ඛුද්දකනිකායෙ | ඛුද්දකනිකායෙ |
ථෙරාපදානපාළි | ථේරාපදානය |
1. බුද්ධවග්ගො | 1. බුද්ධ වග්ගය |
1. බුද්ධඅපදානං | 1. බුද්ධාපදානය |
1
තථාගතං
‘‘සබ්බඤ්ඤුබුද්ධා කිර නාම හොන්ති, භවන්ති තෙ හෙතුභි කෙහි වීර’’.
|
1
වේදේහි පුත්‍ර ආනන්ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් සර්වඥ බුදුවරයෝ වෙත්දැයි” නමස්කාර පෙරටුව විචාළ සේක.
|
2
තදාහ සබ්බඤ්ඤුවරො මහෙසී, ආනන්දභද්දං මධුරස්සරෙන;
‘‘යෙ පුබ්බබුද්ධෙසු
(සබ්බබුද්ධෙසු (ස්‍යා.)) කතාධිකාරා, අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
|
2
එකල්හි මහාර්ෂිවූ සර්වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට, “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එකී සම්‍යක් සම්බෝධියම අරමුණුකොට මහත්වූ ධෛර්ය්යයෙන් කළ පැතුමින්ද, වඩන ලද ප්‍රඥාවෙහි බලයෙන්ද, සර්වඥභාවයට පැමිණෙත්යයි” මධුර ස්වරයෙන් වදාළ සේක.
|
3
‘‘තෙනෙව සම්බොධිමුඛෙන ධීරා, අජ්ඣාසයෙනාපි මහාබලෙන;
පඤ්ඤාය තෙජෙන සුතික්ඛපඤ්ඤා, සබ්බඤ්ඤුභාවං අනුපාපුණන්ති.
|
3 |
4
‘‘අහම්පි
මනසායෙව හුත්වාන, ධම්මරාජා අසඞ්ඛියා.
|
4
“අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති. මමද එකී පෙර බුදුවරයන් ඉදිරියෙහි සිතින්ම (එම උතුමන්) මෙන් වී බුදුබව පැතීමි.
|
5
‘‘අථ
තිංසපාරමිසම්පුණ්ණා, ධම්මරාජා අසඞ්ඛියා.
|
5
“තවද, බුද්ධාපදානයන් පිරිසිදු සිතින් යුතුව අසව්. සමතිස් පෙරුම් පිරූ අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති.
|
6
‘‘සම්බොධිං බුද්ධසෙට්ඨානං, සසඞ්ඝෙ ලොකනායකෙ;
දසඞ්ගුලී නමස්සිත්වා, සිරසා අභිවාදයිං
(අභිවාදයෙ (ස්‍යා.)).
|
6
“ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්‍වඥතාඥානයටද, ශ්‍රාවක සඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලාටද, දොහොත් එක්කොට නැවතත් හිස නමා වැඳීම කෙළෙමි.
|
7
‘‘යාවතා බුද්ධඛෙත්තෙසු, රතනා විජ්ජන්තිසඞ්ඛියා;
ආකාසට්ඨා ච භූමට්ඨා
(භුම්මට්ඨා (සී. ස්‍යා.)), මනසා සබ්බමාහරිං.
|
7
“ඇතිතාක් බුද්ධ ක්ෂෙත්රයන්හි අහසෙහිවූද, පොළොවෙහිවූද, අනන්තවූ රත්නයන් සිතින් (ඉටා) (මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
|
8
‘‘තත්ථ රූපියභූමියං, පාසාදං මාපයිං අහං;
නෙකභුම්මං රතනමයං, උබ්බිද්ධං නභමුග්ගතං.
|
8
“එහි රිදියෙන් කරණ ලද්දාවූද, සත් රුවනින් කරණ ලද්දාවූද, නොයෙක් මහල් (තට්ටු) ඇති අහසට උසද්ව නැගී බබලන ප්‍රාසාදයක් මැවීමි.
|
9
‘‘විචිත්තථම්භං සුකතං, සුවිභත්තං මහාරහං;
කනකමයසඞ්ඝාටං, කොන්තච්ඡත්තෙහි මණ්ඩිතං.
|
9
“එම ප්‍රාසාදය දිගුපුළුලට සරිලන සේ මැනවින් කළ බෙදුම් ඇති, වටිනා තොරණවලින් හා (සුදු) කුඩවලින් බබළන රුවනින් මුවා දැව වළලු ඇති විසිතුරු කණුවලින් යුක්තවිය.
|
10
‘‘පඨමා වෙළුරියා භූමි, විමලබ්භසමා සුභා;
නළිනජලජාකිණ්ණා, වරකඤ්චනභූමියා.
|
10
“එහි පළමුවෙනි මාලය (තට්ටුව) පිරිසිදු වළාකුලක් සේ මනොඥ වෙරළු මිණියෙන් කරණ ලද පොළොව ඇත්තේ විය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් ස්වර්ණමය භූමීන්ගෙන්ද යුක්ත විය.
|
11
‘‘පවාළංසා පවාළවණ්ණා, කාචි ලොහිතකා සුභා;
ඉන්දගොපකවණ්ණාභා, භූමි ඔභාසතී දිසා.
|
11
“ඇතැම් භූමීහු මනහර ලෙස පබළුයෙන් කළ පැති ඇති පබළුවන් වූවාහුද, අනිකක් රත් පැහැ ඇත්තාහුද, තවකෙක් රතිදු ගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුක්ත වූවාහුද, දසදිගුන් බබුළුවති.
|
12
‘‘සුවිභත්තා ඝරමුඛා, නිය්යූහා සීහපඤ්ජරා;
චතුරො වෙදිකා ජාලා, ගන්ධාවෙළා මනොරමා.
|
12
“මැනවින් ගෘහද්වාරද, පිටතට නෙරාගිය ප්රමුඛ ශාලාවන් (ගෙවල් ඉදිරියේ බැඳි ශාලා) ද සීමැදුරුද, මනහර මුතුලැල්වලින් හා සුවඳදමින් ගැවසීගත් වේදිකා සතරක්ද (එහි) විය.
|
13
‘‘නීලා පීතා ලොහිතකා, ඔදාතා සුද්ධකාළකා;
කූටාගාරවරූපෙතා, සත්තරතනභූසිතා.
|
13
“(එම ප්‍රාසාදය) සත් රුවනින් ශෝභාවත් කළ නිල්, කහ, රතු, සුදු හා අමිශ්‍ර කාල වර්ණයද ඇති උතුම් කුළු ගෙවලින්ද සමන්විත විය.
|
14
‘‘ඔලොකමයා
නක්ඛත්තතාරකාකිණ්ණා, චන්දසූරෙහි
(චන්දසුරියෙහි (සී. ස්‍යා.)) මණ්ඩිතා.
|
14
“උඩුකුරුව පිපුණු (අයුරින් කළ) පියුමින්ද, විශාල මෘගයන්ගේ හා පක්ෂීන්ගේ රූ සටහන්වලින්ද බබළන (ඉතා උස් බැවින් පිළිබිඹුවූ) නැකැත් තරුවලින් ගවසීගත් චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගෙන්ද අලංකාර විය.
|
15
‘‘හෙමජාලෙන
වාතවෙගෙන කූජන්ති, සොණ්ණමාලා මනොරමා.
|
15
“රන් කිකිණියෙන් යුත්, රුවන් දැලින් ගැවසුනු මනහර රන් මල් දම්හු වායු වේගයෙන් ශබ්ද පවත්වති.
|
16
‘‘මඤ්ජෙට්ඨකං ලොහිතකං, පීතකං හරිපිඤ්ජරං;
නානාරඞ්ගෙහි සම්පීතං
(සංචිත්තං (ස්‍යා.)), උස්සිතද්ධජමාලිනී
(මාලිනිං (සී.)).
|
16
“මදටිය රතු, කහ, දඹරන් යන නන් වැදෑරුම් සායමින් පොවන ලද ඔසවන ලද්දාවූ ධජ මාලාවෝ වෙති.
|
17
‘‘න නං
(නානා (සී. ස්‍යා.)) බහූනෙකසතා, ඵලිකා රජතාමයා;
මණිමයා ලොහිතඞ්ගා, මසාරගල්ලමයා තථා;
නානාසයනවිචිත්තා, සණ්හකාසිකසන්ථතා.
|
17
“එහි රිදියෙන් කළ පුවරුද, (නිල්) මිණියෙන්, දෑරඟ මිණියෙන් හා කබරවන් මිණි ආදියෙන් කළ පුවරු ඇති, සියුම් කසී සළු අතුල, නා නා සයනයන්ගෙන් විසිතුරු විය.
|
18
‘‘කම්පලා
විවිධත්ථරණං සබ්බං, මනසා පඤ්ඤපෙසහං.
|
18
“කම්බිලිද, දුහුල් පටද, චීන පටද, පත්තුණ්ණ දේශයෙහි කළ පටද, පඬුවන් පටද යන මෙයින් කළ ප්‍රාවරණයන්ගෙන් විවිධ ඇතිරි ඇති සියලු (අසුන්) මම සිතින් (ඉටා) පැනවීමි.
|
19
‘‘තාසු තාස්වෙව භූමීසු, රතනකූටලඞ්කතං;
මණිවෙරොචනා උක්කා, ධාරයන්තා සුතිට්ඨරෙ.
|
19
“ඒ ඒ භූමීන්හි රත්නමය කර්ණිකාවන්ගෙන් ශෝභාවත් රන්මිණියෙන් කළ දඬුවැට පහන් දරණ (නොයෙක්) සිය ගණන් ජනයෝ සිටිති.
|
20
‘‘සොභන්ති එසිකා ථම්භා, සුභා කඤ්චනතොරණා;
ජම්බොනදා සාරමයා, අථො රජතමයාපි ච.
|
20
“(එහි) නුවර දොර හොබවනු වස් සිටවූ යකඩ කණුද, ස්වර්ණමයවූ ජාම්බෝජනද, ස්වර්ණමයවූ (කිහිරි) ඛදිරදාරුමවූ (රිදී) රජතමයවූ තොරන්හුද බබළති.
|
21
‘‘නෙකා සන්ධී සුවිභත්තා, කවාටග්ගළචිත්තිතා;
උභතො පුණ්ණඝටානෙකා, පදුමුප්පලසංයුතා.
|
21
“(එම) පහය මැනවින් බෙදූ බොහෝ ජනෙල් හා අගුළුවලින් විසිතුරු විය. නොයෙක් පියුම් උපුල්වලින් යුත් පෙදෙස තැබූ පූර්ණ ඝටයෝද එහි වෙති.
|
22
‘‘අතීතෙ සබ්බබුද්ධෙ ච, සසඞ්ඝෙ ලොකනායකෙ;
පකතිවණ්ණරූපෙන, නිම්මිනිත්වා සසාවකෙ.
|
22
“අතීතයෙහිවූ ශ්‍රාවක සංඝයා සහිත ලෝකනායක සම්‍යක් සම්බුදුවරයන්ද, එසේම ශ්‍රාවක සමූහය සහිත පසේ බුදුවරයන්ද පියවි සටහනින් මවා,
|
23
‘‘තෙන ද්වාරෙන පවිසිත්වා, සබ්බෙ බුද්ධා සසාවකා;
සබ්බසොණ්ණමයෙ පීඨෙ, නිසින්නා අරියමණ්ඩලා.
|
23
“ශ්‍රාවකයන් සහිත එම බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්‍ය්‍ය සමූහව ස්වර්ණමය පීඨයෙහි වැඩහුන්හ.
|
24
‘‘යෙ ච එතරහි අත්ථි, බුද්ධා ලොකෙ අනුත්තරා;
අතීතෙ
|
24
“මෙකල ලෝකයෙහි අනුත්තරවූ යම් බුදු කෙනෙක් වෙත්ද, එසේම අතීතයෙහි වූවාහුද, ඒ සියලු බුදුවරයෝම මේ ප්‍රාසාදයට වැඩමවූහ.
|
25
‘‘පච්චෙකබුද්ධෙනෙකසතෙ, සයම්භූ අපරාජිතෙ;
අතීතෙ වත්තමානෙ ච, භවනං සබ්බෙ සමාහරිං.
|
25
“තමන් විසින්ම, ගුරූපදේශ විරහිතව ධර්මය අවබෝධ කරගත්, පස් මරුන් දිනූ, අතීතයෙහි හා වර්තමානයෙහි වූ නොයෙක් සිය ගණන් පසේ බුදුවරුද, මේ පහයට වැඩම කළහ.
|
26
‘‘කප්පරුක්ඛා බහූ අත්ථි, යෙ දිබ්බා යෙ ච මානුසා;
සබ්බං දුස්සං සමාහන්තා, අච්ඡාදෙමි තිචීවරං.
|
26
“දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, කප්රුක් බොහෝ වෙති. (ඒවායින්) සියලු වස්ත්‍ර ගෙනවුත් තුන් සිවුරින් (උන්වහන්සේලා) (හඳවමි.)
|
27
‘‘ඛජ්ජං භොජ්ජං සායනීයං, සම්පන්නං පානභොජනං;
මණිමයෙ සුභෙ පත්තෙ, සංපූරෙත්වා අදාසහං.
|
27
“කෑයුතුවූද, බුදියයුතුවූද, රස විඳ ගත යුතුවූද, සමෘද්ධවූ, ආහාරපානයෙන් මනොඥවූ, මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දුනිමි.
|
28
‘‘දිබ්බවත්ථසමා හුත්වා, මට්ඨා
(මට්ටා (සී.)) චීවරසංයුතා;
මධුරා සක්ඛරා චෙව, තෙලා ච මධුඵාණිතා.
|
28
“ඒ දිව්‍ය වස්ත්‍ර වැනි මටසිලුටු සිවුරු දැරුවාවූ, මීසකුරු තලතෙල් හා මීපැණියෙන්ද යන (මෙකී) උතුම් ආහාර පානයන්ගෙන් තෘප්තවූ, ඒ සියලු ආර්‍ය්‍ය සමූහයා ගුහාවන්හි සයනය කරණ කේශර සිංහයන් මෙන් රත්න ගෘහයට පිවිස,
|
29
‘‘තප්පිතා පරමන්නෙන, සබ්බෙ තෙ අරියමණ්ඩලා;
රතනගබ්භං
|
29 |
30
‘‘මහාරහම්හි සයනෙ, සීහසෙය්යමකප්පයුං;
සම්පජානා සමුට්ඨාය, සයනෙ
(සෙය්යෙ (ස්‍යා.)) පල්ලඞ්කමාභුජුං.
|
30
“මාහැඟි සයනයෙහි සිහියෙන් යුතුව සීහ සෙය්යාවෙන් සැතපුනාහ. ඉන් නැගිට සයනයෙහිම පලක් බැඳ, වැඩහිඳ, සියලු බුදුවරයන්ට අරමුණුවූ ධ්‍යානයට සමවන්හ.
|
31
‘‘ගොචරං
අඤ්ඤෙ ධම්මානි දෙසෙන්ති, අඤ්ඤෙ කීළන්ති ඉද්ධියා.
|
31
“එසේ බුදුවරයන් අතුරෙන් ඇතමෙන් දහම් දෙසත්. කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් ඎද්ධීන් දක්වත්. අයෙක් පඤ්ච වසීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවන්ට සමවදිති. අනෙක ශතසහශ්ර සංඛ්‍යාත නොයෙක් ඎද්ධි කරත්.
|
32
‘‘අඤ්ඤෙ
විකුබ්බනා විකුබ්බන්ති, අඤ්ඤෙනෙකසහස්සියො.
|
32
“ඒ පසේ බුදුවරු සර්වඥතාඥානයට ගෝචරවූ ප්‍රශ්න අනික් බුදුවරුන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ගැඹුරුවූද කරුණු ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්.
|
33
‘‘බුද්ධාපි බුද්ධෙ පුච්ඡන්ති, විසයං සබ්බඤ්ඤුමාලයං;
ගම්භීරං නිපුණං ඨානං, පඤ්ඤාය විනිබුජ්ඣරෙ.
|
33
“ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්. බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ඔවුනොවුන්ට පිළිතුරුද දෙත්.
|
34
‘‘සාවකා බුද්ධෙ පුච්ඡන්ති, බුද්ධා පුච්ඡන්ති සාවකෙ;
අඤ්ඤමඤ්ඤඤ්ච
|
34
“සම්‍යක් සම්බුදුවරුද, පසේබුදුවරුද, ශ්‍රාවකයෝද, පිරිවර ජනයාද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි එම වෛජයන්ත ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති.
|
35
‘‘බුද්ධා පච්චෙකබුද්ධා ච, සාවකා පරිචාරකා;
එවං සකාය රතියා, පාසාදෙභිරමන්ති තෙ.
|
35
“රන් දැල් පේලි ඇති, සප්ත රත්නමය ඡත්‍ර එල්බ සිටිත්වා. මුතු දැලින් එල්බුනු සියලු ඡත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වායි සිතූ කෙණෙහි එසේ පහළවිය.
|
36
‘‘ඡත්තා තිට්ඨන්තු රතනා, කඤ්චනාවෙළපන්තිකා;
මුත්තාජාලපරික්ඛිත්තා, සබ්බෙ ධාරෙන්තු
(ධාරෙන්ති (ක.)) මත්ථකෙ.
|
36
“රුවන් තරුයෙන් විසිතුරු රෙදි වියන්ද, එසේම විසිතුරු මල් වියන්ද යන මේ සියල්ල මාගේ මුදුනෙහි දරත්වා!
|
37
‘‘භවන්තු චෙළවිතානා, සොණ්ණතාරකචිත්තිතා;
විචිත්තමල්යවිතතා, සබ්බෙ ධාරෙන්තු මත්ථකෙ.
|
37
“මාලාදාමයන්ගෙන් ගැවසී ගත් සුගන්ධ දාමයන්ගෙන් ශෝභිතවූ රෙද්දෙන් කළ මාලාවන්ගෙන් ආකූලවූ රත්න මාලාවන්ගෙන් අලංකෘත,
|
38
‘‘විතතා මල්යදාමෙහි, ගන්ධදාමෙහි සොභිතා;
දුස්සදාමපරිකිණ්ණා, රතනදාමභූසිතා.
|
38
“විසිතුරු මල්වලින් ගැවසීගත් සුවඳ දුම් ගැන්වූ සුවඳ පසඟුල් කළ රන් වියනින් වැසූ,
|
39
‘‘පුප්ඵාභිකිණ්ණා සුචිත්තා, සුරභිගන්ධභූසිතා;
ගන්ධපඤ්චඞ්ගුලිකතා
(ගන්ධපඤ්චඞ්ගුලං කතා (අට්ඨ.)), හෙමච්ඡදනඡාදිතා.
|
39
“පියුම් උපුල්වලින් ගැවසීගත් සිව් දිගෙහිවූ පොකුණු පියුම් රොණින් හා රජසින් ස්වර්ණ වර්ණව වැටහෙත්වා.
|
40
‘‘චතුද්දිසා පොක්ඛරඤ්ඤො, පදුමුප්පලසන්ථතා;
සොවණ්ණරූපා ඛායන්තු, පද්මංරෙණුරජුග්ගතා.
|
40
“මාගේ (චෛජයන්ත) ප්‍රාසාදය සියළු ගස්වල මල් පිබිදෙත්වා. ඒ මල් තෙමේම ගිලිහී පහය මතුයෙහි විසිරෙත්වා.
|
41
‘‘පුප්ඵන්තු පාදපා සබ්බෙ, පාසාදස්ස සමන්තතො;
සයඤ්ච පුප්ඵා මුඤ්චිත්වා, ගන්ත්වා භවනමොකිරුං.
|
41
“එහි මොණරු නටත්වා, දිව්‍ය හංසයෝ ශබ්ද කරත්වා, කුරවි කෙවිල්ලෝද හාත්පස වෙසෙන සෙසු පක්ෂි සමූහයාද නාද කෙරෙත්වා.
|
42
‘‘සිඛිනො තත්ථ නච්චන්තු, දිබ්බහංසා පකූජරෙ;
කරවීකා ච ගායන්තු, දිජසඞ්ඝා සමන්තතො.
|
42
“පහය හාත්පස සියළු බෙර වැයෙත්වා. සියලු වීණා ගැයෙත්වා. හැම සංගීතයක්ම පවතිත්වා. 43 -
|
43
‘‘භෙරියො සබ්බා වජ්ජන්තු, වීණා සබ්බා රසන්තු
(රවන්තු (සී. ස්‍යා.)) තා;
සබ්බා සඞ්ගීති වත්තන්තු, පාසාදස්ස සමන්තතො.
|
43
“සියලු බුද්ධ ක්‍ෂෙත්‍රයෙහිද ඉන් පිටත් සක්වලෙහිද මහත්වූ පළුදු නොවූ ප්රභාවත් රන්වන් වර්ණයෝ වෙත්වා. ප්‍රදීප වෘක්ෂයෝ දැල්වෙත්වා. දස සහශ්‍රී ලෝක ධාතූන්ගේ සමූහයම ඒකාලෝක වෙත්වා.
|
44
‘‘යාවතා
මහන්තා ජොතිසම්පන්නා, අච්ඡින්නා රතනාමයා.
|
44 |
45
‘‘තිට්ඨන්තු සොණ්ණපල්ලඞ්කා, දීපරුක්ඛා ජලන්තු තෙ;
භවන්තු එකපජ්ජොතා, දසසහස්සිපරම්පරා.
|
45 |
46
‘‘ගණිකා ලාසිකා චෙව, නච්චන්තු අච්ඡරාගණා;
නානාරඞ්ගා පදිස්සන්තු, පාසාදස්ස සමන්තතො.
|
46
“නිලියෝද, මුවින් ශබ්ද පවත්වන්නෝද, නෘත්‍ය කෙරෙත්වා. නොයෙක් වර්ණවත් දිව්‍යප්සරා සමූහයා ප්රකටව පෙණෙත්වා.
|
47
‘‘දුමග්ගෙ
උස්සාපෙමි ධජං සබ්බං, විචිත්තං පඤ්චවණ්ණිකං.
|
47
“ගස් මුදුනෙහිද, පර්වත මුදුනෙහිද, සිනෙරු පර්වත මුදුනෙහිද, පඤ්ච වර්ණයෙන් විසිතුරුවූ සියලු ධජ ඔසවමි.
|
48
‘‘නරා නාගා ච ගන්ධබ්බා, සබ්බෙ දෙවා උපෙන්තු තෙ;
නමස්සන්තා පඤ්ජලිකා, පාසාදං පරිවාරයුං.
|
48
“(දිව්‍ය මනුෂ්‍යාදී) සංසිඳි සත්ත්වයෝද, (අසඤ්ඤසත්තයෙහිවූ) අසංඥි සත්ත්වයෝද යම්තාක් වෙත් නම් ඒ සියල්ලෝ මා විසින් කරණ ලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා.
|
49
‘‘යං කිඤ්චි කුසලං කම්මං, කත්තබ්බං කිරියං මම;
කායෙන වාචා මනසා, තිදසෙ සුකතං කතං.
|
49 |
50
‘‘යෙ සත්තා සඤ්ඤිනො අත්ථි, යෙ ච සත්තා අසඤ්ඤිනො;
කතං පුඤ්ඤඵලං මය්හං, සබ්බෙ භාගී භවන්තු තෙ.
|
50 |
51
‘‘යෙසං කතං සුවිදිතං, දින්නං පුඤ්ඤඵලං මයා;
යෙ ච තත්ථ
(තස්මිං (සී. ක.)) න ජානන්ති, දෙවා ගන්ත්වා නිවෙදයුං.
|
51
“මා විසින් කරණ ලද පින යම් දිව්‍ය මනුෂ්‍ය නාගාදී කෙනෙකුන් විසින් මැනවින් දැනගන්නා ලදද, ඔවුන්ට මා විසින් පිණ දෙන ලදී. මා විසින් ඒ කරණ ලද පින දුන් බව යම් කෙනෙක් නොදනිත් නම් දෙවිවරු ගොස් ඔවුන්ට එය දැන්වූහ.
|
52
‘‘සබ්බලොකම්හි
(සබ්බෙ ලොකම්හි (ස්‍යා. ක.)) යෙ සත්තා, ජීවන්තාහාරහෙතුකා;
මනුඤ්ඤං භොජනං සබ්බං
(සබ්බෙ (ස්‍යා.)), ලභන්තු මම චෙතසා.
|
52
“ආහාර හේතුවෙන් ජීවත්වන සියලුම ලෝකවාසී සත්ත්වයෝ මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා.
|
53
‘‘මනසා දානං මයා දින්නං, මනසා පසාදමාවහිං;
පූජිතා සබ්බසම්බුද්ධා, පච්චෙකා ජිනසාවකා.
|
53
“පිරිසිදු සිතින් යම් දානයක් මා විසින් දෙන ලද නම්, එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි. සියළු සම්බුදුවරයෝද, පසේබුදුවරයෝද, බුදු සව්වෝද මා විසින් පුදන ලදහ.
|
54
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
54
“මැනවින් කළ ඒ පිනින්ද, ප්රාර්ත්ථනාවන්ගෙන්ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට ගියෙමි.
|
55
‘‘දුවෙ භවෙ පජානාමි, දෙවත්තෙ අථ මානුසෙ;
අඤ්ඤං ගතිං න ජානාමි, මනසා පත්ථනාඵලං.
|
55
“දෙව් මිනිස් දෙගතිය දනිමි. ඉන් පිටත් අනික් ගතියක් ගැන නොදනිමි. (එය) සිතින් කළ පැතුමෙහි ඵලයයි.
|
56
‘‘දෙවානං අධිකො හොමි, භවාමි මනුජාධිපො;
රූපලක්ඛණසම්පන්නො, පඤ්ඤාය අසමො භවෙ.
|
56
“(දෙව්ලොව උපන් කල්හි) දෙවියන්ට ශ්‍රේෂ්ඨ වෙයි. (ඉදින් මිනිස් ලොව උපන් කල්හි) මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨවූ රජ වෙමි. රූප ලක්ෂණයෙන් සමන්විතවූයේ, අසමවූ ප්‍රඥාව ඇත්තේද වෙයි.
|
57
‘‘භොජනං විවිධං සෙට්ඨං, රතනඤ්ච අනප්පකං;
විවිධානි ච වත්ථානි, නභා
(නභසා (ස්‍යා.)) ඛිප්පං උපෙන්ති මං.
|
57
“ශ්‍රේෂ්ඨවූ නානා ප්‍රකාර භෝජනද, බොහෝවූ සත් රුවන්ද, නානා ප්‍රකාර පට්ට කොසෙය්යාදී වස්ත්‍රද, මා වෙතට අහසින් වහා පැමිණෙයි.
|
58
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, දිබ්බා භක්ඛා උපෙන්ති මං.
|
58
“පෘථිවිය, පර්වතය, ආකාශය, ජලය, වනය යන මේ යම් යම් තැනකට අත පොවම් නම් (ඒ හැම තැනකින්ම) මා වෙත දිව බොජුන් පහල වේ.
|
59
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, රතනා සබ්බෙ උපෙන්ති මං.
|
59
“එසේ ඒ පෘථිව්‍යාදී අත පෙවූ හැම තැනකින්ම රුවන්ද, සියලු සුගන්ධ වර්ගද, යානා මාල අලංකාරයන්ද, සියලු කන්‍යාවන් හා මි සකුරුද, කෑමද මා වෙත පහළ වෙති.
|
60
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ ගන්ධා උපෙන්ති මං.
|
60 |
61
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං
(යත්ථ (ස්‍යා.), යඤ්ඤං (ක.)) හත්ථං පසාරෙමි, සබ්බෙ යානා උපෙන්ති මං.
|
61 |
62
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ මාලා උපෙන්ති මං.
|
62 |
63
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, අලඞ්කාරා උපෙන්ති මං.
|
63 |
64
‘‘පථබ්‍යා
යං යං හත්ථං පසාරෙමි, සබ්බා කඤ්ඤා උපෙන්ති මං.
|
64 |
65
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, මධුසක්ඛරා උපෙන්ති මං.
|
65 |
66
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ ඛජ්ජා උපෙන්ති මං.
|
66 |
67
‘‘අධනෙ අද්ධික
(අද්ධිකෙ (ස්‍යා.)) ජනෙ, යාචකෙ ච පථාවිනො;
දදාමිහං
(දදාමිහ (සී.) දදාමි තං (ස්‍යා.)) දානවරං, සම්බොධිවරපත්තියා.
|
67
“ශ්‍රේෂ්ඨවූ සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස දුගී, මගී, යාචකාදීන්ට මම උතුම් දන් දෙමි.
|
68
‘‘නාදෙන්තො පබ්බතං සෙලං, ගජ්ජෙන්තො බහලං ගිරිං;
සදෙවකං හාසයන්තො, බුද්ධො ලොකෙ භවාමහං.
|
68
“ඝන බහල ශෛල පර්වත ගර්ජනය කරවමින්, දෙවියන් සහිත ලෝකයා සොම්නස් කරවමින්, මම ලෙව්හි බුදුවෙමි.
|
69
‘‘දිසා දසවිධා ලොකෙ, යායතො නත්ථි අන්තකං;
තස්මිඤ්ච දිසාභාගම්හි, බුද්ධඛෙත්තා අසඞ්ඛියා.
|
69
“ලෙව්හි දස දිගට යන්නහුට කෙළවරක් නැත ඒ දිශාවෙහිද බුද්ධ ක්‍ෂෙත්‍රයෝ අනන්ත වෙති.
|
70
‘‘පභා පකිත්තිතා මය්හං, යමකා රංසිවාහනා;
එත්ථන්තරෙ රංසිජාලං, ආලොකො විපුලො භවෙ.
|
70
“ඒ සක්විති රජවූ කල්හි චක්‍රරත්නාදීන්ගේ ආලෝකය රැස් විහිදුවමින් ප්‍රකට විය. මේ දස දහසක් සක්වල අතුරෙහි රැස් සමූහය අධික විය.
|
71
‘‘එත්තකෙ
සබ්බෙ මං අනුවත්තන්තු, යාව බ්රහ්මනිවෙසනං
(සබ්බෙව සුමනා හොන්තු, සබ්බෙ මං අනුවත්තරෙ (සී. ස්‍යා.)).
|
71
“මෙපමණවූ ලෝක ධාතූන්හි සියලුදෙනා මා දකිත්වා. සියලු දෙනා සතුටුවෙත්වා. එසේම සියලු දෙන මා අනුගමනය කෙරෙති. බඹලොව දක්වාවූ හැද දෙනම මා අනුගමනය කෙරෙත්වා.
|
72
‘‘විසිට්ඨමධුනාදෙන, අමතභෙරිමාහනිං;
එත්ථන්තරෙ ජනා සබ්බෙ, සුණන්තු මධුරං ගිරං.
|
72
“විශිෂ්ඨවූ මධුර නාදයෙන් දෙව් බෙර ගැසීමි. මේ දස දහසක් සක්වල ඇතුළත සියලු ජනයෝ මිහිරි නාදය අසත්වා.
|
73
‘‘ධම්මමෙඝෙන වස්සන්තෙ, සබ්බෙ හොන්තු අනාසවා;
යෙත්ථ පච්ඡිමකා සත්තා, සොතාපන්නා භවන්තු තෙ.
|
73
“දහම් වැසි වස්නා කල්හි සියල්ලෝ ආශ්‍රව රහිතයෝ (රහත්හු) වෙත්වා! මේ ජනයා අතරෙහි යමෙක් පච්ඡිමක (අඩු) ගුණ ඇත්තෝ වෙත් නම් ඔවහු සෝවාන් වෙත්වා.
|
74
‘‘දත්වා
නෙක්ඛම්මපාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
74
“දන්දී නිරවශෙෂයෙන් සිල් පුරා ගෘහාභිනිෂ්ක්‍රමණය කොට සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
|
75
‘‘පණ්ඩිතෙ
ඛන්තියා පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
75
“නැණවතුන් විචාරා උතුම් වීර්‍ය්‍යකොට ක්ෂාන්ති පාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
|
76
‘‘කත්වා දළ්හමධිට්ඨානං, සච්චපාරමි පූරිය;
මෙත්තාය පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
76
“ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානය කොට, සත්‍ය පාරමිතාව හා මෛත්‍රී පාරමිතාව පුරා, සම්‍යක් සම්බා්ධියට පැමිණියෙමි.
|
77
‘‘ලාභාලාභෙ සුඛෙ දුක්ඛෙ, සම්මානෙ චාවමානනෙ
(සම්මානෙ ච විමානනෙ (ක.) සම්මානනෙ විමානනෙ (ස්‍යා.));
සබ්බත්ථ සමකො හුත්වා, පත්තො සම්බොධිමුත්තමං.
|
77
“ලාභය, අලාභය, සැපය, දුකය, සම්මානය, අවමානය යන මේ සියලු තන්හි සමසේ උපෙක්ෂා පාරමිතාව පුරා බුදු බවට පැමිණියෙමි.
|
78
‘‘කොසජ්ජං භයතො දිස්වා, වීරියං චාපි ඛෙමතො;
ආරද්ධවීරියා හොථ, එසා බුද්ධානුසාසනී.
|
78
“කුසීත බව භය වශයෙන්ද, වීර්‍ය්‍යය ක්ෂෙම (ආරක්ෂා ස්ථානය) වශයෙන්ද දැක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වව්. මෙය බුද්ධානුශාසනයයි.
|
79
‘‘විවාදං භයතො දිස්වා, අවිවාදඤ්ච ඛෙමතො;
සමග්ගා සඛිලා හොථ, එසා බුද්ධානුසාසනී.
|
79
“විවාදය භය වශයෙන්ද, අවිවාදය ක්ෂෙම වශයෙන්ද දැක සමගිව, සිලිටි මෘදු ගුණ ඇත්තෝ වව්. මෙය බුද්ධානුශාසනයයි.
|
80
‘‘පමාදං භයතො දිස්වා, අප්පමාදඤ්ච ඛෙමතො;
භාවෙථට්ඨඞ්ගිකං මග්ගං, එසා බුද්ධානුසාසනී.
|
80
“ප්‍රමාදය භය වශයෙන්ද, ක්ෂෙම වශයෙන්ද දැක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩව්. මෙය බුද්ධානුශාසනයයි.
|
81
‘‘සමාගතා බහූ බුද්ධා, අරහන්තා
(අරහන්තො (ස්‍යා.)) ච සබ්බසො;
සම්බුද්ධෙ අරහන්තෙ ච, වන්දමානා නමස්සථ.
|
81
“නොයෙක් සිය දහස් ගණන් පසේ බුදුවරුද, රහත්හුද රැස්වූහ. ඒ බුදුවරයන්ද, රහතුන්ද, වඳිමින් නමස්කාර කරව්.
|
82
‘‘එවං අචින්තියා බුද්ධා, බුද්ධධම්මා අචින්තියා;
අචින්තියෙ පසන්නානං, විපාකො හොති අචින්තියො’’’.
|
82
“මෙසේ බුදුවරයෝ චිත්තවිෂයාතික්‍රාන්තයහ. බුද්ධ දේශිත ධර්මය චිත්තවිෂයාතික්‍රාන්තයහ. චිත්තවිෂයාතික්රාන්තවූ බුදුන් කෙරෙහි හා ධර්මය කෙරෙහි පැහැදුනවුන්ට ලැබෙන විපාකයද චිත්තවිෂයාතික්‍රාන්ත වේ. හෙවත් සිතා අවසන් කළ නොහැකිවේ.”
|
2. පච්චෙකබුද්ධඅපදානං | 2. පච්චෙක බුද්ධාපදානය |
83
‘‘තථාගතං
‘පච්චෙකබුද්ධා කිර නාම හොන්ති, භවන්ති තෙ හෙතුභි කෙහි වීර’
(ධීර (සී.) ධීරා (ස්‍යා.)).
|
83
වේදේහි පුත්‍ර ආනන්ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් ප්රත්යෙක බුදුවරයෝ වෙත්දැයි” නැමඳුම් පෙරටුව විචාළ සේක.
|
84
‘‘තදාහ
‘යෙ පුබ්බබුද්ධෙසු
(සබ්බබුද්ධෙසු (ස්‍යා. ක.)) කතාධිකාරා, අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
|
84
එකල්හි මහාර්ෂිවූ සර්වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට, “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එම සංවේගයම මුල්කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිතව ස්වල්පමාත්‍රවූද අරමුනක් හේතුකොට ගෙන පසේබුදුබවට පැමිණෙත්යයි” මධුර ස්වරයෙන් වදාළ සේක.
|
85
‘‘‘තෙනෙව සංවෙගමුඛෙන ධීරා, විනාපි බුද්ධෙහි සුතික්ඛපඤ්ඤා;
ආරම්මණෙනාපි පරිත්තකෙන, පච්චෙකබොධිං අනුපාපුණන්ති.
|
85 |
86
‘‘‘සබ්බම්හි ලොකම්හි මමං ඨපෙත්වා, පච්චෙකබුද්ධෙහි සමොව නත්ථි;
තෙසං ඉමං වණ්ණපදෙසමත්තං, වක්ඛාමහං සාධු මහාමුනීනං.
|
86
“සකල ලෝකයෙහි (සර්වඥ බුද්ධවූ) මා හැර පසේබුදුවරයන් සමග සමානවූ අනිකෙක් නැත. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ ලේශ මාත්‍රයක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.
|
87
‘‘‘සයමෙව
අනුත්තරං භෙසජං පත්ථයන්තා, සුණාථ සබ්බෙසු පසන්නචිත්තා.
