ත්‍රිපිටකය
3. මහාවග්ගො 3. මහා වර්ගය
1. පබ්බජ්ජාසුත්තං 1. පබ්බජ්ජා සූත්‍රය
2. පධානසුත්තං 2. පධාන සූත්‍රය
3. සුභාසිතසුත්තං 3. සුභාෂිත සූත්‍රය
4. සුන්දරිකභාරද්වාජසුත්තං 4. (පුරලාස) සුන්දරික භාරද්වාජ සූත්‍රය
5. මාඝසුත්තං 5. මාඝ සූත්‍රය
6. සභියසුත්තං 6. සභිය සූත්‍රය
7. සෙලසුත්තං 7. සෙලසූත්‍රය
8. සල්ලසුත්තං 8. සල්ල සූත්‍රය
9. වාසෙට්ඨසුත්තං 9. වාසෙට්ඨ සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. කොකාලික සූත්‍රය
11. නාලකසුත්තං 11. නාලක සූත්‍රය
12. ද්වයතානුපස්සනාසුත්තං 12. ද්වයතානුපස්සනා සූත්‍රය
729
‘‘යෙ දුක්ඛං නප්පජානන්ති, අථො දුක්ඛස්ස සම්භවං;
යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති;
තඤ්ච මග්ගං න ජානන්ති, දුක්ඛූපසමගාමිනං.
729
“යම් කෙනෙක් දුක නොදනිද්ද නැවත දුක හටගැනීමද නොදනිද්ද, යම් තැනෙක්හි සර්වප්‍රකාරයෙන් දුක ඉතිරිනොවී සංසිදේද, එයද දුක් සංසිඳීමට යන මාර්ගයද නොදනිද්ද,
730
‘‘චෙතොවිමුත්තිහීනා තෙ, අථො පඤ්ඤාවිමුත්තියා;
අභබ්බා තෙ අන්තකිරියාය, තෙ වෙ ජාතිජරූපගා.
730
“අර්හත් පළ සමාධියෙන් හීනවූ නැවත අර්හත් ඵල ප්‍රඥාවෙන්ද හීනවූ ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට අභව්‍ය ඔව්හු ඒකාන්තයෙන් උත්පත්ති මරණ දෙකට පැමිණියාහුය.
731
‘‘යෙ ච දුක්ඛං පජානන්ති, අථො දුක්ඛස්ස සම්භවං;
යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති;
තඤ්ච මග්ගං පජානන්ති, දුක්ඛූපසමගාමිනං.
731
“යම් කෙනෙක් ඒකාන්තයෙන් දුක දනිද්ද, නැවත දුක ඉපදීමට හේතුව දනිත්ද, යම් තැනෙක්හි දුක ඉතිරි නොකොට සිදේද, දුක් සන්සිඳුවීමට යන ඒ මාර්ගය දනිත්ද,
732
‘‘චෙතොවිමුත්තිසම්පන්නා, අථො පඤ්ඤාවිමුත්තියා;
භබ්බා තෙ අන්තකිරියාය, න තෙ ජාතිජරූපගා’’ති.
732
(i) “අර්හත් ඵල සමාධියෙන් යුත් අර්හත්ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට සුදුසුය. (ii) ඔව්හු උත්පත්තිය ජරා දෙකට නොපැමිණෙත්.
733
‘‘උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිමනෙකරූපා;
යො වෙ අවිද්වා උපධිං කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො;
තස්මා පජානං උපධිං න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’’ති.
733
ලෝකයෙහි යම්කිසි නොයෙක් රූපයෝ වෙත්ද ඒ නිසා ඇතිවන අකුසල් නිසා දුක් රැස් වෙත්. යමෙක් නොදැන පවු කරයිද, බාලතෙමේ නැවත නැවත දුකට පැමිණේ. සසර දුක හටගැනීමට හේතුව උපධි (කෙලෙස්) යයි දැන දන්නා තැනැත්තේ එහෙයින් පව් නොකරන්නේය.
734
‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්ති පුනප්පුනං;
ඉත්ථභාවඤ්ඤථාභාවං, අවිජ්ජායෙව සා ගති.
