ත්‍රිපිටකය
2. පුරිසවිමානං 2. පුරිස විමානවත්ථු
5. මහාරථවග්ගො 5. මහාරථ වර්ගය
1. මණ්ඩූකදෙවපුත්තවිමානවත්ථු 1. මණ්ඩූක විමාන කථාව
2. රෙවතීවිමානවත්ථු 2. රේවතී විමාන කථාව
3. ඡත්තමාණවකවිමානවත්ථු 3. ඡත්ත මානවක විමාන කථාව
886
‘‘යෙ වදතං පවරො මනුජෙසු, සක්‍යමුනී භගවා කතකිච්චො;
පාරගතො බලවීරියසමඞ්ගී (බලවීරසමඞ්ගී (ක.)), තං සුගතං සරණත්ථමුපෙහි.
886
“මනුෂ්‍යයන් අතරෙහි යම් කෙනෙක් කියන්නවුන්ට ශ්‍රේෂ්ඨද කරනලද වැඩ ඇති ශාක්‍ය මුනීවූ භාග්‍යවතුන් වහන්සේ බලයෙන් හා වීර්යයෙන් යුක්ත වූයේ පරතෙරට ගියේ වේද ඒ ඒ සුගතයන් වහන්සේ පිහිට කොට ගනුව.
887
‘‘රාගවිරාගමනෙජමසොකං, ධම්මමසඞ්ඛතමප්පටිකූලං;
මධුරමිමං පගුණං සුවිභත්තං, ධම්මමිමං සරණත්ථමුපෙහි.
887
“රාගයෙන් වෙන්වූ තෘෂ්ණා රහිත ශොක නැති, (ප්‍රත්‍යයන්) රැස් නොකරන ලද, ප්‍රිය භාවය කරන, මිහිරිවූ ප්‍රගුණවූ, යහපත් කොට බෙදන ලද යම් ලොකොත්තර ධර්මයක්වේද, මේ ධර්මය පිහිට කොට ගනුව,
888
‘‘යත්ථ ච දින්න මහප්ඵලමාහු, චතූසු සුචීසු පුරිසයුගෙසු;
අට්ඨ ච පුග්ගලධම්මදසා තෙ, සඞ්ඝමිමං සරණත්ථමුපෙහි.
888
“යම් තැනෙක්හි දෙනලද්ද මහත් ඵලයයි කීවාහුද, පිරිසිදු පුරුෂ යුග සතරෙක්හිවූ ඔව්හු පුද්ගලයන් වශයෙන් අට දෙනෙක්වූ මේ සංඝයා පිහිට වශයෙන් ගනුව,
889
‘‘න තථා තපති නභෙ සූරියො, චන්දො ච න භාසති න ඵුස්සො;
යථා අතුලමිදං මහප්පභාසං, කො නු ත්වං තිදිවා මහිං උපාගා.
889
“අහසෙහි සූර්යයා එසේ නොබබළාද, සඳද නොබබළාද, පුසේ නැකත්තරුවද නොබබළාද යම්සේවූ, අසමාන මහත් ආලෝකයවූ, තවුතිසා දෙව්ලොවින් පොළොවට පැමිණි නුඹ කවරෙක්ද?
890
‘‘ඡින්දති රංසී පභඞ්කරස්ස, සාධිකවීසතියොජනානි ආභා;
රත්තිමපි යථා දිවං කරොති, පරිසුද්ධං විමලං සුභං විමානං.
890
“පිරිසිදුවූ නිර්මලවූ යහපත්වූ විමානය සූර්යයාගේ රැස් යටපත් කරයි. විසි යොදුනකට වඩා ආලෝකය වේ. රාත්‍රියෙහිද දවාලක් මෙන් කරයි.
891
‘‘බහුපදුමවිචිත්‍රපුණ්ඩරීකං, වොකිණ්ණං කුසුමෙහි නෙකචිත්තං;
අරජවිරජහෙමජාලඡන්නං, ආකාසෙ තපති යථාපි සූරියො.
