7. සත්තකනිපාතො | 7. සත්තක නිපාතය |
1. සුන්දරසමුද්දත්ථෙරගාථා | 1. සුන්දර සමුද්ද ථේර ගාථා |
459
‘‘අලඞ්කතා
අලත්තකකතාපාදා, පාදුකාරුය්හ වෙසිකා.
|
459
“මනාකොට වැසීමෙන් අලංකාර කරනලද සිනිඳු මල්දම්වලින්ද සරසන ලදුව ලාකඩ රසයෙන් ලක්ෂණ කළ පා දෙකින් යුක්තවූ ස්වර්ණමය පාවහන් ඇති වෙශ්‍යා තොමෝ
|
460
‘‘පාදුකා ඔරුහිත්වාන, පුරතො පඤ්ජලීකතා;
සා මං සණ්හෙන මුදුනා, ම්හිතපුබ්බං
(මිහිතපුබ්බං (සී.)) අභාසථ’’.
|
460
“පාවහන් ගලවා ඉදිරිපිට ඇඳිලි බැඳගෙණ (ඕ තොමෝ) මට මධුරවූ වචනයෙන් මෙසේ කීවාය.
|
461
‘‘යුවාසි ත්වං පබ්බජිතො, තිට්ඨාහි මම සාසනෙ;
භුඤ්ජ මානුසකෙ කාමෙ, අහං විත්තං දදාමි තෙ;
සච්චං තෙ පටිජානාමි, අග්ගිං වා තෙ හරාමහං.
|
461
“තෝ බාල වියෙහිදීම පැවිදිවූවෙහිය. මාගේ වචනය කරන්නෙහි නම් මානුෂික කාමයන් පරිභොග කරව. ඒ පිණිස මගේ සිත ඔබට දෙමි.
|
462
‘‘යදා ජිණ්ණා භවිස්සාම, උභො දණ්ඩපරායනා;
උභොපි පබ්බජිස්සාම, උභයත්ථ කටග්ගහො’’.
|
462
“ඔබ විසින් මෙය ඇත්තක්කොට පිළිගනුව. ඒ අදහන්නහු නම් ගිනි ඉදිරිපිට තබා දිවුරා කියනු.
|
463
‘‘තඤ්ච දිස්වාන යාචන්තිං, වෙසිකං පඤ්ජලීකතං;
අලඞ්කතං සුවසනං, මච්චුපාසංව ඔඩ්ඩිතං.
|
463
“අප දෙදෙනාම සැරයටිය පිහිටකොට පවත්නා කල්හි පැවිදි වන්නමු නම් දෙපැත්තෙන්ම ජයගත්තේවේ. වෙශ්යාංගනාව විසින් ඇදිලි බැඳ කළ මේ ආයාචනය දැකීමෙන්,
|
464
‘‘තතො මෙ මනසීකාරො...පෙ.... නිබ්බිදා සමතිට්ඨථ.
|
464
“මාරයා විසින් ඔසවනලද පාසයක් (උගුලක්) බඳුවූ අලංකෘත වස්ත්රාභරණ සහිත වෙශ්‍යාව දැකීමෙන් මට සිහිනුවණ උපණ.
|
465
‘‘තතො චිත්තං විමුච්චි මෙ...පෙ.... කතං බුද්ධස්ස සාසන’’න්ති.
|
465
“දෝෂයන් ප්රකටව පෙණින, කලකිරීමද ලබනලදී. එයින්ම සිත පස්වැදෑරුම් විමුක්තියෙන් මිදුණි. ධර්මයාගේ යහපත් බව ලබව. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කරන ලදී.
|
2. ලකුණ්ඩකභද්දියත්ථෙරගාථා | 2. ලකුණ්ඨක භද්දිය ථේර ගාථා |
466
පරෙ අම්බාටකාරාමෙ, වනසණ්ඩම්හි භද්දියො;
සමූලං තණ්හමබ්බුය්හ, තත්ථ භද්දොව ඣායති
(භද්දො’ධිඣායායති (සී.), භද්දො ඣියායති (ස්‍යා. සී. අට්ඨ.)).
|
466
“ශ්‍රේෂ්ඨවූ අම්බට්ඨ කාරාමයෙහිවූ වන ලැහැබෙහි භද්දිය ස්ථවිරයන් වහන්සේ අවිද්‍යා සහිත තෘෂ්ණාව නසා එහිම සීලාදී ගුණයන්ගෙන් යහපත් බවට පැමිණි කෘත්‍යය ඇත්තේ මේ ආත්මයෙහිම ධ්‍යාන සමාපත්ති සැපයෙන් විසුවෙමි.
