ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
ථෙරාපදානපාළි ථෙරාපදානය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වග්ගය
1. බුද්ධඅපදානං 1. බුද්ධාපදානය
2. පච්චෙකබුද්ධඅපදානං 2. පච්චෙක බුද්ධාපදානය
3-1. සාරිපුත්තත්ථෙරඅපදානං 3-1. සාරීපුත්‍රථෙරාපදානය
141
‘‘හිමවන්තස්ස අවිදූරෙ, ලම්බකො නාම පබ්බතො;
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
141
“හිමවතට නුදුරෙහි “ලම්බක” නම් පර්‍වතයකි. එහි මට අසපුවක් කරණ ලදී. පන්සලක් මැනවින් මවන ලදී.
142
‘‘උත්තානකූලා නදිකා, සුපතිත්ථා මනොරමා;
සුසුද්ධපුළිනාකිණ්ණා, අවිදූරෙ මමස්සමං.
142
“මනාවූ (කුඩා) තොටුපලවල් ඇති, මනොඥවූ සුදෝ සුදු වැලි තලාවන්ගෙන් ගැවසී ගත් කුඩා ගඟ මාගේ අසපුව අවට නුදුරෙහි විය.
143
‘‘අසක්ඛරා අපබ්භාරා, සාදු අප්පටිගන්ධිකා;
සන්දතී නදිකා තත්ථ, සොභයන්තා මමස්සමං.
143
“බොරළු රහිත, ගැඹුරු ඉවුරු නැති, මනා ජලයෙන් යුත්, දුර්‍ගන්‍ධ විරහිතවූ (එම) කුඩා ගංගා තොම එහි මාගේ අසපුව හොබවමින් ගලා බසින්නීය.
144
‘‘කුම්භීලා මකරා චෙත්ථ, සුසුමාරා (සුංසුමාරා (සී. ස්‍යා. )) ච කච්ඡපා;
චරන්ති නදියා තත්ථ, සොභයන්තා මමස්සමං.
144
“කිඹුල්ලුද, මෝරුද මුඛයෙන් සූ සූ නදින් (දිය බුබුළු උඩට නගන සුංසුමාර නම්වූ) චණ්ඩ මත්ස්‍යයෝද, කැසුබුවෝද එහිවූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි සැරිසරත්.
145
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා (වජලා (සී. ස්‍යා.) ජලජා (පී.)) මුඤ්ජරොහිතා;
වග්ගළා (වග්ගුලා (සී.) වග්ගුළා (ස්‍යා.) මග්ගුරා (ථෙරගාථා)) පපතායන්තා, සොභයන්ති (පපතායන්ති, සොභයන්තා (ක.)) මමස්සමං.
145
“පෙටියෝද, පාවුස නම් (ලූල්ලු) මත්ස්‍යයෝද, වජල නම් (වලයෝ)මත්ස්‍යයෝද, මුඤ්ජ නම් (මොද්දු) මත්ස්‍යයෝද, රොහිත (රෙහෙරු) මත්ස්‍යයෝද, චග්ගුල නම් මත්ස්‍යයෝද පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
146
‘‘උභො කූලෙසු නදියා, පුප්ඵිනො ඵලිනො දුමා;
උභතො අභිලම්බන්තා, සොභයන්ති (අභිලම්බන්ති සොභයන්තා (ක.)) මමස්සමං.
146
“එම ගඟ දෙපසෙහි (හැමකල්හි) පිපුණු මල් ඇත්තාවූද, හටගත් ගෙඩි ඇත්තාවූද, වෘක්‍ෂයෝ දෙතෙරෙහි පහළට නැමුණාහු, මාගේ අසපුව හොබවත්.
147
‘‘අම්බා සාලා ච තිලකා, පාටලී සින්දුවාරකා (සින්දුවාරිකා (බහූසු));
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා මම අස්සමෙ.
147
“අඹ, සල්, මදට, පළොල්, නික යන මේ වෘක්‍ෂයෝ පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
148
‘‘චම්පකා සළලා නීපා (නිම්බා (ක.)), නාගපුන්නාගකෙතකා;
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා මම අස්සමෙ.
148
“සපු, සලල, කොළොම්, නා, දොඹ, වැටකේ යන වෘක්‍ෂයෝද, පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
149
‘‘අතිමුත්තා අසොකා ච, භගිනීමාලා ච පුප්ඵිතා;
අඞ්කොලා බිම්බිජාලා (බිම්බජාලා (ක.)) ච, පුප්ඵිතා මම අස්සමෙ.
149
“මාගේ අසපුවෙහි යොහොඹු, හෝපළු, භගිනි, මාලා යන වෘක්‍ෂයෝ මල් පිපී ගියාහුය. එසේම, රුකගුණ, රත්කරවු යන වෘක්‍ෂයෝද සුපුෂ්පිත වූවාහුය.
150
‘‘කෙතකා කන්දලි (කදලී (ස්‍යා.)) චෙව, ගොධුකා තිණසූලිකා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
150
“වැටකේ, කඳල, ගොවුක, බොලිද්ද යන වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
151
‘‘කණිකාරා කණ්ණිකා ච, අසනා අජ්ජුනා බහූ;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
151
“කිණිහිරිය, සිහින් මිදිය, පියාය, කුඹුක්ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
152
‘‘පුන්නාගා ගිරිපුන්නාගා, කොවිළාරා ච පුප්ඵිතා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
152
“දොඹය, ගිරි දොඹය (ගිරිපුන්නාහ), කොබෝ ලීලය යන වෘක්‍ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
153
‘‘උද්ධාලකා ච කුටජා, කදම්බා වකුලා බහූ;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
153
“ඇසළය, කෙළිඳය, කොළොම්ය, මුහුණ මල්ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
154
‘‘ආළකා ඉසිමුග්ගා ච, කදලිමාතුලුඞ්ගියො;
ගන්ධොදකෙන සංවඩ්ඪා, ඵලානි ධාරයන්ති තෙ.
154
“ආලකය, ඉසිමුග්ගය, (වනමුං) කෙසෙල්ය, ලප්නාරන්ය යන මේ වෘක්‍ෂයෝ සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
155
‘‘අඤ්ඤෙ පුප්ඵන්ති පදුමා, අඤ්ඤෙ ජායන්ති කෙසරී;
අඤ්ඤෙ ඔපුප්ඵා පදුමා, පුප්ඵිතා තළාකෙ තදා.
155
“(අසපුව අසලවූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කෙසර පද්මයෝ හට ගනිත්. ඇතැම් පිපුණු පද්මයෝ ගිලිහුණු පත් හා කෙසුරු ඇත්තෝ වෙත්.
156
‘‘ගබ්භං ගණ්හන්ති පදුමා, නිද්ධාවන්ති මුලාළියො;
සිංඝාටිපත්තමාකිණ්ණා, සොභන්ති තළාකෙ තදා.
156
“පද්මයෝ කැකුළුව හටගනිත්. නෙළුඹු අල (මඩ අතුරින් ඇත් දළ මෙන්) වැඩීමෙන් මහවිල් කටු (කටු දෙලු) පත්වලින් ගැවසීගත්තාහු හැමකල්හි (එම) විලෙහි බබළත්.
157
‘‘නයිතා අම්බගන්ධී ච, උත්තලී බන්ධුජීවකා;
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා තළාකෙ තදා.
157
“විල අසල පිපීගිය නයිතය අම්බ (පුෂ්ප) ගන්ධිය, උත්තාලීය, බඳුවද යන මේ ගස්හු හැම කල්හි දිව සුවඳ හමත්.
158
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා මුඤ්ජරොහිතා;
සංගුලා මග්ගුරා (මඞ්ගුරා (සී. ක.)) චෙව, වසන්ති තළාකෙ තදා.
158
“පෙටියෝද, පාවුසයෝද, වලප්ය, මුඤ්ජය, රොහිතය, සංගුලය, මංගුරය යන මත්ස්‍යයෝද එකල්හි තඩාගයෙහි වසත්.
159
‘‘කුම්භීලා සුසුමාරා ච, තන්තිගාහා ච රක්ඛසා;
ඔගුහා (ඔගාහා (ස්‍යා.)) අජගරා ච, වසන්ති තළාකෙ තදා.
159
“කිඹුල්ලුද, තන්නිගාහ රකුසෝය, මගුහය, අජකාර යන මොවුහු එකල්හි මෙම තඩාගයෙහි වසත්.
160
‘‘පාරෙවතා රවිහංසා, චක්කවාකා නදීචරා;
කොකිලා සුකසාළිකා, උපජීවන්ති තං සරං.
160
“පරෙවිය, රවිහංසය, සක්වා ලිහිණිය (නදීවරයාද), කොකිලය, ගිරාය, සාලිකය යන මේ පක්‍ෂීහු ඒ විල ඇසුරෙන් ජීවත් වෙති.
161
‘‘කුක්කුත්ථකා කුළීරකා, වනෙ පොක්ඛරසාතකා;
දින්දිභා සුවපොතා ච, උපජීවන්ති තං සරං.
161
“කුකුත්‍ථකය, කුලීරකය, වෙනෙහි වෙසෙන පොක්ඛර සාතකය, දින්දිභය, සුවපොතය (මලිත්තා) යන මේ පක්‍ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
162
‘‘හංසා කොඤ්චා මයූරා ච, කොකිලා තම්බචූළකා (තම්බචූළිකා (සී.));
පම්පකා ජීවංජීවා ච, උපජීවන්ති තං සරං.
162
“හංසයෝය, කොස්වා ලිහිණියෝය, මොණරු, කොව්ලෝය, හුන පුපුළෝය, ජිවඤ්ජිවයෝය යන මේ පක්‍ෂීහු මේ පක්‍ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
163
‘‘කොසිකා පොට්ඨසීසා ච, කුරරා සෙනකා බහූ;
මහාකාළා ච සකුණා, උපජීවන්ති තං සරං.
163
“බකමුහුණෝය, පොඨසීස නම් පක්‍ෂීහුය, කබරුස්සෝය, උකුස්සෝය, මහා කාල නම් පක්‍ෂීහුය යන බොහෝ පක්‍ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
164
‘‘පසදා ච වරාහා ච, චමරා ගණ්ඩකා බහූ (වකා භෙරණ්ඩකා බහූ (සී. ස්‍යා.));
රොහිච්චා සුකපොතා (සුත්තපොතා (ස්‍යා.)) ච, උපජීවන්ති තං සරං.
164
“පසදමෘගයෝය, ඌරෝය, වෘකයෝය, කැනහිල්ලුය, රොහිච්ච නම් මෘගයෝය, සුග්ගදී පොතයෝය යන බොහෝ මෘගයෝ එම විල ඇසුරුකොට ජීවත් වෙති.
165
‘‘සීහබ්‍යග්ඝා ච දීපී ච, අච්ඡකොකතරච්ඡකා;
තිධා පභින්නමාතඞ්ගා, උපජීවන්ති තං සරං.
165
“සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කරබානා වලස්සුය, තෙතැනකින් මද බිඳෙන (ත්‍රිමද ගලිත) ඇත්තුය ඒ විල ඇසුරුකොට වෙසෙත්.
166
‘‘කින්නරා වානරා චෙව, අථොපි වනකම්මිකා;
චෙතා ච ලුද්දකා චෙව, උපජීවන්ති තං සරං.
166
“කිඳුරෝද, වඳුරෝද, යලිදු වනයෙහි කර්‍මාන්තයන්හි යෙදුනෝද (මුවසේවටු ආදීහුද) දාසයෝද, වැද්දෝද, එම විල ඇසුරුකොට වෙසෙත්.
167
‘‘තින්දුකානි පියාලානි, මධුකා කාසුමාරයො (කාසමාරියො (ස්‍යා.));
ධුවං ඵලානි ධාරෙන්ති, අවිදූරෙ මමස්සමං.
167
“තිලිසිරිය, පිය, වැල්මීය (කාසුවාරියා) යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරුවම පල දරත්.
168
‘‘කොසම්බා (කොසුම්භා (සී. ස්‍යා.)) සළලා නිම්බා (සළලා නීපා (සී. ස්‍යා.) පනසා අම්බා (?)), සාදුඵලසමායුතා;
ධුවං ඵලානි ධාරෙන්ති, අවිදූරෙ මමස්සමං.
168
“මනාව හටගත් පලයන්ගෙන් යුත් කොසුම්භය, සලලය, කොළොම්ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරුවම පල දරත්.
169
‘‘හරීතකා ආමලකා, අම්බජම්බුවිභීතකා;
කොලා භල්ලාතකා බිල්ලා, ඵලානි ධාරයන්ති තෙ.
169
“අරළුය, නෙල්ලිය, අබය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, යන මෙකී වෘක්‍ෂයෝද පල දරත්.
170
‘‘ආලුවා ච කළම්බා ච, බිළාලීතක්කළානි ච;
ජීවකා සුතකා චෙව, බහුකා මම අස්සමෙ.
170
“ආළුය, කලම්බය, බිලාලීය, තක්කලය, ජීවකය, සුතකය යන බොහෝ අල වර්‍ගයෝ මාගේ අසපුවෙහි වෙති.
171
‘‘අස්සමස්සාවිදූරම්හි, තළාකාසුං සුනිම්මිතා;
අච්ඡොදකා සීතජලා, සුපතිත්ථා මනොරමා.
171
“අසපුවට නුදුරෙහි මැනවින් වැවූ, පිරිසිදු සිහිල් දිය ඇති, මනා තොටුපලවලින් යුත් මනරම්වූ තඩාගයෝ වූහ.
172
‘‘පදුමුප්පලසඤ්ඡන්නා , පුණ්ඩරීකසමායුතා;
මන්දාලකෙහි සඤ්ඡන්නා, දිබ්බගන්ධො පවායති.
172
“පුණ්ඩරීක (සුදු නෙලුම්) සහිත පියුම් (රතු නෙළුම්) උපුල්වලින් ආකුලවූ තඩාගයන්ගෙන් ගැවසී ගත්තාහුය. දිව සුවඳද හමයි. මදාරා ගස්වලින් යුක්තය.
173
‘‘එවං සබ්බඞ්ගසම්පන්නෙ, පුප්ඵිතෙ ඵලිතෙ වනෙ;
සුකතෙ අස්සමෙ රම්මෙ, විහරාමි අහං තදා.
173
“මෙසේ සුපුෂ්පිතව පල දැරුවාවූ, සර්‍වාඞ්ග සම්පූර්‍ණ වණයෙහි මැනවින් කරණ ලද රම්‍යවූ ආශ්‍රමයෙහි මම හැම කල්හි වෙසෙමි.