891
“බොහෝ පියුම්, විසිතුරු මහනෙල්, ආදී නොයෙක් අලංකාර මලින් ගැවසුණ, රජස් නැති පිරිසිදු රන් දැලින් ගැවසුණ අහසෙහි සූර්යයා සේ බබළයි.
892
‘‘රත්තම්බරපීතවසසාහි, අගරුපියඞ්ගුචන්දනුස්සදාහි;
කඤ්චනතනුසන්නිභත්තචාහි, පරිපූරං ගගනංව තාරකාහි.
892
“රතු කහ වස්ත්‍රවලින් යුක්තවූ අගිල් පුවඟු සඳුන් රාශිවලින් පිරුණු රන් ශරීරයක් වැනි සිවියෙන් තාරකාවන්ගෙන් පිරුණු අහස මෙනි.
893
‘‘නරනාරියො (නරනාරී (ක.), නාරියො (?)) බහුකෙත්ථනෙකවණ්ණා, කුසුමවිභූසිතාභරණෙත්ථ සුමනා;
අනිලපමුඤ්චිතා පවන්ති (පවායන්ති (ක.)) සුරභිං, තපනියවිතතා සුවණ්ණඡන්නා (සුවණ්ණච්ඡාදනා (සී.)).
893
“නොයෙක් වර්ණයෙන් යුත් ස්ත්‍රී පුරුෂයෝ මෙහි බොහෝ වෙත්. මෙහි මලින් අලංකාරවූ ආභරණ ඇත්තාහ. මල් වාතයෙන් මුදන ලදුව සුවඳ වහනය කරත්. ආලෝක පතුරුවන රන් වස්ත්‍රය.
894
‘‘කිස්ස සංයමස්ස (සමදමස්ස (සී.)) අයං විපාකො, කෙනාසි කම්මඵලෙනිධූපපන්නො;
යථා ච තෙ අධිගතමිදං විමානං, තදනුපදං අවචාසි ඉඞ්ඝ පුට්ඨො’’ති.
894
“කිනම් කෙලෙස් සංයමයක ඉන්ද්‍රිය දමනයක මේ විපාකයද, කිනම් කර්ම ඵලයකින් මෙහි උපන්නේද, තා විසින් මේ විමානය යම්සේ ලබන ලදද එහෙයින් දැන් විචාරණ ලද මට වචනයක් පාසා කියනු මැනව”
895
‘‘සයමිධ (යමිධ (සී. ස්‍යා. පී.)) පථෙ සමෙච්ච මාණවෙන, සත්ථානුසාසි අනුකම්පමානො;
තව රතනවරස්ස ධම්මං සුත්වා, කරිස්සාමීති ච බ්‍රවිත්ථ ඡත්තො.
895
“ශාස්තෲන් වහන්සේ මේ මාර්ගයෙහි මාණවකයකු හමුවී අනුකම්පාවෙන් යමක් අනුශාසනා කළේද, ශ්‍රේෂ්ඨ රත්නයවූ ඔබවහන්සේගේ ධර්මය අසා ඡත්තතෙම එය පිළිගන්නෙමැයි” කියේය.
896
‘‘ජිනවරපවරං (ජිනපවරං (ස්‍යා. ක.)) උපෙහි (උපෙමි (බහූසු)) සරණං, ධම්මඤ්චාපි තථෙව භික්ඛුසඞ්ඝං;
නොති පඨමං අවොචහං (අවොචාහං (සී. ස්‍යා. ක.)) භන්තෙ, පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
896
“ශ්‍රේෂ්ඨවූ උතුම් ජිනයන් වහන්සේ පිහිට කොට යම් ධර්මයද එසේම භික්ෂු සංඝයාද පිහිට කොට යමි. පළමුව, ස්වාමීනි, මම සරණ නොගිය කෙනෙක්මි. පසුව ඔබගේ වචනය එසේම කෙළෙමි.
