3. සුභූතිවග්ගො | 3. සුභූති වග්ග |
1. සුභූතිත්ථෙරඅපදානං | 1. සුභූති ථේරාපදානය |
1
‘‘හිමවන්තස්සාවිදූරෙ
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
|
1
“හිමවතට නුදුරෙහි නිසභ නම් පර්වතයකි. (එහි) මට අසපුවක් කරණ ලදී. පන්සලක්ද මැනවින් නිර්මිත කරණ ලදී.
|
2
‘‘කොසියො නාම නාමෙන, ජටිලො උග්ගතාපනො;
එකාකියො
(එකාකිකො (ක.)) අදුතියො, වසාමි නිසභෙ තදා.
|
2
“(මම එහි) උග්රවූ තපස් ඇති “කොසිය” නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි. එකල්හි මම නිසභ පර්වතයෙහි එකලාව දෙවැන්නෙක් නොමැතිව වසමි.
|
3
‘‘ඵලං මූලඤ්ච පණ්ණඤ්ච, න භුඤ්ජාමි අහං තදා;
පවත්තංව සුපාතාහං
(පවත්තපණ්ඩුපත්තානි (සී.)), උපජීවාමි තාවදෙ.
|
3
“එකල්හි මම පලමුල් කොළ (ගස්වලින් නෙලාගෙන) අනුභව නොකරමි. එකෙණෙහි ස්වයංපතිත පඬුවන් පත් (අනුභවකොට) ජීවත් වෙමි.
|
4
‘‘නාහං
ආරාධෙමි සකං චිත්තං, විවජ්ජෙමි අනෙසනං.
|
4
“මම ජීවිතය හැර දමන්නේ නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදී ආහාර සෙවීමෙන්) කොප්ය නොකරමි. ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ටතාවන්ගෙන්) පහදවමි. (වෙදකම්, දූතකම් ආදී එක්විසි) අනේසනයන් දුරුකරමි.
|
5
‘‘රාගූපසංහිතං චිත්තං, යදා උප්පජ්ජතෙ මම;
සයංව පච්චවෙක්ඛාමි, එකග්ගො තං දමෙමහං.
|
5
“යම් කලෙක්හි රාගයෙන් යුක්තවූ සිතක් මට උපදීනම් (එකල්හි) තෙමේම ප්රත්යවේක්ෂා කරමි. එකඟවූ සිත් ඇත්තේ ඒ මම එම (රාගී) අදහස මෙසේ අවවාද කර ගනිමින් දමනය කරමි. කෙසේද යත්?
|
6
‘‘‘රජ්ජසෙ රජ්ජනීයෙ ච, දුස්සනීයෙ ච දුස්සසෙ;
මුය්හසෙ මොහනීයෙ ච, නික්ඛමස්සු වනා තුවං.
|
6
“තෝ ඇලුම් කටයුතු දෙයෙහි ඇලෙහිද, ද්වේෂ කටයුතු දෙයෙහි ද්වේෂ කෙරෙහිද, මුළාවියුතු දැයෙහි මුළාවෙහිද (එසේ නම්) වනයෙන් නික්ම යව.
|
7
‘‘‘විසුද්ධානං අයං වාසො, නිම්මලානං තපස්සිනං;
මා ඛො විසුද්ධං දූසෙසි, නික්ඛමස්සු වනා තුවං.
|
7
“මේ (අරණ්‍ය) වාසය පිරිසිදුවූ, නිර්මල තපොගුණ ඇතියනටය. තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නොකරව. (එසේ නම්) වනයෙන් නික්ම යව.
|
8
‘‘‘අගාරිකො භවිත්වාන, යදා පුත්තං
(සදායුත්තං (සී.), යදායුත්තං (ස්‍යා.)), ලභිස්සසි;
උභොපි මා විරාධෙසි, නික්ඛමස්සු වනා තුවං.
|
8
“ගිහිව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහිය. (ගිහිබව හා පැවිදිබව යන) දෙකම වරද්දා නොගනුව. වනයෙන් නික්ම යව.
|
9
‘‘‘ඡවාලාතං යථා කට්ඨං, න ක්වචි කිච්චකාරකං;
නෙව ගාමෙ අරඤ්ඤෙ වා, න හි තං කට්ඨසම්මතං.
|
9
“සොහොන් පෙනෙල්ල යම් සේ කිසි කටයුත්තකට නොයොදාද, ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (දර) යයි සම්මත නොවේද (එසේම)
|
10
‘‘‘ඡවාලාතූපමො ත්වංසි, න ගිහී නාපි සඤ්ඤතො;
උභතො මුත්තකො අජ්ජ, නික්ඛමස්සු වනා තුවං.
|
10
“තෝ සෙහොන් පෙනෙල්ලක් වැනි වෙහිය. ගිහියෙක් නොවේ, පැවිද්දෙක්ද නොවේ. ගිහි පැවිදි දෙපසින්ම මිදුනේ වෙහිය. අදම වනයෙන් නික්ම යව.
|
11
‘‘‘සියා නු ඛො තව එතං, කො පජානාති තෙ ඉදං;
සද්ධාධුරං වහිසි
(සද්ධාධුරං ජහසි (සී.), සීඝං ධුරං වහිසි (ස්‍යා.)) මෙ, කොසජ්ජබහුලාය ච.
|
11
“තාගේ මෙබඳු ගතියක් වෙහි නම් මෙය කවරෙක් දනීද, මාගේ ශ්‍රද්ධා දුරය දුරු කෙරෙයි නම් (එය) කුසීත බව වැඩිවීම පිණිසද පවතී.
|
12
‘‘‘ජිගුච්ඡිස්සන්ති
ආකඩ්ඪිත්වාන ඉසයො, චොදයිස්සන්ති තං සදා.
|
12
“නුවර වැසියන් අසූචි පිළිකුල් කරන්නාක් මෙන් නුවණැත්තෝ තා පිළිකුල් කරන්නාහුයි. ඎෂීහු තා ඇද දමා හැමකල්හි චෝදනා කරන්නාහුය.
|
13
‘‘‘තං විඤ්ඤූ පවදිස්සන්ති, සමතික්කන්තසාසනං;
සංවාසං අලභන්තො හි, කථං ජීවිහිසි
(ජීවිස්සසි (සී.)) තුවං.
|
13
“නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහුය. නුවණැත්තන්ගේ සහවාසය නොලබන්නාවූ තෝ කෙසේ ජීවත් වන්නෙහිද?
|
14
‘‘‘තිධාපභින්නං
බලී නාගො උපගන්ත්වා, යූථා නීහරතෙ ගජං.
|
14
“බලවත් ඇත් රජෙක් තෙම ත්‍රිමද ගලිතවූ, මෘතඞ්ග හස්ති කුලයෙහි ජාතවූ, උපන් සැටවස් ඉක්ම ගිය මහ ඇතෙකු එළඹ ඇත් රැළෙන් බැහැර කෙරෙයි නම්,
|
15
‘‘‘යූථා විනිස්සටො සන්තො, සුඛං සාතං න වින්දති;
දුක්ඛිතො විමනො හොති, පජ්ඣායන්තො පවෙධති.
|
15
“ඇත් රැළෙන් බැහැරවූ එම ඇතා ලොකු සුවයක් නොවිඳී. දුක්ඛිතව දොම්නස් වේ. ලතවෙමින් වෙවුලයි.
|
16
‘‘‘තථෙව ජටිලා තම්පි, නීහරිස්සන්ති දුම්මතිං;
තෙහි ත්වං නිස්සටො සන්තො, සුඛං සාතං න ලච්ඡසි.
|
16
“එසේම ජටාධර තවුසෝ අඥානවූ ඔහු (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්. ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත කය දෙකින්ම) සුවයක් නොලබන්නෙහිය.
|
17
‘‘‘දිවා වා යදි වා රත්තිං, සොකසල්ලසමප්පිතො;
ඩය්හසි පරිළාහෙන, ගජො යූථාව නිස්සටො.
|
17
“දිවා කල්හිද, යලි රාත්‍රියෙහිද, හැමදා ශෝක නමැති හුල ඇත්තේය. ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිළාහයෙන් දැවෙහිය.
|
18
‘‘‘ජාතරූපං යථා කූටං, නෙව ඣායති
(යායති (ස්‍යා.)) කත්ථචි;
තථා සීලවිහීනො ත්වං, න ඣායිස්සසි
(යාරිස්සති (ස්‍යා.)) කත්ථචි.
|
18
“යම් සේ ස්වර්ණය කිසිතැනෙක්හි යකුළ නොදවාද, එසේම සීලයෙන් තොරවූ තෝ කිසි තැනෙක්හි ධ්‍යාන නොකරන්නෙහිය.
|
19
‘‘‘අගාරං වසමානොපි, කථං ජීවිහිසි තුවං;
මත්තිකං පෙත්තිකඤ්චාපි, නත්ථි තෙ නිහිතං ධනං.
|
19
“තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහිද, තට මව සතුවූ හෝ, පියා සතුවූ තැන්පත්කොට තබන ලද ධනයක් නැත.
|
20
‘‘‘සයං කම්මං කරිත්වාන, ගත්තෙ සෙදං පමොචයං;
එවං ජීවිහිසි ගෙහෙ, සාධු තෙ තං න රුච්චති.
