ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
ථෙරාපදානපාළි ථෙරාපදානය
1. බුද්ධවග්ගො 1. බුද්ධ වග්ගය
1. බුද්ධඅපදානං 1. බුද්ධාපදානය
1
තථාගතං ජෙතවනෙ වසන්තං, අපුච්ඡි වෙදෙහමුනී නතඞ්ගො;
‘‘සබ්බඤ්ඤුබුද්ධා කිර නාම හොන්ති, භවන්ති තෙ හෙතුභි කෙහි වීර’’.
1
වේදේහි පුත්‍ර ආනන්‍ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් සර්‍වඥ බුදුවරයෝ වෙත්දැයි” නමස්කාර පෙරටුව විචාළ සේක.
2
තදාහ සබ්බඤ්ඤුවරො මහෙසී, ආනන්දභද්දං මධුරස්සරෙන;
‘‘යෙ පුබ්බබුද්ධෙසු (සබ්බබුද්ධෙසු (ස්‍යා.)) කතාධිකාරා, අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
2
එකල්හි මහාර්ෂිවූ සර්‍වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්‍වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්‍ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එකී සම්‍යක් සම්බෝධියම අරමුණුකොට මහත්වූ ධෛර්‍ය්‍යයෙන් කළ පැතුමින්ද, වඩන ලද ප්‍රඥාවෙහි බලයෙන්ද, සර්‍වඥභාවයට පැමිණෙත්යයි” මධුර ස්වරයෙන් වදාළ සේක.
3
‘‘තෙනෙව සම්බොධිමුඛෙන ධීරා, අජ්ඣාසයෙනාපි මහාබලෙන;
පඤ්ඤාය තෙජෙන සුතික්ඛපඤ්ඤා, සබ්බඤ්ඤුභාවං අනුපාපුණන්ති.
3
4
‘‘අහම්පි පුබ්බබුද්ධෙසු, බුද්ධත්තමභිපත්ථයිං,
මනසායෙව හුත්වාන, ධම්මරාජා අසඞ්ඛියා.
4
“අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති. මමද එකී පෙර බුදුවරයන් ඉදිරියෙහි සිතින්ම (එම උතුමන්) මෙන් වී බුදුබව පැතීමි.
5
‘‘අථ බුද්ධාපදානානි, සුණාථ සුද්ධමානසා;
තිංසපාරමිසම්පුණ්ණා, ධම්මරාජා අසඞ්ඛියා.
5
“තවද, බුද්ධාපදානයන් පිරිසිදු සිතින් යුතුව අසව්. සමතිස් පෙරුම් පිරූ අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති.
6
‘‘සම්බොධිං බුද්ධසෙට්ඨානං, සසඞ්ඝෙ ලොකනායකෙ;
දසඞ්ගුලී නමස්සිත්වා, සිරසා අභිවාදයිං (අභිවාදයෙ (ස්‍යා.)).
6
“ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්‍වඥතාඥානයටද, ශ්‍රාවක සඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලාටද, දොහොත් එක්කොට නැවතත් හිස නමා වැඳීම කෙළෙමි.
7
‘‘යාවතා බුද්ධඛෙත්තෙසු, රතනා විජ්ජන්තිසඞ්ඛියා;
ආකාසට්ඨා ච භූමට්ඨා (භුම්මට්ඨා (සී. ස්‍යා.)), මනසා සබ්බමාහරිං.
7
“ඇතිතාක් බුද්ධ ක්‍ෂෙත්‍රයන්හි අහසෙහිවූද, පොළොවෙහිවූද, අනන්තවූ රත්නයන් සිතින් (ඉටා) (මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
8
‘‘තත්ථ රූපියභූමියං, පාසාදං මාපයිං අහං;
නෙකභුම්මං රතනමයං, උබ්බිද්ධං නභමුග්ගතං.
8
“එහි රිදියෙන් කරණ ලද්දාවූද, සත් රුවනින් කරණ ලද්දාවූද, නොයෙක් මහල් (තට්ටු) ඇති අහසට උසද්ව නැගී බබලන ප්‍රාසාදයක් මැවීමි.
9
‘‘විචිත්තථම්භං සුකතං, සුවිභත්තං මහාරහං;
කනකමයසඞ්ඝාටං, කොන්තච්ඡත්තෙහි මණ්ඩිතං.
9
“එම ප්‍රාසාදය දිගුපුළුලට සරිලන සේ මැනවින් කළ බෙදුම් ඇති, වටිනා තොරණවලින් හා (සුදු) කුඩවලින් බබළන රුවනින් මුවා දැව වළලු ඇති විසිතුරු කණුවලින් යුක්තවිය.
10
‘‘පඨමා වෙළුරියා භූමි, විමලබ්භසමා සුභා;
නළිනජලජාකිණ්ණා, වරකඤ්චනභූමියා.
