො ආසහං තදා.
|
2
“මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙන එකඟ සිත් ඇත්තේ වීමි. (බුදු නුවණද මෙසේ පැසසීමි. කෙසේදයත්)
|
3
‘‘යථා
තථෙව යෙ චිත්තවසෙන වත්තරෙ, න බුද්ධඤාණස්ස කලං උපෙන්ති තෙ.
|
3
“යම්සේ මහසයුර ජලාශයනට අග්‍ර වේද, සිනෙරු පර්වතය පර්වතයනට අග්‍රවේද, එසේම යමෙක් චිත්ත (ඤාණ) වශයෙන් පවතිත් නම් ඔවුහු බුදු නුවණින් කලාවකටද නොපැමිණෙත්. (හැම නුවණකටම වඩා බුදු නුවණ අග්‍රය කියායි.) “(එකල්හි) කාරුණීක ඎෂිවූ බුදුරජාණන් වහන්සේ ධර්මයෙහි ධර්මයෙහි ක්‍රමය (දහම් දෙසුම) තබා, භික්ෂු සංඝයා මැද වැඩ හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
|
4
‘‘ධම්මවිධිං
(ධම්මෙ විධිං (සී.)) ඨපෙත්වාන, බුද්ධො කාරුණිකො ඉසි;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
4 |
5
‘‘‘යො සො ඤාණං පකිත්තෙසි, බුද්ධම්හි ලොකනායකෙ;
කප්පානං සතසහස්සං, දුග්ගතිං න ගමිස්සති.
|
5
“ලෝකනායක බුදුරජුන් කෙරෙහිවූ නුවණ යමෙක් (ප්‍රශංසා මුඛයෙන්) පැවසීද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයන්නේය.
|
6
‘‘‘කිලෙසෙ ඣාපයිත්වාන, එකග්ගො සුසමාහිතො;
සොභිතො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො’.
|
6
“එකඟව, සන්සුන්ව, කෙළෙස් දවා නම්න් සෝභිත නම්වූ ශ්‍රාවකයෙක් වන්නේය. (කියායි.)
|
7
‘‘පඤ්ඤාසෙ
සත්තරතනසම්පන්නා, චක්කවත්තී මහබ්බලා.
|
7
“මා විසින් කෙළස් දවන ලදී. සියලු භවයෝ වනසන ලදහ. පමුණුවන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. (මේ අයුරින්) බුදුසසුන කරණ ලදී.
|
8
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
8
“මින් පණස් දහස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, යසුග්ගත නම් සත් සක්විති රජ කෙනෙක් වූහ.
|
9
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සොභිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
9
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොභිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
2. සුදස්සනත්ථෙරඅපදානං | 2. සුදස්සන ථේරාපදානය |
10
‘‘විනතා
තාහං රුක්ඛං ගවෙසන්තො, අද්දසං ලොකනායකං.
|
10
“චින්තා නදී තීරයෙහි පුලිල ගසක් පල ගත්තේ විය. මම එම ගස සොයන්නේ ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
|
11
‘‘කෙතකං පුප්ඵිතං දිස්වා, වණ්ටෙ ඡෙත්වානහං තදා;
බුද්ධස්ස අභිරොපෙසිං, සිඛිනො ලොකබන්ධුනො.
|
11
“එකල්හි මම පිපුණු වැටකේ ගසක් දැක (එම මල්) නටුවෙන් කඩා ලෝකබන්ධූවූ සිඛි බුදුරජාණන් වහන්සේට පිදීමි. (කෙසේදයත්)
|
12
‘‘යෙන ඤාණෙන පත්තොසි, අච්චුතං අමතං පදං;
තං ඤාණං අභිපූජෙමි, බුද්ධසෙට්ඨ මහාමුනි.
|
12
“මහා මුනීන් වහන්ස, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්ස, (ඔබ) අව්‍යුත නම්වූ අමෘතපද නම් නිවණට යම් නුවණක් කරණකොටගෙන පැමිණියේ වෙහිද, එම නුවණට පුදමි (කියායි.)
