ත්‍රිපිටකය
4. අට්ඨකවග්ගො 4. අෂ්ටක වර්ගය
1. කාමසුත්තං 1. කාම සූත්‍රය
2. ගුහට්ඨකසුත්තං 2. ගුහට්ඨක සූත්‍රය
3. දුට්ඨට්ඨකසුත්තං 3. දුට්ඨක සූත්‍රය
4. සුද්ධට්ඨකසුත්තං 4. සුද්ධට්ඨක සූත්‍රය
5. පරමට්ඨකසුත්තං 5. පරමට්ඨක සූත්‍රය
6. ජරාසුත්තං 6. ජරාසූත්‍රය
7. තිස්සමෙත්තෙය්‍යසුත්තං 7. තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රය
8. පසූරසුත්තං 8. පසූර සූත්‍රය
9. මාගණ්ඩියසුත්තං 9. මාගන්දිය සූත්‍රය
10. පුරාභෙදසුත්තං 10. පුරා භෙද සූත්‍රය
11. කලහවිවාදසුත්තං 11. කලහවිවාද සූත්‍රය
12. චූළබ්‍යූහසුත්තං (චූළවියූහසුත්තං (සී. ස්‍යා. නිද්දෙස)) 12. චූලවියූහ සූත්‍රය
13. මහාබ්‍යූහසුත්තං 13. මහා ව්‍යුහ සූත්‍රය
14. තුවටකසුත්තං 14. තුවටක සූත්‍රය
921
‘‘පුච්ඡාමි තං ආදිච්චබන්ධු (ආදිච්චබන්ධුං (සී. ස්‍යා.)), විවෙකං සන්තිපදඤ්ච මහෙසි;
කථං දිස්වා නිබ්බාති භික්ඛු, අනුපාදියානො ලොකස්මිං කිඤ්චි’’.
921
“සූර්යයාට ඤාතිවූ මහර්ෂීවූ ඔබ විචාරම්. මහණතෙම ත්‍රිවිධ විවේකයද සත්තිස් බොධිපාක්ෂික ධර්මයද, කවර කරුණකින් දැන ස්කන්ධ ලෝකයෙහි කිසි රූප වේදනාදියක් නොගන්නේ කෙලෙස් සන්සිඳුවන්නේද,
922
‘‘මූලං පපඤ්චසඞ්ඛාය, (ඉති භගවා)
මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ (සබ්බමුපරුද්ධෙ (ස්‍යා. පී. ක.));
යා කාචි තණ්හා අජ්ඣත්තං,
තාසං විනයා (විනයාය (?)) සදා සතො සික්ඛෙ.
922
“තෘෂ්ණා දෘෂ්ටීන්ගේ අවිද්‍යාදී මුලද මමය යන මානයද සියල්ල නුවණින් සන්සිඳුවන්නේය. සිය සතන්හි යම්කිසි තෘෂ්ණා කෙනෙක් උපදනාහුද ඒ තෘෂ්ණාවන්ගේ දුරුකිරීම පිණිස හැමකල්හි සිහි ඇතිව හික්මෙන්නේයයි” භාග්‍යවත් තෙම වදාළේය.
923
‘‘යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා, අජ්ඣත්තං අථවාපි බහිද්ධා;
න තෙන ථාමං (මානං (සී. ක.)) කුබ්බෙථ, න හි සා නිබ්බුති සතං වුත්තා.
923
“තමා කෙරෙහිවූ නොහොත් පිටත ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහිද යම්කිසි උසස් කුලවත් බව මුල්කොට ඇති ගුණයක් මැනවින් දන්නේ නම් ඒ ගුණය කරණ කොට
ගෙන මානය නොකරන්නේය. ඒ උඩඟුකම කෙලෙස් ගිනි නිවීමකැයි බුද්ධාදී උත්තමයන් විසින් නොකියන ලදී.
924
‘‘සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය, නීචෙය්‍යො අථවාපි සරික්ඛො;
ඵුට්ඨො (පුට්ඨො (සී. ස්‍යා. ක.)) අනෙකරූපෙහි, නාතුමානං විකප්පයං තිට්ඨෙ.
924
“ශ්‍රේෂ්ඨයෙකැයිද හීනයෙකැයිද නොහොත් සමානයෙකැයිද මානයෙන් නොහඟින්නේ නොයෙක් ආකාරයෙන් යුක්තවූ අතිමානය කල්පනා කරමින් නොසිටින්නේය.
925
‘‘අජ්ඣත්තමෙවුපසමෙ , න අඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය;
අජ්ඣත්තං උපසන්තස්ස, නත්ථි අත්තා කුතො නිරත්තා වා.
925
“මහණතෙම සිය සිතෙහිවූ රාගාදී ක්ලෙශයන් සන්සිඳුවන්නේය. අන් උපායකින් නිර්වාණය නොසොයන්නේය. සියසතන්හිවූ රාගාදී ක්ලෙශ සමූහය සන්සිඳුවන ලද්දාහුට සියල්ල සැමදා පවත්නේයයි දෘෂ්ටියක් නැත. සියල්ල විනාශවන්නේ යයි දෘෂ්ටියක් හෝ කොයින්ද.
