4. අට්ඨකවග්ගො | 4. අෂ්ටක වර්ගය |
1. කාමසුත්තං | 1. කාම සූත්‍රය |
772
කාමං
අද්ධා පීතිමනො හොති, ලද්ධා මච්චො යදිච්ඡති.
|
772
සත්වතෙමේ යම් කාමවස්තුවක් කැමැත්තේද, ඒ වස්තුකාමය කැමතිවන ඔහුට ඉදින් ලැබේ නම් හෙතෙම ඒ කාමවස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇතිවේ.
|
773
තස්ස චෙ කාමයානස්ස
(කාමයමානස්ස (ක.)), ඡන්දජාතස්ස ජන්තුනො;
තෙ කාමා පරිහායන්ති, සල්ලවිද්ධොව රුප්පති.
|
773
“රූපාදි වස්තුකාමයන් කැමතිවන්නාවූ හටගත් කාමයන්හි කැමැත්ත ඇත්තාවූ ඒ පුද්ගලයන්ගේ ඒ (රූපාදී) වස්තු කාමයෝ ඉදින් පිරිහත්ද, හෙතෙම හුලකින් විදුනාලද කලක් මෙන් තැවීමට පැමිණේ.
|
774
යො කාමෙ පරිවජ්ජෙති, සප්පස්සෙව පදා සිරො;
සොමං
(සො ඉමං (සී. පී.)) විසත්තිකං ලොකෙ, සතො සමතිවත්තති.
|
774
“යම් සත්වයෙක් (වස්තුකාම ක්ලේශ) කාමයන් පාදයෙන් සර්පයෙකුගේ හිස මෙන් දුරුකෙරේද, හෙතෙම (අපායාදී) ලෝකයෙහි මේ තෘෂ්ණාව සිහි ඇතිව ඉක්ම වන්නේය.
|
775
ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා, ගවස්සං
(ගවාස්සං (සී. ස්‍යා. පී.)) දාසපොරිසං;
ථියො බන්ධූ පුථු කාමෙ, යො නරො අනුගිජ්ඣති.
|
775
“මේ මනුෂ්යයෙක්තෙම කුඹුරක් හෝ හේනක් හෝ රන් හෝ හරකුන් අශ්වයන් හෝ දාස පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයන් හෝ සෙසු බොහෝ රූපාදී කාමවස්තූන් හෝ ආශාකරන්නේද,
|
776
අබලා නං බලීයන්ති, මද්දන්තෙනං පරිස්සයා;
තතො නං දුක්ඛමන්වෙති, නාවං භින්නමිවොදකං.
|
776
“ක්ලේශයෝ ඒ පුද්ගලයා මැඩපවත්වයි. උපද්‍රව ඒ පුද්ගලයා මඩිත්. බිඳුනු නැවක් කරා ජලය උනන්නාක් මෙන් දුක ඔහු අනුව එයි.)
|
777
තස්මා ජන්තු සදා සතො, කාමානි පරිවජ්ජයෙ;
තෙ පහාය තරෙ ඔඝං, නාවං සිත්වාව
(සිඤ්චිත්වා (සී.)) පාරගූති.
|
777
“එහෙයින් සත්වතෙම හැමකල්හි සිහි ඇතිව (වස්තු) කාමයන් දුරුකරන්නේය. නිවනට (පරතෙරට) යනු කැමැත්තේ ක්ලේශ කාමයන් ප්‍රහීනකොට නැවෙහි දිය ඉස්සේම (කාමාදී) සතර මහ වතුර එතර කරන්නේය.”
|
2. ගුහට්ඨකසුත්තං | 2. ගුහට්ඨක සූත්‍රය |
778
සත්තො
දූරෙ
|
778
“යම්බඳු සත්වයෙක්තෙම ශරීරයෙහි ඇලුණේ බෙහෙවින් (රාගාදී ක්ලේශ සමූහයෙන්) වැසුනේ රාගයෙන් යුක්තව සිටින්නේ මුළාවීමෙහි දැඩිව බැසගත්තේවේද, එබඳු ඒ සත්වතෙම (ත්‍රිවිධ) විවේකයෙන් ඈත්වූයේවේ. ලෝකයෙහි වස්තුකාමයෝ සුවසේ නැතිකළ හැක්කාහු නොවෙත්මය.
|
779
ඉච්ඡානිදානා
පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා, ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං.
|
779
“තෘෂ්ණාව මුල්කොට ඇති භව සුඛයෙහි බැඳුණු සත්වයෝ අනාගතයෙහි හෝ වස්තුකාමයන් අතීතයෙහි හෝ කැමතිවන්නාවූ මේ වර්තමාන කාමයන් හෝ පළමුකී (අතීතානාගතවිවිධ) කාම හෝ පතන්නාවූ ඒ සත්වයෝ දුකසේ මිදියහැක්කාහු නොවෙත්. අනුන් විසිනුත් මුදවාලන්නට නො හැක්කෝය.
|
780
කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා, අවදානියා තෙ විසමෙ නිවිට්ඨා;
දුක්ඛූපනීතා පරිදෙවයන්ති, කිංසූ භවිස්සාම ඉතො චුතාසෙ.
|
780
කාමයන්හි ගිජුවූ ඇලුනාවූ මුළාවූවාවූ, මසුරුකම් ඇති, කාය දුශ්චරිතාදී විෂමයෙහි පිහිටියාවූ, ඒ සත්වයෝ මරණ දුකට පැමිණියාහු මේ ආත්මභවයෙන් මැරීගියාවූ අපි කවර නම් ගතියකට පැමිණෙන්නෙමුදැයි වැළපෙත්.
|
781
තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු, යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ;
න තස්ස හෙතූ විසමං චරෙය්ය, අප්පඤ්හිදං ජීවිතමාහු ධීරා.
|
781
“සත්වතෙම ලෝකයෙහි යම්කිසිවක් (කායදුශ්චරිතාදී ධර්මය) විෂමයයි දන්නේනම්, එහෙයින් ඊට (ඒ විෂමවූ කාය කර්මාදියට) හේතුවූ විෂමය නොකරන්නේය. ඤාණවන්තයෝ මේ ජීවත්වීම අල්පයයි කියත්. එහෙයින් මේ සස්නෙහිම හික්මෙන්නේය.
|
782
පස්සාමි ලොකෙ පරිඵන්දමානං, පජං ඉමං තණ්හගතං භවෙසු;
හීනා
|
782
“කාමභවාදියෙහ් පහනොවූ තෘෂ්ණා ඇති පහත්වූ යම් සත්ව කෙනෙක් මාරමුඛයෙහි වැලපෙත්ද, (අපායාදී) ලෝකයෙහි තෘෂ්ණාදී සැලීමෙන් සැලෙන්නාවූ කාමාදී භවයන්හි තෘෂ්ණාවෙන් මඩනාලද මේ සත්ව සමූහයා බලමි.
|
783
මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ;
එතම්පි දිස්වා අමමො චරෙය්ය, භවෙසු ආසත්තිමකුබ්බමානො.
|
783
“හීනවූ ජල පහර ඇති ස්වල්ප ජලයෙක්හි ඔබිනොබ හැසිරෙන්නාවූ මසුන් මෙන් මාගේයයි අයත්කොට ගත් වස්තුවෙහි හැපෙන සත්වයන් බලමු. මෙයද දැක මමත්වය (‘මගේ කම’) නොකරන්නේ (කාමාදී) භවයන්හි ඇල්මක් නොකරමින් හැසිරෙන්නේය.
|
784
උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං, ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො;
යදත්තගරහී තදකුබ්බමානො, න ලිප්පතී
(න ලිම්පතී (ස්‍යා. ක.)) දිට්ඨසුතෙසු ධීරො.
|
784
“නුවණැත්තේ (ස්පර්ශය, හා ස්පර්ශය පහළවීම යන) ස්ථාන දෙකහි ඡන්දරාගය දුරුකොට, (චක්ෂුස් ආදී) ස්පර්ශය පිරිසිඳ දැන ගිජු නොවූයේ යම් කර්මයක් තමහට නින්දා ඇතිකරන්නේද ඒ කර්මය නොකරමින් ඇසූ දුටු දෙයෙහි නොඇලෙයි.
|
785
සඤ්ඤං
අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො, නාසීසතී
(නාසිංසතී (සී. ස්‍යා. පී.)) ලොකමිමං පරඤ්චාති.
|
785
“ඒ ක්ෂීණාශ්රව මුනිතෙම (කාමසංඥාදී හේතුගත සංඥාව පිරිසිඳ දැන, (කාමාදී) සතරමහ වතුරු තරණය කරන්නේය. අල්වාගැනුම්වල නොඇලුනේ උගුල්ලා දමනලද උල් ඇත්තේ, අප්‍රමාදව හැසිරෙමින් (ස්වකීය ආත්මභාවවූ) මෙලොවද (පරආත්මභාව නම්) පරලොවද නොපතන්නේය.”
|
3. දුට්ඨට්ඨකසුත්තං | 3. දුට්ඨක සූත්‍රය |
786
වදන්ති
වාදඤ්ච ජාතං මුනි නො උපෙති, තස්මා මුනී නත්ථි ඛිලො කුහිඤ්චි.
|
786
“ඇතැම් කෙනෙක් ඒකාන්තයෙන් නපුරු සිත් ඇත්තෝව කතාකරත්. නැවත යම් කෙනෙක් (ඔවුන් බස් අදහත්ද, ඔව්හු) සැබව යන හැඟීම් ඇත්තෝව කතාකරත්. (බුද්ධ) මුනිතෙම (අභූතයෙන්) උපන් ආක්‍රොශ වාදයටද නොඑළඹෙන්නේය. ඒ කරුණින් (බුද්ධ) මුනිතෙම කිසිතැනෙක්හි හුලක් නැතිසේ වන්නේය.
|
787
සකඤ්හි දිට්ඨිං කථමච්චයෙය්ය, ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො;
සයං සමත්තානි පකුබ්බමානො, යථා හි ජානෙය්ය තථා වදෙය්ය.
|
787
“කැමැත්තෙන් පමුණුවන ලද, රුචියෙන් බැසගත් තීර්ථකතෙම තමාගේ දැක්ම කෙසේ නම් ඉක්මවන්නේද, තමා විසින්ම සම්පූර්ණ කරනලද ඒ සියල්ල කරන්නේ දන්නේ යම්සේද එසේ කියන්නේය.
|
788
යො අත්තනො සීලවතානි ජන්තු, අනානුපුට්ඨොව පරෙස
(පරස්ස (ක.)) පාව
(පාවා (සී. ස්‍යා. පී.));
අනරියධම්මං කුසලා තමාහු, යො ආතුමානං සයමෙව පාව.
|
788
යම් පුද්ගලයෙක් තමාගේ (ප්රාතිමොක්ෂාදී) ශීලයන් හා (අරණ්යකාංගාදී) ව්‍රතයන් නොවිචාරණ ලද්දේම අන්‍යයන් හට කියන්නේද, යමෙක් තෙම තමා පිළිබඳව තෙමේම කියන්නේද, ඒ ආත්ම වර්ණනාව අයහපත් ධර්මයකැයි ආර්යයෝ කියත්.
|
789
සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො, ඉතිහන්ති සීලෙසු අකත්ථමානො;
තමරියධම්මං කුසලා වදන්ති, යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ.
|
789
“(රාගාදී කෙලෙස් යටපත් කිරීමෙන්) ශාන්තවූ මොනවට නිවුණු සිත් ඇති මහණතෙම මෙසේ සීලයන්හි ආත්ම වර්ණනය නොකියන්නේවේද, යම් ක්ෂීණාශ්රවයක්හුගේ රාගාදී ක්ලේශයෝ ලෝකයෙහි කිසිතැනෙකත් නැද්ද, එය (ඔහුගේ ඒ ආත්ම ගුණ අකථනය) ආර්යධර්මයෙකැයි දක්ෂයෝ කියත්.”
|
790
පකප්පිතා
යදත්තනි
|
790
“යමකට සිතනලද, සකස් කළ, (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) පෙරටුකොට සිටියාවූ අපිරිසිදු (දෙසැට දෘෂ්ටිගත) ධර්මයෝ ඇත්තාහුද හෙතෙම යම්හෙයකින් තමා කෙරෙහි අනුසස් දක්නේද, එහෙයින් කොපයද, හේතුප්‍රත්‍යයෙන් උපන්බවද සම්මත නිවීම නම් ශාන්තියද, ඇසුරුකොට පවත්නේ වෙයි.
|
791
දිට්ඨීනිවෙසා න හි ස්වාතිවත්තා, ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං;
තස්මා නරො තෙසු නිවෙසනෙසු, නිරස්සතී ආදියතී ච ධම්මං.
|
791
“මේ ඇත්තයයි බැසගැන්ම පහසුවෙන් අත්හැරිය නොහැක. ධර්මයන්හි (දෙසැට දෘෂ්ටියෙහි) බැසගත් බව නිශ්චයකොට පවත්නා හෙයිනි. එහෙයින් සත්වතෙම ඒ බැසගැනීම් ධර්මය දුරුකරන්නේ වෙයි, ගන්නේද වෙයි.
|
792
ධොනස්ස
මායඤ්ච මානඤ්ච පහාය ධොනො, ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො.
|
792
කෙළෙස් කම්පා කළ තැනැත්තාට (රහත් හට) කාමාදී ඒ ඒ භවයන්හි කල්පනා කරණලද ශාස්වතාදී දෘෂ්ටියෙක් ලොව කිසිතැනෙක්හි නැත්තේමය. ඒ කෙළෙස් කම්පා කළ තැනැත්තා මායාවද, මානයද දුරුකොට කිසිදු උත්පත්තියකට නොයන්නේය. හෙතෙම තෘෂ්ණාදී රැස්කිරීම් වලින් ඈත්ය.
|
793
උපයො හි ධම්මෙසු උපෙති වාදං, අනූපයං කෙන කථං වදෙය්ය;
අත්තා නිරත්තා
(අත්තං නිරත්තං (බහූසු)) න හි තස්ස අත්ථි, අධොසි සො දිට්ඨිමිධෙව සබ්බන්ති.
|
793
“තෘෂ්ණාදෘෂ්ටි ආදිය ඇත්තේ කාරණයන්හි වාදයට පැමිණේ. රැස්කිරීම නැති රහත්තෙම කුමකින් (රාගාදී ධර්මයකින්) කෙසේ චොදනා ලබන්නේද, ඒ රහත් මහණහට ආත්මයක් හෝ උච්ඡෙද දෘෂ්ටියක් හෝ නැත්තේය. යම් හෙයකින් නිරාත්මයක් හෝ නැත්තේමය. හෙතෙම මේ ආත්මභාවයෙහිම සියලු දෘෂ්ටි නැතිකෙළේද වේ.”
|
4. සුද්ධට්ඨකසුත්තං | 4. සුද්ධට්ඨක සූත්‍රය |
794
පස්සාමි
එවාභිජානං
|
794
“පිරිසිදුවූ, ශ්‍රේෂ්ඨවූ, නිරොග භාවයට පැමිණියක්හු දකිම්යයිද, ඒ දැකීමෙන් සත්වයාගේ පිරිසිදුකමවේයයිද මෙසේ විශේෂයෙන් දන්නේ ඒ දැකීම ශ්‍රේෂ්ඨයයි දැන පිරිසිදුකම දක්නා සුළුවූයේ මාර්ගඥාණය අදහන්නේය.
|
795
දිට්ඨෙන
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො, දිට්ඨී හි නං පාව තථා වදානං.
|
795
“ඉදින් දැකීමෙන් සත්වයාගේ කෙලෙස් පිරිසිදුවීමවේද, ඒ සත්වතෙම නුවණින් හෝ (ජාත්‍යාදී) දුක් දුරුකරන්නේය. හෙතෙම රාගාදී කෙලෙස් සහිතවූයේ අනෙකකින් ශුද්ධවේ. දෘෂ්ටි තොමෝම එසේ කියන ඔහුට කියන්නේය.
|
796
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ, දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා;
පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො, අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො.
|
796
“පිනෙහිද පවෙහිද නොඇලුණු, මමයයි ගැනීම පහකළ, මේ ලෝකයෙහි කිසි කිරීමක් නැති, බ්‍රාහ්මණයන් වහන්සේ අන්පරිද්දෙන් දැකීමකින් හෝ ඇසීමකින් හෝ සිතීමකින් හෝ ශීලයකින් හෝ වත් පිළිවෙතකින් හෝ (ක්ලෙශ) ශුද්ධිය නොකියන්නේය.
