ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
ථෙරාපදානපාළි ථේරාපදානය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වග්ගය
1. බුද්ධඅපදානං 1. බුද්ධාපදානය
2. පච්චෙකබුද්ධඅපදානං 2. පච්චෙක බුද්ධාපදානය
83
‘‘තථාගතං ජෙතවනෙ වසන්තං, අපුච්ඡි වෙදෙහමුනී නතඞ්ගො;
‘පච්චෙකබුද්ධා කිර නාම හොන්ති, භවන්ති තෙ හෙතුභි කෙහි වීර’ (ධීර (සී.) ධීරා (ස්‍යා.)).
83
වේදේහි පුත්‍ර ආනන්‍ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් ප්‍රත්‍යෙක බුදුවරයෝ වෙත්දැයි” නැමඳුම් පෙරටුව විචාළ සේක.
84
‘‘තදාහ සබ්බඤ්ඤුවරො මහෙසී, ආනන්දභද්දං මධුරස්සරෙන;
‘යෙ පුබ්බබුද්ධෙසු (සබ්බබුද්ධෙසු (ස්‍යා. ක.)) කතාධිකාරා, අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
84
එකල්හි මහාර්ෂිවූ සර්‍වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්‍වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්‍ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එම සංවේගයම මුල්කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිතව ස්වල්පමාත්‍රවූද අරමුනක් හේතුකොට ගෙන පසේබුදුබවට පැමිණෙත්යයි” මධුර ස්වරයෙන් වදාළ සේක.
85
‘‘‘තෙනෙව සංවෙගමුඛෙන ධීරා, විනාපි බුද්ධෙහි සුතික්ඛපඤ්ඤා;
ආරම්මණෙනාපි පරිත්තකෙන, පච්චෙකබොධිං අනුපාපුණන්ති.
85
86
‘‘‘සබ්බම්හි ලොකම්හි මමං ඨපෙත්වා, පච්චෙකබුද්ධෙහි සමොව නත්ථි;
තෙසං ඉමං වණ්ණපදෙසමත්තං, වක්ඛාමහං සාධු මහාමුනීනං.
86
“සකල ලෝකයෙහි (සර්‍වඥ බුද්‍ධවූ) මා හැර පසේබුදුවරයන් සමග සමානවූ අනිකෙක් නැත. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ ලේශ මාත්‍රයක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.
87
‘‘‘සයමෙව බුද්ධානං මහාඉසීනං, සාධූනි වාක්‍යානි මධූව (මධුංව (සී.)) ඛුද්දං;
අනුත්තරං භෙසජං පත්ථයන්තා, සුණාථ සබ්බෙසු පසන්නචිත්තා.
87
“පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරිවූ උදාන වාක්‍යයෝ කුඩා මී වදයක් මෙන් (මිහිරි) වෙති. අනුත්තරවූ නිර්වාණ සංඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝම මනාකොට පහන්වූ සිත් ඇත්තෝව (එය) අසව්.
88
‘‘‘පච්චෙකබුද්ධානං සමාගතානං, පරම්පරං බ්‍යාකරණානි යානි;
ආදීනවො යඤ්ච විරාගවත්ථුං, යථා ච බොධිං අනුපාපුණිංසු.
88
“එහි රැස්වූ පසේ බුදුබවට පත් උතුමන්ගේ පිළිවෙළින් කළ යම් ප්‍රකාශයෝ වෙත් නම් හේ මෙසේයි. කාමයන් පිළිබඳ යම් ආදීනවයක් වෙත් නම් එයද නොඇලීමට කරුණුවූ යමක් වීනම්, එය (දැක) උන්වහන්සේලා ප්‍රත්‍යෙක සම්බෝධියට පත්වූහ.
89
‘‘‘සරාගවත්ථූසු විරාගසඤ්ඤී, රත්තම්හි ලොකම්හි විරත්තචිත්තා;
හිත්වා පපඤ්චෙ ජිතඵන්දිතානි (විදිය ඵන්දිතානි (සී.) ජිතබන්ධිතානි (ක.)), තථෙව බොධිං අනුපාපුණිංසු.
