8. නාගසමාලවග්ගො | 8. නාගසමාල වග්ග |
1. නාගසමාලත්ථෙරඅපදානං | 1. නාගසමාල ථේරාපදානය |
1
‘‘අපාටලිං
ථූපම්හි අභිරොපෙසිං, සිඛිනො ලොකබන්ධුනො.
|
1
“මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීථියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිඛී බුදුරජුන්ගේ ස්ථූපයෙහි ආදර සහිතව පළොල් මලක් ගෙන තැබීමි.
|
2
‘‘එකත්තිංසෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, ථූපපූජායිදං ඵලං.
|
2
“මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදිනිම. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.
|
3
‘‘ඉතො පන්නරසෙ කප්පෙ, භූමියො
(පුප්ඵියො (ස්‍යා.)) නාම ඛත්තියො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
3
“මින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති “භූමිය” නම් සක්විති රජෙක් විය.
|
4
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා නාගසමාලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
4
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
2. පදසඤ්ඤකත්ථෙරඅපදානං | 2. පදසඤ්ඤක ථේරාපදානය |
5
‘‘අක්කන්තඤ්ච
හට්ඨො හට්ඨෙන චිත්තෙන, පදෙ චිත්තං පසාදයිං.
|
5
“තිස්ස බුදුරජාණන් වහන්සේගේ තබන්නාවූ ශ්‍රී පාදය දැක සතුටුවූයේ සතුටු සිතින් ශ්‍රීපාදයෙහි සිත පැහැදවීමි.
|
6
‘‘ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා;
දුග්ගතිං නාභිජානාමි, පදසඤ්ඤායිදං ඵලං.
|
6
“මින් දෙඅනූවන කපෙහිවූ යම් (ශ්‍රීපාද පිළිබඳ) සංඥාවක් ලැබීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පද සංඥාවෙහි (සිරිපා සටහන් ගෙන එය පිදීමෙහි) මේ විපාකයයි.
|
7
‘‘ඉතො සත්තමකෙ කප්පෙ, සුමෙධො නාම ඛත්තියො;
සත්තරතනසම්පන්නො, චක්කවතී මහබ්බලො.
|
7
“මින් සත්වන කපෙහි සත්රුවණින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විති රජෙක් විය.
|
8
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පදසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
8
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
3. බුද්ධසඤ්ඤකත්ථෙරඅපදානං | 3. බුද්ධසඤ්ඤක ථේරාපදානය |
9
‘‘දුමග්ගෙ
තතො තමඤ්ජලිං කත්වා, පංසුකූලං අවන්දහං.
|
9
“ගසක් මුදුනෙහි එල්වන ලද බුදුරජාණන් වහන්සේගේ පංශුකූල සිව්ර දැක, ඉක්බිති එයට ඇඳිලි බැඳ, මම (එම) පාංශුකූල සිවුර වැන්දෙමි.
|
10
‘‘ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධසඤ්ඤායිදං ඵලං.
|
10
“මින් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
|
11
‘‘ඉතො
චාතුරන්තො විජිතාවී, චක්කවත්තී මහබ්බලො.
|
11
මින් සිව්වන කපෙහි සිව් මහ දිවයින හා සිව් මහ සයුර කෙළවරකොට ඇති, පෘථිවීශ්වරවූ, සතුරු රජුන් ජයගන්නාසුළුවූ, මහත් බල ඇති, දුමසාර නම් සක්විති රජෙක් විය.
|
12
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා බුද්ධසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
12
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
4. භිසාලුවදායකත්ථෙරඅපදානං | 4. භිසාලුවදායක ථේරාපදානය |
13
‘‘කානනං වනමොගය්හ, වසාමි විපිනෙ අහං;
විපස්සිං අද්දසං බුද්ධං, ආහුතීනං පටිග්ගහං.
|
13
“මම මහ වනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගත්තාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ විපස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
|
14
‘‘භිසාලුවඤ්ච පාදාසිං, උදකං හත්ථධොවනං;
වන්දිත්වා සිරසා පාදෙ, පක්කාමි උත්තරාමුඛො.
|
14
“(උන්වහන්සේට) අත දෝනා දියෙහිවූ නෙළුඹලද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්‍රීපාදයන් වැඳ, උතුරුදිගට මුහුණලා ගියෙමි.
