ත්‍රිපිටකය
18. චත්තාලීසනිපාතො 18. චත්තාළීස නිපාතය
1. මහාකස්සපත්ථෙරගාථා 1. මහා කස්සප ථේර ගාථා
1054
‘‘න ගණෙන පුරක්ඛතො චරෙ, විමනො හොති සමාධි දුල්ලභො;
නානාජනසඞ්ගහො දුඛො, ඉති දිස්වාන ගණං න රොචයෙ.
1054
“භික්ෂුගණයා පිරිවරණ ලදුව නොවිසිය යුතුය. පිරිස් පරිහරණය කරන්නහුගේ සිත වික්ෂිප්තවේ. ඔහුට සමාධිය දුර්ලභයි. නානාප්‍රකාර ජනයාට සංග්‍රහ කිරීමද දුක් පිණිස වේ. මේ දැක ගණවාසය නො කැමැතිය.
1055
‘‘න කුලානි උපබ්බජෙ මුනි, විමනො හොති සමාධි දුල්ලභො;
සො උස්සුක්කො රසානුගිද්ධො, අත්ථං රිඤ්චති යො සුඛාවහො.
1055
“පැවිදිතෙම කුලයන් හා කුළුපඟ නොවිය යුතුය. කුමක් නිසාද සිත වික්ෂිප්ත වන හෙයිනි. ඔහුට සමෘද්ධියද දුර්ලභයි. කුලයා කෙරෙහි උත්සාහවත් බවට පැමිණියේ රසයට ගිජුවූයේ තමහට සැප පිණිස පවතින යම් අර්ථයක් වේද ඒ අර්ථය දුරුකරයි.
1056
‘‘පඞ්කොති හි නං අවෙදයුං, යායං වන්දනපූජනා කුලෙසු;
සුඛුමං සල්ල දුරුබ්බහං, සක්කාරො කාපුරිසෙන දුජ්ජහො.
1056
“යම්බඳුවූ වැඳුම් පිදුම් ආදී වශයෙන් කුලයන්හි ලබන සත්කාරයක් වේද ඒ හීනවූ මඩගොහොරුවක් කොට ප්‍රකාශ කරන ලදහ. සියුම්වූ හුලක් දුරුනොකළ හැකිවා මෙන් සත්කාරය පිළිකුල් කටයුතු පුද්ගලයා විසින් දුරුනොකළ හැක්කකි.
1057
‘‘සෙනාසනම්හා ඔරුය්හ, නගරං පිණ්ඩාය පාවිසිං;
භුඤ්ජන්තං පුරිසං කුට්ඨිං, සක්කච්චං තං උපට්ඨහිං.
1057
“සේනාසනයෙන් බැස නගරයට පිඬු පිණිස පිවිසියෙමි. අනුභව කරන කුෂ්ටරෝගී පුරුෂයා සකස්කොට උපස්ථාන කළේය.
1058
‘‘සො මෙ (තං (සී. ක.)) පක්කෙන හත්ථෙන, ආලොපං උපනාමයි;
ආලොපං පක්ඛිපන්තස්ස, අඞ්ගුලි චෙත්ථ (පෙත්ථ (සී. ක.)) ඡිජ්ජථ.
1058
“කුෂ්ට රෝගයෙන් යුක්තවූ අතින් පිණ්ඩියාලෝපය බෙදන ලදී. ආහාර බෙදන්නහුගේ ඇඟිල්ලක්ද එහි පතිතවිය.
1059
‘‘කුට්ටමූලඤ්ච (කුඩ්ඩමූලඤ්ච (සී. ස්‍යා.)) නිස්සාය, ආලොපං තං අභුඤ්ජිසං;
භුඤ්ජමානෙ වා භුත්තෙ වා, ජෙගුච්ඡං මෙ න විජ්ජති.
1059
“ගෘහ බිත්තියක් සමීපයේ සිට ඒ ආලොපය අනුභව කෙළෙමි. කන කල්හි හා කෑ කල්හි මට පිළිකුල් බවක් නොවීය.
1060
‘‘උත්තිට්ඨපිණ්ඩො ආහාරො, පූතිමුත්තඤ්ච ඔසධං;
සෙනාසනං රුක්ඛමූලං, පංසුකූලඤ්ච චීවරං;
යස්සෙතෙ අභිසම්භුත්වා (අභිභුඤ්ජති (?)), ස වෙ චාතුද්දිසො නරො.
