4. චතුකනිපාතො | 4. චතුක්ක නිපාතය |
1. නාගසමාලත්ථෙරගාථා | 1. නාගසමාල ථේර ගාථා |
267
‘‘අලඞ්කතා
මජ්ඣෙ මහාපථෙ නාරී, තුරියෙ නච්චති නට්ටකී.
|
267
“අලංකාරවූ යහපත්ව ඇන්දාවූ මල් දරණ සඳුන් ගෑ ශරීර ඇති නැටුම් දත් ස්ත්‍රියක් තූර්ය ගසන කල මහමග මැද නටයි.
|
268
‘‘පිණ්ඩිකාය පවිට්ඨොහං, ගච්ඡන්තො නං උදික්ඛිසං;
අලඞ්කතං සුවසනං, මච්චුපාසංව ඔඩ්ඩිතං.
|
268
“මම පිඬු පිණිස හැසිරෙන්නේ අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දමන ලද මරු තොණ්ඩුවක් වැනි ඈ දුටුවෙමි.
|
269
‘‘තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ්ජථ;
ආදීනවො පාතුරහු, නිබ්බිදා සමතිට්ඨථ
(සම්පතිට්ඨථ (ක.)).
|
269
“ඉක්බිති මාගේ මනසට සිතිවිල්ලක් පහළ විය. දොස් දැක්ම පහළ විය. කළකිරීම පැමිණ සිටියේය.
|
270
‘‘තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං;
තිස්සො
|
270
“ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවන්ට පැමුණුනෙමි. බුදුන්ගේ අනුශාසනය කරණ ලදී.”
|
2. භගුත්ථෙරගාථා | 2. භගු ථේර ගාථා |
271
‘‘අහං මිද්ධෙන පකතො, විහාරා උපනික්ඛමිං;
චඞ්කමං අභිරුහන්තො, තත්ථෙව පපතිං ඡමා.
|
271
“මම නිදිබර ස්වභාව ඇත්තේ විහාරයෙන් නික්මුනෙමි. සක්මනට බසින්නේ එහිම බිම වැටුනෙමි.
|
272
‘‘ගත්තානි පරිමජ්ජිත්වා, පුනපාරුය්හ චඞ්කමං;
චඞ්කමෙ චඞ්කමිං සොහං, අජ්ඣත්තං සුසමාහිතො.
|
272
“අත් පා අතගා නැවත සක්මනට බැස්සෙමි. ඒ මම ඇතුළත සන්සුන්ව සක්මනෙහි සක්මන් කෙළෙමි.
|
273
‘‘තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ්ජථ;
ආදීනවො පාතුරහු, නිබ්බිදා සමතිට්ඨථ.
|
273
“ඉක්බිති මාගේ මනසට සිතිවිල්ලක් පහළ විය. දොස් දැක්ම පහළ විය. කළකිරීම පැමිණ සිටියේය.
|
274
‘‘තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ති.
|
274
“ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවන්ට පැමුණුනෙමි. බුදුන්ගේ අනුශාසනය කරණ ලදී.”
|
3. සභියත්ථෙරගාථා | 3. සභිය ථේර ගාථා |
275
(ධ. ප. 6 ධම්මපදෙපි) ‘‘පරෙ ච න විජානන්ති, මයමෙත්ථ යමාමසෙ;
යෙ ච තත්ථ විජානන්ති, තතො සම්මන්ති මෙධගා.
|
275
“අන්‍යයෝ අපි මෙහි මාරයා සමීපයට යමුයයි නොදනිත්. යම් කෙනෙක් එහි යන බව දනිත් නම් ඉන් කෝලාහල සන්සිඳෙත්.
|
276
‘‘යදා
විජානන්ති ච යෙ ධම්මං, ආතුරෙසු අනාතුරා.
|
276
“නොදන්නාහු යම් කලෙක්හි නොමැරෙන්නවුන් මෙන් ඉරියව් පවත්වත්ද යම් කෙනෙක් ධර්මය දනිත්ද ඔව්හු ලෙඩුන් අතරෙහි ලෙඩ නැතිව වසත්.
|
277
‘‘යං
සඞ්කස්සරං බ්රහ්මචරියං, න තං හොති මහප්ඵලං.
|
277
“ලිහිල් කළ යම් කර්මයක් වේද කිලිටිවූ යම් ව්රතයක් ඇත්තේද සැකයෙන් සිහි කටයුතු හැසිරීමක් වේද එය මහත් ඵල නොවේ.
