2. සීහාසනියවග්ගො | 2. සිහාසන දායක වග්ග |
1. සීහාසනදායකත්ථෙරඅපදානං | 1. සීහාසනදායකත්ථෙරඅපදානං |
1
‘‘නිබ්බුතෙ
විත්ථාරිකෙ පාවචනෙ, බාහුජඤ්ඤම්හි සාසනෙ.
|
1
“ලොකනාථවූ සිද්ධාර්ථ බුදුරදුන් පිරිනිවි කල්හි ත්‍රිපිටක ධර්මය පැතිරගිය කල්හි බොහෝ ජනයා විසින් දන්නාලද සසුනෙහි,
|
2
‘‘පසන්නචිත්තො සුමනො, සීහාසනමකාසහං;
සීහාසනං කරිත්වාන, පාදපීඨමකාසහං.
|
2
“මම පහන් සිතින් සතුටුවූයේ සිහසුනක් කෙළෙමි. (එසේම) මම එම සිත පැහැදවීම කරණකොට ගෙන තුසිත භවනයෙහි උපනිමි.
|
3
‘‘සීහාසනෙ ච වස්සන්තෙ, ඝරං තත්ථ අකාසහං;
තෙන චිත්තප්පසාදෙන, තුසිතං උපපජ්ජහං.
|
3
“මම සිංහාසනය තෙමෙන කල්හි එහි ගෘහයක්ද කෙළෙමි. (එසේම) මම සිත පැහැදවීම කරණකොටගෙන තුසිත භවනයෙහි උපනිමි.
|
4
‘‘ආයාමෙන
විමානං සුකතං මය්හං, විත්ථාරෙන චතුද්දස.
|
4
“එකෙණෙහි දිගින් සූවිසි යොදුන්වූ පුළුලින් තුදුස් යොදුන්වූ මැනවින් කරණ ලද විමානයක් පහළ විය.
|
5
‘‘සතං
(සත්ත (ස්‍යා.)) කඤ්ඤාසහස්සානි, පරිවාරෙන්ති මං සදා;
සොණ්ණමයඤ්ච පල්ලඞ්කං, බ්යම්හෙ ආසි සුනිම්මිතං.
|
5
“දිව්‍යකන්‍යාවන් ලක්ෂයක් හැමකල්හි මා පිරිවරත්. විමානයෙහි මැනවින් නිර්මිත කළ ස්වර්ණමය පර්යංකයක් විය.
|
6
‘‘හත්ථියානං අස්සයානං, දිබ්බයානං උපට්ඨිතං;
පාසාදා සිවිකා චෙව, නිබ්බත්තන්ති යදිච්ඡකං.
|
6
“හස්ති වාහනද, අශ්ව වාහනද, දිව්යවාහනද එළඹ සිටියේය. කැමතිපරිදි ප්‍රාසාදයෝද සිවිකාවෝද (දෝලා) පහළ වෙත්.
|
7
‘‘මණිමයා ච පල්ලඞ්කා, අඤ්ඤෙ සාරමයා බහූ;
නිබ්බත්තන්ති මමං සබ්බෙ, සීහාසනස්සිදං ඵලං.
|
7
“මිණිමුවා පර්යංකයෝද, අනිකුත් රම්‍යවූ බොහෝ පර්යංකයෝද යන සියල්ල මට පහළවෙත්. සිංහාසන දානයාගේ මේ විපාකයයි.
|
8
‘‘සොණ්ණමයා රූපිමයා, ඵලිකාවෙළුරියාමයා;
පාදුකා අභිරූහාමි, පාදපීඨස්සිදං ඵලං.
|
8
“රුවන් මුවාවූද, රිදීමුවාවූද, පළිඟුවූවාවූද, වීදුරු මුවාවූද, පාදුකා (පාවහන්) නගිමි. (පළඳිමි) පාදපීඨ (පා පුටු) දානයාගේ මේ විපාකයි.
|
9
‘‘චතුන්නවුතිතො
(චතුනවුතෙ ඉතො (සී. ස්‍යා.)) කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, පුඤ්ඤකම්මස්සිදං ඵලං.
|
9
“එකල්හි (එනම්) මෙයින් සිව් අනූවන කපෙහි යම් කර්මය කෙළෙම්ද (ඒ කර්ම බලයෙන්) අගතියක් නොදනිමි. මේ පුණ්යකර්මයාගේ විපාකයයි.
|
10
‘‘තෙසත්තතිම්හිතො කප්පෙ, ඉන්දනාමා තයො ජනා;
ද්වෙසත්තතිම්හිතො කප්පෙ, තයො සුමනනාමකා.
|
10
“මින් (පෙර) තෙ සැත්තෑවෙනි කපෙහි ඒ ඉන්දු නම් වූ (සක්විති රජවූ) තිදෙනෙක්වූහ. (එසේම) මින් තෙසැත්තෑවෙනි කපෙහි සුමන නම් ඇත්තෝව තෙවරක්ද
|
11
‘‘සමසත්තතිතො කප්පෙ, තයො වරුණනාමකා;
සත්තරතනසම්පන්නා, චතුදීපම්හි ඉස්සරා.
|
11
“මින් සම සැත්තෑවන කපෙහි වරුණ නම් ඇත්තෝව තෙවරක්ද, සක්විති රජවූහ (ඔව්හු) සත්රුවනින් යුත් සතර මහ දිවයින්හි අධිපතියෝ වූහ.
|
12
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සීහාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
12 |
2. එකත්ථම්භිකත්ථෙරඅපදානං | 2. එකත්ථම්භක ථේරාපදානය |
13
‘‘සිද්ධත්ථස්ස
සරණං ගතා ච තෙ බුද්ධං, සද්දහන්ති තථාගතං.
|
13
“සිද්ධාර්ත්ථ භාග්‍යවතුන් වහන්සේගේ මහත්වූ උපාසක සමූහයා විය. ඔවුහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
|
14
‘‘සබ්බෙ සඞ්ගම්ම මන්තෙත්වා, මාළං කුබ්බන්ති සත්ථුනො;
එකත්ථම්භං අලභන්තා, විචිනන්ති බ්රහාවනෙ.
|
14
“(ඒ) සියල්ලෝ එකතුව මන්ත්‍රණයකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන ශාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නොලබන්නාහු මහ වෙනෙහි සොයත්.
|
15
‘‘තෙහං අරඤ්ඤෙ දිස්වාන, උපගම්ම ගණං තදා;
අඤ්ජලිං පග්ගහෙත්වාන, පරිපුච්ඡිං ගණං අහං.