|
15
‘‘එකනවුතිතො කප්පෙ, භිසාලුවමදං තදා;
දුග්ගතිං නාභිජානාමි, පුඤ්ඤකම්මස්සිදං ඵලං.
|
15
“මින් එක් අනූවන කපෙහිවූ එකල්හි නෙළුම් අල දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (එම) පුණ්යකර්මයාගේ මේ විපාකයයි.
|
16
‘‘ඉතො තතියකෙ කප්පෙ, භිසසම්මතඛත්තියො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
16
මින් තෙවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය.
|
17
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
17
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
5. එකසඤ්ඤකත්ථෙරඅපදානං | 5. එක සඤ්ඤක ථේරාපදානය |
18
‘‘ඛණ්ඩො
එකා භික්ඛා මයා දින්නා, ලොකාහුතිපටිග්ගහෙ.
|
18
“විපස්සී බුදුරජාණන් වහන්සේගේ නම්න් චණ්ඩ නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ, (දක්ෂිණාර්හ) වූ උන්වහන්සේ කෙරහි මා විසින් එක් භික්ෂාවක් දෙන ලදී.
|
19
‘‘තෙන චිත්තප්පසාදෙන, ද්විපදින්ද නරාසභ;
දුග්ගතිං නාභිජානාමි, එකභික්ඛායිදං ඵලං.
|
19
“විපදෝත්තමයාණන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම චිත්ත ප්‍රසාදය හේතුකොටගෙන දුගතියක් නොදනිමි. එක භික්ෂාවෙහි මේ විපාකයයි.
|
20
‘‘චත්තාලීසම්හිතො කප්පෙ, වරුණො නාම ඛත්තියො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
20
මින් සතළිස්වන කපෙහි සත් රුවනින් යුත්වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය.
|
21
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
21
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
6. තිණසන්ථරදායකත්ථෙරඅපදානං | 6. තිණසත්‍ථරදායක ථේරාපදානය |
22
‘‘හිමවන්තස්සාවිදූරෙ, මහාජාතස්සරො අහු;
සතපත්තෙහි සඤ්ඡන්නො, නානාසකුණමාලයො.
|
22
“හිමවතට නුදුරු තන්හි පියුම් වලින් ගැවසීගත් නා නා පක්ෂීන්ට වාසස්ථානවූ, මහා ජාතස්සරයක් (ඉබේ හටගත් මහ විලක්) විය.
|
23
‘‘තම්හි
අද්දසං සමණානග්ගං, ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
|
23
“මම එම විලෙහි පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහිදී) අහස් මගෙහි යන ශ්රමණනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
|
24
‘‘මම සඞ්කප්පමඤ්ඤාය, සත්ථා ලොකෙ අනුත්තරො;
අබ්භතො ඔරුහිත්වාන, භූමියංඨාසි තාවදෙ.
|
24
“ලෝකයෙහි (ඊට වඩා වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩ සිටි සේක.
|
25
‘‘විසාණෙන
(ලායනෙන (ස්‍යා.)) තිණං ගය්හ, නිසීදනමදාසහං;
නිසීදි භගවා තත්ථ, තිස්සො ලොකග්ගනායකො.
|
25
“මම අඟින් තෘණ ගෙන නිසීදනයක් (කොට) දුනිමි. තිස්ස බුදුරජාණන් වහන්සේ එහි වැඩහුන් සේක.
|
26
‘‘සකං චිත්තං පසාදෙත්වා, අවන්දි ලොකනායකං;
පටිකුටිකො
(උක්කුටිකො (ස්‍යා. ක.)) අපසක්කිං, නිජ්ඣායන්තො මහාමුනිං.
|
26
“නැමුණාවූ (ගුණ) මෙනෙහි කරන්නාවූ (මම) විවේකීව වැඩහුන් ලෝකනායකවූ, මහා මුනිවූ බුදුරජාණන් වහන්සේට සිත පහදවා වැන්දෙමි.
|
27
‘‘තෙන චිත්තප්පසාදෙන, නිම්මානං උපපජ්ජහං;
දුග්ගතිං නාභිජානාමි, සන්ථරස්ස ඉදං ඵලං.
|
27
“එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම නිර්මාණරතී දෙව්ලොව උපනිමි. දුගතියක් නොදනිමි. මෙය ඇතිරිය පිදීමේ විපාකයයි.
