ත්‍රිපිටකය
12. ද්වාදසකනිපාතො 12. ද්වාදසක නිපාතය
1. සීලවත්ථෙරගාථා 1. සීලව ථේර ගාථා
2. සුනීතත්ථෙරගාථා 2. සුනීත ථේර ගාථා
620
‘‘නීචෙ කුලම්හි ජාතොහං, දලිද්දො අප්පභොජනො;
හීනකම්මං (හීනං කම්මං (ස්‍යා.)) මමං ආසි, අහොසිං පුප්ඵඡඩ්ඩකො.
620
“මම නීච කුලයෙහි උපන්නේ ස්වල්ප ආහාර ඇති දිළින්දෙක් වීමි. පරමල් අස්කරන පහත් කර්මාන්තයකද යෙදී සිටියෙමි.
621
‘‘ජිගුච්ඡිතො මනුස්සානං, පරිභූතො ච වම්භිතො;
නීචං මනං කරිත්වාන, වන්දිස්සං බහුකං ජනං.
621
“මිනිසුන් විසින් පිළිකුල් කරන ලද්දෙක්වද, අවමන් කරන ලද්දෙක්වද ඝටනා ලද්දෙක්වද විසුවෙමි. එකල්හිද හිස පහත්කොට බොහෝ ජනයා විසින් වඳිනු ලබන්නාවූ
622
‘‘අථද්දසාසිං සම්බුද්ධං, භික්ඛුසඞ්ඝපුරක්ඛතං;
පවිසන්තං මහාවීරං, මගධානං පුරුත්තමං.
622
“උතුම්වූ මගධපුරයට පිවිසෙන්නාවූ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දාවූ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවෙහි දුටුවෙමි.
623
‘‘නික්ඛිපිත්වාන බ්‍යාභඞ්ගිං, වන්දිතුං උපසඞ්කමිං;
මමෙව අනුකම්පාය, අට්ඨාසි පුරිසුත්තමො.
623
“කද බහා තබා උන්වහන්සේට වැඳීමට පැමිණියෙමි. මට අනුකම්පාකොට පුරුෂොත්තමවූ බුදුරජාණන් වහන්සේ වැඩි සිටිසේක.
624
‘‘වන්දිත්වා සත්ථුනො පාදෙ, එකමන්තං ඨිතො තදා;
පබ්බජ්ජං අහමායාචිං, සබ්බසත්තානමුත්තමං.
624
“ශාස්තෲන් වහන්සේගේ පාද වන්දනාකොට එකත් පසෙක සිටියේ සියලුම සත්වයන්ට උතුම්වූ පැවිද්ද මම ඉල්ලුවෙමි.
625
‘‘තතො කාරුණිකො සත්ථා, සබ්බලොකානුකම්පකො;
‘එහි භික්ඛූ’ති මං ආහ, සා මෙ ආසූපසම්පදා.
625
“ඉක්බිති කාරුණිකවූ සියලු ලෝවැස්සන්ට අනුකම්පාකරන්නාවූ ශාස්තෲන් වහන්සේ මට “භික්ෂුව, මෙහි එවයි’ වදාළ සේක. එයින්ම මට උපසම්පදාවද විය.
626
‘‘සොහං එකො අරඤ්ඤස්මිං, විහරන්තො අතන්දිතො;
අකාසිං සත්ථුවචනං, යථා මං ඔවදී ජිනො.
626
“ඒ මම තනිවම වනයෙහි තෘෂ්ණාවෙන් තොරව වාසය කරන්නේ මට යම් අවවාදයක් දුන්නේද, ඒ ශාස්තෲන් වහන්සේගේ වචනයට අනුව කටයුතු කෙළෙමි.
627
‘‘රත්තියා පඨමං යාමං, පුබ්බජාතිමනුස්සරිං;
රත්තියා මජ්ඣිමං යාමං, දිබ්බචක්ඛුං විසොධයිං (දිබ්බචක්ඛු විසොධිතං (ක.));
රත්තියා පච්ඡිමෙ යාමෙ, තමොඛන්ධං පදාලයිං.
627
“රාත්‍රිය පිළිබඳ ප්‍රථම යාමයෙහි පෙරවිසූ කඳ පිළිවෙල සිහිකරන ඤාණය ලදිමි. රාත්‍රිය පිළිබඳ මධ්‍යම යාමයෙහි දිව ඇසද පිරිසිදු කෙළෙමි.
628
‘‘තතො රත්‍යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
ඉන්දො බ්‍රහ්මා ච ආගන්ත්වා, මං නමස්සිංසු පඤ්ජලී.
628
“රාත්‍රිය පිළිබඳ අළුයම් කාලයෙහි අවිද්‍යාන්ධකාරයද දුරු කෙළෙමි. රාත්‍රිය ගෙවී හිරු උදාවීම ඇතිවූ කල්හි,
629
‘‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ ආසවා ඛීණා, දක්ඛිණෙය්‍යොසි මාරිස’.
629
“උත්තම පුරුෂය ඔබට නමස්කර වේවා” කියා සක්දෙව් රජද මහා බ්‍රහ්මයාද පැමිණ මට නමස්කාර කළාහුය.
630
‘‘තතො දිස්වාන මං සත්ථා, දෙවසඞ්ඝපුරක්ඛතං;
සිතං පාතුකරිත්වාන, ඉමමත්ථං අභාසථ.
630
“නිදුකාණන් වහන්ස, ඔබවහන්සේගේ යම්බඳු ආශ්‍රවයෝ වෙත් නම්, ඒ කෙළෙස් ක්ෂයවී ගියාහ. ඔබ වහන්සේ දක්ෂිණාර්හයෙක් වූයෙහිය. ඉක්බිති දෙවියන් විසින් පිරිවරණ ලද ශාස්තෲන් වහන්සේ මා දැක සිනා පහළකොට මේ කාරණය වදාළහ.
631
(සු. නි. 660 සුත්තනිපාතෙපි) ‘‘‘තපෙන බ්‍රහ්මචරියෙන, සංයමෙන දමෙන ච;
එතෙන බ්‍රාහ්මණො හොති, එතං බ්‍රාහ්මණමුත්තම’’’න්ති.
631
“ඉන්ද්‍රිය සංවරයෙන්ද, සීලයෙන්ද, ප්‍රඥාවෙන්ද, ශ්‍රේෂ්ඨ හැසිරීමෙන්ද යන මෙකී ගුණයන්ගෙන් බ්‍රාහ්මණයෙක් වෙයි. ඒ නිසා මොහු උත්තම බ්‍රාහ්මණයෙකි.”