734
“යම් කෙනෙක් ස්කන්ධයන්ගේ ඉපදීමවූ ජාතියටද බිඳීමවූ මරණයටද ස්කන්ධ පිළිවෙළවූ සංසාරයටද, යම්කිසි කෙනෙක් යත්ද මේ මනුෂ්‍යාත්මභාවයටද අනික් කොටසකටද යාම අවිද්‍යාවෙන්මය.
735
‘‘අවිජ්ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං;
විජ්ජාගතා ච යෙ සත්තා, න තෙ ගච්ඡන්ති (නාගච්ඡන්ති (සී. පී.)) පුනබ්භව’’න්ති.
735
“යමකින් මේ සත්වයා බොහෝ කලක් ඇවිද්දවන ලද්දේද මේ අවිද්‍යාව වනාහි මහා මෝහයකි. යම් සත්වකෙනෙක් විද්‍යාවට ඇතුළුවූවාහුද නැවත උත්පත්තියකට නොපැමිණෙත්.
736
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං සඞ්ඛාරපච්චයා;
සඞ්ඛාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
736
“සංස්කාර ප්‍රත්‍යයෙන් දුකයයි යන මේ දෝෂය සියලු සංස්කාර සන්සිඳීමෙන් කාම සංඥාදිය මාර්ගයෙන් වැලැක්වීමෙන් මෙය තත්වූ පරිද්දෙන් දැන මෙසේ දුක් ක්ෂය වීමවේ.
737
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං සඞ්ඛාරපච්චයා;
සබ්බසඞ්ඛාරසමථා, සඤ්ඤානං උපරොධනා;
එවං දුක්ඛක්ඛයො හොති, එතං ඤත්වා යථාතථං.
737
“වෙදදත් පණ්ඩිතයෝ මනාකොට දැකීමෙන් මනාකොට දැන තුන්බිමට අයත් සසර මැඩපවත්වා නැවත භවයකට නොපැමිණේ (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡේදය යෙදිය යුතුයි.)
738
‘‘සම්මද්දසා වෙදගුනො, සම්මදඤ්ඤාය පණ්ඩිතා;
අභිභුය්‍ය මාරසංයොගං, න ගච්ඡන්ති (නාගච්ඡන්ති (සී. පී.)) පුනබ්භව’’න්ති.
738
739
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං විඤ්ඤාණපච්චයා;
විඤ්ඤාණස්ස නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
739
“යම්කිසි දුකක් රැස්කෙරේද සියල්ල විඤ්ඤාණ හේතුවෙන්ය. විඤ්ඤාණය නිරුද්ධවීමෙන් දුක් රැස්වීමක් නැත්තේය.
740
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං විඤ්ඤාණපච්චයා;
විඤ්ඤාණූපසමා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
740
“විඤ්ඤාණ හේතුවෙන් දුක් ඇතිවෙයි යන මේ දෝෂය දැක මහණ තෙම විඤ්ඤාණය නැතිකිරීමෙන් තෘෂ්ණා නැතිව පිරිනිවියේය.
741
‘‘තෙසං ඵස්සපරෙතානං, භවසොතානුසාරිනං;
කුම්මග්ගපටිපන්නානං, ආරා සංයොජනක්ඛයො.
741
“ස්පර්ශයට වසඟවූ තෘෂ්ණාව අනුව හැසිරෙන අයහපත් මාර්ගයට පිළිපන් ඔවුන්ට කෙළෙසුන් නැතිකිරීම දුරවේ.
742
‘‘යෙ ච ඵස්සං පරිඤ්ඤාය, අඤ්ඤායුපසමෙ (පඤ්ඤාය උපසමෙ (ස්‍යා.)) රතා;
තෙ වෙ ඵස්සාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතා’’ති.
742
“යම්කිසි කෙනෙක් ස්පර්ශය දැන කෙලෙස් සන්සිඳුවීමෙහි ඇලුනාවූ ඔව්හු ඒකාන්තයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවියේය.
743
‘‘සුඛං වා යදි වා දුක්ඛං, අදුක්ඛමසුඛං සහ;
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, යං කිඤ්චි අත්ථි වෙදිතං.
743
“තමා තුළද පිටතද සැපක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ යම්කිසි වේදනාවක් ඇද්ද.
