ත්‍රිපිටකය
15. චත්තාලීසනිපාතො 15. චත්තාළීස නිපාතය
1. ඉසිදාසීථෙරීගාථා 1. ඉසිදාසී ථේරී ගාථා
402
නගරම්හි කුසුමනාමෙ, පාටලිපුත්තම්හි පථවියා මණ්ඩෙ;
සක්‍යකුලකුලීනායො, ද්වෙ භික්ඛුනියො හි ගුණවතියො.
402
“පොළවට ආභරණයක් වූ කුසුම නම් වූ පැළලුප් නුවර ශාක්‍ය පුත්‍රයන් වහන්සේගෙන් කුලවත්වූ, ගුණවත්වූ භික්ෂුණීහු දෙදෙනෙක් වෙසෙති.
403
ඉසිදාසී තත්ථ එකා, දුතියා බොධීති සීලසම්පන්නා ච;
ඣානජ්ඣායනරතායො, බහුස්සුතායො ධුතකිලෙසායො.
403
“ඉන් එක් නමක් ඉසිදාසී නමි. දෙවැන්නි සිල්වත් බෝධිථෙරී නම් ධ්‍යාන කිරීමෙහි ඇලුණාහු බොහෝ දැන උගත්තාහු පහකළ කෙළෙස් ඇත්තාහු වූ.
404
තා පිණ්ඩාය චරිත්වා, භත්තත්ථං (භත්තත්තං (සී.)) කරිය ධොතපත්තායො;
රහිතම්හි සුඛනිසින්නා, ඉමා ගිරා අබ්භුදීරෙසුං.
404
“ඔහු පිණ්ඩපාතයෙහි හැසිර බත් කිස ගනීවා, පාත්‍රා සෝධා තබා ජනයාගෙන් තොරව සැපසේ හිඳ මේ ගාථාවෙන් කීහු.
405
‘‘පාසාදිකාසි අය්‍යෙ, ඉසිදාසි වයොපි තෙ අපරිහීනො;
කිං දිස්වාන බ්‍යාලිකං, අථාසි නෙක්ඛම්මමනුයුත්තා’’.
405
“ආර්යා ඉසිදාසිය, පැහැ විහිදෙන රූ ඇත්තෙහිය. නුඹේ වයසද නො පිරිහුණේය. ගිහිගෙයි කවර දෝෂයක් දැක පැවිද්දට නික්මුණෙහිද?
406
එවමනුයුඤ්ජියමානා සා, රහිතෙ ධම්මදෙසනාකුසලා;
ඉසිදාසී වචනමබ්‍රවි, ‘‘සුණ බොධි යථාම්හි පබ්බජිතා.
406
“මෙසේ ශුන්‍ය ස්ථානයෙහිදී යෙදුනු ධර්ම දේශනාවෙහි දක්ෂවූ ඒ ඉසිදාසී භික්ෂුණීතොම “බෝධිය මා පැවිදි වූයේ කෙසේදැයි අසවයි මේ වචන කීය.
407
‘‘උජ්ජෙනියා පුරවරෙ, මය්හං පිතා සීලසංවුතො සෙට්ඨි;
තස්සම්හි එකධීතා, පියා මනාපා ච දයිතා ච.
407
“උදේනි නුවර සිල්වත් සිටුතෙම මගේ පියාය. ඔහුට මම ප්‍රියවූ, මන වඩන, දයාවත් එකම දුවණිය වූවාය.
408
‘‘අථ මෙ සාකෙතතො වරකා, ආගච්ඡුමුත්තමකුලීනා;
සෙට්ඨී පහූතරතනො, තස්ස මමං සුණ්හමදාසි තාතො.
408
“ඉක්බිති සාකේත නුවරින් උතුම් කුලවත් මා ඉල්ලන්නෝ ආවාහුය. මහත් ධන ඇති සිටුකෙනෙක් වෙයි. ඔහුට ලේලියකොට මා පාවාදිනි.