|
15
“මම ඒ උවසු සමූහයා වනයෙහිදී දැක, (එම) සමූහයා වෙත එළඹ, ඇඳිලි බැඳගෙන, උවසු සමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
|
16
‘‘තෙ මෙ පුට්ඨා වියාකංසු, සීලවන්තො උපාසකා;
මාළං මයං කත්තුකාමා, එකත්ථම්භො න ලබ්භති.
|
16
“මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ. අපි උපස්ථාන ශාලාවක් කරනු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නොලබාය කියායි.
|
17
‘‘එකත්ථම්භං මමං දෙථ, අහං දස්සාමි සත්ථුනො;
ආහරිස්සාමහං ථම්භං, අප්පොස්සුක්කා භවන්තු තෙ
(භවන්තු වො (සී.), භවාථ වො (?)).
|
17
“එක් ටැඹ මම දෙමි. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙන එන්නෙමි. තෙපි (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා.
|
18
‘‘තෙ මෙ ථම්භං පවෙච්ඡිංසු, පසන්නා තුට්ඨමානසා;
තතො පටිනිවත්තිත්වා, අගමංසු සකං ඝරං.
|
18
“පැහැදුනාවූ, සතුටු සිත් ඇති, ඔවුහු මට ටැඹ පැවරූහ. එම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහයනට පැමිණියාහුය.
|
19
‘‘අචිරං ගතෙ පූගගණෙ, ථම්භං අහාසහං තදා;
හට්ඨො හට්ඨෙන චිත්තෙන, පඨමං උස්සපෙසහං.
|
19
“(උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින්, මම ටැඹක් දුනිමි. එකල්හි සතුටුවූ මම සතුටු සිතින් (එය) පළමුකොටම එසවීමි.
|
20
‘‘තෙන චිත්තප්පසාදෙන, විමානං උපපජ්ජහං;
උබ්බිද්ධං භවනං මය්හං, සත්තභූමං
(සතභූමං (සී. ක.)) සමුග්ගතං.
|
20
“එය චිත්තප්‍රසාදය හේතුකොටගෙන පැන නැගුනාවූ, උස්වූ, මහල් සියයක් ඇති, මාගේ විමානයට, මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
|
21
‘‘වජ්ජමානාසු භෙරීසු, පරිචාරෙමහං සදා;
පඤ්චපඤ්ඤාසකප්පම්හි, රාජා ආසිං යසොධරො.
|
21
“එකල්හි බෙර වයද්දී මම (දෙව් පිරිස) පිරිවරමි. (ඉන්) පස් පණස්වන කපෙහි යසෝධර නම් රජෙක් වීමි.
|
22
‘‘තත්ථාපි
කූටාගාරවරූපෙතං, එකත්ථම්භං මනොරමං.
|
22
“එහිද, මට මහල් සියයක් ඇති, උඩට නැගුණු උතුම් කුළු ගෙවලින් යුත්, එක් ටැම් ඇති, මනහරවූ භවනයක් විය.
|
23
‘‘එකවීසතිකප්පම්හි, උදෙනො නාම ඛත්තියො;
තත්රාපි භවනං මය්හං, සත්තභූමං සමුග්ගතං.
|
23
“එක් විසිවන කල්පයෙහි උදෙන නම් ක්ෂත්රියයෙක් විය. එහිදී මට සියයක් මහල් ඇති, උස්ව පැන නැංගාවූ, භවනයක් විය.
|
24
‘‘යං
අනුභොමි සුඛං සබ්බං
(සබ්බමෙතං (ස්‍යා.)), එකත්ථම්භස්සිදං ඵලං.
|
24
“යම් යම් දිව්‍ය හෝ, මනුෂ්‍යවූ හෝ යෝනියක උපදිම්ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකයයි.
|
25
‘‘චතුන්නවුතිතො
දුග්ගතිං නාභිජානාමි, එකත්ථම්භස්සිදං ඵලං.
|
25
“මින් අනූවන කපෙහි එකල යම් ටැඹෙක් දුනිම්ද, (එහෙයින්) දුගතියක් නොදනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකයයි.
|
26
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකත්ථම්භිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
26
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකත්ථම්භක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
3. නන්දත්ථෙරඅපදානං | 3. නන්ද ථේරාපදානය |
27
‘‘පදුමුත්තරස්ස භගවතො, ලොකජෙට්ඨස්ස තාදිනො;
වත්ථං ඛොමං මයා දින්නං, සයම්භුස්ස මහෙසිනො.
|
27
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, සියල්ල තෙමේම අවබෝධ කර ගත්තාවූ, මහර්ෂිවූ, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු වස්ත්‍රයක් පුදන ලදී.
|
28
‘‘තං මෙ බුද්ධො වියාකාසි, ජලජුත්තරනාමකො;
‘ඉමිනා වත්ථදානෙන, හෙමවණ්ණො භවිස්සසි.
|
28
“ඒ (වස්ත්‍ර දායකවූ) මට පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක. “ඔබ මේ වස්ත්‍ර දානය කරණකොටගෙන ස්වර්ණ වර්ණ වන්නෙහිය.
|
29
‘‘‘ද්වෙ
ගොතමස්ස භගවතො, කනිට්ඨො ත්වං භවිස්සසි.
|
29
“(දිව්‍ය මනුෂ්‍ය නම්වූ) ද්විවිධ සම්පත් අනුභවකොට කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ, ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බාල සොහොයුරු වන්නේය.
|
30
‘‘‘රාගරත්තො සුඛසීලො, කාමෙසු ගෙධමායුතො;
බුද්ධෙන චොදිතො සන්තො, තදා
(තතො (ස්‍යා.)) ත්වං පබ්බජිස්සසි.
|
30
“ක්ලේශ කාමයෙන් ඇළුනේ (කාය-චිත්ත සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තේ) වස්තු කාමයෙහි ගිජුවීමෙහි යෙදුනේ, බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙයන ලදුයේ, ශාන්තවූයේ, ඔබ එකල්හි පැවිදි වන්නෙහිය.
|
31
‘‘‘පබ්බජිත්වාන ත්වං තත්ථ, කුසලමූලෙන චොදිතො;
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සසිනාසවො’.
|
31
“ඔබ එහි පැවිදිව, කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවෙන් දැන, හැර දැමූ ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නෙහිය” (කියායි.)
|
32
‘‘සත්ත
සට්ඨි කප්පසහස්සම්හි, උපචෙලා චතුජ්ජනා.
|
32
“(මින්) කල්ප ලක්ෂයකට පෙර එක් දහස් සත්වන කපෙහි වෙල නම්වු සක්විති රජවරු සිව් දෙනෙක් වූහ. එක් දහස් සැට වන කල්පයෙහි (සිව් ජාතියක) උපවෙල නම් වූ සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.
