ත්‍රිපිටකය
2. උබ්බරිවග්ගො 2. උබ්බරී වර්ගය
1. සංසාරමොචකපෙතිවත්ථු 1. සංසාර මොචක ප්‍රේතයාගේ කථාව
2. සාරිපුත්තත්ථෙරමාතුපෙතිවත්ථු 2. සාරිපුත්ත මාතුපෙතී කථාව
3. මත්තාපෙතිවත්ථු 3. මත්තා ප්‍රේතියගේ කථාව
4. නන්දාපෙතිවත්ථු 4. නන්දා ප්‍රේතියගේ කථාව
5. මට්ඨකුණ්ඩලීපෙතවත්ථු 5. මට්ට කුණ්ඩලී ප්‍රේත කථාව
6. කණ්හපෙතවත්ථු 6. කෘෂ්ණ ප්‍රේත කථාව
7. ධනපාලසෙට්ඨිපෙතවත්ථු 7. ධනපාල ප්‍රෙතයාගේ කථාව
8. චූළසෙට්ඨිපෙතවත්ථු 8. චුල්ලසෙට්ඨි ප්‍රෙතයාගේ කථාව
9. අඞ්කුරපෙතවත්ථු 9. අංගුත්තර ප්‍රෙතයාගේ කථාව
257
‘‘යස්ස අත්ථාය ගච්ඡාම, කම්බොජං ධනහාරකා;
අයං කාමදදො යක්ඛො, ඉමං යක්ඛං නයාමසෙ.
257
“වෙළඳාමෙන් ධනය හැර ගෙන යන්නාවූ අපි යම් කරුණක් පිණිස කාම්බෝජ රටට යමුද, මේ දෙව් පුත්තෙම කැමති සම්පත් දෙන්නේ වෙයි. මේ දිව්‍යපුත්‍රයා ගෙනයන්නෙමු.
258
‘‘ඉමං යක්ඛං ගහෙත්වාන, සාධුකෙන පසය්හ වා;
යානං ආරොපයිත්වාන, ඛිප්පං ගච්ඡාම ද්වාරක’’න්ති.
258
“මේ දෙවියා යාඥා කිරීමෙන් හෝ මැඩ බලාත්කාරයෙන් හෝ අල්වාගෙන සැප යහනකට නංවාගෙන ද්වාරවතී නුවරට වහායමු.
259
(ජා. 1.10.151; 1.14.196; 2.18.153; 2.22.10) ‘‘යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා;
න තස්ස සාඛං භඤ්ජෙය්‍ය, මිත්තදුබ්භො හි පාපකො’’ති.
259
“යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ රුකගේ අත්ත නොබිඳින්නේය. යම්හෙයකින් මිත්‍රද්‍රෝහය ලාමකවේද එහෙයිනි.
260
‘‘යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා;
ඛන්ධම්පි තස්ස ඡින්දෙය්‍ය, අත්ථො චෙ තාදිසො සියා’’ති.
260
“පින්වත් අංකුරය යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද එබඳු දැව සම්භාරයකින් ප්‍රයෝජනයක් වේනම් ඒ රුකේ කඳ පවා කපාගන්නේය අතු ආදිය ගැන කියනුම කවරේද,
261
‘‘යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා;
න තස්ස පත්තං භින්දෙය්‍ය (හිංසෙය්‍ය (ක.)), මිත්තදුබ්භො හි පාපකො’’ති.
261
“යම් ගසක සෙවනයට හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ ගසේ කොළ පතක් පමණවත් නොකඩන්නේය. ශාඛාදිය කැඩීම් ගැන කියනුම කවරේද, එසේ සින්දේනම් ලාමක මිත්‍රද්‍රොහියෙක් වන්නේය.
262
‘‘යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා;
සමූලම්පි තං අබ්බුහෙ (උබ්බහෙ (?)), අත්ථො චෙ තාදිසො සියා’’ති.
262
“යම් ගසක සෙවන යට හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේද, එබඳු ප්‍රයෝජනයක් ඇත්තේ නම් මුලුත් සමගම රුක උදුරන්නේය.
263
‘‘යස්සෙකරත්තිම්පි ඝරෙ වසෙය්‍ය, යත්ථන්නපානං පුරිසො ලභෙථ;
න තස්ස පාපං මනසාපි චින්තයෙ, කතඤ්ඤුතා සප්පුරිසෙහි වණ්ණිතා.
263
“පුරුෂයෙක්තෙම යමෙකුගේ ගෙයි එක රැයක් පමණවත් වසන්නේද, යමෙකු සමීපයහි ආහාරපාන වර්ග ලබන්නේද, ඒ පුරුෂයාට සිතින්වත් නපුරක් නොසිතන්නේය. බුද්ධාදී උතුමන් විසින් කෙළෙහිගුණ සැළකීම වර්ණනා කරණලදී.
264
‘‘යස්සෙකරත්තිම්පි ඝරෙ වසෙය්‍ය, අන්නෙන පානෙන උපට්ඨිතො සියා;
න තස්ස පාපං මනසාපි චින්තයෙ, අදුබ්භපාණී දහතෙ මිත්තදුබ්භිං.
