ත්‍රිපිටකය
3. මහාවග්ගො 3. මහා වර්ගය
1. පබ්බජ්ජාසුත්තං 1. පබ්බජ්ජා සූත්‍රය
2. පධානසුත්තං 2. පධාන සූත්‍රය
427
‘‘තං මං පධානපහිතත්තං, නදිං නෙරඤ්ජරං පති;
විපරක්කම්ම ඣායන්තං, යොගක්ඛෙමස්ස පත්තියා.
427
“නෙරඤ්ජරා නදී තීරයෙහි වීර්ය කරන්නාවූ යොගයන්ගෙන් නිර්භය ස්ථානයට පැමිණීමට ඉතා වීර්යයෙන් ධ්‍යාන කරන ඒ මා කරා
428
‘‘නමුචී කරුණං වාචං, භාසමානො උපාගමි;
‘කිසො ත්වමසි දුබ්බණ්ණො, සන්තිකෙ මරණං තව.
428
“මාරතෙම මෛත්‍රී වචනය කියමින් පැමිණියේය. හෙතෙම’ ඔබ කෙට්ටුවූයේ වෙහි, දුර්වර්ණවූයෙහිද මරණය ඔබ සමීපයෙහිය.
429
‘‘‘සහස්සභාගො මරණස්ස, එකංසො තව ජීවිතං;
ජීව භො ජීවිතං සෙය්‍යො, ජීවං පුඤ්ඤානි කාහසි.
429
“ඔබගේ මරණයට කොටස් දහසකි. ජීවිතය එක් කොටසකි. පින්වත ජීවත්වන්න මෙසේ ජීවිතය ශ්‍රේෂ්ඨය. ජීවත් වෙතොත් පිනුත් කළ හැක.
430
‘‘‘චරතො ච තෙ බ්‍රහ්මචරියං, අග්ගිහුත්තඤ්ච ජූහතො;
පහූතං චීයතෙ පුඤ්ඤං, කිං පධානෙන කාහසි.
430
“ඉදින් කලින් කළ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නාවූ ගිනිදෙවියාටද පුදන්නාවූ ඔබට බොහෝ පින් රැස්වේ. වීර්යයෙන් කුමක් කරන්නේද?
431
‘‘‘දුග්ගො මග්ගො පධානාය, දුක්කරො දුරභිසම්භවො’’’;
ඉමා ගාථා භණං මාරො, අට්ඨා බුද්ධස්ස සන්තිකෙ.
431
“වීර්ය සඳහා මඟ දුකසේ යායුතුය. දුෂ්කරය, දුකසේ ලැබිය යුතුය.” මාරතෙම මෙසේ ගාථා කියමින් බුදුන් සමීපයෙහි සිටියේය.
432
තං තථාවාදිනං මාරං, භගවා එතදබ්‍රවි;
‘‘පමත්තබන්ධු පාපිම, යෙනත්ථෙන (සෙනත්ථෙන (?), අත්තනො අත්ථෙන (අට්ඨ. සංවණ්ණනා)) ඉධාගතො.
432
එසේ කියන්නාවූ ඒ මාරයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ප්‍රමාදවූවන්ට නෑකම් ඇති පවිටු මාරයා යම් කරුණකින් මෙහි ආවෙහිද?
433
‘‘අණුමත්තොපි (අණුමත්තෙනපි (සී. ස්‍යා.)) පුඤ්ඤෙන, අත්ථො මය්හං න විජ්ජති;
යෙසඤ්ච අත්ථො පුඤ්ඤෙන, තෙ මාරො වත්තුමරහති.
433
“ස්වල්ප මාත්‍රවූද පිනකින් මට ප්‍රයෝජනයක් නැත. යම් කෙනෙකුට පිනින් ප්‍රයෝජනයක් ඇත්නම් මාරතෙම ඔවුන්ට කියාවා.
434
‘‘අත්ථි සද්ධා තථා (තතො (සී. පී.), තපො (ස්‍යා. ක.)) වීරියං, පඤ්ඤා ච මම විජ්ජති;
එවං මං පහිතත්තම්පි, කිං ජීවමනුපුච්ඡසි.
434
“මට ශ්‍රද්ධාවක් ඇත. ඊට වඩා වීර්යයක් ඇත. මට ප්‍රඥාවක් ඇත, මෙසේ ජීවිතයෙහි ආසා නැති මෙබඳු මාගෙන් කිමෙක්ද ජීවත්වීමක් ගැන අසන්නෙහිද?
435
‘‘නදීනමපි සොතානි, අයං වාතො විසොසයෙ;
කිඤ්ච මෙ පහිතත්තස්ස, ලොහිතං නුපසුස්සයෙ.