174
‘‘සීලවා වතසම්පන්නො (වත්තසම්පන්නො (ස්‍යා.)), ඣායී ඣානරතො සදා;
පඤ්චාභිඤ්ඤාබලප්පත්තො, සුරුචි නාම තාපසො.
174
“සිල්වත්ව, වෘත සම්පන්නව ධ්‍යාන කරණ සුළු වූයේ, හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ, පඤ්චාභිඥා බලයට පැමිණියේ “සුරුචි” නම් තවුසෙක් වීමි.
175
‘‘චතුවීසසහස්සානි, සිස්සා මය්හං උපට්ඨහු;
සබ්බෙව බ්‍රාහ්මණා එතෙ, ජාතිමන්තො යසස්සිනො.
175
“සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහුය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත්, කිර්තිමත් බ්‍රාහ්මණයෝ වූහ.
176
‘‘ලක්ඛණෙ ඉතිහාසෙ ච, සනිඝණ්ටුසකෙටුභෙ;
පදකා වෙය්‍යාකරණා, සධම්මෙ පාරමිං ගතා.
176
“(ඔවුහු) අංගලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, වේදත්‍රයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහිද, පරතෙරට ගියාහු, නාම පදාදියෙහි දක්‍ෂවූහ. එසේම ව්‍යාකරණාදියෙහිද දක්‍ෂයෝ වූහ.
177
‘‘උප්පාතෙසු නිමිත්තෙසු, ලක්ඛණෙසු ච කොවිදා;
පථබ්‍යා භූමන්තලික්ඛෙ, මම සිස්සා සුසික්ඛිතා.
177
“උල්කාපාත, භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාත ශාස්ත්‍රයෙහිද, ශුභා ශුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහිද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන්ගේ ලක්‍ෂණ දන්නා ශාස්ත්‍රයෙහිද, දක්‍ෂවූවාහු පෘථිවිය පිළිබඳවූද, අහස පිළිබඳවූද, ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්‍ෂවූහ.
178
‘‘අප්පිච්ඡා නිපකා එතෙ, අප්පාහාරා අලොලුපා;
ලාභාලාභෙන සන්තුට්ඨා, පරිවාරෙන්ති මං සදා.
178
“අල්පෙච්ඡවූ, අල්පාහාරවූ, ලොල්බව නොමැති, ප්‍රාඥවූ මොව්හු ලාභ අලාභ දෙකින්ම එකසේ සතුටුවූවාහු, හැමකල්හි මා පිරිවරත්.
179
‘‘ඣායී ඣානරතා ධීරා, සන්තචිත්තා සමාහිතා;
ආකිඤ්චඤ්ඤං පත්ථයන්තා, පරිවාරෙන්ති මං සදා.
179
“ධ්‍යාන කරණ සුළුවූ, ධ්‍යානයෙහි ඇළුනු, ධෛර්‍ය්‍යවත්වූ, ශාන්තවූ, එකඟවූ සිත් ඇති, පළිබෝධ විරහිත බව කැමති වන්නාවූ එම තව්සෝ හැමකල්හි මා පිරිවරත්.
180
‘‘අභිඤ්ඤාපාරමිප්පත්තා, පෙත්තිකෙ ගොචරෙ රතා;
අන්තලික්ඛචරා ධීරා, පරිවාරෙන්ති මං සදා.
180
“පඤ්චාභිඥාවන්හි පරතෙරට පත්, අනුන්හට වචනයෙන් කියා (විඤ්ඤත්තියෙන්) පිළියෙලකර නොගත් බුදුන් වහන්සේ විසින් අනුදන්නා ලද ආහාරයෙහි ඇළුනාහු, අහසින් යාම් ඊම් කරන්නාවූ, වීර ගති ඇති එම තවුසෝ හැම කල්හි මා පිරිවරත්.
181
‘‘සංවුතා ඡසු ද්වාරෙසු, අනෙජා රක්ඛිතින්ද්‍රියා;
අසංසට්ඨා ච තෙ ධීරා, මම සිස්සා දුරාසදා.
181
“සදොර සංවරණය කරගත්, තෘෂ්ණාවෙන් තොර, සුරැකි ඉඳුරන් ඇති, ගිහියන් සමග නොගැටෙන, ලංවිය නොහැක්කාවූ ඒ ධෛර්‍ය්‍යවත් මාගේ ශිෂ්‍යයෝ
182
‘‘පල්ලඞ්කෙන නිසජ්ජාය, ඨානචඞ්කමනෙන ච;
වීතිනාමෙන්ති තෙ රත්තිං, මම සිස්සා දුරාසදා.
182
“ගැටීමට නුසුදුසුවූ මොවුහු පළඟ බැඳීමෙන්, හිඳීමෙන් හා සක්මන් කිරීමෙන්ද රාත්‍රිය ගෙවත්.
183
‘‘රජනීයෙ න රජ්ජන්ති, දුස්සනීයෙ න දුස්සරෙ;
මොහනීයෙ න මුය්හන්ති, මම සිස්සා දුරාසදා.
183
“ලංවිය නොහැක්කාවූ මාගේ (ඒ) ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නොඇලෙත්. ගැටියයුතු දෙයෙහි නොගැටෙත්. මුළාවියයුතු දෙයෙහි මුළා නොවෙත්
184
‘‘ඉද්ධිං වීමංසමානා තෙ, වත්තන්ති නිච්චකාලිකං;
පථවිං (පඨවිං (සී. ස්‍යා.)) තෙ පකම්පෙන්ති, සාරම්භෙන දුරාසදා.
184
“යුගග්‍රාහයෙන් හෙවත් කලහ කිරීමෙන් ගැටීමට නුසුදුසුවූ ඒ මාගේ ශිෂ්‍යයෝ පෘථිවිය කම්පණය කරත්. නිරතුරුවම විකුර්‍වණ ඎද්‍ධි විමසමින් පවතිත්.
185
‘‘කීළමානා ච තෙ සිස්සා, කීළන්ති ඣානකීළිතං;
ජම්බුතො ඵලමානෙන්ති, මම සිස්සා දුරාසදා.
185
“එම ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම් ධ්‍යාන ක්‍රීඩාවම කරත්. ළංවිය නොහැකි තෙදින් යුත් ඔවුහු (දඹදිව ප්‍රසිද්ධ) දඹ රුකින් ගෙඩි ගෙනෙත්.
186
‘‘අඤ්ඤෙ ගච්ඡන්ති ගොයානං, අඤ්ඤෙ පුබ්බවිදෙහකං (පුබ්බවිදෙහනං (ස්‍යා. ක.));
අඤ්ඤෙ ච උත්තරකුරුං, එසනාය දුරාසදා.
186
“ලංවිය නොහැක්කාවූ ඔවුනතුරෙන් ඇතැමෙක් ප්‍රත්‍ය සෙවීම පිණිස අපරගොයානයට යෙත්. ඇතැමෙක් පූර්‍වවිදේහයටද, ඇතැමෙක් උතුරුකුරු දිවයිනටද යෙත්.
187
‘‘පුරතො පෙසෙන්ති ඛාරිං, පච්ඡතො ච වජන්ති තෙ;
චතුවීසසහස්සෙහි, ඡාදිතං හොති අම්බරං.
187
“අහසින් යන්නාවූ මාගේ ශිෂ්‍යයෝ තවුස් පිරිකර කද යවති. ඔවුහු පසුව යෙත්. සූවිසි දහසක්වූ ඔවුන් විසින් අහස් තලය වසන ලද්දේ වේ.
188
‘‘අග්ගිපාකී අනග්ගී ච, දන්තොදුක්ඛලිකාපි ච;
අස්මෙන කොට්ටිතා කෙචි, පවත්තඵලභොජනා.
188
“ඔවුනතුරෙන් ඇතැමෙක් (පලාඵලපත්‍රාදිය) ගින්නෙන් පිස කති. ඇතැමෙක් නොපිස අමුවෙන්ම කති. ඇතැමෙක් දත්වලින්ම පොතු ගලවා කති. කිසිවෙක් වනෙහි ලා කොටාගෙන කති. (එසේම) ඇතැමෙක් ගලින් කොටා කති. ඇතැමෙක් ස්වයං පතිත ඵලාහාරයෙන් ජීවත් වෙති.
189
‘‘උදකොරොහණා කෙචි, සායං පාතො සුචීරතා;
තොයාභිසෙචනකරා, මම සිස්සා දුරාසදා.
189
“ලංවිය නොහැක්කාවූ මාගේ ශිෂ්‍යයෝ ශුද්‍ධිය කැමති වන්නාහු, දියෙන් තෙමා තෙමීම කරන්නාහු, උදැහැනද, සවසද දියෙහි ගිලෙති.
190
‘‘පරූළ්හකච්ඡනඛලොමා, පඞ්කදන්තා රජස්සිරා;
ගන්ධිතා සීලගන්ධෙන, මම සිස්සා දුරාසදා.
190
“දුරාසදවූ මාගේ ශිෂ්‍යයෝ කැසි (කිසිලි) නිය ලොම් ඇත්තාහු, මල බැඳුණු දත් ඇත්තාහු, දූවිලි මැකුණු හිස් ඇත්තාවූ සීල සුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූහ.
191
‘‘පාතොව සන්නිපතිත්වා, ජටිලා උග්ගතාපනා;
ලාභාලාභං පකිත්තෙත්වා, ගච්ඡන්ති අම්බරෙ තදා.
191
“එකල්හි උත්‍ර තපස් ඇති ජටාධරවුූ මෙම තවුසෝ උදෑසනම (තමාවෙත) රැස්ව (ඔවුනට ලැබුණු) කුඩා මහත් ලාභයන් කියා අහසෙහි යති.
192
‘‘එතෙසං පක්කමන්තානං, මහාසද්දො පවත්තති;
අජිනචම්මසද්දෙන, මුදිතා හොන්ති දෙවතා.
192
“(එසේ) යන්නාවූ ඔවුන්ගේ වැහැරි සිව්රුවලින් හටගත් මහා ශබ්ද පවතී. අලුත් දිවිසම් හඬින් දෙවියෝ සොම්නස්වූවාහු වෙති.
193
‘‘දිසොදිසං පක්කමන්ති, අන්තලික්ඛචරා ඉසී;
සකෙ බලෙනුපත්ථද්ධා, තෙ ගච්ඡන්ති යදිච්ඡකං.
193
“අහසෙහි හැසිරෙන්නාවූ එම ඎෂීහු දිසානුදිසාවනට ගමන් කෙරෙති. ස්වකීය ශරීර බලයෙන් හා ධ්‍යාන බලයෙන් යුත් ඔවුහු යම් යම් තැනකට යනු කැමැත්තාහු නම් ඒ ඒ තැනටම යෙත්.
194
‘‘පථවීකම්පකා එතෙ, සබ්බෙව නභචාරිනො;
උග්ගතෙජා දුප්පසහා, සාගරොව අඛොභියා.
194
“මේ සියළුතන්හි කැමතිසේ හැසිරෙන මොවුහු හැමදෙනම පෘථිවි කම්පණයෙහි සමත්වූවෝද, අහසෙහි හැසිරීමෙහි දක්‍ෂවූවෝද, උග්‍ර තේජස් ඇත්තාහුද, අභිභවනය කළ නොහැක්කාවූද, සයුර මෙන් අනුන් විසින් නොකැළඹිය හැක්කේ වෙයි.
195
‘‘ඨානචඞ්කමිනො කෙචි, කෙචි නෙසජ්ජිකා ඉසී;
පවත්තභොජනා කෙචි, මම සිස්සා දුරාසදා.
195
“ගුණයන් කරණකොට ලංවිය නොහැක්කාවූ මාගේ ශිෂ්‍යයන්ගෙන් ඇතැමෙක් සිටීමය, සක්මන් කිරීමය යන ඉරියව් දෙකින් යුක්තයෝය. ඇතැමෙක් හිඳීම් ඉරියව් පමණක් ඇති ඎෂිවරයෝය. (එසේම) ඇතැමෙක් ස්වයං පතිත ඵල අනුභව කරන්නෝ වෙති.
196
‘‘මෙත්තාවිහාරිනො එතෙ, හිතෙසී සබ්බපාණිනං;
අනත්තුක්කංසකා සබ්බෙ, න තෙ වම්භෙන්ති කස්සචි.
196
“මොවුහු සව්සත්නට හිතවත්වූවාුි, මෛත්‍රී විහරණ ඇත්තාහුය. සියල්ලෝම තමා උසස්කොට නොදක්වන්නේය. කිසිවෙකු හෙළා දකින්නෝද නොවෙති.
197
‘‘සීහරාජාවසම්භීතා, ගජරාජාව ථාමවා;
දුරාසදා බ්‍යග්ඝාරිව, ආගච්ඡන්ති මමන්තිකෙ.
197
“සිහ රජුන් මෙන් නිර්භීතව, ඇත් රජුන් මෙන් බලවත්ව, ව්‍යාඝ්‍රයන් මෙන් ලංවිය නොහැක්කන්ව (එම ඎෂීහු) මාගේ සමීපයට පැමිණෙත්.
198
‘‘විජ්ජාධරා දෙවතා ච, නාගගන්ධබ්බරක්ඛසා;
කුම්භණ්ඩා දානවා ගරුළා, උපජීවන්ති තං සරං.
198
“විද්‍යාධරයෝද, දේවතාවෝද, නාග, ගාන්‍ධර්‍ව, රාක්‍ෂස, කුම්භාණ්ඩ, අසුර, ගුරුළු යන මොවුහුද ඒ විල ඇසුරෙන් වෙසෙත්.
199
‘‘තෙ ජටාඛාරිභරිතා, අජිනුත්තරවාසනා;
අන්තලික්ඛචරා සබ්බෙ, උපජීවන්ති තං සරං.
199
“ජටාවන්හි හා තවුස් පිරිකර කදවල බර උසුලන්නාවූ, අඳුන් දිවි සම් උත්තරාසඞ්ගයන් ඇති ආකාශචාරීහු හා සියළුම ඎෂීහු එම විල ඇසුරෙන් වෙසෙති.
200
‘‘සදානුච්ඡවිකා (තදානුච්ඡවිකා (ස්‍යා. ක.)) එතෙ, අඤ්ඤමඤ්ඤං සගාරවා;
චතුබ්බීසසහස්සානං, ඛිපිතසද්දො න විජ්ජති.
200
හැම කල්හි මනා පැවතුම් ඇති මෙම ඎෂීහු ඔවුනොවුන්ට ගෞරව සහිතවූවාහු සූවිසි දහසක්වූ මොවුන්ගේ කිඹිසිලි ශබ්දයකුදු නැත.