409
‘‘සස්සුයා සස්සුරස්ස ච, සායං පාතං පණාමමුපගම්ම;
සිරසා කරොමි පාදෙ, වන්දාමි යථාම්හි අනුසිට්ඨා.
409
“උදේ සවස නැදිමයිලන් වෙත වැඳීමට ගොස් දෙපය හිස තබමි. වඳිමි. අවවාදය එසේ පිළිපදින්නක් වෙමි.
410
‘‘යා මය්හං සාමිකස්ස, භගිනියො භාතුනො පරිජනො වා;
තමෙකවරකම්පි දිස්වා, උබ්බිග්ගා ආසනං දෙමි.
410
“මගේ හිමියාගේ යම් සහෝදරියෝ වෙත්ද, සොහොයුරෝ වෙත්ද, පිරිවරවේද, මුන් අතුරෙන් එකම වල්ලභයකු දැක තැතිගත්තාව අසුන් දෙමි.
411
‘‘අන්නෙන ච පානෙන ච, ඛජ්ජෙන ච යඤ්ච තත්ථ සන්නිහිතං;
ඡාදෙමි උපනයාමි ච, දෙමි ච යං යස්ස පතිරූපං.
411
“එහි සැදූ ආහාර පාන වලින් යමකුට සුදුසු යමක් ඇද්ද එයින් පවරමි. එළවමි. දෙමි.
412
‘‘කාලෙන උපට්ඨහිත්වා (උට්ඨහිත්වා (ස්‍යා. ක.), උපට්ඨහිතුං (?)), ඝරං සමුපගමාමි උම්මාරෙ;
ධොවන්තී හත්ථපාදෙ, පඤ්ජලිකා සාමිකමුපෙමි.
412
“සුදුසු කාලයෙහි උපස්ථාන කොට, එලිපත සමීපයේදී පිළිගනිමි. අත් පා සෝදවා ඇඳිලි බැඳගෙන ස්වාමියා වෙතට පැමිණියෙමි.
413
‘‘කොච්ඡං පසාදං අඤ්ජනිඤ්ච, ආදාසකඤ්ච ගණ්හිත්වා;
පරිකම්මකාරිකා විය, සයමෙව පතිං විභූසෙමි.
413
“හිස පීරණ කොස්සද, විලවුන්ද, කැඩපතද ගෙණ වැඩකාරියක මෙන් තොමෝම සිය හිමියා සරසමි.
414
‘‘සයමෙව ඔදනං සාධයාමි, සයමෙව භාජනං ධොවන්තී;
මාතාව එකපුත්තකං, තථා (තදා (සී.)) භත්තාරං පරිචරාමි.
414
“තොමෝම බත් පිසයි. තොමෝම බඳුන් සෝදයි. එක් පුතකු ඇති මවක මෙන් එවිට හිමියාට උපස්ථාන කරමි.
415
‘‘එවං මං භත්තිකතං, අනුරත්තං කාරිකං නිහතමානං;
උට්ඨායිකං (උට්ඨාහිකං (ක.)) අනලසං, සීලවතිං දුස්සතෙ භත්තා.
415
“මෙසේ බැල මෙහෙ ඇති ඇලුණු, කටයුතු කරණ, උඩඟු නොවූ, අලස නොවූ, සිල්වත් උපස්ථායිකාවූ මට හිමියා කෝප කරයි.
416
‘‘සො මාතරඤ්ච පිතරඤ්ච, භණති ‘ආපුච්ඡහං ගමිස්සාමි;
ඉසිදාසියා න සහ වච්ඡං, එකාගාරෙහං (එකඝරෙප’හං (?)) සහ වත්ථුං’.
416
“ඉසිදාසිය හා එක ගෙයි එක්ව නොවසන්නෙමි. මම විචාරා යන්නෙමියි’ හෙතෙම මවුපියන්ට කියයි.
417
‘‘‘මා එවං පුත්ත අවච, ඉසිදාසී පණ්ඩිතා පරිබ්‍යත්තා;
උට්ඨායිකා අනලසා, කිං තුය්හං න රොචතෙ පුත්ත’.