|
20
“සිරුරෙහි ඩහ වගුරුවමින්, තෙමේම කර්මාන්තකොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහිය. තට එය රිසි නොවේ නම් මැනවි.
|
21
‘‘‘එවාහං තත්ථ වාරෙමි, සංකිලෙසගතං මනං;
නානාධම්මකථං කත්වා, පාපා චිත්තං නිවාරයිං’.
|
21
“මෙසේ මම එහිදී කිළිටිබවට ගිය සිත වලක්වමි. නොයෙක් ධර්ම කථා කියා පවින් සිත වැළකීමි.
|
22
‘‘එවං මෙ විහරන්තස්ස, අප්පමාදවිහාරිනො;
තිංසවස්සසහස්සානි, විපිනෙ මෙ අතික්කමුං.
|
22
“නොපමාව වෙසෙන සුළුවූ මෙසේ වනයෙහි වසනා මට අවුරුදු තික් දහසක් ඉක්ම ගියහ.
|
23
‘‘අප්පමාදරතං දිස්වා, උත්තමත්ථං ගවෙසකං;
පදුමුත්තරසම්බුද්ධො, ආගච්ඡි මම සන්තිකං.
|
23
“උත්තාමාර්ත්ථයවූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇළුනු මා දැක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.
|
24
‘‘තිම්බරූසකවණ්ණාභො
රූපෙනාසදිසො බුද්ධො, ආකාසෙ චඞ්කමී තදා.
|
24
“(රන්) තිඹිරි ගෙයක වර්ණයට බඳු පැහැ ඇති, පමණ කොනළ හැකි ගුණ ඇති, උපමා විෂයාතික්‍රාන්තවූ, රූපයෙන් අසදෘෂවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
|
25
‘‘සුඵුල්ලො
ඤාණෙනාසදිසො බුද්ධො, ආකාසෙ චඞ්කමී තදා.
|
25
“මැනවින් පිපුණු මහ සල් රුකක් මෙන්ද, වැසි වළාකුළු අතරෙහිවූ විදුලියක් මෙන්ද, නුවණින් අසදෘශවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
|
26
‘‘සීහරාජා
ලාසිතො
(අභීතො (ස්‍යා.)) බ්යග්ඝරාජාව, ආකාසෙ චඞ්කමී තදා.
|
26
“අභීතවූ සිංහ රාජයෙකු මෙන්ද, දර්පිතවූ ඇත් රජෙකු මෙන්ද, ලංවිය නොහැකි ව්යාඝ්ර රාජයෙකු මෙන්ද (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
|
27
‘‘සිඞ්ගීනික්ඛසවණ්ණාභො, ඛදිරඞ්ගාරසන්නිභො;
මණි යථා ජොතිරසො, ආකාසෙ චඞ්කමී තදා.
|
27
“(දිව්‍ය ස්වර්ණයනටද වඩා ශ්‍රේෂ්ඨ) සිංගී නම් ස්වර්ණ නිෂ්කයේ (කළන් විස් හෝ විසිපහ නිෂ්කයයි) පැහැයට බඳු පැහැ ඇති, කිහිරඟුරු මෙන් (දිලිසෙන්නාවූ) ජොතිරස නම් මැණික මෙන්වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
|
28
‘‘විසුද්ධකෙලාසනිභො
මජ්ඣන්හිකෙව
(මජ්ඣන්තිකෙව (සබ්බත්ථ)) සූරියො, ආකාසෙ චඞ්කමී තදා.
|
28
“නිර්මල කෛලාශය වැනිවූ, පූර්ණ චන්ද්‍රයා වැනිවූ, මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා වැනිවූ (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
|
29
‘‘දිස්වා නභෙ චඞ්කමන්තං, එවං චින්තෙසහං තදා;
‘දෙවො නු ඛො අයං සත්තො, උදාහු මනුජො අයං.
|
29
“(මම) එකල්හි අහසෙහි සක්මන් කරන්නාවූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි. මේ සත්ත්වතෙම දෙවියෙක්ද, නැතහොත් මේ තෙමේ මනුෂ්‍යයෙක්ද?
|
30
‘‘‘න මෙ සුතො වා දිට්ඨො වා, මහියා එදිසො නරො;
අපි මන්තපදං අත්ථි, අයං සත්ථා භවිස්සති’.
|
30
“මා විසින් පොළවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් (තෙම) නොඅසන ලදී. (එසේම) නොදක්නා ලදී. මන්ත්‍ර පදයකුදු ඇත. මේ ශාස්තෘ තෙමේ වන්නේය (කියායි.)
|
31
‘‘එවාහං චින්තයිත්වාන, සකං චිත්තං පසාදයිං;
නානාපුප්ඵඤ්ච ගන්ධඤ්ච, සන්නිපාතෙසහං
(සන්නිපාතෙත්වාහං (සී.)) තදා.
|
31
“එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි. මම නොයෙක් මල්ද, සුවඳද රැස්කොට,
|
32
‘‘පුප්ඵාසනං පඤ්ඤපෙත්වා, සාධුචිත්තං මනොරමං;
නරසාරථිනං අග්ගං, ඉදං වචනමබ්රවිං.
|
32
“මල් අසුනක් පණවා, යහපත් සිත් ඇති, මනොඥවූ, පුරුෂයන් දමණය කිරීමෙහි රියසැරි (සාරථී) යෙකු වැනියනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේට මෙම වචනය කීමි.
|
33
‘‘‘ඉදං මෙ ආසනං වීර, පඤ්ඤත්තං තවනුච්ඡවං;
හාසයන්තො මමං චිත්තං, නිසීද කුසුමාසනෙ’.
|
33
“වීරයන් වහන්ස, මා විසින් මේ අසුන ඔබ වහන්සේට සුදුසුකොට පණවන ලදී. මාගේ සිත සතුටු කරමින් මල් අසුනෙහි වැඩ හිඳිනු මැනව (කියායි.)
|
34
‘‘නිසීදි
සත්තරත්තින්දිවං බුද්ධො, පවරෙ කුසුමාසනෙ.
|
34
“භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ රෑ දාවල් සතක් (සතියක්) මුළුල්ලෙහි අභීත කේශර සිංහ රාජයෙකු මෙන් එම මල් අසුනෙහි වැඩහුන් සේක.
|
35
‘‘නමස්සමානො අට්ඨාසිං, සත්තරත්තින්දිවං අහං;
වුට්ඨහිත්වා සමාධිම්හා, සත්ථා ලොකෙ අනුත්තරො;
මම කම්මං පකිත්තෙන්තො, ඉදං වචනමබ්රවි.
|
35
“මමද සතියක් මුළුල්ලෙහි නමස්කාර කරමින් සිටියෙමි. ලෝකයෙහි (තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති හෙයින්) අනුත්තරවූ ශාස්තෘන් වහන්සේ සමාධියෙන් නැගිට,
|
36
‘‘‘භාවෙහි බුද්ධානුස්සතිං, භාවනානමනුත්තරං;
ඉමං සතිං භාවයිත්වා, පූරයිස්සසි මානසං.
|
36
“මාගේ කර්මය ප්‍රකාශ කරණ සේක්, මෙම වචනය වදාළ සේක. භාවනාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, බුද්ධානුස්සති භාවනාව වඩයි.
|
37
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සසි;
අසීතික්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සසි;
සහස්සක්ඛත්තුං චක්කවත්තී, රාජා රට්ඨෙ භවිස්සසි.
|
37
“මෙම බුද්ධානුස්සතිය වඩා අද්ධ්යාශය සම්පූර්ණ කරන්නෙහිය. කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වාසය කරන්නෙහිය.
“ශක්‍ර දේවේන්ද්රව අසූ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නෙහිය. දහස් වරක් සක්විති රජ වන්නේය.
|
38
‘‘‘පදෙසරජ්ජං
අනුභොස්සසි තං සබ්බං, බුද්ධානුස්සතියා ඵලං.
|
38
“(තමා ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙපමණයයි) ගණන් වශයෙන් ගිනිය නොහැකිය. එම සියල්ල ඔබ අනුභව කරන්නෙහිය. (මෙය) බුද්ධානුස්මෘතියෙහි පලයයි.
|
39
‘‘‘භවාභවෙ
භොගෙ තෙ ඌනතා නත්ථි, බුද්ධානුස්සතියා ඵලං.
|
39
“කුදුමහත් භවයෙහි හැසිරෙන්නේ මහත්වූ භෝග සම්පත් ලබන්නෙහිය. ඔබගේ (ඒ) භෝග සම්පත්තියෙහි අඩුවක් (නම්) නැත. මේ බුද්ධානුස්මෘතියෙහි පලයයි.
|
40
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
40
“කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙන් උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
|
41
‘‘‘අසීතිකොටිං ඡඩ්ඩෙත්වා, දාසෙ කම්මකරෙ බහූ;
ගොතමස්ස භගවතො, සාසනෙ පබ්බජිස්සසි.
|
41
“අසූකෙළක් (ධනයද) බොහෝ දස් කම්කරුවන්ද හැරදමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහිය.
|
42
‘‘‘ආරාධයිත්වා සම්බුද්ධං, ගොතමං සක්යපුඞ්ගවං;
සුභූති නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
|
42
“ශාක්‍යකුල ශ්‍රේෂඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටුකොට නම්න් සුභූති නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
|
43
‘‘‘භික්ඛුසඞ්ඝෙ
තථාරණවිහාරෙ ච, ද්වීසු අග්ගෙ ඨපෙස්සති’.
