ඛුද්දකනිකායෙ | ඛුද්දකනිකායෙ |
ථෙරාපදානපාළි | ථෙරාපදානය |
1. බුද්ධවග්ගො | 1. බුද්ධ වග්ගය |
1. බුද්ධඅපදානං | 1. බුද්ධාපදානය |
1
තථාගතං
‘‘සබ්බඤ්ඤුබුද්ධා කිර නාම හොන්ති, භවන්ති තෙ හෙතුභි කෙහි වීර’’.
|
1
වේදේහි පුත්‍ර ආනන්ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් සර්වඥ බුදුවරයෝ වෙත්දැයි” නමස්කාර පෙරටුව විචාළ සේක.
|
2
තදාහ සබ්බඤ්ඤුවරො මහෙසී, ආනන්දභද්දං මධුරස්සරෙන;
‘‘යෙ පුබ්බබුද්ධෙසු
(සබ්බබුද්ධෙසු (ස්‍යා.)) කතාධිකාරා, අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
|
2
එකල්හි මහාර්ෂිවූ සර්වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට, “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එකී සම්‍යක් සම්බෝධියම අරමුණුකොට මහත්වූ ධෛර්ය්යයෙන් කළ පැතුමින්ද, වඩන ලද ප්‍රඥාවෙහි බලයෙන්ද, සර්වඥභාවයට පැමිණෙත්යයි” මධුර ස්වරයෙන් වදාළ සේක.
|
3
‘‘තෙනෙව සම්බොධිමුඛෙන ධීරා, අජ්ඣාසයෙනාපි මහාබලෙන;
පඤ්ඤාය තෙජෙන සුතික්ඛපඤ්ඤා, සබ්බඤ්ඤුභාවං අනුපාපුණන්ති.
|
3 |
4
‘‘අහම්පි
මනසායෙව හුත්වාන, ධම්මරාජා අසඞ්ඛියා.
|
4
“අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති. මමද එකී පෙර බුදුවරයන් ඉදිරියෙහි සිතින්ම (එම උතුමන්) මෙන් වී බුදුබව පැතීමි.
|
5
‘‘අථ
තිංසපාරමිසම්පුණ්ණා, ධම්මරාජා අසඞ්ඛියා.
|
5
“තවද, බුද්ධාපදානයන් පිරිසිදු සිතින් යුතුව අසව්. සමතිස් පෙරුම් පිරූ අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති.
|
6
‘‘සම්බොධිං බුද්ධසෙට්ඨානං, සසඞ්ඝෙ ලොකනායකෙ;
දසඞ්ගුලී නමස්සිත්වා, සිරසා අභිවාදයිං
(අභිවාදයෙ (ස්‍යා.)).
|
6
“ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්‍වඥතාඥානයටද, ශ්‍රාවක සඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලාටද, දොහොත් එක්කොට නැවතත් හිස නමා වැඳීම කෙළෙමි.
|
7
‘‘යාවතා බුද්ධඛෙත්තෙසු, රතනා විජ්ජන්තිසඞ්ඛියා;
ආකාසට්ඨා ච භූමට්ඨා
(භුම්මට්ඨා (සී. ස්‍යා.)), මනසා සබ්බමාහරිං.
|
7
“ඇතිතාක් බුද්ධ ක්ෂෙත්රයන්හි අහසෙහිවූද, පොළොවෙහිවූද, අනන්තවූ රත්නයන් සිතින් (ඉටා) (මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
|
8
‘‘තත්ථ රූපියභූමියං, පාසාදං මාපයිං අහං;
නෙකභුම්මං රතනමයං, උබ්බිද්ධං නභමුග්ගතං.
|
8
“එහි රිදියෙන් කරණ ලද්දාවූද, සත් රුවනින් කරණ ලද්දාවූද, නොයෙක් මහල් (තට්ටු) ඇති අහසට උසද්ව නැගී බබලන ප්‍රාසාදයක් මැවීමි.
|
9
‘‘විචිත්තථම්භං සුකතං, සුවිභත්තං මහාරහං;
කනකමයසඞ්ඝාටං, කොන්තච්ඡත්තෙහි මණ්ඩිතං.
|
9
“එම ප්‍රාසාදය දිගුපුළුලට සරිලන සේ මැනවින් කළ බෙදුම් ඇති, වටිනා තොරණවලින් හා (සුදු) කුඩවලින් බබළන රුවනින් මුවා දැව වළලු ඇති විසිතුරු කණුවලින් යුක්තවිය.
|
10
‘‘පඨමා වෙළුරියා භූමි, විමලබ්භසමා සුභා;
නළිනජලජාකිණ්ණා, වරකඤ්චනභූමියා.
|
10
“එහි පළමුවෙනි මාලය (තට්ටුව) පිරිසිදු වළාකුලක් සේ මනොඥ වෙරළු මිණියෙන් කරණ ලද පොළොව ඇත්තේ විය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් ස්වර්ණමය භූමීන්ගෙන්ද යුක්ත විය.
|
11
‘‘පවාළංසා පවාළවණ්ණා, කාචි ලොහිතකා සුභා;
ඉන්දගොපකවණ්ණාභා, භූමි ඔභාසතී දිසා.
|
11
“ඇතැම් භූමීහු මනහර ලෙස පබළුයෙන් කළ පැති ඇති පබළුවන් වූවාහුද, අනිකක් රත් පැහැ ඇත්තාහුද, තවකෙක් රතිදු ගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුක්ත වූවාහුද, දසදිගුන් බබුළුවති.
|
12
‘‘සුවිභත්තා ඝරමුඛා, නිය්යූහා සීහපඤ්ජරා;
චතුරො වෙදිකා ජාලා, ගන්ධාවෙළා මනොරමා.
|
12
“මැනවින් ගෘහද්වාරද, පිටතට නෙරාගිය ප්රමුඛ ශාලාවන් (ගෙවල් ඉදිරියේ බැඳි ශාලා) ද සීමැදුරුද, මනහර මුතුලැල්වලින් හා සුවඳදමින් ගැවසීගත් වේදිකා සතරක්ද (එහි) විය.
|
13
‘‘නීලා පීතා ලොහිතකා, ඔදාතා සුද්ධකාළකා;
කූටාගාරවරූපෙතා, සත්තරතනභූසිතා.
|
13
“(එම ප්‍රාසාදය) සත් රුවනින් ශෝභාවත් කළ නිල්, කහ, රතු, සුදු හා අමිශ්‍ර කාල වර්ණයද ඇති උතුම් කුළු ගෙවලින්ද සමන්විත විය.
|
14
‘‘ඔලොකමයා
නක්ඛත්තතාරකාකිණ්ණා, චන්දසූරෙහි
(චන්දසුරියෙහි (සී. ස්‍යා.)) මණ්ඩිතා.
|
14
“උඩුකුරුව පිපුණු (අයුරින් කළ) පියුමින්ද, විශාල මෘගයන්ගේ හා පක්ෂීන්ගේ රූ සටහන්වලින්ද බබළන (ඉතා උස් බැවින් පිළිබිඹුවූ) නැකැත් තරුවලින් ගවසීගත් චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගෙන්ද අලංකාර විය.
|
15
‘‘හෙමජාලෙන
වාතවෙගෙන කූජන්ති, සොණ්ණමාලා මනොරමා.
|
15
“රන් කිකිණියෙන් යුත්, රුවන් දැලින් ගැවසුනු මනහර රන් මල් දම්හු වායු වේගයෙන් ශබ්ද පවත්වති.
|
16
‘‘මඤ්ජෙට්ඨකං ලොහිතකං, පීතකං හරිපිඤ්ජරං;
නානාරඞ්ගෙහි සම්පීතං
(සංචිත්තං (ස්‍යා.)), උස්සිතද්ධජමාලිනී
(මාලිනිං (සී.)).
|
16
“මදටිය රතු, කහ, දඹරන් යන නන් වැදෑරුම් සායමින් පොවන ලද ඔසවන ලද්දාවූ ධජ මාලාවෝ වෙති.
|
17
‘‘න නං
(නානා (සී. ස්‍යා.)) බහූනෙකසතා, ඵලිකා රජතාමයා;
මණිමයා ලොහිතඞ්ගා, මසාරගල්ලමයා තථා;
නානාසයනවිචිත්තා, සණ්හකාසිකසන්ථතා.
|
17
“එහි රිදියෙන් කළ පුවරුද, (නිල්) මිණියෙන්, දෑරඟ මිණියෙන් හා කබරවන් මිණි ආදියෙන් කළ පුවරු ඇති, සියුම් කසී සළු අතුල, නා නා සයනයන්ගෙන් විසිතුරු විය.
|
18
‘‘කම්පලා
විවිධත්ථරණං සබ්බං, මනසා පඤ්ඤපෙසහං.
|
18
“කම්බිලිද, දුහුල් පටද, චීන පටද, පත්තුණ්ණ දේශයෙහි කළ පටද, පඬුවන් පටද යන මෙයින් කළ ප්‍රාවරණයන්ගෙන් විවිධ ඇතිරි ඇති සියලු (අසුන්) මම සිතින් (ඉටා) පැනවීමි.
|
19
‘‘තාසු තාස්වෙව භූමීසු, රතනකූටලඞ්කතං;
මණිවෙරොචනා උක්කා, ධාරයන්තා සුතිට්ඨරෙ.
|
19
“ඒ ඒ භූමීන්හි රත්නමය කර්ණිකාවන්ගෙන් ශෝභාවත් රන්මිණියෙන් කළ දඬුවැට පහන් දරණ (නොයෙක්) සිය ගණන් ජනයෝ සිටිති.
|
20
‘‘සොභන්ති එසිකා ථම්භා, සුභා කඤ්චනතොරණා;
ජම්බොනදා සාරමයා, අථො රජතමයාපි ච.
|
20
“(එහි) නුවර දොර හොබවනු වස් සිටවූ යකඩ කණුද, ස්වර්ණමයවූ ජාම්බෝජනද, ස්වර්ණමයවූ (කිහිරි) ඛදිරදාරුමවූ (රිදී) රජතමයවූ තොරන්හුද බබළති.
|
21
‘‘නෙකා සන්ධී සුවිභත්තා, කවාටග්ගළචිත්තිතා;
උභතො පුණ්ණඝටානෙකා, පදුමුප්පලසංයුතා.
|
21
“(එම) පහය මැනවින් බෙදූ බොහෝ ජනෙල් හා අගුළුවලින් විසිතුරු විය. නොයෙක් පියුම් උපුල්වලින් යුත් පෙදෙස තැබූ පූර්ණ ඝටයෝද එහි වෙති.
|
22
‘‘අතීතෙ සබ්බබුද්ධෙ ච, සසඞ්ඝෙ ලොකනායකෙ;
පකතිවණ්ණරූපෙන, නිම්මිනිත්වා සසාවකෙ.
