ත්‍රිපිටකය
16. වීසතිනිපාතො 16. වීසති නිපාතය
1. අධිමුත්තත්ථෙරගාථා 1. අධිමුත්තක ථේර ගාථා
2. පාරාපරියත්ථෙරගාථා 2. පාරාසරිය ථේර ගාථා
726
‘‘සමණස්ස අහු චින්තා, පාරාපරියස්ස භික්ඛුනො;
එකකස්ස නිසින්නස්ස, පවිවිත්තස්ස ඣායිනො.
726
“කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් යුක්තව ධ්‍යාන කරන්නාවූ පරාසර ගොත්‍රයෙහි උපන්නාවූ භික්ෂුවට ධර්ම චින්තාවක් විය.
727
‘‘කිමානුපුබ්බං පුරිසො, කිං වතං කිං සමාචාරං;
අත්තනො කිච්චකාරීස්ස, න ච කඤ්චි විහෙඨයෙ.
727
“පුරුෂයා පළමුකොට කුමක් කළයුතුද කවර ශීලයක් අනුව හැසිරිය යුතුද තමහට කෘත්‍ය පිණිස පවතින කටයුතු කරන පුද්ගලයා අනුන්ට වෙහෙසීමක් නොකළ යුතුය.
728
‘‘ඉන්ද්‍රියානි මනුස්සානං, හිතාය අහිතාය ච;
අරක්ඛිතානි අහිතාය, රක්ඛිතානි හිතාය ච.
728
“මිනිසුන්ට ඉන්ද්‍රියයෝ හිත පිණිසද අහිත පිණිසද වෙත්. නොරක්නා ලද ඉඳුරෝ අහිත පිණිසත්, රක්නා ලද ඉඳුරෝ හිත පිණිසත් පවතී.
729
‘‘ඉන්ද්‍රියානෙව සාරක්ඛං, ඉන්ද්‍රියානි ච ගොපයං;
අත්තනො කිච්චකාරීස්ස, න ච කඤ්චි විහෙඨයෙ.
729
“සිහියෙන් යුක්තව ආරක්ෂා කරන ඉන්ද්‍රියයෝ වෙත්ද, තමහට යහපත පිණිසම පවතී. අන්කිසිවෙකුට වෙහෙසක් පිණිස නොපවතී.
730
‘‘චක්ඛුන්ද්‍රියං චෙ රූපෙසු, ගච්ඡන්තං අනිවාරයං;
අනාදීනවදස්සාවී, සො දුක්ඛා න හි මුච්චති.
730
“රූපයන් කරා යනු ලබන ඇස නමැති ඉන්ද්‍රිය නොවලක්කා ලබන්නාවූද ආදීනව නොදක්නාවූද හෙතෙම දුකින් නොමිදේ,
731
‘‘සොතින්ද්‍රියං චෙ සද්දෙසු, ගච්ඡන්තං අනිවාරයං;
අනාදීනවදස්සාවී, සො දුක්ඛා න හි මුච්චති.
731
“ශබ්ද අරමුණු කරා ගමන් කරන්නාවූ කණ නමැති ඉන්ද්‍රිය නොවලක්නාවූද ආදීනව නොදක්නාවූද හෙතෙම දුකින් නොමිදේ.
732
‘‘අනිස්සරණදස්සාවී , ගන්ධෙ චෙ පටිසෙවති;
න සො මුච්චති දුක්ඛම්හා, ගන්ධෙසු අධිමුච්ඡිතො.
732
“ආදීනව නොදැකීමෙන් සුවඳ සේවනය කෙරේද, සුවඳෙහි මුසපත්වූ ඒ පුද්ගලයා දුකින් නොමිදේ.
733
‘‘අම්බිලං මධුරග්ගඤ්ච, තිත්තකග්ගමනුස්සරං;
රසතණ්හාය ගධිතො, හදයං නාවබුජ්ඣති.
733
“ඇඹුල් මිහිරි තිත්ත ආදී රසයන් පිළිබඳ මෙනෙහි කරනුයේ රස තෘෂ්ණාවෙන් බැඳුනාහූ දුක් කෙළවර කෙරෙමියි අදහසක් නොසිතයි.
