3. තිකනිපාතො | 3. තික නිපාතය |
1. අපරාසාමාථෙරීගාථා | 1. අඤ්ඤරා (අප්‍රකට) සාමා ථේරී ගාථා |
39
‘‘පණ්ණවීසතිවස්සානි
නාභිජානාමි චිත්තස්ස, සමං ලද්ධං කුදාචනං.
|
39
“පැවිදිවී විසිපස් වසක් වනතෙක් මා සිතට සන්සිඳීමක් ලැබුණු බවෙක් නම් කිසි කලෙක නොදනිමි.
|
40
‘‘අලද්ධා චෙතසො සන්තිං, චිත්තෙ අවසවත්තිනී;
තතො සංවෙගමාපාදිං, සරිත්වා ජිනසාසනං.
|
40
එසේ සිත සැනසීමක් නොලැබ සිත වසඟ නොවූවා බුදුබණ සිහිකර ඉන් කලකිරීමට පැමිණියෙමි.
|
41
‘‘බහූහි දුක්ඛධම්මෙහි, අප්පමාදරතාය මෙ;
තණ්හක්ඛයො අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසනං;
අජ්ජ
|
41
බොහෝ දුකින් මිරිකෙමින් වීර්යයෙහි ඇළුණු මට නිවන් ලැබිණ. බුද්ධාවවාදය කෙළෙමි. තණ්හාව වියලා අදට සත්දවසක් විය.
|
2. උත්තමාථෙරීගාථා | 2. උත්තමාථෙරීගාථා |
42
‘‘චතුක්ඛත්තුං
අලද්ධා චෙතසො සන්තිං, චිත්තෙ අවසවත්තිනී.
|
42
“උත්තමා ථේරී ගාථා
|
43
‘‘සා
සා මෙ ධම්මමදෙසෙසි, ඛන්ධායතනධාතුයො.
|
43
“මා විසින් ඇදහිය යුතු වචන ඇති පටාචාරා නම් රහත් භික්ෂුණියක් වීද, ඈ වෙතට පැමිණීමි. ඕතොම ස්කන්ධායතන ධාතූන් ගැන මට දහම් දෙසුවාය.
|
44
‘‘තස්සා ධම්මං සුණිත්වාන, යථා මං අනුසාසි සා;
සත්තාහං එකපල්ලඞ්කෙන, නිසීදිං පීතිසුඛසමප්පිතා
(නිසීදිං සුඛසමප්පිතා (සී.));
අට්ඨමියා පාදෙ පසාරෙසිං, තමොඛන්ධං පදාලියා’’ති.
|
44
“මට ඇය අනුශාසනා කළ පරිදි ඇගේ ධර්මය අසා සත් දවසක් එක අරමිණියෙන් සිටියෙමි. අටවෙනි දිනයෙහි අඳුරු නසා පය දිග හැරියෙමි.”
|
3. අපරාඋත්තමාථෙරීගාථා | 3. (අප්‍රකට) උත්තමා ථේරී ගාථා |
45
‘‘යෙ ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා, මග්ගා නිබ්බානපත්තියා;
භාවිතා තෙ මයා සබ්බෙ, යථා බුද්ධෙන දෙසිතා.
|
45
“යම් මේ අවබෝධයේ අංග සතක් වේද බුදුන් දෙසූසේ ඒ සියල්ල මා විසින් වඩන ලදහ.
|
46
‘‘සුඤ්ඤතස්සානිමිත්තස්ස, ලාභිනීහං යදිච්ඡකං;
ඔරසා ධීතා බුද්ධස්ස, නිබ්බානාභිරතා සදා.
|
46
ශුන්‍යතා අනිමිත්ත යන සමාපත්ති දෙක කැමතිසේ ලබන්නාවූ නිවනෙහි ඇලුනු බුදුන්ගේ උරෙහි වැඩුන දුවක් වීමි.
|
47
‘‘සබ්බෙ
වික්ඛීණො ජාතිසංසාරො, නත්ථි දානි පුනබ්භවො’’ති.
|
47
දෙව් මිනිස් සියළු කාමයෝ සිඳින ලදහ. උපදනා සසර ගෙවිණි. මින් මතු නැත වීමක් නැත.”
|
4. දන්තිකාථෙරීගාථා | 4. දන්තිකා ථේරී ගාථා |
48
‘‘දිවාවිහාරා නික්ඛම්ම, ගිජ්ඣකූටම්හි පබ්බතෙ;
නාගං ඔගාහමුත්තිණ්ණං, නදීතීරම්හි අද්දසං.
|
48
“දවල් විවේකයෙන් නැගිටියේ ගිජුකුළු පව්වෙහි දියෙහි ගැලී ගොඩනැගුණු ඇතෙකු ගංතෙර දිටිමි.
|
49
‘‘පුරිසො අඞ්කුසමාදාය, ‘දෙහි පාද’න්ති යාචති;
නාගො පසාරයී පාදං, පුරිසො නාගමාරුහි.
|
49
පුරුෂයෙක් අකුස්ස ගෙන පිටට නැගීමට පය දෙවයි ඉල්ලයි. එවිට හස්තියා පය දිගු කෙළේය. ඉන් ඔහු පිටට නැගිණි.
|
50
‘‘දිස්වා
තතො චිත්තං සමාධෙසිං, ඛලු තාය වනං ගතා’’ති.
|
50
“නොදැමුනාවූ, පසුව හික්මවනලද, මිනිසුන් වසයට ගිය ඌ දැක ඉන්පසුව සිත එකමුතු කෙළෙමි.”