|
33
‘‘පඤ්ච කප්පසහස්සම්හි, චෙළාව චතුරො ජනා;
සත්තරතනසම්පන්නා, චතුදීපම්හි ඉස්සරා.
|
33
“එක් දහස් පස්වන කපෙහි වෙල නම්න්ම (සක්විති) රජවරු සිව් දෙනෙක් වූහ. (ඔවුහු) සත් රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපතියෝ වූහ.
|
34
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා නන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
34
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නන්ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
4. චූළපන්ථකත්ථෙරඅපදානං | 4. චුල්ල පන්ථක ථේරාපදානය |
35
‘‘පදුමුත්තරො
ගණම්හා වූපකට්ඨො සො, හිමවන්තෙ වසී තදා.
|
35
“එකල්හි පූජාවන් පිළිගන්නාවූ හෙවත් පූජාවනට ගෙයක් බඳුවූ ඒ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගණ(සමූහ)යා කෙරෙන් වෙන්වූයේ හිමවතෙහි විසූ සේක.
|
36
‘‘අහම්පි
අචිරාගතං මහාවීරං, උපෙසිං ලොකනායකං.
|
36
“එකල්හි මම හිමවගෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති, ලෝක නායකවූ, මහා වීරයන් (බුදුරජාණන්) වහන්සේ වෙත එළඹියෙමි.
|
37
‘‘පුප්ඵච්ඡත්තං ගහෙත්වාන, උපගච්ඡිං නරාසභං;
සමාධිං සමාපජ්ජන්තං, අන්තරායමකාසහං.
|
37
“මල් කූඩයක් ගෙන නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමාධියට සමවන් උන්වහන්සේගේ සමාධියට අනතුරක් නොකෙළෙමි.
|
38
‘‘උභො හත්ථෙහි පග්ගය්හ, පුප්ඵච්ඡත්තං අදාසහං;
පටිග්ගහෙසි භගවා, පදුමුත්තරො මහාමුනි.
|
38
“මම දෑතින් ගෙන මල් සැත දුනිමි. උන්වහන්සේ එය පිළිගත් සේක.
|
39
‘‘සබ්බෙ දෙවා අත්තමනා, හිමවන්තං උපෙන්ති තෙ;
සාධුකාරං පවත්තෙසුං, අනුමොදිස්සති චක්ඛුමා.
|
39
“සතුටුවූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්. පසැස් ඇති බුදුරජතෙම අනුමෝදනා කරන්නේයයි සාධුකාර පැවැත්වූහ.
|
40
‘‘ඉදං වත්වාන තෙ දෙවා, උපගච්ඡුං නරුත්තමං;
ආකාසෙ ධාරයන්තස්ස
(ධාරයන්තං මෙ (ක), ධාරයතො මෙ (?)), පදුමච්ඡත්තමුත්තමං.
|
40
“ඒ දෙවිවරු මෙය කියා අහසෙහි දරන්නාවූ උතුම්වූ සියුම් සැක ඇති නරශ්‍රේෂ්ඨයන් (බුදුන්) වහන්සේ වෙත එළඹියාහුය.
|
41
‘‘සතපත්තඡත්තං පග්ගය්හ, අදාසි තාපසො මම;
‘තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
41
“(මේ තවුස් තෙමේ) සියුම් සැතක් ගෙන මට දුන්නේය. ඔහු පිළිබඳව මම (කරුණු) ප්‍රකාශ කරමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
|
42
‘‘‘පඤ්චවීසතිකප්පානි, දෙවරජ්ජං කරිස්සති;
චතුත්තිංසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති.
|
42
“(මෙතෙම) පස් විසි වසරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූතිස් වරක් සක්විති රජද වන්නේය.
|
43
‘‘‘යං
අබ්භොකාසෙ පතිට්ඨන්තං, පදුමං ධාරයිස්සති’.
|
43
“(මෙතෙම) දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක සැරිසරාද, අභ්යවකාහයෙහි (එලිමහනෙහි) හුන්නේ පියුමක් (කුඩයක් මෙන්) දරන්නේය.
|
44
‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන
(නාමෙන (සී. ක.)), සත්ථා ලොකෙ භවිස්සති.
|
44
“කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් වූ, ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
|
45
‘‘‘පකාසිතෙ පාවචනෙ, මනුස්සත්තං ලභිස්සති;
මනොමයම්හි කායම්හි, උත්තමො සො භවිස්සති.
|
45
“(උන් වහන්සේ) පිටකත්‍රය ධර්මය දෙසූ කල්හි හෙතෙම මිනිසත් බව ලබන්නේය. මනොමයවූ ශරීර නිර්මාණයෙහි අග්‍රද වන්නේය.
|
46
‘‘‘ද්වෙ
අනුභොත්වා උත්තමත්ථං, ජොතයිස්සන්ති සාසනං’.
|
46
“සොහොයුරන් දෙදෙනෙක් වන්නාහුය. දෙදෙනම පන්ථක නම් වන්නාහුය. උත්තමාර්ත්‍ථයවූ නිවණ ප්‍රතිවේධ කොට සසුන බබුළුවන්නාහුය.
|
47
‘‘සොහං
විසෙසාහං න වින්දාමි, සක්යපුත්තස්ස සාසනෙ.
|
47
“ඒ මම අටළොස් වියැත්තේ, අනගාර්‍ය්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි. මම ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි විශේෂයක් (ධර්මාවබෝධය) නොවිඳිමි.
|
48
‘‘දන්ධා මය්හං ගතී ආසි, පරිභූතො පුරෙ අහුං
(අහං (ස්‍යා.));
භාතා ච මං පණාමෙසි, ගච්ඡ දානි සකං ඝරං.
|
48
“මාගේ ගතිය (ස්වභාවය) අන්ධ (මෝඩ) විය. පෙර දුකින් මඩනා ලද්දේ විය. දැන් ස්වකීය ගෘහයට යවයි කියා මාගේ සොහොයුරාද මා පන්නා දැමීය.
|
49
‘‘සොහං පණාමිතො සන්තො, සඞ්ඝාරාමස්ස කොට්ඨකෙ;
දුම්මනො තත්ථ අට්ඨාසිං, සාමඤ්ඤස්මිං අපෙක්ඛවා.
|
49
“පන්නා හරින ලද ඒ මම සඟරම දොරටුවෙහි (නැවතී) දොම්නස්වූයේ, පැවිදි බැව්හි බලාපොරොත්තු සහිතවූයේ, එහි සිටියෙමි.