417
“පුත්‍රය, එසේ නොකියව, ඉසිදාසිය නුවණැති දක්ෂ අලස නැති උපස්ථායිකාවකි. කුමක් හෙයින් නුඹට රුචි නොවේද?”
418
‘‘‘න ච මෙ හිංසති කිඤ්චි, න චහං ඉසිදාසියා සහ වච්ඡං;
දෙස්සාව මෙ අලං මෙ, අපුච්ඡාහං (ආපුච්ඡාහං (ස්‍යා.), ආපුච්ඡහං-නාපුච්ඡහං (?)) ගමිස්සාමි’.
418
“මට කිසි හිංසාවක්ද නොකෙරෙයි. මම ඈ හා නොවසන්නෙමි. මට කෝප උපදවයි. මට ප්‍රයෝජනයක් නැත. නොවිචාරාම යම් තැනක යන්නෙමි.”
419
‘‘තස්ස වචනං සුණිත්වා, සස්සු සසුරො ච මං අපුච්ඡිංසු;
‘කිස්ස (කිංස (?)) තයා අපරද්ධං, භණ විස්සට්ඨා යථාභූතං’.
419
“ඔහුගේ වචනය අසා නැදිමයිල්හු ‘තෝ කවර වරදක් කෙළෙහිද? නිසැකව කියව’යි මා විචාළෝය.
420
‘‘‘නපිහං අපරජ්ඣං කිඤ්චි, නපි හිංසෙමි න භණාමි දුබ්බචනං;
කිං සක්කා කාතුය්‍යෙ, යං මං විද්දෙස්සතෙ භත්තා’.
420
“ආර්යාවෙනි. මම කිසි වරදක් නොකෙළෙමි. හිංසාවක් නොකෙළෙමි. නොබිණිමි. මා හිමියා කෝප වන කවර බැණීමක් කරන්නට හැකිවේද?
421
‘‘තෙ මං පිතුඝරං පටිනයිංසු, විමනා දුඛෙන අධිභූතා;
‘පුත්තමනුරක්ඛමානා, ජිතාම්හසෙ රූපිනිං ලක්ඛිං’.
421
“ඔහු පුතු රකින්නාහු රූපවත් ශ්‍රී දේවියගෙන් පිරිහුනෙමුයි නොසතුටුව මා පිය කුලයට ආපසු පැමිණවූහ.
422
‘‘අථ මං අදාසි තාතො, අඩ්ඪස්ස ඝරම්හි දුතියකුලිකස්ස;
තතො උපඩ්ඪසුඞ්කෙන, යෙන මං වින්දථ සෙට්ඨි.
422
“අනතුරුව පියතෙම එයින් අර්ධයක් දායාද සමග දෙවන ධනවත් කුලවතකුට මා පාවා දිනි. සිටුතෙම එපරිද්දෙන් මා විඳියි.
423
‘‘තස්සපි ඝරම්හි මාසං, අවසිං අථ සොපි මං පටිච්ඡරයි (පටිච්ඡසි (සී. ක.), පටිච්ඡති (ස්‍යා.), පටිච්ඡරති (ක.));
දාසීව උපට්ඨහන්තිං, අදූසිකං සීලසම්පන්නං.
423
“ඔහුගේ ගෙයිද මාසයක් විසීමි. දාසියක් මෙන් සලකන ද්‍රොහි නොවන සිල්වත් මා හෙතෙමේද ප්‍රතික්ෂේප කෙළේය.
424
‘‘භික්ඛාය ච විචරන්තං, දමකං දන්තං මෙ පිතා භණති;
‘හොහිසි (සොහිසි (සබ්බත්ථ)) මෙ ජාමාතා, නික්ඛිප පොට්ඨිඤ්ච (පොන්තිං (සී. ස්‍යා.)) ඝටිකඤ්ච’.
424
“හික්මුණ, දැමුණු ආහාර සොයා බුදින සිඟන්නකු දැක මපියතෙම නුඹ මා බෑණා වන්නෙහිය. වස්ත්‍ර කැබෙල්ලත් පාත්‍රයත් දමවයි කීය.