|
87
“පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරිවූ උදාන වාක්‍යයෝ කුඩා මී වදයක් මෙන් (මිහිරි) වෙති. අනුත්තරවූ නිර්වාණ සංඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝම මනාකොට පහන්වූ සිත් ඇත්තෝව (එය) අසව්.
|
88
‘‘‘පච්චෙකබුද්ධානං සමාගතානං, පරම්පරං බ්යාකරණානි යානි;
ආදීනවො යඤ්ච විරාගවත්ථුං, යථා ච බොධිං අනුපාපුණිංසු.
|
88
“එහි රැස්වූ පසේ බුදුබවට පත් උතුමන්ගේ පිළිවෙළින් කළ යම් ප්‍රකාශයෝ වෙත් නම් හේ මෙසේයි. කාමයන් පිළිබඳ යම් ආදීනවයක් වෙත් නම් එයද නොඇලීමට කරුණුවූ යමක් වීනම්, එය (දැක) උන්වහන්සේලා ප්රත්යෙක සම්බෝධියට පත්වූහ.
|
89
‘‘‘සරාගවත්ථූසු
හිත්වා පපඤ්චෙ ජිතඵන්දිතානි
(විදිය ඵන්දිතානි (සී.) ජිතබන්ධිතානි (ක.)), තථෙව බොධිං අනුපාපුණිංසු.
|
89
“තෘෂ්ණාවෙන් රැඳිය යුතු වස්තු කාම, ක්ලේශ කාමයන්හි නොරැවටුනු පැණවතුන් වූවාහු, ඇලෙන ස්වභාවය ඇති ලෝකයෙහි නොඇලෙන සිත් ඇත්තාහු කෙලෙස් දුරු කොට දෙසැට මිසදිටු ජයගෙන (මේ උතුමෝ) එම හේතුවෙන් ප්රත්යෙක සම්බෝධියට පැමිණියාහුය.
|
90
‘‘‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං;
මෙත්තෙන චිත්තෙන හිතානුකම්පී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
90
“සියලු සත්ත්වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නො කරන්නේ මෙත් සිතින් පතුරුවාලූ හිතානුකම්පා ඇත්තේ, (එම පසේ බුදු රජ තෙම) කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේයි.
|
91
‘‘‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං;
න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
91
“සියලු සත්ත්වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නොකරන්නේ පුත්‍රයා ගැන පවා බලාපොරොත්තුවක් නොතබන්නේය. සහායයන් ගැන කියනුම කවරේද? කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
92
‘‘‘සංසග්ගජාතස්ස
ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
92
“හටගත් සංසර්ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය උපදී. ඒ ස්නේහය අනුව යන්නහුට මේ දුක ඇතිවේ. ස්නේහයෙන් හටගත් ආදීනව දකින්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
93
‘‘‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො, හාපෙති අත්ථං පටිබද්ධචිත්තො;
එතං භයං සන්ථවෙ පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
93
“සුහෘදවූ මිත්‍රයන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇති බව හේතුකොට ගෙන තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙලා ගනී. සන්ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
94
‘‘‘වංසො විසාලොව යථා විසත්තො, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා;
වංසෙ කළීරොව අසජ්ජමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
94
“යම් සේ එකට ගෙතුනාවූ විශාල හුණ පඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම් හුණකිලිලක් මෙන් නොඇලෙන්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
95
‘‘‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය;
විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
95
“යම්සේ පඝද මෘගයා උයනෙහි රැහැන් ආදියකින් නොබඳනා ලද්දේ යම් කැමති තැනකට ගොදුරු පිණිස යේද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බවද එසේම දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
96
‘‘‘ආමන්තනා
අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
96
“මිතුරන් මැද සිටින විටද, දිවාසනයෙහිද, මහා උපට්ඨාන සංඛ්‍යාත සිටීමෙහිද, උද්‍යාන ගමනෙහිද, ජනපද චාරිකාවෙහිද යන මේ අවස්ථාවන්හිදී ඇමතීම ඇතිවේ. අපරාධීනවූ ස්වෛරී බවෙහි අනුසස් දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
97
‘‘‘ඛිඩ්ඩා
පියවිප්පයොගං
|
97
“සහායයන් මැද සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝද පංචකාම ගුණික රාගයෝද වෙති. එසේම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමයද අධිකවේ. එහි ඇතිවන ප්‍රිය විප්රයෝගය පිළිකුල් කරණුයේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
98
‘‘‘චාතුද්දිසො
පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
98
“යථාලාභ වශයෙන් සන්තෝෂ වන්නන් සමග, සිව් දිගෙහිවූ සත්ත්වයන් හා සංස්කාරයන් සමග, භය වශයෙන් නොගැටෙන්නේ වේ. කාය චිත්ත දරථයන් (වෙහෙසීම්) ඉවසනසුළු ලොමු දැහැ ගනීම් නැත්තේය. කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
|
99
‘‘‘දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ, අථො ගහට්ඨා ඝරමාවසන්තා;
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
99 |
100
‘‘‘ඔරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි, සඤ්ඡින්නපත්තො යථා කොවිළාරො;
ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
100
“දෙකට පළා දැමූ කොවිලාර (කොබෝලීල) පත්‍රයක් මෙන් මාර්ග වීර්‍ය්‍යයෙන් යුත් වීරතෙමේ ගිහි සලකුණු (ව්‍යඤ්ජන) හැර දමා ගිහිබැඳුම් සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙයි.
|
101
‘‘‘සචෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරිධීරං;
අභිභුය්ය සබ්බානි පරිස්සයානි, චරෙය්ය තෙනත්තමනො සතීමා.
|
101
“ධෛර්‍ය්‍යවත්වූ, (අර්පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් ලැබෙන්නේ නම් සියලු කරදර මැඩගෙන සිහියෙන් යුතුවූයේ ඔහු සමග සතුටුව හැසිරෙන්නේය.
|
102
‘‘‘නො
රාජාව රට්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
|
102
“ධෛර්‍ය්‍යවත්වූ, (අර්පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් නොලැබෙන්නේ නම් යම්සේ රජ තෙමේ ජය ගත් රට (උවදුරු සහිතයයි සිතා) හරනේද, එසේම මහ අරණෙහි ඇත්රජකු මෙන් හුදකළාව හැසිරෙන්නේය.
|
103
‘‘‘අද්ධා
එතෙ අලද්ධා අනවජ්ජභොජී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
103
“ඒකාන්තයෙන් මිත්‍ර සම්පත්තිය ප්‍රශංසා කරමු. තමාට වඩා ගුණ ධර්මයන්ගෙන් ශ්රේෂඨවූවෝද, සමවූවෝද, සේවනය කටයුතු මිත්‍රයෝ වෙති. මෙබඳු මිතුරන් නොලබන වැරදි දිවි පෙවෙතින් උපදවාගත් ආහාරයෙන් නොයැපෙන බැවින් නිවැරදි භෝජනය ඇති හෙතෙම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
104
‘‘‘දිස්වා සුවණ්ණස්ස පභස්සරානි, කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි;
සඞ්ඝට්ටමානානි දුවෙ භුජස්මිං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
104
“රන්කරුවකු විසින් මැනවින් නිමාකළ දීප්තිමත් රන්වළලු (එක්තැනවූකළ) දෑතෙහි ගැටෙන අයුරුද, එසේ එක්තැන්කොට වෙනම පවත්නා කළ නොගැටී ශබ්ද විරහිතව ඇති අයුරුද) දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
105
‘‘‘එවං දුතීයෙන සහා මමස්ස, වාචාභිලාපො අභිසජ්ජනා වා;
එතං භයං ආයතිං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
105
“මෙසේ දෙවැන්නෙකු සමග සල්ලාපයෙහි යෙදීමද, ඇලීමද, යන මේ දෙකම (මතු ඇතිවන අධිගමයට අන්තරාය කරයි) මෙය භය වශයෙන් දක්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
106
‘‘‘කාමා
ආදීනවං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
106
“වස්තුකාම ක්ලේශකාමයෝ විචිත්රයහ. මධුරයහ. සිත් අලවන සුලුද වෙති. විවිධ රූපයන් කරණකොට ගෙන සිත් කළඹත්. කාම ගුණයන්හි ඇති මේ ආදීනව දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
107
‘‘‘ඊතී
එතං භයං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
107
“පඤ්චකාම ගුණය (නොයෙක් ව්‍යසනයන්ට හේතුවන බැවින්) උවදුරකි. (ක්ලේශාහූචි වැගිරෙන බැවින්) ගෙඩියකි. (අවැඩ සිදු කරණ බැවින්) උවදුරකි. (නීරෝගී බව පැහැරගන්නා බැවින්) රෝගයකි. (හදවත විදින බැවින්) උලකි. (දෙළොව භය එළවන බැවින්) බියකි. කාම ගුණයන්හි ඇති මේ භය දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
108
‘‘‘සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං, වාතාතපෙ ඩංසසරීසපෙ
(ඩංසසිරිංසපෙ (සී. ස්‍යා.)) ච;
සබ්බානිපෙතානි අභිබ්භවිත්වා
(අභිසංභවිත්වා (සුත්තනිපාතෙ)), එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
108
“සීතලයද, ඌෂ්ණයද, (බඩගින්නද) පිපාසාවද, අවු සුළංද, ඩැහැ ලෙහෙ බොන මැස්සන් හා සර්පයන්ද, යන මේ සියල්ල මැඩ පවත්වා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
109
‘‘‘නාගොව යූථානි විවජ්ජයිත්වා, සඤ්ජාතඛන්ධො පදුමී උළාරො;
යථාභිරන්තං විහරං අරඤ්ඤෙ, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
109
“මැනවින් හටගත් ග්‍රීවා ඇති (පියුමක් මෙන් මනහර සිරුරු ඇති බැවින් හෝ පදුම කුලයෙහි උපන් බැවින්) පදුමී නම්වූ උදාරවූ ඇත් රජ තෙම හස්ති සමූහයා හැර දමා කැමති තාක් කල් අරණෙහි වසන්නාක් මෙන් කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
110
‘‘‘අට්ඨානතං
ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
110
“යමක් හේතුකොට ගෙන ලෞකීක සමාපත්තියට පැමිණේනම් සමූහය සමග එක්වීමෙහි ඇළුනහුට, ඒ සාමයීක විමුක්ති නම්වූ ලෞකීක සමාපත්තිය සිදු නොවේ. පසේ බුදුන් වහන්සේගේ මේ වචනය නිසා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
111
‘‘‘දිට්ඨීවිසූකානි උපාතිවත්තො, පත්තො නියාමං පටිලද්ධමග්ගො;
උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්යො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
111
“මාර්ග සම්‍යක් දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධවූ දෙසැට මිසදිටු උපුටා හරින ලදී. සෝවාන් මගට පත් බැවින් අවිනිපාත ධර්මයන් හෙවත්, අපායගාමී නොවන ස්වභාවයෙන් නියත බවට පැමිණියේ ලබන ලද සෙසු මාර්ගඵලද ඇත්තේ අන්‍යයන් විසින් මෙය සත්‍යයයි පෙන්වා නොමෙහෙයවිය හැකි හෙවත් අනිකෙකුගේ මාර්ගෝපදේශකත්වයක් නොමැතිව උපන්නාවූ ප්රත්යෙක බෝධි ඥානය ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
112
‘‘‘නිල්ලොලුපො
නිරාසයො
(නිරාසාසො (ක.)) සබ්බලොකෙ භවිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
112
“ලොල් නොවූයේ, කුහක බැවින් තොරවූයේ, රශ තෘෂ්ණාවෙන් අනුභව කරනු කැමති බවනම් වූ පිපාසාවද අනුන්ගේ ගුණ මකන ස්වභාවයද නැත්තේ, සිත කය, වචනයන් පිළිබඳ කසට හා මෝහයද හරණ ලද්දේ, භවත්‍රය පිළිබඳව ඇති තෘෂ්ණා විරහිතවූයේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
113
‘‘‘පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං;
සයං න සෙවෙ පසුතං පමත්තං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
113
“පවිටු මිතුරන් දුරු කරන්නේය. අනර්ථයක් දක්නාසුළු කාය දුශ්චරිතාදී පව්වලින් යුතුව වෙසෙන දෘෂ්ටි වශයෙන් ඒ ඒ තන්හි ඇළුනාවූ ප්‍රමාදයෙන් යුත් එබඳුවූ මිතුරන් තෙමේ නොසෙව්නේය. කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
|
114
‘‘‘බහුස්සුතං ධම්මධරං භජෙථ, මිත්තං උළාරං පටිභානවන්තං;
අඤ්ඤාය
|
114
“පර්‍ය්‍යාප්ති බහුශ්රුතත්වයෙන් හා ප්‍රතිවේධ බහුශ්රුතත්වයෙන් යුත් එම පර්‍ය්‍යාප්තීන් හා අධිගමයන් පිළිබඳ වැටහීම් ඇති මිත්‍රයෙකු භජනය කරන්නේය.
|
115
‘‘‘ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලොකෙ, අනලඞ්කරිත්වා අනපෙක්ඛමානො;
විභූසට්ඨානා විරතො සච්චවාදී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
115
“ලෙව්හි ක්‍රීඩාවද, රතියද, කාම සුඛයද, අනපෙක්ෂිතවූයේ, නුසුදුසුයයි නොකොට සැරසීමට කරුණුවූ දෙයින්ද වෙන්වූයේ සත්‍යවාදීව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
116
‘‘‘පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං, ධනානි ධඤ්ඤානි ච බන්ධවානි;
හිත්වාන කාමානි යථොධිකානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
116
“පුත්රදාරාවන්ද, දෙමාපියන්ද, ධන ධාන්‍යද, බන්ධූන්ද, යන මේ කාම වස්තූන් පිලිබඳ ස්වකීය ස්වකීය සීමාවෙහි (ඇල්ම) තුබූ තුබූ අයුරින් අතහැර දමා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
117
‘‘‘සඞ්ගො
ගළො
(ගාහො (සී.) කණ්ඩො (ස්‍යා.) ගාළ්හො (ක.)) එසො ඉති ඤත්වා මතිමා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
117
“මේ පඤ්චකාම වස්තූන් නිසා ඇතිවන්නේ ඇල්මකි. එහි ඇති සැපතද, ආශ්වාදයද, ස්වල්පය. එහිවූ දුකම වැඩිය. නුවණැත්තේ මේ පස්කම් සුවය (මත්ස්‍යයන් බඳින්නාවූ) ඇමක් මෙන් සළකා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
118
‘‘‘සන්දාලයිත්වාන සංයොජනානි, ජාලංව භෙත්වා සලිලම්බුචාරී;
අග්ගීව දඩ්ඪං අනිවත්තමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
118
“දැල පළාගෙන ගිය මත්ස්‍යයකු මෙන් සංයෝජනයන් සිඳ දැවීගිය තැනට ආපසු නොඑන්නාවූ ගින්න යම් සේද, එසේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
119
‘‘‘ඔක්ඛිත්තචක්ඛූ න ච පාදලොලො, ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො;
අනවස්සුතො අපරිඩය්හමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
119
“යටට හෙළන ලද බැඳුම් ඇත්තෝ සමූහය සමග ඇලීම සඳහා පිරිස් මැදට යාමෙහි ලොල්බව නැත්තේ, රක්නාලද පසිඳුරන් ඇත්තේ, රැකගත් සිතද ඇත්තේ, අරමුණු විෂයෙහි කෙළෙස් වැගිරෙණ ගතියෙන් තොරවූයේ, කෙළෙස් ගින්නෙන් නොදැවෙන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
120
‘‘‘ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි, සඤ්ඡන්නපත්තො යථා පාරිඡත්තො;
කාසායවත්ථො අභිනික්ඛමිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
120
“සිඳින ලද පත් ඇති පරසතු රුකක් මෙන් ගිහි ව්‍යඤ්ජන ලකුණු හැරදමා කසාවත් හැඳ ග්තේ, ගිහිගෙන් නික්ම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
121
‘‘‘රසෙසු ගෙධං අකරං අලොලො, අනඤ්ඤපොසී සපදානචාරී;
කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
121
“ලොල් නොවූයේ, රසයෙහි ගිජු බවක් නැත්තේ, පොෂණය කළ යුතු අනිකෙක් නැත්තේ, ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනේ, ක්ෂත්රිය කුලාදී යම් කිසි තැනක කෙළෙස් වශයෙන් නොඇලුණු සිත් ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
122
‘‘‘පහාය
අනිස්සිතො ඡෙජ්ජ සිනෙහදොසං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
122
“පඤ්ච නීවරණයන් සිතින්ම හැරදමා සියලු උපක්ලේශයන්ද දුරුකොට, තෘෂ්ණා නොවූයේ කාමරාග නම් තෘෂ්ණා දෝෂය සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
123
‘‘‘විපිට්ඨිකත්වාන
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
123
“ප්‍රථමධ්‍යාන උපචාරයෙහිදීම සොම්නසද, තතියධ්යානූපචාරයෙහිදීම සුඛයද (හරනා බැවින්) පළමුකොටම සැපද, දුකද ගැන නොබලා, එසේම සොම්නස් දොම්නස් දෙකද හැර (පඤ්චනීවරණයන්ගෙන් හා විතර්ක විචාර ප්‍රීති සුඛයන්ගෙන්) පිරිසිදුවූ උපෙක්ෂාවෙන් යුත් (චතුර්ත්ථධ්යාන) සමථය ලබා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
124
‘‘‘ආරද්ධවීරියො
දළ්හනික්කමො ථාමබලූපපන්නො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
124
“නිවණට පැමිණීම සඳහා ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තේ, නොපසුබට සිත් ඇති, කුසීත පැවැත්මෙන් තොරවූ, වීර්‍ය්‍යයෙන් ප්රතිපක්ෂ කෙළෙසුන් කෙරෙන් ඉවත්වූ (මාර්ගක්ෂණයෙහි) ස්ථිර ඥාන බලයට පැමිණියේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
125
‘‘‘පටිසල්ලානං ඣානමරිඤ්චමානො, ධම්මෙසු නිච්චං අනුධම්මචාරී;
ආදීනවං සම්මසිතා භවෙසු, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
125
“පටිසල්ලාන නම් කාය විවේකයද, ධ්‍යාන නම් චිත්ත විවේකයද, නොසීස් කරනුයේ විදර්ශනාවට එළඹියයුතු ධර්මයන් විෂයෙහි නිරතුරුව එම ධර්මයන්ට අනුව හැසිරෙන්නේ, ත්‍රිවිධ භවයෙහි ආදීනව මෙනෙහි කරන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
126
‘‘‘තණ්හක්ඛයං
සඞ්ඛාතධම්මො නියතො පධානවා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
126
අප්‍රමාදව නිවණ පතනුයේ, කෙළතොළු නොවූයේ, බහුශ්රුතව, සිහි ඇතිව, දහම් විමසීමෙන් ඇතිකරගත් අවබෝධය ඇත්තේ (ආර්‍ය්‍ය මාර්ගයෙන්) නියතබවට පැමිණියේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
127
‘‘‘සීහොව
පදුමංව තොයෙන අලිම්පමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
127
“ශබ්දයන් විෂයෙහි තැතිගැනීමට පත්නොවන සිංහයෙකු මෙන්ද, දැලක නොබැඳුන වාතය මෙන්ද කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
128
‘‘‘සීහො යථා දාඨබලී පසය්හ, රාජා මිගානං අභිභුය්ය චාරී;
සෙවෙථ පන්තානි සෙනාසනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
128
“දාඨාබලය ඇති වේශයෙන් හා මැඩපවත්වා හැසිරෙන සුළු, මෘගරාජවූ සිංහයෙකු මෙන් දුර සෙනසුන් සෙව්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
129
‘‘‘මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙ;
සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
129
“විරුද්ධවූ ක්ලේශයන්ගෙන් මිදුනාවූ මෛත්‍රීයද, උපෙක්ෂාවද, කරුණාවද, මුදිතාවද, ආසේවනයට පහසු කල්හි සෙව්නේ සකල ලෝකවාසි සත්ත්වයන් සමග විරුද්ධ නොවන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
130
‘‘‘රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සන්දාලයිත්වාන සංයොජනානි;
අසන්තසං ජීවිතසඞ්ඛයම්හි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
130
“රාග, ද්වේෂ, මෝහයන් හැර (මාර්ගයෙන්) දශ සංයෝජනයන් සිඳ ජීවිතය සැකයට පත්කල්හි හෙවත් මරණාසන්නයෙහි තැති නොගන්නේ, කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
131
‘‘‘භජන්ති
අත්තත්ථපඤ්ඤා අසුචීමනුස්සා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
|
131
“මිත්‍රයන් කිසියම් ලාභයක් සඳහාම භජනයද, සේවනයද කෙරෙත්. එසේ ලාභාපේක්ෂාවක් නැතිව භජනය කරණ මිත්‍රයෝ මෙකල දුර්ලභ වෙත්. මිනිස්සු ආත්මාර්ත්ථකාමී කල්පනාවන්ගෙන් හා අපිරිසිදු කාය, වචී, මනෝ කර්මයන්ගෙන් යුක්තවූවාහුම, (එබැවින්) කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
|
132
‘‘‘විසුද්ධසීලා
විපස්සකා ධම්මවිසෙසදස්සී, මග්ගඞ්ගබොජ්ඣඞ්ගගතෙ විජඤ්ඤා.
|
132
“වෙසෙසින් පිරිසිදු සිල් ඇති, එසේම අතිපරිශුද්ධ ප්‍රඥාද ඇති, එකඟ සිත් ඇති, නිදිමැරීමෙහි යෙදුනාවූ, විදර්ශකවූ (දශකුශල, චතුස්සත්‍යය, නවලෝකෝත්තර) ධර්මයන් වෙසෙසින් දක්නා සුළුවූ, මාගාංග බොජඣඞ්ගයන් හා එක්ව යෙදුනාවූ ආර්‍ය්‍ය ධර්මයන් විශේෂයෙන් දැනගත්,
|
133
‘‘‘සුඤ්ඤප්පණිධිඤ්ච තථානිමිත්තං
(සුඤ්ඤතප්පණීහිතඤ්චානිමිත්තං (සී.)), ආසෙවයිත්වා ජිනසාසනම්හි;
යෙ සාවකත්තං න වජන්ති ධීරා, භවන්ති පච්චෙකජිනා සයම්භූ.
|
133
“සුඤ්ඤත අප්පණිහිත අනිමිත්ත නම් විමොක්ෂයන් වඩා ඒ ප්‍රාඥයෝ සර්වඥ ශාසනයෙහි ශ්‍රාවක බවට නොපැමිණෙත්. ඔවුහු පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයෝ වෙත්.
|
134
‘‘‘මහන්තධම්මා බහුධම්මකායා, චිත්තිස්සරා සබ්බදුක්ඛොඝතිණ්ණා;
උදග්ගචිත්තා පරමත්ථදස්සී, සීහොපමා ඛග්ගවිසාණකප්පා.
|
134
“පුරණ ලද මහත් පුණ්‍ය සම්භාර ඇති බොහෝ වූ ධර්මකාය සම්පත් ඇති සිතේ එකඟකමින් යුත් සකල සංසාර සැඩවතුර තරණය කළාවූ සොම්නස් සිත් ඇති පරමාර්ත්ථය දක්නා සුළුවූ සිංහයෙකු වැනි වූයේද, කඟවේනෙකු වැනි වූයේද වේ.
|
135
‘‘‘සන්තින්ද්රියා සන්තමනා සමාධී, පච්චන්තසත්තෙසු පතිප්පචාරා
(පච්චත්තගම්භීරමතප්පචාරා (සී.));
දීපා පරත්ථ ඉධ විජ්ජලන්තා, පච්චෙකබුද්ධා සතතං හිතාමෙ.
|
135
“සන්සුන් ඉඳුරන් ඇති, ශාන්තවූ හා එකඟවූ සිත් ඇති ප්‍රත්‍යන්ත ජනපද වැසි සත්ත්වයන් විෂයෙහි පතුරුවන ලද මෛත්‍රී කරුණා ආදී ගුණ ඇති, මෙලොව පරලොව යන දෙලොව බබුළුවන ප්‍රදීපයක් වැනිවූ, මේ පසේ බුදුවරයෝ හැම කල්හිම නිරෝධ සමාපත්ති, ඵල සමාපත්ති වශයෙන් සම්පූර්ණ වූවාහුය.
|
136
‘‘‘පහීනසබ්බාවරණා ජනින්දා, ලොකප්පදීපා ඝනකඤ්චනාභා;
නිස්සංසයං ලොකසුදක්ඛිණෙය්යා, පච්චෙකබුද්ධා සතතප්පිතාමෙ.
|
136
“ජනෝත්තමවූ ඒ පසේ බුදුවරයෝ ප්‍රහීණ කරණ ලද සියළු නීවරණ ඇත්තාහු, ඝන ස්වර්ණ ප්‍රභා සදෘෂවූවාහු ලෝකයේ අසහාය ප්රදීපයෝද වෙති. නිසැකවම ලෝකයෙහි ශ්‍රේෂ්ඨ දක්ෂීණාර්හයන්වූ මුන්වහන්සේලා හැම කල්හිම අර්පිත නිරෝධ සමාපත්ති හා ඵල සමාපත්ති ඇත්තාහුය.
|
137
‘‘‘පච්චෙකබුද්ධානං
සුත්වා තථා යෙ න කරොන්ති බාලා, චරන්ති දුක්ඛෙසු පුනප්පුනං තෙ.
|
137
“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එම ධර්මය අසා ඒ පරිදි නොකරන්නේ නම්, ඔවුහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.
|
138
‘‘‘පච්චෙකබුද්ධානං
සුත්වා තථා යෙ පටිපත්තියුත්තා, භවන්ති තෙ සච්චදසා සපඤ්ඤා’.
|
138
“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නාවූ කුඩා මීවද වැනිය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්රතිපත්තියෙහි යෙදුනාහු නම් ඔවුහු තුමූ චතුස්සත්‍යය දක්නාවූ සප්‍රාඥයෝ වෙති.
|
139
‘‘පච්චෙකබුද්ධෙහි
තා සක්යසීහෙන නරුත්තමෙන, පකාසිතා ධම්මවිජානනත්ථං.
|
139
“කෙලෙසුන් ජයගත් පසේබුදුවරයන් විසින් දෙසන ලද උදාරවූ ගාථා ගෘහාභිනිෂ්ක්රමණයකොට බුද්ධත්වයට පත් නරෝත්තමවූ ශාක්‍යසිංහ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් (ලෝකයාගේ) ධර්මාවබෝධය පිණිස දේශනා කරණ ලදී”
|
140
‘‘ලොකානුකම්පාය
සංවෙගසඞ්ගමතිවඩ්ඪනත්ථං, සයම්භුසීහෙන පකාසිතානී’’ති.
|
140
එම පසේබුදුවරයන් විසින් දේශනා කරණ ලද මෙම ගාථාවෝ (නුවණැත්තන්ගේ) සංවේගය හා නොඇලීම වැඩෙනු පිණිස තෙමේම චතුස්සත්‍යාවබෝධය කරගත් ශ්‍රේෂ්ඨ සම්‍යක් සම්බුදුරදුන් විසින් වදාරණ ලදහ.
|
3-1. සාරිපුත්තත්ථෙරඅපදානං | 3-1. සාරීපුත්‍රථේරාපදානය |
141
‘‘හිමවන්තස්ස
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
|
141
“හිමවතට නුදුරෙහි “ලම්බක” නම් පර්වතයකි. එහි මට අසපුවක් කරණ ලදී. පන්සලක් මැනවින් මවන ලදී.
|
142
‘‘උත්තානකූලා නදිකා, සුපතිත්ථා මනොරමා;
සුසුද්ධපුළිනාකිණ්ණා, අවිදූරෙ මමස්සමං.
|
142
“මනාවූ (කුඩා) තොටුපලවල් ඇති, මනොඥවූ සුදෝ සුදු වැලි තලාවන්ගෙන් ගැවසී ගත් කුඩා ගඟ මාගේ අසපුව අවට නුදුරෙහි විය.
|
143
‘‘අසක්ඛරා අපබ්භාරා, සාදු අප්පටිගන්ධිකා;
සන්දතී නදිකා තත්ථ, සොභයන්තා මමස්සමං.
|
143
“බොරළු රහිත, ගැඹුරු ඉවුරු නැති, මනා ජලයෙන් යුත්, දුර්ගන්ධ විරහිතවූ (එම) කුඩා ගංගා තොම එහි මාගේ අසපුව හොබවමින් ගලා බසින්නීය.
|
144
‘‘කුම්භීලා මකරා චෙත්ථ, සුසුමාරා
(සුංසුමාරා (සී. ස්‍යා. )) ච කච්ඡපා;
චරන්ති නදියා තත්ථ, සොභයන්තා මමස්සමං.
|
144
“කිඹුල්ලුද, මෝරුද මුඛයෙන් සූ සූ නදින් (දිය බුබුළු උඩට නගන සුංසුමාර නම්වූ) චණ්ඩ මත්ස්‍යයෝද, කැසුබුවෝද එහිවූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි සැරිසරත්.
|
145
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා
(වජලා (සී. ස්‍යා.) ජලජා (පී.)) මුඤ්ජරොහිතා;
වග්ගළා
(වග්ගුලා (සී.) වග්ගුළා (ස්‍යා.) මග්ගුරා (ථෙරගාථා)) පපතායන්තා, සොභයන්ති
(පපතායන්ති, සොභයන්තා (ක.)) මමස්සමං.
|
145
“පෙටියෝද, පාවුස නම් (ලූල්ලු) මත්ස්‍යයෝද, වජල නම් (වලයෝ)මත්ස්‍යයෝද, මුඤ්ජ නම් (මොද්දු) මත්ස්‍යයෝද, රොහිත (රෙහෙරු) මත්ස්‍යයෝද, චග්ගුල නම් මත්ස්‍යයෝද පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
|
146
‘‘උභො
උභතො අභිලම්බන්තා, සොභයන්ති
(අභිලම්බන්ති සොභයන්තා (ක.)) මමස්සමං.
|
146
“එම ගඟ දෙපසෙහි (හැමකල්හි) පිපුණු මල් ඇත්තාවූද, හටගත් ගෙඩි ඇත්තාවූද, වෘක්ෂයෝ දෙතෙරෙහි පහළට නැමුණාහු, මාගේ අසපුව හොබවත්.
|
147
‘‘අම්බා සාලා ච තිලකා, පාටලී සින්දුවාරකා
(සින්දුවාරිකා (බහූසු));
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා මම අස්සමෙ.
|
147
“අඹ, සල්, මදට, පළොල්, නික යන මේ වෘක්ෂයෝ පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
|
148
‘‘චම්පකා සළලා නීපා
(නිම්බා (ක.)), නාගපුන්නාගකෙතකා;
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා මම අස්සමෙ.
|
148
“සපු, සලල, කොළොම්, නා, දොඹ, වැටකේ යන වෘක්ෂයෝද, පිපීගිය මල් ඇත්තාහු, මාගේ අසපුවෙහි හාත්පස දිව සුවඳ හමත්.
|
149
‘‘අතිමුත්තා
අඞ්කොලා බිම්බිජාලා
(බිම්බජාලා (ක.)) ච, පුප්ඵිතා මම අස්සමෙ.
|
149
“මාගේ අසපුවෙහි යොහොඹු, හෝපළු, භගිනි, මාලා යන වෘක්ෂයෝ මල් පිපී ගියාහුය. එසේම, රුකගුණ, රත්කරවු යන වෘක්ෂයෝද සුපුෂ්පිත වූවාහුය.
|
150
‘‘කෙතකා
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
150
“වැටකේ, කඳල, ගොවුක, බොලිද්ද යන වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
151
‘‘කණිකාරා
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
151
“කිණිහිරිය, සිහින් මිදිය, පියාය, කුඹුක්ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
152
‘‘පුන්නාගා ගිරිපුන්නාගා, කොවිළාරා ච පුප්ඵිතා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
152
“දොඹය, ගිරි දොඹය (ගිරිපුන්නාහ), කොබෝ ලීලය යන වෘක්ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
153
‘‘උද්ධාලකා ච කුටජා, කදම්බා වකුලා බහූ;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභයන්ති මමස්සමං.
|
153
“ඇසළය, කෙළිඳය, කොළොම්ය, මුහුණ මල්ය යන බොහෝ වෘක්ෂයෝ මාගේ අසපුව හොබවමින් දිව සුවඳ හමත්.
|
154
‘‘ආළකා ඉසිමුග්ගා ච, කදලිමාතුලුඞ්ගියො;
ගන්ධොදකෙන සංවඩ්ඪා, ඵලානි ධාරයන්ති තෙ.
|
154
“ආලකය, ඉසිමුග්ගය, (වනමුං) කෙසෙල්ය, ලප්නාරන්ය යන මේ වෘක්ෂයෝ සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
|
155
‘‘අඤ්ඤෙ පුප්ඵන්ති පදුමා, අඤ්ඤෙ ජායන්ති කෙසරී;
අඤ්ඤෙ ඔපුප්ඵා පදුමා, පුප්ඵිතා තළාකෙ තදා.
|
155
“(අසපුව අසලවූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කෙසර පද්මයෝ හට ගනිත්. ඇතැම් පිපුණු පද්මයෝ ගිලිහුණු පත් හා කෙසුරු ඇත්තෝ වෙත්.
|
156
‘‘ගබ්භං ගණ්හන්ති පදුමා, නිද්ධාවන්ති මුලාළියො;
සිංඝාටිපත්තමාකිණ්ණා, සොභන්ති තළාකෙ තදා.
|
156
“පද්මයෝ කැකුළුව හටගනිත්. නෙළුඹු අල (මඩ අතුරින් ඇත් දළ මෙන්) වැඩීමෙන් මහවිල් කටු (කටු දෙලු) පත්වලින් ගැවසීගත්තාහු හැමකල්හි (එම) විලෙහි බබළත්.
|
157
‘‘නයිතා අම්බගන්ධී ච, උත්තලී බන්ධුජීවකා;
දිබ්බගන්ධා සම්පවන්ති, පුප්ඵිතා තළාකෙ තදා.
|
157
“විල අසල පිපීගිය නයිතය අම්බ (පුෂ්ප) ගන්ධිය, උත්තාලීය, බඳුවද යන මේ ගස්හු හැම කල්හි දිව සුවඳ හමත්.
|
158
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා මුඤ්ජරොහිතා;
සංගුලා මග්ගුරා
(මඞ්ගුරා (සී. ක.)) චෙව, වසන්ති තළාකෙ තදා.
|
158
“පෙටියෝද, පාවුසයෝද, වලප්ය, මුඤ්ජය, රොහිතය, සංගුලය, මංගුරය යන මත්ස්‍යයෝද එකල්හි තඩාගයෙහි වසත්.
|
159
‘‘කුම්භීලා
ඔගුහා
(ඔගාහා (ස්‍යා.)) අජගරා ච, වසන්ති තළාකෙ තදා.
|
159
“කිඹුල්ලුද, තන්නිගාහ රකුසෝය, මගුහය, අජකාර යන මොවුහු එකල්හි මෙම තඩාගයෙහි වසත්.
|
160
‘‘පාරෙවතා රවිහංසා, චක්කවාකා නදීචරා;
කොකිලා සුකසාළිකා, උපජීවන්ති තං සරං.
|
160
“පරෙවිය, රවිහංසය, සක්වා ලිහිණිය (නදීවරයාද), කොකිලය, ගිරාය, සාලිකය යන මේ පක්ෂීහු ඒ විල ඇසුරෙන් ජීවත් වෙති.
|
161
‘‘කුක්කුත්ථකා කුළීරකා, වනෙ පොක්ඛරසාතකා;
දින්දිභා සුවපොතා ච, උපජීවන්ති තං සරං.
|
161
“කුකුත්‍ථකය, කුලීරකය, වෙනෙහි වෙසෙන පොක්ඛර සාතකය, දින්දිභය, සුවපොතය (මලිත්තා) යන මේ පක්ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
|
162
‘‘හංසා
පම්පකා ජීවංජීවා ච, උපජීවන්ති තං සරං.
|
162
“හංසයෝය, කොස්වා ලිහිණියෝය, මොණරු, කොව්ලෝය, හුන පුපුළෝය, ජිවඤ්ජිවයෝය යන මේ පක්ෂීහු මේ පක්ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
|
163
‘‘කොසිකා පොට්ඨසීසා ච, කුරරා සෙනකා බහූ;
මහාකාළා ච සකුණා, උපජීවන්ති තං සරං.
|
163
“බකමුහුණෝය, පොඨසීස නම් පක්ෂීහුය, කබරුස්සෝය, උකුස්සෝය, මහා කාල නම් පක්ෂීහුය යන බොහෝ පක්ෂීහු එම විල ඇසුරුකොට ජීවත් වෙති.
|
164
‘‘පසදා ච වරාහා ච, චමරා ගණ්ඩකා බහූ
(වකා භෙරණ්ඩකා බහූ (සී. ස්‍යා.));
රොහිච්චා සුකපොතා
(සුත්තපොතා (ස්‍යා.)) ච, උපජීවන්ති තං සරං.
|
164
“පසදමෘගයෝය, ඌරෝය, වෘකයෝය, කැනහිල්ලුය, රොහිච්ච නම් මෘගයෝය, සුග්ගදී පොතයෝය යන බොහෝ මෘගයෝ එම විල ඇසුරුකොට ජීවත් වෙති.
|
165
‘‘සීහබ්යග්ඝා
තිධා පභින්නමාතඞ්ගා, උපජීවන්ති තං සරං.