|
43
“(ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ) භික්ෂු සංඝයා මැද වැඩහිඳ, ඒ සුභූති තෙරුන් දක්ෂිණෙය්ය ගුණයෙහිද, අරණ්‍ය විහාරයෙහිද යන අග්‍ර සභා දෙකෙහි නංවන්නේය.
|
44
‘‘ඉදං වත්වාන සම්බුද්ධො, ජලජුත්තමනාමකො;
නභං අබ්භුග්ගමී වීරො, හංසරාජාව අම්බරෙ.
|
44
“ප්‍රාඥවූ දීපඞ්කර නමැති බුදුරජාණන් වහන්සේ මෙම වචනය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගාහ.
|
45
‘‘සාසිතො ලොකනාථෙන, නමස්සිත්වා තථාගතං;
සදා භාවෙමි මුදිතො, බුද්ධානුස්සතිමුත්තමං.
|
45
“ලෝකනාථයන් වහන්සේ විසින් අනුශාසනා කරණ ලද මම තථාගතයන් වහන්සේට වැඳ හැමකල්හි සතුටුවූයේ උතුම්වූ බුද්ධානුස්මෘති භාවනාව වැඩීමි.
|
46
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසං අගච්ඡහං.
|
46
“මැනවින් කරණ ලද එම කර්මයන් හා චිත්ත ප්‍රණිධීන්ද කරණ කොට ගෙන මම මනුෂ්‍ය ශරීරය හැර දමා තව්තිසා දෙව්ලොවට (උත්පත්තියෙන්) ගියෙමි.
|
47
‘‘අසීතික්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජමකාරයිං;
සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී අහොසහං.
|
47
“මම ශක්‍ර දේවේන්ද්රව අසූවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. දහස් වරක් සක්විති රජ වීමි.
|
48
‘‘පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං;
අනුභොමි සුසම්පත්තිං, බුද්ධානුස්සතියා ඵලං.
|
48
“මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (ලැබූ වාර ගනන මෙතෙකැයි) ගණනින් ගිනිය නොහැකිය. උතුම් සැපත අනුභව කරමි. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.
|
49
‘‘භවාභවෙ සංසරන්තො, මහාභොගං ලභාමහං;
භොගෙ මෙ ඌනතා නත්ථි, බුද්ධානුස්සතියා ඵලං.
|
49
“මම කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, මහත්වූ භොග සම්පත් ලබමි. මාගේ භොග සම්පත්තියෙහි අඩුවෙක් නම් නැත. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයි.
|
50
‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධානුස්සතියා ඵලං.
|
50
“මින් කල්ප ලක්ෂයකින් පෙරවූ එම කාලයෙහි යම් කර්මයක් කෙළෙම්ද (එබැවින්) දුගතියක් නොදනිමි. බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.
|
51
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සුභූති ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
51
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභූති තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
2. උපවානත්ථෙරඅපදානං | 2. උපවාන ථේරාපදානය |
52
‘‘පදුමුත්තරො
ජලිත්වා අග්ගික්ඛන්ධොව, සම්බුද්ධො පරිනිබ්බුතො.
|
52
“සියළු පරතෙරට ගියාවූ, පස් මරුන් දිනූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගිනිකඳක් මෙන් බබලා පිරිණිවන් පෑ සේක.
|
53
‘‘මහාජනා සමාගම්ම, පූජයිත්වා තථාගතං;
චිතං කත්වාන සුකතං, සරීරං අභිරොපයුං.
|
53
“මහජනයා එක්රැස්ව, තථාගතයන් වහන්සේ පුදා, මැනවින් සැයක් කොට සර්වඥ දේහය එයට නැගූහ.
|
54
‘‘සරීරකිච්චං කත්වාන, ධාතුං තත්ථ සමානයුං;
සදෙවමානුසා සබ්බෙ, බුද්ධථූපං අකංසු තෙ.
|
54
“එහි ශරීරය පිළිබඳ ආදාහණ කෘත්‍යය කොට, ධාතු ගෙනාවාහුය. ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ (එම ධාතු නිදන්කොට) බුද්ධස්ථූපයක් කළාහුය.
|
55
‘‘පඨමා
තතියා රූපියමයා, චතුත්ථී ඵලිකාමයා.
|
55
“(එම ස්ථූපයෙහි) පළමු නිම් වළල්ල රන්මුවාය. දෙවැන්න මිණිමුවාය. තෙවැන්න රිදීමුවාය. සිව්වැන්න පළිඟුමුවාය.
|
56
‘‘තථා
(තත්ථ (ස්‍යා. ක.)) පඤ්චමියා භූමි
(නෙමි (සී.)), ලොහිතඞ්ගමයා අහු;
ඡට්ඨා මසාරගල්ලස්ස, සබ්බරතනමයූපරි.
|
56
“එසේම, පස්වෙනි නිම් වළල්ල පියුම් රාමිණිමුවායි. සවැන්න මැසිරිගල්මුවායි. (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්වරන්තමයය.
|
57
‘‘ජඞ්ඝා මණිමයා ආසි, වෙදිකා රතනමයා;
සබ්බසොණ්ණමයො ථූපො, උද්ධං යොජනමුග්ගතො.
|
57
“ජඝනය (යට කොටස) මිණිමුවාය. වේදිකාව රුවන්මුවාය. (මෙසේ) සෑය ස්වර්ණමයයි. යොදුනක් උසට පැන නැංගේය.
|
58
‘‘දෙවා තත්ථ සමාගන්ත්වා, එකතො මන්තයුං තදා;
මයම්පි ථූපං කස්සාම, ලොකනාථස්ස තාදිනො.
|
58
“එකල්හි එහි දෙවියෝ රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරමු.
|
59
‘‘ධාතු ආවෙණිකා නත්ථි, සරීරං එකපිණ්ඩිතං;
ඉමම්හි බුද්ධථූපම්හි, කස්සාම කඤ්චුකං මයං.
|
59
“(ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ) ධාතු වෙන් වෙන්ව නැත. මුළු සිරුරම එකට කැටිව තිබේ. (එබැවින්) අපි මේ සෑයෙහිම වැසීමට සැට්ටයක් (වැස්මක්) කරන්නෙමුය කියායි.
|
60
‘‘දෙවා සත්තහි රත්නෙහි
(සත්තරතනෙහි (සී.)), අඤ්ඤං වඩ්ඪෙසු යොජනං;
ථූපො ද්වියොජනුබ්බෙධො, තිමිරං බ්යපහන්ති සො.
|
60
“දෙවියෝ (එම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහුය. (ඉක්බිති) එම සෑය දෙයොදුනක් උසය. (එහි ආලෝකයෙන්) අඳුරද දුරුකෙරෙයි.
|
61
‘‘නාගා
මනුස්සා චෙව දෙවා ච, බුද්ධථූපං අකංසු තෙ.
|
61
“එකල්හි නාගයෝ එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) ඒ මනුෂ්‍යයෝද, දෙවියෝද බුදුරජාණන් වහන්සේට සෑය කළාහුය.
|
62
‘‘මා
මයම්පි ථූපං කස්සාම, ලොකනාථස්ස තාදිනො.
|
62
“අපිදු පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමා නොවෙති. තාදී ගුණ ඇති ලෝක නාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමුය” කියායි.
|
63
‘‘ඉන්දනීලං මහානීලං, අථො ජොතිරසං මණිං;
එකතො සන්නිපාතෙත්වා, බුද්ධථූපං අඡාදයුං.
|
63
“ඉඳුනිල්ද, මහනිල්ද, යලි ජොති රස නම් මැණික්ද එක්කොට බුදුරජාණන් වහන්සේගේ සෑය වැසූහ.
|
64
‘‘සබ්බං මණිමයං ආසි, තාවතා බුද්ධචෙතියං;
තියොජනසමුබ්බිද්ධං
(තීණි යොජනමුබ්බිද්ධං (සී. ක.)), ආලොකකරණං තදා.
|
64
“එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණ ලද එලිය කරන්නාවූ තුන් යොදුන් උස බුද්ධස්ථූපයක් විය.
|
65
‘‘ගරුළා
මනුස්සා දෙවා නාගා ච, බුද්ධථූපං අකංසු තෙ.
|
65
“එකල්හි ගුරුළෝද එහි රැස්ව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) ඒ මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද බුද්ධස්ථූපයක් කළාහුය.
|
66
‘‘‘මා නො පමත්තා අස්සුම්හ, අප්පමත්තා සදෙවකා;
මයම්පි ථූපං කස්සාම, ලොකනාථස්ස තාදිනො’.
|
66
“අපිදු පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝ පමා නොවූවෝ වෙති. තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමු.
|
67
‘‘සබ්බං මණිමයං ථූපං, අකරුං තෙ ච කඤ්චුකං
(සබ්බමණිමයං ථූපෙ, අකරුත්තරකඤ්චුකං (සී.));
යොජනං තෙපි වඩ්ඪෙසුං, ආයතං බුද්ධචෙතියං.
|
67
“ගුරුළෝ ස්ථූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (වැස්මක්) කළාහුය. ඔවුහුද බුද්ධස්ථූපයෙහි උස යොදුනකින් වැඩි කළාහුය.
|
68
‘‘චතුයොජනමුබ්බිද්ධො, බුද්ධථූපො විරොචති;
ඔභාසෙති දිසා සබ්බා, සතරංසීව උග්ගතො.
|
68
“සිව් යොදුන් උස (මෙම) බුද්ධස්තූඵය බබළයි. උඩට නැගුණු සූර්‍ය්‍යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.
|
69
‘‘කුම්භණ්ඩා ච සමාගන්ත්වා, එකතො මන්තයුං තදා;
මනුස්සා චෙව දෙවා ච, නාගා ච ගරුළා තථා.