|
22
“අතීතයෙහිවූ ශ්‍රාවක සංඝයා සහිත ලෝකනායක සම්‍යක් සම්බුදුවරයන්ද, එසේම ශ්‍රාවක සමූහය සහිත පසේ බුදුවරයන්ද පියවි සටහනින් මවා,
|
23
‘‘තෙන ද්වාරෙන පවිසිත්වා, සබ්බෙ බුද්ධා සසාවකා;
සබ්බසොණ්ණමයෙ පීඨෙ, නිසින්නා අරියමණ්ඩලා.
|
23
“ශ්‍රාවකයන් සහිත එම බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්‍ය්‍ය සමූහව ස්වර්ණමය පීඨයෙහි වැඩහුන්හ.
|
24
‘‘යෙ ච එතරහි අත්ථි, බුද්ධා ලොකෙ අනුත්තරා;
අතීතෙ
|
24
“මෙකල ලෝකයෙහි අනුත්තරවූ යම් බුදු කෙනෙක් වෙත්ද, එසේම අතීතයෙහි වූවාහුද, ඒ සියලු බුදුවරයෝම මේ ප්‍රාසාදයට වැඩමවූහ.
|
25
‘‘පච්චෙකබුද්ධෙනෙකසතෙ, සයම්භූ අපරාජිතෙ;
අතීතෙ වත්තමානෙ ච, භවනං සබ්බෙ සමාහරිං.
|
25
“තමන් විසින්ම, ගුරූපදේශ විරහිතව ධර්මය අවබෝධ කරගත්, පස් මරුන් දිනූ, අතීතයෙහි හා වර්තමානයෙහි වූ නොයෙක් සිය ගණන් පසේ බුදුවරුද, මේ පහයට වැඩම කළහ.
|
26
‘‘කප්පරුක්ඛා බහූ අත්ථි, යෙ දිබ්බා යෙ ච මානුසා;
සබ්බං දුස්සං සමාහන්තා, අච්ඡාදෙමි තිචීවරං.
|
26
“දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, කප්රුක් බොහෝ වෙති. (ඒවායින්) සියලු වස්ත්‍ර ගෙනවුත් තුන් සිවුරින් (උන්වහන්සේලා) (හඳවමි.)
|
27
‘‘ඛජ්ජං භොජ්ජං සායනීයං, සම්පන්නං පානභොජනං;
මණිමයෙ සුභෙ පත්තෙ, සංපූරෙත්වා අදාසහං.
|
27
“කෑයුතුවූද, බුදියයුතුවූද, රස විඳ ගත යුතුවූද, සමෘද්ධවූ, ආහාරපානයෙන් මනොඥවූ, මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දුනිමි.
|
28
‘‘දිබ්බවත්ථසමා හුත්වා, මට්ඨා
(මට්ටා (සී.)) චීවරසංයුතා;
මධුරා සක්ඛරා චෙව, තෙලා ච මධුඵාණිතා.
|
28
“ඒ දිව්‍ය වස්ත්‍ර වැනි මටසිලුටු සිවුරු දැරුවාවූ, මීසකුරු තලතෙල් හා මීපැණියෙන්ද යන (මෙකී) උතුම් ආහාර පානයන්ගෙන් තෘප්තවූ, ඒ සියලු ආර්‍ය්‍ය සමූහයා ගුහාවන්හි සයනය කරණ කේශර සිංහයන් මෙන් රත්න ගෘහයට පිවිස,
|
29
‘‘තප්පිතා පරමන්නෙන, සබ්බෙ තෙ අරියමණ්ඩලා;
රතනගබ්භං
|
29 |
30
‘‘මහාරහම්හි සයනෙ, සීහසෙය්යමකප්පයුං;
සම්පජානා සමුට්ඨාය, සයනෙ
(සෙය්යෙ (ස්‍යා.)) පල්ලඞ්කමාභුජුං.
|
30
“මාහැඟි සයනයෙහි සිහියෙන් යුතුව සීහ සෙය්යාවෙන් සැතපුනාහ. ඉන් නැගිට සයනයෙහිම පලක් බැඳ, වැඩහිඳ, සියලු බුදුවරයන්ට අරමුණුවූ ධ්‍යානයට සමවන්හ.
|
31
‘‘ගොචරං
අඤ්ඤෙ ධම්මානි දෙසෙන්ති, අඤ්ඤෙ කීළන්ති ඉද්ධියා.
|
31
“එසේ බුදුවරයන් අතුරෙන් ඇතමෙන් දහම් දෙසත්. කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් ඎද්ධීන් දක්වත්. අයෙක් පඤ්ච වසීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවන්ට සමවදිති. අනෙක ශතසහශ්ර සංඛ්‍යාත නොයෙක් ඎද්ධි කරත්.
|
32
‘‘අඤ්ඤෙ
විකුබ්බනා විකුබ්බන්ති, අඤ්ඤෙනෙකසහස්සියො.
|
32
“ඒ පසේ බුදුවරු සර්වඥතාඥානයට ගෝචරවූ ප්‍රශ්න අනික් බුදුවරුන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ගැඹුරුවූද කරුණු ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්.
|
33
‘‘බුද්ධාපි බුද්ධෙ පුච්ඡන්ති, විසයං සබ්බඤ්ඤුමාලයං;
ගම්භීරං නිපුණං ඨානං, පඤ්ඤාය විනිබුජ්ඣරෙ.
|
33
“ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්. බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ඔවුනොවුන්ට පිළිතුරුද දෙත්.
|
34
‘‘සාවකා බුද්ධෙ පුච්ඡන්ති, බුද්ධා පුච්ඡන්ති සාවකෙ;
අඤ්ඤමඤ්ඤඤ්ච
|
34
“සම්‍යක් සම්බුදුවරුද, පසේබුදුවරුද, ශ්‍රාවකයෝද, පිරිවර ජනයාද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි එම වෛජයන්ත ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති.
|
35
‘‘බුද්ධා පච්චෙකබුද්ධා ච, සාවකා පරිචාරකා;
එවං සකාය රතියා, පාසාදෙභිරමන්ති තෙ.
|
35
“රන් දැල් පේලි ඇති, සප්ත රත්නමය ඡත්‍ර එල්බ සිටිත්වා. මුතු දැලින් එල්බුනු සියලු ඡත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වායි සිතූ කෙණෙහි එසේ පහළවිය.
|
36
‘‘ඡත්තා තිට්ඨන්තු රතනා, කඤ්චනාවෙළපන්තිකා;
මුත්තාජාලපරික්ඛිත්තා, සබ්බෙ ධාරෙන්තු
(ධාරෙන්ති (ක.)) මත්ථකෙ.
|
36
“රුවන් තරුයෙන් විසිතුරු රෙදි වියන්ද, එසේම විසිතුරු මල් වියන්ද යන මේ සියල්ල මාගේ මුදුනෙහි දරත්වා!
|
37
‘‘භවන්තු චෙළවිතානා, සොණ්ණතාරකචිත්තිතා;
විචිත්තමල්යවිතතා, සබ්බෙ ධාරෙන්තු මත්ථකෙ.
|
37
“මාලාදාමයන්ගෙන් ගැවසී ගත් සුගන්ධ දාමයන්ගෙන් ශෝභිතවූ රෙද්දෙන් කළ මාලාවන්ගෙන් ආකූලවූ රත්න මාලාවන්ගෙන් අලංකෘත,
|
38
‘‘විතතා මල්යදාමෙහි, ගන්ධදාමෙහි සොභිතා;
දුස්සදාමපරිකිණ්ණා, රතනදාමභූසිතා.
|
38
“විසිතුරු මල්වලින් ගැවසීගත් සුවඳ දුම් ගැන්වූ සුවඳ පසඟුල් කළ රන් වියනින් වැසූ,
|
39
‘‘පුප්ඵාභිකිණ්ණා සුචිත්තා, සුරභිගන්ධභූසිතා;
ගන්ධපඤ්චඞ්ගුලිකතා
(ගන්ධපඤ්චඞ්ගුලං කතා (අට්ඨ.)), හෙමච්ඡදනඡාදිතා.
|
39
“පියුම් උපුල්වලින් ගැවසීගත් සිව් දිගෙහිවූ පොකුණු පියුම් රොණින් හා රජසින් ස්වර්ණ වර්ණව වැටහෙත්වා.
|
40
‘‘චතුද්දිසා පොක්ඛරඤ්ඤො, පදුමුප්පලසන්ථතා;
සොවණ්ණරූපා ඛායන්තු, පද්මංරෙණුරජුග්ගතා.
|
40
“මාගේ (චෛජයන්ත) ප්‍රාසාදය සියළු ගස්වල මල් පිබිදෙත්වා. ඒ මල් තෙමේම ගිලිහී පහය මතුයෙහි විසිරෙත්වා.
|
41
‘‘පුප්ඵන්තු පාදපා සබ්බෙ, පාසාදස්ස සමන්තතො;
සයඤ්ච පුප්ඵා මුඤ්චිත්වා, ගන්ත්වා භවනමොකිරුං.
|
41
“එහි මොණරු නටත්වා, දිව්‍ය හංසයෝ ශබ්ද කරත්වා, කුරවි කෙවිල්ලෝද හාත්පස වෙසෙන සෙසු පක්ෂි සමූහයාද නාද කෙරෙත්වා.
|
42
‘‘සිඛිනො තත්ථ නච්චන්තු, දිබ්බහංසා පකූජරෙ;
කරවීකා ච ගායන්තු, දිජසඞ්ඝා සමන්තතො.
|
42
“පහය හාත්පස සියළු බෙර වැයෙත්වා. සියලු වීණා ගැයෙත්වා. හැම සංගීතයක්ම පවතිත්වා. 43 -
|
43
‘‘භෙරියො සබ්බා වජ්ජන්තු, වීණා සබ්බා රසන්තු
(රවන්තු (සී. ස්‍යා.)) තා;
සබ්බා සඞ්ගීති වත්තන්තු, පාසාදස්ස සමන්තතො.
|
43
“සියලු බුද්ධ ක්‍ෂෙත්‍රයෙහිද ඉන් පිටත් සක්වලෙහිද මහත්වූ පළුදු නොවූ ප්රභාවත් රන්වන් වර්ණයෝ වෙත්වා. ප්‍රදීප වෘක්ෂයෝ දැල්වෙත්වා. දස සහශ්‍රී ලෝක ධාතූන්ගේ සමූහයම ඒකාලෝක වෙත්වා.
|
44
‘‘යාවතා
මහන්තා ජොතිසම්පන්නා, අච්ඡින්නා රතනාමයා.
|
44 |
45
‘‘තිට්ඨන්තු සොණ්ණපල්ලඞ්කා, දීපරුක්ඛා ජලන්තු තෙ;
භවන්තු එකපජ්ජොතා, දසසහස්සිපරම්පරා.