89
“තෘෂ්ණාවෙන් රැඳිය යුතු වස්තු කාම, ක්ලේශ කාමයන්හි නොරැවටුනු පැණවතුන් වූවාහු, ඇලෙන ස්වභාවය ඇති ලෝකයෙහි නොඇලෙන සිත් ඇත්තාහු කෙලෙස් දුරු කොට දෙසැට මිසදිටු ජයගෙන (මේ උතුමෝ) එම හේතුවෙන් ප්‍රත්‍යෙක සම්බෝධියට පැමිණියාහුය.
90
‘‘‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං;
මෙත්තෙන චිත්තෙන හිතානුකම්පී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
90
“සියලු සත්ත්‍වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්‍වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නො කරන්නේ මෙත් සිතින් පතුරුවාලූ හිතානුකම්පා ඇත්තේ, (එම පසේ බුදු රජ තෙම) කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේයි.
91
‘‘‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං;
න පුත්තමිච්ඡෙය්‍ය කුතො සහායං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
91
“සියලු සත්ත්‍වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්‍වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නොකරන්නේ පුත්‍රයා ගැන පවා බලාපොරොත්තුවක් නොතබන්නේය. සහායයන් ගැන කියනුම කවරේද? කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
92
‘‘‘සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා, ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති;
ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
92
“හටගත් සංසර්‍ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය උපදී. ඒ ස්නේහය අනුව යන්නහුට මේ දුක ඇතිවේ. ස්නේහයෙන් හටගත් ආදීනව දකින්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
93
‘‘‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො, හාපෙති අත්ථං පටිබද්ධචිත්තො;
එතං භයං සන්ථවෙ පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
93
“සුහෘදවූ මිත්‍රයන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇති බව හේතුකොට ගෙන තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙලා ගනී. සන්ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
94
‘‘‘වංසො විසාලොව යථා විසත්තො, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා;
වංසෙ කළීරොව අසජ්ජමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
94
“යම් සේ එකට ගෙතුනාවූ විශාල හුණ පඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම් හුණකිලිලක් මෙන් නොඇලෙන්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
95
‘‘‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය;
විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
95
“යම්සේ පඝද මෘගයා උයනෙහි රැහැන් ආදියකින් නොබඳනා ලද්දේ යම් කැමති තැනකට ගොදුරු පිණිස යේද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බවද එසේම දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
96
‘‘‘ආමන්තනා හොති සහායමජ්ඣෙ, වාසෙ ච (වාසෙ (සී. ස්‍යා.) සුත්තනිපාතෙපි ‘‘ච‘‘කාරො නත්ථි) ඨානෙ ගමනෙ චාරිකාය;
අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
96
“මිතුරන් මැද සිටින විටද, දිවාසනයෙහිද, මහා උපට්ඨාන සංඛ්‍යාත සිටීමෙහිද, උද්‍යාන ගමනෙහිද, ජනපද චාරිකාවෙහිද යන මේ අවස්ථාවන්හිදී ඇමතීම ඇතිවේ. අපරාධීනවූ ස්වෛරී බවෙහි අනුසස් දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
97
‘‘‘ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ, පුත්තෙසු පෙමං විපුලඤ්ච හොති;
පියවිප්පයොගං විජිගුච්ඡමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
97
“සහායයන් මැද සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝද පංචකාම ගුණික රාගයෝද වෙති. එසේම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමයද අධිකවේ. එහි ඇතිවන ප්‍රිය විප්‍රයෝගය පිළිකුල් කරණුයේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
98
‘‘‘චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන;
පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
98
“යථාලාභ වශයෙන් සන්තෝෂ වන්නන් සමග, සිව් දිගෙහිවූ සත්ත්‍වයන් හා සංස්කාරයන් සමග, භය වශයෙන් නොගැටෙන්නේ වේ. කාය චිත්ත දරථයන් (වෙහෙසීම්) ඉවසනසුළු ලොමු දැහැ ගනීම් නැත්තේය. කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
99
‘‘‘දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ, අථො ගහට්ඨා ඝරමාවසන්තා;
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
99
100
‘‘‘ඔරොපයිත්වා ගිහිබ්‍යඤ්ජනානි, සඤ්ඡින්නපත්තො යථා කොවිළාරො;
ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
100
“දෙකට පළා දැමූ කොවිලාර (කොබෝලීල) පත්‍රයක් මෙන් මාර්‍ග වීර්‍ය්‍යයෙන් යුත් වීරතෙමේ ගිහි සලකුණු (ව්‍යඤ්ජන) හැර දමා ගිහිබැඳුම් සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙයි.
