ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
ථෙරාපදානපාළි ථේරාපදානය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වග්ගය
1. බුද්ධඅපදානං 1. බුද්ධාපදානය
2. පච්චෙකබුද්ධඅපදානං 2. පච්චෙක බුද්ධාපදානය
3-1. සාරිපුත්තත්ථෙරඅපදානං 3-1. සාරීපුත්‍රථේරාපදානය
3-2. මහාමොග්ගල්ලානත්ථෙරඅපදානං 3-2. මහා මොග්ගල්ලාන ථේරාපදානය
3-3. මහාකස්සපත්ථෙරඅපදානං 3-3. මහාකාශ්‍යප ථේරාපදානය
3-4. අනුරුද්ධත්ථෙරඅපදානං 3-4. අනුරුද්ධ ථේරාපදානය
3-5. පුණ්ණමන්තාණිපුත්තත්ථෙරඅපදානං 3-5. පුණ්ණ ථේරාපදානය
3-6. උපාලිත්ථෙරඅපදානං 3-6. උපාළි ස්ථවිරාපදානය
441
‘‘නගරෙ හංසවතියා, සුජාතො නාම බ්‍රාහ්මණො;
අසීතිකොටිනිචයො, පහූතධනධඤ්ඤවා.
441
“හංසවතී නගරයෙහි රැස්කොට තැබූ අසූකෙළක් ධනය ඇති, සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති, වේද හදාරවන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහිද පරතෙරට ගියාවූ සුජාත නම් බමුණෙක් විය.
442
‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
ලක්ඛණෙ ඉතිහාසෙ ච, සධම්මෙ පාරමිං ගතො.
442
443
‘‘පරිබ්බාජා එකසිඛා (එකභික්ඛා (ක.)), ගොතමා
බුද්ධසාවකා (සබ්බත්ථපි එවමෙව දිස්සති).
චරකා තාපසා චෙව, චරන්ති මහියා තදා.
443
“එකසිඛ (හිසැ එක් සිළුවක් ඇති) පරිබ්‍රාජකයෝද, (මතු ලොව පහළවන) ගෞතම බුදුරජාණන් වහන්සේගේ (අනාගත) ශ්‍රාවකයෝද, (තැනින් තැන හැසිරෙන්නාවූ) චරක තවුසෝද, එකල්හි පොළොවෙහි හැසිරෙත්.
444
‘‘තෙපි මං පරිවාරෙන්ති, බ්‍රාහ්මණො විස්සුතො ඉති;
බහුජ්ජනො මං පූජෙති, නාහං පූජෙමි කිඤ්චනං.
444
“ඔවුහුද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකුයි කියා මා පිරිවරත්. බොහෝ දෙනා මා අදහත්. මම කිසිවෙකුට නොපුදමි.
445
‘‘පූජාරහං න පස්සාමි, මානත්ථද්ධො අහං තදා;
බුද්ධොති වචනං නත්ථි, තාව නුප්පජ්ජතෙ ජිනො.
445
“යම්තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නොවන සේක්ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තදවූයේ පිදිය යුත්තෙක් නොදකිමි.
446
‘‘අච්චයෙන අහොරත්තං, පදුමුත්තරනාමකො (නායකො (සී. ස්‍යා.));
සබ්බං තමං විනොදෙත්වා, ලොකෙ උප්පජ්ජි චක්ඛුමා.
446
“රෑ දාවල් (බොහෝ අවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝක නායක බුදුරජ තෙම සායලු අඳුරු දුරුකොට ලොව පහළවිය.
447
‘‘විත්ථාරිකෙ බාහුජඤ්ඤෙ, පුථුභූතෙ ච සාසනෙ;
උපාගමි තදා බුද්ධො, නගරං හංසසව්හයං.
447
“පැතුරුණු බොහෝ දෙනා විසින් මැනවැයි සම්මතයෙන්වූ (බුදු) සසුනෙහි (ආදී කතෘවූ) බුදුරජ තෙම එකල්හි හංසවතී නගරයට එළඹි සේක.
448
‘‘පිතු අත්ථාය සො බුද්ධො, ධම්මං දෙසෙසි චක්ඛුමා;
තෙන කාලෙන පරිසා, සමන්තා යොජනං තදා.
448
“පසැස් ඇත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ටත් වැඩ පිණිස ධර්‍ම දේශනා කළ සේක. එකල්හි පිරිසද හාත්පස යොදුනක් (තන්හි පැතුරුණේ) විය.
449
‘‘සම්මතො මනුජානං සො, සුනන්දො නාම තාපසො;
යාවතා බුද්ධපරිසා, පුප්ඵෙහච්ඡාදයී තදා.
449
“මිනිසුන් අතර සුනන්‍ද නම්න් සම්මතවූයේ ඒ තවුස් තෙමේ එකල්හි යම්තාක් බුදු පිරිසද (ඒතාක් තැන) මල්වලින් වැසීය.
450
‘‘චතුසච්චං පකාසෙන්තෙ, සෙට්ඨෙ ච (හෙට්ඨා ච (ක.)) පුප්ඵමණ්ඩපෙ;
කොටිසතසහස්සානං, ධම්මාභිසමයො අහු.
450
“පුෂ්ප මණ්ඩපයෙහි සිට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කරණ කල්හි කෙළ ලක්‍ෂයක් (ප්‍රාණීන්) ට ධර්‍මාභිසමය විය.
451
‘‘සත්තරත්තින්දිවං බුද්ධො, වස්සෙත්වා ධම්මවුට්ඨියො;
අට්ඨමෙ දිවසෙ පත්තෙ, සුනන්දං කිත්තයී ජිනො.
451
“බුදු රජ තෙම දිව රෑ සතක් (සතිසක්) උතුම් දහම් වැසි වස්වා අටවෙනි දිනය පැමිණි කල්හි බුදු රජ තෙම සුනන්‍දට මෙසේ පැවසූ සේක.
452
‘‘දෙවලොකෙ මනුස්සෙ වා, සංසරන්තො අයං භවෙ;
සබ්බෙසං පවරො හුත්වා, භවෙසු සංසරිස්සති.
452
“මෙතෙම සසරෙහි දෙව්ලොවෙහිද මනුෂ්‍යයන් අතරෙහිද සැරිසරන්නේ භවයන්හිදී සියල්ලන්ට උතුම්ව සැරිසරයි.
453
‘‘කප්පසතසහස්සම්හි , ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
453
“කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි ජනිතවන ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාක්‍යයන් වහන්සේ ලොව පහළවන සේක.
454
‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
මන්තාණිපුත්තො පුණ්ණොති, හෙස්සති සත්ථු සාවකො.
454
“ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාද (ධර්‍මයට කොටස් කරුවෙක්) වූ ඖරස පුත්‍රවූ (දහම් අසා සෝවාන් ආදී මාර්‍ග ඵල පිළිවෙළින් රහත්වූයේ බුදු රජුන්ගේ ඖරස පුත්‍රයායි.) ධර්‍මයෙන්ම මවාලුවාක් වැනිවූ පුණ්ණමත්තානිපුත්ත නම් ශ්‍රාවකයෙක් වන්නේය.
455
‘‘එවං කිත්තයි සම්බුද්ධො, සුනන්දං තාපසං තදා;
හාසයන්තො ජනං සබ්බං, දස්සයන්තො සකං බලං.
455
“එකල්හි සම්බුදු රජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලයද දක්වමින් සුනන්‍ද තවුසාට මෙසේ පැවසූ සේක.
456
‘‘කතඤ්ජලී නමස්සන්ති, සුනන්දං තාපසං ජනා;
බුද්ධෙ කාරං කරිත්වාන, සොධෙසි ගතිමත්තනො.
456
“ජනයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුණ්‍ය කර්‍ම කොට තමාගේ ගතිය පිරිසිදු කෙළේයයි සුනන්‍ද තවුසාට කරණ ලද ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
457
‘‘තත්ථ මෙ අහු සඞ්කප්පො, සුත්වාන මුනිනො වචං;
අහම්පි කාරං කස්සාමි, යථා පස්සාමි ගොතමං.
457
“බුදුරජාණන් වහන්සේගේ වචනය අසා එහි මාගේද අදහස විය. ගෞතම බුදුරජාණන් වහන්සේ යම් පින්කමක් කිරීමෙන් දැකිය හැකි වෙම් නම් මමද (එබඳු) පින්කමක් කරන්නෙමි.
458
‘‘එවාහං චින්තයිත්වාන, කිරියං චින්තයිං මම;
ක්‍යාහං කම්මං ආචරාමි, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
458
“මම මෙසේ සිතා මාගේ (ඒ සඳහා) කටයුතු (පින්කම්) ගැනද සිතීමි. නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි (රත්නත්‍රයෙහි) මම කවර පින්කමක හැසිරෙම්ද?
459
‘‘අයඤ්ච පාඨිකො භික්ඛු, සබ්බපාඨිස්ස සාසනෙ;
විනයෙ අග්ගනික්ඛිත්තො, තං ඨානං පත්ථයෙ අහං.
459
“(සරභඤ්ඤ වශයෙන් ග්‍රන්ථයන් කියවන හෙයින්) පාඨික නම්වූ මේ භික්‍ෂු තෙම බුද්ධ ශාසනයෙහි සියලු මධුර ස්වර පාඨකයන් අතුරෙහිද විනයෙහිද අග්‍රස්ථානය තබන ලදී. මම ඒ තනතුර පතමි.
460
‘‘ඉදං මෙ අමිතං භොගං, අක්ඛොභං සාගරූපමං;
තෙන භොගෙන බුද්ධස්ස, ආරාමං මාපයෙ අහං.