10
“එහි පළමුවෙනි මාලය (තට්ටුව) පිරිසිදු වළාකුලක් සේ මනොඥ වෙරළු මිණියෙන් කරණ ලද පොළොව ඇත්තේ විය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් ස්වර්‍ණමය භූමීන්ගෙන්ද යුක්ත විය.
11
‘‘පවාළංසා පවාළවණ්ණා, කාචි ලොහිතකා සුභා;
ඉන්දගොපකවණ්ණාභා, භූමි ඔභාසතී දිසා.
11
“ඇතැම් භූමීහු මනහර ලෙස පබළුයෙන් කළ පැති ඇති පබළුවන් වූවාහුද, අනිකක් රත් පැහැ ඇත්තාහුද, තවකෙක් රතිදු ගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුක්ත වූවාහුද, දසදිගුන් බබුළුවති.
12
‘‘සුවිභත්තා ඝරමුඛා, නිය්‍යූහා සීහපඤ්ජරා;
චතුරො වෙදිකා ජාලා, ගන්ධාවෙළා මනොරමා.
12
“මැනවින් ගෘහද්වාරද, පිටතට නෙරාගිය ප්‍රමුඛ ශාලාවන් (ගෙවල් ඉදිරියේ බැඳි ශාලා) ද සීමැදුරුද, මනහර මුතුලැල්වලින් හා සුවඳදමින් ගැවසීගත් වේදිකා සතරක්ද (එහි) විය.
13
‘‘නීලා පීතා ලොහිතකා, ඔදාතා සුද්ධකාළකා;
කූටාගාරවරූපෙතා, සත්තරතනභූසිතා.
13
“(එම ප්‍රාසාදය) සත් රුවනින් ශෝභාවත් කළ නිල්, කහ, රතු, සුදු හා අමිශ්‍ර කාල වර්‍ණයද ඇති උතුම් කුළු ගෙවලින්ද සමන්විත විය.
14
‘‘ඔලොකමයා පදුමා, වාළවිහඞ්ගසොභිතා;
නක්ඛත්තතාරකාකිණ්ණා, චන්දසූරෙහි (චන්දසුරියෙහි (සී. ස්‍යා.)) මණ්ඩිතා.
14
“උඩුකුරුව පිපුණු (අයුරින් කළ) පියුමින්ද, විශාල මෘගයන්ගේ හා පක්‍ෂීන්ගේ රූ සටහන්වලින්ද බබළන (ඉතා උස් බැවින් පිළිබිඹුවූ) නැකැත් තරුවලින් ගවසීගත් චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ගෙන්ද අලංකාර විය.
15
‘‘හෙමජාලෙන සඤ්ඡන්නා, සොණ්ණකිඞ්කිණිකායුතා;
වාතවෙගෙන කූජන්ති, සොණ්ණමාලා මනොරමා.
15
“රන් කිකිණියෙන් යුත්, රුවන් දැලින් ගැවසුනු මනහර රන් මල් දම්හු වායු වේගයෙන් ශබ්ද පවත්වති.
16
‘‘මඤ්ජෙට්ඨකං ලොහිතකං, පීතකං හරිපිඤ්ජරං;
නානාරඞ්ගෙහි සම්පීතං (සංචිත්තං (ස්‍යා.)), උස්සිතද්ධජමාලිනී (මාලිනිං (සී.)).
16
“මදටිය රතු, කහ, දඹරන් යන නන් වැදෑරුම් සායමින් පොවන ලද ඔසවන ලද්දාවූ ධජ මාලාවෝ වෙති.
17
‘‘න නං (නානා (සී. ස්‍යා.)) බහූනෙකසතා, ඵලිකා රජතාමයා;
මණිමයා ලොහිතඞ්ගා, මසාරගල්ලමයා තථා;
නානාසයනවිචිත්තා, සණ්හකාසිකසන්ථතා.
17
“එහි රිදියෙන් කළ පුවරුද, (නිල්) මිණියෙන්, දෑරඟ මිණියෙන් හා කබරවන් මිණි ආදියෙන් කළ පුවරු ඇති, සියුම් කසී සළු අතුල, නා නා සයනයන්ගෙන් විසිතුරු විය.
18
‘‘කම්පලා දුකූලා චීනා, පට්ටුණ්ණා පණ්ඩුපාවුරා;
විවිධත්ථරණං සබ්බං, මනසා පඤ්ඤපෙසහං.
18
“කම්බිලිද, දුහුල් පටද, චීන පටද, පත්තුණ්ණ දේශයෙහි කළ පටද, පඬුවන් පටද යන මෙයින් කළ ප්‍රාවරණයන්ගෙන් විවිධ ඇතිරි ඇති සියලු (අසුන්) මම සිතින් (ඉටා) පැනවීමි.
19
‘‘තාසු තාස්වෙව භූමීසු, රතනකූටලඞ්කතං;
මණිවෙරොචනා උක්කා, ධාරයන්තා සුතිට්ඨරෙ.