101
‘‘‘සචෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරිධීරං;
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි, චරෙය්‍ය තෙනත්තමනො සතීමා.
101
“ධෛර්‍ය්‍යවත්වූ, (අර්‍පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් ලැබෙන්නේ නම් සියලු කරදර මැඩගෙන සිහියෙන් යුතුවූයේ ඔහු සමග සතුටුව හැසිරෙන්නේය.
102
‘‘‘නො චෙ ලභෙථ නිපකං සහායං, සද්ධිං චරං සාධුවිහාරිධීරං;
රාජාව රට්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
102
“ධෛර්‍ය්‍යවත්වූ, (අර්‍පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් නොලැබෙන්නේ නම් යම්සේ රජ තෙමේ ජය ගත් රට (උවදුරු සහිතයයි සිතා) හරනේද, එසේම මහ අරණෙහි ඇත්රජකු මෙන් හුදකළාව හැසිරෙන්නේය.
103
‘‘‘අද්ධා පසංසාම සහායසම්පදං, සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා;
එතෙ අලද්ධා අනවජ්ජභොජී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
103
“ඒකාන්තයෙන් මිත්‍ර සම්පත්තිය ප්‍රශංසා කරමු. තමාට වඩා ගුණ ධර්‍මයන්ගෙන් ශ්‍රේෂඨවූවෝද, සමවූවෝද, සේවනය කටයුතු මිත්‍රයෝ වෙති. මෙබඳු මිතුරන් නොලබන වැරදි දිවි පෙවෙතින් උපදවාගත් ආහාරයෙන් නොයැපෙන බැවින් නිවැරදි භෝජනය ඇති හෙතෙම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
104
‘‘‘දිස්වා සුවණ්ණස්ස පභස්සරානි, කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි;
සඞ්ඝට්ටමානානි දුවෙ භුජස්මිං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
104
“රන්කරුවකු විසින් මැනවින් නිමාකළ දීප්තිමත් රන්වළලු (එක්තැනවූකළ) දෑතෙහි ගැටෙන අයුරුද, එසේ එක්තැන්කොට වෙනම පවත්නා කළ නොගැටී ශබ්ද විරහිතව ඇති අයුරුද) දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
105
‘‘‘එවං දුතීයෙන සහා මමස්ස, වාචාභිලාපො අභිසජ්ජනා වා;
එතං භයං ආයතිං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
105
“මෙසේ දෙවැන්නෙකු සමග සල්ලාපයෙහි යෙදීමද, ඇලීමද, යන මේ දෙකම (මතු ඇතිවන අධිගමයට අන්තරාය කරයි) මෙය භය වශයෙන් දක්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
106
‘‘‘කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන්ති චිත්තං;
ආදීනවං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
106
“වස්තුකාම ක්ලේශකාමයෝ විචිත්‍රයහ. මධුරයහ. සිත් අලවන සුලුද වෙති. විවිධ රූපයන් කරණකොට ගෙන සිත් කළඹත්. කාම ගුණයන්හි ඇති මේ ආදීනව දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
107
‘‘‘ඊතී ච ගණ්ඩො ච උපද්දවො ච, රොගො ච සල්ලඤ්ච භයඤ්ච මෙතං;
එතං භයං කාමගුණෙසු දිස්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
107
“පඤ්චකාම ගුණය (නොයෙක් ව්‍යසනයන්ට හේතුවන බැවින්) උවදුරකි. (ක්ලේශාහූචි වැගිරෙන බැවින්) ගෙඩියකි. (අවැඩ සිදු කරණ බැවින්) උවදුරකි. (නීරෝගී බව පැහැරගන්නා බැවින්) රෝගයකි. (හදවත විදින බැවින්) උලකි. (දෙළොව භය එළවන බැවින්) බියකි. කාම ගුණයන්හි ඇති මේ භය දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
108
‘‘‘සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං, වාතාතපෙ ඩංසසරීසපෙ (ඩංසසිරිංසපෙ (සී. ස්‍යා.)) ච;