|
50
‘‘භගවා
බාහාය මං ගහෙත්වාන, සඞ්ඝාරාමං පවෙසයි.
|
50
“ඉක්බිති ශාස්තෘතෙම එහි පැමිණියේය. මාගේ හිස පිරිමැද්දේය. මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු කරවිය.
|
51
‘‘අනුකම්පාය මෙ සත්ථා, අදාසි පාදපුඤ්ඡනිං;
එවං සුද්ධං අධිට්ඨෙහි, එකමන්තමධිට්ඨහං.
|
51
“මෙසේ පිරිසිදු (මෙය ගැන) එකත්පසෙක හිඳ මනාකොට ඉටුවයි (සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘතෙම රෙදි කඩක් දුන්නේය.
|
52
‘‘හත්ථෙහි තමහං ගය්හ, සරිං කොකනදං අහං;
තත්ථ චිත්තං විමුච්චි මෙ, අරහත්තං අපාපුණිං.
|
52
“මම එය ගෙන පියුම සිහි කෙළෙමි. එහි (පියුමෙහි) මාගේ සිත (නැවතී රහත් බැවින්) මිදුනේය. රහත්බවට පැමිණියෙමි.
|
53
‘‘මනොමයෙසු කායෙසු, සබ්බත්ථ පාරමිං ගතො;
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
|
53
“සියලු තන්හි මනොමය ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකළේ, ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි.
|
54
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා චූළපන්ථකො
(චුල්ලපන්ථකො (සී. ස්‍යා.)) ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
54
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චුල්ල පන්ථක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
5. පිලින්දවච්ඡත්ථෙරඅපදානං | 5. පිළින්දවච්ඡ ථේරාපදානය |
55
‘‘නිබ්බුතෙ
පසන්නචිත්තො සුමනො, ථූපපූජං අකාසහං.
|
55
“ලෝකනාථවූ, අග්‍ර පුද්ගලවූ, සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති, සොම්නස්වූ මම ස්ථූප පූජාවක් කෙළෙමි.
|
56
‘‘යෙ ච ඛීණාසවා තත්ථ, ඡළභිඤ්ඤා මහිද්ධිකා;
තෙහං තත්ථ සමානෙත්වා, සඞ්ඝභත්තං අකාසහං.
|
56
යම් ෂඩභිඥාවූ, මහා ඎද්ධි ඇති, ක්ෂීණාශ්රව කෙනෙක් එහි (වූවාහුද) මම උන්වහන්සේලා එහි රැස්කරවා සංඝදානයක් කෙළෙමි. (දුනිමි.)
|
57
‘‘සුමෙධස්ස භගවතො, උපට්ඨාකො තදා අහු;
සුමෙධො නාම නාමෙන, අනුමොදිත්ථ සො තදා.
|
57
“එකල්හි සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් විය. නම්න් සුමේධ නම්වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේය.
|
58
‘‘තෙන චිත්තප්පසාදෙන, විමානං උපපජ්ජහං;
ඡළාසීතිසහස්සානි, අච්ඡරායො රමිංසු මෙ.
|
58
“එම (ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ) චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසුහය දහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.
|
59
‘‘මමෙව
අඤ්ඤෙ දෙවෙ අභිභොමි, පුඤ්ඤකම්මස්සිදං ඵලං.
|
59
“එම අපසරාවෝ සියලු කාමයන් කරණකොටගෙන මා අනුවම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවීමි. මේ (ස්ථූප පූජා) පුණ්යකර්මයාගේ විපාකයයි.
|
60
‘‘පඤ්චවීසතිකප්පම්හි, වරුණො නාම ඛත්තියො;
විසුද්ධභොජනො
(සුසුද්ධභොජනො (සී.)) ආසිං, චක්කවත්තී අහං තදා.
|
60
“මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති වරුණ නම් සක්විති රජෙක් වීමි.
|
61
‘‘න තෙ බීජං පවපන්ති, නපි නීයන්ති නඞ්ගලා;
අකට්ඨපාකිමං සාලිං, පරිභුඤ්ජන්ති මානුසා.
|
61
“ඒ මනුෂ්‍යයෝ බිජුවට නොවපුරත්. නගුල් (සී සෑම් වශයෙන්) නොපමුණුවත්. අරණ්‍යයෙහි අකෘෂ්ට භූමි භාගයන්හි තෙමේම හටගත් හැල් අනුභව කෙරෙත්.
|
62
‘‘තත්ථ
තදාපි එදිසා මය්හං, නිබ්බත්තා භොගසම්පදා.
|
62
“මම එහි රාජ්‍යයකොට, නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හිද මට මෙබඳුමවූ භෝග සම්පත්ති තොමෝ උපන්නීය.
|
63
‘‘න මං මිත්තා අමිත්තා වා, හිංසන්ති සබ්බපාණිනො;
සබ්බෙසම්පි පියො හොමි, පුඤ්ඤකම්මස්සිදං ඵලං.
|
63
“මිතුරුවූ හෝ, පසමිතුරුවූ හෝ, සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. සියලු දෙනාම ප්‍රිය වෙමි. මෙය (ස්ථූප පූජා) පුණ්‍ය කර්මයාගේ විපාකයයි.
|
64
‘‘තිංසකප්පසහස්සම්හි
දුග්ගතිං නාභිජානාමි, ගන්ධාලෙපස්සිදං ඵලං.
|
64
“මින් එක් දහස් තිස්වන කල්පයෙහිවූ එකල මම යම් දනක් දුනිම්ද, (ඉන්) දුගතියක් නොදනිමි. (ස්ථූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (සුවඳ ගැල්වීමෙහි) මේ ඵලයයි.
|
65
‘‘ඉමස්මිං භද්දකෙ කප්පෙ, එකො ආසිං ජනාධිපො;
මහානුභාවො රාජාහං
(රාජීසි (ස්‍යා. ක.)), චක්කවත්තී මහබ්බලො.
|
65
“මේ භද්‍ර කල්පයෙහි මම ජනාධිපතිවූ, මහානුභාව ඇති, මහත්බල ඇති, එක් සක්විති රජෙක් වීමි.
|
66
‘‘සොහං පඤ්චසු සීලෙසු, ඨපෙත්වා ජනතං බහුං;
පාපෙත්වා සුගතිංයෙව, දෙවතානං පියො අහුං.
|
66
“ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා, සුගතියටම පමුණුවා, දෙවියනට ප්රියවීමි.