425
‘‘සොපි වසිත්වා පක්ඛං (පක්කමථ (සී.)), අථ තාතං භණති ‘දෙහි මෙ පොට්ඨිං;
ඝටිකඤ්ච මල්ලකඤ්ච, පුනපි භික්ඛං චරිස්සාමි’.
425
“ඔහුද මා හා අඩමසක් වැස යන්නේ “නැවතත් සිඟා යන්නෙමි. රෙදි කඩත් පාත්‍රයත් මාලාවත් දෙවයි” මපියහට කියයි.
426
‘‘අථ නං භණතී තාතො, අම්මා සබ්බො ච මෙ ඤාතිගණවග්ගො;
‘කිං තෙ න කීරති ඉධ, භණ ඛිප්පං තං තෙ කරිහි’ති.
426
“අනතුරුව පියාද මවුද මගේ අන්‍ය සියළු නෑ සමූහයාද නුඹට මෙහි කුමක් නොකෙරේද? එසියල්ල කරවන්නෙමු. වහාම කියවයි කියයි.
427
‘‘එවං භණිතො භණති, ‘යදි මෙ අත්තා සක්කොති අලං මය්හං;
ඉසිදාසියා න සහ වච්ඡං, එකඝරෙහං සහ වත්ථුං’.
427
“මෙසේ කියන ලද ඔහු මට නිදහස්ව විසිය හැකිය. ඉසිදාසියගෙන් කම් නැත. එක ගෙයි එක්ව නොවසන්නෙමියි කියයි.”
428
‘‘විස්සජ්ජිතො ගතො සො, අහම්පි එකාකිනී විචින්තෙමි;
‘ආපුච්ඡිතූන ගච්ඡං, මරිතුයෙ (මරිතායෙ (සී.), මරිතුං (ස්‍යා.)) වා පබ්බජිස්සං වා’.
428
“හරණ ලද ඔහු ගියේය. මමද හුදකලාව සිතීමි. නොවිචාරා මැරෙන්නට හෝ යමි. පැවිදි හෝ වන්නෙමි.
429
‘‘අථ අය්‍යා ජිනදත්තා, ආගච්ඡී ගොචරාය චරමානා;
තාතකුලං විනයධරී, බහුස්සුතා සීලසම්පන්නා.
429
“මෙසේ බොහෝ දත් විනයධර සිල්වත් ජිනදත්තා ආර්යා තෙමේ පියාගේ ගෙදරට පිඬු පිණිස වැඩියාය.
430
‘‘තං දිස්වාන අම්හාකං, උට්ඨායාසනං තස්සා පඤ්ඤාපයිං;
නිසින්නාය ච පාදෙ, වන්දිත්වා භොජනමදාසිං.
430
“අප ගෙදරට ආ මෙහෙණිය දැක වහා නැගිට අස්නක් පැනවීමි. හුන්නියගේ පා වැඳ අහරද පිළිගැන්වීමි.
431
‘‘අන්නෙන ච පානෙන ච, ඛජ්ජෙන ච යඤ්ච තත්ථ සන්නිහිතං;
සන්තප්පයිත්වා අවචං, ‘අය්‍යෙ ඉච්ඡාමි පබ්බජිතුං’.
431
“එහි තැබූ ආහාර පාන කැවිල්ලෙන් සතපා ආර්යාවෙනි, පැවිදිවනු කැමැත්තෙමියි’ කීමි.
432
‘‘අථ මං භණතී තාතො, ‘ඉධෙව පුත්තක (පුත්තිකෙ (ස්‍යා. ක.)) චරාහි ත්වං ධම්මං;
අන්නෙන ච පානෙන ච, තප්පය සමණෙ ද්විජාතී ච’.
432
“ඉක්බිති පියතෙම මට මෙසේ කීය. ‘දුව මෙහිම ඒ ධර්මය පුරව. ආහාර පානයෙන් මහණ බමුණන් සතපව’
433
‘‘අථහං භණාමි තාතං, රොදන්තී අඤ්ජලිං පණාමෙත්වා;
‘පාපඤ්හි මයා පකතං, කම්මං තං නිජ්ජරෙස්සාමි’.