1060
“ආහාර වශයෙන් මිශ්‍ර ආහාරයද ඖෂධ වශයෙන් ගෝමූත්‍ර පානයද සේනාසන වශයෙන් රුක්මුල්ද චීවර වශයෙන් පාංශුකූල චීවරයද යන මේ සතර ප්‍රියකොට පරිභොග කෙරේද, ඒ පුද්ගලයා චතුද්දිශා යොග්‍ය පුද්ගලයෙක් වේ.
1061
‘‘යත්ථ එකෙ විහඤ්ඤන්ති, ආරුහන්තා සිලුච්චයං;
තස්ස බුද්ධස්ස දායාදො, සම්පජානො පතිස්සතො;
ඉද්ධිබලෙනුපත්ථද්ධො , කස්සපො අභිරූහති.
1061
“පර්වතයට නගින්නාවූ ඇතැම් අය පශ්චිම වයසෙහි ශරීර ක්ලාන්තයෙන් දුකට පැමිණේ. ඒ ජරා දුර්වල කාලයෙහිද බුදුන්ගේ දායාදය උතුම්කොට සලකා නුවණින් යුක්තව ඉර්ධි බලයෙහි උපකාරයෙන් කාශ්‍යපස්ථවිරයන් වහන්සේ පර්වතයට නගියි.
1062
‘‘පිණ්ඩපාතපටික්කන්තො , සෙලමාරුය්හ කස්සපො;
ඣායති අනුපාදානො, පහීනභයභෙරවො.
1062
“කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලැක්වේද පර්වතයට නැග කිසිවක් තෘෂ්ණා දෘෂ්ටිදෙකෙන් නොගෙණ භය හා භයට හේතුව දුරුකිරීමෙන් ධ්‍යාන කරයි.
1063
‘‘පිණ්ඩපාතපටික්කන්තො, සෙලමාරුය්හ කස්සපො;
ඣායති අනුපාදානො, ඩය්හමානෙසු නිබ්බුතො.
1063
“පර්වතාරූඪවූ කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලකුනේද කිසිවක් නොගෙණ රාගාදී ගිනිවලින් දැවෙන සත්වයන් අතර සිහිල් බවට ධ්‍යාන කරයි.
1064
‘‘පිණ්ඩපාතපටික්කන්තො, සෙලමාරුය්හ කස්සපො;
ඣායති අනුපාදානො, කතකිච්චො අනාසවො.
1064
“පර්වතාරූඪවූ කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලකුනේද කරන ලද කෘත්‍ය ඇතිව ආශ්‍රව ධර්මයන් නසා කිසිවක් නොගෙණ ධ්‍යාන කරයි.
1065
‘‘කරෙරිමාලාවිතතා , භූමිභාගා මනොරමා;
කුඤ්ජරාභිරුදා රම්මා, තෙ සෙලා රමයන්ති මං.
1065
“වරුණ රුක් පංක්තියෙන් යුක්තවුනාවූ මනෝ රම්‍ය භූමිභාග ඇත්තාවූද එසේම රම්‍යවූ හස්ති නාද ඇසෙන්නාවූද ඒ පර්වතයෝ මට රම්‍යයි.
1066
‘‘නීලබ්භවණ්ණා රුචිරා, වාරිසීතා සුචින්ධරා;
ඉන්දගොපකසඤ්ඡන්නා, තෙ සෙලා රමයන්ති මං.
1066
“නිල්වන් වළාකුළුවලින් ඇදහෙලන පිරිසිදු ජලය ඇත්තාවූද ඉන්දගෝපකයන් විසින් ගැවසීගත්තාවූද ඒ පර්වතයෝ මට රම්‍යයි.
1067
‘‘නීලබ්භකූටසදිසා, කූටාගාරවරූපමා;
වාරණාභිරුදා රම්මා, තෙ සෙලා රමයන්ති මං.
1067
“කූටාගාරවලට සමානවූ නිල්වළාකුල් ඇත්තාවූද හස්තීන් විසින් ගැවසීගත්තාවූද ඒ පර්වතයෝ මට රම්‍යයි.
1068
‘‘අභිවුට්ඨා රම්මතලා, නගා ඉසිභි සෙවිතා;
අබ්භුන්නදිතා සිඛීහි, තෙ සෙලා රමයන්ති මං.
1068
“මහා මේඝයෙන් දූවිලි සිඳදැමූ රම්‍ය තලාවක් ඇති ශෛලමය පර්වතයෝ ඍෂීන් විසින් සෙවුනාලදහ. මිහිරි නාදයෙන් යුක්තවූ ඒ පර්වතයෝ මට රම්‍යයි.