897
‘‘මා ච පාණවධං විවිධං චරස්සු අසුචිං,
න හි පාණෙසු අසඤ්ඤතං අවණ්ණයිංසු සප්පඤ්ඤා;
නොති පඨමං අවොචහං භන්තෙ,
පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
897
“අපවිත්‍රවූ නානාප්‍රකාර ප්‍රාණඝාතයෙහි නොහැසිරෙව. ඤාණවන්තයෝ සතුන් කෙරෙහි අසංවරය වර්ණනා නොකළාහුය. ස්වාමීනි මම පළමුව වෙන්වී නොසිටියෙමි. පසුව, නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
898
‘‘මා ච පරජනස්ස රක්ඛිතම්පි, ආදාතබ්බමමඤ්ඤිථො (මමඤ්ඤිත්ථ (සී. පී.)) අදින්නං;
නොති පඨමං අවොචහං භන්තෙ, පච්ඡා වචනං තථෙවකාසිං.
898
“අනුන් විසින් රකින ලද නුදුන් දෙය ගතයුතු කොට නොසිතීය. ස්වාමීනි, මම පළමුව ඉන් වෙන් නොව සිටියෙමි. පසුව ඔබවහන්සේගේ වචනය එසේම පිළිපැද්දෙමි.
899
‘‘මා ච පරජනස්ස රක්ඛිතායො, පරභරියා අගමා අනරියමෙතං;
නොති පඨමං අවොචහං භන්තෙ, පච්ඡා තෙ වචනං තථෙවකාසිං;
899
“අනුන් විසින් රක්නා ලද අනුන්ගේ භාර්යාවන් වෙත නොයන්නේය එසේයාම ආර්ය (උතුම්) නොවන්නකි. ස්වාමීනි පළමුව මම ඉන් වෙන් නොවී සිටියෙමි. පසුව නුඹවහන්සේගේ වචන එසේම කෙළෙමි.
900
‘‘මා ච විතථං අඤ්ඤථා අභාණි,
හි මුසාවාදං අවණ්ණයිංසු සප්පඤ්ඤා;
නොති පඨමං අවොචහං භන්තෙ, පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
900
“අන් පරිද්දෙකින් බොරු නොකියව. නුවණැත්තෝ බොරු කීම වර්ණනා නොකළ හුය. ස්වාමීනි මම පළමුව ඉන් වෙන් නොවී සිටියෙමි. පසුව ඔබවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
901
‘‘යෙන ච පුරිසස්ස අපෙති සඤ්ඤා, තං මජ්ජං පරිවජ්ජයස්සු සබ්බං;
නොති පඨමං අවොචහං භන්තෙ, පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
901
“යමකින් පුරුෂයාගේ සිහිය පහවේද, ඒ සියලු මත්වන දෙය දුරුකළ යුතුය. ස්වාමීනි, මම පළමුව ඉන් නොවැළැක්කෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
902
‘‘ස්වාහං ඉධ පඤ්ච සික්ඛා කරිත්වා, පටිපජ්ජිත්වා තථාගතස්ස ධම්මෙ;
ද්වෙපථමගමාසිං චොරමජ්ඣෙ, තෙ මං තත්ථ වධිංසු භොගහෙතු.
902
“ඒ මම මෙහි පන්සිල් රැක තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි පිළිපැද සොරු යන මග හන්දියකට පැමිණියෙමි. වස්තුව නිසා ඔව්හු මා මැරූහ.
903
‘‘එත්තකමිදං අනුස්සරාමි කුසලං, තතො පරං න මෙ විජ්ජති අඤ්ඤං;
තෙන සුචරිතෙන කම්මුනාහං (කම්මනාහං (සී.)), උප්පන්නො (උපපන්නො (බහූසු)) තිදිවෙසු කාමකාමී.