|
28
‘‘ඉතො
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
28
මින් දෙවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මිහ නම් සක්විති රජෙක් විය.
|
29
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා තිණසන්ථරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
29
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසත්‍ථරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
7. සූචිදායකත්ථෙරඅපදානං | 7. සුචිදායක ථේරාපදානය |
30
‘‘තිංසකප්පසහස්සම්හි, සම්බුද්ධො ලොකනායකො;
සුමෙධො නාම නාමෙන, බාත්තිංසවරලක්ඛණො.
|
30
“තිස් දහස්වන කපෙහි උතුම් දෙතිස් මහ පුරිස් ලකුණු ඇති නම්න් සුමේධ නම්වූ ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.
|
31
‘‘තස්ස
පඤ්ච සූචී මයා දින්නා, සිබ්බනත්ථාය චීවරං.
|
31
“තාදී ගුණ ඇති, ස්වර්‍ණවර්‍ණවූ, විපදොත්තමවූ ඒ බුදුරජාණන් වහන්සේට සිව්රු මසනු පිණිස මා විසින් හිඳි (කටු) පසක් දෙන ලදී.
|
32
‘‘තෙනෙව සූචිදානෙන, නිපුණත්ථවිපස්සකං;
තික්ඛං ලහුඤ්ච ඵාසුඤ්ච, ඤාණං මෙ උදපජ්ජථ.
|
32
“එම හිඳි දන කරණකොට ගෙනම දක්ෂ ලෙස අදහස් දක්නා සුළුවූ, තියුණුවූ, සියුම්වූ, පහසුවූ නුවණක් මට උපදින්නේය.
|
33
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
ධාරෙමි අන්තිමං දෙහං, සම්මාසම්බුද්ධසාසනෙ.
|
33
“මාගේ කෙළෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. සම්බුදු සසුනෙහි පශ්චිම ශරීරය දරමි.
|
34
‘‘ද්විපදාධිපතී නාම, රාජානො චතුරො අහුං;
සත්තරතනසම්පන්නා, චක්කවත්තී මහබ්බලා.
|
34
“සත් රුවනින් යුත් මහත් බල ඇති දීපදාධිපති නම්වූ සිව් රජ කෙනෙක් වූහ.
|
35
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සූචිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
35
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
8. පාටලිපුප්ඵියත්ථෙරඅපදානං | 8. පාටලීපුප්ඵිය ථේරාපදානය |
36
‘‘සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ගච්ඡන්තං අන්තරාපණෙ;
කඤ්චනග්ඝියසඞ්කාසං, බාත්තිංසවරලක්ඛණං.
|
36
“එකල්හි මම සියුමැලිවූ, සුවසේ වැඩුණු සිටු පුත්‍රයෙක් වීමි. පළොල් මල් රෙදි පටෙහි (එක්කොට) එය ගෙන ගියෙමි.
|
37
‘‘සෙට්ඨිපුත්තො
උච්ඡඞ්ගෙ පාටලිපුප්ඵං, කත්වාන
(කත්වා තං (සී. ස්‍යා.)) අභිසංහරිං.
|
37
“(එකල්හි) ඇතුළු වීථියෙහි වඩින්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, රන් ඇගෑවක් මෙන් බබළන, දෙතිස් මහ පුරිස් ලකුණු ඇති, නරශ්‍රේෂ්ඨවූ, (අනාථ) නාථවූ, සියල්ල අවබෝධකළ, තිස්ස බුදුරජාණන් වහන්සේට මම සතුටුවූයේ, සතුටු සිතින් (එම) මල්වලින් පිදීමි. (උන්වහන්සේට) නමස්කාරද කෙළෙමි.
|
38
‘‘හට්ඨො
තිස්සං ලොකවිදුං නාථං, නරදෙවං නමස්සහං.
|
38 |
39
‘‘ද්වෙනවුතෙ
දුග්ගතිං නාභිජානාමි, පුප්ඵපූජායිදං ඵලං.
|
39
“එකල්හි මින් දෙයානූවන කපෙහි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
|
40
‘‘ඉතො තෙසට්ඨිකප්පම්හි, අභිසම්මතනාමකො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
40
“මෙයින් දෙඅනූවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විති රජෙක් විය.