744
‘‘එතං දුක්ඛන්ති ඤත්වාන, මොසධම්මං පලොකිනං (පලොකිතං (සී.));
ඵුස්ස ඵුස්ස වයං පස්සං, එවං තත්ථ විජානති (විරජ්ජති (ක. සී.));
වෙදනානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
744
“මෙසේ දුකයයි දැන නැසෙන පලුදුවන සුළු ධර්මයන් ස්පර්ශ කරමින් මෙසේ එහි පිරිසිදු මේ මහණතෙම වේදනාවන් ක්ෂයවීමෙන් තෘෂ්ණා රහිතව පිරිනිවීයේය.
745
‘‘තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධාන සංසරං;
ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.
745
“තෘෂ්ණාව දෙවෙනි කොට ඇති පුරුෂතෙම බොහෝ කාලයක් සැරිසරන්නේ ආත්ම භවයෙන් අනික් ආත්ම භාවයකටද යන සංසාරය නොඉක්මවයි.
746
‘‘එතමාදීනවං ඤත්වා, තණ්හං (තණ්හා (බහූසු) ඉතිවුත්තකෙ 15 පස්සිතබ්බං) දුක්ඛස්ස සම්භවං;
වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
746
“දුකට හේතුව තෘෂ්ණාවයයි මේ දෝෂය දැක පහවූ තෘෂ්ණා ඇත්තේ තෘෂ්ණා වශයෙන් නොගන්නාවූ මහණ තෙම සිහි ඇතිව පිරිනිවෙන්නේය.
747
‘‘උපාදානපච්චයා භවො, භූතො දුක්ඛං නිගච්ඡති;
ජාතස්ස මරණං හොති, එසො දුක්ඛස්ස සම්භවො.
747
“උපාදාන හේතුකොටගෙන භවයවේ. උපන්නේ දුකට පැමිණේ, උපන්නාට මරණය වේ. දුක පහළවීමට හේතුව මෙයයි.
748
‘‘තස්මා උපාදානක්ඛයා, සම්මදඤ්ඤාය පණ්ඩිතා;
ජාතික්ඛයං අභිඤ්ඤාය, න ගච්ඡන්ති පුනබ්භව’’න්ති.
748
“එහෙයින් පණ්ඩිතතෙම මනාකොට දැන උපාදාන ක්ෂය කිරීමෙන් උත්පත්තිය ක්ෂය කිරීම දැන උත්පත්තියකට නොඑයි.
749
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආරම්භපච්චයා;
ආරම්භානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
749
යම්කිසි දුකක් රැස් කෙරේද සියල්ල වීර්යය හේතු කොටගෙන වීර්යය නිරුද්ධවීමෙන් දුක් රැස්වීමක් නැත.
750
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං ආරම්භපච්චයා;
සබ්බාරම්භං පටිනිස්සජ්ජ, අනාරම්භෙ විමුත්තිනො.
750
“වීර්ය හේතුවෙන් දුකයයි මේ දෝෂය දැක වීර්යය නැති නිවනෙහි ඇලුනාවූ
751
‘‘උච්ඡින්නභවතණ්හස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො;
වික්ඛීණො (විතිණ්ණො (සී.)) ජාතිසංසාරො, නත්ථි තස්ස පුනබ්භවො’’ති.
751
“සිඳින ලද භව ආශා ඇති සන්සුන් සිත් ඇති ඒ මහණහට ඉපදීම නැමැති සසර තරණය ඇත්තේ නැවත ඉපදීමක් නැත.
752
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආහාරපච්චයා;
ආහාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
752
“යම්කිසි දුකක් රැස් කෙරේද, සියල්ල ආහාරය හේතු කොටගෙනය. ආහාරය නැතිවීමෙන් දුක් රැස්වීමක් නැත.
753
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං ආහාරපච්චයා;
සබ්බාහාරං පරිඤ්ඤාය, සබ්බාහාරමනිස්සිතො.
753
“ආහාරය හේතුවෙන් දුකයයි මේ දෝෂය දැක සියලු ආහාරයන් දැන සියලු ආහාර ඇසුරු නොකොට
754
‘‘ආරොග්‍යං සම්මදඤ්ඤාය, ආසවානං පරික්ඛයා;
සඞ්ඛාය සෙවී ධම්මට්ඨො, සඞ්ඛ්‍යං (සඞ්ඛං (සී. පී.)) නොපෙති වෙදගූ’’ති.
