ත්‍රිපිටකය
3. චූළවග්ගො 3. චුල්ල වර්ගය
1. අභිජ්ජමානපෙතවත්ථු 1. අභිජ්ජමාන (නොගැටෙන) ප්‍රේතයාගේ කථාව
2. සාණවාසීථෙරපෙතවත්ථු 2. සාණවාසී ප්‍රේතයාගේ කථාව
3. රථකාරපෙතිවත්ථු 3. රථකාර ප්‍රේතයාගේ කථාව
4. භුසපෙතවත්ථු 4. භුස (බොල්) ප්‍රෙතයාගේ කථාව
5. කුමාරපෙතවත්ථු 5. කුමාර ප්‍රෙතයාගේ කථාව
6. සෙරිණීපෙතවත්ථු 6. සෙරිණි ප්‍රේතියගේ කථාව
7. මිගලුද්දකපෙතවත්ථු 7. මිගලුද්දක ප්‍රේතයාගේ කථාව
478
‘‘නරනාරිපුරක්ඛතො යුවා, රජනීයෙහි කාමගුණෙහි (කාමෙහි (ක.)) සොභසි;
දිවසං අනුභොසි කාරණං, කිමකාසි පුරිමාය ජාතියා’’ති.
478
“තරුණ දෙවතාවන් හා දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලද්දාවූ සිත්කළුවූ කාමකොට්ඨාසයන්ගෙන් යුක්තව රාත්‍රී කාලයෙහි හොබනෙහිය. දවල්කාලයෙහි දුක් අනුභව කරන්නෙහිය. පූර්වජාතියෙහි කිනම් කර්මයක් කෙළෙහිද?”
479
‘‘අහං රාජගහෙ රම්මෙ, රමණීයෙ ගිරිබ්බජෙ;
මිගලුද්දො පුරෙ ආසිං, ලොහිතපාණි දාරුණො.
479
“මම රම්‍යවූ සිත්කළුවූ ගිරිබ්බජනම්වූ රජගහනුවර පූර්වජන්මයෙහි ලේවැකුණු අත් ඇති දරුණුවූ මුව වැද්දෙක්වීමි.
480
‘‘අවිරොධකරෙසු පාණිසු, පුථුසත්තෙසු පදුට්ඨමානසො;
විචරිං අතිදාරුණො සදා (තදා (සී.)), පරහිංසාය රතො අසඤ්ඤතො.
480
“එකල්හි ඉතා දරුණුවූ පරපීඩාවෙහි ඇලුනු නොහික්මුනාවූ කිසිවෙකු සමග විරුද්ධයක් නොකරන්නාවූ බොහෝ සත්වයන් කෙරෙහි දූෂිත වූ සිත් ඇතිව හැසුරුනෙමි.
481
‘‘තස්ස මෙ සහායො සුහදයො (සුහදො (සී.)), සද්ධො ආසි උපාසකො;
සොපි (සො හි (ස්‍යා.)) මං අනුකම්පන්තො, නිවාරෙසි පුනප්පුනං.
481
“ඒ මට යහපත් සිත් ඇති ශ්‍රද්ධාවත්වූ උපාසක මිත්‍රයෙක්විය. හෙතෙමේද අනුකම්පාකරමින් නැවත නැවත මා වැලැක්විය.
482
‘‘‘මාකාසි පාපකං කම්මං, මා තාත දුග්ගතිං අගා;
සචෙ ඉච්ඡසි පෙච්ච සුඛං, විරම පාණවධා අසංයමා’.
482
“සහෝදරය, ලාමක අකුශල කර්මය නොකරව, දුගතියට නොයව, පරලොවදී සැපය ඉදින් කැමති නම් අසංවරවූ ප්‍රාණඝාත අකුශලයෙන් වෙන්වෙව.
483
‘‘තස්සාහං වචනං සුත්වා, සුඛකාමස්ස හිතානුකම්පිනො;
නාකාසිං සකලානුසාසනිං, චිරපාපාභිරතො අබුද්ධිමා.
483
“සැප කැමතිවූ හිත අනුකම්පා ඇති ඔහුගේ වචනය අසා බොහෝකල් පවෙහි ඇලුනාවූ නුවණ නැත්තාවූ මම සියලු අනුශාසනාව නොකෙළෙමි.”
484
‘‘සො මං පුන භූරිසුමෙධසො, අනුකම්පාය සංයමෙ නිවෙසයි;
‘සචෙ දිවා හනසි පාණිනො, අථ තෙ රත්තිං භවතු සංයමො’.
484
යහපත්වූ බොහෝ නුවණැති ඒ උපාසකතෙම නැවත දයාවෙන් මා සුචරිතයෙහි පිහිටවිය. ඉදින් දවල් කාලයෙහි සත්වයන් නසන්නෙහි නම් යලිත් රාත්‍රියෙහි තාගේ සංවරය ඇතිවේවා.
485
‘‘ස්වාහං දිවා හනිත්වා පාණිනො, විරතො රත්තිමහොසි සඤ්ඤතො;
රත්තාහං පරිචාරෙමි, දිවා ඛජ්ජාමි දුග්ගතො.
485
“ඒ මම දවල් කාලයෙහි සත්වයන් නසා රෑ කාලයෙහි වෙන්වූයේ සංවර ඇත්තෙක්වීමි. මම රාත්‍රියෙහි ඉඳුරන් හසුරුවම නොහොත් දෙව්සැප විඳිමි. දවල් කාලයෙහි දුකට පත් වූයේ දුක්විඳිමි.
486
‘‘තස්ස කම්මස්ස කුසලස්ස, අනුභොමි රත්තිං අමානුසිං;
දිවා පටිහතාව (පටිහතා ච (ක.)) කුක්කුරා, උපධාවන්ති සමන්තා ඛාදිතුං.
486
“ඒ කුශල කර්මයාගේ විපාකයෙන් රාත්‍රියෙහි දිවසැප වළඳමි. දවල් කාලයෙහි බද්ධ වෛර ඇත්තවුන්සේ සුනඛයෝ හාත්පසින් කෑමට දිවඑත්.
487
‘‘යෙ ච තෙ සතතානුයොගිනො, ධුවං පයුත්තා සුගතස්ස සාසනෙ;
මඤ්ඤාමි තෙ අමතමෙව කෙවලං, අධිගච්ඡන්ති පදං අසඞ්ඛත’’න්ති.
487
“යම් ඒ පුරුෂයෝ වනාහී තථාගත ශාසනයෙහි ස්ථිර වශයෙන් දැඩිසේ යෙදුනාහු නිතර අනුයොගවත්වූවෝ වෙත්ද, ඒ පින්වත්හු හුදෙක් රැස්කිරීමෙන් තොර නිර්වාණයටම පැමිණෙත්යයි සිතමි.”
8. දුතියමිගලුද්දකපෙතවත්ථු 8. දෙවෙනි මිගලුද්දක ප්‍රේත කථාව
9. කූටවිනිච්ඡයිකපෙතවත්ථු 9. කූට විනිශ්චයික ප්‍රේතයාගේ කථාව
10. ධාතුවිවණ්ණපෙතවත්ථු 10. ධාතු විවර්ණක ප්‍රේතයාගේ කථාව