|
467
‘‘රමන්තෙකෙ මුදිඞ්ගෙහි
(මුතිඞ්ගෙහි (සී. අට්ඨ.)), වීණාහි පණවෙහි ච;
අහඤ්ච
|
467
“මිහිඟුබෙර, වීණා, පනා බෙර යන නෘත්‍ය භාණ්ඩ විශේෂයන්ගෙන් ඇතැම් කාමභොගී සත්වයෝ සතුටුවෙති. මමද ගස්මුල්වල බුදුන්ගේ අනුශාසනාව කරමින් සතුටුවෙමි.
|
468
‘‘බුද්ධො චෙ
(බුද්ධො ච (සබ්බත්ථ)) මෙ වරං දජ්ජා, සො ච ලබ්භෙථ මෙ වරො;
ගණ්හෙහං සබ්බලොකස්ස, නිච්චං කායගතං සතිං.
|
468
“බුදුරජාණන් වහන්සේ මට වර දෙන ලද්දේද, ඒ වරය මම ලබාගතිමි. සියලු ලෝකයාට කායගතාසති කර්මස්ථානය වඩන පිණිසයි.
|
469
‘‘යෙ
ඡන්දරාගවසූපෙතා, න මං ජානන්ති තෙ ජනා.
|
469
“ලාමකවූ ජනයා විසින් මගේ නිහීණ රූපය පිළිකුල් කොටද, පහත්කොටද, සිතුවාහුය, සමහර සත්වයෝ ගරු කිරීම් වශයෙන් මට බුහුමන් කළාහුය. ඒ දෙකොටසම ඡන්ද රාගයෙන් යුක්තවූවාහුය. මම ඡන්දරාගය නැත්තෙකු බව ඔව්හු නොදනිති.
|
470
‘‘අජ්ඣත්තඤ්ච
සමන්තාවරණො බාලො, ස වෙ ඝොසෙන වුය්හති.
|
470 |
471
‘‘අජ්ඣත්තඤ්ච න ජානාති, බහිද්ධා ච විපස්සති;
බහිද්ධා ඵලදස්සාවී, සොපි ඝොසෙන වුය්හති.
|
471
“ආධ්‍යාත්මික තත්ත්වය නොදැක පිටස්තර තත්ත්වය දකීනම් හෙතෙම පිටස්තර බලය දැක්කාවූ ඔහු අනුන්ගේ කියමන් අනුවයේ.
|
472
‘‘අජ්ඣත්තඤ්ච පජානාති, බහිද්ධා ච විපස්සති;
අනාවරණදස්සාවී, න සො ඝොසෙන වුය්හතී’’ති.
|
472
“යමෙක් ආධ්‍යාත්මික තත්ත්වය දැන, බාහිර තත්ත්වයන් බලානම් යහපත් හැසිරීම් සහිත ඒ පුද්ගලයා අනුන්ගේ කියමනට නොනැමෙයි.”
|
3. භද්දත්ථෙරගාථා | 3. භද්ද ථේර ගාථා |
473
‘‘එකපුත්තො
බහූහි වතචරියාහි, ලද්ධො ආයාචනාහි ච.
|
473
“මම බොහෝවූ ව්‍රත චරියාවෙන් හා ආයාචනාවලින්ද, මවුපියන් විසින් දුකසේ ලැබගත් එකම ප්‍රිය පුත්රයෙක්වීමි.
|
474
‘‘තෙ ච මං අනුකම්පාය, අත්ථකාමා හිතෙසිනො;
උභො පිතා ච මාතා ච, බුද්ධස්ස උපනාමයුං’’.
|
474
“යහපත කැමැති හිතෛෂිවූ ඒ මවුපිය දෙදෙනා මට අනුකම්පා උපදවා බුදුන්ට මා භාරකළහ.
|
475
‘‘කිච්ඡා ලද්ධො අයං පුත්තො, සුඛුමාලො සුඛෙධිතො;
ඉමං දදාම තෙ නාථ, ජිනස්ස පරිචාරකං’’.
|
475
“සැපසේ වැඩුවාවූද සුඛුමාලවූද දුකසේ ලැබගත් අපගේ පුත්‍රයා නාථ වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට පවරා දෙමි.
|
476
‘‘සත්ථා ච මං පටිග්ගය්හ, ආනන්දං එතදබ්රවි;
‘පබ්බාජෙහි ඉමං ඛිප්පං, හෙස්සත්යාජානියො අයං.
