3. මහාවග්ගො | 3. මහා වර්ගය |
1. පබ්බජ්ජාසුත්තං | 1. පබ්බජ්ජා සූත්‍රය |
407
පබ්බජ්ජං
යථා වීමංසමානො සො, පබ්බජ්ජං සමරොචයි.
|
407
“ඇස ඇති බුදුරජාණන් වහන්සේ යම්සේ පැවිදිවූසේක්ද උන්වහන්සේ යම්සේ කල්පනා කරමින් පැවිද්ද කැමතිවූසේක්ද ඒ පැවිද්ද කියන්නෙමි.
|
408
සම්බාධොයං ඝරාවාසො, රජස්සායතනං ඉති;
අබ්භොකාසොව පබ්බජ්ජා, ඉති දිස්වාන පබ්බජි.
|
408
“මේ ගිහිගෙයි වාසය කරදරය, කෙලෙසුන් උපදින තැන යයි ද පැවිද්ද අවකාශය මෙන් විවෘත යයි ද මෙසේ දැක පැවිදිවිය.
|
409
පබ්බජිත්වාන කායෙන, පාපකම්මං විවජ්ජයි;
වචීදුච්චරිතං
|
409
“පැවිදිව කයින් පව්කම් දුරුකළේය. වචනයේ වරද අත්හැර ජීවිකාව පිරිසිදු කළේය.
|
410
අගමා රාජගහං බුද්ධො, මගධානං ගිරිබ්බජං;
පිණ්ඩාය අභිහාරෙසි, ආකිණ්ණවරලක්ඛණො.
|
410
“ගැවසී සිටි උතුම් ලකුණු ඇති බුදුරජතෙම මගධයන්ගේ පිරිව්රජ නම් රජගහනුවර පිඬු පිණිස හැසුරුණේය.
|
411
තමද්දසා බිම්බිසාරො, පාසාදස්මිං පතිට්ඨිතො;
දිස්වා ලක්ඛණසම්පන්නං, ඉමමත්ථං අභාසථ.
|
411
“ප්‍රාසාදයෙහි සිටි බිම්බිසාර රජතෙම ලකුනින් යුත් බුදුන් දැක මේ කාරණය කිවේය.
|
412
‘‘ඉමං භොන්තො නිසාමෙථ, අභිරූපො බ්රහා සුචි;
චරණෙන ච සම්පන්නො, යුගමත්තඤ්ච පෙක්ඛති.
|
412
“භවත්නි, මනා රූ ඇති උස මහත ඇති පිරිසිදු ගමනින් සුන්දර මුන්වහන්සේ බලව්. වියදඬු පමණක් බලයි.
|
413
‘‘ඔක්ඛිත්තචක්ඛු සතිමා, නායං නීචකුලාමිව;
රාජදූතාභිධාවන්තු, කුහිං භික්ඛු ගමිස්සති’’.
|
413
“යටට හෙලු ඇස් ඇති සිහි ඇති මේ තෙමේ නීචකුලයෙන් පැවිදි වූවෙකු මෙන් නොවේ. මහණතෙම කොහියන්නෙහිදැයි” රාජදූතයෝ දුව බලත්වා
|
414
තෙ පෙසිතා රාජදූතා, පිට්ඨිතො අනුබන්ධිසුං;
කුහිං ගමිස්සති භික්ඛු, කත්ථ වාසො භවිස්සති.
|
414
යවන ලද ඒ රාජදූතයෝ “මහණතෙම කොහි යන්නේද, කොහි වසන්නේදැයි” පිටුපසින් දිව්වාහුය.
|
415
සපදානං
ඛිප්පං පත්තං අපූරෙසි, සම්පජානො පටිස්සතො.
|
415
වසනලද ඉඳුරන්ගේ දොරටු ඇතිව සංවරව ගෙපිළිවෙළින් හැසිරෙමින් යහපත් නුවණැත්තේ සිහි ඇත්තේ වහා පාත්‍රය පිරුණේය.
|
416
පිණ්ඩචාරං
පණ්ඩවං අභිහාරෙසි, එත්ථ වාසො භවිස්සති.
|
416
ඒ මුනිතෙම පිඬු සිඟීමෙහි හැසිර නුවරින් නික්ම මෙහි වාසය වන්නේයයි” පාණ්ඩව පර්වතයට නැංගේය.
|
417
දිස්වාන වාසූපගතං, තයො
(තතො (සී. පී.)) දූතා උපාවිසුං;
තෙසු එකොව
(එකො ච දූතො (සී. ස්‍යා. පී.)) ආගන්ත්වා, රාජිනො පටිවෙදයි.
|
417
ඉක්බිති නැවතීමට පැමිණියාහු දැක ඉන් පසු දූතයෝ ළංවූහ. එක් දූතයෙක් පැමිණ රජහුට දැන්වූයේය.
|
418
‘‘එස
නිසින්නො බ්යග්ඝුසභොව, සීහොව ගිරිගබ්භරෙ’’.
|
418
“මහරජ, මේ භික්ෂුතෙමේ පර්වත ගුහාවෙහි ව්‍යාඝ්‍රයකු මෙන්ද වෘෂභයකු මෙන්ද සිංහයෙකු මෙන්ද පාණ්ඩව පර්වතය ඉදිරියෙහි පර්වත ගුහාවෙහි හුන්නේය.”
|
419
සුත්වාන
තරමානරූපො නිය්යාසි, යෙන පණ්ඩවපබ්බතො.
|
419
දූතයන්ගේ වචනය අසා රජතෙම යහපත් යානාවකින් පාණ්ඩව පර්වතය යම් තැනෙක්හිද එහි ඉක්මනින් ගියේය.
|
420
ස යානභූමිං යායිත්වා, යානා ඔරුය්හ ඛත්තියො;
පත්තිකො උපසඞ්කම්ම, ආසජ්ජ නං උපාවිසි.
|
420
ඒ ක්ෂත්රියය තෙමේ යානාවෙන් යා යුතුතාක් ඉන් ගොස් යානාවෙන් බැස පාබල සෙනඟ සමග පයින්ම පැමිණ සමීපයට ගොස් හිඳගත්තේය.
|
421
නිසජ්ජ රාජා සම්මොදි, කථං සාරණීයං තතො;
කථං සො වීතිසාරෙත්වා, ඉමමත්ථං අභාසථ.
|
421
“රජතෙම හිඳ සතුටු විය. ඉක්බිති සිහිකටයුතු කථාවද විය. හෙතෙම කථාව අවසන්කොට මේ කාරණය කීයේය.
|
422
‘‘යුවා ච දහරො චාසි, පඨමුප්පත්තිකො
(පඨමුප්පත්තියා (සී.), පඨමුප්පත්තිතො (ස්‍යා.)) සුසු;
වණ්ණාරොහෙන සම්පන්නො, ජාතිමා විය ඛත්තියො.
|
422
“ඔබ තරුණයෙකි. බාල මුල් වයසෙහි සිටියේය. උත්පත්තිය ක්ෂත්රියයෙකු වැනිය. වර්ණයෙන් හා උස මහතින් යුක්තය.
|
423
‘‘සොභයන්තො අනීකග්ගං, නාගසඞ්ඝපුරක්ඛතො;
දදාමි භොගෙ භුඤ්ජස්සු, ජාතිං අක්ඛාහි පුච්ඡිතො’’.
|
423
“මම වස්තු දෙමි. අංග රක්ෂක භට සමූහයා හොබවමින් හස්ති සමූහයට පෙරටුව යමින් ඒ භොග අනුභව කරනු මැනවි. විචාරණ ලද්දාවූ මට ජාතිය කියව.
|
424
‘‘උජුං ජනපදො රාජ, හිමවන්තස්ස පස්සතො;
ධනවීරියෙන සම්පන්නො, කොසලෙසු
(කොසලස්ස (ස්‍යා. ක.)) නිකෙතිනො.
|
424
“කොසොල් රට පුරාණ සිට පැවත එන ධනයෙන් හා වීර්යයෙන් යුත් හිමාල පර්වත පාර්ශ්වයෙහි ඍජු ජනපද ඇති කොසොල් දනව්වෙහි පුරාණ පාලකවූ රජතෙමේ (මාගේ පියාය.)”
|
425
‘‘ආදිච්චා
තම්හා කුලා පබ්බජිතොම්හි, න කාමෙ අභිපත්ථයං.
|
425
“රජ්ජුරුවෙනි, ගොත්‍රයෙන් සූර්යය, ජාතියෙන් ශාක්‍යය, ඒ කුලයෙන් පැවිදිවූයෙමි. කාම වස්තු නොපතන්නෙමි.
|
426
‘‘කාමෙස්වාදීනවං දිස්වා, නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො;
පධානාය ගමිස්සාමි, එත්ථ මෙ රඤ්ජතී මනො’’ති.
|
426
“කාම වස්තූන්හි දෝෂය දැක නිර්භය වශයෙන් නිවන් දක්නට වෑයම්කිරීම පිණිස යන්නෙමි. මගේ සිත මෙහි ඇලේයයි” කීයේය.
|
2. පධානසුත්තං | 2. පධාන සූත්‍රය |
427
‘‘තං
විපරක්කම්ම ඣායන්තං, යොගක්ඛෙමස්ස පත්තියා.
|
427
“නෙරඤ්ජරා නදී තීරයෙහි වීර්ය කරන්නාවූ යොගයන්ගෙන් නිර්භය ස්ථානයට පැමිණීමට ඉතා වීර්යයෙන් ධ්‍යාන කරන ඒ මා කරා
|
428
‘‘නමුචී කරුණං වාචං, භාසමානො උපාගමි;
‘කිසො ත්වමසි දුබ්බණ්ණො, සන්තිකෙ මරණං තව.
|
428
“මාරතෙම මෛත්‍රී වචනය කියමින් පැමිණියේය. හෙතෙම’ ඔබ කෙට්ටුවූයේ වෙහි, දුර්වර්ණවූයෙහිද මරණය ඔබ සමීපයෙහිය.
|
429
‘‘‘සහස්සභාගො
ජීව භො ජීවිතං සෙය්යො, ජීවං පුඤ්ඤානි කාහසි.
|
429
“ඔබගේ මරණයට කොටස් දහසකි. ජීවිතය එක් කොටසකි. පින්වත ජීවත්වන්න මෙසේ ජීවිතය ශ්‍රේෂ්ඨය. ජීවත් වෙතොත් පිනුත් කළ හැක.
|
430
‘‘‘චරතො
පහූතං චීයතෙ පුඤ්ඤං, කිං පධානෙන කාහසි.
|
430
“ඉදින් කලින් කළ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නාවූ ගිනිදෙවියාටද පුදන්නාවූ ඔබට බොහෝ පින් රැස්වේ. වීර්යයෙන් කුමක් කරන්නේද?
|
431
‘‘‘දුග්ගො මග්ගො පධානාය, දුක්කරො දුරභිසම්භවො’’’;
ඉමා ගාථා භණං මාරො, අට්ඨා බුද්ධස්ස සන්තිකෙ.
|
431
“වීර්ය සඳහා මඟ දුකසේ යායුතුය. දුෂ්කරය, දුකසේ ලැබිය යුතුය.” මාරතෙම මෙසේ ගාථා කියමින් බුදුන් සමීපයෙහි සිටියේය.
|
432
තං තථාවාදිනං මාරං, භගවා එතදබ්රවි;
‘‘පමත්තබන්ධු පාපිම, යෙනත්ථෙන
(සෙනත්ථෙන (?), අත්තනො අත්ථෙන (අට්ඨ. සංවණ්ණනා)) ඉධාගතො.
|
432
එසේ කියන්නාවූ ඒ මාරයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ප්‍රමාදවූවන්ට නෑකම් ඇති පවිටු මාරයා යම් කරුණකින් මෙහි ආවෙහිද?
|
433
‘‘අණුමත්තොපි
යෙසඤ්ච අත්ථො පුඤ්ඤෙන, තෙ මාරො වත්තුමරහති.
|
433
“ස්වල්ප මාත්‍රවූද පිනකින් මට ප්‍රයෝජනයක් නැත. යම් කෙනෙකුට පිනින් ප්‍රයෝජනයක් ඇත්නම් මාරතෙම ඔවුන්ට කියාවා.
|
434
‘‘අත්ථි සද්ධා තථා
(තතො (සී. පී.), තපො (ස්‍යා. ක.)) වීරියං, පඤ්ඤා ච මම විජ්ජති;
එවං මං පහිතත්තම්පි, කිං ජීවමනුපුච්ඡසි.
|
434
“මට ශ්‍රද්ධාවක් ඇත. ඊට වඩා වීර්යයක් ඇත. මට ප්‍රඥාවක් ඇත, මෙසේ ජීවිතයෙහි ආසා නැති මෙබඳු මාගෙන් කිමෙක්ද ජීවත්වීමක් ගැන අසන්නෙහිද?
|
435
‘‘නදීනමපි සොතානි, අයං වාතො විසොසයෙ;
කිඤ්ච
|
435
“මේ වාතය ගංගාවන්ගේ සැඩපහර පවා වියලන්නේය. මෙසේ කාය ජීවිත දෙකෙහි නිරපෙක්ෂ මගේ ලෙය කුමක් හෙයින් නොවියලන්නේද?
|
436
‘‘ලොහිතෙ සුස්සමානම්හි, පිත්තං සෙම්හඤ්ච සුස්සති;
මංසෙසු ඛීයමානෙසු, භිය්යො චිත්තං පසීදති;
භිය්යො සති ච පඤ්ඤා ච, සමාධි මම තිට්ඨති.
|
436
“ලෙය වේලෙන කල්හි පිතද සෙමද වේලෙයි, මස ක්ෂයවන කල්හි බොහෝ සෙයින් සිත පහදී. බොහෝ සෙයින් මගේ සිහියද ප්‍රඥාවද සමාධියද සිටියි.
|
437
‘‘තස්ස මෙවං විහරතො, පත්තස්සුත්තමවෙදනං;
කාමෙසු
(කාමෙ (සී. ස්‍යා.)) නාපෙක්ඛතෙ චිත්තං, පස්ස සත්තස්ස සුද්ධතං.
|
437
“මෙසේ වාසය කරන්නාවූ මට පැමිණි උතුම් වේදනාව පිරිසිදුකම බලාපොරොත්තු වන සත්වයා සිත ඒකාන්තයෙන් බලාපොරොත්තු නොවේ.
|
438
‘‘කාමා
තතියා ඛුප්පිපාසා තෙ, චතුත්ථී තණ්හා පවුච්චති.
|
438
“මාරය, ඔබගේ පළමුවෙනි සෙනාව වස්තුකාමයන්හි ක්ලෙශකාමයයි. දෙවැන්න යහපතෙහි නොඇලීමය, තුන්වැන්න බඩගින්න හා පිපාසයය. සතරවැන්න සෙවීම් සංඛ්‍යාත තණ්හාවය.
|
439
‘‘පඤ්චමං
(පඤ්චමී (සී. පී.)) ථිනමිද්ධං තෙ, ඡට්ඨා භීරූ පවුච්චති;
සත්තමී විචිකිච්ඡා තෙ, මක්ඛො ථම්භො තෙ අට්ඨමො.
|
439
“පස්වැන්න සිත කය දෙකේ නිදිබර ගතිය සවැන්න බියය, සත් වැන්න සැකය, අටවැන්න ගුණමකුකම හා තදගතියයි.
|
440
‘‘ලාභො සිලොකො සක්කාරො, මිච්ඡාලද්ධො ච යො යසො;
යො චත්තානං සමුක්කංසෙ, පරෙ ච අවජානති.
|
440
“ලාභය, ගුණකීම, සත්කාරය, බොරුවෙන් ලත් යසයද යම් තමා උසස් කිරීමද, අනුන් ගැරහීමද,
|
441
‘‘එසා
න නං අසූරො ජිනාති, ජෙත්වා ච ලභතෙ සුඛං.
|
441
මෝතොමෝ මාරය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නසන්නාවූ තොපගේ සෙනාවය. ඒ සේනාව සූරනොවූ තැනැත්තාම නොදිනයි, දිනා සැප ලබයි.
|
442
‘‘එස මුඤ්ජං පරිහරෙ, ධිරත්ථු මම
(ඉද (ක.)) ජීවිතං;
සඞ්ගාමෙ මෙ මතං සෙය්යො, යං චෙ ජීවෙ පරාජිතො.
|
442
“මේ මෘදු තෘෂ්ණා පරිහරණය කරණ මගේ ජීවිතයට නින්දාවේවා. මට යුද්ධයෙහි මරණය ශ්‍රේෂ්ඨය, ඉදින් ජීවත් වූයේ නම් පැරදුනාක්මෙනි.
|
443
‘‘පගාළ්හෙත්ථ
තඤ්ච මග්ගං න ජානන්ති, යෙන ගච්ඡන්ති සුබ්බතා.
|
443
“තොපගේ සෙනාවට අසුවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙහි මනුෂ්‍යයන් වශයෙන් පෙනී නොසිටිත්. මනා ව්‍රත ඇත්තේ යමකින් යත් නම් ඒ මාර්ගය නොදනිත්.
|
444
‘‘සමන්තා ධජිනිං දිස්වා, යුත්තං මාරං සවාහනං;
යුද්ධාය පච්චුග්ගච්ඡාමි, මා මං ඨානා අචාවයි.
|
444
“හාත්පස වාහනය පිට නැගි මාරයා සහිත සෙනාව දැක යුද්ධයට ඉදිරියෙහි යමි. මා සිටි තැනින් නොසෙලවූයේය.
|
445
‘‘යං
තං
|
445
“අමු මැටි බඳුනක් ගලෙන් මෙන් දෙවියන් සහිත ලෝකයා මේ සේනාව මැඩ නොපවත්වයිද, ඔවුන් නුවණින් යටපත් කරමි.
|
446
‘‘වසීකරිත්වා
(වසිං කරිත්වා (බහූසු)) සඞ්කප්පං, සතිඤ්ච සූපතිට්ඨිතං;
රට්ඨා රට්ඨං විචරිස්සං, සාවකෙ විනයං පුථූ.
|
446
“මිච්ඡා සංකප්පය වසඟ කොට සිහිය මොනවට පිහිටුවා බොහෝ ශ්‍රාවකයන් හික්මවමින් රටින් රට හැසුරුනෙමි.
|
447
‘‘තෙ අප්පමත්තා පහිතත්තා, මම සාසනකාරකා;
අකාමස්ස
(අකාමා (ක.)) තෙ ගමිස්සන්ති, යත්ථ ගන්ත්වා න සොචරෙ’’.
|
447
“අප්‍රමාදවූ කාය ජිවිත දෙකෙහි ආලය නැති මගේ අනුශාසනාව කරන්නාවූ ඔව්හු යම් තැනකට ගොස් ශොක නොකරත්ද නිදුකින් යත්.
|
448
‘‘සත්ත වස්සානි භගවන්තං, අනුබන්ධිං පදාපදං;
ඔතාරං නාධිගච්ඡිස්සං, සම්බුද්ධස්ස සතීමතො.
|
448
“සත්වසක් පියෙන් පිය බුදුන් පිටිපස ලුහුබැන්දෙම්” සිහිය ඇති බුදුන්ගේ දෝෂයක් නොදැක්කෙමි.
|
449
‘‘මෙදවණ්ණංව පාසාණං, වායසො අනුපරියගා;
අපෙත්ථ මුදුං
(මුදු (සී.)) වින්දෙම, අපි අස්සාදනා සියා.
|
449
“මෙදවර්ණ ගලක කවුඩු තෙම හොටින් කොටා හාත්පසින් ගියේ යම්සේද මෘදුබව දකිම් මුත් ආශ්වාදයක් නැතැයි කලකිරී පහව ගියේද,
|
450
‘‘අලද්ධා තත්ථ අස්සාදං, වායසෙත්තො අපක්කමි;
කාකොව සෙලමාසජ්ජ, නිබ්බිජ්ජාපෙම ගොතමං’’.
|
450
“සැපයක් නොලැබ, කපුටා ගියේ යම්සේද ශෛලයට පැමිණි කවුඩා මෙන් ගෞතමයන් ගෙන් කලකිරී ගියේය.
|
451
තස්ස
තතො සො දුම්මනො යක්ඛො, තත්ථෙවන්තරධායථාති.
|
451
“ශෝකයෙන් මඩනාලද ඔහුගේ කිසිල්ලෙන් වීනාව බිම වැටුනේය. ඉන් සිත නරක්වූ මාරතෙම එහිම අතුරුදහන් විය.”
|
3. සුභාසිතසුත්තං | 3. සුභාෂිත සූත්‍රය |
452
‘‘සුභාසිතං උත්තමමාහු සන්තො, ධම්මං භණෙ නාධම්මං තං දුතියං;
පියං භණෙ නාප්පියං තං තතියං, සච්චං භණෙ නාලිකං තං චතුත්ථ’’න්ති.
|
452
“සත්පුරුෂයෝ යහපත් වචන කීම උත්තමයයි කියත්. ධර්මය කියන්නේය. අධර්මය නොකියන්නේය. එය දෙවැන්නය ප්‍රිය වචන කියන්නේය. අප්‍රිය වචන නොකියන්නේය, එය තුන්වැන්නය, ඇත්ත කියන්නේය බොරු නොකියන්නේය, මෙය සතර වැන්නය.”
|
453
‘‘තමෙව වාචං භාසෙය්ය, යායත්තානං න තාපයෙ;
පරෙ
|
453
“යම් වචනයකින් තමන් නොතවාද අනුන්ට හිංසා පිණිස නොවේද? ඒකාන්තයෙන් ඒ වචනය සුභාෂිතය වේ. ඒ වචනය කියන්නේය.
|
454
‘‘පියවාචමෙව භාසෙය්ය, යා වාචා පටිනන්දිතා;
යං අනාදාය පාපානි, පරෙසං භාසතෙ පියං.
|
454
“යම් වචනයක් සතුටුසිතින් විඳිය යුතුනම් එය කියන්නේය. යම් වචනයක් කියන කල අනුන්ට අප්‍රිය නම් එය නොගෙන ප්‍රිය වචනයම කියන්නේය.