1069
‘‘අලං ඣායිතුකාමස්ස, පහිතත්තස්ස මෙ සතො;
අලං මෙ අත්ථකාමස්ස (අත්තකාමස්ස (?)), පහිතත්තස්ස භික්ඛුනො.
1069
“නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ස්මෘතිමත්වූ ධ්‍යාන කැමැත්තහුට මේ ප්‍රමාණවෙයි. නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති අර්ථකාමී භික්ෂුවටද මෙයම ප්‍රමාණයි.
1070
‘‘අලං මෙ ඵාසුකාමස්ස, පහිතත්තස්ස භික්ඛුනො;
අලං මෙ යොගකාමස්ස, පහිතත්තස්ස තාදිනො.
1070
“නිවණට මෙහෙයූ සිත් ඇත්තාවූද සැප කැමැත්තා වූද භික්ෂුවට මෙයම ප්‍රමාණයි. නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාවූද යෝගකාමීවූද තාදී ගුණයෙන් යුක්තවූද මට මේ ප්‍රමාණයි.
1071
‘‘උමාපුප්ඵෙන සමානා, ගගනාවබ්භඡාදිතා;
නානාදිජගණාකිණ්ණා , තෙ සෙලා රමයන්ති මං.
1071
“උම්මා කුසුමයන්ට සමාන කාලමේඝයෙන් නීලවර්ණවූ අහස ඇත්තාවූද නොයෙක් පක්ෂි සමූහයන්ගෙන් ගැවසීගත්තාවූද ඒ පර්වතයෝ මට රම්‍යයි.
1072
‘‘අනාකිණ්ණා ගහට්ඨෙහි, මිගසඞ්ඝනිසෙවිතා;
නානාදිජගණාකිණ්ණා, තෙ සෙලා රමයන්ති මං.
1072
“ගිහියන්ගෙන් නොගැවසුනාවූද මෘග සමූහයාගෙන් ගැවසීගත්තාවූද නොයෙක් පක්ෂි සමූහයාගෙන් ආකීර්ණවූද ඒ පර්වතයෝ මට රම්‍යයි.
1073
‘‘අච්ඡොදිකා පුථුසිලා, ගොනඞ්ගුලමිගායුතා;
අම්බුසෙවාලසඤ්ඡන්නා, තෙ සෙලා රමයන්ති මං.
1073
“අතිශයින් සීතලවූද ගල් ඇත්තාවූද ගෝන මුව සමූහයාගෙන් යුක්තවුනාවූද දියසෙවෙල්වලින් ගැවසුනා වූද ඒ පර්වතයෝ මට රම්‍යයි.
1074
‘‘න පඤ්චඞ්ගිකෙන තුරියෙන, රති මෙ හොති තාදිසී;
යථා එකග්ගචිත්තස්ස, සම්මා ධම්මං විපස්සතො.
1074
“පසඟතුරු ගොසින්ද ඇතිනොවන ඇල්මක් එකඟවූ සිතින් යුක්තව මනාකොට ධර්මය බලන්නාවූ මට ඇති වන්නේය.
1075
‘‘කම්මං බහුකං න කාරයෙ, පරිවජ්ජෙය්‍ය ජනං න උය්‍යමෙ;
උස්සුක්කො සො රසානුගිද්ධො, අත්ථං රිඤ්චති යො සුඛාවහො.
1075
“බොහෝ කටයුතු නොකළ යුතුය. කල්‍යාණ මිත්‍ර නොවූ ජනයා දුරුකළ යුතුය. ප්‍රත්‍ය සොයාගැනීමට හා ගණ බන්ධනාදී වශයෙන් උත්සාහවත් නොවිය යුතුය. ඊට උත්සාහවත් වීමෙන් රසයට ගිජුවූයේ ඒ සැප කැමති පුද්ගලයා අර්ථයෙන් පිරිහෙයි.
1076
‘‘කම්මං බහුකං න කාරයෙ, පරිවජ්ජෙය්‍ය අනත්තනෙය්‍යමෙතං;
කිච්ඡති කායො කිලමති, දුක්ඛිතො සො සමථං න වින්දති.
1076
“බොහෝ කටයුතු නොකළ යුතුය. නවකර්මාන්තාදියෙහි යෙදීම දුරුකළ යුතුය. එයින් ශරීරය දුකට හා ක්ලාන්තයට පැමිණේ. එහෙයින් චිත්ත සමථය නොවිඳී.