926
‘‘මජ්ඣෙ යථා සමුද්දස්ස, ඌමි නො ජායතී ඨිතො හොති;
එවං ඨිතො අනෙජස්ස, උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’’.
926
“මහාසාගරයාගේ මැද රළ යම්සේ නොහට ගනීද නොසැලී සිටියේමවේ. එසේ තෘෂ්ණා නැති රහත් මහණ තෙම අෂ්ටලොක ධර්මයෙන් නොසැලෙමින් සිටියෙක් වන්නේය. එබඳු රහත් මහණතෙම ඇතුළත බැහැර කිසිවක් කෙරෙහි රාගාදී කෙලෙස් ඇති නොකරන්නේය.
927
‘‘අකිත්තයී විවටචක්ඛු, සක්ඛිධම්මං පරිස්සයවිනයං;
පටිපදං වදෙහි භද්දන්තෙ, පාතිමොක්ඛං අථවාපි සමාධිං’’.
927
“විවෘතවූ පසැස් ඇත්ත, උපද්‍රවයන් දුරුකරන්නාවූ තමා විසින් ප්‍රත්‍යක්ෂ කරණ ලද ධර්මය ප්‍රකාශ කරණ ලදී. වහන්ස, ඔබගේ යහපත්වූ ප්‍රතිපත්තියද නොහොත් ප්‍රාතිමොක්ෂ ශීලයද සමාධියද වදාළ මැනව.”
928
‘‘චක්ඛූහි නෙව ලොලස්ස, ගාමකථාය ආවරයෙ සොතං;
රසෙ ච නානුගිජ්ඣෙය්‍ය, න ච මමායෙථ කිඤ්චි ලොකස්මිං.
928
“ඇස් නිසා ලොල්බවක් නොවන්නේය. ග්‍රාම්‍ය කථාවට කන වසන්නේ නම් මැනව. රසයෙහි ගිජු නොවන්නේය. ලොව කිසි රූප වේදනාදියක් නොගන්නේය.
929
‘‘ඵස්සෙන යදා ඵුට්ඨස්ස, පරිදෙවං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්ච්ඤ්ච්චි;
භවඤ්ච නාභිජප්පෙය්‍ය, භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය.
929
“මහණතෙම යම් කලෙක්හි (ඇස්රෝගාදී) රෝගයකින් යුක්තවූයේද එකල්හි කිසිවක්හි වැලපීමක් නොකරන්නේ නම් මැනව. කාමභවාදියද නොපතන්නේ නම් මැනව. බිය උපදවන අරමුණු නිමිතිකොටගෙනද නොවෙවුලන්නේ නම් මැනව.
930
‘‘අන්නානමථො පානානං, ඛාදනීයානං අථොපි වත්ථානං;
ලද්ධා න සන්නිධිං කයිරා, න ච පරිත්තසෙ තානි අලභමානො.
930
“මහණතෙම ආහාරයන් පිළිබඳවූද නැවත පානයන් පිළිබඳවූද කඩා කෑ යුතු දේ පිළිබඳවූද තවද වස්ත්‍රයන් පිළිබඳ වූද යම් කිසිවක් ලැබ ආරක්ෂාකොට තැබීම නොකරන්නේ නම් මැනව. ඒ ආහාරපාන වස්ත්‍රාදීන් නොලබන්නේ නොතැතිගන්නේ නම් මැනව.
931
‘‘ඣායී න පාදලොලස්ස, විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්‍ය;
අථාසනෙසු සයනෙසු, අප්පසද්දෙසු භික්ඛු විහරෙය්‍ය.
931
“උසස් සිත එකඟ කරණ මහණතෙම ඇවිදින්නෙක් නොවිය යුතුය. කුකුසින් දුරුවිය යුතුය. නොපමා විය යුතුය. නැවත මහණතෙම ස්වල්ප ශබ්ද ඇති සේනාසනයන්හිද යහන්හිද ඉරියවු පවත් වන්නේය.
932
‘‘නිද්දං න බහුලීකරෙය්‍ය, ජාගරියං භජෙය්‍ය ආතාපී;
තන්දිං මායං හස්සං ඛිඩ්ඩං, මෙථුනං විප්පජහෙ සවිභූසං.
932
“කෙලෙස් තවන වීර්යයෙන් යුත් මහණතෙම නිදාගැනුම බහුල නොකරන්නේය. නිදි දුරුකිරීම සෙවුනේය. අලස කමද මායාවද සිනාසීමද ක්‍රීඩාවද අලංකාරය සහිත මෙවුන්දම්ද වෙසෙසින් දුරු කරන්නේය.
933
‘‘ආථබ්බණං සුපිනං ලක්ඛණං, නො විදහෙ අථොපි නක්ඛත්තං;
විරුතඤ්ච ගබ්භකරණං, තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය.