|
278
‘‘යස්ස සබ්රහ්මචාරීසු, ගාරවො නූපලබ්භති;
ආරකා හොති සද්ධම්මා, නභං පුථවියා යථා’’ති.
|
278
“යමෙකුට සමාන සිල් ඇත්තන් කෙරෙහි ගෞරවයක් නොලැබේද, අහසට පොළොව මෙන් ධර්මයෙන් ඈත්වේ.”
|
4. නන්දකත්ථෙරගාථා | 4. නන්දක ථේර ගාථා |
279
‘‘ධිරත්ථු
නවසොතානි තෙ කායෙ, යානි සන්දන්ති සබ්බදා.
|
279
“අශූචියෙන් පිරුණාවූ දුර්ගන්ධවූ මාරයාගේ පක්ෂයෙහිවූ කුණු වැගිරෙන ශරීරයට නින්දා වේවා. තොපගේ ශරීරයෙහි යමක් නිතර ගලා බසිත්ද, ඒ සිදුරු නවයකි.
|
280
‘‘මා
සග්ගෙපි තෙ න රජ්ජන්ති, කිමඞ්ගං පන
(කිමඞ්ග පන (සී.)) මානුසෙ.
|
280
“පැරණි මට ඇතිවූ අදහස් නොසිතනු මැනවි. තථාගතයන් වහන්සේ අවමන් නොකරන්නෙහිය. ඒ ශ්‍රාවකයෝ දිව්‍ය ලෝකයෙහිත් ඇලෙන්නාහුය. මනුෂ්‍ය ලෝකය ගැන කියනුම කවරේද?
|
281
‘‘යෙ ච ඛො බාලා දුම්මෙධා, දුම්මන්තී මොහපාරුතා;
තාදිසා තත්ථ රජ්ජන්ති, මාරඛිත්තම්හි බන්ධනෙ.
|
281
“බාලවූ ප්‍රඥාව නැති නපුරු සිතිවිලි සිතන මෝහයෙන් වැසුනාවූ එවැන්නෝ මාරයා විසින් දමන ලද බැම්මෙහි බැඳෙත්.
|
282
‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා;
තාදී තත්ථ න රජ්ජන්ති, ඡින්නසුත්තා අබන්ධනා’’ති.
|
282
“යම් කෙනෙකුන් විසින් රාගයද ද්වේෂයද නොදැනීමද සිඳින ලද්දේද නොසෙල්වෙන බැමි ඇති සර්වඥ පුත්‍රයෝ එහි නොඇලෙත්.”
|
5. ජම්බුකත්ථෙරගාථා | 5. ජම්බුක ථේර ගාථා |
283
‘‘පඤ්චපඤ්ඤාසවස්සානි, රජොජල්ලමධාරයිං;
භුඤ්ජන්තො මාසිකං භත්තං, කෙසමස්සුං අලොචයිං.
|
283
“පස් පනස් වසක් ධූලි හා අශුචි දැරුවෙමි. මසකට වරක් ආහාර දිවගා බලමින් අළු ඉසීමෙන් බුරුල්වූ කෙස් අතින් උගුල්ලන්නේ විය.
|
284
‘‘එකපාදෙන අට්ඨාසිං, ආසනං පරිවජ්ජයිං;
සුක්ඛගූථානි ච ඛාදිං, උද්දෙසඤ්ච න සාදියිං.
|
284
“එක් පයකින් සිටියෙමි. ආසන දුරු කෙළෙමි. වේලුණු අශූචි කෑවෙමි. ආරාධනා නොඉවසීමි.
|
285
‘‘එතාදිසං කරිත්වාන, බහුං දුග්ගතිගාමිනං;
වුය්හමානො මහොඝෙන, බුද්ධං සරණමාගමං.
|
285
“මෙබඳු බොහෝ අපායට යන දේ කොට අපායට යන්නේ බුදුන් සරණ ගියෙමි.
|
286
‘‘සරණගමනං පස්ස, පස්ස ධම්මසුධම්මතං;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ති.
|
286
සරණයාම බලව. ධර්මයෙහි යහපත් බව බලව, ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුදුන්ගේ ශාසනය කරණලදී.”
|
6. සෙනකත්ථෙරගාථා | 6. සොනක ථේර ගාථා |
287
‘‘ස්වාගතං
යං අද්දසාසිං සම්බුද්ධං, දෙසෙන්තං ධම්මමුත්තමං.