|
455
‘‘සච්චං වෙ අමතා වාචා, එස ධම්මො සනන්තනො;
සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච, ආහු සන්තො පතිට්ඨිතා.
|
455
“ඒකාන්තයෙන් සත්‍යය අමෘත වචනයවේයි. සත්පුරුෂයෝ සත්‍යයෙහිද අර්ථයෙහිද ධර්මයෙහිද පිහිටියාහුය යන මේ ධර්මය පැරණිය.
|
456
‘‘යං
දුක්ඛස්සන්තකිරියාය, සා වෙ වාචානමුත්තමා’’ති.
|
456
“බුදුරජාණන් වහන්සේ නිර්භයවූ නිවණට පැමිණීම ප්‍රයෝජන කොට යම් වචනයක් දේශනා කරයිද, ඒකාන්තයෙන් ඒ වචනය වචනයන් අතුරෙන් උතුම්ය.”
|
4. සුන්දරිකභාරද්වාජසුත්තං | 4. (පුරලාස) සුන්දරික භාරද්වාජ සූත්‍රය |
457
‘‘න බ්රාහ්මණො නොම්හි න රාජපුත්තො, න වෙස්සායනො උද කොචි නොම්හි;
ගොත්තං පරිඤ්ඤාය පුථුජ්ජනානං, අකිඤ්චනො මන්ත චරාමි ලොකෙ.
|
457
“මම බ්‍රාහ්මණයෙක් නොවෙමි. රාජපුත්රයෙකුත් නොවෙමි, වෛශ්යයෙකුත් නොවෙමි, ශුද්‍රයෙක් හෝ චණ්ඩාලයෙකුත් නොවෙමි. ගොත්‍ර දැන රාගාදී ප්‍රමාද නැත්තේ මන්ත්‍ර දැන නුවණ අනුව ගිය කායකර්මයෙන් හැසිරෙමි.
|
458
‘‘සඞ්ඝාටිවාසී
අලිප්පමානො ඉධ මාණවෙහි, අකල්ලං මං බ්‍රාහ්මණ පුච්ඡසි ගොත්තපඤ්හං’’.
|
458
“තුන්සිවුර අඳින්නේ ආශානැත්තේ ඉවත්කරණ ලද දැළිරැවුල් ඇති ඉතා සංසිඳුනු සිත් ඇත්තේ ඉතා විවේකව වසන්නේවෙමි. බමුණ මාගෙන් ගොත්‍ර විචාරන්නෙහි නම් නුසුදුසුය.”
|
459
‘‘පුච්ඡන්ති
|
459 |
460
‘‘බ්රාහ්මණො හි චෙ ත්වං බ්රූසි, මඤ්ච බ්රූසි අබ්රාහ්මණං;
තං තං සාවිත්තිං පුච්ඡාමි, තිපදං චතුවීසතක්ඛරං.
|
460
“පින්වත් බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයෙක්ද භාරද්වාජයෙක්දැයි, ගොත්‍රය විචාරද්ද, ඉදින් බ්‍රාහ්මණයෝ අනිකක් කියන්නාහුනම් බමුණකු නොවූ ඔබගෙන් පද තුනක් ඇති, අකුරු 24 ක් ඇති වෙදවාක්යය අසන්නෙමි.
|
461
‘‘කිං
යඤ්ඤමකප්පයිංසු පුථූ ඉධ ලොකෙ
(දුතියපාදන්තො (සී.)).
|
461
“මේ ලෝකයෙහි බොහෝ ඍෂීහු මනුෂ්‍යයෝ ක්ෂත්රියෝ බ්‍රාහ්මණයෝ කුමක් ඇසුරුකොට දෙවියන්ට යාගකළාහුද, යාග කාලයෙහි යමෙක් දැනීම් තුනින් කෙළවරට ගියාහුද, මාර්ග ඥානවෙදයෙන් කෙළවරට ගියාහුද යමෙකුට යාග ද්‍රව්‍ය ලැබෙන්නේද, ඔහුට එය සඵලයයි කියමි.
|
462
‘‘යදන්තගූ වෙදගූ යඤ්ඤකාලෙ, යස්සාහුතිං ලභෙ තස්සිජ්ඣෙති බ්රූමි’’.
|
462 |
463
‘‘අද්ධා හි තස්ස හුතමිජ්ඣෙ, (ඉති බ්රාහ්මණො)
යං තාදිසං වෙදගුමද්දසාම;
තුම්හාදිසානඤ්හි අදස්සනෙන, අඤ්ඤො ජනො භුඤ්ජති පූරළාසං’’.
|
463
“යම්හෙයකින් අපි වේද දත් බුදුන් දකිමුද ඒකාන්තයෙන් ඒ අපගේ යාගය ඉෂ්ටවේ, ඔබවහන්සේ වැනි වේද දතුවන් නොදැකීමෙන් අන්‍ය ජනයෝ යාග බතද කැවුම්ද අනුභව කරත්.”
|
464
‘‘තස්මාතිහ ත්වං බ්‍රාහ්මණ අත්ථෙන, අත්ථිකො උපසඞ්කම්ම පුච්ඡ;
සන්තං විධූමං අනීඝං නිරාසං, අප්පෙවිධ අභිවින්දෙ සුමෙධං’’.
|
464
“යම්හෙයකින් මා කෙරෙහි පැහැදුනේද එහෙයින් බමුණ මෙහි අභිවෘද්ධියක් කැමතිවන්නෙහි නම් කෙලෙස් ගිනි නිවීමෙන් ශාන්තවූ, ක්‍රොධ දුම්නැති දුක්නැති, ආසානැති ඤාණවන්ත දක්ෂිණාර්හයා මෙහිම හෝ ලබන්නෙහිය, පැමිණ විචාරව.”
|
465
‘‘යඤ්ඤෙ රතොහං භො ගොතම, යඤ්ඤං යිට්ඨුකාමො නාහං පජානාමි;
අනුසාසතු මං භවං, යත්ථ
|
465
“භවත් ගෞතමයන් වහන්ස, මම දීමෙහි ඇලුනේ දානයක් දෙනු කැමැත්තේවෙමි, යම්තැනක යාගපූජාව කරණලද්දේ අදහස් ඉටුවේද, එය මට කියනු මැනවි. මම නොදනිමි. මට පින්වතුන් වහන්සේ අනුශාසනා කරණසේක්වා.”
|
466
‘‘මා
නීචාකුලීනොපි
|
466
“ඉදින් දානයෙහි මහත් ඵලය කැමැත්තේ නම් ජාතිය නොවිචාරව, ශීලාදිය නොවිචාරව, කෙබඳු දරවලින් හෝ ගිනි උපදී, පහත් කුලයක උපන්නාවූද ක්ෂීණාශ්රව මුනි තෙමේ ධෛර්ය්ය ඇති පව්කෙරෙන් ලජ්ජාවෙන් පවින් දුරුව සිටි පුරුෂ ශ්රේෂ්ඨයෙක්වේ.
|
467
‘‘සච්චෙන දන්තො දමසා උපෙතො, වෙදන්තගූ වූසිතබ්රහ්මචරියො;
කාලෙන තම්හි හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො
(පුඤ්ඤපෙඛො (සී. පී.)) යජෙථ.
|
467
“පරමාර්ථ සත්‍යයෙන් දැමුනාවූ, ඉන්ද්රිය දමනයෙන් යුක්තවූ වෙදනම් සතර මාර්ගඥානයෙන් යුක්තවූ වැස නිමවනලද බඹසර ඇත්තාවූ ඒ පුද්ගලයා කෙරෙහි යම් බ්‍රාහ්මණයෙක් පින් කැමැත්තෙන් දෙන්නෙහි නම්, සුදුසු කාලයෙහි යාගද්‍රව්‍ය පුදන්නේය.
|
468
‘‘යෙ
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
468
“යම්කිසි කෙනෙක් යහපත් සංවරයෙන් යුක්ත බැවින් ඇදනැති නූල් බඳින ලීය මෙන් කාමයන් අත්හැර ආශා නැතිව හැසිරෙත්ද, යම් බ්‍රාහ්මණයෙක් පින් කැමැත්තෙන් පුදන්නේ නම් උන්වහන්සේලා කෙරෙහි පූජාද්‍රව්‍ය දෙන්නේය.
|
469
‘‘යෙ වීතරාගා සුසමාහිතින්ද්රියා, චන්දොව රාහුග්ගහණා පමුත්තා;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
469
“යම් කෙනෙක් රාහුගේ ගැනීමෙන් මිදුන චන්ද්‍රයා මෙන් පහවූ රාග ඇත්තාහුද මනාකොට සන්හුන් ඉන්ද්රියයන් ඇත්තේද, පින් කැමති යම් බමුණෙක් දන් දෙන්නේ නම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
470
‘‘අසජ්ජමානා විචරන්ති ලොකෙ, සදා සතා හිත්වා මමායිතානි;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
470
“යමෙක් හැමකල්හි සිහිඇතිව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ගැනීම අත්හැර ලෝකයෙහි නොගැටෙමින් හැසිරෙත්ද, පින් කැමති යම් බ්‍රාහ්මණයෙක් පුදන්නේ නම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍ය පුදන්නේය.
|
471
‘‘යො කාමෙ හිත්වා අභිභුය්යචාරී, යො වෙදි ජාතීමරණස්ස අන්තං;
පරිනිබ්බුතො
|
471
“යම්කෙනෙක් ක්ලෙශකාමයන් අත්හැර වස්තු කාමයන් මැඩපවත්වා හැසිරේද, යමෙක් ඉපදීම මැරීම යන මෙහි අවසනට පැමිණියේද, සිහිල්වූ දියවිලක් මෙන් පිරිනිවියේද, ඒ තථාගතතෙම යාගද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුය.
|
472
‘‘සමො
අනූපලිත්තො ඉධ වා හුරං වා, තථාගතො අරහති පූරළාසං.
|
472
“අප්‍රමාණ නුවණ ඇති තථාගතතෙමේ සමවන අය කෙරෙන් සමවුයේ විෂමයන් කෙරෙන් ඈත්වූයේ මෙලොව හෝ පරලොව හෝ නොඇලුනේ යාගද්රව්යයට සුදුසු වේ.
|
473
‘‘යම්හි
පනුණ්ණකොධො අභිනිබ්බුතත්තො, යො බ්රාහ්මණො සොකමලං අහාසි;
තථාගතො අරහති පූරළාසං.
|
473
“යමෙකු කෙරෙහි මායාව නොවසාද මානය නැත්තේද, යමෙක් පහවූ ලෝභ ඇත්තේද මමත්වය නැත්තේද ආශානැත්තේද, ක්‍රෝධය දුරුකෙළේද මනාව නිවුණු ආත්මය ඇත්තේද, යම් ඒ බ්‍රාහ්මණයෙක් පියුමක් කොට කීයේද ඒ තථාගතතෙම යාගද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුය.
|
474
‘‘නිවෙසනං යො මනසො අහාසි, පරිග්ගහා යස්ස න සන්ති කෙචි;
අනුපාදියානො ඉධ වා හුරං වා, තථාගතො අරහති පූරළාසං.
|
474
“යම් නිවෙසන නම් මනසක් කියේද යමෙකුට තෘෂ්ණාදෘෂ්ටි ගැනීමක් නොවෙත්ද මෙලොව හෝ පරලොව හෝ එය නොගන්නාවූ තථාගත තෙමේ යාග ද්‍රව්‍ය බුදීමට සුදුසුවේ.
|
475
‘‘සමාහිතො යො උදතාරි ඔඝං, ධම්මං චඤ්ඤාසි පරමාය දිට්ඨියා;
ඛීණාසවො අන්තිමදෙහධාරී, තථාගතො අරහති පූරළාසං.
|
475
“යමෙක් එකඟවූ සිත් ඇත්තේද සතර ඕඝය එතර වුනේද ශ්‍රේෂ්ඨ දෘෂ්ටියෙන් ධර්මය දත්තේද අන්තිම දෙහය දරණ ක්ෂීණාශ්රවවූ තථාගතතෙම යාගද්රව්යයට සුදුසුවේ.
|
476
‘‘භවාසවා යස්ස වචී ඛරා ච, විධූපිතා අත්ථගතා න සන්ති;
ස වෙදගූ සබ්බධි විප්පමුත්තො, තථාගතො
|
476
“යමක්හුගේ භවතෘෂ්ණාවද, වචනයේ කෲර බවද දවන ලද්දේද, ආස්තයට යවන ලද්දේද, නොවෙත්ද, වෙද දත් සියලු ස්කන්ධ ආයතනයන්හි මිදුණු තථාගත තෙම යාගද්‍රව්‍ය ලැබීමට සුදුසුය.
|
477
‘‘සඞ්ගාතිගො යස්ස න සන්ති සඞ්ගා, යො මානසත්තෙසු අමානසත්තො;
දුක්ඛං
|
477
“රාගාදී ඇලීම් ඉක්මවූ යමෙක්හට ඇලීම් නැත්තේද, මානයෙහි ඇලුනවුන් අතරෙහි මානයෙහි නොඇලුන සත්වයෙක්වේද ඒ හේතු සහිත ප්‍රත්‍යය සහිත දුක පිරිසිඳ දත් තථාගත තෙමේ යාගද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුවෙයි.
|
478
‘‘ආසං
ආරම්මණා යස්ස න සන්ති කෙචි, තථාගතො අරහති පූරළාසං.
|
478
“තෘෂ්ණාවට නොබැඳී නිවණ දක්නාසුලුවූ අනුන් විසින් දැන්වියයුතු දෙසැට මිථ්‍යාදෘෂ්ටිය ඉක්මවූ යමෙක්හට නැවත උත්පත්ති හේතුවක් නැත්තේද, ඒ තථාගත තෙමේ යාගද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුය.
|
479
‘‘පරොපරා
(පරොවරා (සී. පී.)) යස්ස සමෙච්ච ධම්මා, විධූපිතා අත්ථගතා න සන්ති;
සන්තො උපාදානඛයෙ විමුත්තො, තථාගතො අරහති පූරළාසං.
|
479
“තමා තුළ ඇත්තාවූද තමාගෙන් පිටත ඇත්තාවූද, ස්කන්ධ ආයතනාදී ධර්මයන් දැන, පිඹ හරිනලද්දාහුද, අස්තයට යවන ලද්දාහුද, නොවෙත්ද, (හෙතෙමේ) ශාන්ත වූයේ නිවන් අරමුණුකොට කෙලෙසුන්ගෙන් මිදුනේද, ඒ තථාගත තෙමේ යාගද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුය.
|
480
‘‘සංයොජනං
සුද්ධො නිදොසො විමලො අකාචො
(අකාමො (සී. ස්‍යා.)), තථාගතො
|
480
“සංයෝජනද, උත්පතිතියද ක්ෂයවීම දක්නා සුලු යමෙක් තෙමේ රාගය ඉතිරි නොකොට දුරුකෙළේද පිරිසිදුවූ රාගද්වේෂ මෝහ දෝෂනැති, නිර්මලවූ පව්නොකරණ තථාගතතෙම යාගද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුය.
|
481
‘‘යො අත්තනො අත්තානං
(අත්තනාත්තානං (සී. ස්‍යා.)) නානුපස්සති, සමාහිතො උජ්ජුගතො ඨිතත්තො;
ස වෙ අනෙජො අඛිලො අකඞ්ඛො, තථාගතො අරහති පූරළාසං.
|
481
“යමෙක් තෙමේ ස්කන්ධ මිස ආත්මය කියා දෙයක් නොදකීද? මාර්ග සමාධියෙන් යුක්තද කායවංකාදිය නැද්ද? කම්පා නොවන්නේද ඒජා නම් තෘෂ්ණාවද සිත්හි උල්ද අටතන්හි සැකද නැත්තේද, ඒ තථාගත තෙමේ යාග ද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුය.
|
482
‘‘මොහන්තරා යස්ස න සන්ති කෙචි, සබ්බෙසු ධම්මෙසු ච ඤාණදස්සී;
සරීරඤ්ච අන්තිමං ධාරෙති, පත්තො ච සම්බොධිමනුත්තරං සිවං;
එත්තාවතා යක්ඛස්ස සුද්ධි, තථාගතො අරහති පූරළාසං’’.
|
482
“යමක්හට මෝහය හේතුකොට ගෙන කිසි අනතුරක් නැද්ද සියලු දෙය ඤාණයෙන් දක්නාසුලු වේද? අන්තිම ශරීරය දරන්නේද පසේබුදුන් ආදීන් හා අසාධාරණ නිර්භය බුදුබවට පැමුණුනේද මෙපමණකින් පුරුෂයාගේ සුද්ධිය වේද ඒ තථාගතතෙම යාග ද්‍රව්‍ය පිළිගැනීමට සුදුසුය.
|
483
‘‘හුතඤ්ච
බ්රහ්මා හි සක්ඛි පටිගණ්හාතු මෙ භගවා, භුඤ්ජතු මෙ භගවා පූරළාසං’’.
|
483
“මා විසින් පෙර බ්‍රහ්මයා අරභයා ගිනිදෙවියා පිදූ යෙම්ද, එය සත්‍ය හෝ බොරු හෝ නොදනිමි. අද ඔබ වැනි යාග ගැන දන්නෙක් ලැබුණු බැවින් සත්‍ය පිදීමක් වේවා. ඔබවහන්සේ ප්රත්යක්ෂ බ්‍රහ්මයාය. භාග්‍යවතුන් වහන්සේ මාගේ යාග ද්‍රව්‍ය පිළිගන්නාසේක්වා. භාග්‍යවතුන් වහන්සේ මාගේ යාග ද්‍රව්‍ය වළඳනසේක්වා.
|
484
‘‘ගාථාභිගීතං මෙ අභොජනෙය්යං, සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො;
ගාථාභිගීතං පනුදන්ති බුද්ධා, ධම්මෙ සතී බ්‍රාහ්මණ වුත්තිරෙසා.
|
484
(ඡෙද දෙක උරග වර්ගයෙහි 4 කසීභාරද්වාජ සූත්‍රයෙහි 6-7 ඡේද මෙනි.)
|
485
‘‘අඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං, ඛීණාසවං කුක්කුච්චවූපසන්තං;
අන්නෙන පානෙන උපට්ඨහස්සු, ඛෙත්තඤ්හි තං පුඤ්ඤපෙක්ඛස්ස හොති’’.
|
485 |
486
‘‘සාධාහං
යං යඤ්ඤකාලෙ පරියෙසමානො, පප්පුය්ය තව සාසනං’’.
|
486
“භාග්‍යවතුන්වහන්ස, යහපත, මම ඔබ වහන්සේගේ අවවාදයෙහි සිට යම්සේ දන්නේ නම් යාග අවස්ථාවෙහි මා විසින් උපස්ථාන කළයුතු එබඳු දක්ෂිණාර්හ කෙනෙක් මට පෙන්වනු මැනවි.”
|
487
‘‘සාරම්භා යස්ස විගතා, චිත්තං යස්ස අනාවිලං;
විප්පමුත්තො ච කාමෙහි, ථිනං යස්ස පනූදිතං.
|
487
“යමෙකුගේ එකට එක කිරීම පහවූයේද, යමෙකුගේ සිත නොකැළඹුනේද, කාමයන්ගෙන් මිදුනේද, යමෙකුගේ කයෙහි ගිලන්කම නැද්ද,
|
488
‘‘සීමන්තානං
මුනිං මොනෙය්යසම්පන්නං, තාදිසං යඤ්ඤමාගතං.
|
488
“කෙලෙසුන් නැති කරන්නාවූ, ඉපදීම මරණය දෙකෙහි දක්ෂවූ නුවණින් යුක්තවූ එබඳු මුනිතෙම යාගයට පැමිණියේය.
|
489
‘‘භකුටිං
(භූකුටිං (ක. සී.), භාකුටිං (ක. සී., ම. නි. 1.226)) විනයිත්වාන, පඤ්ජලිකා නමස්සථ;
පූජෙථ අන්නපානෙන, එවං ඉජ්ඣන්ති දක්ඛිණා.
|
489
“බැම හැකිලවීම නොකොට ඇඳිලි බැඳ නමස්කාර කරව්. ආහාරපානවලින් පුදව්. දක්ෂිණා තොමෝ මෙසේ සම්බන්ධ වේ.
|
490
‘‘බුද්ධො
ආයාගො සබ්බලොකස්ස, භොතො දින්නං මහප්ඵල’’න්ති.
|
490
“සියලු ලෝකයා විසින් පැමිණ පිදිය යුතුවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රවූ නිරුත්තරවූ පින්වත් බුදුරජාණන් වහන්සේ යාග ද්‍රව්‍ය පිදීමට සුදුසුය. පින්වතුන් වහන්සේට දෙනලද්ද මහත් ඵල ඇත්තේය.
|
5. මාඝසුත්තං | 5. මාඝ සූත්‍රය |
491
‘‘පුච්ඡාමහං ගොතමං වදඤ්ඤුං, (ඉති මාඝො මාණවො)
කාසායවාසිං අගහං
(අගිහං (සී.), අගෙහං (පී.)) චරන්තං;
යො යාචයොගො දානපති
(දානපතී (සී. ස්‍යා. පී.)) ගහට්ඨො, පුඤ්ඤත්ථිකො
(පුඤ්ඤපෙඛො (සී. පී. ක.)) යජති පුඤ්ඤපෙක්ඛො;
දදං
|
491
(i) “මාඝමාණවකතෙම පින්වත කසට වස්ත්‍ර හඳින ගිජු නොවී වාසය කරණ වචන දන්නාවූ ගෞතමයන් වහන්සේ ගෙන් විචාරමුය, පින් බලාපොරොත්තුවන පින් කැමැත්තා මෙලොව ආහාරපාන අන්‍යයන්ට දෙන්නේ යාගකරන්නාහට කවර තැනෙක යාග කළොත් මහත්ඵල වන්නේද,
|
492
‘‘යො යාචයොගො දානපති ගහට්ඨො, (මාඝාති භගවා)
පුඤ්ඤත්ථිකො යජති පුඤ්ඤපෙක්ඛො;
දදං පරෙසං ඉධ අන්නපානං, ආරාධයෙ දක්ඛිණෙය්යෙභි තාදි’’.
|
492
(2) (i) “මාඝය මේ ලෝකයෙහි දීමට ඉල්ලීමට සුදුසු දානපතිවූ යම් ගෘහස්ථයෙක් පින් කැමැත්තේ පින බලාපොරොත්තුවෙන් පූජාකරයිද, අන්‍යයන්ට ආහාරපාන දෙමින් කෙළෙස් නැතිකළ දක්ෂිණාර්හයන් සමග සතුටු වන්නේයයිද භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
493
‘‘යො
පුඤ්ඤත්ථිකො යජති පුඤ්ඤපෙක්ඛො;
දදං පරෙසං ඉධ අන්නපානං, අක්ඛාහි මෙ භගවා දක්ඛිණෙය්යෙ’’.
|
493
(3) මෙය (i) මෙහි 2 (i) මෙනි.)
