ත්‍රිපිටකය
4. මහාවග්ගො 4. මහා වර්ගය
1. අම්බසක්කරපෙතවත්ථු 1. අම්බසක්ඛර ප්‍රේතයාගේ කථාව
2. සෙරීසකපෙතවත්ථු 2. සෙරිස්සක ප්‍රෙත කථාව
3. නන්දකපෙතවත්ථු 3. නන්දක ප්‍රෙත කථාව
4. රෙවතීපෙතවත්ථු 4. රෙවතී ප්‍රේතියගේ කථාව
5. උච්ඡුපෙතවත්ථු 5. උච්ඡු (උක්) ප්‍රෙතයාගේ කථාව
6. කුමාරපෙතවත්ථු 6. කුමාර ප්‍රේත කථාව
7. රාජපුත්තපෙතවත්ථු 7. රාජ පුත්‍ර ප්‍රේත කථාව
8. ගූථඛාදකපෙතවත්ථු 8. ගූථඛාදක ප්‍රෙත කථාව
9. ගූථඛාදකපෙතිවත්ථු 9. ගූථඛාදිකා ප්‍රෙතියගේ කථාව
10. ගණපෙතවත්ථු 10. ගණ ප්‍රෙත කථාව
11. පාටලිපුත්තපෙතවත්ථු 11. පාටලී පුත්‍ර ප්‍රෙත කථාව
12. අම්බවනපෙතවත්ථු 12. අම්බවන ප්‍රෙත කථාව
13. අක්ඛරුක්ඛපෙතවත්ථු 13. අක්ඛරුක්ඛ ප්‍රෙත කථාව
14. භොගසංහරපෙතවත්ථු 14. භොගසංහාර ප්‍රෙත කථාව
15. සෙට්ඨිපුත්තපෙතවත්ථු 15. සෙට්ඨිපුත්ත ප්‍රෙත කථාව
16. සට්ඨිකූටපෙතවත්ථු 16. සට්ඨිකූට ප්‍රෙත කථාව
806
‘‘කිං නු උම්මත්තරූපොව, මිගො භන්තොව ධාවසි;
නිස්සංසයං පාපකම්මන්තො (පාපකම්මං (ස්‍යා. පී.)), කිං නු සද්දායසෙ තුව’’න්ති.
806
“තෝ උතුම් ස්වභාව ඇත්තකු මෙන්ද, කරකැවෙන්නාවූ මුවකු මෙන්ද, කුමක් හෙයින් (ඔබමොබ) දුවන්නෙහිද නිසැකව පවකම් ඇත්තෙකි. කුමක් හෙයින් ඉතා නාද කරමින් හැසිරෙන්නෙහිද?”
807
‘‘අහං භදන්තෙ පෙතොම්හි, දුග්ගතො යමලොකිකො;
පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතො.
807
“ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතයක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
808
‘‘සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො;
සීසෙ මය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක’’න්ති.
808
“මාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු (මාගේ) මස්තකය බඳිත්.
809
‘‘කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං;
කිස්ස කම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡසි.
809
“කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
810
‘‘සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො;
සීසෙ තුය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක’’න්ති.
810
“තාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මස්තකය බඳිත්.
811
‘‘අථද්දසාසිං සම්බුද්ධං, සුනෙත්තං භාවිතින්ද්‍රියං;
නිසින්නං රුක්ඛමූලස්මිං, ඣායන්තං අකුතොභයං.
811
“ඉක්බිති වඩනාලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති රුක්මුල භාවනා කරමින් වැඩහුන්නාවූ බිය නැත්තාවූ සුනෙත්‍ර නම් වූ පසේ බුදුන් මම දුටුවෙමි.
812
‘‘සාලිත්තකප්පහාරෙන, භින්දිස්සං තස්ස මත්ථකං;
තස්ස කම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡිසං.
812
“උන්වහන්සේගේ හිස ගල් විදුම් පහරින් පොඩි කෙළෙමි. ඒ අකුශල කර්ම විපාක හේතුවෙන් මෙබඳු දුකට පැමිණියෙමි.
813
‘‘සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො;
සීසෙ මය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච (නිපතන්ති, වො භින්දන්තෙව (සී. ධම්මපදට්ඨකථා)) මත්ථක’’න්ති.
813
“මාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු (මාගේ) මස්තකය බඳිත්.
814
‘‘ධම්මෙන තෙ කාපුරිස, සට්ඨිකූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො;
සීසෙ තුය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක’’න්ති.
814
නින්දිත පුරුෂය තට සුදුසුවූ කරුණෙන්ම තාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මස්තකය බඳිත්.