සබ්බානිපෙතානි අභිබ්භවිත්වා (අභිසංභවිත්වා (සුත්තනිපාතෙ)), එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
108
“සීතලයද, ඌෂ්ණයද, (බඩගින්නද) පිපාසාවද, අවු සුළංද, ඩැහැ ලෙහෙ බොන මැස්සන් හා සර්‍පයන්ද, යන මේ සියල්ල මැඩ පවත්වා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
109
‘‘‘නාගොව යූථානි විවජ්ජයිත්වා, සඤ්ජාතඛන්ධො පදුමී උළාරො;
යථාභිරන්තං විහරං අරඤ්ඤෙ, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
109
“මැනවින් හටගත් ග්‍රීවා ඇති (පියුමක් මෙන් මනහර සිරුරු ඇති බැවින් හෝ පදුම කුලයෙහි උපන් බැවින්) පදුමී නම්වූ උදාරවූ ඇත් රජ තෙම හස්ති සමූහයා හැර දමා කැමති තාක් කල් අරණෙහි වසන්නාක් මෙන් කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
110
‘‘‘අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, යං ඵස්සයෙ (ඵුස්සයෙ (ස්‍යා.)) සාමයිකං විමුත්තිං;
ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
110
“යමක් හේතුකොට ගෙන ලෞකීක සමාපත්තියට පැමිණේනම් සමූහය සමග එක්වීමෙහි ඇළුනහුට, ඒ සාමයීක විමුක්ති නම්වූ ලෞකීක සමාපත්තිය සිදු නොවේ. පසේ බුදුන් වහන්සේගේ මේ වචනය නිසා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
111
‘‘‘දිට්ඨීවිසූකානි උපාතිවත්තො, පත්තො නියාමං පටිලද්ධමග්ගො;
උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්‍යො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
111
“මාර්‍ග සම්‍යක් දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධවූ දෙසැට මිසදිටු උපුටා හරින ලදී. සෝවාන් මගට පත් බැවින් අවිනිපාත ධර්‍මයන් හෙවත්, අපායගාමී නොවන ස්වභාවයෙන් නියත බවට පැමිණියේ ලබන ලද සෙසු මාර්‍ගඵලද ඇත්තේ අන්‍යයන් විසින් මෙය සත්‍යයයි පෙන්වා නොමෙහෙයවිය හැකි හෙවත් අනිකෙකුගේ මාර්‍ගෝපදේශකත්‍වයක් නොමැතිව උපන්නාවූ ප්‍රත්‍යෙක බෝධි ඥානය ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
112
‘‘‘නිල්ලොලුපො නික්කුහො නිප්පිපාසො, නිම්මක්ඛ (නිම්මක්ඛො (ස්‍යා.)) නිද්ධන්තකසාවමොහො;
නිරාසයො (නිරාසාසො (ක.)) සබ්බලොකෙ භවිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
112
“ලොල් නොවූයේ, කුහක බැවින් තොරවූයේ, රශ තෘෂ්ණාවෙන් අනුභව කරනු කැමති බවනම් වූ පිපාසාවද අනුන්ගේ ගුණ මකන ස්වභාවයද නැත්තේ, සිත කය, වචනයන් පිළිබඳ කසට හා මෝහයද හරණ ලද්දේ, භවත්‍රය පිළිබඳව ඇති තෘෂ්ණා විරහිතවූයේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
113
‘‘‘පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං;
සයං න සෙවෙ පසුතං පමත්තං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
113
“පවිටු මිතුරන් දුරු කරන්නේය. අනර්‍ථයක් දක්නාසුළු කාය දුශ්චරිතාදී පව්වලින් යුතුව වෙසෙන දෘෂ්ටි වශයෙන් ඒ ඒ තන්හි ඇළුනාවූ ප්‍රමාදයෙන් යුත් එබඳුවූ මිතුරන් තෙමේ නොසෙව්නේය. කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
114
‘‘‘බහුස්සුතං ධම්මධරං භජෙථ, මිත්තං උළාරං පටිභානවන්තං;
අඤ්ඤාය අත්ථානි විනෙය්‍ය කඞ්ඛං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
114
“පර්‍ය්‍යාප්ති බහුශ්‍රුතත්‍වයෙන් හා ප්‍රතිවේධ බහුශ්‍රුතත්‍වයෙන් යුත් එම පර්‍ය්‍යාප්තීන් හා අධිගමයන් පිළිබඳ වැටහීම් ඇති මිත්‍රයෙකු භජනය කරන්නේය.