264
“යමෙක්හුගේ ගෘහයෙහි එක රැයක් පමණවත් යමෙක් වාසය කරන්නේද, ආහාරයෙන් හා පානවර්ගයෙන් උපස්ථාන කළේද, ඕහට සිතින්වත් අයහපතක් නොසිතන්නේය. අහිංසක හස්තය තෙමේ ඒ මිත්‍රද්‍රෝහි පුද්ගලයා විනාශ කරයි.
265
‘‘යො පුබ්බෙ කතකල්‍යාණො, පච්ඡා පාපෙන හිංසති;
අල්ලපාණිහතො (අදුබ්භිපාණීහතො (ක)) පොසො, න සො භද්‍රානි පස්සතී’’ති.
265
“යම් පුද්ගලයෙක්තෙම පෙරකාලයෙහි කරණලද උපකාර ඇත්තේ පසුකලෙක නපුරකින් පෙළාද උපකාර කිරීමට යෙදූ අත නසන පුරුෂයෙක්වේද, ඒ පුරුෂතෙම යහපත නොදකී.
266
‘‘නාහං දෙවෙන වා මනුස්සෙන වා, ඉස්සරියෙන වාහං සුප්පසය්හො;
යක්ඛොහමස්මි පරමිද්ධිපත්තො, දූරඞ්ගමො වණ්ණබලූපපන්නො’’ති.
266
“මම දෙවියෙකු විසින් හෝ මනුෂ්‍යයෙකු විසින් හෝ අතිශයින් මැඩ පැවැත්විය නොහැකි වෙමි. දිව්‍ය මනුෂ්‍ය ඓශ්චර්යයකින් හෝ මැඩලිය නොහැක්කේ වෙමි. මම උත්තම ඍද්ධියට පැමිණි යක්ෂයෙක් වෙමි. සැනෙකින්ම දුරටද යන්නේ වෙමි. රූප සම්පත්තියෙන් හෝ ශරීර ශක්තියෙන් යුක්තවූයේ වෙමි.
267
‘‘පාණි තෙ සබ්බසො වණ්ණො, පඤ්චධාරො මධුස්සවො;
නානාරසා පග්ඝරන්ති, මඤ්ඤෙහං තං පුරින්දද’’න්ති.
267
“යුෂ්මත්හුගේ දකුණත හැමලෙසින් රන්වන් වෙයි. මිහිරි රස වැහෙන්නාවූ ධාරා ඇඟිලි පසක් ඇත්තේය. නන්වැදෑරුම් රසයෝ වැගිරෙත්. නුඹ ශක්‍රයායයි මම සිතමි.”
268
‘‘නාම්හි දෙවො න ගන්ධබ්බො, නාපි සක්කො පුරින්දදො;
පෙතං මං අඞ්කුර ජානාහි, රොරුවම්හා (හෙරුවම්හා (සී.)) ඉධාගත’’න්ති.
268
“ප්‍රකට දෙවියෙක් නොවෙමි. ගන්ධර්ව කායික දෙවියෙක්ද නොවෙමි. පුරින්දද නම්වූ ශක්‍රදෙවෙන්ද්‍රයාද නොවෙමි. පින්වත් අංකුරය, භෙරුව නුවරින් චුතව මෙහි උත්පත්ති වශයෙන් පැමිණියාවූ ප්‍රේතයෙකැයි දනුව”
269
‘‘කිංසීලො කිංසමාචාරො, රොරුවස්මිං පුරෙ තුවං;
කෙන තෙ බ්‍රහ්මචරියෙන, පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣතී’’ති.
269
“නුඹ පෙර ආත්මභාවයෙහි භෙරුව නගරයෙහි කෙබඳු ශීල ඇත්තෙක්වීද, කෙබඳු සමාචාර ඇත්තෙක් වීද, කෙබඳු බ්‍රහ්මචර්යාවක් හේතුකොටගෙන යුෂ්මතුන්ගේ අත්හි ප්‍රත්‍ය ඵලය දැන් නිපදීද?”
270
‘‘තුන්නවායො පුරෙ ආසිං, රොරුවස්මිං තදා අහං;
සුකිච්ඡවුත්ති කපණො, න මෙ විජ්ජති දාතවෙ.
270
“පෙර එක්කලෙක්හි මම භෙරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුකසේ දිවි පැවැත්ම ඇති බැගෑපත් කෙනෙක් වීමි. දන්දීමට මට කිසිවක් නැත.
271
‘‘නිවෙසනඤ්ච (ආවෙසනඤ්ච (සී.)) මෙ ආසි, අසය්හස්ස උපන්තිකෙ;
සද්ධස්ස දානපතිනො, කතපුඤ්ඤස්ස ලජ්ජිනො.
271
“කර්මඵල විශ්වාශයෙන් යුක්තවූ දන්දීමෙහි ස්වාමීවූ පෙර කරණ ලද පින් ඇති පාපයට පිළිකුල් කරණ සුළුවූ අසය්හ සිටුහුගේ ගෙය සමීපයෙහි මාගේ ගෙය හෝ කර්මාන්තශාලාව විය.