පච්චෙකං බුද්ධසෙට්ඨස්ස, අකංසු ථූපමුත්තමං.
|
69
“එකල්හි කුම්භාණ්ඩයෝද (දිව්‍ය විශේෂයකි) එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද, එසේම ගුරුළෝද, වෙන වෙනම බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට උතුම් සෑයක් කළාහුය. අපි පමාවූවෝ නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමානොවූවෝ වෙති.
|
70
‘‘‘මා නො පමත්තා අස්සුම්හ, අප්පමත්තා සදෙවකා;
මයම්පි ථූපං කස්සාම, ලොකනාථස්ස තාදිනො;
රතනෙහි ඡාදෙස්සාම, ආයතං බුද්ධචෙතියං’.
|
70 |
71
‘‘යොජනං තෙපි වඩ්ඪෙසුං, ආයතං බුද්ධචෙතියං;
පඤ්චයොජනමුබ්බිද්ධො, ථූපො ඔභාසතෙ තදා.
|
71
“තාදී ගුණ ඇති බුද්ධශ්රේෂඨයන් වහන්සේට අපිදු සෑය කරවන්නෙමු. බුද්ධස්ථූපය මතුයෙහි අපිදු රත්නයන්ගෙන් වසන්නෙමුය කියායි.
|
72
‘‘යක්ඛා
මනුස්සා දෙවා නාගා ච, ගරුළා කුම්භඅණ්ඩකා.
|
72
“ඔවුහුද බුද්ධස්ථූපය යළි යොදුනක් (උස) වැඩි කළාහුය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.
|
73
‘‘පච්චෙකං බුද්ධසෙට්ඨස්ස, අකංසු ථූපමුත්තමං;
‘මා නො පමත්තා අස්සුම්හ, අප්පමත්තා සදෙවකා.
|
73
“එකල්හි යක්ෂයෝද එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද, ගුරුළෝද, කුම්භාණ්ඩයෝද වෙන වෙනම බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට උතුම් සෑයක් කළාහුය. අපි ප්‍රමාද නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමා නොවූවෝ වෙති.
|
74
‘‘‘මයම්පි
ඵලිකාහි ඡාදෙස්සාම, ආයතං බුද්ධචෙතියං’.
|
74
“තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරවන්නෙමු. බුද්ධස්ථූපය මතුයෙහි පළිඟුයෙන් වසන්නෙමුය කියායි.
|
75
‘‘යොජනං තෙපි වඩ්ඪෙසුං, ආයතං බුද්ධචෙතියං;
ඡ යොජනානි උබ්බිද්ධො, ථූපො ඔභාසතෙ තදා.
|
75
“ඔවුහුද බුද්ධස්ථූපය මතුයෙහි යොදුනක් වැඩි කළාහුය. එකල්හි (එම) සෑය සයොදුනක් උස්වේ.
|
76
‘‘ගන්ධබ්බා ච සමාගන්ත්වා, එකතො මන්තයුං තදා;
‘මනුජා දෙවතා නාගා, ගරුළා කුම්භයක්ඛකා.
|
76
එකල්හි ගත්ධර්වයෝද රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද, ගුරුළෝද, කුම්භාණ්ඩයෝද, යක්ෂයෝද බුද්ධස්ථූපය කළාහුය. මෙහි අපි (කිසිවක්) නොකළාහු වෙමු. තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑය කරවන්නෙමුය කියායි.
|
77
‘‘‘සබ්බෙකංසු බුද්ධථූපං, මයමෙත්ථ අකාරකා;
මයම්පි ථූපං කස්සාම, ලොකනාථස්ස තාදිනො’.
|
77 |
78
‘‘වෙදියො
සබ්බසොණ්ණමයං ථූපං, ගන්ධබ්බා කාරයුං තදා.
|
78
“ඔවුහු (එහි) වේදිකා සකස්කොට ඡත්‍රයක්ද නැගූහ. එකල්හි ගත්ධර්වයන් සෑය සර්ව ස්වර්ණමයම කරවූහ.
|
79
‘‘සත්තයොජනමුබ්බිද්ධො, ථූපො ඔභාසතෙ තදා;
රත්තින්දිවා න ඤායන්ති, ආලොකො හොති
(ආලොකා හොන්ති (ස්‍යා. ක.)) සබ්බදා.
|
79
“එකල්හි සත් යොදුනක් උස සෑය බබළයි. රෑ දාවල්හු නොදැනෙත්. හැම කල්හි ආලෝකය වේ.
|
80
‘‘අභිභොන්ති
සමන්තා යොජනසතෙ, පදීපොපි න පජ්ජලි.
|
80
“තාරකා සහිතවූ චන්ද්‍ර සූර්‍ය්‍යයෝ එම චෛත්‍යයාගේ ප්‍රභාව නොඉක්මවත්. හාත්පස යොදුන් සියයක් තන්හි පහනකුදු නොදැල්වීය.
|
81
‘‘තෙන කාලෙන යෙ කෙචි, ථූපං පූජෙන්ති මානුසා;
න තෙ ථූපමාරුහන්ති, අම්බරෙ උක්ඛිපන්ති තෙ.
|
81
“එකල්හි යම්කිසි මනුෂ්‍ය නෙනෙක් සෑයට (කිසිවක්) පූජා කෙරෙත් නම් ඔවුහු සෑයට නොගනිත්. (ඔවුහු) අහසට උඩ දමත්.
|
82
‘‘දෙවෙහි ඨපිතො යක්ඛො, අභිසම්මතනාමකො;
ධජං වා පුප්ඵදාමං වා, අභිරොපෙති උත්තරි.
|
82
“දෙවියන් විසින් තබන ලද “අභිසම්මත” නම් යක්ෂයෙක් විය. (හෙතෙම උඩට දැමූ) ධජ හෝ මල්දම් සෑ මුදුනෙහි නගා තබයි.
|
83
‘‘න තෙ පස්සන්ති තං යක්ඛං, දාමං පස්සන්ති ගච්ඡතො;
එවං පස්සිත්වා ගච්ඡන්තා, සබ්බෙ ගච්ඡන්ති සුග්ගතිං.
|
83
“ඔවුහු එම යක්ෂයා නොදකිත්. එය ගෙණ යන යක්ෂයාගේ මල්දම පමණක් දකිත්. යන සියල්ලෝ මෙසේ දැක සුගතියට යෙත්.
|
84
‘‘විරුද්ධා
(විසද්ධා (සී.)) යෙ පාවචනෙ, පසන්නා යෙ ච සාසනෙ;
පාටිහෙරං දට්ඨුකාමා, ථූපං පූජෙන්ති මානුසා.
|
84
“ත්‍රිපිටක බුද්ධ වචන සංඛ්‍යාත ධර්මයෙහි සැදැහැති යමෙක් වෙත්නම් ඔවුහුද, සසුනෙහි පහන්වූ යමෙක් වෙත් නම් ඔවුහුද, (යන සියළු) මනුෂ්‍යයෝ ප්‍රාතිහාර්‍ය්‍ය දකිණු කැමැත්තාහු ස්ථූපය (මල්දම් ආදියෙන්) පුදත්.
|
85
‘‘නගරෙ හංසවතියා, අහොසිං භතකො
(වරකො (ස්‍යා. ක.)) තදා;
ආමොදිතං ජනං දිස්වා, එවං චින්තෙසහං තදා.
|
85
“එකල්හි මම හංසවතී නගරයෙහි බාලයෙක් වීමි. එකල්හි සතුටුවූ ජනයා දැක මම මෙසේ සිතීමි.
|
86
‘‘‘උළාරො භගවා හෙසො, යස්ස ධාතුධරෙදිසං;
ඉමා ච ජනතා තුට්ඨා, කාරං කුබ්බං න තප්පරෙ
(කුබ්බන්තනප්පකං (සී.)).
|
86
“යම් (බුදු) කෙනෙකුගේ දාගෙය මෙබඳු (ගරු සත්කාර) ලබානම් (එම ධාතු අයත්) ඒ භාග්‍යවත් තෙමේ උදාර කෙනෙකි. මේ ජන සමූහයාද සතුටුවූවාහු බොහෝවූ සත්කාර කෙරෙත්.
|
87
‘‘‘අහම්පි
තස්ස ධම්මෙසු දායාදො, භවිස්සාමි අනාගතෙ’.
|
87
“මමද තාදී ගුණ ඇති පදුමුත්තර ලෝකනාථයන් වහන්සේගේ (චෛත්‍යයට) සත්කාරයක් කරන්නෙමි. අනාගතයෙහි උන්වහන්සේගේ ධර්මයෙහි කොටස්කරුවෙක් වන්නෙමියි (සිතීය).
|
88
‘‘සුධොතං
වෙළග්ගෙ ආලගෙත්වාන, ධජං උක්ඛිපිමම්බරෙ.