|
797
පුරිමං පහාය අපරං සිතාසෙ, එජානුගා තෙ න තරන්ති සඞ්ගං;
තෙ උග්ගහායන්ති නිරස්සජන්ති, කපීව සාඛං පමුඤ්චං ගහායං
(පමුඛං ගහාය (ස්‍යා.), පමුඤ්ච ගහාය (ක.)).
|
797
“යම් කෙනෙක් පළමු ශාස්තෘවරයා හැර අනිකක්හු ඇසුරුකළාහුද, කම්පාකරන්නාවූ තෘෂ්ණාව අනුව ගියාවූ ඔව්හු (රාගාදී) ඇලීම් එතර නොකරත්. ඔව්හු අල්ලා ගැනීම කෙරෙත්, බැහැරලීමද කෙරෙත්, පළමු අත්ත හැර අනික් අත්තක් ගන්නා වඳුරෙකු මෙනි.
|
798
සයං
විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං, න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.
|
798
“(කාමාදී) සංඥාවන්හි ඇලුණු සත්වතෙමේ තෙමේම (ඇත්ව්රතාදී) වත් සමාදන්ව උස් පහත් ශාස්තෘවරයන් ගැනුමට යන්නේය. මහාප්රාඥවූ ක්ෂීණාශ්රවතෙමේ සතර මාර්ග නම් වෙදයන් සමග ධර්මය දැන ලොකු කුඩා ශාස්තෲන් ඇදහුමට නොයයි.
|
799
ස සබ්බධම්මෙසු විසෙනිභූතො, යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා;
තමෙව
|
799
“ඒ මහාක්ෂීණාශ්රවතෙම යම්කිසි දක්නා ලද්දක් හෝ අසනලද්දක් හෝ සිතින් දැනගත්තක් හෝ වේද, සියලු, ධර්මයන්හි මරසෙන් වනසා සිටියේය. මේ ලෝකයෙහි කවරෙක් විවෘතව හැසිරෙන්නාවූ ඒ විශුද්ධිය දක්නාහු කවර ක්‍රමයකින් හිතන්නේද?
|
800
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති, අච්චන්තසුද්ධීති න තෙ වදන්ති;
ආදානගන්ථං
|
800
“ඔවුහු නොසිතත්, පෙරටු නොකෙරෙත්, ඔවුහු සම්පූර්ණ සුද්ධියයි නොකියත්, ගෙතුණාවූ ආශාදී බැම්ම සිඳපියා ලෝකයෙහි කොතැන නමුත් තෘෂ්ණාව නොකරන්නේය.
|
801
සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි, ඤත්වා ව දිස්වා ව
(ඤත්වා ච දිස්වා ච (ක. සී. ක.)) සමුග්ගහීතං;
න රාගරාගී න විරාගරත්තො, තස්සීධ නත්ථී පරමුග්ගහීතන්ති.
|
801
“ඒ මහා ප්‍රාඥා ක්ෂීණාශ්රව තෙමේ (ක්ලෙශ) සීමාවන් ඉක්ම ගියේය. බමුණුත්වෙයි. ඕහට දැනද දැකද හොඳයයි බැසගත් ධර්මයක් නැත්තේය. හෙතෙමේ රාගයෙන් රත්වී නැත. විරාගයෙන් රත්වූයේද නොවෙයි. ඕහට මේ සත්වලෝකයෙහි ශ්‍රේෂ්ඨයයි දැඩිකොට අල්ලාගත් ක්ලෙශ ධර්මයක් නැත්තේය.”
|
5. පරමට්ඨකසුත්තං | 5. පරමට්ඨක සූත්‍රය |
802
පරමන්ති
හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ, තස්මා විවාදානි අවීතිවත්තො.
|
802
“ලෝකයෙහි යම් සත්ව කෙනෙක් දෘෂ්ටීන් අතුරෙන් මෙය ශ්‍රේෂ්ඨයයි ගෙන එහි වසමින් යමක් (ශාස්තෘවර ආදිය) උසස්කරයිද, ඉන්පිටත්හිවූ හැමදෙනාම පහත්යයි කියාද, ඒ කාරණයෙන් හෙතෙමේ විවාදයන් නොඉක්මවූයේවේ.
|
803
යදත්තනී පස්සති ආනිසංසං, දිට්ඨෙ
තදෙව සො තත්ථ සමුග්ගහාය, නිහීනතො පස්සති සබ්බමඤ්ඤං.
|
803
“කලහකරණ හෙතෙම දුටු දෙයෙහි හෝ ඇසූ දෙයෙහි හෝ සිතට දැනුණු දෙයෙහි හෝ ශීලයන්හි හා ව්රතයන්හි හෝ යම් ආනිශංසයක් තමා කෙරෙහි දක්නේද එහි (ස්වකීය ලබ්ධියෙහි) (එය ආනිශංසය) ම ඉහළින් පිළිගෙන අන්සියල්ල ලාමක වශයෙන් දන්නේය.
|
804
තං
තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා, සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය.
|
804
“(යම් ශාස්තෘවර ආදියක්) ඇසුරුකළේ අන්‍යයා හීනවශයෙන්ද දකීද, දක්ෂවූවෝ ඒ (දැකීම) ද ගැටයක් ලෙස කියත්. එහෙයින් මහණතෙම දුටුදෙය, ඇසූදෙය, සිතට දැනුණු දෙයද යන ශීලව්‍රත දෙක ඇසුරු නොකරන්නේය.
|
805
දිට්ඨිම්පි
සමොති අත්තානමනූපනෙය්‍ය, හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි.
|
805
“ලෝකයෙහි දෘෂ්ටියද ඥාණයකින් හෝ ශීල ව්‍රතයකින් හෝ නොහඟින්නේය. තවද තමාට සමයයි නොනැඟෙන්නේය. නැවත හීනයයි නොහඟින්නේය. විශේෂ කෙනෙකැයිද නොහඟින්නේය.
|
806
අත්තං පහාය අනුපාදියානො, ඤාණෙපි සො නිස්සයං නො කරොති;
ස වෙ වියත්තෙසු
(වියුත්තෙසු (සී. අට්ඨ.), ද්වියත්තෙසු (ක.)) න වග්ගසාරී, දිට්ඨිම්පි
(දිට්ඨිමපි (ක.)) සො න පච්චෙති කිඤ්චි.
|
806
“හෙතෙම ආත්ම ස්නෙහය අත්හැර (අනිකක්) උපාදාන වශයෙන් නොගන්නේ ඤාණයෙහිද (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ආශ්‍රයක් නොකරයිද, හෙතෙම ඒකාන්තයෙන් භෙදවූ සත්වයන් කෙරෙහි බෙදී නොහැසිරෙන්නේ, තවද හෙතෙම කිසිඑකද දෘෂ්ටියකට නොපැමිණේ.
|
807
යස්සූභයන්තෙ පණිධීධ නත්ථි, භවාභවාය ඉධ වා හුරං වා;
නිවෙසනා තස්ස න සන්ති කෙචි, ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
|
807
“යමකුට (රහත් නමකට) මේ දෙකෙළවරේහිද නැවත නැවත උත්පත්තියෙහිද, මෙලොවද පරලොවද තෘෂ්ණාවක් නැද්ද, ඒ ක්ෂීණාශ්රවයන්ට කිසි තෘෂ්ණා දෘෂ්ටි ඇතුළුවීමක් නැද්ද ධර්මයන්හි තීන්දුකොට දැඩිව ගන්නා ලද්දක් නැත්තේය.
|
808
තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා, පකප්පිතා
තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං, කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය.
|
808
“ඔහුට මෙහි හෝ දුටු ඇසූ සිතූදෙයෙහි හෝ (තෘෂ්ණාදී වශයෙන්) කල්පනාකළ ස්වල්පමාත්‍ර හැඟීමක් නැද්ද, මේ සත්වලෝකයෙහි (දෙසැට) දෘෂ්ටිය නොගන්නාවූ ඒ බ්‍රාහ්මණයා කුමකින් කවරෙක් කල්පනා කරන්නේද,
|
809
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති, ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙ;
න
|
809
“ඒ රහතුන් විසින් (දෙසැට මිථ්‍යාදෘෂ්ටි) ධර්මයෝ නොපිළිගන්නා ලද්දාහ, නොසිතවත්, පෙරටු නොකරත්, ක්ෂීණාශ්රව තෙමේ සීලව්රතයෙන් පමුණුවන්නෙක් නොවේ. අකම්ප්‍යවූ ක්ෂීණාශ්රවතෙම නිවනට ගියේ නැවත නොඑන්නේය.”
|
6. ජරාසුත්තං | 6. ජරාසූත්‍රය |
810
අප්පං
යො චෙපි අතිච්ච ජීවති, අථ ඛො සො ජරසාපි මිය්‍යති.
|
810
“මේ ජීවිතය ඒකාන්තයෙන් ස්වල්පය, අවුරුදු සියයෙන් මෙපිටද මැරෙන්නේය. ඉදින් යමෙක්තෙම අවුරුදු සියය ඉක්මවා ජීවත්වන්නේ නමුදු එකල්හි වනාහි හෙතෙම ජරාවෙන් හෝ මැරෙන්නේය.
|
811
සොචන්ති ජනා මමායිතෙ, න හි සන්ති
(න හි සන්තා (සී.), න හී සන්ති (කත්ථචි)) නිච්චා පරිග්ගහා;
විනාභාවසන්තමෙවිදං, ඉති දිස්වා නාගාරමාවසෙ.
|
811
“ජනයෝ මගේයයි ගත් දෙයින් ශොකකරත්, සදාකාලිකවූ අයිති දේ නැත. මේ (ජීවිතය) ඇත්තේම වෙන්වීමද වන්නේය. මෙසේ දැක ගිහිගෙයි නොවසන්නේය.
|
812
මරණෙනපි තං පහීයති
(පහිය්යති (සී. ස්‍යා. ක.)), යං පුරිසො මමිදන්ති
(මමයිදන්ති (සී. ස්‍යා. ක.), මමායන්ති (ක.)) මඤ්ඤති;
එතම්පි විදිත්වා
(එතං දිස්වාන (නිද්දෙසෙ), එතම්පි විදිත්ව (?)) පණ්ඩිතො, න මමත්තාය නමෙථ මාමකො.
|
812
“පුරුෂතෙමේ මෙය මාගේයයි යමක් (රූපවේදනාදියක්) සිතාද, එය මරණයෙන් හරින්නේය. මමත්වය ඇති පණ්ඩිත තෙමේ මේ දැක මමත්වය පිණිස නොනැමෙන්නේය.
|
813
සුපිනෙන යථාපි සඞ්ගතං, පටිබුද්ධො පුරිසො න පස්සති;
එවම්පි
|
813
“පිබිදුණු පුරුෂතෙම සිහිනෙන් දුටුවිරූදෙය නොදකීද එසේම මැරීගියාවූ, කළුරියකළාවූ ප්‍රියකළ ජනයා නොදකී.
|
814
දිට්ඨාපි
නාමංයෙවාවසිස්සති, අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො.
|
814
“යමකුන්ගේ නම මේයයි කියනු ලැබේද, ඒ ජනයෝ දක්නාලදද අසනලදද පරලොව ගිය සත්වයාගේ නාමයම ව්‍යවහාර කරන්නට ඉතිරිවන්නේය.
|
815
සොකප්පරිදෙවමච්ඡරං
(සොකපරිදෙවමච්ඡරං (සී. ස්‍යා. පී.), සොකං පරිදෙවමච්ඡරං (?)), න ජහන්ති ගිද්ධා මමායිතෙ;
තස්මා මුනයො පරිග්ගහං, හිත්වා අචරිංසු ඛෙමදස්සිනො.
|
815
“ගිජුවූවාහු මගේයයි ගත්තෙහි ශෝකය, වැලපීම, මසුරුකම අත්නොහරිත්. එහෙයින් නිවන් දක්නාසුලු මුනිවරු අයිතිය හැරපියා හැසුරුණහ.
|
816
පතිලීනචරස්ස
සාමග්ගියමාහු තස්ස තං, යො අත්තානං භවනෙ න දස්සයෙ.
|
816
“විවේකයෙන් හැසිරෙන, වෙන්වූ අසුන සෙවුනාවූ, ඒ මහණහට යමෙක් තමා (නිරයාදි) ලෝකවල නොදක් වන්නේද තමාට නිරයාදියට නොයාම සාමග්‍රියයි කියත්.
|
817
සබ්බත්ථ මුනී අනිස්සිතො, න පියං කුබ්බති නොපි අප්පියං;
තස්මිං පරිදෙවමච්ඡරං, පණ්ණෙ වාරි යථා න ලිම්පති
(ලිප්පති (සී. පී.)).
|
817
“සියලු තන්හි (තෘෂ්ණාදෘෂ්ටි) ඇසුරු කිරීමක් නැති මුනිතෙම ප්රියභාවයද අප්‍රිය භාවයද නොකරන්නේය. ඔහු කෙරෙහි වැලපීම හා මසුරුකම නෙළුම් කොළයේ දිය මෙන් නොඇලෙයි.
|
818
උදබින්දු යථාපි පොක්ඛරෙ, පදුමෙ වාරි යථා න ලිම්පති;
එවං මුනි නොපලිම්පති, යදිදං දිට්ඨසුතං මුතෙසු වා.
|
818
“යම්සේ නෙළුම් පතක දියබිඳක්වත් නොසිටීද, යම්සේ නෙළුම් මලෙක ජලය නොද ඇලේද එසේ මුනිතෙම යම් මේ ඇසූ, දුටු, සිතූ දෙයෙහි හෝ නොඇලෙන්නේය.
|
819
ධොනො
නාඤ්ඤෙන විසුද්ධිමිච්ඡති, න හි සො රජ්ජති නො විරජ්ජතීති.
|
819
“ක්ෂීණාශ්රවතෙම යම්මේ ඇසින් දක්නාලද කණින් අසනලද සිතින් සිතනලද දෙයෙහි හෝ නොහඟින්නේය. ඒ රහත් මහණතෙම අන්පරිද්දකින් ශුද්ධිය නොකැමැතිවේ. හෙතෙම නොම ඇලෙයි. නොඇලෙන්නේද නොවේ.
|
7. තිස්සමෙත්තෙය්යසුත්තං | 7. තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රය |
820
‘‘මෙථුනමනුයුත්තස්ස, (ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො) විඝාතං බ්රූහි මාරිස;
සුත්වාන තව සාසනං, විවෙකෙ සික්ඛිස්සාමසෙ.
|
820
“නිදුකානෙනි, මෙවුන්දම්හි යෙදුනහුගේ උවදුර වදාළ මැනව. ඔබගේ වචනය අසා කායාදි ත්‍රිවිධ විවේකයෙහි හික්මෙන්නම්හ” (ආයුෂ්මත්වූ මිත්‍රගේ පරපුරෙහි තිස්ස මෙසේ ඇසීය.)
|
821
‘‘මෙථුනමනුයුත්තස්ස, (මෙත්තෙය්යාති භගවා) මුස්සතෙ වාපි සාසනං;
මිච්ඡා
|
821
“මෛත්රෙයය, මෛථුන ධර්මයෙහි යෙදුනහු ශාසනයද සිහිනොවේමය, ඔහු කෙරෙහි පහත් මිථ්‍යා ප්‍රතිපත්තියට පිළිපන්නේ වේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
|
822
‘‘එකො
යානං භන්තං ව තං ලොකෙ, හීනමාහු පුථුජ්ජනං.
|
822
“යමෙක් පෙර තනිව හැසිර මෙවුන්දම් සෙවුනේද කැරකෙන යානයක් මෙන්වූ ඔහු ලෝකයෙහි හීනවූ පෘථග්ජනයාය කියත්.
|
823
‘‘යසො කිත්ති ච යා පුබ්බෙ, හායතෙ වාපි තස්ස සා;
එතම්පි දිස්වා සික්ඛෙථ, මෙථුනං විප්පහාතවෙ.
|
823
“ඔහුගේ පෙරයම් යසසක් කීර්තියක්වීද, ඕතොමෝ පිරිහේමය. මෙය දැක මෛථුනය නැතිකිරීම පිණිස හික්මෙව්.