433
“අනතුරුව මම ඇඳිලි බැඳ වැඳ අඬමින් පියාට කියමි. ‘පෙර මා කළ ඒ පාපය දිරවන්නෙමි.’
434
‘‘අථ මං භණතී තාතො, ‘පාපුණ බොධිඤ්ච අග්ගධම්මඤ්ච;
නිබ්බානඤ්ච ලභස්සු, යං සච්ඡිකරී ද්විපදසෙට්ඨො’.
434
“යලිත් පියතෙම ‘දෙපා ඇත්තවුන්ට අග්‍රවූ සර්වඥයන් වහන්සේ යමක් ප්‍රත්‍යක්ෂ කළසේක්ද, ඒ බෝධියටද අග්‍ර ධර්මයටද පැමිණෙව, නිර්වාණයද ලබවයි’ කියායි.
435
‘‘මාතාපිතූ අභිවාදයිත්වා, සබ්බඤ්ච ඤාතිගණවග්ගං;
සත්තාහං පබ්බජිතා, තිස්සො විජ්ජා අඵස්සයිං.
435
“මවු පියන්ද, සියළු නෑයන්ද වැඳ පැවිදිව සත් දවස තුළ තුන් නුවණ ලැබීමි.
436
‘‘ජානාමි අත්තනො සත්ත, ජාතියො යස්සයං ඵලවිපාකො;
තං තව ආචික්ඛිස්සං, තං එකමනා නිසාමෙහි.
436
“යමෙක මේ විපාකයෙක් වීද ඒ මගේ ජාති සතක් දනිමි. එය නුඹට කියන්නෙමි. ඒ එක සිතින් අසව.
437
‘‘නගරම්හි එරකච්ඡෙ (එරකකච්ඡෙ (ස්‍යා. ක.)), සුවණ්ණකාරො අහං පහූතධනො;
යොබ්බනමදෙන මත්තො සො, පරදාරං අසෙවිහං.
437
“ඒ මම එරකච්ඡ නුවර මහත් ධන ඇති රන්කරුවෙක් වීමි. තරුණ මදයෙන් මත්ව පරදාර සේවනය කෙළෙමි.
438
‘‘සොහං තතො චවිත්වා, නිරයම්හි අපච්චිසං චිරං;
පක්කො තතො ච උට්ඨහිත්වා, මක්කටියා කුච්ඡිමොක්කමිං.
438
“ඒ මම ඉන් චුතව බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි. එසේ පැසී ඉන් නැඟී වැඳිරියක කුස උපන්නෙමි.
439
‘‘සත්තාහජාතකං මං, මහාකපි යූථපො නිල්ලච්ඡෙසි;
තස්සෙතං කම්මඵලං, යථාපි ගන්ත්වාන පරදාරං.
439
“රැළට නායක මහ වඳුරුතෙම උපන් සත් දවසක්වූ මාගේ බිජුවට නැසීය. පරදාර ගිය මේ එහි කර්ම විපාකයයි.
440
‘‘සොහං තතො චවිත්වා, කාලං කරිත්වා සින්ධවාරඤ්ඤෙ;
කාණාය ච ඛඤ්ජාය ච, එළකියා කුච්ඡිමොක්කමිං.
440
“ඒ මම ඉන් චුතව සින්ධවාරණ්‍යයෙහි කණවූ කුදුවූ එළු දෙනක කුස උපන්නෙමි.
441
‘‘ද්වාදස වස්සානි අහං, නිල්ලච්ඡිතො දාරකෙ පරිවහිත්වා;
කිමිනාවට්ටො අකල්ලො, යථාපි ගන්ත්වාන පරදාරං.
441
“එහිදී බීජොත්පාටනය කළ මම දොළොස් වසක් මුළුල්ලෙහි දරුවන් උසුලමින්, පරදාරයෙහි ගිය පවින් පණුවන් ගෙන් ආකූලව ගිලන් වූයේ වෙමි.