115
‘‘‘ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලොකෙ, අනලඞ්කරිත්වා අනපෙක්ඛමානො;
විභූසට්ඨානා විරතො සච්චවාදී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
115
“ලෙව්හි ක්‍රීඩාවද, රතියද, කාම සුඛයද, අනපෙක්‍ෂිතවූයේ, නුසුදුසුයයි නොකොට සැරසීමට කරුණුවූ දෙයින්ද වෙන්වූයේ සත්‍යවාදීව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
116
‘‘‘පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං, ධනානි ධඤ්ඤානි ච බන්ධවානි;
හිත්වාන කාමානි යථොධිකානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
116
“පුත්‍රදාරාවන්ද, දෙමාපියන්ද, ධන ධාන්‍යද, බන්ධූන්ද, යන මේ කාම වස්තූන් පිලිබඳ ස්වකීය ස්වකීය සීමාවෙහි (ඇල්ම) තුබූ තුබූ අයුරින් අතහැර දමා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
117
‘‘‘සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යං, අප්පස්සාදො දුක්ඛමෙවෙත්ථ භිය්‍යො;
ගළො (ගාහො (සී.) කණ්ඩො (ස්‍යා.) ගාළ්හො (ක.)) එසො ඉති ඤත්වා මතිමා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
117
“මේ පඤ්චකාම වස්තූන් නිසා ඇතිවන්නේ ඇල්මකි. එහි ඇති සැපතද, ආශ්වාදයද, ස්වල්පය. එහිවූ දුකම වැඩිය. නුවණැත්තේ මේ පස්කම් සුවය (මත්ස්‍යයන් බඳින්නාවූ) ඇමක් මෙන් සළකා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
118
‘‘‘සන්දාලයිත්වාන සංයොජනානි, ජාලංව භෙත්වා සලිලම්බුචාරී;
අග්ගීව දඩ්ඪං අනිවත්තමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
118
“දැල පළාගෙන ගිය මත්ස්‍යයකු මෙන් සංයෝජනයන් සිඳ දැවීගිය තැනට ආපසු නොඑන්නාවූ ගින්න යම් සේද, එසේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
119
‘‘‘ඔක්ඛිත්තචක්ඛූ න ච පාදලොලො, ගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානො;
අනවස්සුතො අපරිඩය්හමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
119
“යටට හෙළන ලද බැඳුම් ඇත්තෝ සමූහය සමග ඇලීම සඳහා පිරිස් මැදට යාමෙහි ලොල්බව නැත්තේ, රක්නාලද පසිඳුරන් ඇත්තේ, රැකගත් සිතද ඇත්තේ, අරමුණු විෂයෙහි කෙළෙස් වැගිරෙණ ගතියෙන් තොරවූයේ, කෙළෙස් ගින්නෙන් නොදැවෙන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
120
‘‘‘ඔහාරයිත්වා ගිහිබ්‍යඤ්ජනානි, සඤ්ඡන්නපත්තො යථා පාරිඡත්තො;
කාසායවත්ථො අභිනික්ඛමිත්වා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
120
“සිඳින ලද පත් ඇති පරසතු රුකක් මෙන් ගිහි ව්‍යඤ්ජන ලකුණු හැරදමා කසාවත් හැඳ ග්තේ, ගිහිගෙන් නික්ම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
121
‘‘‘රසෙසු ගෙධං අකරං අලොලො, අනඤ්ඤපොසී සපදානචාරී;
කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
121
“ලොල් නොවූයේ, රසයෙහි ගිජු බවක් නැත්තේ, පොෂණය කළ යුතු අනිකෙක් නැත්තේ, ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනේ, ක්‍ෂත්‍රිය කුලාදී යම් කිසි තැනක කෙළෙස් වශයෙන් නොඇලුණු සිත් ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
122
‘‘‘පහාය පඤ්චාවරණානි චෙතසො, උපක්කිලෙසෙ බ්‍යපනුජ්ජ සබ්බෙ;
අනිස්සිතො ඡෙජ්ජ සිනෙහදොසං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
122
“පඤ්ච නීවරණයන් සිතින්ම හැරදමා සියලු උපක්ලේශයන්ද දුරුකොට, තෘෂ්ණා නොවූයේ කාමරාග නම් තෘෂ්ණා දෝෂය සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
123
‘‘‘විපිට්ඨිකත්වාන සුඛඤ්ච දුක්ඛං, පුබ්බෙව සොමනස්සදොමනස්සං;
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
123