435
“මේ වාතය ගංගාවන්ගේ සැඩපහර පවා වියලන්නේය. මෙසේ කාය ජීවිත දෙකෙහි නිරපෙක්ෂ මගේ ලෙය කුමක් හෙයින් නොවියලන්නේද?
436
‘‘ලොහිතෙ සුස්සමානම්හි, පිත්තං සෙම්හඤ්ච සුස්සති;
මංසෙසු ඛීයමානෙසු, භිය්‍යො චිත්තං පසීදති;
භිය්‍යො සති ච පඤ්ඤා ච, සමාධි මම තිට්ඨති.
436
“ලෙය වේලෙන කල්හි පිතද සෙමද වේලෙයි, මස ක්ෂයවන කල්හි බොහෝ සෙයින් සිත පහදී. බොහෝ සෙයින් මගේ සිහියද ප්‍රඥාවද සමාධියද සිටියි.
437
‘‘තස්ස මෙවං විහරතො, පත්තස්සුත්තමවෙදනං;
කාමෙසු (කාමෙ (සී. ස්‍යා.)) නාපෙක්ඛතෙ චිත්තං, පස්ස සත්තස්ස සුද්ධතං.
437
“මෙසේ වාසය කරන්නාවූ මට පැමිණි උතුම් වේදනාව පිරිසිදුකම බලාපොරොත්තු වන සත්වයා සිත ඒකාන්තයෙන් බලාපොරොත්තු නොවේ.
438
‘‘කාමා තෙ පඨමා සෙනා, දුතියා අරති වුච්චති;
තතියා ඛුප්පිපාසා තෙ, චතුත්ථී තණ්හා පවුච්චති.
438
“මාරය, ඔබගේ පළමුවෙනි සෙනාව වස්තුකාමයන්හි ක්ලෙශකාමයයි. දෙවැන්න යහපතෙහි නොඇලීමය, තුන්වැන්න බඩගින්න හා පිපාසයය. සතරවැන්න සෙවීම් සංඛ්‍යාත තණ්හාවය.
439
‘‘පඤ්චමං (පඤ්චමී (සී. පී.)) ථිනමිද්ධං තෙ, ඡට්ඨා භීරූ පවුච්චති;
සත්තමී විචිකිච්ඡා තෙ, මක්ඛො ථම්භො තෙ අට්ඨමො.
439
“පස්වැන්න සිත කය දෙකේ නිදිබර ගතිය සවැන්න බියය, සත් වැන්න සැකය, අටවැන්න ගුණමකුකම හා තදගතියයි.
440
‘‘ලාභො සිලොකො සක්කාරො, මිච්ඡාලද්ධො ච යො යසො;
යො චත්තානං සමුක්කංසෙ, පරෙ ච අවජානති.
440
“ලාභය, ගුණකීම, සත්කාරය, බොරුවෙන් ලත් යසයද යම් තමා උසස් කිරීමද, අනුන් ගැරහීමද,
441
‘‘එසා නමුචි තෙ සෙනා, කණ්හස්සාභිප්පහාරිනී;
න නං අසූරො ජිනාති, ජෙත්වා ච ලභතෙ සුඛං.
441
මෝතොමෝ මාරය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නසන්නාවූ තොපගේ සෙනාවය. ඒ සේනාව සූරනොවූ තැනැත්තාම නොදිනයි, දිනා සැප ලබයි.
442
‘‘එස මුඤ්ජං පරිහරෙ, ධිරත්ථු මම (ඉද (ක.)) ජීවිතං;
සඞ්ගාමෙ මෙ මතං සෙය්‍යො, යං චෙ ජීවෙ පරාජිතො.
442
“මේ මෘදු තෘෂ්ණා පරිහරණය කරණ මගේ ජීවිතයට නින්දාවේවා. මට යුද්ධයෙහි මරණය ශ්‍රේෂ්ඨය, ඉදින් ජීවත් වූයේ නම් පැරදුනාක්මෙනි.
443
‘‘පගාළ්හෙත්ථ න දිස්සන්ති, එකෙ සමණබ්‍රාහ්මණා;
තඤ්ච මග්ගං න ජානන්ති, යෙන ගච්ඡන්ති සුබ්බතා.
443
“තොපගේ සෙනාවට අසුවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙහි මනුෂ්‍යයන් වශයෙන් පෙනී නොසිටිත්. මනා ව්‍රත ඇත්තේ යමකින් යත් නම් ඒ මාර්ගය නොදනිත්.