1077
‘‘ඔට්ඨප්පහතමත්තෙන, අත්තානම්පි න පස්සති;
පත්ථද්ධගීවො චරති, අහං සෙය්‍යොති මඤ්ඤති.
1077
“සජ්ක්ධායනා කිරීම් මාත්‍රයෙන් ප්‍රත්‍යක්ෂ අර්ථය නොදතහැකිය. මම ශ්‍රේෂ්ඨමියි යන මාන්‍යයෙන් යුක්තව යකඩ කූරක් ගිල්ලෙකු මෙන් නොනැමිය හැකි ග්‍රීවයක් ඇතිව හැසිරෙයි.
1078
‘‘අසෙය්‍යො සෙය්‍යසමානං, බාලො මඤ්ඤති අත්තානං;
න තං විඤ්ඤූ පසංසන්ති, පත්ථද්ධමානසං නරං.
1078
“අඥාන පුද්ගලයා ශ්‍රේෂ්ඨ වශයෙන්ද සමාන වශයෙන්ද හීන වශයෙන්ද තෙමේ අදහස් කරයි. එය ඤාණවන්තයෝ ප්‍රශංසා නොකරත්. පහත් කළ සිතක් ඇති බැවිනි.
1079
‘‘යො ච සෙය්‍යොහමස්මීති, නාහං සෙය්‍යොති වා පන;
හීනො තංසදිසො (තීනොහං සදිසො (ස්‍යා.)) වාති, විධාසු න විකම්පති.
1079
“පණ්ඩිතයෝ වනාහි ශ්‍රේෂ්ඨ වශයෙන්ද සමාන වශයෙන්ද හීන වශයෙන්ද අදහස් නොකරත්. ඒ සමාන කොට්ඨාශයන්හි කම්පා බවට නොපැමිණෙත්.
1080
‘‘පඤ්ඤවන්තං තථා තාදිං, සීලෙසු සුසමාහිතං;
චෙතොසමථමනුත්තං, තඤ්චෙ විඤ්ඤූ පසංසරෙ.
1080
“ප්‍රඥාවන්තවූද සීලයෙහි පිහිටියාවූද සිත එකඟ කළාවූද තාදී ගුණ ඇත්තාවුද චිත්ත සමථය ලැබුවාවූද උතුමන්ට පණ්ඩිතයෝ පසසත්.
1081
‘‘යස්ස සබ්‍රහ්මචාරීසු, ගාරවො නූපලබ්භති;
ආරකා හොති සද්ධම්මා, නභතො පුථවී යථා.
1081
“යමෙකුට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැත්තේද ඔහු සද්ධර්මයෙන් ඈත්වේ. අහසින් පොළොව වෙන්වූවාක් මෙනි.
1082
‘‘යෙසඤ්ච හිරි ඔත්තප්පං, සදා සම්මා උපට්ඨිතං;
විරූළ්හබ්‍රහ්මචරියා තෙ, තෙසං ඛීණා පුනබ්භවා.
1082
“යමෙකුන්ට හිරිඔතප් ඇත්තේද හැමකල්හි පැමිණි සිහි ඇත්තේද බ්‍රහ්මචරියාවෙන් දියුණුවට පත්වූයේද ඔවුන් විසින් පුනර්භවය ක්ෂය කරන ලදී.
1083
‘‘උද්ධතො චපලො භික්ඛු, පංසුකූලෙන පාරුතො;
කපීව සීහචම්මෙන, න සො තෙනුපසොභති.
1083
“නොසන්සුන් බවෙන්ද චපලබවෙන්ද යුක්ත භික්ෂුව පාංශුකූල චීවරය පොරවන ලද්දේ නමුදු සිංහ සම පොරවන ලද වඳුරාමෙන් නොහොබනාහුය.
1084
‘‘අනුද්ධතො අචපලො, නිපකො සංවුතින්ද්‍රියො;
සොභති පංසුකූලෙන, සීහොව ගිරිගබ්භරෙ.
1084
“උද්ධත නොවූද චපල නොවූද ප්‍රඥාව ඇත්තාවූද ඉඳුරන් සංවරකළාවූද පුද්ගලයා පාංශුකූල චීවරයෙන් ශෝභාවත්වේ. පර්වත ගුහාවෙහි සිංහරාජයෙක් මෙනි.
1085
‘‘එතෙ සම්බහුලා දෙවා, ඉද්ධිමන්තො යසස්සිනො;
දසදෙවසහස්සානි, සබ්බෙ තෙ බ්‍රහ්මකායිකා.