|
165
“සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කරබානා වලස්සුය, තෙතැනකින් මද බිඳෙන (ත්‍රිමද ගලිත) ඇත්තුය ඒ විල ඇසුරුකොට වෙසෙත්.
|
166
‘‘කින්නරා වානරා චෙව, අථොපි වනකම්මිකා;
චෙතා ච ලුද්දකා චෙව, උපජීවන්ති තං සරං.
|
166
“කිඳුරෝද, වඳුරෝද, යලිදු වනයෙහි කර්මාන්තයන්හි යෙදුනෝද (මුවසේවටු ආදීහුද) දාසයෝද, වැද්දෝද, එම විල ඇසුරුකොට වෙසෙත්.
|
167
‘‘තින්දුකානි පියාලානි, මධුකා කාසුමාරයො
(කාසමාරියො (ස්‍යා.));
ධුවං ඵලානි ධාරෙන්ති, අවිදූරෙ මමස්සමං.
|
167
“තිලිසිරිය, පිය, වැල්මීය (කාසුවාරියා) යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරුවම පල දරත්.
|
168
‘‘කොසම්බා
(කොසුම්භා (සී. ස්‍යා.)) සළලා නිම්බා
(සළලා නීපා (සී. ස්‍යා.) පනසා අම්බා (?)), සාදුඵලසමායුතා;
ධුවං ඵලානි ධාරෙන්ති, අවිදූරෙ මමස්සමං.
|
168
“මනාව හටගත් පලයන්ගෙන් යුත් කොසුම්භය, සලලය, කොළොම්ය යන මේ වෘක්ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරුවම පල දරත්.
|
169
‘‘හරීතකා
කොලා භල්ලාතකා බිල්ලා, ඵලානි ධාරයන්ති තෙ.
|
169
“අරළුය, නෙල්ලිය, අබය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, යන මෙකී වෘක්ෂයෝද පල දරත්.
|
170
‘‘ආලුවා ච කළම්බා ච, බිළාලීතක්කළානි ච;
ජීවකා සුතකා චෙව, බහුකා මම අස්සමෙ.
|
170
“ආළුය, කලම්බය, බිලාලීය, තක්කලය, ජීවකය, සුතකය යන බොහෝ අල වර්ගයෝ මාගේ අසපුවෙහි වෙති.
|
171
‘‘අස්සමස්සාවිදූරම්හි, තළාකාසුං සුනිම්මිතා;
අච්ඡොදකා සීතජලා, සුපතිත්ථා මනොරමා.
|
171
“අසපුවට නුදුරෙහි මැනවින් වැවූ, පිරිසිදු සිහිල් දිය ඇති, මනා තොටුපලවලින් යුත් මනරම්වූ තඩාගයෝ වූහ.
|
172
‘‘පදුමුප්පලසඤ්ඡන්නා
මන්දාලකෙහි සඤ්ඡන්නා, දිබ්බගන්ධො පවායති.
|
172
“පුණ්ඩරීක (සුදු නෙලුම්) සහිත පියුම් (රතු නෙළුම්) උපුල්වලින් ආකුලවූ තඩාගයන්ගෙන් ගැවසී ගත්තාහුය. දිව සුවඳද හමයි. මදාරා ගස්වලින් යුක්තය.
|
173
‘‘එවං සබ්බඞ්ගසම්පන්නෙ, පුප්ඵිතෙ ඵලිතෙ වනෙ;
සුකතෙ අස්සමෙ රම්මෙ, විහරාමි අහං තදා.
|
173
“මෙසේ සුපුෂ්පිතව පල දැරුවාවූ, සර්වාඞ්ග සම්පූර්ණ වණයෙහි මැනවින් කරණ ලද රම්‍යවූ ආශ්‍රමයෙහි මම හැම කල්හි වෙසෙමි.
|
174
‘‘සීලවා වතසම්පන්නො
(වත්තසම්පන්නො (ස්‍යා.)), ඣායී ඣානරතො සදා;
පඤ්චාභිඤ්ඤාබලප්පත්තො, සුරුචි නාම තාපසො.
|
174
“සිල්වත්ව, වෘත සම්පන්නව ධ්‍යාන කරණ සුළු වූයේ, හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ, පඤ්චාභිඥා බලයට පැමිණියේ “සුරුචි” නම් තවුසෙක් වීමි.
|
175
‘‘චතුවීසසහස්සානි, සිස්සා මය්හං උපට්ඨහු;
සබ්බෙව බ්රාහ්මණා එතෙ, ජාතිමන්තො යසස්සිනො.
|
175
“සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහුය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත්, කිර්තිමත් බ්‍රාහ්මණයෝ වූහ.
|
176
‘‘ලක්ඛණෙ ඉතිහාසෙ ච, සනිඝණ්ටුසකෙටුභෙ;
පදකා වෙය්යාකරණා, සධම්මෙ පාරමිං ගතා.
|
176
“(ඔවුහු) අංගලක්ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, වේදත්රයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්මයෙහිද, පරතෙරට ගියාහු, නාම පදාදියෙහි දක්ෂවූහ. එසේම ව්යාකරණාදියෙහිද දක්ෂයෝ වූහ.
|
177
‘‘උප්පාතෙසු
පථබ්‍යා භූමන්තලික්ඛෙ, මම සිස්සා සුසික්ඛිතා.
|
177
“උල්කාපාත, භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාත ශාස්ත්‍රයෙහිද, ශුභා ශුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහිද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන්ගේ ලක්ෂණ දන්නා ශාස්ත්‍රයෙහිද, දක්ෂවූවාහු පෘථිවිය පිළිබඳවූද, අහස පිළිබඳවූද, ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්ෂවූහ.
|
178
‘‘අප්පිච්ඡා නිපකා එතෙ, අප්පාහාරා අලොලුපා;
ලාභාලාභෙන සන්තුට්ඨා, පරිවාරෙන්ති මං සදා.
|
178
“අල්පෙච්ඡවූ, අල්පාහාරවූ, ලොල්බව නොමැති, ප්‍රාඥවූ මොව්හු ලාභ අලාභ දෙකින්ම එකසේ සතුටුවූවාහු, හැමකල්හි මා පිරිවරත්.
|
179
‘‘ඣායී
ආකිඤ්චඤ්ඤං පත්ථයන්තා, පරිවාරෙන්ති මං සදා.
|
179
“ධ්‍යාන කරණ සුළුවූ, ධ්‍යානයෙහි ඇළුනු, ධෛර්‍ය්‍යවත්වූ, ශාන්තවූ, එකඟවූ සිත් ඇති, පළිබෝධ විරහිත බව කැමති වන්නාවූ එම තව්සෝ හැමකල්හි මා පිරිවරත්.
|
180
‘‘අභිඤ්ඤාපාරමිප්පත්තා, පෙත්තිකෙ ගොචරෙ රතා;
අන්තලික්ඛචරා ධීරා, පරිවාරෙන්ති මං සදා.
|
180
“පඤ්චාභිඥාවන්හි පරතෙරට පත්, අනුන්හට වචනයෙන් කියා (විඤ්ඤත්තියෙන්) පිළියෙලකර නොගත් බුදුන් වහන්සේ විසින් අනුදන්නා ලද ආහාරයෙහි ඇළුනාහු, අහසින් යාම් ඊම් කරන්නාවූ, වීර ගති ඇති එම තවුසෝ හැම කල්හි මා පිරිවරත්.
|
181
‘‘සංවුතා ඡසු ද්වාරෙසු, අනෙජා රක්ඛිතින්ද්රියා;
අසංසට්ඨා ච තෙ ධීරා, මම සිස්සා දුරාසදා.
|
181
“සදොර සංවරණය කරගත්, තෘෂ්ණාවෙන් තොර, සුරැකි ඉඳුරන් ඇති, ගිහියන් සමග නොගැටෙන, ලංවිය නොහැක්කාවූ ඒ ධෛර්ය්යවත් මාගේ ශිෂ්‍යයෝ
|
182
‘‘පල්ලඞ්කෙන නිසජ්ජාය, ඨානචඞ්කමනෙන ච;
වීතිනාමෙන්ති තෙ රත්තිං, මම සිස්සා දුරාසදා.
|
182
“ගැටීමට නුසුදුසුවූ මොවුහු පළඟ බැඳීමෙන්, හිඳීමෙන් හා සක්මන් කිරීමෙන්ද රාත්‍රිය ගෙවත්.
|
183
‘‘රජනීයෙ න රජ්ජන්ති, දුස්සනීයෙ න දුස්සරෙ;
මොහනීයෙ න මුය්හන්ති, මම සිස්සා දුරාසදා.
|
183
“ලංවිය නොහැක්කාවූ මාගේ (ඒ) ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නොඇලෙත්. ගැටියයුතු දෙයෙහි නොගැටෙත්. මුළාවියයුතු දෙයෙහි මුළා නොවෙත්
|
184
‘‘ඉද්ධිං වීමංසමානා තෙ, වත්තන්ති නිච්චකාලිකං;
පථවිං
(පඨවිං (සී. ස්‍යා.)) තෙ පකම්පෙන්ති, සාරම්භෙන දුරාසදා.
|
184
“යුගග්‍රාහයෙන් හෙවත් කලහ කිරීමෙන් ගැටීමට නුසුදුසුවූ ඒ මාගේ ශිෂ්‍යයෝ පෘථිවිය කම්පණය කරත්. නිරතුරුවම විකුර්වණ ඎද්ධි විමසමින් පවතිත්.
|
185
‘‘කීළමානා ච තෙ සිස්සා, කීළන්ති ඣානකීළිතං;
ජම්බුතො ඵලමානෙන්ති, මම සිස්සා දුරාසදා.
|
185
“එම ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම් ධ්‍යාන ක්‍රීඩාවම කරත්. ළංවිය නොහැකි තෙදින් යුත් ඔවුහු (දඹදිව ප්‍රසිද්ධ) දඹ රුකින් ගෙඩි ගෙනෙත්.
|
186
‘‘අඤ්ඤෙ
අඤ්ඤෙ ච උත්තරකුරුං, එසනාය දුරාසදා.
|
186
“ලංවිය නොහැක්කාවූ ඔවුනතුරෙන් ඇතැමෙක් ප්‍රත්‍ය සෙවීම පිණිස අපරගොයානයට යෙත්. ඇතැමෙක් පූර්වවිදේහයටද, ඇතැමෙක් උතුරුකුරු දිවයිනටද යෙත්.
|
187
‘‘පුරතො පෙසෙන්ති ඛාරිං, පච්ඡතො ච වජන්ති තෙ;
චතුවීසසහස්සෙහි, ඡාදිතං හොති අම්බරං.
|
187
“අහසින් යන්නාවූ මාගේ ශිෂ්‍යයෝ තවුස් පිරිකර කද යවති. ඔවුහු පසුව යෙත්. සූවිසි දහසක්වූ ඔවුන් විසින් අහස් තලය වසන ලද්දේ වේ.
|
188
‘‘අග්ගිපාකී අනග්ගී ච, දන්තොදුක්ඛලිකාපි ච;
අස්මෙන කොට්ටිතා කෙචි, පවත්තඵලභොජනා.
|
188
“ඔවුනතුරෙන් ඇතැමෙක් (පලාඵලපත්රාදිය) ගින්නෙන් පිස කති. ඇතැමෙක් නොපිස අමුවෙන්ම කති. ඇතැමෙක් දත්වලින්ම පොතු ගලවා කති. කිසිවෙක් වනෙහි ලා කොටාගෙන කති. (එසේම) ඇතැමෙක් ගලින් කොටා කති. ඇතැමෙක් ස්වයං පතිත ඵලාහාරයෙන් ජීවත් වෙති.
|
189
‘‘උදකොරොහණා
තොයාභිසෙචනකරා, මම සිස්සා දුරාසදා.
|
189
“ලංවිය නොහැක්කාවූ මාගේ ශිෂ්‍යයෝ ශුද්ධිය කැමති වන්නාහු, දියෙන් තෙමා තෙමීම කරන්නාහු, උදැහැනද, සවසද දියෙහි ගිලෙති.
|
190
‘‘පරූළ්හකච්ඡනඛලොමා, පඞ්කදන්තා රජස්සිරා;
ගන්ධිතා සීලගන්ධෙන, මම සිස්සා දුරාසදා.
|
190
“දුරාසදවූ මාගේ ශිෂ්‍යයෝ කැසි (කිසිලි) නිය ලොම් ඇත්තාහු, මල බැඳුණු දත් ඇත්තාහු, දූවිලි මැකුණු හිස් ඇත්තාවූ සීල සුගන්ධයෙන් සුගන්ධවත් වූහ.
|
191
‘‘පාතොව
ලාභාලාභං පකිත්තෙත්වා, ගච්ඡන්ති අම්බරෙ තදා.
|
191
“එකල්හි උත්ර තපස් ඇති ජටාධරවුූ මෙම තවුසෝ උදෑසනම (තමාවෙත) රැස්ව (ඔවුනට ලැබුණු) කුඩා මහත් ලාභයන් කියා අහසෙහි යති.
|
192
‘‘එතෙසං පක්කමන්තානං, මහාසද්දො පවත්තති;
අජිනචම්මසද්දෙන, මුදිතා හොන්ති දෙවතා.
|
192
“(එසේ) යන්නාවූ ඔවුන්ගේ වැහැරි සිව්රුවලින් හටගත් මහා ශබ්ද පවතී. අලුත් දිවිසම් හඬින් දෙවියෝ සොම්නස්වූවාහු වෙති.
|
193
‘‘දිසොදිසං
සකෙ බලෙනුපත්ථද්ධා, තෙ ගච්ඡන්ති යදිච්ඡකං.
|
193
“අහසෙහි හැසිරෙන්නාවූ එම ඎෂීහු දිසානුදිසාවනට ගමන් කෙරෙති. ස්වකීය ශරීර බලයෙන් හා ධ්‍යාන බලයෙන් යුත් ඔවුහු යම් යම් තැනකට යනු කැමැත්තාහු නම් ඒ ඒ තැනටම යෙත්.
|
194
‘‘පථවීකම්පකා එතෙ, සබ්බෙව නභචාරිනො;
උග්ගතෙජා දුප්පසහා, සාගරොව අඛොභියා.
|
194
“මේ සියළුතන්හි කැමතිසේ හැසිරෙන මොවුහු හැමදෙනම පෘථිවි කම්පණයෙහි සමත්වූවෝද, අහසෙහි හැසිරීමෙහි දක්‍ෂවූවෝද, උග්‍ර තේජස් ඇත්තාහුද, අභිභවනය කළ නොහැක්කාවූද, සයුර මෙන් අනුන් විසින් නොකැළඹිය හැක්කේ වෙයි.
|
195
‘‘ඨානචඞ්කමිනො කෙචි, කෙචි නෙසජ්ජිකා ඉසී;
පවත්තභොජනා කෙචි, මම සිස්සා දුරාසදා.
|
195
“ගුණයන් කරණකොට ලංවිය නොහැක්කාවූ මාගේ ශිෂ්‍යයන්ගෙන් ඇතැමෙක් සිටීමය, සක්මන් කිරීමය යන ඉරියව් දෙකින් යුක්තයෝය. ඇතැමෙක් හිඳීම් ඉරියව් පමණක් ඇති ඎෂිවරයෝය. (එසේම) ඇතැමෙක් ස්වයං පතිත ඵල අනුභව කරන්නෝ වෙති.
|
196
‘‘මෙත්තාවිහාරිනො එතෙ, හිතෙසී සබ්බපාණිනං;
අනත්තුක්කංසකා සබ්බෙ, න තෙ වම්භෙන්ති කස්සචි.
|
196
“මොවුහු සව්සත්නට හිතවත්වූවාුි, මෛත්‍රී විහරණ ඇත්තාහුය. සියල්ලෝම තමා උසස්කොට නොදක්වන්නේය. කිසිවෙකු හෙළා දකින්නෝද නොවෙති.
|
197
‘‘සීහරාජාවසම්භීතා, ගජරාජාව ථාමවා;
දුරාසදා බ්යග්ඝාරිව, ආගච්ඡන්ති මමන්තිකෙ.
|
197
“සිහ රජුන් මෙන් නිර්භීතව, ඇත් රජුන් මෙන් බලවත්ව, ව්‍යාඝ්‍රයන් මෙන් ලංවිය නොහැක්කන්ව (එම ඎෂීහු) මාගේ සමීපයට පැමිණෙත්.
|
198
‘‘විජ්ජාධරා දෙවතා ච, නාගගන්ධබ්බරක්ඛසා;
කුම්භණ්ඩා දානවා ගරුළා, උපජීවන්ති තං සරං.
|
198
“විද්යාධරයෝද, දේවතාවෝද, නාග, ගාන්ධර්ව, රාක්ෂස, කුම්භාණ්ඩ, අසුර, ගුරුළු යන මොවුහුද ඒ විල ඇසුරෙන් වෙසෙත්.
|
199
‘‘තෙ
අන්තලික්ඛචරා සබ්බෙ, උපජීවන්ති තං සරං.
|
199
“ජටාවන්හි හා තවුස් පිරිකර කදවල බර උසුලන්නාවූ, අඳුන් දිවි සම් උත්තරාසඞ්ගයන් ඇති ආකාශචාරීහු හා සියළුම ඎෂීහු එම විල ඇසුරෙන් වෙසෙති.
|
200
‘‘සදානුච්ඡවිකා
(තදානුච්ඡවිකා (ස්‍යා. ක.)) එතෙ, අඤ්ඤමඤ්ඤං සගාරවා;
චතුබ්බීසසහස්සානං, ඛිපිතසද්දො න විජ්ජති.
|
200
හැම කල්හි මනා පැවතුම් ඇති මෙම ඎෂීහු ඔවුනොවුන්ට ගෞරව සහිතවූවාහු සූවිසි දහසක්වූ මොවුන්ගේ කිඹිසිලි ශබ්දයකුදු නැත.
|
201
‘‘පාදෙ පාදං නික්ඛිපන්තා, අප්පසද්දා සුසංවුතා;
උපසඞ්කම්ම සබ්බෙව
(සබ්බෙ තෙ (ස්‍යා.)), සිරසා වන්දරෙ මමං.
|
201
“පියෙහි පිය නොතබන්නාහු නිශ්ශබ්දව මනා සංවරයෙන් යුත්ව සියල්ලෝම මා වෙත එළඹ හිස නමා වඳිත්.
|
202
‘‘තෙහි සිස්සෙහි පරිවුතො, සන්තෙහි ච තපස්සිභි;
වසාමි අස්සමෙ තත්ථ, ඣායී ඣානරතො අහං.
|
202
“ශාන්තවූ තපෝ ගුණ ඇති එම සිසුන් විසින් පිරිවරණ ලදුයේ මම එම අසපුවෙහි ධ්‍යාන කරණ සුළුව, ධ්‍යානයෙහි ඇළුනේ වෙසෙමි.
|
203
‘‘ඉසීනං සීලගන්ධෙන, පුප්ඵගන්ධෙන චූභයං;
ඵලීනං ඵලගන්ධෙන, ගන්ධිතො හොති අස්සමො.
|
203
“ඎෂීන්ගේ සිල් සුවඳින්ද, (මල්වල) සුවඳින්ද යන මේ උභය සුගන්ධයෝ හා ගෙඩිවල සුවඳින්ද අසපුව සුවඳවත්වේ.
|
204
‘‘රත්තින්දිවං න ජානාමි, අරති මෙ න විජ්ජති;
සකෙ සිස්සෙ ඔවදන්තො, භිය්යො හාසං ලභාමහං.
|
204
“රෑ දාවල් නොදනිමි. මාගේ සිත්හි කුසල් දහම්හි නොඇලීමක් නැත. මම සියළු සිසුන්ට අවවාද කරන්නේ වැඩියක්ම ප්‍රීතිය ලබමි.
|
205
‘‘පුප්ඵානං පුප්ඵමානානං, ඵලානඤ්ච විපච්චතං;
දිබ්බගන්ධා පවායන්ති, සොභයන්තා මමස්සමං.
|
205
“පිපෙන්නාවූ මල්වලද, පැසෙන්නාවූ ගෙඩිවලද දිව්‍යමයවූ සුගන්ධයෝ මාගේ අසපුව හොබවමින් හමත්.
|
206
‘‘සමාධිම්හා
ඛාරිභාරං ගහෙත්වාන, වනං අජ්ඣොගහිං අහං.
|
206
“එකල්හි මම සමාධියෙන් නැගිට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සප්රාඥවූයේ, තවුස් පිරිකර කදෙහි බරද ගෙන වනයට පිවිසෙමි.
|
207
‘‘උප්පාතෙ
පවත්තමානං
(වත්තමානං (ක.)) මන්තපදං, ධාරයාමි අහං තදා.
|
207
“(උල්කාපාත භූමි චලනාදී භූත විකෘතීන් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාත ශාස්ත්‍රයෙහිද, සිහිනයන් පිළිබඳ ශුභා ශුභ දැනගන්නා සුපින ශාස්ත්‍රයෙහිද, අංග ලක්ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන ලක්ෂණ ශාස්ත්‍රයෙහිද මැනවින් හික්මුනේ, මුළු දඹදිවම පවත්නා මන්ත්‍ර පදද දරමි.
|
208
‘‘අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො;
විවෙකකාමො සම්බුද්ධො, හිමවන්තමුපාගමි.
|
208
“ලෝකයෙහි ජ්යෙෂ්ඨවූද, නරශ්රේෂ්ඨවූද, සියල්ල දත්තාවූ, අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ විවේක සැප කැමති සේක් හිමවතට එළඹිසේක.
|
209
‘‘අජ්ඣොගාහෙත්වා
පල්ලඞ්කං ආභුජිත්වාන, නිසීදි පුරිසුත්තමො.
|
209
“පුරුෂෝත්තමවූ, අග්‍ර කාරුණීකවූ, බුදුරජාණන් වහන්සේ හිමවතට පිවිස පළඟ බැඳ වැඩහුන් සේක.
|
210
‘‘තමද්දසාහං සම්බුද්ධං, සප්පභාසං මනොරමං;
ඉන්දීවරංව ජලිතං, ආදිත්තංව හුතාසනං.
|
210
“මහනෙල් මලක් මෙන් ප්‍රභාව සහිතවූ, මනරම්වූද යාග ද්‍රව්‍ය අනුභව කරන්නාවූ, දිලිසෙන ගින්නක් වැනිවූ, බුදුරජාණන් වහන්සේ එහිදී දුටුවෙමු.
|
211
‘‘ජලන්තං දීපරුක්ඛංව, විජ්ජුතං ගගණෙ යථා;
සුඵුල්ලං සාලරාජංව, අද්දසං ලොකනායකං.
|
211
“පහන් රුකක් මෙන් දිලිසෙන්නාවූද, අහසෙහි විදුලියක් වැනිවූද, මනාව පිපීගිය සල් රුකක් වැනිවූද, බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
|
212
‘‘අයං
ඉමං දස්සනමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චරෙ.
|
212
“මේ අග නම්වූ, පව් නැති මහාවීරවූ, දුක් කෙළවර කරන්නාවූ බුදුරජාණන් වහන්සේය. මේ දර්ශනය නිසා (සත්ත්වයෝද) සියළු දුකින් මිදෙත්.
|
213
‘‘දිස්වානාහං දෙවදෙවං, ලක්ඛණං උපධාරයිං;
බුද්ධො නු ඛො න වා බුද්ධො, හන්ද පස්සාමි චක්ඛුමං.
|
213
“දෙවියන්ට දෙවිවූ උන්වහන්සේ දැක මම බුදුකෙනෙක් දෝයි ලක්ෂණ පරීක්ෂා කෙළෙමි. ඒකාන්තයෙන් පසැස් ඇති උතුමෙකැයි දකිමි.
|
214
‘‘සහස්සාරානි චක්කානි, දිස්සන්ති චරණුත්තමෙ;
ලක්ඛණානිස්ස දිස්වාන, නිට්ඨං ගච්ඡිං තථාගතෙ.
|
214
“උතුම්වූ ශ්‍රී පාදයන්හි දහසක් ඇති චක්‍ර ලක්ෂණයෝ පෙනෙත්. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැක තථාගත බැව්හි නිශ්චයට පැමිණියෙමි.
|
215
‘‘සම්මජ්ජනිං ගහෙත්වාන, සම්මජ්ජිත්වානහං තදා;
අථ පුප්ඵෙ සමානෙත්වා, බුද්ධසෙට්ඨං අපූජයිං.
|
215
“එකල්හි මුස්න ගෙන හැමද මල් ගෙනවුත් බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේ පිදීමි.
|
216
‘‘පූජයිත්වාන තං බුද්ධං, ඔඝතිණ්ණමනාසවං;
එකංසං අජිනං කත්වා, නමස්සිං ලොකනායකං.
|
216
“චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පුදා, අඳුන් දිවි සම් සකස්කොට ලෝකනායකවූ තථාගතයන් වහන්සේට නමස්කාර කෙළෙමි.
|
217
‘‘යෙන ඤාණෙන සම්බුද්ධො, විහරති
(විහරිත්ථ (සී.), විහරෙති (ක.)) අනාසවො;
තං ඤාණං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
217
“ආශ්‍රව රහිතවූ බුදුරජාණන් වහන්සේ යම් කාරණයකින් යුක්තව වැඩ විසූ සේක් නම් යම් කාරණයකින් ඒ ඥානය කියන්නෙමි. කියන්නාවූ මාගේ ඒ වචනය අසව්.
|
218
‘‘‘සමුද්ධරසිමං
(සමුද්ධරයිමං (ස්‍යා.)) ලොකං, සයම්භූ අමිතොදය;
තව දස්සනමාගම්ම, කඞ්ඛාසොතං තරන්ති තෙ.
|
218
“අමතොදය හෙවත් අපමණවූ දියුණුව ඇති බුදුරජාණන් වහන්ස, මේ ලෝකවාසී සත්ත්වයා නගාලනු මැනවි. ඔබ වහන්සේගේ දර්ශනය නිසා සැකය නැමැති සැඩ පහර තරණය කෙරෙත්.
|
219
‘‘‘තුවං
පරායණො
(පරායනො (ස්‍යා. ක.)) පතිට්ඨා ච, දීපො ච ද්විපදුත්තමො.
|
219
“ඔබ වහන්සේ සත්ත්වයන්ගේ ශාස්තෘ වන සේක. (උසස් බැවින්) ජයකොඩියද, (ලෙව්හි ප්‍රකට බැවින්) ධර්මවිජයද, (තිලොවෙහිම උඩට නැගී පෙනෙන බැවින් ඔසවා බිම සිටුවන ලදී.) යාගස්තම්භයද වන සේක. ඔබ වහන්සේම දෙපා ඇතියනට උතුම් වන සේක. (මොහඳුර නසන බැවින්) ප්‍රදීපයද (භවසත්නට) උතුම් පිහිටද පිහිටන තැනද වන සේක.
|
220
‘‘‘සක්කා සමුද්දෙ උදකං, පමෙතුං ආළ්හකෙන වා;
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා පමෙතවෙ.
|
220
“සමුදුරෙහි ජලය නැළියකින් මිණුමට හැකිවුවද, ඔබ වහන්සේගේ සර්වඥතාඥානය මිණුමට නොහැක්කේමය.
|
221
‘‘‘ධාරෙතුං
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා ධරෙතවෙ.
|
221
“මහපොළොව තරාදි තට්ටුවේ තබා කිරා බැලීමට හැකිවුවද, ඔබ වහන්සේ හෝ සර්වතාඥානය කිරා බැලීමට නොහැක්කේමැයි.
|
222
‘‘‘ආකාසො
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා පමෙතවෙ.
|
222
“අහස රැහැනෙන් හෝ අඟුලෙන් හෝ මිණිය හැකිවුවද, ඔබ වහන්සේ ගේ සර්වතාඥානය මිණුමට නොහැක්කේමය.
|
223
‘‘‘මහාසමුද්දෙ උදකං, පථවී චාඛිලා ජටං
(පථවිං චාඛිලඤ්ජහෙ (ස්‍යා.));
බුද්ධඤාණං උපාදාය, උපමාතො න යුජ්ජරෙ.
|
223
“බුද්ධඥානය තෙම මහා සමුද්‍රයෙහි අපමණවූ ජලයද, අප්‍රමාණවූ මහ පොළොවද ඉක්මවා යයි. බුදු නැණ නිසා උපමා වශයෙන් කිසි වස්තු කෙනෙක් නොයෙදෙත්මැයි.
|
224
‘‘‘සදෙවකස්ස ලොකස්ස, චිත්තං යෙසං පවත්තති;
අන්තොජාලීකතා
(අන්තොජාලගතා (පී.)) එතෙ, තව ඤාණම්හි චක්ඛුම.
|
224
“පසැස් අතියාණන් වහන්ස, දෙවියන් සහිත සත්ත්ව ලෝකයෙහි යම් පමණ සත්ත්ව කෙනෙක් පිළිබඳව සිත පවතී නම් එපමණවු මේ සත්ත්ව සමූහයා ඔබ වහන්සේගේ නුවණ නැමැති දැලෙහි ඇතුලට පිවිසියාහු වෙති.
|
225
‘‘‘යෙන
තෙන ඤාණෙන සබ්බඤ්ඤු, මද්දසී පරතිත්ථියෙ’.
|
225
“සර්වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ යම් නුවණක් කරණකොට ගෙන හුදු උතුම්වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙහිද, එම ඥානය කරණකොට ගෙන අන්‍ය තීර්ත්ථකයන් මඩිනෙහිය.
|
226
‘‘ඉමා ගාථා ථවිත්වාන, සුරුචි නාම තාපසො;
අජිනං පත්ථරිත්වාන, පථවියං නිසීදි සො.
|
226
“ඒ සුරුචිනම් තවුස්තෙම (සෙසු අටුවාවන්හි සරද තවුස්යයි දක්වා ඇත.) මෙම ගාථාවන්ගෙන් (උන්වහන්සේට) ස්තූතිකොට පොළවෙහි අඳුන් දිවිසම එලා හිඳගත්තේය.
|
227
‘‘චුල්ලාසීතිසහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ;
අච්චුගතො තාවදෙව, ගිරිරාජා පවුච්චති.
|
227
“මහමේරු පර්වත රාජයා මහසමුදුරෙහි යොදුන් අසූහාරදහසක් ඇතුළට බැසගත්තේ එපමණට (යොදුන් අසූහාරදහසක්) (සමුදුරෙන්) උඩට ඇත්තේයයි කියනු ලැබේ.
|
228
‘‘තාව අච්චුග්ගතො නෙරු, ආයතො විත්ථතො ච සො;
චුණ්ණිතො අණුභෙදෙන, කොටිසතසහස්සසො
(සහස්සියො (ස්‍යා. ක.)).
|
228
“දිගු පුළුලිනුදු එපමණම උස්ව නැගුනු මේරු පර්වතය කෙළ ලක්ෂගණන්වූ අණුභෙදයන් සුණු කරණ ලද්දේ,
|
229
‘‘ලක්ඛෙ
න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා පමෙතවෙ.
|
229
“(එම අණු නම් සියුම් කොටස්) අලගු බවට තැබූයේ නමුදු ඔබ වහන්සේ ගේ සර්වතාඥානය ප්‍රමාණ කරන්නට නොහැක්කේමය.
|
230
‘‘සුඛුමච්ඡිකෙන ජාලෙන, උදකං යො පරික්ඛිපෙ;
යෙ කෙචි උදකෙ පාණා, අන්තොජාලීකතා සියුං.
|
230
“යමෙක් සියුම් ඇස් සිදුරු ඇති දැලක් දියෙහි දමාද එවිට ජලයෙහි යම්කිසි ප්‍රාණී කෙනෙක් වෙත් නම් (ඔවුහු) එම දැළ තුලට වදින්නාහුය.
|
231
‘‘තථෙව හි මහාවීර, යෙ කෙචි පුථුතිත්ථියා;
දිට්ඨිගහනපක්ඛන්දා
(පක්ඛන්තා (සී. ස්‍යා.)), පරාමාසෙන මොහිතා.
|
231
“මහා වීරයන් වහන්ස, එසේම යම්කිසි පෘථග්ජන තීර්ත්ථක කෙනෙක් දෙසැට මිසදිටු නැමැති (ගෙතුනුවන) ගහනයට පිවිසියාහු එම මිසදිටු දැඩිකොට ගැනීම් වශයෙන් මුලාවූවාහු වෙත්.
|
232
‘‘තව සුද්ධෙන ඤාණෙන, අනාවරණදස්සිනා;
අන්තොජාලීකතා එතෙ, ඤාණං තෙ නාතිවත්තරෙ.
|
232
“නිරාවරණවූ දක්නා සුළුවූ ඔබ වහන්සේ ගේ පිරිසිදු ඥානය කරණකොටගෙන තමන් වහන්සේගේ නැණ ඇතුළට පිවිසියාවූ මේ තීර්ත්ථකයෝ ඔබ වහන්සේ ගේ නුවණ නොඉක්මවත්.
|
233
‘‘භගවා තම්හි සමයෙ, අනොමදස්සී මහායසො;
වුට්ඨහිත්වා සමාධිම්හා, දිසං ඔලොකයී ජිනො.
|
233
“පස්මරුන් දිනූ මහා යසස්කවූ අනවමදර්ශී නම් භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි සමාධියෙන් නැගිට සියලු දිශාවලෝකනය කළ සේක.
|
234
‘‘අනොමදස්සිමුනිනො, නිසභො නාම සාවකො;
පරිවුතො සතසහස්සෙහි, සන්තචිත්තෙහි තාදිභි.
|
234
“අනවමදර්ශී නම් බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකතෙම සන්සිඳුනු සිත් ඇති (අට ලෝ දහම්හි නොසැලෙන) තාදී ගුණ යුත් ශුද්ධවූ ශඩභිඥා ඇති ධ්‍යාන කරණ සුළුවූ ලක්ෂ ගණන් රහතුන් විසින් පිරිවරණ ලදුයේ, බුදුරජාණන් වහන්සේගේ සිත දැන (ඒ) ලෝක නායකයන් වහන්සේ වෙත එළඹියේය.
|
235
‘‘ඛීණාසවෙහි
චිත්තමඤ්ඤාය බුද්ධස්ස, උපෙසි ලොකනායකං.
|
235 |
236
‘‘අන්තලික්ඛෙ ඨිතා තත්ථ, පදක්ඛිණමකංසු තෙ;
නමස්සන්තා පඤ්ජලිකා, ඔතරුං
(ඔරුහුං (ස්‍යා.)) බුද්ධසන්තිකෙ.
|
236
“එහි අහසෙහි සිටියාවූ එම පිරිස (බුදුරජාණන් වහන්සේ) ප්රදක්ෂිණා කළාහුය. බැඳැඳිලි ඇතිව නමඳිමින් සර්වඥයන් වහන්සේ වෙතට බැස්සාහුය.
|
237
‘‘අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො;
භික්ඛුසඞ්ඝෙ නිසිදිත්වා, සිතං පාතුකරී ජිනො.
|
237
“ලෝකයේ ජ්‍යෙෂ්ඨවූ, පස්මරුන් දිනුවාවූ, අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ඉදිරියෙහි වැඩ හිඳ සිනා පහළ කළ සේක.
|
238
‘‘වරුණො
එකංසං චීවරං කත්වා, අපුච්ඡි ලොකනායකං.
|
238
“මහර්ෂිවූ සර්වඥයන් වහන්සේගේ “වරුණ” නම් උපස්ථායක තෙමේ සිව්ර එකස්කොට ගෙන ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළෝය.
|
239
‘‘‘කො
න හි බුද්ධා අහෙතූහි, සිතං පාතුකරොන්ති තෙ’.
|
239
“භාග්‍යවතුන් වහන්ස, ශාස්තෘවූ ඔබ වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක්ද? ඒ සර්වඥ බුදුවරයාේ අකාරණයෙන් සිනා පහළ නොකරති.”
|
240
‘‘අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො;
භික්ඛුමජ්ඣෙ නිසීදිත්වා, ඉමං ගාථං අභාසථ.
|
240
ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂඨවූ අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද හිඳ මෙම ගාථාව වදාළ සේක.
|
241
‘‘‘යො මං පුප්ඵෙන පූජෙසි, ඤාණඤ්චාපි අනුත්ථවි;
තමහං කිත්තයිස්සාමි, සුණොථ මම භාසතො.
|
241
“යම් තව්සෙක් තෙම මා මලින් පිදීද, මාගේ (සර්වඥතා) ඥානයට නැවත නැවත ස්තූති කෙළේද, ඒ තවුසා (කවරෙක්දැයි) මම තොපට පැහැදිලි කරන්නෙමි. එය පවසන්නාවූ මාගේ වචනය අසව්.
|
242
‘‘‘බුද්ධස්ස ගිරමඤ්ඤාය, සබ්බෙ දෙවා සමාගතා;
සද්ධම්මං සොතුකාමා තෙ, සම්බුද්ධමුපසඞ්කමුං.
|
242
“බුදුරජාණන් වහන්සේගේ වචනය දැන සියලු දෙවියෝ එක්වූහ. සද්ධර්මය අසනු කැමැත්තාවූ ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහුය.
|
243
‘‘‘දසසු ලොකධාතූසු, දෙවකායා මහිද්ධිකා;
සද්ධම්මං සොතුකාමා තෙ, සම්බුද්ධමුපසඞ්කමුං.
|
243
“සියලු ලෝක ධාතූන්හි මහර්ධි ඇති ඒ දේව සමූහයා සද්ධර්මය අසනු කැමැත්තාහු, බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහුය.