754
“නිරෝගීකම මනා කොට දැන ආශ්‍රවයන් ක්ෂය වීමෙන් සිහිකොට අනුභව කරණ ධර්මයෙහි පිහිටි, වෙද දත් තැනැත්තේ දෙවියාය, මනුෂ්‍යයායයි ගණනට නොවැටේ
755
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ඉඤ්ජිතපච්චයා;
ඉඤ්ජිතානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
755
“තෘෂ්ණාදී හැඟීම් අනුව දුක් ඇතිවේය යන මේ දෝෂය දැන, එනිසා තෘෂ්ණාව අත්හැර සංස්කාරයන් නිරුද්ධ කොට තෘෂ්ණාව නැතිව දැඩිව නොගෙන මහණ තෙම සිහි ඇතිව පිරිනිවෙන්නේය.
756
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං ඉඤ්ජිතපච්චයා;
තස්මා හි එජං වොස්සජ්ජ, සඞ්ඛාරෙ උපරුන්ධිය;
අනෙජො අනුපාදානො, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
756
757
‘‘අනිස්සිතො න චලති, නිස්සිතො ච උපාදියං;
ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.
757
“තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු නොකළේ බිය නොවේ. ඇසුරු කළේ තදින් අල්වා ගන්නේ මේ ආත්ම බැවින් අනෙක් අත් බවකට යන්නේ සසර නො ඉක්මවයි.
758
‘‘එතමාදීනවං ඤත්වා, නිස්සයෙසු මහබ්භයං;
අනිස්සිතො අනුපාදානො, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
758
“තෘෂ්ණාදීන් ඇසුරු කිරීමෙහි මේ ආදීනවය දැක මහණතෙම ඇසුරු නො කළේ නොගන්නේ සිහි ඇතිව කළුරිය කරන්නේය.
759
‘‘යෙ ච රූපූපගා සත්තා, යෙ ච අරූපට්ඨායිනො (ආරුප්පවාසිනො (සී. පී.));
නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භවං.
759
“රූපභවයට ගිය සත්වයෝ යම් කෙනෙක් වෙත්ද අරූපවාසීහු යම් පමණ වෙත්ද, නිවන නොදන්නාවූ ඔවුහු නැවත ඉපදීමට එන්නාහ.
760
‘‘යෙ ච රූපෙ පරිඤ්ඤාය, අරූපෙසු අසණ්ඨිතා (සුසණ්ඨිතා (සී. ස්‍යා. පී.));
නිරොධෙ යෙ විමුච්චන්ති, තෙ ජනා මච්චුහායිනො’’ති.
760
“යම් කෙනෙක් රූපයන් විශිෂ්ට ඥානයෙන් දැන අරූපයෙහි සිටියාවූ යම් කෙනෙක් නිවනෙහි මිදුනාහුද ඒ ජනයෝ මාරයා අත් හැර යන්නේය. (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡේදය යෙදිය යුතුයි.)
761
‘‘අනත්තනි අත්තමානිං (අත්තමානී (ස්‍යා.), අත්තමානං (පී. ක.)), පස්ස ලොකං සදෙවකං;
නිවිට්ඨං නාමරූපස්මිං, ඉදං සච්චන්ති මඤ්ඤති.
761
“ආත්ම නොවූවෙහි ආත්මය යන හැඟීම් ඇති දෙවියන් සහිත ලෝකයා බලව. නාම රූප දෙකෙහි මෙයම ඇත්තයයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟියි.
762
‘‘යෙන යෙන හි මඤ්ඤන්ති, තතො තං හොති අඤ්ඤථා;
තඤ්හි තස්ස මුසා හොති, මොසධම්මඤ්හි ඉත්තරං.
762
“යම් යම් විධියකින් හඟිත්ද, එය ඊට අන් පරිද්දෙකින් වේ. එය ඔහුගේ මුළාවකි. ස්වල්පවූ මුළා කරණ ධර්මයකි.
763
‘‘අමොසධම්මං නිබ්බානං, තදරියා සච්චතො විදූ;
තෙ වෙ සච්චාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතා’’ති.