460
“මෙය මාගේ සයුර මෙන් නොකැළඹෙන අප්‍රමාණවූ භෝගයයි. මම ඒ ධනයෙන් බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරවන්නෙමි.
461
‘‘සොභනං නාම ආරාමං, නගරස්ස පුරත්ථතො;
කිණිත්වා (කීත්වා (සී.), කිත්වා (ක.)) සතසහස්සෙන, සඞ්ඝාරාමං අමාපයිං.
461
“නගරයාගේ නැගෙනහිර දිගෙහි සෝභන නම්වූ අරමකි. (එය) ලක්‍ෂයක් මිළට ගෙණ සංඝාරාමයක් කරවීමි.
462
‘‘කූටාගාරෙ ච පාසාදෙ, මණ්ඩපෙ හම්මියෙ ගුහා;
චඞ්කමෙ සුකතෙ කත්වා, සඞ්ඝාරාමං අමාපයිං.
462
“කුළු ගෙවල්ද, ප්‍රාසාදයන්ද, මණ්ඩපයන්ද, සඳළු පන්නා කළ ගෙවල්ද, දොර නොලූ ගුහාවන්ද, සක්මන් මළුද මැනවින් කොට සංඝාරාමයක් කරවීමි.
463
‘‘ජන්තාඝරං අග්ගිසාලං, අථො උදකමාළකං;
න්හානඝරං මාපයිත්වා, භික්ඛුසඞ්ඝස්සදාසහං.
463
“ඩහගන්වන ගෙයද, ගිනිහලද, යලි පැන්හළද, නහන ගෙයද කොට මම සංඝයාට දුනිමි.
464
‘‘ආසන්දියො පීඨකෙ ච, පරිභොගෙ ච භාජනෙ;
ආරාමිකඤ්ච භෙසජ්ජං, සබ්බමෙතං අදාසහං.
464
“දික්හඟලා පුටුද, (කුඩා) පුටුද, පරිභෝග භාජනද, ආරාමිකයන්ට දෙන බෙහෙත්ද යන මේ සියල්ල මම දුනිමි.
465
‘‘ආරක්ඛං පට්ඨපෙත්වාන, පාකාරං කාරයිං දළ්හං;
මා නං කොචි විහෙඨෙසි, සන්තචිත්තාන තාදිනං.
465
“සන්සුන් සිත් ඇති තාදී ගුණ ඇත්තාවුන්ගේ ඒ ගුණයනට කිසිවෙක් පීඩා නොකෙරේවායි ආරක්‍ෂා තබවා දැඩිකොට පවුරක් කරවීමි.
466
‘‘සතසහස්සෙනාවාසං (ආවාසං සතසහස්සෙන (සී.), ආවාසෙ සතසහස්සෙ (ස්‍යා.)), සඞ්ඝාරාමෙ අමාපයිං;
වෙපුල්ලං තං මාපයිත්වා (වෙපුල්ලතං පාපයිත්වා (සී.)), සම්බුද්ධං උපනාමයිං.
466
“ලක්‍ෂයන් ධන වියදමින් සංඝාරාමයෙහි ආවාසයක් කරවීමි. එය උසස් බවට පමුණුවා බුදුරජාණන් වහන්සේට පිරිනැමීමි.
467
‘‘නිට්ඨාපිතො මයාරාමො, සම්පටිච්ඡ තුවං මුනි;
නිය්‍යාදෙස්සාමි තං වීර (තෙ වීර (සී.), තං ධීර (ස්‍යා.)), අධිවාසෙහි චක්ඛුම.
467
“මා විසින් ආරාමය කොට නිමවන ලදී. තථාගතයාණන් වහන්ස, ඔබ වන්සේ මෙය පිළිගත මැනවි. වීරයාණන් වහන්ස, (මෙය) ඔබ වහන්සේට දෙන්නෙමි. පසැස් ඇත්තාණන් වහන්ස, (මෙය) පිළිගත මැනවි.
468
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මම සඞ්කප්පමඤ්ඤාය, අධිවාසෙසි නායකො.
468
“පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ, ලෝක නායකවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස දැන (එය) ඉවසූ සේක.
469
‘‘අධිවාසනමඤ්ඤාය, සබ්බඤ්ඤුස්ස මහෙසිනො;
භොජනං පටියාදෙත්වා, කාලමාරොචයිං අහං.
469
“මහර්ෂීවූ සර්‍වඥයන් වහන්සේ (ආරාධනය) ඉවසීම දැන මම භෝජනය පිළියෙළ කරවා (සුදුසු කාලයයි) කාලය ආරෝචනය කෙළෙමි.
470
‘‘ආරොචිතම්හි කාලම්හි, පදුමුත්තරනායකො;
ඛීණාසවසහස්සෙහි, ආරාමං මෙ උපාගමි.
470
“කාලය දැන්වූ කල්හි පදුමුත්තර ලෝක නායකයන් වහන්සේ රහතුන් වහන්සේ දහසක් විසින් පිරිවරණ ලදුයේ තමාගේ ආරාමයට වැඩි සේක.
471
‘‘නිසින්නං කාලමඤ්ඤාය, අන්නපානෙන තප්පයිං;
භුත්තාවිං කාලමඤ්ඤාය, ඉදං වචනමබ්‍රවිං.
471
“සුදුසු කාලය දැන වැඩ හුන්නාවූ උන්වහන්සේ ආහාරපානයෙන් තෘප්ත කෙළෙමි. සුදුසු කලැයි දැන වළදා අවසන්වූ උන්වහන්සේට මෙය වචනය කීමි.
472
‘‘කීතො සතසහස්සෙන, තත්තකෙනෙව කාරිතො;
සොභනො නාම ආරාමො, සම්පටිච්ඡ තුවං මුනි.
472
“ලක්‍ෂයක් මිල දී ගන්නා ලද, එපමණම මුදලකින් (සෙසු කටයුතු) කරවන ලද සෝභන නම්වූ ආරාමය බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ පිළිගන්නා සේක්වා.
473
‘‘ඉමිනාරාමදානෙන , චෙතනාපණිධීහි ච;
භවෙ නිබ්බත්තමානොහං, ලභාමි මම පත්ථිතං.
473
“මෙම ආරාම දානයෙන් (ඇතිකරගත්) චිත්ත ප්‍රණිධිය කරණකොටගෙන භවයෙහි උපදින්නාවූ මම මා විසින් පතන ලද්ද ලබම්වා.
474
‘‘පටිග්ගහෙත්වා සම්බුද්ධො, සඞ්ඝාරාමං සුමාපිතං;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉදං වචනමබ්‍රවි.
474
“බුදුරජතෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය පිළිගෙන බික් සඟන මැද හිඳ මේ වචනය වදාළ සේක.
475
‘‘යො සො බුද්ධස්ස පාදාසි, සඞ්ඝාරාමං සුමාපිතං;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
475
“ඒ යමෙක් තෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කෙළේද මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. එය කියන්නාවූ මාගේ වචනය අසව්.
476
‘‘හත්ථී අස්සා රථා පත්තී, සෙනා ච චතුරඞ්ගිනී;
පරිවාරෙස්සන්තිමං නිච්චං, සඞ්ඝාරාමස්සිදං ඵලං.
476
“ඇත් සේනාවද, අස් සේනාවද, රථ සේනාවද, පාබල සේනාවද (යන) මේ සිව්රඟ සෙනඟ නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. මෙය සංඝාරාම දානයෙහි විපාකයයි.
477
‘‘සට්ඨි තූරසහස්සානි (තුරියසහස්සානි (සී. ස්‍යා.)), භෙරියො සමලඞ්කතා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, සඞ්ඝාරාමස්සිදං ඵලං.
477
“සැට දහසක් තූර්‍ය්‍යද, මැනවින් අලංකාර කළ බෙරද, මා නිරතුරුවම පිරිවරන්නාහුය. මෙය සංඝාරාම දානයෙහි විපාකයයි.
478
‘‘ඡළසීතිසහස්සානි, නාරියො සමලඞ්කතා;
විචිත්තවත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා.
478
“මැනවින් අලංකාර කරණ ලද සයාසූ දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවැයි හැඳින්විය හැකි ශරීර අවයව ඇත්තාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම මොහු පිරිවරන්නාහුය.
479
‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, සඞ්ඝාරාමස්සිදං ඵලං.
479
480
‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
480
“කල්ප තිස් දහසක් මුලුල්ලෙහි දෙව් ලොව සිත් අලවා වසන්නේය. ශක්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.
481
‘‘දෙවරාජෙන පත්තබ්බං, සබ්බං පටිලභිස්සති;
අනූනභොගො හුත්වාන, දෙවරජ්ජං කරිස්සති.
481
“දිව්‍යරාජ (ශක්‍ර)යෙකු විසින් පැමිණිය (ලැබිය) යුතු සියල්ල ලබන්නේය. සම්පූර්‍ණ භෝග ඇත්තේම දිව්‍ය රාජ්‍යය කරන්නේය.
482
‘‘සහස්සක්ඛත්තුං චක්කවත්තී, රාජා රට්ඨෙ භවිස්සති;
පථබ්‍යා රජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
482
“දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය. මහත්වූ පෘථිවි රාජ්‍යය (ලබන වාර) ගණන් වශයෙන් ප්‍රමාණ කළ නොහැක්කේය.
483
‘‘කප්පසතසහස්සම්හි , ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
483
“කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ඔක්කාක කුල සම්භවවූ, ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන්නේය.
484
‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
උපාලි නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
484
“උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද (කොටස් කරුවෙක්) වූයේ ධර්‍මයෙන් නිමකළාක් වැනිවූ නම්න් උපාලි නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
485
‘‘විනයෙ පාරමිං පත්වා, ඨානාඨානෙ ච කොවිදො;
ජිනසාසනං ධාරෙන්තො, විහරිස්සතිනාසවො.