|
13
‘‘ඤාණම්හි පූජං කත්වාන, පිලක්ඛුමද්දසං අහං;
පටිලද්ධොම්හි තං පඤ්ඤං
(තං සඤ්ඤං (ස්‍යා.), තං පුඤ්ඤං (ක.)), ඤාණපූජායිදං ඵලං.
|
13
“මම බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාඥානයට පුදා (ඉක්බිති) පළොල් ගස දුටිමි. (ඒ පූජා හේතුවෙන්) එම ප්‍රඥාව ලැබුයේ වෙමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.
|
14
‘‘එකත්තිංසෙ
දුග්ගතිං නාභිජානාමි, ඤාණපූජායිදං ඵලං.
|
14
“මින් තිස් එක්වන කපෙහි යම් මලක් පිදුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.
|
15
‘‘ඉතො
සත්තරතනසම්පන්නා, චක්කවත්තී මහප්ඵලා.
|
15
“මින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, පලුග්ගත නම් දොළොස් සක්විති රජ කෙනෙක් විය.
|
16
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සුදස්සනො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
16
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුදස්සන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
3. චන්දනපූජනකත්ථෙරඅපදානං | 3. චන්දපූජක ථේරාපදානය |
17
‘‘චන්දභාගානදීතීරෙ, අහොසිං කින්නරො තදා;
පුප්ඵභක්ඛො චහං ආසිං, පුප්ඵානිවසනො තථා
(පුප්ඵානං වසනො අහං (ස්‍යා.)).
|
17
“එකල්හි මම චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නේද, එසේම මල් හැඳින්නේද වෙමි.
|
18
‘‘අත්ථදස්සී තු භගවා, ලොකජෙට්ඨො නරාසභො;
විපිනග්ගෙන නිය්යාසි, හංසරාජාව අම්බරෙ.
|
18
“නරශ්‍රේෂඨවූ, ලෝකජ්‍යෙෂ්ඨවූ, අත්ථදස්සී භාග්‍යවතුන් වහන්සේද අහසෙහි හංස රාජයෙකු මෙන් වනය කෙළවරින් නික්මුණු සේක. (එය දුටු මම මෙසේ කීමි.)
|
19
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, චිත්තං තෙ සුවිසොධිතං;
පසන්නමුඛවණ්ණොසි, විප්පසන්නමුඛින්ද්රියො.
|
19
“පුරුෂ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්නවූ මුඛය හා නෙත් ඇත්තේ වෙහිය. අතිශයින් ප්‍රසන්නවූ මුහුණ හා ඉන්ද්රියයන් ඇත්තේ වෙහිය.
|
20
‘‘ඔරොහිත්වාන
සඞ්ඝාටිං පත්ථරිත්වාන, පල්ලඞ්කෙන උපාවිසි.
|
20
“(ඉක්බිති) මනා නුවණැති, මහා ප්‍රඥාවත් සර්වඥ තෙම අහසින් බැස, සඟල සිව්ර අතුරා, පර්‍ය්‍යඞ්කයෙන් (එරමිණිය ගොතාගෙන) වැඩ හුන් සේක.
|
21
‘‘විලීනං
පසන්නචිත්තො සුමනො, බුද්ධස්ස අභිරොපයිං.
|
21
“දියව ගිය සඳුන් ගෙන බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සර්වඥයන් වහන්සේට පිදීමි.
|
22
‘‘අභිවාදෙත්වාන
පාමොජ්ජං ජනයිත්වාන, පක්කාමිං උත්තරාමුඛො.
|
22
“ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුරජාණන් වහන්සේට අභිවාදනයකොට සතුට උපදවා උත්තර දිශාභිමුඛව ගියෙමි.
|
23
‘‘අට්ඨාරසෙ කප්පසතෙ, චන්දනං යං අපූජයිං;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
23
“එක් දහස් අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
24
‘‘චතුද්දසෙ කප්පසතෙ, ඉතො ආසිංසු තෙ තයො;
රොහණී නාම
(රොහිතා නාම (සී.), රොහිණී නාම (ස්‍යා.)) නාමෙන, චක්කවත්තී මහබ්බලා.
|
24
“මින් එක් දහස් හාරසියවන කපෙහි නම්න් රෝහිත නම්වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.