272
‘‘තත්ථ යාචනකා යන්ති, නානාගොත්තා වනිබ්බකා;
තෙ ච මං තත්ථ පුච්ඡන්ති, අසය්හස්ස නිවෙසනං.
272
“එතැනට නොයෙක් ගොත්‍ර ඇති යාචක ජනයෝද ගුණ කියා ඉල්වන්නෝද පැමිණෙත්. ඔව්හු අසය්හ සිටුහුගේ ගෘහය මා විචාරති”
273
‘‘කත්ථ ගච්ඡාම භද්දං වො, කත්ථ දානං පදීයති;
තෙසාහං පුට්ඨො අක්ඛාමි, අසය්හස්ස නිවෙසනං.
273
“නුඹට යහපතක් වේවා. දානය කොතැන්හි දෙනු ලැබේද, කොතැන්හි යමුද ඔවුන් විසින් විචාරණ ලද්දාවූ මම අසය්හ සිටුවරයාගේ ගෘහය කියමි.
274
‘‘පග්ගය්හ දක්ඛිණං බාහුං, එත්ථ ගච්ඡථ භද්දං වො;
එත්ථ දානං පදීයති, අසය්හස්ස නිවෙසනෙ.
274
“අසය්හ සිටුවරයාගේ මේ නිවාසයෙහි දන් දෙනු ලැබේ මෙතනට යව. යුෂ්මතුන්ට සෙතක් වේයයි” දකුණත දිගුකොට කීවෙමි.
275
‘‘තෙන පාණි කාමදදො, තෙන පාණි මධුස්සවො;
තෙන මෙ බ්‍රහ්මචරියෙන, පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣතී’’ති.
275
“ඒ හේතුවෙන් අත දැන් කැමති කැමති සම්පත් දෙන්නේ වෙයි ඒ හේතුකොට අතින් මිහිරි රස වෑහෙන්නේ වෙයි. ඒ උතුම් හැසිරීම් හේතුවෙන් මාගේ අතෙහි පුණ්‍ය විපාකය පහළ වෙයි.”
276
‘‘න කිර ත්වං අදා දානං, සකපාණීහි කස්සචි;
පරස්ස දානං අනුමොදමානො, පාණිං පග්ගය්හ පාවදි.
276
“නුඹ කිසිවෙකුට සිය අතින් නුදුන්නෙහිය. අනිකෙකුගේ දානය අනුමෝදන් වෙමින් අතදිගු කොට නොකීයෙහිය.
277
‘‘තෙන පාණි කාමදදො, තෙන පාණි මධුස්සවො;
තෙන තෙ බ්‍රහ්මචරියෙන, පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති.
277
“ඒ හේතුවෙන් අත දැන් කැමති කැමති සම්පත් දෙන්නේ වෙයි ඒ හේතුකොට අතින් මිහිරි රස වෑහෙන්නේ වෙයි. ඒ උතුම් හැසිරීම් හේතුවෙන් මාගේ අතෙහි පුණ්‍ය විපාකය පහළ වෙයි.”
278
‘‘යො සො දානමදා භන්තෙ, පසන්නො සකපාණිභි;
සො හිත්වා මානුසං දෙහං, කිං නු සො දිසතං ගතො’’ති.
278
“යම් ඒ අසය්හ සිටුකෙනෙක් පහන් සිත් ඇතිව සිය අතින් මහදන් දුන්නේද හෙතෙම මිනිසත් බව හැරපියා කෙබඳු තැනකට ගියේද
279
‘‘නාහං පජානාමි අසය්හසාහිනො, අඞ්ගීරසස්ස ගතිං ආගතිං වා;
සුතඤ්ච මෙ වෙස්සවණස්ස සන්තිකෙ, සක්කස්ස සහබ්‍යතං ගතො අසය්හො’’ති.
279
“බුදුරජාණන් වහන්සේ දන්නා යාම හෝ ඊම මම නොදනිමි. අසය්හ තෙම ශක්‍රයාගේ සහවාසයට ගියේයයි වෛශ්‍රවනයා සමීපයෙහිදී ඇසුවෙමි.
280
‘‘අලමෙව කාතුං කල්‍යාණං, දානං දාතුං යථාරහං;
පාණිං කාමදදං දිස්වා, කො පුඤ්ඤං න කරිස්සති.
280
“යහපත කිරීමට සුදුසුමය සම්පත් බල පරිද්දෙන් දානය දීමට සුදුසුමය. කැමති සම්පත් දෙන අත දැක කවරෙක් පින් නොකරන්නේද,
281
‘‘සො හි නූන ඉතො ගන්ත්වා, අනුප්පත්වාන ද්වාරකං;
දානං පට්ඨපයිස්සාමි, යං මමස්ස සුඛාවහං.
281
“ඒ එසේමැයි ඒ මම මේ වාලුකා කාන්තාරයෙන් පහව ගොස් ද්වාරවතී නුවරට නැවත පැමිණ යම් පිනක් මට සැප දෙන්නේද, ඒ දානය දෙන්නෙමි.
282
‘‘දස්සාමන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච;
පපඤ්ච උදපානඤ්ච, දුග්ගෙ සඞ්කමනානි චා’’ති.