19
“ඒ ඒ භූමීන්හි රත්නමය කර්ණිකාවන්ගෙන් ශෝභාවත් රන්මිණියෙන් කළ දඬුවැට පහන් දරණ (නොයෙක්) සිය ගණන් ජනයෝ සිටිති.
20
‘‘සොභන්ති එසිකා ථම්භා, සුභා කඤ්චනතොරණා;
ජම්බොනදා සාරමයා, අථො රජතමයාපි ච.
20
“(එහි) නුවර දොර හොබවනු වස් සිටවූ යකඩ කණුද, ස්වර්‍ණමයවූ ජාම්බෝජනද, ස්වර්‍ණමයවූ (කිහිරි) ඛදිරදාරුමවූ (රිදී) රජතමයවූ තොරන්හුද බබළති.
21
‘‘නෙකා සන්ධී සුවිභත්තා, කවාටග්ගළචිත්තිතා;
උභතො පුණ්ණඝටානෙකා, පදුමුප්පලසංයුතා.
21
“(එම) පහය මැනවින් බෙදූ බොහෝ ජනෙල් හා අගුළුවලින් විසිතුරු විය. නොයෙක් පියුම් උපුල්වලින් යුත් පෙදෙස තැබූ පූර්‍ණ ඝටයෝද එහි වෙති.
22
‘‘අතීතෙ සබ්බබුද්ධෙ ච, සසඞ්ඝෙ ලොකනායකෙ;
පකතිවණ්ණරූපෙන, නිම්මිනිත්වා සසාවකෙ.
22
“අතීතයෙහිවූ ශ්‍රාවක සංඝයා සහිත ලෝකනායක සම්‍යක් සම්බුදුවරයන්ද, එසේම ශ්‍රාවක සමූහය සහිත පසේ බුදුවරයන්ද පියවි සටහනින් මවා,
23
‘‘තෙන ද්වාරෙන පවිසිත්වා, සබ්බෙ බුද්ධා සසාවකා;
සබ්බසොණ්ණමයෙ පීඨෙ, නිසින්නා අරියමණ්ඩලා.
23
“ශ්‍රාවකයන් සහිත එම බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්‍ය්‍ය සමූහව ස්වර්‍ණමය පීඨයෙහි වැඩහුන්හ.
24
‘‘යෙ ච එතරහි අත්ථි, බුද්ධා ලොකෙ අනුත්තරා;
අතීතෙ වත්තමානා ච, භවනං සබ්බෙ සමාහරිං.
24
“මෙකල ලෝකයෙහි අනුත්තරවූ යම් බුදු කෙනෙක් වෙත්ද, එසේම අතීතයෙහි වූවාහුද, ඒ සියලු බුදුවරයෝම මේ ප්‍රාසාදයට වැඩමවූහ.
25
‘‘පච්චෙකබුද්ධෙනෙකසතෙ, සයම්භූ අපරාජිතෙ;
අතීතෙ වත්තමානෙ ච, භවනං සබ්බෙ සමාහරිං.
25
“තමන් විසින්ම, ගුරූපදේශ විරහිතව ධර්‍මය අවබෝධ කරගත්, පස් මරුන් දිනූ, අතීතයෙහි හා වර්තමානයෙහි වූ නොයෙක් සිය ගණන් පසේ බුදුවරුද, මේ පහයට වැඩම කළහ.
26
‘‘කප්පරුක්ඛා බහූ අත්ථි, යෙ දිබ්බා යෙ ච මානුසා;
සබ්බං දුස්සං සමාහන්තා, අච්ඡාදෙමි තිචීවරං.
26
“දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, කප්රුක් බොහෝ වෙති. (ඒවායින්) සියලු වස්ත්‍ර ගෙනවුත් තුන් සිවුරින් (උන්වහන්සේලා) (හඳවමි.)
27
‘‘ඛජ්ජං භොජ්ජං සායනීයං, සම්පන්නං පානභොජනං;
මණිමයෙ සුභෙ පත්තෙ, සංපූරෙත්වා අදාසහං.
27
“කෑයුතුවූද, බුදියයුතුවූද, රස විඳ ගත යුතුවූද, සමෘද්‍ධවූ, ආහාරපානයෙන් මනොඥවූ, මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දුනිමි.
28
‘‘දිබ්බවත්ථසමා හුත්වා, මට්ඨා (මට්ටා (සී.)) චීවරසංයුතා;
මධුරා සක්ඛරා චෙව, තෙලා ච මධුඵාණිතා.