“ප්‍රථමධ්‍යාන උපචාරයෙහිදීම සොම්නසද, තතියධ්‍යානූපචාරයෙහිදීම සුඛයද (හරනා බැවින්) පළමුකොටම සැපද, දුකද ගැන නොබලා, එසේම සොම්නස් දොම්නස් දෙකද හැර (පඤ්චනීවරණයන්ගෙන් හා විතර්‍ක විචාර ප්‍රීති සුඛයන්ගෙන්) පිරිසිදුවූ උපෙක්‍ෂාවෙන් යුත් (චතුර්ත්‍ථධ්‍යාන) සමථය ලබා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
124
‘‘‘ආරද්ධවීරියො පරමත්ථපත්තියා, අලීනචිත්තො අකුසීතවුත්ති;
දළ්හනික්කමො ථාමබලූපපන්නො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
124
“නිවණට පැමිණීම සඳහා ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තේ, නොපසුබට සිත් ඇති, කුසීත පැවැත්මෙන් තොරවූ, වීර්‍ය්‍යයෙන් ප්‍රතිපක්‍ෂ කෙළෙසුන් කෙරෙන් ඉවත්වූ (මාර්‍ගක්‍ෂණයෙහි) ස්ථිර ඥාන බලයට පැමිණියේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
125
‘‘‘පටිසල්ලානං ඣානමරිඤ්චමානො, ධම්මෙසු නිච්චං අනුධම්මචාරී;
ආදීනවං සම්මසිතා භවෙසු, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
125
“පටිසල්ලාන නම් කාය විවේකයද, ධ්‍යාන නම් චිත්ත විවේකයද, නොසීස් කරනුයේ විදර්‍ශනාවට එළඹියයුතු ධර්‍මයන් විෂයෙහි නිරතුරුව එම ධර්‍මයන්ට අනුව හැසිරෙන්නේ, ත්‍රිවිධ භවයෙහි ආදීනව මෙනෙහි කරන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
126
‘‘‘තණ්හක්ඛයං පත්ථයමප්පමත්තො, අනෙළමූගො සුතවා සතීමා;
සඞ්ඛාතධම්මො නියතො පධානවා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
126
අප්‍රමාදව නිවණ පතනුයේ, කෙළතොළු නොවූයේ, බහුශ්‍රුතව, සිහි ඇතිව, දහම් විමසීමෙන් ඇතිකරගත් අවබෝධය ඇත්තේ (ආර්‍ය්‍ය මාර්‍ගයෙන්) නියතබවට පැමිණියේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
127
‘‘‘සීහොව සද්දෙසු අසන්තසන්තො, වාතොව ජාලම්හි අසජ්ජමානො;
පදුමංව තොයෙන අලිම්පමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
127
“ශබ්දයන් විෂයෙහි තැතිගැනීමට පත්නොවන සිංහයෙකු මෙන්ද, දැලක නොබැඳුන වාතය මෙන්ද කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
128
‘‘‘සීහො යථා දාඨබලී පසය්හ, රාජා මිගානං අභිභුය්‍ය චාරී;
සෙවෙථ පන්තානි සෙනාසනානි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
128
“දාඨාබලය ඇති වේශයෙන් හා මැඩපවත්වා හැසිරෙන සුළු, මෘගරාජවූ සිංහයෙකු මෙන් දුර සෙනසුන් සෙව්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
129
‘‘‘මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙ;
සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
129
“විරුද්ධවූ ක්ලේශයන්ගෙන් මිදුනාවූ මෛත්‍රීයද, උපෙක්‍ෂාවද, කරුණාවද, මුදිතාවද, ආසේවනයට පහසු කල්හි සෙව්නේ සකල ලෝකවාසි සත්ත්‍වයන් සමග විරුද්ධ නොවන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
130
‘‘‘රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සන්දාලයිත්වාන සංයොජනානි;
අසන්තසං ජීවිතසඞ්ඛයම්හි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
130
“රාග, ද්වේෂ, මෝහයන් හැර (මාර්‍ගයෙන්) දශ සංයෝජනයන් සිඳ ජීවිතය සැකයට පත්කල්හි හෙවත් මරණාසන්නයෙහි තැති නොගන්නේ, කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
131
‘‘‘භජන්ති සෙවන්ති ච කාරණත්ථා, නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා;
අත්තත්ථපඤ්ඤා අසුචීමනුස්සා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
131
“මිත්‍රයන් කිසියම් ලාභයක් සඳහාම භජනයද, සේවනයද කෙරෙත්. එසේ ලාභාපේක්‍ෂාවක් නැතිව භජනය කරණ මිත්‍රයෝ මෙකල දුර්ලභ වෙත්. මිනිස්සු ආත්මාර්ත්‍ථකාමී කල්පනාවන්ගෙන් හා අපිරිසිදු කාය, වචී, මනෝ කර්මයන්ගෙන් යුක්තවූවාහුම, (එබැවින්) කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
132
‘‘‘විසුද්ධසීලා සුවිසුද්ධපඤ්ඤා, සමාහිතා ජාගරියානුයුත්තා;
විපස්සකා ධම්මවිසෙසදස්සී, මග්ගඞ්ගබොජ්ඣඞ්ගගතෙ විජඤ්ඤා.