763
“නොනස්නා සුළු නිවන ආර්යයෝ ඇත්ත වශයෙන් දත යුත්තාහ. ඔව්හු ඒකාන්තයෙන් ඇත්ත අවබෝධ වීමෙන් ආශා නැතිව පිරිනිවීයාහුය.
764
‘‘රූපා සද්දා රසා ගන්ධා, ඵස්සා ධම්මා ච කෙවලා;
ඉට්ඨා කන්තා මනාපා ච, යාවතත්ථීති වුච්චති.
764
“රූපය, ශබ්දය, රසය, ගන්ධය, ස්පර්ශය, ධර්මය යන මේ යහපත්, කාන්ත මන වඩන යම් මේ අරමුණු සයක් ඇත්තේද,
765
‘‘සදෙවකස්ස ලොකස්ස, එතෙ වො සුඛසම්මතා;
යත්ථ චෙතෙ නිරුජ්ඣන්ති, තං නෙසං දුක්ඛසම්මතං.
765
“දෙවියන් සහිත ලෝකයා විසින් සැපයයි සම්මතය. යම් තැනෙක්හි මොව්හු නැතිවෙත්ද එය දුක්යයි සම්මතය.
766
‘‘සුඛන්ති දිට්ඨමරියෙහි, සක්කායස්සුපරොධනං;
පච්චනීකමිදං හොති, සබ්බලොකෙන පස්සතං.
766
“ශරීරයාගේ වැළැක්ම සැපයයි ආර්යයන් විසින් දක්නාලදී. සියලු ලෝකයෙහි නොදැක්ම ප්‍රතිගාමී දෙයකි.
767
‘‘යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්ඛතො;
යං පරෙ දුක්ඛතො ආහු, තදරියා සුඛතො විදූ.
767
“අන්‍යයෝ යමක් සැපයයි කීවාහුද, ආර්යයෝ එය දුක්යයි කීහු. අන්‍යයෝ යමක් දුක්යයි කීවාහුද, ආර්යයෝ එය සැපයයි කීවාහුය. දතනොහැකි ධර්මයන් බලව. බාලයෝ මෙහි මුළාවෙති.
768
‘‘පස්ස ධම්මං දුරාජානං, සම්පමූළ්හෙත්ථවිද්දසු (සම්පමූළ්හෙත්ථ අවිද්දසු (සී. පී.), සම්මූළ්හෙත්ථ අවිද්දසු (?));
නිවුතානං තමො හොති, අන්ධකාරො අපස්සතං.
768
“අවිද්‍යාවෙන් වැසුනාවූ නිවන නොදක්නාවුන්ට අන්ධබව කරණ අන්ධකාරයවේ.
769
‘‘සතඤ්ච විවටං හොති, ආලොකො පස්සතාමිව;
සන්තිකෙ න විජානන්ති, මග්ගා ධම්මස්ස කොවිදා.
769
සත්පුරුෂයන්ට ආලෝකය පෙණෙන්නාක් මෙන් නිවණ විවෘතවේ. මාර්ග අමාර්ග දෙකේ අදක්ෂයාට තමාගේ ශරීරයෙහිම ඇති නිවන නොදනිත්.
770
‘‘භවරාගපරෙතෙහි , භවසොතානුසාරිභි;
මාරධෙය්‍යානුපන්නෙහි, නායං ධම්මො සුසම්බුධො.
770
“භවාසාවෙන් පීඩිතවූ, භව නැමැති සැඩපාරට අනුව යන කාම රූප අරූප යන සසරට බට තැනැත්තන් විසින් මේ ධර්මය සුවසේ අවබෝධ නොකටහැකිය.
771
‘‘කො නු අඤ්ඤත්‍රමරියෙහි, පදං සම්බුද්ධුමරහති;
යං පදං සම්මදඤ්ඤාය, පරිනිබ්බන්ති අනාසවා’’ති.
771
“යම් නිර්වාණ පදයක් මනාකොට දැන ආශ්‍රව රහිතව පිරිනිවෙයිද, බුදුරජාණන් වහන්සේ හෝ ආර්යයන් හැර නිවන අවබෝධ කරන්නට අන්කවරෙක් සමර්ථද, අසමර්ථමය.”