ඛුද්දකනිකායෙ | ඛුද්දකනිකාය |
පෙතවත්ථුපාළි | පෙතවත්ථු |
1. උරගවග්ගො | 1. උරග වර්ගය |
1. ඛෙත්තූපමපෙතවත්ථු | 1. කුඹුරක් උපමාකොට ඇති ප්‍රේතයාගේ කථාව |
1
‘‘ඛෙත්තූපමා
බීජූපමං දෙය්යධම්මං, එත්තො නිබ්බත්තතෙ ඵලං.
|
1
“රහත්හු කුඹුරක් වැනිවෙත්. දායකයෝ ගොවියන් වැනිය. දියයුතු දෙය වපුරන බීජ බඳුය. මෙපමණකින් ඵලය උපදී.
|
2
‘‘එතං බීජං කසි ඛෙත්තං, පෙතානං දායකස්ස ච;
තං පෙතා පරිභුඤ්ජන්ති, දාතා පුඤ්ඤෙන වඩ්ඪති.
|
2
ප්රෙතයාටද දායකයාටද, මේ බීජය, මේ වැපිරීමය, මේ කුඹුරය. ඒ පින ප්‍රේතයෝ ලබත්. දෙන තැනැත්තේ පිනින් වැඬේ.
|
3
‘‘ඉධෙව
සග්ගඤ්ච කමති
(ගමති (ක.)) ට්ඨානං, කම්මං කත්වාන භද්දක’’න්ති.
|
3
මෙහිම පින්කොට ප්රෙතයන්ටද පින්දී යහපත් කර්මයක් කොට දිව්යලොකස්ථානයට යයි.
|
2. සූකරමුඛපෙතවත්ථු | 2. සූකරමුඛ ප්‍රේතයාගේ කථාව |
4
‘‘කායො
මුඛං තෙ සූකරස්සෙව, කිං කම්මමකරී පුරෙ’’
(මකරා පුරෙ (ක.)).
|
4
“තොපගේ ශරීරය හැම තැන රන්වන්ය. සියලු දිසාවන් බබළවයි. තොපගේ කට ඌරෙකුගේ මෙනි. පෙර කිනම් කර්මයක් කෙළෙහිද?”
|
5
‘‘කායෙන සඤ්ඤතො ආසිං, වාචායාසිමසඤ්ඤතො;
තෙන මෙතාදිසො වණ්ණො, යථා පස්සසි නාරද.
|
5
“කයින් සංවරවීමි. වචනයෙන් අසංවරවීමි. නාරදයන් වහන්ස, ඒ කරුණින් එබඳු වර්ණවීමි.
|
6
‘‘තං
මාකාසි
|
6
“නාරදයන් වහන්ස, ඔබ විසින්ම මෙය දක්නා ලදී. මම මෙය ඔබට කියමි. කටින් (වචනයෙන්) පවක් නොකරව ඌරුමුඛ ඇත්තෙක් නොවව.”
|
3. පූතිමුඛපෙතවත්ථු | 3. පූතිමුඛ ප්‍රේතයාගේ කථාව |
7
‘‘දිබ්බං සුභං ධාරෙසි වණ්ණධාතුං, වෙහායසං තිට්ඨසි අන්තලික්ඛෙ;
මුඛඤ්ච තෙ කිමයො පූතිගන්ධං, ඛාදන්ති කිං කම්මමකාසි පුබ්බෙ’’.
|
7
“යහපත්වූ දිව්‍යමයවූ ශරීර වර්ණයක් දරන්නෙහිය. වෙහාසය නම්වූ අහසෙහි සිටින්නෙහිය. ඔබගේ කුණු ගඳ ගහන මුඛයද පණුවෝ කත්. පෙර කවර කර්මයක් කෙළෙහිද?”
|
8
‘‘සමණො අහං පාපොතිදුට්ඨවාචො
(පාපො දුට්ඨවාචො (සී.), පාපො දුක්ඛවාචො (ස්‍යා. පී.)), තපස්සිරූපො මුඛසා අසඤ්ඤතො;
ලද්ධා ච මෙ තපසා වණ්ණධාතු, මුඛඤ්ච මෙ පෙසුණියෙන පූති.
|
8
“මම පවිටුවූ නපුරුවූ වචන ඇති ශ්‍රමණයෙක් වීමි. කටින් සංවර නොවූ තපස් ඇත්තෙක් වීමි. මාගේ තපස්කමින් වර්ණවත් ශරීර වර්ණයක් ලැබුනේවී නමුත් කේළාම් කීම නිසා කටකුණු විය.
|
9
‘‘තයිදං තයා නාරද සාමං දිට්ඨං,
අනුකම්පකා යෙ කුසලා වදෙය්යුං;
‘මා පෙසුණං මා ච මුසා අභාණි,
යක්ඛො තුවං හොහිසි කාමකාමී’’’ති.
|
9
“නාරදයන් වහන්ස, ඔබ විසින් මාගේ රූපය තෙමේම දක්නාලදී. අනුකම්පා ඇති යම්කිසි කෙනෙක් කියන්නාහු නම් යහපත් වචන කියන්නේය පංචකාමය කැමති දෙවියෙක් වනු කැමැත්තේ නම් කේළාම් නොකියනු මැනවි.”
|
4. පිට්ඨධීතලිකපෙතවත්ථු | 4. පිට්ඨධීතලික (පිටියෙන් තැනූ රූපය) නම් ප්‍රේතයාගේ කථාව |
10
‘‘යං
පුබ්බපෙතෙ ච ආරබ්භ, අථ වා වත්ථුදෙවතා.
|
10
නොමසුරු තැනැත්තේ මළවුන්ද තවද ගෙවල් ආදියට අරක්ගත් දෙවතාවන්ද යන යම් කිසිවක් අරමුණු කොට දන් දෙන්නේය.
