3. තිකනිපාතො | 3. තික නිපාතය |
1. අඞ්ගණිකභාරද්වාජත්ථෙරගාථා | 1. අංගාණික භාරද්වාජ ථේර ගාථා |
219
‘‘අයොනි
සුද්ධිමග්ගං අජානන්තො, අකාසිං අමරං තපං
(අකාසිං අපරං තපං (ස්‍යා.), අකාසිං අමතං තපං (ක.)).
|
219
“නුවණ නැතිව පිරිසිදුකම බලාපොරොත්තුවෙන් වනයෙහි ගිනි දෙවියා පිදීමි. නිවණට මග නොදන්නේ ශරීරයට දුක්දීම කෙළෙමි.
|
220
‘‘තං සුඛෙන සුඛං ලද්ධං, පස්ස ධම්මසුධම්මතං;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
220
“ඒ නිවන් සැප මම ශරීරයට දුක්නොදී සුවසේ ලබාගතිමි. ධර්මයේ යහපත් බව බලන්න. ත්‍රිවිද්‍යාවන්ට ක්‍රමයෙන් පැමුණුනෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.
|
221
‘‘බ්රහ්මබන්ධු පුරෙ ආසිං, ඉදානි ඛොම්හි බ්රාහ්මණො;
තෙවිජ්ජො න්හාතකො
(නහාතකො (සී. අට්ඨ.)) චම්හි, සොත්තියො චම්හි වෙදගූ’’ති.
|
221
“ජාති මාත්‍රයෙන් බ්‍රහ්මයයි කියන බ්‍රහ්ම බන්ධුවූයෙමි. දැන් පරමාර්ථ බ්රාහ්මණයෙක්වීමි. ත්‍රිවිද්‍යා ඇත්තෙකු වී දැන් පරමාර්ථ වශයෙන් ත්‍රිවිද්‍යා ඇත්තෙක්වීමි. සංඥා මාත්‍රයෙන් නෑවාවූ කෙනෙක් වී දැන් පරමාර්ථයෙන් නෑවෙක්වීමි. දැන් පරමාර්ථවේද දත් සොත්ථි’‘ (බ්‍රාහ්මණයෙක්) වීමි.”
|
2. පච්චයත්ථෙරගාථා | 2. පච්චය ථේර ගාථා |
222
‘‘පඤ්චාහාහං පබ්බජිතො, සෙඛො අප්පත්තමානසො,
විහාරං මෙ පවිට්ඨස්ස, චෙතසො පණිධී අහු.
|
222
“ශෛක්ෂවූ (රහත්වීම සම්පූර්ණ නොකළ) රහත් බවට නොපැමිණි පැවිදිවී පස්දිනක් ඇති මම මගේ වාසස්ථානයට ගියේ සිතේ මෙවැනි අදහසක් විය.
|
223
‘‘නාසිස්සං න පිවිස්සාමි, විහාරතො න නික්ඛමෙ;
නපි පස්සං නිපාතෙස්සං, තණ්හාසල්ලෙ අනූහතෙ.
|
223
“මගේ හෘදයෙහි තණ්හා හුල නැති නොවනතුරු නොකන්නෙමි නොබොන්නෙමි. පන්සලෙන් පිට නොවන්නෙමි. පැත්තකින් නොනිදන්නෙමි.
|
224
‘‘තස්ස මෙවං විහරතො, පස්ස වීරියපරක්කමං;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ති.
|
224
“මෙසේ වාසය කරන්නාවූ මගේ තද උත්සාහය බලන්න. ත්‍රිවිද්‍යාවන් ලද්දෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.”
|
3. බාකුලත්ථෙරගාථා | 3. බක්කුල ථේර ගාථා |
225
‘‘යො පුබ්බෙ කරණීයානි, පච්ඡා සො කාතුමිච්ඡති;
සුඛා සො ධංසතෙ ඨානා, පච්ඡා ච මනුතප්පති.