|
41
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පාටලිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
41
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
9. ඨිතඤ්ජලියත්ථෙරඅපදානං | 9. ඨිතඤ්ජලීය ථේරාපදානය |
42
‘‘මිගලුද්දො පුරෙ ආසිං, අරඤ්ඤෙ කානනෙ අහං;
තත්ථ අද්දසං
(තත්ථද්දසාසිං (සී. ස්‍යා.)) සම්බුද්ධං, බාත්තිංසවරලක්ඛණං.
|
42
“මම පෙර මහවනයෙහි මුව වැද්දෙක්වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
|
43
‘‘තත්ථාහං අඤ්ජලිං කත්වා, පක්කාමිං පාචිනාමුඛො;
අවිදූරෙ නිසින්නස්ස, නියකෙ පණ්ණසන්ථරෙ.
|
43
“නුදුරු තන්හි නියමිත පත් ඇතිරියෙහි වැඩහුන් උන්හවන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.
|
44
‘‘තතො මෙ අසනීපාතො, මත්ථකෙ නිපතී තදා;
සොහං මරණකාලම්හි, අකාසිං පුනරඤ්ජලිං.
|
44
“එකල්හි මාගේ හිස මත අකුණක් (හෙනයක්) වැටුනි. ඉක්බිති මැරෙන කල්හිද ඒ මම නැවත ඇඳිලි කෙළෙමි.
|
45
‘‘ද්වෙනවුතෙ
දුග්ගතිං නාභිජානාමි, අඤ්ජලිස්ස ඉදං ඵලං.
|
45
“මින් දෙයානූවන කපෙහිවූ එකල්හි (යම්) ඇඳිලි (බැඳීමක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඤ්ජලී කර්මයාගේ මේ විපාකයයි.
|
46
‘‘චතුපණ්ණාසකප්පම්හි, මිගකෙතුසනාමකො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
46
සූපණස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මිගකේතු නම් සක්විති රජෙක් විය.
|
47
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ඨිතඤ්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
47
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
10. තිපදුමියත්ථෙරඅපදානං | 10. තිපදුමිය ථේරාපදානය |
48
‘‘පදුමුත්තරො
දන්තො දන්තපරිවුතො, නගරා නික්ඛමී තදා.
|
48
“සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය, දමනයවූ, දමනය වූවන් විසින් පිරිවරණ ලද, පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ නුවරින් නික්මුණු සේක.
|
49
‘‘නගරෙ
යං තත්ථ උත්තමං තොණි, පද්මපුප්ඵානි
(උත්තමං පුප්ඵං, තීණි පුප්ඵානි (සී.)) අග්ගහිං.
|
49
“එකල්හි මම හංසවතී නගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (ඔහු ගෙනයන මල් රැසෙහි) යම් උතුම් මල් වීද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත් මල් තුනක් හැරගතිමි.
|
50
‘‘අද්දසං විරජං බුද්ධං, පටිමග්ගන්තරාපණෙ;
සහ
(සොහං (සී.)) දිස්වාන සම්බුද්ධං, එවං චින්තෙසහං තදා.
|
50
“ඇතුළු වීථියෙහි පෙරමගට එන කෙළෙස් රජස් විරහිත බුදුරජාණන් වහන්සේ දුටිමි. එකල්හි ඒ මම බුදුරජාණන් වහන්සේ දැක මෙසේ සිතීමි. (කෙසේද යත්?)
|
51
‘‘කිං මෙ ඉමෙහි පුප්ඵෙහි, රඤ්ඤො උපනිතෙහි මෙ;
ගාමං වා ගාමඛෙත්තං වා, සහස්සං වා ලභෙය්යහං.
|
51
“රජුට පිරිනමණ ලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජනද (ඉදින් ප්‍රයෝජනයක් වෙතොත්) මම ගමක් හෝ, ග්රාමක්ෂෙත්රයක් හෝ, දහසක් හෝ ලබන්නෙමි.
|
52
‘‘අදන්තදමනං
ලොකනාථං පූජයිත්වා, ලච්ඡාමි අමතං ධනං.
|
52
“නොදැමුනවුන් දමනය කරන්නාවූ, ප්‍රාඥවූ, සියළු සතුන්ට සැප එලවන්නාවූ බුදුරජාණන් වහන්සේ (මේ මලින්) පුදා අමෘත ධනය (නිවණ) ලබන්නෙමියි කියායි.