903
“පින මෙපමණක්ම සිහි කරමි. ඉන්පසු මාගේ අන් පිනක් නොපෙනේ. ඒ සුචරිත කර්මයෙන් මම කැමති දේ කැමැත්තේ තවුතිසා දෙව්ලොව උපන්නෙමි.
904
‘‘පස්ස ඛණමුහුත්තසඤ්ඤමස්ස, අනුධම්මප්පටිපත්තියා විපාකං;
ජලමිව යසසා සමෙක්ඛමානා, බහුකා මං පිහයන්ති හීනකම්මා.
904
“ක්ෂණයක් මොහොතක්, සංවර වූවහුගේ ධර්මය අනුව පිළිපැදීමෙහි විපාකය බලව, යසසින් බලනු ලබන්නී දිලිසෙන්නා මෙනි. ලාමක කර්ම ඇති බොහෝදෙනා මට ප්‍රසංසා කරත්.
905
‘‘පස්ස කතිපයාය දෙසනාය, සුගතිඤ්චම්හි ගතො සුඛඤ්ච පත්තො;
යෙ ච තෙ සතතං සුණන්ති ධම්මං, මඤ්ඤෙ තෙ අමතං ඵුසන්ති ඛෙමං.
905
“දේශනා ස්වල්පයකින් සුගතියට ගියේ වෙමි. සැපයටද පැමිණියේ වෙමි. යම් කෙනෙක් නිතර ධර්මය අසයිද ඔවුහු නිර්භය අමෘතය ස්පර්ශ කෙරේයයි හඟිමි.
906
‘‘අප්පම්පි කතං මහාවිපාකං, විපුලං හොති (විපුලඵලං (ක.)) තථාගතස්ස ධම්මෙ;
පස්ස කතපුඤ්ඤතාය ඡත්තො, ඔභාසෙති පථවිං යථාපි සූරියො.
906
“තථාගතයන් වහන්සේගේ ධර්මය පරිදි ස්වල්ප යහපතක් කරන ලද්දේද මහා විපාක ඇතිවේ. ඡත්‍ර තෙමේ කළ පින් ඇති බැවින් සූර්යයා මෙන් පෘථිවිය බබුළුවයි බලව.
907
‘‘කිමිදං කුසලං කිමාචරෙම, ඉච්චෙකෙ හි සමෙච්ච මන්තයන්ති;
තෙ මයං පුනරෙව (පුනපි (?)) ලද්ධ මානුසත්තං, පටිපන්නා විහරෙමු සීලවන්තො.
907
“කුසල් නම් කුමක්ද, කුමක හැසිරෙමුද, මෙසේ ඇතැම් අය විසින් රැස්ව මන්ත්‍රණය කරත්. ඒ අපි නැවතද මිනිසත් බව ලැබූයේ පිළිපන්නාහු සිල් ඇත්තෝව වාසය කරමු.
908
‘‘බහුකාරො අනුකම්පකො ච සත්ථා, ඉති මෙ සති අගමා දිවා දිවස්ස;
ස්වාහං උපගතොම්හි සච්චනාමං, අනුකම්පස්සු පුනපි සුණෙමු (සුණොම (සී.), සුණොමි (ස්‍යා.)) ධම්මං.
908
“ශාස්තෲන් වහන්සේ බොහෝ උපකාරය. මට අනුකම්පා කරන්නෙකු වෙත කලින්ම මෙසේ මාගේ සිහිය පිහිටවීමි. ඒ මම සත්‍ය නම් ඇත්තහු කරා ගියෙමි. නැවතද අනුකම්පා කරනු මැනව. ධර්මය අසමි.
909
‘‘යෙ චිධ (යෙධ (සී. ස්‍යා. පී.), යෙ ඉධ (ක.)) පජහන්ති කාමරාගං, භවරාගානුසයඤ්ච පහාය මොහං;
න ච තෙ පුනමුපෙන්ති ගබ්භසෙය්‍යං, පරිනිබ්බානගතා හි සීතිභූතා’’ති.