282
“ආහාරයද පානවර්ගද වස්තු හා සෙනසුන්ද දෙන්නෙමි, පැන් හල්ද ළිංද දුර්ගමස්ථානයන්හි හේදඬුද පිහිටුවන්නෙමි.
283
‘‘කෙන තෙ අඞ්ගුලී කුණා (කුණ්ඨා (සී. ස්‍යා.)), මුඛඤ්ච කුණලීකතං (කුණ්ඩලීකතං (සී. ස්‍යා. ක.));
අක්ඛීනි ච පග්ඝරන්ති, කිං පාපං පකතං තයා’’ති.
283
“කවර හේතුවකින් තොපගේ ඇඟිලි කුණුව වකුටුවීද මුහුණද විරූප කෙළේද ඇස්වලින් අශූචි වගුරුවන්නේද තා විසින් කෙබඳු පවක් කරණ ලද්දේද?”
284
‘‘අඞ්ගීරසස්ස ගහපතිනො, සද්ධස්ස ඝරමෙසිනො;
තස්සාහං දානවිස්සග්ගෙ, දානෙ අධිකතො අහුං.
284
“සිරුරෙන් රැස්විහිදුනාවූ ගෘහපතියෙක්වූ ගෘහවාසීවූ ඒ අසය්ය සිටුහුගේ දන්දෙන තැන දන්දීමෙහි මම අධිකාරියෙක් කරණ ලද්දේ වෙමි.
285
‘‘තත්ථ යාචනකෙ දිස්වා, ආගතෙ භොජනත්ථිකෙ;
එකමන්තං අපක්කම්ම, අකාසිං කුණලිං මුඛං.
285
“එහි ආහාරයෙන් ප්‍රයෝජන ඇතිව පැමිණියාවූ යාචකයන් දැක එකත් පසෙක ඉවත්වී මුව හකුළුවා ගැනීම කෙළෙමි.
286
‘‘තෙන මෙ අඞ්ගුලී කුණා, මුඛඤ්ච කුණලීකතං;
අක්ඛීනි මෙ පග්ඝරන්ති, තං පාපං පකතං මයා’’ති.
286
“එහෙයින් මාගේ ඇඟිලි වකුටු වූහ. මුහුණද විකාරයෙන් හැකුළුනේ විය. ඇස්ද අශූචි වගුරත්. මා විසින් මෙබඳු පවක් කරණ ලද්දෙමි.”
287
‘‘ධම්මෙන තෙ කාපුරිස, මුඛඤ්ච කුණලීකතං;
අක්ඛීනි ච පග්ඝරන්ති, යං තං පරස්ස දානස්ස;
අකාසි කුණලිං මුඛං.
287
“නින්දිත පුරුෂය, තෝ යම් හෙයකින් අනුන්ගේ දානයෙහි මුව හකුළුවා ගැනීම කළෙහිද යුතුවූම කරුණෙන් තාගේ මුහුණද හැකිළී ගියාක් මෙන් කරණලදී. ඇස්ද අශුචි වගුරත්.
288
‘‘කථං හි දානං දදමානො, කරෙය්‍ය පරපත්තියං;
අන්නං පානං ඛාදනීයං, වත්ථසෙනාසනානි ච.
288
“ආහාරපානද කෑ යුතු දේද වස්ත්‍ර හා සෙනසුන්ද යන දානය දෙන්නාවූ පුරුෂතෙමේ අනුන් විසින් සිදු කළ යුත්තක් කොට කෙසේ නම් කරන්නේද?”
289
‘‘සො හි නූන ඉතො ගන්ත්වා, අනුප්පත්වාන ද්වාරකං;
දානං පට්ඨපයිස්සාමි, යං මමස්ස සුඛාවහං.
289
“ඒ එසේමැයි ඒ මම මේ වාලුකා කාන්තාරයෙන් පහව ගොස් ද්වාරවතී නුවරට නැවත පැමිණ යම් පිනක් මට සැප දෙන්නේද, ඒ දානය දෙන්නෙමි.
290
‘‘දස්සාමන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච;
පපඤ්ච උදපානඤ්ච, දුග්ගෙ සඞ්කමනානි චා’’ති.
290
“ආහාරයද පානවර්ගද වස්තු හා සෙනසුන්ද දෙන්නෙමි, පැන් හල්ද ළිංද දුර්ගමස්ථානයන්හි හේදඬුද පිහිටුවන්නෙමි.
291
තතො හි සො නිවත්තිත්වා, අනුප්පත්වාන ද්වාරකං;
දානං පට්ඨපයි අඞ්කුරො, යංතුමස්ස (යං තං අස්ස (ස්‍යා.), යන්තමස්ස (ක.)) සුඛාවහං.
291
ඒ අංකුරතෙම ඒ මරු කතරින් නික්මී ද්වාරවති නුවරට පැමිණ යම් දානයක් තමහට සැප එළවන්නේද ඒ දානය පිහිට විය.
292
අදා අන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච;
පපඤ්ච උදපානඤ්ච, විප්පසන්නෙන චෙතසා.
292
පහන් සිතින් ආහාරද පාන වර්ගද වස්ත්‍ර හා සෙනසුන්ද දුන්නේය. පැන්හල්ද ළිංද පිහිටවී.