|
67
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පිලින්දවච්ඡො
(පිලින්දිවච්ඡො (සී.)) ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
67
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
6. රාහුලත්ථෙරඅපදානං | 6. රාහුල ථේරාපදානය |
68
‘‘පදුමුත්තරස්ස භගවතො, ලොකජෙට්ඨස්ස තාදිනො;
සත්තභූමම්හි පාසාදෙ, ආදාසං සන්ථරිං අහං.
|
68
“මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්බුමු පහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
|
69
‘‘ඛීණාසවසහස්සෙහි, පරිකිණ්ණො මහාමුනි;
උපාගමි ගන්ධකුටිං, ද්විපදින්දො
(දිපදින්දො (සී. ස්‍යා.)) නරාසභො.
|
69
“දෙපා ඇතියනට අග්‍රවූ, මහා මුනිවූ, ශ්‍රේෂඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලදුයේ, ගඳකිළියට එළඹි සේක.
|
70
‘‘විරොචෙන්තො
(විරොචයං (ස්‍යා.)) ගන්ධකුටිං, දෙවදෙවො නරාසභො;
භික්ඛුසඞ්ඝෙ ඨිතො සත්ථා, ඉමා ගාථා අභාසථ.
|
70
“දෙවියන්ට දෙවිවූ, නර ශ්‍රේෂඨවූ, ශාස්තෘතෙම ගඳකිළිය බබුළුවන්නේ, බික් සඟන මැද සිටියේ, මෙම ගාථාවන් වදාළ සේක.
|
71
‘‘‘යෙනායං
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
71
“යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලදද, කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනවින් අතුරණ ලදද, මම හේ (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.
|
72
‘‘‘සොණ්ණමයා රූපිමයා, අථො වෙළුරියාමයා;
නිබ්බත්තිස්සන්ති පාසාදා, යෙ කෙචි මනසො පියා.
|
72
“ස්වර්ණමයවූද, රජතමයවූද, යලි වෙරළුමිණිමුවාවූද, යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම් (ඒවා) පහළ වන්නාහුය.
|
73
‘‘‘චතුසට්ඨික්ඛත්තුං
සහස්සක්ඛත්තුං චක්කවත්තී, භවිස්සති අනන්තරා.
|
73
“සූසැට වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය. අනතුරුව දහස් වරක් සක්විති රජ වන්නේය.
|
74
‘‘‘එකවීසතිකප්පම්හි, විමලො නාම ඛත්තියො;
චාතුරන්තො විජිතාවී, චක්කවත්තී භවිස්සති.
|
74
“එක්විසිවන කපෙහි සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූයේ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, විමල නම් සක්විති රජෙක් වන්නේය.
|
75
‘‘‘නගරං රෙණුවතී නාම, ඉට්ඨකාහි සුමාපිතං;
ආයාමතො තීණි සතං, චතුරස්සසමායුතං.
|
75
“ගඩොලුවලින් නිර්මිත කරණ ලද නගරය රේනුවතී නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස් හැඩයෙන් යුක්ත වෙයි.
|
76
‘‘‘සුදස්සනො නාම පාසාදො, විස්සකම්මෙන මාපිතො
(විසුකම්මෙන§මාපිතො (ක.), විස්සකම්මෙන නිම්මිතො (සී.));
කූටාගාරවරූපෙතො, සත්තරතනභූසිතො.
|
76
“(එහි) උතුම්වූ කුලුගෙවලින් යුත්, සත්රුවනින් අලංකාර කරණ ලද, විශ්වකර්මයා විසින් නිර්මිත කරණ ලද, සුදර්ශන නම් ප්‍රාසාදයක් විය.
|
77
‘‘‘දසසද්දාවිවිත්තං
සුදස්සනංව නගරං, දෙවතානං භවිස්සති.
|
77
“(එය) දශවිධ ශබ්දයෙන් වෙන්නොවූ, විද්‍යාධරයන්ගෙන් ගැවසීගත්, දෙවියන්ගේ සුදර්ශන නගරය මෙන් වන්නේය.
|
78
‘‘‘පභා නිග්ගච්ඡතෙ තස්ස, උග්ගච්ඡන්තෙව සූරියෙ;
විරොචෙස්සති තං නිච්චං, සමන්තා අට්ඨයොජනං.
|
78
“එම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුවම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේය.
|
79
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
79
“කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
|
80
‘‘‘තුසිතා සො චවිත්වාන, සුක්කමූලෙන චොදිතො;
ගොතමස්ස භගවතො, අත්රජො සො භවිස්සති.
|
80
“හෙතෙම කුශල මූලයන් මෙහෙයන ලදුයේ, තුෂිත පුරයෙන් චුතව, ගෞතමයන් වහන්සේගේ ඒ ඖරස පුත්‍රයා වන්නේය.
|
81
‘‘‘සචෙ
අට්ඨානමෙතං යං තාදී, අගාරෙ රතිමජ්ඣගා.
|
81
“හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේයි. තාදී ගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණෙයි යන මේ කරුණ සිදුනොවන්නකි. (හෙවත් සිදුවීමට කරුණ නැත්තකි.)
|
82
‘‘‘නික්ඛමිත්වා අගාරම්හා, පබ්බජිස්සති සුබ්බතො;
රාහුලො නාම නාමෙන, අරහා සො භවිස්සති’.
|
82
“සුශික්‍ෂිතවූ (හෙතෙම) ගිහිගෙන් නික්ම නම්න් ඒ රාහුල නම්වූ රහත් තෙම වන්නේයයි වදාළ සේක.
|
83
‘‘කිකීව අණ්ඩං රක්ඛෙය්ය, චාමරී විය වාලධිං;
නිපකො සීලසම්පන්නො, මමං රක්ඛි මහාමුනි
(එවං රක්ඛිං මහාමුනි (සී. ක.), මමං දක්ඛි මහාමුනි (ස්‍යා.)).
|
83
“මහාමුනිවූ ගෞතම බුදුරජාණන් වහන්ස, කිරල් ධෙනුව බිජුවට රකින්නාක් මෙන්ද, සෙමරමුවා වලිගය රකින්නාක් මෙන්ද, සීලය රකින්නේය. ශීලයෙන් යුක්තවු මම (මැනවින් ශීලය) ආරක්ෂා කෙළෙමි.
|
84
‘‘තස්සාහං ධම්මමඤ්ඤාය, විහාසිං සාසනෙ රතො;
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
|
84
“මම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන, සසුනෙහි ඇළුනේ වෙසෙමි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, හැරදමා, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
85
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා රාහුලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
85
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
7. උපසෙනවඞ්ගන්තපුත්තත්ථෙරඅපදානං | 7. උපසෙන ථේරාපදානය |
86
‘‘පදුමුත්තරං
පබ්භාරම්හි නිසීදන්තං, උපගච්ඡිං නරුත්තමං.