|
53
‘‘එවාහං චින්තයිත්වාන, සකං චිත්තං පසාදයිං;
තීණි ලොහිතකෙ ගය්හ, ආකාසෙ උක්ඛිපිං තදා.
|
53
“මම මෙසේ සිතා සිය සිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුනක් ගෙන අහසෙහි දැමීමි.
|
54
‘‘මයා උක්ඛිත්තමත්තම්හි, ආකාසෙ පත්ථරිංසු තෙ;
ධාරිංසු මත්ථකෙ තත්ථ, උද්ධංවණ්ටා අධොමුඛා.
|
54
“මා විසින් උඩට දමන ලද කෙණෙහි එම මල් අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහිවූ එහි නැටි උඩුකුරුව, මල් යටිකුරුව (අහසෙහි) දැරුවාහුය.
|
55
‘‘යෙ කෙචි මනුජා දිස්වා, උක්කුට්ඨිං සම්පවත්තයුං;
දෙවතා අන්තලික්ඛම්හි, සාධුකාරං පවත්තයුං.
|
55
“යම්කිසි මිනිස් කෙනෙක් (එය) දැක මහා සාදු නාද පැවැත්වූවාහුද (එසේම) අහසෙහි දෙවියෝද සාධු නාද පැවැත්වූහ. (කෙසේදයත්?)
|
56
‘‘අච්ඡෙරං ලොකෙ උප්පන්නං, බුද්ධසෙට්ඨස්ස වාහසා;
සබ්බෙ ධම්මං සුණිස්සාම, පුප්ඵානං වාහසා මයං.
|
56
“බුදුරජාණන් වහන්සේ නිසා ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය දැය පහළවිය. අපි සියල්ලෝ උන්වහන්සේට මල් පිදීම හේතුකොට ධර්මය අසන්නෙමුය කියායි.
|
57
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
වීථියඤ්හි ඨිතො සන්තො, ඉමා ගාථා අභාසථ.
|
57
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවන් (රැස්වීමට) ගෙයක් වැනිවූ, වීථියෙහි වැඩ සිටි ශාස්තෲවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
|
58
‘‘‘යො සො බුද්ධං අපූජෙසි, රත්තපද්මෙහි
(රත්තපදුමෙහි (සී. ස්‍යා.)) මාණවො;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
58
“යම් ඒ මානවකයෙක් තෙම, රත් පියුම්වලින් බුදුරජාණන් වහන්සේ පිදීද, මම හේ කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නාවු මාගේ වචනය අසව්.
|
59
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
තිංසකප්පානි
(තිංසක්ඛත්තුඤ්ච (ස්‍යා.)) දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
|
59
“(මෙතෙම) කප් තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්ද්රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.
|
60
‘‘‘මහාවිත්ථාරිකං
තියොජනසතුබ්බිද්ධං, දියඩ්ඪසතවිත්ථතං.
|
60
“එකල්හි තුන්සියයක් යොදුන් උස ඇති, එක් සිය පණස් යොදුන් පුළුළ ඇති, මහා විත්ථාරක නම් (සඳළු සහිත) විමනක් (පහළ) වන්නේය.
|
61
‘‘‘චත්තාරිසතසහස්සානි
කූටාගාරවරූපෙතා, මහාසයනමණ්ඩිතා.
|
61
“එහි සුනිර්මිත ද්වාරයෝ හාරලක්ෂයක් වෙති. කුළු ගෙවලින් යුක්තයහ. මහා සයනයන්ගෙන් නිමවන ලදහ.
|
62
‘‘‘කොටිසතසහස්සියො
කුසලා නච්චගීතස්ස, වාදිතෙපි පදක්ඛිණා.
|
62
“නෘත්‍ය ගීතයන්හි දක්ෂ, වාදනයෙහිද හුරුපුරුදු කෙළලක්ෂයක් අප්සරාවෝ පිරිවරන්නාහුය.
|
63
‘‘‘එතාදිසෙ බ්යම්හවරෙ, නාරීගණසමාකුලෙ;
වස්සිස්සති පුප්ඵවස්සො, දිබ්බො
(පද (ක.)) ලොහිතකො සදා.
|
63
“දිව්‍යප්සරා සමුහයා විසින් ගැවසීගත් මෙබඳු උතුම් විමනෙහි හැමකල්හි දිව්‍යමයවූ ලෙහෙවන් මල් වැසි වසී.