293
‘‘කො ඡාතො කො ච තසිතො, කො වත්ථං පරිදහිස්සති;
කස්ස සන්තානි යොග්ගානි, ඉතො යොජෙන්තු වාහනං.
293
“කවරෙක් සාගිනි ඇත්තේද, කවරෙක් පිපාසා ඇත්තේද කවරෙක් වස්ත්‍ර වැළඳ ගන්නේද, රථයුග වාහනයෝ විඩාවට පැමිණියෝ වෙත්ද, මේ වාහන සමූහයෙන් රුචි වාහනයක් යොදත්වා.
294
‘‘කො ඡත්තිච්ඡති ගන්ධඤ්ච, කො මාලං කො උපාහනං;
ඉතිස්සු තත්ථ ඝොසෙන්ති, කප්පකා සූදමාගධා (පාටවා (ක.));
සදා සායඤ්ච පාතො ච, අඞ්කුරස්ස නිවෙසනෙ.
294
“කවරෙක් තෙම කුඩ කැමති වේද, කවරෙක් තෙම සුවඳ ද මල් මාලාද කැමතිද, කවරෙක් වහන් කැමතිද, මෙසේ වනාහි ඒ අංකුරයාගේ නිවසෙහි කපුවෝද අරක්කැමියෝද සුවඳ දෙන්නෝද හැමකල්හිම සවසද උදයද ඝොෂා කරත්.
295
‘‘‘සුඛං සුපති අඞ්කුරො’, ඉති ජානාති මං ජනො;
දුක්ඛං සුපාමි සින්ධක (සන්දුක, සින්ධුක (ක.)), යං න පස්සාමි යාචකෙ.
295
“අංකුරතෙම සුවසේ සයනය කෙරේයයි ජනතෙමේ මා දනියි. සින්ධකය යම් හෙයකින් යාචකයන් නොදක්නෙම්ද දුකසේ නිදමි.
296
‘‘‘සුඛං සුපති අඞ්කුරො’, ඉති ජානාති මං ජනො;
දුක්ඛං සින්ධක සුපාමි, අප්පකෙ සු වනිබ්බකෙ’’ති.
296
“අංකුරතෙම සුවසේ සයනය කෙරේයයි ජනතෙම මා දනියි සින්ධකය ස්වල්පවූ ගුණ කියා ඉල්වන ජනයා ඇතිකල්හි වනාහි දුකසේ සයනය කරමියි.
297
‘‘සක්කො චෙ තෙ වරං දජ්ජා, තාවතිංසානමිස්සරො;
කිස්ස සබ්බස්ස ලොකස්ස, වරමානො වරං වරෙ’’ති.
297
“තවුතිසා වැසි දෙවියන්ටද සියලු ලෝකයාටද ඊශ්වරවූ සක්දෙව් රජතෙම නුඹට වරයක් ඉදින් දෙන්නේ නම් ප්‍රාර්ථනා කරන්නාවූ නුඹ කෙබඳු වරයක් පතන්නේද.
298
‘‘සක්කො චෙ මෙ වරං දජ්ජා, තාවතිංසානමිස්සරො;
කාලුට්ඨිතස්ස මෙ සතො, සුරියුග්ගමනං පති;
දිබ්බා භක්ඛා පාතුභවෙය්‍යුං, සීලවන්තො ච යාචකා.
298
“තව්තිසා වාසී දෙවියන්ට ස්වාමීවූ සක්දෙව් රජ මට වරයක් ඉදින් දෙන්නේ නම් උදය කාලයෙහි නැගීසිටියාවූම මට සූර්යොදය කාලයෙහි දෙව්ලොවට ඇතුළත්වූ ආහාරයෝ උපදින්නාවූ නම් යාචකයෝ සිල්වත්වන්නාහු නම් දන්දෙන්නාවූ මාගේ දාන වස්තුව ක්ෂය නොවේ නම් මම දන්දී පසු තැවිලි නොවෙන්නෙම් නම් දන් දෙමින් සිත පහදවන්නෙම් නම් මෙබඳුවූ වරය ශක්‍රයාගෙන් ප්‍රාර්ථනා කරමි.
299
‘‘දදතො මෙ න ඛීයෙථ, දත්වා නානුතපෙය්‍යහං;
දදං චිත්තං පසාදෙය්‍යං, එතං සක්කං වරං වරෙ’’ති.
299
300
‘‘න සබ්බවිත්තානි පරෙ පවෙච්ඡෙ, දදෙය්‍ය දානඤ්ච ධනඤ්ච රක්ඛෙ;
තස්මා හි දානා ධනමෙව සෙය්‍යො, අතිප්පදානෙන කුලා න හොන්ති.
300
“සියලු ධනයත් අන්හට නොදෙන්නේය. දානයද දෙන්නේය. ධනයද දකින්නේය එහෙයින්ම දීමට වඩා ධනයම ශ්‍රේෂ්ඨවෙයි. අධික කොට දීමෙන් කුලයෝ නොපවතිත්.
301
‘‘අදානමතිදානඤ්ච, නප්පසංසන්ති පණ්ඩිතා;
තස්මා හි දානා ධනමෙව සෙය්‍යො, සමෙන වත්තෙය්‍ය ස ධීරධම්මො’’ති.
