ත්‍රිපිටකය
4. අට්ඨකවග්ගො 4. අෂ්ටක වර්ගය
1. කාමසුත්තං 1. කාම සූත්‍රය
2. ගුහට්ඨකසුත්තං 2. ගුහට්ඨක සූත්‍රය
3. දුට්ඨට්ඨකසුත්තං 3. දුට්ඨක සූත්‍රය
4. සුද්ධට්ඨකසුත්තං 4. සුද්ධට්ඨක සූත්‍රය
5. පරමට්ඨකසුත්තං 5. පරමට්ඨක සූත්‍රය
6. ජරාසුත්තං 6. ජරාසූත්‍රය
810
අප්පං වත ජීවිතං ඉදං, ඔරං වස්සසතාපි මිය්‍යති (මීයති (සී. අට්ඨ.));
යො චෙපි අතිච්ච ජීවති, අථ ඛො සො ජරසාපි මිය්‍යති.
810
“මේ ජීවිතය ඒකාන්තයෙන් ස්වල්පය, අවුරුදු සියයෙන් මෙපිටද මැරෙන්නේය. ඉදින් යමෙක්තෙම අවුරුදු සියය ඉක්මවා ජීවත්වන්නේ නමුදු එකල්හි වනාහි හෙතෙම ජරාවෙන් හෝ මැරෙන්නේය.
811
සොචන්ති ජනා මමායිතෙ, න හි සන්ති (න හි සන්තා (සී.), න හී සන්ති (කත්ථචි)) නිච්චා පරිග්ගහා;
විනාභාවසන්තමෙවිදං, ඉති දිස්වා නාගාරමාවසෙ.
811
“ජනයෝ මගේයයි ගත් දෙයින් ශොකකරත්, සදාකාලිකවූ අයිති දේ නැත. මේ (ජීවිතය) ඇත්තේම වෙන්වීමද වන්නේය. මෙසේ දැක ගිහිගෙයි නොවසන්නේය.
812
මරණෙනපි තං පහීයති (පහිය්‍යති (සී. ස්‍යා. ක.)), යං පුරිසො මමිදන්ති (මමයිදන්ති (සී. ස්‍යා. ක.), මමායන්ති (ක.)) මඤ්ඤති;
එතම්පි විදිත්වා (එතං දිස්වාන (නිද්දෙසෙ), එතම්පි විදිත්ව (?)) පණ්ඩිතො, න මමත්තාය නමෙථ මාමකො.
812
“පුරුෂතෙමේ මෙය මාගේයයි යමක් (රූපවේදනාදියක්) සිතාද, එය මරණයෙන් හරින්නේය. මමත්වය ඇති පණ්ඩිත තෙමේ මේ දැක මමත්වය පිණිස නොනැමෙන්නේය.
813
සුපිනෙන යථාපි සඞ්ගතං, පටිබුද්ධො පුරිසො න පස්සති;
එවම්පි පියායිතං ජනං, පෙතං කාලකතං න පස්සති.
813
“පිබිදුණු පුරුෂතෙම සිහිනෙන් දුටුවිරූදෙය නොදකීද එසේම මැරීගියාවූ, කළුරියකළාවූ ප්‍රියකළ ජනයා නොදකී.
814
දිට්ඨාපි සුතාපි තෙ ජනා, යෙසං නාමමිදං පවුච්චති (නාමමෙවා වසිස්සති (සී. ස්‍යා. පී.));
නාමංයෙවාවසිස්සති, අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො.
814
“යමකුන්ගේ නම මේයයි කියනු ලැබේද, ඒ ජනයෝ දක්නාලදද අසනලදද පරලොව ගිය සත්වයාගේ නාමයම ව්‍යවහාර කරන්නට ඉතිරිවන්නේය.
815
සොකප්පරිදෙවමච්ඡරං (සොකපරිදෙවමච්ඡරං (සී. ස්‍යා. පී.), සොකං පරිදෙවමච්ඡරං (?)), න ජහන්ති ගිද්ධා මමායිතෙ;
තස්මා මුනයො පරිග්ගහං, හිත්වා අචරිංසු ඛෙමදස්සිනො.