|
11
‘‘චත්තාරො ච මහාරාජෙ, ලොකපාලෙ යසස්සිනෙ
(යසස්සිනො (සී. ස්‍යා.));
කුවෙරං ධතරට්ඨඤ්ච, විරූපක්ඛං විරූළ්හකං;
තෙ
|
11
ඔව්හු ලෝකය රක්නා යසස් ඇත්තාවූ කුවෙරද, ධ්රතරාෂ්ටද, විරූපාක්ෂද, විරූළ්හකද යන සතර වරම් මහරජදරුවන් අරභයා දන් දෙන්නාහ. දායකයෝද ප්‍රයෝජන ලබති.
|
12
‘‘න
න තං පෙතස්ස අත්ථාය, එවං තිට්ඨන්ති ඤාතයො.
|
12
හැඬීමක් හෝ ශෝකයක් හෝ යම් අන්කිසි වැළපීමක් හෝ ප්‍රෙතයාගේ ප්‍රයෝජනය පිණිස නොවේ. ඤාතීහු මෙහිම සිටිත්.
|
13
‘‘අයඤ්ච ඛො දක්ඛිණා දින්නා, සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා;
දීඝරත්තං හිතායස්ස, ඨානසො උපකප්පතී’’ති.
|
13
සංඝයා කෙරෙහි මනාකොට පිහිටුවන ලද මේ දක්ෂිණාව බොහෝ කලක් ඔහුට හිත පිණිස එකෙණෙහිම පැමිණේ.
|
5. තිරොකුට්ටපෙතවත්ථු | 5. (තිරොකුඞ්ඪ) ප්රාකාරාදියෙන් පිටත සිටි ප්‍රේතයන්ගේ කථාව |
14
(ඛු. පා. 7.1 ඛුද්දකපාඨෙ) ‘‘තිරොකුට්ටෙසු
(තිරොකුඩ්ඩෙසු (සී. ස්‍යා. පී.)) තිට්ඨන්ති, සන්ධිසිඞ්ඝාටකෙසු ච;
ද්වාරබාහාසු තිට්ඨන්ති, ආගන්ත්වාන සකං ඝරං.
|
14
“ඤාති ප්‍රේතයෝ තමන් ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හිද සන්ධිස්ථාන වලද තුන්මංසන්ධි වලද දොර සමීපයෙහිද සිටිත්.
|
15
‘‘පහූතෙ අන්නපානම්හි, ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ;
න තෙසං කොචි සරති, සත්තානං කම්මපච්චයා.
|
15
“බොහෝ ආහාරපානද කෑම්බීම්ද පිළියෙලව සිටි කල්හි ඒ සත්වයන්ගේ කර්ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් සිහි නොකරයි.
|
16
‘‘එවං
සුචිං පණීතං කාලෙන, කප්පියං පානභොජනං;
‘ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො’.
|
16
“යම් කෙනෙක් ඒ ප්‍රේත නෑයන්ට අනුකම්පා කරන්නෝ වෙත්ද, ඔව්හු ශුද්ධවූ ප්‍රණීතවූ කැපවූ ආහාර පාන වර්ග සුදුසු කාලයෙහි මෙසේ (මතු දැක්වෙන පරිද්දෙන්) පමුණවත්.
“මේ පින නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා කියා’යි.
|
17
‘‘තෙ ච තත්ථ සමාගන්ත්වා, ඤාතිපෙතා සමාගතා;
පහූතෙ අන්නපානම්හි, සක්කච්චං අනුමොදරෙ.
|
17
ඒ ඤාති ප්‍රේතයෝද එතැන්හි අවුත් එක්රැස්වූවාහු. ඒ බොහෝ ආහාර පාන තමන් උදෙසා දෙනකල ඒ සකසා අනුමෝදන් කොට ගණිත්.
|
18
‘‘‘චිරං ජීවන්තු නො ඤාතී, යෙසං හෙතු ලභාමසෙ;
අම්හාකඤ්ච කතා පූජා, දායකා ච අනිප්ඵලා’.
|
18
“යම් කෙනෙකුත් හේතුකොටගෙණ මේ අවස්ථාවෙහි සම්පත් ලබමෝද ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත්වෙත්වා. ඔවුන් විසින් අපටද පූජා කරණ ලදී. දායකවූ ඔව්හුද ඒ දානමය පිනෙහි ඵල නොලබන්නෝ නොවෙත්’ (යයි කියා ඒ දන්දී පින් දුන් නෑයන්ට ප්‍රශංසා කරත්)
|
19
‘‘‘න හි තත්ථ කසි අත්ථි, ගොරක්ඛෙත්ථ න විජ්ජති;
වණිජ්ජා තාදිසී නත්ථි, හිරඤ්ඤෙන කයාකයං
(කයොක්කයං (සී. ක.) කයොකයං (ඛු. පා. 7.6));
ඉතො
|
19
ඒ ප්‍රේත ලෝකයෙහි සීසෑමක් නොමැත. එහි ගව පාලනයෙක්ද නැත. රන් රිදීයෙන් ගනුදෙනුවෙක් නැත. එබඳුවූ අන් වෙළඳාමෙක්ද නැත. මළප්රේතවූ ඔව්හු මෙයින් දුන් දැයෙකින් (පිනෙන්) එහි යැපෙත්.
|
20
‘‘‘උන්නමෙ
එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පති’.
|
20
“උස්බිම වට වැසිදිය මිටිතෙනට යම්සේ ගලා බසීද, එසේම මෙයින් දුන්දේ ප්‍රේතයනට පැමිණේ.
|
21
‘‘‘යථා වාරිවහා පූරා, පරිපූරෙන්ති සාගරං;
එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පති’.