28
“ඒ දිව්‍ය වස්ත්‍ර වැනි මටසිලුටු සිවුරු දැරුවාවූ, මීසකුරු තලතෙල් හා මීපැණියෙන්ද යන (මෙකී) උතුම් ආහාර පානයන්ගෙන් තෘප්තවූ, ඒ සියලු ආර්‍ය්‍ය සමූහයා ගුහාවන්හි සයනය කරණ කේශර සිංහයන් මෙන් රත්න ගෘහයට පිවිස,
29
‘‘තප්පිතා පරමන්නෙන, සබ්බෙ තෙ අරියමණ්ඩලා;
රතනගබ්භං පවිසිත්වා, කෙසරීව ගුහාසයා.
29
30
‘‘මහාරහම්හි සයනෙ, සීහසෙය්‍යමකප්පයුං;
සම්පජානා සමුට්ඨාය, සයනෙ (සෙය්‍යෙ (ස්‍යා.)) පල්ලඞ්කමාභුජුං.
30
“මාහැඟි සයනයෙහි සිහියෙන් යුතුව සීහ සෙය්‍යාවෙන් සැතපුනාහ. ඉන් නැගිට සයනයෙහිම පලක් බැඳ, වැඩහිඳ, සියලු බුදුවරයන්ට අරමුණුවූ ධ්‍යානයට සමවන්හ.
31
‘‘ගොචරං සබ්බබුද්ධානං, ඣානරතිසමප්පිතා;
අඤ්ඤෙ ධම්මානි දෙසෙන්ති, අඤ්ඤෙ කීළන්ති ඉද්ධියා.
31
“එසේ බුදුවරයන් අතුරෙන් ඇතමෙන් දහම් දෙසත්. කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් ඎද්ධීන් දක්වත්. අයෙක් පඤ්ච වසීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවන්ට සමවදිති. අනෙක ශතසහශ්‍ර සංඛ්‍යාත නොයෙක් ඎද්ධි කරත්.
32
‘‘අඤ්ඤෙ අභිඤ්ඤා අප්පෙන්ති, අභිඤ්ඤා වසිභාවිතා;
විකුබ්බනා විකුබ්බන්ති, අඤ්ඤෙනෙකසහස්සියො.
32
“ඒ පසේ බුදුවරු සර්‍වඥතාඥානයට ගෝචරවූ ප්‍රශ්න අනික් බුදුවරුන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ගැඹුරුවූද කරුණු ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්.
33
‘‘බුද්ධාපි බුද්ධෙ පුච්ඡන්ති, විසයං සබ්බඤ්ඤුමාලයං;
ගම්භීරං නිපුණං ඨානං, පඤ්ඤාය විනිබුජ්ඣරෙ.
33
“ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්. බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ඔවුනොවුන්ට පිළිතුරුද දෙත්.
34
‘‘සාවකා බුද්ධෙ පුච්ඡන්ති, බුද්ධා පුච්ඡන්ති සාවකෙ;
අඤ්ඤමඤ්ඤඤ්ච පුච්ඡිත්වා (පුච්ඡන්ති (සී. ස්‍යා.)), අඤ්ඤොඤ්ඤං බ්‍යාකරොන්ති තෙ.
34
“සම්‍යක් සම්බුදුවරුද, පසේබුදුවරුද, ශ්‍රාවකයෝද, පිරිවර ජනයාද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි එම වෛජයන්ත ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති.
35
‘‘බුද්ධා පච්චෙකබුද්ධා ච, සාවකා පරිචාරකා;
එවං සකාය රතියා, පාසාදෙභිරමන්ති තෙ.
35
“රන් දැල් පේලි ඇති, සප්ත රත්නමය ඡත්‍ර එල්බ සිටිත්වා. මුතු දැලින් එල්බුනු සියලු ඡත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වායි සිතූ කෙණෙහි එසේ පහළවිය.
36
‘‘ඡත්තා තිට්ඨන්තු රතනා, කඤ්චනාවෙළපන්තිකා;
මුත්තාජාලපරික්ඛිත්තා, සබ්බෙ ධාරෙන්තු (ධාරෙන්ති (ක.)) මත්ථකෙ.
36
“රුවන් තරුයෙන් විසිතුරු රෙදි වියන්ද, එසේම විසිතුරු මල් වියන්ද යන මේ සියල්ල මාගේ මුදුනෙහි දරත්වා!
37
‘‘භවන්තු චෙළවිතානා, සොණ්ණතාරකචිත්තිතා;
විචිත්තමල්‍යවිතතා, සබ්බෙ ධාරෙන්තු මත්ථකෙ.
37
“මාලාදාමයන්ගෙන් ගැවසී ගත් සුගන්‍ධ දාමයන්ගෙන් ශෝභිතවූ රෙද්දෙන් කළ මාලාවන්ගෙන් ආකූලවූ රත්න මාලාවන්ගෙන් අලංකෘත,
38
‘‘විතතා මල්‍යදාමෙහි, ගන්ධදාමෙහි සොභිතා;
දුස්සදාමපරිකිණ්ණා, රතනදාමභූසිතා.