301
“පණ්ඩිතයෝ නොදීමද පමණ ඉක්මවා දීමද නොපසසත්. එහෙයින් දීමට වඩා වස්තුව රැකීමම උතුම් වේ සමවිදියෙන් දීම නොදීම දෙක්හි පවත්නේය. එය බුද්ධිමතුන්ගේ ධර්මය වේ.
302
‘‘අහො වත රෙ අහමෙව දජ්ජං, සන්තො ච මං සප්පුරිසා භජෙය්‍යුං;
මෙඝොව නින්නානි පරිපූරයන්තො (භිපූරයන්තො (සී.), හි පූරයන්තො (ස්‍යා.)), සන්තප්පයෙ සබ්බවනිබ්බකානං.
302
“එම්බල මාණවකය, මම දෙන්නෙම්මය සන්හුන් කාය වාක් මනො සමාචාර ඇති සත්පුරුෂයෝ මා ආශ්‍රය කරන්නාහුය. පහත් ස්ථානයන් මනාව පුරවමින් වර්ෂා කරණ මහාමේඝය මෙන් සියලු යාචක ජනයන්ගේ අදහස සම්පූර්ණ කරන්නේ නම් යෙහෙක.
303
‘‘යස්ස යාචනකෙ දිස්වා, මුඛවණ්ණො පසීදති;
දත්වා අත්තමනො හොති, තං ඝරං වසතො සුඛං.
303
“සිඟන්නන් දැක යමෙකුගේ මුඛවර්ණය පහදීද දන්දී සතුටු සිත් ඇතිවේද, ඒ ගෙයි වසන්නාහට සැපවේ.
304
‘‘යස්ස යාචනකෙ දිස්වා, මුඛවණ්ණො පසීදති;
දත්වා අත්තමනො හොති, එසා යඤ්ඤස්ස (පුඤ්ඤස්ස (සී.)) සම්පදා.
304
“යාචකයන් දැක යමෙකුගේ මුඛවර්ණය පහදීද දන්දී සතුටු සිත් ඇතිවේද, මෝතොමෝ කුශලයාගේ පිරීම වේ.
305
(අ. නි. 6.37) ‘‘පුබ්බෙව දානා සුමනො, දදං චිත්තං පසාදයෙ;
දත්වා අත්තමනො හොති, එසා යඤ්ඤස්ස (පුඤ්ඤස්ස (සී.)) සම්පදා’’ති.
305
“දන්දීමෙන් පෙරම සතුටු සිත් ඇතිවේද, දන්දෙමින් සිත පහදවන්නේද දන්දී සතුටු වේද, මෝතොමෝ පුණ්‍යයාගේ සම්පත්ති යයි.
306
සට්ඨි වාහසහස්සානි, අඞ්කුරස්ස නිවෙසනෙ;
භොජනං දීයතෙ නිච්චං, පුඤ්ඤපෙක්ඛස්ස ජන්තුනො.
306
“දානාධ්‍යාශය ඇති අංකුර රජුගේ ගෘහයෙහි ගැල් හැටදාහක ආහාර සත්ව සමූහයාට නිතර දෙනු ලැබේ.
307
තිසහස්සානි සූදානි හි (සූදානි (ස්‍යා. ක.)), ආමුත්තමණිකුණ්ඩලා;
අඞ්කුරං උපජීවන්ති, දානෙ යඤ්ඤස්ස වාවටා (බ්‍යාවටා (සී.), පාවටා (ස්‍යා.)).
307
“මහායාගයයි සංඥා කරණ ලද දානයෙහි යෙදුනාවූ නොයෙක් වර්ණ කොඩොල් දැරූ තුන් දහසක් පමණ භත්තකාරකයෝ අංකුර රජු නිසා ජීවත් වෙත්.
308
සට්ඨි පුරිසසහස්සානි, ආමුත්තමණිකුණ්ඩලා;
අඞ්කුරස්ස මහාදානෙ, කට්ඨං ඵාලෙන්ති මාණවා.
308
“පැළඳගත් මාණික්‍ය කුණ්ඩලාභරණ ඇති සැටදහසක් තරුණ පුරුෂයෝ අංකුරයාගේ මහා දානයෙහි දර පලත්.
309
සොළසිත්ථිසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
අඞ්කුරස්ස මහාදානෙ, විධා පිණ්ඩෙන්ති නාරියො.
309
“අංකුරයාගේ දානයෙහි සර්වාලංකාරයෙන් සැරසුනාවූ සොළොස් දහසක් ස්ත්‍රීහු කුලුබඩු පිටි කරත්.
310
සොළසිත්ථිසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
අඞ්කුරස්ස මහාදානෙ, දබ්බිගාහා උපට්ඨිතා.
310
“අංකුරයාගේ මහාදානයෙහි සියලු අලංකාරයෙන් සැරසුනාවූ සොළොස් දහසක් ස්ත්‍රීහු හැඳිගෙන පැමිණ සිටියාහ.
311
බහුං බහූනං පාදාසි, චිරං පාදාසි ඛත්තියො;
සක්කච්චඤ්ච සහත්ථා ච, චිත්තීකත්වා පුනප්පුනං.