|
25
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා චන්දනපූජනකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති;
|
25
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්දපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
4. පුප්ඵච්ඡදනියත්ථෙරඅපදානං | 4. පුප්ඵඡදනිය ථේරාපදානය |
26
‘‘සුනන්දො
අජ්ඣායකො යාචයොගො, වාජපෙය්යං අයාජයි.
|
26
“මන්ත්‍රයන්හි පරතෙරට ගිය, වේද හදාරන්නාවූ, යාග කිරීමෙහි යෙදුන, නම්න් සුනන්ද නම් බමුණු තෙමේ මහා යාගයක් කෙළේය.
|
27
‘‘පදුමුත්තරො ලොකවිදූ, අග්ගො කාරුණිකො ඉසි;
ජනතං අනුකම්පන්තො, අම්බරෙ චඞ්කමී තදා.
|
27
“අග්‍ර කාරුණීකවූ, ඎෂීවූ, පදුමුත්තර සර්වඥතෙම ජන සමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
|
28
‘‘චඞ්කමිත්වාන සම්බුද්ධො, සබ්බඤ්ඤූ ලොකනායකො;
මෙත්තාය අඵරි සත්තෙ, අප්පමාණෙ
(අප්පමාණං (සී. ස්‍යා.)) නිරූපධි.
|
28
“උපධි රහිත ලෝකනායකවූ සර්වඥ බුදුරජතෙම (අහසෙහි) සක්මන්කොට අප්‍රමාණ සත්ත්වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවූ සේක.
|
29
‘‘වණ්ටෙ
සබ්බෙ සිස්සෙ සමානෙත්වා, ආකාසෙ උක්ඛිපාපයි.
|
29
“මන්ත්‍රයන්හි පරතෙරට ගිය එම බමුණුතෙම මල් නටුවෙන් කඩා, සියළු ශිෂ්‍යයන් රැස්කරවා අහසෙහි දැම්මවීය.
|
30
‘‘යාවතා
බුද්ධස්ස ආනුභාවෙන, සත්තාහං න විගච්ඡථ.
|
30
“එකල්හි නගරය යම්තාක් වීනම් ඒතාක් මල් වියනක්මෙන් (අහසෙහි) විය. (එය) බුද්ධානුභාවයෙන් සතියක් මුළුල්ලෙහි (ඉවත්ව) නොගියේය.
|
31
‘‘තෙනෙව සුක්කමූලෙන, අනුභොත්වාන සම්පදා;
සබ්බාසවෙ පරිඤ්ඤාය, තිණ්ණො ලොකෙ විසත්තිකං.
|
31
“එම කුශල මූලය කරණකොටගෙන සම්පත් අනුභවකොට සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ලෝකයෙහි විසත්තිකා නම්වූ කෘෂ්ණාව තරණය කරණ ලදී.
|
32
‘‘එකාරසෙ
අම්බරංසසනාමා තෙ, චක්කවත්තී මහබ්බලා.
|
32
“එක් දහස්වන කපෙහි මහත් බල ඇති ‘අම්බරංස’ නම්වූ ඒ පස් සක්විති රජ කෙනෙක් වූහ.
|
33
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පුප්ඵච්ඡදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
33
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
5. රහොසඤ්ඤකත්ථෙරඅපදානං | 5. රහොසඤ්ඤක ථේරාපදානය |
34
‘‘හිමවන්තස්සාවිදූරෙ, වසභො නාම පබ්බතො;
තස්මිං පබ්බතපාදම්හි, අස්සමො ආසි මාපිතො.
|
34
“හිමවතට නුදුරු වසභ නම් පර්වතයක් විය. එම පර්වත පාදයෙහි අසපුවක් මවන ලදුයේ විය.
|
35
‘‘තීණි සිස්සසහස්සානි, වාචෙසිං බ්රාහ්මණො
(බ්රාහ්මණෙ (සී.)) තදා;
සංහරිත්වාන
(සංසාවිත්වාන (ස්‍යා.)) තෙ සිස්සෙ, එකමන්තං උපාවිසිං.
|
35
“එකල්හි තුන් දහසක් බමුණු සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා (තෙමේ) විවේක ස්ථානක හුන්නේය.
|
36
‘‘එකමන්තං
බුද්ධවෙදං ගවෙසන්තො
(පවෙසන්තො (ක.)), ඤාණෙ චිත්තං පසාදයිං.