|
21
“මහා නදීහු පිරුණාහු යම්සේ සාගරය පුරාලත්ද එසේම එසේම මෙයින් දුන් පින ප්‍රේතයනට පැමිණේ.
|
22
‘‘‘අදාසි
පෙතානං දක්ඛිණං දජ්ජා, පුබ්බෙ කතමනුස්සරං’.
|
22
“මට මෙනම් දේ දුන්නේය, මගේ මෙනම් වැඩ කෙළේය. මගේ නෑයෙක, මගේ මිත්රයෙක, මගේ යහළුවෙකැයි ඔවුන් පෙරකළ උපකාර සිහිකරන්නේ ප්‍රේතයනට දක්ෂිණාව දෙන්නේය.
|
23
‘‘‘න හි රුණ්ණං වා සොකො වා, යා චඤ්ඤා පරිදෙවනා;
න තං පෙතානමත්ථාය, එවං තිට්ඨන්ති ඤාතයො’.
|
23
“හැඬීම හෝ ශෝකය හෝ යම් අන් විලාපයක් හෝ ඒ ප්‍රේතයන්ට වැඩ පිණිස නොවේ. ඒ ඤාතිප්රේතයෝ එහි ඒ උපන් පරිදිම සිටිත්.
|
24
‘‘‘අයඤ්ච ඛො දක්ඛිණා දින්නා, සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා;
දීඝරත්තං හිතායස්ස, ඨානසො උපකප්පති’.
|
24
“දෙන ලද මේ දක්ෂිණාව වනාහි සංඝයා කෙරෙහි මොනවට පිහිටියා ඒ ප්‍රේත ජනයාට දිගුකලක්ම හිත පිණිස එකෙණෙහිම පැමිණේ. හෙවත් එයින් සැප විපාක ලැබේ.
|
25
‘‘සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො, පෙතාන පූජා ච කතා උළාරා;
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං, තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක’’න්ති.
|
25
“ජීවත්ව සිටිනවුන් විසින් කළයුතුවූ ඒ මේ ඤාති ධර්මය දක්වන ලදී. ප්‍රේතයනට මහත් පූජාවෙක්ද කරණ ලදී. භික්ෂූනට ශක්තිජනක ආහාරපාන දීම් වශයෙන් බලයද දෙන ලදී. මෙසේ තොප විසින් මහත් පින් රැස් කරණ ලදී.”
|
6. පඤ්චපුත්තඛාදපෙතිවත්ථු | 6. පඤ්ච පුත්‍රඛාදක ප්‍රේතියගේ කථාව |
26
‘‘නග්ගා
මක්ඛිකාහි පරිකිණ්ණා
(මක්ඛිකාපරිකිණ්ණා ච (සී.)), කා නු ත්වං ඉධ තිට්ඨසී’’ති.
|
26
“වස්ත්‍ර නැතිව නපුරු වර්ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය, මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?”
|
27
‘‘අහං භදන්තෙ
(භද්දන්තෙ (ක.)) පෙතීම්හි, දුග්ගතා යමලොකිකා;
පාපකම්මං
|
27
“ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
|
28
‘‘කාලෙන පඤ්ච පුත්තානි, සායං පඤ්ච පුනාපරෙ;
විජායිත්වාන ඛාදාමි, තෙපි නා හොන්ති මෙ අලං.
|
28
“උදය කාලයෙහි පුත්‍රයන් පස්දෙනෙක්ද සවස නැවත අනික් පස්දෙනෙක්ද වදා කන්නෙමි. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.
|
29
‘‘පරිඩය්හති ධූමායති, ඛුදාය
(ඛුද්දාය (ක.)) හදයං මම;
පානීයං න ලභෙ පාතුං, පස්ස මං බ්යසනං ගත’’න්ති.
|
29
“මාගේ හෘදය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. පැන් බොන්නට නොලබමි. විපතට පැමිණි මා බලන්න.
|
30
‘‘කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං;
කිස්ස කම්මවිපාකෙන, පුත්තමංසානි ඛාදසී’’ති.
|
30
“කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?”
|
31
‘‘සපතී
(සපත්තී (සී.)) මෙ ගබ්භිනී ආසි, තස්සා පාපං අචෙතයිං;
සාහං පදුට්ඨමනසා, අකරිං ගබ්භපාතනං.
|
31
“මාගේ සැතිරිය ගැබ්ගත්තාය, ඇට පාපයක් සිතුවෙමි. ඒ මම දූෂිතවූ සිතින් ගැබ් හෙලීම කළේය.
|
32
‘‘තස්සා
තදස්සා මාතා කුපිතා, මය්හං ඤාතී සමානයි;
සපථඤ්ච මං කාරෙසි, පරිභාසාපයී ච මං.
|
32
“ඇගේ දෙමාසයක්වූ ගර්භය ලේම වැගිරවූයේය ඇගේ ඒ මව තරහවූවා මගේ ඤාතීන් කැඳවූයේය. මා දිව්රීමද කරවූයේය. මට නින්දාද කළේය.
|
33
‘‘සාහං ඝොරඤ්ච සපථං, මුසාවාදං අභාසිසං;
පුත්තමංසානි ඛාදාමි, සචෙ තං පකතං මයා.
|
33
“ඒ මම බොරුවූ දරුණු දිව්රීමක් දිවුරුවෙමි. ඉදින් මා විසින් එය කරණ ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.
|
34
‘‘තස්ස කම්මස්ස විපාකෙන
(විපාකං (ස්‍යා. ක.)), මුසාවාදස්ස චූභයං;
පුත්තමංසානි ඛාදාමි, පුබ්බලොහිතමක්ඛිතා’’ති.