|
45 |
46
‘‘ගණිකා ලාසිකා චෙව, නච්චන්තු අච්ඡරාගණා;
නානාරඞ්ගා පදිස්සන්තු, පාසාදස්ස සමන්තතො.
|
46
“නිලියෝද, මුවින් ශබ්ද පවත්වන්නෝද, නෘත්‍ය කෙරෙත්වා. නොයෙක් වර්ණවත් දිව්‍යප්සරා සමූහයා ප්රකටව පෙණෙත්වා.
|
47
‘‘දුමග්ගෙ
උස්සාපෙමි ධජං සබ්බං, විචිත්තං පඤ්චවණ්ණිකං.
|
47
“ගස් මුදුනෙහිද, පර්වත මුදුනෙහිද, සිනෙරු පර්වත මුදුනෙහිද, පඤ්ච වර්ණයෙන් විසිතුරුවූ සියලු ධජ ඔසවමි.
|
48
‘‘නරා නාගා ච ගන්ධබ්බා, සබ්බෙ දෙවා උපෙන්තු තෙ;
නමස්සන්තා පඤ්ජලිකා, පාසාදං පරිවාරයුං.
|
48
“(දිව්‍ය මනුෂ්‍යාදී) සංසිඳි සත්ත්වයෝද, (අසඤ්ඤසත්තයෙහිවූ) අසංඥි සත්ත්වයෝද යම්තාක් වෙත් නම් ඒ සියල්ලෝ මා විසින් කරණ ලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා.
|
49
‘‘යං කිඤ්චි කුසලං කම්මං, කත්තබ්බං කිරියං මම;
කායෙන වාචා මනසා, තිදසෙ සුකතං කතං.
|
49 |
50
‘‘යෙ සත්තා සඤ්ඤිනො අත්ථි, යෙ ච සත්තා අසඤ්ඤිනො;
කතං පුඤ්ඤඵලං මය්හං, සබ්බෙ භාගී භවන්තු තෙ.
|
50 |
51
‘‘යෙසං කතං සුවිදිතං, දින්නං පුඤ්ඤඵලං මයා;
යෙ ච තත්ථ
(තස්මිං (සී. ක.)) න ජානන්ති, දෙවා ගන්ත්වා නිවෙදයුං.
|
51
“මා විසින් කරණ ලද පින යම් දිව්‍ය මනුෂ්‍ය නාගාදී කෙනෙකුන් විසින් මැනවින් දැනගන්නා ලදද, ඔවුන්ට මා විසින් පිණ දෙන ලදී. මා විසින් ඒ කරණ ලද පින දුන් බව යම් කෙනෙක් නොදනිත් නම් දෙවිවරු ගොස් ඔවුන්ට එය දැන්වූහ.
|
52
‘‘සබ්බලොකම්හි
(සබ්බෙ ලොකම්හි (ස්‍යා. ක.)) යෙ සත්තා, ජීවන්තාහාරහෙතුකා;
මනුඤ්ඤං භොජනං සබ්බං
(සබ්බෙ (ස්‍යා.)), ලභන්තු මම චෙතසා.
|
52
“ආහාර හේතුවෙන් ජීවත්වන සියලුම ලෝකවාසී සත්ත්වයෝ මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා.
|
53
‘‘මනසා දානං මයා දින්නං, මනසා පසාදමාවහිං;
පූජිතා සබ්බසම්බුද්ධා, පච්චෙකා ජිනසාවකා.
|
53
“පිරිසිදු සිතින් යම් දානයක් මා විසින් දෙන ලද නම්, එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි. සියළු සම්බුදුවරයෝද, පසේබුදුවරයෝද, බුදු සව්වෝද මා විසින් පුදන ලදහ.
|
54
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
54
“මැනවින් කළ ඒ පිනින්ද, ප්රාර්ත්ථනාවන්ගෙන්ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට ගියෙමි.
|
55
‘‘දුවෙ භවෙ පජානාමි, දෙවත්තෙ අථ මානුසෙ;
අඤ්ඤං ගතිං න ජානාමි, මනසා පත්ථනාඵලං.
|
55
“දෙව් මිනිස් දෙගතිය දනිමි. ඉන් පිටත් අනික් ගතියක් ගැන නොදනිමි. (එය) සිතින් කළ පැතුමෙහි ඵලයයි.
|
56
‘‘දෙවානං අධිකො හොමි, භවාමි මනුජාධිපො;
රූපලක්ඛණසම්පන්නො, පඤ්ඤාය අසමො භවෙ.
|
56
“(දෙව්ලොව උපන් කල්හි) දෙවියන්ට ශ්‍රේෂ්ඨ වෙයි. (ඉදින් මිනිස් ලොව උපන් කල්හි) මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨවූ රජ වෙමි. රූප ලක්ෂණයෙන් සමන්විතවූයේ, අසමවූ ප්‍රඥාව ඇත්තේද වෙයි.
|
57
‘‘භොජනං විවිධං සෙට්ඨං, රතනඤ්ච අනප්පකං;
විවිධානි ච වත්ථානි, නභා
(නභසා (ස්‍යා.)) ඛිප්පං උපෙන්ති මං.
|
57
“ශ්‍රේෂ්ඨවූ නානා ප්‍රකාර භෝජනද, බොහෝවූ සත් රුවන්ද, නානා ප්‍රකාර පට්ට කොසෙය්යාදී වස්ත්‍රද, මා වෙතට අහසින් වහා පැමිණෙයි.
|
58
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, දිබ්බා භක්ඛා උපෙන්ති මං.
|
58
“පෘථිවිය, පර්වතය, ආකාශය, ජලය, වනය යන මේ යම් යම් තැනකට අත පොවම් නම් (ඒ හැම තැනකින්ම) මා වෙත දිව බොජුන් පහල වේ.
|
59
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, රතනා සබ්බෙ උපෙන්ති මං.
|
59
“එසේ ඒ පෘථිව්‍යාදී අත පෙවූ හැම තැනකින්ම රුවන්ද, සියලු සුගන්ධ වර්ගද, යානා මාල අලංකාරයන්ද, සියලු කන්‍යාවන් හා මි සකුරුද, කෑමද මා වෙත පහළ වෙති.
|
60
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ ගන්ධා උපෙන්ති මං.
|
60 |
61
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං
(යත්ථ (ස්‍යා.), යඤ්ඤං (ක.)) හත්ථං පසාරෙමි, සබ්බෙ යානා උපෙන්ති මං.
|
61 |
62
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ මාලා උපෙන්ති මං.
|
62 |
63
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, අලඞ්කාරා උපෙන්ති මං.
|
63 |
64
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, සබ්බා කඤ්ඤා උපෙන්ති මං.
|
64 |
65
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, මධුසක්ඛරා උපෙන්ති මං.
|
65 |
66
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ ඛජ්ජා උපෙන්ති මං.
|
66 |
67
‘‘අධනෙ අද්ධික
(අද්ධිකෙ (ස්‍යා.)) ජනෙ, යාචකෙ ච පථාවිනො;
දදාමිහං
(දදාමිහ (සී.) දදාමි තං (ස්‍යා.)) දානවරං, සම්බොධිවරපත්තියා.
|
67
“ශ්‍රේෂ්ඨවූ සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස දුගී, මගී, යාචකාදීන්ට මම උතුම් දන් දෙමි.
|
68
‘‘නාදෙන්තො පබ්බතං සෙලං, ගජ්ජෙන්තො බහලං ගිරිං;
සදෙවකං හාසයන්තො, බුද්ධො ලොකෙ භවාමහං.
|
68
“ඝන බහල ශෛල පර්වත ගර්ජනය කරවමින්, දෙවියන් සහිත ලෝකයා සොම්නස් කරවමින්, මම ලෙව්හි බුදුවෙමි.
|
69
‘‘දිසා දසවිධා ලොකෙ, යායතො නත්ථි අන්තකං;
තස්මිඤ්ච දිසාභාගම්හි, බුද්ධඛෙත්තා අසඞ්ඛියා.
|
69
“ලෙව්හි දස දිගට යන්නහුට කෙළවරක් නැත ඒ දිශාවෙහිද බුද්ධ ක්‍ෂෙත්‍රයෝ අනන්ත වෙති.
|
70
‘‘පභා පකිත්තිතා මය්හං, යමකා රංසිවාහනා;
එත්ථන්තරෙ රංසිජාලං, ආලොකො විපුලො භවෙ.
|
70
“ඒ සක්විති රජවූ කල්හි චක්‍රරත්නාදීන්ගේ ආලෝකය රැස් විහිදුවමින් ප්‍රකට විය. මේ දස දහසක් සක්වල අතුරෙහි රැස් සමූහය අධික විය.
|
71
‘‘එත්තකෙ
සබ්බෙ මං අනුවත්තන්තු, යාව බ්රහ්මනිවෙසනං
(සබ්බෙව සුමනා හොන්තු, සබ්බෙ මං අනුවත්තරෙ (සී. ස්‍යා.)).
|
71
“මෙපමණවූ ලෝක ධාතූන්හි සියලුදෙනා මා දකිත්වා. සියලු දෙනා සතුටුවෙත්වා. එසේම සියලු දෙන මා අනුගමනය කෙරෙති. බඹලොව දක්වාවූ හැද දෙනම මා අනුගමනය කෙරෙත්වා.
|
72
‘‘විසිට්ඨමධුනාදෙන, අමතභෙරිමාහනිං;
එත්ථන්තරෙ ජනා සබ්බෙ, සුණන්තු මධුරං ගිරං.
|
72
“විශිෂ්ඨවූ මධුර නාදයෙන් දෙව් බෙර ගැසීමි. මේ දස දහසක් සක්වල ඇතුළත සියලු ජනයෝ මිහිරි නාදය අසත්වා.
|
73
‘‘ධම්මමෙඝෙන වස්සන්තෙ, සබ්බෙ හොන්තු අනාසවා;
යෙත්ථ පච්ඡිමකා සත්තා, සොතාපන්නා භවන්තු තෙ.
|
73
“දහම් වැසි වස්නා කල්හි සියල්ලෝ ආශ්‍රව රහිතයෝ (රහත්හු) වෙත්වා! මේ ජනයා අතරෙහි යමෙක් පච්ඡිමක (අඩු) ගුණ ඇත්තෝ වෙත් නම් ඔවහු සෝවාන් වෙත්වා.
|
74
‘‘දත්වා
නෙක්ඛම්මපාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
74
“දන්දී නිරවශෙෂයෙන් සිල් පුරා ගෘහාභිනිෂ්ක්‍රමණය කොට සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
|
75
‘‘පණ්ඩිතෙ
ඛන්තියා පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
75
“නැණවතුන් විචාරා උතුම් වීර්‍ය්‍යකොට ක්ෂාන්ති පාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
|
76
‘‘කත්වා දළ්හමධිට්ඨානං, සච්චපාරමි පූරිය;
මෙත්තාය පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
76
“ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානය කොට, සත්‍ය පාරමිතාව හා මෛත්‍රී පාරමිතාව පුරා, සම්‍යක් සම්බා්ධියට පැමිණියෙමි.