38
“විසිතුරු මල්වලින් ගැවසීගත් සුවඳ දුම් ගැන්වූ සුවඳ පසඟුල් කළ රන් වියනින් වැසූ,
39
‘‘පුප්ඵාභිකිණ්ණා සුචිත්තා, සුරභිගන්ධභූසිතා;
ගන්ධපඤ්චඞ්ගුලිකතා (ගන්ධපඤ්චඞ්ගුලං කතා (අට්ඨ.)), හෙමච්ඡදනඡාදිතා.
39
“පියුම් උපුල්වලින් ගැවසීගත් සිව් දිගෙහිවූ පොකුණු පියුම් රොණින් හා රජසින් ස්වර්‍ණ වර්‍ණව වැටහෙත්වා.
40
‘‘චතුද්දිසා පොක්ඛරඤ්ඤො, පදුමුප්පලසන්ථතා;
සොවණ්ණරූපා ඛායන්තු, පද්මංරෙණුරජුග්ගතා.
40
“මාගේ (චෛජයන්ත) ප්‍රාසාදය සියළු ගස්වල මල් පිබිදෙත්වා. ඒ මල් තෙමේම ගිලිහී පහය මතුයෙහි විසිරෙත්වා.
41
‘‘පුප්ඵන්තු පාදපා සබ්බෙ, පාසාදස්ස සමන්තතො;
සයඤ්ච පුප්ඵා මුඤ්චිත්වා, ගන්ත්වා භවනමොකිරුං.
41
“එහි මොණරු නටත්වා, දිව්‍ය හංසයෝ ශබ්ද කරත්වා, කුරවි කෙවිල්ලෝද හාත්පස වෙසෙන සෙසු පක්‍ෂි සමූහයාද නාද කෙරෙත්වා.
42
‘‘සිඛිනො තත්ථ නච්චන්තු, දිබ්බහංසා පකූජරෙ;
කරවීකා ච ගායන්තු, දිජසඞ්ඝා සමන්තතො.
42
“පහය හාත්පස සියළු බෙර වැයෙත්වා. සියලු වීණා ගැයෙත්වා. හැම සංගීතයක්ම පවතිත්වා. 43 -
43
‘‘භෙරියො සබ්බා වජ්ජන්තු, වීණා සබ්බා රසන්තු (රවන්තු (සී. ස්‍යා.)) තා;
සබ්බා සඞ්ගීති වත්තන්තු, පාසාදස්ස සමන්තතො.
43
“සියලු බුද්ධ ක්‍ෂෙත්‍රයෙහිද ඉන් පිටත් සක්වලෙහිද මහත්වූ පළුදු නොවූ ප්‍රභාවත් රන්වන් වර්‍ණයෝ වෙත්වා. ප්‍රදීප වෘක්‍ෂයෝ දැල්වෙත්වා. දස සහශ්‍රී ලෝක ධාතූන්ගේ සමූහයම ඒකාලෝක වෙත්වා.
44
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, චක්කවාළෙ තතො පරෙ;
මහන්තා ජොතිසම්පන්නා, අච්ඡින්නා රතනාමයා.
44
45
‘‘තිට්ඨන්තු සොණ්ණපල්ලඞ්කා, දීපරුක්ඛා ජලන්තු තෙ;
භවන්තු එකපජ්ජොතා, දසසහස්සිපරම්පරා.
45
46
‘‘ගණිකා ලාසිකා චෙව, නච්චන්තු අච්ඡරාගණා;
නානාරඞ්ගා පදිස්සන්තු, පාසාදස්ස සමන්තතො.
46
“නිලියෝද, මුවින් ශබ්ද පවත්වන්නෝද, නෘත්‍ය කෙරෙත්වා. නොයෙක් වර්‍ණවත් දිව්‍යප්සරා සමූහයා ප්‍රකටව පෙණෙත්වා.
47
‘‘දුමග්ගෙ පබ්බතග්ගෙ වා, සිනෙරුගිරිමුද්ධනි;
උස්සාපෙමි ධජං සබ්බං, විචිත්තං පඤ්චවණ්ණිකං.
47
“ගස් මුදුනෙහිද, පර්වත මුදුනෙහිද, සිනෙරු පර්වත මුදුනෙහිද, පඤ්ච වර්‍ණයෙන් විසිතුරුවූ සියලු ධජ ඔසවමි.
48
‘‘නරා නාගා ච ගන්ධබ්බා, සබ්බෙ දෙවා උපෙන්තු තෙ;
නමස්සන්තා පඤ්ජලිකා, පාසාදං පරිවාරයුං.
48
“(දිව්‍ය මනුෂ්‍යාදී) සංසිඳි සත්ත්‍වයෝද, (අසඤ්ඤසත්තයෙහිවූ) අසංඥි සත්ත්‍වයෝද යම්තාක් වෙත් නම් ඒ සියල්ලෝ මා විසින් කරණ ලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා.