භාග්‍යවතුන් වහන්සේ මට දක්ෂිණාර්හයන් වදාළ මැනව.
|
494
‘‘යෙ
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
494
“යම් කෙනෙක් ඒකාන්තයෙන් ලෝකයෙහි රාගාදියෙහි නොගෑවී කිසිවක් නැතිව වැඩ අවසන්කර රක්නාලද සිත් ඇත්තෝව වාසය කරත්ද, (ii) පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
495
‘‘යෙ සබ්බසංයොජනබන්ධනච්ඡිදා, දන්තා විමුත්තා අනීඝා නිරාසා;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
495
“යම්කෙනෙක් සියලු සංයෝජන බැමි සුන්කළාහුද දැමුනාහුද, කෙලෙසුන්ගෙන් මිදුනාහුද, දුක් නැද්ද, දැන් කෙළෙස් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
496
‘‘යෙ
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
496
“යම්කෙනෙක් සියලු සංයෝජන බැමි මිදුනාහුද දැමුනාහුද, කෙලෙසුන්ගෙන් මිදුනාහුද, දුක් නැද්ද, දැන් කෙළෙස් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
497
‘‘රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, ඛීණාසවා වූසිතබ්රහ්මචරියා;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
497
“රාගයද, ද්වේෂයද, මෝහයද පහකොට කෙලෙසුන් නැසුවෝද, වැසනිමවන ලද බඹසර ඇත්තාහුද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
498
‘‘යෙසු න මායා වසති න මානො, ඛීණාසවා වූසිතබ්රහ්මචරියා;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
498
“යම්කෙනෙකුන් කෙරෙහි රැවටිල්ල නැත්තේද මානයක් නොවේද, යම් කෙනෙක් පහවූ ලෝභ ඇත්තේද මමත්වය නැත්තේද ආශානැත්තේද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
499
‘‘යෙ
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
499
“යම්කෙනෙක් ඒකාන්තයෙන් තෘෂ්ණාවන්හි නොවැටුණහුද කාම සැඩවතුරු තරණය කොට මමත්වය නැතිව හැසිරෙද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
500
‘‘යෙ
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
500
“යම්කිසි කෙනෙකුන්ට ලෝකයෙහි මෙලොව හෝ පරලොව කොයිතැනත් තෘෂ්ණාවක් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
501
‘‘යෙසං තණ්හා නත්ථි කුහිඤ්චි ලොකෙ, භවාභවාය ඉධ වා හුරං වා;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
501
(3 වර්ගයේ 30 සූත්‍රයේ 11 ඡේදය මෙනි.)
|
502
‘‘යෙ කාමෙ හිත්වා අගහා චරන්ති, සුසඤ්ඤතත්තා තසරංව උජ්ජුං;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
502
(3 වර්ගයේ 30 සූත්‍රයේ 12 ඡේදය මෙනි.)
|
503
‘‘යෙ වීතරාගා සුසමාහිතින්ද්රියා, චන්දොව රාහුග්ගහණා පමුත්තා;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
503 |
504
‘‘සමිතාවිනො වීතරාගා අකොපා, යෙසං ගතී නත්ථිධ විප්පහාය;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
504
“යම් කෙනෙක් ශමනය කළ කෙළෙස් ඇත්තාහුද, පහවූ රාග ඇත්තාහුද, බාධා නොකළහැකිද වර්තමාන සම්බන්ධ අත්හැර ඇලීමක් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
505
‘‘ජහිත්වා ජාතිමරණං අසෙසං, කථංකථිං සබ්බමුපාතිවත්තා;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
505
“ජාති, ජරා, මරණ අත්හැර සියල්ල ඉක්මෙවූවාහු සැක නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
506
‘‘යෙ
කාලෙන
|
506
“යම්කෙනෙක් රාගාදී කිසි ක්ලේශයක් නැතිව සර්වප්රකාරයෙන් මිදී ලෝකයෙහි තමන් පහනක් මෙන් හැසිරෙත්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
507
‘‘යෙ හෙත්ථ ජානන්ති යථා තථා ඉදං, අයමන්තිමා නත්ථි පුනබ්භවොති;
කාලෙන තෙසු හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ.
|
507
“යම් කෙනෙක් ස්කන්ධ ආයතනාදී ශරීරය අනිත්‍ය යයිදනීද, මේ අවසාන ජාතිය වෙයි. නැවත භවයක් නැතැයි යම් යම් විධියකින් දනිත්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
|
508
‘‘යො
කාලෙන තම්හි හබ්යං පවෙච්ඡෙ, යො බ්රාහ්මණො පුඤ්ඤපෙක්ඛො යජෙථ’’.
|
508
“වේද දත් යම්කෙනෙක් ධ්‍යානයෙහි ඇලුනේද, සිහි ඇත්තේද, බොහෝදෙනාට පිහිටවූ බුදුබවට පැමිණියේද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය. ”
|
509
‘‘අද්ධා අමොඝා මම පුච්ඡනා අහු, අක්ඛාසි මෙ භගවා දක්ඛිණෙය්යෙ;
ත්වඤ්හෙත්ථ ජානාසි යථා තථා ඉදං, තථා හි තෙ විදිතො එස ධම්මො.
|
509
“ඒකාන්තයෙන් මාගේ ඇසීම හිස් නොවූයේය. භාග්‍යවතුන් වහන්සේ මට දක්ෂිණාර්හයන් වදාළසේක. ඔබවහන්සේ වනාහි ලෝකයෙහි දතයුතු සියල්ල යම් ඒ විධියකින් දතයුත්තේද, ඒ ඒ විධියෙන් අවබෝධ කරණලදී.
|
510
‘‘යො යාචයොගො දානපති ගහට්ඨො, (ඉති මාඝො මාණවො)
පුඤ්ඤත්ථිකො යජති පුඤ්ඤපෙක්ඛො;
දදං පරෙසං ඉධ අන්නපානං,
අක්ඛාහි මෙ භගවා යඤ්ඤසම්පදං’’.
|
510
“දීමට ඉල්ලීමට සුදුසු යම් දානපති ගෘහස්ථයෙක් වූ මාඝ තරුණතෙම පින් බලාපොරොත්තු වන්නේ පින් බලාපොරොත්තුවෙන් මේ ලෝකයෙහි අන්‍යයන්ට ආහාරපාන දෙන්නේද භාග්‍යවතුන් වහන්සේ මට දාන සම්පත්තිය වදාරණු මැනවි.”
|
511
‘‘යජස්සු යජමානො මාඝාති භගවා, සබ්බත්ථ ච විප්පසාදෙහි චිත්තං;
ආරම්මණං යජමානස්ස යඤ්ඤො, එත්ථප්පතිට්ඨාය ජහාති දොසං.
|
511
“මාඝය, දන්දෙනු ලබන්නේ දෙව, හැමතන්හි සිත පහදව, දන්දෙන්නාට දියයුත්තේයයි කියනලද දානය අරමුණවේ. මෙහි පිහිටා ද්වේෂය නැතිකරයි.
|
512
‘‘සො
රත්තින්දිවං සතතමප්පමත්තො, සබ්බා දිසා ඵරති අප්පමඤ්ඤං’’.
|
512
“ඒ පහවූ රාග ඇත්තේ ද්වේෂය නසා අප්‍රමාණ මෛත්‍රී සිත වඩන්නේ රෑදාවල් දෙකෙහි නිතර අප්‍රමාදවූයේ සියලු දිශාවන්හි අප්‍රමාණ මෛත්‍රිය පතුරුවයි.”
|
513
‘‘කො
අජානතො මෙ මුනි බ්රූහි පුට්ඨො, භගවා හි මෙ සක්ඛි බ්රහ්මජ්ජදිට්ඨො;
තුවඤ්හි
|
513
“කවරෙක් ශුද්ධවේද, මිදේද, බැඳේද, තමන් කවරකින් බඹලොව යද්ද, විචාරණලද මට නොදන්නා හෙයින් වදාළ මැනව. මා විසින් අද්දුටු ප්රත්යක්ෂ බ්‍රහ්මයා භාග්යවත්තෙමේය. නුඹවහන්සේ අපට බ්‍රහ්මයා සමානය යනු සත්‍යය. භාග්‍යවතුන් වහන්ස බ්‍රහ්මලෝකයෙහි කෙසේ උපදින්නේද?”
|
514
‘‘යො යජති තිවිධං යඤ්ඤසම්පදං, (මාඝාති භගවා)
ආරාධයෙ දක්ඛිණෙය්යෙභි තාදි;
එවං
උපපජ්ජති බ්රහ්මලොකන්ති බ්රූමී’’ති.
|
514
“මාඝය, යම්කිසි කෙනෙක් ත්‍රිවිධ දාන සම්පත්තිය පුදාද ගුණවත් දක්ෂිණාර්හයන් සමග සතුටුවේද, මෙසේ දන්දී මනාකොට දීමට ඉල්ලීමට යොග්‍යවූයේ බ්‍රහ්ම ලෝකයෙහි උපදීයයි” කියමි.
|
6. සභියසුත්තං | 6. සභිය සූත්‍රය |
515
‘‘කඞ්ඛී වෙචිකිච්ඡී ආගමං, (ඉති සභියො)
පඤ්හෙ පුච්ඡිතුං අභිකඞ්ඛමානො;
තෙසන්තකරො භවාහි
(භවාහි මෙ (පී. ක.)) පඤ්හෙ මෙ පුට්ඨො,
අනුපුබ්බං අනුධම්මං බ්යාකරොහි මෙ’’.
|
515
(i) “ඇසීමට සැක ඇත්තෙමි. ප්‍රශ්න කෙරෙහි සැක ඇත්තෙමි. ප්‍රශ්න ඇසීමට ඉතාම කැමැත්තෙන් පැමිණියෙමි. ප්රශ්නයන් මා විසින් විචාරණ ලද්දේ ඔවුන් අවසන් කරන්නෙකු වේවා පිළිවෙළින් ප්‍රශ්නයන්ට පිළිතුරු පාළියට නගා මට ප්‍රකාශ කරන්නැයි” සභිය කියා සිටියේය.
|
516
‘‘දූරතො
පඤ්හෙ පුච්ඡිතුං අභිකඞ්ඛමානො;
තෙසන්තකරො භවාමි
(තෙසමන්තකරොමි තෙ (ක.)) පඤ්හෙ තෙ පුට්ඨො,
අනුපුබ්බං අනුධම්මං බ්යාකරොමි තෙ.
|
516
(ii) “සභිය, ප්‍රශ්න විචාරන්නට කැමැත්තෙන් දුර සිට ආයෙහිද? විචාරණ ලද ඒ ප්‍රශ්න නිරාකරණය කරමි. තොපට ප්‍රශ්න අනුව අර්ථයට ගැලපෙන පාළියට නගා එය ප්‍රකාශ කරමි.
|
517
‘‘පුච්ඡ
තස්ස තස්සෙව පඤ්හස්ස, අහං අන්තං කරොමි තෙ’’ති.
|
517
(iii) “යම් කිසිවෙක් සිත කැමැත්තෙහි නම් සභිය මාගෙන් ඒ ප්‍රශ්න අසව. ඒ ඒ ප්රශ්නය මම අවසන් කරමි.”
|
518
‘‘කිං පත්තිනමාහු භික්ඛුනං, (ඉති සභියො)
සොරතං කෙන කථඤ්ච දන්තමාහු;
බුද්ධොති කථං පවුච්චති,
පුට්ඨො මෙ භගවා බ්යාකරොහි’’.
|
518
“භික්ෂූන් විසින් කුමක් ලබන ලද්දේද? කුමකින් සන්සිඳුනේද? කෙසේ දැමුනාහුද? බුදුන් යයි කෙසේ කියයිද? විචාළ මට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරණු මැනවයි” සභියතෙමේ ඇසීය.
|
519
‘‘පජ්ජෙන
පරිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො;
විභවඤ්ච භවඤ්ච විප්පහාය,
වුසිතවා ඛීණපුනබ්භවො ස භික්ඛු.
|
519
“සභිය, යමෙක් තමා විසින් පුරුදු කරණ ලද මාර්ගයෙන් ක්ලෙශ පරිනිර්වාණයට පැමිණියේද, පහකළ සැක ඇත්තේද, ශාස්වත උච්ඡෙද දෘෂ්ටි හැර බඹසර වැස නිමවා ක්ෂය කළ නැවත උත්පත්තිය ඇත්තේ ද ඒ මහණතෙම,
|
520
‘‘සබ්බත්ථ
තිණ්ණො සමණො අනාවිලො, උස්සදා යස්ස න සන්ති සොරතො සො.
|
520
“හැම අරමුණකම මධ්‍යස්ථවූයේ සිහියෙන් යුක්ත වූයේ ලෝකයෙහි කිසිසත්වයෙකුට හිංසා නොකෙරේද යමෙක් හට ක්ලෙශ නැද්ද, හෙතෙම නොයෙක් කෙලෙස් සංසිඳවූ බැවින් සතර ඕඝයෙන් එතරවූයේය. පව් සමනය කළේය. අවුල් අදහස් ප්‍රහීන කෙළේය.
|
521
‘‘යස්සින්ද්රියානි භාවිතානි, අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ;
නිබ්බිජ්ඣ ඉමං පරඤ්ච ලොකං, කාලං කඞ්ඛති භාවිතො ස දන්තො.
|
521
“යමක්හු විසින් සියලු ස්කන්ධ ලෝකයෙහි තමා තුළද පිටත්හිද ඉන්ද්රියයන් සයදෙන පුරුදු කරණ ලද්දාහුද, මෙලොවද, පරලොවද දැන කල් බලයි. පුරුදු කරණ ලද ඉඳුරන් ඇති හෙතෙම දැමුනේය.
|
522
‘‘කප්පානි විචෙය්ය කෙවලානි, සංසාරං දුභයං චුතූපපාතං;
විගතරජමනඞ්ගණං
|
522
“සියලු තෘෂ්ණා දෘෂ්ටීන් අනිත්‍යාදී වශයෙන් බලා සංසාරයද චුති උත්පත්ති දෙකද දැන පහවූ රාගාදී ධූලි ඇති කෙලෙස් නැති පිරිසිදුවූ නිවණට පැමිණි හෙතෙම බුද්ධ යයි කීහු.
|
523
‘‘කිං
සමණං කෙන කථඤ්ච න්හාතකොති;
නාගොති
පුට්ඨො මෙ භගවා බ්යාකරොහි’’.
|
523
“බමුණන් විසින් කුමක් බලාපොරොත්තුවන කෙසේ ලද්දෝද, කුමකට පැමිණියහුට බ්‍රාහ්මණයයි කියාද, ශ්‍රමණයා සෝදා හරිනලද පව් ඇත්තේවේද, නාගයයි කෙසේ කියන ලද්දේද, මවිසින් විචාරණ ලද භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරණු මැනවියි” සභියතෙමේ ඇසීය.
|
524
‘‘බාහිත්වා සබ්බපාපකානි, (සභියාති භගවා)
විමලො සාධුසමාහිතො ඨිතත්තො;
සංසාරමතිච්ච කෙවලී සො,
අසිතො තාදි පවුච්චතෙ ස බ්රහ්මා.
|
524
“සභියය පරමාර්ථ බ්‍රාහ්මණතෙම සියලු පාපයන් දුරුකොට නිර්මලවූයේ අර්හත් ඵල සමාධියෙන් යහපත්යයි නිශ්චයවූයේද, ස්ථිරවූයේද, සංසාර හේතුව ඉක්මවා කටයුතු අවසන් කර තනිවූයේද, හෙතෙම තෘෂ්ණාදිය ඇසුරු නොකළේ ලොක ධර්මයෙන් වෙනසකට නොපැමුණේ යයි කියන ලදී.
|
525
‘‘සමිතාවි පහාය පුඤ්ඤපාපං, විරජො ඤත්වා ඉමං පරඤ්ච ලොකං;
ජාතිමරණං උපාතිවත්තො, සමණො තාදි පවුච්චතෙ තථත්තා.
|
525
“පින් පවු අත්හැර රහත් මගින් කෙලෙස් සමනය කොට කෙලෙස් රජස් නැතිව මෙලොවද පරලොවද දැන උත්පත්තිය හා මරණය දුරුකළේ ශ්‍රමණයායයි කියනු ලැබේ.
|
526
‘‘නින්හාය
දෙවමනුස්සෙසු
|
526
“අධ්‍යාත්මයෙහිද පිටත්හිද සියලු ලෝකයෙහි සියලු ලාමක දෙය සෝදා හැර තෘෂ්ණා දෘෂ්ටි සිතීම් වලින් සිතිය යුතු දෙවි මිනිසුන් කෙරෙහි රාගාදී සිතීමකට නොපැමිණියේහුයි. ඔහු නෑවේයයි කියනු ලැබේ.
|
527
‘‘ආගුං න කරොති කිඤ්චි ලොකෙ, සබ්බසංයොගෙ
(සබ්බයොගෙ (ක.)) විසජ්ජ බන්ධනානි;
සබ්බත්ථ න සජ්ජතී විමුත්තො, නාගො තාදි පවුච්චතෙ තථත්තා’’ති.
|
527
“ලෝකයෙහි සියලු දසසංයෝජනාදී බැමිද කාමාදී සංයොගද, මුදාහැර පවක් නොකෙරේද, කිසි ස්කන්ධයක නොඇලේද, කෙලෙසුන්ගෙන් මිදුණු එබඳු තැනැත්තේ නාගයයි කියනු ලැබේ.”
|
528
‘‘කං ඛෙත්තජිනං වදන්ති බුද්ධා, (ඉති සභියො)
කුසලං කෙන කථඤ්ච පණ්ඩිතොති;
මුනි
පුට්ඨො මෙ භගවා බ්යාකරොහි’’.
|
528
“සභියතෙමේ, බුදුවරයෝ දක්ෂවූ කවරෙකුට ක්ෂෙත්ර සංඛ්‍යාත ආයතනයන්ගෙන් මිදුනේයයි කියත්ද කවර කරුණකින් කෙසේ පණ්ඩිතයයි කියනු ලැබේද කෙසේ මුනි නම් කියයිද, මවිසින් විචාරණ ලද භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරණු මැනවියි” ඇසීය.
|
529
‘‘ඛෙත්තානි විචෙය්ය කෙවලානි, (සභියාති භගවා)
දිබ්බං මානුසකඤ්ච බ්රහ්මඛෙත්තං;
සබ්බඛෙත්තමූලබන්ධනා පමුත්තො,
ඛෙත්තජිනො තාදි පවුච්චතෙ තථත්තා.
|
529
“සභියය, සියලු ආයතන නම් ක්ෂෙත්රයන් මැඩ සියලු දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආත්මභාව වලට අයත් ඇතුළත පිටත වශයෙන් විප්රකාරවූ දොළොස් ආයතන වලින් මිදුන ක්ෂෙත්රයන් ජයගත් තැනැත්තේ කම්පා නොවන බැවින් තාදීයයි කියනු ලැබේ.
|
530
‘‘කොසානි
සබ්බකොසමූලබන්ධනා පමුත්තො, කුසලො තාදි පවුච්චතෙ තථත්තා.
|
530
(මෙහි “ක්ෂෙත්රයන්ට” කුශලා කුශලකර්ම නැමැති “කොෂය” යනු යොදා 18 වෙනි ඡේදය යෙදිය යුතුයි.)
|
531
‘‘දුභයානි
කණ්හං සුක්කං උපාතිවත්තො, පණ්ඩිතො තාදි පවුච්චතෙ තථත්තා.
|
531
“පිරිසිදු නුවණ ඇත්තේ අධ්‍යාත්මයෙහිද පිටත්හිද දෙවැදෑරුම් ආයතනයන් පරීක්ෂාකොට කුශල අකුශලයන් ඉක්මවූ පණ්ඩිතතෙමේ නොසෙල්වෙන අර්ථයෙන් තාදීයයි කියනු ලැබේ.
|
532
‘‘අසතඤ්ච
දෙවමනුස්සෙහි පූජනීයො, සඞ්ගං ජාලමතිච්ච සො මුනී’’ති.
|
532
“ඒ මුනිතෙමේ රාගාදී ඇලීම්ද තෘෂ්ණා දෘෂ්ටි ආදී දැල්ද ඉක්මවා සියලු ලෝකයෙහි ඇතුළත්හිවූද පිටත්හිවූද අයහපත්වූද යහපත්වූද, ධර්මය දැන ගත් හෙතෙම දෙවි මිනිසුන් විසින් පිදිය යුතු වූයේවේද.
|
533
‘‘කිං පත්තිනමාහු
අනුවිදිතං කෙන කථඤ්ච වීරියවාති;
ආජානියො කින්ති නාම හොති,
පුට්ඨො මෙ භගවා බ්යාකරොහි’’.
|
533
“ධර්මය දැන වෙදය දත් වීර්ය ඇත්තේ කුමක් ලබන ලද්දේ ද, කවරෙකු විසින් කෙසේ ප්‍රකාශ කරණ ලද්දේද? ආජානෙයතෙමේ කවරෙක් වේද, මා විසින් අසන ලද්ද, භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශකොට වදාරණ සේක්වායි” සභිය තෙමේ ඇසීය.