|
77
‘‘ලාභාලාභෙ සුඛෙ දුක්ඛෙ, සම්මානෙ චාවමානනෙ
(සම්මානෙ ච විමානනෙ (ක.) සම්මානනෙ විමානනෙ (ස්‍යා.));
සබ්බත්ථ සමකො හුත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
77
“ලාභය, අලාභය, සැපය, දුකය, සම්මානය, අවමානය යන මේ සියලු තන්හි සමසේ උපෙක්ෂා පාරමිතාව පුරා බුදු බවට පැමිණියෙමි.
|
78
‘‘කොසජ්ජං භයතො දිස්වා, වීරියං චාපි ඛෙමතො;
ආරද්ධවීරියා හොථ, එසා බුද්ධානුසාසනී.
|
78
“කුසීත බව භය වශයෙන්ද, වීර්‍ය්‍යය ක්ෂෙම (ආරක්ෂා ස්ථානය) වශයෙන්ද දැක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වව්. මෙය බුද්ධානුශාසනයයි.
|
79
‘‘විවාදං භයතො දිස්වා, අවිවාදඤ්ච ඛෙමතො;
සමග්ගා සඛිලා හොථ, එසා බුද්ධානුසාසනී.
|
79
“විවාදය භය වශයෙන්ද, අවිවාදය ක්ෂෙම වශයෙන්ද දැක සමගිව, සිලිටි මෘදු ගුණ ඇත්තෝ වව්. මෙය බුද්ධානුශාසනයයි.
|
80
‘‘පමාදං භයතො දිස්වා, අප්පමාදඤ්ච ඛෙමතො;
භාවෙථට්ඨඞ්ගිකං මග්ගං, එසා බුද්ධානුසාසනී.
|
80
“ප්‍රමාදය භය වශයෙන්ද, ක්ෂෙම වශයෙන්ද දැක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩව්. මෙය බුද්ධානුශාසනයයි.
|
81
‘‘සමාගතා බහූ බුද්ධා, අරහන්තා
(අරහන්තො (ස්‍යා.)) ච සබ්බසො;
සම්බුද්ධෙ අරහන්තෙ ච, වන්දමානා නමස්සථ.
|
81
“නොයෙක් සිය දහස් ගණන් පසේ බුදුවරුද, රහත්හුද රැස්වූහ. ඒ බුදුවරයන්ද, රහතුන්ද, වඳිමින් නමස්කාර කරව්.
|
82
‘‘එවං අචින්තියා බුද්ධා, බුද්ධධම්මා අචින්තියා;
අචින්තියෙ පසන්නානං, විපාකො හොති අචින්තියො’’’.
|
82
“මෙසේ බුදුවරයෝ චිත්තවිෂයාතික්‍රාන්තයහ. බුද්ධ දේශිත ධර්මය චිත්තවිෂයාතික්‍රාන්තයහ. චිත්තවිෂයාතික්රාන්තවූ බුදුන් කෙරෙහි හා ධර්මය කෙරෙහි පැහැදුනවුන්ට ලැබෙන විපාකයද චිත්තවිෂයාතික්‍රාන්ත වේ. හෙවත් සිතා අවසන් කළ නොහැකිවේ.”
|
2. පච්චෙකබුද්ධඅපදානං | 2. පච්චෙක බුද්ධාපදානය |
83
‘‘තථාගතං
‘පච්චෙකබුද්ධා කිර නාම හොන්ති, භවන්ති තෙ හෙතුභි කෙහි වීර’
(ධීර (සී.) ධීරා (ස්‍යා.)).
|
83
වේදේහි පුත්‍ර ආනන්ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් ප්රත්යෙක බුදුවරයෝ වෙත්දැයි” නැමඳුම් පෙරටුව විචාළ සේක.
|
84
‘‘තදාහ
‘යෙ පුබ්බබුද්ධෙසු
(සබ්බබුද්ධෙසු (ස්‍යා. ක.)) කතාධිකාරා, අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
|
84
එකල්හි මහාර්ෂිවූ සර්වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට, “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එම සංවේගයම මුල්කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිතව ස්වල්පමාත්‍රවූද අරමුනක් හේතුකොට ගෙන පසේබුදුබවට පැමිණෙත්යයි” මධුර ස්වරයෙන් වදාළ සේක.
|
85
‘‘‘තෙනෙව සංවෙගමුඛෙන ධීරා, විනාපි බුද්ධෙහි සුතික්ඛපඤ්ඤා;
ආරම්මණෙනාපි පරිත්තකෙන, පච්චෙකබොධිං අනුපාපුණන්ති.
|
85 |
86
‘‘‘සබ්බම්හි ලොකම්හි මමං ඨපෙත්වා, පච්චෙකබුද්ධෙහි සමොව නත්ථි;
තෙසං ඉමං වණ්ණපදෙසමත්තං, වක්ඛාමහං සාධු මහාමුනීනං.
|
86
“සකල ලෝකයෙහි (සර්වඥ බුද්ධවූ) මා හැර පසේබුදුවරයන් සමග සමානවූ අනිකෙක් නැත. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ ලේශ මාත්‍රයක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.
|
87
‘‘‘සයමෙව
අනුත්තරං භෙසජං පත්ථයන්තා, සුණාථ සබ්බෙසු පසන්නචිත්තා.
|
87
“පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරිවූ උදාන වාක්‍යයෝ කුඩා මී වදයක් මෙන් (මිහිරි) වෙති. අනුත්තරවූ නිර්වාණ සංඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝම මනාකොට පහන්වූ සිත් ඇත්තෝව (එය) අසව්.
|
88
‘‘‘පච්චෙකබුද්ධානං සමාගතානං, පරම්පරං බ්යාකරණානි යානි;
ආදීනවො යඤ්ච විරාගවත්ථුං, යථා ච බොධිං අනුපාපුණිංසු.
|
88
“එහි රැස්වූ පසේ බුදුබවට පත් උතුමන්ගේ පිළිවෙළින් කළ යම් ප්‍රකාශයෝ වෙත් නම් හේ මෙසේයි. කාමයන් පිළිබඳ යම් ආදීනවයක් වෙත් නම් එයද නොඇලීමට කරුණුවූ යමක් වීනම්, එය (දැක) උන්වහන්සේලා ප්රත්යෙක සම්බෝධියට පත්වූහ.
|
89
‘‘‘සරාගවත්ථූසු
හිත්වා පපඤ්චෙ ජිතඵන්දිතානි
(විදිය ඵන්දිතානි (සී.) ජිතබන්ධිතානි (ක.)), තථෙව බොධිං අනුපාපුණිංසු.
|
89
“තෘෂ්ණාවෙන් රැඳිය යුතු වස්තු කාම, ක්ලේශ කාමයන්හි නොරැවටුනු පැණවතුන් වූවාහු, ඇලෙන ස්වභාවය ඇති ලෝකයෙහි නොඇලෙන සිත් ඇත්තාහු කෙලෙස් දුරු කොට දෙසැට මිසදිටු ජයගෙන (මේ උතුමෝ) එම හේතුවෙන් ප්රත්යෙක සම්බෝධියට පැමිණියාහුය.
|
90
‘‘‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං;
මෙත්තෙන චිත්තෙන හිතානුකම්පී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
90
“සියලු සත්ත්වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නො කරන්නේ මෙත් සිතින් පතුරුවාලූ හිතානුකම්පා ඇත්තේ, (එම පසේ බුදු රජ තෙම) කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේයි.
|
91
‘‘‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං;
න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
91
“සියලු සත්ත්වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නොකරන්නේ පුත්‍රයා ගැන පවා බලාපොරොත්තුවක් නොතබන්නේය. සහායයන් ගැන කියනුම කවරේද? කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
92
‘‘‘සංසග්ගජාතස්ස
ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
92
“හටගත් සංසර්ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය උපදී. ඒ ස්නේහය අනුව යන්නහුට මේ දුක ඇතිවේ. ස්නේහයෙන් හටගත් ආදීනව දකින්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
93
‘‘‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො, හාපෙති අත්ථං පටිබද්ධචිත්තො;
එතං භයං සන්ථවෙ පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
93
“සුහෘදවූ මිත්‍රයන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇති බව හේතුකොට ගෙන තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙලා ගනී. සන්ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
94
‘‘‘වංසො විසාලොව යථා විසත්තො, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා;
වංසෙ කළීරොව අසජ්ජමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
94
“යම් සේ එකට ගෙතුනාවූ විශාල හුණ පඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම් හුණකිලිලක් මෙන් නොඇලෙන්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
95
‘‘‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය;
විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
95
“යම්සේ පඝද මෘගයා උයනෙහි රැහැන් ආදියකින් නොබඳනා ලද්දේ යම් කැමති තැනකට ගොදුරු පිණිස යේද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බවද එසේම දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
96
‘‘‘ආමන්තනා
අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
96
“මිතුරන් මැද සිටින විටද, දිවාසනයෙහිද, මහා උපට්ඨාන සංඛ්‍යාත සිටීමෙහිද, උද්‍යාන ගමනෙහිද, ජනපද චාරිකාවෙහිද යන මේ අවස්ථාවන්හිදී ඇමතීම ඇතිවේ. අපරාධීනවූ ස්වෛරී බවෙහි අනුසස් දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
97
‘‘‘ඛිඩ්ඩා
පියවිප්පයොගං
|
97
“සහායයන් මැද සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝද පංචකාම ගුණික රාගයෝද වෙති. එසේම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමයද අධිකවේ. එහි ඇතිවන ප්‍රිය විප්රයෝගය පිළිකුල් කරණුයේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
98
‘‘‘චාතුද්දිසො
පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
98
“යථාලාභ වශයෙන් සන්තෝෂ වන්නන් සමග, සිව් දිගෙහිවූ සත්ත්වයන් හා සංස්කාරයන් සමග, භය වශයෙන් නොගැටෙන්නේ වේ. කාය චිත්ත දරථයන් (වෙහෙසීම්) ඉවසනසුළු ලොමු දැහැ ගනීම් නැත්තේය. කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
99
‘‘‘දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ, අථො ගහට්ඨා ඝරමාවසන්තා;
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
99 |
100
‘‘‘ඔරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි, සඤ්ඡින්නපත්තො යථා කොවිළාරො;
ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
100
“දෙකට පළා දැමූ කොවිලාර (කොබෝලීල) පත්‍රයක් මෙන් මාර්ග වීර්‍ය්‍යයෙන් යුත් වීරතෙමේ ගිහි සලකුණු (ව්‍යඤ්ජන) හැර දමා ගිහිබැඳුම් සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙයි.