|
244
‘‘‘හත්ථී අස්සා රථා පත්තී, සෙනා ච චතුරඞ්ගිනී;
පරිවාරෙස්සන්තිමං නිච්චං, බුද්ධපූජායිදං ඵලං.
|
244
“ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනග නිතර මා පිරිවරන්නාහුය. බුද්ධ පූජාවෙහි මේ ඵලයයි.
|
245
‘‘‘සට්ඨිතූරියසහස්සානි, භෙරියො සමලඞ්කතා;
උපට්ඨිස්සන්තිමං නිච්චං, බුද්ධපූජායිදං ඵලං.
|
245
“සැට දහසක් තූර්‍ය්‍යයෝද, අලංකාර කළ ගෙරීහුද, මට නිතර (වැඩීමෙන්) උවටැන් කරන්නාහුය. මෙය බුද්ධ පූජාවෙහි ඵලයයි.
|
246
‘‘‘සොළසිත්ථිසහස්සානි, නාරියො සමලඞ්කතා;
විචිත්තවත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා.
|
246
“මැනවින් අලංකාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු, විසිතුරු ආභරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු, නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. බුද්ධ පූජාවෙහි මේ බලයයි.
|
247
‘‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, බුද්ධපූජායිදං ඵලං.
|
247 |
248
‘‘‘කප්පසතසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං චක්කවත්තී, රාජා රට්ඨෙ භවිස්සති.
|
248
“කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දෙව් ලොවෙහි සිත් අලවා වසන්නේය. දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය.
|
249
‘‘‘සහස්සක්ඛත්තුං
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං
(අසඞ්ඛයං (ස්‍යා. ක.) එවමුපරිපි).
|
249
“ශක්‍ර දේවේන්ද්රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. (කරන්නාවූ) උදාරවූ ප්‍රදේශ රාජ්‍යයන් ගණන් වශයෙන් අප්‍රමාණය.
|
250
‘‘‘පච්ඡිමෙ භවසම්පත්තෙ
(පච්ඡිමභවෙ සම්පත්තෙ (සී.)), මනුස්සත්තං ගමිස්සති;
බ්රාහ්මණී සාරියා නාම, ධාරයිස්සති කුච්ඡිනා.
|
250
“අන්තිම (රහත්වන) භවය පැමිණි කල්හි මිනිසත් බවට පැමිණෙන්නේය. “සාරී” නම් බැමිණිය හෝ කුසින් දරන්නීය.
|
251
‘‘‘මාතුයා
සාරිපුත්තොති නාමෙන, තික්ඛපඤ්ඤො භවිස්සති.
|
251
“මේ තැනැත්තේ මවගේ නාම ගෝත්‍රයෙන් ප්‍රකට වන්නේය. නාමයෙන් ශාරීපුත්‍ර නම්වූ තීක්ෂණ ප්‍රඥා ඇත්තෙක් වන්නේය.
|
252
‘‘‘අසීතිකොටී ඡඩ්ඩෙත්වා, පබ්බජිස්සතිකිඤ්චනො;
ගවෙසන්තො සන්තිපදං, චරිස්සති මහිං ඉමං.
|
252
“අසූ කෙළක් ධනය හැරදමා අකිඤ්චනව (ධනය නැත්තෙක්ව) පැවිදිවන්නේය. මොක්ෂ පදය සොයමින් මේ පෘථිවියෙහි සැරිසරන්නේය.
|
253
‘‘‘අප්පරිමෙය්යෙ ඉතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
253
“මෙයින් අපරිමෙය කල්පයෙහි (එකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි) ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය.
|
254
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
සාරිපුත්තොති නාමෙන, හෙස්සති අග්ගසාවකො.
|
254
“උන්වහන්සේගේ ධර්මය දායාදකොට ඇති ඖරස බුද්ධපුත්රවූ, ධර්මයෙන්ම මවාලූවාක් වැනි නම්න් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් වන්නේය.
|
255
‘‘‘අයං
මහාසමුද්දමප්පෙති, තප්පයන්තී මහොදධිං
(මහොදධී (?) ගඞ්ගාදිමහානදියොති අත්ථො).
|
255
“හිමවතින් පටන්ගත් භාගීරථී ගංගා තොමෝ ජලස්කන්ධය බස්වමින් සාගරයට පැමිණෙන්නීය.
|
256
‘‘‘තථෙවායං සාරිපුත්තො, සකෙ තීසු විසාරදො;
පඤ්ඤාය පාරමිං ගන්ත්වා, තප්පයිස්සති පාණිනෙ
(පාණිනො (සී. ස්‍යා.)).
|
256
“එසේම මේ ශාරීපුත්‍ර තෙමේ ස්වකීය (කුල පරම්පරාවෙහි) පවත්නාවූ ත්‍රිවේදයෙහි විශාරදවූයේ, ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරට ගොස් (සියලු) සත්ත්වයන් සන්තර්පණය කරන්නේය.
|
257
‘‘‘හිමවන්තමුපාදාය, සාගරඤ්ච මහොදධිං;
එත්ථන්තරෙ යං පුලිනං, ගණනාතො අසඞ්ඛියං.
|
257
“හිමාලය පර්වතයෙහි පටන් මහා ජලස්කන්ධය දරන්නාවූ සයුර දක්වා මේ අතරෙහි යම් පමණ වැලි කැට රැසක් ඇද්ද, එය ගණන් වශයෙන් අසඞ්ඛ්යවේ.
|
258
‘‘‘තම්පි සක්කා අසෙසෙන, සඞ්ඛාතුං ගණනා යථා;
න ත්වෙව සාරිපුත්තස්ස, පඤ්ඤායන්තො භවිස්සති.
|
258
“ඒ වැලි රැසද නිරවශෙෂයෙන් (සම්පූර්ණයෙන්) ගණන මෙපමණයයි ප්‍රමාණ කරන්නට හැකිවන්නේ නමුදු ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේය.
|
259
‘‘‘ලක්ඛෙ
න ත්වෙව සාරිපුත්තස්ස, පඤ්ඤායන්තො භවිස්සති.
|
259
“අලගු තබන කල්හිද, ගංගා නම් නදියෙහි වැලි අවසන් වන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේමැයි.
|
260
‘‘‘මහාසමුද්දෙ ඌමියො, ගණනාතො අසඞ්ඛියා;
තථෙව සාරිපුත්තස්ස, පඤ්ඤායන්තො න හෙස්සති.
|
260
“මහ සයුරෙහි රළ ගණන් වශයෙන් මෙපමණයයි සංඛ්‍යා කළ හැකි නොවේ. එසේම ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නොවන්නේමැයි.
|
261
‘‘‘ආරාධයිත්වා සම්බුද්ධං, ගොතමං සක්යපුඞ්ගවං;
පඤ්ඤාය පාරමිං ගන්ත්වා, හෙස්සති අග්ගසාවකො.
|
261
“ශාක්‍යකුල ශ්‍රේෂ්ඨවූ ගෞතම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සතුටුකොට, ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරෙට ගොස් අග්‍රශ්‍රාවකයෙක් වන්නේය.
|
262
‘‘‘පවත්තිතං ධම්මචක්කං, සක්යපුත්තෙන තාදිනා;
අනුවත්තෙස්සති සම්මා, වස්සෙන්තො ධම්මවුට්ඨියො.
|
262
“තාදී ගුණ ඇති (අට ලෝ දහම්හි නොසැලෙන) (සර්වඥවූ) ශාක්‍ය පුත්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම චක්‍රය (සද්ධර්මය) මැනවින් දහම් වැසි වස්වමින් ඒ අනුවම පවත්වන්නේය.
|
263
‘‘‘සබ්බමෙතං
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, අග්ගට්ඨානෙ ඨපෙස්සති’.
|
263
“ශාක්‍යකුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සියල්ල (වෙසෙසින්) නුවණින් දැන භික්ෂු සංඝයා මද්ධ්යයෙහි හිඳ අග්‍රස්ථානයෙහි තබන්නේය.
|
264
‘‘අහො
යස්සාහං කාරං
(යස්සාධිකාරං (ස්‍යා.)) කත්වාන, සබ්බත්ථ පාරමිං ගතො.
|
264
“අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි මා විසින් පුණ්‍ය කර්මයක් මැනවින් කරණ ලදී. යම් ඒ අනවමදර්ශී නම් බුදුවරයෙක් වීද, උන්වහන්සේ විෂයෙහි එකී පුණ්‍යසම්භාරය කොට සියලු ගුණ සමූහයෙහි පරතෙරෙට ගියේ වෙමි. ආශ්චර්‍ය්‍යයෙකි.
|
265
‘‘අපරිමෙය්යෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං අහං.
|
265
“අපමණ කලක් මුළුල්ලෙහි මා විසින් කරණ ලද කුශල කර්ම ඵලය මේ පශ්චිමාත්මභාවයෙහිදී දැක්වීය. (දුනුදියෙන්) මැනවින් මිදීගිය හී වේගය මෙන් මම කෙළෙස් දැවීමි.
|
266
‘‘අසඞ්ඛතං ගවෙසන්තො, නිබ්බානං අචලං පදං;
විචිනං තිත්ථියෙ සබ්බෙ, එසාහං සංසරිං භවෙ.
|
266
“හේතු ප්‍රත්‍ය වශයෙන් සංස්කරණය නොවන බැවින් අසංස්කෘතවූ, නිශ්චලවූ, නිර්වාණ පදය සොයන්නේ සියළු තීර්ත්ථකයන් පරීක්ෂා කරන්නේ එකල්හි මම භවයෙහි සැරිසැරුවෙමි.
|
267
‘‘යථාපි බ්යාධිතො පොසො, පරියෙසෙය්ය ඔසධං;
විචිනෙය්ය වනං
(ධනං (ස්‍යා. ක.)) සබ්බං, බ්යාධිතො පරිමුත්තියා.
|
267
“ලෙඩකින් පෙළෙන්නාවූ පුරුෂයෙක් තෙම ලෙඩින් මිදීම පිණිස යම් සේ ඖෂධයක් සොයන්නේද, සියළු වනය (ඖෂධ පිණිස) පරීක්ෂා කරන්නේද,
|
268
‘‘අසඞ්ඛතං ගවෙසන්තො, නිබ්බානං අමතං පදං;
අබ්බොකිණ්ණං
(අබ්බොච්ඡින්නං (අට්ඨ.)) පඤ්චසතං, පබ්බජිං ඉසිපබ්බජං.
|
268
“අසංස්කෘත (හේතු ප්‍රත්‍ය බලයෙන් සකස් නොවන) අමෘත පදයවූ නිර්වාණය සොයන්නේ, අවිච්ඡින්නව (නොකඩවා පිළිවෙළින්) පන්සියයක් ජාතීන්හි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවීමි.
|
269
‘‘ජටාභාරෙන
අභිඤ්ඤාපාරමිං ගන්ත්වා, බ්රහ්මලොකං අගච්ඡිහං.
|
269
“මම තවුස් දළමඩුළු බරින් බරවූයේ, අඳුන් දිවි සමින් කළ උතුරු සළු පොරවන්නේ, අභිඥාවරුන්ගේ පරතෙරට පැමිණ බඹලොව ගියෙමි.
|
270
‘‘නත්ථි
යෙ කෙචි බුද්ධිමා සත්තා, සුජ්ඣන්ති ජිනසාසනෙ.
|
270
“බුදුසසුන හැර ඉන් පිටත්හිවූ සසුනක ශුද්ධියක් නැත. බුද්ධිමත්වූ කිසියම් සත්ත්ව කෙනෙක් වෙත්නම් සර්වඥ ශාසනයෙහි ශුද්ධිය ලබත්.
|
271
‘‘අත්තකාරමයං
(අත්ථකාරමයං (ක.)) එතං, නයිදං ඉතිහීතිහං;
අසඞ්ඛතං ගවෙසන්තො, කුතිත්ථෙ
(කුතිත්ථං (සී. ස්‍යා.)) සඤ්චරිං අහං.
|
271
“මෙය තමා විසින් කරණ ලද පුණ්‍ය කර්ම බලයෙන් ජනිතවූවකි. මෙය මෙසේ වීයයි කියන ප්රළාපයක් නොවේ. මම නිවණ සොයන්නේ වැරදි තීර්ත්ථයන්හි හැසුරුනෙමි.
|
272
‘‘යථා සාරත්ථිකො පොසො, කදලිං ඡෙත්වාන ඵාලයෙ;
න තත්ථ සාරං වින්දෙය්ය, සාරෙන රිත්තකො හි සො.
|
272
“යම්සේ හර කැමැත්තාවූ පුරුෂයෙක් තෙම කෙසෙල් ගසක් කපා පලන්නේද, (හෙතෙම) එහි හරයක් නොලබන්නේයි. එය හරයෙන් තොර ගසකි.
|
273
‘‘තථෙව තිත්ථියා ලොකෙ, නානාදිට්ඨී බහුජ්ජනා;
අසඞ්ඛතෙන රිත්තාසෙ, සාරෙන කදලී යථා.
|
273
“එසේම ලෝකයෙහි තීර්ත්ථකයෝද, නා නා දෘෂ්ඨි ගත් බොහෝ දෙනාද නිවණින් හිස්වූවෝම වෙති. හරයෙන් හිස්වූ කෙසෙල්ගස් මෙනි.
|
274
‘‘පච්ඡිමෙ භවසම්පත්තෙ, බ්රහ්මබන්ධු අහොසහං;
මහාභොගං ඡඩ්ඩෙත්වාන, පබ්බජිං අනගාරියං.
|
274
“අන්තිම භවය පැමිණි කල්හි මම බ්රහ්මබන්ධු හෙවත් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙක් වීමි. මහත්වූ භොකස්කන්‍ධය හැර අනගාර්‍ය්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි.
|
275
‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
බ්රාහ්මණො සඤ්චයො
(සඤ්ජයො (සී. ස්‍යා. පී.)) නාම, තස්ස මූලෙ වසාමහං.
|
275
“වේද හදාරන්නාවූ, මන්ත්‍රධරවූ, ත්‍රී වේදයෙහි පරතෙරට ගිය සඤ්ජය නම් බමුණෙක් විය. මම ඔවුන්ගේ සමීපයෙහි වසමි.
|
276
‘‘සාවකො
දුරාසදො උග්ගතෙජො, පිණ්ඩාය චරතී තදා.
|
276
“මහා වීරයන් වහන්ස, අස්සජි නම් බ්‍රාහ්මණ තෙම ඔබ වහන්සේ ගේ ශ්‍රාවකයෙක් විය. එකල්හි ලංවිය නොහැක්කාවූ, උග්රවූ තේජස් ඇති උන්වහන්සේ පිඬු පිණිස හැසිරෙන සේක.
|
277
‘‘තමද්දසාසිං
සන්තචිත්තං මහානාගං, සුඵුල්ලං පදුමං යථා.
|
277
“මැනවින් පිපි පියුමක් වැනිවූ, අති ශ්‍රේෂ්ඨවූ, ශාන්ත සිත් ඇති, සප්‍රාඥවූ, මොන නම්වූ ඥානයෙහි එකඟ සිත් ඇති ඒ ස්ථවිරයන් වහන්සේ දුටුවෙමි.
|
278
‘‘දිස්වා
උසභං පවරං වීරං, අරහායං භවිස්සති.
|
278
“දැක මැනවින් දමනයවූ පිරිසිදු සිත් ඇති ශ්‍රේෂ්ඨවූද, උත්තමවූද, වීරවූද මුන්වහන්සේ රහත් කෙනෙක් වන්නේයයි මා තුළ අදහසක් ඇතිවිය.
|
279
‘‘පාසාදිකො ඉරියති, අභිරූපො සුසංවුතො;
උත්තමෙ දමථෙ දන්තො, අමතදස්සී භවිස්සති.
|
279
“දුටුවන් පහදවන සුළුවූයේ ඉරියව් පවත්වයි. මනා රූ ඇත්තේය. සංවරණය කළ ඉඳුරන් ඇත්තේය. උතුම් දමනයෙන් දැමුනු අමෘත (නිවණ) දක්නා සුළු කෙනෙක් වන්නේය.
|
280
‘‘යංනූනාහං උත්තමත්ථං, පුච්ඡෙය්යං තුට්ඨමානසං;
සො මෙ පුට්ඨො කථෙස්සති, පටිපුච්ඡාමහං තදා.
|
280
“මම සතුටු සිත් ඇති උන්වහන්සේගෙන් (තමන් වහන්සේ පැමිණ සිටින) උතුම් ඵලය ගැන විචාරන්නෙම් නම් ඉතා යෙහෙකි. මා විසින් විචාරණ ලද හෙතෙම (එය) කියන්නේය. එකල්හි මම නැවත විචාරමි.
|
281
‘‘පිණ්ඩපාතං
(පිණ්ඩචාරං (ස්‍යා.)) චරන්තස්ස, පච්ඡතො අගමාසහං;
ඔකාසං පටිමානෙන්තො, පුච්ඡිතුං අමතං පදං.
|
281
“මම අමෘත පදය ගැන විචාරන්නට අවසරයක් බලමින් පිඬු පිණිස හැසිරෙන්නාවූ උන්වහන්සේ පසුපසින් ගියෙමි.
|
282
‘‘වීථින්තරෙ අනුප්පත්තං, උපගන්ත්වාන පුච්ඡහං;
‘කථං ගොත්තොසි ත්වං වීර, කස්ස සිස්සොසි මාරිස’.
|
282
“මම වීථිය තුළට පැමිණි උන්වහන්සේ වෙත එළඹ, “වීරයන් වහන්ස, ඔබ කිනම් ගෝත්‍ර ඇත්තේ වෙහිද? නිදුකාණන් වහන්ස, කවරෙකුගේ ශිෂ්‍යයෙක් වෙහිද?”
|
283
‘‘සො මෙ පුට්ඨො වියාකාසි, අසම්භීතොව කෙසරී;
‘බුද්ධො ලොකෙ සමුප්පන්නො, තස්ස සිස්සොම්හි ආවුසො’.
|
283
“මා විසින් විචාරණ ලද උන්වහන්සේ කේශර සිංහයෙකු මෙන් නිර්භීතව මෙසේ ප්‍රකාශ කළ සේක. “බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේකි. ඇවැත්නි, මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි” යි කියායි.
|
284
‘‘‘කීදිසං
බුද්ධස්ස සාසනං ධම්මං, සාධු මෙ කථයස්සු භො’.
|
284
“අනුජාත බුද්ධ පුත්‍රයාණෙනි, මනස් ඇත්තාණෙනි, මහා වීරයාණෙනි, ඔබගේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මය කෙබඳුද? පින්වත, මට ඒ යහපත්වූ ශාසනය පවසනු මැනව.”
|
285
‘‘සො මෙ පුට්ඨො කථී සබ්බං, ගම්භීරං නිපුණං පදං;
තණ්හාසල්ලස්ස හන්තාරං, සබ්බදුක්ඛාපනූදනං.
|
285
“මා විසින් විචාරණ ලද හෙතෙම ගැඹුරුවූ, සියුම්වූ, තෘෂ්ණා නමැති හුල නැතිකරන්නාවූ, සියලු දුක් නැතිකරන්නාවූ අමෘත පද නම් ධර්මය මෙසේ පැවසීය.
|
286
‘‘‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ;
තෙසඤ්ච යො නිරොධො, එවං වාදී මහාසමණො’.
|
286
“හේතු ප්‍රභවවූ හෙවත් හේතූන් නිසා ඇතිවන්නාවූ, යම් ඒ ධර්ම කෙනෙක් ඇත්නම් එම (ඵල) ධර්මද, එකී ඵල ධර්මයන්ගේ ඇතිවීම වන්නාවූ හේතු ධර්මද, තථාගතයන් වහන්සේ වදාළහ. (එසේම උන්වහන්සේ) මෙකී හේතු ධර්මයන්ගේ වැළැක්ම (නිරෝධය) ද, හේතු නිරෝධයෙන් ඇති වන්නාවූ ඵල නිරෝධයද වදාළ සේක. මහා ශ්‍රමණවූ බුදුරජාණන් වහන්සේ මෙබඳු කථා ඇති සේක යනුයි.
|
287
‘‘සොහං විස්සජ්ජිතෙ පඤ්හෙ, පඨමං ඵලමජ්ඣගං;
විරජො විමලො ආසිං, සුත්වාන ජිනසාසනං.
|
287
“ඒ මම ප්රශ්නය (මෙසේ) විසඳූ කල්හි ප්‍රථම ඵලයට හෙවත් සෝවාන් ඵලයට පත්වීමි. (එම) බුද්ධානුශාසනය අසා කෙලෙස් රජස් රහිතවූ නිර්මල කෙනෙක් වීමි.
|
288
‘‘සුත්වාන
පරියොගාළ්හසද්ධම්මො, ඉමං ගාථමභාසහං.
|
288
“(අස්සජි) තෙරුන්ගේ වචනය අසා උත්තමවූ ධර්මය (ආර්‍ය්‍ය මාර්ගයෙන්) දැක බැසගන්නාලද බුදුසසුන් ඇත්තෝ මම මේ ගාථාව කීමි.
|
289
‘‘‘එසෙව
අදිට්ඨං අබ්භතීතං, බහුකෙහි කප්පනහුතෙහි’.
|
289
“ධර්මය මෙයය. ඉදින් මෙයට වඩා උසස් ධර්මයක් නැත. නිර්වාණ පදය (ඔබ) ප්‍රතිවේධ කළෙහිය. බොහෝවූ කල්ප නහුත ගණනක් ඉක්මවන ලද නමුත් නොදක්නා ලදී.
|
290
‘‘ස්වාහං ධම්මං ගවෙසන්තො, කුතිත්ථෙ සඤ්චරිං අහං;
සො මෙ අත්ථො අනුප්පත්තො, කාලො මෙ නප්පමජ්ජිතුං.
|
290
“ඒ මම ධර්මය සොයන්නේ දහම් නැති තැන්වල හැසුරුණෙමි. ඛේදයකි. මාගේ ඒ අර්ත්ථය සම්පූර්ණ විය. මට පමා නොවන්නට කාලයයි.
|
291
‘‘තොසිතොහං
සහායකං ගවෙසන්තො, අස්සමං අගමාසහං.
|
291
“අස්සජි තෙරුන් විසින් සතුටු කරණ ලද මම නිශ්චලවූ අමෘත පදයට (සෝවාන් ඵලයට) පැමිණ මිත්‍රයා (කෝලිත) සොයමින් අසපුවට ගියෙමි.
|
292
‘‘දූරතොව මමං දිස්වා, සහායො මෙ සුසික්ඛිතො;
ඉරියාපථසම්පන්නො
(ඉරියාපථං මමං දිස්වා (ක.)), ඉදං වචනමබ්රවි.
|
292
“මාගේ මනාව හික්මුනාවූ මිත්‍ර තෙමේ දුරදීම සන්හුන් ඉරියව්වලින් මා දැක මෙම වචනය කිය.
|
293
‘‘‘පසන්නමුඛනෙත්තොසි, මුනිභාවොව දිස්සති;
අමතාධිගතො කච්චි, නිබ්බානමච්චුතං පදං.
|
293
“(ඔබ) පහන්වූ මුහුණ හා නෙත් ඇත්තෙහිය. භික්ෂුවකගේ ස්වභාවය මෙන් පෙනේ. කිම අමෘතය (නිවණ) අවබෝධ කළෙහිද? අච්‍යුත නම් නිර්වාණ පදය අධිගම කෙළෙහිද?
|
294
‘‘‘සුභානුරූපො ආයාසි, ආනෙඤ්ජකාරිතො විය;
දන්තොව දන්තදමථො
(දන්තොවුත්තමදමථො (සී.) දන්තොව දන්ත දමථෙ (ස්‍යා.)), උපසන්තොසි බ්‍රාහ්මණ.
|
294
“(ඔබ) පහන් පැහැයට සුදුසුව පැමිණෙන්නෙහිය. (හෙණ්ඩු) ආදියෙන් නිශ්චල බවට පත්කළ ඇතෙකු මෙනි. මනාව හික්මුණු කෙනෙකු මෙනි. බ්‍රාහ්මණය, (ඔබ) ශික්ෂිත ශික්ෂා ඇත්තේ සන්සිඳුනේ වෙහිද?
|
295
‘‘‘අමතං මයාධිගතං, සොකසල්ලාපනූදනං;
ත්වම්පි තං අධිගච්ඡෙසි
(අධිගච්ඡාහි (සී.), අධිගච්ඡෙහි (ස්‍යා.), අධිගතොසි (?)), ගච්ඡාම බුද්ධසන්තිකං’.
|
295
“ශෝකය නමැති හුල දුරු කරන්නාවූ (ඇද දවන්නාවූ) අමෘතය (නිර්වාණය) මා විසින් අවබෝධ කර ගන්නා ලදී. ඔබද එය අවබෝධ කර ගනුව. (අපි) බුදුරජාණන් වහන්සේගේ සමීපයට යමු.”
|
296
‘‘සාධූති සො පටිස්සුත්වා, සහායො මෙ සුසික්ඛිතො;
හත්ථෙන හත්ථං ගණ්හිත්වා, උපගම්ම
(උපාගමි (සී.), උපාගම්ම (ස්‍යා.)) තවන්තිකං.
|
296
“මාගේ හික්මුණාවූ ඒ යහළු තෙමේ මැනවයි පිළිවදන් දී, අතින් අත ගෙන ඔබ වහන්සේගේ සමීපයට පැමිණියෙමි.
|
297
‘‘උභොපි පබ්බජිස්සාම, සක්‍යපුත්ත තවන්තිකෙ;
තව සාසනමාගම්ම, විහරාම අනාසවා.
|
297
“ශාක්‍ය පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේගේ සමීපයෙහි දෙදෙනම පැවිදි වන්නෙමු. ඔබ වහන්සේගේ සසුන නිසා ආශ්‍රව රහිතව වසමු.
|
298
‘‘කොලිතො
උභොව එකතො හුත්වා, සාසනං සොභයාමසෙ.
|
298
“කෝලිත තෙමේ ඎද්ධි දැක්වීමෙන් ශ්‍රේෂ්ඨය. මම ප්‍රඥාවගේ පරතෙරෙට ගියෙමි. දෙදෙනම එක්ව සසුන හොබවමි.
|
299
‘‘අපරියොසිතසඞ්කප්පො
තව දස්සනමාගම්ම, සඞ්කප්පො පූරිතො මම.
|
299
“අවසන් නොවූ බලාපොරොත්තු ඇත්තේ නොයා යුතු මගෙහි හැසුරුණෙමි. ඔබ වහන්සේගේ දැකීම නිසා මාගේ බලාපොරොත්තුව සම්පූර්ණ විය.
|
300
‘‘පථවියං පතිට්ඨාය, පුප්ඵන්ති සමයෙ දුමා;
දිබ්බගන්ධා සම්පවන්ති, තොසෙන්ති සබ්බපාණිනං.
|
300
“පොළොවෙහි පිහිටි වෘක්ෂයෝ (හෙමන්ත) කාලයෙහි පිපෙත්. සියලු ප්‍රාණීන් සතුටු කරත්. දිව සුවඳ හමත්.
|
301
‘‘තථෙවාහං මහාවීර, සක්‍යපුත්ත මහායස;
සාසනෙ තෙ පතිට්ඨාය, සමයෙසාමි පුප්ඵිතුං.
|
301
“මහා වීරයන් වහන්ස, ශාක්‍ය පුත්‍රයන් වහන්ස, මහ යසස් ඇත්තාණන් වහන්ස, (එසේම) ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා (රහත් මග නුවණින්) පිපෙන්නට සුදුසු කාලය සොයමි.
|
302
‘‘විමුත්තිපුප්ඵං
විමුත්තිපුප්ඵලාභෙන, තොසෙමි සබ්බපාණිනං.
|
302
“සංසාරයෙන් මුදවන්නාවූ විමුක්තිය නමැති පුෂ්පය සොයන්නේ (දැන්) එම විමුක්ති පුෂ්ප ලාභයෙන් සියලු සත්ත්වයන් සතුටු කරමි.
|
303
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, ඨපෙත්වාන මහාමුනිං;
පඤ්ඤාය සදිසො නත්ථි, තව පුත්තස්ස චක්ඛුම.
|
303
“පසැස් ඇතියාණන් වහන්ස, බුද්ධ ක්ෂෙත්රය යම් පමණ වේනම් ඒ සියළු තන්හි (කෝටි ලක්ෂයක් සක්වළ) සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ හැර ප්‍රඥාවෙන් ඔබ වහන්සේගේ පුත්‍රයාට (ශාරීපුත්‍රයන්ට) සමාන කෙනෙක් නැත.
|
304
‘‘සුවිනීතා ච තෙ සිස්සා, පරිසා ච සුසික්ඛිතා;
උත්තමෙ දමථෙ දන්තා, පරිවාරෙන්ති තං සදා.
|
304
“ඔහුගේ ශිෂ්‍යයෝද සුවිනීතයෝය. පිරිසිඳ මැනවින් හික්මුණේය. උතුම් ශික්ෂාවෙහි දමනයවූවෝ හැමකල්හි හේ (ඒ ශාරීපුත්‍ර) පිරිවරත්.
|
305
‘‘ඣායී
මුනී මොනෙය්යසම්පන්නා, පරිවාරෙන්ති තං සදා.
|
305
“ධ්‍යාන කරණ සුළුවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ, ධ්‍රෛ්‍යවත්වූ, ශාන්ත සිත් ඇති, සන්සුන්වූ, නැණවත් (මොන නම්වූ නුවණින්) යුත් භික්ෂූහු හැමකල්හි හේ පිරිවරත්.
|
306
‘‘අප්පිච්ඡා නිපකා ධීරා, අප්පාහාරා අලොලුපා;
ලාභාලාභෙන සන්තුට්ඨා, පරිවාරෙන්ති තං සදා.
|
306
“අල්පෙච්ඡවූ, ප්‍රාඥවූ, ධ්රෛ්යයවත්වූ, ස්වල්පාහාර ගන්නාවූ, ලොල් නොවූ, ලාභ අලාභ දෙකෙහි සමව සතුටු වන්නාවූ, (භික්ෂූහු) හේ පිරිවරත්.
|
307
‘‘ආරඤ්ඤිකා ධුතරතා, ඣායිනො ලූඛචීවරා;
විවෙකාභිරතා ධීරා, පරිවාරෙන්ති තං සදා.
|
307
“අරණෙහි වසන්නාවූ (ආරණ්‍යක ධූතාඞ්ගධාරීවූ) ධ්‍යාන කරන්නාවූ, රූක්ෂ චීවරධාරී (ගොරෝසු සිව්රු දරන්නාවූ) විවේකයෙහි ඇළුනාවූ, ධ්‍රෛ්‍යවත්වූ (භික්ෂූහු) හැමකල්හි හේ පිරිවරත්.
|
308
‘‘පටිපන්නා
ආසීසකා
(ආසිංසකා (සී. ස්‍යා.)) උත්තමත්ථං, පරිවාරෙන්ති තං සදා.
|
308
“පිළිපන් සිව්මග ඇති, සතර ඵලයෙහි පිහිටියාවූ, සෙසු ඵල තුනින්ද යුත් මේ සීමිත ශෛක්ෂයෝ නිවණ බලාපොරොත්තුවන්නාවූ හේ හැමකල්හි පිරිවරත්.
|
309
‘‘සොතාපන්නා ච විමලා, සකදාගාමිනො ච යෙ;
අනාගාමී ච අරහා, පරිවාරෙන්ති තං සදා.
|
309
“යම් පිරිසිදුවූ සෝතාපන්න මාර්ග පලයනට පැමිණියේද, සකෘදාගාමීහුද, අනාගාමීහුද, රහත්හුද වෙත්නම් ඔවුහු හැමකල්හි හේ පිරිවරත්.
|
310
‘‘සතිපට්ඨානකුසලා, බොජ්ඣඞ්ගභාවනාරතා;
සාවකා තෙ බහූ සබ්බෙ, පරිවාරෙන්ති තං සදා.
|
310
“(සතර) සතිපට්ඨානයන්හි දක්‍ෂවූවෝද (සප්ත) බොද්ධ්යඞ්ග භාවනාවෙහි ඇළුනෝද, බොහෝවූ ඒ සියලු ශ්‍රාවකයෝ හැමකල්හි හේ පිරිවරත්.
|
311
‘‘ඉද්ධිපාදෙසු කුසලා, සමාධිභාවනාරතා;
සම්මප්පධානානුයුත්තා, පරිවාරෙන්ති තං සදා.
|
311
“(සතර වැදෑරුම්වූ) ඎද්ධිපාදයන්හි දක්‍ෂවූවෝද, සමාධි භාවනාවෙහි ඇළුනෝද, (සතර) සම්‍යක් ප්‍රධානයෙහි යෙදුනෝද හේ හැමකල්හි පිරිවරත්.
|
312
‘‘තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච, ඉද්ධියා පාරමිං ගතා;
පඤ්ඤාය පාරමිං පත්තා, පරිවාරෙන්ති තං සදා.
|
312
“ත්‍රිවිද්‍යා ඇත්තෝද, ෂඩභිඥා ඇත්තෝද, ඎද්ධියෙන් හා ප්‍රඥාවෙන් පරතෙරට ගියෝද හේ හැමකල්හි පිරිවරත්.
|
313
‘‘එදිසා තෙ මහාවීර, තව සිස්සා සුසික්ඛිතා;
දුරාසදා උග්ගතෙජා, පරිවාරෙන්ති තං සදා.
|
313
“මහා වීරවූ බුදුරජාණන් වහන්ස, මැනවින් හික්මුණාවූ, ලංවිය නොහැක්කාවූ, උග්රවූ තේජස් ඇති ඒ මෙබඳුවූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ හේ හැමකල්හි පිරිවරත්.
|
314
‘‘තෙහි සිස්සෙහි පරිවුතො, සඤ්ඤතෙහි තපස්සිභි;
මිගරාජාවසම්භීතො, උළුරාජාව සොභසි.
|
314
“සංයතවූ, කෙළෙස් තවන ගුණ ඇති යම් ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ සිංහයෙකු මෙන් නිර්භීත වෙහිය. චන්ද්‍රයා මෙන් බැබලෙහිය.
|
315
‘‘පථවියං පතිට්ඨාය, රුහන්ති ධරණීරුහා;
වෙපුල්ලතං පාපුණන්ති, ඵලඤ්ච දස්සයන්ති තෙ.
|
315
“වෘක්ෂයෝ පොළොවෙහි පිහිටා උඩට නැගෙත්. (වැඩෙත්) මහත් බවටද පැමිණෙත්. ඒ වෘක්ෂයෝ පලද දක්වත්. (පල දරත්.)
|
316
‘‘පථවීසදිසො
සාසනෙ තෙ පතිට්ඨාය, ලභන්ති අමතං ඵලං.
|
316
“(එසේම) ශාක්‍ය පුත්‍රයන් වහන්ස, මහා යසස් ඇත්තාණන් වහන්ස, ඔබ පොළොව මෙන් වෙහිය. ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා ඒ උතුමෝ අමෘත ඵලය හෙවත් නිවණ ලබත්.
|
317
‘‘සින්ධු සරස්සතී චෙව, නදියො චන්දභාගිකා;
ගඞ්ගා ච යමුනා චෙව, සරභූ ච අථො මහී.
|
317
“සින්ධුය, සරස්වතීය, චන්‍ද්‍රභාගීය, ගංගාය, යමුනාය, සරභූය, මහීය යන මේ ගංගාවෝ වෙත්ද, ගලා බස්නාවූ මේ ගංගාවන් සාගරය පිළිගනී. (සයුරට වැටීමෙන් පසු) එම ගංගාවෝ පළමු නම් අත්හරිත්. සාගරයම ලෙස ප්‍රකට වේ.
|
318
‘‘එතාසං
ජහන්ති පුරිමං නාමං, සාගරොතෙව ඤායති.
|
318 |
319
‘‘තථෙවිමෙ
ජහන්ති පුරිමං නාමං, බුද්ධපුත්තාති ඤායරෙ.
|
319
“එසේම චතුර් වර්ණයටම අයත්වූවෝ (ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂුද්රයෝ) ඔබ වහන්සේගේ සමිපයෙහි පැවිදිව පළමු නම් හරිත්. බුද්ධපුත්රයෝයයි ප්‍රකට වෙත්.
|
320
‘‘යථාපි චන්දො විමලො, ගච්ඡං ආකාසධාතුයා;
සබ්බෙ තාරගණෙ ලොකෙ, ආභාය අතිරොචති.
|
320
“යම් සේ අහසෙහි ගමන් කරන්නාවූ නිර්මලවූ චන්ද්‍රයා සියළු තාරකා සමූහය (ස්වකිය) ප්‍රභාවෙන් මැඩ ලෝකයෙහි අතිශයින් බබළාද,
|
321
‘‘තථෙව ත්වං මහාවීර, පරිවුතො දෙවමානුසෙ;
එතෙ සබ්බෙ අතික්කම්ම, ජලසි සබ්බදා තුවං.
|
321
“එසේම මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ දෙවි මිනිසුන් පිරිවරණ ලදුයේ මේ සියලු දෙන ඉක්මවා හැමකල්හි ඔබ වහන්සේම බබලන්නෙහිය.
|
322
‘‘ගම්භීරෙ උට්ඨිතා ඌමී, න වෙලමතිවත්තරෙ;
සබ්බා වෙලංව ඵුසන්ති
(සබ්බාව වෙලං ඵුසන්ති (සී.), සබ්බා වෙලං පඵුස්සන්ති (ස්‍යා.)), සඤ්චුණ්ණා විකිරන්ති තා.