|
34
“ඒ කර්ම විපාකයෙන්ද මුසාවාදයෙන්ද යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුත්‍රයන්ගේ මස්කමි.”
|
7. සත්තපුත්තඛාදපෙතිවත්ථු | 7. පුත්‍රයන් සත්දෙනෙකු කන (සප්ත පුත්‍ර ඛාදක) ප්‍රේතියගේ කථාව |
35
‘‘නග්ගා
මක්ඛිකාහි
|
35
“වස්ත්‍ර නැතිව නපුරු වර්ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය, මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?”
|
36
‘‘අහං භදන්තෙ පෙතීම්හි, දුග්ගතා යමලොකිකා;
පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා.
|
36
“ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
|
37
‘‘කාලෙන සත්ත පුත්තානි, සායං සත්ත පුනාපරෙ;
විජායිත්වාන ඛාදාමි, තෙපි නා හොන්ති මෙ අලං.
|
37
“උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙක්ද සවස නැවත අනික් සත්දෙනෙක්ද වදා කන්නෙමි. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.
|
38
‘‘පරිඩය්හති ධූමායති, ඛුදාය හදයං මම;
නිබ්බුතිං නාධිගච්ඡාමි, අග්ගිදඩ්ඪාව ආතපෙ’’ති.
|
38
“මාගේ ළය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි අව්වෙහි ගින්නෙත් දැවුනාක්මෙන් නිවීමක් නොලබමි.
|
39
‘‘කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං;
කිස්ස කම්මවිපාකෙන, පුත්තමංසානි ඛාදසී’’ති.
|
39
“කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?”
|
40
‘‘අහූ මය්හං දුවෙ පුත්තා, උභො සම්පත්තයොබ්බනා;
සාහං පුත්තබලූපෙතා, සාමිකං අතිමඤ්ඤිසං.
|
40
“මගේ පුත්‍රයන් දෙදෙනෙක්වූහ. දෙදෙනම වැඩුන තරුණයෝය. පුත්‍රයන්ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි.
|
41
‘‘තතො මෙ සාමිකො කුද්ධො, සපත්තිං මය්හමානයි;
සා ච ගබ්භං අලභිත්ථ, තස්සා පාපං අචෙතයිං.
|
41
“ඉන් මගේ සැමියා කිපී අනික් ස්ත්‍රියක් ගෙනාවේය. ඈද ගර්හයක් ලැබුවාය. ඈට පාපයක් සිතුවෙමි.
|
42
‘‘සාහං
තස්සා තෙමාසිකො ගබ්භො, පුබ්බලොහිතකො
(පුබ්බලොහිතකො (ක.)) පති.
|
42
“ඒ මම ක්‍රොධ සිතින් ගැබ් හෙළීම කළෙමි. ඇගේ තුන්මසක් වූ ගර්භය කුණු ලේ වී වැටුනේය.
|
43
‘‘තදස්සා මාතා කුපිතා, මය්හං ඤාතී සමානයි;
සපථඤ්ච මං කාරෙසි, පරිභාසාපයී ච මං.
|
43
“ඇගේ ඒ මව තරහවූවා මගේ ඤාතීන් කැඳවූයේය. මා දිව්රීමද කරවූයේය. මට නින්දාද කළේය.
|
44
‘‘සාහං
‘පුත්තමංසානි ඛාදාමි, සචෙ තං පකතං මයා’.
|
44
“ඒ මම බොරුවූ දරුණු දිව්රීමක් දිවුරුවෙමි. ඉදින් මා විසින් එය කරණ ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.
|
45
‘‘තස්ස
පුත්තමංසානි ඛාදාමි, පුබ්බලොහිතමක්ඛිතා’’ති.
|
45
“ඒ කර්ම විපාකයෙන්ද මුසාවාදයෙන්ද යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුත්‍රයන්ගේ මස්කමි.”
|
8. ගොණපෙතවත්ථු | 8. ගොන් (ගොනා) ප්‍රේතයාගේ කථාව |
46
‘‘කිං
ඛාද ඛාදාති ලපසි, ගතසත්තං ජරග්ගවං.
|
46
“කිමෙක්ද? පිස්සෙකු මෙන් අළුත් තණ කපා ඉක්ම ගිය ජීවිතය ඇති (මැරුණු) නාකි ගවයකුට කාපිය කාපිය,යි කියයි.
|
47
‘‘න හි අන්නෙන පානෙන, මතො ගොණො සමුට්ඨහෙ;
ත්වංසි බාලො ච
(බාලොව (ක.)) දුම්මෙධො, යථා තඤ්ඤොව දුම්මතී’’ති.
|
47
“මළ ගොනා ආහාරයෙන් පානයෙන් නැගිටුවාලිය නොහැක්කේය. අයහපත් අදහස් ඇති, අන් පුද්ගලයෙකු යම්සේද, නුඹත් නුවණ නැති, බාලයෙක් වූයෙහිද?”
|
48
‘‘ඉමෙ පාදා ඉදං සීසං, අයං කායො සවාලධි;
නෙත්තා තථෙව තිට්ඨන්ති, අයං ගොණො සමුට්ඨහෙ.
|
48
“මේ පයද, මේ හිසද, වලිගයද සහිත මේ ශරීරයද නේත්රයෝද, එසේම තිබෙත්. මේ ගොනා නැගිටින්නේය.”
|
49
‘‘නාය්යකස්ස හත්ථපාදා, කායො සීසඤ්ච දිස්සති;
රුදං මත්තිකථූපස්මිං, නනු ත්වඤ්ඤෙව දුම්මතී’’ති.