|
101
‘‘‘සචෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරිධීරං;
අභිභුය්ය සබ්බානි පරිස්සයානි, චරෙය්ය තෙනත්තමනො සතීමා.
|
101
“ධෛර්‍ය්‍යවත්වූ, (අර්පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් ලැබෙන්නේ නම් සියලු කරදර මැඩගෙන සිහියෙන් යුතුවූයේ ඔහු සමග සතුටුව හැසිරෙන්නේය.
|
102
‘‘‘නො
රාජාව රට්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
|
102
“ධෛර්‍ය්‍යවත්වූ, (අර්පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් නොලැබෙන්නේ නම් යම්සේ රජ තෙමේ ජය ගත් රට (උවදුරු සහිතයයි සිතා) හරනේද, එසේම මහ අරණෙහි ඇත්රජකු මෙන් හුදකළාව හැසිරෙන්නේය.
|
103
‘‘‘අද්ධා
එතෙ අලද්ධා අනවජ්ජභොජී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
103
“ඒකාන්තයෙන් මිත්‍ර සම්පත්තිය ප්‍රශංසා කරමු. තමාට වඩා ගුණ ධර්මයන්ගෙන් ශ්රේෂඨවූවෝද, සමවූවෝද, සේවනය කටයුතු මිත්‍රයෝ වෙති. මෙබඳු මිතුරන් නොලබන වැරදි දිවි පෙවෙතින් උපදවාගත් ආහාරයෙන් නොයැපෙන බැවින් නිවැරදි භෝජනය ඇති හෙතෙම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
104
‘‘‘දිස්වා සුවණ්ණස්ස පභස්සරානි, කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි;
සඞ්ඝට්ටමානානි දුවෙ භුජස්මිං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
104
“රන්කරුවකු විසින් මැනවින් නිමාකළ දීප්තිමත් රන්වළලු (එක්තැනවූකළ) දෑතෙහි ගැටෙන අයුරුද, එසේ එක්තැන්කොට වෙනම පවත්නා කළ නොගැටී ශබ්ද විරහිතව ඇති අයුරුද) දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
105
‘‘‘එවං දුතීයෙන සහා මමස්ස, වාචාභිලාපො අභිසජ්ජනා වා;
එතං භයං ආයතිං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
105
“මෙසේ දෙවැන්නෙකු සමග සල්ලාපයෙහි යෙදීමද, ඇලීමද, යන මේ දෙකම (මතු ඇතිවන අධිගමයට අන්තරාය කරයි) මෙය භය වශයෙන් දක්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
106
‘‘‘කාමා
ආදීනවං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
106
“වස්තුකාම ක්ලේශකාමයෝ විචිත්රයහ. මධුරයහ. සිත් අලවන සුලුද වෙති. විවිධ රූපයන් කරණකොට ගෙන සිත් කළඹත්. කාම ගුණයන්හි ඇති මේ ආදීනව දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
107
‘‘‘ඊතී
එතං භයං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
107
“පඤ්චකාම ගුණය (නොයෙක් ව්‍යසනයන්ට හේතුවන බැවින්) උවදුරකි. (ක්ලේශාහූචි වැගිරෙන බැවින්) ගෙඩියකි. (අවැඩ සිදු කරණ බැවින්) උවදුරකි. (නීරෝගී බව පැහැරගන්නා බැවින්) රෝගයකි. (හදවත විදින බැවින්) උලකි. (දෙළොව භය එළවන බැවින්) බියකි. කාම ගුණයන්හි ඇති මේ භය දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
108
‘‘‘සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං, වාතාතපෙ ඩංසසරීසපෙ
(ඩංසසිරිංසපෙ (සී. ස්‍යා.)) ච;
සබ්බානිපෙතානි අභිබ්භවිත්වා
(අභිසංභවිත්වා (සුත්තනිපාතෙ)), එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
108
“සීතලයද, ඌෂ්ණයද, (බඩගින්නද) පිපාසාවද, අවු සුළංද, ඩැහැ ලෙහෙ බොන මැස්සන් හා සර්පයන්ද, යන මේ සියල්ල මැඩ පවත්වා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
109
‘‘‘නාගොව යූථානි විවජ්ජයිත්වා, සඤ්ජාතඛන්ධො පදුමී උළාරො;
යථාභිරන්තං විහරං අරඤ්ඤෙ, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
109
“මැනවින් හටගත් ග්‍රීවා ඇති (පියුමක් මෙන් මනහර සිරුරු ඇති බැවින් හෝ පදුම කුලයෙහි උපන් බැවින්) පදුමී නම්වූ උදාරවූ ඇත් රජ තෙම හස්ති සමූහයා හැර දමා කැමති තාක් කල් අරණෙහි වසන්නාක් මෙන් කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
110
‘‘‘අට්ඨානතං
ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
110
“යමක් හේතුකොට ගෙන ලෞකීක සමාපත්තියට පැමිණේනම් සමූහය සමග එක්වීමෙහි ඇළුනහුට, ඒ සාමයීක විමුක්ති නම්වූ ලෞකීක සමාපත්තිය සිදු නොවේ. පසේ බුදුන් වහන්සේගේ මේ වචනය නිසා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
111
‘‘‘දිට්ඨීවිසූකානි උපාතිවත්තො, පත්තො නියාමං පටිලද්ධමග්ගො;
උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්යො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
111
“මාර්ග සම්‍යක් දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධවූ දෙසැට මිසදිටු උපුටා හරින ලදී. සෝවාන් මගට පත් බැවින් අවිනිපාත ධර්මයන් හෙවත්, අපායගාමී නොවන ස්වභාවයෙන් නියත බවට පැමිණියේ ලබන ලද සෙසු මාර්ගඵලද ඇත්තේ අන්‍යයන් විසින් මෙය සත්‍යයයි පෙන්වා නොමෙහෙයවිය හැකි හෙවත් අනිකෙකුගේ මාර්ගෝපදේශකත්වයක් නොමැතිව උපන්නාවූ ප්රත්යෙක බෝධි ඥානය ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
112
‘‘‘නිල්ලොලුපො
නිරාසයො
(නිරාසාසො (ක.)) සබ්බලොකෙ භවිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
112
“ලොල් නොවූයේ, කුහක බැවින් තොරවූයේ, රශ තෘෂ්ණාවෙන් අනුභව කරනු කැමති බවනම් වූ පිපාසාවද අනුන්ගේ ගුණ මකන ස්වභාවයද නැත්තේ, සිත කය, වචනයන් පිළිබඳ කසට හා මෝහයද හරණ ලද්දේ, භවත්‍රය පිළිබඳව ඇති තෘෂ්ණා විරහිතවූයේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
113
‘‘‘පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං;
සයං න සෙවෙ පසුතං පමත්තං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
113
“පවිටු මිතුරන් දුරු කරන්නේය. අනර්ථයක් දක්නාසුළු කාය දුශ්චරිතාදී පව්වලින් යුතුව වෙසෙන දෘෂ්ටි වශයෙන් ඒ ඒ තන්හි ඇළුනාවූ ප්‍රමාදයෙන් යුත් එබඳුවූ මිතුරන් තෙමේ නොසෙව්නේය. කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
114
‘‘‘බහුස්සුතං ධම්මධරං භජෙථ, මිත්තං උළාරං පටිභානවන්තං;
අඤ්ඤාය
|
114
“පර්‍ය්‍යාප්ති බහුශ්රුතත්වයෙන් හා ප්‍රතිවේධ බහුශ්රුතත්වයෙන් යුත් එම පර්‍ය්‍යාප්තීන් හා අධිගමයන් පිළිබඳ වැටහීම් ඇති මිත්‍රයෙකු භජනය කරන්නේය.