444
‘‘සමන්තා ධජිනිං දිස්වා, යුත්තං මාරං සවාහනං;
යුද්ධාය පච්චුග්ගච්ඡාමි, මා මං ඨානා අචාවයි.
444
“හාත්පස වාහනය පිට නැගි මාරයා සහිත සෙනාව දැක යුද්ධයට ඉදිරියෙහි යමි. මා සිටි තැනින් නොසෙලවූයේය.
445
‘‘යං තෙ තං නප්පසහති, සෙනං ලොකො සදෙවකො;
තං තෙ පඤ්ඤාය භෙච්ඡාමි (ගච්ඡාමි (සී.), වෙච්ඡාමි (ස්‍යා.), වජ්ඣාමි (ක.)), ආමං පත්තංව අස්මනා (පක්කංව අමුනා (ක.)).
445
“අමු මැටි බඳුනක් ගලෙන් මෙන් දෙවියන් සහිත ලෝකයා මේ සේනාව මැඩ නොපවත්වයිද, ඔවුන් නුවණින් යටපත් කරමි.
446
‘‘වසීකරිත්වා (වසිං කරිත්වා (බහූසු)) සඞ්කප්පං, සතිඤ්ච සූපතිට්ඨිතං;
රට්ඨා රට්ඨං විචරිස්සං, සාවකෙ විනයං පුථූ.
446
“මිච්ඡා සංකප්පය වසඟ කොට සිහිය මොනවට පිහිටුවා බොහෝ ශ්‍රාවකයන් හික්මවමින් රටින් රට හැසුරුනෙමි.
447
‘‘තෙ අප්පමත්තා පහිතත්තා, මම සාසනකාරකා;
අකාමස්ස (අකාමා (ක.)) තෙ ගමිස්සන්ති, යත්ථ ගන්ත්වා න සොචරෙ’’.
447
“අප්‍රමාදවූ කාය ජිවිත දෙකෙහි ආලය නැති මගේ අනුශාසනාව කරන්නාවූ ඔව්හු යම් තැනකට ගොස් ශොක නොකරත්ද නිදුකින් යත්.
448
‘‘සත්ත වස්සානි භගවන්තං, අනුබන්ධිං පදාපදං;
ඔතාරං නාධිගච්ඡිස්සං, සම්බුද්ධස්ස සතීමතො.
448
“සත්වසක් පියෙන් පිය බුදුන් පිටිපස ලුහුබැන්දෙම්” සිහිය ඇති බුදුන්ගේ දෝෂයක් නොදැක්කෙමි.
449
‘‘මෙදවණ්ණංව පාසාණං, වායසො අනුපරියගා;
අපෙත්ථ මුදුං (මුදු (සී.)) වින්දෙම, අපි අස්සාදනා සියා.
449
“මෙදවර්ණ ගලක කවුඩු තෙම හොටින් කොටා හාත්පසින් ගියේ යම්සේද මෘදුබව දකිම් මුත් ආශ්වාදයක් නැතැයි කලකිරී පහව ගියේද,
450
‘‘අලද්ධා තත්ථ අස්සාදං, වායසෙත්තො අපක්කමි;
කාකොව සෙලමාසජ්ජ, නිබ්බිජ්ජාපෙම ගොතමං’’.
450
“සැපයක් නොලැබ, කපුටා ගියේ යම්සේද ශෛලයට පැමිණි කවුඩා මෙන් ගෞතමයන් ගෙන් කලකිරී ගියේය.
451
තස්ස සොකපරෙතස්ස, වීණා කච්ඡා අභස්සථ;
තතො සො දුම්මනො යක්ඛො, තත්ථෙවන්තරධායථාති.
451
“ශෝකයෙන් මඩනාලද ඔහුගේ කිසිල්ලෙන් වීනාව බිම වැටුනේය. ඉන් සිත නරක්වූ මාරතෙම එහිම අතුරුදහන් විය.”
3. සුභාසිතසුත්තං 3. සුභාෂිත සූත්‍රය
4. සුන්දරිකභාරද්වාජසුත්තං 4. (පුරලාස) සුන්දරික භාරද්වාජ සූත්‍රය
5. මාඝසුත්තං 5. මාඝ සූත්‍රය
6. සභියසුත්තං 6. සභිය සූත්‍රය
7. සෙලසුත්තං 7. සෙලසූත්‍රය
8. සල්ලසුත්තං 8. සල්ල සූත්‍රය
9. වාසෙට්ඨසුත්තං 9. වාසෙට්ඨ සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. කොකාලික සූත්‍රය
11. නාලකසුත්තං 11. නාලක සූත්‍රය
12. ද්වයතානුපස්සනාසුත්තං 12. ද්වයතානුපස්සනා සූත්‍රය