|
36
“මන්ත්‍රයන්හි පරතෙරට ගිය එම බමුණුතෙමේ එකත්පසෙක හිඳ, බුද්ධ ධර්මය සොයන්නේ (මෙනෙහි කරන්නේ) බුද්ධ ඥානයෙහි සිත පැහැදවීය.
|
37
‘‘තත්ථ චිත්තං පසාදෙත්වා, නිසීදිං පණ්ණසන්ථරෙ;
පල්ලඞ්කං ආභුජිත්වාන, තත්ථ කාලඞ්කතො අහං.
|
37
“ඒ මම එහි සිත පහදවාගෙන පන් ඇතිරියක හුනිමි. එහි පළක් බැඳගෙනම කළුරිය කෙළේද වෙමි.
|
38
‘‘එකත්තිංසෙ ඉතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා;
දුග්ගතිං නාභිජානාමි, ඤාණසඤ්ඤායිදං ඵලං.
|
38
“මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඥාන සංඥාවෙහි මේ විපාකයයි.
|
39
‘‘සත්තවීසතිකප්පම්හි, රාජා සිරිධරො අහු;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
39
“සත්විසි වෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විති රජෙක් විය.
|
40
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා රහොසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
40
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රහොසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
6. චම්පකපුප්ඵියත්ථෙරඅපදානං | 6. චම්පක පුප්ඵිය ථේරාපදානය |
41
‘‘කණිකාරංව ජොතන්තං, නිසින්නං පබ්බතන්තරෙ;
ඔභාසෙන්තං දිසා සබ්බා, ඔසධිං විය තාරකං
(ඔසධී විය තාරකා (ක.)).
|
41
“(සුපිපි) කිණිහිරි රුකක් මෙන් කඳු අතරෙහි හුන්නාවූ ඔසධි තාරකාවක් මෙන් සියලු දිගුන් ආලෝකවත් කරණ (බුදුරජුන්) දිටීමි.
|
42
‘‘තයො
ඛාරිභාරං ගහෙත්වාන, අන්වෙන්ති මම පච්ඡතො.
|
42
“ස්වකීය (බ්‍රාහ්මණ ධර්ම) යෙහි මැනවින් හික්මුණු මානවකයෝ තිදෙනෙක් වූහ. (ඔවුහු) පිරිකර බර ගෙන මා පසුපසින් එත්.
|
43
‘‘පුටකෙ
ගහෙත්වා තානි ඤාණම්හි, වෙස්සභුස්සාභිරොපයිං.
|
43
“තවුසෙකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙන (ඒ මල්) වෙස්සභූ බුදුරජුන්ගේ සර්වඥතාඥානයට පිදීමි.
|
44
‘‘එකත්තිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං;
දුග්ගතිං නාභිජානාමි, ඤාණපූජායිදං ඵලං.
|
44
“මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.
|
45
‘‘එකූනතිංසකප්පම්හි, විපුලාභ
(විහතාභා (ස්‍යා.)) සනාමකො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී
(රාජා හොසි (ක.)) මහබ්බලො.
|
45
“එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් විය.
|
46
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා චම්පකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති;
|
46
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
7. අත්ථසන්දස්සකත්ථෙරඅපදානං | 7. අත්ථ සන්දස්සක ථේරාපදානය |
47
‘‘විසාලමාළෙ
ඛීණාසවං බලප්පත්තං, භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
|
47
“විශාල ලෙස පිපී පැතිරීගිය මල් ඇති වෙනෙහි හුන්නේ ලෝකනායකවූ, ක්ෂීණාශ්රවවූ, බල ප්රාප්තවූ, භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ දිටීමි.
|
48
‘‘සතසහස්සා
පරිවාරෙන්ති සම්බුද්ධං, කො දිස්වා නප්පසීදති.
|
48
“ත්‍රිවිද්‍යාවෙන් යුත්, ෂඩභිඥා ඇති, මහා ඎද්ධිමත්වූ සියක් දහසක් රහත්හු සර්වඥයන් වහන්සේ පිරිවරත්. (එය) දැක කවරෙක් නොපහදීද?