|
115
‘‘‘ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලොකෙ, අනලඞ්කරිත්වා අනපෙක්ඛමානො;
විභූසට්ඨානා විරතො සච්චවාදී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
115
“ලෙව්හි ක්‍රීඩාවද, රතියද, කාම සුඛයද, අනපෙක්ෂිතවූයේ, නුසුදුසුයයි නොකොට සැරසීමට කරුණුවූ දෙයින්ද වෙන්වූයේ සත්‍යවාදීව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
116
‘‘‘පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං, ධනානි ධඤ්ඤානි ච බන්ධවානි;
හිත්වාන කාමානි යථොධිකානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
116
“පුත්රදාරාවන්ද, දෙමාපියන්ද, ධන ධාන්‍යද, බන්ධූන්ද, යන මේ කාම වස්තූන් පිලිබඳ ස්වකීය ස්වකීය සීමාවෙහි (ඇල්ම) තුබූ තුබූ අයුරින් අතහැර දමා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
117
‘‘‘සඞ්ගො
ගළො
(ගාහො (සී.) කණ්ඩො (ස්‍යා.) ගාළ්හො (ක.)) එසො ඉති ඤත්වා මතිමා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
117
“මේ පඤ්චකාම වස්තූන් නිසා ඇතිවන්නේ ඇල්මකි. එහි ඇති සැපතද, ආශ්වාදයද, ස්වල්පය. එහිවූ දුකම වැඩිය. නුවණැත්තේ මේ පස්කම් සුවය (මත්ස්‍යයන් බඳින්නාවූ) ඇමක් මෙන් සළකා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
118
‘‘‘සන්දාලයිත්වාන සංයොජනානි, ජාලංව භෙත්වා සලිලම්බුචාරී;
අග්ගීව දඩ්ඪං අනිවත්තමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
118
“දැල පළාගෙන ගිය මත්ස්‍යයකු මෙන් සංයෝජනයන් සිඳ දැවීගිය තැනට ආපසු නොඑන්නාවූ ගින්න යම් සේද, එසේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
119
‘‘‘ඔක්ඛිත්තචක්ඛූ න ච පාදලොලො, ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො;
අනවස්සුතො අපරිඩය්හමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
119
“යටට හෙළන ලද බැඳුම් ඇත්තෝ සමූහය සමග ඇලීම සඳහා පිරිස් මැදට යාමෙහි ලොල්බව නැත්තේ, රක්නාලද පසිඳුරන් ඇත්තේ, රැකගත් සිතද ඇත්තේ, අරමුණු විෂයෙහි කෙළෙස් වැගිරෙණ ගතියෙන් තොරවූයේ, කෙළෙස් ගින්නෙන් නොදැවෙන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
120
‘‘‘ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි, සඤ්ඡන්නපත්තො යථා පාරිඡත්තො;
කාසායවත්ථො අභිනික්ඛමිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
120
“සිඳින ලද පත් ඇති පරසතු රුකක් මෙන් ගිහි ව්‍යඤ්ජන ලකුණු හැරදමා කසාවත් හැඳ ග්තේ, ගිහිගෙන් නික්ම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
121
‘‘‘රසෙසු ගෙධං අකරං අලොලො, අනඤ්ඤපොසී සපදානචාරී;
කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
121
“ලොල් නොවූයේ, රසයෙහි ගිජු බවක් නැත්තේ, පොෂණය කළ යුතු අනිකෙක් නැත්තේ, ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනේ, ක්ෂත්රිය කුලාදී යම් කිසි තැනක කෙළෙස් වශයෙන් නොඇලුණු සිත් ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
122
‘‘‘පහාය
අනිස්සිතො ඡෙජ්ජ සිනෙහදොසං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
122
“පඤ්ච නීවරණයන් සිතින්ම හැරදමා සියලු උපක්ලේශයන්ද දුරුකොට, තෘෂ්ණා නොවූයේ කාමරාග නම් තෘෂ්ණා දෝෂය සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
123
‘‘‘විපිට්ඨිකත්වාන
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
123
“ප්‍රථමධ්‍යාන උපචාරයෙහිදීම සොම්නසද, තතියධ්යානූපචාරයෙහිදීම සුඛයද (හරනා බැවින්) පළමුකොටම සැපද, දුකද ගැන නොබලා, එසේම සොම්නස් දොම්නස් දෙකද හැර (පඤ්චනීවරණයන්ගෙන් හා විතර්ක විචාර ප්‍රීති සුඛයන්ගෙන්) පිරිසිදුවූ උපෙක්ෂාවෙන් යුත් (චතුර්ත්ථධ්යාන) සමථය ලබා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
124
‘‘‘ආරද්ධවීරියො
දළ්හනික්කමො ථාමබලූපපන්නො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
124
“නිවණට පැමිණීම සඳහා ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තේ, නොපසුබට සිත් ඇති, කුසීත පැවැත්මෙන් තොරවූ, වීර්‍ය්‍යයෙන් ප්රතිපක්ෂ කෙළෙසුන් කෙරෙන් ඉවත්වූ (මාර්ගක්ෂණයෙහි) ස්ථිර ඥාන බලයට පැමිණියේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
125
‘‘‘පටිසල්ලානං ඣානමරිඤ්චමානො, ධම්මෙසු නිච්චං අනුධම්මචාරී;
ආදීනවං සම්මසිතා භවෙසු, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
125
“පටිසල්ලාන නම් කාය විවේකයද, ධ්‍යාන නම් චිත්ත විවේකයද, නොසීස් කරනුයේ විදර්ශනාවට එළඹියයුතු ධර්මයන් විෂයෙහි නිරතුරුව එම ධර්මයන්ට අනුව හැසිරෙන්නේ, ත්‍රිවිධ භවයෙහි ආදීනව මෙනෙහි කරන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
126
‘‘‘තණ්හක්ඛයං
සඞ්ඛාතධම්මො නියතො පධානවා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
126
අප්‍රමාදව නිවණ පතනුයේ, කෙළතොළු නොවූයේ, බහුශ්රුතව, සිහි ඇතිව, දහම් විමසීමෙන් ඇතිකරගත් අවබෝධය ඇත්තේ (ආර්‍ය්‍ය මාර්ගයෙන්) නියතබවට පැමිණියේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
127
‘‘‘සීහොව
පදුමංව තොයෙන අලිම්පමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
127
“ශබ්දයන් විෂයෙහි තැතිගැනීමට පත්නොවන සිංහයෙකු මෙන්ද, දැලක නොබැඳුන වාතය මෙන්ද කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
128
‘‘‘සීහො යථා දාඨබලී පසය්හ, රාජා මිගානං අභිභුය්ය චාරී;
සෙවෙථ පන්තානි සෙනාසනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
128
“දාඨාබලය ඇති වේශයෙන් හා මැඩපවත්වා හැසිරෙන සුළු, මෘගරාජවූ සිංහයෙකු මෙන් දුර සෙනසුන් සෙව්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
129
‘‘‘මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙ;
සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
129
“විරුද්ධවූ ක්ලේශයන්ගෙන් මිදුනාවූ මෛත්‍රීයද, උපෙක්ෂාවද, කරුණාවද, මුදිතාවද, ආසේවනයට පහසු කල්හි සෙව්නේ සකල ලෝකවාසි සත්ත්වයන් සමග විරුද්ධ නොවන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
130
‘‘‘රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සන්දාලයිත්වාන සංයොජනානි;
අසන්තසං ජීවිතසඞ්ඛයම්හි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
130
“රාග, ද්වේෂ, මෝහයන් හැර (මාර්ගයෙන්) දශ සංයෝජනයන් සිඳ ජීවිතය සැකයට පත්කල්හි හෙවත් මරණාසන්නයෙහි තැති නොගන්නේ, කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
131
‘‘‘භජන්ති
අත්තත්ථපඤ්ඤා අසුචීමනුස්සා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
131
“මිත්‍රයන් කිසියම් ලාභයක් සඳහාම භජනයද, සේවනයද කෙරෙත්. එසේ ලාභාපේක්ෂාවක් නැතිව භජනය කරණ මිත්‍රයෝ මෙකල දුර්ලභ වෙත්. මිනිස්සු ආත්මාර්ත්ථකාමී කල්පනාවන්ගෙන් හා අපිරිසිදු කාය, වචී, මනෝ කර්මයන්ගෙන් යුක්තවූවාහුම, (එබැවින්) කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
132
‘‘‘විසුද්ධසීලා
විපස්සකා ධම්මවිසෙසදස්සී, මග්ගඞ්ගබොජ්ඣඞ්ගගතෙ විජඤ්ඤා.
|
132
“වෙසෙසින් පිරිසිදු සිල් ඇති, එසේම අතිපරිශුද්ධ ප්‍රඥාද ඇති, එකඟ සිත් ඇති, නිදිමැරීමෙහි යෙදුනාවූ, විදර්ශකවූ (දශකුශල, චතුස්සත්‍යය, නවලෝකෝත්තර) ධර්මයන් වෙසෙසින් දක්නා සුළුවූ, මාගාංග බොජඣඞ්ගයන් හා එක්ව යෙදුනාවූ ආර්‍ය්‍ය ධර්මයන් විශේෂයෙන් දැනගත්,
|
133
‘‘‘සුඤ්ඤප්පණිධිඤ්ච තථානිමිත්තං
(සුඤ්ඤතප්පණීහිතඤ්චානිමිත්තං (සී.)), ආසෙවයිත්වා ජිනසාසනම්හි;
යෙ සාවකත්තං න වජන්ති ධීරා, භවන්ති පච්චෙකජිනා සයම්භූ.
|
133
“සුඤ්ඤත අප්පණිහිත අනිමිත්ත නම් විමොක්ෂයන් වඩා ඒ ප්‍රාඥයෝ සර්වඥ ශාසනයෙහි ශ්‍රාවක බවට නොපැමිණෙත්. ඔවුහු පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයෝ වෙත්.
|
134
‘‘‘මහන්තධම්මා බහුධම්මකායා, චිත්තිස්සරා සබ්බදුක්ඛොඝතිණ්ණා;
උදග්ගචිත්තා පරමත්ථදස්සී, සීහොපමා ඛග්ගවිසාණකප්පා.
|
134
“පුරණ ලද මහත් පුණ්‍ය සම්භාර ඇති බොහෝ වූ ධර්මකාය සම්පත් ඇති සිතේ එකඟකමින් යුත් සකල සංසාර සැඩවතුර තරණය කළාවූ සොම්නස් සිත් ඇති පරමාර්ත්ථය දක්නා සුළුවූ සිංහයෙකු වැනි වූයේද, කඟවේනෙකු වැනි වූයේද වේ.
|
135
‘‘‘සන්තින්ද්රියා සන්තමනා සමාධී, පච්චන්තසත්තෙසු පතිප්පචාරා
(පච්චත්තගම්භීරමතප්පචාරා (සී.));
දීපා පරත්ථ ඉධ විජ්ජලන්තා, පච්චෙකබුද්ධා සතතං හිතාමෙ.
|
135
“සන්සුන් ඉඳුරන් ඇති, ශාන්තවූ හා එකඟවූ සිත් ඇති ප්‍රත්‍යන්ත ජනපද වැසි සත්ත්වයන් විෂයෙහි පතුරුවන ලද මෛත්‍රී කරුණා ආදී ගුණ ඇති, මෙලොව පරලොව යන දෙලොව බබුළුවන ප්‍රදීපයක් වැනිවූ, මේ පසේ බුදුවරයෝ හැම කල්හිම නිරෝධ සමාපත්ති, ඵල සමාපත්ති වශයෙන් සම්පූර්ණ වූවාහුය.
|
136
‘‘‘පහීනසබ්බාවරණා ජනින්දා, ලොකප්පදීපා ඝනකඤ්චනාභා;
නිස්සංසයං ලොකසුදක්ඛිණෙය්යා, පච්චෙකබුද්ධා සතතප්පිතාමෙ.
|
136
“ජනෝත්තමවූ ඒ පසේ බුදුවරයෝ ප්‍රහීණ කරණ ලද සියළු නීවරණ ඇත්තාහු, ඝන ස්වර්ණ ප්‍රභා සදෘෂවූවාහු ලෝකයේ අසහාය ප්රදීපයෝද වෙති. නිසැකවම ලෝකයෙහි ශ්‍රේෂ්ඨ දක්ෂීණාර්හයන්වූ මුන්වහන්සේලා හැම කල්හිම අර්පිත නිරෝධ සමාපත්ති හා ඵල සමාපත්ති ඇත්තාහුය.
|
137
‘‘‘පච්චෙකබුද්ධානං
සුත්වා තථා යෙ න කරොන්ති බාලා, චරන්ති දුක්ඛෙසු පුනප්පුනං තෙ.
|
137
“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එම ධර්මය අසා ඒ පරිදි නොකරන්නේ නම්, ඔවුහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.
|
138
‘‘‘පච්චෙකබුද්ධානං
සුත්වා තථා යෙ පටිපත්තියුත්තා, භවන්ති තෙ සච්චදසා සපඤ්ඤා’.
|
138
“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නාවූ කුඩා මීවද වැනිය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්රතිපත්තියෙහි යෙදුනාහු නම් ඔවුහු තුමූ චතුස්සත්‍යය දක්නාවූ සප්‍රාඥයෝ වෙති.
|
139
‘‘පච්චෙකබුද්ධෙහි
තා සක්යසීහෙන නරුත්තමෙන, පකාසිතා ධම්මවිජානනත්ථං.
|
139
“කෙලෙසුන් ජයගත් පසේබුදුවරයන් විසින් දෙසන ලද උදාරවූ ගාථා ගෘහාභිනිෂ්ක්රමණයකොට බුද්ධත්වයට පත් නරෝත්තමවූ ශාක්‍යසිංහ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් (ලෝකයාගේ) ධර්මාවබෝධය පිණිස දේශනා කරණ ලදී”
|
140
‘‘ලොකානුකම්පාය
සංවෙගසඞ්ගමතිවඩ්ඪනත්ථං, සයම්භුසීහෙන පකාසිතානී’’ති.