|
287
“ගයාවෙහි මැදින් මස පොහොය දිනයෙහි එකාන්තයෙන් මට යහපත් පැමිණීමක් වේවා. උතුම්වූ ධර්මය දේශනා කරණ බුදුන් දුටුවෙම්ද එහෙයිනි.
|
288
‘‘මහප්පභං
සදෙවකස්ස ලොකස්ස, ජිනං අතුලදස්සනං.
|
288
“මහත් ආලෝක ඇති පිරිසට නායකවූ ශ්‍රේෂ්ඨත්වයට පැමිණි තමහට වඩා ශ්රේෂ්ඨයක නැති බුදුන් දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ දැකීමකි.
|
289
‘‘මහානාගං මහාවීරං, මහාජුතිමනාසවං;
සබ්බාසවපරික්ඛීණං, සත්ථාරමකුතොභයං.
|
289
“මහත් ඇතෙකු වැනිවූ මහාවීරයෙකුවූ මහා ආලෝකයක් ඇති, කෙලෙස් නැති, සියලු කෙලෙස් නැති කළාවූ කිසිතැනක බියක් නැත්තාවූ ශාස්තෘන් වහන්සේ යම් හෙයකින් දැක්කේද එය මගේ යහපත් දැකීමකි.
|
290
‘‘චිරසංකිලිට්ඨං වත මං, දිට්ඨිසන්දානබන්ධිතං
(සන්ධිතං (සී. ස්‍යා.), සන්දිතං (පී. සී. අට්ඨ.));
විමොචයි සො භගවා, සබ්බගන්ථෙහි සෙනක’’න්ති.
|
290
“ඒකාන්තයෙන්ම වැරදි විශ්වාස නමැති බැම්මෙන් බඳිනු ලදුව මා බොහෝ කාලයක් කිලිටිවූයේද, ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු ගැටවලින් සෝනක තෙරුන් මිදෙව්වේය.”
|
7. සම්භූතත්ථෙරගාථා | 7. සම්භූත ථේර ගාථා |
291
‘‘යො දන්ධකාලෙ තරති, තරණීයෙ ච දන්ධයෙ;
අයොනි
(අයොනිසො (ස්‍යා.)) සංවිධානෙන, බාලො දුක්ඛං නිගච්ඡති.
|
291
“යමෙක් තෙමේ සැක සහිත කාලයෙහි වෑයම් කරයිද එතර වියයුතු කාලය හිස් කරයිද, නුවණ නැති බව හේතුකොට බාලයා දුකට පැමිණෙයි.
|
292
‘‘තස්සත්ථා පරිහායන්ති, කාළපක්ඛෙව චන්දිමා;
ආයසක්යඤ්ච
(ආයසස්යඤ්ච (සී.)) පප්පොති, මිත්තෙහි ච විරුජ්ඣති.
|
292
“එබඳු පුද්ගලයාගේ මේ ආත්මයෙහිවූ අභිවෘද්ධිය කළුවර පක්ෂයෙහි හඳ මෙන් පිරිහෙත්. අයසටද පැමිණෙයි. මිත්‍රයන් සමගද විරුද්ධ වේ.
|
293
‘‘යො දන්ධකාලෙ දන්ධෙති, තරණීයෙ ච තාරයෙ;
යොනිසො සංවිධානෙන, සුඛං පප්පොති පණ්ඩිතො.
|
293
“යමෙක් සැක කළයුතු කාලයෙහි සැක කරයිද එතර විය යුතු කාලයෙහි එතරවේද නුවණින් යුක්තවීමෙන් පණ්ඩිතතෙමේ සැපයට පැමිණෙයි.
|
294
‘‘තස්සත්ථා පරිපූරෙන්ති, සුක්කපක්ඛෙව චන්දිමා;
යසො කිත්තිඤ්ච පප්පොති, මිත්තෙහි න විරුජ්ඣතී’’ති.
|
294
“ඔහුගේ අභිවෘද්ධිය සඳ මෙන් පිරෙයි. යසසටද කීර්තියටද පැමිණෙයි. මිත්‍රයන් හා විරුද්ධ නොවේ.
|
8. රාහුලත්ථෙරගාථා | 8. රාහුල ථේර ගාථා |
295
‘‘උභයෙනෙව
යඤ්චම්හි පුත්තො බුද්ධස්ස, යඤ්ච ධම්මෙසු චක්ඛුමා.