734
‘‘සුභාන්‍යප්පටිකූලානි, ඵොට්ඨබ්බානි අනුස්සරං;
රත්තො රාගාධිකරණං, විවිධං වින්දතෙ දුඛං.
734
“සුන්දරවූද මනොරම්‍යවූද ස්පර්ශ සිහිපත් කරනුයේ රාගයෙන් රත්වූයේ නානා ප්‍රකාර දුක් ලබයි.
735
‘‘මනං චෙතෙහි ධම්මෙහි, යො න සක්කොති රක්ඛිතුං;
තතො නං දුක්ඛමන්වෙති, සබ්බෙහෙතෙහි පඤ්චහි.
735
“කියනලද පස්වැදෑරුම් ධර්මයන්ගෙන් හා ධර්මාරම්මණයන්ගෙනුත් හිත ගැටීමට යමෙකුට නොහැකිවූයේ නම් ඒ සෑම අරමුණකින්ම ඔහුට දුක් ඇතිවෙයි.
736
‘‘පුබ්බලොහිතසම්පුණ්ණං, බහුස්ස කුණපස්ස ච;
නරවීරකතං වග්ගුං, සමුග්ගමිව චිත්තිතං.
736
“ලේ සැරවින් පිරුණාවූද කුණපයන්ගෙන් පිරුණාවූද කරනලද සිතියමක් මෙන් ඔපමට්ටම්වූ මේ ශරීරය බාල ජනයන් විසින් මුලාවෙන් ගනී.
737
‘‘කටුකං මධුරස්සාදං, පියනිබන්ධනං දුඛං;
ඛුරංව මධුනා ලිත්තං, උල්ලිහං නාවබුජ්ඣති.
737
“කටුක දුක්වලට හේතුවන්නාවූද මිහිරි බවක් පෙන්නුම් කරන්නාවූද එහෙයින්ම ප්‍රිය භාවයෙන් බැඳෙන්නාවූද මේ ශරීරයෙහි ගිජු බව සිතාගත් පුද්ගලයා දැලි පිහි මූණත ලෙවකන්නකුමෙන් සැපයක් නොවිඳ දුකටම පත්වෙයි.
738
‘‘ඉත්ථිරූපෙ ඉත්ථිසරෙ, ඵොට්ඨබ්බෙපි ච ඉත්ථියා;
ඉත්ථිගන්ධෙසු සාරත්තො, විවිධං වින්දතෙ දුඛං.
738
“ස්ත්‍රී රූපයෙහිද ස්ත්‍රී ස්වරයෙහිද ස්ත්‍රී ගන්ධයෙහිද ඇලුනාවූ විවිධ දුක් විඳිති.
739
‘‘ඉත්ථිසොතානි සබ්බානි, සන්දන්ති පඤ්ච පඤ්චසු;
තෙසමාවරණං කාතුං, යො සක්කොති වීරියවා.
739
“ස්ත්‍රියගෙන් වැගිරෙන්නාවූ තෘෂ්ණා දියපහරවල් පුරුෂයාගේ පංචද්වාරයෙහිම පවතී. ඒ සංවරණය කරන්ට හැකි පුද්ගලයෙක්වේ නම් ඔහු වීර්යවන්තයෙකි.
740
‘‘සො අත්ථවා සො ධම්මට්ඨො, සො දක්ඛො සො විචක්ඛණො;
කරෙය්‍ය රමමානොපි, කිච්චං ධම්මත්ථසංහිතං.
740
“යමෙක් පංචකාම රතියෙහි ඇලුනේවේද අර්ථයත් ධර්මයත් නොහැර ස්වකීය කටයුතු කෙරේ නම් හෙතෙම මේ ලෝකයෙහි අර්ථයෙන් යුක්තවූද ධර්මයෙන් යුක්තවූද දක්ෂයෙක් හා විචක්ෂණ පුද්ගලයෙක් වෙයි.