|
534
‘‘වෙදානි විචෙය්ය කෙවලානි, (සභියාති භගවා)
සමණානං යානිධත්ථි
(යානිපත්ථි (සී. ස්‍යා. පී.)) බ්රාහ්මණානං;
සබ්බවෙදනාසු වීතරාගො,
සබ්බං වෙදමතිච්ච වෙදගූ සො.
|
534
“සභියය, ශ්රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද පනවන ලද සියලු වේදයන් සොයාබලා සියලු වේදනාවන්හි පහවූ ආශා ඇතිව හෙතෙම සියලු වේද ඉක්මවා වෙද දතුවෙක් වූයේය.
|
535
‘‘අනුවිච්ච පපඤ්චනාමරූපං, අජ්ඣත්තං
සබ්බරොගමූලබන්ධනා පමුත්තො, අනුවිදිතො තාදි පවුච්චතෙ තථත්තා.
|
535
“තෘෂ්ණාදි සසර ප්‍රමාද කරවන කෙලෙස්ද නාමරූප දෙකද අධ්යාත්මයෙහිවූද, පිටත්හිවූද රොග මුල්ද දැන සියලු රොග මුල් බැම්මෙන් මිදුනු කම්පානොවන තැනැත්තේ තාදීයයි කියනු ලැබේ.
|
536
‘‘විරතො ඉධ සබ්බපාපකෙහි, නිරයදුක්ඛං අතිච්ච වීරියවා සො;
සො වීරියවා පධානවා, ධීරො තාදි පවුච්චතෙ තථත්තා.
|
536
“මේ ලෝකයෙහි සියලු ලාමක දෙයින් වෙන්වූ වීර්ය ඇති හෙතෙමේ අපාය දුක් ඉක්මවා වීර්ය ඇත්තේ ධ්‍යාන මාර්ග වැඩීමෙන් යුක්තවූයේ කෙලෙස් සතුරන් නැසීමෙහි සමත් ඤාණවන්ත තෙමේ කම්පානොවන හෙයින් තාදීයයි කියනු ලැබේ.
|
537
‘‘යස්සස්සු ලුනානි බන්ධනානි, අජ්ඣත්තං බහිද්ධා ච සඞ්ගමූලං;
සබ්බසඞ්ගමූලබන්ධනා පමුත්තො, ආජානියො තාදි පවුච්චතෙ තථත්තා’’ති.
|
537
“අධ්යාත්මයෙහිවූද, පිටත්හිවූද, ඇලීමට මුල්වූ බැමි යමෙකු විසින් සිඳින ලද්දාහු වෙත්ද සියලු ඇල්මට මුල්වූ බැමිවලින් මිදුනු නොසෙල්වෙන ශ්‍රේෂ්ඨතෙමේ ඉෂ්ට අනිෂ්ට දෙක්හිම එක සමානය.”
|
538
‘‘කිං පත්තිනමාහු සොත්තියං, (ඉති සභියො)
අරියං
පරිබ්බාජකො කින්ති නාම හොති,
පුට්ඨො මෙ භගවා බ්යාකරොහි’’.
|
538
“කුමකට පැමිණෙන ලද්දේ සුවපත්ද? ආර්යතෙමේ කුමක් හෙයින් කෙසේ හැසිරීමෙන් යුක්තද? පරිබ්‍රාජක තෙමේ කෙසේ වේද, භාග්‍යවතුන් වහන්සේ විචාරණ ලද මට ප්‍රකාශ කරණු මැනවියි” සභිය තෙම ඇසීය.
|
539
‘‘සුත්වා සබ්බධම්මං අභිඤ්ඤාය ලොකෙ, (සභියාති භගවා)
සාවජ්ජානවජ්ජං යදත්ථි කිඤ්චි;
අභිභුං අකථංකථිං විමුත්තං,
අනිඝං
|
539
“භාග්‍යවතුන් වහන්සේ “සභියය, ලෝකයෙහි යම් කිසි වරද නිවරදයයි යම් ධර්මයක් වේද, සියලු ධර්මය විශිෂ්ට ඥානයෙන් දැන කාමරූපාදිය ඉක්මවූ සැක නැති මිදුනු කෙලෙස් ඇත්තා හැමතන්හි සුවසේය.
|
540
‘‘ඡෙත්වා ආසවානි ආලයානි, විද්වා සො න උපෙති ගබ්භසෙය්යං;
සඤ්ඤං තිවිධං පනුජ්ජ පඞ්කං, කප්පං නෙති තමාහු අරියොති.
|
540
“ආශ්‍රවයන්ද, ආලයයන්ද, සිඳ ඒ ඤාණවන්ත තෙමේ නැවත ගර්භයක ඉපදීමට නොපැමිණේ. කර්මාදී සංඥාද කාම ගුණාදී පංකද (එරෙන තැන්ද) දුරලා තෘෂ්ණාදී හැඟීමකට නොපැමිණෙයි.
|
541
‘‘යො ඉධ චරණෙසු පත්තිපත්තො, කුසලො සබ්බදා ආජානාති
(ආජානි (ස්‍යා.)) ධම්මං;
සබ්බත්ථ න සජ්ජති විමුත්තචිත්තො
(විමුත්තො (සී.)), පටිඝා යස්ස න සන්ති චරණවා සො.
|
541
“මේ ලෝකයෙහි ශීලාදීන්හි පැමිණිය යුත්තට පැමිණි යම් දක්ෂයෙක් හැමකල්හි ධර්මය දනීද, කෙලෙසුන් ගෙන් මිදුන හෙතෙම හැම තැනම නොඇලෙයි. යමෙකුට ක්‍රොධ නැද්ද හෙතෙම ශීලාදී චරණ ධර්ම ඇත්තේවේ.
|
542
‘‘දුක්ඛවෙපක්කං යදත්ථි කම්මං, උද්ධමධො තිරියං වාපි
(තිරියඤ්චාපි (ස්‍යා.)) මජ්ඣෙ;
පරිබ්බාජයිත්වා පරිඤ්ඤචාරී, මායං මානමථොපි ලොභකොධං;
පරියන්තමකාසි නාමරූපං, තං පරිබ්බාජකමාහු පත්තිපත්ත’’න්ති.
|
542
“උඩයට සරස මැද නොහොත් තුන්කාලයෙහිම දුක් විපාක ඇති යම් කර්මයක් ඇත්තේද එය දුරුකොට නුවණින් පිරිසිඳ හැසිරෙන්නේ මායාව මානය සහ ලෝභය ක්‍රෝධයද නුවණින් සිඳ දමා නාමරූපයද කෙළවර කෙළේද, පැමිණිය යුත්තට පැමිණි ඔහු පරිබ්රාජකයයි කියන ලදී.”
|
543
‘‘යානි
සඤ්ඤක්ඛරසඤ්ඤනිස්සිතානි, ඔසරණානි විනෙය්ය ඔඝතමගා.
|
543
“මහත් ප්‍රඥා ඇත්ත, තුනක්වූද, සැටක් වූද, ශ්‍රමණයන්ගේ වාදයෝ ඇත්ද ඒවා ස්ත්‍රී පුරුෂ යන සංඥා අකුරු ඇත්තේය, සංඥාවන් ඇසුරු කළාහුය (මිථ්‍යා තොටවල්) තීර්ථයන් ඉක්මවා ඕඝයන්ගේ අන්තයට ගියෝය.
|
544
‘‘අන්තගූසි
ජුතිමා මුතිමා පහූතපඤ්ඤො, දුක්ඛස්සන්තකරං අතාරෙසි මං.
|
544
“දුක් අවසන් කළ පරතෙරට ගිය රහත් කෙනෙක, සම්‍යක් සම්බුද්ධය, ඔබ වහන්සේ ක්ෂීණාශ්‍රවයෙකැයි හඟිමි. දුක් කෙළවර කළ බබළන, ඤාණවන්ත මහාප්රාඥතෙමේ මා සැකයන්ගෙන් එතර කෙළේය.
|
545
‘‘යං මෙ කඞ්ඛිතමඤ්ඤාසි, විචිකිච්ඡා මං තාරයි නමො තෙ;
මුනි මොනපථෙසු පත්තිපත්ත, අඛිල ආදිච්චබන්ධු සොරතොසි.
|
545
“මා විසින් සිතනලද යමක් දැන ගත්තේද සැකයෙන් මා තරණය කෙළේද, මුනීන්ගේ මාර්ගයන්හි පැමිණිය යුත්තට පැමිණියාවූ නුඹ වහන්සේට නමස්කාර වේවා. පින්වතුන් වහන්සේ සම්පූර්ණ සූර්ය වංශයේ ඤාතිවරයෙකි. නානාප්‍රකාර කෙළෙස් සංසිඳවූවෙහිය.
|
546
‘‘යා
අද්ධා මුනීසි සම්බුද්ධො, නත්ථි නීවරණා තව.
|
546
“මට යම් සැකයක් පෙරවීද, එය පසැස් ඇති ඔබ වහන්සේ මට ප්‍රකාශ කෙළේය. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මුනිය. ඔබ වහන්සේට නීවරණ නැත්තේය.
|
547
‘‘උපායාසා ච තෙ සබ්බෙ, විද්ධස්තා විනළීකතා;
සීතිභූතො දමප්පත්තො, ධිතිමා සච්චනික්කමො.
|
547
“නුඹ වහන්සේ විසින් සියලු දැඩි ආයාසයෝ දමන ලදහ. උදුරා දමන ලද්දාහ, එසේ කොට සිහිල්වූයෙහිය, ක්ලෙශ දමනයට පැමිණියේය. ප්‍රඥා ඇත්තෙහිය. සත්‍යයෙන් නික්මුණේය.
|
548
‘‘තස්ස තෙ නාගනාගස්ස, මහාවීරස්ස භාසතො;
සබ්බෙ දෙවානුමොදන්ති, උභො නාරදපබ්බතා.
|
548
“කෙලෙසුන් නොඑන අර්ථයෙන් නාගයන්ගේ ශ්‍රේෂ්ඨ නාගවූ මහාවීරවූ සත්‍යය කියන්නාවූ ඒ ඔබ වහන්සේගේ වචන සියලු පර්වතවාසීවූද ආකාශවාසීවූද දෙවසමූහයෝ අනුමෝදන්වෙත්.
|
549
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි තෙ පටිපුග්ගලො.
|
549
“පුරුෂයන්ට ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්ත, ඔබට නමස්කාරවේවා. පුරුෂ ජාතියෙහි උතුම් තැනැත්ත ඔබට නමස්කාරවේවා. දෙවියන් සහිත ලෝකයෙහි ඔබවහන්සේට සමාන පුද්ගලයෙක් නැත.
|
550
‘‘තුවං
තුවං අනුසයෙ ඡෙත්වා, තිණ්ණො තාරෙසි මං පජං.
|
550
“ඔබවහන්සේ බුද්ධය, ඔබවහන්සේ ශාස්තෘය, ඔබවහන්සේ මාරයන් අභිභවනය කළ මුනිය, ඔබවහන්සේ අනුශයයන් සිඳ එතරවූයේ මාද ප්රජාවද තරණය කරවනු මැනව.
|
551
‘‘උපධී තෙ සමතික්කන්තා, ආසවා තෙ පදාලිතා;
සීහොසි අනුපාදානො, පහීනභයභෙරවො.
|
551
“ඔවුන්ගේ කෙලෙස් ඉක්මවූවාහු ඔබවහන්සේ විසින් ආශ්‍රවයෝ පළනලද්දාහුය. ප්‍රහීනකළ භය හා භයානක අරමුණු නොගන්නා සිංහයෙක් වෙහිය.
|
552
‘‘පුණ්ඩරීකං
එවං පුඤ්ඤෙ ච පාපෙ ච, උභයෙ ත්වං න ලිම්පසි;
පාදෙ වීර පසාරෙහි, සභියො වන්දති සත්ථුනො’’ති.
|
552
“ලක්ෂණ පියුමක් යම්සේ ජලය හා නොගැටේද, එසේ පින්ද පව්ද යන දෙක ඔබවහන්සේ නොඅල්ලන්නේය. වීරයන් වහන්ස, පා දිගුකරණු මැනවි. සභියතෙමේ ශාස්තෲන් වහන්සේට වදියි.”
|
7. සෙලසුත්තං | 7. සෙලසූත්‍රය |
553
‘‘පරිපුණ්ණකායො සුරුචි, සුජාතො චාරුදස්සනො;
සුවණ්ණවණ්ණොසි භගවා, සුසුක්කදාඨොසි වීරියවා.
|
553
“සම්පූර්ණ සිරුරක් ඇති, යහපත්ව උපන් වීර්යවත්වූ සිත සතුටුකරන දැකුම් ඇති, භාග්‍යවතුන් වහන්සේ රන්වන් සිරුරක් ඇත්තේය. සුදු දත් ඇත්තේය.
|
554
‘‘නරස්ස
සබ්බෙ තෙ තව කායස්මිං, මහාපුරිසලක්ඛණා.
|
554
“යහපත්ව උපන් මනුෂ්‍යයාගේ යම් ලක්ෂණ කෙනෙක් වෙත්ද, ඒ සියලු මහා පුරුෂ ලක්ෂණයෝ ඔබ වහන්සේගේ ශරීරයෙහි ඇත්තාහ.
|
555
‘‘පසන්නනෙත්තො සුමුඛො, බ්රහා උජු පතාපවා;
මජ්ඣෙ
|
555
“පැහැදුනු ඇස ඇත්තේය. යහපත් මුව මඬලක් ඇත්තේය. උස මහතය. ඍජුය ආනුභාසම්පන්නය, ශ්‍රමණ පිරිස මැද සූර්යාමෙන් බබළයි.
|
556
‘‘කල්යාණදස්සනො
කිං තෙ සමණභාවෙන, එවං උත්තමවණ්ණිනො.
|
556
“ශ්‍රමණයන්වහන්ස, යහපත් දැකුම් ඇති රන්කඳකට බඳු සිවියක් ඇති, මෙවැනි උතුම් වර්ණයෙන් යුත් ඔබ වහන්සේට පැවිදිකමින් කවර ප්‍රයෝජනද?
|
557
‘‘රාජා අරහසි භවිතුං, චක්කවත්තී රථෙසභො;
චාතුරන්තො විජිතාවී, ජම්බුසණ්ඩස්ස
(ජම්බුමණ්ඩස්ස (ක.)) ඉස්සරො.
|
557
“රථයන්ට වෘෂභයකු බඳු ඔබවහන්සේ ජම්බුද්වීපයට අධිපති සතර මහා දිවයින දිනනසුළු සක්විති රජවන්නට සුදුසුය.
|
558
‘‘ඛත්තියා
රාජාභිරාජා මනුජින්දො, රජ්ජං කාරෙහි ගොතම’’.
|
558
“ගෞතමයන් වහන්ස, මහත් භොග ඇති රජවරු ඔබට අනුකූල වෙත්. රජුන් විසින් පුදන මනුෂ්‍යයන් විසින් පුදන අධිපතියෙක්ව රජ කරනු මැනව.”
|
559
‘‘රාජාහමස්මි සෙලාති, (භගවා) ධම්මරාජා අනුත්තරො;
ධම්මෙන චක්කං වත්තෙමි, චක්කං අප්පටිවත්තියං’’.
|
559
“භාග්‍යවතුන් වහන්සේ සෙලය ශ්‍රේෂ්ඨ ධර්මරාජවූ මම රජෙක් වෙමි. යම් චක්‍රයක් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකිද ධර්මයෙන් ඒ ආඥාව පවත්වමි.”
|
560
‘‘සම්බුද්ධො පටිජානාසි, (ඉති සෙලො බ්රාහ්මණො) ධම්මරාජා අනුත්තරො;
‘ධම්මෙන චක්කං වත්තෙමි’, ඉති භාසසි ගොතම.
|
560
“සෙලතෙම නිරුත්තරවූ ධර්මරාජතෙමේ සම්බුද්ධ යයි අඳුන්වන්නේය, ධර්මයෙන් ආඥාව පවත්වන්නෙමියි කියන්නේය. මෙය ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කරණ සේක්වායි” කීයේය.
|
561
‘‘කො නු සෙනාපති භොතො, සාවකො සත්ථුරන්වයො;
කො තෙ තමනුවත්තෙති, ධම්මචක්කං පවත්තිතං’’.
|
561
“පින්වත්හු විසින් පවත්වනලද ධර්ම චක්‍රයට අනුව ඔබවහන්සේ අනුගමනය කරණ සේනාපතියාවූ ශ්රාවකයා කවරේද?”
|
562
‘‘මයා පවත්තිතං චක්කං, (සෙලාති භගවා) ධම්මචක්කං අනුත්තරං;
සාරිපුත්තො අනුවත්තෙති, අනුජාතො තථාගතං.
|
562
“සෙලය නිරුත්තරවූ යම් ධර්ම චක්‍රයක් ඇත්තේද මා විසින් පවත්වන ලද චක්‍රය තථාගතයන් වහන්සේගේ අනුජාතවූ සැරියුත් තෙරුන් පවත්වයි.
|
563
‘‘අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං;
පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.
|
563
“දතයුත්ත දන්නාලදී. වැඩියුත්ත වඩනලදී. දුරුකළ යුත්ත දුරුකරණලදී. බ්‍රාහ්මණය එහෙයින් මම බුද්ධයෙමි.
|
564
‘‘විනයස්සු
දුල්ලභං දස්සනං හොති, සම්බුද්ධානං අභිණ්හසො.
|
564
“බමුණ, මා කෙරෙහි සැකය දුරුකරව, ස්ථිරසේ සිත පිහිටුවාගනුව, නිතර බුදුවරුන්ගේ දර්ශනය දුර්ලභවේ.
|
565
‘‘යෙසං
සොහං බ්‍රාහ්මණ සම්බුද්ධො, සල්ලකත්තො අනුත්තරො.
|
565
“බ්‍රාහ්මණය, ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ නිතර පහළවීම දුර්ලභද, බ්‍රාහ්මණය, ඒ මම රාගාදී කෙලෙස් කපන්නෙක් වූයෙම් සම්බුද්ධවෙමි.
|
566
‘‘බ්රහ්මභූතො අතිතුලො, මාරසෙනප්පමද්දනො;
සබ්බාමිත්තෙ වසීකත්වා, මොදාමි අකුතොභයො’’.
|
566
“බ්‍රහ්මයෙකු වැනි කිසිවෙකුට සමාන නොවූ මර සෙනඟ පරදවන (මම) බිය නැත්තේ සියලු අමිත්‍රයන් වසඟ කොට සතුටුවෙමි.”
|
567
‘‘ඉමං භවන්තො නිසාමෙථ, යථා භාසති චක්ඛුමා;
සල්ලකත්තො මහාවීරො, සීහොව නදතී වනෙ.
|
567
“පසැස් ඇති කෙලෙසුන් කපාහරින මහාවීරතෙම සිංහයා මෙන් වනයෙහි නාදකරයි. උන්වහන්සේ යම්සේ දේශනා කෙරෙද්ද, එයට කන් නමව්.
|
568
‘‘බ්රහ්මභූතං අතිතුලං, මාරසෙනප්පමද්දනං;
කො දිස්වා නප්පසීදෙය්ය, අපි කණ්හාභිජාතිකො.
|
568
“බ්‍රහ්මයා බඳු උපමා ඇති මරසෙනඟ පරදවන බුදුන් දැක චණ්ඩලාදී නීච ජාති ඇත්තාවූද, කවරෙක් නොපහදින්නේද,
|
569
‘‘යො මං ඉච්ඡති අන්වෙතු, යො වා නිච්ඡති ගච්ඡතු;
ඉධාහං පබ්බජිස්සාමි, වරපඤ්ඤස්ස සන්තිකෙ’’.
|
569
“යමෙක් මා කැමැත්තේද නවතීවා යමෙක් නොකැමැත්තේද යේවා මම ශ්‍රේෂ්ඨ ප්‍රාඥයන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවන්නෙමි.
|
570
‘‘එවඤ්චෙ
(එතඤ්චෙ (සී. පී.)) රුච්චති භොතො, සම්මාසම්බුද්ධසාසනෙ
(සම්මාසම්බුද්ධසාසනං (සී. ස්‍යා. කං. පී.));
මයම්පි පබ්බජිස්සාම, වරපඤ්ඤස්ස සන්තිකෙ’’.
|
570
“පින්වත්හට ඉදින් මේ සම්‍යක් සම්බුද්ධයන්වහන්සේගේ ශාසනය කැමතිවේද, අපිද ශ්‍රේෂ්ඨ ඤාණවන්තයා සමීපයෙහි පැවිදිවන්නෙමු.
|
571
‘‘බ්රාහ්මණා තිසතා ඉමෙ, යාචන්ති පඤ්ජලීකතා;
බ්රහ්මචරියං චරිස්සාම, භගවා තව සන්තිකෙ’’.
|
571
“මේ තුන්සියයක් බ්‍රාහ්මණයෝ ඇඳිලිබැන්දාහු බඹසර ඉල්ලති. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යයෙහි හැසිරෙමු.”
|
572
‘‘ස්වාක්ඛාතං බ්රහ්මචරියං, (සෙලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං;
යත්ථ අමොඝා පබ්බජ්ජා, අප්පමත්තස්ස සික්ඛතො’’ති.
|
572
භාග්‍යවතුන් වහන්සේ, සේලය. බ්රහ්මචර්යය මනාකොට ප්‍රකාශකරන ලද්දේය. ඇස ඉදිරිපිට විපාක ඇත්තේය. කල්නොයවා දෙන විපාක ඇත්තේය. යම්තැනක අප්‍රමාදව හික්මෙන්නහුට ප්‍රව්‍රජ්‍යාව හිස එකක් නොවේ.”
|
573
‘‘අග්ගිහුත්තමුඛා යඤ්ඤා, සාවිත්තී ඡන්දසො මුඛං;
රාජා මුඛං මනුස්සානං, නදීනං සාගරො මුඛං.
|
573
“යාගයන්ට ගිනි දෙවියා පිදීම ප්‍රධානය. ඡන්දස්වලට සාවිත්‍රිය ප්‍රධානය. මිනිසුන්ට රජතෙමේ ප්‍රධානය. නදීන්ට සාගරය ප්‍රධානය.