|
322
“ගැඹුරු දියෙහි නැගුනු රැළහු වෙරළ නොඉක්මවත්. ඒ සියලුම රළයෝ වෙරළෙහි හැපෙත්. කැඩීගිය ඒ රළහු විසිරී යත්.
|
323
‘‘තථෙව තිත්ථියා ලොකෙ, නානාදිට්ඨී බහුජ්ජනා;
ධම්මං වාදිතුකාමා තෙ, නාතිවත්තන්ති තං මුනිං.
|
323
“එසේම ලෝකයෙහි නොයෙක් ලබ්ධි ඇති ඒ තීර්ත්ථකවූ බොහෝ දෙනා ධර්මය අසනු කැමැත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ නොඉක්මවත්.
|
324
‘‘සචෙ ච තං පාපුණන්ති, පටිවාදෙහි චක්ඛුම;
තවන්තිකං උපාගන්ත්වා, සඤ්චුණ්ණාව භවන්ති තෙ.
|
324
“පසැස් ඇතියාණන් වහන්ස, ඉදින් ඔවුහු ඒ ලබ්ධි ගෙන විරුද්ධ වාදයෙන් (වාද කිරීමට) පැමිණෙත්ද, ඔවුහු ඔබ වහන්සේගේ සමීපයට පැමිණ සුණු විසුණු වෙත්.
|
325
‘‘යථාපි උදකෙ ජාතා, කුමුදා මන්දාලකා බහූ;
උපලිම්පන්ති
(උපලිප්පන්ති (?)) තොයෙන, කද්දමකලලෙන ච.
|
325
“මහමඩ කරණකොට ගෙන දියෙහි හටගත් කුමුදුද, මන්දුලක නම් පියුම්ද, අනිකුත් බොහෝ ජලජ පුෂ්පයෝද, යම් සේ දිය සමග තැවරී සිටිත් නම්,
|
326
‘‘තථෙව බහුකා සත්තා, ලොකෙ ජාතා විරූහරෙ;
අට්ටිතා රාගදොසෙන, කද්දමෙ කුමුදං යථා.
|
326
“එසේම ලෝකයෙහි උපන්නාවූ බොහෝ සත්ත්වයෝ මඩෙහි කුමුදු මෙන් රාගද්වේෂයින්ගෙන් හටගත් පිළිකුල් ඇත්තාහු උඩට නැගෙත්. (වැඩෙත්.)
|
327
‘‘යථාපි පදුමං ජලජං, ජලමජ්ඣෙ විරූහති;
න සො ලිම්පති තොයෙන, පරිසුද්ධො හි කෙසරී.
|
327
“යම්සේ ජලයෙහි හටගන්නාවූ පියුම් දිය මැද වැඩේද, ඒ පියුම් පිරිසිදු දිය සමග නොගැටේ.
|
328
‘‘තථෙව
නොපලිම්පසි ලොකෙන, තොයෙන පදුමං යථා.
|
328
“එසේම ලොව පහළවූ මහා වීරවූ බුදුරජාණන් වහන්ස, ඔබ පියුමක් මෙන් ලෝකය නමැති ජලයෙහි නොතැවරෙන්නෙහිය.
|
329
‘‘යථාපි රම්මකෙ මාසෙ, බහූ පුප්ඵන්ති වාරිජා;
නාතික්කමන්ති තං මාසං, සමයො පුප්ඵනාය සො.
|
329
“යම්සේ ජලජ පුෂ්පයෝ ඉල් මාසයෙහි බෙහෙවින් පිපෙත්ද, ඒ මාසය නොයික්මවත්ද, (එම) මල් පිපීමට ඒ (සුදුසු) කාලය වේද,
|
330
‘‘තථෙව
සාසනං නාතිවත්තන්ති, පදුමං වාරිජං යථා.
|
330
“එසේම ශාක්‍ය පුත්‍රයන් වහන්ස, ඔබ පුබුදුවූයෙහිය. ඔබ වහන්සේගේ ශිෂ්‍යයෝ (අර්හත් ඵල ඥානයෙන්) පුබුදුවූවාහුය. යම්සේ ජලජවූ පියුම් පිපෙන කාලය නොඉක්මවත්ද, (එසේම ඔවුහු) අවවාදානුශාසනය නොඉක්මවත්.
|
331
‘‘සුපුප්ඵිතො සාලරාජා, දිබ්බගන්ධං පවායති;
අඤ්ඤසාලෙහි පරිවුතො, සාලරාජාව සොභති.
|
331
“මැනවින් පිපුණාවූ ශාල වෘක්ෂ රාජයා දිව සුවඳ හමාද, අනික් සල් රුක් විසින් පිරිවරණ ලද ශාල වෘක්ෂ රාජයාම හොබනේ වේද,
|
332
‘‘තථෙව ත්වං මහාවීර, බුද්ධඤාණෙන පුප්ඵිතො;
භික්ඛුසඞ්ඝපරිවුතො, සාලරාජාව සොභසි.
|
332
“එසේම මහා වීරයන් වහන්ස, ඔබ (වහන්සේ) බුදු නැණින් පුබුදුවූයෙහිය. භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ ශාල වෘක්ෂ රාජයෙක් මෙන් හොබනෙහිය.
|
333
‘‘යථාපි සෙලො හිමවා, ඔසධො සබ්බපාණිනං;
නාගානං අසුරානඤ්ච, දෙවතානඤ්ච ආලයො.
|
333
“යම්සේ හිමවත් පර්වතය හැම සතුනට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වේද, නාගයනටද, අසුරයනටද, දේවතාවනටද වාසස්ථාන වේද,
|
334
‘‘තථෙව ත්වං මහාවීර, ඔසධො විය පාණිනං;
තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච, ඉද්ධියා පාරමිං ගතා.
|
334
“එසේ මහා වීරයන් වහන්ස, ඔබ ප්‍රාණීන්ගේ සසර ලෙඩ නැසීමට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වෙහිය. ත්‍රිවිද්‍යා ඇත්තෝද, ෂඩභිඥා ඇත්තෝද, ඎද්ධියෙන් පරතෙරට ගියෝද (ඔබ වහන්සේ ඇසුරු කරන්නේ)
|
335
‘‘අනුසිට්ඨා මහාවීර, තයා කාරුණිකෙන තෙ;
රමන්ති ධම්මරතියා, වසන්ති තව සාසනෙ.
|
335
“මහා වීරයන් වහන්ස, කාරුණීකවූ ඔබ වහන්සේ විසින් අනුශාසනා කරණ ලද ඔවුහු ධර්‍මරතියෙන් (එසේ ඇලී) ඔබ වහන්සේගේ සසුනෙහි වෙසෙත්.
|
336
‘‘මිගරාජා යථා සීහො, අභිනික්ඛම්ම ආසයා;
චතුද්දිසානුවිලොකෙත්වා
(විලොකෙත්වා (සී. ස්‍යා.), නුලොකෙත්වා (ක.)), තික්ඛත්තුං අභිනාදති.
|
336
“යම් සේ කේශර සිංහයෙක් ගුහාවෙන් නික්ම සිව් දෙස බලා තෙවරක් සිංහ නාද කෙරේද,
|
337
‘‘සබ්බෙ මිගා උත්තසන්ති, මිගරාජස්ස ගජ්ජතො;
තථා හි ජාතිමා එසො, පසූ තාසෙති සබ්බදා.
|
337
“කේශර සිංහයාගේ ගර්ජනයෙන් සියලු සිව්පාවෝ තැතිගනිත්. ඒ එසේමය. ජාතිමත්වූ සිංහ තෙමේ හැම කල්හි සිව්පාවුන් තැතිගන්වයි.
|
338
‘‘ගජ්ජතො
බොධනෙය්යාවබුජ්ඣන්ති, තසන්ති මාරකායිකා.
|
338
“මහා වීරයන් වහන්ස, ගර්ජනා කරන්නාවූ ඔබ වහන්සේගේ නාදය පෘථිවිය කම්පා කරයි. (ඉන්) අවබෝධයට සුදුස්සෝ (ධර්මය) අවබෝධ කෙරෙත්. මාර පාක්ෂිකයෝ බිය වෙත්.
|
339
‘‘තසන්ති තිත්ථියා සබ්බෙ, නදතො තෙ මහාමුනි;
කාකා සෙනාව විබ්භන්තා, මිගරඤ්ඤා යථා මිගා.
|
339
“මහා මුනීන් වහන්ස, නාදකරන්නාවූ (දහම් දෙසන) ඔබ වහන්සේගේ (නාදයෙන්) සියළු තීර්ත්ථකයෝ බිය වෙත්. (ඒ තීර්ථකයෝ) කවුඩු රැළක් මෙන් බිය වූවාහු කේශර සිංහයා කෙරෙන් පළායන සිවුපාවුන් මෙන් වෙත්.
|
340
‘‘යෙ කෙචි ගණිනො ලොකෙ, සත්ථාරොති පවුච්චරෙ;
පරම්පරාගතං ධම්මං, දෙසෙන්ති පරිසාය තෙ.
|
340
“ගණ ප්‍රධාන කෙනෙක් ලෙව්හි (කිසිවෙකුට) ශාස්තෘයයි කියත්ද, ඔවුහු පිරිසට (ඒ ශාස්තෘවරයාගෙන් පිළිවෙළින් ආ) පරම්පරාගතවූ ධර්මය දේශනා කරත්.
|
341
‘‘න හෙවං ත්වං මහාවීර, ධම්මං දෙසෙසි පාණිනං;
සාමං සච්චානි බුජ්ඣිත්වා, කෙවලං බොධිපක්ඛියං.
|
341
“මහා වීරයන් වහන්ස, ඔබ සත්ත්වයනට එසේ ධර්ම දේශනා නොකෙරෙහිය. හුදෙක් බෝධි පාක්ෂීකවූ සත්‍යයන් තෙමේම අවබෝධකොට ගෙන,
|
342
‘‘ආසයානුසයං ඤත්වා, ඉන්ද්රියානං බලාබලං;
භබ්බාභබ්බෙ විදිත්වාන, මහාමෙඝොව ගජ්ජසි.
|
342
“(සත්ත්වයන්ගේ) අජ්ඣාසය හෙවත් චරියාවන්ද, ථාවරගතවූත් මහත්බවට ගිය කෙළෙස්දැයි යන මේ අසයානුසයන්ද (ශ්‍රද්ධාදී) ඉන්ද්රියයන්ගේ බල දුබල බවද (ධර්මාවබෝධයට) (සමත් අසමත්) පුඟුලන්ද දැන (සර්වඥයන් වහන්ස, ඔබ වහන්සේ) චාතුර්ද්වීපික මහා මේඝයක් (සිව් දිගටම වසින්නාවූ මහ වැහි වළාවක්) මෙන් (ධර්ම දේශනා නමැති සිංහ නාදයෙන්) ගර්ජනා කෙරෙහිය.
|
343
‘‘චක්කවාළපරියන්තා
නානාදිට්ඨී විචිනන්තා
(විචින්තෙන්ති (ස්‍යා.), විචිනන්තං (ක.)), විමතිච්ඡෙදනාය තං.
|
343
“සක්වල ගැබ කෙළවරකොට නා නා ලබ්ධීන්ට ගැතිව සිතන්නාවූ (පිරී) හුන් පිරිස් වන්නීය. සැක දුරු කිරීම පිණිස ඒ සියලු දෙනාගේ සිත් (මේ මේයයි) දැන (සුදුසු) උපමා කීමෙහි සමත්, බුදුරජාණන් වහන්ස, (ඔබ වහන්සේ) එකම ප්රශ්වාසයක් (විසඳා) කියමින්ම (සක්වල ගැබ පුරා සිටි) ප්‍රාණීන්ගේ සැක දුරු කෙරෙහිය.
|
344
‘‘සබ්බෙසං
එකං පඤ්හං කථෙන්තොව, විමතිං ඡින්දසි
(ඡින්දි (ස්‍යා. ක.)) පාණිනං.
|
344 |
345
‘‘උපතිස්සසදිසෙහෙව, වසුධා පූරිතා භවෙ;
සබ්බෙව තෙ පඤ්ජලිකා, කිත්තයුං ලොකනායකං.
|
345
“(දිය වසා ඒ මතුපිට වැතිර සිටි) සෙවෙල් මෙන් වූ (පොළොව මතුපිට වැතිර සිටි) මිනිසුන්ගෙන් පෘථිවි තොමෝ පිරී ගියා වන්නීය. ඒ සියල්ලෝ බැඳැඳිලි ඇත්තාහු ලෝක නායකවූ ඒ බුදුරදුන් ගුණ කීවාහුය.
|
346
‘‘කප්පං වා තෙ කිත්තයන්තා, නානාවණ්ණෙහි කිත්තයුං;
පරිමෙතුං න සක්කෙය්යුං
(න කප්පෙය්යුං (ස්‍යා.), න පප්පෙය්යුං (ක.)), අප්පමෙය්යො තථාගතො.
|
346
“ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ කපක් මුළුල්ලෙහිද නා නා ප්‍රකාර ලෙස ගුණ කියන්නාහු නමුදු (එම ගුණ) පමණ කරන්ට නොහැක්කාහුය. තථාගතවරයෝ අපමණ ගුණ ඇත්තාහුය.
|
347
‘‘යථාසකෙන
කප්පකොටීපි කිත්තෙන්තා, එවමෙව පකිත්තයුං.
|
347
“ස්වකීය ශක්තිය පරිදි මා විසින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරණ ලදී. කෝටි සංඛ්‍යාත කාලයක් මුළුල්ලෙහි (එසේම) ගුණ කීර්තණය කළාහුය.
|
348
‘‘සචෙ
පමෙතුං පරිකප්පෙය්ය, විඝාතංව ලභෙය්ය සො.
|
348
“ඉදින් මනාව හික්මුණාවූ කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ (එම ගුණ) (මහ සමුදුරෙහි) පිරුණ ජලය අවසන් කිරීමට මනින්ට සිතන්නේ නම් හෙතෙම වෙහෙසෙටම පැමිණෙන්නේය.
|
349
‘‘සාසනෙ තෙ පතිට්ඨාය, සක්‍යපුත්ත මහායස;
පඤ්ඤාය පාරමිං ගන්ත්වා, විහරාමි අනාසවො.
|
349
“මහා යසස් ඇත්තාණන් වහන්ස, ශාක්‍ය පුත්‍රයන් වහන්ස, (මම) ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් ආශ්‍රව රහිතව වෙසෙමි.
|
350
‘‘තිත්ථියෙ සම්පමද්දාමි, වත්තෙමි ජිනසාසනං;
ධම්මසෙනාපති අජ්ජ, සක්යපුත්තස්ස සාසනෙ.
|
350
“තීර්ථකයන් මඩිමි. බුදු සසුන පවත්වමි. අද ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්ම සේනාපති වෙමි.
|
351
‘‘අපරිමෙය්යෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුඛිත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයී මම
(ඣාපයිං මම (ස්‍යා.), ඣාපයිං අහං (ක.)).
|
351
“මා විසින් අපමණ කලක් මුළුල්ලෙහි කරණ ලද කර්ම පලය මෙහිදී දැක්වීය. මැනවින් විද හරණා ලද ඊ පහරක් මෙන් මම කෙළෙස් දැවීමි.
|
352
‘‘යො කොචි මනුජො භාරං, ධාරෙය්ය මත්ථකෙ සදා;
භාරෙන දුක්ඛිතො අස්ස, භාරෙහි භරිතො තථා.
|
352
“යම්කිසි මිනිසෙක් තෙම හැම කල්හි හිසින් බරක් දරන්නේ නම් (එම) බර කරණකොටගෙන දුකින් පෙළුණෙක් වන්නේය. (එසේම) බරින් බරට පත්වූවෙක්ද වෙයි.
|
353
‘‘ඩය්හමානො තීහග්ගීහි, භවෙසු සංසරිං අහං;
භරිතො භවභාරෙන, ගිරිං උච්චාරිතො යථා.
|
353
“මම ත්‍රිවිධාග්නියෙන් (රාග, දෝෂ, මෝහ) දැවෙමින් සසරෙහි හැසුරුණෙමි. මහමෙර (හිසමත) ඔසවා තබන ලද කල්හි මෙන් භව බරින් බර වූයේ වෙමි.
|
354
‘‘ඔරොපිතො ච මෙ භාරො, භවා උග්ඝාටිතා මයා;
කරණීයං කතං සබ්බං, සක්යපුත්තස්ස සාසනෙ.
|
354
“මා විසින් මාගේ (ඒ භව) බර තබන ලදී. සියලු (භව) භවයෝ විධ්වංසනය කරණ ලදහ. ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සියලු කටයුතු කරණ ලදි.
|
355
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, ඨපෙත්වා සක්යපුඞ්ගවං;
අහං අග්ගොම්හි පඤ්ඤාය, සදිසො මෙ න විජ්ජති.
|
355
“සම්පූර්ණ බුද්ධක්ෂෙත්රයෙහි බුදුරජාණන් වහන්සේ හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමාන කෙනෙක් නොපෙනේ.
|
356
‘‘සමාධිම්හි
ඉච්ඡමානො චහං අජ්ජ, සහස්සං අභිනිම්මිනෙ.
|
356
“සමාධියෙහි අතිශයින් දක්ෂ වෙමි. ඎද්ධියෙහි පරතෙරෙට ගියේ වෙමි. මම අද කැමති වන්නේ නම් දහසක් මවන්නෙමි.
|
357
‘‘අනුපුබ්බවිහාරස්ස
කථෙසි සාසනං මය්හං, නිරොධො සයනං මම.
|
357
“අනුපූර්ව විහාරයට වසඟවූ සර්වඥයෝ මට සසුන වදාළහ. මාගේ සැතපීම (නම්) නිරෝධය (නිරෝධ සමාපත්තියට සමවැදීම) යි.
|
358
‘‘දිබ්බචක්ඛු
සම්මප්පධානානුයුත්තො, බොජ්ඣඞ්ගභාවනාරතො.
|
358
“මාගේ දිවැස පිරිසිදුය. මම සමාධියෙහි දක්ෂ වෙමි. සමාධී ප්‍රධානයෙහි යෙදුනේ, බොධ්‍යඞ්ග භාවනාවෙහි ඇළුනේද වෙමි.
|
359
‘‘සාවකෙන හි පත්තබ්බං, සබ්බමෙව කතං මයා;
ලොකනාථං ඨපෙත්වාන, සදිසො මෙ න විජ්ජති.
|
359
“ශ්‍රාවකයෙකු විසින් කළයුතු සියල්ලක් මා විසින් කරණ ලදී. බුදුරජාණන් වහන්සේ හැර මට සමාන (අනික්) කෙනෙක් විද්‍යමාන නොවේ.
|
360
‘‘සමාපත්තීනං කුසලො
(සමාපත්තිනයකුසලො (සී.)), ඣානවිමොක්ඛාන ඛිප්පපටිලාභී;
බොජ්ඣඞ්ගභාවනාරතො, සාවකගුණපාරමිගතොස්මි.
|
360
“සමාපත්ති ක්රමයන්හි දක්ෂවූයේ (ලෞකීක) ධ්‍යානයන්ටද, (ලෝකෝත්තරවූ) විමොක්ෂයන්ටද, ශීඝ්‍රව සමවදින්නේ, බොද්ධ්යඞ්ග භාවනාවෙහි ඇළුනේ ශ්‍රාවක ගුණයන්ගේ පරතෙරෙට ගියේ වෙමි.
|
361
‘‘සාවකගුණෙනපි
යං සද්ධාසඞ්ගහිතං
(සද්ධාය සඞ්ගහිතං (සී.), සද්දාසඞ්ගහිතං (ස්‍යා.)) චිත්තං, සදා සබ්රහ්මචාරීසු.
|
361
“පහස්නා (ලබන) ලද ශ්‍රාවක ගුණයෙන්ද (පරිසුත්තමභාරවාද) බුද්ධියෙන්ද, ශ්‍රද්ධාවෙන්ද යුත් සිත හැම කල්හිම බ්‍රහ්මචාරීන් කෙරෙහි ඇත්තේ වෙමි.
|
362
‘‘උද්ධතවිසොව සප්පො, ඡින්නවිසාණොව උසභො;
නික්ඛිත්තමානදප්පොව
(දබ්බොව (ක.)), උපෙමි ගරුගාරවෙන ගණං.
|
362
“උදුරා හළ විෂ (දළ) ඇති සර්පයෙක් මෙන්ද, කැඩුණු අං ඇති ගවයෙකු මෙන්ද, බැහැරකළ (ගෝත්‍ර මදාදී) මාන දර්ප ඇත්තේ සංඝයාවෙත ආදර බහුමානයෙන් එළඹෙමි.
|
363
‘‘යදි රූපිනී භවෙය්ය, පඤ්ඤා මෙ වසුමතීපි
(වසුමතී (සී. ක.) වසුපතීනං (ස්‍යා.)) න සමෙය්ය;
අනොමදස්සිස්ස
(අනොමදස්සි (?)) භගවතො, ඵලමෙතං ඤාණථවනාය.
|
363
“ඉදින් මාගේ ප්‍රඥා තොමෝ මූර්තිමත් වන්නී නම් මහපොළොව සම නොවන්නීය. අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නුවණට පැසසීමේ මේ ඵලයයි.
|
364
‘‘පවත්තිතං ධම්මචක්කං, සක්යපුත්තෙන තාදිනා;
අනුවත්තෙමහං සම්මා, ඤාණථවනායිදං ඵලං.
|
364
“තාදී ගුණ ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මචක්රය මම මැනවින් ඒ අනුව පවත්වමි. (අනවමදර්ශී බුදුරජාණන්ගේ) නුවණ පැසසීමේ මේ ඵලයයි.
|
365
‘‘මා මෙ කදාචි පාපිච්ඡො, කුසීතො හීනවීරියො;
අප්පස්සුතො අනාදරො
(අනාචාරො (සබ්බත්ථ) ථෙරගා. 987 පස්සිතබ්බා), සමෙතො අහු කත්ථචි.
|
365
“කිසි කලෙකත් පවිටු බවක්, කුසීත බවක්, පසුබට වීර්‍ය්‍ය ඇති බවක්, අල්ප ශ්‍රුත බවක්, ආචාර විරහිත බවක් මා සමග එක් නොවීය.
|
366
‘‘බහුස්සුතො ච මෙධාවී, සීලෙසු සුසමාහිතො;
චෙතොසමථානුයුත්තො, අපි මුද්ධනි තිට්ඨතු.
|
366
“බහුශ්‍රුත බවද, නුවණැති බවද, සිව් පිරිසිදු කල්හි මැනවින් හික්මුණු බවද, චිත්ත සමථයෙහි යෙදුනු බවද (මාගේ) මස්තකයෙහි (මුදුනෙහි) සිටීවා.
|
367
‘‘තං වො වදාමි භද්දන්තෙ, යාවන්තෙත්ථ සමාගතා;
අප්පිච්ඡා හොථ සන්තුට්ඨා, ඣායී ඣානරතා සදා.
|
367
“මෙහි රැස්වූ පින්වත්නි, තෙපි අල්පෙච්ඡවූවෝද, ලද දෙයින් සතුටු වන්නෝද, ධ්‍යාන ඇත්තෝද, ධ්‍යානයෙහි ඇළුනෝද වව් යන (ඒ වචනය) තොපට කියමි.
|
368
‘‘යමහං
සො මෙ ආචරියො ධීරො, අස්සජි නාම සාවකො.
|
368
“යමෙක් මම පළමුකොට දැන කෙළෙස් රජස් නැති නිර්මල කෙනෙක් වීම්ද ඒ ධෛර්ය්යමත්වු මාගේ ආචාර්ය්ය තෙමේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේය.
|
369
‘‘තස්සාහං වාහසා අජ්ජ, ධම්මසෙනාපතී අහුං;
සබ්බත්ථ පාරමිං පත්වා, විහරාමි අනාසවො.
|
369
“මම උන්වහන්සේගේ බලයෙන් අද ධර්ම සේනාපති වීමි. සියලු ගුණයන්හි පරතෙරට පැමිණියේ ආශ්‍රව රහිතව වෙසෙමි.
|
370
‘‘යො මෙ ආචරියො ආසි, අස්සජි නාම සාවකො;
යස්සං දිසායං වසති, උස්සීසම්හි කරොමහං.
|
370
“යම් අස්සජී නම් ශ්‍රාවකයෙක් තෙම මාගේ ආචාර්ය්ය වීද, උන් වහන්සේ යම් දිසාවක වෙසේ නම් මම ඒ දෙසෙට හිස (දමා විසීම) කරමි.
|
371
‘‘මම කම්මං සරිත්වාන, ගොතමො සක්යපුඞ්ගවො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, අග්ගට්ඨානෙ ඨපෙසි මං.
|
371
“ශාක්‍යසිංහවූ ගෞතම බුදුරජාණන් වහන්සේ මාගේ (කුශල) කර්මය සිහිකොට භික්ෂු සංඝයා මැද හිඳ මා අග්‍ර ශ්‍රාවක ස්ථානයෙහි තැබිය.
|
372
(ඉමා ද්වෙ ගාථායො ස්‍යාමපොත්ථකෙ න සන්ති) කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා.
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
372
“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
373
‘‘ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං
(ඉමා ද්වෙ ගාථාරො ස්‍යාමපොත්ථකෙ න සන්ති).
|
373
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
|
374
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
374
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
|
3-2. මහාමොග්ගල්ලානත්ථෙරඅපදානං | 3-2. මහා මොග්ගල්ලාන ථේරාපදානය |
375
‘‘අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො;
විහාසි හිමවන්තම්හි, දෙවසඞ්ඝපුරක්ඛතො.
|
375
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතෙහි විසීය.
|
376
‘‘වරුණො නාම නාමෙන, නාගරාජා අහං තදා;
කාමරූපී විකුබ්බාමි, මහොදධිනිවාසහං.
|
376
“එකල්හි මම නම්න් වරුණ නම්වූ නාග රාජයෙක්වීමි. කැමති රූපයන් මවන සුළුවූයේ ඎද්ධි විකුර්වණ්ය කරමි. මම සයුරෙහි විසීමි.
|
377
‘‘සඞ්ගණියං
සම්බුද්ධං පරිවාරෙත්වා, වාදෙසුං අච්ඡරා තදා.
|
377
“නිතර සිය පිරිවරවූ ස්වකීය නාග සමූහයා පිරිවරා මම තූර්ය්යයන් වාදනය කරවීමි. එකල්හි නා මෙනෙවියෝ (අනොමදස්සි) බුදුරජාණන් වහන්සේ පිරිවරා වාදනය කළාහුය.
|
378
‘‘වජ්ජමානෙසු
උභින්නං සද්දං සුත්වාන, බුද්ධොපි සම්පබුජ්ඣථ.
|
378
“(මනුෂ්‍ය- නාග) තූර්ය්යන් වාදනය කරනු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝද (දිව්‍ය) තූර්ය්යයන් වාදනය කළාහුය. මේ දෙපිරිස (දෙවි මිනිසුන්ගේ තූර්ය) ශබ්දය අසා බුදුරජාණන් වහන්සේද එය දැනගත් සේක.
|
379
‘‘නිමන්තෙත්වාන සම්බුද්ධං, සකං භවනුපාගමිං;
ආසනං පඤ්ඤපෙත්වාන, කාලමාරොචයිං අහං.
|
379
“බුදුරජාණන් වහන්සේට ආරාධනාකොට ස්වකීය නාග භවනයට එළඹියෙමි. මම අසුන් පනවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.
|
380
‘‘ඛීණාසවසහස්සෙහි, පරිවුතො ලොකනායකො;
ඔභාසෙන්තො දිසා සබ්බා, භවනං මෙ උපාගමි.
|
380
“රහතුන් දහසක් විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ සියළු දිසාවන් බබුළුවන සේක් මාගේ භවනයට එළඹි සේක.
|
381
‘‘උපවිට්ඨං
සභික්ඛුසඞ්ඝං තප්පෙසිං
(සන්තප්පෙසිං (ස්‍යා.), තප්පෙමි (ක.)), අන්නපානෙනහං තදා.
|
381
“එකල්හි මම (එසේ) එළඹියාවූ භික්ෂු සංඝයා සහිතවූ, මහා වීරවූ, දේවාති දේවවූ, නරශ්‍රේෂඨවූ බුදුරජාණන් වහන්සේ ආහාර පානයෙන් සන්තර්පණය කළෙමි.
|
382
‘‘අනුමොදි මහාවීරො, සයම්භූ අග්ගපුග්ගලො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
382
“(සියල්ල) තෙමේම අවබෝධ කළාවූ, මහා වීරවූ, අග්‍ර පුද්ගලවූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ අනුමෝදනාව කළ සේක. මෙම ගාථාවෝද වදාරණ ලදහ.”
|
383
‘‘‘යො සො
(යං සො (ක.)) සඞ්ඝං අපූජෙසි, බුද්ධඤ්ච ලොකනායකං;
තෙන චිත්තප්පසාදෙන, දෙවලොකං ගමිස්සති.
|
383
“යමෙක් තෙම ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේද, සංඝයාද පිදී නම් හෙතෙම එම සිත පැහැදවීම කරණකොට ගෙන දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) යන්නේය.
|
384
‘‘‘සත්තසත්තතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජං කරිස්සති;
පථබ්‍යා රජ්ජං අට්ඨසතං, වසුධං ආවසිස්සති.
|
384
“සත් සැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යයද කරන්නේය. අට සියක් වරෙක පෘථිවි රාජ්‍යයද කරමින් පොළොවෙහි වෙසෙන්නේය.
|
385
‘‘‘පඤ්චපඤ්ඤාසක්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති;
භොගා අසඞ්ඛියා තස්ස, උප්පජ්ජිස්සන්ති තාවදෙ.
|
385
“පස් පණස් වරක් සක්විති රජ වන්නේය. එකෙණෙහි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහුය.
|
386
‘‘‘අපරිමෙය්යෙ
ගොතමො නාම ගොත්තෙන
(නාමෙන (සී.)), සත්ථා ලොකෙ භවිස්සති.
|
386
“මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (එකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි) ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය.
|
387
‘‘‘නිරයා
කොලිතො නාම නාමෙන, බ්රහ්මබන්ධු භවිස්සති.
|
387
“හෙතෙම (වරුණ නාග රාජ තෙම) නිරයෙන් චුතව මිනිසත් බවට (උත්පත්ති වශයෙන්) යන්නේය. කෝලිත නම්වූ බ්‍රාහ්මණයෙක් වන්නේය.
|
388
‘‘‘සො පච්ඡා පබ්බජිත්වාන, කුසලමූලෙන චොදිතො;
ගොතමස්ස භගවතො, දුතියො හෙස්සති සාවකො.
|
388
“හෙතෙම පසුව පැවිදිව කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වීතීය ශ්‍රාවක වන්නේය.
|
389
‘‘‘ආරද්ධවීරියො පහිතත්තො, ඉද්ධියා පාරමිං ගතො;
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො’.
|
389
“පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, නිවණට මෙහෙයූ සිත් ඇත්තේ, ඎද්ධියෙහි කෙළ පැමිණියේ, සියලු ආශ්‍රව ධර්මයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව (ක්ලේශ පරිනිර්වාණයෙන්) පිරිනිවන් පාන්නේය.”
|
390
‘‘පාපමිත්තොපනිස්සාය, කාමරාගවසං ගතො;
මාතරං පිතරඤ්චාපි, ඝාතයිං දුට්ඨමානසො.
|
390
“පාප මිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව් පියන්ද නැසීමි.
|
391
‘‘යං
පාපකම්මසමඞ්ගිතා, භින්නසීසො මරාමහං.
|
391
“මම නිරෙයෙහි හෝ, නැතහොත් මිනිසුන් අතරෙහි හෝ, යම් යම් යෝනියක උපදිම් නම් (එකී) පාප කර්මය හා එක්වීමෙන් බිඳීගිය හිස් ඇත්තේ මැරෙමි.
|
392
‘‘ඉදං පච්ඡිමකං මය්හං, චරිමො වත්තතෙ භවො;
ඉධාපි එදිසො මය්හං, මරණකාලෙ භවිස්සති.
|
392
“මෙය මාගේ (සසරෙහි) අවසානයයි. අන්තිම ආත්ම භාවය වේ. මේ ආත්ම භාවයෙහිදීද මට මැරෙන කල්හි මෙබන්දක් වන්නේය.
|
393
‘‘පවිවෙකමනුයුත්තො, සමාධිභාවනාරතො;
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
|
393
“ප්රකර්ශ විවේකයෙහි යෙදුනේ, සමාධි භාවනාවෙහි ඇළුනේ, සියලු ආශ්‍රවයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.
|
394
‘‘ධරණිම්පි සුගම්භීරං, බහලං දුප්පධංසියං;
වාමඞ්ගුට්ඨෙන ඛොභෙය්යං, ඉද්ධියා පාරමිං ගතො.
|
394
“පෘථිවියද ඉතා ගැඹුරුය. ඝනය. නොසෙල්විය හැක. (එහෙත්) ඎද්ධියෙහි කෙළ පැමිණියේ (එය) වම් පය මහපටැඟිල්ලෙන් සොළවමි.
|
395
‘‘අස්මිමානං න පස්සාමි, මානො මය්හං න විජ්ජති;
සාමණෙරෙ උපාදාය, ගරුචිත්තං කරොමහං.
|
395
“අස්මී මානය (සීල සමාධි ප්‍රඥාදිය ඇත්තේ මටමය යන ඇඟීම) නොදකිමි. මට මානය නැත. මම සාමණේරයන් පටන්කොට සියලු භික්ෂු සංඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.
|
396
‘‘අපරිමෙය්යෙ ඉතො කප්පෙ, යං කම්මමභිනීහරිං;
තාහං භූමිමනුප්පත්තො, පත්තොම්හි ආසවක්ඛයං.
|
396
“මින් (එකා සංඛ්‍ය කල්ප ලක්ෂයකට) අපරිමෙය කල්පයකට පෙර (අගසව් බව පිණිස) යම් කර්මයක් රැස් කෙළෙම්ද, මම ඒ ශ්‍රාවක භූමියට පත්වීමි. ආශ්‍රව ක්ෂය නම්වූ නිවණට පැමිණියෙමි.