909
“යම් කෙනෙක් කාම රාගය දුරු කරත්ද, අනුශය සහිත භව රාගයද මෝහයද අත්හැර ඔව්හු නැවත මවුගැබක විසීමට නොපැමිණෙත්. සිහිල්ව පිරිනිවන් පෑවාහුය.
4. කක්කටකරසදායකවිමානවත්ථු 4. කක්කට විමාන කථාව
5. ද්වාරපාලවිමානවත්ථු 5. ද්වාරපාල විමාන කථාව
6. පඨමකරණීයවිමානවත්ථු 6. කරණීය විමාන කථාව
7. දුතියකරණීයවිමානවත්ථු 7. දෙවෙනි කරණීය විමාන කථාව
8. පඨමසූචිවිමානවත්ථු 8. සූචි විමාන කථාව
9. දුතියසූචිවිමානවත්ථු 9. දෙවෙනි සූචි විමාන කථාව
10. පඨමනාගවිමානවත්ථු 10. පළමුවෙනි නාග විමාන කථාව
11. දුතියනාගවිමානවත්ථු 11. දෙවෙනි නාග විමාන කථාව
12. තතියනාගවිමානවත්ථු 12. තුන්වෙනි නාග විමාන කථාව
13. චූළරථවිමානවත්ථු 13. චුල්ල රථ විමාන කථාව
14. මහාරථවිමානවත්ථු 14. මහාරථවිමාන කථාව
6. පායාසිවග්ගො 6. පායාසි වර්ගය
1. පඨමඅගාරියවිමානවත්ථු 1. පළමුවෙනි අගාරිය කථාව
2. දුතියඅගාරියවිමානවත්ථු 2. දෙවෙනි අගාරිය විමාන කථාව
3. ඵලදායකවිමානවත්ථු 3. ඵලදායක විමාන කථාව
4. පඨමඋපස්සයදායකවිමානවත්ථු 4. උපස්සයදායක විමාන කථාව
5. දුතියඋපස්සයදායකවිමානවත්ථු 5. දෙවෙනි උපස්සයදායක කථාව
6. භික්ඛාදායකවිමානවත්ථු 6. භික්ඛ දායක විමාන කථාව
7. යවපාලකවිමානවත්ථු 7. යවපාලක විමාන කථාව
8. පඨමකුණ්ඩලීවිමානවත්ථු 8. කුණ්ඩලීවිමාන කථාව
9. දුතියකුණ්ඩලීවිමානවත්ථු 9. දෙවෙනි කුණ්ඩලීවිමාන කථාව
10. (උත්තර) පායාසිවිමානවත්ථු 10. උත්තරවිමාන කථාව
7. සුනික්ඛිත්තවග්ගො 7. සුනික්ඛිත්ත වර්ගය
1. චිත්තලතාවිමානවත්ථු 1. චිත්‍රලතා විමාන කථාව
2. නන්දනවිමානවත්ථු 2. නන්දන විමාන කථාව
3. මණිථූණවිමානවත්ථු 3. මණිථූන විමාන කථාව
4. සුවණ්ණවිමානවත්ථු 4. සුවර්ණ විමාණ කථාව
5. අම්බවිමානවත්ථු 5. අම්බවිමානවත්ථු
6. ගොපාලවිමානවත්ථු 6. ගොපාලවිමානවත්ථු
7. කණ්ඩකවිමානවත්ථු 7. කන්ථක විමාන කථාව
8. අනෙකවණ්ණවිමානවත්ථු 8. අනෙකවණ්ණවිමාන කථාව
9. මට්ඨකුණ්ඩලීවිමානවත්ථු 9. මට්ට කුණ්ඩලී විමාන කථාව
10. සෙරීසකවිමානවත්ථු 10. සෙරිස්සක විමාන කථාව
11. සුනික්ඛිත්තවිමානවත්ථු 11. සුනික්ඛින්ත විමාන ගාථාව