|
88
“රජකයෙකු විසින් මැනවින් සෝධා පිරිසිදු කරණ ලද මාගේ උතුරු සළුව උණ දඬුවක අග එල්වා ධජයක් සකස්කොට අහසෙහි (උඩට) ඔසවා තැබීමි.
|
89
‘‘අභිසම්මතකො ගය්හ, අම්බරෙහාසි මෙ ධජං;
වාතෙරිතං ධජං දිස්වා, භිය්යො හාසං ජනෙසහං.
|
89
“අභිසම්මත යක්ෂ තෙම මාගේ ධජය ගෙන අහසෙහි එල්වා තැබිය. වාතයෙන් සෙලවෙන්නාවූ ධජය දැක මම බොහෝ සතුට ඉපදවීමි.
|
90
‘‘තත්ථ
තං භික්ඛුං අභිවාදෙත්වා, විපාකං පුච්ඡහං ධජෙ.
|
90
“එහි සිත පහදවා ශ්‍රමණයෙකු වෙත එළඹුනෙමි. මම ඒ භික්ෂුවට වැඳ ධජයෙහි විපාක විමසීමි.
|
91
‘‘සො මෙ කථෙසි ආනන්ද, පීතිසඤ්ජනනං මම;
‘තස්ස ධජස්ස විපාකං, අනුභොස්සසි සබ්බදා.
|
91
“හෙතෙම මාගේ මහත් ප්‍රීතිය ඇතිකරණ (අනුසස්) මට මෙසේ කීය. (කෙසේද යත්?) හැම කල්හි ඒ ධජයාගේ විපාකය අනුභව කරන්නෙහිය.
|
92
‘‘‘හත්ථී
පරිවාරෙස්සන්ති තං නිච්චං, ධජදානස්සිදං ඵලං.
|
92
“ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සේනාවෝ නිරතුරුවම ඔබ පිරිවරන්නාහුය. මෙය ධජ දානයාගේ විපාකයයි.
|
93
‘‘‘සට්ඨිතූරියසහස්සානි, භෙරියො සමලඞ්කතා;
පරිවාරෙස්සන්ති තං නිච්චං, ධජදානස්සිදං ඵලං.
|
93
“සැට දහසක් තූර්‍ය්‍යයෝද මැනවින් අලංකාර කරණ ලද භේරීහුද ඔබ නිරතුරුවම (වැයීමෙන්) පිරිවරන්නාහුය. මෙය ධජ දානයාගේ විපාකයයි.
|
94
‘‘‘ඡළාසීතිසහස්සානි, නාරියො සමලඞ්කතා;
විචිත්තවත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා.
|
94
“සැරසුන අසූදහසක් (පමණ) ස්ත්‍රීහු විසිතුරු අබරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිතවූවාහු, මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහ. සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම පිරිවරන්නාහුය. මෙසේ ධජ දානයාගේ විපාකයයි.
|
95
‘‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පරිවාරෙස්සන්ති තං නිච්චං, ධජදානස්සිදං ඵලං.
|
95 |
96
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සසි;
අසීතික්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සසි.
|
96
“කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහිය. ශක්‍ර දේවේන්ද්රව අසූ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නෙහිය.
|
97
‘‘‘සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සසි;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
97
“දහස් වරක් සක්විති රජ වන්නෙහිය. මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැක.
|
98
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
98
“මින් කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන්නේය.
|
99
‘‘‘දෙවලොකා චවිත්වාන, සුක්කමූලෙන චොදිතො;
පුඤ්ඤකම්මෙන සංයුත්තො, බ්රහ්මබන්ධු භවිස්සසි.
|
99
“කුශල මූලයෙන් මෙහෙයන ලදුව, දෙව්ලොවින් චුතව, පුණ්‍ය කර්මය හා එක්වූයේ බ්‍රාහ්මණයෙක් වන්නෙහිය.
|
100
‘‘‘අසීතිකොටිං
ගොතමස්ස භගවතො, සාසනෙ පබ්බජිස්සසි.
|
100
“අසූ කෙළක් ධනයද, බොහෝවු දස් කම්කරුවන්ද හැර ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුණෙහි පැවිදි වන්නෙහිය.
|
101
‘‘‘ආරාධයිත්වා
උපවානොති නාමෙන, හෙස්සසි සත්ථු සාවකො’.
|
101
“ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටුකොට නම්න් උපවානයයි බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය” යි වදාළ සේක.
|
102
‘‘සතසහස්සෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයී මම.
|
102
“කල්ප ලක්ෂයකට පෙර මා විසින් කරණ ලද කර්මය මෙහිදී විපාක දැක්විය. (දුනු දියෙන්) මැනවින් මිදී ගිය හි සැරය මෙන් මාගේ කෙළස් දැවීය.
|
103
‘‘චක්කවත්තිස්ස සන්තස්ස, චතුදීපිස්සරස්ස මෙ;
තියොජනානි සමන්තා, උස්සීසන්ති ධජා සදා.
|
103
“සතර මහා දිවයිනට අධිපතිවූ, සක්විති රජවූ මට හැමකල්හි හාත්පස තුන් යොදුනක් ධජයෝ ඔසවනු ලබත්.
|
104
‘‘සතසහස්සිතො
දුග්ගතිං නාභිජානාමි, ධජදානස්සිදං ඵලං.
|
104
“මින් කල්ප ලක්ෂයකින් පෙරවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
|
105
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
105
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
3. තිසරණගමනියත්ථෙරඅපදානං | 3. සරණාගමනීය ථේරාපදානය |
106
‘‘නගරෙ චන්දවතියා
(බන්ධුමතියා (අට්ඨ.)), මාතුඋපට්ඨාකො
(මාතුපට්ඨායකො (සී.), මාතුපට්ඨානකො (ස්‍යා.)) අහුං;
අන්ධා මාතා පිතා මය්හං, තෙ පොසෙමි අහං තදා.
|
106
“මම චන්ද්රවතී නගරයෙහි දෙමාපියනට උවටැන් කරන්නෙක් වීමි. එකල මාගේ ඒ අඳ දෙමාපියන් පොෂණය කරමි.
|
107
‘‘රහොගතො
පොසෙන්තො මාතාපිතරො, පබ්බජ්ජං න ලභාමහං.
|
107
“එකල්හි මම රහසිගතව හිඳ මෙසේ සිතීමි. (කෙසේද යත්) මම දෙමාපියන් පෝෂණය කරන්නේ පැවිද්ද නොලබමි.
|
108
‘‘මහන්ධකාරපිහිතා
(තමන්ධකාරපිහිතා (ස්‍යා.)), තිවිධග්ගීහි ඩය්හරෙ;
එතාදිසෙ භවෙ
(භයෙ (සී.)) ජාතෙ, නත්ථි කොචි විනායකො.
|
108
“මහත්වූ මොහඳුරින් වසන ලදී. (රාග, ද්වේෂ, මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මෙබඳු බිය ඇතිවූ කල්හි කිසියම් මාර්ග දේශකයෙක් නැත.
|
109
‘‘බුද්ධො ලොකෙ සමුප්පන්නො, දිප්පති
(දිබ්බති (ක.))
(ජිනසාසනං (සී.)) දානි සාසනං;
සක්කා උද්ධරිතුං අත්තා, පුඤ්ඤකාමෙන ජන්තුනා.
|
109
“බුදු රජ තෙම ලොව පහළවිය. සර්වඥ ශාසනය බබළයි. පින් කැමති සත්ත්වයා (ස්වකීය) ආත්මය ගොඩනගා තබන්නට සමර්ත්ථ වන්නේය.
|
110
‘‘උග්ගය්හ තීණි සරණෙ, පරිපුණ්ණානි ගොපයිං;
තෙන කම්මෙන සුකතෙන, පටිමොක්ඛාමි දුග්ගතිං.
|
110
“තුන් සරණය ඉගෙණ සම්පූර්ණ ගෙස රැකීමි. මැනවින් කරණ ලද එම කර්මය කරණ කොට ගෙන දුගතියෙන් මිදෙමි.
|
111
‘‘නිසභො
තමහං උපගන්ත්වාන, සරණගමනං ගහිං.
|
111
“බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකවූ “නිසභ” නම් භික්ෂුවක් විය. මම උන්වහන්සේ වෙත එළඹ සරණාගමණය ගතිමි. (සරණගත වීමි.)
|
112
‘‘වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ;
තාවතා සරණගමනං, පරිපුණ්ණං අගොපයිං.
|
112
“එකල්හි අවුරුදු ලක්ෂයක් ආයුෂ විද්යමාණවේ. එපමණ කලක් සරණාගමණය සම්පූර්ණ ලෙස රැකීමි.
|
113
‘‘චරිමෙ වත්තමානම්හි, සරණං තං අනුස්සරිං;
තෙන කම්මෙන සුකතෙන, තාවතිංසං අගච්ඡහං.
|
113
“අන්තිම අවස්ථාව පවත්නා කල්හි (මරණ සමයෙහි) එම සරණය සිහි කෙළෙමි. මම එම කර්මය කරණකොටගෙන තව්තිසාවට ගියෙමි.
|
114
‘‘දෙවලොකගතො සන්තො, පුඤ්ඤකම්මසමාහිතො;
යං දෙසං
(යං යං දෙසං (ස්‍යා.)) උපපජ්ජාමි
(උපගච්ඡාමි (සී.)), අට්ඨ හෙතූ ලභාමහං.