201
‘‘පාදෙ පාදං නික්ඛිපන්තා, අප්පසද්දා සුසංවුතා;
උපසඞ්කම්ම සබ්බෙව (සබ්බෙ තෙ (ස්‍යා.)), සිරසා වන්දරෙ මමං.
201
“පියෙහි පිය නොතබන්නාහු නිශ්ශබ්දව මනා සංවරයෙන් යුත්ව සියල්ලෝම මා වෙත එළඹ හිස නමා වඳිත්.
202
‘‘තෙහි සිස්සෙහි පරිවුතො, සන්තෙහි ච තපස්සිභි;
වසාමි අස්සමෙ තත්ථ, ඣායී ඣානරතො අහං.
202
“ශාන්තවූ තපෝ ගුණ ඇති එම සිසුන් විසින් පිරිවරණ ලදුයේ මම එම අසපුවෙහි ධ්‍යාන කරණ සුළුව, ධ්‍යානයෙහි ඇළුනේ වෙසෙමි.
203
‘‘ඉසීනං සීලගන්ධෙන, පුප්ඵගන්ධෙන චූභයං;
ඵලීනං ඵලගන්ධෙන, ගන්ධිතො හොති අස්සමො.
203
“ඎෂීන්ගේ සිල් සුවඳින්ද, (මල්වල) සුවඳින්ද යන මේ උභය සුගන්ධයෝ හා ගෙඩිවල සුවඳින්ද අසපුව සුවඳවත්වේ.
204
‘‘රත්තින්දිවං න ජානාමි, අරති මෙ න විජ්ජති;
සකෙ සිස්සෙ ඔවදන්තො, භිය්‍යො හාසං ලභාමහං.
204
“රෑ දාවල් නොදනිමි. මාගේ සිත්හි කුසල් දහම්හි නොඇලීමක් නැත. මම සියළු සිසුන්ට අවවාද කරන්නේ වැඩියක්ම ප්‍රීතිය ලබමි.
205
‘‘පුප්ඵානං පුප්ඵමානානං, ඵලානඤ්ච විපච්චතං;
දිබ්බගන්ධා පවායන්ති, සොභයන්තා මමස්සමං.
205
“පිපෙන්නාවූ මල්වලද, පැසෙන්නාවූ ගෙඩිවලද දිව්‍යමයවූ සුගන්ධයෝ මාගේ අසපුව හොබවමින් හමත්.
206
‘‘සමාධිම්හා වුට්ඨහිත්වා, ආතාපී නිපකො අහං;
ඛාරිභාරං ගහෙත්වාන, වනං අජ්ඣොගහිං අහං.
206
“එකල්හි මම සමාධියෙන් නැගිට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සප්‍රාඥවූයේ, තවුස් පිරිකර කදෙහි බරද ගෙන වනයට පිවිසෙමි.
207
‘‘උප්පාතෙ සුපිනෙ චාපි, ලක්ඛණෙසු සුසික්ඛිතො;
පවත්තමානං (වත්තමානං (ක.)) මන්තපදං, ධාරයාමි අහං තදා.
207
“(උල්කාපාත භූමි චලනාදී භූත විකෘතීන් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාත ශාස්ත්‍රයෙහිද, සිහිනයන් පිළිබඳ ශුභා ශුභ දැනගන්නා සුපින ශාස්ත්‍රයෙහිද, අංග ලක්‍ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද මැනවින් හික්මුනේ, මුළු දඹදිවම පවත්නා මන්ත්‍ර පදද දරමි.
208
‘‘අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො;
විවෙකකාමො සම්බුද්ධො, හිමවන්තමුපාගමි.
208
“ලෝකයෙහි ජ්‍යෙෂ්ඨවූද, නරශ්‍රේෂ්ඨවූද, සියල්ල දත්තාවූ, අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ විවේක සැප කැමති සේක් හිමවතට එළඹිසේක.
209
‘‘අජ්ඣොගාහෙත්වා හිමවන්තං, අග්ගො කාරුණිකො මුනි;
පල්ලඞ්කං ආභුජිත්වාන, නිසීදි පුරිසුත්තමො.
209
“පුරුෂෝත්තමවූ, අග්‍ර කාරුණීකවූ, බුදුරජාණන් වහන්සේ හිමවතට පිවිස පළඟ බැඳ වැඩහුන් සේක.
210
‘‘තමද්දසාහං සම්බුද්ධං, සප්පභාසං මනොරමං;
ඉන්දීවරංව ජලිතං, ආදිත්තංව හුතාසනං.
210
“මහනෙල් මලක් මෙන් ප්‍රභාව සහිතවූ, මනරම්වූද යාග ද්‍රව්‍ය අනුභව කරන්නාවූ, දිලිසෙන ගින්නක් වැනිවූ, බුදුරජාණන් වහන්සේ එහිදී දුටුවෙමු.
211
‘‘ජලන්තං දීපරුක්ඛංව, විජ්ජුතං ගගණෙ යථා;
සුඵුල්ලං සාලරාජංව, අද්දසං ලොකනායකං.
211
“පහන් රුකක් මෙන් දිලිසෙන්නාවූද, අහසෙහි විදුලියක් වැනිවූද, මනාව පිපීගිය සල් රුකක් වැනිවූද, බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
212
‘‘අයං නාගො මහාවීරො, දුක්ඛස්සන්තකරො මුනි;
ඉමං දස්සනමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චරෙ.
212
“මේ අග නම්වූ, පව් නැති මහාවීරවූ, දුක් කෙළවර කරන්නාවූ බුදුරජාණන් වහන්සේය. මේ දර්‍ශනය නිසා (සත්ත්‍වයෝද) සියළු දුකින් මිදෙත්.
213
‘‘දිස්වානාහං දෙවදෙවං, ලක්ඛණං උපධාරයිං;
බුද්ධො නු ඛො න වා බුද්ධො, හන්ද පස්සාමි චක්ඛුමං.
213
“දෙවියන්ට දෙවිවූ උන්වහන්සේ දැක මම බුදුකෙනෙක් දෝයි ලක්‍ෂණ පරීක්‍ෂා කෙළෙමි. ඒකාන්තයෙන් පසැස් ඇති උතුමෙකැයි දකිමි.
214
‘‘සහස්සාරානි චක්කානි, දිස්සන්ති චරණුත්තමෙ;
ලක්ඛණානිස්ස දිස්වාන, නිට්ඨං ගච්ඡිං තථාගතෙ.
214
“උතුම්වූ ශ්‍රී පාදයන්හි දහසක් ඇති චක්‍ර ලක්‍ෂණයෝ පෙනෙත්. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ දැක තථාගත බැව්හි නිශ්චයට පැමිණියෙමි.
215
‘‘සම්මජ්ජනිං ගහෙත්වාන, සම්මජ්ජිත්වානහං තදා;
අථ පුප්ඵෙ සමානෙත්වා, බුද්ධසෙට්ඨං අපූජයිං.
215
“එකල්හි මුස්න ගෙන හැමද මල් ගෙනවුත් බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ පිදීමි.
216
‘‘පූජයිත්වාන තං බුද්ධං, ඔඝතිණ්ණමනාසවං;
එකංසං අජිනං කත්වා, නමස්සිං ලොකනායකං.
216
“චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පුදා, අඳුන් දිවි සම් සකස්කොට ලෝකනායකවූ තථාගතයන් වහන්සේට නමස්කාර කෙළෙමි.
217
‘‘යෙන ඤාණෙන සම්බුද්ධො, විහරති (විහරිත්ථ (සී.), විහරෙති (ක.)) අනාසවො;
තං ඤාණං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
217
“ආශ්‍රව රහිතවූ බුදුරජාණන් වහන්සේ යම් කාරණයකින් යුක්තව වැඩ විසූ සේක් නම් යම් කාරණයකින් ඒ ඥානය කියන්නෙමි. කියන්නාවූ මාගේ ඒ වචනය අසව්.
218
‘‘‘සමුද්ධරසිමං (සමුද්ධරයිමං (ස්‍යා.)) ලොකං, සයම්භූ අමිතොදය;
තව දස්සනමාගම්ම, කඞ්ඛාසොතං තරන්ති තෙ.
218
“අමතොදය හෙවත් අපමණවූ දියුණුව ඇති බුදුරජාණන් වහන්ස, මේ ලෝකවාසී සත්ත්‍වයා නගාලනු මැනවි. ඔබ වහන්සේගේ දර්‍ශනය නිසා සැකය නැමැති සැඩ පහර තරණය කෙරෙත්.
219
‘‘‘තුවං සත්ථා ච කෙතු ච, ධජො යූපො ච පාණිනං;
පරායණො (පරායනො (ස්‍යා. ක.)) පතිට්ඨා ච, දීපො ච ද්විපදුත්තමො.
219
“ඔබ වහන්සේ සත්ත්‍වයන්ගේ ශාස්තෘ වන සේක. (උසස් බැවින්) ජයකොඩියද, (ලෙව්හි ප්‍රකට බැවින්) ධර්‍මවිජයද, (තිලොවෙහිම උඩට නැගී පෙනෙන බැවින් ඔසවා බිම සිටුවන ලදී.) යාගස්තම්භයද වන සේක. ඔබ වහන්සේම දෙපා ඇතියනට උතුම් වන සේක. (මොහඳුර නසන බැවින්) ප්‍රදීපයද (භවසත්නට) උතුම් පිහිටද පිහිටන තැනද වන සේක.
220
‘‘‘සක්කා සමුද්දෙ උදකං, පමෙතුං ආළ්හකෙන වා;
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා පමෙතවෙ.
220
“සමුදුරෙහි ජලය නැළියකින් මිණුමට හැකිවුවද, ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය මිණුමට නොහැක්කේමය.
221
‘‘‘ධාරෙතුං පථවිං සක්කා, ඨපෙත්වා තුලමණ්ඩලෙ;
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා ධරෙතවෙ.
221
“මහපොළොව තරාදි තට්ටුවේ තබා කිරා බැලීමට හැකිවුවද, ඔබ වහන්සේ හෝ සර්‍වතාඥානය කිරා බැලීමට නොහැක්කේමැයි.
222
‘‘‘ආකාසො මිනිතුං සක්කා, රජ්ජුයා අඞ්ගුලෙන වා;
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා පමෙතවෙ.
222
“අහස රැහැනෙන් හෝ අඟුලෙන් හෝ මිණිය හැකිවුවද, ඔබ වහන්සේ ගේ සර්‍වතාඥානය මිණුමට නොහැක්කේමය.
223
‘‘‘මහාසමුද්දෙ උදකං, පථවී චාඛිලා ජටං (පථවිං චාඛිලඤ්ජහෙ (ස්‍යා.));
බුද්ධඤාණං උපාදාය, උපමාතො න යුජ්ජරෙ.
223
“බුද්‍ධඥානය තෙම මහා සමුද්‍රයෙහි අපමණවූ ජලයද, අප්‍රමාණවූ මහ පොළොවද ඉක්මවා යයි. බුදු නැණ නිසා උපමා වශයෙන් කිසි වස්තු කෙනෙක් නොයෙදෙත්මැයි.
224
‘‘‘සදෙවකස්ස ලොකස්ස, චිත්තං යෙසං පවත්තති;
අන්තොජාලීකතා (අන්තොජාලගතා (පී.)) එතෙ, තව ඤාණම්හි චක්ඛුම.
224
“පසැස් අතියාණන් වහන්ස, දෙවියන් සහිත සත්ත්‍ව ලෝකයෙහි යම් පමණ සත්ත්‍ව කෙනෙක් පිළිබඳව සිත පවතී නම් එපමණවු මේ සත්ත්‍ව සමූහයා ඔබ වහන්සේගේ නුවණ නැමැති දැලෙහි ඇතුලට පිවිසියාහු වෙති.
225
‘‘‘යෙන ඤාණෙන පත්තොසි, කෙවලං බොධිමුත්තමං;
තෙන ඤාණෙන සබ්බඤ්ඤු, මද්දසී පරතිත්ථියෙ’.
225
“සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ යම් නුවණක් කරණකොට ගෙන හුදු උතුම්වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙහිද, එම ඥානය කරණකොට ගෙන අන්‍ය තීර්ත්‍ථකයන් මඩිනෙහිය.
226
‘‘ඉමා ගාථා ථවිත්වාන, සුරුචි නාම තාපසො;
අජිනං පත්ථරිත්වාන, පථවියං නිසීදි සො.
226
“ඒ සුරුචිනම් තවුස්තෙම (සෙසු අටුවාවන්හි සරද තවුස්යයි දක්වා ඇත.) මෙම ගාථාවන්ගෙන් (උන්වහන්සේට) ස්තූතිකොට පොළවෙහි අඳුන් දිවිසම එලා හිඳගත්තේය.
227
‘‘චුල්ලාසීතිසහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ;
අච්චුගතො තාවදෙව, ගිරිරාජා පවුච්චති.
227
“මහමේරු පර්‍වත රාජයා මහසමුදුරෙහි යොදුන් අසූහාරදහසක් ඇතුළට බැසගත්තේ එපමණට (යොදුන් අසූහාරදහසක්) (සමුදුරෙන්) උඩට ඇත්තේයයි කියනු ලැබේ.
228
‘‘තාව අච්චුග්ගතො නෙරු, ආයතො විත්ථතො ච සො;
චුණ්ණිතො අණුභෙදෙන, කොටිසතසහස්සසො (සහස්සියො (ස්‍යා. ක.)).
228
“දිගු පුළුලිනුදු එපමණම උස්ව නැගුනු මේරු පර්වතය කෙළ ලක්‍ෂගණන්වූ අණුභෙදයන් සුණු කරණ ලද්දේ,
229
‘‘ලක්ඛෙ ඨපියමානම්හි, පරික්ඛයමගච්ඡථ;
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා පමෙතවෙ.
229
“(එම අණු නම් සියුම් කොටස්) අලගු බවට තැබූයේ නමුදු ඔබ වහන්සේ ගේ සර්‍වතාඥානය ප්‍රමාණ කරන්නට නොහැක්කේමය.
230
‘‘සුඛුමච්ඡිකෙන ජාලෙන, උදකං යො පරික්ඛිපෙ;
යෙ කෙචි උදකෙ පාණා, අන්තොජාලීකතා සියුං.
230
“යමෙක් සියුම් ඇස් සිදුරු ඇති දැලක් දියෙහි දමාද එවිට ජලයෙහි යම්කිසි ප්‍රාණී කෙනෙක් වෙත් නම් (ඔවුහු) එම දැළ තුලට වදින්නාහුය.