49
‘‘යං කිඤ්චි කුසලං කම්මං, කත්තබ්බං කිරියං මම;
කායෙන වාචා මනසා, තිදසෙ සුකතං කතං.
49
50
‘‘යෙ සත්තා සඤ්ඤිනො අත්ථි, යෙ ච සත්තා අසඤ්ඤිනො;
කතං පුඤ්ඤඵලං මය්හං, සබ්බෙ භාගී භවන්තු තෙ.
50
51
‘‘යෙසං කතං සුවිදිතං, දින්නං පුඤ්ඤඵලං මයා;
යෙ ච තත්ථ (තස්මිං (සී. ක.)) න ජානන්ති, දෙවා ගන්ත්වා නිවෙදයුං.
51
“මා විසින් කරණ ලද පින යම් දිව්‍ය මනුෂ්‍ය නාගාදී කෙනෙකුන් විසින් මැනවින් දැනගන්නා ලදද, ඔවුන්ට මා විසින් පිණ දෙන ලදී. මා විසින් ඒ කරණ ලද පින දුන් බව යම් කෙනෙක් නොදනිත් නම් දෙවිවරු ගොස් ඔවුන්ට එය දැන්වූහ.
52
‘‘සබ්බලොකම්හි (සබ්බෙ ලොකම්හි (ස්‍යා. ක.)) යෙ සත්තා, ජීවන්තාහාරහෙතුකා;
මනුඤ්ඤං භොජනං සබ්බං (සබ්බෙ (ස්‍යා.)), ලභන්තු මම චෙතසා.
52
“ආහාර හේතුවෙන් ජීවත්වන සියලුම ලෝකවාසී සත්ත්‍වයෝ මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා.
53
‘‘මනසා දානං මයා දින්නං, මනසා පසාදමාවහිං;
පූජිතා සබ්බසම්බුද්ධා, පච්චෙකා ජිනසාවකා.
53
“පිරිසිදු සිතින් යම් දානයක් මා විසින් දෙන ලද නම්, එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි. සියළු සම්බුදුවරයෝද, පසේබුදුවරයෝද, බුදු සව්වෝද මා විසින් පුදන ලදහ.
54
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
54
“මැනවින් කළ ඒ පිනින්ද, ප්‍රාර්ත්‍ථනාවන්ගෙන්ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට ගියෙමි.
55
‘‘දුවෙ භවෙ පජානාමි, දෙවත්තෙ අථ මානුසෙ;
අඤ්ඤං ගතිං න ජානාමි, මනසා පත්ථනාඵලං.
55
“දෙව් මිනිස් දෙගතිය දනිමි. ඉන් පිටත් අනික් ගතියක් ගැන නොදනිමි. (එය) සිතින් කළ පැතුමෙහි ඵලයයි.
56
‘‘දෙවානං අධිකො හොමි, භවාමි මනුජාධිපො;
රූපලක්ඛණසම්පන්නො, පඤ්ඤාය අසමො භවෙ.
56
“(දෙව්ලොව උපන් කල්හි) දෙවියන්ට ශ්‍රේෂ්ඨ වෙයි. (ඉදින් මිනිස් ලොව උපන් කල්හි) මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨවූ රජ වෙමි. රූප ලක්‍ෂණයෙන් සමන්විතවූයේ, අසමවූ ප්‍රඥාව ඇත්තේද වෙයි.
57
‘‘භොජනං විවිධං සෙට්ඨං, රතනඤ්ච අනප්පකං;
විවිධානි ච වත්ථානි, නභා (නභසා (ස්‍යා.)) ඛිප්පං උපෙන්ති මං.
57
“ශ්‍රේෂ්ඨවූ නානා ප්‍රකාර භෝජනද, බොහෝවූ සත් රුවන්ද, නානා ප්‍රකාර පට්ට කොසෙය්‍යාදී වස්ත්‍රද, මා වෙතට අහසින් වහා පැමිණෙයි.
58
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, දිබ්බා භක්ඛා උපෙන්ති මං.
58
“පෘථිවිය, පර්වතය, ආකාශය, ජලය, වනය යන මේ යම් යම් තැනකට අත පොවම් නම් (ඒ හැම තැනකින්ම) මා වෙත දිව බොජුන් පහල වේ.
59
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, රතනා සබ්බෙ උපෙන්ති මං.
59
“එසේ ඒ පෘථිව්‍යාදී අත පෙවූ හැම තැනකින්ම රුවන්ද, සියලු සුගන්ධ වර්‍ගද, යානා මාල අලංකාරයන්ද, සියලු කන්‍යාවන් හා මි සකුරුද, කෑමද මා වෙත පහළ වෙති.
60
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ ගන්ධා උපෙන්ති මං.
60
61
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං (යත්ථ (ස්‍යා.), යඤ්ඤං (ක.)) හත්ථං පසාරෙමි, සබ්බෙ යානා උපෙන්ති මං.