1085
“ඉර්ධි ඇත්තාවූද පිරිස් ඇත්තාවූද දහසක් පමණවූ ඒ සියලු දේවතාවෝම බ්‍රහ්මකායිකයෝ නම් වෙති.
1086
‘‘ධම්මසෙනාපතිං වීරං, මහාඣායිං සමාහිතං;
සාරිපුත්තං නමස්සන්තා, තිට්ඨන්ති පඤ්ජලීකතා.
1086
“මහාවීරවූද ධ්‍යානකරන්නාවූද සමාධිගතවූද ධර්ම සේනාපතිවූද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඇඳිලිබැඳ නමස්කාර කරමින් ඒ දෙවියෝ සිටින්නාහ.
1087
‘‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායති (ඣායසි (ක. අට්ඨ.)).
1087
“ශ්‍රේෂ්ඨ පුරුෂයාණන් වහන්ස, ඔබට නමස්කාර වේවා, උත්තම පුරුෂයාණන් වහන්ස ඔබට නමස්කාරවේවා, යමක් නිසා ඔබ ධ්‍යාන කරන්නේද, අපි එය නොදනිමු.
1088
‘‘‘අච්ඡෙරං වත බුද්ධානං, ගම්භීරො ගොචරො සකො;
යෙ මයං නාභිජානාම, වාලවෙධිසමාගතා’.
1088
“බුදුන්ගේ ස්වකීය ගෝචරයද ආශ්චර්යද වෙයි. ගම්භීරද වෙයි. වාලවේධි ධනුර්ධරයන්ගේ විදීමක් මෙන් සියුම්ද වෙයි. එය අපි නොදන්නමෝ වෙමු.
1089
‘‘තං තථා දෙවකායෙහි, පූජිතං පූජනාරහං;
සාරිපුත්තං තදා දිස්වා, කප්පිනස්ස සිතං අහු.
1089
“එපරිද්දෙන් දෙවි සමූහයා විසින් පුදන ලද පූජාර්හවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දැක ඒ අවස්ථාවෙහි මහාකප්පින ස්ථවිරයන් වහන්සේට සිනහවක් විය.
1090
‘‘යාවතා බුද්ධඛෙත්තම්හි, ඨපයිත්වා මහාමුනිං;
ධුතගුණෙ විසිට්ඨොහං, සදිසො මෙ න විජ්ජති.
1090
“බුද්ධක්ෂෙත්‍රයෙහි මහාමුනිවූ බුදුරජාණන් වහන්සේ හැර යම් පමණ ශ්‍රාවකයෝ වෙත් නම් ධුතාංග ගුණ ඇති සියල්ලන්ටම විශිෂ්ටවූ පුද්ගලයා මම වෙමි. මට සමාන වෙන කෙනෙක් නැත්තේය.
1091
‘‘පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං;
ඔහිතො ගරුකො භාරො, නත්ථි දානි පුනබ්භවො.
1091
“මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදී. බුදුන්ගේ අනුශාසනාවද කෙළෙමි. ගරු භාරයද බහාතැබීමි. පුනර්භවයක්ද මට නැත.
1092
‘‘න චීවරෙ න සයනෙ, භොජනෙ නුපලිම්පති;
ගොතමො අනප්පමෙය්‍යො, මුළාලපුප්ඵං විමලංව;
අම්බුනා නෙක්ඛම්මනින්නො, තිභවාභිනිස්සටො.
1092
“ගෞතම බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇත්තේ නිල්මහනෙල් මල් දිය හා නොතැවරී සිටින්නාක් මෙන් චීවර සයනාසන භොජනාදියෙහි නොඇලී අභිනිෂ්ක්‍රමණයෙන් භවයෙන් නික්මුනේ වෙයි.
1093
‘‘සතිපට්ඨානගීවො සො, සද්ධාහත්ථො මහාමුනි;
පඤ්ඤාසීසො මහාඤාණී, සදා චරති නිබ්බුතො’’ති.
1093
“ඒ මහාමුනීන්ද්‍රයන් වහන්සේ සතිපට්ඨාන නැමැති ග්‍රීවයක් ඇත්තේ ශ්‍රද්ධා නැමති හස්තයක් ඇත්තේ, ප්‍රඥා නැමති හිසක් ඇත්තේ මහා ඤාණයක් ඇතිව හැමකල්හි නිවීයාවූ සිහිල්වූ ගුණ ඇතිව හැසිරෙති.”