|
824
‘‘සඞ්කප්පෙහි පරෙතො සො, කපණො විය ඣායති;
සුත්වා පරෙසං නිග්ඝොසං, මඞ්කු හොති තථාවිධො.
|
824
“සිතිවිලි වලින් මැඩගත් යමෙක් වේද, හෙතෙම දිළින්දෙක් මෙන් දැවෙයි. එබඳු තැනැත්තේ අන්‍යයන්ගේ වචන අසා ලජ්ජාවට පත්වේ.
|
825
‘‘අථ සත්ථානි කුරුතෙ, පරවාදෙහි චොදිතො;
එස ඛ්වස්ස මහාගෙධො, මොසවජ්ජං පගාහති.
|
825
“නැවත අන්‍යයන්ගේ වචන වලින් චොදනා කරණ ලද්දේ. වචන නමැති ආයුධ පාවිච්චි කරණු ලැබේ. ඔහුගේ මේ මහා තෘෂ්ණාව බොරුකීමට බැසගනී.
|
826
‘‘පණ්ඩිතොති සමඤ්ඤාතො, එකචරියං අධිට්ඨිතො;
අථාපි
(ස චාපි (නිද්දෙසෙ)) මෙථුනෙ යුත්තො, මන්දොව පරිකිස්සති
(පරිකිලිස්සති (සී.)).
|
826
“පණ්ඩිතයයි කියන ලද තනිව හැසිරීමේ පිහිටි පුද්ගලතෙම ඉදින් මෙවුන්දම්හි යෙදේද, හෙතෙම මුළා වූවකු මෙන් හාත්පසින් වෙහෙසට පැමිණෙන්නේය.
|
827
‘‘එතමාදීනවං
එකචරියං දළ්හං කයිරා, න නිසෙවෙථ මෙථුනං.
|
827
“මේ ශාසනයෙහි මුනිතෙමේ පෙරවූ හා පසුවූ මේ වරද දැක තනිව හැසිරීම දැඩිකොට කරන්නේය. මෛථුනය ඇසුරු නොකරව්.
|
828
‘‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ, එතදරියානමුත්තමං;
න තෙන සෙට්ඨො මඤ්ඤෙථ, ස වෙ නිබ්බානසන්තිකෙ.
|
828
“ආර්යයන්ගේ උතුම්වූ මේ විවේකයෙහිම හික්මෙව්. ඒ කරුණින් ශ්‍රේෂ්ඨයයි නොහඟින්නේ නම් හෙතෙම ඒකාන්තයෙන්ම නිර්වාණය සමීපයේවේ.
|
829
‘‘රිත්තස්ස මුනිනො චරතො, කාමෙසු අනපෙක්ඛිනො;
ඔඝතිණ්ණස්ස පිහයන්ති, කාමෙසු ගධිතා
(ගථිතා (සී.)) පජා’’ති.
|
829
“කාමයන් බලාපොරොත්තුවක් නැතිව හැසිරෙන්නාවූ (කාය දුශ්චරිතාදිය) හිස් සතර මහ වතුරු තරණය කළ බුදුන්ට කාමයන්හි බැඳුණාවූ මනුෂ්‍යයෝ ප්‍රශංසා කරත්.”
|
8. පසූරසුත්තං | 8. පසූර සූත්‍රය |
830
ඉධෙව
යං නිස්සිතා තත්ථ සුභං වදානා, පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා.
|
830
“යමක් ඇසුරු කළ එහි ශුභය කියන්නාහු මෙන් වෙනත් සත්‍යයන්හි බොහෝ සෙයින් බැස ගත්තාහු මෙහිම ක්ලෙශ ශුද්ධිය වේයයි” කියත්. අනෙක් ධර්මයන්හි විශුද්ධිය නොකීහ.
|
831
තෙ
වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං, පසංසකාමා කුසලා වදානා.
|
831
“වාද කරණු කැමති ඔහු පිරිසකට වැද ඔවුනොවුන් බාලයන් කොට දකිත්. අන්‍ය (ශාස්තෘවරයන් ඇසුරු කළාවූ ඔවුහු ප්‍රශංසා කැමැත්තෝව පණ්ඩිත වාද ඇත්තම්හයි.” උඩඟු වචන කියත්.
|
832
යුත්තො කථායං පරිසාය මජ්ඣෙ, පසංසමිච්ඡං විනිඝාති හොති;
අපාහතස්මිං පන මඞ්කු හොති, නින්දාය සො කුප්පති රන්ධමෙසී.
|
832
“පිරිස් මැද (වාද) කථාවෙහි උත්සාහවත් වූයේ පැසසුම කැමති වෙමින් සැක කරන්නේ වෙයි. සිදුරු සොයන්නාවූ හෙතෙම බැහැර කළ කල්හි මකුවේ. නින්දාව නිසා කිපෙන්නේය.
|
833
යමස්ස
පරිදෙවති සොචති හීනවාදො, උපච්චගා මන්ති අනුත්ථුනාති.
|
833
“ඔහුගේ වාදය යම් හෙයකින් බැහැර කෙළේද ප්‍රශ්න විමසන්නෝ ලාමක යයි කියත්. පිරිහුන වාද ඇත්තේ මා ඉක්මවූයේයයි වැලපෙයි.” ශොක කරයි, කෙඳිරිගායි.
|
834
එතෙ විවාදා සමණෙසු ජාතා, එතෙසු උග්ඝාති නිඝාති හොති;
එතම්පි
|
834
“මේ විවාදයෝ (පිටත) ශ්රමණයන් කෙරෙහි පහළවූවාහු වෙති. මේ විවාදයන්හි නින්දාවද ප්‍රශංසාවද ඇති වේ. මේ දෝෂය දැක කලහය නවත්වන්නේය. පැසසුම ලැබීමට වඩා වෙන වැඩක් නැත්තේය.
|
835
පසංසිතො
සො හස්සතී උණ්ණමතී
(උන්නමතී (?)) ච තෙන, පප්පුය්ය තමත්ථං යථා මනො අහු.
|
835
“එහි (ස්වකීය ලබ්ධියෙහි) ප්‍රශංසා කරණ ලද්දාවූ හෙතෙම පිරිස් මැදෙහි ඒ වාදය ප්‍රකාශ කොට එයින් සිනාසෙන්නේද උඩඟුමන් ඇත්තේද වේ, ඔහුගේ සිත යම්සේද වීද ඒ (ජය) කාරණයට පැමිණෙන්නේය.
|
836
යා උණ්ණතී
(උන්නතී (?)) සාස්ස විඝාතභූමි, මානාතිමානං වදතෙ පනෙසො;
එතම්පි දිස්වා න විවාදයෙථ, න හි තෙන සුද්ධිං කුසලා වදන්ති.
|
836
“හෙතෙම මානය හා අතිමානය කියාපාන්නේය. මොහුගේ යම් උන්නතියක්වීද ඕතොමෝ විනාශ කාරණයවේ. මේ දෝෂය දැක කලහ නොකරන්නේයි, දක්ෂයෝ එයින් (ක්ලෙශ) ශුද්ධිය නොකියත්.
|
837
සූරො යථා රාජඛාදාය පුට්ඨො, අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං;
යෙනෙව සො තෙන පලෙහි සූර, පුබ්බෙව නත්ථි යදිදං යුධාය.
|
837
“යම්සේ රාජ භොජනයෙන් පොෂ්‍යය කරණ ලද ශූරතෙම ප්‍රති ශූරයා පතමින් කෑගසමින් එන්නේ ඒ ප්රතිශූරයා යම් තැනකවීද එතැනින්ම යනු. කලහ පිණිසවූ යම්බඳු කෙළෙස් එය පෙර (බෝමුලේදී) ම නැත.
|
838
යෙ
තෙ
|
838
“යම් කෙනෙක් (දෙසැට දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක්) තදින් ගෙන කලහ කෙරෙත්ද, මෙයම සැබෑයයි කියත්ද, තවද යමෙක්තෙම වාදයක් හටගත් කල්හි විරුද්ධ කරුවෙක් වේද, එබඳුවූ ඔවුහු මේ සස්නෙහි නැතැයි ඔවුන්ට (දෘෂ්ටි ගතිකයනට) තෝ කියව.
|
839
විසෙනිකත්වා පන යෙ චරන්ති, දිට්ඨීහි දිට්ඨිං අවිරුජ්ඣමානා;
තෙසු
|
839
“යම් කෙනෙක් (කෙලෙස්) මරසෙන් වනසා දෙසැට දෘෂ්ටීන් හා දෘෂ්ටිය වරද්දා නොගනිමින් ජීවිකාව කෙරෙත්ද පසූරය, මෙහි යම් කෙනෙකුන්ට ශ්‍රේෂ්ඨයයි දැඩිව ගන්නා ලද්දක් නැත්ද ඔවුන් කෙරෙහි ඔබ කුමක් ලබන්නෙහිද?
|
840
අථ ත්වං පවිතක්කමාගමා, මනසා දිට්ඨිගතානි චින්තයන්තො;
ධොනෙන යුගං සමාගමා, න හි ත්වං සක්ඛසි සම්පයාතවෙති.
|
840
“තවද තෝ සිතින් දෘෂ්ටීන් සිතමින් කල්පනා කරමින් ආයෙහිද කෙලෙස් කම්පා කළ තථාගතයන් වහන්සේ හා වාදයට තෝ පැමිණියෙහිය. එක් වචනයකුදු අසන්නට අසමර්ථයයි” කීයේය.
|
9. මාගණ්ඩියසුත්තං | 9. මාගන්දිය සූත්‍රය |
841
‘‘දිස්වාන තණ්හං අරතිං රගඤ්ච
(අරතිඤ්ච රාගං (ස්‍යා. ක.)), නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං;
කිමෙවිදං මුත්තකරීසපුණ්ණං, පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ’’.
|
841
“තණ්හාවද, අරතියද, රගාද යන මාර දුහිතෲන් දැකත් මෛථුන සෙවනයෙහි කැමැත්තක් නොවීය. දෙතිස් කුණින් පිරුණ මේ ශරීරය දැක මෙවුන්දම් සෙවීම තබා පයින්වත් ස්පර්ශ කරන්නට නොකැමැතිවෙමි.”
|
842
‘‘එතාදිසං
දිට්ඨිගතං සීලවතං නු ජීවිතං
(සීලවතානුජීවිතං (සී. පී. ක.)), භවූපපත්තිඤ්ච වදෙසි කීදිසං’’.
|
842
“ඉදින් බොහෝ රජුන් විසින් පතන ලද මෙබඳු ස්ත්‍රීරත්නයක් නොකැමැත්තෙහි නම් ඒ දැකීම ද ශීලයද වත පිළිවෙතද ජීවිතයද උත්පත්තියද කෙබඳුදැයි වදාළ මැනව.”
|
843
‘‘ඉදං
ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං;
පස්සඤ්ච
අජ්ඣත්තසන්තිං පචිනං අදස්සං’’.
|
843
“මාගන්දිය, (දෙසැට) දෘෂ්ටීන් නිශ්චය කොට තදින් ගත් මේ දෘෂ්ටි ගැනීම කියමියි” ඒ මට අදහසක් නොවේ. දකිමිනුත් කිසිදෘෂ්ටියක් තදින් නොගෙන නිර්වාණය සොයන්නෙමි. එය මනාකොට දිටිමි’යි භාග්‍යවතුන් වහන්සේ (වදාළ සේක.)
|
844
‘‘විනිච්ඡයා
තෙ වෙ මුනී බ්රූසි අනුග්ගහාය;
අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං,
කථං නු ධීරෙහි පවෙදිතං තං’’.
|
844
යම් විනිශ්චයකින් සිතන ලද්දාහුද ඒවා මුනිවූ ඔබ ඒකාන්තයෙන් නොගෙන ඇතුළත සන්සිඳීමයයි” යම් මේ පරමාර්ථයක් කීයෙහිද, ඥාණවන්තයන් විසින් දන්නා ලද එය කෙසේද (කියා මාගන්දිය තෙමේ විචාළේය.)
|
845
‘‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන, (මාගණ්ඩියාති භගවා)
සීලබ්බතෙනාපි න සුද්ධිමාහ;
අදිට්ඨියා අස්සුතියා අඤාණා,
අසීලතා අබ්බතා නොපි තෙන;
එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය,
සන්තො අනිස්සාය භවං න ජප්පෙ’’.
|
845
(භාග්‍යවතුන් වහන්සේ) “මාගන්දිය, මම දැක්මෙන් ඇසීමෙන්, (සමාපත්ති) ඥානයෙන් බාහිර ශීල ව්‍රතයෙන්ද මිදීම නොකියමි. නොදැක්මෙන්, නොඇසීමෙන් නොදැනීමෙන් ශීලයෙන් වෙන්වී ධුතාංග ව්‍රතයෙන් වෙන්වී, නොකියමි. මොවුන්ද හැරදමා, තදින් නොගෙන ශාන්තවූයේ, ඇසුරු කිරීමෙක් නැතිව සසර නොපතන්නට සමත්වේ.”
|
846
‘‘නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන, (ඉති මාගණ්ඩියො)
සීලබ්බතෙනාපි න සුද්ධිමාහ;
අදිට්ඨියා
අසීලතා අබ්බතා නොපි තෙන;
මඤ්ඤාමහං මොමුහමෙව ධම්මං,
දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං’’.
|
846
(මාගන්දිය බමුණා මෙසේ කීයේය.) “ඉදින් වනාහී දැකීමෙන් ශුද්ධිය නොකියන්නේ නම් (මෙහි 5 ඡේදය යෙදිය යුතුයි.) මම ඔබගේ මේ ධර්මය මහා මුළාවකැයි හඟිමි ඇතැමෙක් දෘෂ්ටියෙන් සංසාර මුක්තිය අදහත්මය.”
|
847
‘‘දිට්ඨඤ්ච නිස්සාය අනුපුච්ඡමානො, (මාගණ්ඩියාති භගවා)
සමුග්ගහීතෙසු පමොහමාගා
(සමොහමාගා (ස්‍යා. ක.));
ඉතො
තස්මා තුවං මොමුහතො දහාසි.
|
847
“මාගන්දිය, නුඹ දෘෂ්ටිය නිසා නැවත නැවතත් අසන්නෙහිය. දැඩිවගත් දෙයෙහි මුළාවට පැමිණියෙහිය. මෙයිනුදු ස්වල්ප මාත්‍රවූද හැඳිනීමක් නොදැක්කෙහිය. ඒ කාරණයෙන් නුඹ මහා මුළාවක් වශයෙන් දැක්කෙහියයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
|
848
‘‘සමො
තීසු විධාසු අවිකම්පමානො, සමො විසෙසීති න තස්ස හොති.
|
848
“යමෙක් තෙම සමානයයි හෝ නොහොත් ශ්‍රේෂ්ඨ යයි හෝ නැත හොත් හීනයයි හෝ සිතාද හෙතෙම එයින් විවාද කරන්නේය. ත්‍රිවිධ මානයෙන් කම්පා නොවන්නේ සමානයයි කියා හෝ ශ්‍රේෂ්ඨ යයි කියා හෝ ඔහුට නොවන්නේය.
|
849
‘‘සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය, මුසාති වා සො විවදෙථ කෙන;
යස්මිං සමං විසමං වාපි නත්ථි, ස කෙන වාදං පටිසංයුජෙය්ය.
|
849
“ඒ ක්ෂීණාශ්රවතෙම සත්‍යයයි කුමක් නිසා කුමකට කියන්නේද? බොරුයයි හෝ කවුරුන් සමග වාද කරන්නේද, යමකු කෙරෙහි සම බවක් හෝ තවද විෂම බවක් හෝ නැද්ද? හෙතෙම කවරක්හු හා වාදයෙහි යෙදෙන්නේද?
|
850
‘‘ඔකං
කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො, කථං න විග්ගය්හ ජනෙන කයිරා.
|
850
“ගෙයි (තෘෂ්ණා වශයෙන්) නොහැසිරෙන මුනි තෙමේ විඤ්ඤාණයාගේ අවකාශය හැර ගිහි සබඳකම් නොකරමින් සියලු කාමයන් කෙරෙන් වෙන්වූයේ මතු නූපදින්නේ විරුද්ධ කථාවක් කිසිම කෙනෙකු සමග නොකරන්නේය.