|
49
“පියාගේ අත් පාද, ශරීරයද හිසද නොපෙනේ මැටි ථූපයක් ලඟ අඬන ඔබම නුවණ නැත්තෙක් නොවේද,
|
50
‘‘ආදිත්තං වත මං සන්තං, ඝතසිත්තංව පාවකං;
වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
|
50
“ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශොකාග්නියෙන් ගිනි ගත්තාවූම මා ජලය වත්කරන්නෙකු මෙන් සියලු චිත්ත දාහය, නිවන්නේය.
|
51
‘‘අබ්බහී
(අබ්බූළ්හං (බහූසු)) වත මෙ සල්ලං, සොකං හදයනිස්සිතං;
යො මෙ සොකපරෙතස්ස, පිතුසොකං අපානුදි.
|
51
“මාගේ හෘදය ආශ්‍රය කළ ශොක නමැති හුල උගුලන ලද්දේය. යමෙක් ශෝකයෙන් පීඩිතවූ මාගේ පියා නිසාවූ ශෝකය දුරු කළේද,
|
52
‘‘ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි, සීතිභූතොස්මි නිබ්බුතො;
න සොචාමි න රොදාමි, තව සුත්වාන මාණව’.
|
52
“ඒ මම ඉදිරුණු ශොක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. පින්වත් මාණවකය නුඹේ වචන අසා ශොක නොකරමි, නොහඬමි.
|
53
එවං
විනිවත්තයන්ති සොකම්හා, සුජාතො පිතරං යථාති.
|
53
“යම්සේ යහපත්ව උපන් පුත්‍රයා පියා සෝ දුකින් මුදාලයිද, නුවණ ඇති අනුකම්පා ඇති යම් කෙනෙක් වෙත් නම් ඔව්හු එසේ කරත්. ශෝකයෙන් මුදවත්”
|
9. මහාපෙසකාරපෙතිවත්ථු | 9. මහා පෙෂකාර ප්‍රේතියගේ කථාව |
54
‘‘ගූථඤ්ච
අයං නු කිං කම්මමකාසි නාරී, යා සබ්බදා ලොහිතපුබ්බභක්ඛා.
|
54
“මේ ස්ත්‍රිය අශුචිද මුත්‍රද ලේද සැරවද අනුභව කරයි. කවර කර්මයක්හුගේ මේ විපාකයෙක්ද, යම්බඳු ප්‍රෙතියක් සෑමකල්හි ලේ හා සැරව අනුභව කරන්නීද, මේ ස්ත්‍රීතොමෝ කවර අකුශල කර්මයක් කළේද?
|
55
‘‘නවානි වත්ථානි සුභානි චෙව, මුදූනි සුද්ධානි ච ලොමසානි;
දින්නානි මිස්සා කිතකා
(කිටකා (ක.)) භවන්ති, අයං නු කිං කම්මමකාසි නාරී’’ති.
|
55
“මෑට දෙනලද යහපත්වූද මෘදුවූද පිරිසිදු පැහැ ඇත්තාවූද සුව පහස් ඇත්තාවූද, අළුත් වස්ත්‍ර ලොහ වස්ත්‍ර සමාන වෙත්. මේ ස්ත්‍රීතොමෝ කවර කර්මයක් කෙළේද?”
|
56
‘‘භරියා මමෙසා අහූ භදන්තෙ, අදායිකා මච්ඡරිනී කදරියා;
සා මං දදන්තං සමණබ්රාහ්මණානං, අක්කොසති ච පරිභාසති ච.
|
56
“ස්වාමීන්වහන්ස, මෝතොමෝ නොදෙන සුළු මසුරු වූ තද මසුරු සිත් ඇති මාගේ භාර්යාව විය. ඕතොමෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්නාවූ මට ආක්‍රොශ කරයි, පරිභව කරයි.
|
57
‘‘‘ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං, පරිභුඤ්ජ ත්වං අසුචිං සබ්බකාලං;
එතං තෙ පරලොකස්මිං හොතු, වත්ථා ච තෙ කිටකසමා භවන්තු’;
එතාදිසං දුච්චරිතං චරිත්වා, ඉධාගතා චිරරත්තාය ඛාදතී’’ති.
|
57
“මේ දානයද නුඹට පරලොවදී මලද මුත්‍රද රුධිරයද සැරවද වේවා, වස්ත්‍රද තට ලෝභ වස්ත්‍ර වෙත්වා. නුඹ සියලු කාලයෙහි අශුචි අනුභව කරන්න. මෙබඳුවූ වාක් දුශ්චරිතාදිය කොට මේ ප්‍රේත ආත්ම භාවයට පැමිණියේ බොහෝ කාලයක් ගූථාදිය අනුභව කරයි”
|
10. ඛල්ලාටියපෙතිවත්ථු | 10. ඛල්ලාටිය (හිස මුඩු) ප්‍රේතියගේ කථාව |
58
‘‘කා
උපනික්ඛමස්සු භද්දෙ, පස්සාම තං බහිට්ඨිත’’න්ති.
|
58
“විමානය ඇතුළෙහි සිටින්නාවූ තී කවර ස්ත්‍රියක්ද, විමනෙන් නොනික්මෙයි. සොඳුර මහත් ඍද්ධි ඇති තී දකිනු කැමැත්තම්හ. තී විමනෙන් නික්මෙව.”
|
59
‘‘අට්ටීයාමි
කෙසෙහම්හි පටිච්ඡන්නා, පුඤ්ඤං මෙ අප්පකං කත’’න්ති.
|
59
“නිර්වස්ත්‍රව පිටත නික්මීමට ලජ්ජා ඇත්තෙමි. හෙවත් දුක් ඇතිවෙමි. ලජ්ජා වෙමි. හිසකේ වලින් වැසුනු මුහුණ ඇත්තේ වෙමි. මා විසින් මඳ පිනක් කරණ ලදී.”