485
“විනයෙහි කෙළ පැමිණි කුදු මහත් කරුණෙහි දක්‍ෂවූයේ බුදුසසුන (ත්‍රිපිටක ධර්‍මය) දරන්නේ ආශ්‍රව රහිතව වාසය කරන්නේය.
486
‘‘සබ්බමෙතං අභිඤ්ඤාය, ගොතමො සක්‍යපුඞ්ගවො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, එතදග්ගෙ ඨපෙස්සති.
486
“ශාක්‍යකුල ශ්‍රේෂඨවූ ගෞතම බුදුරජතෙමේ මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මොහු අග්‍රස්ථානයෙහි තබන්නේය.
487
‘‘අපරිමෙය්‍යුපාදාය, පත්ථෙමි තව සාසනං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
487
“අපමණ කලක පටන් ඔබ වහන්සේගේ සසුන පතමි. සියලු සංයෝජනයන් ක්‍ෂය කළේ මා විසින් එම අර්ත්‍ථයට පැමිණෙන ලදී.
488
‘‘යථා සූලාවුතො පොසො, රාජදණ්ඩෙන තජ්ජිතො;
සූලෙ සාතං අවින්දන්තො, පරිමුත්තිංව ඉච්ඡති.
488
“යම්සේ රාජ දණ්ඩනයෙන් තැතිගත් පුරුෂතෙම හුලෙහි ඇමිනුනේ (එම) හුලෙහි සැපයක් නොවිඳුනේ (ඉන්) මිදීමම කැමති වෙයිද,
489
‘‘තථෙවාහං මහාවීර, භවදණ්ඩෙන තජ්ජිතො;
කම්මසූලාවුතො සන්තො, පිපාසාවෙදනට්ටිතො.
489
“මහා වීරයන් වහන්ස, මමද එසේම භව දණ්ඩනයෙන් තැතිගන්නේ, කර්මය නැමැති හුලෙහි ඇමිනුනේව, පිපාසාවෙන් හා වේදනාවෙන් මඩනා ලද්දේ,
490
‘‘භවෙ සාතං න වින්දාමි, ඩය්හන්තො තීහි අග්ගිභි;
පරිමුත්තිං ගවෙසාමි, යථාපි රාජදණ්ඩිතො.
490
“ත්‍රිවිධ අග්නියෙන් (රාග-ද්වේෂ-මෝහ) දැවෙන්නේ භවයෙහි සැපතක් නොවිඳිමි. රාජදණ්ඩනයෙන් තැතිගත්තෙකු මෙන් මිදීම සොයමි.
491
‘‘යථා විසාදො පුරිසො, විසෙන පරිපීළිතො;
අගදං සො ගවෙසෙය්‍ය, විසඝාතායුපාලනං (විසඝාතායුපායනං (ස්‍යා. ක.)).
491
“යම්සේ (සර්‍ප විෂයෙන්) දුකට පත් පුරුෂයෙක් තෙම විෂයෙන් පෙළෙන ලදුයේ හෙතෙම විෂ නැසීමේ උපායවූ බෙහෙතක් සොයන්නේය.
492
‘‘ගවෙසමානො පස්සෙය්‍ය, අගදං විසඝාතකං;
තං පිවිත්වා සුඛී අස්ස, විසම්හා පරිමුත්තියා.
492
“සොයන්නේ විෂ නසන්නාවූ බෙහෙතක්ද කියන්නේය. විෂයෙන් මිදීම පිණිස එය බී සැප ඇත්තෙක් වන්නේය.
493
‘‘තථෙවාහං මහාවීර, යථා විසහතො නරො;
සම්පීළිතො අවිජ්ජාය, සද්ධම්මාගදමෙසහං.
493
“එසේම මහා වීරයන් වහන්ස, මම විෂයෙන් නටුවාවූ පුරුෂයෙකු මෙන් අවිද්‍යාවෙන් පෙළුනේ සදහම් බෙහෙත සෙවීමි.
494
‘‘ධම්මාගදං ගවෙසන්තො, අද්දක්ඛිං සක්‍යසාසනං;
අග්ගං සබ්බොසධානං තං, සබ්බසල්ලවිනොදනං.
494
“දහම් බෙහෙත සොයන්නේ සියළු ඖෂධයනට අග්‍රවූ, සියලු (රාගාදී) හුල් දුරු කරන්නාවූ ඒ බුද්‍ධ ශාසනය දුටුවෙමි.
495
‘‘ධම්මොසධං පිවිත්වාන, විසං සබ්බං සමූහනිං;
අජරාමරං සීතිභාවං, නිබ්බානං ඵස්සයිං අහං.
495
“මම දහම් ඔසුව බී සියළු (සසර) විෂ දුරු කෙළෙමි. අජරාමරවූ, සිසිල්වූ, නිවණ ස්පර්‍ශ කෙළෙමි.
496
‘‘යථා භූතට්ටිතො පොසො, භූතග්ගාහෙන පීළිතො;
භූතවෙජ්ජං ගවෙසෙය්‍ය, භූතස්මා පරිමුත්තියා.
496
“යම් සේ භූතයෙකු විසින් පෙළන ලද පුරුෂයෙක් තෙම භූත ග්‍රහණයෙන් පීඩිතවූයේ භූතයාගෙන් මිදීම පිණිස භූත වෛද්‍යයෙකු සොයන්නේද,
497
‘‘ගවෙසමානො පස්සෙය්‍ය, භූතවිජ්ජාසු කොවිදං;
තස්ස සො විහනෙ භූතං, සමූලඤ්ච විනාසයෙ.
497
“සොයන්නේ භූත විද්‍යාවන්හි දක්‍ෂයෙකු දකින්නේය. හෙතෙම ඔහුගේ භූතයා නසන්නේය. සහමුලින්ම වනසන්නේය.
498
‘‘තථෙවාහං මහාවීර, තමග්ගාහෙන පීළිතො;
ඤාණාලොකං ගවෙසාමි, තමතො පරිමුත්තියා.
498
“මහා වීරයන් වහන්ස, එසේම මම ක්ලේශාන්‍ධකාරයෙන් පෙළුනේ (එම) අඳුරින් මිදීම පිණිස ඥානාලෝකය (ප්‍රඥාව) සොයමි.
499
‘‘අථද්දසං සක්‍යමුනිං, කිලෙසතමසොධනං;
සො මෙ තමං විනොදෙසි, භූතවෙජ්ජොව භූතකං.
499
“ඉක්බිති කෙළෙස් අඳුර දුරු කරන්නාවූ ශාක්‍ය මුනීන්වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූත වෛද්‍යයෙක් භූතාවේශයෙන් (දුරු කරන්නාක් මෙන්) මේ මාගේ ක්ලේශාන්‍ධකාරය දුරු කළ සේක.
500
‘‘සංසාරසොතං සඤ්ඡින්දිං, තණ්හාසොතං නිවාරයිං;
භවං උග්ඝාටයිං සබ්බං, භූතවෙජ්ජොව මූලතො.
500
“සසර සැඩපහර සින්දෙමි. තෘෂ්ණාශ්‍රොතය වැළැක්වීමි. භූත වෛද්‍යයෙකු මෙන් සියළු භවය මුලින්ම නැසීමි.
501
‘‘ගරුළො යථා ඔපතති, පන්නගං භක්ඛමත්තනො;
සමන්තා යොජනසතං, වික්ඛොභෙති මහාසරං.
501
“යම්සේ ගුරුලෙක් තෙම තමාගේ ගොදුරවූ නාගයා වෙත වේගයෙන් බසීද, මහ සමුදුර හාත් පස යොදුන් සියයක් කළඹාද,
502
‘‘පන්නගං සො ගහෙත්වාන, අධොසීසං විහෙඨයං;
ආදාය සො පක්කමති, යෙනකාමං විහඞ්ගමො.
502
“හෙතෙම යටිකුරුකොට නාගයා ගෙන පෙළන්නේ ඒ ගුරුළුතෙම කැමති තැනකට ගෙනයේද,
503
‘‘තථෙවාහං මහාවීර, යථාපි ගරුළො බලී;
අසඞ්ඛතං ගවෙසන්තො, දොසෙ වික්ඛාලයිං අහං.
503
“මහා වීරයන් වහන්ස, එසේම එම ගුරුලා නාගයා බිලිකොට ගන්නාක් මෙන් අසංස්කෘත සංඛ්‍යාත නීවරණ සොයන්නේ මම (ක්ලේශ) දොස් (සමුච්ඡේද වශයෙන්) සෝදා හැරීමි.
504
‘‘දිට්ඨො අහං ධම්මවරං, සන්තිපදමනුත්තරං;
ආදාය විහරාමෙතං, ගරුළො පන්නගං යථා.
504
“නිරුත්තර ශාන්ති පදයවූ, උතුම්වූ නිර්‍වාණ ධර්‍මය දක්නා ලද මම ගුරුළා නාගයෙකු මෙන් මෙය (ධර්‍මය) ගෙන වෙසෙමි.
505
‘‘ආසාවතී නාම ලතා, ජාතා චිත්තලතාවනෙ;
තස්සා වස්සසහස්සෙන, එකං නිබ්බත්තතෙ ඵලං.
505
“චිත්‍රලතා වනයෙහි හටගන්නාවූ ආසාවතී නම් වැල ඒ වැලේ (වයසින්) අවුරුදු දහසකින් එක ගෙඩියක් හට ගනී.
506
‘‘තං දෙවා පයිරුපාසන්ති, තාවදූරඵලෙ සති;
දෙවානං සා පියා එවං, ආසාවතී ලතුත්තමා.