|
86
“පර්වත පබ්හාරයක වැඩ හුන්නාවූ, මනුෂ්‍යොත්තමවූ, ලොක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, (මම) ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත එළඹීමි.
|
87
‘‘කණිකාරපුප්ඵං
අලඞ්කරිත්වා ඡත්තම්හි, බුද්ධස්ස අභිරොපයිං.
|
87
“එකල්හි මම මැවින් පිපුණු කිණිහිරි මලක් දැක, නටුවෙන් කඩාගෙන, ඒ මලින් ඡත්රය අලංකාරකොට, බුදුරජාණන් වහන්සේට ඒ ඡත්රය නැගීමි.
|
88
‘‘පිණ්ඩපාතඤ්ච
බුද්ධෙන නවමෙ තත්ථ, සමණෙ අට්ඨ භොජයිං.
|
88
“සුන්දර භෝජන නම්වූ, උතුම් ආහාරයවූ, පිණ්ඩපාතයද දුනිමි. එහි බුදුරජාණන් වහන්සේ නවවෙනිකොට ඇති ශ්රමණයන් අටනමක් වැළඳවීමි.
|
89
‘‘අනුමොදි මහාවීරො, සයම්භූ අග්ගපුග්ගලො;
ඉමිනා ඡත්තදානෙන, පරමන්නපවෙච්ඡනා.
|
89
“සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ, මහාවීරවූ (පදුමුත්තර) බුදුරජතෙම අනුමෝදනාව කෙළේය. මෙම ඡත්‍ර දානයද, උතුම් ආහාර දානයද, හේතුකොටගෙන (ඇතිවූ) එම චිත්ත ප්‍රසාදයෙන් සම්පත් අනුභව කරන්නේය. සතිස් වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.
|
90
‘‘තෙන චිත්තප්පසාදෙන, සම්පත්තිමනුභොස්සසි;
ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
|
90 |
91
‘‘එකවීසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
91
“එක් විසි වරක් සක්විති රජ වන්නේය. මහත්වූ ප්‍රදේශ රාජ්‍යය කරණ (වාර ගණන) සංඛ්‍යා පථාතික්රාන්තයි.
|
92
‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති
(යං වදන්ති සුමෙධොති, භූරිපඤ්ඤං සුමෙධසං; කප්පෙතො සතසහස්සෙ, එස බුද්ධො භවිස්සති; (ක.)).
|
92
“මින් කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ, ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
|
93
‘‘සාසනෙ දිබ්බමානම්හි, මනුස්සත්තං ගමිස්සති;
තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො.
|
93
“(උන්වහන්සේගේ) සසුන බබලවන කල්හි මිනිසත් බවට පැමිණෙන්නේය. උන්වහන්සේගේ ධර්මයෙහි දායාදවූයේ, ඖරස බුද්ධපුත්රවූයේ, ධර්මයෙන්ම නිර්මිත කළාක් වැනිවූ, නම්න් උපසේන නම්වූ, බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේයයි වදාළ සේක.
|
94
‘‘උපසෙනොති නාමෙන, හෙස්සති සත්ථු සාවකො;
(ඉදං පාදද්වයං ථෙරගාථාඅට්ඨකථායමෙව දිස්සති) සමන්තපාසාදිකත්තා, අග්ගට්ඨානෙ ඨපෙස්සති.
|
94 |
95
‘‘චරිමං වත්තතෙ මය්හං, භවා සබ්බෙ සමූහතා;
ධාරෙමි අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහනං
(සවාහිනිං (?)).
|
95
“(මෙය) මාගේ අන්තිම ආත්මය වන්නේය. සියළු භවයෝ සමූහනනය කරණ ලදහ. සේනා සහිතවූ මාරයා ජයගෙන අන්තිම ශරීරය දරමි.
|
96
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
96
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
8. රට්ඨපාලත්ථෙරඅපදානං | 8. රට්ඨපාල ථේරාපදානය |
97
‘‘පදුමුත්තරස්ස
වරනාගො මයා දින්නො, ඊසාදන්තො උරූළ්හවා.
|
97
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (නගුළිස් පමණවූ) විශාල දළ ඇති, රාජාරහ (රජුට සුදුසුවූ) ඇත් කඳෙහි ඔසවන ලද ශ්වෙතච්ඡත්‍ර යෙන් ශෝභමානවූ, හස්ත්‍යාලංකාර සහිතවූ, ඇත්ගොව්වෙකු සහිතවූ, උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී.
|
98
‘‘සෙතච්ඡත්තො පසොභිතො, සකප්පනො සහත්ථිපො;
අග්ඝාපෙත්වාන තං සබ්බං, සඞ්ඝාරාමං අකාරයිං.
|
98 |
99
‘‘චතුපඤ්ඤාසසහස්සානි, පාසාදෙ කාරයිං අහං;
මහොඝදානං
(මහාභත්තං (සී.), මහොඝඤ්ච (ක.), මහාදානං (?)) කරිත්වාන, නිය්යාදෙසිං මහෙසිනො.
|
99
“මම සූපණස් දහසක් ප්‍රාසාදයන්ද, කරවීමි. මහ දනක් (පිළියෙලකොට) මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.
|
100
‘‘අනුමොදි මහාවීරො, සයම්භූ අග්ගපුග්ගලො;
සබ්බෙ ජනෙ හාසයන්තො, දෙසෙසි අමතං පදං.
|
100
“මහාවීරවූ, සියල්ල තෙමේම දැන වදාළාවූ, අග්‍ර පුද්ගලවූ, බුදුරජාණන් වහන්සේ සියලු ජනයන් සතුටු කරවමින් අමෘතපදය (නිර්වාණ ධර්මය) දෙසු සේක.
|
101
‘‘තං මෙ බුද්ධො වියාකාසි, ජලජුත්තරනාමකො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
101
“පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් දේශනා කළ සේක.
|
102
‘‘‘චතුපඤ්ඤාසසහස්සානි, පාසාදෙ කාරයී අයං;
කථයිස්සාමි විපාකං, සුණොථ මම භාසතො.
|
102
“මෙතෙම සිව් පණස් දහසක් ප්රාසාදයන් කරවීය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
|
103
‘‘‘අට්ඨාරසසහස්සානි, කූටාගාරා භවිස්සරෙ;
බ්යම්හුත්තමම්හි නිබ්බත්තා, සබ්බසොණ්ණමයා ච තෙ.