|
60
‘‘හන්දුත්තරීයං දදාමි තෙ, ඉදං දුස්සං නිවාසය;
ඉදං දුස්සං නිවාසෙත්වා, එහි නික්ඛම සොභනෙ;
උපනික්ඛමස්සු භද්දෙ, පස්සාම තං බහිට්ඨිත’’න්ති.
|
60
“එබැවින් තිට මගේ උතුරු සළුව දෙමි. මේ උතුරු සළුව හැඳගනුව, සුන්දරිය මේ වස්ත්‍රය හැඳගෙන පිටත නික්මෙව, සොඳුර පිටත සිටියාවූ තී දකිම්හ. තී පිටත නික්මෙව.”
|
61
‘‘හත්ථෙන හත්ථෙ තෙ දින්නං, න මය්හං උපකප්පති;
එසෙත්ථුපාසකො සද්ධො, සම්මාසම්බුද්ධසාවකො.
|
61
“අතින් අතට නුඹ විසින් දෙන ලද්ද මට නොලැබේ. සම්මා සම්බුදුන්ගේ ශ්‍රාවකවූ ශ්රද්ධාවත්වූ මේ උපාසකයෙක්තෙම මොවුන් අතරෙහි ඇත්තේය.”
|
62
‘‘එතං අච්ඡාදයිත්වාන, මම දක්ඛිණමාදිස;
තථාහං
(අථාහං (සී.)) සුඛිතා හෙස්සං, සබ්බකාමසමිද්ධිනී’’ති.
|
62
“මේ උපාසකයා වස්ත්‍රයෙන් අඳවා මට දක්ෂිණාව (පින්) දෙව. එසේ කල්හි මම සියලු කාම සැපතින් සමෘද්ධ වූවා සුවපත් වන්නෙමි.”
|
63
තඤ්ච තෙ න්හාපයිත්වාන, විලිම්පෙත්වාන වාණිජා;
වත්ථෙහච්ඡාදයිත්වාන, තස්සා දක්ඛිණමාදිසුං.
|
63
“ඒ වෙළෙන්දෝ ඒ උපාසකයා නහවා උතුම් සුවඳ ගල්වා වස්ත්‍ර දෙකකින් හඳවා ඒ ප්‍රේතියට දක්ෂිණාව දුන්හ.
|
64
සමනන්තරානුද්දිට්ඨෙ
භොජනච්ඡාදනපානීයං
(භොජනච්ඡාදනං පානීයං (ස්‍යා. ක.)), දක්ඛිණාය ඉදං ඵලං.
|
64
“දීමට අනතුරුවම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍ය භොජන සමානවූ භොජනද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍රද නොයෙක් පාන වර්ගද උපන, දානයාගේ මේ විපාකයයි.
|
65
තතො සුද්ධා සුචිවසනා, කාසිකුත්තමධාරිනී;
හසන්තී විමානා නික්ඛමි, ‘දක්ඛිණාය ඉදං ඵල’’’න්ති.
|
65
“ඉක්බිති නෑමෙන් පිරිසිදුවූවා පිරිසිදු කසීසළුවලටත් වඩා උතුම් වස්ත්‍රධාරීව සිනාසෙමින් විමානයෙන් නික්මුනාය. දානයාගේ මේ විපාකය වේ.
|
66
‘‘සුචිත්තරූපං රුචිරං, විමානං තෙ පභාසති;
දෙවතෙ පුච්ඡිතාචික්ඛ, කිස්ස කම්මස්සිදං ඵල’’න්ති.
|
66
“තීගේ මොනවට කරණලද චිත්‍ර රූප ඇති සිත්කළු විමන බබළයි. පින්වත් දෙවඟන, විචාරණ ලද්දේ කවර කුශල කර්මයක්හුගේ මේ විපාක දැයි” කියව.
|
67
‘‘භික්ඛුනො
අදාසිං උජුභූතස්ස, විප්පසන්නෙන චෙතසා.
|
67
“මම පිඬු පිණිස හැසිරෙන්නාවූ ඇද නැති බවට ගිය භික්ෂුවක් හට මනා පැහැදුනු සිතින් තෙල් මිරිකාගත් තල ස්වල්පයක් දුනිමි.
|
68
‘‘තස්ස කම්මස්ස කුසලස්ස, විපාකං දීඝමන්තරං;
අනුභොමි විමානස්මිං, තඤ්ච දානි පරිත්තකං.
|
68
“ඒ කුශල කර්මයාගේ විපාකය බොහෝ කලක් මුළුල්ලෙහි විමනෙහි අනුභව කරයි, ඒ විපාකයද දැන් ස්වල්පය
|
69
‘‘උද්ධං
එකන්තකටුකං ඝොරං, නිරයං පපතිස්සහං.
|
69
“සිව් මසකින් මතු මාගේ කාලක්‍රියාව වන්නේය. මම ඒකාන්තයෙන් කටුකවූ දරුණුවූ අවීචි මහ නිරයෙහි වැටෙන්නෙමි.
|
70
(ම. නි. 3.250, 267; අ. නි. 3.36; පෙ. ව. 240, 693) ‘‘චතුක්කණ්ණං චතුද්වාරං, විභත්තං භාගසො මිතං;
අයොපාකාරපරියන්තං, අයසා පටිකුජ්ජිතං.
|
70
“කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. ප්‍රමාණ කරණ ලදුව කොටස් වශයෙන් බෙදන ලද්දේය. යකඩ ප්රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.
|
71
‘‘තස්ස
සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා.
|
71
“ඒ අවීචි මහ නරකයෙහි යකඩින් වූ භූමිය දිලිසෙන්නේය. මහත් ගිනි දැලින් යුක්තය. හැමතන්හි හාත්පස යොදුන් සියයක් තැන පැතිර සිටී.