|
140
එම පසේබුදුවරයන් විසින් දේශනා කරණ ලද මෙම ගාථාවෝ (නුවණැත්තන්ගේ) සංවේගය හා නොඇලීම වැඩෙනු පිණිස තෙමේම චතුස්සත්‍යාවබෝධය කරගත් ශ්‍රේෂ්ඨ සම්‍යක් සම්බුදුරදුන් විසින් වදාරණ ලදහ.
|
3-1. සාරිපුත්තත්ථෙරඅපදානං | 3-1. සාරීපුත්‍රථෙරාපදානය |
141
‘‘හිමවන්තස්ස
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
|
141
“හිමවතට නුදුරෙහි “ලම්බක” නම් පර්වතයකි. එහි මට අසපුවක් කරණ ලදී. පන්සලක් මැනවින් මවන ලදී.
|
142
‘‘උත්තානකූලා නදිකා, සුපතිත්ථා මනොරමා;
සුසුද්ධපුළිනාකිණ්ණා, අවිදූරෙ මමස්සමං.
|
142
“මනාවූ (කුඩා) තොටුපලවල් ඇති, මනොඥවූ සුදෝ සුදු වැලි තලාවන්ගෙන් ගැවසී ගත් කුඩා ගඟ මාගේ අසපුව අවට නුදුරෙහි විය.
|
143
‘‘අසක්ඛරා අපබ්භාරා, සාදු අප්පටිගන්ධිකා;
සන්දතී නදිකා තත්ථ, සොභයන්තා මමස්සමං.
|
143
“බොරළු රහිත, ගැඹුරු ඉවුරු නැති, මනා ජලයෙන් යුත්, දුර්ගන්ධ විරහිතවූ (එම) කුඩා ගංගා තොම එහි මාගේ අසපුව හොබවමින් ගලා බසින්නීය.
|
144
‘‘කුම්භීලා මකරා චෙත්ථ, සුසුමාරා
(සුංසුමාරා (සී. ස්‍යා. )) ච කච්ඡපා;
චරන්ති නදියා තත්ථ, සොභයන්තා මමස්සමං.
|
144
“කිඹුල්ලුද, මෝරුද මුඛයෙන් සූ සූ නදින් (දිය බුබුළු උඩට නගන සුංසුමාර නම්වූ) චණ්ඩ මත්ස්‍යයෝද, කැසුබුවෝද එහිවූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි සැරිසරත්.
|
145
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා
(වජලා (සී. ස්‍යා.) ජලජා (පී.)) මුඤ්ජරොහිතා;
වග්ගළා
(වග්ගුලා (සී.) වග්ගුළා (ස්‍යා.) මග්ගුරා (ථෙරගාථා)) පපතායන්තා, සොභයන්ති
(පපතායන්ති, සොභයන්තා (ක.)) මමස්සමං.
|
145
“පෙටියෝද, පාවුස නම් (ලූල්ලු) මත්ස්‍යයෝද, වජල නම් (වලයෝ)මත්ස්‍යයෝද, මුඤ්ජ නම් (මොද්දු) මත්ස්‍යයෝද, රොහිත (රෙහෙරු) මත්ස්‍යයෝද, චග්ගුල නම් මත්ස්‍යයෝද පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
|
146
‘‘උභො
උභතො අභිලම්බන්තා, සොභයන්ති
(අභිලම්බන්ති සොභයන්තා (ක.)) මමස්සමං.
|
146
“එම ගඟ දෙපසෙහි (හැමකල්හි) පිපුණු මල් ඇත්තාවූද, හටගත් ගෙඩි ඇත්තාවූද, වෘක්ෂයෝ දෙතෙරෙහි පහළට නැමුණාහු, මාගේ අසපුව හොබවත්.
|
147
‘‘අම්බා සාලා ච තිලකා, පාටලී සින්දුවාරකා
(සින්දුවාරිකා (බහූසු));
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා මම අස්සමෙ.
|
147
“අඹ, සල්, මදට, පළොල්, නික යන මේ වෘක්ෂයෝ පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
|
148
‘‘චම්පකා සළලා නීපා
(නිම්බා (ක.)), නාගපුන්නාගකෙතකා;
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා මම අස්සමෙ.
|
148
“සපු, සලල, කොළොම්, නා, දොඹ, වැටකේ යන වෘක්ෂයෝද, පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
|
149
‘‘අතිමුත්තා
අඞ්කොලා බිම්බිජාලා
(බිම්බජාලා (ක.)) ච, පුප්ඵිතා මම අස්සමෙ.
|
149
“මාගේ අසපුවෙහි යොහොඹු, හෝපළු, භගිනි, මාලා යන වෘක්ෂයෝ මල් පිපී ගියාහුය. එසේම, රුකගුණ, රත්කරවු යන වෘක්ෂයෝද සුපුෂ්පිත වූවාහුය.
|
150
‘‘කෙතකා
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
150
“වැටකේ, කඳල, ගොවුක, බොලිද්ද යන වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
151
‘‘කණිකාරා
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
151
“කිණිහිරිය, සිහින් මිදිය, පියාය, කුඹුක්ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
152
‘‘පුන්නාගා ගිරිපුන්නාගා, කොවිළාරා ච පුප්ඵිතා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
152
“දොඹය, ගිරි දොඹය (ගිරිපුන්නාහ), කොබෝ ලීලය යන වෘක්ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
153
‘‘උද්ධාලකා ච කුටජා, කදම්බා වකුලා බහූ;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
153
“ඇසළය, කෙළිඳය, කොළොම්ය, මුහුණ මල්ය යන බොහෝ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
154
‘‘ආළකා ඉසිමුග්ගා ච, කදලිමාතුලුඞ්ගියො;
ගන්ධොදකෙන සංවඩ්ඪා, ඵලානි ධාරයන්ති තෙ.
|
154
“ආලකය, ඉසිමුග්ගය, (වනමුං) කෙසෙල්ය, ලප්නාරන්ය යන මේ වෘක්ෂයෝ සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
|
155
‘‘අඤ්ඤෙ පුප්ඵන්ති පදුමා, අඤ්ඤෙ ජායන්ති කෙසරී;
අඤ්ඤෙ ඔපුප්ඵා පදුමා, පුප්ඵිතා තළාකෙ තදා.
|
155
“(අසපුව අසලවූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කෙසර පද්මයෝ හට ගනිත්. ඇතැම් පිපුණු පද්මයෝ ගිලිහුණු පත් හා කෙසුරු ඇත්තෝ වෙත්.
|
156
‘‘ගබ්භං ගණ්හන්ති පදුමා, නිද්ධාවන්ති මුලාළියො;
සිංඝාටිපත්තමාකිණ්ණා, සොභන්ති තළාකෙ තදා.
|
156
“පද්මයෝ කැකුළුව හටගනිත්. නෙළුඹු අල (මඩ අතුරින් ඇත් දළ මෙන්) වැඩීමෙන් මහවිල් කටු (කටු දෙලු) පත්වලින් ගැවසීගත්තාහු හැමකල්හි (එම) විලෙහි බබළත්.
|
157
‘‘නයිතා අම්බගන්ධී ච, උත්තලී බන්ධුජීවකා;
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා තළාකෙ තදා.
|
157
“විල අසල පිපීගිය නයිතය අම්බ (පුෂ්ප) ගන්ධිය, උත්තාලීය, බඳුවද යන මේ ගස්හු හැම කල්හි දිව සුවඳ හමත්.
|
158
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා මුඤ්ජරොහිතා;
සංගුලා මග්ගුරා
(මඞ්ගුරා (සී. ක.)) චෙව, වසන්ති තළාකෙ තදා.
|
158
“පෙටියෝද, පාවුසයෝද, වලප්ය, මුඤ්ජය, රොහිතය, සංගුලය, මංගුරය යන මත්ස්‍යයෝද එකල්හි තඩාගයෙහි වසත්.
|
159
‘‘කුම්භීලා
ඔගුහා
(ඔගාහා (ස්‍යා.)) අජගරා ච, වසන්ති තළාකෙ තදා.
|
159
“කිඹුල්ලුද, තන්නිගාහ රකුසෝය, මගුහය, අජකාර යන මොවුහු එකල්හි මෙම තඩාගයෙහි වසත්.
|
160
‘‘පාරෙවතා රවිහංසා, චක්කවාකා නදීචරා;
කොකිලා සුකසාළිකා, උපජීවන්ති තං සරං.
|
160
“පරෙවිය, රවිහංසය, සක්වා ලිහිණිය (නදීවරයාද), කොකිලය, ගිරාය, සාලිකය යන මේ පක්ෂීහු ඒ විල ඇසුරෙන් ජීවත් වෙති.
|
161
‘‘කුක්කුත්ථකා කුළීරකා, වනෙ පොක්ඛරසාතකා;
දින්දිභා සුවපොතා ච, උපජීවන්ති තං සරං.
|
161
“කුකුත්‍ථකය, කුලීරකය, වෙනෙහි වෙසෙන පොක්ඛර සාතකය, දින්දිභය, සුවපොතය (මලිත්තා) යන මේ පක්ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
|
162
‘‘හංසා
පම්පකා ජීවංජීවා ච, උපජීවන්ති තං සරං.
|
162
“හංසයෝය, කොස්වා ලිහිණියෝය, මොණරු, කොව්ලෝය, හුන පුපුළෝය, ජිවඤ්ජිවයෝය යන මේ පක්ෂීහු මේ පක්ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
|
163
‘‘කොසිකා පොට්ඨසීසා ච, කුරරා සෙනකා බහූ;
මහාකාළා ච සකුණා, උපජීවන්ති තං සරං.
|
163
“බකමුහුණෝය, පොඨසීස නම් පක්ෂීහුය, කබරුස්සෝය, උකුස්සෝය, මහා කාල නම් පක්ෂීහුය යන බොහෝ පක්ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
|
164
‘‘පසදා ච වරාහා ච, චමරා ගණ්ඩකා බහූ
(වකා භෙරණ්ඩකා බහූ (සී. ස්‍යා.));
රොහිච්චා සුකපොතා
(සුත්තපොතා (ස්‍යා.)) ච, උපජීවන්ති තං සරං.
|
164
“පසදමෘගයෝය, ඌරෝය, වෘකයෝය, කැනහිල්ලුය, රොහිච්ච නම් මෘගයෝය, සුග්ගදී පොතයෝය යන බොහෝ මෘගයෝ එම විල ඇසුරුකොට ජීවත් වෙති.
|
165
‘‘සීහබ්යග්ඝා
තිධා පභින්නමාතඞ්ගා, උපජීවන්ති තං සරං.
|
165
“සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කරබානා වලස්සුය, තෙතැනකින් මද බිඳෙන (ත්‍රිමද ගලිත) ඇත්තුය ඒ විල ඇසුරුකොට වෙසෙත්.