|
114
“දෙව්ලොවට ගියේ, පින්කම් සහයෝගිවූයේ, මම යම් දෙයකට යෙම් නම් අට හේතුවක් (ආනිසංසයක්) ලබමි.
|
115
‘‘දිසාසු
සබ්බෙ දෙවානුවත්තන්ති, අමිතභොගං ලභාමහං.
|
115
“(සියළු) දිගුන්හි පුදන ලදුයේ වෙමි. මම තියුණු නුවණැත්තේ වෙමි. සියලු දෙවියෝ (තමාට) අනුව පවතිත්. මම අපමණවූ භෝග සම්පත් ලබමි.
|
116
‘‘සුවණ්ණවණ්ණො සබ්බත්ථ, පටිකන්තො භවාමහං;
මිත්තානං අචලො හොමි, යසො අබ්භුග්ගතො මමං.
|
116
“මම ස්වර්ණ වර්ණ වූයේ හැමතන්හිදී (දකින්නවුන්) කැමතිවන කෙනෙක් වීමි. මිතුරන් අතුරෙහි නිශ්චල වෙමි. මාගේ යසස ඉතා උස්ව පැන නැංගේය.
|
117
‘‘අසීතික්ඛත්තු
දිබ්බසුඛං අනුභවිං, අච්ඡරාහි පුරක්ඛතො.
|
117
“ශක්‍ර දේවේන්ද්රව අසූ වරක් දිව්‍ය රාජයය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ දිව සුව අනුභව කරමි.
|
118
‘‘පඤ්චසත්තතික්ඛත්තුඤ්ච
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
118
“මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය ගණන් වශයෙන් ගිණිය නොහැකිය. (අපමණය).
|
119
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, පුඤ්ඤකම්මසමාහිතො;
පුරෙ සාවත්ථියං ජාතො, මහාසාලෙ සුඅඩ්ඪකෙ.
|
119 |
120
‘‘නගරා නික්ඛමිත්වාන, දාරකෙහි පුරක්ඛතො;
හසඛිඩ්ඩසමඞ්ගීහං
(සාහං ඛිඩ්ඩසමඞ්ගී (ස්‍යා.)), සඞ්ඝාරාමං උපාගමිං.
|
120
“අන්තිම භවය පැමිණි කල්හි පුණ්‍ය කර්මය හා එක්වුයේ, සැවැත් නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ, සතුටෙන් හා කෙළි සෙල්ලමෙන් යුතුවූ මම සංඝාරාමයට එළඹීමි.
|
121
‘‘තත්ථද්දසාසිං
(තත්ථද්දසාහං (ක.)) සමණං, විප්පමුත්තං නිරූපධිං;
සො මෙ ධම්මමදෙසෙසි, සරණඤ්ච අදාසි මෙ.
|
121
“එහිදී කෙළෙසුන් කෙරෙන් මිදුනාවූ, උපධි රහිතවූ, භික්ෂුවක් දුටුවෙමි. හෙතෙම මට දහම් දෙසීය. (මට) සරණද දුන්නේය.
|
122
‘‘සොහං සුත්වාන සරණං, සරණං මෙ අනුස්සරිං;
එකාසනෙ නිසීදිත්වා, අරහත්තමපාපුණිං.
|
122
“ඒ මම සරණ අසා මාගේ සරණය සිහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
|
123
‘‘ජාතියා සත්තමෙ වස්සෙ, අරහත්තමපාපුණිං;
උපසම්පාදයි බුද්ධො, ගුණමඤ්ඤාය චක්ඛුමා.
|
123
“උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජාණන් වහන්සේ (මාගේ) ගුණ දැන උපසම්පදා කරවීය.
|
124
‘‘අපරිමෙය්යෙ
තතො මෙ සුකතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ.
|
124
“මම මින් අපරිමෙය්‍ය කල්පයකට පෙර සරණ ගතවීමි. ඉක්බිති මා විසින් මැනවින් කරණ ලද (ඒ මාගේ) කර්ම පලය මෙහිදී දැන්වීය.
|
125
‘‘සුගොපිතං මෙ සරණං, මානසං සුප්පණීහිතං;
අනුභොත්වා යසං සබ්බං, පත්තොම්හි අචලං පදං.
|
125
“මා විසින් සරණය මැනවින් රක්ණා ලදී. සිත මනාව පිහිටුවාගන්නා ලදී. සියලු යසස් අනුභවකොට නිශ්චලවූ නිර්වාණ පදයට පැමිණියේ වෙමි.
|
126
‘‘යෙසං සොතාවධානත්ථි, සුණොථ මම භාසතො;
අහං
(අත්ථං (ස්‍යා.)) වො කථයිස්සාමි, සාමං දිට්ඨං පදං මම.
|
126
“යමෙකුට ඇසීමෙහි එකඟකම ඇත්තේ නම්, කියන්නාවූ මාගේ වචනය අසව්. මා විසින් (භික්ෂුවගේ මාර්ග දේශකත්වයෙන්) තෙමේම දක්නා ලද ශාන්ත පදය මම තොපට කියන්නෙමි. (කෙසේද යත්?)
|
127
‘‘‘බුද්ධො
අමතා වාදිතා භෙරී, සොකසල්ලවිනොදනා.
|
127
“බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක. සර්වඥ ශාසනය පවතී. සෝ හුල් දුරු කරන්නාවූ අමා බෙරය වයන ලදී.
|
128
‘‘‘යථාසකෙන ථාමෙන, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ;
අධිකාරං කරෙය්යාථ, පස්සයිස්සථ නිබ්බුතිං.
|
128
“ස්වකීය ශක්ති පමණින් නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි කුසල් කරන්නහු නම් නිවණ පහස්නහුය. (ලබන්නාහුය.)
|
129
‘‘‘පග්ගය්හ තීණි සරණෙ, පඤ්චසීලානි ගොපිය;
බුද්ධෙ චිත්තං පසාදෙත්වා, දුක්ඛස්සන්තං කරිස්සථ.
|
129
“තිසරණ ගෙන, පන්සිල් රැක, බුදුන් වහන්සේ කෙරහි සිත පහදවා දුක් කෙළවර කරන්නහුය.
|
130
‘‘‘සම්මා ධම්මං භාවෙත්වාන
(මමොපමං කරිත්වාන (සී. ස්‍යා.)), සීලානි
අචිරං අරහත්තං වො, සබ්බෙපි පාපුණිස්සථ.
|
130
“මා උපමා කොටගෙන සිල් රැක තෙපි සියල්ලෝ නොබෝ කලකින්ම රහත් බවට පැමිණෙන්නාහුයයි කීය.
|
131
‘‘‘තෙවිජ්ජො ඉද්ධිපත්තොම්හි, චෙතොපරියකොවිදො;
සාවකො තෙ මහාවීර, සරණො
(චරණෙ (සී. ස්‍යා.)) වන්දති සත්ථුනො’.
|
131
“ත්‍රිවිද්‍යා ඇත්තේ, පරසිත් දන්නා නුවණෙහි දක්ෂවූයේ, ඎද්ධියට පත්වූයේද වෙමි. මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ (ඒ) ශ්‍රාවකතෙම ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳියි.
|
132
‘‘අපරිමෙය්යෙ
දුග්ගතිං නාභිජානාමි, සරණං ගමනෙ ඵලං.
|
132
“මම මින් අපරිමෙය්‍ය කල්පයෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියෙමි. දුගතියක් නොදනිමි. (මෙය) සරණාගමනයෙහි ඵලයයි.
|
133
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා තිසරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
133
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණාගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
4. පඤ්චසීලසමාදානියත්ථෙරඅපදානං | 4. පඤ්චසීල සමාදානීය ථේරාපදානය |
134
‘‘නගරෙ චන්දවතියා, භතකො ආසහං තදා;
පරකම්මායනෙ යුත්තො, පබ්බජ්ජං න ලභාමහං.
|
134
“එකල්හි මම චන්ද්රවතී නගරයෙහි බැලයෙක් (බැලයට මෙහෙකරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනාවූ පැවිද්ද නොලබමි.
|
135
‘‘මහන්ධකාරපිහිතා
කෙන නු ඛො උපායෙන, විසංයුත්තො භවෙ අහං.
|
135
“මහත්වූ මොහාන්ධකාරයෙන් වසන ලදී. (රාග, ද්වේෂ, මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන්වුයෙක් වන්නෙම්ද?
|
136
‘‘දෙය්යධම්මො ච මෙ නත්ථි, වරාකො භතකො අහං;
යංනූනාහං පඤ්චසීලං, රක්ඛෙය්‍යං පරිපූරයං.
|
136
“මා ළඟ දිය යුතු දෙයක් (දෙය්ය ධර්මයක්ද) නැත. මම දුක්ඛිතවූ බැලයෙක්මි. මම සම්පූර්ණවූ පඤ්චශීලය රකින්නෙම් නම් ඉතා යෙහෙකි.
|
137
‘‘අනොමදස්සිස්ස මුනිනො, නිසභො නාම සාවකො;
තමහං උපසඞ්කම්ම, පඤ්චසික්ඛාපදග්ගහිං.
|
137
“අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් විය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්ච ශික්ෂාපද (පන්සිල්) ගතිමි.
|
138
‘‘වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ;
තාවතා පඤ්චසීලානි, පරිපුණ්ණානි ගොපයිං.