311
“අංකුර රජතෙමේ බොහෝ දාන වස්තු නොයෙක් ජනයන්ට බොහෝ කලක් මුළුල්ලෙහි ඉතා උසස්ව දුන්නේය. සකස් කොටද සිතින්ද ගරුබුහුමන් සිත් ඇති කොට නැවත නැවත බොහෝසෙයින් ප්‍රදාන කෙළේය.
312
බහූ මාසෙ ච පක්ඛෙ ච, උතුසංවච්ඡරානි ච;
මහාදානං පවත්තෙසි, අඞ්කුරො දීඝමන්තරං.
312
“අංකුර තෙමේ බොහෝ මාසයන් මුල්ලෙහිද නොයෙක් පක්ෂයන් මුළුල්ලෙහිද නොයෙක් ඍතු මුළුල්ලෙහිද බොහෝ අවුරුදු මුළුල්ලෙහිද දීර්ඝ කාලයක් මහත් දානය පැවැත්වීය.
313
එවං දත්වා යජිත්වා ච, අඞ්කුරො දීඝමන්තරං;
සො හිත්වා මානුසං දෙහං, තාවතිංසූපගො අහු.
313
“මෙසේ ඒ අංකුර රජ තෙමේ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දන්දී මහත් යාග කොට මනුෂ්‍ය දෙහය හැරපියා තව්තිසා දෙව්ලොවට පැමිණියේ විය.
314
කටච්ඡුභික්ඛං දත්වාන, අනුරුද්ධස්ස ඉන්දකො;
සො හිත්වා මානුසං දෙහං, තාවතිංසූපගො අහු.
314
“ඒ ඉන්දකතෙමේ අනුරුද්ධ තෙරුන්ට හැන්දක් පමණ බත්දී මිනිස් බව හැරපියා තව්තිසා දෙව්ලොවට ගියේය.
315
දසහි ඨානෙහි අඞ්කුරං, ඉන්දකො අතිරොචති;
රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ, ඵොට්ඨබ්බෙ ච මනොරමෙ.
315
“ඉන්ද්‍රක දිව්‍යපුත්‍රතෙම අංකුර දිව්‍යපුත්‍රයාට වඩා සම්පත් කරුණු දහයකින් අධිකව බබලයි. සිත්කළුවූ රූපසම්පත්තියෙන්ද, ශබ්දයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද ස්පර්ශයෙන්ද, ආයුසම්පත්තියෙන්ද, පිරිවර සම්පත්තියෙන්ද, ලක්ෂණ සම්පත්තියෙන්ද, සැප සම්පත්තියෙන්ද ඓශ්චර්ය සම්පත්තියෙන්ද, ඉන්දකතෙමේ අංකුරයා මැඩ බබළයි.”
316
ආයුනා යසසා චෙව, වණ්ණෙන ච සුඛෙන ච;
ආධිපච්චෙන අඞ්කුරං, ඉන්දකො අතිරොචති.
316
317
තාවතිංසෙ යදා බුද්ධො, සිලායං පණ්ඩුකම්බලෙ;
පාරිච්ඡත්තකමූලම්හි, විහාසි පුරිසුත්තමො.
317
පුරුෂොත්තමවූ සර්වඥතෙම තව්තිසාභවනෙහි පරසතු රුක්මුල පාණ්ඩුකම්බලශෛලාසනයෙහි යම් කලෙක වාසය කෙළේද
318
දසසු ලොකධාතූසු, සන්නිපතිත්වාන දෙවතා;
පයිරුපාසන්ති සම්බුද්ධං, වසන්තං නගමුද්ධනි.
318
දසදහසක් චක්‍රවාටයන්හි දෙවියෝ රැස්ව මෙර මුදුනෙහි වසන්නාවූ සම්බුදුන් සේවනය කරත්.
319
න කොචි දෙවො වණ්ණෙන, සම්බුද්ධං අතිරොචති;
සබ්බෙ දෙවෙ අතික්කම්ම (අධිගය්හ (සී.), අතිග්ගය්හ (ක)), සම්බුද්ධොව විරොචති.
319
කිසි දෙවියෙක් ශරීර වර්ණයෙන් සම්බුදුන්ට වඩා නොබබළයි. සියලු දෙවියන් අභිභවනයකොට බුදුහුම බබළයි.
320
යොජනානි දස ද්වෙ ච, අඞ්කුරොයං තදා අහු;
අවිදූරෙව බුද්ධස්ස (අවිදූරෙ සම්බුද්ධස්ස (ක.)), ඉන්දකො අතිරොචති.
320
“මේ අංකුරතෙම් එකල්හි දොළොස් යොදුන් අතර විය. ඉන්දකතෙම බුදුන්ට නුදුරු තැනම අධිකව බබළයි.
321
ඔලොකෙත්වාන සම්බුද්ධො, අඞ්කුරඤ්චාපි ඉන්දකං;
දක්ඛිණෙය්‍යං සම්භාවෙන්තො (පභාවෙන්තො (සී.)), ඉදං වචනමබ්‍රවි.