|
574
‘‘නක්ඛත්තානං මුඛං චන්දො, ආදිච්චො තපතං මුඛං;
පුඤ්ඤං ආකඞ්ඛමානානං, සඞ්ඝො වෙ යජතං මුඛ’’න්ති.
|
574
“නැකැත් තරුවලට චන්ද්‍රයා ශ්‍රේෂ්ඨය. තැවෙන දේවලින් සූර්යයා ප්‍රධානය. පින් කැමැත්තෙන් දන් දෙන්නන්ට ඒකාන්තයෙන් සංඝයා ප්‍රධානයි.
|
575
‘‘යං තං සරණමාගම්හ
(මාගම්ම (සී. ස්‍යා. ක.)), ඉතො අට්ඨමි චක්ඛුම;
සත්තරත්තෙන භගවා, දන්තම්හ තව සාසනෙ.
|
575
“ඇස් ඇති භාග්‍යවතුන් වහන්ස, මින් අටවෙනි දිනයෙහි ඔබවහන්සේගේ පිහිට ලබා සප්ත රත්නයක් ඇති ශාසනයෙහි හික්මවූයේද,
|
576
‘‘තුවං බුද්ධො තුවං සත්ථා, තුවං මාරාභිභූ මුනි;
තුවං අනුසයෙ ඡෙත්වා, තිණ්ණො තාරෙසිමං පජං.
|
576
“නුඹවහන්සේ බුද්ධය. නුඹවහන්සේ ශාස්තෘය. නුඹවහන්සේ මාරයන් මැඩපවත්වන මුනිය, නුඹවහන්සේ අනුශය සහිත කෙලෙස් නසා එතරවූයේ වාද පිරිසද එතර කෙළෙහිය.
|
577
‘‘උපධී තෙ සමතික්කන්තා, ආසවා තෙ පදාලිතා;
සීහොසි
(සීහොව (ම. නි. 2.401)) අනුපාදානො, පහීනභයභෙරවො.
|
577
“ඔබවහන්සේ විසින් කෙලෙස් ඉක්මවනලදී. නුඹවහන්සේ විසින් ආශ්‍රවයෝ පලන ලදහ. අත්හළ බිය හා භයානක අරමුණු ඇති තෘෂ්ණාදීන් නොගන්නාවූ සිංහයෙක් බඳු වූයෙහිය.
|
578
‘‘භික්ඛවො
පාදෙ වීර පසාරෙහි, නාගා වන්දන්තු සත්ථුනො’’ති.
|
578
“තුන් සියයක් පමණ මේ භික්ෂූහු ඇඳිලි බැඳ සිටිත් වීරයන් වහන්ස, සිරිපා දික්කළ මැනව කෙලෙස් නොගන්නා නාගයෝ බුදුන් වඳිත්වා.”
|
8. සල්ලසුත්තං | 8. සල්ල සූත්‍රය |
579
අනිමිත්තමනඤ්ඤාතං
කසිරඤ්ච පරිත්තඤ්ච, තඤ්ච දුක්ඛෙන සංයුතං.
|
579
මේ ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ ජීවිතය මේ දක්වා ජීවත්වේයයි නිමිති රහිතය. මෙතෙක් කල් ජීවත්වේයයි නොදතහැක්ක, දුකකි, ස්වල්පය, නොයෙක් දුකින් යුක්තය.
|
580
න
ජරම්පි
|
580
උපන්නාහු යමකින් නොමැරෙත්ද, එබඳු උපක්‍රමයක් නැත්තේය. ජරාවට පැමිණ හෝ නොපැමිණ මරණයවේ. මෙය සත්වයාගේ ස්වභාව නියමයයි.
|
581
ඵලානමිව පක්කානං, පාතො පතනතො
(පපතතො (සී. පී. අට්ඨ.)) භයං;
එවං ජාතාන මච්චානං, නිච්චං මරණතො භයං.
|
581
ඉදුන හෝ පැසුන ගෙඩි උදේ වැටේයයි බිය ඇතිවීම මෙන් උපන් මනුෂ්‍යයන්ට නිතර මරණින් බිය ඇතිවේ.
|
582
යථාපි කුම්භකාරස්ස, කතා මත්තිකභාජනා;
සබ්බෙ භෙදනපරියන්තා
(භෙදපරියන්තා (ස්‍යා.)), එවං මච්චාන ජීවිතං.
|
582
යම්සේ කුඹලා විසින් කරණ ලද මැටි බඳුන් සියල්ල බිඳීම අවසන්කොට ඇත්තාහුද මනුෂ්‍යයන්ගේ ජීවිතය එසේය.
|
583
දහරා ච මහන්තා ච, යෙ බාලා යෙ ච පණ්ඩිතා;
සබ්බෙ මච්චුවසං යන්ති, සබ්බෙ මච්චුපරායණා.
|
583
ළදරුවෝද, මහල්ලෝද යම් මෝඩයෝ වෙත්ද යම් පණ්ඩිතයෝ වෙද්ද සියල්ලෝ මාරයාගේ වසගයට යති. සියල්ලෝ මරණය පිහිටකොට ඇත්තාහ.
|
584
තෙසං මච්චුපරෙතානං, ගච්ඡතං පරලොකතො;
න පිතා තායතෙ පුත්තං, ඤාතී වා පන ඤාතකෙ.
|
584
පරලොවට යන්නාවූ මරණයෙන් පීඩිතවූ ඔවුන්ගේ පියතෙමේ පුත්‍රයා රකී. නෑයෙක් හෝ නෑයන් රැක නොගනී.
|
585
පෙක්ඛතං යෙව ඤාතීනං, පස්ස ලාලපතං පුථු;
එකමෙකොව මච්චානං, ගොවජ්ඣො විය නීයති
(නිය්යති (බහූසු)).
|
585
නෑයන් බලා සිටියදී බොහෝදෙනාගේ බැගෑහඬ බලන්න. ගවයන් මරන්නෙකු මෙන් මාරයා මනුෂ්‍යයන් අතරින් එකෙකු බැගින් ගෙනයයි.
|
586
එවමබ්භාහතො
තස්මා ධීරා න සොචන්ති, විදිත්වා ලොකපරියායං.
|
586
මෙසේ ලෝකයා මරණයෙන්ද, ජරාවෙන්ද පෙළෙන ලදී. එසේ හෙයින් වීර්යවන්තතෙමේ ලොක ස්වභාවය දැන ශොක නොකරත්.
|
587
යස්ස මග්ගං න ජානාසි, ආගතස්ස ගතස්ස වා;
උභො අන්තෙ අසම්පස්සං, නිරත්ථං පරිදෙවසි.
|
587
ආවාවූ හේ ගියාවූ යමෙකුගේ මාර්ගය නොදනීද දෙපස නොදන්නේ තේරුමක් නැතිව අඬන්නේය.
|
588
පරිදෙවයමානො චෙ, කිඤ්චිදත්ථං උදබ්බහෙ;
සම්මූළ්හො හිංසමත්තානං, කයිරා චෙ නං විචක්ඛණො.
|
588
ඉදින් අඬන්නේ නම් කිසි තේරුමක් ඇතිවිය යුතුය. ඇඬීම මුළාවකි. තමන්ට හිංසාවකි. ඇඬීමෙන් පලක් වන්නේ නම් ඤාණවන්තයාත් මෙය කරන්නේය.
|
589
න හි රුණ්ණෙන සොකෙන, සන්තිං පප්පොති චෙතසො;
භිය්යස්සුප්පජ්ජතෙ දුක්ඛං, සරීරං චුපහඤ්ඤති.
|
589
හැඬීමෙන්, ශෝකයෙන්වත් සිතට සැනසීමක් නැත. බොහෝ සෙයින් දුක් උපදවයි. ශරීරයද නැසෙයි.
|
590
කිසො
න
|
590
තමා විසින් තමා හිංසාකරන්නේ කෘශවේ, විවර්ණවේ. ඉන් කළුරිය කළ අය පොෂ්‍යය නොවේ, ඇඬීම ප්‍රයෝජනයක් නැත.
|
591
සොකමප්පජහං
අනුත්ථුනන්තො කාලඞ්කතං
(කාලකතං (සී. ස්‍යා.)), සොකස්ස වසමන්වගූ.
|
591
ශෝකය දුරුනොකරණ සත්වතෙමේ බොහෝ සෙයින් දුකට පැමිණේ. කළුරිය කළහු අනුව ශොක නොකරන්නේ ශෝකයාගේ වසඟයට යන්නේය.
|
592
අඤ්ඤෙපි පස්ස ගමිනෙ, යථාකම්මූපගෙ නරෙ;
මච්චුනො වසමාගම්ම, ඵන්දන්තෙවිධ පාණිනො.
|
592
පරලොවට යන්ට සූදානම් වී සිටින කම් වූ පරිදි යන අනික් සත්වයන්ද බලව. මේ ලෝකයෙහි ප්‍රාණීහු මරහුගේ වසඟයට පැමිණ වෙවුලත්.
|
593
යෙන යෙන හි මඤ්ඤන්ති, තතො තං හොති අඤ්ඤථා;
එතාදිසො විනාභාවො, පස්ස ලොකස්ස පරියායං.
|
593
යම් විධියකින් සිතත්ද ඊට පසු එය අන්පරිද්දකින් වේ. මෙවැනි වෙන්වීම හැඟීමට විරුද්ධය. ලෝකයාගේ විධිය බලව.
|
594
අපි වස්සසතං ජීවෙ, භිය්යො වා පන මාණවො;
ඤාතිසඞ්ඝා විනා හොති, ජහාති ඉධ ජීවිතං.
|
594
පුරුෂතෙම වර්ෂ සියයක් ජීවත්වන නමුදු ඊට වඩා හෝ සිටින නමුදු නෑ සමූහයාගෙන් වෙන්වේ. මෙලොව ජීවිතය අත්හරියි.
|
595
තස්මා අරහතො සුත්වා, විනෙය්ය පරිදෙවිතං;
පෙතං කාලඞ්කතං දිස්වා, නෙසො ලබ්භා මයා ඉති.
|
595
එහෙයින් රහතුන් වහන්සේගෙන් අසා වැළපීම අත්හැර කළුරිය කළ මළහු දැක මා විසින් හෙතෙම නොලද්ද හැක්කැයි දැන.
|
596
යථා
එවම්පි ධීරො සපඤ්ඤො, පණ්ඩිතො කුසලො නරො;
ඛිප්පමුප්පතිතං සොකං, වාතො තූලංව ධංසයෙ.
|
596
යම්සේ පිහිට ගන්නේද ඇඬීමෙන් ඈත්ව කෙලෙස් නැසීමෙන් පිරිනිවියේය. මෙසේ වීර්යවත් ඤාණවත් පණ්ඩිත වූ දක්ෂවූ මනුෂ්‍යතෙමේ උපන් ක්‍රෝධය වහා වාතය පුළුන් මෙන් නසන්නේය.
|
597
පරිදෙවං පජප්පඤ්ච, දොමනස්සඤ්ච අත්තනො;
අත්තනො සුඛමෙසානො, අබ්බහෙ සල්ලමත්තනො.
|
597
වැළපීමද, තෘෂ්ණාවද තමාගේ දොම්නසද තමහට සැප බලාපොරොත්තු වන්නේ තමාගේ ශොකහුල උගුල්ලන්නේය.
|
598
අබ්බුළ්හසල්ලො අසිතො, සන්තිං පප්පුය්ය චෙතසො;
සබ්බසොකං අතික්කන්තො, අසොකො හොති නිබ්බුතොති.
|
598
උගුල්ලා දමනලද ශොක හුල් ඇත්තේ තෘෂ්ණාදීන් නිශ්‍රය නොවූයේ සිතේ ශාන්තියට පැමිණ සියලු ශොක ඉක්මවූයේ ශෝක නැත්තේවේ.”
|
9. වාසෙට්ඨසුත්තං | 9. වාසෙට්ඨ සූත්‍රය |
599
‘‘අනුඤ්ඤාතපටිඤ්ඤාතා, තෙවිජ්ජා මයමස්මුභො;
අහං පොක්ඛරසාතිස්ස, තාරුක්ඛස්සායං මාණවො.
|
599
“අපි ත්‍රිවිද්‍යා ඇත්තෝයයි ආචාර්යයන් විසින් කියන ලද්දෙමු. අපිද එසේ කියමු. දෙදෙනාගෙන් මම පොක්ඛරසාතිගේ ගෝලයෙක්මි. මේ තෙමේ තාරුක්ඛගේ ගෝලයෙකි.
|
600
‘‘තෙවිජ්ජානං යදක්ඛාතං, තත්ර කෙවලිනොස්මසෙ;
පදකස්ම වෙය්යාකරණා, ජප්පෙ ආචරියසාදිසා.
|
600
“ත්රිවිද්යායයි යමක් කියන ලද ද අපි එහි නිෂ්ටාවට ගියෙමු. පද වශයෙන් ප්‍රකාශ කිරීමෙන් වෙදයෙහි ගුරුවරුන් සමානවෙමු.
|
601
‘‘තෙසං
ජාතියා බ්රාහ්මණො හොති, භාරද්වාජො ඉති භාසති;
අහඤ්ච කම්මුනා
(කම්මනා (සී. පී.) එවමුපරිපි) බ්රූමි, එවං ජානාහි චක්ඛුම.
|
601
“ගෞතමයන්වහන්ස, ඒ අපට විවාදයක් ඇත්තේය. එනම් භාරද්වාජතෙම ජාතියෙන් බ්‍රාහ්මණයෙක් වේයයි කියයි. ඇස් ඇත්ත, මම ක්‍රමයෙන් බ්‍රාහ්මණයෙක් වෙමියි කියමි.
|
602
‘‘තෙ න සක්කොම සඤ්ඤාපෙතුං, අඤ්ඤමඤ්ඤං මයං උභො;
භවන්තං
(භගවන්තං (ක.)) පුට්ඨුමාගම්හා, සම්බුද්ධං ඉති විස්සුතං.
|
602
“ඒ අපි ඔවුනොවුන් පිළිගන්වන්නට නොහැකි වෙමු. බුදුන් යයි ප්‍රකට භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නට පැමිණියෙමු.
|
603
‘‘චන්දං
වන්දමානා නමස්සන්ති, එවං ලොකස්මි ගොතමං.
|
603
“ඇඳිලි බැඳගත් ජනයෝ ලෝකයෙහි සම්පූර්ණවූ චන්ද්‍රයා වැනි ගෞතමයන් වහන්සේ වෙත වඳිමින් නමස්කාර කරත්.
|
604
‘‘චක්ඛුං ලොකෙ සමුප්පන්නං, මයං පුච්ඡාම ගොතමං;
ජාතියා බ්රාහ්මණො හොති, උදාහු භවති කම්මුනා;
අජානතං නො පබ්රූහි, යථා ජානෙසු බ්රාහ්මණං’’.
|
604
“ලෝකයට පහළ වූ ඇසක් වැනි ගෞතමයන් වහන්සේගෙන් විචාරමු. උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක් වේද, නොහොත් කර්මයෙන් බ්‍රාහ්මණයෙක් වේද නොදන්නා හෙයින් අපි බ්‍රාහ්මණයා යම් පරිද්දෙකින් දනිමුද? එසේ අපට ප්‍රකාශ කරණු මැනවි.
|
605
‘‘තෙසං
ජාතිවිභඞ්ගං පාණානං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
|
605
“භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨය මම තොපට ඔවුන් පිළිවෙළින් ඒ වූ පරිද්දෙන් වෘක්ෂලතාවන්ගේද සත්වයන්ගේද ජාති භේදය ප්‍රකාශ කරන්නෙමි. ජාතීහු අනිකක් අනිකක් මය. (නා නා ප්‍රකාරය.)
|
606
‘‘තිණරුක්ඛෙපි ජානාථ, න චාපි පටිජානරෙ;
ලිඞ්ගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
|
606
“තෘණයන්හිත්, වෘක්ෂයන්හිත්, ජාති භෙදය දනිව්. එතකුදු වුවත් අපි තෘණය, අපි වෘක්ෂයයි නො කියයි. ජාතීහු නා නා ප්‍රකාරය.
|
607
‘‘තතො
ලිඞ්ගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
|
607
“ඉක්බිති පණුවන් කෙරෙහිද පළගැටියන් කෙරෙහිද කූඹි හින්නන් කෙරෙහිද, ජාතිභේද ඇත. ඔවුන්ට මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතීහු නා නා ප්‍රකාරය.
|
608
‘‘චතුප්පදෙපි ජානාථ, ඛුද්දකෙ ච මහල්ලකෙ;
ලිඞ්ගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
|
608
“කුඩාවූද ලොකුවූද, සිව්පාවුන් කෙරෙහිද ජාති භෙදයවේ. ඔවුන්ට මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතිය නා නා ප්‍රකාරය.
|
609
‘‘පාදූදරෙපි ජානාථ, උරගෙ දීඝපිට්ඨිකෙ;
ලිඞ්ගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
|
609
“දික් පිටක් ඇති බඩ පාදයන් කොටා ඇති සර්ප ජාතීන් කෙරෙහිද, ජාතිභෙදය වේ. ඔවුන්ට මුල්වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතිය නා නා ප්‍රකාරය.
|
610
‘‘තතො මච්ඡෙපි ජානාථ, ඔදකෙ වාරිගොචරෙ;
ලිඞ්ගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
|
610
“උදක නම් වූ ජලයෙහි හැසිරෙන මසුන් කෙරෙහිද, ජාතිභේදය කිව යුතුය. ජාතිය නා නා ප්‍රකාරය ඔවුන්ටද මුල් වූ සතුන්ට සමාන ජාති ඇත්තේය.
|
611
‘‘තතො පක්ඛීපි ජානාථ, පත්තයානෙ විහඞ්ගමෙ;
ලිඞ්ගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
|
611
“පියාපත් වාහන කොට ඇති පක්ෂීන් කෙරෙහිද ජාති භෙදය කිවයුතුය. ඔවුන්ට මුල්වූ සතුන්ට සමාන ජාති ඇත්තේය. ජාතිය නානා ප්‍රකාරය.
|
612
‘‘යථා
එවං නත්ථි මනුස්සෙසු, ලිඞ්ගං ජාතිමයං පුථු.
|
612
“මේ ජාතීන්හි බොහෝ සෙයින් යම්සේ මුල්වූ වස්තුව ජාතියවේද, එසේ මනුෂ්‍යයන් අතරෙහි බොහෝසෙයින් ජාති අඳුනාගත හැකි මූලික වස්තුවක් නැත්තේය.
|
613
‘‘න කෙසෙහි න සීසෙන, න කණ්ණෙහි න අක්ඛිභි;
න මුඛෙන න නාසාය, න ඔට්ඨෙහි භමූහි වා.
|
613
“කෙස් වලිනුත් නොවේ, හිසෙනුත් නොවේ. කණිනුත් නොවේ. ඇස්වලිනුත් නොවේ. කටෙනුත් නොවේ. නාසයෙනුත් නොවේ. තොල්වලිනුත් නොවේ. බැමවලිනුත් නොවේ.
|
614
‘‘න ගීවාය න අංසෙහි, න උදරෙන න පිට්ඨියා;
න සොණියා න උරසා, න සම්බාධෙ න මෙථුනෙ
(න සම්බාධා න මෙථුනා (ස්‍යා. ක.)).
|
614
“බෙල්ලෙනුත් නොවේ, උරහිසෙනුත් නොවේ, බඩිනුත් නොවේ, පිටෙනුත් නොවේ, උකුලෙනුත් නොවේ, පපුවෙනුත් නොවේ, රහසඟිනුත් නොවේ, මෛථුනයෙනුත් නොවේ.
|
615
‘‘න
න ජඞ්ඝාහි න ඌරූහි, න වණ්ණෙන සරෙන වා;
ලිඞ්ගං ජාතිමයං නෙව, යථා අඤ්ඤාසු ජාතිසු.
|
615
“අත්වලිනුත් නොවේ, පාවලිනුත් නොවේ, ඇඟිලි වලිනුත් නොවේ, නියවලිනුත් නොවේ, කෙණ්ඩාවලිනුත් නොවේ, කලවාවලිනුත් නොවේ, පාටිනුත් නොවේ, ශබ්දයෙනුත් නොවේ, අනිත් ජාතීන්හි මෙන් මුල්වූ වස්තුව ජාතිය අඳුනාගැනීම පිණිස නොවේ.
|
616
‘‘පච්චත්තඤ්ච
වොකාරඤ්ච මනුස්සෙසු, සමඤ්ඤාය පවුච්චති.
|
616
“තිරිසනුන්ගේ මේ ලක්ෂණ වෙන වෙනම ඇත. මිනිසුන් අතරෙහි මෙය විද්‍යාමාන නොවේ. මනුෂ්‍යයන් අතරෙහි කොටස වෙන්කිරීම සංඥාවෙන් කරණු ලැබේ.
|
617
‘‘යො හි කොචි මනුස්සෙසු, ගොරක්ඛං උපජීවති;
එවං වාසෙට්ඨ ජානාහි, කස්සකො සො න බ්රාහ්මණො.
|
617
“වාසෙට්ඨය මනුෂ්‍යයන් අතරෙහි යම් කිසිකෙනෙක් කුඹුරු කරමින් ජීවත් වෙත්ද හෙතෙම ගොවියෙකි. බමුණෙක් නොවේ.
|
618
‘‘යො හි කොචි මනුස්සෙසු, පුථුසිප්පෙන ජීවති;
එවං වාසෙට්ඨ ජානාහි, සිප්පිකො සො න බ්රාහ්මණො.
|
618
“වාසෙට්ඨය මනුෂ්‍යයන් අතර යම් කිසි කෙනෙක් නොයෙක් ශිල්පයන්ගෙන් ජීවත්වේද, හෙතෙම ශිල්පියෙකි බ්‍රාහ්මණයෙක් නොවේ.
|
619
‘‘යො හි කොචි මනුස්සෙසු, වොහාරං උපජීවති;
එවං වාසෙට්ඨ ජානාහි, වාණිජො සො න බ්රාහ්මණො.