|
103
“අටළොස් දහසක් කූටාගාරයෝ වන්නාහුය. උතුම් විමණෙහි පහළවූ ඒ (කූටාගාරයෝ) ස්වර්‍ණමයහ.
|
104
‘‘‘පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති;
අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති.
|
104
“ශක්‍ර දේවේන්ද්රව පණස්වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. අට පණස් වරක් සක්විති රජ වන්නේය.
|
105
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
105
“මින් කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
|
106
‘‘‘දෙවලොකා
අඩ්ඪෙ කුලෙ මහාභොගෙ, නිබ්බත්තිස්සති තාවදෙ.
|
106
“කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව, එකෙණෙහි ආඪ්‍යවූ, මහත් භෝග ඇති කුලයක උපදින්නේය.
|
107
‘‘‘සො පච්ඡා පබ්බජිත්වාන, සුක්කමූලෙන චොදිතො;
රට්ඨපාලොති නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
|
107
“කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ, හෙතෙම පසුව පැවිදිව නම්න් රට්ඨපාලයයි ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
|
108
‘‘‘පධානපහිතත්තො
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො’.
|
108
“වීර්‍ය්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ, උපශාන්තවූ, උපධි රහිතවූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේයයි වදාළ සේක.
|
109
‘‘උට්ඨාය අභිනික්ඛම්ම, ජහිතා භොගසම්පදා;
ඛෙළපිණ්ඩෙව භොගම්හි, පෙමං මය්හං න විජ්ජති.
|
109
“උත්ථාන වීර්‍ය්‍යයෙන් නැගිට අභිනිෂ්ක්‍රමණයකොට, කෙළ පිඩු මෙන් භෝග සම්පත් තොමෝ හරනා ලද්දී මාගේ (ඒ) භෝග සම්පත්තියෙහි ඇලීමක් නැත.
|
110
‘‘වීරියං
ධාරෙමි අන්තිමං දෙහං, සම්මාසම්බුද්ධසාසනෙ.
|
110
“යෝගක්ෂෙම නම් නිවණට පමුණුවන ධුර වාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යයයි. (මම මේ) සර්වඥ සාසනයෙහි අන්තිම ශරීරය දරමි.
|
111
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා රට්ඨපාලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
111
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
9. සොපාකත්ථෙරඅපදානං | 9. සොපාක ථේරාපදානය |
112
‘‘පබ්භාරං සොධයන්තස්ස
(සෙවයන්තස්ස (සී. ක.)), විපිනෙ පබ්බතුත්තමෙ;
සිද්ධත්ථො නාම භගවා, ආගච්ඡි මම සන්තිකං.
|
112
“වනයෙහි උතුම් පර්වතයෙක්හි (වූ) පර්වත ගුහාවක් පිරිසිදු කරන්නාවූ මා වෙත සිද්ධාර්ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.
|
113
‘‘බුද්ධං
සන්ථරං සන්ථරිත්වාන
(පඤ්ඤපෙත්වාන (ස්‍යා. අට්ඨ)), පුප්ඵාසනමදාසහං.
|
113
“මම එළඹ සිටියාවූ බුදුරජාණන් වහන්සේ දැක, තාදී ගුණ ඇති, ලෝකජ්‍යෙෂ්ඨවූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (මලසුනක්) දුනිමි.
|
114
‘‘පුප්ඵාසනෙ නිසීදිත්වා, සිද්ධත්ථො ලොකනායකො;
මමඤ්ච ගතිමඤ්ඤාය, අනිච්චතමුදාහරි.
|
114
“සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පුෂපාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්ති ස්ථානයද දැන අනිත්‍යභාවය වදාළ සේක.
|
115
‘‘‘අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො;
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො’.
|
115
“ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැතිවෙත්. ඔවුන්ගේ සන්සිඳිම සැපයයි.
|
116
‘‘ඉදං වත්වාන සබ්බඤ්ඤූ, ලොකජෙට්ඨො නරාසභො;
නභං අබ්භුග්ගමි වීරො, හංසරාජාව අම්බරෙ.
|
116
“ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, ප්‍රාඥවූ සර්වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගේය.
|
117
‘‘සකං දිට්ඨිං ජහිත්වාන, භාවයානිච්චසඤ්ඤහං;
එකාහං භාවයිත්වාන, තත්ථ කාලං කතො අහං.
|
117
“මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍ය සංඥාව වැඩීම එක් දිනක් භාවනාකොට මම එහි කළුරිය කෙළෙමි.
|
118
‘‘ද්වෙ සම්පත්තී අනුභොත්වා, සුක්කමූලෙන චොදිතො;
පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, සපාකයොනුපාගමිං.
|
118
“කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්‍ය - මනුෂ්‍ය සංඛ්‍යාත) විවිධ සම්පත් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි (ස්වකීය බත අනුන් අනුභව නොකරණ බැවින් සපාක නම්වූ) සැඩොල් කුලයට උත්පත්ති වශයෙන් එළඹුනිමි.
|
119
‘‘අගාරා අභිනික්ඛම්ම, පබ්බජිං අනගාරියං;
ජාතියා සත්තවස්සොහං, අරහත්තමපාපුණිං.
|
119
“අගාර නම් ගිහිගෙන් නික්ම අනගාර්ය නම් සාසනයෙහි පැවිදිවීමි. උත්පත්තියෙන් සත් වස්වූ මම රහත් බවට පැමිණියෙමි.
|
120
‘‘ආරද්ධවීරියො
තොසෙත්වාන මහානාගං, අලත්ථං උපසම්පදං.
|
120
“අරඹූ වීර්‍ය්‍ය ඇති (නිවණ කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තේ, ශීලයන්හි මැනවින් හික්මුනේ, බුදුරජාණන් වහන්සේ සතුටුකොට උපසම්පදාව ලැබීමි.
|
121
‘‘චතුන්නවුතිතො
දුග්ගතිං නාභිජානාමි, පුප්ඵදානස්සිදං ඵලං.
|
121
“මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් කර්මයක් කෙළෙම්ද, (ඉන්) දුගතියක් නොදනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකයයි.
|
122
‘‘චතුන්නවුතිතො කප්පෙ, යං සඤ්ඤං භාවයිං තදා;
තං සඤ්ඤං භාවයන්තස්ස, පත්තො මෙ ආසවක්ඛයො.
|
122
“මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩූයෙම් නම් එම සංඥාව වඩන්නාවු මාගේ ආශ්‍රව ක්ෂයවිය.