231
‘‘තථෙව හි මහාවීර, යෙ කෙචි පුථුතිත්ථියා;
දිට්ඨිගහනපක්ඛන්දා (පක්ඛන්තා (සී. ස්‍යා.)), පරාමාසෙන මොහිතා.
231
“මහා වීරයන් වහන්ස, එසේම යම්කිසි පෘථග්ජන තීර්ත්‍ථක කෙනෙක් දෙසැට මිසදිටු නැමැති (ගෙතුනුවන) ගහනයට පිවිසියාහු එම මිසදිටු දැඩිකොට ගැනීම් වශයෙන් මුලාවූවාහු වෙත්.
232
‘‘තව සුද්ධෙන ඤාණෙන, අනාවරණදස්සිනා;
අන්තොජාලීකතා එතෙ, ඤාණං තෙ නාතිවත්තරෙ.
232
“නිරාවරණවූ දක්නා සුළුවූ ඔබ වහන්සේ ගේ පිරිසිදු ඥානය කරණකොටගෙන තමන් වහන්සේගේ නැණ ඇතුළට පිවිසියාවූ මේ තීර්ත්‍ථකයෝ ඔබ වහන්සේ ගේ නුවණ නොඉක්මවත්.
233
‘‘භගවා තම්හි සමයෙ, අනොමදස්සී මහායසො;
වුට්ඨහිත්වා සමාධිම්හා, දිසං ඔලොකයී ජිනො.
233
“පස්මරුන් දිනූ මහා යසස්කවූ අනවමදර්ශී නම් භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි සමාධියෙන් නැගිට සියලු දිශාවලෝකනය කළ සේක.
234
‘‘අනොමදස්සිමුනිනො, නිසභො නාම සාවකො;
පරිවුතො සතසහස්සෙහි, සන්තචිත්තෙහි තාදිභි.
234
“අනවමදර්ශී නම් බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකතෙම සන්සිඳුනු සිත් ඇති (අට ලෝ දහම්හි නොසැලෙන) තාදී ගුණ යුත් ශුද්‍ධවූ ශඩභිඥා ඇති ධ්‍යාන කරණ සුළුවූ ලක්‍ෂ ගණන් රහතුන් විසින් පිරිවරණ ලදුයේ, බුදුරජාණන් වහන්සේගේ සිත දැන (ඒ) ලෝක නායකයන් වහන්සේ වෙත එළඹියේය.
235
‘‘ඛීණාසවෙහි සුද්ධෙහි, ඡළභිඤ්ඤෙහි ඣායිභි;
චිත්තමඤ්ඤාය බුද්ධස්ස, උපෙසි ලොකනායකං.
235
236
‘‘අන්තලික්ඛෙ ඨිතා තත්ථ, පදක්ඛිණමකංසු තෙ;
නමස්සන්තා පඤ්ජලිකා, ඔතරුං (ඔරුහුං (ස්‍යා.)) බුද්ධසන්තිකෙ.
236
“එහි අහසෙහි සිටියාවූ එම පිරිස (බුදුරජාණන් වහන්සේ) ප්‍රදක්‍ෂිණා කළාහුය. බැඳැඳිලි ඇතිව නමඳිමින් සර්‍වඥයන් වහන්සේ වෙතට බැස්සාහුය.
237
‘‘අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො;
භික්ඛුසඞ්ඝෙ නිසිදිත්වා, සිතං පාතුකරී ජිනො.
237
“ලෝකයේ ජ්‍යෙෂ්ඨවූ, පස්මරුන් දිනුවාවූ, අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා ඉදිරියෙහි වැඩ හිඳ සිනා පහළ කළ සේක.
238
‘‘වරුණො නාමුපට්ඨාකො, අනොමදස්සිස්ස සත්ථුනො;
එකංසං චීවරං කත්වා, අපුච්ඡි ලොකනායකං.
238
“මහර්ෂිවූ සර්‍වඥයන් වහන්සේගේ “වරුණ” නම් උපස්ථායක තෙමේ සිව්ර එකස්කොට ගෙන ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළෝය.
239
‘‘‘කො නු ඛො භගවා හෙතු, සිතකම්මස්ස සත්ථුනො;
න හි බුද්ධා අහෙතූහි, සිතං පාතුකරොන්ති තෙ’.
239
“භාග්‍යවතුන් වහන්ස, ශාස්තෘවූ ඔබ වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක්ද? ඒ සර්‍වඥ බුදුවරයාේ අකාරණයෙන් සිනා පහළ නොකරති.”
240
‘‘අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො;
භික්ඛුමජ්ඣෙ නිසීදිත්වා, ඉමං ගාථං අභාසථ.
240
ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂඨවූ අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද හිඳ මෙම ගාථාව වදාළ සේක.
241
‘‘‘යො මං පුප්ඵෙන පූජෙසි, ඤාණඤ්චාපි අනුත්ථවි;
තමහං කිත්තයිස්සාමි, සුණොථ මම භාසතො.
241
“යම් තව්සෙක් තෙම මා මලින් පිදීද, මාගේ (සර්‍වඥතා) ඥානයට නැවත නැවත ස්තූති කෙළේද, ඒ තවුසා (කවරෙක්දැයි) මම තොපට පැහැදිලි කරන්නෙමි. එය පවසන්නාවූ මාගේ වචනය අසව්.
242
‘‘‘බුද්ධස්ස ගිරමඤ්ඤාය, සබ්බෙ දෙවා සමාගතා;
සද්ධම්මං සොතුකාමා තෙ, සම්බුද්ධමුපසඞ්කමුං.
242
“බුදුරජාණන් වහන්සේගේ වචනය දැන සියලු දෙවියෝ එක්වූහ. සද්ධර්‍මය අසනු කැමැත්තාවූ ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහුය.
243
‘‘‘දසසු ලොකධාතූසු, දෙවකායා මහිද්ධිකා;
සද්ධම්මං සොතුකාමා තෙ, සම්බුද්ධමුපසඞ්කමුං.
243
“සියලු ලෝක ධාතූන්හි මහර්ධි ඇති ඒ දේව සමූහයා සද්ධර්‍මය අසනු කැමැත්තාහු, බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහුය.
244
‘‘‘හත්ථී අස්සා රථා පත්තී, සෙනා ච චතුරඞ්ගිනී;
පරිවාරෙස්සන්තිමං නිච්චං, බුද්ධපූජායිදං ඵලං.
244
“ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනග නිතර මා පිරිවරන්නාහුය. බුද්‍ධ පූජාවෙහි මේ ඵලයයි.
245
‘‘‘සට්ඨිතූරියසහස්සානි, භෙරියො සමලඞ්කතා;
උපට්ඨිස්සන්තිමං නිච්චං, බුද්ධපූජායිදං ඵලං.
245
“සැට දහසක් තූර්‍ය්‍යයෝද, අලංකාර කළ ගෙරීහුද, මට නිතර (වැඩීමෙන්) උවටැන් කරන්නාහුය. මෙය බුද්ධ පූජාවෙහි ඵලයයි.
246
‘‘‘සොළසිත්ථිසහස්සානි, නාරියො සමලඞ්කතා;
විචිත්තවත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා.
246
“මැනවින් අලංකාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු, විසිතුරු ආභරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු, නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. බුද්ධ පූජාවෙහි මේ බලයයි.
247
‘‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, බුද්ධපූජායිදං ඵලං.
247
248
‘‘‘කප්පසතසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං චක්කවත්තී, රාජා රට්ඨෙ භවිස්සති.
248
“කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව් ලොවෙහි සිත් අලවා වසන්නේය. දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය.
249
‘‘‘සහස්සක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං (අසඞ්ඛයං (ස්‍යා. ක.) එවමුපරිපි).
249
“ශක්‍ර දේවේන්ද්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. (කරන්නාවූ) උදාරවූ ප්‍රදේශ රාජ්‍යයන් ගණන් වශයෙන් අප්‍රමාණය.
250
‘‘‘පච්ඡිමෙ භවසම්පත්තෙ (පච්ඡිමභවෙ සම්පත්තෙ (සී.)), මනුස්සත්තං ගමිස්සති;
බ්‍රාහ්මණී සාරියා නාම, ධාරයිස්සති කුච්ඡිනා.
250
“අන්තිම (රහත්වන) භවය පැමිණි කල්හි මිනිසත් බවට පැමිණෙන්නේය. “සාරී” නම් බැමිණිය හෝ කුසින් දරන්නීය.
251
‘‘‘මාතුයා නාමගොත්තෙන, පඤ්ඤායිස්සතියං නරො;
සාරිපුත්තොති නාමෙන, තික්ඛපඤ්ඤො භවිස්සති.
251
“මේ තැනැත්තේ මවගේ නාම ගෝත්‍රයෙන් ප්‍රකට වන්නේය. නාමයෙන් ශාරීපුත්‍ර නම්වූ තීක්‍ෂණ ප්‍රඥා ඇත්තෙක් වන්නේය.
252
‘‘‘අසීතිකොටී ඡඩ්ඩෙත්වා, පබ්බජිස්සතිකිඤ්චනො;
ගවෙසන්තො සන්තිපදං, චරිස්සති මහිං ඉමං.
252
“අසූ කෙළක් ධනය හැරදමා අකිඤ්චනව (ධනය නැත්තෙක්ව) පැවිදිවන්නේය. මොක්‍ෂ පදය සොයමින් මේ පෘථිවියෙහි සැරිසරන්නේය.
253
‘‘‘අප්පරිමෙය්‍යෙ ඉතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
253
“මෙයින් අපරිමෙය කල්පයෙහි (එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි) ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය.
254
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
සාරිපුත්තොති නාමෙන, හෙස්සති අග්ගසාවකො.
254
“උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ඇති ඖරස බුද්‍ධපුත්‍රවූ, ධර්‍මයෙන්ම මවාලූවාක් වැනි නම්න් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් වන්නේය.
255
‘‘‘අයං භාගීරථී (භාගීරසී (ස්‍යා. ක.)) ගඞ්ගා, හිමවන්තා පභාවිතා;
මහාසමුද්දමප්පෙති, තප්පයන්තී මහොදධිං (මහොදධී (?) ගඞ්ගාදිමහානදියොති අත්ථො).
255
“හිමවතින් පටන්ගත් භාගීරථී ගංගා තොමෝ ජලස්කන්‍ධය බස්වමින් සාගරයට පැමිණෙන්නීය.
256
‘‘‘තථෙවායං සාරිපුත්තො, සකෙ තීසු විසාරදො;
පඤ්ඤාය පාරමිං ගන්ත්වා, තප්පයිස්සති පාණිනෙ (පාණිනො (සී. ස්‍යා.)).
256
“එසේම මේ ශාරීපුත්‍ර තෙමේ ස්වකීය (කුල පරම්පරාවෙහි) පවත්නාවූ ත්‍රිවේදයෙහි විශාරදවූයේ, ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරට ගොස් (සියලු) සත්ත්‍වයන් සන්තර්‍පණය කරන්නේය.
257
‘‘‘හිමවන්තමුපාදාය, සාගරඤ්ච මහොදධිං;
එත්ථන්තරෙ යං පුලිනං, ගණනාතො අසඞ්ඛියං.
257
“හිමාලය පර්‍වතයෙහි පටන් මහා ජලස්කන්‍ධය දරන්නාවූ සයුර දක්වා මේ අතරෙහි යම් පමණ වැලි කැට රැසක් ඇද්ද, එය ගණන් වශයෙන් අසඞ්ඛ්‍යවේ.
258
‘‘‘තම්පි සක්කා අසෙසෙන, සඞ්ඛාතුං ගණනා යථා;
න ත්වෙව සාරිපුත්තස්ස, පඤ්ඤායන්තො භවිස්සති.
258
“ඒ වැලි රැසද නිරවශෙෂයෙන් (සම්පූර්‍ණයෙන්) ගණන මෙපමණයයි ප්‍රමාණ කරන්නට හැකිවන්නේ නමුදු ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේය.
259
‘‘‘ලක්ඛෙ ඨපියමානම්හි, ඛීයෙ ගඞ්ගාය වාලුකා;
න ත්වෙව සාරිපුත්තස්ස, පඤ්ඤායන්තො භවිස්සති.
259
“අලගු තබන කල්හිද, ගංගා නම් නදියෙහි වැලි අවසන් වන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේමැයි.
260
‘‘‘මහාසමුද්දෙ ඌමියො, ගණනාතො අසඞ්ඛියා;
තථෙව සාරිපුත්තස්ස, පඤ්ඤායන්තො න හෙස්සති.
260
“මහ සයුරෙහි රළ ගණන් වශයෙන් මෙපමණයයි සංඛ්‍යා කළ හැකි නොවේ. එසේම ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේමැයි.
261
‘‘‘ආරාධයිත්වා සම්බුද්ධං, ගොතමං සක්‍යපුඞ්ගවං;
පඤ්ඤාය පාරමිං ගන්ත්වා, හෙස්සති අග්ගසාවකො.
261
“ශාක්‍යකුල ශ්‍රේෂ්ඨවූ ගෞතම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සතුටුකොට, ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරෙට ගොස් අග්‍රශ්‍රාවකයෙක් වන්නේය.
262
‘‘‘පවත්තිතං ධම්මචක්කං, සක්‍යපුත්තෙන තාදිනා;
අනුවත්තෙස්සති සම්මා, වස්සෙන්තො ධම්මවුට්ඨියො.
262
“තාදී ගුණ ඇති (අට ලෝ දහම්හි නොසැලෙන) (සර්‍වඥවූ) ශාක්‍ය පුත්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද ධර්‍ම චක්‍රය (සද්ධර්‍මය) මැනවින් දහම් වැසි වස්වමින් ඒ අනුවම පවත්වන්නේය.
263
‘‘‘සබ්බමෙතං අභිඤ්ඤාය, ගොතමො සක්‍යපුඞ්ගවො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, අග්ගට්ඨානෙ ඨපෙස්සති’.
263
“ශාක්‍යකුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සියල්ල (වෙසෙසින්) නුවණින් දැන භික්‍ෂු සංඝයා මද්‍ධ්‍යයෙහි හිඳ අග්‍රස්ථානයෙහි තබන්නේය.
264
‘‘අහො මෙ සුකතං කම්මං, අනොමදස්සිස්ස සත්ථුනො;
යස්සාහං කාරං (යස්සාධිකාරං (ස්‍යා.)) කත්වාන, සබ්බත්ථ පාරමිං ගතො.