|
619
“වාසෙට්ඨය මනුෂ්‍යයන් අතුරෙහි යම්කිසි කෙනෙක් වෙළඳාමෙන් ජීවත්වේද හෙතෙම වෙළෙන්දෙකි. බමුණෙක් නොවේ.
|
620
‘‘යො හි කොචි මනුස්සෙසු, පරපෙස්සෙන ජීවති;
එවං වාසෙට්ඨ ජානාහි, පෙස්සිකො
(පෙස්සකො (ක.)) සො න බ්රාහ්මණො.
|
620
“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතර යම්කිසි කෙනෙක් අනුන්ගේ බැලමෙහෙ කරමින් ජීවත්වේද, හෙතෙම පෙස්සිකයෙකි බ්‍රාහ්මණයෙක් නොවේ.
|
621
‘‘යො හි කොචි මනුස්සෙසු, අදින්නං උපජීවති;
එවං
|
621
“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතර යම් කිසි කෙනෙක් නුදුන්දේ ගැනීමෙන් ජීවත්වේද, හෙතෙම හොරෙකි බ්‍රාහ්මණයෙක් නොවේ.
|
622
‘‘යො හි කොචි මනුස්සෙසු, ඉස්සත්ථං උපජීවති;
එවං වාසෙට්ඨ ජානාහි, යොධාජීවො න බ්රාහ්මණො.
|
622
“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතරෙහි යම්කිසිකෙනෙක් ආයුධ වලින් ජීවිකාව කෙරේද හෙතෙම යුද්ධ භටයෙකි බ්‍රාහ්මණයෙක් නොවේයයි දනුව.
|
623
‘‘යො හි කොචි මනුස්සෙසු, පොරොහිච්චෙන ජීවති;
එවං වාසෙට්ඨ ජානාහි, යාජකො එසො න බ්රාහ්මණො.
|
623
“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතර යම් කිසි කෙනෙක් පුරෝහිත කර්මයෙන් ජීවත්වේද හෙතෙම යදින්නෙකි. බමුණෙක් නොවේයයි දනුව.
|
624
‘‘යො
එවං වාසෙට්ඨ ජානාහි, රාජා එසො න බ්රාහ්මණො.
|
624
“වාසෙට්ඨය, මනුෂ්‍යයන් අතරෙහි යම්කිසි කෙනෙක් ගමද රටද අනුභව කරයිද, හෙතෙම රජෙකි, බ්‍රාහ්මණයෙක් නොවේයයි දනුව.
|
625
‘‘න
භොවාදි නාම සො හොති, සචෙ
(ස වෙ (සී. ස්‍යා.)) හොති සකිඤ්චනො;
අකිඤ්චනං අනාදානං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
625
“මම බ්‍රාහ්මණ ජාතියෙන් උපන්, මවකුගෙන් උපන් බ්‍රාහ්මණයෙකු නොකියමි. හෙතෙම ඉදින් රාගාදී කිසිවක් ඇත්තේවේද, පින්වත පින්වත යන වචන මාත්‍රයෙන් පමණක් උසස්වූයේ වේ.
|
626
‘‘සබ්බසංයොජනං ඡෙත්වා, සො වෙ න පරිතස්සති;
සඞ්ගාතිගං විසංයුත්තං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
626
“සියළු සංයෝජන සිඳ යමෙක් ඒකාන්තයෙන් නොතැවේද, රාගාදී සංගනැති යොගයන් නැති බැවින් සංයොගනුවූ ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි.
|
627
‘‘ඡෙත්වා
උක්ඛිත්තපලිඝං බුද්ධං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
627
“ක්‍රෝධයද රැහැනද සිඳ අනුශයන් නික්මීම සමග දෙසැට දෘෂ්ටීන් සිඳ උගුල්ලා දමන ලද අවිද්‍යා නැමැති පලිඝ ඇති ඒ බුදුරජාණන් වහන්සේ මම බ්‍රාහ්මණයායයි කියමි.
|
628
‘‘අක්කොසං වධබන්ධඤ්ච, අදුට්ඨො යො තිතික්ඛති;
ඛන්තීබලං බලානීකං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
628
“යමෙක් ද්වේෂ සහගත නුවූයේ බැණීමද වධයට පැමිණවීමද බැඳීමද ඉවසයිද ඉවසීම නැමැති බලයද බලඇණියද ඇති ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.
|
629
‘‘අක්කොධනං වතවන්තං, සීලවන්තං අනුස්සදං;
දන්තං අන්තිමසාරීරං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
629
“ක්‍රොධ නොකරණ කෙලෙස් නසන සිරිත් ඇති සිල්වත් රාගාදී නැඟීම් නැති හික්මුණු අන්තිම ආත්මයෙහි උපන් ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.
|
630
‘‘වාරි පොක්ඛරපත්තෙව, ආරග්ගෙරිව සාසපො;
යො න ලිම්පති කාමෙසු, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
630
“නෙලුම් කොළයෙහි ජලය මෙන්ද හිදිකටු අගෙහි අබ ඇටය මෙන්ද යමෙක් කාමයන් නොතවරාගනීද මම ඔහු බ්‍රාහ්මණයා යයි කියමි.
|
631
‘‘යො
පන්නභාරං විසංයුත්තං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
631
“යමෙක් තෙම මෙහිම තමාගේ දුකෙහි විනාශය දනීද බහා තැබූ ස්කන්ධ බර ඇති කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවූ ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.
|
632
‘‘ගම්භීරපඤ්ඤං මෙධාවිං, මග්ගාමග්ගස්ස කොවිදං;
උත්තමත්ථමනුප්පත්තං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
632
“ගැඹුරු ප්රඥාඇති නුවණැති මග නොමග දත් උතුම් අභිවෘද්ධියට පැමිණි ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
633
‘‘අසංසට්ඨං ගහට්ඨෙහි, අනාගාරෙහි චූභයං;
අනොකසාරිමප්පිච්ඡං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
633
“ගෘහස්ථයන් හා අනගාරික ශ්රමණයන් කෙරෙහිද යන දෙපක්ෂය හා නොගැටුනාවූ වැඩි බලාපොරොත්තු නැතිව ආලය නැතිව හැසිරෙන ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
634
‘‘නිධාය දණ්ඩං භූතෙසු, තසෙසු ථාවරෙසු ච;
යො න හන්ති න ඝාතෙති, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
634
“බියවන බියනොවන සත්වයන් කෙරෙහි දඬු බහා තබා යමෙක් නොමරද්ද හෙතෙම මම බ්‍රාහ්මණ යයි කියමි.
|
635
‘‘අවිරුද්ධං
සාදානෙසු අනාදානං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
635
“විරුද්ධවූද ලෞකික ජනයා කෙරෙහි අවිරුද්ධවූ තමන්ට දඬුවම් කරණ ජනයන් කෙරෙහි බහා තැබූ දඬු ඇති මමය මාගේ යයි ගන්නවුන් අතරෙහි නොගන්නාවූ මෙබඳු පුද්ගලයා මම බ්‍රාහ්මණයයි කියමි.
|
636
‘‘යස්ස
සාසපොරිව ආරග්ගා, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
636
“යමෙකු විසින් රාගයද ද්වේෂයද මානයද ගුණමකුකමද හිඳිකටු අග අබ ඇටක් මෙන් හෙලන ලදද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
637
‘‘අකක්කසං
යාය නාභිසජෙ කඤ්චි, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
637
“රළු නොවූ අර්ථයන් හඟවන සත්‍ය වචන ප්‍රකාශ කරත්ද, යම් වචනයකින් කිසිවකු කොප නොකරවයිද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
638
‘‘යොධ දීඝං ව රස්සං වා, අණුං ථූලං සුභාසුභං;
ලොකෙ අදින්නං නාදියති, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
638
“යමෙක් ලෝකයෙහි දික්වූද, කොටවූද, සියුම්වූද, මහත්වූද, යහපත්වූද, අයහපත්වූද, නුදුන් දෙයක් නොගනීද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
639
‘‘ආසා යස්ස න විජ්ජන්ති, අස්මිං ලොකෙ පරම්හි ච;
නිරාසාසං
(නිරාසයං (සී. ස්‍යා. පී.), නිරාසකං (?)) විසංයුත්තං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
639
“යමෙකුට මෙලොවද පරලොවද ආශාවක් නැද්ද, ආශා නැත්තේ කෙලෙසුන්ගෙන් වෙන්වූ ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.
|
640
‘‘යස්සාලයා න විජ්ජන්ති, අඤ්ඤාය අකථංකථී;
අමතොගධමනුප්පත්තං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
640
“යමෙකුගේ බුද්ධාදී අටතන්හි සැකය දුරුවූයේවේද ආශා විද්‍යාමාන නොවෙත්ද, අමෘත මහා නිවනට බැසගත් ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.
|
641
‘‘යොධ
අසොකං විරජං සුද්ධං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
641
“යමෙක් තෙම මේ ලෝකයෙහි පිනද පවද යන ඇලීම් දෙක ඉක්මවූයේද ශොක නැත්තේද රජස් නැත්තේද පිරිසිදුවූද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
642
‘‘චන්දංව විමලං සුද්ධං, විප්පසන්නමනාවිලං;
නන්දීභවපරික්ඛීණං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
642
“පිරිසිදුවූ නොකැළඹුනාවූ නිර්මලවූ චන්ද්‍රයාමෙන් ඇලීමයයි කියන ලද භවයෙන් නික්මුණු ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.
|
643
‘‘යොමං පලිපථං දුග්ගං, සංසාරං මොහමච්චගා;
තිණ්ණො පාරඞ්ගතො ඣායී, අනෙජො අකථංකථී;
අනුපාදාය නිබ්බුතො, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
643
“යමෙක් තෙම මේ රාග නමැති දුර්ග මාර්ගයද සංසාර වෘත්තයද චතුරාර්යසත්යය නොපෙණෙන මුළාවද ඉක්මවූයේද තෘෂ්ණා නැත්තේ සැක නැත්තේ එතෙරවූයේ පරතෙරට ගියේ දැඩිකොට නොගෙන කෙලෙස් නිවීමෙන් නිවුන ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
644
‘‘යොධ කාමෙ පහන්ත්වාන, අනාගාරො පරිබ්බජෙ;
කාමභවපරික්ඛීණං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
644
“යම් කෙනෙක් තෙම මේ ලෝකයෙහි කාමතෘෂ්ණාව අත්හැර ගෙයක් නැතිව පිරිනිවියේද තණ්හාවද භවයද ක්ෂය කළේ ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
645
‘‘යොධ
තණ්හාභවපරික්ඛීණං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
645 |
646
‘‘හිත්වා මානුසකං යොගං, දිබ්බං යොගං උපච්චගා;
සබ්බයොගවිසංයුත්තං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
646
“මනුෂ්‍ය ආයුෂයද පස්කම් සැපද අත්හැර දිව්‍ය ආයුෂද පස්කම් සැපද ඉක්මවා සියලු යොගයන්ගෙන් මිදුනු ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
647
‘‘හිත්වා රතිඤ්ච අරතිං, සීතිභූතං නිරූපධිං;
සබ්බලොකාභිභුං වීරං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
647
“ඇල්මද නො ඇල්මද ඇත්හැර සිහිල්වූ කෙලෙස් රහිතවූයේ සියලු ලෝකය මැඩ පවත්වන වීරයා මම බ්‍රාහ්මණයයි කියමි.
|
648
‘‘චුතිං
අසත්තං සුගතං බුද්ධං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
648
“යමෙක් තෙමේ සත්වයන්ගේ චුතියද උත්පත්තියද සර්වප්රකාරයෙන් දැනගත්තේද නොලැගෙන සුගතවූ බුදුරජාණන් වහන්සේ මම බුද්ධයයි කියමි.
|
649
‘‘යස්ස ගතිං න ජානන්ති, දෙවා ගන්ධබ්බමානුසා;
ඛීණාසවං අරහන්තං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
649
“දෙවියෝද ගන්ධර්වයෝද මනුෂ්‍යයෝද යමෙකුගේ ගමන නොදනීද, කෙලෙස් ක්ෂය කළ රහත් උන්වහන්සේ මම බ්‍රාහ්මණයයි කියමි.
|
650
‘‘යස්ස පුරෙ ච පච්ඡා ච, මජ්ඣෙ ච නත්ථි කිඤ්චනං;
අකිඤ්චනං
|
650
“අතීත වර්තමාන අනාගත ස්කන්ධයන්හි තෘෂ්ණාවෙන් ගැනීම් සංඛ්‍යාත ක්ලෙශයන් නැද්ද රාගාදී කිඤ්චනයක් නැති, ගැනීමක් නැති ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
651
‘‘උසභං පවරං වීරං, මහෙසිං විජිතාවිනං;
අනෙජං න්හාතකං බුද්ධං, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
651
“තැති නොගන්නා වෘෂභයකු වැනිවූ උතුම්වූ වීරවූ මාරයා දිනන ලද තෘෂ්ණා නැති කෙලෙසුන්ගෙන් දුරුවූ පිරිසිදුවූ බුදුරජාණන් වහන්සේ මම බ්‍රාහ්මණයයි කියමි.
|
652
‘‘පුබ්බෙනිවාසං යො වෙදි
(යො’වෙති (?) ඉතිවුත්තකෙ 99 අට්ඨකථාසංවණනා පස්සිතබ්බා), සග්ගාපායඤ්ච පස්සති;
අථො ජාතික්ඛයං පත්තො, තමහං බ්රූමි බ්රාහ්මණං.
|
652
“යමෙක් තෙම පූර්වෙනිවාසය දැනගත්තේද ස්වර්ග අපා දෙක දකීද නැවත උත්පත්තිය ක්ෂය කළේද ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.
|
653
‘‘සමඤ්ඤා හෙසා ලොකස්මිං, නාමගොත්තං පකප්පිතං;
සම්මුච්චා සමුදාගතං, තත්ථ තත්ථ පකප්පිතං.
|
653
“තබන ලද නාම ගොත්‍රයක් වේද මෝ තොමෝ ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයකි. යම් හෙයකින් ඒ සංඥාවෙන් ආවේද එයද උපන්පසු ඤාති සහ ලේ ඤාතින් විසින් තබන ලදී. ඔහු ජාති බ්‍රාහ්මණයයි කියමි.
|
654
‘‘දීඝරත්තමනුසයිතං, දිට්ඨිගතමජානතං;
අජානන්තා නො
(අජානන්තා තෙ (අට්ඨ.) ම. නි. 2.460) පබ්රුවන්ති, ජාතියා හොති බ්රාහ්මණො.
|
654
“නොදන්නාවූ සත්වයන්ගේ සන්තානයෙහි මේ දෘෂ්ටි බැස ගන්නා ලදී. සන්තානයෙහි සයනය කරන ඒ නාම ගොත්‍ර නොදන්න හෙයින් ජාතියෙන් බ්‍රාහ්මණයෝ වේ යනු කියත්.
|
655
‘‘න
කම්මුනා බ්රාහ්මණො හොති, කම්මුනා හොති අබ්‍රාහ්මණො.
|
655
“උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. උත්පත්තියෙන් අබ්රාහ්මණයෙක් නොවේ. කර්මයෙන් බ්‍රාහ්මණයෙක් වේ. කර්මයෙන් අබ්රාහ්මණයෙක් වේ.
|
656
‘‘කස්සකො කම්මුනා හොති, සිප්පිකො හොති කම්මුනා;
වාණිජො කම්මුනා හොති, පෙස්සිකො හොති කම්මුනා.
|
656
“කර්මයෙන් ගොවියෙක් වේ. කර්මයෙන් ශිල්පියෙක් වේ. කර්මයෙන් වෙළෙන්දෙක්වේ. කර්මයෙන් වැඩකාරයෙක් වේ.
|
657
‘‘චොරොපි කම්මුනා හොති, යොධාජීවොපි කම්මුනා;
යාජකො කම්මුනා හොති, රාජාපි හොති කම්මුනා.
|
657
“කර්මයෙන් හොරෙක් වේ. කර්මයෙන් යෝධයෙක් වේ. කර්මයෙන් අනුශාසකයෙක් වේ. කර්මයෙන් රජෙක්වේ.
|
658
‘‘එවමෙතං
පටිච්චසමුප්පාදදස්සා, කම්මවිපාකකොවිදා.
|
658
“හේතු ප්රත්යධර්මය දන්නා කර්ම විපාකයෙහි දක්ෂ පණ්ඩිතයෝ මෙසේ මේ කර්ම තත් වූ පරිද්දෙන් දනී.
|
659
‘‘කම්මුනා වත්තති ලොකො, කම්මුනා වත්තති පජා;
කම්මනිබන්ධනා සත්තා, රථස්සාණීව යායතො.
|
659
“ලෝකය කර්ම නිසා පවතී. සත්ව වර්ගයා කර්මය නිසා පවතී. කර්මයෙන් බැඳුණු සත්වයෝ රථයේ ඇණය මෙන් කර්මයෙන්ම යයි.
|
660
‘‘තපෙන බ්රහ්මචරියෙන, සංයමෙන දමෙන ච;
එතෙන
|
660
“ඉන්ද්රිය සංවරයෙන්ද බ්රහ්මචර්යාවෙන්ද, සීලයෙන් ද, ප්‍රඥාවෙන්ද යන මෙයින් බ්රාහ්මණයෙක්වේ. මේ උතුම් බ්රාහ්ණයායි.
|
661
‘‘තීහි විජ්ජාහි සම්පන්නො, සන්තො ඛීණපුනබ්භවො;
එවං වාසෙට්ඨ ජානාහි, බ්රහ්මා සක්කො විජානත’’න්ති.
|
661
“වාසෙට්ඨය, ත්‍රිවිද්‍යාවෙන් යුත් ශාන්තවූ ක්ෂය කළ උත්පත්තිය ඇති බ්‍රාහ්මණයා පමණක් නොව යම් කෙනෙක් මෙබඳු නම් බ්රාහ්මයාද ශක්‍රයාද වුවත් පණ්ඩිතයන් විසින් මෙසේ දත යුතුය.
|
10. කොකාලිකසුත්තං | 10. කොකාලික සූත්‍රය |
662
‘‘පුරිසස්ස
යාය ඡින්දති අත්තානං, බාලො දුබ්භාසිතං භණං.
|
662 |
663
‘‘යො නින්දියං පසංසති, තං වා නින්දති යො පසංසියො;
විචිනාති මුඛෙන සො කලිං, කලිනා
|
663 |
664
‘‘අප්පමත්තො
සබ්බස්සාපි සහාපි අත්තනා, අයමෙව මහත්තරො
(මහන්තකරො (සී.)) කලි;
යො සුගතෙසු මනං පදොසයෙ.
|
664 |
665
‘‘සතං සහස්සානං නිරබ්බුදානං, ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි
(අබ්බුදානං (ක.));
යමරියගරහී නිරයං උපෙති, වාචං මනඤ්ච පණිධාය පාපකං.
|
665 |
666
‘‘අභූතවාදී නිරයං උපෙති, යො වාපි කත්වා න කරොමිචාහ;
උභොපි තෙ පෙච්ච සමා භවන්ති, නිහීනකම්මා මනුජා පරත්ථ.
|
666
“බොරුකියන්නා නරකයෙහි උපදී. යම් කිසි කෙනෙක් පව් කොට නොකෙළෙමි කීයේද ලාමක කම ඇති ඒ මනුෂ්‍යයෝ දෙදෙන පර ලොවෙහිද එක සමාන වෙත්.
|
667
‘‘යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති, සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස;
තමෙව බාලං පච්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත්තො.
|
667
“යම් කිසි කෙනෙක් පිරිසිදුවූ පව්නැති පුරුෂයාට ද්වේෂ කෙරේද, යටි සුළඟට දැමූ දූවිලිමෙන්, ඒ බාලයා කරාම පාපය ආපසු එයි.
|
668
‘‘යො ලොභගුණෙ අනුයුත්තො, සො වචසා පරිභාසති අඤ්ඤෙ;
අසද්ධො
|
668
“යම්කිසිවෙක් ලෝභයෙන් යුක්ත වූයේද, ශ්‍රද්ධාව නැත්තේද, තද ලෝභද, යාචකයන්ගේ වචන නොදන්නේද, මසුරුද කේලාම් කීමෙහි යෙදුනේද, හෙතෙම අන්‍යයන්ට වචනයෙන් නින්දා කරයි.
|
669
‘‘මුඛදුග්ග විභූත අනරිය, භූනහු
(භුනහත (ස්‍යා. ක.)) පාපක දුක්කටකාරි;
පුරිසන්ත කලී අවජාත, මා බහුභාණිධ නෙරයිකොසි.
|
669
“විෂම මුඛයක් ඇති පුද්ගලය, බොරු කියන තැනැත්ත, අසත් පුරුෂය, අභිවෘද්ධිය නසන තැනැත්ත, අන්තිම පුරුෂය, ඉලක්කයක් නොමැති පුරුෂය, අවජාත පුත්‍රය, නපුරුකම් කරන තැනැත්ත, මෙහි වැඩිපුර කථා නොකරව.
|
670
‘‘රජමාකිරසී
බහූනි දුච්චරිතානි චරිත්වා, ගච්ඡසි ඛො පපතං චිරරත්තං.
|
670
නිරිසතෙක් වෙහිද, පුරුෂයන්ට ගරහන නපුරු පව් කරණ තැනැත්තේ කෙලෙස් වගුරුවන්නේය. බොහෝ දුශ්චරිතයන්හි හැසිර බොහෝ කාලයක් ප්‍රපාතයට යන්නෙහිය.
|
671
‘‘න හි නස්සති කස්සචි කම්මං, එති හතං ලභතෙව සුවාමි;
දුක්ඛං මන්දො පරලොකෙ, අත්තනි පස්සති කිබ්බිසකාරී.
|
671
“කිසිවෙකුගේ කර්මය නසින්නේ නොවේ. ඒ කුශලාකුශල කර්මය ස්වාමියා ලබන්නේමය. නපුරුකම් කරණ බාලයා දුක තමා කෙරෙහි දකියි.