132
“වෙසෙසින් පිරිසිදු සිල් ඇති, එසේම අතිපරිශුද්‍ධ ප්‍රඥාද ඇති, එකඟ සිත් ඇති, නිදිමැරීමෙහි යෙදුනාවූ, විදර්‍ශකවූ (දශකුශල, චතුස්සත්‍යය, නවලෝකෝත්තර) ධර්‍මයන් වෙසෙසින් දක්නා සුළුවූ, මාගාංග බොජඣඞ්ගයන් හා එක්ව යෙදුනාවූ ආර්‍ය්‍ය ධර්‍මයන් විශේෂයෙන් දැනගත්,
133
‘‘‘සුඤ්ඤප්පණිධිඤ්ච තථානිමිත්තං (සුඤ්ඤතප්පණීහිතඤ්චානිමිත්තං (සී.)), ආසෙවයිත්වා ජිනසාසනම්හි;
යෙ සාවකත්තං න වජන්ති ධීරා, භවන්ති පච්චෙකජිනා සයම්භූ.
133
“සුඤ්ඤත අප්පණිහිත අනිමිත්ත නම් විමොක්‍ෂයන් වඩා ඒ ප්‍රාඥයෝ සර්‍වඥ ශාසනයෙහි ශ්‍රාවක බවට නොපැමිණෙත්. ඔවුහු පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයෝ වෙත්.
134
‘‘‘මහන්තධම්මා බහුධම්මකායා, චිත්තිස්සරා සබ්බදුක්ඛොඝතිණ්ණා;
උදග්ගචිත්තා පරමත්ථදස්සී, සීහොපමා ඛග්ගවිසාණකප්පා.
134
“පුරණ ලද මහත් පුණ්‍ය සම්භාර ඇති බොහෝ වූ ධර්‍මකාය සම්පත් ඇති සිතේ එකඟකමින් යුත් සකල සංසාර සැඩවතුර තරණය කළාවූ සොම්නස් සිත් ඇති පරමාර්ත්‍ථය දක්නා සුළුවූ සිංහයෙකු වැනි වූයේද, කඟවේනෙකු වැනි වූයේද වේ.
135
‘‘‘සන්තින්ද්‍රියා සන්තමනා සමාධී, පච්චන්තසත්තෙසු පතිප්පචාරා (පච්චත්තගම්භීරමතප්පචාරා (සී.));
දීපා පරත්ථ ඉධ විජ්ජලන්තා, පච්චෙකබුද්ධා සතතං හිතාමෙ.
135
“සන්සුන් ඉඳුරන් ඇති, ශාන්තවූ හා එකඟවූ සිත් ඇති ප්‍රත්‍යන්ත ජනපද වැසි සත්ත්‍වයන් විෂයෙහි පතුරුවන ලද මෛත්‍රී කරුණා ආදී ගුණ ඇති, මෙලොව පරලොව යන දෙලොව බබුළුවන ප්‍රදීපයක් වැනිවූ, මේ පසේ බුදුවරයෝ හැම කල්හිම නිරෝධ සමාපත්ති, ඵල සමාපත්ති වශයෙන් සම්පූර්‍ණ වූවාහුය.
136
‘‘‘පහීනසබ්බාවරණා ජනින්දා, ලොකප්පදීපා ඝනකඤ්චනාභා;
නිස්සංසයං ලොකසුදක්ඛිණෙය්‍යා, පච්චෙකබුද්ධා සතතප්පිතාමෙ.
