ත්‍රිපිටකය
3. සුභූතිවග්ගො 3. සුභූති වග්ග
1. සුභූතිත්ථෙරඅපදානං 1. සුභූති ථේරාපදානය
2. උපවානත්ථෙරඅපදානං 2. උපවාන ථේරාපදානය
3. තිසරණගමනියත්ථෙරඅපදානං 3. සරණාගමනීය ථේරාපදානය
4. පඤ්චසීලසමාදානියත්ථෙරඅපදානං 4. පඤ්චසීල සමාදානීය ථේරාපදානය
134
‘‘නගරෙ චන්දවතියා, භතකො ආසහං තදා;
පරකම්මායනෙ යුත්තො, පබ්බජ්ජං න ලභාමහං.
134
“එකල්හි මම චන්ද්‍රවතී නගරයෙහි බැලයෙක් (බැලයට මෙහෙකරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනාවූ පැවිද්ද නොලබමි.
135
‘‘මහන්ධකාරපිහිතා , තිවිධග්ගීහි ඩය්හරෙ;
කෙන නු ඛො උපායෙන, විසංයුත්තො භවෙ අහං.
135
“මහත්වූ මොහාන්‍ධකාරයෙන් වසන ලදී. (රාග, ද්වේෂ, මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන්වුයෙක් වන්නෙම්ද?
136
‘‘දෙය්‍යධම්මො ච මෙ නත්ථි, වරාකො භතකො අහං;
යංනූනාහං පඤ්චසීලං, රක්ඛෙය්‍යං පරිපූරයං.
136
“මා ළඟ දිය යුතු දෙයක් (දෙය්‍ය ධර්මයක්ද) නැත. මම දුක්ඛිතවූ බැලයෙක්මි. මම සම්පූර්‍ණවූ පඤ්චශීලය රකින්නෙම් නම් ඉතා යෙහෙකි.
137
‘‘අනොමදස්සිස්ස මුනිනො, නිසභො නාම සාවකො;
තමහං උපසඞ්කම්ම, පඤ්චසික්ඛාපදග්ගහිං.
137
“අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් විය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්ච ශික්‍ෂාපද (පන්සිල්) ගතිමි.
138
‘‘වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ;
තාවතා පඤ්චසීලානි, පරිපුණ්ණානි ගොපයිං.
138
“එකල්හි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමානවේ. එපමණ කලක් සම්පූර්‍ණකොට පන්සිල් රැකීමි.
139
‘‘මච්චුකාලෙ ච සම්පත්තෙ, දෙවා අස්සාසයන්ති මං;
‘රථො සහස්සයුත්තො තෙ, මාරිසායං (මාරිසස්ස (ක.)) උපට්ඨිතො’.
139
“මැරෙණ කල පැමිණි කල්හිද දෙවියෝ මා අස්වසත්. (කෙසේද යත්?) “නිදුකාණෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදු රථය එළඹ සිටියේය” කියායි.
140
‘‘වත්තන්තෙ චරිමෙ චිත්තෙ, මම සීලං අනුස්සරිං;
තෙන කම්මෙන සුකතෙන, තාවතිංසං අගච්ඡහං.
140
“අන්තිමක (චුති චිත්තය) පවත්නා කල්හි මාගේ (පඤ්ච) ශීලය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතුකොටගෙන මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.
141
‘‘තිංසක්ඛත්තුඤ්ච දෙවින්දො, දෙවරජ්ජමකාරයිං;
දිබ්බසුඛං (දිබ්බං සුඛං (සී.)) අනුභවිං, අච්ඡරාහි පුරක්ඛතො.
141
“ශක්‍ර දේවේන්ද්‍රව තිස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරනා ලදුව දිව සුව අනුභව කෙළෙමි.
142
‘‘පඤ්චසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
142
“මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැක.
143
‘‘දෙවලොකා චවිත්වාන, සුක්කමූලෙන චොදිතො;
පුරෙ වෙසාලියං ජාතො, මහාසාලෙ සුඅඩ්ඪකෙ.
143
“කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව, වේශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ,
144
‘‘වස්සූපනායිකෙ කාලෙ, දිප්පන්තෙ (දිබ්බන්ති (ක.)) ජිනසාසනෙ;
මාතා ච මෙ පිතා චෙව, පඤ්චසික්ඛාපදග්ගහුං.
144
“බුදු සසුන බබලද්දී, වස් එළඹෙන කාලයෙහි මගේ මව් තොමෝද, පිය තෙමේද, පංච ශික්‍ෂා පද (පන්සිල්) ගත්තාහුය.