[“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
|
397
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
397
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
|
3-3. මහාකස්සපත්ථෙරඅපදානං | 3-3. මහාකාශ්‍යප ථේරාපදානය |
398
‘‘පදුමුත්තරස්ස
නිබ්බුතෙ ලොකනාථම්හි, පූජං කුබ්බන්ති සත්ථුනො.
|
398
“තාදී ගුණ (අටලෝ දහම්හි නොසැලෙන ගුණ) ඇති පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ (ශාසනයෙහි) ලෝකනාථවූ (ඒ පදුමුත්තර) බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (දිව්‍ය මනුෂ්‍යයෝ) ශාස්තෲන් වහන්සේට පූජා කෙරෙත්.
|
399
‘‘උදග්ගචිත්තා ජනතා, ආමොදිතපමොදිතා;
තෙසු සංවෙගජාතෙසු, පීති මෙ උදපජ්ජථ.
|
399
“ජන සමූහයා ඔද වැඩි සිත් ඇත්තාහු අතිශයින් ප්‍රමුදිත වූහ. ඒ බොහෝ සංවේගයන් පවත්නා අතරෙහි මට ප්‍රීතියක් ඇති විය.
|
400
‘‘ඤාතිමිත්තෙ සමානෙත්වා, ඉදං වචනමබ්රවිං;
පරිනිබ්බුතො මහාවීරො, හන්ද පූජං කරොමසෙ.
|
400
“නෑ මිතුරන් කැඳවා, “මහා වීරවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒකාන්තයෙන් පූජාවක් කරමු” ය යන මේ වචනය කීමි.
|
401
‘‘සාධූති තෙ පටිස්සුත්වා, භිය්යො හාසං ජනිංසු මෙ;
බුද්ධස්මිං ලොකනාථම්හි, කාහාම පුඤ්ඤසඤ්චයං.
|
401
“ලෝකනාථ බුදුරජාණන් වහන්සේ විෂයෙහි පින් රැස් කිරීම කරන්නෙමුය” යි ඔවුහු පිළිවදන් දී මාගේ සතුට වැඩියක්ම ඇති කළාහුය.
|
402
‘‘අග්ඝියං
දියඩ්ඪහත්ථපත්ථටං, විමානං නභමුග්ගතං.
|
402
“රියන් සියයක් උස්ව තැනූ තොරණක් මැනවින් කොට රියන් එක්සිය පණහක් පමණ පැතුරුනු විමානයක් ගොඩ නංවන ලදී.
|
403
‘‘කත්වාන හම්මියං තත්ථ, තාලපන්තීහි චිත්තිතං;
සකං චිත්තං පසාදෙත්වා, චෙතියං පූජයුත්තමං.
|
403
“එම ප්‍රාසාදයෙහි සිත්තම් කරණ ලද තාලාවචරයන් (හේවිසිකරුවන්) කරණකොට ගෙන (විසිතුරු) කොට සිය සිත උපදවා උත්තම චෛත්‍යය පිදීය.
|
404
‘‘අග්ගික්ඛන්ධොව
ඉන්දලට්ඨීව ආකාසෙ, ඔභාසෙති චතුද්දිසා.
|
404
“ඇවිලගත් ගිනි කඳක් මෙන්ද, පිපියාවූ ශ්‍රේෂ්ඨ සල් රුකක් මෙන්ද, අහසෙහි විදුලිය මෙන්ද සිව්දිග බබුළුවමි.
|
405
‘‘තත්ථ චිත්තං පසාදෙත්වා, කත්වාන කුසලං බහුං;
පුබ්බකම්මං සරිත්වාන, තිදසං උපපජ්ජහං.
|
405
“මම එහි සිත පහදවා බොහෝ කුසල්කොට පෙර කරණ ලද කුශල කර්මය සිහි කොට තව්තිසා දෙව්ලොව උපනිමි.
|
406
‘‘සහස්සයුත්තං
උබ්බිද්ධං භවනං මය්හං, සත්තභූමං සමුග්ගතං.
|
406
“යෙදූ දහසක් අශ්වයන් විසින් උසුලන ලද දිව්‍ය යානයට නැගුනේ (වෙමි.) මාගේ උස්වූ භවනය උඩට නැංගේය.
|
407
‘‘කූටාගාරසහස්සානි, සබ්බසොණ්ණමයා අහුං;
ජලන්ති සකතෙජෙන, දිසා සබ්බා පභාසයං.
|
407
“දහස් ගණන් කුළු ගෙවල් තනි රනින් කරණ ලදහ. (එම කුළු ගෙවල්) ස්වකීය දීප්තියෙන් සියළු දිගුන් බබුළුවමින් දිලිසෙත්.
|
408
‘‘සන්ති අඤ්ඤෙපි නිය්යූහා, ලොහිතඞ්ගමයා තදා;
තෙපි ජොතන්ති ආභාය, සමන්තා චතුරො දිසා.
|
408
“පද්ම රාග මාණික්‍යමයවූ අන්‍යවූ දොරටුද ඇත්තාහ. එකල්හි එම දොරටුද ශෝභාවෙන් හාත්පස සිව් දිගම බබුළුවත්.
|
409
‘‘පුඤ්ඤකම්මාභිනිබ්බත්තා, කූටාගාරා සුනිම්මිතා;
මණිමයාපි ජොතන්ති, දිසා දස
(දිසොදිසං (ස්‍යා.)) සමන්තතො.
|
409
“පුණ්යකර්ම බලයෙන් හටගත් මැනවින් නිර්මිත මිණිමුවා කුළු ගෙවල් හාත්පස දස දිගුන් බබුළුවත්.
|
410
‘‘තෙසං උජ්ජොතමානානං, ඔභාසො විපුලො අහු;
සබ්බෙ දෙවෙ අභිභොමි, පුඤ්ඤකම්මස්සිදං ඵලං.
|
410
“බබළන්නාවූ මොවුන්ගේ ආලෝකය අධික විය. සියලු දෙවියන් ඉක්මවීමි. මේ පුණ්යකර්මයාගේ ඵලයයි.
|
411
‘‘සට්ඨිකප්පසහස්සම්හි
චාතුරන්තො විජිතාවී, පථවිං ආවසිං අහං.
|
411
“කල්ප සැට දහසක් මුළුල්ලෙහි උබ්බිද්ධ නම්වූ ක්ෂත්රියයෙක් සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපතිවූයේ සතුරු රජුන් ජය ගන්නා සුළුව මම විසීමි.
|
412
‘‘තථෙව භද්දකෙ කප්පෙ, තිංසක්ඛත්තුං අහොසහං;
සකකම්මාභිරද්ධොම්හි, චක්කවත්තී මහබ්බලො.
|
412
“එසේම භද්‍ර කල්පයෙහි තිස් වරක්ම මහත් බල ඇති සක්විති රජ වීමි. ස්වකීය පුණ්යකර්මයන්හි ඇළුනේම වීමි.
|
413
‘‘සත්තරතනසම්පන්නො, චතුදීපම්හි ඉස්සරො;
තත්ථාපි භවනං මය්හං, ඉන්දලට්ඨීව උග්ගතං.
|
413
“එහිද මාහට දිගින් සූවිසි රියන්වූ, පුළුලින් දොලොස් රියන්වූ, විදුලියක් වැනිවූ භවනයක් උස්ව පැන නැංගේය.
|
414
‘‘ආයාමතො
රම්මණං
(රම්මකං (සී. ස්‍යා.)) නාම නගරං, දළ්හපාකාරතොරණං.
|
414
“විශාල පවුරු හා තොරන් ඇති දිගින් (යොදුන්ද) පන්සියයක්වූද, පුළුලින් ඉන් අඩක්වූද, තව්තිසා වාසීන්ගේ දෙව්පුරය වැනි, ජන සමූහයාගෙන් ගැවසීගත් රම්මක නම් නගරයක් විය.
|
415
‘‘ආයාමතො පඤ්චසතං, විත්ථාරෙන තදඩ්ඪකං;
ආකිණ්ණං ජනකායෙහි, තිදසානං පුරං විය.
|
415 |
416
‘‘යථා සූචිඝරෙ සූචී, පක්ඛිත්තා පණ්ණවීසති;
අඤ්ඤමඤ්ඤං පඝට්ටෙන්ති, ආකිණ්ණං හොති ලඞ්කතං
(තං තදා (සී.), සතතා (ස්‍යා.), සඞ්කරං (?)).
|
416
“යම්සේ හිදිගුලාවෙහි බහන ලද පස් විස්සක් හිදිකටු ඔවුනොවුන් ගැවෙත්. එය එකල්හි ගැවසීගත්තේ වේ.
|
417
‘‘එවම්පි නගරං මය්හං, හත්ථිස්සරථසංකුලං;
මනුස්සෙහි සදාකිණ්ණං, රම්මණං නගරුත්තමං.
|
417
“එසේම මාගේ උතුම්වූ රම්මක නගරයද හස්ති අශ්ව රථයන්ගෙන් පිරීගියේ නොයෙක් මිනිසුන්ගෙන් හැම කල්හි ගැවසී ගත්තේ විය.
|
418
‘‘තත්ථ භුත්වා පිවිත්වා ච, පුන දෙවත්තනං ගතො
(පුනපි දෙවතඞ්ගතො (ක.)).
භවෙ පච්ඡිමකෙ මය්හං, අහොසි කුලසම්පදා.
|
418
“එහි (සම්පත්) අනුභව කොට (මිහිරි රසද) බී යලි දේවත්වයට ගියේ මාගේ අන්තිම භවයෙහිද කුලවත්බව ඇතිවිය.
|
419
‘‘බ්රාහ්මඤ්ඤකුලසම්භූතො
අසීතිකොටියො හිත්වා, හිරඤ්ඤස්සාපි පබ්බජිං.
|
419
“මහත්වූ රුවන් සමූහ ඇති බමුණු කුලයෙහි උපන්නේ අසූ කෝටියක් හිරන්‍ය (සම්පත්) හැරදමා පැවිදිවීමි.
[“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. යම්සේ හර කැමැත්තාවූ පුරුෂයෙක් තෙම කෙසෙල් ගසක් කපා පලන්නේද, (හෙතෙම) එහි හරයක් නොලබන්නේයි. එය හරයෙන් තොර ගසකි.
“එසේම ලෝකයෙහි තීර්ත්ථකයෝද, නා නා දෘෂ්ඨි ගත් බොහෝ දෙනාද නිවණින් හිස්වූවෝම වෙති. හරයෙන් හිස්වූ කෙසෙල්ගස් මෙනි.
“අන්තිම භවය පැමිණි කල්හි මම බ්රහ්මබන්ධු හෙවත් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙක් වීමි. මහත්වූ භෝගස්කන්ධය හැර අනගාර්‍ය්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී]
|
420
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
420 |
3-4. අනුරුද්ධත්ථෙරඅපදානං | 3-4. අනුරුද්ධ ථේරාපදානය |
421
‘‘සුමෙධං
වූපකට්ඨං විහරන්තං, අද්දසං ලොකනායකං.
|
421
“මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, විවේකීව වාසය කරන්නාවූ, ලෝකනායකවූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමි.
|
422
‘‘උපගන්ත්වාන සම්බුද්ධං, සුමෙධං ලොකනායකං;
අඤ්ජලිං පග්ගහෙත්වාන, බුද්ධසෙට්ඨමයාචහං.
|
422
“මම ලෝකනායකවූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිළි බැඳගෙන බුද්ධ ශ්‍රේෂඨයන් (මෙසේ) අයැදීමි.
|
423
‘‘අනුකම්ප
පදීපං තෙ පදස්සාමි, රුක්ඛමූලම්හි ඣායතො.
|
423
“මහා වීරයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක් මුල්හි ධ්‍යාන කරන්නාවූ ඔබ වහන්සේට පහණක් දෙමි.”
|
424
‘‘අධිවාසෙසි සො ධීරො, සයම්භූ වදතං වරො;
දුමෙසු විනිවිජ්ඣිත්වා, යන්තං යොජියහං තදා.
|
424
“සියල්ල තෙමේම දන්නාවූ, කථා කරන්නවුනට ශ්‍රේෂ්ඨවූ, ඒ ප්‍රාඥවූ බුදුරජ තෙම එය ඉවසීය. එකල්හි මම ගස්විද යතුරක් යොදා,
|
425
‘‘සහස්සවට්ටිං
සත්තාහං පජ්ජලිත්වාන, දීපා වූපසමිංසු මෙ.
|
425
“දහසක් මැටි දුනිමි. (යෙදීමි.) මාගේ පහන්හු ත්‍රිලෝක බන්ධුවූ බුදුරජාණන් වහන්සේට සතියක් දැල්වී නිවී ගියහ.
|
426
‘‘තෙන චිත්තප්පසාදෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, විමානමුපපජ්ජහං.
|
426
“එම චිත්ත ප්‍රසාදයෙන්ද, සිත්හිවූ ප්රාර්ත්ථනයන්ගෙන්ද මම මිනිස් සිරුර හැර දෙව් විමනක ඉපදුනිමි.
|
427
‘‘උපපන්නස්ස දෙවත්තං, බ්යම්හං ආසි සුනිම්මිතං;
සමන්තතො පජ්ජලති, දීපදානස්සිදං ඵලං.
|
427
“දෙව් අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් විය. (එය) හාත්පසින් ඇවිලේ. මෙය පහන් පූජාවෙහි විපාකයයි.
|
428
‘‘සමන්තා
සබ්බෙ දෙවෙ අභිභොමි, දීපදානස්සිදං ඵලං.
|
428
“එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබලීමි. සියළු දෙවියන් අභිභවමි. මෙය පහන් පූජාවෙහි විපාකයයි.
|
429
‘‘තිංසකප්පානි
න මං කෙචීතිමඤ්ඤන්ති, දීපදානස්සිදං ඵලං.
|
429
“ශක්‍රව තිස් කපක් මුළුල්ලෙහි දිව්‍ය රාජ්‍යය කරවීමි. කිසිවෙක් මා ඉක්මවා නොසිතත්. (අවමන් නොකෙරෙත්.) මෙය පහන් පූජාවෙහි විපාකයයි.
|
430
‘‘අට්ඨවීසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං;
දිවා රත්තිඤ්ච පස්සාමි, සමන්තා යොජනං තදා.
|
430
“මම අටවිසි වරක් චක්‍රවර්ති රාජ වීමි. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හිම (එකසේ) දකිමි.
|
431
‘‘සහස්සලොකං ඤාණෙන, පස්සාමි සත්ථු සාසනෙ;
දිබ්බචක්ඛුමනුප්පත්තො, දීපදානස්සිදං ඵලං.
|
431
“(ප්‍රඥා) චක්ෂුසින් දහසක් සක්වල (ලෝක) දකිමි. සර්වඥ සාසනයෙහි (පැවිදිව) දිවැස ලැබූයේද වෙමි. මෙය පහන් පූජාවෙහි විපාකයයි.
|
432
‘‘සුමෙධො නාම සම්බුද්ධො, තිංසකප්පසහස්සිතො;
තස්ස දීපො මයා දින්නො, විප්පසන්නෙන චෙතසා.
|
432
“මෙයින් කල්ප තිස් දහසකට පෙර සුමේධ නම් සම්බුදු රජ තෙම විය. මා විසින් උන් වහන්සේට පැහැදුනු සිතින් පහන් දෙන ලදී.
[“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
|
433
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
433
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
|
3-5. පුණ්ණමන්තාණිපුත්තත්ථෙරඅපදානං | 3-5. පුණ්ණ ථේරාපදානය |
434
‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
පුරක්ඛතොම්හි සිස්සෙහි, උපගච්ඡිං නරුත්තමං.
|
434
“වේද හදාරවන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය, (මම) ශිෂ්‍යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි. මනුෂ්‍යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.
|
435
‘‘පදුමුත්තරො
මම කම්මං පකිත්තෙසි, සඞ්ඛිත්තෙන මහාමුනි.
|
435
“පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්, මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්ත වශයෙන් මාගේ කර්මය ප්‍රකාශ කළ සේක.
|
436
‘‘තාහං
අඤ්ජලිං පග්ගහෙත්වාන, පක්කමිං
(පක්කාමිං (සී. ස්‍යා.)) දක්ඛිණාමුඛො.
|
436
“මම ඒ ධර්මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්‍ෂිණාභිමුඛව ගියෙමි.
|
437
‘‘සඞ්ඛිත්තෙන
සබ්බෙ සිස්සා අත්තමනා, සුත්වාන මම භාසතො;
සකං දිට්ඨිං විනොදෙත්වා, බුද්ධෙ චිත්තං පසාදයුං.
|
437
“සංක්ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි. එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,
|
438
‘‘සඞ්ඛිත්තෙනපි දෙසෙමි, විත්ථාරෙන තථෙවහං
(දෙසෙසිං විත්ථාරෙනපි භාසයිං (ක.));
අභිධම්මනයඤ්ඤූහං
සබ්බෙසං විඤ්ඤාපෙත්වාන, විහරාමි අනාසවො.
|
438
“ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ. මම සංක්ෂිප්තවද දෙසමි. එසේම විස්තර වශයෙන්ද දෙසමි.
“අභිධර්ම ක්‍රම දන්නාවූ මම කථාවත්‍ථුප්පරණවිශුද්ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්‍රව එහිතව වෙසෙමි.
|
439
‘‘ඉතො පඤ්චසතෙ කප්පෙ, චතුරො සුප්පකාසකා;
සත්තරතනසම්පන්නා, චතුදීපම්හි ඉස්සරා.
|
439
“මින් කප් පන්සියයක් පෙර අති ප්‍රකටවූ, සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.
|
440
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
440
“සිවි පිළිසිඹියාවෝද, අෂ්ටවිමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද (මා විසින්) සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.
|
3-6. උපාලිත්ථෙරඅපදානං | 3-6. උපාළි ස්ථවිරාපදානය |
441
‘‘නගරෙ හංසවතියා, සුජාතො නාම බ්රාහ්මණො;
අසීතිකොටිනිචයො, පහූතධනධඤ්ඤවා.
|
441
“හංසවතී නගරයෙහි රැස්කොට තැබූ අසූකෙළක් ධනය ඇති, සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති, වේද හදාරවන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්මයෙහිද පරතෙරට ගියාවූ සුජාත නම් බමුණෙක් විය.
|
442
‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
ලක්ඛණෙ ඉතිහාසෙ ච, සධම්මෙ පාරමිං ගතො.
|
442 |
443
‘‘පරිබ්බාජා
බුද්ධසාවකා
(සබ්බත්ථපි එවමෙව දිස්සති).
චරකා තාපසා චෙව, චරන්ති මහියා තදා.
|
443
“එකසිඛ (හිසැ එක් සිළුවක් ඇති) පරිබ්‍රාජකයෝද, (මතු ලොව පහළවන) ගෞතම බුදුරජාණන් වහන්සේගේ (අනාගත) ශ්‍රාවකයෝද, (තැනින් තැන හැසිරෙන්නාවූ) චරක තවුසෝද, එකල්හි පොළොවෙහි හැසිරෙත්.
|
444
‘‘තෙපි මං පරිවාරෙන්ති, බ්රාහ්මණො විස්සුතො ඉති;
බහුජ්ජනො මං පූජෙති, නාහං පූජෙමි කිඤ්චනං.
|
444
“ඔවුහුද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකුයි කියා මා පිරිවරත්. බොහෝ දෙනා මා අදහත්. මම කිසිවෙකුට නොපුදමි.
|
445
‘‘පූජාරහං
බුද්ධොති වචනං නත්ථි, තාව නුප්පජ්ජතෙ ජිනො.
|
445
“යම්තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නොවන සේක්ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තදවූයේ පිදිය යුත්තෙක් නොදකිමි.
|
446
‘‘අච්චයෙන
සබ්බං තමං විනොදෙත්වා, ලොකෙ උප්පජ්ජි චක්ඛුමා.
|
446
“රෑ දාවල් (බොහෝ අවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝක නායක බුදුරජ තෙම සායලු අඳුරු දුරුකොට ලොව පහළවිය.
|
447
‘‘විත්ථාරිකෙ බාහුජඤ්ඤෙ, පුථුභූතෙ ච සාසනෙ;
උපාගමි තදා බුද්ධො, නගරං හංසසව්හයං.
|
447
“පැතුරුණු බොහෝ දෙනා විසින් මැනවැයි සම්මතයෙන්වූ (බුදු) සසුනෙහි (ආදී කතෘවූ) බුදුරජ තෙම එකල්හි හංසවතී නගරයට එළඹි සේක.
|
448
‘‘පිතු අත්ථාය
තෙන කාලෙන පරිසා, සමන්තා යොජනං තදා.
|
448
“පසැස් ඇත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ටත් වැඩ පිණිස ධර්ම දේශනා කළ සේක. එකල්හි පිරිසද හාත්පස යොදුනක් (තන්හි පැතුරුණේ) විය.
|
449
‘‘සම්මතො මනුජානං සො, සුනන්දො නාම තාපසො;
යාවතා බුද්ධපරිසා, පුප්ඵෙහච්ඡාදයී තදා.
|
449
“මිනිසුන් අතර සුනන්ද නම්න් සම්මතවූයේ ඒ තවුස් තෙමේ එකල්හි යම්තාක් බුදු පිරිසද (ඒතාක් තැන) මල්වලින් වැසීය.
|
450
‘‘චතුසච්චං පකාසෙන්තෙ, සෙට්ඨෙ ච
(හෙට්ඨා ච (ක.)) පුප්ඵමණ්ඩපෙ;
කොටිසතසහස්සානං, ධම්මාභිසමයො අහු.
|
450
“පුෂ්ප මණ්ඩපයෙහි සිට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කරණ කල්හි කෙළ ලක්ෂයක් (ප්‍රාණීන්) ට ධර්මාභිසමය විය.
|
451
‘‘සත්තරත්තින්දිවං බුද්ධො, වස්සෙත්වා ධම්මවුට්ඨියො;
අට්ඨමෙ දිවසෙ පත්තෙ, සුනන්දං කිත්තයී ජිනො.
|
451
“බුදු රජ තෙම දිව රෑ සතක් (සතිසක්) උතුම් දහම් වැසි වස්වා අටවෙනි දිනය පැමිණි කල්හි බුදු රජ තෙම සුනන්දට මෙසේ පැවසූ සේක.
|
452
‘‘දෙවලොකෙ මනුස්සෙ වා, සංසරන්තො අයං භවෙ;
සබ්බෙසං පවරො හුත්වා, භවෙසු සංසරිස්සති.
|
452
“මෙතෙම සසරෙහි දෙව්ලොවෙහිද මනුෂ්‍යයන් අතරෙහිද සැරිසරන්නේ භවයන්හිදී සියල්ලන්ට උතුම්ව සැරිසරයි.
|
453
‘‘කප්පසතසහස්සම්හි
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
453
“කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි ජනිතවන ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාක්‍යයන් වහන්සේ ලොව පහළවන සේක.
|
454
‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො;
මන්තාණිපුත්තො පුණ්ණොති, හෙස්සති සත්ථු සාවකො.
|
454
“ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාද (ධර්මයට කොටස් කරුවෙක්) වූ ඖරස පුත්‍රවූ (දහම් අසා සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් රහත්වූයේ බුදු රජුන්ගේ ඖරස පුත්‍රයායි.) ධර්මයෙන්ම මවාලුවාක් වැනිවූ පුණ්ණමත්තානිපුත්ත නම් ශ්‍රාවකයෙක් වන්නේය.
|
455
‘‘එවං කිත්තයි සම්බුද්ධො, සුනන්දං තාපසං තදා;
හාසයන්තො ජනං සබ්බං, දස්සයන්තො සකං බලං.
|
455
“එකල්හි සම්බුදු රජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලයද දක්වමින් සුනන්ද තවුසාට මෙසේ පැවසූ සේක.
|
456
‘‘කතඤ්ජලී නමස්සන්ති, සුනන්දං තාපසං ජනා;
බුද්ධෙ කාරං කරිත්වාන, සොධෙසි ගතිමත්තනො.
|
456
“ජනයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුණ්‍ය කර්ම කොට තමාගේ ගතිය පිරිසිදු කෙළේයයි සුනන්ද තවුසාට කරණ ලද ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
|
457
‘‘තත්ථ මෙ අහු සඞ්කප්පො, සුත්වාන මුනිනො වචං;
අහම්පි කාරං කස්සාමි, යථා පස්සාමි ගොතමං.
|
457
“බුදුරජාණන් වහන්සේගේ වචනය අසා එහි මාගේද අදහස විය. ගෞතම බුදුරජාණන් වහන්සේ යම් පින්කමක් කිරීමෙන් දැකිය හැකි වෙම් නම් මමද (එබඳු) පින්කමක් කරන්නෙමි.
|
458
‘‘එවාහං
ක්යාහං කම්මං ආචරාමි, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
|
458
“මම මෙසේ සිතා මාගේ (ඒ සඳහා) කටයුතු (පින්කම්) ගැනද සිතීමි. නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි (රත්නත්‍රයෙහි) මම කවර පින්කමක හැසිරෙම්ද?
|
459
‘‘අයඤ්ච පාඨිකො භික්ඛු, සබ්බපාඨිස්ස සාසනෙ;
විනයෙ අග්ගනික්ඛිත්තො, තං ඨානං පත්ථයෙ අහං.
|
459
“(සරභඤ්ඤ වශයෙන් ග්රන්ථයන් කියවන හෙයින්) පාඨික නම්වූ මේ භික්ෂු තෙම බුද්ධ ශාසනයෙහි සියලු මධුර ස්වර පාඨකයන් අතුරෙහිද විනයෙහිද අග්‍රස්ථානය තබන ලදී. මම ඒ තනතුර පතමි.
|
460
‘‘ඉදං
තෙන භොගෙන බුද්ධස්ස, ආරාමං මාපයෙ අහං.
|
460
“මෙය මාගේ සයුර මෙන් නොකැළඹෙන අප්‍රමාණවූ භෝගයයි. මම ඒ ධනයෙන් බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරවන්නෙමි.
|
461
‘‘සොභනං නාම ආරාමං, නගරස්ස පුරත්ථතො;
කිණිත්වා
(කීත්වා (සී.), කිත්වා (ක.)) සතසහස්සෙන, සඞ්ඝාරාමං අමාපයිං.
|
461
“නගරයාගේ නැගෙනහිර දිගෙහි සෝභන නම්වූ අරමකි. (එය) ලක්ෂයක් මිළට ගෙණ සංඝාරාමයක් කරවීමි.
|
462
‘‘කූටාගාරෙ
චඞ්කමෙ සුකතෙ කත්වා, සඞ්ඝාරාමං අමාපයිං.
|
462
“කුළු ගෙවල්ද, ප්‍රාසාදයන්ද, මණ්ඩපයන්ද, සඳළු පන්නා කළ ගෙවල්ද, දොර නොලූ ගුහාවන්ද, සක්මන් මළුද මැනවින් කොට සංඝාරාමයක් කරවීමි.
|
463
‘‘ජන්තාඝරං
න්හානඝරං මාපයිත්වා, භික්ඛුසඞ්ඝස්සදාසහං.
|
463
“ඩහගන්වන ගෙයද, ගිනිහලද, යලි පැන්හළද, නහන ගෙයද කොට මම සංඝයාට දුනිමි.
|
464
‘‘ආසන්දියො පීඨකෙ ච, පරිභොගෙ ච භාජනෙ;
ආරාමිකඤ්ච භෙසජ්ජං, සබ්බමෙතං අදාසහං.
|
464
“දික්හඟලා පුටුද, (කුඩා) පුටුද, පරිභෝග භාජනද, ආරාමිකයන්ට දෙන බෙහෙත්ද යන මේ සියල්ල මම දුනිමි.
|
465
‘‘ආරක්ඛං පට්ඨපෙත්වාන, පාකාරං කාරයිං දළ්හං;
මා නං කොචි විහෙඨෙසි, සන්තචිත්තාන තාදිනං.
|
465
“සන්සුන් සිත් ඇති තාදී ගුණ ඇත්තාවුන්ගේ ඒ ගුණයනට කිසිවෙක් පීඩා නොකෙරේවායි ආරක්ෂා තබවා දැඩිකොට පවුරක් කරවීමි.
|
466
‘‘සතසහස්සෙනාවාසං
(ආවාසං සතසහස්සෙන (සී.), ආවාසෙ සතසහස්සෙ (ස්‍යා.)), සඞ්ඝාරාමෙ අමාපයිං;
වෙපුල්ලං තං මාපයිත්වා
(වෙපුල්ලතං පාපයිත්වා (සී.)), සම්බුද්ධං උපනාමයිං.
|
466
“ලක්ෂයන් ධන වියදමින් සංඝාරාමයෙහි ආවාසයක් කරවීමි. එය උසස් බවට පමුණුවා බුදුරජාණන් වහන්සේට පිරිනැමීමි.
|
467
‘‘නිට්ඨාපිතො මයාරාමො, සම්පටිච්ඡ තුවං මුනි;
නිය්යාදෙස්සාමි තං වීර
(තෙ වීර (සී.), තං ධීර (ස්‍යා.)), අධිවාසෙහි චක්ඛුම.
|
467
“මා විසින් ආරාමය කොට නිමවන ලදී. තථාගතයාණන් වහන්ස, ඔබ වන්සේ මෙය පිළිගත මැනවි. වීරයාණන් වහන්ස, (මෙය) ඔබ වහන්සේට දෙන්නෙමි. පසැස් ඇත්තාණන් වහන්ස, (මෙය) පිළිගත මැනවි.
|
468
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මම සඞ්කප්පමඤ්ඤාය, අධිවාසෙසි නායකො.
|
468
“පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ, ලෝක නායකවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස දැන (එය) ඉවසූ සේක.
|
469
‘‘අධිවාසනමඤ්ඤාය, සබ්බඤ්ඤුස්ස මහෙසිනො;
භොජනං පටියාදෙත්වා, කාලමාරොචයිං අහං.
|
469
“මහර්ෂීවූ සර්වඥයන් වහන්සේ (ආරාධනය) ඉවසීම දැන මම භෝජනය පිළියෙළ කරවා (සුදුසු කාලයයි) කාලය ආරෝචනය කෙළෙමි.
|
470
‘‘ආරොචිතම්හි කාලම්හි, පදුමුත්තරනායකො;
ඛීණාසවසහස්සෙහි, ආරාමං මෙ උපාගමි.
|
470
“කාලය දැන්වූ කල්හි පදුමුත්තර ලෝක නායකයන් වහන්සේ රහතුන් වහන්සේ දහසක් විසින් පිරිවරණ ලදුයේ තමාගේ ආරාමයට වැඩි සේක.
|
471
‘‘නිසින්නං
භුත්තාවිං කාලමඤ්ඤාය, ඉදං වචනමබ්රවිං.
|
471
“සුදුසු කාලය දැන වැඩ හුන්නාවූ උන්වහන්සේ ආහාරපානයෙන් තෘප්ත කෙළෙමි. සුදුසු කලැයි දැන වළදා අවසන්වූ උන්වහන්සේට මෙය වචනය කීමි.
|
472
‘‘කීතො සතසහස්සෙන, තත්තකෙනෙව කාරිතො;
සොභනො නාම ආරාමො, සම්පටිච්ඡ තුවං මුනි.
|
472
“ලක්ෂයක් මිල දී ගන්නා ලද, එපමණම මුදලකින් (සෙසු කටයුතු) කරවන ලද සෝභන නම්වූ ආරාමය බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ පිළිගන්නා සේක්වා.
|
473
‘‘ඉමිනාරාමදානෙන
භවෙ නිබ්බත්තමානොහං, ලභාමි මම පත්ථිතං.
|
473
“මෙම ආරාම දානයෙන් (ඇතිකරගත්) චිත්ත ප්‍රණිධිය කරණකොටගෙන භවයෙහි උපදින්නාවූ මම මා විසින් පතන ලද්ද ලබම්වා.
|
474
‘‘පටිග්ගහෙත්වා
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉදං වචනමබ්රවි.
|
474
“බුදුරජතෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය පිළිගෙන බික් සඟන මැද හිඳ මේ වචනය වදාළ සේක.
|
475
‘‘යො සො බුද්ධස්ස පාදාසි, සඞ්ඝාරාමං සුමාපිතං;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
475
“ඒ යමෙක් තෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කෙළේද මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. එය කියන්නාවූ මාගේ වචනය අසව්.
|
476
‘‘හත්ථී
පරිවාරෙස්සන්තිමං නිච්චං, සඞ්ඝාරාමස්සිදං ඵලං.
|
476
“ඇත් සේනාවද, අස් සේනාවද, රථ සේනාවද, පාබල සේනාවද (යන) මේ සිව්රඟ සෙනඟ නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. මෙය සංඝාරාම දානයෙහි විපාකයයි.
|
477
‘‘සට්ඨි තූරසහස්සානි
(තුරියසහස්සානි (සී. ස්‍යා.)), භෙරියො සමලඞ්කතා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, සඞ්ඝාරාමස්සිදං ඵලං.
|
477
“සැට දහසක් තූර්ය්යද, මැනවින් අලංකාර කළ බෙරද, මා නිරතුරුවම පිරිවරන්නාහුය. මෙය සංඝාරාම දානයෙහි විපාකයයි.
|
478
‘‘ඡළසීතිසහස්සානි, නාරියො සමලඞ්කතා;
විචිත්තවත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා.
|
478
“මැනවින් අලංකාර කරණ ලද සයාසූ දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්රාභරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවැයි හැඳින්විය හැකි ශරීර අවයව ඇත්තාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම මොහු පිරිවරන්නාහුය.
|
479
‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, සඞ්ඝාරාමස්සිදං ඵලං.
|
479 |
480
‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
|
480
“කල්ප තිස් දහසක් මුලුල්ලෙහි දෙව් ලොව සිත් අලවා වසන්නේය. ශක්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.
|
481
‘‘දෙවරාජෙන පත්තබ්බං, සබ්බං පටිලභිස්සති;
අනූනභොගො හුත්වාන, දෙවරජ්ජං කරිස්සති.
|
481
“දිව්‍යරාජ (ශක්‍ර)යෙකු විසින් පැමිණිය (ලැබිය) යුතු සියල්ල ලබන්නේය. සම්පූර්ණ භෝග ඇත්තේම දිව්‍ය රාජ්‍යය කරන්නේය.
|
482
‘‘සහස්සක්ඛත්තුං චක්කවත්තී, රාජා රට්ඨෙ භවිස්සති;
පථබ්‍යා රජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
482
“දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය. මහත්වූ පෘථිවි රාජ්‍යය (ලබන වාර) ගණන් වශයෙන් ප්‍රමාණ කළ නොහැක්කේය.
|
483
‘‘කප්පසතසහස්සම්හි
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
483
“කල්ප ලක්ෂයකින් මත්තෙහි ඔක්කාක කුල සම්භවවූ, ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන්නේය.
|
484
‘‘තස්ස
උපාලි නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
|
484
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාද (කොටස් කරුවෙක්) වූයේ ධර්මයෙන් නිමකළාක් වැනිවූ නම්න් උපාලි නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
|
485
‘‘විනයෙ පාරමිං පත්වා, ඨානාඨානෙ ච කොවිදො;
ජිනසාසනං ධාරෙන්තො, විහරිස්සතිනාසවො.
|
485
“විනයෙහි කෙළ පැමිණි කුදු මහත් කරුණෙහි දක්ෂවූයේ බුදුසසුන (ත්‍රිපිටක ධර්මය) දරන්නේ ආශ්‍රව රහිතව වාසය කරන්නේය.
|
486
‘‘සබ්බමෙතං අභිඤ්ඤාය, ගොතමො සක්යපුඞ්ගවො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, එතදග්ගෙ ඨපෙස්සති.
|
486
“ශාක්‍යකුල ශ්‍රේෂඨවූ ගෞතම බුදුරජතෙමේ මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මොහු අග්‍රස්ථානයෙහි තබන්නේය.
|
487
‘‘අපරිමෙය්යුපාදාය, පත්ථෙමි තව සාසනං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
|
487
“අපමණ කලක පටන් ඔබ වහන්සේගේ සසුන පතමි. සියලු සංයෝජනයන් ක්ෂය කළේ මා විසින් එම අර්ත්ථයට පැමිණෙන ලදී.
|
488
‘‘යථා
සූලෙ සාතං අවින්දන්තො, පරිමුත්තිංව ඉච්ඡති.
|
488
“යම්සේ රාජ දණ්ඩනයෙන් තැතිගත් පුරුෂතෙම හුලෙහි ඇමිනුනේ (එම) හුලෙහි සැපයක් නොවිඳුනේ (ඉන්) මිදීමම කැමති වෙයිද,
|
489
‘‘තථෙවාහං
කම්මසූලාවුතො සන්තො, පිපාසාවෙදනට්ටිතො.
|
489
“මහා වීරයන් වහන්ස, මමද එසේම භව දණ්ඩනයෙන් තැතිගන්නේ, කර්මය නැමැති හුලෙහි ඇමිනුනේව, පිපාසාවෙන් හා වේදනාවෙන් මඩනා ලද්දේ,
|
490
‘‘භවෙ සාතං න වින්දාමි, ඩය්හන්තො තීහි අග්ගිභි;
පරිමුත්තිං ගවෙසාමි, යථාපි රාජදණ්ඩිතො.
|
490
“ත්‍රිවිධ අග්නියෙන් (රාග-ද්වේෂ-මෝහ) දැවෙන්නේ භවයෙහි සැපතක් නොවිඳිමි. රාජදණ්ඩනයෙන් තැතිගත්තෙකු මෙන් මිදීම සොයමි.
|
491
‘‘යථා
අගදං සො ගවෙසෙය්ය, විසඝාතායුපාලනං
(විසඝාතායුපායනං (ස්‍යා. ක.)).
|
491
“යම්සේ (සර්ප විෂයෙන්) දුකට පත් පුරුෂයෙක් තෙම විෂයෙන් පෙළෙන ලදුයේ හෙතෙම විෂ නැසීමේ උපායවූ බෙහෙතක් සොයන්නේය.
|
492
‘‘ගවෙසමානො පස්සෙය්ය, අගදං විසඝාතකං;
තං පිවිත්වා සුඛී අස්ස, විසම්හා පරිමුත්තියා.
|
492
“සොයන්නේ විෂ නසන්නාවූ බෙහෙතක්ද කියන්නේය. විෂයෙන් මිදීම පිණිස එය බී සැප ඇත්තෙක් වන්නේය.
|
493
‘‘තථෙවාහං මහාවීර, යථා විසහතො නරො;
සම්පීළිතො අවිජ්ජාය, සද්ධම්මාගදමෙසහං.
|
493
“එසේම මහා වීරයන් වහන්ස, මම විෂයෙන් නටුවාවූ පුරුෂයෙකු මෙන් අවිද්‍යාවෙන් පෙළුනේ සදහම් බෙහෙත සෙවීමි.
|
494
‘‘ධම්මාගදං ගවෙසන්තො, අද්දක්ඛිං සක්යසාසනං;
අග්ගං සබ්බොසධානං තං, සබ්බසල්ලවිනොදනං.
|
494
“දහම් බෙහෙත සොයන්නේ සියළු ඖෂධයනට අග්‍රවූ, සියලු (රාගාදී) හුල් දුරු කරන්නාවූ ඒ බුද්ධ ශාසනය දුටුවෙමි.
|
495
‘‘ධම්මොසධං පිවිත්වාන, විසං සබ්බං සමූහනිං;
අජරාමරං සීතිභාවං, නිබ්බානං ඵස්සයිං අහං.
|
495
“මම දහම් ඔසුව බී සියළු (සසර) විෂ දුරු කෙළෙමි. අජරාමරවූ, සිසිල්වූ, නිවණ ස්පර්ශ කෙළෙමි.
|
496
‘‘යථා භූතට්ටිතො පොසො, භූතග්ගාහෙන පීළිතො;
භූතවෙජ්ජං ගවෙසෙය්ය, භූතස්මා පරිමුත්තියා.
|
496
“යම් සේ භූතයෙකු විසින් පෙළන ලද පුරුෂයෙක් තෙම භූත ග්රහණයෙන් පීඩිතවූයේ භූතයාගෙන් මිදීම පිණිස භූත වෛද්‍යයෙකු සොයන්නේද,
|
497
‘‘ගවෙසමානො
තස්ස සො විහනෙ භූතං, සමූලඤ්ච විනාසයෙ.
|
497
“සොයන්නේ භූත විද්‍යාවන්හි දක්ෂයෙකු දකින්නේය. හෙතෙම ඔහුගේ භූතයා නසන්නේය. සහමුලින්ම වනසන්නේය.