|
49
‘‘ඤාණෙ උපනිධා යස්ස, න විජ්ජති සදෙවකෙ;
අනන්තඤාණං සම්බුද්ධං, කො දිස්වා නප්පසීදති.
|
49
“ඒ බුදුරජාණන් වහන්සේ වනෙහි (දැක්වීමට) උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නොමැත. අනන්තවූ ඤාණයක් ඇති සර්වඥයන් වහන්සේට කවරෙක් නොපහදීද?
|
50
‘‘ධම්මකායඤ්ච
විකප්පෙතුං
(විකොපෙතුං (සී. ස්‍යා.)) න සක්කොන්ති, කො දිස්වා නප්පසීදති.
|
50
“හුදු රත්නාකරයක් වැනිවූ, දීප්තිවූ ධර්මකායයද, විකොපනය කරන්නට නොහැකිය. (එබඳු උන්වහන්සේ) කවරෙක් දැක නොපහදීද?
|
51
‘‘ඉමාහි තීහි ගාථාහි, නාරදොව්හයවච්ඡලො
(සරගච්ඡියො (සී.), පුරගච්ඡියො (ස්‍යා.));
පදුමුත්තරං ථවිත්වාන, සම්බුද්ධං අපරාජිතං.
|
51
“නාරද සරගච්ඡිය තෙමේ මෙම තුන් ගයින් පස් මරුන් දිනූ පදුමුත්තර බුදුජුන්හට ස්තූතිකොට,
|
52
‘‘තෙන චිත්තප්පසාදෙන, බුද්ධසන්ථවනෙන ච;
කප්පානං සතසහස්සං, දුග්ගතිං, නුපපජ්ජහං.
|
52
“එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙනද, බුදුරජාණන් වහන්සේට ස්තූති කිරීම් කරණකොටගෙනද, කල්ප ලක්ෂයක් මුළුල්ලේ දුගතියක නොඉපදුනේය.
|
53
‘‘ඉතො තිංසකප්පසතෙ, සුමිත්තො නාම ඛත්තියො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
53
“මින් තුන් දහස් තුන් සියවන කපෙහි වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් විය.
|
54
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා අත්ථසන්දස්සකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
54
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අත්ථ සන්දස්සක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
8. එකපසාදනියත්ථෙරඅපදානං | 8. එකපසාදනිය ථේරාපදානය |
55
‘‘නාරදො ඉති මෙ නාමං
(නාරදො ඉති නාමෙන (ස්‍යා. ක.) උපරි තෙවීසතිමවග්ගෙ පන ඡට්ඨාපදානෙ ‘‘මෙ නාමං‘‘ඉච්චෙව දිස්සති), කෙසවො ඉති මං විදූ;
කුසලාකුසලං එසං, අගමං බුද්ධසන්තිකං.
|
55
“නාරද යනු මාගේ (කුලයෙන් ආ) නාමයයි. කෙසව යන (ගොත්‍ර නාමයෙනුදු) මා දැනගනිත්. කුසල් අකුසල් මොනවාදැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණුනෙමි.
|
56
‘‘මෙත්තචිත්තො කාරුණිකො, අත්ථදස්සී මහාමුනි;
අස්සාසයන්තො සත්තෙ සො, ධම්මං දෙසෙති චක්ඛුමා.
|
56
“මෛත්‍රී චිත්තයෙන් යුත්, කාරුණීකවූ, පසැස් ඇති, මහාමුනිවූ ඒ අත්ථදස්සී සර්වඥ තෙම සත්ත්වයන් අස්වසමින් දහම් දෙසයි.
|
57
‘‘සකං
සත්ථාරං අභිවාදෙත්වා, පක්කාමිං පාචිනාමුඛො.
|
57
“සිය සිත පහදවා, මුදුනෙහි ඇඳිලි බැඳ, ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
|
58
‘‘සත්තරසෙ
අමිත්තතාපනො නාම, චක්කවත්තී මහබ්බලො.
|
58
“සතළොස්වන කපෙහි වන කපෙහි මහත් බල ඇති මිහිපතිවූ අමිත්ත තාපන නම් සක්විති රජෙක් විය.