|
476
“ශාස්තෲන් වහන්සේද මා පිළිගෙණ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ. ‘මොහු වහා පැවිදි කරව, මෙතෙම ප්‍රධාන පුරුෂයෙක්ය.’
|
477
‘‘පබ්බාජෙත්වාන
අනොග්ගතස්මිං සූරියස්මිං, තතො චිත්තං විමුච්චි මෙ.
|
477
“මා පැවිදි කරවා ශාස්තෲන් වහන්සේ විහාරයට පිවිසිසේක. හිර නොබැසි කල්හිම මගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනෙමි. රහත් බවද ලදිමි.
|
478
‘‘තතො සත්ථා නිරාකත්වා, පටිසල්ලානවුට්ඨිතො;
‘එහි භද්දා’ති මං ආහ, සා මෙ ආසූපසම්පදා.
|
478
“ඉන්පසුව ශාස්තෲන් වහන්සේ ඵල සමවතින් නැගිට ‘භද්ද එව’ යන වචනයෙන්ම මගේ උපසම්පදාව සිදුවිය.
|
479
‘‘ජාතියා සත්තවස්සෙන, ලද්ධා මෙ උපසම්පදා;
තිස්සො විජ්ජා අනුප්පත්තා, අහො ධම්මසුධම්මතා’’ති.
|
479
“උත්පත්තියෙන් සත්වෙනි හවුරුද්දෙහි මම උපසම්පදාව ලදිමි. ත්‍රිවිද්‍යාවද ලදිමි. ධර්මයක යහපත් බව ආශ්චර්යයි.”
|
4. සොපාකත්ථෙරගාථා | 4. සොපාක ථේර ගාථා |
480
‘‘දිස්වා
තත්ථ නං උපසඞ්කම්ම, වන්දිස්සං
(වන්දිසං (සී. පී.)) පුරිසුත්තමං.
|
480
“ගඳකිළි සෙවනේදී සක්මන් කරන, මිනිසුන්ට උතුම්වූ බුදුරජාණන් වහන්සේ දැක එතැනට එළඹ උන්වහන්සේට වැන්දෙමි.
|
481
‘‘එකංසං
අනුචඞ්කමිස්සං විරජං, සබ්බසත්තානමුත්තමං.
|
481
“සිවුර ඒකාංශකොට දෙඅත් එකතුකොට වීතරාගීවූ සියලුම සත්වයින්ට උතුම් බුදුන්ට අනුව මමද සක්මන් කෙළෙමි.
|
482
‘‘තතො පඤ්හෙ අපුච්ඡි මං, පඤ්හානං කොවිදො විදූ;
අච්ඡම්භී ච අභීතො ච, බ්යාකාසිං සත්ථුනො අහං.
|
482
“ඉක්බිති සියල්ල දත් බුදුරජාණන් වහන්සේ මගෙන් ප්‍රශ්න ඇසීය. මමද බියක් හා තැතිගැණීමක් නැතිව ශාස්තෲන් වහන්සේට උත්තර දුනිමි.
|
483
‘‘විස්සජ්ජිතෙසු පඤ්හෙසු, අනුමොදි තථාගතො;
භික්ඛුසඞ්ඝං විලොකෙත්වා, ඉමමත්ථං අභාසථ’’.
|
483
“ප්‍රශ්න විසඳූ කල්හි තථාගතයන් වහන්සේ අනුමෝදන් විය. ඉක්බිති භික්ෂු සංඝයා බලා මේ කාරණය වදාළහ.
|
484
‘‘ලාභා අඞ්ගානං මගධානං, යෙසායං පරිභුඤ්ජති;
චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
පච්චුට්ඨානඤ්ච සාමීචිං, තෙසං ලාභා’’ති චාබ්රවි.
|
484
“අඟු මගධ දෙරට වැස්සන්ට ලොකු ලාභයෙකි. කුමක් හෙයින්ද ඔවුන්ගේ චීවර පිණ්ඩපාත සයනාසනාදී ප්‍රත්‍යය සොපාක ස්ථවිරයන් වහන්සේ පරිභොග කරන හෙයිනි.