|
64
‘‘‘භිත්තිඛීලෙ නාගදන්තෙ, ද්වාරබාහාය තොරණෙ;
චක්කමත්තා ලොහිතකා, ඔලම්බිස්සන්ති තාවදෙ.
|
64
“එකල්හි තොරන්හිද, උළුවසුවලදවූ, බිත්තියෙහිවූ ඇණවල දීද, එබඳුමවූ කොකුවලද, චක්‍ර ප්‍රමාණවූ ලෙහෙවන් පුෂ්පයෝ එල්බෙන්නාහුය.
|
65
‘‘‘පත්තෙන පත්තසඤ්ඡන්නෙ, අන්තොබ්යම්හවරෙ ඉමං;
අත්ථරිත්වා පාරුපිත්වා, තුවට්ටිස්සන්ති තාවදෙ.
|
65
“එකල්හි මේ මල් පෙත්තෙන් පෙත්ත වැසෙනසේවූ විමානය තුළ (එම මලින්ම කළ ඇතිරි) අතුරාද (පොරෝනා) පොරොවාද හෝනාහුය.
|
66
‘‘‘භවනං පරිවාරෙත්වා, සමන්තා සතයොජනෙ;
තෙපි පද්මා
(තෙ විසුද්ධා (සී. ස්‍යා.)) ලොහිතකා, දිබ්බගන්ධං පවායරෙ.
|
66
“භවයනය වටා හාත්පස යොදුන් සියයක් ඒ පිරිසිදු ලෙහෙවන් පුෂ්පයෙන් දිව සුවඳ පතුරුවත්.
|
67
‘‘‘පඤ්චසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
67
“පන් සැත්තෑවරක් සක්විති රජ වන්නේය. මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිනිය නොහැකියි.
|
68
‘‘‘සම්පත්තියො දුවෙ භුත්වා, අනීති අනුපද්දවො;
සම්පත්තෙ පරියොසානෙ, නිබ්බානං පාපුණිස්සති’
(ඵස්සයිස්සති (සී.), පස්සයිස්සති (ක.)).
|
68
“දිව්‍ය-මනුෂ්‍ය ද්විවිධ සම්පත් අනුභවකොට උවදුරු රහිතවූයේ පශ්චිම භාවය පැමිණි කල්හි නිවණ පහස්නේය. (අවබෝධ කරන්නේය, කියායි.)
|
69
‘‘සුදිට්ඨො වත මෙ බුද්ධො, වාණිජ්ජං සුපයොජිතං;
පද්මානි තීණි පූජෙත්වා, අනුභොසිං තිසම්පදා
(අනුභූයන්ති සම්පදා (ක.)).
|
69
“මා විසින් බුදුරජාණන් වහන්සේ මැනවින් දක්නා ලදී. වණික් කර්මය මැනවින් යොදන ලදී. තුන් පියුමක් පුදා (දිව්‍ය, මනුෂ්‍ය, නිර්වාණ යන) ත්‍රිවිධ සම්පත්තිය අනුභව කෙළෙමි.
|
70
‘‘අජ්ජ මෙ ධම්මප්පත්තස්ස, විප්පමුත්තස්ස සබ්බසො;
සුපුප්ඵිතං ලොහිතකං, ධාරයිස්සති මත්ථකෙ.
|
70
“අද නිවාණ ධර්මයට (සාක්ෂාත් කිරීම් වශයෙන්) පැමිණියාවූ සර්වාකාරයෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනාවූ, මාගේ හිස මතුයෙහි මැනවින් පිපුනු ලෙහෙවන් පියුමක් දරන්නේය.
|
71
‘‘මම කම්මං කථෙන්තස්ස, පදුමුත්තරසත්ථුනො;
සතපාණසහස්සානං, ධම්මාභිසමයො අහු.
|
71
“පදුමුත්තර බුදුරජ තෙම මාගේ කර්මය ප්‍රකාශ කරණ කල්හි සත්දහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය විය.
|
72
‘‘සතසහස්සිතො
දුග්ගතිං නාභිජානාමි, තිපදුමානිදං ඵලං.
|
72
“මින් සියක් දහස්වන කපෙහි බුදුරජාණන්හට යම් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පියුම් තුන පිදීමේ ප්රථිඵලයයි.
|
73
‘‘කිලෙසා
සබ්බාසවා පරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
73
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
74
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා තිපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
74
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|