264
“අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි මා විසින් පුණ්‍ය කර්මයක් මැනවින් කරණ ලදී. යම් ඒ අනවමදර්ශී නම් බුදුවරයෙක් වීද, උන්වහන්සේ විෂයෙහි එකී පුණ්‍යසම්භාරය කොට සියලු ගුණ සමූහයෙහි පරතෙරෙට ගියේ වෙමි. ආශ්චර්‍ය්‍යයෙකි.
265
‘‘අපරිමෙය්‍යෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං අහං.
265
“අපමණ කලක් මුළුල්ලෙහි මා විසින් කරණ ලද කුශල කර්‍ම ඵලය මේ පශ්චිමාත්මභාවයෙහිදී දැක්වීය. (දුනුදියෙන්) මැනවින් මිදීගිය හී වේගය මෙන් මම කෙළෙස් දැවීමි.
266
‘‘අසඞ්ඛතං ගවෙසන්තො, නිබ්බානං අචලං පදං;
විචිනං තිත්ථියෙ සබ්බෙ, එසාහං සංසරිං භවෙ.
266
“හේතු ප්‍රත්‍ය වශයෙන් සංස්කරණය නොවන බැවින් අසංස්කෘතවූ, නිශ්චලවූ, නිර්‍වාණ පදය සොයන්නේ සියළු තීර්ත්‍ථකයන් පරීක්‍ෂා කරන්නේ එකල්හි මම භවයෙහි සැරිසැරුවෙමි.
267
‘‘යථාපි බ්‍යාධිතො පොසො, පරියෙසෙය්‍ය ඔසධං;
විචිනෙය්‍ය වනං (ධනං (ස්‍යා. ක.)) සබ්බං, බ්‍යාධිතො පරිමුත්තියා.
267
“ලෙඩකින් පෙළෙන්නාවූ පුරුෂයෙක් තෙම ලෙඩින් මිදීම පිණිස යම් සේ ඖෂධයක් සොයන්නේද, සියළු වනය (ඖෂධ පිණිස) පරීක්‍ෂා කරන්නේද,
268
‘‘අසඞ්ඛතං ගවෙසන්තො, නිබ්බානං අමතං පදං;
අබ්බොකිණ්ණං (අබ්බොච්ඡින්නං (අට්ඨ.)) පඤ්චසතං, පබ්බජිං ඉසිපබ්බජං.
268
“අසංස්කෘත (හේතු ප්‍රත්‍ය බලයෙන් සකස් නොවන) අමෘත පදයවූ නිර්‍වාණය සොයන්නේ, අවිච්ඡින්නව (නොකඩවා පිළිවෙළින්) පන්සියයක් ජාතීන්හි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවීමි.
269
‘‘ජටාභාරෙන භරිතො, අජිනුත්තරනිවාසනො;
අභිඤ්ඤාපාරමිං ගන්ත්වා, බ්‍රහ්මලොකං අගච්ඡිහං.
269
“මම තවුස් දළමඩුළු බරින් බරවූයේ, අඳුන් දිවි සමින් කළ උතුරු සළු පොරවන්නේ, අභිඥාවරුන්ගේ පරතෙරට පැමිණ බඹලොව ගියෙමි.
270
‘‘නත්ථි බාහිරකෙ සුද්ධි, ඨපෙත්වා ජිනසාසනං;
යෙ කෙචි බුද්ධිමා සත්තා, සුජ්ඣන්ති ජිනසාසනෙ.
270
“බුදුසසුන හැර ඉන් පිටත්හිවූ සසුනක ශුද්‍ධියක් නැත. බුද්ධිමත්වූ කිසියම් සත්ත්‍ව කෙනෙක් වෙත්නම් සර්‍වඥ ශාසනයෙහි ශුද්ධිය ලබත්.
271
‘‘අත්තකාරමයං (අත්ථකාරමයං (ක.)) එතං, නයිදං ඉතිහීතිහං;
අසඞ්ඛතං ගවෙසන්තො, කුතිත්ථෙ (කුතිත්ථං (සී. ස්‍යා.)) සඤ්චරිං අහං.
271
“මෙය තමා විසින් කරණ ලද පුණ්‍ය කර්‍ම බලයෙන් ජනිතවූවකි. මෙය මෙසේ වීයයි කියන ප්‍රළාපයක් නොවේ. මම නිවණ සොයන්නේ වැරදි තීර්ත්‍ථයන්හි හැසුරුනෙමි.
272
‘‘යථා සාරත්ථිකො පොසො, කදලිං ඡෙත්වාන ඵාලයෙ;
න තත්ථ සාරං වින්දෙය්‍ය, සාරෙන රිත්තකො හි සො.
272
“යම්සේ හර කැමැත්තාවූ පුරුෂයෙක් තෙම කෙසෙල් ගසක් කපා පලන්නේද, (හෙතෙම) එහි හරයක් නොලබන්නේයි. එය හරයෙන් තොර ගසකි.
273
‘‘තථෙව තිත්ථියා ලොකෙ, නානාදිට්ඨී බහුජ්ජනා;
අසඞ්ඛතෙන රිත්තාසෙ, සාරෙන කදලී යථා.
273
“එසේම ලෝකයෙහි තීර්ත්‍ථකයෝද, නා නා දෘෂ්ඨි ගත් බොහෝ දෙනාද නිවණින් හිස්වූවෝම වෙති. හරයෙන් හිස්වූ කෙසෙල්ගස් මෙනි.
274
‘‘පච්ඡිමෙ භවසම්පත්තෙ, බ්‍රහ්මබන්ධු අහොසහං;
මහාභොගං ඡඩ්ඩෙත්වාන, පබ්බජිං අනගාරියං.
274
“අන්තිම භවය පැමිණි කල්හි මම බ්‍රහ්මබන්ධු හෙවත් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙක් වීමි. මහත්වූ භොකස්කන්‍ධය හැර අනගාර්‍ය්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි.
275
‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
බ්‍රාහ්මණො සඤ්චයො (සඤ්ජයො (සී. ස්‍යා. පී.)) නාම, තස්ස මූලෙ වසාමහං.
275
“වේද හදාරන්නාවූ, මන්ත්‍රධරවූ, ත්‍රී වේදයෙහි පරතෙරට ගිය සඤ්ජය නම් බමුණෙක් විය. මම ඔවුන්ගේ සමීපයෙහි වසමි.
276
‘‘සාවකො තෙ මහාවීර, අස්සජි නාම බ්‍රාහ්මණො;
දුරාසදො උග්ගතෙජො, පිණ්ඩාය චරතී තදා.
276
“මහා වීරයන් වහන්ස, අස්සජි නම් බ්‍රාහ්මණ තෙම ඔබ වහන්සේ ගේ ශ්‍රාවකයෙක් විය. එකල්හි ලංවිය නොහැක්කාවූ, උග්‍රවූ තේජස් ඇති උන්වහන්සේ පිඬු පිණිස හැසිරෙන සේක.
277
‘‘තමද්දසාසිං සප්පඤ්ඤං, මුනිං මොනෙ සමාහිතං;
සන්තචිත්තං මහානාගං, සුඵුල්ලං පදුමං යථා.
277
“මැනවින් පිපි පියුමක් වැනිවූ, අති ශ්‍රේෂ්ඨවූ, ශාන්ත සිත් ඇති, සප්‍රාඥවූ, මොන නම්වූ ඥානයෙහි එකඟ සිත් ඇති ඒ ස්ථවිරයන් වහන්සේ දුටුවෙමි.
278
‘‘දිස්වා මෙ චිත්තමුප්පජ්ජි, සුදන්තං සුද්ධමානසං;
උසභං පවරං වීරං, අරහායං භවිස්සති.
278
“දැක මැනවින් දමනයවූ පිරිසිදු සිත් ඇති ශ්‍රේෂ්ඨවූද, උත්තමවූද, වීරවූද මුන්වහන්සේ රහත් කෙනෙක් වන්නේයයි මා තුළ අදහසක් ඇතිවිය.
279
‘‘පාසාදිකො ඉරියති, අභිරූපො සුසංවුතො;
උත්තමෙ දමථෙ දන්තො, අමතදස්සී භවිස්සති.
279
“දුටුවන් පහදවන සුළුවූයේ ඉරියව් පවත්වයි. මනා රූ ඇත්තේය. සංවරණය කළ ඉඳුරන් ඇත්තේය. උතුම් දමනයෙන් දැමුනු අමෘත (නිවණ) දක්නා සුළු කෙනෙක් වන්නේය.
280
‘‘යංනූනාහං උත්තමත්ථං, පුච්ඡෙය්‍යං තුට්ඨමානසං;
සො මෙ පුට්ඨො කථෙස්සති, පටිපුච්ඡාමහං තදා.
280
“මම සතුටු සිත් ඇති උන්වහන්සේගෙන් (තමන් වහන්සේ පැමිණ සිටින) උතුම් ඵලය ගැන විචාරන්නෙම් නම් ඉතා යෙහෙකි. මා විසින් විචාරණ ලද හෙතෙම (එය) කියන්නේය. එකල්හි මම නැවත විචාරමි.
281
‘‘පිණ්ඩපාතං (පිණ්ඩචාරං (ස්‍යා.)) චරන්තස්ස, පච්ඡතො අගමාසහං;
ඔකාසං පටිමානෙන්තො, පුච්ඡිතුං අමතං පදං.
281
“මම අමෘත පදය ගැන විචාරන්නට අවසරයක් බලමින් පිඬු පිණිස හැසිරෙන්නාවූ උන්වහන්සේ පසුපසින් ගියෙමි.
282
‘‘වීථින්තරෙ අනුප්පත්තං, උපගන්ත්වාන පුච්ඡහං;
‘කථං ගොත්තොසි ත්වං වීර, කස්ස සිස්සොසි මාරිස’.
282
“මම වීථිය තුළට පැමිණි උන්වහන්සේ වෙත එළඹ, “වීරයන් වහන්ස, ඔබ කිනම් ගෝත්‍ර ඇත්තේ වෙහිද? නිදුකාණන් වහන්ස, කවරෙකුගේ ශිෂ්‍යයෙක් වෙහිද?”
283
‘‘සො මෙ පුට්ඨො වියාකාසි, අසම්භීතොව කෙසරී;
‘බුද්ධො ලොකෙ සමුප්පන්නො, තස්ස සිස්සොම්හි ආවුසො’.
283
“මා විසින් විචාරණ ලද උන්වහන්සේ කේශර සිංහයෙකු මෙන් නිර්භීතව මෙසේ ප්‍රකාශ කළ සේක. “බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේකි. ඇවැත්නි, මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි” යි කියායි.
284
‘‘‘කීදිසං තෙ මහාවීර, අනුජාත මහායස;
බුද්ධස්ස සාසනං ධම්මං, සාධු මෙ කථයස්සු භො’.
284
“අනුජාත බුද්ධ පුත්‍රයාණෙනි, මනස් ඇත්තාණෙනි, මහා වීරයාණෙනි, ඔබගේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්‍මය කෙබඳුද? පින්වත, මට ඒ යහපත්වූ ශාසනය පවසනු මැනව.”
285
‘‘සො මෙ පුට්ඨො කථී සබ්බං, ගම්භීරං නිපුණං පදං;
තණ්හාසල්ලස්ස හන්තාරං, සබ්බදුක්ඛාපනූදනං.
285
“මා විසින් විචාරණ ලද හෙතෙම ගැඹුරුවූ, සියුම්වූ, තෘෂ්ණා නමැති හුල නැතිකරන්නාවූ, සියලු දුක් නැතිකරන්නාවූ අමෘත පද නම් ධර්‍මය මෙසේ පැවසීය.
286
‘‘‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ;
තෙසඤ්ච යො නිරොධො, එවං වාදී මහාසමණො’.
286
“හේතු ප්‍රභවවූ හෙවත් හේතූන් නිසා ඇතිවන්නාවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් ඇත්නම් එම (ඵල) ධර්‍මද, එකී ඵල ධර්‍මයන්ගේ ඇතිවීම වන්නාවූ හේතු ධර්‍මද, තථාගතයන් වහන්සේ වදාළහ. (එසේම උන්වහන්සේ) මෙකී හේතු ධර්‍මයන්ගේ වැළැක්ම (නිරෝධය) ද, හේතු නිරෝධයෙන් ඇති වන්නාවූ ඵල නිරෝධයද වදාළ සේක. මහා ශ්‍රමණවූ බුදුරජාණන් වහන්සේ මෙබඳු කථා ඇති සේක යනුයි.
287
‘‘සොහං විස්සජ්ජිතෙ පඤ්හෙ, පඨමං ඵලමජ්ඣගං;
විරජො විමලො ආසිං, සුත්වාන ජිනසාසනං.
287
“ඒ මම ප්‍රශ්නය (මෙසේ) විසඳූ කල්හි ප්‍රථම ඵලයට හෙවත් සෝවාන් ඵලයට පත්වීමි. (එම) බුද්‍ධානුශාසනය අසා කෙලෙස් රජස් රහිතවූ නිර්‍මල කෙනෙක් වීමි.
288
‘‘සුත්වාන මුනිනො වාක්‍යං, පස්සිත්වා ධම්මමුත්තමං;
පරියොගාළ්හසද්ධම්මො, ඉමං ගාථමභාසහං.
288
“(අස්සජි) තෙරුන්ගේ වචනය අසා උත්තමවූ ධර්‍මය (ආර්‍ය්‍ය මාර්‍ගයෙන්) දැක බැසගන්නාලද බුදුසසුන් ඇත්තෝ මම මේ ගාථාව කීමි.
289
‘‘‘එසෙව ධම්මො යදි තාවදෙව, පච්චබ්‍යථපදමසොකං;
අදිට්ඨං අබ්භතීතං, බහුකෙහි කප්පනහුතෙහි’.
289
“ධර්‍මය මෙයය. ඉදින් මෙයට වඩා උසස් ධර්‍මයක් නැත. නිර්‍වාණ පදය (ඔබ) ප්‍රතිවේධ කළෙහිය. බොහෝවූ කල්ප නහුත ගණනක් ඉක්මවන ලද නමුත් නොදක්නා ලදී.
290
‘‘ස්වාහං ධම්මං ගවෙසන්තො, කුතිත්ථෙ සඤ්චරිං අහං;
සො මෙ අත්ථො අනුප්පත්තො, කාලො මෙ නප්පමජ්ජිතුං.
290
“ඒ මම ධර්‍මය සොයන්නේ දහම් නැති තැන්වල හැසුරුණෙමි. ඛේදයකි. මාගේ ඒ අර්ත්‍ථය සම්පූර්‍ණ විය. මට පමා නොවන්නට කාලයයි.