|
138
“එකල්හි අවුරුදු ලක්ෂයක් ආයුෂ විද්‍යමානවේ. එපමණ කලක් සම්පූර්ණකොට පන්සිල් රැකීමි.
|
139
‘‘මච්චුකාලෙ ච සම්පත්තෙ, දෙවා අස්සාසයන්ති මං;
‘රථො සහස්සයුත්තො තෙ, මාරිසායං
(මාරිසස්ස (ක.)) උපට්ඨිතො’.
|
139
“මැරෙණ කල පැමිණි කල්හිද දෙවියෝ මා අස්වසත්. (කෙසේද යත්?) “නිදුකාණෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදු රථය එළඹ සිටියේය” කියායි.
|
140
‘‘වත්තන්තෙ චරිමෙ චිත්තෙ, මම සීලං අනුස්සරිං;
තෙන කම්මෙන සුකතෙන, තාවතිංසං අගච්ඡහං.
|
140
“අන්තිමක (චුති චිත්තය) පවත්නා කල්හි මාගේ (පඤ්ච) ශීලය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද (ඒ කුශල) කර්මය හේතුකොටගෙන මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.
|
141
‘‘තිංසක්ඛත්තුඤ්ච
දිබ්බසුඛං
(දිබ්බං සුඛං (සී.)) අනුභවිං, අච්ඡරාහි පුරක්ඛතො.
|
141
“ශක්‍ර දේවේන්ද්රව තිස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරනා ලදුව දිව සුව අනුභව කෙළෙමි.
|
142
‘‘පඤ්චසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
142
“මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැක.
|
143
‘‘දෙවලොකා චවිත්වාන, සුක්කමූලෙන චොදිතො;
පුරෙ වෙසාලියං ජාතො, මහාසාලෙ සුඅඩ්ඪකෙ.
|
143
“කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව, වේශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ,
|
144
‘‘වස්සූපනායිකෙ
මාතා ච මෙ පිතා චෙව, පඤ්චසික්ඛාපදග්ගහුං.
|
144
“බුදු සසුන බබලද්දී, වස් එළඹෙන කාලයෙහි මගේ මව් තොමෝද, පිය තෙමේද, පංච ශික්ෂා පද (පන්සිල්) ගත්තාහුය.
|
145
‘‘සහ
එකාසනෙ නිසීදිත්වා, අරහත්තමපාපුණිං.
|
145
“(එය) ඇසීම හා සමගම මගේ ශීලයද මම මෙනෙහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවටද පැමිණියෙමි.
|
146
‘‘ජාතියා පඤ්චවස්සෙන, අරහත්තමපාපුණිං;
උපසම්පාදයි බුද්ධො, ගුණමඤ්ඤාය චක්ඛුමා.
|
146
“උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම මාගේ ගුණ දැන (මා) උපසපන් කරවීය.
|
147
‘‘පරිපුණ්ණානි ගොපෙත්වා, පඤ්චසික්ඛාපදානහං;
අපරිමෙය්යෙ ඉතො කප්පෙ, විනිපාතං න ගච්ඡහං.
|
147
“මම සම්පූර්ණ සිල් රැක, මින් අපරිමෙය්‍ය කල්පයෙහි (සිට) දුගතියකට නොගියෙමි.
|
148
‘‘ස්වාහං
කප්පකොටිම්පි කිත්තෙන්තො, කිත්තයෙ එකදෙසකං.
|
148
“එම පන්සිල්වල අනුහසින් ඒ මම යසස් අනුභව කෙළෙමි. (එම යසස) කල්ප කෝටියක් මුළුල්ලෙහි කියන්නේ නමුදු ස්වල්පමාත්‍රයක්ම කියන්නේය.
|
149
‘‘පඤ්චසීලානි ගොපෙත්වා, තයො හෙතූ ලභාමහං;
දීඝායුකො මහාභොගො, තික්ඛපඤ්ඤො භවාමහං.
|
149
“මම පන්සිල් රැක අනුසස් තුනක් ලබමි. (කවර නම් අනුසස් තුනක්ද යත්) මම දීර්ඝායු ඇත්තේ වෙමි. මහත්වූ භෝග සම්පත් ඇත්තේ වෙමි. තීක්ෂණ ප්‍රඥා ඇත්තේද වෙමි.
|
150
‘‘සංකිත්තෙන්තො ච
(පකිත්තෙන්තොව (සී.), පකිත්තෙන්තෙ ච (ස්‍යා.)) සබ්බෙසං, අභිමත්තඤ්ච පොරිසං;
භවාභවෙ සංසරිත්වා, එතෙ ඨානෙ ලභාමහං.
|
150
“සියලු දෙනාහට (තමාගේ) අධික මාත්‍රවූ ශූර බව ප්‍රකාශ කරන්නාක් මෙන් කුදු මහත් භවයෙහි (සසරෙහි) හැසිරෙමියි මෙම තනතුර ලබමි.
|
151
‘‘අපරිමෙය්යසීලෙසු, වත්තන්තා ජිනසාවකා;
භවෙසු යදි රජ්ජෙය්යුං, විපාකො කීදිසො භවෙ.
|
151
“අප්‍රමාණවූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්ධ ශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම් විපාකය කෙබඳු වන්නේද,
|
152
‘‘සුචිණ්ණං මෙ පඤ්චසීලං, භතකෙන තපස්සිනා
(විපස්සිනා (සී.));
තෙන සීලෙනහං අජ්ජ, මොචයිං සබ්බබන්ධනා.
|
152
“විශේෂ දැකුම් ඇති බැලයෙකුවූ මා විසින් පන්සිල් මැනවින් රැස් කරණ ලදී. මම එම ශීලය කරණ කොට ගෙන අද සියළු භව බන්ධනයෙන් මිදුනෙමි.
|
153
‘‘අපරිමෙය්යෙ ඉතො කප්පෙ, පඤ්චසීලානි ගොපයිං;
දුග්ගතිං නාභිජානාමි, පඤ්චසීලානිදං ඵලං.
|
153
“මින් අපරිමෙය්‍ය කල්පයෙහි පන්සිල් රැක්කෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ පන්සිල් (රැකීමේ) විපාකයයි.
|
154
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
154
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචසීල සමාදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
5. අන්නසංසාවකත්ථෙරඅපදානං | 5. අත්තසංසාවක ථේරාපදානය |
155
‘‘සුවණ්ණවණ්ණං
කඤ්චනග්ඝියසංකාසං, බාත්තිංසවරලක්ඛණං.
|
155
“(අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ ස්වර්‍ණවර්‍ණවූ රන් තොරණක් මෙන් බබලන දෙතිස් මහ පුරිස් ලකුණු ඇති, ලොව බබුළුවන්නාවූ, අපමණ ගුණ ඇති, අනූපමවු (උපමා රහිත) දැමුනාවූ, දීප්තිය දරන්නාවූ, සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේ දැක උතුම්වූ ප්‍රීතියක් ලැබීමි.
|
156
‘‘සිද්ධත්ථං
අලත්ථං පරමං පීතිං, දිස්වා දන්තං ජුතින්ධරං.
|
156 |
157
‘‘සම්බුද්ධං අභිනාමෙත්වා, භොජයිං තං මහාමුනිං;
මහාකාරුණිකො ලොකෙ
(නාථො (සී.)), අනුමොදි මමං තදා.
|
157
“මම බුදුරජාණන් වහන්සේ වැඳ, ඒ මහා මුණීන් වහන්සේ වැළඳවීමි. එකල්හි මා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ මට අනුමෝදනා (ධර්මය දේශනා) කළ සේක.
|
158
‘‘තස්මිං
බුද්ධෙ චිත්තං පසාදෙත්වා, කප්පං සග්ගම්හි මොදහං.
|
158
“(සත්ත්වයාට) උතුම්වූ අස්වැසිලි කරණ ඒ මහා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්ගයෙහි සතුටුවීමි.
|
159
‘‘චතුන්නවුතිතො කප්පෙ, යං දානමදදිං තදා;
දුග්ගතිං නාභිජානාමි, භික්ඛාදානස්සිදං ඵලං.
|
159
“මින් සිව් අනූවන කල්පයෙහි එකල්හි යම් දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්ෂා දානයාගේ මේ විපාකයයි.
|
160
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා අන්නසංසාවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
160
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අත්තසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
6. ධූපදායකත්ථෙරඅපදානං | 6. ධූපදායක ථේරාපදානය |
161
‘‘සිද්ධත්ථස්ස
කුටිධූපං මයා දින්නං, විප්පසන්නෙන චෙතසා.
|
161
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේගේ (ගන්ධ කුටියට) පැහැදුණු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳකිළියට සුවඳ දුමක්) දෙන ලදී.
|
162
යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං;
සබ්බෙසම්පි පියො හොමි, ධූපදානස්සිදං ඵලං.
|
162
“යම් පින්කමක් කරණකොටගෙන දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් භවයක උපදිම් නම් සියළු දෙනාටම ප්‍රිය වෙමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.
|
163
‘‘චතුන්නවුතිතො කප්පෙ, යං ධූපමදදිං තදා
(යං ධූපනමදාසහං (ක.));
දුග්ගතිං නාභිජානාමි, ධූපදානස්සිදං ඵලං.
|
163
“මින් සිව් අනුවන කපෙහිවූ එකල්හි යම් සුවඳ (දුම් දනක් දුනිම්ද) (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.