|
72
‘‘තත්ථාහං දීඝමද්ධානං, දුක්ඛං වෙදිස්ස වෙදනං;
ඵලඤ්ච පාපකම්මස්ස, තස්මා සොචාමහං භුස’’න්ති.
|
72
“මම ඒ මහා නරකයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනාව විඳින්නෙමි. මාවිසින් කළ පාප කර්මයාගේ ඵලයක් ඇත්තේය. ඒ හේතුවෙන් මම බොහෝ කොට ශොක කරමි.”
|
11. නාගපෙතවත්ථු | 11. නාග ප්‍රේතයාගේ කථාව |
73
‘‘පුරතොව
පච්ඡා ච කඤ්ඤා සිවිකාය නීයති, ඔභාසයන්තී දස සබ්බතො
(සබ්බතො (ක.)) දිසා.
|
73
“පළමුව සුදුපාට ඇති ඇත් වාහනයෙන් දෙවියෙක් යයි, අතරෙහි අස් වෙළඹුන් යෙදූ රියක්යයි, පසුව දිව්‍ය කන්‍යාවක් හාත්පසින් දසදිශා බබුළුවමින් දෝලාවකින් ගෙනයනු ලබයි.
|
74
‘‘තුම්හෙ පන මුග්ගරහත්ථපාණිනො, රුදංමුඛා ඡින්නපභින්නගත්තා;
මනුස්සභූතා
|
74
“මුගුරු ගත් අත් ඇත්තාවූ තෙපි වනාහි හැඬූ මුහුණින් යුක්තව සිඳුණු බිඳුණු ශරීර ඇත්තාහු යම්හෙයකින් එකිනෙකාගේ ලෙය බොන්නාහුද මිනිස් කල තෙපි කිනම් පාපකර්මයක් කළාහුද,
|
75
‘‘පුරතොව යො ගච්ඡති කුඤ්ජරෙන, සෙතෙන නාගෙන චතුක්කමෙන;
අම්හාක පුත්තො අහු ජෙට්ඨකො සො
(සොව ජෙට්ඨො (ක.)), දානානි දත්වාන සුඛී පමොදති.
|
75
“යම් දෙවියෙක්තෙම ඉදිරියෙන් සුදුවූ පා සතරක් ඇති නාග සංඛ්‍යාතවූ ඇත් වාහනයෙන් යේද, හෙතෙම අපගේ ජ්‍යෙෂ්ඨවූ පුත්‍රයා විය. දන් දී සුවපත් වූයේ සතුටු වෙයි.
|
76
‘‘යො
අම්හාක පුත්තො අහු මජ්ඣිමො සො, අමච්ඡරී දානවතී විරොචති.
|
76
“යම් දෙවියෙක්තෙම මධ්‍යයෙහි සුන්දර ගමන් හා චතුර ගමන් ඇති වෙළඹුන් සතර දෙනෙකු යෙදුවාවූ අශ්වතරී රථයෙන් යේද හෙතෙම අපගේ මධ්‍යමවූ පුත්‍රයා විය මසුරු නොවූයේ දානපතියෙක් වූයේ දැන් බබළයි.
|
77
‘‘යා සා ච පච්ඡා සිවිකාය නීයති, නාරී සපඤ්ඤා මිගමන්දලොචනා;
අම්හාක ධීතා අහු සා කනිට්ඨිකා, භාගඩ්ඪභාගෙන සුඛී පමොදති.
|
77
“ඤාණවත්වූ මුවදෙනෙකුට බඳු ඇස් ඇති, යම් ඒ ස්ත්‍රියක් තොමෝ පසුව රන්සිවි යහනින් ගෙනයනු ලැබේද, ඕතොමෝ අපගේ බාල දුව විය. තමා ලත් කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන සුවපත්වූවා දැන් සතුටු වෙයි.
|
78
‘‘එතෙ
මයං පන මච්ඡරිනො අහුම්හ, පරිභාසකා සමණබ්රාහ්මණානං;
එතෙ ච දත්වා පරිචාරයන්ති, මයඤ්ච
|
78
“මොව්හු පෙර තුනුරුවන් කෙරෙහි පැහැදිමෙන් මහණ බමුණන්ට දන් දුන්නාහුය. අපි වනාහි මසුරු සිත් ඇත්තෝ වීමු. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කළෝ වීමු, මොව්හු දන්දී දැන් දිව්‍ය සම්පත් විඳිත්. අපිදු අව්වේ දමනලද බටගස් මෙන් වියලුනෝ වම්හ.”
|
79
‘‘කිං තුම්හාකං භොජනං කිං සයානං, කථඤ්ච යාපෙථ සුපාපධම්මිනො;
පහූතභොගෙසු අනප්පකෙසු, සුඛං විරාධාය
(විරාගාය (ස්‍යා. ක.)) දුක්ඛජ්ජ පත්තා’’ති.
|
79
“තොපගේ ආහාරය කෙබඳුද, සයනය කෙබඳුද, ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ තෙපි කවර ප්‍රකාරයකින් යැපෙන්නාහුද? ස්වල්ප නොවූ උදාර භොග සම්පත් ඇති කල්හි සැපය වරදවාගෙන මේ කාලයෙහි මේ දුකට පැමිණියාහුය.”
|
80
‘‘අඤ්ඤමඤ්ඤං වධිත්වාන, පිවාම පුබ්බලොහිතං;
බහුං පිත්වා න ධාතා හොම, නච්ඡාදිම්හසෙ
(නරුච්චාදිම්හසෙ (ක.)) මයං.
|
80
“අපි එකිනෙකා තලාගෙන සැරව හා රුධිරය පානය කරමු. බොහෝ පානය කොට සෑහීමට නොපැමිණෙමු. තමන්ගේ රුචියෙන් එය නොබොන්නෙමු.