|
295
“දෙපැත්තෙන් යහපත්වූ සොඳුරු රාහුලයයි මට කීහ. යම් මම බුදුන්ගේ පුත්රද, යම් මම ධර්මයන්හි ඇස් ඇත්තෙමි.
|
296
‘‘යඤ්ච මෙ ආසවා ඛීණා, යඤ්ච නත්ථි පුනබ්භවො;
අරහා
|
296
“මා විසින් යම් පව් දුරු කළාහුද, යම් නැවත ඉපදීමක් මට නැද්ද දක්ෂිණාවට සුදුසු රහත් කෙනෙක්මි. නිවන පෙනෙන ත්‍රිවිද්‍යා ඇත්තෙකි.
|
297
‘‘කාමන්ධා
පමත්තබන්ධුනා බද්ධා, මච්ඡාව කුමිනාමුඛෙ.
|
297
“කෙමින් කටෙහි අසුවූ මසුන් මෙන් කාමයන්හි අන්ධය. දැලින් වැසෙන ලදී. ආශා නැමැති පියස්සෙන් වසනලදී. ප්රමාදවවන්ගේ නෑවූ මාරයා විසින් බඳින ලදී.
|
298
‘‘තං
සමූලං තණ්හමබ්බුය්හ, සීතිභූතොස්මි නිබ්බුතො’’ති.
|
298
“ඒ කාමය මම උදුරා මාරයාගේ බැමි සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරා සිහිල් වූයෙමි. නිවුණෙමි.”
|
9. චන්දනත්ථෙරගාථා | 9. චන්දන ථේර ගාථා |
299
‘‘ජාතරූපෙන සඤ්ඡන්නා
(පච්ඡන්නා (සී.)), දාසීගණපුරක්ඛතා;
අඞ්කෙන පුත්තමාදාය, භරියා මං උපාගමි.
|
299
“රනින් වැසුණු ආභරණ පැළඳි දාසී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ, පුත්‍රයා ඇකයෙන් ගෙන භාර්යාව මාවෙත පැමිණියාය,
|
300
‘‘තඤ්ච දිස්වාන ආයන්තිං, සකපුත්තස්ස මාතරං;
අලඞ්කතං සුවසනං, මච්චුපාසංව ඔඩ්ඩිතං.
|
300
“අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දැමූ මරු පාසයක් වැනි තම පුත්‍රයාගේ මව දැක
|
301
‘‘තතො මෙ මනසීකාරො, යොනිසො උදපජ්ජථ;
ආදීනවො පාතුරහු, නිබ්බිදා සමතිට්ඨථ.
|
301
“ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දෝෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.
|
302
‘‘තතො චිත්තං විමුච්චි මෙ,
පස්ස ධම්මසුධම්මතං;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ති.
|
302
“ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.
|
10. ධම්මිකත්ථෙරගාථා | 10. ධම්මික ථේර ගාථා |
303
(ජා. 1.10.102 ජාතකෙපි) ‘‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහති;
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
|
303
“දශකුශල ධර්මය ඒකාන්තයෙන් ධර්මචාරී පුද්ගලයා රකියි. යහපත්කොට පුරුදු කළ ධර්මය සැප ගෙනදෙයි. පුරුදු කළ ධර්මයෙහි මේ ආනිසංසය ධර්මචාරී පුද්ගලයා දුගතියකට නොයවයි.
|
304
(ජා. 1.15.385) ‘‘නහි ධම්මො අධම්මො ච, උභො සමවිපාකිනො;
අධම්මො
|
304
“ධර්මය අධර්මය යන දෙක සමාන විපාක දෙන්නේ නොවේ. අධර්මය අපායට යවයි. ධර්මය නිවනට යවයි.
|
305
‘‘තස්මා හි ධම්මෙසු කරෙය්ය ඡන්දං, ඉති මොදමානො සුගතෙන තාදිනා;
ධම්මෙ ඨිතා සුගතවරස්ස සාවකා, නීයන්ති ධීරා සරණවරග්ගගාමිනො.
|
305
“එසේ හෙයින් ධර්මයෙහි ආශාව කරන්නේය. නොසෙල්වෙන බුදුන් කෙරෙහි සතුටුවන්නේ ධර්මයෙහි ආශාව කරන්නේය. ධර්මයෙහි සිටියාවූ ශ්‍රේෂ්ඨ පිහිට අනුව යන ප්‍රඥා වන්තයෝ නිවනට පමුණුවත්.