291
‘‘තොසිතොහං අස්සජිනා, පත්වාන අචලං පදං;
සහායකං ගවෙසන්තො, අස්සමං අගමාසහං.
291
“අස්සජි තෙරුන් විසින් සතුටු කරණ ලද මම නිශ්චලවූ අමෘත පදයට (සෝවාන් ඵලයට) පැමිණ මිත්‍රයා (කෝලිත) සොයමින් අසපුවට ගියෙමි.
292
‘‘දූරතොව මමං දිස්වා, සහායො මෙ සුසික්ඛිතො;
ඉරියාපථසම්පන්නො (ඉරියාපථං මමං දිස්වා (ක.)), ඉදං වචනමබ්‍රවි.
292
“මාගේ මනාව හික්මුනාවූ මිත්‍ර තෙමේ දුරදීම සන්හුන් ඉරියව්වලින් මා දැක මෙම වචනය කිය.
293
‘‘‘පසන්නමුඛනෙත්තොසි, මුනිභාවොව දිස්සති;
අමතාධිගතො කච්චි, නිබ්බානමච්චුතං පදං.
293
“(ඔබ) පහන්වූ මුහුණ හා නෙත් ඇත්තෙහිය. භික්‍ෂුවකගේ ස්වභාවය මෙන් පෙනේ. කිම අමෘතය (නිවණ) අවබෝධ කළෙහිද? අච්‍යුත නම් නිර්‍වාණ පදය අධිගම කෙළෙහිද?
294
‘‘‘සුභානුරූපො ආයාසි, ආනෙඤ්ජකාරිතො විය;
දන්තොව දන්තදමථො (දන්තොවුත්තමදමථො (සී.) දන්තොව දන්ත දමථෙ (ස්‍යා.)), උපසන්තොසි බ්‍රාහ්මණ.
294
“(ඔබ) පහන් පැහැයට සුදුසුව පැමිණෙන්නෙහිය. (හෙණ්ඩු) ආදියෙන් නිශ්චල බවට පත්කළ ඇතෙකු මෙනි. මනාව හික්මුණු කෙනෙකු මෙනි. බ්‍රාහ්මණය, (ඔබ) ශික්‍ෂිත ශික්‍ෂා ඇත්තේ සන්සිඳුනේ වෙහිද?
295
‘‘‘අමතං මයාධිගතං, සොකසල්ලාපනූදනං;
ත්වම්පි තං අධිගච්ඡෙසි (අධිගච්ඡාහි (සී.), අධිගච්ඡෙහි (ස්‍යා.), අධිගතොසි (?)), ගච්ඡාම බුද්ධසන්තිකං’.
295
“ශෝකය නමැති හුල දුරු කරන්නාවූ (ඇද දවන්නාවූ) අමෘතය (නිර්වාණය) මා විසින් අවබෝධ කර ගන්නා ලදී. ඔබද එය අවබෝධ කර ගනුව. (අපි) බුදුරජාණන් වහන්සේගේ සමීපයට යමු.”
296
‘‘සාධූති සො පටිස්සුත්වා, සහායො මෙ සුසික්ඛිතො;
හත්ථෙන හත්ථං ගණ්හිත්වා, උපගම්ම (උපාගමි (සී.), උපාගම්ම (ස්‍යා.)) තවන්තිකං.
296
“මාගේ හික්මුණාවූ ඒ යහළු තෙමේ මැනවයි පිළිවදන් දී, අතින් අත ගෙන ඔබ වහන්සේගේ සමීපයට පැමිණියෙමි.
297
‘‘උභොපි පබ්බජිස්සාම, සක්‍යපුත්ත තවන්තිකෙ;
තව සාසනමාගම්ම, විහරාම අනාසවා.
297
“ශාක්‍ය පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේගේ සමීපයෙහි දෙදෙනම පැවිදි වන්නෙමු. ඔබ වහන්සේගේ සසුන නිසා ආශ්‍රව රහිතව වසමු.
298
‘‘කොලිතො ඉද්ධියා සෙට්ඨො, අහං පඤ්ඤාය පාරගො;
උභොව එකතො හුත්වා, සාසනං සොභයාමසෙ.
298
“කෝලිත තෙමේ ඎද්‍ධි දැක්වීමෙන් ශ්‍රේෂ්ඨය. මම ප්‍රඥාවගේ පරතෙරෙට ගියෙමි. දෙදෙනම එක්ව සසුන හොබවමි.
299
‘‘අපරියොසිතසඞ්කප්පො , කුතිත්ථෙ සඤ්චරිං අහං;
තව දස්සනමාගම්ම, සඞ්කප්පො පූරිතො මම.
299
“අවසන් නොවූ බලාපොරොත්තු ඇත්තේ නොයා යුතු මගෙහි හැසුරුණෙමි. ඔබ වහන්සේගේ දැකීම නිසා මාගේ බලාපොරොත්තුව සම්පූර්‍ණ විය.
300
‘‘පථවියං පතිට්ඨාය, පුප්ඵන්ති සමයෙ දුමා;
දිබ්බගන්ධා සම්පවන්ති, තොසෙන්ති සබ්බපාණිනං.
300
“පොළොවෙහි පිහිටි වෘක්‍ෂයෝ (හෙමන්ත) කාලයෙහි පිපෙත්. සියලු ප්‍රාණීන් සතුටු කරත්. දිව සුවඳ හමත්.
301
‘‘තථෙවාහං මහාවීර, සක්‍යපුත්ත මහායස;
සාසනෙ තෙ පතිට්ඨාය, සමයෙසාමි පුප්ඵිතුං.
301
“මහා වීරයන් වහන්ස, ශාක්‍ය පුත්‍රයන් වහන්ස, මහ යසස් ඇත්තාණන් වහන්ස, (එසේම) ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා (රහත් මග නුවණින්) පිපෙන්නට සුදුසු කාලය සොයමි.
302
‘‘විමුත්තිපුප්ඵං එසන්තො, භවසංසාරමොචනං;
විමුත්තිපුප්ඵලාභෙන, තොසෙමි සබ්බපාණිනං.
302
“සංසාරයෙන් මුදවන්නාවූ විමුක්තිය නමැති පුෂ්පය සොයන්නේ (දැන්) එම විමුක්ති පුෂ්ප ලාභයෙන් සියලු සත්ත්‍වයන් සතුටු කරමි.
303
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, ඨපෙත්වාන මහාමුනිං;
පඤ්ඤාය සදිසො නත්ථි, තව පුත්තස්ස චක්ඛුම.
303
“පසැස් ඇතියාණන් වහන්ස, බුද්‍ධ ක්‍ෂෙත්‍රය යම් පමණ වේනම් ඒ සියළු තන්හි (කෝටි ලක්‍ෂයක් සක්වළ) සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ හැර ප්‍රඥාවෙන් ඔබ වහන්සේගේ පුත්‍රයාට (ශාරීපුත්‍රයන්ට) සමාන කෙනෙක් නැත.
304
‘‘සුවිනීතා ච තෙ සිස්සා, පරිසා ච සුසික්ඛිතා;
උත්තමෙ දමථෙ දන්තා, පරිවාරෙන්ති තං සදා.
304
“ඔහුගේ ශිෂ්‍යයෝද සුවිනීතයෝය. පිරිසිඳ මැනවින් හික්මුණේය. උතුම් ශික්‍ෂාවෙහි දමනයවූවෝ හැමකල්හි හේ (ඒ ශාරීපුත්‍ර) පිරිවරත්.
305
‘‘ඣායී ඣානරතා ධීරා, සන්තචිත්තා සමාහිතා;
මුනී මොනෙය්‍යසම්පන්නා, පරිවාරෙන්ති තං සදා.
305
“ධ්‍යාන කරණ සුළුවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ, ධ්‍රෛ්‍යවත්වූ, ශාන්ත සිත් ඇති, සන්සුන්වූ, නැණවත් (මොන නම්වූ නුවණින්) යුත් භික්‍ෂූහු හැමකල්හි හේ පිරිවරත්.
306
‘‘අප්පිච්ඡා නිපකා ධීරා, අප්පාහාරා අලොලුපා;
ලාභාලාභෙන සන්තුට්ඨා, පරිවාරෙන්ති තං සදා.
306
“අල්පෙච්ඡවූ, ප්‍රාඥවූ, ධ්‍රෛ්‍යයවත්වූ, ස්වල්පාහාර ගන්නාවූ, ලොල් නොවූ, ලාභ අලාභ දෙකෙහි සමව සතුටු වන්නාවූ, (භික්‍ෂූහු) හේ පිරිවරත්.
307
‘‘ආරඤ්ඤිකා ධුතරතා, ඣායිනො ලූඛචීවරා;
විවෙකාභිරතා ධීරා, පරිවාරෙන්ති තං සදා.
307
“අරණෙහි වසන්නාවූ (ආරණ්‍යක ධූතාඞ්ගධාරීවූ) ධ්‍යාන කරන්නාවූ, රූක්‍ෂ චීවරධාරී (ගොරෝසු සිව්රු දරන්නාවූ) විවේකයෙහි ඇළුනාවූ, ධ්‍රෛ්‍යවත්වූ (භික්‍ෂූහු) හැමකල්හි හේ පිරිවරත්.
308
‘‘පටිපන්නා ඵලට්ඨා ච, සෙඛා ඵලසමඞ්ගිනො;
ආසීසකා (ආසිංසකා (සී. ස්‍යා.)) උත්තමත්ථං, පරිවාරෙන්ති තං සදා.
308
“පිළිපන් සිව්මග ඇති, සතර ඵලයෙහි පිහිටියාවූ, සෙසු ඵල තුනින්ද යුත් මේ සීමිත ශෛක්‍ෂයෝ නිවණ බලාපොරොත්තුවන්නාවූ හේ හැමකල්හි පිරිවරත්.
309
‘‘සොතාපන්නා ච විමලා, සකදාගාමිනො ච යෙ;
අනාගාමී ච අරහා, පරිවාරෙන්ති තං සදා.
309
“යම් පිරිසිදුවූ සෝතාපන්න මාර්‍ග පලයනට පැමිණියේද, සකෘදාගාමීහුද, අනාගාමීහුද, රහත්හුද වෙත්නම් ඔවුහු හැමකල්හි හේ පිරිවරත්.
310
‘‘සතිපට්ඨානකුසලා, බොජ්ඣඞ්ගභාවනාරතා;
සාවකා තෙ බහූ සබ්බෙ, පරිවාරෙන්ති තං සදා.
310
“(සතර) සතිපට්ඨානයන්හි දක්‍ෂවූවෝද (සප්ත) බොද්‍ධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනෝද, බොහෝවූ ඒ සියලු ශ්‍රාවකයෝ හැමකල්හි හේ පිරිවරත්.
311
‘‘ඉද්ධිපාදෙසු කුසලා, සමාධිභාවනාරතා;
සම්මප්පධානානුයුත්තා, පරිවාරෙන්ති තං සදා.
311
“(සතර වැදෑරුම්වූ) ඎද්‍ධිපාදයන්හි දක්‍ෂවූවෝද, සමාධි භාවනාවෙහි ඇළුනෝද, (සතර) සම්‍යක් ප්‍රධානයෙහි යෙදුනෝද හේ හැමකල්හි පිරිවරත්.
312
‘‘තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච, ඉද්ධියා පාරමිං ගතා;
පඤ්ඤාය පාරමිං පත්තා, පරිවාරෙන්ති තං සදා.
312
“ත්‍රිවිද්‍යා ඇත්තෝද, ෂඩභිඥා ඇත්තෝද, ඎද්‍ධියෙන් හා ප්‍රඥාවෙන් පරතෙරට ගියෝද හේ හැමකල්හි පිරිවරත්.
313
‘‘එදිසා තෙ මහාවීර, තව සිස්සා සුසික්ඛිතා;
දුරාසදා උග්ගතෙජා, පරිවාරෙන්ති තං සදා.
313
“මහා වීරවූ බුදුරජාණන් වහන්ස, මැනවින් හික්මුණාවූ, ලංවිය නොහැක්කාවූ, උග්‍රවූ තේජස් ඇති ඒ මෙබඳුවූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ හේ හැමකල්හි පිරිවරත්.
314
‘‘තෙහි සිස්සෙහි පරිවුතො, සඤ්ඤතෙහි තපස්සිභි;
මිගරාජාවසම්භීතො, උළුරාජාව සොභසි.
314
“සංයතවූ, කෙළෙස් තවන ගුණ ඇති යම් ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ සිංහයෙකු මෙන් නිර්භීත වෙහිය. චන්‍ද්‍රයා මෙන් බැබලෙහිය.
315
‘‘පථවියං පතිට්ඨාය, රුහන්ති ධරණීරුහා;
වෙපුල්ලතං පාපුණන්ති, ඵලඤ්ච දස්සයන්ති තෙ.
315
“වෘක්‍ෂයෝ පොළොවෙහි පිහිටා උඩට නැගෙත්. (වැඩෙත්) මහත් බවටද පැමිණෙත්. ඒ වෘක්‍ෂයෝ පලද දක්වත්. (පල දරත්.)
316
‘‘පථවීසදිසො ත්වංසි, සක්‍යපුත්ත මහායස;
සාසනෙ තෙ පතිට්ඨාය, ලභන්ති අමතං ඵලං.
316
“(එසේම) ශාක්‍ය පුත්‍රයන් වහන්ස, මහා යසස් ඇත්තාණන් වහන්ස, ඔබ පොළොව මෙන් වෙහිය. ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා ඒ උතුමෝ අමෘත ඵලය හෙවත් නිවණ ලබත්.
317
‘‘සින්ධු සරස්සතී චෙව, නදියො චන්දභාගිකා;
ගඞ්ගා ච යමුනා චෙව, සරභූ ච අථො මහී.
317
“සින්‍ධුය, සරස්වතීය, චන්‍ද්‍රභාගීය, ගංගාය, යමුනාය, සරභූය, මහීය යන මේ ගංගාවෝ වෙත්ද, ගලා බස්නාවූ මේ ගංගාවන් සාගරය පිළිගනී. (සයුරට වැටීමෙන් පසු) එම ගංගාවෝ පළමු නම් අත්හරිත්. සාගරයම ලෙස ප්‍රකට වේ.
318
‘‘එතාසං සන්දමානානං, සාගරො සම්පටිච්ඡති;
ජහන්ති පුරිමං නාමං, සාගරොතෙව ඤායති.
318
319
‘‘තථෙවිමෙ චතුබ්බණ්ණා, පබ්බජිත්වා තවන්තිකෙ;
ජහන්ති පුරිමං නාමං, බුද්ධපුත්තාති ඤායරෙ.