|
225
“ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
|
226
‘‘යඤ්හි කයිරා තඤ්හි වදෙ, යං න කයිරා න තං වදෙ;
අකරොන්තං
|
226
“යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
|
227
‘‘සුසුඛං
අසොකං විරජං ඛෙමං, යත්ථ දුක්ඛං නිරුජ්ඣතී’’ති.
|
227
“යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
|
4. ධනියත්ථෙරගාථා | 4. ධනිය ථේර ගාථා |
228
‘‘සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ, සාමඤ්ඤස්මිං අපෙක්ඛවා;
සඞ්ඝිකං නාතිමඤ්ඤෙය්ය, චීවරං පානභොජනං.
|
228
“මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත්වනු කැමැත්තේ නම් සාංඝික සිවුරුද ගිලන්පසද ආහාරද නොඉක්මවා නොසිතන්නේය.
|
229
‘‘සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ, සාමඤ්ඤස්මිං අපෙක්ඛවා;
අහි මූසිකසොබ්භංව, සෙවෙථ සයනාසනං.
|
229
“මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත් වන්නේ නම් සර්පයා මීගුලෙහි මෙන් සෙනාසනවල වසන්නේය.
|
230
‘‘සුඛං චෙ
ඉතරීතරෙන තුස්සෙය්ය, එකධම්මඤ්ච භාවයෙ’’ති.
|
230
මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත්වනු කැමැත්තේ නම් අප්‍රමාදවූ එකම ධර්මය වඩමින් ලදදෙයින් සතුටුව වසන්නේය.”
|
5. මාතඞ්ගපුත්තත්ථෙරගාථා | 5. මාතංග පුත්‍ර ථේර ගාථා |
231
‘‘අතිසීතං අතිඋණ්හං, අතිසායමිදං අහු;
ඉති විස්සට්ඨකම්මන්තෙ, ඛණා අච්චෙන්ති මාණවෙ.
|
231
“මේ වේලාව බොහෝ සීතලය. මේ ඉතා උෂ්ණය දැන් ඉතා සවස්යයි මෙසේ හරණලද වැඩ ඇති මානවකයන්ට අවස්ථාව වැරදීයයි.
|
232
‘‘යො ච සීතඤ්ච උණ්හඤ්ච, තිණා භිය්යො න මඤ්ඤති;
කරං පුරිසකිච්චානි, සො සුඛා න විහායති.
|
232
“මේ ලෝකයෙහි යම් කෙනෙක් සීතලද උෂ්ණයද තණකොළයකට වඩා ගණන් නොගනීද, පුරුෂ වීර්ය කරණ හෙතෙම සැපයෙන් ඈත්නොවෙයි.
|
233
‘‘දබ්බං කුසං පොටකිලං, උසීරං මුඤ්ජපබ්බජං;
උරසා පනුදිස්සාමි, විවෙකමනුබ්රූහය’’න්ති.
|
233
“දබ්බනම් තණකොළද, කුශතණද, කටු සහිත ගස්ද, සැවැන්දරාද, මුදුතණ හා බඛුස්තණද, විවේකය වඩන මම ලයින් ඉවසන්නෙමි.”
|
6. ඛුජ්ජසොභිතත්ථෙරගාථා | 6. ඛුජ්ජසොභිත ථේර ගාථා |
234
‘‘යෙ චිත්තකථී බහුස්සුතා, සමණා පාටලිපුත්තවාසිනො;
තෙසඤ්ඤතරොයමායුවා, ද්වාරෙ තිට්ඨති ඛුජ්ජසොභිතො.
|
234
“පැළලුප් නුවර වැසි විසිතුරු ධර්ම කථා ඇති, බොහෝ උගත් ශ්‍රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ දීර්ඝායුෂ ඇති ඛුජ්ජසොභිතවූ ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
|
235
‘‘යෙ
තෙසඤ්ඤතරොයමායුවා, ද්වාරෙ තිට්ඨති මාලුතෙරිතො.