|
306
‘‘විප්ඵොටිතො
සො ඛීණසංසාරො න චත්ථි කිඤ්චනං,
චන්දො යථා දොසිනා පුණ්ණමාසිය’’න්ති.
|
306
“අවිද්‍යාව දුරුකරණලදී. තෘෂ්ණා දැල නසනලදී. ඒ මම ක්ෂය කළ සංසාරය ඇත්තෙම් දොස් නැති කලා සම්පූර්ණ සඳ මෙන් ක්ෂය කළ සංසාරය ඇත්තේ රාගාදී ක්ලේශයන් නැත්තෙක්වීමි.”
|
11. සප්පකත්ථෙරගාථා | 11. සප්පක ථේර ගාථා |
307
‘‘යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා, කාළස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා;
පලෙහිති ආලයමාලයෙසිනී, තදා නදී අජකරණී රමෙති මං.
|
307
පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැ ඇති වලාකුලට බියෙන් තැතිගත්තාහු තමාගේ කූඩුව සොයා යති. එකල්හි අජකරණි නදිය මගේ සිත සතුටු කරයි.
|
308
‘‘යදා
පරියෙසති ලෙණමලෙණදස්සිනී, තදා නදී අජකරණී රමෙති මං.
|
308
“පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැති වලාකුලට බියෙන් තැතිගත්තාහු සැඟවීමට තැනක් නැතිව ලෙනක් සොයත්ද, එකල්හි අජකරණි නම් නදිය මගේ සිත සතුටුකරයි.
|
309
‘‘කං නු තත්ථ න රමෙන්ති, ජම්බුයො උභතො තහිං;
සොභෙන්ති ආපගාකූලං, මම ලෙණස්ස
(මහාලෙණස්ස (ස්‍යා. ක.)) පච්ඡතො.
|
309
එහි දෙපසෙහි දඹ ගස් කවරෙකුගේ සිත් නො අලවත්ද, මගේ ලෙන පිටිපස ගං ඉවුර අලංකාර කරත්.
|
310
‘‘තා මතමදසඞ්ඝසුප්පහීනා,
භෙකා
‘නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයො,
ඛෙමා අජකරණී සිවා සුරම්මා’’’ති.
|
310
“ඒ මැඩියෝ සර්ප සමූහයාගෙන් දුරුවූ ඒ ස්ථානයෙහි මිහිරි හඬින් නාදකරත්. අද පර්වතය නදීන්ගෙන් ඈත් විය යුතු දිනයක් නොවේ. බිය නැති අජකරණි නදිය ඉතා යහපත්ය.”
|
12. මුදිතත්ථෙරගාථා | 12. මුදිත ථේර ගාථා |
311
‘‘පබ්බජිං ජීවිකත්ථොහං, ලද්ධාන උපසම්පදං;
තතො සද්ධං පටිලභිං, දළ්හවීරියො පරක්කමිං.
|
311
“මම ජීවිකාව පිණිස පැවිදිවීමි. උපසම්පදාව ලබා ඊටත් වඩා ශ්‍රද්ධාව ලැබුවෙමි. තද වීර්ය ඇතිව භාවනා කෙළෙමි.
|
312
‘‘කාමං භිජ්ජතුයං කායො, මංසපෙසී විසීයරුං
(විසියන්තු (ක.));
උභො ජණ්ණුකසන්ධීහි, ජඞ්ඝායො පපතන්තු මෙ.
|
312
“ඒකාන්තයෙන් මේ ශරීරය බිඳේවා, මේ වීර්යයෙන් ශරීරයෙහි මස්පිඬු විසිරේවා, දනසන්ධි දෙකින් කෙණ්ඩා කැඩී වැටෙත්වා.
|
313
‘‘නාසිස්සං
නපි පස්සං නිපාතෙස්සං, තණ්හාසල්ලෙ අනූහතෙ.
|
313
“මගේ හෘදයෙහි තණ්හා හුල නැති නොවනතුරු නොකන්නෙමි නොබොන්නෙමි. පන්සලෙන් පිට නොවන්නෙමි. පැත්තකින් නොනිදන්නෙමි.
|
314
‘‘තස්ස මෙවං විහරතො, පස්ස වීරියපරක්කමං;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ති.
|
314
“මෙසේ වාසය කරන්නාවූ මගේ තද උත්සාහය බලන්න. ත්‍රිවිද්‍යාවන් ලද්දෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.”
|