319
“එසේම චතුර් වර්‍ණයටම අයත්වූවෝ (ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්‍ෂුද්‍රයෝ) ඔබ වහන්සේගේ සමිපයෙහි පැවිදිව පළමු නම් හරිත්. බුද්‍ධපුත්‍රයෝයයි ප්‍රකට වෙත්.
320
‘‘යථාපි චන්දො විමලො, ගච්ඡං ආකාසධාතුයා;
සබ්බෙ තාරගණෙ ලොකෙ, ආභාය අතිරොචති.
320
“යම් සේ අහසෙහි ගමන් කරන්නාවූ නිර්‍මලවූ චන්‍ද්‍රයා සියළු තාරකා සමූහය (ස්වකිය) ප්‍රභාවෙන් මැඩ ලෝකයෙහි අතිශයින් බබළාද,
321
‘‘තථෙව ත්වං මහාවීර, පරිවුතො දෙවමානුසෙ;
එතෙ සබ්බෙ අතික්කම්ම, ජලසි සබ්බදා තුවං.
321
“එසේම මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ දෙවි මිනිසුන් පිරිවරණ ලදුයේ මේ සියලු දෙන ඉක්මවා හැමකල්හි ඔබ වහන්සේම බබලන්නෙහිය.
322
‘‘ගම්භීරෙ උට්ඨිතා ඌමී, න වෙලමතිවත්තරෙ;
සබ්බා වෙලංව ඵුසන්ති (සබ්බාව වෙලං ඵුසන්ති (සී.), සබ්බා වෙලං පඵුස්සන්ති (ස්‍යා.)), සඤ්චුණ්ණා විකිරන්ති තා.
322
“ගැඹුරු දියෙහි නැගුනු රැළහු වෙරළ නොඉක්මවත්. ඒ සියලුම රළයෝ වෙරළෙහි හැපෙත්. කැඩීගිය ඒ රළහු විසිරී යත්.
323
‘‘තථෙව තිත්ථියා ලොකෙ, නානාදිට්ඨී බහුජ්ජනා;
ධම්මං වාදිතුකාමා තෙ, නාතිවත්තන්ති තං මුනිං.
323
“එසේම ලෝකයෙහි නොයෙක් ලබ්ධි ඇති ඒ තීර්ත්‍ථකවූ බොහෝ දෙනා ධර්‍මය අසනු කැමැත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ නොඉක්මවත්.
324
‘‘සචෙ ච තං පාපුණන්ති, පටිවාදෙහි චක්ඛුම;
තවන්තිකං උපාගන්ත්වා, සඤ්චුණ්ණාව භවන්ති තෙ.
324
“පසැස් ඇතියාණන් වහන්ස, ඉදින් ඔවුහු ඒ ලබ්ධි ගෙන විරුද්ධ වාදයෙන් (වාද කිරීමට) පැමිණෙත්ද, ඔවුහු ඔබ වහන්සේගේ සමීපයට පැමිණ සුණු විසුණු වෙත්.
325
‘‘යථාපි උදකෙ ජාතා, කුමුදා මන්දාලකා බහූ;
උපලිම්පන්ති (උපලිප්පන්ති (?)) තොයෙන, කද්දමකලලෙන ච.
325
“මහමඩ කරණකොට ගෙන දියෙහි හටගත් කුමුදුද, මන්දුලක නම් පියුම්ද, අනිකුත් බොහෝ ජලජ පුෂ්පයෝද, යම් සේ දිය සමග තැවරී සිටිත් නම්,
326
‘‘තථෙව බහුකා සත්තා, ලොකෙ ජාතා විරූහරෙ;
අට්ටිතා රාගදොසෙන, කද්දමෙ කුමුදං යථා.
326
“එසේම ලෝකයෙහි උපන්නාවූ බොහෝ සත්ත්‍වයෝ මඩෙහි කුමුදු මෙන් රාගද්වේෂයින්ගෙන් හටගත් පිළිකුල් ඇත්තාහු උඩට නැගෙත්. (වැඩෙත්.)
327
‘‘යථාපි පදුමං ජලජං, ජලමජ්ඣෙ විරූහති;
න සො ලිම්පති තොයෙන, පරිසුද්ධො හි කෙසරී.
327
“යම්සේ ජලයෙහි හටගන්නාවූ පියුම් දිය මැද වැඩේද, ඒ පියුම් පිරිසිදු දිය සමග නොගැටේ.
328
‘‘තථෙව ත්වං මහාවීර, ලොකෙ ජාතො මහාමුනි;
නොපලිම්පසි ලොකෙන, තොයෙන පදුමං යථා.
328
“එසේම ලොව පහළවූ මහා වීරවූ බුදුරජාණන් වහන්ස, ඔබ පියුමක් මෙන් ලෝකය නමැති ජලයෙහි නොතැවරෙන්නෙහිය.
329
‘‘යථාපි රම්මකෙ මාසෙ, බහූ පුප්ඵන්ති වාරිජා;
නාතික්කමන්ති තං මාසං, සමයො පුප්ඵනාය සො.
329
“යම්සේ ජලජ පුෂ්පයෝ ඉල් මාසයෙහි බෙහෙවින් පිපෙත්ද, ඒ මාසය නොයික්මවත්ද, (එම) මල් පිපීමට ඒ (සුදුසු) කාලය වේද,
330
‘‘තථෙව ත්වං මහාවීර, පුප්ඵිතො තෙ විමුත්තියා;
සාසනං නාතිවත්තන්ති, පදුමං වාරිජං යථා.
330
“එසේම ශාක්‍ය පුත්‍රයන් වහන්ස, ඔබ පුබුදුවූයෙහිය. ඔබ වහන්සේගේ ශිෂ්‍යයෝ (අර්හත් ඵල ඥානයෙන්) පුබුදුවූවාහුය. යම්සේ ජලජවූ පියුම් පිපෙන කාලය නොඉක්මවත්ද, (එසේම ඔවුහු) අවවාදානුශාසනය නොඉක්මවත්.
331
‘‘සුපුප්ඵිතො සාලරාජා, දිබ්බගන්ධං පවායති;
අඤ්ඤසාලෙහි පරිවුතො, සාලරාජාව සොභති.
331
“මැනවින් පිපුණාවූ ශාල වෘක්‍ෂ රාජයා දිව සුවඳ හමාද, අනික් සල් රුක් විසින් පිරිවරණ ලද ශාල වෘක්‍ෂ රාජයාම හොබනේ වේද,
332
‘‘තථෙව ත්වං මහාවීර, බුද්ධඤාණෙන පුප්ඵිතො;
භික්ඛුසඞ්ඝපරිවුතො, සාලරාජාව සොභසි.
332
“එසේම මහා වීරයන් වහන්ස, ඔබ (වහන්සේ) බුදු නැණින් පුබුදුවූයෙහිය. භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ ශාල වෘක්‍ෂ රාජයෙක් මෙන් හොබනෙහිය.
333
‘‘යථාපි සෙලො හිමවා, ඔසධො සබ්බපාණිනං;
නාගානං අසුරානඤ්ච, දෙවතානඤ්ච ආලයො.
333
“යම්සේ හිමවත් පර්‍වතය හැම සතුනට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වේද, නාගයනටද, අසුරයනටද, දේවතාවනටද වාසස්ථාන වේද,
334
‘‘තථෙව ත්වං මහාවීර, ඔසධො විය පාණිනං;
තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච, ඉද්ධියා පාරමිං ගතා.
334
“එසේ මහා වීරයන් වහන්ස, ඔබ ප්‍රාණීන්ගේ සසර ලෙඩ නැසීමට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වෙහිය. ත්‍රිවිද්‍යා ඇත්තෝද, ෂඩභිඥා ඇත්තෝද, ඎද්ධියෙන් පරතෙරට ගියෝද (ඔබ වහන්සේ ඇසුරු කරන්නේ)
335
‘‘අනුසිට්ඨා මහාවීර, තයා කාරුණිකෙන තෙ;
රමන්ති ධම්මරතියා, වසන්ති තව සාසනෙ.
335
“මහා වීරයන් වහන්ස, කාරුණීකවූ ඔබ වහන්සේ විසින් අනුශාසනා කරණ ලද ඔවුහු ධර්‍මරතියෙන් (එසේ ඇලී) ඔබ වහන්සේගේ සසුනෙහි වෙසෙත්.
336
‘‘මිගරාජා යථා සීහො, අභිනික්ඛම්ම ආසයා;
චතුද්දිසානුවිලොකෙත්වා (විලොකෙත්වා (සී. ස්‍යා.), නුලොකෙත්වා (ක.)), තික්ඛත්තුං අභිනාදති.
336
“යම් සේ කේශර සිංහයෙක් ගුහාවෙන් නික්ම සිව් දෙස බලා තෙවරක් සිංහ නාද කෙරේද,
337
‘‘සබ්බෙ මිගා උත්තසන්ති, මිගරාජස්ස ගජ්ජතො;
තථා හි ජාතිමා එසො, පසූ තාසෙති සබ්බදා.
337
“කේශර සිංහයාගේ ගර්ජනයෙන් සියලු සිව්පාවෝ තැතිගනිත්. ඒ එසේමය. ජාතිමත්වූ සිංහ තෙමේ හැම කල්හි සිව්පාවුන් තැතිගන්වයි.
338
‘‘ගජ්ජතො තෙ මහාවීර, වසුධා සම්පකම්පති;
බොධනෙය්‍යාවබුජ්ඣන්ති, තසන්ති මාරකායිකා.
338
“මහා වීරයන් වහන්ස, ගර්ජනා කරන්නාවූ ඔබ වහන්සේගේ නාදය පෘථිවිය කම්පා කරයි. (ඉන්) අවබෝධයට සුදුස්සෝ (ධර්‍මය) අවබෝධ කෙරෙත්. මාර පාක්‍ෂිකයෝ බිය වෙත්.
339
‘‘තසන්ති තිත්ථියා සබ්බෙ, නදතො තෙ මහාමුනි;
කාකා සෙනාව විබ්භන්තා, මිගරඤ්ඤා යථා මිගා.
339
“මහා මුනීන් වහන්ස, නාදකරන්නාවූ (දහම් දෙසන) ඔබ වහන්සේගේ (නාදයෙන්) සියළු තීර්ත්‍ථකයෝ බිය වෙත්. (ඒ තීර්ථකයෝ) කවුඩු රැළක් මෙන් බිය වූවාහු කේශර සිංහයා කෙරෙන් පළායන සිවුපාවුන් මෙන් වෙත්.
340
‘‘යෙ කෙචි ගණිනො ලොකෙ, සත්ථාරොති පවුච්චරෙ;
පරම්පරාගතං ධම්මං, දෙසෙන්ති පරිසාය තෙ.
340
“ගණ ප්‍රධාන කෙනෙක් ලෙව්හි (කිසිවෙකුට) ශාස්තෘයයි කියත්ද, ඔවුහු පිරිසට (ඒ ශාස්තෘවරයාගෙන් පිළිවෙළින් ආ) පරම්පරාගතවූ ධර්‍මය දේශනා කරත්.
341
‘‘න හෙවං ත්වං මහාවීර, ධම්මං දෙසෙසි පාණිනං;
සාමං සච්චානි බුජ්ඣිත්වා, කෙවලං බොධිපක්ඛියං.
341
“මහා වීරයන් වහන්ස, ඔබ සත්ත්‍වයනට එසේ ධර්‍ම දේශනා නොකෙරෙහිය. හුදෙක් බෝධි පාක්‍ෂීකවූ සත්‍යයන් තෙමේම අවබෝධකොට ගෙන,
342
‘‘ආසයානුසයං ඤත්වා, ඉන්ද්‍රියානං බලාබලං;
භබ්බාභබ්බෙ විදිත්වාන, මහාමෙඝොව ගජ්ජසි.
342
“(සත්ත්‍වයන්ගේ) අජ්ඣාසය හෙවත් චරියාවන්ද, ථාවරගතවූත් මහත්බවට ගිය කෙළෙස්දැයි යන මේ අසයානුසයන්ද (ශ්‍රද්‍ධාදී) ඉන්‍ද්‍රියයන්ගේ බල දුබල බවද (ධර්‍මාවබෝධයට) (සමත් අසමත්) පුඟුලන්ද දැන (සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ) චාතුර්ද්වීපික මහා මේඝයක් (සිව් දිගටම වසින්නාවූ මහ වැහි වළාවක්) මෙන් (ධර්‍ම දේශනා නමැති සිංහ නාදයෙන්) ගර්ජනා කෙරෙහිය.
343
‘‘චක්කවාළපරියන්තා , නිසින්නා පරිසා භවෙ;
නානාදිට්ඨී විචිනන්තා (විචින්තෙන්ති (ස්‍යා.), විචිනන්තං (ක.)), විමතිච්ඡෙදනාය තං.
343
“සක්වල ගැබ කෙළවරකොට නා නා ලබ්ධීන්ට ගැතිව සිතන්නාවූ (පිරී) හුන් පිරිස් වන්නීය. සැක දුරු කිරීම පිණිස ඒ සියලු දෙනාගේ සිත් (මේ මේයයි) දැන (සුදුසු) උපමා කීමෙහි සමත්, බුදුරජාණන් වහන්ස, (ඔබ වහන්සේ) එකම ප්‍රශ්වාසයක් (විසඳා) කියමින්ම (සක්වල ගැබ පුරා සිටි) ප්‍රාණීන්ගේ සැක දුරු කෙරෙහිය.
344
‘‘සබ්බෙසං චිත්තමඤ්ඤාය, ඔපම්මකුසලො මුනි;
එකං පඤ්හං කථෙන්තොව, විමතිං ඡින්දසි (ඡින්දි (ස්‍යා. ක.)) පාණිනං.
344
345
‘‘උපතිස්සසදිසෙහෙව, වසුධා පූරිතා භවෙ;
සබ්බෙව තෙ පඤ්ජලිකා, කිත්තයුං ලොකනායකං.
345
“(දිය වසා ඒ මතුපිට වැතිර සිටි) සෙවෙල් මෙන් වූ (පොළොව මතුපිට වැතිර සිටි) මිනිසුන්ගෙන් පෘථිවි තොමෝ පිරී ගියා වන්නීය. ඒ සියල්ලෝ බැඳැඳිලි ඇත්තාහු ලෝක නායකවූ ඒ බුදුරදුන් ගුණ කීවාහුය.