442
‘‘සොහං තතො චවිත්වා, ගොවාණිජකස්ස ගාවියා ජාතො;
වච්ඡො ලාඛාතම්බො, නිල්ලච්ඡිතො ද්වාදසෙ මාසෙ.
442
“ඒ මම ඉන් චුතව ගෙරි වෙළෙඳකුගේ දෙනකගෙන් ලාකඩසේ රතු වස්සෙක්ව දොළොස්වැනි මස බීජොද්ධරණය කරන ලද්දෙමි.
443
‘‘වොඪූන (තෙ පුන (ස්‍යා. ක.), වොධුන (ක. අට්ඨ.)) නඞ්ගලමහං, සකටඤ්ච ධාරයාමි;
අන්ධොවට්ටො අකල්ලො, යථාපි ගන්ත්වාන පරදාරං.
443
“මම නඟුලද උසුළා ගැලද දරමි. පසුව පරදාරයට ගිය පවින් අන්ධව ගිලන්වීමි.
444
‘‘සොහං තතො චවිත්වා, වීථියා දාසියා ඝරෙ ජාතො;
නෙව මහිලා න පුරිසො, යථාපි ගන්ත්වාන පරදාරං.
444
“ඒ මම ඉන් චුතව නුවර වීථියෙක දාසියක ගෙයි, පරදාරයට ගිය පවින් ස්ත්‍රී නොවූ පුරුෂ නොවූ නපුංසකවීමි.
445
‘‘තිංසතිවස්සම්හි මතො, සාකටිකකුලම්හි දාරිකා ජාතා;
කපණම්හි අප්පභොගෙ, ධනික (අණික (අට්ඨ.), තංසංවණ්ණනායම්පි අත්ථයුත්ති ගවෙසිතබ්බා) පුරිසපාතබහුලම්හි.
445
“තිස්වෙනි වසෙහි මළේ, දුප්පත්, දිළිඳු බොහෝ ණය හිමියන් විසින් මඩනා ලද, ගැල්කරු කුලයෙක දැරියක්ව උපන්නෙමි.
446
‘‘තං මං තතො සත්ථවාහො, උස්සන්නාය විපුලාය වඩ්ඪියා;
ඔකඩ්ඪති විලපන්තිං, අච්ඡින්දිත්වා කුලඝරස්මා.
446
“ඉක්බිති ගැල්කරුතෙම ණය පොළිය උස්ව වැඩුණු කල්හි ඒ මා හඬද්දී කුල ගෙයින් ඇද පෙළයි.
447
‘‘අථ සොළසමෙ වස්සෙ, දිස්වා මං පත්තයොබ්බනං කඤ්ඤං;
ඔරුන්ධතස්ස පුත්තො, ගිරිදාසො නාම නාමෙන.
447
“ඉක්බිතිව සොළොස්වැනි වස යොවුන් බවට පැමිණි මා දැක ගිරිදාස නම් රියැදුරකුගේ පුත්‍රයෙක් මා භාර්යා කෙළේය.
448
‘‘තස්සපි අඤ්ඤා භරියා, සීලවතී ගුණවතී යසවතී ච;
අනුරත්තා (අනුවත්තා (ක.)) භත්තාරං, තස්සාහං (තස්ස තං (?)) විද්දෙසනමකාසිං.
448
“ඔහුට සිල්වත්, ගුණවත්, ප්‍රසිද්ධ, හිමියාට ඇළුණු අනෙක් භාර්යාවක් ඇත. මම ඇයට හිමියා සමග විරුද්ධවන මන්ත්‍ර ගුරුකමක් කෙළෙමි.
449
‘‘තස්සෙතං කම්මඵලං, යං මං අපකීරිතූන ගච්ඡන්ති;
දාසීව උපට්ඨහන්තිං, තස්සපි අන්තො කතො මයා’’ති.
449
“දාසියක් මෙන් උවටැන් කරණ මා හැර දමා යෙත්ද මෙය එහි විපාකයයි. ඒ කර්මයද මා විසින් කෙළවර කරණලදී.”