506
“එතෙක් දිගු කලක් ගොස් පල ඇතිවූ කල්හි ඒ පලය දෙවියෝ ඇසුරු කරත්. මෙසේ ඒ ආසාවතී නම් උතුම් ලතාව දෙවියන්ට ප්‍රිය වන්නේය.
507
‘‘සතසහස්සුපාදාය, තාහං පරිචරෙ මුනි;
සායං පාතං නමස්සාමි, දෙවා ආසාවතිං යථා.
507
“කල්ප ලක්‍ෂයක පටන් මම ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. උදේ හවස නමඳිමි. දෙවියෝ ආසාවතී ලතාව ඇසුරු කරන්නාක් මෙනි.
508
‘‘අවඤ්ඣා පාරිචරියා, අමොඝා ච නමස්සනා;
දූරාගතම්පි මං සන්තං, ඛණොයං න විරාධයි.
508
“(බුදුරජාණන් වහන්සේට කරණ) පාරිචරියාව (වත් පිළිවෙත් කිරීම) නොවඳය. නමස්කාරය නොසිස්ය. සසර බොහෝ දුර සිට ආවාවූ මම ඇතිවූ මේ බුද්ධොත්පාදක්‍ෂණය මා ඉක්මවා නොගියේය.
509
‘‘පටිසන්ධිං න පස්සාමි, විචිනන්තො භවෙ අහං;
නිරූපධි විප්පමුත්තො (විප්පයුත්තො (ක.)), උපසන්තො චරාමහං.
509
“මම පරීක්‍ෂාකොට බලන්නේ භවයෙහි ප්‍රතිසන්‍ධියක් නොදකිමි. (එසේම) මම (ස්කන්‍ධ කිලේස) උපධි රහිත වූයේ, සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ, සන්සිඳුනේ, හැසිරෙමි.
510
‘‘යථාපි පදුමං නාම, සූරියරංසෙන පුප්ඵති;
තථෙවාහං මහාවීර, බුද්ධරංසෙන පුප්ඵිතො.
510
“පියුම වනාහි යම් සේ හිරු රැස් කරණකොටගෙන පිපේද, එසේම මහා වීරයන් වහන්ස, මමද බුදු රැසින් පිපෙන ලදුයේ වෙමි.
511
‘‘යථා බලාකයොනිම්හි, න විජ්ජති පුමො (පුමා (සී. ස්‍යා.)) සදා;
මෙඝෙසු ගජ්ජමානෙසු, ගබ්භං ගණ්හන්ති තා සදා.
511
“යම්සේ බලාකායෝනියෙහි (කොක් ජාතියෙහි) හැම කල්හි පිරිමි සත්තු විද්‍යමාන නොවෙද්ද, ඒ කෙකින්නියෝ හැම විටම මේඝ ගර්ජනා කරණ කල්හි ගැබ් ගනිත්.
512
‘‘චිරම්පි ගබ්භං ධාරෙන්ති, යාව මෙඝො න ගජ්ජති;
භාරතො පරිමුච්චන්ති, යදා මෙඝො පවස්සති.
512
“යම්තාක් කල් වැඩි කොටස්ද (ඒතාක්) දීර්‍ඝ කාලයක් නමුදු (කෙකින්නියෝ) ගැබ් දරත්. යම් කලෙක්හි වැසි වසීද, එකල්හි (ගැබ්) බරින් මිදෙත්.
513
‘‘පදුමුත්තරබුද්ධස්ස , ධම්මමෙඝෙන ගජ්ජතො;
සද්දෙන ධම්මමෙඝස්ස, ධම්මගබ්භං අගණ්හහං.
513
“ධර්‍මය නැමැති මේඝයෙන් ගර්ජනය කරන්නාවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේඝයගේ ශබ්දය කරණකොටගෙන මම දහම් ගැබ් ගනිමි.
514
සතසහස්සුපාදාය, පුඤ්ඤගබ්භං ධරෙමහං;
නප්පමුච්චාමි භාරතො, ධම්මමෙඝො න ගජ්ජති.
514
“කල්ප ලක්‍ෂයක පටන්ම මම (රැස්කළ) පින් නැමැති ගැබ් දරමි. ධර්‍ම නැමැති මේඝය ගර්ජනා නොකෙරන කල්හි (එම ගැබ්) බරින් නොමිදෙමි.
515
‘‘යදා තුවං සක්‍යමුනි, රම්මෙ කපිලවත්ථවෙ;
ගජ්ජසි ධම්මමෙඝෙන, භාරතො පරිමුච්චහං.
515
“ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ වහන්සේ රම්‍යවූ කපිලවත්‍ථු නගරයෙහි ධර්‍ම මේඝයන් ගර්ජනය කෙරෙහි නම්, මම (මෙම පින් ගැබ්) බරින් මිදුනේ,
516
‘‘සුඤ්ඤතං අනිමිත්තඤ්ච, තථාප්පණිහිතම්පි ච;
චතුරො ච ඵලෙ සබ්බෙ, ධම්මෙවං විජනයිං (විජටයිං (ක.) බලාකානං විජායනූපමාය සංසන්දෙත්වා අත්ථො වෙදිතබ්බො) අහං.
516
“(ආත්ම දෘෂ්ටි විරහිත බැවින්) ශූන්‍යතවූ, (ක්ලේශ නිමිත්ත රහිත බැවින්) අනිමිත්තවූ, (තෘෂ්ණා ප්‍රණිධි රහිත බැවින්) අප්පණිහිතවූ, විමොක්‍ෂ ධර්මයන්ද, චතුර්විධ ශ්‍රමණ පලයිද, යන මේ සියලු ධර්මයන් (ඉපදවීමි.) මම මෙසේ සියලු ධර්මයන් පිළිබඳ අවුල් සමූහය නිරවුල් කෙළෙමි.
517
‘‘අපරිමෙය්‍යුපාදාය, පත්ථෙමි තව සාසනං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සන්තිපදමනුත්තරං.
517
“පමණ නොකළ හැකි කාලයක පටන් ඔබ වහන්සේගේ මේ සසුන පතමි. මා පැමිණෙන ලද එම (ප්‍රාර්ත්‍ථනා සංඛ්‍යාත) අර්ත්‍ථ ඇත්තේ පැමිණෙන ලද ශාන්ති පදයවූ නිවණද ඇත්තේ වෙමි.
518
‘‘විනයෙ පාරමිං පත්තො, යථාපි පාඨිකො ඉසි;
න මෙ සමසමො අත්ථි, ධාරෙමි සාසනං අහං.
518
“(පදුමුත්තර බුදු සසුනෙහි) පාඨික භික්‍ෂුව මෙන් විනයෙහි තෙරපතුයේ මට සමාන අනිකෙකුදු නැත. මම සසුන (ඔවාදශාසනය) දරමි.
519
‘‘විනයෙ ඛන්ධකෙ චාපි, තිකච්ඡෙදෙ ච පඤ්චකෙ (පඤ්චමෙ (සී.));
එත්ථ මෙ විමති නත්ථි, අක්ඛරෙ බ්‍යඤ්ජනෙපි වා.
519
“විනයෙහිද භික්‍ෂු භික්‍ෂණී සංඛ්‍යාත (උභතොවිභංගයෙහි) ඛන්‍ධකයෙහිද (චුල්ලවග්ග මහාවග්ග) දෙක්හි තිකසංඝාදිසේස තිකපාචිත්තියාදියෙහිද පස්වැනිවූ පරිවාරයෙහිද යන මෙහි (විනය පිටකයෙහි) අකුරක හෝ ව්‍යඤ්ජනයක හෝ මාගේ සැකයක් නැත.
520
‘‘නිග්ගහෙ පටිකම්මෙ ච, ඨානාඨානෙ ච කොවිදො;
ඔසාරණෙ වුට්ඨාපනෙ, සබ්බත්ථ පාරමිං ගතො.
520
“(පාප භික්‍ෂූන්ට) නිග්‍රහ කිරීමෙහිද, (සාපත්තික භික්‍ෂූන්ට පරිවාස දානාදියෙන්) ප්‍රතිකර්‍ම කිරීමෙහිද, කරුණෙහි හා නොකරුණෙහි දක්‍ෂවූයේ, (තර්ජනීයාදී කර්‍මයන්ගේ පටිපස්සද්ධි වශයෙන් සසුනට ඇතුළුකරගන්නා) ඔසාරණයෙහිද, ඇවතින් නැගුටුවාලන වුඨාපනයෙහිද, යන මේ සියල්ලෙහි පරතෙරට පැමිණියේ වෙමි.
521
‘‘විනයෙ ඛන්ධකෙ වාපි, නික්ඛිපිත්වා පදං අහං;
උභතො විනිවෙඨෙත්වා, රසතො ඔසරෙය්‍යහං.
521
“(උභතො විභඞ්ග නම්) විනයෙහිද, (චුල්ලවග්ග මහාවග්ග නම්) ඛන්‍ධකයෙහිද, මම සුදුසු පදය බහා (විභඞ්ග ඛත්‍ධක) දෙකින් නිරවුල්කොට (ක්‍රම දක්වා) කෘත්‍ය වශයෙන් සුදුසු අදහස ඇතුළත් කරමි.
522
‘‘නිරුත්තියා සුකුසලො, අත්ථානත්ථෙ ච කොවිදො;
අනඤ්ඤාතං මයා නත්ථි, එකග්ගො සත්ථු සාසනෙ.