|
235
“පැළලුප් නුවරවැසි විසිතුරු ධර්ම කථා ඇති බොහෝ උගත් ශ්‍රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ වාතයෙහි ගමන් කරන ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
|
236
‘‘සුයුද්ධෙන සුයිට්ඨෙන, සඞ්ගාමවිජයෙන ච;
බ්රහ්මචරියානුචිණ්ණෙන, එවායං සුඛමෙධතී’’ති.
|
236
“කෙලෙස් යුද්ධයෙන් ධර්මය පිදීමෙන්, කෙලෙස් පැරදවීමෙන් බ්‍රහ්මචර්ය පුරුදු කිරීමෙන් මෙසේ මේ සැපට පැමිණේ.”
|
7. වාරණත්ථෙරගාථා | 7. වාරණ ථේර ගාථා |
237
‘‘යොධ
අස්මා ලොකා පරම්හා ච, උභයා ධංසතෙ නරො.
|
237
“මේ ලෝකයෙහි මනුෂ්‍යයන් අතුරෙහි යම් කෙනෙක් සතුන් මරාද මෙලොවින්ද පරලොවින්ද යන දෙලොවින් ඒ මනුෂ්‍යතෙමේ පිරිහෙයි.
|
238
‘‘යො ච මෙත්තෙන චිත්තෙන, සබ්බපාණානුකම්පති;
බහුඤ්හි සො පසවති, පුඤ්ඤං තාදිසකො නරො.
|
238
“මෛත්‍රී සිතින් යම් කෙනෙක් සියලු ප්‍රාණීන්ට අනුකම්පාකරයිද, ඒ කරණකොටගෙන එබඳු මනුෂ්‍යතෙම බොහෝ පින් රැස්කරයි.
|
239
‘‘සුභාසිතස්ස සික්ඛෙථ, සමණූපාසනස්ස ච;
එකාසනස්ස ච රහො, චිත්තවූපසමස්ස චා’’ති.
|
239
“සුභාෂිතයෙහිත්, ශ්රමණයන් ආශ්‍රය කිරීමෙහිත්, තනිව එක ආසනයෙහි සිටීමේත්, සිත සංසිඳවීමෙත් හික්මෙව්.”
|
8. වස්සිකත්ථෙරගාථා | 8. පස්සික ථේර ගාථා |
240
‘‘එකොපි සද්ධො මෙධාවී, අස්සද්ධානීධ ඤාතිනං;
ධම්මට්ඨො සීලසම්පන්නො, හොති අත්ථාය බන්ධුනං.
|
240
“ශ්රද්ධාවත්වූ ඤාණවන්තවූ ධර්මිෂ්ඨවූ සිල්වත්වූ ඒ එක් තැනැත්තා නමුත් ශ්‍රද්ධාව නැති මේ ඤාතීවූ දන්නාවූ හිතවතුන්ට වඩා යහපත් වේ.
|
241
‘‘නිග්ගය්හ අනුකම්පාය, චොදිතා ඤාතයො මයා;
ඤාතිබන්ධවපෙමෙන, කාරං කත්වාන භික්ඛුසු.
|
241
“ඥාති බන්ධු ආශාවෙන් භික්ෂූන් අතර ක්‍රියාකොට මා විසින් නිග්‍රහ කිරීමෙන් හා අනුග්‍රහ කිරීමෙන් ඥාතීන්ට චොදනා කරණලදී.
|
242
‘‘තෙ අබ්භතීතා කාලඞ්කතා, පත්තා තෙ තිදිවං සුඛං;
භාතරො මය්හං මාතා ච, මොදන්ති කාමකාමිනො’’ති.
|
242
“ඉක්මගියාවූ කළුරිය කළ ඔව්හු දිව්යසම්පත්තියට පැමිණියාහුය. මගේ සහෝදරවරුද මවුද කැමති දේ ලැබ සතුටුවෙත්.”