|
851
‘‘යෙහි විවිත්තො විචරෙය්ය ලොකෙ, න තානි උග්ගය්හ වදෙය්ය නාගො;
ජලම්බුජං
එවං මුනී සන්තිවාදො අගිද්ධො, කාමෙ ච ලොකෙ ච අනූපලිත්තො.
|
851
“නාග (රහත්) තෙමේ යමකින් හිස්වූයේ ලොව හැසිරෙන්නේද, ඒ දෘෂ්ටීන් දැඩිව ගෙන නොකියන්නේය ජලයෙහි උපන් කටුසහිත පද්මය යම්සේ ජලයෙන්ද මඩින්ද නොතැවරුනේද, එසේ අධ්‍යාත්ම ශාන්තිය ප්‍රකාශ කරන්නාවූ ගිජු නොවූ මුනි තෙම (වස්තු ක්ලෙශ) කාමයෙහිද (අපායාදී) ලෝකයෙහිද නොඇලුණේ වන්නේය.
|
852
‘‘න
න කම්මුනා නොපි සුතෙන නෙය්යො, අනූපනීතො ස නිවෙසනෙසු.
|
852
“(සතර මාර්ග සංඛ්‍යාත) වෙදයට පැමිණියේ දැක්මෙන් සිතීමෙන් සමාන බවට නො වේය එයින් වූවෙක් නොවේමය. හෙතෙම කර්මයෙන්ද ඇසීමෙන්ද පැමිණ විය හැකි නොවන්නේය. (තෘෂ්ණා දෘෂ්ටි) ගෘහයන්ට ඇතුළු නොවූයේය.
|
853
‘‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා, පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා;
සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං, තෙ ඝට්ටයන්තා
(ඝට්ටමානා (ස්‍යා. ක.)) විචරන්ති ලොකෙ’’ති.
|
853
“පහවූ කාම සංඥා ඇත්තාහට ගැට නැත්තාහ. විදර්ශනාවෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනහුට මෝහය නැත. යම් කෙනෙක් කාමාදී සංඥාද දෙසැට දෘෂ්ටියද දැඩිව ගත්තාහුද ඔව්හු ගැටෙන්නෝ ලෝකයෙහි හැසිරෙත්.”
|
10. පුරාභෙදසුත්තං | 10. පුරා භෙද සූත්‍රය |
854
‘‘කථංදස්සී කථංසීලො, උපසන්තොති වුච්චති;
තං මෙ ගොතම පබ්රූහි, පුච්ඡිතො උත්තමං නරං’’.
|
854
“කෙසේ දකින කෙබඳු ස්වභාවයකින් යුත් පුද්ගලයා සන්සුන් දැයි කියනු ලැබේද? ගෞතමයන් වහන්ස, අසන ලද්දාවූ මට උතුම් පුද්ගලයා කියනු මැනව.”
|
855
‘‘වීතතණ්හො පුරා භෙදා, (ඉති භගවා) පුබ්බමන්තමනිස්සිතො;
වෙමජ්ඣෙ නුපසඞ්ඛෙය්යො, තස්ස නත්ථි පුරක්ඛතං.
|
855
“යමෙක් තෙම ශරීරය බිඳෙන්ට පෙර තෘෂ්ණාව නැති කොට, අතීත ජීවිත ඇසුරු නොකොට වර්තමානයේද චොදනා නොකට හැක්කේද ඔහුට (තෘෂ්ණා දෘෂ්ටි අතුරෙන්) මුල්වන දෙයක් නැත්ද,
|
856
‘‘අක්කොධනො
මන්තභාණී
(මන්තාභාණී (ස්‍යා. පී.)) අනුද්ධතො, ස වෙ වාචායතො මුනි.
|
856
“නොකිපෙන ස්වභාව ඇත්තේද තැති නොගන්නේද ආත්ම වර්ණනා නොකරන්නේ සැක නැත්තේ පමණට කථා කරන්නේද, උඩඟු නොවූයේ හෙතෙම ඉදින් වචනයෙන් සංවරවූයේ වේද,
|
857
‘‘නිරාසත්ති අනාගතෙ, අතීතං නානුසොචති;
විවෙකදස්සී ඵස්සෙසු, දිට්ඨීසු ච න නීයති
(නිය්යති (බහූසු)).
|
857
ඒ මුනිතෙම “අනාගතයෙහි තෘෂ්ණා නැත්තේ ඉක්ම ගිය වස්තුව අනුව ශොක නොකරයිද, ස්පර්ශාදියෙහි විමසා දක්නා සුළුත් වේද, දෙසැට දෘෂ්ටි විෂයෙහිද නොපමුණුවනු ලබන්නේය.
|
858
‘‘පතිලීනො අකුහකො, අපිහාලු අමච්ඡරී;
අප්පගබ්භො
|
858
“රාගාදීන් කෙරෙන් පහවූ කුහක නොවූ, ආශා නැති මසුරුකම් නැති ආඩම්බර නැති නොපිළිකුල්වූ හෙතෙමේ කේළාම් කීමෙහිද නොයෙදේද,
|
859
‘‘සාතියෙසු අනස්සාවී, අතිමානෙ ච නො යුතො;
සණ්හො ච පටිභානවා
(පටිභාණවා (ස්‍යා. පී.)), න සද්ධො න විරජ්ජති.
|
859
“කාම වස්තූන්හි නො වැගිරෙන, අතිමානයෙහි නොයෙදුණු මොලොක් බැව්හි යුක්තවූ වැටහීමෙහි සමර්ථ නොඅදහන, නොකලකිරෙන,
|
860
‘‘ලාභකම්යා න සික්ඛති, අලාභෙ ච න කුප්පති;
අවිරුද්ධො ච තණ්හාය, රසෙසු නානුගිජ්ඣති.
|
860
“ලාභ කැමැත්තෙන් නොහික්මෙන්නේත් වේද, නොලැබීමෙහි නොකිපේද, විරුද්ධගති නැත්තේත් වේද, තෘෂ්ණායෙන් රසයන්හි ආශා නොකරන්නේ වේද,
|
861
‘‘උපෙක්ඛකො සදා සතො, න ලොකෙ මඤ්ඤතෙ සමං;
න විසෙසී න නීචෙය්යො, තස්ස නො සන්ති උස්සදා.
|
861
“මැදහත් බව ඇති හැමකල්හි සිහි ඇති ලෝකයෙහි සමයකු කොට නොහඟින, අතිමානී නොවන අවමානයට නොයන ඔහුට රාගාදී කෙලෙස් නැද්ද,
|
862
‘‘යස්ස නිස්සයනා
(නිස්සයතා (සී. ස්‍යා. පී.)) නත්ථි, ඤත්වා ධම්මං අනිස්සිතො;
භවාය විභවාය වා, තණ්හා යස්ස න විජ්ජති.
|
862
“යමකුට (තෘෂ්ණා දෘෂ්ටි) ආශ්‍රය නැත්ද, ධර්මය දැන නොඇලුණේද යමකු හට ශාස්වත දෘෂ්ටියෙහි හෝ උච්ඡෙද දෘෂ්ටියෙහි හෝ තණ්හාවක් නැද්ද,
|
863
‘‘තං බ්රූමි උපසන්තොති, කාමෙසු අනපෙක්ඛිනං;
ගන්ථා තස්ස න විජ්ජන්ති, අතරී සො විසත්තිකං.
|
863
“ඔහුට ගැට නැත්ද හෙතෙම මහා තෘෂ්ණාව එතර කෙළේද කාමයන්හි බලාපොරොත්තුවක් නැති, ඔහුට ඇතුළත සංසිඳුණේය කියනු ලැබේ.
|
864
‘‘න තස්ස පුත්තා පසවො, ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජති;
අත්තා
|
864
“ඕහට පුත්‍රයෝ ගව මහිෂාදීහුද නැත ක්ෂෙත්ර නැත. ඉඩම් නැත, නැවත ඔහු කෙරෙහි හා ශාස්වත හෝ උච්ඡෙද හෝ දෘෂ්ටියක් නැත.
|
865
‘‘යෙන නං වජ්ජුං පුථුජ්ජනා, අථො සමණබ්රාහ්මණා;
තං තස්ස අපුරක්ඛතං, තස්මා වාදෙසු නෙජති.
|
865
“රාගාදී යම් වරදකින් පෘථග්ජනයෝ හෝ මහණ බමුණෝ ඔහුට දොස් කියන්නාහුද, ඒ වරද ඉදිරියට නොඑන්නේය. එහෙත් හෙතෙම නින්දා පූර්වක වචනයෙන් නොසැලෙයි.
|
866
‘‘වීතගෙධො
න සමෙසු න ඔමෙසු, කප්පං නෙති අකප්පියො.
|
866
“පහකරණ ලද ගිජුකම් ඇති මසුරු මල නැති රහත් මහණතෙම විශිෂ්ටයකු කොට කියා නොගනියි. සදෘශයෙකැයිද ලාමකයෙකැයිද නොකියන්නේය. තෘෂ්ණා දෘෂ්ටි ක්ෂයකොට එයට නොඑයි.
|
867
‘‘යස්ස ලොකෙ සකං නත්ථි, අසතා ච න සොචති;
ධම්මෙසු ච න ගච්ඡති, ස වෙ සන්තොති වුච්චතී’’ති.
|
867
“ලෝකයෙහි යමෙකුට මාගේ යයි ගන්නා ලද්දාක් නැද්ද, නැති නිසාද ශොක නොකරන්නේය. සියලු ධර්මයන් විෂයෙහි (ආශාවෙන්) නොයන්නේය. හෙතෙම ඒකාන්තයෙන් ශාන්තයයි කියනු ලැබේ.”
|
11. කලහවිවාදසුත්තං | 11. කලහවිවාද සූත්‍රය |
868
‘‘කුතොපහූතා
මානාතිමානා සහපෙසුණා ච, කුතොපහූතා තෙ තදිඞ්ඝ බ්රූහි’’.
|
868
“කලහයෝද විවාදයෝද කොහින් හටගන්නෝද, වැළපීම, දුක්වීමද මසුරුකමද මාන අතිමානද කේලාම් වචනද කොයින් හටගන්නෝද, සියලු ඉතිරි ක්ලේශධර්ම කොයින්ද, ඒ කරුණු වදාළහොත් මැනවි.”
|
869
‘‘පියප්පහූතා කලහා විවාදා,
පරිදෙවසොකා සහමච්ඡරා ච;
මානාතිමානා සහපෙසුණා ච,
මච්ඡෙරයුත්තා කලහා විවාදා;
විවාදජාතෙසු ච පෙසුණානි’’.
|
869
“කලහයෝද, විවාදයෝද, වැළපීම හා ශොකද මසුරුකම්ද පණ ඇති නැති ප්රියවූවස්තු නිසා පහළවූවාහුය. මාන අතිමානයෝද, කේලාම් වචනද ප්‍රිය වස්තූන් නිසා උපන්නාහුය. කලහයෝද, විවාදයෝද, මසුරුකමෙහි යුක්ත වෙති. විවාද කරුණු අතර කේලාම් වචනද ප්‍රියවස්තූන් නිසා පහළවූවාහුය.
|
870
‘‘පියා
ආසා ච නිට්ඨා ච කුතොනිදානා, යෙ සම්පරායාය නරස්ස හොන්ති’’.
|
870
“ලෝකයෙහි යම් ලෝභ කෙනෙක් පවතිත්ද, ප්‍රිය වස්තූන් අතර කොයින් හටගනිත්ද, යම් කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද, ඒ ආශාවද සම්පූර්ණවීමද කොයින් හටගැනේද,
|
871
‘‘ඡන්දානිදානානි පියානි ලොකෙ, යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ;
ආසා ච නිට්ඨා ච ඉතොනිදානා, යෙ සම්පරායාය නරස්ස හොන්ති’’.
|
871
“ලෝකයෙහි යම් ලෝභ කෙනෙක් පවතිත්ද ලෝකයෙහි (ඒ) ප්‍රියවස්තූහු කාමච්ඡන්දාදිය නිදන්කොට ඇත්තාහුය. තවද යම් ධර්ම කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද, ඒ ආශාවද සම්පූර්ණවීමද මෙය නිදන්කොට ඇත්තාහ.”
|
872
‘‘ඡන්දො
කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච, යෙ වාපි ධම්මා සමණෙන වුත්තා’’.
|
872
“ලොව ඡන්දය කුමක් නිදානකොට ඇත්තේද, තවද (තෘෂ්ණාදෘෂ්ටි සංඛ්‍යාත) විනිශ්චය කොතැනින් උපන්නාහුද, ක්‍රෝධය, බොරුකීම, සැකයයයි බුදුන් විසින් වදාරණලද යම් අකුශල ධර්මකෙනෙක් ඇද්ද, ඒ ධර්මයෝ කුමක් ප්‍රභවකොට ඇත්තාහුද?”
|
873
‘‘සාතං
රූපෙසු දිස්වා විභවං භවඤ්ච, විනිච්ඡයං කුබ්බති
(කුරුතෙ (බහූසු)) ජන්තු ලොකෙ.
|
873
“සත්වලෝකයෙහි සැපයයිද දුකයයිද යමක් කියත්ද, ඒ සැප දුක් වේදනා නිසා කැමැත්ත ඇතිවේ. ලෝකයෙහි සත්වතෙම රූපයන්හි විනාශයද, උත්පත්තියද දැක (තෘෂ්ණා දෘෂ්ටි) විනිශ්චයද කරන්නේය.
|
874
‘‘කොධො
කථංකථී ඤාණපථාය සික්ඛෙ, ඤත්වා පවුත්තා සමණෙන ධම්මා’’.
|
874
“ක්‍රෝධයද බොරුකීමද, සැකයද තවද මේ ලෝභාදී ධර්මයෝද (ඉෂ්ටානිෂ්ට) දෙකම ඇති කල්හි පහළවෙත්. සැකයෙන් යුත් පුද්ගලතෙමේ නුවණ ලැබීම පිණිස හික්මෙන්නේය. බුදුන් විසින් දැන අනිත්‍යාදී ධර්ම ප්‍රකාශ කරණලදී.”
|
875
‘‘සාතං අසාතඤ්ච කුතොනිදානා, කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ;
විභවං භවඤ්චාපි යමෙතමත්ථං, එතං මෙ පබ්රූහි යතොනිදානං’’.
|
875
“සැප වේදනාවද දුක් වේදනාවද කුමක් මුල්කොට ගෙන උපදනාහුද? මේ වේදනා කවරක් නැතිකල්හි නොවෙත්ද, තවද විනාශයද, උත්පත්තියද යන යම් මේ අර්ථයක් වේද යමක් නිදන්කොට ඇත්ද? මට මේ කාරණය කියනු මැනවි.”
|
876
‘‘ඵස්සනිදානං සාතං අසාතං, ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ;
විභවං
|
876
“සැප වේදනාවද, දුක් වේදනාවද ස්පර්ශය මුල්කොට
ගෙන උපදනේය. මේ ධර්මයෝ වනාහි ස්පර්ශය නැතිකල්හි නොවෙත්. තවද විනාශයද, ඉපදීමද යන යම් මේ කරුණක් වේද, මෙයින් (ස්පර්ශාදිය නිසා) පහළවේ යන මේ කරුණ ඔබට කියමි.”
|
877
‘‘ඵස්සො
කිස්මිං අසන්තෙ න මමත්තමත්ථි, කිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සා’’.
|
877
“ලොව ස්පර්ශයතෙමේ කවරක් මුල කාරණකොට පහළවේද, තවද අල්ලාගැනීම් කවරකින් පහළවූවහුද, කවරක් නැතිකල්හි (තෘෂ්ණාදෘෂ්ටි) මමත්වය නැත්තේද, කවරක් ඉක්ම ගියකල්හි ස්පර්ශය ස්පර්ශ නොකෙරේද?”
|
878
‘‘නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො, ඉච්ඡානිදානානි පරිග්ගහානි;
ඉච්ඡායසන්ත්යා න මමත්තමත්ථි, රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා’’.
|
878
“නාමයද, රූපයද නිසා ස්පර්ශය වෙයි. අල්ලාගැනීම් කැමැත්ත මුල්කොට ඇත්තේය. ආශා නම් තෘෂ්ණාව නැතිකල්හි මමත්වය නැත. රූපය ඉක්මගිය කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නොකෙරෙත්.”