741
‘‘අථො සීදති සඤ්ඤුත්තං, වජ්ජෙ කිච්චං නිරත්ථකං;
‘න තං කිච්ච’න්ති මඤ්ඤිත්වා, අප්පමත්තො විචක්ඛණො.
741
“යම්කිසිවෙක් මෙලොව අර්ථය පමණක් ගෙණ පරලොව හැරදමා නම් ඒ කෘත්‍යය හැරදමන්නාවූ පුද්ගලයා අප්‍රමාදී විචක්ෂණ පුද්ගලයෙක් නොවෙයි.
742
‘‘යඤ්ච අත්ථෙන සඤ්ඤුත්තං, යා ච ධම්මගතා රති;
තං සමාදාය වත්තෙථ, සා හි වෙ උත්තමා රති.
742
“යමක් අර්ථයෙන් යුක්ත නම් ධර්මයෙනුත් යුක්ත නම් එය මනාකොට කරව්. හේ උත්තම රතිය නම් වේ.
743
‘‘උච්චාවචෙහුපායෙහි, පරෙසමභිජිගීසති;
හන්ත්වා වධිත්වා අථ සොචයිත්වා, ආලොපති සාහසා යො පරෙසං.
743
“නොයෙක් ආකාර උපායයන්ගෙන් අනුන් සන්තකදේ ගැණීමට කැමැතිවේද, මරා හෝ සැහැසිකම් කොට හෝ ශෝකයට පමුණුවා ගනු ලබන දෙයින් රතියක් ඇති නොවෙයි.
744
‘‘තච්ඡන්තො ආණියා ආණිං, නිහන්ති බලවා යථා;
ඉන්ද්‍රියානින්ද්‍රියෙහෙව , නිහන්ති කුසලො තථා.
744
“කාය බලාදියෙන් යුක්තවූ වඩු තෙමේ ලොකු ඇණය ගසා කුඩා ඇණය ගලවද්ද, එසේම දක්ෂවූ භික්ෂුව චක්ෂුරාදී ඉන්ද්‍රියයන් විදර්ශනා බලයෙන් දමනය කරයි.
745
‘‘සද්ධං වීරියං සමාධිඤ්ච, සතිපඤ්ඤඤ්ච භාවයං;
පඤ්ච පඤ්චහි හන්ත්වාන, අනීඝො යාති බ්‍රාහ්මණො.
745
“සද්ධා, විරිය, සති, සමාධි ප්‍රඥා යන ධර්ම පස වඩමින් කෙලෙස් උපදවන චක්ෂුරාදි ඉන්ද්‍රියයන් පස නැති කොට නිදුක්වූයේ බ්‍රාහ්මණයෙක්වූ ඒ උත්තමයා නිවනට පැමිණෙයි.
746
‘‘සො අත්ථවා සො ධම්මට්ඨො, කත්වා වාක්‍යානුසාසනිං;
සබ්බෙන සබ්බං බුද්ධස්ස, සො නරො සුඛමෙධතී’’ති.
746
“යථොක්ත පුද්ගලයා උත්තමාර්ථයෙන් යුක්තවූයේ ධර්මයෙහිම සිටියේ බුදුන්ගේ අනුශාසනාවට අනුව පිළිපැද නිවන් සැප ලබන්නේය.”
3. තෙලකානිත්ථෙරගාථා 3. තෙලකානි ථේර ගාථා
4. රට්ඨපාලත්ථෙරගාථා 4. රට්ඨපාල ථේර ගාථා
5. මාලුක්‍යපුත්තත්ථෙරගාථා 5. මාලුංක්‍ය ථේර ගාථා
6. සෙලත්ථෙරගාථා 6. සෙල ථේර ගාථා
7. කාළිගොධාපුත්තභද්දියත්ථෙරගාථා 7. භද්දිය ථේර ගාථා
8. අඞ්ගුලිමාලත්ථෙරගාථා 8. අංගුලිමාල ථේර ගාථා
9. අනුරුද්ධත්ථෙරගාථා 9. අනුරුද්ධ ථේර ගාථා
10. පාරාපරියත්ථෙරගාථා 10. පාරාපරිය ථේර ගාථා