522
“නිරුක්තියෙහි (ව්‍යවහාර වචනයන්හි නියම අන්‍ර්‍ථ කීමේ ක්‍රමය) ඉතා දක්‍ෂවූයේ, අභිවෘද්ධිය පරිහාණිය යන මේ දෙක්හිද ඡෙකවූයේ (ත්‍රිපිටකයෙහි) මා විසින් දැන නොගන්නා ලද්දක් නැත. බුද්ධ ශාසනයෙහි (මමම) අසහායවූ අග්‍ර විනයධරයා වෙමි.
523
‘‘රූපදක්ඛො (රූපරක්ඛො (?) මිලින්දපඤ්හො ධම්මනගරාධිකාරෙ පස්සිතබ්බං) අහං අජ්ජ, සක්‍යපුත්තස්ස සාසනෙ;
කඞ්ඛං සබ්බං විනොදෙමි, ඡින්දාමි සබ්බසංසයං.
523
“මම අද ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි (විනය විනිශ්චය, විදර්‍ශනා නම්) රූප දර්‍ශනයෙහි සියලු සැක දුරුකරමි. සියලු කුකුස් සිඳීමි.
524
‘‘පදං අනුපදඤ්චාපි, අක්ඛරඤ්චාපි බ්‍යඤ්ජනං;
නිදානෙ පරියොසානෙ, සබ්බත්ථ කොවිදො අහං.
524
“පෙර පසු පදද (එක එක) අකුරුද (සිථිලධනිතාදී) දශවිධ ව්‍යඤ්ජන විධානයද (තෙන සමයෙන) යනාදී නිදානයද, නිගමනයද යන මේ සියල්ලෙහි මම දක්‍ෂ වීමි.
525
‘‘යථාපි රාජා බලවා, නිග්ගණ්හිත්වා පරන්තපෙ;
විජිනිත්වාන සඞ්ගාමං, නගරං තත්ථ මාපයෙ.
525
“යම් සේ බලවත් රජෙක් තෙම සතුරු රජහට නිග්‍රහකොට තවන්නේද, සංග්‍රාමය ජයගෙන එහි නුවරක් ඉදි කරන්නේද (වේ නම්)
526
‘‘පාකාරං පරිඛඤ්චාපි, එසිකං ද්වාරකොට්ඨකං;
අට්ටාලකෙ ච විවිධෙ, කාරයෙ නගරෙ බහූ.
526
“තාප්පයද, දිය අගලද, ඉන්‍ද්‍රඛීලයද, දොරටුවද, විවිධ අටළුද යන බොහෝ දෙය (මේ) නගරයෙහිද කරවන්නේය.
527
‘‘සිඞ්ඝාටකං චච්චරඤ්ච, සුවිභත්තන්තරාපණං;
කාරයෙය්‍ය සභං තත්ථ, අත්ථානත්ථවිනිච්ඡයං.
527
“සිව්මං ඇතුළු වීථිද, මැනවින් බෙදන ලද ආපන ශාලාවන්ද (එසේම) එහි වරද නිවරද විනිශ්චය කරන අධිකරණ ශාලාවද කරවන්නේය.
528
‘‘නිග්ඝාතත්ථං අමිත්තානං, ඡිද්දාඡිද්දඤ්ච ජානිතුං;
බලකායස්ස රක්ඛාය, සෙනාපච්චං ඨපෙති (ථපෙසි (ක.)) සො.
528
“හෙතෙම පස මිතුරන් නැසීම පිණිස, දොස් නිදොස් දැනගැනීම පිණිසද, භට (සේනා) සමූහය රැකීම පිණිසද සෙන්පතියෙකු තබයි.
529
‘‘ආරක්ඛත්ථාය භණ්ඩස්ස, නිධානකුසලං නරං;
මා මෙ භණ්ඩං විනස්සීති, භණ්ඩරක්ඛං ඨපෙති සො.
529
“හෙතෙම මාගේ භාණ්ඩයන් විනාශ නොවේවායි රාජ භාණ්ඩයන්ගේ ආරක්‍ෂාව පිණිස (ධනය) තැන්පත් කිරීමෙහි දක්‍ෂවූ පුරුෂයෙකු භාණ්ඩාගාර ආරක්‍ෂකයාකොට තබයි.
530
‘‘මමත්තො (මාමකො (සී.), සමග්ගො (ස්‍යා.))
හොති යො රඤ්ඤො, වුද්ධිං යස්ස ච ඉච්ඡති.
තස්සාධිකරණං දෙති, මිත්තස්ස පටිපජ්ජිතුං.
530
“යමෙක් රජුට මමත්‍වය ඇත්තේ වේද, යමෙක් ඒ රජුගේ අභිවෘද්ධිය කැමති වේද, ඒ මිත්‍රයාහට (ධර්‍මානුකූලව පිළිපැදීමට) අධිකරණය (විනිශ්චයකාර පදවිය) දෙමි.
531
‘‘උප්පාතෙසු නිමිත්තෙසු, ලක්ඛණෙසු ච කොවිදං;
අජ්ඣායකං මන්තධරං, පොරොහිච්චෙ ඨපෙති සො.
531
“හෙතෙම (උල්කාපාත දික්දාහාදිභූත විකෘතීත් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා) උත්පාත ශාස්ත්‍රයෙහිද, මූසිකච්ඡින්න (මීයන් කැපීම) ආදියෙහි වැඩ අවැඩ දැනගන්නා නිමිති ශාස්ත්‍රයෙහි, (ස්ත්‍රී පුරුෂයන්ගේ අඞ්ග ලක්‍ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, දක්‍ෂවූ (බොහෝ ශිෂ්‍යයන්ද) වේද හදාරවන්නාවූ (වේදත්‍රය සංඛ්‍යාත) මන්ත්‍ර දරන්නාවූ පුරුෂයෙකු පුරෝහිත තනතුරෙහි තබයි.
532
‘‘එතෙහඞ්ගෙහි සම්පන්නො, ඛත්තියොති පවුච්චති;
සදා රක්ඛන්ති රාජානං, චක්කවාකොව දුක්ඛිතං.
532
“මේ අංගයන්ගෙන් යුක්තවූයේ ක්‍ෂත්‍රියයායයි කියනු ලැබේ. (ඒ සේනාවෝ) ස්වකීය ඤාතීන්වූ දුඃඛිනියන් රකිනා සක්වා ලිහිණියා මෙන් හැම කල්හි රජතුමා රකිත්.
533
‘‘තථෙව ත්වං මහාවීර, හතාමිත්තොව ඛත්තියො;
සදෙවකස්ස ලොකස්ස, ධම්මරාජාති වුච්චති.
533
“මහා වීරයන් වහන්ස, එසේම ඔබ නසන ලද සතුරන් ඇති රජෙකු මෙන් දෙවියන් සහිත ලෝකයෙහි ධර්‍ම රාජ (දහම් රජ) යයි කියනු ලැබේ.
534
‘‘තිත්ථියෙ නිහනිත්වාන (නීහරිත්වාන (ස්‍යා. ක.)), මාරඤ්චාපි සසෙනකං;
තමන්ධකාරං විධමිත්වා, ධම්මනගරං අමාපයි.
534
“තීන්‍ර්‍ථකයන්ද, සේනා සහිතවූ මාරයාද නසා ඝන මෝහාන්ධකාරය දුරුකොට ධර්‍ම නගරය මැවීය.
535
‘‘සීලං පාකාරකං තත්ථ, ඤාණං තෙ ද්වාරකොට්ඨකං;
සද්ධා තෙ එසිකා වීර, ද්වාරපාලො ච සංවරො.
535
“ප්‍රාඥයන් වහන්ස, ඒ ධර්‍ම නගරයෙහි ප්‍රාකාරය ශීලයයි. දොරටු කොටුව ඔබ වහන්සේගේ ඥානයයි. ඉත්‍ද්‍රඛීලය ඔබ වහන්සේගේ ශ්‍රද්‍ධාවයි. වාරපාලයා නම් සංවරය වෙයි.
536
‘‘සතිපට්ඨානමට්ටාලං, පඤ්ඤා තෙ චච්චරං මුනෙ;
ඉද්ධිපාදඤ්ච සිඞ්ඝාටං, ධම්මවීථි සුමාපිතා.
536
“අටල්ල සතිපට්ඨානයයි. සර්‍වඥයන් වහන්ස, ඇතුළු වීථිය ඔබ වහන්සේගේ ප්‍රඥාවය. සිව්මංසල ඎද්‍ධිපාදයයි. (මේ ධර්‍ම නගරය) සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම නැමැති වීථීන්ගෙන් මැනවින් නිර්මිත කරණ ලද.ී
537
‘‘සුත්තන්තං අභිධම්මඤ්ච, විනයඤ්චාපි කෙවලං;
නවඞ්ගං බුද්ධවචනං, එසා ධම්මසභා තව.
537
“සූත්‍රය, අභිධර්‍මය, විනය යන සම්පූර්‍ණ නවාඞ්ග බුද්‍ධ වචනය ඔබගේ 6නගරයෙහි) අධිකරණ සභාවයි.
538
‘‘සුඤ්ඤතං අනිමිත්තඤ්ච, විහාරඤ්චප්පණීහිතං;
ආනෙඤ්ජඤ්ච නිරොධො ච, එසා ධම්මකුටී තව.
538
“(අනත්තානුපස්සනාවෙන් ලබන ලද) සුඤ්ඤත විහාරයද, (අනිච්චානුපස්සනාවෙන් ලබන ලද) අනිමිත්ත විහාරයද, (දුක්ඛානුපස්සනාවෙන් ලබන ලද) අප්පණිහිත විහාරයද, (නිශ්චලවූ සතර ශ්‍රාමාණ්‍ය පල සංඛ්‍යාත) අනෙජ විහාරයද, (සියලු දුක් වැළැක්වීම නම්වූ) නිර්‍වාණයද යන මේවා ඔබ වහන්සේගේ ධර්‍ම කුටීහු වෙති.