346
‘‘කප්පං වා තෙ කිත්තයන්තා, නානාවණ්ණෙහි කිත්තයුං;
පරිමෙතුං න සක්කෙය්‍යුං (න කප්පෙය්‍යුං (ස්‍යා.), න පප්පෙය්‍යුං (ක.)), අප්පමෙය්‍යො තථාගතො.
346
“ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ කපක් මුළුල්ලෙහිද නා නා ප්‍රකාර ලෙස ගුණ කියන්නාහු නමුදු (එම ගුණ) පමණ කරන්ට නොහැක්කාහුය. තථාගතවරයෝ අපමණ ගුණ ඇත්තාහුය.
347
‘‘යථාසකෙන ථාමෙන, කිත්තිතො හි මයා ජිනො;
කප්පකොටීපි කිත්තෙන්තා, එවමෙව පකිත්තයුං.
347
“ස්වකීය ශක්තිය පරිදි මා විසින් බුදුරජාණන් වහන්සේ වර්‍ණනා කරණ ලදී. කෝටි සංඛ්‍යාත කාලයක් මුළුල්ලෙහි (එසේම) ගුණ කීර්‍තණය කළාහුය.
348
‘‘සචෙ හි කොචි දෙවො වා, මනුස්සො වා සුසික්ඛිතො;
පමෙතුං පරිකප්පෙය්‍ය, විඝාතංව ලභෙය්‍ය සො.
348
“ඉදින් මනාව හික්මුණාවූ කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ (එම ගුණ) (මහ සමුදුරෙහි) පිරුණ ජලය අවසන් කිරීමට මනින්ට සිතන්නේ නම් හෙතෙම වෙහෙසෙටම පැමිණෙන්නේය.
349
‘‘සාසනෙ තෙ පතිට්ඨාය, සක්‍යපුත්ත මහායස;
පඤ්ඤාය පාරමිං ගන්ත්වා, විහරාමි අනාසවො.
349
“මහා යසස් ඇත්තාණන් වහන්ස, ශාක්‍ය පුත්‍රයන් වහන්ස, (මම) ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් ආශ්‍රව රහිතව වෙසෙමි.
350
‘‘තිත්ථියෙ සම්පමද්දාමි, වත්තෙමි ජිනසාසනං;
ධම්මසෙනාපති අජ්ජ, සක්‍යපුත්තස්ස සාසනෙ.
350
“තීර්ථකයන් මඩිමි. බුදු සසුන පවත්වමි. අද ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්‍ම සේනාපති වෙමි.
351
‘‘අපරිමෙය්‍යෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුඛිත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයී මම (ඣාපයිං මම (ස්‍යා.), ඣාපයිං අහං (ක.)).
351
“මා විසින් අපමණ කලක් මුළුල්ලෙහි කරණ ලද කර්‍ම පලය මෙහිදී දැක්වීය. මැනවින් විද හරණා ලද ඊ පහරක් මෙන් මම කෙළෙස් දැවීමි.
352
‘‘යො කොචි මනුජො භාරං, ධාරෙය්‍ය මත්ථකෙ සදා;
භාරෙන දුක්ඛිතො අස්ස, භාරෙහි භරිතො තථා.
352
“යම්කිසි මිනිසෙක් තෙම හැම කල්හි හිසින් බරක් දරන්නේ නම් (එම) බර කරණකොටගෙන දුකින් පෙළුණෙක් වන්නේය. (එසේම) බරින් බරට පත්වූවෙක්ද වෙයි.
353
‘‘ඩය්හමානො තීහග්ගීහි, භවෙසු සංසරිං අහං;
භරිතො භවභාරෙන, ගිරිං උච්චාරිතො යථා.
353
“මම ත්‍රිවිධාග්නියෙන් (රාග, දෝෂ, මෝහ) දැවෙමින් සසරෙහි හැසුරුණෙමි. මහමෙර (හිසමත) ඔසවා තබන ලද කල්හි මෙන් භව බරින් බර වූයේ වෙමි.
354
‘‘ඔරොපිතො ච මෙ භාරො, භවා උග්ඝාටිතා මයා;
කරණීයං කතං සබ්බං, සක්‍යපුත්තස්ස සාසනෙ.
354
“මා විසින් මාගේ (ඒ භව) බර තබන ලදී. සියලු (භව) භවයෝ විධ්වංසනය කරණ ලදහ. ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සියලු කටයුතු කරණ ලදි.
355
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, ඨපෙත්වා සක්‍යපුඞ්ගවං;
අහං අග්ගොම්හි පඤ්ඤාය, සදිසො මෙ න විජ්ජති.
355
“සම්පූර්‍ණ බුද්‍ධක්‍ෂෙත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමාන කෙනෙක් නොපෙනේ.
356
‘‘සමාධිම්හි සුකුසලො, ඉද්ධියා පාරමිං ගතො;
ඉච්ඡමානො චහං අජ්ජ, සහස්සං අභිනිම්මිනෙ.
356
“සමාධියෙහි අතිශයින් දක්‍ෂ වෙමි. ඎද්ධියෙහි පරතෙරෙට ගියේ වෙමි. මම අද කැමති වන්නේ නම් දහසක් මවන්නෙමි.
357
‘‘අනුපුබ්බවිහාරස්ස , වසීභූතො මහාමුනි;
කථෙසි සාසනං මය්හං, නිරොධො සයනං මම.
357
“අනුපූර්‍ව විහාරයට වසඟවූ සර්‍වඥයෝ මට සසුන වදාළහ. මාගේ සැතපීම (නම්) නිරෝධය (නිරෝධ සමාපත්තියට සමවැදීම) යි.
358
‘‘දිබ්බචක්ඛු විසුද්ධං මෙ, සමාධිකුසලො අහං;
සම්මප්පධානානුයුත්තො, බොජ්ඣඞ්ගභාවනාරතො.
358
“මාගේ දිවැස පිරිසිදුය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. සමාධී ප්‍රධානයෙහි යෙදුනේ, බොධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනේද වෙමි.
359
‘‘සාවකෙන හි පත්තබ්බං, සබ්බමෙව කතං මයා;
ලොකනාථං ඨපෙත්වාන, සදිසො මෙ න විජ්ජති.
359
“ශ්‍රාවකයෙකු විසින් කළයුතු සියල්ලක් මා විසින් කරණ ලදී. බුදුරජාණන් වහන්සේ හැර මට සමාන (අනික්) කෙනෙක් විද්‍යමාන නොවේ.
360
‘‘සමාපත්තීනං කුසලො (සමාපත්තිනයකුසලො (සී.)), ඣානවිමොක්ඛාන ඛිප්පපටිලාභී;
බොජ්ඣඞ්ගභාවනාරතො, සාවකගුණපාරමිගතොස්මි.
360
“සමාපත්ති ක්‍රමයන්හි දක්‍ෂවූයේ (ලෞකීක) ධ්‍යානයන්ටද, (ලෝකෝත්තරවූ) විමොක්‍ෂයන්ටද, ශීඝ්‍රව සමවදින්නේ, බොද්‍ධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනේ ශ්‍රාවක ගුණයන්ගේ පරතෙරෙට ගියේ වෙමි.
361
‘‘සාවකගුණෙනපි ඵුස්සෙන (සාවකගුණඵුස්සෙන (ස්‍යා.)), බුද්ධියා පරිසුත්තමභාරවා (පුරිසුත්තමගාරවා (ස්‍යා.), පුරිසුත්තමභාරවා (ක.));
යං සද්ධාසඞ්ගහිතං (සද්ධාය සඞ්ගහිතං (සී.), සද්දාසඞ්ගහිතං (ස්‍යා.)) චිත්තං, සදා සබ්‍රහ්මචාරීසු.
361
“පහස්නා (ලබන) ලද ශ්‍රාවක ගුණයෙන්ද (පරිසුත්තමභාරවාද) බුද්‍ධියෙන්ද, ශ්‍රද්‍ධාවෙන්ද යුත් සිත හැම කල්හිම බ්‍රහ්මචාරීන් කෙරෙහි ඇත්තේ වෙමි.
362
‘‘උද්ධතවිසොව සප්පො, ඡින්නවිසාණොව උසභො;
නික්ඛිත්තමානදප්පොව (දබ්බොව (ක.)), උපෙමි ගරුගාරවෙන ගණං.
362
“උදුරා හළ විෂ (දළ) ඇති සර්‍පයෙක් මෙන්ද, කැඩුණු අං ඇති ගවයෙකු මෙන්ද, බැහැරකළ (ගෝත්‍ර මදාදී) මාන දර්‍ප ඇත්තේ සංඝයාවෙත ආදර බහුමානයෙන් එළඹෙමි.
363
‘‘යදි රූපිනී භවෙය්‍ය, පඤ්ඤා මෙ වසුමතීපි (වසුමතී (සී. ක.) වසුපතීනං (ස්‍යා.)) න සමෙය්‍ය;
අනොමදස්සිස්ස (අනොමදස්සි (?)) භගවතො, ඵලමෙතං ඤාණථවනාය.
363
“ඉදින් මාගේ ප්‍රඥා තොමෝ මූර්තිමත් වන්නී නම් මහපොළොව සම නොවන්නීය. අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නුවණට පැසසීමේ මේ ඵලයයි.
364
‘‘පවත්තිතං ධම්මචක්කං, සක්‍යපුත්තෙන තාදිනා;
අනුවත්තෙමහං සම්මා, ඤාණථවනායිදං ඵලං.
364
“තාදී ගුණ ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද ධර්‍මචක්‍රය මම මැනවින් ඒ අනුව පවත්වමි. (අනවමදර්ශී බුදුරජාණන්ගේ) නුවණ පැසසීමේ මේ ඵලයයි.
365
‘‘මා මෙ කදාචි පාපිච්ඡො, කුසීතො හීනවීරියො;
අප්පස්සුතො අනාදරො (අනාචාරො (සබ්බත්ථ) ථෙරගා. 987 පස්සිතබ්බා), සමෙතො අහු කත්ථචි.
365
“කිසි කලෙකත් පවිටු බවක්, කුසීත බවක්, පසුබට වීර්‍ය්‍ය ඇති බවක්, අල්ප ශ්‍රුත බවක්, ආචාර විරහිත බවක් මා සමග එක් නොවීය.
366
‘‘බහුස්සුතො ච මෙධාවී, සීලෙසු සුසමාහිතො;
චෙතොසමථානුයුත්තො, අපි මුද්ධනි තිට්ඨතු.
366
“බහුශ්‍රුත බවද, නුවණැති බවද, සිව් පිරිසිදු කල්හි මැනවින් හික්මුණු බවද, චිත්ත සමථයෙහි යෙදුනු බවද (මාගේ) මස්තකයෙහි (මුදුනෙහි) සිටීවා.
367
‘‘තං වො වදාමි භද්දන්තෙ, යාවන්තෙත්ථ සමාගතා;
අප්පිච්ඡා හොථ සන්තුට්ඨා, ඣායී ඣානරතා සදා.
367
“මෙහි රැස්වූ පින්වත්නි, තෙපි අල්පෙච්ඡවූවෝද, ලද දෙයින් සතුටු වන්නෝද, ධ්‍යාන ඇත්තෝද, ධ්‍යානයෙහි ඇළුනෝද වව් යන (ඒ වචනය) තොපට කියමි.
368
‘‘යමහං පඨමං දිස්වා, විරජො විමලො අහුං;
සො මෙ ආචරියො ධීරො, අස්සජි නාම සාවකො.
368
“යමෙක් මම පළමුකොට දැන කෙළෙස් රජස් නැති නිර්‍මල කෙනෙක් වීම්ද ඒ ධෛර්‍ය්‍යමත්වු මාගේ ආචාර්‍ය්‍ය තෙමේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේය.
369
‘‘තස්සාහං වාහසා අජ්ජ, ධම්මසෙනාපතී අහුං;
සබ්බත්ථ පාරමිං පත්වා, විහරාමි අනාසවො.
369
“මම උන්වහන්සේගේ බලයෙන් අද ධර්‍ම සේනාපති වීමි. සියලු ගුණයන්හි පරතෙරට පැමිණියේ ආශ්‍රව රහිතව වෙසෙමි.
370
‘‘යො මෙ ආචරියො ආසි, අස්සජි නාම සාවකො;
යස්සං දිසායං වසති, උස්සීසම්හි කරොමහං.
370
“යම් අස්සජී නම් ශ්‍රාවකයෙක් තෙම මාගේ ආචාර්‍ය්‍ය වීද, උන් වහන්සේ යම් දිසාවක වෙසේ නම් මම ඒ දෙසෙට හිස (දමා විසීම) කරමි.
371
‘‘මම කම්මං සරිත්වාන, ගොතමො සක්‍යපුඞ්ගවො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, අග්ගට්ඨානෙ ඨපෙසි මං.
371
“ශාක්‍යසිංහවූ ගෞතම බුදුරජාණන් වහන්සේ මාගේ (කුශල) කර්‍මය සිහිකොට භික්‍ෂු සංඝයා මැද හිඳ මා අග්‍ර ශ්‍රාවක ස්ථානයෙහි තැබිය.
372
(ඉමා ද්වෙ ගාථායො ස්‍යාමපොත්ථකෙ න සන්ති) කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා.
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
372
“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
373
‘‘ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං (ඉමා ද්වෙ ගාථාරො ස්‍යාමපොත්ථකෙ න සන්ති).
373
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
374
‘‘පටිසම්භිදා චතස්සො (චතස්සො ච (සී.)), විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
374
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
3-2. මහාමොග්ගල්ලානත්ථෙරඅපදානං 3-2. මහා මොග්ගල්ලාන ථෙරාපදානය
3-3. මහාකස්සපත්ථෙරඅපදානං 3-3. මහාකාශ්‍යප ථෙරාපදානය
3-4. අනුරුද්ධත්ථෙරඅපදානං 3-4. අනුරුද්ධ ථෙරාපදානය
3-5. පුණ්ණමන්තාණිපුත්තත්ථෙරඅපදානං 3-5. පුණ්ණ ථෙරාපදානය
3-6. උපාලිත්ථෙරඅපදානං 3-6. උපාළි ස්ථවිරාපදානය
3-7. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානං 3-7. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථෙරාපදානය
3-8. පිණ්ඩොලභාරද්වාජත්ථෙරඅපදානං 3-8. පිණ්ඩොල භාරද්වාජ ථෙරාපදානය
3-9. ඛදිරවනියරෙවතත්ථෙරඅපදානං 3-9. ඛදිරවනිය රෙවත ථෙරාපදානය
3-10. ආනන්දත්ථෙරඅපදානං 3-10. ආනන්‍ද ථෙරාපදානය