|
9. යසොජත්ථෙරගාථා | 9. යසොජ ථේර ගාථා |
243
‘‘කාලපබ්බඞ්ගසඞ්කාසො, කිසො ධමනිසන්ථතො;
මත්තඤ්ඤූ
|
243
“දන්තිලතා නම් වැලක පුරුකක් වැනි කෙට්ටුවූ නහර මතුවීගිය, ආහාරපානයන්හි පමණ දන්නාවූ කම්මැලි නැති ස්වභාව ඇති පුරුෂ තෙමේ,
|
244
‘‘ඵුට්ඨො
නාගො සඞ්ගාමසීසෙව, සතො තත්රාධිවාසයෙ.
|
244
“කැලේ මහවනයෙහි ඩැහැලේ බොන මැස්සන්ගෙන් හා, මදුරුවන්ගෙන් ස්පර්ශ කරණ ලද්දේ යුද පෙරමුණක ඇතෙකු මෙන් සිහි ඇතිව එහිම ඉවසන්නේය.
|
245
‘‘යථා බ්රහ්මා තථා එකො, යථා දෙවො තථා දුවෙ;
යථා ගාමො තථා තයො, කොලාහලං තතුත්තරි’’න්ති.
|
245
“බ්‍රහ්මයා යම්සේද එසේම තනියම හැසිරෙන්නේ සැපය. දෙවියන්ට සේ දෙදෙනෙකුවූ විට සිතේ කිපීම වන්නේය. තුන්දෙනෙකුගේ වාසය ගමේ විසීමක් මෙනි. තුන්දෙනෙකුට වඩා සිටින තැන කෝලාහලයකි.”
|
10. සාටිමත්තියත්ථෙරගාථා | 10. සාටිමත්තිය ථේර ගාථා |
246
‘‘අහු
යං තුය්හං තුය්හමෙවෙතං, නත්ථි දුච්චරිතං මම.
|
246
“තොපට පෙර ශ්‍රද්ධාවක් විය. ඒ ශ්‍රද්ධාව අද තොපට නැත. යමක් තොපගේද එය තොපගේමය. මගේ දුශ්චරිතයක් නැත.
|
247
‘‘අනිච්චා හි චලා සද්දා, එවං දිට්ඨා හි සා මයා;
රජ්ජන්තිපි විරජ්ජන්ති, තත්ථ කිං ජිය්යතෙ මුනි.
|
247
“ශ්‍රද්ධාව අනිත්‍යය, සෙලවේ. මෙසේ මා විසින් දක්නාලදී. ඇලීමද නොඇලීමදවේ. එවැන්නක් සමග ඇලුණත් නොඇලුණත් ප්රව්රජිතයාට කිනම් පාඩුවක්ද,
|
248
‘‘පච්චති මුනිනො භත්තං, ථොකං ථොකං කුලෙ කුලෙ;
පිණ්ඩිකාය චරිස්සාමි, අත්ථි ජඞ්ඝබලං
(ජඞ්ඝාබලං (සී.)) මමා’’ති.
|
248
“ගෙයක් ගෙයක් පාසා ප්රව්රජිතයාට බත් පිසියි. මගේ පාචල ශක්තිය ඇත. පිඬු පිණිස හැසිරෙන්නෙමි.”
|
11. උපාලිත්ථෙරගාථා | 11. උපාලි ථේර ගාථා |
249
‘‘සද්ධාය අභිනික්ඛම්ම, නවපබ්බජිතො නවො;
මිත්තෙ භජෙය්ය කල්‍යාණෙ, සුද්ධාජීවෙ අතන්දිතෙ.
|
249
“ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ පිරිසිදු ජීවිකාව ඇති, කම්මැලි නොවූ යහපත් මිත්‍රයන් ආශ්‍රය කරන්නේය.