|
672
‘‘අයොසඞ්කුසමාහතට්ඨානං
අථ
|
672
“(නිරයෙහි යමපල්ලෝ) යකඩ අකුස්සෙත් ගසන ලද තන්හි තියුණු තළ නැමැති උල් ගසත්. නැවත රත් වූ ලෝ ගුලි වැනි භෝජන එහි ඇත්තේය.
|
673
‘‘න හි වග්ගු වදන්ති වදන්තා, නාභිජවන්ති න තාණමුපෙන්ති;
අඞ්ගාරෙ
|
673
“යමපල්ලෝ යහපත් වචන කථා නොකරත්. ආදරයෙන් ඉදිරියට නොපැමිණෙත්. ආරක්ෂාවට නොපැමිණේ. තුනී කළ අඟුරු උඩ නිදවත්. වටේට දැවෙන ගින්නෙහි ප්‍රවේශ කරවත්.
|
674
‘‘ජාලෙන ච ඔනහියාන, තත්ථ හනන්ති අයොමයකුටෙභි
(අයොමයකූටෙහි (සී. ස්‍යා. පී.));
අන්ධංව තිමිසමායන්ති, තං විතතඤ්හි යථා මහිකායො.
|
674
“යකඩ දැල් වලින් වෙලා මුව වැද්දෝ මුවෙකුට මෙන් වධ කරත්. අන්ධයෙකු වැනි ඔහු හිම මෙන් පැතුරුණු අන්ධකාරයට ගෙනයත්.
|
675
‘‘අථ ලොහමයං පන කුම්භිං, ගිනිසම්පජ්ජලිතං පවිසන්ති;
පච්චන්ති හි තාසු චිරරත්තං, අග්ගිනිසමාසු
(ගිනිස්සමාසු (ක.)) සමුප්පිලවාතෙ.
|
675
“නැවත දැල්වෙන ගිනි සමාන ලෝහයෙන් කළ මහා සැළියකට ඇතුලු කරවත්. ගිනි සමාන එහි උඩයට යමින් එමින් පැසෙත්.
|
676
‘‘අථ පුබ්බලොහිතමිස්සෙ, තත්ථ කිං පච්චති කිබ්බිසකාරී;
යං යං
|
676
“නැවත සැරව ලේ මිශ්‍රවූ, ලොහ සැලියෙහි පව් කළ තැනැත්තේ කුමකැයි පැසෙන්නේද, යම් යම් දිශාවකට යේද, ඒ සැරවින් ලෙයින් තැවරුනේ, කුණුවේ.
|
677
‘‘පුළවාවසථෙ
ගන්තුං න හි තීරමපත්ථි, සබ්බසමා හි සමන්තකපල්ලා.
|
677
“පණුවන් වසන ඒ සැළියෙහි වූ ජලයෙහි පව් කළ ඒ තැනැත්තා පැසෙනු පමණක්ද, උඩ පියනත්, වසන ලද බැවින් පහව යන්නට තැනක් නැත.
|
678
‘‘අසිපත්තවනං පන තිණ්හං, තං පවිසන්ති සමුච්ඡිදගත්තා;
ජිව්හං
|
678
“තියුණුවූ කඩුපත් වනයක් ඇත්තේය. සිඳුණු සිරුර ඇති ඔහු එහි ප්‍රවේශ කරවත්. බිලීකටු වෙන් දිව ඇද හඬවමින් විනාශ කරත්.
|
679
‘‘අථ වෙතරණිං පන දුග්ගං, තිණ්හධාරඛුරධාරමුපෙන්ති;
තත්ථ මන්දා පපතන්ති, පාපකරා පාපානි කරිත්වා.
|
679
“නැවත උණුවූ කකියන ජලය සමග තියුණු දැලි පිහිතල ඇති වෙතරණි නම් ගඟක් ඇත. එහි පමුණුවත්, පව් කළ බාලයෝ පව් කොට එහි වැටෙත්.
|
680
‘‘ඛාදන්ති
සොණා සිඞ්ගාලා
(සිගාලා (සී. පී.)) පටිගිද්ධා
(පටිගිජ්ඣා (ස්‍යා. පී.)), කුලලා වායසා ච
(කුලලා ච වායසා (?)) විතුදන්ති.
|
680
“එහි නිල් පාට ඇති ශක්තිමත්, බල්ලෝද, අඬවමින් කත්. බඩ සා ඇති කපුටු සමූහය හා සිවල්ලුද, උකුස්සෝද කවුඩෝද, කා හප කරත්.
|
681
‘‘කිච්ඡා වතයං ඉධ වුත්ති, යං ජනො ඵුසති
(පස්සති (සී. ස්‍යා. පී.)) කිබ්බිසකාරී;
තස්මා ඉධ ජීවිතසෙසෙ, කිච්චකරො සියා නරො න චප්පමජ්ජෙ.
|
681
“මේ නරකයන්හි විසීම දුකකි. පව් කරණ යම් කෙනෙක් දකීද මේ ඉතිරි ජීවිතයෙහි කුශල ධර්ම කරන්නෙක් වන්නේය. මනුෂ්‍ය තෙමේ ප්‍රමාද නොවන්නේය.
|
682
‘‘තෙ
නහුතානි හි කොටියො පඤ්ච භවන්ති, ද්වාදස කොටිසතානි පුනඤ්ඤා
(පනය්යෙ (ක.)).
|
682
“ගණිත දන්නන් විසින් පදුම නරකයට දක්වන යම් තල ගැල් ගණනක් වේද කෝටිනහුතයක්ද, දොළොස් කෙළක්ද, නැවත අනික් දොළොස් කෝටියක්ද වෙත්.
|
683
‘‘යාව
තස්මා
|
683
“මෙහි දක්වන ලද යම් පමණ දුක්වූ නරක වේද එහි ද බොහෝ කාලයක් විසිය යුතුය.”
|
11. නාලකසුත්තං | 11. නාලක සූත්‍රය |
684
ආනන්දජාතෙ තිදසගණෙ පතීතෙ, සක්කඤ්ච ඉන්දං සුචිවසනෙ ච දෙවෙ;
දුස්සං ගහෙත්වා අතිරිව ථොමයන්තෙ, අසිතො ඉසි අද්දස දිවාවිහාරෙ.
|
684
“හටගත් ප්‍රීතිය ඇති සතුටුවූ සොම්නස්වූ කිලිටි නොහඳින දෙවියන් ශක්‍රයා පිරිවරා වස්ත්‍ර රැගෙන ඉතා ස්තුති කරමින් සිටිනු දවල් විවේක වාසයට ගිය අසිත ඍෂිතෙම දුටුවේය.
|
685
දිස්වාන
‘‘කිං දෙවසඞ්ඝො අතිරිව කල්යරූපො, දුස්සං ගහෙත්වා රමයථ
(භමයථ (සී.)) කිං පටිච්ච.
|
685
“සතුටු සිත් ඇති ඔද වැඩි දෙවියන් දැක ආදර කොට එහි දිව්‍ය සමූහයා ඉතා සතුටු සිත් ඇත්තෝව වස්ත්‍ර ගෙන කරකවන්නාහු කුමක් සඳහා දැ”යි ඇසීය.
|
686
‘‘යදාපි ආසී අසුරෙහි සඞ්ගමො, ජයො සුරානං අසුරා පරාජිතා.
තදාපි නෙතාදිසො ලොමහංසනො, කිමබ්භුතං දට්ඨු මරූ පමොදිතා.
|
686
“යම් කලෙක්හි අසුරයන් හා යුද්ධය වීද, දෙවියන්ට ජය අත්විය. අසුරයන්ට පරාජය අත්විය. එදාද මෙවැනි ලොමු ඩැහැගැනීමක් විය කවර නම් පුදුමයක් දැක දෙවියෝ සතුටු වූවාහුද?
|
687
‘‘සෙළෙන්ති ගායන්ති ච වාදයන්ති ච, භුජානි ඵොටෙන්ති
(පොඨෙන්ති (සී. පී.), පොථෙන්ති (ක.)) ච නච්චයන්ති ච;
පුච්ඡාමි
|
687
“කටින් ප්‍රීති නාදයක් පිටවෙයි. ගායනා කරත්, වැයීම කෙරෙත්, අත් පොළසන් දෙත්, නටත්. මම තොප විචාරමි. මහමෙර මුදුනෙහි වසන තොප විචාරමි. නිදුකානෙනි මාගේ සැකය වහා නසව්.”
|
688
‘‘සො
සක්‍යාන ගාමෙ ජනපදෙ ලුම්බිනෙය්යෙ, තෙනම්හ තුට්ඨා අතිරිව කල්‍යරූපා.
|
688
“අසමාන ශ්‍රේෂ්ඨ රත්නයක්වූ ඒ බොධි සත්වතෙම සැපය පිණිස උපන්නේය. ශාක්‍යයන්ගේ ජනපදයෙහිවූ ලුම්බිනි උයනෙහි මනුෂ්‍ය ලෝකයට අභිවෘද්ධිය පිණිස උපන්නේය.
|
689
‘‘සො සබ්බසත්තුත්තමො අග්ගපුග්ගලො, නරාසභො සබ්බපජානමුත්තමො;
වත්තෙස්සති
|
689
“සියලු සත්වයන්ට උතුම්වූ ශ්‍රේෂ්ඨ පුද්ගලවූ නර ශ්‍රේෂ්ඨවූ සියලු ප්‍රජාවන්ට උතුම්වූ උන්වහන්සේ ඍෂි නම් වනයෙහි බලවත් මෘගයන් මැඩපවත්වන සිංහයකු නාද කරන්නාක් මෙන් ධර්ම චක්‍රය පවත්වන්නේය.
|
690
තං
නිසජ්ජ තත්ථ ඉදමවොචාසි සක්යෙ, ‘‘කුහිං කුමාරො අහමපි දට්ඨුකාමො’’.
|
690
“ඒ ශබ්දය අසා වහා බැස්සාවූ හෙතෙම ඒ වේලාවෙහි ශුද්ධොදන රාජ භවනයට පැමිණියේය. එහි වැඩහිද රජතුමනි කුමාරයා කොහිද මමත් දක්නා කැමැත්තෙමි”යි කීයේය.
|
691
තතො කුමාරං ජලිතමිව සුවණ්ණං, උක්කාමුඛෙව සුකුසලසම්පහට්ඨං
(සුකුසලෙන සම්පහට්ඨං (ක.));
දද්දල්ලමානං
(දද්දළ්හමානං (ක.)) සිරියා අනොමවණ්ණං, දස්සෙසු පුත්තං අසිතව්හයස්ස සක්යා.
|
691
“ඉක්බිති ශාක්‍ය රජතෙම අසිත තවුසාට කෝවෙහි දක්ෂලෙස දමාගන්නා ලද දිලිසෙන රන් රුවක් බඳු උසස් වර්ණයෙන් බබලන කුමාරයා දැක්වීය.
|
692
දිස්වා කුමාරං සිඛිමිව පජ්ජලන්තං, තාරාසභංව
සූරියං තපන්තං සරදරිවබ්භමුත්තං, ආනන්දජාතො විපුලමලත්ථ පීතිං.
|
692
දිලිසෙන්නාවූ මොණරෙකු මෙන්ද, අහසින් යන පිරිසිදු තාරකාවක් මෙන්ද, ශරත් කාලයෙහි වළාකුල් වලින් මිදුනු තැවෙන සූර්යයා මෙන්ද, සතුටු සිත් ඇත්තාහු මහත් ප්‍රීතියක් ලැබූහ.
|
693
අනෙකසාඛඤ්ච සහස්සමණ්ඩලං, ඡත්තං මරූ ධාරයුමන්තලික්ඛෙ;
සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා, න දිස්සරෙ චාමරඡත්තගාහකා.
|
693
“නොයෙක් නන ඇති කැබලි දහසක් ඇති කුඩයක් දෙවියෝ අහසෙහි දැරූහ. රන්දඬු ඇති සෙමෙර සලත්, සෙමෙර කොඩි ගත්තවුන් නොපෙණෙත්.
|
694
දිස්වා
සෙතඤ්ච ඡත්තං ධරියන්ත
(ධාරියන්ත (ස්‍යා.), ධාරයන්තං (සී. ක.)) මුද්ධනි, උදග්ගචිත්තො සුමනො පටිග්ගහෙ.
|
694
කණ්හසිරි නම් ජටිලතෙම (අසිත) රන්වන් කම්බිලියෙක්හි වූ රන් කැබැල්ලක් මෙන්වූ කුමාරයා දැක මුදුනෙහි සේසත් දරමින් සතුටු සිතින් මුදුනින් පිළිගත්තේය.
|
695
පටිග්ගහෙත්වා පන සක්යපුඞ්ගවං, ජිගීසතො
(ජිගිංසකො (සී. ස්‍යා. පී.)) ලක්ඛණමන්තපාරගූ;
පසන්නචිත්තො ගිරමබ්භුදීරයි, ‘‘අනුත්තරායං ද්විපදානමුත්තමො’’
(දිපදානමුත්තමො (සී. ස්‍යා. පී.)).
|
695
“ලක්ෂණ ශාස්ත්‍රයෙහි හා මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට ගිය ජටිලතෙම ශාක්‍ය ශ්‍රේෂ්ඨයා පිළිගෙන පරීක්ෂා කරන්නේ පැහැදුන සිතින් මෙතෙමේ නිරුත්තරය දෙපා ඇත්තන්ට උතුම්යයි වචන ප්‍රකාශ කෙළේය.
|
696
අථත්තනො ගමනමනුස්සරන්තො, අකල්යරූපො ගළයති අස්සුකානි;
දිස්වාන සක්යා ඉසිමවොචුං රුදන්තං,
‘‘නො චෙ කුමාරෙ භවිස්සති අන්තරායො’’.
|
696
“නැවත තමාගේ පරලොව ගමන සිහි කරන්නේ නොසතුටු සිතින් කඳුළු වගුරුවයි. අඬන ඍෂිවරයා දැක ශාක්‍යයයෝ ඇයි දැයි ඇසූහ. “කුමාරයා කෙරෙහි අනතුරක් නැතැයි කීයේය.”
|
697
දිස්වාන සක්යෙ ඉසිමවොච අකල්යෙ, ‘‘නාහං
න චාපිමස්ස භවිස්සති අන්තරායො, න ඔරකායං අධිමානසා
(අධිමනසා (සී. ස්‍යා.)) භවාථ.
|
697
“කණගාටුවූ ඍෂිවරයා දැක ශාක්‍යවරුන්ට “මම කුමාරයාට අයහපතක් නැතැයි කියමි. මොහුට අන්තරායක් නැත. මේතෙම එසේ මෙසේ කෙනෙක් නොවේ. ශ්‍රේෂ්ඨ සිතින් යුක්තවන්නාහ.
|
698
‘‘සම්බොධියග්ගං ඵුසිස්සතායං කුමාරො, සො ධම්මචක්කං පරමවිසුද්ධදස්සී;
වත්තෙස්සතායං බහුජනහිතානුකම්පී, විත්ථාරිකස්ස භවිස්සති බ්රහ්මචරියං.
|
698
“මේ කුමාරතෙම සර්වඥතාඥානය ස්පර්ශ කරන්නේය. ශ්‍රේෂ්ඨ පිරිසිදුකම දක්නාවූ මෙතෙම බොහෝ ජනයාට හිතවත් අනුකම්පා ඇත්තේ ධර්ම චක්‍රය පවත්වන්නේය. මොහුගේ බ්‍රහ්මචරියාව පැතුරුණු එකක් වන්නේය.
|
699
‘‘මමඤ්ච
සොහං න සොස්සං
(සුස්සං (සී. ස්‍යා.)) අසමධුරස්ස ධම්මං, තෙනම්හි අට්ටො බ්යසනංගතො අඝාවී’’.
|
699
“මාගේද ආයුෂ මේ ලෝකයෙහි බොහෝ කලක් ඉතිරි නොවේ. මාගේ කළුරිය කිරීම අතරෙහි වන්නේය. ඒ මම කිසිවෙකුට සමාන නැති වීර්යයක් ඇත්තහුගේ ධර්මය නො අසමි. එහෙයින් අඬමි. සැප නැති වීමි. දුක් වීමි.”
|
700
සො
සො භාගිනෙය්‍යං සයං අනුකම්පමානො, සමාදපෙසි අසමධුරස්ස ධම්මෙ.
|
700
“ඒ බ්රහ්මචාරීතෙමේ ශාක්‍යයන්ට මහත් ප්‍රීතියක් උපදවා ඇතුළු පුරයෙන් නික්මුනේය. හෙතෙමේ බෑනා කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රේෂ්ඨ වීර්යවන්තයාගේ ධර්මයෙහි තෙමේම සමාදන් කරවූයේය.
|
701
‘‘බුද්ධොති ඝොසං යද
(යදි (ස්‍යා. ක.)) පරතො සුණාසි, සම්බොධිපත්තො විවරති ධම්මමග්ගං;
ගන්ත්වාන තත්ථ සමයං පරිපුච්ඡමානො
(සයං පරිපුච්ඡියානො (සී. ස්‍යා.)), චරස්සු තස්මිං භගවති බ්රහ්මචරියං’’.
|
701
“බුද්ධ යන වචනය යම් කලෙක්හි අනුන්ගෙන් අසන්නෙහිද, උන්වහන්සේ බුදුවී නිවනෙහි හැසිරෙති. එහි ගොස් තෙමේ අසා ඒ භාග්‍යවතුන් කෙරෙහි බ්‍රහ්මචර්යයෙහි හැසිරෙව.”
|
702
තෙනානුසිට්ඨො හිතමනෙන තාදිනා, අනාගතෙ
සො නාලකො උපචිතපුඤ්ඤසඤ්චයො, ජිනං පතික්ඛං
(පති + ඉක්ඛං = පතික්ඛං) පරිවසි රක්ඛිතින්ද්රියො.
|
702
“හිතවත් අදහසින් ඔහු විසින් අවවාද කරණ ලද්දේ, සමාධිගත සිත් ඇති අනාගතයෙහි ශ්‍රේෂ්ඨ පිරිසිදු කම බලාපොරොත්තු වන රැස් කරණලද පින් ඇති, ඒ නාලක කුමාරතෙම රක්නාලද ඉඳුරන් ඇත්තේ, බුදුන් බලාපොරොත්තු වෙමින් තවුස් වෙශයෙන් විසුවේය.
|
703
සුත්වාන ඝොසං ජිනවරචක්කවත්තනෙ, ගන්ත්වාන දිස්වා ඉසිනිසභං පසන්නො;
මොනෙය්යසෙට්ඨං
|
703
“මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේ දම්සක් පැවැත්වීම, දෙවියන්ගෙන් අසා ඉසිපතනයට ගොස් බුදුන් දැක අසා පැහැදුනේ අසිතයන්ගේ අවවාදයෙහි පිහිටා මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේගෙන් උතුම්වූ මොනෙය්‍ය ප්‍රතිපදාව ඇසූයේය.
|
704
‘‘අඤ්ඤාතමෙතං වචනං, අසිතස්ස යථාතථං;
තං තං ගොතම පුච්ඡාමි, සබ්බධම්මාන පාරගුං.
|
704
“අසිතගෙන් තත්වූ පරිද්දෙන් දැනගන්නා ලද මේ වචනය සියලු ධර්මයන්හි පරතෙරට ගිය ගෞතමයන්වහන්ස, ඔබවහන්සේගෙන් විචාරමි.
|
705
‘‘අනගාරියුපෙතස්ස, භික්ඛාචරියං ජිගීසතො;
මුනි පබ්රූහි මෙ පුට්ඨො, මොනෙය්‍යං උත්තමං පදං’’.
|
705
“පිඬු පිණිස හැසිරෙන අනගාරික භාවයට පැමිණි මා විසින් විචාරණ ලද්දාවූ මුනිතෙමේ මුනීන්ට අයත් (මොනෙය්‍ය) ප්‍රතිපදාව වදාරණු මැනව.”
|
706
‘‘මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං, (ඉති භගවා) දුක්කරං දුරභිසම්භවං;
හන්ද තෙ නං පවක්ඛාමි, සන්ථම්භස්සු දළ්හො භව.
|
706
“භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.” කරන්ට දුෂ්කර ඉවසීමට දුෂ්කර මුනීන්ට අයත් ප්‍රතිපදාව විවරණය කරන්නෙමි. තමාට වීර්යයෙන් ආධාර කරව,
|
707
‘‘සමානභාගං
මනොපදොසං රක්ඛෙය්ය, සන්තො අනුණ්ණතො චරෙ.
|
707
“ආක්‍රොශ කරන්නන්ටද වඳින්නන්ටද ගමෙහි සමාන වන්න. සන්සුන් සිත් ඇතිව නොසන්සුන් නොවී හැසිරෙන්න. සිතේ දූශ්‍යවීම වලක්වන්න.
|
708
‘‘උච්චාවචා
නාරියො මුනිං පලොභෙන්ති, තාසු තං මා පලොභයුං.
|
708
“ලැව් ගින්නෙහි ගිනි සිළුමෙන් උස් පහත් රූපයෝ ඇස් ආදියට හමුවෙයි. ස්ත්‍රීහු මුනිවරයා ලෝභ කරවත්. ඔවුන් කෙරෙහි තොප ලෝභ නොවිය යුතුය.
|
709
‘‘විරතො මෙථුනා ධම්මා, හිත්වා කාමෙ පරොපරෙ
(පරොවරෙ (සී. පී.), වරාවරෙ (ස්‍යා.));
අවිරුද්ධො
|
709
“යහපත් අයහපත් කාමයන් අත්හැර මෛථුන ධර්මයෙන් වෙන්වූයේ පිට ප්‍රාණීන් කෙරෙහි විරුද්ධ නොවී තමන්ගේ සතුන් කෙරෙහි නොඇලුනේ ජීවත්වනු කැමැත්තන් නොමැරීමෙන්ද සැප කැමති අයට දුක් වැද්ද නොදීමෙන්ද,
|
710
‘‘යථා අහං තථා එතෙ, යථා එතෙ තථා අහං;
අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ.