61
62
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ මාලා උපෙන්ති මං.
62
63
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, අලඞ්කාරා උපෙන්ති මං.
63
64
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බා කඤ්ඤා උපෙන්ති මං.
64
65
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, මධුසක්ඛරා උපෙන්ති මං.
65
66
‘‘පථබ්‍යා පබ්බතෙ චෙව, ආකාසෙ උදකෙ වනෙ;
යං යං හත්ථං පසාරෙමි, සබ්බෙ ඛජ්ජා උපෙන්ති මං.
66
67
‘‘අධනෙ අද්ධික (අද්ධිකෙ (ස්‍යා.)) ජනෙ, යාචකෙ ච පථාවිනො;
දදාමිහං (දදාමිහ (සී.) දදාමි තං (ස්‍යා.)) දානවරං, සම්බොධිවරපත්තියා.
67
“ශ්‍රේෂ්ඨවූ සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස දුගී, මගී, යාචකාදීන්ට මම උතුම් දන් දෙමි.
68
‘‘නාදෙන්තො පබ්බතං සෙලං, ගජ්ජෙන්තො බහලං ගිරිං;
සදෙවකං හාසයන්තො, බුද්ධො ලොකෙ භවාමහං.
68
“ඝන බහල ශෛල පර්වත ගර්ජනය කරවමින්, දෙවියන් සහිත ලෝකයා සොම්නස් කරවමින්, මම ලෙව්හි බුදුවෙමි.
69
‘‘දිසා දසවිධා ලොකෙ, යායතො නත්ථි අන්තකං;
තස්මිඤ්ච දිසාභාගම්හි, බුද්ධඛෙත්තා අසඞ්ඛියා.
69
“ලෙව්හි දස දිගට යන්නහුට කෙළවරක් නැත ඒ දිශාවෙහිද බුද්ධ ක්‍ෂෙත්‍රයෝ අනන්ත වෙති.
70
‘‘පභා පකිත්තිතා මය්හං, යමකා රංසිවාහනා;
එත්ථන්තරෙ රංසිජාලං, ආලොකො විපුලො භවෙ.
70
“ඒ සක්විති රජවූ කල්හි චක්‍රරත්නාදීන්ගේ ආලෝකය රැස් විහිදුවමින් ප්‍රකට විය. මේ දස දහසක් සක්වල අතුරෙහි රැස් සමූහය අධික විය.
71
‘‘එත්තකෙ ලොකධාතුම්හි, සබ්බෙ පස්සන්තු මං ජනා;
සබ්බෙ මං අනුවත්තන්තු, යාව බ්‍රහ්මනිවෙසනං (සබ්බෙව සුමනා හොන්තු, සබ්බෙ මං අනුවත්තරෙ (සී. ස්‍යා.)).
71
“මෙපමණවූ ලෝක ධාතූන්හි සියලුදෙනා මා දකිත්වා. සියලු දෙනා සතුටුවෙත්වා. එසේම සියලු දෙන මා අනුගමනය කෙරෙති. බඹලොව දක්වාවූ හැද දෙනම මා අනුගමනය කෙරෙත්වා.
72
‘‘විසිට්ඨමධුනාදෙන, අමතභෙරිමාහනිං;
එත්ථන්තරෙ ජනා සබ්බෙ, සුණන්තු මධුරං ගිරං.
72
“විශිෂ්ඨවූ මධුර නාදයෙන් දෙව් බෙර ගැසීමි. මේ දස දහසක් සක්වල ඇතුළත සියලු ජනයෝ මිහිරි නාදය අසත්වා.
73
‘‘ධම්මමෙඝෙන වස්සන්තෙ, සබ්බෙ හොන්තු අනාසවා;
යෙත්ථ පච්ඡිමකා සත්තා, සොතාපන්නා භවන්තු තෙ.
73
“දහම් වැසි වස්නා කල්හි සියල්ලෝ ආශ්‍රව රහිතයෝ (රහත්හු) වෙත්වා! මේ ජනයා අතරෙහි යමෙක් පච්ඡිමක (අඩු) ගුණ ඇත්තෝ වෙත් නම් ඔවහු සෝවාන් වෙත්වා.
74
‘‘දත්වා දාතබ්බකං දානං, සීලං පූරෙත්වා අසෙසතො;
නෙක්ඛම්මපාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
74
“දන්දී නිරවශෙෂයෙන් සිල් පුරා ගෘහාභිනිෂ්ක්‍රමණය කොට සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
75
‘‘පණ්ඩිතෙ පරිපුච්ඡිත්වා, කත්වා වීරියමුත්තමං;
ඛන්තියා පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
75
“නැණවතුන් විචාරා උතුම් වීර්‍ය්‍යකොට ක්‍ෂාන්ති පාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
76
‘‘කත්වා දළ්හමධිට්ඨානං, සච්චපාරමි පූරිය;
මෙත්තාය පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
76
“ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානය කොට, සත්‍ය පාරමිතාව හා මෛත්‍රී පාරමිතාව පුරා, සම්‍යක් සම්බා්ධියට පැමිණියෙමි.