|
485
‘‘අජ්ජතග්ගෙ මං සොපාක, දස්සනායොපසඞ්කම;
එසා
|
485
“පෙර ගමන් කිරීම, පවන්සැලීමාදී ක්‍රියාවන්ගෙන්ද ඔවුන්ටවූයේ ලාභයක්යයි කියමි. අද පටන් සොපාක ස්ථවිරයන් වහන්සේ දැකීමට එළඹෙන්නෙහිය. සොපාකය, තොපට මේ ප්‍රශ්න ව්‍යාකරණය උපසම්පදාව වූවෙහිය.
|
486
‘‘ජාතියා සත්තවස්සොහං, ලද්ධාන උපසම්පදං;
ධාරෙමි අන්තිමං දෙහං, අහො ධම්මසුධම්මතා’’ති.
|
486
“මම සත්වෙනි හවුරුද්දේදී උපසම්පදාව ලැබ අන්තිම ශරීරයද දරමි. ධර්මයාගේ යහපත් බව ආශ්චර්යයි.”
|
5. සරභඞ්ගත්ථෙරගාථා | 5. සරභංග ථේර ගාථා |
487
‘‘සරෙ හත්ථෙහි භඤ්ජිත්වා, කත්වාන කුටිමච්ඡිසං;
තෙන මෙ සරභඞ්ගොති, නාමං සම්මුතියා අහු.
|
487
“පෙර මම අතින් සිඳින තණ කුටියක් කොට එහි හොත්තෙමි. එයින් මට සරභංගයයි නාම සම්මුතිය විය.
|
488
‘‘න
සික්ඛාපදා නො පඤ්ඤත්තා, ගොතමෙන යසස්සිනා.
|
488
“මා අද පටන් තෘණකුටි බැඳීම නොවටී. කුමක් හෙයින්දයත් කීර්තිමත් බුදුරජාණන් වහන්සේ විසින් ශික්ෂාපද පනවනලද හෙයිනි.
|
489
‘‘සකලං සමත්තං රොගං, සරභඞ්ගො නාද්දසං පුබ්බෙ;
සොයං රොගො දිට්ඨො, වචනකරෙනාතිදෙවස්ස.
|
489
“සියල්ල ශෙෂනොකොට රෝගයන්ට හේතුවූ පඤ්චස්කන්ධය පෙර නොදැක්කෙමි. ඒ මම බුදුන්ගේ අවවාද අනුව කටයුතු කිරීම නිසා පඤ්චස්කන්ධ නම් වූ රෝගය නිසා විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් දැක්කෙමි.
|
490
‘‘යෙනෙව මග්ගෙන ගතො විපස්සී, යෙනෙව මග්ගෙන සිඛී ච වෙස්සභූ;
කකුසන්ධකොණාගමනො ච කස්සපො, තෙනඤ්ජසෙන අගමාසි ගොතමො.
|
490
“යම් මාර්ගයකින් විපස්සී බුදුරජාණන් වහන්සේ ගියෙහිද, යම් මාර්ගයකින් සිඛී, කකුසඳ, කොණාගම කාශ්‍යප යන බුදුවරු ගියෝද, ඒ ආර්යමාර්ගයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේත් ගියසේක.
|
491
‘‘වීතතණ්හා
යෙහායං දෙසිතො ධම්මො, ධම්මභූතෙහි තාදිභි.
|
491
“පහකළ තෘෂ්ණාව ඇති ප්රතිසන්ධිය නැතිකළ සත් බුදුවරයෝ නිවන් ලැබුවාහුය. ඒ සත්බුදුවරයන් විසින් ශාසන ධර්මය ප්‍රකාශ කරන ලදහ. ධර්ම ස්වභාවයෙන්ම තාදීගුණ ඇත්තෝවූහ.
|
492
‘‘චත්තාරි අරියසච්චානි, අනුකම්පාය පාණිනං;
දුක්ඛං සමුදයො මග්ගො, නිරොධො දුක්ඛසඞ්ඛයො.
|
492
“දුක්ඛසත්‍යය, සමුදය, නිරෝධ, මාර්ග යන දුක් නසන චතුරාර්ය සත්‍යධර්මය සත්වයින්ට අනුකම්පාවෙන් දේශනා කරන ලදහ.
|
493
‘‘යස්මිං
භෙදා
අඤ්ඤො පුනබ්භවො නත්ථි, සුවිමුත්තොම්හි සබ්බධී’’ති.
|
493
“නිවන ලැබූ කල්හි අනන්ත සංසාර දුක් නවතී. බිඳෙන මේ කය හා ජීවිත පරම්පරාව නවතී. නැවත ඉපදීමක් නැත. සියලු භවයන්ගෙන් මිදුනෙමි.”
|