321
“සම්‍යක් සම්බුද්ධතෙමේ අංකුරයාද, ඉන්දකයාද බලා වදාරා දක්ෂිණාර්හයා ප්‍රකාශ කරමින් මේ වචනය වදාළේය.
322
‘‘මහාදානං තයා දින්නං, අඞ්කුර දීඝමන්තරං;
අතිදූරෙ (සුවිදූරෙ (ක.)) නිසින්නොසි, ආගච්ඡ මම සන්තිකෙ’’ති.
322
“අංකුරය, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි මහදන් දෙනලදී. ඉතා දුර තන්හි සිටියෙහිය. මාගේ සමීපයට එවයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
323
චොදිතො භාවිතත්තෙන, අඞ්කුරො ඉදමබ්‍රවි;
‘‘කිං මය්හං තෙන දානෙන, දක්ඛිණෙය්‍යෙන සුඤ්ඤතං.
323
දියුණු කරණලද සිත් ඇති බුදුන් විසින් මෙහෙයන ලද්දාවූ අංකුර තෙම “මගේ දානය දක්ෂිණාර්හයාගෙන් හිස් විය. ඒ දානයෙන් කවර ප්‍රයෝජනදැයි” කීයේය.
324
‘‘අයං සො ඉන්දකො යක්ඛො, දජ්ජා දානං පරිත්තකං;
අතිරොචති අම්හෙහි, චන්දො තාරගණෙ යථා’’ති.
324
“ඒ මේ ඉන්දක දෙවිතෙම සුලු දනක්දී තරු සමූහයන් මැද, චන්ද්‍රයාමෙන් අප ඉක්මවා බබළයි.
325
‘‘උජ්ජඞ්ගලෙ යථා ඛෙත්තෙ, බීජං බහුම්පි රොපිතං;
න විපුලඵලං හොති, නපි තොසෙති කස්සකං.
325
“යම්සේ ඉතා තද භූමිභාගය ඇති කෙතෙහි වපුරණ ලද බීජ බොහෝවුවත් මහත්ඵල නොවේද, ගොවියා නොමසතුටු කෙරේද,
326
‘‘තථෙව දානං බහුකං, දුස්සීලෙසු පතිට්ඨිතං;
න විපුලඵලං හොති, නපි තොසෙති දායකං.
326
“එසේම දුශ්ශීලයන් විෂයෙහි පිහිටුවන ලද මහත් දානය උදාර විපාක ඇත්තේ නොවේ, දායකයා සතුටු නොකරයි.
327
‘‘යථාපි භද්දකෙ ඛෙත්තෙ, බීජං අප්පම්පි රොපිතං;
සම්මා ධාරං පවෙච්ඡන්තෙ, ඵලං තොසෙති කස්සකං.
327
“යම්සේ යහපත් කෙතක වපුරණ ලද බීජය සුලු වුවත් වැස්ස මනාකොට පවත්නා කල්හි ශස්‍යඵලය ගොවියා සතුටු කෙරේද,
328
‘‘තථෙව සීලවන්තෙසු, ගුණවන්තෙසු තාදිසු;
අප්පකම්පි කතං කාරං, පුඤ්ඤං හොති මහප්ඵල’’න්ති.
328
“එසේම ධ්‍යානාදී ගුණවත්වූ අටලෝදහමින් කම්පා නොවන ලක්ෂණ ඇති සිල්වතුන් විෂයෙහි කරණ ලද පුණ්‍යොපකාරය ස්වල්ප වුවත් මහත් ඵල වෙයි.
329
විචෙය්‍ය දානං දාතබ්බං, යත්ථ දින්නං මහප්ඵලං;
විචෙය්‍ය දානං දත්වාන, සග්ගං ගච්ඡන්ති දායකා.
329
“යම් පුද්ගලයෙකු කෙරෙහි දෙනලද දානය මහත් ඵල වේද පින් කෙත නුවණින් සොයා දානය දියයුතුය. දායකයෝ නුවණින් සොයා දන් දී ස්වර්ගයට යත්.
330
විචෙය්‍ය දානං සුගතප්පසත්ථං, යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ;
එතෙසු දින්නානි මහප්ඵලානි, බීජානි වුත්තානි යථා සුඛෙත්තෙති.
330
“මේ මනුෂ්‍ය ලෝකයෙහි යම් දක්ෂිණාර්හයෝ වෙත්ද, නුවණින් පරීක්ෂාකොට දීම බුදුන් විසින් ප්‍රශංසා කරණ ලදී. යහපත් කෙතෙහි වපුරණ ලද බීජයෝ යම්සේද, එමෙන් මේ දන් පිළිගැනීමට සුදුස්සන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල ඇත්තාහු වෙත්.”
10. උත්තරමාතුපෙතිවත්ථු 10. උත්තර මාතා ප්‍රේතයාගේ කථාව
11. සුත්තපෙතවත්ථු 11. සූත්‍ර ප්‍රෙතයාගේ කථාව
12. කණ්ණමුණ්ඩපෙතිවත්ථු 12. කර්ණමුණ්ඩ ප්‍රෙත කථාව
13. උබ්බරිපෙතවත්ථු 13. උබ්බරී ප්‍රෙතයාගේ කථාව