|
250
‘‘සද්ධාය අභිනික්ඛම්ම, නවපබ්බජිතො නවො;
සඞ්ඝස්මිං විහරං භික්ඛු, සික්ඛෙථ විනයං බුධො.
|
250
“ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ සංඝයා කෙරෙහි වාසය කරණ ඤාණවන්ත මහණ තෙමේ විනයෙහි හික්මෙන්නේය.
|
251
‘‘සද්ධාය අභිනික්ඛම්ම, නවපබ්බජිතො නවො;
කප්පාකප්පෙසු කුසලො, චරෙය්ය අපුරක්ඛතො’’ති.
|
251
“ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ තෘෂ්ණාදිය පෙරටු නොකොට කැප ඇකැපයෙහි දක්ෂව හැසිරෙන්නේය.”
|
12. උත්තරපාලත්ථෙරගාථා | 12. උත්තරපාල ථේර ගාථා |
252
‘‘පණ්ඩිතං
පඤ්ච කාමගුණා ලොකෙ, සම්මොහා පාතයිංසු මං.
|
252
“අර්ථ කල්පනා කිරීමට සමර්ථවූ පණ්ඩිතවූ මා ලෝකයෙහි පස්කම් රසය තෙමේ මුලාවට දැම්මේය.
|
253
‘‘පක්ඛන්දො මාරවිසයෙ, දළ්හසල්ලසමප්පිතො;
අසක්ඛිං මච්චුරාජස්ස, අහං පාසා පමුච්චිතුං.
|
253
“ඇනුණු තද හුලක් සමානව මාරයාගේ වසඟයට දුවන්නේ මර රජහුගේ තොණ්ඩුවෙන් බේරෙන්නට නොහැකිවිය.
|
254
‘‘සබ්බෙ
වික්ඛීණො ජාතිසංසාරො, නත්ථි දානි පුනබ්භවො’’ති.
|
254
“මාගේ සියලු කාමයෝ ප්රහීනය. සියලු භවයෝ ලිහා දමන ලද්දාහ. ජාතියෙන් ජාති ඉපදීම්යයි කියනලද පුනර්භවය දැන් නැත.”
|
13. අභිභූතත්ථෙරගාථා | 13. අභිභුත ථේර ගාථා |
255
‘‘සුණාථ ඤාතයො සබ්බෙ, යාවන්තෙත්ථ සමාගතා;
ධම්මං වො දෙසයිස්සාමි, දුක්ඛා ජාති පුනප්පුනං.
|
255
“යම්තාක් මෙහි රැස්වූ සියලු ඥාතීහු අසව්. තොපට ධර්මය දෙසන්නෙමි. නැවත නැවත ඉපදීම දුක්වෙයි.
|
256
(සං. නි. 1.185) ‘‘ආරම්භථ
(ආරභථ (සී. ස්‍යා.), ආරබ්භථ (ක.)) නික්කමථ, යුඤ්ජථ බුද්ධසාසනෙ;
ධුනාථ මච්චුනො සෙනං, නළාගාරංව කුඤ්ජරො.
|
256
“බුද්ධශාසනයෙහි ප්‍රථම වීර්යය කරව්. ඉන්වඩාත් වීර්ය කරව්. ශ්රේෂ්ඨශීල ශ්‍රේෂ්ඨ ශික්ෂාවෙහි යෙදෙව්. ඇතා හුණවනයක් මෙන් මාරසේනාව කම්පා කරව්.
|
257
‘‘යො
පහාය ජාතිසංසාරං, දුක්ඛස්සන්තං කරිස්සතී’’ති.
|
257
“යමෙක් මේ ධර්ම විනයෙහි අප්‍රමාදව වසන්නේද උත්පත්තිය නමැති සසර හැර දුක්කෙළවර කරන්නේය.”
|
14. ගොතමත්ථෙරගාථා | 14. ගොතම ථේර ගාථා |
258
‘‘සංසරං
දුක්ඛමම්හිපි තිරච්ඡානයොනියං, නෙකධා හි වුසිතං චිරං මයා.