|
123
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සොපාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
123
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
10. සුමඞ්ගලත්ථෙරඅපදානං | 10. සුමඞ්ගල ථේරාපදානය |
124
‘‘ආහුතිං යිට්ඨුකාමොහං, පටියාදෙත්වාන භොජනං;
බ්රාහ්මණෙ පටිමානෙන්තො, විසාලෙ මාළකෙ ඨිතො.
|
124
“යාගයක් කරණු කැමති (දානයක් දෙනු කැමති) මම බොජුන් පිළිලෙ කරවා (ප්‍රතිග්‍රාහකවූ ශුද්ධ පැවිදි) බමුණෙක් සොයමින් විශාල මාලයක සිටියෙමි.
|
125
‘‘අථද්දසාසිං සම්බුද්ධං, පියදස්සිං මහායසං;
සබ්බලොකවිනෙතාරං, සයම්භුං අග්ගපුග්ගලං.
|
125 |
126
‘‘භගවන්තං ජුතිමන්තං, සාවකෙහි පුරක්ඛතං;
ආදිච්චමිව රොචන්තං, රථියං පටිපන්නකං.
|
126
“ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නාවූ, තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්‍රපුද්ගලවූ, භාග්යවත්වු, ප්‍රතිභා සම්පන්නවූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සුර්ය්යයා මෙන් බබළන ලද, වීථියට පිළිපන් පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
|
127
‘‘අඤ්ජලිං පග්ගහෙත්වාන, සකං චිත්තං පසාදයිං;
මනසාව නිමන්තෙසිං, ‘ආගච්ඡතු මහාමුනි’.
|
127
“ඇඳිලි බැඳ, ස්වකීය චිත්තය පැහැදවීම නිසා මහා මුනිවූ බුදුරජාණන් වහන්සේ (මාගේ නිවසට) වඩින සේක්වායි සිතින් ආරාධනා කෙළෙමි.
|
128
‘‘මම සඞ්කප්පමඤ්ඤාය, සත්ථා ලොකෙ අනුත්තරො;
ඛීණාසවසහස්සෙහි, මම ද්වාරං උපාගමි.
|
128
“ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස් දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට පැමිණි සේක.
|
129
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
පාසාදං අභිරූහිත්වා, සීහාසනෙ නිසීදතං
(නිසීද ත්වං (සී.)).
|
129
“පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී, සිහසුනෙහි වැඩ හිඳින සේක්වා.
|
130
‘‘දන්තො
පාසාදං අභිරූහිත්වා, නිසීදි පවරාසනෙ.
|
130
“දමිතවූයේ දමිතවූ පිරිවර (සසරින්) එතෙර කරවුයේ, එතෙර කරන්නවුන් අතුරෙන් උතුම්වූ බුදුරජාණෝ පහයට නැගී, උතුම් අසුනෙහි වැඩහුන් සේක.
|
131
‘‘යං මෙ අත්ථි සකෙ ගෙහෙ, ආමිසං පච්චුපට්ඨිතං;
තාහං බුද්ධස්ස පාදාසිං, පසන්නො සෙහි පාණිභි.
|
131
“ස්වකීය ගෘහයෙහි මට සම්පාදනය කරණ ලද යම් ආහාරයක් වීද, පහන් සිත් ඇති මම සියතින්ම බුදුරජාණන් වහන්සේට එම ආහාර (දානය) දුනිමි.
|
132
‘‘පසන්නචිත්තො
බුද්ධසෙට්ඨං නමස්සාමි, අහො බුද්ධස්සුළාරතා.
|
132
“පහන් සිත් ඇත්තේ, සතුටුවූයේ, හටගත් සොම්නස් ඇත්තේ, කරණ ලද ඇඳිලි ඇත්තේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චර්ය්යයි.
|
133
‘‘අට්ඨන්නං
තුය්හෙවෙසො ආනුභාවො, සරණං තං උපෙමහං.
|
133
“(එහි) වළඳන්නාවූ පයිරුපාසනය කරණ අෂ්ට ආර්‍ය්‍ය පුද්ගලයන් අතුරෙන් රහත්හුම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේම ආනුභාවයයි. මම (ඔබ වහන්සේ) සරණකොට යමි.
|
134
‘‘පියදස්සී ච භගවා, ලොකජෙට්ඨො නරාසභො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
134
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
|
135
‘‘‘යො සො සඞ්ඝං අභොජෙසි, උජුභූතං සමාහිතං;
තථාගතඤ්ච සම්බුද්ධං, සුණාථ මම භාසතො.
|
135
“ඎජු ප්‍රතිපන්න, තාදී ගුණ යත්, සන්සුන් සංඝයාද, තථාගතවූ බුදුරජාණන් වහන්සේද, ඒ යමෙක් වැළඳවීද, (ඔහු පිළිබඳව) කියන්නාවූ මාගේ වචනය අසව්.
|
136
‘‘‘සත්තවීසතික්ඛත්තුං සො, දෙවරජ්ජං කරිස්සති;
සකකම්මාභිරද්ධො සො, දෙවලොකෙ රමිස්සති.
|
136
“හෙතෙම සත් විසි වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේයි. පටන්ගත් ස්වකීය කටයුතු ඇති හෙතෙම දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වෙසෙයි.
|
137
‘‘‘දස අට්ඨ චක්ඛත්තුං
(දසඤ්චට්ඨක්ඛත්ථුං (සී.), දස චට්ඨක්ඛත්තුං (ස්‍යා.)) සො, චක්කවත්තී භවිස්සති;
පථබ්‍යා රජ්ජං පඤ්චසතං, වසුධං ආවසිස්සති’.
|
137
“හෙතෙම අටළොස් වරක් සක්විති රජ වන්නේය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙන පොළවෙහි වාසය කරන්නේය.
|
138
‘‘අරඤ්ඤවනමොග්ගය්හ, කානනං බ්යග්ඝසෙවිතං;
පධානං පදහිත්වාන, කිලෙසා ඣාපිතා මයා.
|
138
“ව්‍යාඝ්‍රයන් විසින් සෙව්නා ලද, මහා වනයට පිවිස, වීර්‍ය්‍යකොට මා විසින් කෙළෙස් දවන ලදී.
|
139
‘‘අට්ඨාරසෙ කප්පසතෙ, යං දානමදදිං තදා;
දුග්ගතිං නාභිජානාමි, භත්තදානස්සිදං ඵලං.
|
139
“එක්සිය අටළොස්වන කපෙහි (වූ) එකල්හි යම් ආහාර දානයක් දුනිම්ද (එබැවින්) අගතියක් නොදනිමි. ආහාර දානයාගේ මේ විපාකයයි.
|
140
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා සුමඞ්ගලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
140
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|