|
498
‘‘තථෙවාහං
ඤාණාලොකං ගවෙසාමි, තමතො පරිමුත්තියා.
|
498
“මහා වීරයන් වහන්ස, එසේම මම ක්ලේශාන්‍ධකාරයෙන් පෙළුනේ (එම) අඳුරින් මිදීම පිණිස ඥානාලෝකය (ප්‍රඥාව) සොයමි.
|
499
‘‘අථද්දසං සක්යමුනිං, කිලෙසතමසොධනං;
සො මෙ තමං විනොදෙසි, භූතවෙජ්ජොව භූතකං.
|
499
“ඉක්බිති කෙළෙස් අඳුර දුරු කරන්නාවූ ශාක්‍ය මුනීන්වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූත වෛද්‍යයෙක් භූතාවේශයෙන් (දුරු කරන්නාක් මෙන්) මේ මාගේ ක්ලේශාන්ධකාරය දුරු කළ සේක.
|
500
‘‘සංසාරසොතං සඤ්ඡින්දිං, තණ්හාසොතං නිවාරයිං;
භවං උග්ඝාටයිං සබ්බං, භූතවෙජ්ජොව මූලතො.
|
500
“සසර සැඩපහර සින්දෙමි. තෘෂ්ණාශ්රොතය වැළැක්වීමි. භූත වෛද්‍යයෙකු මෙන් සියළු භවය මුලින්ම නැසීමි.
|
501
‘‘ගරුළො යථා ඔපතති, පන්නගං භක්ඛමත්තනො;
සමන්තා යොජනසතං, වික්ඛොභෙති මහාසරං.
|
501
“යම්සේ ගුරුලෙක් තෙම තමාගේ ගොදුරවූ නාගයා වෙත වේගයෙන් බසීද, මහ සමුදුර හාත් පස යොදුන් සියයක් කළඹාද,
|
502
‘‘පන්නගං
ආදාය සො පක්කමති, යෙනකාමං විහඞ්ගමො.
|
502
“හෙතෙම යටිකුරුකොට නාගයා ගෙන පෙළන්නේ ඒ ගුරුළුතෙම කැමති තැනකට ගෙනයේද,
|
503
‘‘තථෙවාහං මහාවීර, යථාපි ගරුළො බලී;
අසඞ්ඛතං ගවෙසන්තො, දොසෙ වික්ඛාලයිං අහං.
|
503
“මහා වීරයන් වහන්ස, එසේම එම ගුරුලා නාගයා බිලිකොට ගන්නාක් මෙන් අසංස්කෘත සංඛ්‍යාත නීවරණ සොයන්නේ මම (ක්ලේශ) දොස් (සමුච්ඡේද වශයෙන්) සෝදා හැරීමි.
|
504
‘‘දිට්ඨො අහං ධම්මවරං, සන්තිපදමනුත්තරං;
ආදාය විහරාමෙතං, ගරුළො පන්නගං යථා.
|
504
“නිරුත්තර ශාන්ති පදයවූ, උතුම්වූ නිර්වාණ ධර්මය දක්නා ලද මම ගුරුළා නාගයෙකු මෙන් මෙය (ධර්මය) ගෙන වෙසෙමි.
|
505
‘‘ආසාවතී නාම ලතා, ජාතා චිත්තලතාවනෙ;
තස්සා වස්සසහස්සෙන, එකං නිබ්බත්තතෙ ඵලං.
|
505
“චිත්‍රලතා වනයෙහි හටගන්නාවූ ආසාවතී නම් වැල ඒ වැලේ (වයසින්) අවුරුදු දහසකින් එක ගෙඩියක් හට ගනී.
|
506
‘‘තං
දෙවානං සා පියා එවං, ආසාවතී ලතුත්තමා.
|
506
“එතෙක් දිගු කලක් ගොස් පල ඇතිවූ කල්හි ඒ පලය දෙවියෝ ඇසුරු කරත්. මෙසේ ඒ ආසාවතී නම් උතුම් ලතාව දෙවියන්ට ප්‍රිය වන්නේය.
|
507
‘‘සතසහස්සුපාදාය, තාහං පරිචරෙ මුනි;
සායං පාතං නමස්සාමි, දෙවා ආසාවතිං යථා.
|
507
“කල්ප ලක්ෂයක පටන් මම ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. උදේ හවස නමඳිමි. දෙවියෝ ආසාවතී ලතාව ඇසුරු කරන්නාක් මෙනි.
|
508
‘‘අවඤ්ඣා පාරිචරියා, අමොඝා ච නමස්සනා;
දූරාගතම්පි මං සන්තං, ඛණොයං න විරාධයි.
|
508
“(බුදුරජාණන් වහන්සේට කරණ) පාරිචරියාව (වත් පිළිවෙත් කිරීම) නොවඳය. නමස්කාරය නොසිස්ය. සසර බොහෝ දුර සිට ආවාවූ මම ඇතිවූ මේ බුද්ධොත්පාදක්ෂණය මා ඉක්මවා නොගියේය.
|
509
‘‘පටිසන්ධිං න පස්සාමි, විචිනන්තො භවෙ අහං;
නිරූපධි විප්පමුත්තො
(විප්පයුත්තො (ක.)), උපසන්තො චරාමහං.
|
509
“මම පරීක්ෂාකොට බලන්නේ භවයෙහි ප්‍රතිසන්ධියක් නොදකිමි. (එසේම) මම (ස්කන්ධ කිලේස) උපධි රහිත වූයේ, සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ, සන්සිඳුනේ, හැසිරෙමි.
|
510
‘‘යථාපි
තථෙවාහං මහාවීර, බුද්ධරංසෙන පුප්ඵිතො.
|
510
“පියුම වනාහි යම් සේ හිරු රැස් කරණකොටගෙන පිපේද, එසේම මහා වීරයන් වහන්ස, මමද බුදු රැසින් පිපෙන ලදුයේ වෙමි.
|
511
‘‘යථා බලාකයොනිම්හි, න විජ්ජති පුමො
(පුමා (සී. ස්‍යා.)) සදා;
මෙඝෙසු ගජ්ජමානෙසු, ගබ්භං ගණ්හන්ති තා සදා.
|
511
“යම්සේ බලාකායෝනියෙහි (කොක් ජාතියෙහි) හැම කල්හි පිරිමි සත්තු විද්‍යමාන නොවෙද්ද, ඒ කෙකින්නියෝ හැම විටම මේඝ ගර්ජනා කරණ කල්හි ගැබ් ගනිත්.
|
512
‘‘චිරම්පි ගබ්භං ධාරෙන්ති, යාව මෙඝො න ගජ්ජති;
භාරතො පරිමුච්චන්ති, යදා මෙඝො පවස්සති.
|
512
“යම්තාක් කල් වැඩි කොටස්ද (ඒතාක්) දීර්ඝ කාලයක් නමුදු (කෙකින්නියෝ) ගැබ් දරත්. යම් කලෙක්හි වැසි වසීද, එකල්හි (ගැබ්) බරින් මිදෙත්.
|
513
‘‘පදුමුත්තරබුද්ධස්ස
සද්දෙන ධම්මමෙඝස්ස, ධම්මගබ්භං අගණ්හහං.
|
513
“ධර්මය නැමැති මේඝයෙන් ගර්ජනය කරන්නාවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේඝයගේ ශබ්දය කරණකොටගෙන මම දහම් ගැබ් ගනිමි.
|
514
සතසහස්සුපාදාය, පුඤ්ඤගබ්භං ධරෙමහං;
නප්පමුච්චාමි භාරතො, ධම්මමෙඝො න ගජ්ජති.
|
514
“කල්ප ලක්ෂයක පටන්ම මම (රැස්කළ) පින් නැමැති ගැබ් දරමි. ධර්ම නැමැති මේඝය ගර්ජනා නොකෙරන කල්හි (එම ගැබ්) බරින් නොමිදෙමි.
|
515
‘‘යදා තුවං සක්‍යමුනි, රම්මෙ කපිලවත්ථවෙ;
ගජ්ජසි ධම්මමෙඝෙන, භාරතො පරිමුච්චහං.
|
515
“ශාක්‍ය මුනීන්ද්රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ වහන්සේ රම්‍යවූ කපිලවත්ථු නගරයෙහි ධර්ම මේඝයන් ගර්ජනය කෙරෙහි නම්, මම (මෙම පින් ගැබ්) බරින් මිදුනේ,
|
516
‘‘සුඤ්ඤතං
චතුරො ච ඵලෙ සබ්බෙ, ධම්මෙවං විජනයිං
(විජටයිං (ක.) බලාකානං විජායනූපමාය සංසන්දෙත්වා අත්ථො වෙදිතබ්බො) අහං.
|
516
“(ආත්ම දෘෂ්ටි විරහිත බැවින්) ශූන්යතවූ, (ක්ලේශ නිමිත්ත රහිත බැවින්) අනිමිත්තවූ, (තෘෂ්ණා ප්‍රණිධි රහිත බැවින්) අප්පණිහිතවූ, විමොක්ෂ ධර්මයන්ද, චතුර්විධ ශ්‍රමණ පලයිද, යන මේ සියලු ධර්මයන් (ඉපදවීමි.) මම මෙසේ සියලු ධර්මයන් පිළිබඳ අවුල් සමූහය නිරවුල් කෙළෙමි.
|
517
‘‘අපරිමෙය්යුපාදාය, පත්ථෙමි තව සාසනං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සන්තිපදමනුත්තරං.
|
517
“පමණ නොකළ හැකි කාලයක පටන් ඔබ වහන්සේගේ මේ සසුන පතමි. මා පැමිණෙන ලද එම (ප්‍රාර්‍ත්‍ථනා සංඛ්‍යාත) අර්ත්ථ ඇත්තේ පැමිණෙන ලද ශාන්ති පදයවූ නිවණද ඇත්තේ වෙමි.
|
518
‘‘විනයෙ
න මෙ සමසමො අත්ථි, ධාරෙමි සාසනං අහං.
|
518
“(පදුමුත්තර බුදු සසුනෙහි) පාඨික භික්ෂුව මෙන් විනයෙහි තෙරපතුයේ මට සමාන අනිකෙකුදු නැත. මම සසුන (ඔවාදශාසනය) දරමි.
|
519
‘‘විනයෙ ඛන්ධකෙ චාපි, තිකච්ඡෙදෙ ච පඤ්චකෙ
(පඤ්චමෙ (සී.));
එත්ථ මෙ විමති නත්ථි, අක්ඛරෙ බ්යඤ්ජනෙපි වා.
|
519
“විනයෙහිද භික්ෂු භික්ෂණී සංඛ්‍යාත (උභතොවිභංගයෙහි) ඛන්‍ධකයෙහිද (චුල්ලවග්ග මහාවග්ග) දෙක්හි තිකසංඝාදිසේස තිකපාචිත්තියාදියෙහිද පස්වැනිවූ පරිවාරයෙහිද යන මෙහි (විනය පිටකයෙහි) අකුරක හෝ ව්‍යඤ්ජනයක හෝ මාගේ සැකයක් නැත.
|
520
‘‘නිග්ගහෙ පටිකම්මෙ ච, ඨානාඨානෙ ච කොවිදො;
ඔසාරණෙ වුට්ඨාපනෙ, සබ්බත්ථ පාරමිං ගතො.
|
520
“(පාප භික්ෂූන්ට) නිග්‍රහ කිරීමෙහිද, (සාපත්තික භික්ෂූන්ට පරිවාස දානාදියෙන්) ප්‍රතිකර්ම කිරීමෙහිද, කරුණෙහි හා නොකරුණෙහි දක්ෂවූයේ, (තර්ජනීයාදී කර්මයන්ගේ පටිපස්සද්ධි වශයෙන් සසුනට ඇතුළුකරගන්නා) ඔසාරණයෙහිද, ඇවතින් නැගුටුවාලන වුඨාපනයෙහිද, යන මේ සියල්ලෙහි පරතෙරට පැමිණියේ වෙමි.
|
521
‘‘විනයෙ ඛන්ධකෙ වාපි, නික්ඛිපිත්වා පදං අහං;
උභතො විනිවෙඨෙත්වා, රසතො ඔසරෙය්යහං.
|
521
“(උභතො විභඞ්ග නම්) විනයෙහිද, (චුල්ලවග්ග මහාවග්ග නම්) ඛන්‍ධකයෙහිද, මම සුදුසු පදය බහා (විභඞ්ග ඛත්ධක) දෙකින් නිරවුල්කොට (ක්‍රම දක්වා) කෘත්‍ය වශයෙන් සුදුසු අදහස ඇතුළත් කරමි.
|
522
‘‘නිරුත්තියා
අනඤ්ඤාතං මයා නත්ථි, එකග්ගො සත්ථු සාසනෙ.
|
522
“නිරුක්තියෙහි (ව්‍යවහාර වචනයන්හි නියම අන්ර්ථ කීමේ ක්‍රමය) ඉතා දක්ෂවූයේ, අභිවෘද්ධිය පරිහාණිය යන මේ දෙක්හිද ඡෙකවූයේ (ත්‍රිපිටකයෙහි) මා විසින් දැන නොගන්නා ලද්දක් නැත. බුද්ධ ශාසනයෙහි (මමම) අසහායවූ අග්‍ර විනයධරයා වෙමි.
|
523
‘‘රූපදක්ඛො
(රූපරක්ඛො (?) මිලින්දපඤ්හො ධම්මනගරාධිකාරෙ පස්සිතබ්බං) අහං අජ්ජ, සක්යපුත්තස්ස සාසනෙ;
කඞ්ඛං සබ්බං විනොදෙමි, ඡින්දාමි සබ්බසංසයං.
|
523
“මම අද ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි (විනය විනිශ්චය, විදර්ශනා නම්) රූප දර්ශනයෙහි සියලු සැක දුරුකරමි. සියලු කුකුස් සිඳීමි.
|
524
‘‘පදං අනුපදඤ්චාපි, අක්ඛරඤ්චාපි බ්යඤ්ජනං;
නිදානෙ පරියොසානෙ, සබ්බත්ථ කොවිදො අහං.
|
524
“පෙර පසු පදද (එක එක) අකුරුද (සිථිලධනිතාදී) දශවිධ ව්‍යඤ්ජන විධානයද (තෙන සමයෙන) යනාදී නිදානයද, නිගමනයද යන මේ සියල්ලෙහි මම දක්ෂ වීමි.
|
525
‘‘යථාපි රාජා බලවා, නිග්ගණ්හිත්වා පරන්තපෙ;
විජිනිත්වාන සඞ්ගාමං, නගරං තත්ථ මාපයෙ.
|
525
“යම් සේ බලවත් රජෙක් තෙම සතුරු රජහට නිග්‍රහකොට තවන්නේද, සංග්‍රාමය ජයගෙන එහි නුවරක් ඉදි කරන්නේද (වේ නම්)
|
526
‘‘පාකාරං පරිඛඤ්චාපි, එසිකං ද්වාරකොට්ඨකං;
අට්ටාලකෙ ච විවිධෙ, කාරයෙ නගරෙ බහූ.
|
526
“තාප්පයද, දිය අගලද, ඉන්ද්රඛීලයද, දොරටුවද, විවිධ අටළුද යන බොහෝ දෙය (මේ) නගරයෙහිද කරවන්නේය.
|
527
‘‘සිඞ්ඝාටකං චච්චරඤ්ච, සුවිභත්තන්තරාපණං;
කාරයෙය්ය සභං තත්ථ, අත්ථානත්ථවිනිච්ඡයං.
|
527
“සිව්මං ඇතුළු වීථිද, මැනවින් බෙදන ලද ආපන ශාලාවන්ද (එසේම) එහි වරද නිවරද විනිශ්චය කරන අධිකරණ ශාලාවද කරවන්නේය.
|
528
‘‘නිග්ඝාතත්ථං අමිත්තානං, ඡිද්දාඡිද්දඤ්ච ජානිතුං;
බලකායස්ස රක්ඛාය, සෙනාපච්චං ඨපෙති
(ථපෙසි (ක.)) සො.
|
528
“හෙතෙම පස මිතුරන් නැසීම පිණිස, දොස් නිදොස් දැනගැනීම පිණිසද, භට (සේනා) සමූහය රැකීම පිණිසද සෙන්පතියෙකු තබයි.
|
529
‘‘ආරක්ඛත්ථාය
මා මෙ භණ්ඩං විනස්සීති, භණ්ඩරක්ඛං ඨපෙති සො.
|
529
“හෙතෙම මාගේ භාණ්ඩයන් විනාශ නොවේවායි රාජ භාණ්ඩයන්ගේ ආරක්ෂාව පිණිස (ධනය) තැන්පත් කිරීමෙහි දක්ෂවූ පුරුෂයෙකු භාණ්ඩාගාර ආරක්ෂකයාකොට තබයි.
|
530
‘‘මමත්තො
(මාමකො (සී.), සමග්ගො (ස්‍යා.))
හොති යො රඤ්ඤො, වුද්ධිං යස්ස ච ඉච්ඡති.
තස්සාධිකරණං දෙති, මිත්තස්ස පටිපජ්ජිතුං.
|
530
“යමෙක් රජුට මමත්වය ඇත්තේ වේද, යමෙක් ඒ රජුගේ අභිවෘද්ධිය කැමති වේද, ඒ මිත්‍රයාහට (ධර්මානුකූලව පිළිපැදීමට) අධිකරණය (විනිශ්චයකාර පදවිය) දෙමි.
|
531
‘‘උප්පාතෙසු නිමිත්තෙසු, ලක්ඛණෙසු ච කොවිදං;
අජ්ඣායකං මන්තධරං, පොරොහිච්චෙ ඨපෙති සො.
|
531
“හෙතෙම (උල්කාපාත දික්දාහාදිභූත විකෘතීත් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා) උත්පාත ශාස්ත්‍රයෙහිද, මූසිකච්ඡින්න (මීයන් කැපීම) ආදියෙහි වැඩ අවැඩ දැනගන්නා නිමිති ශාස්ත්‍රයෙහි, (ස්ත්‍රී පුරුෂයන්ගේ අඞ්ග ලක්ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන) ලක්ෂණ ශාස්ත්‍රයෙහිද, දක්ෂවූ (බොහෝ ශිෂ්‍යයන්ද) වේද හදාරවන්නාවූ (වේදත්‍රය සංඛ්‍යාත) මන්ත්‍ර දරන්නාවූ පුරුෂයෙකු පුරෝහිත තනතුරෙහි තබයි.
|
532
‘‘එතෙහඞ්ගෙහි
සදා රක්ඛන්ති රාජානං, චක්කවාකොව දුක්ඛිතං.
|
532
“මේ අංගයන්ගෙන් යුක්තවූයේ ක්ෂත්රියයායයි කියනු ලැබේ. (ඒ සේනාවෝ) ස්වකීය ඤාතීන්වූ දුඃඛිනියන් රකිනා සක්වා ලිහිණියා මෙන් හැම කල්හි රජතුමා රකිත්.
|
533
‘‘තථෙව ත්වං මහාවීර, හතාමිත්තොව ඛත්තියො;
සදෙවකස්ස ලොකස්ස, ධම්මරාජාති වුච්චති.
|
533
“මහා වීරයන් වහන්ස, එසේම ඔබ නසන ලද සතුරන් ඇති රජෙකු මෙන් දෙවියන් සහිත ලෝකයෙහි ධර්ම රාජ (දහම් රජ) යයි කියනු ලැබේ.
|
534
‘‘තිත්ථියෙ නිහනිත්වාන
(නීහරිත්වාන (ස්‍යා. ක.)), මාරඤ්චාපි සසෙනකං;
තමන්ධකාරං විධමිත්වා, ධම්මනගරං අමාපයි.
|
534
“තීන්ර්ථකයන්ද, සේනා සහිතවූ මාරයාද නසා ඝන මෝහාන්ධකාරය දුරුකොට ධර්ම නගරය මැවීය.
|
535
‘‘සීලං
සද්ධා තෙ එසිකා වීර, ද්වාරපාලො ච සංවරො.
|
535
“ප්‍රාඥයන් වහන්ස, ඒ ධර්ම නගරයෙහි ප්‍රාකාරය ශීලයයි. දොරටු කොටුව ඔබ වහන්සේගේ ඥානයයි. ඉත්ද්රඛීලය ඔබ වහන්සේගේ ශ්රද්ධාවයි. වාරපාලයා නම් සංවරය වෙයි.
|
536
‘‘සතිපට්ඨානමට්ටාලං, පඤ්ඤා තෙ චච්චරං මුනෙ;
ඉද්ධිපාදඤ්ච සිඞ්ඝාටං, ධම්මවීථි සුමාපිතා.
|
536
“අටල්ල සතිපට්ඨානයයි. සර්වඥයන් වහන්ස, ඇතුළු වීථිය ඔබ වහන්සේගේ ප්‍රඥාවය. සිව්මංසල ඎද්ධිපාදයයි. (මේ ධර්ම නගරය) සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති වීථීන්ගෙන් මැනවින් නිර්මිත කරණ ලද.ී
|
537
‘‘සුත්තන්තං අභිධම්මඤ්ච, විනයඤ්චාපි කෙවලං;
නවඞ්ගං බුද්ධවචනං, එසා ධම්මසභා තව.
|
537
“සූත්‍රය, අභිධර්මය, විනය යන සම්පූර්ණ නවාඞ්ග බුද්ධ වචනය ඔබගේ 6නගරයෙහි) අධිකරණ සභාවයි.
|
538
‘‘සුඤ්ඤතං අනිමිත්තඤ්ච, විහාරඤ්චප්පණීහිතං;
ආනෙඤ්ජඤ්ච නිරොධො ච, එසා ධම්මකුටී තව.
|
538
“(අනත්තානුපස්සනාවෙන් ලබන ලද) සුඤ්ඤත විහාරයද, (අනිච්චානුපස්සනාවෙන් ලබන ලද) අනිමිත්ත විහාරයද, (දුක්ඛානුපස්සනාවෙන් ලබන ලද) අප්පණිහිත විහාරයද, (නිශ්චලවූ සතර ශ්‍රාමාණ්‍ය පල සංඛ්‍යාත) අනෙජ විහාරයද, (සියලු දුක් වැළැක්වීම නම්වූ) නිර්වාණයද යන මේවා ඔබ වහන්සේගේ ධර්ම කුටීහු වෙති.
|
539
‘‘පඤ්ඤාය අග්ගො නික්ඛිත්තො
(අග්ගනික්ඛිත්තො (සී.)), පටිභානෙ ච කොවිදො;
සාරිපුත්තොති නාමෙන, ධම්මසෙනාපතී තව.
|
539
“ප්‍රඥාවෙන් අග්‍රස්ථානයෙහි තබන ලද වැටහීමෙහි දක්ෂවූ නම්න් ශාරීපුත්‍ර (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්ම සේනාපතියා වෙයි.
|
540
‘‘චුතූපපාතකුසලො, ඉද්ධියා පාරමිං ගතො;
කොලිතො නාම නාමෙන, පොරොහිච්චො තවං මුනෙ.
|
540
“සර්වඥයන් වහන්ස, චුතූපපාත ඤාණයෙහි දක්ෂවූ, ඎද්ධියෙහි පරතෙරට පැමිණි, නම්න් කොලිත (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ පෙරෙවියා (පුරෝහිතයා) වෙයි.
|
541
‘‘පොරාණකවංසධරො, උග්ගතෙජො දුරාසදො;
ධුතවාදීගුණෙනග්ගො, අක්ඛදස්සො තවං මුනෙ.
|
541
“මුනීන්ද්රයන් වහන්ස, පෞරාණික වංශය දරන්නාවූ, උග්රවූ තේජස් ඇති, (ගුණ ධර්මයන්ගෙන්) ලංවිය නොහැක්කාවූ, ධුතවාදීවූ, ආශ්‍රීත ගුණයෙන් අග්‍රවූ, මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ අක්ඛදස්ස (හෙවත් ව්‍යවහාර කරණයෙහි ප්‍රධානය.)
|
542
‘‘බහුස්සුතො
ආනන්දො නාම නාමෙන, ධම්මාරක්ඛො
(ධම්මරක්ඛො (ස්‍යා.)) තවං මුනෙ.
|
542
“බුදුරජාණන් වහන්ස, ශාසනයෙහි බහුශ්‍රුත ධර්මධරවූ, සියලු අධ්‍යයනය කරන්නාවූ, භික්ෂූන්ට අග්‍රවූ, නම්න් ආනන්ද (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්ම (භාණ්ඩාගාර) ආරක්ෂකයා වෙයි.
|
543
‘‘එතෙ
විනිච්ඡයං මෙ පාදාසි, විනයෙ විඤ්ඤුදෙසිතං.
|
543
“භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ශ්‍රාවකයන් ඉක්මවා මා පමණ කළ සේක. විනයෙහි විනය දත් නැණවතුන් විසින් ප්‍රකාශ කරණ ලද දෝෂ විචාරණය මටම පැවරූ සේක.
|
544
‘‘යො කොචි විනයෙ පඤ්හං, පුච්ඡති බුද්ධසාවකො;
තත්ථ මෙ චින්තනා නත්ථි, තඤ්ඤෙවත්ථං කථෙමහං.
|
544
“යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක් තෙම විනයධර්ම විෂයෙහි ප්‍රශ්නයක් විචාරාද, එහි මාගේ විමතියක් නැත. මම එම අදහසම කියමි.
|
545
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, ඨපෙත්වා තං මහාමුනි;
විනයෙ මාදිසො නත්ථි, කුතො භිය්යො භවිස්සති.
|
545
“බුද්ධ ක්ෂෙත්රය (ආණක්ෂෙත්රය) යම් පමණ තන්හි පැතිරේ නම්, එපමණ තන්හි ඒ බුදුරජාණන් වහන්සේ හැර විනය පිටකයෙහි (දක්ෂවූ) මා වැනි කෙනෙක් නැත. මට වැඩි කෙනෙක් කොයින් වන්නේද?
|
546
‘‘භික්ඛුසඞ්ඝෙ
උපාලිස්ස සමො නත්ථි, විනයෙ ඛන්ධකෙසු ච.
|
546
“ගෞතම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ (උභතොවිභඞ්ග නම්) විනයෙහිද, (චුල්ල වග්ග, මහා වග්ග නම්) ඛන්‍ධකයෙහිද උපාලි භික්ෂුව හා සම කෙනෙක් නැතැයි මෙසේ සිංහනාද කරණ සේක.
|
547
‘‘යාවතා බුද්ධභණිතං, නවඞ්ගං සත්ථුසාසනං;
විනයොගධං තං
(විනයොගධිතං (සී. අට්ඨ.), විනයෙ කථිතං (ස්‍යා.)) සබ්බං, විනයමූලපස්සිනො
(විනයං මූලන්ති පස්සතො (සී.)).
|
547
“බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරණ ලද නවාඞ්ග ශාස්තෘ ශාසනය යම්තාක් නම් ඒ සියල්ල විනයෙහි ඇතුළත්ය. විනය මුත්කොට ඇත්තේයයි දකින්නාහට
|
548
‘‘මම
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, එතදග්ගෙ ඨපෙසි මං.
|
548
“ගෞතම නම් වූ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ මාගේ (පූර්ව) කර්මය සිහිකොට භික්ෂු සංඝයා මැද වැඩ හිඳ, මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
|
549
‘‘සතසහස්සුපාදාය, ඉමං ඨානං අපත්ථයිං;
සො මෙ අත්ථො අනුප්පත්තො, විනයෙ පාරමිං ගතො.
|
549
“කල්ප ලක්ෂයක (පමණ කාලයක) පටන් මෙම තනතුරු පැතීමි. මා විසින් පැමිණෙන ලද එම අර්ත්ථ ඇත්තේ විනයයෙහි පරතෙරට පත්වීමි.
|
550
‘‘සක්යානං නන්දිජනනො, කප්පකො ආසහං පුරෙ;
විජහිත්වාන තං ජාතිං, පුත්තො ජාතො මහෙසිනො.
|
550
“මම පෙර ශාක්‍යයනට සොම්නස ඇතිකරන්නාවූ කපුවෙකු වීමි. ඒ කුළය හැර මහර්ෂීවු බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් (බුද්ධ පුත්‍රයෙක්) වීමි.
|
551
‘‘ඉතො දුතියකෙ කප්පෙ, අඤ්ජසො නාම ඛත්තියො;
අනන්තතෙජො අමිතයසො, භූමිපාලො මහද්ධනො.
|
551
“මෙයින් (මේ මහා භද්‍ර කල්පයෙන්) දෙවැනි කල්පයෙහි, අපමණ තෙද ඇති, අනන්තවූ පිරිවර ඇති, මහා ධනවත්, පෘථිවිපාලකවූ “අඤ්ජස” නම් රජෙක් වීමි.
|
552
‘‘තස්ස
ජාතිමදෙනුපත්ථද්ධො, යසභොගමදෙන ච.
|
552
“පරිවාර මදයෙන්ද, භෝග මදයෙන්ද, ජාති මදයෙන්ද මත්වූ මම එම රජුගේ පුත්‍රවූ “චන්දන” නම් ක්ෂත්රියයා වීමි.
|
553
‘‘නාගසතසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
තිධාපභින්නා මාතඞ්ගා, පරිවාරෙන්ති මං සදා.
|
553
“සියළු (ඇත්) අබරණින් අලංකාර කරණ ලද්දාවූ, ත්‍රිමද ගලිතවූ, හස්ති කුලයෙහි උපන් ලක්ෂයක් පමණ ඇත්තු නිතර මා පිරිවරත්.
|
554
‘‘සබලෙහි පරෙතොහං, උය්යානං ගන්තුකාමකො;
ආරුය්හ සිරිකං නාගං, නගරා නික්ඛමිං තදා.
|
554
“ස්වකීය භට සේනාවන් විසින් පිරිවරණ ලද මම උයනට යනු කැමැත්තේ එකල්හි “සිරික” නම් ඇතු පිට නැගී නුවරින් නික්මුණෙමි.
|
555
‘‘චරණෙන ච සම්පන්නො, ගුත්තද්වාරො සුසංවුතො;
දෙවලො නාම සම්බුද්ධො, ආගච්ඡි පුරතො මම.
|
555
“පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත් වසන ලද (චක්ෂුරාදී) දොරටු ඇති, මැනවින් රැකි කාය චිත්ත ඇති, “දෙවල” නම් පසේ බුදුරජාණන් වහන්සේ මාගේ ඉදිරිපසින් පැමිණි සේක.
|
556
‘‘පෙසෙත්වා සිරිකං නාගං, බුද්ධං ආසාදයිං තදා;
තතො සඤ්ජාතකොපො සො
(ජාතකොපොව (ස්‍යා.)), නාගො නුද්ධරතෙ පදං.
|
556
“එකල්හි “සිරික” හස්තියා යවා පසේ බුදුරජාණන් වහන්සේට කරදර කළෙමි. ඉන් හටගත් කෝප ඇති එම ඇත් තෙමේ පියනුගුළුවයි. (නිශ්චලව සිටියි.)
|
557
‘‘නාගං
විහෙසයිත්වා සම්බුද්ධං, උය්යානං අගමාසහං.
|
557
“මම දූශ්‍ය සිත් ඇති ඇතු දැක බුදුන් කෙරෙහි කෝප කෙළෙමි. පසේ බුදුරජාණන් වහන්සේට පීඩාකොට මම උයනට ගියෙමි.
|
558
‘‘සාතං තත්ථ න වින්දාමි, සිරො පජ්ජලිතො යථා;
පරිළාහෙන ඩය්හාමි, මච්ඡොව බළිසාදකො.
|
558
“එහි ඒ (නිමිත්තෙන්) හිස ඇවිලගත්තෙකු මෙන් සුවයක් නොවිඳීමි. බිලිය ගිලි මසෙකු මෙන් පසුතැවිලි දැවිල්ලෙන් දැවෙමි.
|
559
‘‘සසාගරන්තා
පිතු සන්තිකුපාගම්ම, ඉදං වචනමබ්රවිං.
|
559
“මම සයුර කෙළවරකොට ඇති පෘථිවිය ඇවිලගත්තාක් මෙන් විය. (මම) පියාගේ සමීපයට එළඹ මේ වචන කීමි.
|
560
‘‘ආසීවිසංව කුපිතං, අග්ගික්ඛන්ධංව ආගතං;
මත්තංව කුඤ්ජරං දන්තිං, යං සයම්භුමසාදයිං.
|
560
“කිපුණු සර්පයෙකු මෙන්ද, පැමිණි ගිනි කන්දක් මෙන්ද, දළ ඇති මතැතෙකු මෙන්ද යම් පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුට ගැටීම්ද,
|
561
‘‘ආසාදිතො
පුරා සබ්බෙ විනස්සාම, ඛමාපෙස්සාම තං මුනිං.
|
561
“අනිකෙකු විසින් නොගැටිය හැකි බැවින් ඝෝරවූ උග්‍ර තපස් ඇති පස් මරුන් දිනූ පසේ බුදු රජ තෙම මා විසින් ගටන ලදී. (ඉන්) සියලු දෙනම වැනසෙමු. (ඊට) පළමු ඒ පසේ බුදුරජාණන් වහන්සේ ක්ෂමා කොට ගතිමි.
|
562
‘‘නො
ඔරෙන සත්තදිවසා, රට්ඨං මෙ විධමිස්සති.
|
562
“ඉදින් චිත්ත දමනය කළ එකඟ සිත් ඇති ඒ පසේ බුදුරජාණන් වහන්සේ ක්ෂමා නොකරන්නෙමු නම් සත් දිනකින් මෙපිට මගේ රට විනාශ වන්නේය.
|
563
‘‘සුමෙඛලො කොසියො ච, සිග්ගවො චාපි සත්තකො
(සත්තුකො (සී.));
ආසාදයිත්වා ඉසයො, දුග්ගතා තෙ සරට්ඨකා.
|
563
“සුමෙචලය, කොසියය, සිග්ගවය, සත්තුකය යන මේ (සිව්) රජවරු ඎෂීනට ගටා (අනදර) කොට ඔවුහු ස්වකීය රටවල් සමග දුකට පත්වූහ.
|
564
‘‘යදා කුප්පන්ති ඉසයො, සඤ්ඤතා බ්රහ්මචාරිනො;
සදෙවකං විනාසෙන්ති, සසාගරං සපබ්බතං.
|
564
“කාය සංයමයෙන් යුත් බ්‍රහ්මචාරීවූ ඎෂීහු යම් කලෙක්හි කිපෙත්ද, (එකල) සයුරු පර්වත සහිතවූ දෙවියන් සහිත ලෝකය වැනසෙත්.
|
565
‘‘තියොජනසහස්සම්හි, පුරිසෙ සන්නිපාතයිං;
අච්චයං දෙසනත්ථාය, සයම්භුං උපසඞ්කමිං.
|
565
“තුන් දහසක් යොදුන් තන්හි පුරුෂයන් රැස් කරවීමි. වරද පැවසීම (ඇවැත් දෙසීම) සඳහා පසේ බුදුරජාණන් වහන්ස් වෙත එළඹියෙමි.
|
566
‘‘අල්ලවත්ථා අල්ලසිරා, සබ්බෙව පඤ්ජලීකතා;
බුද්ධස්ස පාදෙ නිපතිත්වා, ඉදං වචනමබ්‍රවුං
(මබ්රවිං (ක.)).
|
566
“තෙත්තූ වස්ත්‍ර ඇත්තාවූ, තෙත්වූ කෙස් ඇත්තාවූ, සියල්ලෝම බඳින ලද ඇඳිලි ඇත්තාහු, බුදුරජාණන් වහන්සේගේ පාමුල වැටී මේ වචන කීවාහුය.
|
567
‘‘ඛමස්සු ත්වං මහාවීර, අභියාචති තං ජනො;
පරිළාහං විනොදෙහි, මා නො රට්ඨං විනාසය.
|
567
“මහා වීරයාණෙනි, ඔබ සමාවනු මැනවි. ජන සමූහයා එය විශේෂයෙන් ආයාචනය කරයි. පරිලාහය (දැවිල්ල) දුරුකරනු මැනවි. අප නොනසනු මැනවි.
|
568
‘‘සදෙවමානුසා සබ්බෙ, සදානවා සරක්ඛසා;
අයොමයෙන කුටෙන, සිරං භින්දෙය්යු මෙ සදා.
|
568
“දෙවි මිනිසුන් සහිතවූ, අසුරයන් හා රාක්ෂයන් සහිතවූද සියල්ලෝ හැම කල්හි යකුලින් මාගේ හිස පළන්නාහුය.
|
569
‘‘දකෙ
(උදකෙ (සී. ස්‍යා.)) අග්ගි න සණ්ඨාති, බීජං සෙලෙ න රූහති;
අගදෙ කිමි න සණ්ඨාති, කොපො බුද්ධෙ න ජායති.
|
569
“දියෙහි ගිනි නොසිටී. ගලෙහි බිජුවට පැළ නොවේ. බෙහෙතෙහි කෘමි තෙමේ නොසිටී. (එසේම) බුදුරජුන් කෙරෙහි කෝපය හට නොගනී.
|
570
‘‘යථා ච භූමි අචලා, අප්පමෙය්යො ච සාගරො;
අනන්තකො ච ආකාසො, එවං බුද්ධා අඛොභියා.
|
570
“යම් සේ පොළොව නොසෙල්විය හැකිද, මහ සයුර පමණ කළ නොහැකිද, අහස කෙළවරක් නැත්තේද, එසේම බුදුවරයෝ නොකැළඹිය හැක්කේය.
|
571
‘‘සදා
ඛන්තානං ඛමිතානඤ්ච, ගමනං තං
(වො (ස්‍යා.)) න විජ්ජති.