|
879
‘‘කථංසමෙතස්ස විභොති රූපං, සුඛං දුඛඤ්චාපි
(දුඛං වාපි (සී. ස්‍යා.)) කථං විභොති;
එතං මෙ පබ්රූහි යථා විභොති, තං ජානියාමාති
(ජානිස්සාමාති (සී. ක.)) මෙ මනො අහු’’.
|
879
“කෙසේ පිළිපදින්නහුට රූපාලම්බනය නොවේද, තවද සැප හෝ දුක හෝ කෙසේ නොවේද, යම්සේ රූපාලම්බන සැපය නොවේද එසේ මට කියන්න. එය දනිමි යයි මට සිතෙක් වූයේය.”
|
880
‘‘න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී, නොපි අසඤ්ඤී න විභූතසඤ්ඤී;
එවංසමෙතස්ස විභොති රූපං, සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා’’.
|
880
“රූපය නොවන තැනැත්තා ප්‍රකෘති සංඥා ඇත්තෙක්ද නොවෙයි විකෘති සංඥා ඇත්තෙක්ද නොවේ තවද සංඥා ඇත්තෙක්ද නොවෙයි. අරූපධ්‍යාන ලාභියෙක්ද නොවෙයි. මෙසේ (අරූප මාර්ගයට) පිළිපන්නහුට රූපය නොවන්නේය. (යම්හෙයකින් තෘෂ්ණාමාන දෘෂ්ටි) ප්‍රමාදයෝ රූපසංඥාව මුල්කොට ඇත්තාහ.”
|
881
‘‘යං
අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි;
එත්තාවතග්ගං
යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතාසෙ;
උදාහු
|
881
“යමක් ඔබගෙන් ඇසුමූද එය අපට කීයෙහිය. දැන් අන්කරුණක් ඔබගෙන් විචාරමි. එය කියනුමැනවි. මේ ලෝකයෙහි පණ්ඩිතවූ ඇතැම් කෙනෙක් මෙය සත්වයාගේ ශ්‍රේෂ්ඨ භූමියයයි කියත්.”
|
882
‘‘එත්තාවතග්ගම්පි
තෙසං පනෙකෙ සමයං වදන්ති, අනුපාදිසෙසෙ කුසලා වදානා.
|
882
“මෙලොව පණ්ඩිතවූ ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙහිදී සත්වයාගේ ශ්‍රේෂ්ඨ ශුද්ධිය කියත්. ඔවුන් අතරෙහි වනාහි ඇතැම් කෙනෙක් අනුපාදිශෙෂයෙහි දක්ෂවූ වාද ඇතියෝව උච්ඡෙද වාදය (මරණයෙන් ඉවරවීම) කියත්.
|
883
‘‘එතෙ ච ඤත්වා උපනිස්සිතාති, ඤත්වා මුනී නිස්සයෙ සො විමංසී;
ඤත්වා විමුත්තො න විවාදමෙති, භවාභවාය න සමෙති ධීරො’’ති.
|
883
“මොවුහු ආශ්රිතයෝයයි දැන ප්‍රාඥවූ ඒ බුද්ධ මුනි තෙම ආශ්රයයන්ද දැන මිදුණේ විරුද්ධවාදයට නොපැමිණෙන්නේය. ධීරතෙම නැවත නැවත නොම පැමිණෙන්නේය.”
|
12. චූළබ්‍යූහසුත්තං (චූළවියූහසුත්තං (සී. ස්‍යා. නිද්දෙස)) | 12. චූලවියූහ සූත්‍රය |
884
සකංසකංදිට්ඨිපරිබ්බසානා, විග්ගය්හ නානා කුසලා වදන්ති;
යො එවං ජානාති ස වෙදි ධම්මං, ඉදං පටික්කොසමකෙවලී සො.
|
884
“තම තමාගේ ඇදහීමෙහි සිටින්නාහු එය දැඩිසේ ගෙන දතුයෙම්හයි වෙන් වෙන්ව කියත්. යමෙක්තෙම මෙසේ දනිත්නම් හෙතෙම ධර්මය දත්තේද, යමෙක් තෙම මෙය ගරහන්නේ හෙතෙම බාලයෙක් වන්නේය.
|
885
එවම්පි විග්ගය්හ විවාදයන්ති, බාලො පරො අක්කුසලොති
(අකුසලොති (සී. ස්‍යා. පී.)) චාහු;
සච්චො නු වාදො කතමො ඉමෙසං, සබ්බෙව
|
885
“මෙසේත් (ස්වලබ්ධිය) දැඩිකොටගෙන විරුද්ධවාද කෙරෙත්. වාදීවූ අන්‍යයා බාලයෙකැයිද, අදක්ෂයෙකැයිද කියත්. මේ මහණ බමුණන්ගේ වාද අතුරෙන් කවර වාදයක් සත්‍ය වන්නේද, මේ හැම වාදීහුම දක්ෂ වාදකාරයෝ වෙත්.
|
886
පරස්ස
සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤා, සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා.
|
886
“ඉදින් අන්‍යයාගේ ධර්මය නොදන්නා බාලයා නුවණින් අඩු නිහීනයෙක් වන්නේය. සියලුම බාලයෝ ඉතා ලාමක නුවණ ඇත්තෝය. තම තමාගේ ඇදහීමෙහි ගැලී වසන මේ සියල්ලෝම බාලයෝය.
|
887
සන්දිට්ඨියා චෙව න වීවදාතා, සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා;
න තෙසං කොචි පරිහීනපඤ්ඤො
(කොචිපි නිහීනපඤ්ඤො (සී. ස්‍යා. ක.)), දිට්ඨී හි තෙසම්පි තථා සමත්තා.
|
887
“ඉදින් ස්වකීය ලබ්ධියෙන් අතිශයින් පිරිසිදුවූවාහු වෙත්ද, පිරිසිදු නුවණ ඇත්තෝ වෙද්ද, දක්ෂයෝ වෙත්ද, බුද්ධිමත්හු වෙද්ද, ඒ මහණ බමුණන් අතුරෙහි කිසිවෙකුත් පිරිහුණු ප්‍රඥා ඇත්තේ නොවේද, ඔවුන්ගේ දෘෂ්ටිතොමෝත් එසේ සමාප්ත වන්නීය.
|
888
න වාහමෙතං තථියන්ති
(තථිවන්ති (ස්‍යා. ක.)) බ්රූමි, යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං;
සකංසකංදිට්ඨිමකංසු සච්චං, තස්මා හි බාලොති පරං දහන්ති.
|
888
“බාලතෙම දෙදෙනෙක්ව ඔවුනොවුන් යමක් කියත්ද, මම මෙය සත්‍යයයි නොකියමි. තම තමා පිළිබඳ දැකීම සත්යකළාහුමය. එහෙයින්ම අන්‍යයා බාලයයිද කියත්.
|
889
යමාහු සච්චං තථියන්ති එකෙ, තමාහු අඤ්ඤෙ
(අඤ්ඤෙපි (ස්‍යා.), අඤ්ඤෙ ච (?)) තුච්ඡං මුසාති;
එවම්පි විගය්හ විවාදයන්ති, කස්මා න එකං සමණා වදන්ති.
|
889
“ඇතැම් කෙනෙක් යමක් ඇත්තයයි කියත්ද, ඒ අන්හු හිස්වූ බොරුවකැයි කියත්. මෙසේත් දැඩිවගෙන විවාද කෙරෙත්ද, කවර කරුණකින් ශ්‍රමණවරු එක් සත්‍යයක් නොකියත්ද,
|
890
එකඤ්හි
නානා තෙ
(නානාතො (ක.)) සච්චානි සයං ථුනන්ති, තස්මා
|
890
“සත්යයතෙම එකක්ම වන්නේය. දෙවන සත්‍යයක් නැත. යම් සත්‍යයක් දනිමින් සත්වතෙම විවාද නොකරන්නේය. ඒ මහණ බමුණෝ නොයෙක් සත්‍යයන් තුමූම කියත්. ඒකරුණෙන් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්.
|
891
කස්මා
සච්චානි සුතානි බහූනි නානා, උදාහු තෙ තක්කමනුස්සරන්ති.
|
891
“විරුද්ධවාදීවූ දක්ෂවාද ඇතියෝ නොයෙක් සත්‍යයන් කවර හෙයින් කියත්ද, නානාප්‍රකාරවූ බොහෝවූ සත්‍යයෝ අසනලද්දෝද, නොහොත් ඔහු තර්කමාත්රය අනුවයෙද්ද.
|
892
න හෙව සච්චානි බහූනි නානා, අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලොකෙ;
තක්කඤ්ච දිට්ඨීසු පකප්පයිත්වා, සච්චං මුසාති ද්වයධම්මමාහු.
|
892
“(සත්ව) ලෝකයෙහි සංඥා මාත්‍රයෙන් නිත්‍යයයි ගන්නාලද ග්රහණයන් තබා නානාවිධවූ බොහෝ සත්‍යයෝ නැත්මැයි. තර්කයද දෘෂ්ටීන්හිලා කල්පනාකොට සත්‍යය බොරුයයි ධර්ම දෙකක් කියත්.
|
893
දිට්ඨෙ
විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො, බාලො පරො අක්කුසලොති චාහ.
|
893
“දක්නාලද්දද, අසනලද්දද, සිතින් දන්නාලද්දද සිල් හා වත් පැවතුම්ද යන මොවුන්ද ඇසුරුකොට පහත් ලෙස දක්නේ, දෘෂ්ටි විනිශ්චයෙහි සිත හටගත් සතුටු ඇති පාපතෙම අන්‍යයා බාලයෙකැයිද කියන්නේය.
|
894
යෙනෙව බාලොති පරං දහාති, තෙනාතුමානං කුසලොති චාහ;
සයමත්තනා සො කුසලො වදානො, අඤ්ඤං විමානෙති තදෙව පාව.
|
894
“යම් කරුණකින් අනුන් හීනයෙකැයි දක්නේද ඒ කරුණෙන්ම තමා පණ්ඩිතයෙකැයි කියන්නේය. තෙමේම පණ්ඩිතයයි කියන්නාවූ හෙතෙම තමහට ගරහන්නේය. එයම කියන්නේය.
|
895
අතිසාරදිට්ඨියාව සො සමත්තො, මානෙන මත්තො පරිපුණ්ණමානී;
සයමෙව සාමං මනසාභිසිත්තො, දිට්ඨී
|
895
“ඒ පුද්ගලතෙම දෙසැට දෘෂ්ටියෙන් පිරුණේ (දෘෂ්ටි) මානයෙන් මත්වූයේ, පිරීමේ මානය ඇත්තේ තෙමේම තම සිතින් රජවූයේවේ. ඒ දෘෂ්ටිය ඔහුට එපරිද්දෙන්ම සම්පූර්ණවූයේ වේ.
|
896
පරස්ස චෙ හි වචසා නිහීනො, තුමො සහා හොති නිහීනපඤ්ඤො;
අථ චෙ සයං වෙදගූ හොති ධීරො, න කොචි බාලො සමණෙසු අත්ථි.
|
896
“ඉදින් යමෙක්තෙම අනුන්ගේ වචනයෙන්ම නිහීනයෙක් වේනම් තමාත් ඒ හා සමගම ලාමක ප්‍රඥා ඇත්තෙක් වන්නේයි. තවද මේතෙමේම වේදයේ (සතර මාර්ගයන්ගේ) පරතෙර පැමිණියේ නුවණැත්තේවේ. ශ්රමණයන් කෙරෙහි කිසි බාලයෙක් නැත්තේය.
|
897
අඤ්ඤං
එවම්පි තිත්ථ්යා පුථුසො වදන්ති, සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා
(ත්යාභිරත්තා (ස්‍යා. ක.)).
|
897
“යම්කෙනෙක් මෙයින් අන්‍ය දෘෂ්ටියක් කියත්ද, අසම්පූර්ණවූ ඔව්හු පිරිසිදුවීමේ මාර්ගය වරදවා ගත්තාහුවෙති. තවද මෙසේ තීර්ථකයෝ බොහෝ දෘෂ්ටීන්ගේ වශයෙන් අශුද්ධිය කියත්ද, යම්හෙයකින් ඔව්හු ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුණාහුද එහෙයිනි,
|
898
ඉධෙව සුද්ධි ඉති වාදයන්ති, නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු;
එවම්පි තිත්ථ්යා පුථුසො නිවිට්ඨා, සකායනෙ තත්ථ දළ්හං වදානා.
|
898
“මෙසේ බෙහෙවින් බැසගත් ස්වකීය මාර්ගයෙහි දැඩිව ප්‍රකාශකරන තීර්ථකයෝ මෙහිම ශුද්ධියවේයයි කියත්. අන්‍ය ධර්මයන්හි වෙසෙත්. ශුද්ධිය නොකියත්.
|
899
සකායනෙ වාපි දළ්හං වදානො, කමෙත්ථ බාලොති පරං දහෙය්ය;
සයමෙව සො මෙධගමාවහෙය්ය
(මෙධකං ආවහෙය්ය (සී. පී.)), පරං වදං බාලමසුද්ධිධම්මං.
|
899
“තවද ස්වකීය (දෘෂ්ටි) මාර්ගයෙහිම දැඩිකොට කියන්නේ මෙහි බාලයායයි අන්‍යවූ කවරක්හු දක්නේද? අනුන් අශුද්ධි ධර්මය ඇති බාලයන්කොට කියන්නාවූ හෙතෙමේම කොලාහල ඇතිකරවන්නේය.
|
900
විනිච්ඡයෙ
හිත්වාන සබ්බානි විනිච්ඡයානි, න
|
900
“ඒ පුද්ගලතෙම තීන්දු කිරීමෙහි සිට තමාම ප්‍රමාණය කොට මතුමත්තෙහි ලෝකයා කෙරෙහි කලහයට පැමිණෙන්නේය. නුවණැති සත්වතෙම සියලු තීන්දු (දෙසැට දෘෂ්ටීන්) හැරපියා ලෝකයා තුළ කළහ නොකරන්නේය.”
|
13. මහාබ්‍යූහසුත්තං | 13. මහා ව්‍යුහ සූත්‍රය |
901
යෙ කෙචිමෙ දිට්ඨිපරිබ්බසානා, ඉදමෙව සච්චන්ති විවාදයන්ති
(විවාදියන්ති (සී. පී.));
සබ්බෙව තෙ නින්දමන්වානයන්ති, අථො පසංසම්පි ලභන්ති තත්ථ.
|
901
“තමන් තමන්ගේ ලබ්ධිය දැඩිව ගෙන වසන්නාවූ යම්කිසි මේ තීර්ථක කෙනෙක් මෙයම සත්‍යයයි හිස් විවාද කෙරෙත්ද, ඔහු හැමදෙනම නින්දාව තමන් වෙතට නැවත නැවත එවත්. නොහොත් එහිදී පැසසුමද ලබත්.
|
902
අප්පඤ්හි
එතම්පි දිස්වා න විවාදයෙථ, ඛෙමාභිපස්සං අවිවාදභූමිං.
|
902
“මෙය (ප්‍රශංසා සංඛ්‍යාත වාදඵලය) ස්වල්පය. සංසිඳීම පිණිස සමර්ථ නොවන්නේය විවාදයාගේ විපාක දෙකක් කියමි. විවාදය නැති තැනවූ නිවන නිර්භය වශයෙන් දක්නේ මෙසේ දැක විවාද නොකරන්නේය. දැක කලහ නොකරන්නේය.
|
903
යා කාචිමා සම්මුතියො පුථුජ්ජා, සබ්බාව එතා න උපෙති විද්වා;
අනූපයො සො උපයං කිමෙය්ය, දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො.
|
903
“පුහුදුන්ගෙන් පහළවූ යම්කිසි සම්මත කෙනෙක් ඇත්ද, මේ සියලු දෘෂ්ටීන්ට පණ්ඩිතතෙම නොපැමිණෙන්නේය. උපධි නම්වූ තෘෂ්ණා දෘෂ්ටි රහිතවූ හෙතෙම දෘෂ්ටිශුද්ධියෙහිද ශ්රැතශුද්ධියෙහිද, ප්‍රේමය නොකරන්නේ රූපාදී එකද ධර්මයකටවත් කිම පැමිණෙන්නේද,
|
904
සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං, වතං සමාදාය උපට්ඨිතාසෙ;
ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධිං, භවූපනීතා
|
904
“සීලයම උතුම්කොට ගන්නෝ (හික්මීම්) සංවරය මාත්‍රයෙන් ශුද්ධිය කියත්. වත් සමාදන්ව පැමිණ සිටියාවූ දක්ෂ වාද ඇත්තෝ මේ සත්වයාගේ ශුද්ධිය මෙහිම හික්මෙත් නම්හයි භවයට බැසගත්තාහු වෙත්.