136
“ජනෝත්තමවූ ඒ පසේ බුදුවරයෝ ප්‍රහීණ කරණ ලද සියළු නීවරණ ඇත්තාහු, ඝන ස්වර්‍ණ ප්‍රභා සදෘෂවූවාහු ලෝකයේ අසහාය ප්‍රදීපයෝද වෙති. නිසැකවම ලෝකයෙහි ශ්‍රේෂ්ඨ දක්‍ෂීණාර්‍හයන්වූ මුන්වහන්සේලා හැම කල්හිම අර්පිත නිරෝධ සමාපත්ති හා ඵල සමාපත්ති ඇත්තාහුය.
137
‘‘‘පච්චෙකබුද්ධානං සුභාසිතානි, චරන්ති ලොකම්හි සදෙවකම්හි;
සුත්වා තථා යෙ න කරොන්ති බාලා, චරන්ති දුක්ඛෙසු පුනප්පුනං තෙ.
137
“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එම ධර්‍මය අසා ඒ පරිදි නොකරන්නේ නම්, ඔවුහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.
138
‘‘‘පච්චෙකබුද්ධානං සුභාසිතානි, මධුං යථා ඛුද්දමවස්සවන්තං;
සුත්වා තථා යෙ පටිපත්තියුත්තා, භවන්ති තෙ සච්චදසා සපඤ්ඤා’.
138
“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නාවූ කුඩා මීවද වැනිය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්‍රතිපත්තියෙහි යෙදුනාහු නම් ඔවුහු තුමූ චතුස්සත්‍යය දක්නාවූ සප්‍රාඥයෝ වෙති.
139
‘‘පච්චෙකබුද්ධෙහි ජිනෙහි භාසිතා, කථා (ගාථා (සී. ස්‍යා.)) උළාරා අභිනික්ඛමිත්වා;
තා සක්‍යසීහෙන නරුත්තමෙන, පකාසිතා ධම්මවිජානනත්ථං.
139
“කෙලෙසුන් ජයගත් පසේබුදුවරයන් විසින් දෙසන ලද උදාරවූ ගාථා ගෘහාභිනිෂ්ක්‍රමණයකොට බුද්‍ධත්‍වයට පත් නරෝත්තමවූ ශාක්‍යසිංහ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් (ලෝකයාගේ) ධර්‍මාවබෝධය පිණිස දේශනා කරණ ලදී”
140
‘‘ලොකානුකම්පාය ඉමානි තෙසං, පච්චෙකබුද්ධාන විකුබ්බිතානි;
සංවෙගසඞ්ගමතිවඩ්ඪනත්ථං, සයම්භුසීහෙන පකාසිතානී’’ති.
140
එම පසේබුදුවරයන් විසින් දේශනා කරණ ලද මෙම ගාථාවෝ (නුවණැත්තන්ගේ) සංවේගය හා නොඇලීම වැඩෙනු පිණිස තෙමේම චතුස්සත්‍යාවබෝධය කරගත් ශ්‍රේෂ්ඨ සම්‍යක් සම්බුදුරදුන් විසින් වදාරණ ලදහ.
3-1. සාරිපුත්තත්ථෙරඅපදානං 3-1. සාරීපුත්‍රථේරාපදානය
3-2. මහාමොග්ගල්ලානත්ථෙරඅපදානං 3-2. මහා මොග්ගල්ලාන ථේරාපදානය
3-3. මහාකස්සපත්ථෙරඅපදානං 3-3. මහාකාශ්‍යප ථේරාපදානය
3-4. අනුරුද්ධත්ථෙරඅපදානං 3-4. අනුරුද්ධ ථේරාපදානය
3-5. පුණ්ණමන්තාණිපුත්තත්ථෙරඅපදානං 3-5. පුණ්ණ ථේරාපදානය
3-6. උපාලිත්ථෙරඅපදානං 3-6. උපාළි ස්ථවිරාපදානය
3-7. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානං 3-7. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථේරාපදානය
3-8. පිණ්ඩොලභාරද්වාජත්ථෙරඅපදානං 3-8. පිණ්ඩොල භාරද්වාජ ථේරාපදානය
3-9. ඛදිරවනියරෙවතත්ථෙරඅපදානං 3-9. ඛදිරවනිය රෙවත ථේරාපදානය
3-10. ආනන්දත්ථෙරඅපදානං 3-10. ආනන්‍ද ථේරාපදානය