933
“රත්නත්‍රය මාමකවූ මහණතෙම මන්ත්‍ර ගුරුකම්ද ස්වප්න ශාස්ත්‍රයද ලක්ෂණ ශාස්ත්‍රයද නක්ෂත්‍ර ශාස්ත්‍රයද නොකරන්නේය. සතුන්ගේ හඬ කියන ශාස්ත්‍රයද ගැබ්ගැන්වීමද වෙදකම්ද නොකරන්නේය.
934
‘‘නින්දාය නප්පවෙධෙය්‍ය, න උණ්ණමෙය්‍ය පසංසිතො භික්ඛු;
ලොභං සහ මච්ඡරියෙන, කොධං පෙසුණියඤ්ච පනුදෙය්‍ය.
934
“මහණතෙම ගටාබිණීම හේතුකොටගෙන නොසැලෙන්නේය. ප්‍රශංසාකරණ ලද්දේ ආඩම්බරයෙන් ඔසවන ලද හිස් ඇත්තෙක් නොවන්නේය. මසුරුකම සමග ලෝභයද ක්‍රෝධයද කේළමද දුරු කරන්නේය.
935
‘‘කයවික්කයෙ න තිට්ඨෙය්‍ය, උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි;
ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය, ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය.
935
“මහණතෙම ගනුදෙනු කිරීමෙහි නොසිටින්නේය. කිසිවෙක් කෙරෙහි දෝෂයක් නොකරන්නේය. ගම්හිද නො ඇලෙන්නේය. ලාභ කැමැත්තෙන් යම් යම් දේ ජනයාට නොකියන්නේය.
936
‘‘න ච කත්ථිතා සියා භික්ඛු, න ච වාචං පයුත්තං භාසෙය්‍ය;
පාගබ්භියං න සික්ඛෙය්‍ය, කථං විග්ගාහිකං න කථයෙය්‍ය.
936
“යොගාවචර මහණතෙම පුරසාරම් කියන්නෙක් නොවන්නේය. සිවුරු ආදිය ලැබීමට යොදන ලද වචනයකුදු නොකියන්නේය. හික්මීමෙන් තොරව නොහැසිරෙන්නේය. විරුද්ධ වාද කථාවන් නොකරන්නේය.
937
‘‘මොසවජ්ජෙ න නීයෙථ, සම්පජානො සඨානි න කයිරා;
අථ ජීවිතෙන පඤ්ඤාය, සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙ.
937
“මනා නුවණින් යුත් මහණතෙම මුසාබස් බිණීමෙහි නොයෙදෙන්නේය. කපටිකම නොකරන්නේය. තවද ජීවිතයෙන්ද නුවණින්ද සීලයෙන් හා ව්‍රතයෙන්ද අන්‍යයන් නොයික්මවා සිටින්නේය.
938
‘‘සුත්වා රුසිතො බහුං වාචං, සමණානං වා පුථුජනානං (පුථුවචනානං (සී. ස්‍යා. පී.));
ඵරුසෙන නෙ න පටිවජ්ජා, න හි සන්තො පටිසෙනිකරොන්ති.
938
“යොගාවචර මහණතෙම මේ සස්නෙන් පිටත් මහණුන්ගේ හෝ නානාප්‍රකාර වචන ඇති ක්ෂත්‍රියාදීන්ගේ හෝ බොහෝ නරක වචන අසා කුපිතව පරොස් බසින් ඔවුන්ට ආපසු නොකියන්නේය. සන්සුන් කෙලෙස් ඇතියෝ ප්‍රතිපක්ෂ බවක් නොකෙරෙති. එහෙයිනි.
939
‘‘එතඤ්ච ධම්මමඤ්ඤාය, විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ;
සන්තීති නිබ්බුතිං ඤත්වා, සාසනෙ ගොතමස්ස න පමජ්ජෙය්‍ය.
939
“මහණතෙම හැමකල්හි සිහි ඇතිවූයේ මේ කියන ලද සියලු ධර්මයන්ද දැන ශාන්තිය සොයන්නේ හික්මෙන්නේය. රාගාදීන්ගේ නිවිම ශාන්තියයි දැන ගෞතම බුද්ධ නම්වූ මාගේ ශාසනයෙහි පමානොවන්නේය.
940
‘‘අභිභූ හි සො අනභිභූතො, සක්ඛිධම්මමනීතිහමදස්සී;
තස්මා හි තස්ස භගවතො සාසනෙ, අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙ’’ති.
940
“ප්‍රසිද්ධවූ සර්වඥතෙම රූප ශබ්දාදීන් තමා මැඩපැවැත්වූයේම කෙලෙසුන් විසින් උන්වහන්සේ යටපත් නොකරණ ලද්දේමය. පරම්පරාවෙන් ආවේයයි නොගෙන තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරණ ලද ධර්මය දුටුයේය. එහෙයින්ම ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාද වූයේ නමස්කාර කරමින් හැමකල්හි නැවත නැවත හික්මෙන්නේයයි” භාග්‍යවත්තෙම වදාළේය.
15. අත්තදණ්ඩසුත්තං 15. අත්තදණ්ඩ සූත්‍රය
16. සාරිපුත්තසුත්තං 16. ශාරීපුත්‍ර සූත්‍රය