539
‘‘පඤ්ඤාය අග්ගො නික්ඛිත්තො (අග්ගනික්ඛිත්තො (සී.)), පටිභානෙ ච කොවිදො;
සාරිපුත්තොති නාමෙන, ධම්මසෙනාපතී තව.
539
“ප්‍රඥාවෙන් අග්‍රස්ථානයෙහි තබන ලද වැටහීමෙහි දක්‍ෂවූ නම්න් ශාරීපුත්‍ර (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍ම සේනාපතියා වෙයි.
540
‘‘චුතූපපාතකුසලො, ඉද්ධියා පාරමිං ගතො;
කොලිතො නාම නාමෙන, පොරොහිච්චො තවං මුනෙ.
540
“සර්‍වඥයන් වහන්ස, චුතූපපාත ඤාණයෙහි දක්‍ෂවූ, ඎද්‍ධියෙහි පරතෙරට පැමිණි, නම්න් කොලිත (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ පෙරෙවියා (පුරෝහිතයා) වෙයි.
541
‘‘පොරාණකවංසධරො, උග්ගතෙජො දුරාසදො;
ධුතවාදීගුණෙනග්ගො, අක්ඛදස්සො තවං මුනෙ.
541
“මුනීන්‍ද්‍රයන් වහන්ස, පෞරාණික වංශය දරන්නාවූ, උග්‍රවූ තේජස් ඇති, (ගුණ ධර්‍මයන්ගෙන්) ලංවිය නොහැක්කාවූ, ධුතවාදීවූ, ආශ්‍රීත ගුණයෙන් අග්‍රවූ, මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ අක්ඛදස්ස (හෙවත් ව්‍යවහාර කරණයෙහි ප්‍රධානය.)
542
‘‘බහුස්සුතො ධම්මධරො, සබ්බපාඨී ච සාසනෙ;
ආනන්දො නාම නාමෙන, ධම්මාරක්ඛො (ධම්මරක්ඛො (ස්‍යා.)) තවං මුනෙ.
542
“බුදුරජාණන් වහන්ස, ශාසනයෙහි බහුශ්‍රුත ධර්‍මධරවූ, සියලු අධ්‍යයනය කරන්නාවූ, භික්‍ෂූන්ට අග්‍රවූ, නම්න් ආනන්‍ද (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍ම (භාණ්ඩාගාර) ආරක්‍ෂකයා වෙයි.
543
‘‘එතෙ සබ්බෙ අතික්කම්ම, පමෙසි භගවා මමං;
විනිච්ඡයං මෙ පාදාසි, විනයෙ විඤ්ඤුදෙසිතං.
543
“භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ශ්‍රාවකයන් ඉක්මවා මා පමණ කළ සේක. විනයෙහි විනය දත් නැණවතුන් විසින් ප්‍රකාශ කරණ ලද දෝෂ විචාරණය මටම පැවරූ සේක.
544
‘‘යො කොචි විනයෙ පඤ්හං, පුච්ඡති බුද්ධසාවකො;
තත්ථ මෙ චින්තනා නත්ථි, තඤ්ඤෙවත්ථං කථෙමහං.
544
“යම්කිසි බුද්‍ධ ශ්‍රාවකයෙක් තෙම විනයධර්‍ම විෂයෙහි ප්‍රශ්නයක් විචාරාද, එහි මාගේ විමතියක් නැත. මම එම අදහසම කියමි.
545
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, ඨපෙත්වා තං මහාමුනි;
විනයෙ මාදිසො නත්ථි, කුතො භිය්‍යො භවිස්සති.
545
“බුද්‍ධ ක්‍ෂෙත්‍රය (ආණක්‍ෂෙත්‍රය) යම් පමණ තන්හි පැතිරේ නම්, එපමණ තන්හි ඒ බුදුරජාණන් වහන්සේ හැර විනය පිටකයෙහි (දක්‍ෂවූ) මා වැනි කෙනෙක් නැත. මට වැඩි කෙනෙක් කොයින් වන්නේද?
546
‘‘භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, එවං ගජ්ජති ගොතමො;
උපාලිස්ස සමො නත්ථි, විනයෙ ඛන්ධකෙසු ච.
546
“ගෞතම බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ (උභතොවිභඞ්ග නම්) විනයෙහිද, (චුල්ල වග්ග, මහා වග්ග නම්) ඛන්‍ධකයෙහිද උපාලි භික්‍ෂුව හා සම කෙනෙක් නැතැයි මෙසේ සිංහනාද කරණ සේක.
547
‘‘යාවතා බුද්ධභණිතං, නවඞ්ගං සත්ථුසාසනං;
විනයොගධං තං (විනයොගධිතං (සී. අට්ඨ.), විනයෙ කථිතං (ස්‍යා.)) සබ්බං, විනයමූලපස්සිනො (විනයං මූලන්ති පස්සතො (සී.)).
547
“බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරණ ලද නවාඞ්ග ශාස්තෘ ශාසනය යම්තාක් නම් ඒ සියල්ල විනයෙහි ඇතුළත්ය. විනය මුත්කොට ඇත්තේයයි දකින්නාහට
548
‘‘මම කම්මං සරිත්වාන, ගොතමො සක්‍යපුඞ්ගවො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, එතදග්ගෙ ඨපෙසි මං.
548
“ගෞතම නම් වූ ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්සේ මාගේ (පූර්‍ව) කර්‍මය සිහිකොට භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ, මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
549
‘‘සතසහස්සුපාදාය, ඉමං ඨානං අපත්ථයිං;
සො මෙ අත්ථො අනුප්පත්තො, විනයෙ පාරමිං ගතො.
549
“කල්ප ලක්‍ෂයක (පමණ කාලයක) පටන් මෙම තනතුරු පැතීමි. මා විසින් පැමිණෙන ලද එම අර්ත්‍ථ ඇත්තේ විනයයෙහි පරතෙරට පත්වීමි.
550
‘‘සක්‍යානං නන්දිජනනො, කප්පකො ආසහං පුරෙ;
විජහිත්වාන තං ජාතිං, පුත්තො ජාතො මහෙසිනො.
550
“මම පෙර ශාක්‍යයනට සොම්නස ඇතිකරන්නාවූ කපුවෙකු වීමි. ඒ කුළය හැර මහර්ෂීවු බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් (බුද්ධ පුත්‍රයෙක්) වීමි.
551
‘‘ඉතො දුතියකෙ කප්පෙ, අඤ්ජසො නාම ඛත්තියො;
අනන්තතෙජො අමිතයසො, භූමිපාලො මහද්ධනො.
551
“මෙයින් (මේ මහා භද්‍ර කල්පයෙන්) දෙවැනි කල්පයෙහි, අපමණ තෙද ඇති, අනන්තවූ පිරිවර ඇති, මහා ධනවත්, පෘථිවිපාලකවූ “අඤ්ජස” නම් රජෙක් වීමි.
552
‘‘තස්ස රඤ්ඤො අහං පුත්තො, චන්දනො නාම ඛත්තියො;
ජාතිමදෙනුපත්ථද්ධො, යසභොගමදෙන ච.
552
“පරිවාර මදයෙන්ද, භෝග මදයෙන්ද, ජාති මදයෙන්ද මත්වූ මම එම රජුගේ පුත්‍රවූ “චන්‍දන” නම් ක්‍ෂත්‍රියයා වීමි.
553
‘‘නාගසතසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
තිධාපභින්නා මාතඞ්ගා, පරිවාරෙන්ති මං සදා.
553
“සියළු (ඇත්) අබරණින් අලංකාර කරණ ලද්දාවූ, ත්‍රිමද ගලිතවූ, හස්ති කුලයෙහි උපන් ලක්‍ෂයක් පමණ ඇත්තු නිතර මා පිරිවරත්.
554
‘‘සබලෙහි පරෙතොහං, උය්‍යානං ගන්තුකාමකො;
ආරුය්හ සිරිකං නාගං, නගරා නික්ඛමිං තදා.
554
“ස්වකීය භට සේනාවන් විසින් පිරිවරණ ලද මම උයනට යනු කැමැත්තේ එකල්හි “සිරික” නම් ඇතු පිට නැගී නුවරින් නික්මුණෙමි.
555
‘‘චරණෙන ච සම්පන්නො, ගුත්තද්වාරො සුසංවුතො;
දෙවලො නාම සම්බුද්ධො, ආගච්ඡි පුරතො මම.
555
“පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුත් වසන ලද (චක්‍ෂුරාදී) දොරටු ඇති, මැනවින් රැකි කාය චිත්ත ඇති, “දෙවල” නම් පසේ බුදුරජාණන් වහන්සේ මාගේ ඉදිරිපසින් පැමිණි සේක.
556
‘‘පෙසෙත්වා සිරිකං නාගං, බුද්ධං ආසාදයිං තදා;
තතො සඤ්ජාතකොපො සො (ජාතකොපොව (ස්‍යා.)), නාගො නුද්ධරතෙ පදං.
556
“එකල්හි “සිරික” හස්තියා යවා පසේ බුදුරජාණන් වහන්සේට කරදර කළෙමි. ඉන් හටගත් කෝප ඇති එම ඇත් තෙමේ පියනුගුළුවයි. (නිශ්චලව සිටියි.)
557
‘‘නාගං රුණ්ණමනං (රුට්ඨමනං (පී. අට්ඨ.), දුට්ඨමනං (සී. අට්ඨ.), රුද්ධපදං (?)) දිස්වා, බුද්ධෙ කොධං අකාසහං;
විහෙසයිත්වා සම්බුද්ධං, උය්‍යානං අගමාසහං.