|
258
“හැසිරෙන්නේ නිරයට ගියෙමි. නැවත නැවත ප්‍රේත ලෝකයට ගියෙමි. තිරිසන් යොනියෙහි දුකට ගියෙමි. නොයෙක් ප්‍රකාරයෙන් මෙතැන්හි බොහෝ කලක් මා විසින් වසනලදී.
|
259
‘‘මානුසොපි ච භවොභිරාධිතො, සග්ගකායමගමං සකිං සකිං;
රූපධාතුසු
|
259
“මා විසින් මනුෂ්යභවයද අමාරුවෙන් ලබන ලද්දේය. එක්වරක් දෙවරක් ස්වර්ග සම්පත්තියට පැමුණුනෙමි. රූපලෝකයෙහිද අරූපලෝකයෙහිද සංඥාව ඇති නැති තැන්හිද සංඥාව නැති තැනද උපන්නෙමි.
|
260
‘‘සම්භවා සුවිදිතා අසාරකා, සඞ්ඛතා පචලිතා සදෙරිතා;
තං විදිත්වා මහමත්තසම්භවං, සන්තිමෙව සතිමා සමජ්ඣග’’න්ති.
|
260
“හේතු ප්‍රත්‍යයෙන් හටගත්දෙය, හරයක් නැති ලෙස දන්නාලදී. සංස්කාරයෝ ස්ථිරනොවූහ. බිඳෙන සුළුය තමන්ට අයත්වූ එය දැන සිහි ඇත්තේ නිවනම ලබන්නේය.”
|
15. හාරිතත්ථෙරගාථා | 15. හාරිත ථේර ගාථා |
261
‘‘යො පුබ්බෙ කරණීයානි, පච්ඡා සො කාතුමිච්ඡති;
සුඛා සො ධංසතෙ ඨානා, පච්ඡා ච මනුතප්පති.
|
261
“ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
|
262
‘‘යඤ්හි
අකරොන්තං භාසමානං, පරිජානන්ති පණ්ඩිතා.
|
262
“යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
|
263
‘‘සුසුඛං වත නිබ්බානං, සම්මාසම්බුද්ධදෙසිතං;
අසොකං විරජං ඛෙමං, යත්ථ දුක්ඛං නිරුජ්ඣතී’’ති.
|
263
“යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
|
16. විමලත්ථෙරගාථා | 16. විමල ථේර ගාථා |
264
‘‘පාපමිත්තෙ විවජ්ජෙත්වා, භජෙය්යුත්තමපුග්ගලං;
ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය, පත්ථෙන්තො අචලං සුඛං.
|
264
“පාපමිත්‍රයන් දුරුකොට උතුම් පුද්ගලයන් ආශ්‍රය කරන්නේය. නොසෙල් වෙන සැපය පතමින් ඒ උතුම් පුද්ගලයාගේ අවවාදයෙහි සිටින්නේය.
|
265
‘‘පරිත්තං දාරුමාරුය්හ, යථා සීදෙ මහණ්ණවෙ;
එවං කුසීතමාගම්ම, සාධුජීවීපි සීදති;
තස්මා තං පරිවජ්ජෙය්ය, කුසීතං හීනවීරියං.
|
265
“කුඩා දරකඩකට නැගී මහමුහුදෙහි යම්සේ ගිලේද එසේ කම්මැලියා වෙත පැමිණ යහපත්ව ජීවත්වන්නේද ගිලේ, එහෙයින් කම්මැලිවූ වීර්යය නැති ඔහු දුරුකරන්නේය.
|
266
‘‘පවිවිත්තෙහි
නිච්චං
|
266
“කාය විවේකයෙන් යුක්තවූ හා කෙලෙසුන්ගෙන් වෙන්වූ නිවන්වෙත යොමුකළ ජීවිත ඇති ධ්‍යානකරණ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් හා වාසය කරන්නේය.
|