|
59
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකපසාදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
59
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපසාදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
9. සාලපුප්ඵදායකත්ථෙරඅපදානං | 9. සාලපුප්ඵදායක ථේරාපදානය |
60
‘‘මිගරාජා තදා ආසිං, අභිජාතො සුකෙසරී;
ගිරිදුග්ගං ගවෙසන්තො, අද්දසං ලොකනායකං.
|
60
“එකල්හි විශිස්ඨ ජන්ම ඇති, මහා කෙසෙුරු ඇති, සිංහ රජෙක් වීමි. ගිරි දුර්ගයක් සොයන්නේ බුදුරජාණන් වහන්සේ දුටිමි. (දැක මෙසේ සිතීමි.)
|
61
‘‘අයං නු ඛො මහාවීරො, නිබ්බාපෙති මහාජනං;
යංනූනාහං උපාසෙය්යං, දෙවදෙවං නරාසභං.
|
61
“මේ මහාවීර තෙම මහජනයා (කෙළෙස් ගින්නෙන්) නිවාදෝ මම දේවාති දේවවූ නරශ්‍රේෂ්ඨයන් වෙත එළඹෙන්නේ නම් ඉතා යෙහෙකැ” යි කියායි.
|
62
‘‘සාඛං සාලස්ස භඤ්ජිත්වා, සකොසං පුප්ඵමාහරිං;
උපගන්ත්වාන සම්බුද්ධං, අදාසිං පුප්ඵමුත්තමං.
|
62
“සල් අත්තක් බිඳ, (සල්) මලක් තමා වෙතට ගෙන ආමි. සම්බුදුන් වහන්සේ වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
|
63
‘‘එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං;
දුග්ගතිං නාභිජානාමි, පුප්ඵදානස්සිදං ඵලං.
|
63
“මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයි.
|
64
‘‘ඉතො
තයො ආසිංසු රාජානො, චක්කවත්තී මහබ්බලා.
|
64
“මින් නවවන කපෙහි මහත් බල ඇති විරොචනා නම්වූ තුන් සක්විති රජ කෙනෙක් වූහ.
|
65
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සාලපුප්ඵදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
65
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලපුප්ඵදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
10. පියාලඵලදායකත්ථෙරඅපදානං | 10. පියාල ඵලදායක ථේරාපදානය |
66
‘‘පාරාවතො
පබ්භාරෙ සෙය්යං කප්පෙමි, අවිදූරෙ සිඛිසත්ථුනො.
|
66
“එකල්හි (මම) අනුන්ගේ ජීවිතයනට අවහිර කරනු වැද්දෙක්වීමි. සිඛී බුදුරජාණන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
|
67
‘‘සායං පාතඤ්ච පස්සාමි, බුද්ධං ලොකග්ගනායකං;
දෙය්යධම්මො ච මෙ නත්ථි, ද්විපදින්දස්ස තාදිනො.
|
67
“ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජුන් සවස හා උදෑසනද දකිමි. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති, උන්වහන්සේට දෙය්ය ධර්මයකුදු (දියයුතු දෙයක්) මට නැත.
|
68
‘‘පියාලඵලමාදාය
පටිග්ගහෙසි භගවා, ලොකජෙට්ඨො නරාසභො.
|
68
“පියල් ගෙඩියක් ගෙන, (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති (එය) පිළිගැනීම සඳහා බුදුරජුන්හට ආරාධනා කෙළෙමි.
|
69
‘‘තතො පරං උපාදාය, පරිචාරිං විනායකං;
තෙන චිත්තප්පසාදෙන, තත්ථ කාලඞ්කතො අහං.
|
69
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ භාග්‍යවත් තෙමේ එය පිළිගත් සේක. මම එම චිත්ත ප්‍රසාදයෙන් යුතුව එහිම කළුරිය කෙළේ (වෙමි.)
|
70
‘‘එකත්තිංසෙ ඉතො කප්පෙ, යං ඵලං අදදිං අහං;
දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
|
70
“මින් එක්තිස් වන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පල දානයාගේ මේ විපාකයයි.
|
71
‘‘ඉතො
සත්තරතනසම්පන්නා, චක්කවත්තී මහබ්බලා.
|
71
“මින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
|
72
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පියාලඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
72
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාල ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|