77
‘‘ලාභාලාභෙ සුඛෙ දුක්ඛෙ, සම්මානෙ චාවමානනෙ (සම්මානෙ ච විමානනෙ (ක.) සම්මානනෙ විමානනෙ (ස්‍යා.));
සබ්බත්ථ සමකො හුත්වා, පත්තො සම්බොධිමුත්තමං.
77
“ලාභය, අලාභය, සැපය, දුකය, සම්මානය, අවමානය යන මේ සියලු තන්හි සමසේ උපෙක්‍ෂා පාරමිතාව පුරා බුදු බවට පැමිණියෙමි.
78
‘‘කොසජ්ජං භයතො දිස්වා, වීරියං චාපි ඛෙමතො;
ආරද්ධවීරියා හොථ, එසා බුද්ධානුසාසනී.
78
“කුසීත බව භය වශයෙන්ද, වීර්‍ය්‍යය ක්‍ෂෙම (ආරක්‍ෂා ස්ථානය) වශයෙන්ද දැක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වව්. මෙය බුද්‍ධානුශාසනයයි.
79
‘‘විවාදං භයතො දිස්වා, අවිවාදඤ්ච ඛෙමතො;
සමග්ගා සඛිලා හොථ, එසා බුද්ධානුසාසනී.
79
“විවාදය භය වශයෙන්ද, අවිවාදය ක්‍ෂෙම වශයෙන්ද දැක සමගිව, සිලිටි මෘදු ගුණ ඇත්තෝ වව්. මෙය බුද්ධානුශාසනයයි.
80
‘‘පමාදං භයතො දිස්වා, අප්පමාදඤ්ච ඛෙමතො;
භාවෙථට්ඨඞ්ගිකං මග්ගං, එසා බුද්ධානුසාසනී.
80
“ප්‍රමාදය භය වශයෙන්ද, ක්‍ෂෙම වශයෙන්ද දැක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය වඩව්. මෙය බුද්ධානුශාසනයයි.
81
‘‘සමාගතා බහූ බුද්ධා, අරහන්තා (අරහන්තො (ස්‍යා.)) ච සබ්බසො;
සම්බුද්ධෙ අරහන්තෙ ච, වන්දමානා නමස්සථ.
81
“නොයෙක් සිය දහස් ගණන් පසේ බුදුවරුද, රහත්හුද රැස්වූහ. ඒ බුදුවරයන්ද, රහතුන්ද, වඳිමින් නමස්කාර කරව්.
82
‘‘එවං අචින්තියා බුද්ධා, බුද්ධධම්මා අචින්තියා;
අචින්තියෙ පසන්නානං, විපාකො හොති අචින්තියො’’’.
82
“මෙසේ බුදුවරයෝ චිත්තවිෂයාතික්‍රාන්තයහ. බුද්ධ දේශිත ධර්‍මය චිත්තවිෂයාතික්‍රාන්තයහ. චිත්තවිෂයාතික්‍රාන්තවූ බුදුන් කෙරෙහි හා ධර්‍මය කෙරෙහි පැහැදුනවුන්ට ලැබෙන විපාකයද චිත්තවිෂයාතික්‍රාන්ත වේ. හෙවත් සිතා අවසන් කළ නොහැකිවේ.”
2. පච්චෙකබුද්ධඅපදානං 2. පච්චෙක බුද්ධාපදානය
3-1. සාරිපුත්තත්ථෙරඅපදානං 3-1. සාරීපුත්‍රථෙරාපදානය
3-2. මහාමොග්ගල්ලානත්ථෙරඅපදානං 3-2. මහා මොග්ගල්ලාන ථෙරාපදානය
3-3. මහාකස්සපත්ථෙරඅපදානං 3-3. මහාකාශ්‍යප ථෙරාපදානය
3-4. අනුරුද්ධත්ථෙරඅපදානං 3-4. අනුරුද්ධ ථෙරාපදානය
3-5. පුණ්ණමන්තාණිපුත්තත්ථෙරඅපදානං 3-5. පුණ්ණ ථෙරාපදානය
3-6. උපාලිත්ථෙරඅපදානං 3-6. උපාළි ස්ථවිරාපදානය
3-7. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානං 3-7. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථෙරාපදානය
3-8. පිණ්ඩොලභාරද්වාජත්ථෙරඅපදානං 3-8. පිණ්ඩොල භාරද්වාජ ථෙරාපදානය
3-9. ඛදිරවනියරෙවතත්ථෙරඅපදානං 3-9. ඛදිරවනිය රෙවත ථෙරාපදානය
3-10. ආනන්දත්ථෙරඅපදානං 3-10. ආනන්‍ද ථෙරාපදානය