|
164
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ධූපදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
164
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
7. පුලිනපූජකත්ථෙරඅපදානං | 7. පුලින පූජක ථේරාපදානය |
165
‘‘විපස්සිස්ස
පුරාණපුලිනං හිත්වා
(ඡඩ්ඩෙත්වා (සී. ස්‍යා.)), සුද්ධපුලිනමාකිරිං.
|
165
“විපස්සි බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ බොධි දාම්මූලයෙහි පරණ වැලි අස්කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.
|
166
‘‘එකනවුතිතො
දුග්ගතිං නාභිජානාමි, පුලිනදානස්සිදං ඵලං.
|
166
“මින් එක් අනූවන කපෙහි මම යම් වැලි (විසිරවීමේ) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මෙය වාලුකා (වැලි) දානයාගේ විපාකයයි.
|
167
‘‘තිංසතිමෙ
මහාපුලිනනාමෙන, චක්කවත්තී මහබ්බලො.
|
167
“මින් තෙපණස්වන කපෙහි ජනයා අභිභවනය කරන්නාවූ මහත් බල ඇති “මහා පුලින” නම්වු සක්විති රජෙක් වීමි.
|
168
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පුලිනපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
168
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
8. උත්තියත්ථෙරඅපදානං | 8. උත්තරිය ථේරාපදානය |
169
‘‘චන්දභාගානදීතීරෙ, සුසුමාරො අහං තදා;
සගොචරප්පසුතොහං
(සභොජනපසුතාහං (ස්‍යා. ක.)), නදීතිත්ථං අගච්ඡහං.
|
169
“මම එකල්හි චන්ද්රභාගා නදී තීරයෙහි (සූ සූ හඬ නගමින් ජලයෙන් උඩට දිය බුබුළු මතු කරණ බැවින් නොහොත් කුඩා මත්ස්‍ය සමූහයා කඩ කඩ කොට මරා දමන බැවින්) සුංසුමාර නම්වූ චණ්ඩ මත්ස්‍යයෙක් (කිඹුලෙක්) වීමි. ගොදුරු සෙවීමෙහි නිරතවූ මම නදී තීර්ත්ථයකට පැමිණියෙමි.
|
170
‘‘සිද්ධත්ථො තම්හි සමයෙ, සයම්භූ අග්ගපුග්ගලො;
නදිං තරිතුකාමො සො, නදීතිත්ථං උපාගමි.
|
170
“එසමයෙහි තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජාණන් වහන්සේ ගඟ තරණය කරණු කැමැත්තෝ නදී තීර්ථයට පැමිණි සේක.
|
171
‘‘උපාගතෙ ච
(උපාගතම්හි (ස්‍යා. ක.)) සම්බුද්ධෙ, අහම්පි තත්ථුපාගමිං;
උපගන්ත්වාන සම්බුද්ධං, ඉමං වාචං උදීරයිං.
|
171
“බුදුරජාණන් වහන්සේ එළඹි කල්හි මමද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙම වචනය කීමි. කෙබඳු වචනයක්ද යත්?
|
172
‘‘‘අභිරූහ මහාවීර, තාරෙස්සාමි අහං තුවං;
පෙත්තිකං විසයං මය්හං, අනුකම්ප මහාමුනි’.
|
172
“මහා වීරයන් වහන්ස, නගිනු මැනව. මම ඔබ (ගඟින්) එතර කරවන්නෙමි. (මේ ජලය) මාගේ පරම්පරාවෙහිවූ ගෝචරයයි.”
|
173
‘‘මම උග්ගජ්ජනං සුත්වා, අභිරූහි මහාමුනි;
හට්ඨො හට්ඨෙන චිත්තෙන, තාරෙසිං ලොකනායකං.
|
173
“මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජාණන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුන සේක. සතුටු සිතින් පිනා ගියේ ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.
|
174
‘‘නදියා
අස්සාසෙසි මමං තත්ථ, අමතං පාපුණිස්සසි.
|
174
“ගඟ පරතෙරෙහිවූ සිද්ධාර්ථ බුදුරජතෙම එහිදී මා අස්වැසීය. (කෙසේද යත්?) නිවණට පැමිණෙන්නෙහිය. (කියායි).
|
175
‘‘තම්හා
දිබ්බසුඛං අනුභවිං, අච්ඡරාහි පුරක්ඛතො.
|
175
“මම එම කයින් චුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ දිවසුව අනුභව කෙළෙමි.
|
176
‘‘සත්තක්ඛත්තුඤ්ච
තීණික්ඛත්තුං චක්කවත්තී, මහියා ඉස්සරො අහුං.
|
176
“මම ශක්‍ර දේවේන්ද්රව සත්වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. තෙවරක් පෘථිවීශ්වරවූ සක්විති රජ වීමි.
|
177
‘‘විවෙකමනුයුත්තොහං
ධාරෙමි අන්තිමං දෙහං, සම්මාසම්බුද්ධසාසනෙ.
|
177
“මම විවේකයෙහි යෙදුනේ, ප්‍රඥා ඇත්තේ, මැනවින් සංවරණයවූ ඉඳුරන් ඇත්තේ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මේ අන්තිම ශරීරය දරමි.
|
178
‘‘චතුන්නවුතිතො කප්පෙ, තාරෙසිං යං නරාසභං;
දුග්ගතිං නාභිජානාමි, තරණාය ඉදං ඵලං.
|
178
“මින් සිව් අනූවන කපෙහි යම් බුදුවරයෙක් (ගඟින්) එතර කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (එම) එතර කිරීමෙහි මේ විපාකයයි.
|
179
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා උත්තියො
(උත්තිරියො (සී.)) ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
179
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
9. එකඤ්ජලිකත්ථෙරඅපදානං | 9. එකඤ්ජලික ථේරාපදානය |
180
‘‘සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ගච්ඡන්තං අන්තරාපණෙ;
විපස්සිං සත්ථවාහග්ගං, නරවරං විනායකං.
|
180
“(අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ (සසර කතරින් සත්ත්වයා එතෙර කරණ බැවින්) ශ්‍රේෂඨ සාර්ත්ථ වාහකයෙකුවූ, මනුෂ්‍ය වීරයෙකුවූ (සත්ත්වයා නිවන් පුරයට පමුණුවන බැවින්) විනායකවූ නොදැමුණු අය දමනය කරන්නාවූ, තාදී ගුණ ඇති, මහා වාදීවූ, මහා ප්‍රාඥවූ, ස්වර්‍ණවර්‍ණවූ විපස්සි බුදුරජාණන් වහන්සේ දැක මම පැහැදුණේ, සොම්නස් සිත් ඇත්තේ දෑත් එක්කොට ඇඳිලි කෙළෙමි.
|
181
‘‘අදන්තදමනං
දිස්වා පසන්නො සුමනො, එකඤ්ජලිමකාසහං.
|
181 |
182
‘‘එකනවුතිතො කප්පෙ, යමඤ්ජලිං කරිං
(යං අඤ්ජලිමකරිං (ස්‍යා.), අඤ්ජලිමකරිං (ක.)) තදා;
දුග්ගතිං නාභිජානාමි, අඤ්ජලිස්ස ඉදං ඵලං.
|
182
“මින් එක් අනූවන කපෙහිවූ එකල්හි (විපස්සී බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම්ද (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. අඤ්ජලී කර්මයාගේ මේ විපාකයයි.
|
183
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකඤ්ජලිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
183
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
10. ඛොමදායකත්ථෙරඅපදානං | 10. ඛොමදායක ථේරාපදානය |
184
‘‘නගරෙ
තෙනෙව දාරං පොසෙමි, රොපෙමි බීජසම්පදං.
|
184
“එකල්හි මම බන්ධුමතී නගරයෙහි වෙළෙන්දෙක් වීමි. එම වණික් කර්මයෙන්ම භාර්‍ය්‍යාව පෝෂණය කරමි. (දාන, ශීලාදී පුණ්‍ය) බීජ සම්පත්ද රෝපණය කරමි.
|
185
‘‘රථියං පටිපන්නස්ස, විපස්සිස්ස මහෙසිනො;
එකං ඛොමං මයා දින්නං, කුසලත්ථාය සත්ථුනො.
|
185
“වීථියට පිළිපන් ශාස්තෘවූ විපස්සී බුදුරජාණන් වහන්සේට පින් පිණිස කොමු පිලියක් මා විසින් දෙන ලදී.
|
186
‘‘එකනවුතිතො
දුග්ගතිං නාභිජානාමි, ඛොමදානස්සිදං ඵලං.
|
186
“මින් එක් අනූවන කපෙහිවූ එකල්හි (මම) යම් කොමු පිළි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කොමු පිළි දානයාගේ මේ විපාකයයි.
|
187
‘‘සත්තරසෙ
(සත්තවීසෙ (සී. ස්‍යා.)) ඉතො කප්පෙ, එකො සින්ධවසන්ධනො;
සත්තරතනසම්පන්නො, චතුදීපම්හි ඉස්සරො.
|
187
“මින් සත් විසිවන කපෙහි සිව් මහ දිවයිනෙහි අධිපතිවූ සප්තරත්නයන්ගෙන් යුක්තවූ “සින්‍ධවසන්‍දන” නම් සක්විති රජකේ වීමි.
|
188
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ඛොමදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
188
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|