|
5. උබ්බිරිථෙරීගාථා | 5. උබ්බරී ථේරී ගාථා |
51
‘‘අම්ම ජීවාති වනම්හි කන්දසි, අත්තානං අධිගච්ඡ උබ්බිරි;
චුල්ලාසීතිසහස්සානි
(චූළාසීතිසහස්සානි (සී.)), සබ්බා ජීවසනාමිකා;
එතම්හාළාහනෙ දඩ්ඪා, තාසං කමනුසොචසි.
|
51
“උබ්බරිය, දුව ජීව, කියා වනමැද හිඳ හඬන්නෙහිය, තමන් ගැන තේරුම් ගනුව. ජීව නම් සුවාසූ දහසක් සියළු දූවරු මේ සොහොනෙහිම දවන ලදහ. ඔවුන් අතුරෙන් කවරක උදෙසා දුක්වෙහිද?
|
52
‘‘අබ්බහී
යං මෙ සොකපරෙතාය, ධීතුසොකං බ්යපානුදි.
|
52
හදවත ඇසුරු කළ දැකීමට නොහැකි හුලක්වූ ශෝකය ඒකාන්තයෙන් ඇද දැමීය. යම් හෙයකින් ශෝකයෙන් යුත් මගේ අනිත්‍ය ශෝකය පහ කෙළේය.
|
53
‘‘සාජ්ජ අබ්බූළ්හසල්ලාහං, නිච්ඡාතා පරිනිබ්බුතා;
බුද්ධං ධම්මඤ්ච සඞ්ඝඤ්ච, උපෙමි සරණං මුනි’’න්ති.
|
53
“එහෙයින් ඒ මම උපුටා හල හුල් ඇත්තී, ශොක නැත්තී පිරිනිවියා වෙමි. මුනිවරය, බුදුන් දහම් සඟුන් සරණ කොට යමි.”
|
6. සුක්කාථෙරීගාථා | 6. සුක්කා ථේරී ගාථා |
54
‘‘කිංමෙ කතා රාජගහෙ මනුස්සා, මධුං පීතාව
(මධුපීතාව (සී.)) අච්ඡරෙ;
යෙ සුක්කං න උපාසන්ති, දෙසෙන්තිං බුද්ධසාසනං.
|
54
“බුදුබණ දෙසන සුක්කා භික්ෂුණිය වෙතට යමෙක් නොපැමිණෙත්ද, ඒ මේ රජගහවැසියෝ මී බීවන් මෙන් හිඳිති.
|
55
‘‘තඤ්ච අප්පටිවානීයං, අසෙචනකමොජවං;
පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා, වලාහකමිවද්ධගූ.
|
55
නෛයාර්නිකවූ අමෘත රසය වගුරුවන ඕජාවත්වූ එයද මගීහු වැහි දිය මෙන්, නුවණැත්තෝ ඉතා ආදරයෙන් බොත්.
|
56
‘‘සුක්කා
ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහන’’න්ති.
|
56
“සුක්කාවෙනි, පවිත්‍ර ධර්මයෙන් යුක්තව ඇළුම් නැතිව එකඟ සිත්ව සේනා සහිත කෙලෙස් මරු දිනා මේ අන්තිම ශරීරය උසුලව.”
|
7. සෙලාථෙරීගාථා | 7. සේලා ථේරී ගාථා |
57
‘‘නත්ථි නිස්සරණං ලොකෙ, කිං විවෙකෙන කාහසි;
භුඤ්ජාහි
|
57
“ලෝකයෙහි මිදීමක් නම් නැත. විවේකයෙන් කුමක් කෙරේද? කාම රුචීන් අනුභව කරව. පසුව පසුතැවිලි නොවෙව.
|
58
‘‘සත්තිසූලූපමා කාමා, ඛන්ධාසං අධිකුට්ටනා;
යං ත්වං ‘කාමරතිං’ බ්රූසි, ‘අරතී’ දානි සා මම.
|
58
කාමයෝ ශරීර කොටන ආයුධයක් හා හුලක් වැනියහ. තා කියනා ඒ කාමරතිය මට නම් දැන් අරතියෙකි.
|
59
‘‘සබ්බත්ථ විහතා නන්දී
(නන්දි (සී. ස්‍යා.)), තමොඛන්ධො පදාලිතො;
එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තකා’’ති.
|
59
සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පළන ලදී. මාරය, මෙසේ දනුව, පාපිය, තෝ නැසුණෙහිය.”
|
8. සොමාථෙරීගාථා | 8. සෝමා ථේරී ගාථා |
60
‘‘යං තං ඉසීහි පත්තබ්බං, ඨානං දුරභිසම්භවං;
න තං ද්වඞ්ගුලපඤ්ඤාය, සක්කා පප්පොතුමිත්ථියා’’.
|
60
“බුද්ධාදීන් විසින් ලැබිය යුතු ස්ථානයවූ, ලැබීමට දුෂ්කරවූ, යම් ස්ථානයක් වේද, එය දෑඟිලි නුවණ ඇති ස්ත්‍රියක විසින් ලැබිය නොහැකියි.
|
61
‘‘ඉත්ථිභාවො නො කිං කයිරා, චිත්තම්හි සුසමාහිතෙ;
ඤාණම්හි වත්තමානම්හි, සම්මා ධම්මං විපස්සතො.
|
61
සිත එකමුතු කළ ඥාණය පවත්නා සමයෙහි මනා කොට ධර්මයන් දක්නාවූ අපට ස්ත්‍රී බව කුමක් කෙරේද?
|
62
‘‘සබ්බත්ථ
එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තකා’’ති.
|
62
සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පළන ලදී. ලාමකය, මෙසේ දනුව, මාරය, තෝ නැසුණෙහිය.”
|