|
571
“මහාවීරවූ බුදුවරයෝ හැම කල්හි ඉවසීම ඇත්තෝය. (අනුන්ගේ වැරදි) ඉවසන්නාහු තපස්වීහුය. ඉවසීමෙන් යුත්වූවන්ගේද, ඉවසන්නවුන්ගේද (ඡන්දාදීන්වූ) එබඳු (අගති) ගමනක් නොවේ.
|
572
‘‘ඉදං
මහාජනස්ස පුරතො, නභං අබ්භුග්ගමි තදා.
|
572
“ප්රත්යෙක සම්බුද්ධ තෙමේ (ඔවුන්ගේ) සන්තාපය දුරුකරමින් මෙය වදාරා එකල්හි මහජනයාගේ ඉදිරියෙහි අහසට නැංගේය.
|
573
‘‘තෙන
සමතික්කම්ම තං ජාතිං, පාවිසිං අභයං පුරං.
|
573
“ප්‍රාඥයන් වහන්ස, මම එම කර්මය කරණකොටගෙන පහත් (කපු) බවට එළඹියේ ඒ (පහත්) කුලය හැරදමා අභය පුරය (නිවණට) පැමිණියෙමි.
|
574
‘‘තදාපි
පරිළාහං විනොදෙසි, සයම්භුඤ්ච ඛමාපයිං.
|
574
“මහා වීරයන් වහන්ස, එකල්හි දැවෙන්නාවූ (වරද වරද ලෙස පිළිගෙන) මැනවින් සිටියාවූ මා (දැක) සන්තාපය දුරු කෙළේය. (එම) බුදුරජාණන් වහන්සේද ක්ෂමා කරවීය.
|
575
‘‘අජ්ජාපි මං මහාවීර, ඩය්හමානං තිහග්ගිභි;
නිබ්බාපෙසි තයො අග්ගී, සීතිභාවඤ්ච පාපයිං
(පාපයී (සී.)).
|
575
“මහා වීරයන් වහන්ස, (රාග-ද්වේෂ-මෝහ) ත්රිවිධාග්නීන්ගෙන් දැවෙන්නාවූ මා අදද නිවීය. (එම) ත්‍රිවිධාග්නිය සිසිල් බවටද පැමිණවීය.
|
576
යෙසං සොතාවධානත්ථි, සුණාථ මම භාසතො;
අත්ථං තුම්හං පවක්ඛාමි, යථා දිට්ඨං පදං මම.
|
576
“යම් කෙනෙකුගේ කන් යොමු කිරීමක් ඇත් නම් කියන්නාවූ මාගේ (වචනය) අසව්. නිර්වාණ පදය මා දක්නා ලද පරිදි (එම නිර්වාණ සංඛ්‍යාත) අර්ත්ථය තොපටද කියමි.
|
577
‘‘සයම්භුං තං විමානෙත්වා, සන්තචිත්තං සමාහිතං;
තෙන කම්මෙනහං අජ්ජ, ජාතොම්හි නීචයොනියං.
|
577
“ශාන්ත සිත් ඇති එකඟවූ ඒ පසේ බුදුරජාණන් වහන්සේට අවමන්කොට මම ඒ කර්මය හේතුකොට ගෙන පහත් (කපු) කුලයෙහි උපන්නෙමි.
|
578
‘‘මා වො ඛණං විරාධෙථ, ඛණාතීතා හි සොචරෙ;
සදත්ථෙ වායමෙය්යාථ, ඛණො වො පටිපාදිතො.
|
578
“තෙපි (මේ බුදේධා්ත්පාදය) ක්ෂණය නිශ්පල නොකරව්. ඒ එසේමැයි. (බුදේධා්ත්පාද) ක්ෂණය ඉක්මවූවෝ ශෝක කෙරෙත්. ස්වකීයාභිවෘද්ධියෙහි වෑයම් කරව්. තොප විසින් පැමිණෙන ලද බුදේධා්ත්පාද ක්ෂණ ඇත්තෝය.
|
579
‘‘එකච්චානඤ්ච වමනං, එකච්චානං විරෙචනං;
විසං හලාහලං එකෙ, එකච්චානඤ්ච ඔසධං.
|
579
“ඇතැම් අයට වමණයද, සමහරුනට විරේචනයද, එසේම ඇතැමුන්හට හළාහල විෂයද ඖෂධ වේ.
|
580
‘‘වමනං පටිපන්නානං, ඵලට්ඨානං විරෙචනං;
ඔසධං ඵලලාභීනං, පුඤ්ඤක්ඛෙත්තං ගවෙසිනං.
|
580
“(එසේම) මාර්ග සමඞ්ගී පුද්ගලයනට සංසාරය මිදීමද, ඵලස්ථයනට සංසාරය විශේෂයෙන් අත් හැරීමද, ඵල ලබා සිටිනවුනට නිර්වාණයද (දිව්‍ය මනුෂ්‍ය නිර්වාණ සම්පත් සොයන්නවුනට පුණ්‍ය ක්‍ෂෙත්‍රවූ සංඝයාද සසුන හා විරුද්ධ) වූවනට විෂවූ කුතුහලය හෙවත් පවට පෙළඹුණු ගතියද ඖෂධයයි. ආසී විස සර්පයාද, දිට්ඨ විස සර්පයාද යම් සේ නම්, එසේම ඒ (ශාසන විරෝධී) මනුෂ්‍යයා (පවට පෙළඹුණු ගතිය නැමැති (විෂයෙන්) දවයි.
|
581
‘‘සාසනෙන විරුද්ධානං, විසං හලාහලං යථා;
ආසීවිසො දිට්ඨවිසො
(දට්ඨවිසො (ස්‍යා. අට්ඨ.)), එවං ඣාපෙති තං නරං.
|
581 |
582
‘‘සකිං
සාසනෙන විරුජ්ඣිත්වා, කප්පකොටිම්හි ඩය්හති.
|
582
“චරක් පානය කළ හළාහල විෂය ජීවිතය විනාශ කෙරෙයි. (එසේම) සසුන හා විරුද්ධවූ (ඒ පවිටු මිනිසා) කප් කෙළ ගණනක් දැවේ.
|
583
‘‘ඛන්තියා අවිහිංසාය, මෙත්තචිත්තවතාය ච;
සදෙවකං සො තාරති, තස්මා තෙ අවිරාධියා
(අවිරොධියො (සී.), තෙ අවිරොධියා (ස්‍යා.)).
|
583
“ක්‍ෂාන්තියෙන්ද, අවිහිංසාවෙන්ද මෙත් සිත් ඇති බැවින්ද ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතෙර කරණ සේක. එහෙයින් (උන් වහන්සේට) තොප විසින් විරුද්ධ නොවිය යුතුයි.
|
584
‘‘ලාභාලාභෙ න සජ්ජන්ති, සම්මානනවිමානනෙ;
පථවීසදිසා බුද්ධා, තස්මා තෙ න විරාධියා
(තෙ න විරොධියා (සී. ස්‍යා.)).
|
584
“බුදුවරයෝ මහා පොළව වැනියහ. ලාභ අලාභ දෙක්හිද, සම්මානන අවමානන දෙක්හිද නොලැහෙත්. එහෙයින් උන්වහන්සේලා තොප විසින් විරුද්ධ නොවිය යුත්තෝය.
|
585
‘‘දෙවදත්තෙ
රාහුලෙ ධනපාලෙ ච, සබ්බෙසං සමකො මුනි.
|
585
“බුදුරජාණන් වහන්සේ වධකවූ දේවදත්ත කෙරෙහිද, චෞරවූ අංගුලිමාල කෙරෙහිද, (මත්වී ඉදිරියට ආ) ධනපාල හස්තියා කෙරෙහිද, (ඖරස පුත්‍රවූ) රාහුල කෙරෙහිද යන මේ සියලු දෙනාහට සම මෙත් ඇති සේක.
|
586
‘‘එතෙසං
සබ්බෙසං සමකො බුද්ධො, වධකස්සොරසස්ස ච.
|
586
“මොවුන්හට පටිඝ (තරහ) ක් නැත. එසේම මොවුනට රාගය (ඇලීමක්) නැත. සර්වඥ තෙමේ (මැරීමට ආ) වධකයාටද, (තමාගේම) ඖරස පුත්‍රයාටද සම මෙත් ඇත්තේය.
|
587
‘‘පන්ථෙ
සිරස්මිං අඤ්ජලිං කත්වා, වන්දිතබ්බං ඉසිද්ධජං.
|
587
“මග අතහැර දැමූ අසූචි වැකුණු කසාවත (සිවුර) දැක ඎෂිධ්වජයයි මුදුනෙහි ඇඳිලි බැඳ වැඳිය යුතුය.
|
588
‘‘අබ්භතීතා ච යෙ බුද්ධා, වත්තමානා අනාගතා;
ධජෙනානෙන සුජ්ඣන්ති, තස්මා එතෙ නමස්සියා.
|
588
“අතීතයෙහිවූද, වර්තමානයෙහිවූද, අනාගතයෙහිවූද යම් බුදු කෙනෙක් වෙත් නම් මේ ඎෂිධජයෙන් (සිව්රෙන්) පිරිසිදුවෙත්. එහෙයින් මේ බුදුවරයෝ වැඳිය යුත්තාහුය.
|
589
‘‘සත්ථුකප්පං සුවිනයං, ධාරෙමි හදයෙනහං;
නමස්සමානො විනයං, විහරිස්සාමි සබ්බදා.
|
589
“බුදුරජාණන් වහන්සේ මෙන්ම මනා විනයනය මම සිතින් දරමි. හැමකල්හි විනය පිටකයට නමස්කාර කරමින් වසන්නෙමි.
|
590
‘‘විනයො ආසයො මය්හං, විනයො ඨානචඞ්කමං;
කප්පෙමි විනයෙ වාසං, විනයො මම ගොචරො.
|
590
“මාගේ ගෘහය විනයයි. සිටින තැනද, සක්මන් කරන තැනද, විනයයි. විනයයෙහි (දැරීම්, පැවැත්වීම්) වශයෙන් වාසය කරමි. විනය පිටකය මාගේ ගෝචරයයි.
|
591
‘‘විනයෙ පාරමිප්පත්තො, සමථෙ චාපි කොවිදො;
උපාලි තං මහාවීර, පාදෙ වන්දති සත්ථුනො.
|
591
“විනයයෙහි පරතෙරට පැමිණියාවූ, අධිකරණ සමථයෙහිද දක්ෂවූ උපාලි තෙමේ මහා වීරයන් වහන්ස, ශාස්තෘවූ ඔබ වහන්සේගේ දෙපා වඳියි.
|
592
‘‘සො
නමස්සමානො සම්බුද්ධං, ධම්මස්ස ච සුධම්මතං.
|
592
“ඒ (උපාලිවූ) මම ධර්මය පිළිබඳ සුන්දර බව දැන එම ධර්මයටද, සම්‍යක් සම් බුදුරජාණන් වහන්සේටද වඳිමින් ගමින් ගමටද, නගරයෙන් නගරයටද (යමි.) මා විසින් කෙලෙස් දවන ලදී. සියලු භව සමූලඝාතනය කරණ ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ.
|
593
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
සබ්බාසවා පරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
593
“මා විසින් ක්ලේශයෝ දවන ලදහ. (නව) භවයෝ සමූලඝාතනය කරණ ලදහ. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
|
594
‘‘ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
594
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
|
595
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
595
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
|
3-7. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානං | 3-7. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථේරාපදානය |
596
‘‘පදුමුත්තරසම්බුද්ධං, ලොකජෙට්ඨං විනායකං;
බුද්ධභූමිමනුප්පත්තං, පඨමං අද්දසං අහං.
|
596
“(සකළ සත්ත්ව) ලෝකයෙහි ජ්‍යෙෂ්ඨවූ (විශේෂයෙන් වින්‍යෙය සත්ත්වයන් සසර සයුරෙන් එතෙරට පමුණුවන බැවින්) විනායකවූ බුදු පදවියට පත් පදුමුත්තර සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මම පළමුකොටම දුටිමි.
|
597
‘‘යාවතා
සම්බුද්ධං පරිවාරෙත්වා, වන්දන්ති පඤ්ජලීකතා.
|
597
“බෝමුලෙහි යම් පමණ සත්ත්වයෝ රැස් වූවාහුද, ඒ සියල්ලෝ බැඳැඳිලි ඇත්තාහු බුදුරජුන් පිරිවරා වඳිත්.
|
598
‘‘සබ්බෙ
බුද්ධො අයං අනුප්පත්තො, අන්ධකාරතමොනුදො.
|
598
“මෙතෙම ලබන ලද බුදුබව ඇත්තේ මොහාන්ධකාරය දුරු කෙරේයයි සතුටු සිත් ඇති ඒ සියලු දෙවියෝ අහසෙහි හැසිරෙත්.
|
599
‘‘තෙසං
කිලෙසෙ ඣාපයිස්සාම, සම්මාසම්බුද්ධසාසනෙ.
|
599
“සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි කෙළෙස් දවමුයයි සතුටින් යුත් මහා නාදය පවතී.
|
600
‘‘දෙවානං ගිරමඤ්ඤාය, වාචාසභිමුදීරිහං;
හට්ඨො හට්ඨෙන චිත්තෙන, ආදිභික්ඛමදාසහං.
|
600
“වචනය සමගම කියන ලද දෙවියන්ගේ ශබ්දය අසා මම සතුටුවූයේ සතුටු සිතින් ප්‍රථම භික්ෂාව දුනිමි.
|
601
‘‘මම සඞ්කප්පමඤ්ඤාය, සත්ථා ලොකෙ අනුත්තරො;
දෙවසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
601
“මාගේ අදහස දැන ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ දිව්‍ය සමූහයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
|
602
‘‘‘සත්තාහං අභිනික්ඛම්ම, බොධිං අජ්ඣගමං අහං;
ඉදං මෙ පඨමං භත්තං, බ්රහ්මචාරිස්ස යාපනං.
|
602
“අභිනිෂ්ක්‍රමණය කොට සතියකින් මම සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි. බ්රහ්මචාරීව මාගේ (සිරුර) යැපෙන මෙය පළමු දානයයි.
|
603
‘‘‘තුසිතා හි ඉධාගන්ත්වා, යො මෙ භික්ඛං උපානයි;
තමහං කිත්තයිස්සාමි, සුණොථ මම භාසතො.
|
603
“යමෙක් තුසිත දෙව්ලොව සිට මෙහි අවුත් මට භික්ෂාව පිළිගැන්වීද, මම ඔහු ගැන කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.
|
604
‘‘‘තිංසකප්පසහස්සානි
(තිංසමත්තෙ කප්පසගස්සෙ (ස්‍යා. ක.)), දෙවරජ්ජං කරිස්සති;
සබ්බෙ දෙවෙ අභිභොත්වා, තිදිවං ආවසිස්සති.
|
604
“කල්ප තිස් දහසක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. සියලු දෙවියන් අභිභවනයකොට දෙව්ලොව වසන්නේය.
|
605
‘‘‘දෙවලොකා චවිත්වාන, මනුස්සත්තං ගමිස්සති;
සහස්සධා චක්කවත්තී, තත්ථ රජ්ජං කරිස්සති.
|
605
“දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. එහි දහස් වරක් රාජ්‍යය කරන්නේය.
|
606
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
606
“(මින්) කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගෝත්‍රයෙන් ගෞතම නම්වූ, ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
|
607
‘‘‘තිදසා සො චවිත්වාන, මනුස්සත්තං ගමිස්සති;
අගාරා පබ්බජිත්වාන, ඡබ්බස්සානි වසිස්සති.
|
607
“හෙතෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. ගිහිගෙන් නික්ම පැවිදිව සවසක් (දුෂ්කර ක්‍රියා කරමින්) වසන්නේය.
|
608
‘‘‘තතො සත්තමකෙ වස්සෙ, බුද්ධො සච්චං කථෙස්සති;
කොණ්ඩඤ්ඤො නාම නාමෙන, පඨමං සච්ඡිකාහිති’.
|
608
“ඒ අභිනිෂ්ක්‍රමණයෙන් සත්වැනි වර්ෂයෙහි බුදුරජතෙම සත්‍ය (ධර්මය) දේශනා කරන්නේය. නම්න් කොණ්ඩඤ්ඤ නම් තැනැත්තේ පළමුකොට (ධර්මය) ප්රත්යක්ෂ (අවබෝධය) කරන්නේය.”
|
609
‘‘නික්ඛන්තෙනානුපබ්බජිං
කිලෙසෙ ඣාපනත්ථාය, පබ්බජිං අනගාරියං.
|
609
“(ගෘහාභිනිෂ්ක්‍රමණය කළ) බෝසතුන් හා (නික්ම) ඒ අනුව පැවිදිවීමි. මා විසින් වීර්‍ය්‍යය මැනවින් කරණ ලදී. කෙලෙස් දැවීම පිණිස (අනගාර්‍ය්‍ය නම්) සසුනෙහි පැවිදිවීමි.
|
610
‘‘අභිගන්ත්වාන සබ්බඤ්ඤූ, බුද්ධො ලොකෙ සදෙවකෙ;
ඉසිනාමෙ මිගාරඤ්ඤෙ
(ඉමිනා මෙ මහාරඤ්ඤං (ස්‍යා.), ඉමිනා මෙ මිගාරඤ්ඤං (ක.)), අමතභෙරිමාහනි.
|
610
“දෙවියන් සහිත ලෝකයෙහි (සියළු දතයුතු ධර්මයන් අවබෝධ කොට) සර්වඥවූ බුදුරජ මිගදාය නම් ඉසිපතනයට එලඹ (එහිදි) අමා බෙරය ගැසීය.
|
611
‘‘සො
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
|
611
“ඒ මම දැන් ශාන්තවූ, නිරුත්තර පදයවූ නිවණට පැමිණියේ, සියලු ආශ්‍රවයන් (පහාණ පරිඤ්ඤාවෙන්) ප්රහාණයකොට ආශ්‍රව රහිතව වෙසෙමි.
[කෙළෙස් දවන ලදී. “මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
|
612
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
612
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
|
3-8. පිණ්ඩොලභාරද්වාජත්ථෙරඅපදානං | 3-8. පිණ්ඩොල භාරද්වාජ ථේරාපදානය |
613
‘‘පදුමුත්තරො නාම ජිනො, සයම්භූ අග්ගපුග්ගලො;
පුරතො හිමවන්තස්ස, චිත්තකූටෙ වසී තදා.
|
613
“අග්‍ර පුද්ගලවූ තෙමේම සියල්ල අවබෝධ කළාවූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ එකල්හි හිමවතට ඉදිරිපසවූ චිත්‍රකූට පර්වතයෙහි විසීය.
|
614
‘‘අභීතරූපො තත්ථාසිං, මිගරාජා චතුක්කමො;
තස්ස සද්දං සුණිත්වාන, වික්ඛම්භන්ති බහුජ්ජනා.
|
614
“බොහෝ ජනයා යමෙකුගේ ශබ්දය අසා විශේෂයෙන් කැළඹෙත්ද, එහි (මම එබඳු) නිර්භය ස්වභාව ඇති සිව් දිගින් යාමට සමත් සිංහයෙක් වීමි.
|
615
‘‘සුඵුල්ලං පදුමං ගය්හ, උපගච්ඡිං නරාසභං;
වුට්ඨිතස්ස සමාධිම්හා, බුද්ධස්ස අභිරොපයිං.
|
615
“මනාව පිපුණු පියුමක් ඩැහැගෙන නරශ්රෙස්ඨවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි. සමාධියෙන් නැගී සිටියාවූ තථාගතයන් වහන්සේට (එය) පිදීමි.
|
616
‘‘චාතුද්දිසං
සකං චිත්තං පසාදෙත්වා, සීහනාදං නදිං අහං
(තදා (ස්‍යා.)).
|
616
“මම සිව් දිගෙහි සිට මනුෂ්‍යොත්තමවූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාරකොට සිය සිත පහදවා සිංහනාද කෙළෙමි.
|
617
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
සකාසනෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
617
“පූජා සත්කාර පිළිගන්නාවූ හෙවත්, පූජා සත්කාරයනට ගෙයක් වැනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සිය අසුනෙහි හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
|
618
‘‘‘බුද්ධස්ස ගිරමඤ්ඤාය, සබ්බෙ දෙවා සමාගතා;
ආගතො වදතං සෙට්ඨො, ධම්මං සොස්සාම තං මයං.
|
618
“(අපි බුදුන් වෙමුයි) කියන්නවුනට ශ්‍රේෂ්ඨවූ බුදුරජතෙම පැමිණිසේක. අපි (උන්වහන්සේගේ) එම ධර්මය අසමුයයි සියලු දෙවියෝ සර්වඥයන් වහන්සේගේ වචනය දැන රැස්වූහ.
|
619
‘‘‘තෙසං හාසපරෙතානං, පුරතො ලොකනායකො;
මම සද්දං
(කම්මං (?)) පකිත්තෙසි, දීඝදස්සී මහාමුනි’.
|
619
“ලෝකනායකවූ, දීර්ඝ දර්ශීවූ, බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රීතියෙන් යුක්තවූ ඔවුන් ඉදිරියෙහි මාගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කළ සේක.
|
620
‘‘යෙනිදං පදුමං දින්නං, සීහනාදො ච නාදිතො;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
620
“යමෙකු විසින් මේ පියුම දෙන ලදද, සිංහ නාදය කරණ ලදද, මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
|
621
‘‘‘ඉතො
සත්තරතනසම්පන්නො චතුදීපම්හි ඉස්සරො.
|
621
“මෙයින් අටවෙනි කල්පයෙහි සත්රුවන් සහිතවු සතර මහා දිවයිනෙහි අධිපතිවූ සක්විති රජෙක් වන්නේය.
|
622
‘‘‘කාරයිස්සති ඉස්සරියං
(ඉස්සරං (ස්‍යා. ක.)), මහියා චතුසට්ඨියා;
පදුමො නාම නාමෙන, චක්කවත්තී මහබ්බලො.
|
622
“සූසැට ජාතියෙක පෘථිවියෙහි අධිපතිවූ (රජ) බව කරන්නේය. මහා බල ඇති නම්න් පදුම නම්වූ සක්විති රජ වන්නේය.
|
623
‘‘කප්පසතසහස්සම්හි
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
623
කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගොත්‍රයෙන් ගෞතම නම් වන්නාවූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
|
624
‘පකාසිතෙ පාවචනෙ, බ්රහ්මබන්ධු භවිස්සති;
බ්රහ්මඤ්ඤා අභිනික්ඛම්ම, පබ්බජිස්සති තාවදෙ’.
|
624
“(එකල්හි හෙතෙම) බ්‍රාහ්මණයෙක් වන්නේය. (ගෞතම) බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ කල්හි බ්‍රාහ්මණ කුලයෙන් නික්ම එකෙණෙහි පැවිදි වන්නේය.
|
625
‘‘පධානපහිතත්තො සො, උපසන්තො නිරූපධි;
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
|
625
“වීර්‍ය්‍ය කිරීම පිණිස මෙහෙයන ලද සිත් ඇත්තේ උපශාන්තවූ (ක්ලේශ රහිත බැවින්) නිරූපධිවූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහීණකොට ආශ්‍රව රහිතවූයේ පිරිනිවන් පාන්නේය.
|
626
‘‘විජනෙ
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
|
626
“චණඩ මෘගයන්ගෙන් ගැවසිගත් ජන සම්බාධ රහිත දුර අරන් සෙනසුන්හි (වැස) සියළු ආශ්‍රවයන් ප්‍රහීණකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
[“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
|
627
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
627
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කරණ ලදී”
|
3-9. ඛදිරවනියරෙවතත්ථෙරඅපදානං | 3-9. ඛදිරවනිය රෙවත ථේරාපදානය |
628
‘‘ගඞ්ගා භාගීරථී නාම, හිමවන්තා පභාවිතා;
කුතිත්ථෙ නාවිකො ආසිං, ඔරිමෙ ච තරිං
(ඔරිමං ච තරෙ (ස්‍යා.)) අහං.
|
628
“හිමවතින් හටගත් භාගීරථි නම් ගංගාවක් තොමෝ වූවාය. මම (එහි) (සැඩ රළ වේගයෙන් යුත්) විෂම තීර්ථයක (කෙවුල් කුලයෙහි උපන්නාවූ) නැවියෙක් වීමි.
|
629
‘‘පදුමුත්තරො නායකො, සම්බුද්ධො ද්විපදුත්තමො;
වසී සතසහස්සෙහි, ගඞ්ගාතීරමුපාගතො
(පුබ්බෙ මය්හං සුතං ආසි,§‘‘පදුමුත්තරනායකො; වසීසතසහස්සෙහි, ගඞ්ගාසොතං තරිස්සති‘‘; (සී.)).
|
629
“පදුමුත්තර බුදුරජතෙම රහතුන් දහසක් සමග ගංගාවෙහි සැඩ පහර තරණය කරන්නේයයි පෙර මාගේ ඇසීම විය.
|
630
‘‘බහූ නාවා සමානෙත්වා, වඩ්ඪකීහි
(චම්මකෙහි (ක.)) සුසඞ්ඛතං;
නාවාය
(නාවානං (ක.)) ඡදනං කත්වා, පටිමානිං නරාසභං.
|
630
“බොහෝ නැව් එකතට පමුණුවා (නැව් දෙක දෙක එක්කොට තැනූ) නැවෙහි වඩුවන් ලවා මැනවින් පියසි කොට බුදුරජාණන් වහන්සේ පිදීමි.
|
631
‘‘ආගන්ත්වාන
වාරිමජ්ඣෙ ඨිතො සත්ථා, ඉමා ගාථා අභාසථ.
|
631
“බුදුරදතෙම පැමිණි එම උතුම් නැවට නැංගේය. (නැව් නැගී) දිය මැද සිටියාවූ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
|
632
‘‘‘යො සො තාරෙසි සම්බුද්ධං, සඞ්ඝඤ්චාපි අනාසවං;
තෙන චිත්තප්පසාදෙන, දෙවලොකෙ රමිස්සති.
|
632
“යමෙක් තෙම සම්‍යක් සම්බුදු රජද, ආශ්‍රව රහිතවූ (රහත්) සංඝයාද තරණය කරවී නම් හෙතම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දෙව් ලොවෙහි සිත් අලවා වාසය කරන්නේය.
|
633
‘‘‘නිබ්බත්තිස්සති තෙ බ්යම්හං, සුකතං නාවසණ්ඨිතං;
ආකාසෙ පුප්ඵඡදනං, ධාරයිස්සති සබ්බදා.
|
633
“ඔබහට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් (දෙව්ලොව) පහළ වන්නේය. හැම කල්හි අහසෙහි මල් වියනක්ද දරන්නේය.
|
634
‘‘‘අට්ඨපඤ්ඤාසකප්පම්හි
චාතුරන්තො විජිතාවී, චක්කවත්තී භවිස්සති.
|
634
“(මින්) අට පණස් කපකින් මත්තෙහි සතර මහා දිවයිනට අධිපතිවූ, දිනනසුළුවූ, තාරක නම් සක්විති රජෙක් වන්නේය.
|
635
‘‘‘සත්තපඤ්ඤාසකප්පම්හි
උග්ගච්ඡන්තොව සූරියො, ජොතිස්සති මහබ්බලො.
|
635
“(මින්) සත් පණස්වන කපෙහි මහ බල ඇති චම්පක නම් ක්ෂත්රිය තෙමේ උදාවන්නාවු හිරු මෙන් බබලන්නේය.
|
636
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
636
“කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගොත්‍රයෙන් ගෞතම නම් වන්නාවූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
|
637
‘‘‘තිදසා සො චවිත්වාන, මනුස්සත්තං ගමිස්සති;
රෙවතො නාම නාමෙන, බ්රහ්මබන්ධු භවිස්සති.
|
637
“හෙතෙම (එකල) දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. නම්න් රේවතවූ බමුණෙක්ද වන්නේය.
|
638
‘‘‘අගාරා නික්ඛමිත්වාන, සුක්කමූලෙන චොදිතො;
ගොතමස්ස භගවතො, සාසනෙ පබ්බජිස්සති.
|
638
“කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.
|
639
‘‘‘සො පච්ඡා පබ්බජිත්වාන, යුත්තයොගො විපස්සකො;
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො’.
|
639
“පැවිදිව පසුව හෙතෙම භවනායෝගයන්හි යෙදුනේ, විදර්ශනා කරන්නේ, සියලු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥාවෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
|
640
‘‘වීරියං
(විරියං (සී. ස්‍යා.)) මෙ ධුරධොරය්හං, යොගක්ඛෙමාධිවාහනං;
ධාරෙමි අන්තිමං දෙහං, සම්මාසම්බුද්ධසාසනෙ.
|
640
“නිවාණ සංඛ්‍යාත යොග ක්ෂෙමයට පමුණුවන ධුරවාහකයා (ගැල්බර උසුලන ගවයා) මෙන් මාගේ වීර්‍ය්‍යය වෙයි. (මම මේ) සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)
|
641
‘‘සතසහස්සෙ කතං කම්මං, ඵලං දස්සෙසි මෙ ඉධ;
සුමුත්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයී මම.
|
641
“මා විසින් කල්ප ලක්ෂයකට පෙර කරණ ලද කර්මය මෙහිදී විපාක දැක්වීය. දුනුදියෙහි මැනවින් මිදුණු හී වේගය මෙන් (එම කර්මය) මාගේ කෙළෙස් දැවීය.
|
642
‘‘තතො මං වනනිරතං, දිස්වා ලොකන්තගූ මුනි;
වනවාසිභික්ඛූනග්ගං, පඤ්ඤපෙසි මහාමති.
|
642
“ඉක්බිති ලෝකාන්තයට ගිය මහ නුවණැති බුදුරජාණන් වහන්සේ වන සෙනසුනෙහි ඇළුනාවූ මා දැක වනවාසී භික්ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.
[“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
|
643
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
643
“මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
|
3-10. ආනන්දත්ථෙරඅපදානං | 3-10. ආනන්ද ථේරාපදානය |
644
‘‘ආරාමද්වාරා
වස්සෙන්තො අමතං වුට්ඨිං, නිබ්බාපෙසි මහාජනං.
|
644
“පදුමුත්තර බුදුරජතෙම අරම් දොරින් නික්ම අමා වැසි වස්වන්නේ මහාජනයා සන්සිඳවීය. (නිවණට පැමිණවීය.)
|
645
‘‘සතසහස්සං තෙ ධීරා, ඡළභිඤ්ඤා මහිද්ධිකා;
පරිවාරෙන්ති සම්බුද්ධං, ඡායාව අනපායිනී
(අනුපායිනී (ස්‍යා. ක.)).
|
645
“ෂඩභිඥා ඇත්තාවූද, මහා ඎද්ධි ඇත්තාවූද, ලක්ෂයක් පමණවූ ඒ ක්ෂීණාශ්රවයෝ සෙවනැල්ලක් මෙන් සර්වඥයන් වහන්සේ පිරිවරත්.
|
646
‘‘හත්ථික්ඛන්ධගතො ආසිං, සෙතච්ඡත්තං වරුත්තමං;
සුචාරුරූපං දිස්වාන, විත්ති මෙ උදපජ්ජථ.
|
646
“උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නේ වෙමි. මනොඥවූ රූප ඇති බුදුරජාණන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේය.
|
647
‘‘ඔරුය්හ
රතනාමයඡත්තං මෙ, බුද්ධසෙට්ඨස්ස ධාරයිං.
|
647
“ඇතුපිටින් බැස නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන් මුවා ඡත්රය බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට දැරීමි.
|
648
‘‘මම
තං කථං ඨපයිත්වාන, ඉමා ගාථා අභාසථ.
|
648
“පදුමුත්තර මහර්ෂී (බුදුරජ) තෙම මාගේ අදහස දැන, එම (තමන් වහන්සේගේ දේශනා) කථාව හැර මෙම ගාථාවන් වදාළෝය.
|
649
‘‘‘යො සො ඡත්තමධාරෙසි, සොණ්ණාලඞ්කාරභූසිතං;
තමහං කිත්තයිස්සාමි, සුණොථ මම භාසතො.
|
649
“ඒ යමෙක් ස්වර්ණාලංකාරයන්ගෙන් සරසන ලද ඡත්රයක් දැරීද, ඔහු (පිළිබඳව) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ (වචනය) අසව්.
|
650
‘‘‘ඉතො ගන්ත්වා අයං පොසො, තුසිතං ආවසිස්සති;
අනුභොස්සති සම්පත්තිං, අච්ඡරාහි පුරක්ඛතො.
|
650
“මේ පුරුෂ තෙම මින් (චුතව) ගොස් තුසිතයෙහි වසන්නේය. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ සම්පත් අනුභව කරන්නේය.
|
651
‘‘‘චතුත්තිංසතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජං කරිස්සති;
බලාධිපො අට්ඨසතං, වසුධං ආවසිස්සති.
|
651
“සූතිස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. (ඉන් චුතව) සිව්රඟ සෙනගට අධිපතිව එකසිය අට වරක් (පෘථිවීස්වරව) පොළොවෙහි වාසය කරන්නේය.
|
652
‘‘‘අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති;
පදෙසරජ්ජං විපුලං, මහියා කාරයිස්සති.
|
652
“අට පණස් වරක් සක්විති රජ වන්නේය. පෘථිවියෙහි මහත්වූ ප්‍රදේශ රාජ්‍යය කරවන්නේය.
|
653
‘‘‘කප්පසතසහස්සම්හි
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
653
“කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
|
654
‘‘‘සක්යානං
ආනන්දො නාම නාමෙන, උපට්ඨාකො මහෙසිනො.
|
654
“ශාක්‍ය කුලයට ධජයක් වැනිවූ බුදුරජාණන් වහන්සේගේ ඤාතීවූ මහර්ෂීන් (බුදුන්) වහන්සේගේ උපස්ථායකවූ නම්න් ආනන්ද නම් වන්නේය.
|
655
‘‘‘ආතාපී නිපකො චාපි, බාහුසච්චෙ සුකොවිදො;
නිවාතවුත්ති අත්ථද්ධො, සබ්බපාඨී භවිස්සති.
|
655
“කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇති, ප්‍රඥාවත්වූ, බහුශ්‍රුත භාවයෙහි දක්ෂවූ, නිහතමානී පැවතුම් ඇති, තද ගති නැති, සියල්ලන් හදාරවන (ත්‍රිපිටකධර) කෙනෙක් වන්නේය.
|
656
‘‘‘පධානපහිතත්තො සො, උපසන්තො නිරූපධි;
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
|
656
“වීර්‍ය්‍ය කිරීමෙහි මෙහෙයන ලද සිතැති හෙතෙම, උපශාන්ත වූයේ, උපධි රහිත වූයේ, සියලු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥාවෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
|
657
‘‘‘සන්ති ආරඤ්ඤකා නාගා, කුඤ්ජරා සට්ඨිහායනා;
තිධාපභින්නා මාතඞ්ගා, ඊසාදන්තා උරූළ්හවා.
|
657
“(යම් සේ) අරණෙහි උපතින් සැට වසක් ඉක්ම ගිය, ත්‍රිමදගලිත, මාතංග හස්ති කුලයෙහි ජාතවූ, මහත් දළ ඇති, රාජ වාහනවූ, ඇත්තු වෙද්ද,
|
658
‘‘‘අනෙකසතසහස්සා, පණ්ඩිතාපි මහිද්ධිකා;
සබ්බෙ තෙ බුද්ධනාගස්ස, න හොන්තු පණිධිම්හි තෙ’
(න හොන්ති පරිවිම්භිතා (ස්‍යා.), න හොන්ති පණිධිම්හි තෙ (ක.)).
|
658
“එසේම නොයෙක් ලක්ෂ ගණන් පණ්ඩිතවූද, මහා ඎද්ධිමත්වූද, රහත් නාගයෝ වෙත්. සියල්ලෝ බුද්ධ නාගයන් වහන්සේගේ ලක්ෂණය ගත් අය නොවෙති.
|
659
‘‘ආදියාමෙ නමස්සාමි, මජ්ඣිමෙ අථ පච්ඡිමෙ;
පසන්නචිත්තො සුමනො, බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
|
659
“මුල්යම්හිද, මැදියම්හිද, පැසුළුයම්හිද, නමස්කාර කරන්නෙමි. පහන් සිත් ඇත්තෝ සතුටුවූයේ, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට උවටැන් කෙළෙමි.
|
660
‘‘ආතාපී නිපකො චාපි, සම්පජානො පතිස්සතො;
සොතාපත්තිඵලං පත්තො, සෙඛභූමීසු කොවිදො.
|
660
“කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, ප්‍රඥාවත්වූයේ, මනා දැනුම් ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, ශෛක්ෂ්ය භූමියෙහි දක්ෂවූයේ, සෝවාන් ඵලයට පැමිණියේ වෙමි.
|
661
‘‘සතසහස්සිතො
තාහං භූමිමනුප්පත්තො, ඨිතා සද්ධම්මමාචලා
(ඨිතො සද්ධම්මමාචලො (සී.), ඨිතා සද්ධා මහප්ඵලා (ස්‍යා.)).
|
661
“මෙයින් කල්ප ලක්ෂයකට පෙර යම් කර්මයක් කොට (යමක්) ප්‍රාර්‍ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියේ, සසුනෙහි නිශ්චලව සිටියේ වෙමි.
[“මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.]
|
662
‘‘ස්වාගතං
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
662
“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
|
663
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
|
663
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
|