|
81
‘‘ඉච්චෙව මච්චා පරිදෙවයන්ති, අදායකා පෙච්ච
(මච්ඡරිනො (ක.)) යමස්ස ඨායිනො;
යෙ තෙ විදිච්ච
(විදිත්වා (සී.)) අධිගම්ම භොගෙ, න භුඤ්ජරෙ නාපි කරොන්ති පුඤ්ඤං.
|
81
“මෙසේම මනුෂ්‍යයෝ පරලොව ප්‍රේත විෂයෙහි සිටිමින් විලාප කියත්. යම් ඒ මනුෂ්‍ය කෙනෙක් භොග සම්පත් ලබාගෙන මේ කරුණ දැන පින් නොකෙරෙද්ද? අනුභව නොකෙරෙත්ද?
|
82
‘‘තෙ
කම්මානි කත්වාන දුඛුද්රානි, අනුභොන්ති දුක්ඛං කටුකප්ඵලානි.
|
82
“ඒ සත්වයෝ දුක්ඛ විපාකවූ පව්කම්කොට පරලෙව්හි සා පිපාසායෙන් මඩනා ලද්දාහු ප්රේතයෝව බොහෝ කලක් මුළුල්ලෙහි දැවෙමින් දුක් විඳිත්. අනිෂ්ට ඵලවූ පව්කම් කොට දුක අනුභව කරත්.
|
83
‘‘ඉත්තරං හි ධනං ධඤ්ඤං, ඉත්තරං ඉධ ජීවිතං;
ඉත්තරං ඉත්තරතො ඤත්වා, දීපං කයිරාථ පණ්ඩිතො.
|
83
“ධන ධාන්‍ය වැඩිකල් නොපවත්නේය. මේ ලෝකයෙහි මනුෂ්‍ය ජීවිතය ස්වල්පය. ඤාණවන්ත තෙමේ සියලු දෙය කලක් නොපවත්නේයයි අනිත්‍ය වශයෙන් දැන යහපත කරන්නේය.
|
84
‘‘යෙ තෙ එවං පජානන්ති, නරා ධම්මස්ස කොවිදා;
තෙ දානෙ නප්පමජ්ජන්ති, සුත්වා අරහතං වචො’’ති.
|
84
“ධර්මයෙහි දක්ෂවූ යම් ඒ මනුෂ්‍යකෙනෙක් මෙසේ තත්වූ පරිද්දෙන් දනිත්ද ඒ මනුෂ්‍යයෝ අර්හත්වූ බුද්ධාදී ආර්යයන්ගේ වචනය අසා දානයෙහි පමා නොවෙත්.”
|
12. උරගපෙතවත්ථු | 12. උරග ප්‍රේතයාගේ කථාව |
85
‘‘උරගොව
එවං සරීරෙ නිබ්භොගෙ, පෙතෙ කාලඞ්කතෙ සති.
|
85
“සර්පතෙම දිරුණාවූ සම සිය සිරුරෙන් හැර දමායේද එසේම ශරීරය නිරර්ථකවූ කල්හි (ආයු, උෂ්ම, විඥානයන්) පහවූ කල්හි කළුරිය කළ කල්හි
|
86
‘‘ඩය්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං;
තස්මා එතං න රොදාමි, ගතො සො තස්ස යා ගති’’.
|
86
“දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
|
87
‘‘අනබ්භිතො
(අනව්හිතො (සී.)) තතො ආගා, නානුඤ්ඤාතො ඉතො ගතො;
යථාගතො තථා ගතො, තත්ථ කා
(කා තත්ථ (සී.)) පරිදෙවනා.
|
87
“ඒ සිටිතැනින් නොකැඳවන ලදුව පැමිණියේය. මෙලොවින් අනුනොදන්නා ලදුව ගියේය. යම් ආකාරයකින් ආයේද, එසේම ගියේ වෙයි. එහිදී කවර හැඬීමක්ද?
|
88
‘‘ඩය්හමානො
තස්මා එතං න රොදාමි, ගතො සො තස්ස යා ගති’’.
|
88
“දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
|
89
‘‘සචෙ රොදෙ කිසා අස්සං, තත්ථ මෙ කිං ඵලං සියා;
ඤාතිමිත්තසුහජ්ජානං, භිය්යො නො අරතී සියා.
|
89
“ඉදින් අඬන්නෙහිනම් කෘශවූ ශරීර ඇත්තියක් වන්නෙමි. ඒ හැඬීමෙහිදී මට කවර ප්‍රයෝජනයක් වන්නේද? අපගේ ඤාති මිත්‍ර සහෝදරයන්ටද බොහෝ දුක්ම වන්නේය.
|
90
‘‘ඩය්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං;
තස්මා එතං න රොදාමි, ගතො සො තස්ස යා ගති’’.
|
90
“දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
|
91
‘‘යථාපි දාරකො චන්දං, ගච්ඡන්තමනුරොදති;
එවං සම්පදමෙවෙතං, යො පෙතමනුසොචති.
|
91 |
92
‘‘ඩය්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං;
තස්මා එතං න රොදාමි, ගතො සො තස්ස යා ගති’’.
|
92 |
93
‘‘යථාපි බ්රහ්මෙ උදකුම්භො, භින්නො අප්පටිසන්ධියො;
එවං සම්පදමෙවෙතං, යො පෙතමනුසොචති.
|
93
“පින්වත් බමුණ, යම්සේ දියකළය බිඳුනේ නොගැලපිය හැකිවේද යමෙක් තෙම කළුරිය කළ කෙනෙකු සඳහා ශොක කෙරේ නම් මේ කාරණයත් එසේයයි දත යුතුයි.
|
94
‘‘ඩය්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං;
තස්මා
|
94
“දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී. එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක්වීද එහි ගියේය.
|