557
“මම දූශ්‍ය සිත් ඇති ඇතු දැක බුදුන් කෙරෙහි කෝප කෙළෙමි. පසේ බුදුරජාණන් වහන්සේට පීඩාකොට මම උයනට ගියෙමි.
558
‘‘සාතං තත්ථ න වින්දාමි, සිරො පජ්ජලිතො යථා;
පරිළාහෙන ඩය්හාමි, මච්ඡොව බළිසාදකො.
558
“එහි ඒ (නිමිත්තෙන්) හිස ඇවිලගත්තෙකු මෙන් සුවයක් නොවිඳීමි. බිලිය ගිලි මසෙකු මෙන් පසුතැවිලි දැවිල්ලෙන් දැවෙමි.
559
‘‘සසාගරන්තා පථවී, ආදිත්තා විය හොති මෙ;
පිතු සන්තිකුපාගම්ම, ඉදං වචනමබ්‍රවිං.
559
“මම සයුර කෙළවරකොට ඇති පෘථිවිය ඇවිලගත්තාක් මෙන් විය. (මම) පියාගේ සමීපයට එළඹ මේ වචන කීමි.
560
‘‘ආසීවිසංව කුපිතං, අග්ගික්ඛන්ධංව ආගතං;
මත්තංව කුඤ්ජරං දන්තිං, යං සයම්භුමසාදයිං.
560
“කිපුණු සර්‍පයෙකු මෙන්ද, පැමිණි ගිනි කන්‍දක් මෙන්ද, දළ ඇති මතැතෙකු මෙන්ද යම් පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුට ගැටීම්ද,
561
‘‘ආසාදිතො මයා බුද්ධො, ඝොරො උග්ගතපො ජිනො;
පුරා සබ්බෙ විනස්සාම, ඛමාපෙස්සාම තං මුනිං.
561
“අනිකෙකු විසින් නොගැටිය හැකි බැවින් ඝෝරවූ උග්‍ර තපස් ඇති පස් මරුන් දිනූ පසේ බුදු රජ තෙම මා විසින් ගටන ලදී. (ඉන්) සියලු දෙනම වැනසෙමු. (ඊට) පළමු ඒ පසේ බුදුරජාණන් වහන්සේ ක්‍ෂමා කොට ගතිමි.
562
‘‘නො චෙ තං නිජ්ඣාපෙස්සාම, අත්තදන්තං සමාහිතං;
ඔරෙන සත්තදිවසා, රට්ඨං මෙ විධමිස්සති.
562
“ඉදින් චිත්ත දමනය කළ එකඟ සිත් ඇති ඒ පසේ බුදුරජාණන් වහන්සේ ක්‍ෂමා නොකරන්නෙමු නම් සත් දිනකින් මෙපිට මගේ රට විනාශ වන්නේය.
563
‘‘සුමෙඛලො කොසියො ච, සිග්ගවො චාපි සත්තකො (සත්තුකො (සී.));
ආසාදයිත්වා ඉසයො, දුග්ගතා තෙ සරට්ඨකා.
563
“සුමෙචලය, කොසියය, සිග්ගවය, සත්තුකය යන මේ (සිව්) රජවරු ඎෂීනට ගටා (අනදර) කොට ඔවුහු ස්වකීය රටවල් සමග දුකට පත්වූහ.
564
‘‘යදා කුප්පන්ති ඉසයො, සඤ්ඤතා බ්‍රහ්මචාරිනො;
සදෙවකං විනාසෙන්ති, සසාගරං සපබ්බතං.
564
“කාය සංයමයෙන් යුත් බ්‍රහ්මචාරීවූ ඎෂීහු යම් කලෙක්හි කිපෙත්ද, (එකල) සයුරු පර්‍වත සහිතවූ දෙවියන් සහිත ලෝකය වැනසෙත්.
565
‘‘තියොජනසහස්සම්හි, පුරිසෙ සන්නිපාතයිං;
අච්චයං දෙසනත්ථාය, සයම්භුං උපසඞ්කමිං.
565
“තුන් දහසක් යොදුන් තන්හි පුරුෂයන් රැස් කරවීමි. වරද පැවසීම (ඇවැත් දෙසීම) සඳහා පසේ බුදුරජාණන් වහන්ස් වෙත එළඹියෙමි.
566
‘‘අල්ලවත්ථා අල්ලසිරා, සබ්බෙව පඤ්ජලීකතා;
බුද්ධස්ස පාදෙ නිපතිත්වා, ඉදං වචනමබ්‍රවුං (මබ්‍රවිං (ක.)).
566
“තෙත්තූ වස්ත්‍ර ඇත්තාවූ, තෙත්වූ කෙස් ඇත්තාවූ, සියල්ලෝම බඳින ලද ඇඳිලි ඇත්තාහු, බුදුරජාණන් වහන්සේගේ පාමුල වැටී මේ වචන කීවාහුය.
567
‘‘ඛමස්සු ත්වං මහාවීර, අභියාචති තං ජනො;
පරිළාහං විනොදෙහි, මා නො රට්ඨං විනාසය.
567
“මහා වීරයාණෙනි, ඔබ සමාවනු මැනවි. ජන සමූහයා එය විශේෂයෙන් ආයාචනය කරයි. පරිලාහය (දැවිල්ල) දුරුකරනු මැනවි. අප නොනසනු මැනවි.
568
‘‘සදෙවමානුසා සබ්බෙ, සදානවා සරක්ඛසා;
අයොමයෙන කුටෙන, සිරං භින්දෙය්‍යු මෙ සදා.
568
“දෙවි මිනිසුන් සහිතවූ, අසුරයන් හා රාක්‍ෂයන් සහිතවූද සියල්ලෝ හැම කල්හි යකුලින් මාගේ හිස පළන්නාහුය.
569
‘‘දකෙ (උදකෙ (සී. ස්‍යා.)) අග්ගි න සණ්ඨාති, බීජං සෙලෙ න රූහති;
අගදෙ කිමි න සණ්ඨාති, කොපො බුද්ධෙ න ජායති.
569
“දියෙහි ගිනි නොසිටී. ගලෙහි බිජුවට පැළ නොවේ. බෙහෙතෙහි කෘමි තෙමේ නොසිටී. (එසේම) බුදුරජුන් කෙරෙහි කෝපය හට නොගනී.
570
‘‘යථා ච භූමි අචලා, අප්පමෙය්‍යො ච සාගරො;
අනන්තකො ච ආකාසො, එවං බුද්ධා අඛොභියා.
570
“යම් සේ පොළොව නොසෙල්විය හැකිද, මහ සයුර පමණ කළ නොහැකිද, අහස කෙළවරක් නැත්තේද, එසේම බුදුවරයෝ නොකැළඹිය හැක්කේය.
571
‘‘සදා ඛන්තා මහාවීරා, ඛමිතා ච තපස්සිනො;
ඛන්තානං ඛමිතානඤ්ච, ගමනං තං (වො (ස්‍යා.)) න විජ්ජති.
571
“මහාවීරවූ බුදුවරයෝ හැම කල්හි ඉවසීම ඇත්තෝය. (අනුන්ගේ වැරදි) ඉවසන්නාහු තපස්වීහුය. ඉවසීමෙන් යුත්වූවන්ගේද, ඉවසන්නවුන්ගේද (ඡන්‍දාදීන්වූ) එබඳු (අගති) ගමනක් නොවේ.
572
‘‘ඉදං වත්වාන සම්බුද්ධො, පරිළාහං විනොදයං;
මහාජනස්ස පුරතො, නභං අබ්භුග්ගමි තදා.
572
“ප්‍රත්‍යෙක සම්බුද්ධ තෙමේ (ඔවුන්ගේ) සන්තාපය දුරුකරමින් මෙය වදාරා එකල්හි මහජනයාගේ ඉදිරියෙහි අහසට නැංගේය.
573
‘‘තෙන කම්මෙනහං වීර, හීනත්තං අජ්ඣුපාගතො;
සමතික්කම්ම තං ජාතිං, පාවිසිං අභයං පුරං.
573
“ප්‍රාඥයන් වහන්ස, මම එම කර්‍මය කරණකොටගෙන පහත් (කපු) බවට එළඹියේ ඒ (පහත්) කුලය හැරදමා අභය පුරය (නිවණට) පැමිණියෙමි.
574
‘‘තදාපි මං මහාවීර, ඩය්හමානං සුසණ්ඨිතං;
පරිළාහං විනොදෙසි, සයම්භුඤ්ච ඛමාපයිං.
574
“මහා වීරයන් වහන්ස, එකල්හි දැවෙන්නාවූ (වරද වරද ලෙස පිළිගෙන) මැනවින් සිටියාවූ මා (දැක) සන්තාපය දුරු කෙළේය. (එම) බුදුරජාණන් වහන්සේද ක්‍ෂමා කරවීය.
575
‘‘අජ්ජාපි මං මහාවීර, ඩය්හමානං තිහග්ගිභි;
නිබ්බාපෙසි තයො අග්ගී, සීතිභාවඤ්ච පාපයිං (පාපයී (සී.)).
575
“මහා වීරයන් වහන්ස, (රාග-ද්වේෂ-මෝහ) ත්‍රිවිධාග්නීන්ගෙන් දැවෙන්නාවූ මා අදද නිවීය. (එම) ත්‍රිවිධාග්නිය සිසිල් බවටද පැමිණවීය.
576
යෙසං සොතාවධානත්ථි, සුණාථ මම භාසතො;
අත්ථං තුම්හං පවක්ඛාමි, යථා දිට්ඨං පදං මම.
576
“යම් කෙනෙකුගේ කන් යොමු කිරීමක් ඇත් නම් කියන්නාවූ මාගේ (වචනය) අසව්. නිර්‍වාණ පදය මා දක්නා ලද පරිදි (එම නිර්‍වාණ සංඛ්‍යාත) අර්ත්‍ථය තොපටද කියමි.