|
905
සචෙ චුතො සීලවතතො හොති, පවෙධතී
(ස වෙධති (සී. පී.)) කම්ම විරාධයිත්වා;
පජප්පතී පත්ථයතී ච සුද්ධිං, සත්ථාව හීනො පවසං ඝරම්හා.
|
905
“ඉදින් ශීලයෙන් හා ව්‍රතයෙන් වෙන්වූයෙක්වේද, හෙතෙම ඒ ශීල ව්‍රතාදී කර්මය වරදවාගෙන කම්පාවන්නේය. වැලපෙන්නේය. මෙහි ශුද්ධිය පතන්නේත් වෙයි. ගෙන් නික්ම නොරට යන හීනවූ ගැල් වෙළෙන්දෙකු මෙනි.
|
906
සීලබ්බතං
සුද්ධිං
|
906
“ආර්යශ්‍රාවකතෙම සියලු ශීලව්‍රතය අත්හැර තවද වරදවූ වරද රහිතවූද කර්මයන් හැර මේ ශුද්ධියද අශුද්ධියද මෙසේ නොපතන්නේ දෘෂ්ටිය නොගෙන නොඇලී හැසිරෙන්නේය.
|
907
තමූපනිස්සාය ජිගුච්ඡිතං වා, අථවාපි දිට්ඨං ව සුතං මුතං වා;
උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති, අවීතතණ්හාසෙ භවාභවෙසු.
|
907
“පිළිකුල් කරණලද්ද හෝ නැතහොත් දක්නාලද්ද අසනලද්ද, සිතනලද්ද හෝ ඇසුරුකොටගෙන මත්තෙහි හැසිරෙන්නෝව නැවත නැවත උත්පත්තියෙහි නොපහකළ ආශා ඇත්තෝව ශුද්ධිය කියන්නට වීර්ය කරත්.
|
908
පත්ථයමානස්ස
චුතූපපාතො ඉධ යස්ස නත්ථි, ස කෙන වෙධෙය්ය කුහිංව ජප්පෙ
(කුහිඤ්චි ජප්පෙ (සී. ස්‍යා. ක.), කුහිං පජප්පෙ (පී.) නිද්දෙසො පස්සිතබ්බො).
|
908
“පතන්නාහට වනාහි නැවත නැවත වෙති. තවද අදහස්කළ වස්තූන් නිමිතිකොට ගෙන අතිශයින් සැලෙන බවද වන්නේය. මේ ආත්මයෙහි යම් ක්ෂීණාශ්රවයෙක්හට චුතිය හා උත්පත්තිය නැද්ද හෙතෙම කිනම් රාගාදී ධර්මයකින් සැලෙන්නේද, කොතැන්හි හෝ පුරසාරම් දොඩාද?
|
909
යමාහු ධම්මං පරමන්ති එකෙ, තමෙව හීනන්ති පනාහු අඤ්ඤෙ;
සච්චො නු වාදො කතමො ඉමෙසං, සබ්බෙව
|
909
“ඇතැම් මහණ බමුණු කෙනෙක් යම් ධර්මයක් උතුම්යයි කියද්ද, අන්හු ඒ ධර්මයම ලාමකයයි කියත්. මොවුන්ගේ සත්‍යවූ වාදය කවරෙක්ද, මේ සියල්ලෝම දක්ෂයෝය යන වාද ඇත්තෝය.
|
910
සකඤ්හි ධම්මං පරිපුණ්ණමාහු, අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු;
එවම්පි විග්ගය්හ විවාදයන්ති, සකං සකං සම්මුතිමාහු සච්චං.
|
910
“තම තමන්ගේ ධර්මය සම්පූර්ණ යයි කියත්ද අනුන්ගේ ධර්මය හීනයයි අනෙක් අය කියත්ද මෙසේ විරුද්ධව සිට විවාද කරත්. තම තමන්ගේ සම්මතය සැබවයි කියත්
|
911
පරස්ස චෙ වම්භයිතෙන හීනො, න කොචි ධම්මෙසු විසෙසි අස්ස;
පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං, නිහීනතො සම්හි දළ්හං වදානා.
|
911
“හීනයා අන්‍යයාට අවමන් කිරීම කරණකොටගෙන කාරණයන්හි කිසිම විශේෂ ඥානයෙක් නොවන්නේය. බොහෝ අය අනුන්ගේ ධර්මය පහත්කොට කියත්. ස්වකීය ධර්මයෙහි දැඩිවූ වාද ඇත්තෝම වෙත්.
|
912
සද්ධම්මපූජාපි
සබ්බෙව වාදා
(සබ්බෙ පවාදා (ස්‍යා.)) තථියා
(තථිවා (සබ්බත්ථ)) භවෙය්යුං, සුද්ධී හි නෙසං පච්චත්තමෙව.
|
912
“ඒ තීර්ථකයෝම ස්වකීය ධර්මයට යම්සේ ප්‍රශංසා කරත්ද, ස්වකීය ශාස්තෘවරාදීන්ට ගරුබුහුමන් කිරීමත් එසේම පවත්නේය. සියලු වාදයෝ සත්‍යයෝ වන්නාහුය. ඔවුන්ගේ ශුද්ධිය තමන් තමන් තුළ හෙයිනි.
|
913
න
තස්මා විවාදානි උපාතිවත්තො, න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං.
|
913
“බ්‍රාහ්මණයාට අනුන් හික්මවනු ලැබියයුතු බවක් නැත. දෙසැට මිථ්‍යාදෘෂ්ටියෙහි නිශ්චයකොට දැඩිව ගන්නා ලද්දක් නැත. එකරුණෙන් විවාද කථාවන් ඉක්මවූ හෙතෙම අනුන්ගේ ධර්ය ශ්‍රේෂ්ඨ වශයෙන් නොදක්නේය.
|
914
ජානාමි පස්සාමි තථෙව එතං, දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං;
අද්දක්ඛි චෙ කිඤ්හි තුමස්ස තෙන, අතිසිත්වා
|
914
“ඇතැම් කෙනෙක් එපරිද්දෙන්ම මේ කාරණය දනිමි, දකිමියි ස්වකීය ලබ්ධියෙන් සංසාර විමුක්තිය අදහත්. ඉදින් දක්නේද තමාගේ ඒ දර්ශනයෙන් කිමෙක් නම් කරණ ලද්දේද, (ආර්ය මාර්ගය) ඉක්මවා අන්‍යයෝ ශුද්ධිය නොකියත්.
|
915
පස්සං නරො දක්ඛති
(දක්ඛිති (සී.)) නාමරූපං, දිස්වාන වා ඤස්සති තානිමෙව;
කාමං බහුං පස්සතු අප්පකං වා, න හි තෙන සුද්ධිං කුසලා වදන්ති.
|
915
“සත්වතෙම පරසිත් දන්නා නුවණින් බලන්නේ නාමය, රූපය දක්නේයි දැක ඒ නාම රූපයන්ම නිත්‍ය සුභ සුඛ වශයෙන් දන්නේත්වේ. ඒකාන්තයෙන් බොහෝකොට හෝ මදකොට හෝ දකීවා. දක්ෂවූ බුද්ධාදී ආර්යයෝ එයින් (නාමරූප දර්ශනයෙන්) සංසාර ශුද්ධිය නොකියත්.
|
916
නිවිස්සවාදී න හි සුබ්බිනායො, පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො;
යං නිස්සිතො තත්ථ සුභං වදානො, සුද්ධිංවදො තත්ථ තථද්දසා සො.
|
916
“මෙයම ඇත්තයයි කියන්නා සුවසේ හික්ම විය හැක්කේ නොවේමය. අදහස් කළ දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙන්නේද, යම් ශාස්තෘවරයෙක් ඇසුරුකොට සිටින්නේද එහි යහපත්කම කියන්නේදැයි කීය. ලබ්ධියෙහිම ශුද්ධිය කියන්නේද, හෙතෙම එහි එසේම බලන්නේය.
|
917
න බ්රාහ්මණො කප්පමුපෙති සඞ්ඛා
(සඞ්ඛං (සී. ස්‍යා. පී.)), න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු;
ඤත්වා
|
917
“(ක්ෂීණාශ්රව) බ්‍රාහ්මණතෙම නුවණින් දැන (තෘෂ්ණා දෘෂ්ටි) සිතීමකට නොපැමිණෙන්නේය. දෙසැට දෘෂ්ටියෙහි හැසිරෙන්නෙක්ද නොවෙයි. තවද (සමා පත්ති) ඤාණාදියෙන් නොකරණ ලද (තෘෂ්ණා දෘෂ්ටි) බැඳුම් ඇති හෙතෙම පෘථග්ජනයන් කෙරෙහි හටගත් යම් මතයන් දැන බැහැර ලන්නේය. අන්‍යයෝ දැඩිකොට ගනිත්.
|
918
විස්සජ්ජ
සන්තො අසන්තෙසු උපෙක්ඛකො සො, අනුග්ගහො උග්ගහණන්ති මඤ්ඤෙ.
|
918
“මේ සත්වලෝකයෙහි ක්ෂීණාශ්රව මුනිතෙමේ ගැට ලිහා හැර විවාද කරණ අය අතරෙහි භෙදව නොහැසිරෙන්නේය. නොහික්මුණු පෘථග්ජනයන් අතරෙහි හික්මුණේ අංග සයක් ඇති උපෙක්ෂාවෙන් යුක්තවූයේ වේ. හෙතෙම වැරදිලෙස ගන්නෙක් නොවෙයි. අන්‍යයෝ දැඩිව ගනිත්.
|
919
පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං, න ඡන්දගූ නොපි නිවිස්සවාදී;
ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො, න
|
919
“හෙතෙම පළමු දෙය හැර දැනුදු එකාන්තයෙන් නො කරන්නේ ඡන්දයෙන් අගතියට නොයන්නේ තවද ස්වකීය ඇදහිල්ලම නොකියන ඒ ක්ෂීණාශ්රවතෙම දෙසැට දෘෂ්ටියෙන් විශේෂයෙන් මිදුණේය. තමහට නොගරහන ධීරතෙම ලෝකයෙහි නොඇලෙන්නේය.
|
920
ස
ස පන්නභාරො මුනි විප්පමුත්තො, න කප්පියො නූපරතො න පත්ථියොති.
|
920
“ඒ රහත් මහණතෙම දක්නා ලද, අසනලද, සිතන ලද, යම්කිසි ඒ සියලු ධර්මයන්හි පහවූ කාමාදී සෙනා ඇත්තේ වේ. බහා තබනලද (ස්ඛන්ධාදී) බර ඇත්තාවූ වෙහෙසින් මිදුණු ඒ රහත් මහණතෙම තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොසිතන්නේය. ඇලීමෙහි නොයෙදුනේ පැතීමක් නැත්තේ වේ යයි බුදුහු වදාළහ.”
|
14. තුවටකසුත්තං | 14. තුවටක සූත්‍රය |
921
‘‘පුච්ඡාමි
කථං දිස්වා නිබ්බාති භික්ඛු, අනුපාදියානො ලොකස්මිං කිඤ්චි’’.
|
921
“සූර්යයාට ඤාතිවූ මහර්ෂීවූ ඔබ විචාරම්. මහණතෙම ත්‍රිවිධ විවේකයද සත්තිස් බොධිපාක්ෂික ධර්මයද, කවර කරුණකින් දැන ස්කන්ධ ලෝකයෙහි කිසි රූප වේදනාදියක් නොගන්නේ කෙලෙස් සන්සිඳුවන්නේද,
|
922
‘‘මූලං පපඤ්චසඞ්ඛාය, (ඉති භගවා)
මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ
(සබ්බමුපරුද්ධෙ (ස්‍යා. පී. ක.));
යා කාචි තණ්හා අජ්ඣත්තං,
තාසං විනයා
(විනයාය (?)) සදා සතො සික්ඛෙ.
|
922
“තෘෂ්ණා දෘෂ්ටීන්ගේ අවිද්‍යාදී මුලද මමය යන මානයද සියල්ල නුවණින් සන්සිඳුවන්නේය. සිය සතන්හි යම්කිසි තෘෂ්ණා කෙනෙක් උපදනාහුද ඒ තෘෂ්ණාවන්ගේ දුරුකිරීම පිණිස හැමකල්හි සිහි ඇතිව හික්මෙන්නේයයි” භාග්‍යවත් තෙම වදාළේය.
|
923
‘‘යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා, අජ්ඣත්තං අථවාපි බහිද්ධා;
න තෙන ථාමං
(මානං (සී. ක.)) කුබ්බෙථ, න
|
923
“තමා කෙරෙහිවූ නොහොත් පිටත ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහිද යම්කිසි උසස් කුලවත් බව මුල්කොට ඇති ගුණයක් මැනවින් දන්නේ නම් ඒ ගුණය කරණ කොට
ගෙන මානය නොකරන්නේය. ඒ උඩඟුකම කෙලෙස් ගිනි නිවීමකැයි බුද්ධාදී උත්තමයන් විසින් නොකියන ලදී.
|
924
‘‘සෙය්යො න තෙන මඤ්ඤෙය්ය, නීචෙය්යො අථවාපි සරික්ඛො;
ඵුට්ඨො
(පුට්ඨො (සී. ස්‍යා. ක.)) අනෙකරූපෙහි, නාතුමානං විකප්පයං තිට්ඨෙ.
|
924
“ශ්රේෂ්ඨයෙකැයිද හීනයෙකැයිද නොහොත් සමානයෙකැයිද මානයෙන් නොහඟින්නේ නොයෙක් ආකාරයෙන් යුක්තවූ අතිමානය කල්පනා කරමින් නොසිටින්නේය.
|
925
‘‘අජ්ඣත්තමෙවුපසමෙ
අජ්ඣත්තං උපසන්තස්ස, නත්ථි අත්තා කුතො නිරත්තා වා.
|
925
“මහණතෙම සිය සිතෙහිවූ රාගාදී ක්ලෙශයන් සන්සිඳුවන්නේය. අන් උපායකින් නිර්වාණය නොසොයන්නේය. සියසතන්හිවූ රාගාදී ක්ලෙශ සමූහය සන්සිඳුවන ලද්දාහුට සියල්ල සැමදා පවත්නේයයි දෘෂ්ටියක් නැත. සියල්ල විනාශවන්නේ යයි දෘෂ්ටියක් හෝ කොයින්ද.
|
926
‘‘මජ්ඣෙ
එවං ඨිතො අනෙජස්ස, උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි’’.
|
926
“මහාසාගරයාගේ මැද රළ යම්සේ නොහට ගනීද නොසැලී සිටියේමවේ. එසේ තෘෂ්ණා නැති රහත් මහණ තෙම අෂ්ටලොක ධර්මයෙන් නොසැලෙමින් සිටියෙක් වන්නේය. එබඳු රහත් මහණතෙම ඇතුළත බැහැර කිසිවක් කෙරෙහි රාගාදී කෙලෙස් ඇති නොකරන්නේය.
|
927
‘‘අකිත්තයී විවටචක්ඛු, සක්ඛිධම්මං පරිස්සයවිනයං;
පටිපදං වදෙහි භද්දන්තෙ, පාතිමොක්ඛං අථවාපි සමාධිං’’.
|
927
“විවෘතවූ පසැස් ඇත්ත, උපද්‍රවයන් දුරුකරන්නාවූ තමා විසින් ප්රත්යක්ෂ කරණ ලද ධර්මය ප්‍රකාශ කරණ ලදී. වහන්ස, ඔබගේ යහපත්වූ ප්රතිපත්තියද නොහොත් ප්රාතිමොක්ෂ ශීලයද සමාධියද වදාළ මැනව.”
|
928
‘‘චක්ඛූහි නෙව ලොලස්ස, ගාමකථාය ආවරයෙ සොතං;
රසෙ ච නානුගිජ්ඣෙය්ය, න
|
928
“ඇස් නිසා ලොල්බවක් නොවන්නේය. ග්‍රාම්‍ය කථාවට කන වසන්නේ නම් මැනව. රසයෙහි ගිජු නොවන්නේය. ලොව කිසි රූප වේදනාදියක් නොගන්නේය.