145
‘‘සහ සුත්වානහං සීලං, මම සීලං අනුස්සරිං;
එකාසනෙ නිසීදිත්වා, අරහත්තමපාපුණිං.
145
“(එය) ඇසීම හා සමගම මගේ ශීලයද මම මෙනෙහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවටද පැමිණියෙමි.
146
‘‘ජාතියා පඤ්චවස්සෙන, අරහත්තමපාපුණිං;
උපසම්පාදයි බුද්ධො, ගුණමඤ්ඤාය චක්ඛුමා.
146
“උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම මාගේ ගුණ දැන (මා) උපසපන් කරවීය.
147
‘‘පරිපුණ්ණානි ගොපෙත්වා, පඤ්චසික්ඛාපදානහං;
අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ, විනිපාතං න ගච්ඡහං.
147
“මම සම්පූර්‍ණ සිල් රැක, මින් අපරිමෙය්‍ය කල්පයෙහි (සිට) දුගතියකට නොගියෙමි.
148
‘‘ස්වාහං යසමනුභවිං, තෙසං සීලාන වාහසා;
කප්පකොටිම්පි කිත්තෙන්තො, කිත්තයෙ එකදෙසකං.
148
“එම පන්සිල්වල අනුහසින් ඒ මම යසස් අනුභව කෙළෙමි. (එම යසස) කල්ප කෝටියක් මුළුල්ලෙහි කියන්නේ නමුදු ස්වල්පමාත්‍රයක්ම කියන්නේය.
149
‘‘පඤ්චසීලානි ගොපෙත්වා, තයො හෙතූ ලභාමහං;
දීඝායුකො මහාභොගො, තික්ඛපඤ්ඤො භවාමහං.
149
“මම පන්සිල් රැක අනුසස් තුනක් ලබමි. (කවර නම් අනුසස් තුනක්ද යත්) මම දීර්‍ඝායු ඇත්තේ වෙමි. මහත්වූ භෝග සම්පත් ඇත්තේ වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේද වෙමි.
150
‘‘සංකිත්තෙන්තො ච (පකිත්තෙන්තොව (සී.), පකිත්තෙන්තෙ ච (ස්‍යා.)) සබ්බෙසං, අභිමත්තඤ්ච පොරිසං;
භවාභවෙ සංසරිත්වා, එතෙ ඨානෙ ලභාමහං.
150
“සියලු දෙනාහට (තමාගේ) අධික මාත්‍රවූ ශූර බව ප්‍රකාශ කරන්නාක් මෙන් කුදු මහත් භවයෙහි (සසරෙහි) හැසිරෙමියි මෙම තනතුර ලබමි.
151
‘‘අපරිමෙය්‍යසීලෙසු, වත්තන්තා ජිනසාවකා;
භවෙසු යදි රජ්ජෙය්‍යුං, විපාකො කීදිසො භවෙ.
151
“අප්‍රමාණවූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්‍ධ ශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම් විපාකය කෙබඳු වන්නේද,
152
‘‘සුචිණ්ණං මෙ පඤ්චසීලං, භතකෙන තපස්සිනා (විපස්සිනා (සී.));
තෙන සීලෙනහං අජ්ජ, මොචයිං සබ්බබන්ධනා.
152
“විශේෂ දැකුම් ඇති බැලයෙකුවූ මා විසින් පන්සිල් මැනවින් රැස් කරණ ලදී. මම එම ශීලය කරණ කොට ගෙන අද සියළු භව බන්‍ධනයෙන් මිදුනෙමි.
153
‘‘අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ, පඤ්චසීලානි ගොපයිං;
දුග්ගතිං නාභිජානාමි, පඤ්චසීලානිදං ඵලං.
153
“මින් අපරිමෙය්‍ය කල්පයෙහි පන්සිල් රැක්කෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ පන්සිල් (රැකීමේ) විපාකයයි.
154
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පඤ්චසීලසමාදානියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
154
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචසීල සමාදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
5. අන්නසංසාවකත්ථෙරඅපදානං 5. අත්තසංසාවක ථේරාපදානය
6. ධූපදායකත්ථෙරඅපදානං 6. ධූපදායක ථේරාපදානය
7. පුලිනපූජකත්ථෙරඅපදානං 7. පුලින පූජක ථේරාපදානය
8. උත්තියත්ථෙරඅපදානං 8. උත්තරිය ථේරාපදානය
9. එකඤ්ජලිකත්ථෙරඅපදානං 9. එකඤ්ජලික ථේරාපදානය
10. ඛොමදායකත්ථෙරඅපදානං 10. ඛොමදායක ථේරාපදානය