815
“ගිජුවූවාහු මගේයයි ගත්තෙහි ශෝකය, වැලපීම, මසුරුකම අත්නොහරිත්. එහෙයින් නිවන් දක්නාසුලු මුනිවරු අයිතිය හැරපියා හැසුරුණහ.
816
පතිලීනචරස්ස භික්ඛුනො, භජමානස්ස විවිත්තමාසනං;
සාමග්ගියමාහු තස්ස තං, යො අත්තානං භවනෙ න දස්සයෙ.
816
“විවේකයෙන් හැසිරෙන, වෙන්වූ අසුන සෙවුනාවූ, ඒ මහණහට යමෙක් තමා (නිරයාදි) ලෝකවල නොදක් වන්නේද තමාට නිරයාදියට නොයාම සාමග්‍රියයි කියත්.
817
සබ්බත්ථ මුනී අනිස්සිතො, න පියං කුබ්බති නොපි අප්පියං;
තස්මිං පරිදෙවමච්ඡරං, පණ්ණෙ වාරි යථා න ලිම්පති (ලිප්පති (සී. පී.)).
817
“සියලු තන්හි (තෘෂ්ණාදෘෂ්ටි) ඇසුරු කිරීමක් නැති මුනිතෙම ප්‍රියභාවයද අප්‍රිය භාවයද නොකරන්නේය. ඔහු කෙරෙහි වැලපීම හා මසුරුකම නෙළුම් කොළයේ දිය මෙන් නොඇලෙයි.
818
උදබින්දු යථාපි පොක්ඛරෙ, පදුමෙ වාරි යථා න ලිම්පති;
එවං මුනි නොපලිම්පති, යදිදං දිට්ඨසුතං මුතෙසු වා.
818
“යම්සේ නෙළුම් පතක දියබිඳක්වත් නොසිටීද, යම්සේ නෙළුම් මලෙක ජලය නොද ඇලේද එසේ මුනිතෙම යම් මේ ඇසූ, දුටු, සිතූ දෙයෙහි හෝ නොඇලෙන්නේය.
819
ධොනො න හි තෙන මඤ්ඤති, යදිදං දිට්ඨසුතං මුතෙසු වා;
නාඤ්ඤෙන විසුද්ධිමිච්ඡති, න හි සො රජ්ජති නො විරජ්ජතීති.
819
“ක්ෂීණාශ්‍රවතෙම යම්මේ ඇසින් දක්නාලද කණින් අසනලද සිතින් සිතනලද දෙයෙහි හෝ නොහඟින්නේය. ඒ රහත් මහණතෙම අන්පරිද්දකින් ශුද්ධිය නොකැමැතිවේ. හෙතෙම නොම ඇලෙයි. නොඇලෙන්නේද නොවේ.
7. තිස්සමෙත්තෙය්‍යසුත්තං 7. තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රය
8. පසූරසුත්තං 8. පසූර සූත්‍රය
9. මාගණ්ඩියසුත්තං 9. මාගන්දිය සූත්‍රය
10. පුරාභෙදසුත්තං 10. පුරා භෙද සූත්‍රය
11. කලහවිවාදසුත්තං 11. කලහවිවාද සූත්‍රය
12. චූළබ්‍යූහසුත්තං (චූළවියූහසුත්තං (සී. ස්‍යා. නිද්දෙස)) 12. චූලවියූහ සූත්‍රය
13. මහාබ්‍යූහසුත්තං 13. මහා ව්‍යුහ සූත්‍රය
14. තුවටකසුත්තං 14. තුවටක සූත්‍රය
15. අත්තදණ්ඩසුත්තං 15. අත්තදණ්ඩ සූත්‍රය
16. සාරිපුත්තසුත්තං 16. ශාරීපුත්‍ර සූත්‍රය