|
929
‘‘ඵස්සෙන යදා ඵුට්ඨස්ස, පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්ච්ඤ්ච්චි;
භවඤ්ච නාභිජප්පෙය්ය, භෙරවෙසු ච න සම්පවෙධෙය්ය.
|
929
“මහණතෙම යම් කලෙක්හි (ඇස්රෝගාදී) රෝගයකින් යුක්තවූයේද එකල්හි කිසිවක්හි වැලපීමක් නොකරන්නේ නම් මැනව. කාමභවාදියද නොපතන්නේ නම් මැනව. බිය උපදවන අරමුණු නිමිතිකොටගෙනද නොවෙවුලන්නේ නම් මැනව.
|
930
‘‘අන්නානමථො පානානං, ඛාදනීයානං අථොපි වත්ථානං;
ලද්ධා න සන්නිධිං කයිරා, න ච පරිත්තසෙ තානි අලභමානො.
|
930
“මහණතෙම ආහාරයන් පිළිබඳවූද නැවත පානයන් පිළිබඳවූද කඩා කෑ යුතු දේ පිළිබඳවූද තවද වස්ත්‍රයන් පිළිබඳ වූද යම් කිසිවක් ලැබ ආරක්ෂාකොට තැබීම නොකරන්නේ නම් මැනව. ඒ ආහාරපාන වස්ත්‍රාදීන් නොලබන්නේ නොතැතිගන්නේ නම් මැනව.
|
931
‘‘ඣායී න පාදලොලස්ස, විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය;
අථාසනෙසු සයනෙසු, අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය.
|
931
“උසස් සිත එකඟ කරණ මහණතෙම ඇවිදින්නෙක් නොවිය යුතුය. කුකුසින් දුරුවිය යුතුය. නොපමා විය යුතුය. නැවත මහණතෙම ස්වල්ප ශබ්ද ඇති සේනාසනයන්හිද යහන්හිද ඉරියවු පවත් වන්නේය.
|
932
‘‘නිද්දං
තන්දිං මායං හස්සං ඛිඩ්ඩං, මෙථුනං විප්පජහෙ සවිභූසං.
|
932
“කෙලෙස් තවන වීර්යයෙන් යුත් මහණතෙම නිදාගැනුම බහුල නොකරන්නේය. නිදි දුරුකිරීම සෙවුනේය. අලස කමද මායාවද සිනාසීමද ක්‍රීඩාවද අලංකාරය සහිත මෙවුන්දම්ද වෙසෙසින් දුරු කරන්නේය.
|
933
‘‘ආථබ්බණං
විරුතඤ්ච ගබ්භකරණං, තිකිච්ඡං
|
933
“රත්නත්‍රය මාමකවූ මහණතෙම මන්ත්‍ර ගුරුකම්ද ස්වප්න ශාස්ත්‍රයද ලක්ෂණ ශාස්ත්‍රයද නක්ෂත්ර ශාස්ත්‍රයද නොකරන්නේය. සතුන්ගේ හඬ කියන ශාස්ත්‍රයද ගැබ්ගැන්වීමද වෙදකම්ද නොකරන්නේය.
|
934
‘‘නින්දාය නප්පවෙධෙය්ය, න උණ්ණමෙය්ය පසංසිතො භික්ඛු;
ලොභං සහ මච්ඡරියෙන, කොධං පෙසුණියඤ්ච පනුදෙය්ය.
|
934
“මහණතෙම ගටාබිණීම හේතුකොටගෙන නොසැලෙන්නේය. ප්රශංසාකරණ ලද්දේ ආඩම්බරයෙන් ඔසවන ලද හිස් ඇත්තෙක් නොවන්නේය. මසුරුකම සමග ලෝභයද ක්‍රෝධයද කේළමද දුරු කරන්නේය.
|
935
‘‘කයවික්කයෙ
ගාමෙ ච නාභිසජ්ජෙය්ය, ලාභකම්යා ජනං න ලපයෙය්ය.
|
935
“මහණතෙම ගනුදෙනු කිරීමෙහි නොසිටින්නේය. කිසිවෙක් කෙරෙහි දෝෂයක් නොකරන්නේය. ගම්හිද නො ඇලෙන්නේය. ලාභ කැමැත්තෙන් යම් යම් දේ ජනයාට නොකියන්නේය.
|
936
‘‘න ච කත්ථිතා සියා භික්ඛු, න ච වාචං පයුත්තං භාසෙය්ය;
පාගබ්භියං න සික්ඛෙය්ය, කථං විග්ගාහිකං න කථයෙය්ය.
|
936
“යොගාවචර මහණතෙම පුරසාරම් කියන්නෙක් නොවන්නේය. සිවුරු ආදිය ලැබීමට යොදන ලද වචනයකුදු නොකියන්නේය. හික්මීමෙන් තොරව නොහැසිරෙන්නේය. විරුද්ධ වාද කථාවන් නොකරන්නේය.
|
937
‘‘මොසවජ්ජෙ න නීයෙථ, සම්පජානො සඨානි න කයිරා;
අථ
|
937
“මනා නුවණින් යුත් මහණතෙම මුසාබස් බිණීමෙහි නොයෙදෙන්නේය. කපටිකම නොකරන්නේය. තවද ජීවිතයෙන්ද නුවණින්ද සීලයෙන් හා ව්‍රතයෙන්ද අන්‍යයන් නොයික්මවා සිටින්නේය.
|
938
‘‘සුත්වා රුසිතො බහුං වාචං, සමණානං වා පුථුජනානං
(පුථුවචනානං (සී. ස්‍යා. පී.));
ඵරුසෙන නෙ න පටිවජ්ජා, න
|
938
“යොගාවචර මහණතෙම මේ සස්නෙන් පිටත් මහණුන්ගේ හෝ නානාප්‍රකාර වචන ඇති ක්ෂත්රියාදීන්ගේ හෝ බොහෝ නරක වචන අසා කුපිතව පරොස් බසින් ඔවුන්ට ආපසු නොකියන්නේය. සන්සුන් කෙලෙස් ඇතියෝ ප්රතිපක්ෂ බවක් නොකෙරෙති. එහෙයිනි.
|
939
‘‘එතඤ්ච ධම්මමඤ්ඤාය, විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ;
සන්තීති නිබ්බුතිං ඤත්වා, සාසනෙ ගොතමස්ස න පමජ්ජෙය්ය.
|
939
“මහණතෙම හැමකල්හි සිහි ඇතිවූයේ මේ කියන ලද සියලු ධර්මයන්ද දැන ශාන්තිය සොයන්නේ හික්මෙන්නේය. රාගාදීන්ගේ නිවිම ශාන්තියයි දැන ගෞතම බුද්ධ නම්වූ මාගේ ශාසනයෙහි පමානොවන්නේය.
|
940
‘‘අභිභූ
තස්මා හි තස්ස භගවතො සාසනෙ, අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙ’’ති.
|
940
“ප්රසිද්ධවූ සර්වඥතෙම රූප ශබ්දාදීන් තමා මැඩපැවැත්වූයේම කෙලෙසුන් විසින් උන්වහන්සේ යටපත් නොකරණ ලද්දේමය. පරම්පරාවෙන් ආවේයයි නොගෙන තමා විසින්ම ප්රත්යක්ෂ කරණ ලද ධර්මය දුටුයේය. එහෙයින්ම ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාද වූයේ නමස්කාර කරමින් හැමකල්හි නැවත නැවත හික්මෙන්නේයයි” භාග්‍යවත්තෙම වදාළේය.
|
15. අත්තදණ්ඩසුත්තං | 15. අත්තදණ්ඩ සූත්‍රය |
941
‘‘අත්තදණ්ඩා භයං ජාතං, ජනං පස්සථ මෙධගං;
සංවෙගං කිත්තයිස්සාමි, යථා සංවිජිතං මයා.
|
941
“බිය තමාගේ දුශ්චරිත හේතුවෙන් උපන්නේය. පීඩාවට පැමිණියාවූ ජනයාම බලව්. මවිසින් යම්සේ සංවෙගයට පැමිණෙන ලද්දේද එසේ තොපට සංවෙගයද පවසන්නෙමි.
|
942
‘‘ඵන්දමානං
අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ, දිස්වා මං භයමාවිසි.
|
942
“දියත්තෙක්හි මසුන් මෙන් සැලෙන සත්ව සමූහයා දැකත් ඔවුනොවුන් හා සමග ප්‍රතිවිරුද්ධවූ නානා සත්වයන් දැකත් මා කරා බිය පැමිණියේය.
|
943
‘‘සමන්තමසාරො
ඉච්ඡං භවනමත්තනො, නාද්දසාසිං අනොසිතං.
|
943
“ලෝකයතෙම හාත්පසින් අසාර වන්නේය. සියලු දික්හිවූ සංස්කාරයෝ සැලෙන ලද්දෝවෙත්. තමහට පිහිටක් බලාපොරොත්තු වන්නාවූ මම ජරාදියෙන් නොවැසුන කිසියම් තැනක් නොදැක්කෙමි.
|
944
‘‘ඔසානෙත්වෙව
අථෙත්ථ සල්ලමද්දක්ඛිං, දුද්දසං හදයනිස්සිතං.
|
944
“ඒකාන්තයෙන් අවසාන ජරා ව්‍යාධි මරණාදියෙහිම වැදුන සිත් ඇති සත්වයන් දැකීමට නොඇල්මක් වූයේය. තවද මේ සත්වයන් කෙරෙහි නොදැක්ක හැකි සිත ඇසුරුකළ රාගාදී හුල දැක්කෙමි.
|
945
‘‘යෙන සල්ලෙන ඔතිණ්ණො, දිසා සබ්බා විධාවති;
තමෙව සල්ලමබ්බුය්හ, න ධාවති න සීදති.
|
945
“යම්බඳු රාගාදී හුලකින් විදුනු තැනැත්තා සියලු දිගට දුවන්නේද ඒ රාගාදීහුලම උපුටාපියා නොදුවන්නේය. නොකිඳෙන්නේය.
|
946
‘‘තත්ථ සික්ඛානුගීයන්ති
(සික්ඛානුකිරියන්ති (ක.)), යානි ලොකෙ ගධිතානි;
න තෙසු පසුතො සියා, නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ;
සික්ඛෙ නිබ්බානමත්තනො.
|
946
“සත්වලෝකයෙහි යම් පස්කම් ගුණකෙනෙක් ඇද්ද ඒ නිමිතිකොටගෙන ශිල්පද කියනු ලැබෙත්. ඒ පස්කම් ගුණයන් කෙරෙහි යුක්ත ප්‍රයුක්තවූයේ නොවන්නේය වස්තුකාම ක්ලෙශ කාමයන් නුවණින් විනිවිද දැන තමාගේ රාගාදීන්ගේ නිවීමට හික්මෙන්නේය.
|
947
‘‘සච්චො සියා අප්පගබ්භො, අමායො රිත්තපෙසුණො;
අක්කොධනො ලොභපාපං, වෙවිච්ඡං විතරෙ මුනි.
|
947
“මුනිතෙම සත්‍යයෙන් යුක්තවූයේ වන්නේය. ත්‍රිවිධ නොහික්වීම්වලින් යුක්ත නොවන්නේය. මායාවෙන් යුක්ත නොවන්නේය. කේළාම් නොකියන්නේය. ක්‍රොධ නැති වන්නේය, ලෝභ අකුශලයද මාර්ග සත්‍යයද ඉක්මවන්නේය.
|
948
‘‘නිද්දං තන්දිං සහෙ ථීනං, පමාදෙන න සංවසෙ;
අතිමානෙ න තිට්ඨෙය්ය, නිබ්බානමනසො නරො.
|
948
“නිවන් කෙරෙහි නැමුණු සිත් ඇති සත්වතෙම නිදිබරගතියද, අලසකමද සිතේ මැලිකම මැඩපවත්වන්නේය, සිහිනැතිව නොවසන්නේය, මාන්නය අධික බැව්හි නොයෙදෙන්නේය.
|
949
‘‘මොසවජ්ජෙ
මානඤ්ච පරිජානෙය්ය, සාහසා විරතො චරෙ.
|
949
“සාහසික හැසිරීමෙන් වෙන්ව හැසිරෙන්නේය. බොරුවෙන් නොයන්නේය. අටවිසිරූපය කෙරෙහි ඇල්මක් නොකරන්නේය, මානය පිරිසිඳ දන්නේය.
|
950
‘‘පුරාණං නාභිනන්දෙය්ය, නවෙ ඛන්තිං න කුබ්බයෙ;
හිය්යමානෙ න සොචෙය්ය, ආකාසං න සිතො සියා.
|
950
“ඉක්මගිය රූපවේදනාදියට සතුටු නොවන්නේය, පවත්නා රූපවේදනාදිය කෙරෙහි කැමැත්තක් නොකරන්නේය. නැසෙන ඇස් ආදියට ශොක නොකරන්නේය, තෘෂ්ණාව ආශ්‍රය නොකරන්නේය.
|
951
‘‘ගෙධං බ්රූමි මහොඝොති, ආජවං බ්රූමි ජප්පනං;
ආරම්මණං පකප්පනං, කාමපඞ්කො දුරච්චයො.
|
951
“මේ තෘෂ්ණාව මගේයයි කියමි. සැඩවතුරයයිද කියමි. ප්රතිසන්ධියෙහි පටන් දුවන අර්ථයෙන් ආජවයයිද කියමි. මගේ යයි කියන බැවින් ජල්පනයයි කියමි. ආලම්බනයයි කියමි. කම්පාකිරීමකැයි කියමි. කාම නමැති මඩ දුකසේ ඉක්ම වියයුත්තේයයි කියමි.
|
952
‘‘සච්චා අවොක්කම්ම
(අවොක්කමං (නිද්දෙස)) මුනි, ථලෙ තිට්ඨති බ්රාහ්මණො;
සබ්බං සො
(සබ්බසො (ස්‍යා. ක.)) පටිනිස්සජ්ජ, ස වෙ සන්තොති වුච්චති.
|
952
“සත්‍යයෙන් බැහැර නොයන්නාවූ ඒ ක්ෂීණාශ්රව මුනිතෙම නිර්වාණ නමැති ගොඩබිම්හි සිටින්නේය. හෙතෙම ඒකාන්තයෙන් ද්වාදසායතනය බැහැරකොට ශාන්තවූයේ යයි කියනු ලැබේ.
|
953
‘‘ස
සම්මා
|
953
“හෙතෙම ඒකාන්තයෙන් සංස්කාර ධර්මය දැන තෘෂ්ණාදෘෂ්ටි නිශ්රයරහිතවූ පණ්ඩිතයෙකු වූයේ චතුර්මාර්ගඥානයට පැමිණියෙකි. හෙතෙම ලෝකයෙහි මැනවින් ඉරියව් පවත්වන්නෙක. මේ හැම ලෙව්හි කිසිවකුහටත් ඇලුම් නොකරන්නේය.
|
954
‘‘යොධ කාමෙ අච්චතරි, සඞ්ගං ලොකෙ දුරච්චයං;
න සො සොචති නාජ්ඣෙති, ඡින්නසොතො අබන්ධනො.
|
954
“මේ සත්වලෝකයෙහි යමෙක්තෙම වස්තුකාම ක්ලෙශ කාමයන් හා ඉක්මවීමට දුෂ්කර රාගාදී ඇලුම්හත ඉක්මවීද සිඳිනලද තෘෂ්ණා ඇති රාගාදී බැමි රහිත ඒ රහත් මහණතෙම ශොක නොකරන්නේය. පසුතැවිලි නොවන්නේය.
|
955
‘‘යං පුබ්බෙ තං විසොසෙහි, පච්ඡා තෙ මාහු කිඤ්චනං;
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, උපසන්තො චරිස්සසි.
|
955
“ඉදින් රහත්වීමට කැමැත්තේනම් පෙර කර්ම නිසා උපන් සැඟවී ඇති කෙලෙස්ද ඉක්මගිය කර්මද යන යමක්වේද, එය වියලව, අනාගත සංස්කාර නිසා උපදනා රාගාදී කෙළෙස් තට නොවේවා, ඉදින් වර්තමාන කෙලෙස් සමූහය නොගන්නෙහි නම් මැනව උපශාන්තව හැසිරෙන්නේය.
|
956
‘‘සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතං;
අසතා ච න සොචති, ස වෙ ලොකෙ න ජීයති.
|
956
“යමෙකුට නාමරූප දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දක් හෝ සර්වප්රකාරයෙන් නැද්ද නැතිවන බැවින්ම ශොක නොකරයි. හෙතෙම ඒකාන්තයෙන් ලෝකයෙහි පිරිහීමට නොයන්නේය.
|
957
‘‘යස්ස නත්ථි ඉදං මෙති, පරෙසං වාපි කිඤ්චනං;
මමත්තං සො අසංවින්දං, නත්ථි මෙති න සොචති.
|
957
“යමෙක්හට මෙය මාගේ යයි හෝ නැවත අනුන්ගේ යයි හෝ කිසිරූපාදී ධර්ම සමූහයක් නැත්තේද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි මමත්වයක් නොලබන්නේ මට මෙය නැතැයි ශොක නොකරන්නේය.
|
958
‘‘අනිට්ඨුරී
තමානිසංසං පබ්රූමි, පුච්ඡිතො අවිකම්පිනං.
|
958
“ඒ නොසැලෙන පුද්ගලයා අසන ලද්දේ මේ අනුසස් කියමි. ඊර්ෂ්‍යා නැත්තෙක, ගිජු නොවූවෙක, තෘෂ්ණා විරහිතයෙක, සියලු තන්හි සමව පවත්නෙක.
|
959
‘‘අනෙජස්ස විජානතො, නත්ථි කාචි නිසඞ්ඛති
(නිසඞ්ඛිති (සී. පී.)).