|
166
‘‘කින්නරා වානරා චෙව, අථොපි වනකම්මිකා;
චෙතා ච ලුද්දකා චෙව, උපජීවන්ති තං සරං.
|
166
“කිඳුරෝද, වඳුරෝද, යලිදු වනයෙහි කර්මාන්තයන්හි යෙදුනෝද (මුවසේවටු ආදීහුද) දාසයෝද, වැද්දෝද, එම විල ඇසුරුකොට වෙසෙත්.
|
167
‘‘තින්දුකානි පියාලානි, මධුකා කාසුමාරයො
(කාසමාරියො (ස්‍යා.));
ධුවං ඵලානි ධාරෙන්ති, අවිදූරෙ මමස්සමං.
|
167
“තිලිසිරිය, පිය, වැල්මීය (කාසුවාරියා) යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරුවම පල දරත්.
|
168
‘‘කොසම්බා
(කොසුම්භා (සී. ස්‍යා.)) සළලා නිම්බා
(සළලා නීපා (සී. ස්‍යා.) පනසා අම්බා (?)), සාදුඵලසමායුතා;
ධුවං ඵලානි ධාරෙන්ති, අවිදූරෙ මමස්සමං.
|
168
“මනාව හටගත් පලයන්ගෙන් යුත් කොසුම්භය, සලලය, කොළොම්ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරුවම පල දරත්.
|
169
‘‘හරීතකා
කොලා භල්ලාතකා බිල්ලා, ඵලානි ධාරයන්ති තෙ.
|
169
“අරළුය, නෙල්ලිය, අබය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, යන මෙකී වෘක්ෂයෝද පල දරත්.
|
170
‘‘ආලුවා ච කළම්බා ච, බිළාලීතක්කළානි ච;
ජීවකා සුතකා චෙව, බහුකා මම අස්සමෙ.
|
170
“ආළුය, කලම්බය, බිලාලීය, තක්කලය, ජීවකය, සුතකය යන බොහෝ අල වර්ගයෝ මාගේ අසපුවෙහි වෙති.
|
171
‘‘අස්සමස්සාවිදූරම්හි, තළාකාසුං සුනිම්මිතා;
අච්ඡොදකා සීතජලා, සුපතිත්ථා මනොරමා.
|
171
“අසපුවට නුදුරෙහි මැනවින් වැවූ, පිරිසිදු සිහිල් දිය ඇති, මනා තොටුපලවලින් යුත් මනරම්වූ තඩාගයෝ වූහ.
|
172
‘‘පදුමුප්පලසඤ්ඡන්නා
මන්දාලකෙහි සඤ්ඡන්නා, දිබ්බගන්ධො පවායති.
|
172
“පුණ්ඩරීක (සුදු නෙලුම්) සහිත පියුම් (රතු නෙළුම්) උපුල්වලින් ආකුලවූ තඩාගයන්ගෙන් ගැවසී ගත්තාහුය. දිව සුවඳද හමයි. මදාරා ගස්වලින් යුක්තය.
|
173
‘‘එවං සබ්බඞ්ගසම්පන්නෙ, පුප්ඵිතෙ ඵලිතෙ වනෙ;
සුකතෙ අස්සමෙ රම්මෙ, විහරාමි අහං තදා.
|
173
“මෙසේ සුපුෂ්පිතව පල දැරුවාවූ, සර්වාඞ්ග සම්පූර්ණ වණයෙහි මැනවින් කරණ ලද රම්‍යවූ ආශ්‍රමයෙහි මම හැම කල්හි වෙසෙමි.
|
174
‘‘සීලවා වතසම්පන්නො
(වත්තසම්පන්නො (ස්‍යා.)), ඣායී ඣානරතො සදා;
පඤ්චාභිඤ්ඤාබලප්පත්තො, සුරුචි නාම තාපසො.
|
174
“සිල්වත්ව, වෘත සම්පන්නව ධ්‍යාන කරණ සුළු වූයේ, හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ, පඤ්චාභිඥා බලයට පැමිණියේ “සුරුචි” නම් තවුසෙක් වීමි.
|
175
‘‘චතුවීසසහස්සානි, සිස්සා මය්හං උපට්ඨහු;
සබ්බෙව බ්රාහ්මණා එතෙ, ජාතිමන්තො යසස්සිනො.
|
175
“සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහුය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත්, කිර්තිමත් බ්‍රාහ්මණයෝ වූහ.
|
176
‘‘ලක්ඛණෙ ඉතිහාසෙ ච, සනිඝණ්ටුසකෙටුභෙ;
පදකා වෙය්යාකරණා, සධම්මෙ පාරමිං ගතා.
|
176
“(ඔවුහු) අංගලක්ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, වේදත්රයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්මයෙහිද, පරතෙරට ගියාහු, නාම පදාදියෙහි දක්ෂවූහ. එසේම ව්යාකරණාදියෙහිද දක්ෂයෝ වූහ.
|
177
‘‘උප්පාතෙසු
පථබ්‍යා භූමන්තලික්ඛෙ, මම සිස්සා සුසික්ඛිතා.
|
177
“උල්කාපාත, භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාත ශාස්ත්‍රයෙහිද, ශුභා ශුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහිද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන්ගේ ලක්ෂණ දන්නා ශාස්ත්‍රයෙහිද, දක්ෂවූවාහු පෘථිවිය පිළිබඳවූද, අහස පිළිබඳවූද, ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්ෂවූහ.
|
178
‘‘අප්පිච්ඡා නිපකා එතෙ, අප්පාහාරා අලොලුපා;
ලාභාලාභෙන සන්තුට්ඨා, පරිවාරෙන්ති මං සදා.
|
178
“අල්පෙච්ඡවූ, අල්පාහාරවූ, ලොල්බව නොමැති, ප්‍රාඥවූ මොව්හු ලාභ අලාභ දෙකින්ම එකසේ සතුටුවූවාහු, හැමකල්හි මා පිරිවරත්.
|
179
‘‘ඣායී
ආකිඤ්චඤ්ඤං පත්ථයන්තා, පරිවාරෙන්ති මං සදා.
|
179
“ධ්‍යාන කරණ සුළුවූ, ධ්‍යානයෙහි ඇළුනු, ධෛර්‍ය්‍යවත්වූ, ශාන්තවූ, එකඟවූ සිත් ඇති, පළිබෝධ විරහිත බව කැමති වන්නාවූ එම තව්සෝ හැමකල්හි මා පිරිවරත්.
|
180
‘‘අභිඤ්ඤාපාරමිප්පත්තා, පෙත්තිකෙ ගොචරෙ රතා;
අන්තලික්ඛචරා ධීරා, පරිවාරෙන්ති මං සදා.
|
180
“පඤ්චාභිඥාවන්හි පරතෙරට පත්, අනුන්හට වචනයෙන් කියා (විඤ්ඤත්තියෙන්) පිළියෙලකර නොගත් බුදුන් වහන්සේ විසින් අනුදන්නා ලද ආහාරයෙහි ඇළුනාහු, අහසින් යාම් ඊම් කරන්නාවූ, වීර ගති ඇති එම තවුසෝ හැම කල්හි මා පිරිවරත්.
|
181
‘‘සංවුතා ඡසු ද්වාරෙසු, අනෙජා රක්ඛිතින්ද්රියා;
අසංසට්ඨා ච තෙ ධීරා, මම සිස්සා දුරාසදා.
|
181
“සදොර සංවරණය කරගත්, තෘෂ්ණාවෙන් තොර, සුරැකි ඉඳුරන් ඇති, ගිහියන් සමග නොගැටෙන, ලංවිය නොහැක්කාවූ ඒ ධෛර්ය්යවත් මාගේ ශිෂ්‍යයෝ
|
182
‘‘පල්ලඞ්කෙන නිසජ්ජාය, ඨානචඞ්කමනෙන ච;
වීතිනාමෙන්ති තෙ රත්තිං, මම සිස්සා දුරාසදා.
|
182
“ගැටීමට නුසුදුසුවූ මොවුහු පළඟ බැඳීමෙන්, හිඳීමෙන් හා සක්මන් කිරීමෙන්ද රාත්‍රිය ගෙවත්.
|
183
‘‘රජනීයෙ න රජ්ජන්ති, දුස්සනීයෙ න දුස්සරෙ;
මොහනීයෙ න මුය්හන්ති, මම සිස්සා දුරාසදා.
|
183
“ලංවිය නොහැක්කාවූ මාගේ (ඒ) ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නොඇලෙත්. ගැටියයුතු දෙයෙහි නොගැටෙත්. මුළාවියයුතු දෙයෙහි මුළා නොවෙත්
|
184
‘‘ඉද්ධිං වීමංසමානා තෙ, වත්තන්ති නිච්චකාලිකං;
පථවිං
(පඨවිං (සී. ස්‍යා.)) තෙ පකම්පෙන්ති, සාරම්භෙන දුරාසදා.
|
184
“යුගග්‍රාහයෙන් හෙවත් කලහ කිරීමෙන් ගැටීමට නුසුදුසුවූ ඒ මාගේ ශිෂ්‍යයෝ පෘථිවිය කම්පණය කරත්. නිරතුරුවම විකුර්වණ ඎද්ධි විමසමින් පවතිත්.
|
185
‘‘කීළමානා ච තෙ සිස්සා, කීළන්ති ඣානකීළිතං;
ජම්බුතො ඵලමානෙන්ති, මම සිස්සා දුරාසදා.
|
185
“එම ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම් ධ්‍යාන ක්‍රීඩාවම කරත්. ළංවිය නොහැකි තෙදින් යුත් ඔවුහු (දඹදිව ප්‍රසිද්ධ) දඹ රුකින් ගෙඩි ගෙනෙත්.
|
186
‘‘අඤ්ඤෙ
අඤ්ඤෙ ච උත්තරකුරුං, එසනාය දුරාසදා.
|
186
“ලංවිය නොහැක්කාවූ ඔවුනතුරෙන් ඇතැමෙක් ප්‍රත්‍ය සෙවීම පිණිස අපරගොයානයට යෙත්. ඇතැමෙක් පූර්වවිදේහයටද, ඇතැමෙක් උතුරුකුරු දිවයිනටද යෙත්.
|
187
‘‘පුරතො පෙසෙන්ති ඛාරිං, පච්ඡතො ච වජන්ති තෙ;
චතුවීසසහස්සෙහි, ඡාදිතං හොති අම්බරං.
|
187
“අහසින් යන්නාවූ මාගේ ශිෂ්‍යයෝ තවුස් පිරිකර කද යවති. ඔවුහු පසුව යෙත්. සූවිසි දහසක්වූ ඔවුන් විසින් අහස් තලය වසන ලද්දේ වේ.
|
188
‘‘අග්ගිපාකී අනග්ගී |