577
‘‘සයම්භුං තං විමානෙත්වා, සන්තචිත්තං සමාහිතං;
තෙන කම්මෙනහං අජ්ජ, ජාතොම්හි නීචයොනියං.
577
“ශාන්ත සිත් ඇති එකඟවූ ඒ පසේ බුදුරජාණන් වහන්සේට අවමන්කොට මම ඒ කර්‍මය හේතුකොට ගෙන පහත් (කපු) කුලයෙහි උපන්නෙමි.
578
‘‘මා වො ඛණං විරාධෙථ, ඛණාතීතා හි සොචරෙ;
සදත්ථෙ වායමෙය්‍යාථ, ඛණො වො පටිපාදිතො.
578
“තෙපි (මේ බුදේ‍ධා්ත්පාදය) ක්‍ෂණය නිශ්පල නොකරව්. ඒ එසේමැයි. (බුදේ‍ධා්ත්පාද) ක්‍ෂණය ඉක්මවූවෝ ශෝක කෙරෙත්. ස්වකීයාභිවෘද්ධියෙහි වෑයම් කරව්. තොප විසින් පැමිණෙන ලද බුදේ‍ධා්ත්පාද ක්‍ෂණ ඇත්තෝය.
579
‘‘එකච්චානඤ්ච වමනං, එකච්චානං විරෙචනං;
විසං හලාහලං එකෙ, එකච්චානඤ්ච ඔසධං.
579
“ඇතැම් අයට වමණයද, සමහරුනට විරේචනයද, එසේම ඇතැමුන්හට හළාහල විෂයද ඖෂධ වේ.
580
‘‘වමනං පටිපන්නානං, ඵලට්ඨානං විරෙචනං;
ඔසධං ඵලලාභීනං, පුඤ්ඤක්ඛෙත්තං ගවෙසිනං.
580
“(එසේම) මාර්‍ග සමඞ්ගී පුද්ගලයනට සංසාරය මිදීමද, ඵලස්ථයනට සංසාරය විශේෂයෙන් අත් හැරීමද, ඵල ලබා සිටිනවුනට නිර්‍වාණයද (දිව්‍ය මනුෂ්‍ය නිර්‍වාණ සම්පත් සොයන්නවුනට පුණ්‍ය ක්‍ෂෙත්‍රවූ සංඝයාද සසුන හා විරුද්ධ) වූවනට විෂවූ කුතුහලය හෙවත් පවට පෙළඹුණු ගතියද ඖෂධයයි. ආසී විස සර්පයාද, දිට්ඨ විස සර්පයාද යම් සේ නම්, එසේම ඒ (ශාසන විරෝධී) මනුෂ්‍යයා (පවට පෙළඹුණු ගතිය නැමැති (විෂයෙන්) දවයි.
581
‘‘සාසනෙන විරුද්ධානං, විසං හලාහලං යථා;
ආසීවිසො දිට්ඨවිසො (දට්ඨවිසො (ස්‍යා. අට්ඨ.)), එවං ඣාපෙති තං නරං.
581
582
‘‘සකිං පීතං හලාහලං, උපරුන්ධති ජීවිතං;
සාසනෙන විරුජ්ඣිත්වා, කප්පකොටිම්හි ඩය්හති.
582
“චරක් පානය කළ හළාහල විෂය ජීවිතය විනාශ කෙරෙයි. (එසේම) සසුන හා විරුද්ධවූ (ඒ පවිටු මිනිසා) කප් කෙළ ගණනක් දැවේ.
583
‘‘ඛන්තියා අවිහිංසාය, මෙත්තචිත්තවතාය ච;
සදෙවකං සො තාරති, තස්මා තෙ අවිරාධියා (අවිරොධියො (සී.), තෙ අවිරොධියා (ස්‍යා.)).
583
“ක්‍ෂාන්තියෙන්ද, අවිහිංසාවෙන්ද මෙත් සිත් ඇති බැවින්ද ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතෙර කරණ සේක. එහෙයින් (උන් වහන්සේට) තොප විසින් විරුද්ධ නොවිය යුතුයි.
584
‘‘ලාභාලාභෙ න සජ්ජන්ති, සම්මානනවිමානනෙ;
පථවීසදිසා බුද්ධා, තස්මා තෙ න විරාධියා (තෙ න විරොධියා (සී. ස්‍යා.)).
584
“බුදුවරයෝ මහා පොළව වැනියහ. ලාභ අලාභ දෙක්හිද, සම්මානන අවමානන දෙක්හිද නොලැහෙත්. එහෙයින් උන්වහන්සේලා තොප විසින් විරුද්ධ නොවිය යුත්තෝය.
585
‘‘දෙවදත්තෙ ච වධකෙ, චොරෙ අඞ්ගුලිමාලකෙ;
රාහුලෙ ධනපාලෙ ච, සබ්බෙසං සමකො මුනි.
585
“බුදුරජාණන් වහන්සේ වධකවූ දේවදත්ත කෙරෙහිද, චෞරවූ අංගුලිමාල කෙරෙහිද, (මත්වී ඉදිරියට ආ) ධනපාල හස්තියා කෙරෙහිද, (ඖරස පුත්‍රවූ) රාහුල කෙරෙහිද යන මේ සියලු දෙනාහට සම මෙත් ඇති සේක.
586
‘‘එතෙසං පටිඝො නත්ථි, රාගොමෙසං න විජ්ජති;
සබ්බෙසං සමකො බුද්ධො, වධකස්සොරසස්ස ච.
586
“මොවුන්හට පටිඝ (තරහ) ක් නැත. එසේම මොවුනට රාගය (ඇලීමක්) නැත. සර්‍වඥ තෙමේ (මැරීමට ආ) වධකයාටද, (තමාගේම) ඖරස පුත්‍රයාටද සම මෙත් ඇත්තේය.
587
‘‘පන්ථෙ දිස්වාන කාසාවං, ඡඩ්ඩිතං මීළ්හමක්ඛිතං;
සිරස්මිං අඤ්ජලිං කත්වා, වන්දිතබ්බං ඉසිද්ධජං.
587
“මග අතහැර දැමූ අසූචි වැකුණු කසාවත (සිවුර) දැක ඎෂිධ්වජයයි මුදුනෙහි ඇඳිලි බැඳ වැඳිය යුතුය.
588
‘‘අබ්භතීතා ච යෙ බුද්ධා, වත්තමානා අනාගතා;
ධජෙනානෙන සුජ්ඣන්ති, තස්මා එතෙ නමස්සියා.
588
“අතීතයෙහිවූද, වර්‍තමානයෙහිවූද, අනාගතයෙහිවූද යම් බුදු කෙනෙක් වෙත් නම් මේ ඎෂිධජයෙන් (සිව්රෙන්) පිරිසිදුවෙත්. එහෙයින් මේ බුදුවරයෝ වැඳිය යුත්තාහුය.
589
‘‘සත්ථුකප්පං සුවිනයං, ධාරෙමි හදයෙනහං;
නමස්සමානො විනයං, විහරිස්සාමි සබ්බදා.
589
“බුදුරජාණන් වහන්සේ මෙන්ම මනා විනයනය මම සිතින් දරමි. හැමකල්හි විනය පිටකයට නමස්කාර කරමින් වසන්නෙමි.
590
‘‘විනයො ආසයො මය්හං, විනයො ඨානචඞ්කමං;
කප්පෙමි විනයෙ වාසං, විනයො මම ගොචරො.
590
“මාගේ ගෘහය විනයයි. සිටින තැනද, සක්මන් කරන තැනද, විනයයි. විනයයෙහි (දැරීම්, පැවැත්වීම්) වශයෙන් වාසය කරමි. විනය පිටකය මාගේ ගෝචරයයි.
591
‘‘විනයෙ පාරමිප්පත්තො, සමථෙ චාපි කොවිදො;
උපාලි තං මහාවීර, පාදෙ වන්දති සත්ථුනො.
591
“විනයයෙහි පරතෙරට පැමිණියාවූ, අධිකරණ සමථයෙහිද දක්‍ෂවූ උපාලි තෙමේ මහා වීරයන් වහන්ස, ශාස්තෘවූ ඔබ වහන්සේගේ දෙපා වඳියි.
592
‘‘සො අහං විචරිස්සාමි, ගාමා ගාමං පුරා පුරං;
නමස්සමානො සම්බුද්ධං, ධම්මස්ස ච සුධම්මතං.
592
“ඒ (උපාලිවූ) මම ධර්‍මය පිළිබඳ සුන්‍දර බව දැන එම ධර්‍මයටද, සම්‍යක් සම් බුදුරජාණන් වහන්සේටද වඳිමින් ගමින් ගමටද, නගරයෙන් නගරයටද (යමි.) මා විසින් කෙලෙස් දවන ලදී. සියලු භව සමූලඝාතනය කරණ ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ.
593
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
සබ්බාසවා පරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
593
“මා විසින් ක්ලේශයෝ දවන ලදහ. (නව) භවයෝ සමූලඝාතනය කරණ ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
594
‘‘ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
594
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
595
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
595
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
3-7. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානං 3-7. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථේරාපදානය
3-8. පිණ්ඩොලභාරද්වාජත්ථෙරඅපදානං 3-8. පිණ්ඩොල භාරද්වාජ ථේරාපදානය
3-9. ඛදිරවනියරෙවතත්ථෙරඅපදානං 3-9. ඛදිරවනිය රෙවත ථේරාපදානය
3-10. ආනන්දත්ථෙරඅපදානං 3-10. ආනන්‍ද ථේරාපදානය