විරතො සො වියාරබ්භා, ඛෙමං පස්සති සබ්බධි.
|
959
“පහකළ තෘෂ්ණා ඇති මනා අවබෝධයෙන් දත්තාහට යම්කිසි සංස්කාරයක් නැත. භවයක් ඇතිකරණ රැස්කිරීම්වලින් වෙන්වූ හෙතෙම සෑමතැන්හි නිර්භයව දකී.
|
960
‘‘න සමෙසු න ඔමෙසු, න උස්සෙසු වදතෙ මුනි;
සන්තො සො වීතමච්ඡරො, නාදෙති න නිරස්සතී’’ති.
|
960
“රහත් මහණතෙම සමානයන් කෙරෙහි සමානයයි නොකියන්නේය. හීනයන් කෙරෙහි තමා උසස්යයි නොකියන්නේය. ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ශ්‍රේෂ්ඨයයි නොකියන්නේය. සන්හුන් රාගාදී කෙලෙස් ඇති, පහවූ මසුරුකම ඇති හෙතෙම නොගන්නේය. නොබැහැර කරන්නේයයි, බුදුහු වදාළහ.”
|
16. සාරිපුත්තසුත්තං | 16. ශාරීපුත්‍ර සූත්‍රය |
961
‘‘න
න සුතො උද කස්සචි;
එවං වග්ගුවදො සත්ථා,
තුසිතා ගණිමාගතො.
|
961
මෙබඳු මිහිරි වචන ඇති දර්ශනයක් තුෂිත දිව්‍යලෝකයෙන් මවුකුසට පැමිණියාවූ ගණාචාර්යවූ ශාස්තෘ තෙම මා විසින් මේ සකස්පුරයට බැසීමට පෙර නොදක්නා ලද්දේය. ක්ෂත්රියාදී කිසිවක්හුගෙන්ද නොඅසන ලද්දේයයි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ කීයේය.
|
962
‘‘සදෙවකස්ස ලොකස්ස, යථා දිස්සති චක්ඛුමා;
සබ්බං තමං විනොදෙත්වා, එකොව රතිමජ්ඣගා.
|
962
“පසැස් ඇති සර්වඥ තෙම දෙවියන් සහිත ලෝකයාට යම්සේ පෙනේද, එසේ මිනිසුන්ටද පෙනේ. අසහායවූයේම සියලු රාගාදී කෙලෙස් අඳුර දුරුකොට නෛෂ්ක්‍රම්‍යාදී ඇලීමට පැමිණියේය.
|
963
‘‘තං
බහූනමිධ බද්ධානං, අත්ථි පඤ්හෙන ආගමං.
|
963
“මෙලොව බොහෝ ක්ෂත්රියාදී ශිෂ්‍යයන් අතුරෙන් යහපත බලාපොරොත්තුවම තෘෂ්ණාදෘෂ්ටි ආශ්‍රය නොකළ තාදීවූ නැති කළ ත්‍රිවිධ කුහන වස්තු ඇති ගණයට අධිපති බවට පැමිණි ප්‍රසිද්ධ බුදුන් වෙතට ප්‍රශ්න අසනු කැමැත්තෙන් පැමිණියෙමු.
|
964
‘‘භික්ඛුනො විජිගුච්ඡතො, භජතො රිත්තමාසනං;
රුක්ඛමූලං සුසානං වා, පබ්බතානං ගුහාසු වා.
|
964
“ජාති ජරා ව්‍යාධි මරණ කරණකොටගෙන පිළිකුල් කරන්නාවූ ඉඩකඩ ඇති නොගැලපෙන ඇඳ පුටු සෙවුනාවූ මහණහට, රුක්මුල හෝ සොහොන හෝ පර්වත ස්ථාන හෝ ගුහා හෝ ලොකු කුඩා සෙනාසනවල කෙතෙක් බිය උපදවන කරුණු වෙත්ද මහණතෙම නිහඬවූ ඒ සෙනසුන්හි බිය උපදවන යම්කිසි කරුණුවලින් නොසැලෙන්නේද,
|
965
‘‘උච්චාවචෙසු සයනෙසු, කීවන්තො තත්ථ භෙරවා;
යෙහි භික්ඛු න වෙධෙය්ය, නිග්ඝොසෙ සයනාසනෙ.
|
965 |
966
‘‘කතී පරිස්සයා ලොකෙ, ගච්ඡතො අගතං දිසං;
යෙ භික්ඛු අභිසම්භවෙ, පන්තම්හි සයනාසනෙ.
|
966
“මහණතෙම සුදුසු සෙනසුන්හි යම් උපද්‍රවයක් මැඩ පවත්නේද නොගියවිරූ අමාමහ නිවණට යන්නාහට ලෙව්හි උවදුරු කෙතෙක්වෙත්ද,
|
967
‘‘ක්යාස්ස බ්යප්පථයො අස්සු, ක්යාස්සස්සු ඉධ ගොචරා;
කානි සීලබ්බතානාස්සු, පහිතත්තස්ස භික්ඛුනො.
|
967
“සකස්කළ වීර්ය ඇති ඒ මහණහට කෙබඳුවචන කෙනෙක් වන්නාහුනම් යහපත්ද ඕහට මෙහි කෙබඳු ගොචර කෙනෙක් වන්නාහු නම් මැනැවිද,
|
968
‘‘කං සො සික්ඛං සමාදාය, එකොදි නිපකො සතො;
කම්මාරො රජතස්සෙව, නිද්ධමෙ මලමත්තනො’’.
|
968
“එකඟ සිත් ඇති පණ්ඩිතවූ සිහි ඇති ඒ මහණ තෙම කවර හික්මීමක් සමාදන්ව රන්කරු රත්රන්වල මල පිඹහරින්නාක් මෙන් තමාගේ කෙලෙස් මල හරින්නේය.
|
969
‘‘විජිගුච්ඡමානස්ස
රිත්තාසනං සයනං සෙවතො චෙ;
සම්බොධිකාමස්ස යථානුධම්මං,
තං තෙ පවක්ඛාමි යථා පජානං.
|
969
“ශාරීපුත්‍රය, පිළිකුල් කරන්නාවූ විවේකශය නසන එකාන්තයෙන් ආශ්‍රය කරණ සතර මාර්ග ඥානය කැමති මහණහට යම් පහසු විහරණයක්වේද, යම්බඳු අනුධර්මයක් වේද, මේ සැපවිහරණයත් ඒ අනුධර්මයත් අවබෝධවනසේ තට කියන්නෙමියි භාග්‍යවත් තෙම වදාළසේක.
|
970
‘‘පඤ්චන්නං ධීරො භයානං න භායෙ, භික්ඛු සතො සපරියන්තචාරී;
ඩංසාධිපාතානං සරීසපානං, මනුස්සඵස්සානං චතුප්පදානං.
|
970
“වීර්යවත්, සිහියෙන් යුත් ගුණයෙහි අන්තයේ හැසිරෙන ඒ මහණතෙම මැස්සන් පිළිබඳවූද, සර්පයන් පිළිබඳවූද සොරුන්ගේ ස්පර්ශය පිළිබඳවූද සිංහාදී සිවුපාවුන් පිළිබඳවූද සස්නෙන් පිට අය සම්බන්ධවූද යන පස්දෙනා පිළිබඳ සිත් තැතිගැනුම් කෙරෙන් බිය නොවන්නේද, ඔවුන්ගේ බොහෝ බිය උපදවන අරමුණු දැක හෝ අසා හෝ නොතැතිගන්නේයි. තවද කුසල් දහම් සොයන්නේ අන්‍යවූ වැඩියයුතු උවදුරුද මැඩ පවත් වන්නේයි.
|
971
‘‘පරධම්මිකානම්පි
අථාපරානි අභිසම්භවෙය්ය, පරිස්සයානි කුසලානුඑසී.
|
971 |
972
‘‘ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො, සීතං අතුණ්හං
(අච්චුණ්හං (සී. ස්‍යා.)) අධිවාසයෙය්ය;
සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො, වීරියං පරක්කම්මදළ්හං කරෙය්ය.
|
972
“රොග ස්පර්ශයෙන්ද සාගින්නෙන්ද යුක්තවූයේ සීතල ගුණයද ඉතා උණුසුම් ගුණයද ඉවසන්නේය. මහණ තෙම ඒ රොග ස්පර්ශයෙන් බොහෝසේ මඩනා ලද්දේ අභිසංස්කාර විඥානාදීන්ට ඉඩ ඇති නොකරන්නේ චෛතසික වීර්යාරම්භය කරන්නේය.
|
973
‘‘ථෙය්යං න කාරෙ
(න කරෙය්ය (සී. ස්‍යා. ක.)) න මුසා භණෙය්ය, මෙත්තාය ඵස්සෙ තසථාවරානි;
යදාවිලත්තං මනසො විජඤ්ඤා, කණ්හස්ස පක්ඛොති විනොදයෙය්ය.
|
973
“සොරකම් නොකරන්නේයි. බොරු නොකියන්නේයි. පෘථග්ජනයන්ද රහතන්ද යන සකල සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරුවන්නේය. යම් කලෙක්හි චිත්තයාගේ කැළඹුනු බවක් දන්නේ නම් ඒ සියල්ල මාරයාගේ පක්ෂයට අයත්යයි දුරුකරන්නේය.
|
974
‘‘කොධාතිමානස්ස
අථප්පියං වා පන අප්පියං වා, අද්ධා භවන්තො අභිසම්භවෙය්ය.
|
974
“ක්රෝධයාගේද අතිමානයාගේද වසඟයට නොයන්නේය. ඒ ක්‍රොධ, අතිමානයන්ගේ අවිද්‍යා මුලද උගුල්ලා දමා සිටින්නේය. ප්‍රිය වස්තුව හෝ අප්‍රිය වස්තුව මැඩපවත්වන්නේ ඒකාන්තයෙන් මැඩපවත්වන්නේය.
|
975
‘‘පඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීති, වික්ඛම්භයෙ තානි පරිස්සයානි;
අරතිං සහෙථ සයනම්හි පන්තෙ, චතුරො සහෙථ පරිදෙවධම්මෙ.
|
975
“යහපත් ප්‍රීතියෙන් යුත් මහණතෙම ප්‍රඥා පෙරටු කොට ඒ උවදුරු යටපත් කරන්නේය. විවේක ඇති සෙනාසනවල නොඇල්ම යටපත් කරන්නේය. සතර වැදෑරුම්වූ වැලපෙන ධර්ම ඉවසන්නේය.
|
976
‘‘කිංසූ අසිස්සාමි කුවං වා
(කුධ වා (ක.), කුථ වා (නිද්දෙස)) අසිස්සං, දුක්ඛං වත සෙත්ථ ක්වජ්ජ සෙස්සං;
එතෙ විතක්කෙ පරිදෙවනෙය්යෙ, විනයෙථ සෙඛො අනිකෙතචාරී.
|
976
“කුමක්නම් අනුභව කරන්නෙම්ද, නොතැන්හී හෝ බුදින්නෙම්ද, මේ රැයෙහි ඒකාන්තයෙන් දුකසේ සයනය කෙළෙමි. අද රෑ කොතැන්හි සුවසේ නිදන්නෙම්ද, යන වැලපීම් ගෙනදෙන මේ විතර්කයන් බාධා නැතිව හැසිරෙන ශෛක්ෂතෙම හික්මවන්නේය.
|
977
‘‘අන්නඤ්ච
සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ, රුසිතොපි වාචං ඵරුසං න වජ්ජා.
|
977
“මේ ශාසනයෙහි ඒ මහණතෙම පිණ්ඩපාත කාලයෙහි ආහාරයද, වස්ත්‍රද ලැබ ලද දෙයින් සතුටුවීම පිණිස පමණ දන්නේය. මහණතෙම ඒ ප්‍රත්‍යයන් ගැනද සංවරවූයේ ගම්හි සංයත විහරණ ඇතියේ වන්නේය. තවද අවමන් කරණ ලදුයේ පරොස් බස් නොකියන්නේය.
|
978
‘‘ඔක්ඛිත්තචක්ඛු
උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො, තක්කාසයං කුක්කුච්චියූපඡින්දෙ.
|
978
“යටබලා හෙලන ලද ඇස් ඇත්තේ නුවුවමනා ගමනින් දුරුවූයේවේ. ධ්‍යානයෙහි යුක්ත ප්‍රයුක්තවූයේ බොහෝ කොට නිදි දුරු කිරීමෙන් යුක්ත වන්නේය. නීවරණ වලින් සිත පිරිසිදු කරන්නේය. චතුර්ථධ්යාන උපෙක්ෂාව අරභයා එකඟසිත් ඇත්තේ කාමවිතර්කාදිය හා කාම සංඥාදිය හා කුකුසද සිඳින්නේය.
|
979
‘‘චුදිතො
වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං, ජනවාදධම්මාය න චෙතයෙය්ය.
|
979
“වචනයෙන් සොයන ලදුයේ සිහි ඇතිව සතුටු වන්නේය. සබ්‍රම්සරුන් කෙරෙහි තද බව නැති කරන්නේය. නුවණින් යුත් සිතින් උපදවනලද තෙපුල් කියන්නේය. කාලවෙලා නොඉක්ම වන්නේය. ක්ෂත්රියාදී ජනයාගේ පරිවාද කථාවෙහිලා සිතීමක් නොඋපදවන්නේය.
|
980
‘‘අථාපරං පඤ්ච රජානි ලොකෙ, යෙසං සතීමා විනයාය සික්ඛෙ;
රූපෙසු සද්දෙසු අථො රසෙසු, ගන්ධෙසු ඵස්සෙසු සහෙථ රාගං.
|
980
“ඉක්බිති මින් අනිකක් කියමි. ලොව රූපරාගාදී පස් රජස්හුවෙති. සිහි ඇතිව යම් රූපරාගාදී කෙනෙකුන්ගේ ප්‍රහානය පිණිස හික්මෙන්නේ නම් රූපාරමුණු කෙරෙහිද ශබ්දාරමුණු කෙරෙහිද නැවත ගන්ධරස ස්පර්ශ අරමුණු කෙරෙහිද ඇල්ම මැඩලන්නේය.
|
981
‘‘එතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දං, භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො;
කාලෙන
එකොදිභූතො විහනෙ තමං සො’’ති.
|
981
“එළඹ සිටි සිහි ඇති මොනවට මිදුන සිත් ඇති ඒ මහණතෙම මේ රූපශබ්දාදී ධර්මයන් කෙරෙහි කැමැත්ත දුරුකරන්නේය හෙතෙම සුදුසු කාලයෙහි මැනවින් ධර්මය විමසන්නේ සමෘද්ධිමත්වූයේ අන්ධකාරය නසන්නේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.”
|