|
710
“මා යම්සේද මොවුනුත් එසේය. ඔව්හු යම්සේද මාත් එසේයයි” තමා උපමා කොට හිංසා නොකරන්නේය. නොනසන්නේය.
|
711
‘‘හිත්වා ඉච්ඡඤ්ච ලොභඤ්ච, යත්ථ සත්තො පුථුජ්ජනො;
චක්ඛුමා පටිපජ්ජෙය්ය, තරෙය්ය නරකං ඉමං.
|
711
“යම් තැනෙක්හි පෘථග්ජන සත්වතෙම යම් චීවරාදී ප්රත්යයක ඉච්ඡා නම්වූ ලෝභය අත්හැර ප්‍රත්‍යය පිණිස ආජීව පාරිශුද්ධි ශීලය නොවලක්වා නුවණැසින් පුරණ ඇස් ඇති මේ මොනෙය්‍ය ප්‍රතිපදාව රකින මහණ එසේ පිළිපැද මේ ප්‍රත්‍ය තණ්හා නම් නරකය දුරලන්නේය.
|
712
‘‘ඌනූදරො මිතාහාරො, අප්පිච්ඡස්ස අලොලුපො;
සදා
(ස වෙ (පී.)) ඉච්ඡාය නිච්ඡාතො, අනිච්ඡො හොති නිබ්බුතො.
|
712
“කුස ඉඩ ඇති, ප්‍රමාණවත් ආහාර ඇති ප්‍රත්‍යය ලෝභය නැති අල්ප ආශා ඇත්තෙක් වන්නේය. හෙතෙම ඒකාන්තයෙන් දුරුකළ ආශා ඇත්තේ නිවුනාවූ බලාපොරොත්තු නැත්තෙක් වන්නේය.
|
713
‘‘ස පිණ්ඩචාරං චරිත්වා, වනන්තමභිහාරයෙ;
උපට්ඨිතො රුක්ඛමූලස්මිං, ආසනූපගතො මුනි.
|
713
“හෙතෙම පිඬු පිණිස හැසිර වනයට යන්නේය වෘක්ෂ මූලයට පැමිණ වැඩ සිටින්නේය.
|
714
‘‘ස ඣානපසුතො ධීරො, වනන්තෙ රමිතො සියා;
ඣායෙථ රුක්ඛමූලස්මිං, අත්තානමභිතොසයං.
|
714
“ධ්‍යානයෙහි ඇලුන හෙතෙම වනයෙහි ඇලුනෙක් වන්නේය. තමා සතුටු වෙමින් ගසක් මුල ධ්‍යාන කරන්නේය.
|
715
‘‘තතො රත්යා විවසානෙ
(විවසනෙ (සී. ස්‍යා. පී.)), ගාමන්තමභිහාරයෙ;
අව්හානං නාභිනන්දෙය්ය, අභිහාරඤ්ච ගාමතො.
|
715
“රාත්‍රිය ඉක්මවූ කල්හි ගමට යන්නේය. ආරාධනය නොඉවසන්නේය. ගමින් ගෙන එන ලද්දද නොඉවසන්නේය.
|
716
‘‘න මුනී ගාමමාගම්ම, කුලෙසු සහසා චරෙ;
ඝාසෙසනං ඡින්නකථො, න වාචං පයුතං භණෙ.
|
716
“මුනිතෙමේ ගමට පැමිණ කුලයන්හි වහා නොහැසිරෙන්නේය. ආහාර ගැන සුන් කථා ඇත්තේ වචනයෙන් නොඉල්වන්නේය.
|
717
‘‘අලත්ථං යදිදං සාධු, නාලත්ථං කුසලං ඉති;
උභයෙනෙව සො තාදී, රුක්ඛංවුපනිවත්තති
(රුක්ඛංවු’පතිවත්තති (ක.), රුක්ඛංව උපාතිවත්තති (ස්‍යා.)).
|
717
“යමක් නොලැබුනු කල්හි නොලත් බව හොඳ යයිද ලද නොලද බැව්හි මධ්‍යස්ථවූයේ ගසක් ළඟට ගොස් ගෙඩි ලත් හෝ නොලත් තැනැත්තකුමෙන් කම්පා නොවන්නේය.
|
718
‘‘ස
අප්පං දානං න හීළෙය්ය, දාතාරං නාවජානියා.
|
718
“අත්ලෙහිවූ පාත්‍රයෙන් යුක්තව හැසිරෙන්නාවූ හෙතෙම නොගොලුව ගොලුයයි සම්මතවූයේ ස්වල්ප දානයට නොගරහන්නේය. දෙන්නාට අවමන් නොකරන්නේය.
|
719
‘‘උච්චාවචා
න පාරං
|
719
“ශ්රමණයන් වහන්සේ විසින් උස් පහත් ප්රතිපදාවන් ප්‍රකාශ කරණ ලද්දාහ. පරතෙරට දෙවරක් නොයත්. මෙය එක මාර්ගයකින් ස්පර්ශ කරණ ලද්දක් නොවේ.
|
720
‘‘යස්ස ච විසතා නත්ථි, ඡින්නසොතස්ස භික්ඛුනො;
කිච්චාකිච්චප්පහීනස්ස, පරිළාහො න විජ්ජති.
|
720
“සුන්කරණ ලද කෙලෙස් වතුර ඇති යම් භික්ෂුවකට තෘෂ්ණාවක් නැද්ද, කුසල් අකුසල් නැති කිරීමෙන් දැවීමක් නැත්තේය.
|
721
‘‘මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං, ඛුරධාරූපමො භවෙ;
ජිව්හාය තාලුමාහච්ච, උදරෙ සඤ්ඤතො සියා.
|
721
“භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යයන්හි කරකැත්තේ මුවාතකට බඳු උපමා ඇති මොනෙය්‍ය ප්‍රතිපදාව කියන්නෙමි. දිවෙන් තල්ල පෙලා රස තෘෂ්ණාව හැර උදරයෙහි සංවර වන්නේය.
|
722
‘‘අලීනචිත්තො ච සියා, න චාපි බහු චින්තයෙ;
නිරාමගන්ධො අසිතො, බ්රහ්මචරියපරායණො.
|
722
“කුසීත සිත් ඇත්තේ වන්නේය. බොහෝ දේ ගැන නොසිතන්නේය. කෙලෙස් නැතිව, තණ්හාදීන් ඇසුරු නොකොට ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේය.
|
723
‘‘එකාසනස්ස සික්ඛෙථ, සමණූපාසනස්ස ච;
එකත්තං මොනමක්ඛාතං, එකො චෙ අභිරමිස්සසි;
අථ භාහිසි
(භාසිහි (සී. ස්‍යා. පී.)) දසදිසා.
|
723
“සියලු ඉරියව්වෙහි හික්මෙන්නේය. ශ්රමණයන් විසින් ඇසුරු කටයුතු අරමුනෙහි හැසිරෙන්නේය. එකත්වය මොනයයි කියන ලදී. ඉදින් හුදකලාව සෙනසුන්හි ඇලෙන්නේය.
|
724
‘‘සුත්වා ධීරානං නිග්ඝොසං, ඣායීනං කාමචාගිනං;
තතො හිරිඤ්ච සද්ධඤ්ච, භිය්යො කුබ්බෙථ මාමකො.
|
724
“දශ දිශාවෙන් එන ස්තුති වචන අසා ධ්‍යාන කරන්නාවූ වීර්යවන්තයන්ගේද, කාමය අත්හළවුන්ගේද ශබ්දයද අසා බොහෝසෙයින් ලජ්ජාවද ශ්රද්ධාවද මාගේ ශ්‍රාවක තෙම කරන්නේය.
|
725
‘‘තං
සණන්තා යන්ති කුසොබ්භා
(කුස්සුබ්භා (සී.)), තුණ්හීයන්ති මහොදධී.
|
725
“ඒ නිශ්ශබ්ද භාවය මූදට වදින ගංගා වලින් දතයුත්තාහ. ඇල වලින්ද දොළ වලින්ද කුඩා නදීන්ගෙන්ද, ශබ්දය දත යුත්තාහ.
|
726
‘‘යදූනකං තං සණති, යං පූරං සන්තමෙව තං;
අඩ්ඪකුම්භූපමො බාලො, රහදො පූරොව පණ්ඩිතො.
|
726
“යමක් අඩුද එය ශබ්ද වෙයි. යමක් පිරුනේද, එය ශාන්තය. බාලයා දිය අඩු කළයක් සමානය. පණ්ඩිත තෙමේ පිරුණු සාගරය මෙනි.
|
727
‘‘යං සමණො බහුං භාසති, උපෙතං අත්ථසඤ්හිතං;
ජානං සො ධම්මං දෙසෙති, ජානං සො බහු භාසති.
|
727
“ශ්‍රමණතෙමේ යහපතින් යුත් යමක් බොහෝකොට කියාද, හෙතෙම දන්නේම ධර්ම දේශනා කරයි. හෙතෙම දන්නේ බොහෝ කියයි.
|
728
‘‘යො
ස
|
728
“දන්නා දෙයක් අප්රසිද්ධව කීමෙන් සත්වයන්ට හිත පිණිස නොවේද, එය බොහෝ නොකියයි. ඒ මුනිතෙමේ මොනයට සුදුසුය. ඒ මුනිතෙමේ මේ මොනයට පැමිණියේය.”
|
12. ද්වයතානුපස්සනාසුත්තං | 12. ද්වයතානුපස්සනා සූත්‍රය |
729
‘‘යෙ දුක්ඛං නප්පජානන්ති, අථො දුක්ඛස්ස සම්භවං;
යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති;
තඤ්ච මග්ගං න ජානන්ති, දුක්ඛූපසමගාමිනං.
|
729
“යම් කෙනෙක් දුක නොදනිද්ද නැවත දුක හටගැනීමද නොදනිද්ද, යම් තැනෙක්හි සර්වප්රකාරයෙන් දුක ඉතිරිනොවී සංසිදේද, එයද දුක් සංසිඳීමට යන මාර්ගයද නොදනිද්ද,
|
730
‘‘චෙතොවිමුත්තිහීනා තෙ, අථො පඤ්ඤාවිමුත්තියා;
අභබ්බා තෙ අන්තකිරියාය, තෙ වෙ ජාතිජරූපගා.
|
730
“අර්හත් පළ සමාධියෙන් හීනවූ නැවත අර්හත් ඵල ප්‍රඥාවෙන්ද හීනවූ ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට අභව්‍ය ඔව්හු ඒකාන්තයෙන් උත්පත්ති මරණ දෙකට පැමිණියාහුය.
|
731
‘‘යෙ
යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති;
තඤ්ච
|
731
“යම් කෙනෙක් ඒකාන්තයෙන් දුක දනිද්ද, නැවත දුක ඉපදීමට හේතුව දනිත්ද, යම් තැනෙක්හි දුක ඉතිරි නොකොට සිදේද, දුක් සන්සිඳුවීමට යන ඒ මාර්ගය දනිත්ද,
|
732
‘‘චෙතොවිමුත්තිසම්පන්නා, අථො පඤ්ඤාවිමුත්තියා;
භබ්බා තෙ අන්තකිරියාය, න තෙ ජාතිජරූපගා’’ති.
|
732
(i) “අර්හත් ඵල සමාධියෙන් යුත් අර්හත්ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට සුදුසුය. (ii) ඔව්හු උත්පත්තිය ජරා දෙකට නොපැමිණෙත්.
|
733
‘‘උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ
යො වෙ අවිද්වා උපධිං කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො;
තස්මා පජානං උපධිං න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’’ති.
|
733
ලෝකයෙහි යම්කිසි නොයෙක් රූපයෝ වෙත්ද ඒ නිසා ඇතිවන අකුසල් නිසා දුක් රැස් වෙත්. යමෙක් නොදැන පවු කරයිද, බාලතෙමේ නැවත නැවත දුකට පැමිණේ. සසර දුක හටගැනීමට හේතුව උපධි (කෙලෙස්) යයි දැන දන්නා තැනැත්තේ එහෙයින් පව් නොකරන්නේය.
|
734
‘‘ජාතිමරණසංසාරං
ඉත්ථභාවඤ්ඤථාභාවං, අවිජ්ජායෙව සා ගති.
|
734
“යම් කෙනෙක් ස්කන්ධයන්ගේ ඉපදීමවූ ජාතියටද බිඳීමවූ මරණයටද ස්කන්ධ පිළිවෙළවූ සංසාරයටද, යම්කිසි කෙනෙක් යත්ද මේ මනුෂ්යාත්මභාවයටද අනික් කොටසකටද යාම අවිද්යාවෙන්මය.
|
735
‘‘අවිජ්ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං;
විජ්ජාගතා ච යෙ සත්තා, න තෙ ගච්ඡන්ති
(නාගච්ඡන්ති (සී. පී.)) පුනබ්භව’’න්ති.
|
735
“යමකින් මේ සත්වයා බොහෝ කලක් ඇවිද්දවන ලද්දේද මේ අවිද්‍යාව වනාහි මහා මෝහයකි. යම් සත්වකෙනෙක් විද්‍යාවට ඇතුළුවූවාහුද නැවත උත්පත්තියකට නොපැමිණෙත්.
|
736
‘‘යං
සඞ්ඛාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
|
736
“සංස්කාර ප්‍රත්‍යයෙන් දුකයයි යන මේ දෝෂය සියලු සංස්කාර සන්සිඳීමෙන් කාම සංඥාදිය මාර්ගයෙන් වැලැක්වීමෙන් මෙය තත්වූ පරිද්දෙන් දැන මෙසේ දුක් ක්ෂය වීමවේ.
|
737
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං සඞ්ඛාරපච්චයා;
සබ්බසඞ්ඛාරසමථා, සඤ්ඤානං උපරොධනා;
එවං දුක්ඛක්ඛයො හොති, එතං ඤත්වා යථාතථං.
|
737
“වෙදදත් පණ්ඩිතයෝ මනාකොට දැකීමෙන් මනාකොට දැන තුන්බිමට අයත් සසර මැඩපවත්වා නැවත භවයකට නොපැමිණේ (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡේදය යෙදිය යුතුයි.)
|
738
‘‘සම්මද්දසා වෙදගුනො, සම්මදඤ්ඤාය පණ්ඩිතා;
අභිභුය්ය මාරසංයොගං, න ගච්ඡන්ති
(නාගච්ඡන්ති (සී. පී.)) පුනබ්භව’’න්ති.
|
738 |
739
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං විඤ්ඤාණපච්චයා;
විඤ්ඤාණස්ස නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
|
739
“යම්කිසි දුකක් රැස්කෙරේද සියල්ල විඤ්ඤාණ හේතුවෙන්ය. විඤ්ඤාණය නිරුද්ධවීමෙන් දුක් රැස්වීමක් නැත්තේය.
|
740
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං විඤ්ඤාණපච්චයා;
විඤ්ඤාණූපසමා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
|
740
“විඤ්ඤාණ හේතුවෙන් දුක් ඇතිවෙයි යන මේ දෝෂය දැක මහණ තෙම විඤ්ඤාණය නැතිකිරීමෙන් තෘෂ්ණා නැතිව පිරිනිවියේය.
|
741
‘‘තෙසං ඵස්සපරෙතානං, භවසොතානුසාරිනං;
කුම්මග්ගපටිපන්නානං, ආරා සංයොජනක්ඛයො.
|
741
“ස්පර්ශයට වසඟවූ තෘෂ්ණාව අනුව හැසිරෙන අයහපත් මාර්ගයට පිළිපන් ඔවුන්ට කෙළෙසුන් නැතිකිරීම දුරවේ.
|
742
‘‘යෙ ච ඵස්සං පරිඤ්ඤාය, අඤ්ඤායුපසමෙ
(පඤ්ඤාය උපසමෙ (ස්‍යා.)) රතා;
තෙ වෙ ඵස්සාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතා’’ති.
|
742
“යම්කිසි කෙනෙක් ස්පර්ශය දැන කෙලෙස් සන්සිඳුවීමෙහි ඇලුනාවූ ඔව්හු ඒකාන්තයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවියේය.
|
743
‘‘සුඛං
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, යං කිඤ්චි අත්ථි වෙදිතං.
|
743
“තමා තුළද පිටතද සැපක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ යම්කිසි වේදනාවක් ඇද්ද.
|
744
‘‘එතං දුක්ඛන්ති ඤත්වාන, මොසධම්මං පලොකිනං
(පලොකිතං (සී.));
ඵුස්ස ඵුස්ස වයං පස්සං, එවං තත්ථ විජානති
(විරජ්ජති (ක. සී.));
වෙදනානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
|
744
“මෙසේ දුකයයි දැන නැසෙන පලුදුවන සුළු ධර්මයන් ස්පර්ශ කරමින් මෙසේ එහි පිරිසිදු මේ මහණතෙම වේදනාවන් ක්ෂයවීමෙන් තෘෂ්ණා රහිතව පිරිනිවීයේය.
|
745
‘‘තණ්හාදුතියො
ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.
|
745
“තෘෂ්ණාව දෙවෙනි කොට ඇති පුරුෂතෙම බොහෝ කාලයක් සැරිසරන්නේ ආත්ම භවයෙන් අනික් ආත්ම භාවයකටද යන සංසාරය නොඉක්මවයි.
|
746
‘‘එතමාදීනවං ඤත්වා, තණ්හං
(තණ්හා (බහූසු) ඉතිවුත්තකෙ 15 පස්සිතබ්බං) දුක්ඛස්ස සම්භවං;
වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
|
746
“දුකට හේතුව තෘෂ්ණාවයයි මේ දෝෂය දැක පහවූ තෘෂ්ණා ඇත්තේ තෘෂ්ණා වශයෙන් නොගන්නාවූ මහණ තෙම සිහි ඇතිව පිරිනිවෙන්නේය.
|
747
‘‘උපාදානපච්චයා භවො, භූතො දුක්ඛං නිගච්ඡති;
ජාතස්ස මරණං හොති, එසො දුක්ඛස්ස සම්භවො.
|
747
“උපාදාන හේතුකොටගෙන භවයවේ. උපන්නේ දුකට පැමිණේ, උපන්නාට මරණය වේ. දුක පහළවීමට හේතුව මෙයයි.
|
748
‘‘තස්මා උපාදානක්ඛයා, සම්මදඤ්ඤාය පණ්ඩිතා;
ජාතික්ඛයං අභිඤ්ඤාය, න ගච්ඡන්ති පුනබ්භව’’න්ති.
|
748
“එහෙයින් පණ්ඩිතතෙම මනාකොට දැන උපාදාන ක්ෂය කිරීමෙන් උත්පත්තිය ක්ෂය කිරීම දැන උත්පත්තියකට නොඑයි.
|
749
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආරම්භපච්චයා;
ආරම්භානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
|
749
යම්කිසි දුකක් රැස් කෙරේද සියල්ල වීර්යය හේතු කොටගෙන වීර්යය නිරුද්ධවීමෙන් දුක් රැස්වීමක් නැත.
|
750
‘‘එතමාදීනවං
සබ්බාරම්භං පටිනිස්සජ්ජ, අනාරම්භෙ විමුත්තිනො.
|
750
“වීර්ය හේතුවෙන් දුකයයි මේ දෝෂය දැක වීර්යය නැති නිවනෙහි ඇලුනාවූ
|
751
‘‘උච්ඡින්නභවතණ්හස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො;
වික්ඛීණො
(විතිණ්ණො (සී.)) ජාතිසංසාරො, නත්ථි තස්ස පුනබ්භවො’’ති.
|
751
“සිඳින ලද භව ආශා ඇති සන්සුන් සිත් ඇති ඒ මහණහට ඉපදීම නැමැති සසර තරණය ඇත්තේ නැවත ඉපදීමක් නැත.
|
752
‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආහාරපච්චයා;
ආහාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
|
752
“යම්කිසි දුකක් රැස් කෙරේද, සියල්ල ආහාරය හේතු කොටගෙනය. ආහාරය නැතිවීමෙන් දුක් රැස්වීමක් නැත.
|
753
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං ආහාරපච්චයා;
සබ්බාහාරං පරිඤ්ඤාය, සබ්බාහාරමනිස්සිතො.
|
753
“ආහාරය හේතුවෙන් දුකයයි මේ දෝෂය දැක සියලු ආහාරයන් දැන සියලු ආහාර ඇසුරු නොකොට
|
754
‘‘ආරොග්යං
සඞ්ඛාය සෙවී ධම්මට්ඨො, සඞ්ඛ්‍යං
(සඞ්ඛං (සී. පී.)) නොපෙති වෙදගූ’’ති.
|
754
“නිරෝගීකම මනා කොට දැන ආශ්‍රවයන් ක්ෂය වීමෙන් සිහිකොට අනුභව කරණ ධර්මයෙහි පිහිටි, වෙද දත් තැනැත්තේ දෙවියාය, මනුෂ්යයායයි ගණනට නොවැටේ
|
755
‘‘යං
ඉඤ්ජිතානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
|
755
“තෘෂ්ණාදී හැඟීම් අනුව දුක් ඇතිවේය යන මේ දෝෂය දැන, එනිසා තෘෂ්ණාව අත්හැර සංස්කාරයන් නිරුද්ධ කොට තෘෂ්ණාව නැතිව දැඩිව නොගෙන මහණ තෙම සිහි ඇතිව පිරිනිවෙන්නේය.
|
756
‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං ඉඤ්ජිතපච්චයා;
තස්මා හි එජං වොස්සජ්ජ, සඞ්ඛාරෙ උපරුන්ධිය;
අනෙජො අනුපාදානො, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
|
756 |
757
‘‘අනිස්සිතො න චලති, නිස්සිතො ච උපාදියං;
ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.
|
757
“තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු නොකළේ බිය නොවේ. ඇසුරු කළේ තදින් අල්වා ගන්නේ මේ ආත්ම බැවින් අනෙක් අත් බවකට යන්නේ සසර නො ඉක්මවයි.
|
758
‘‘එතමාදීනවං ඤත්වා, නිස්සයෙසු මහබ්භයං;
අනිස්සිතො අනුපාදානො, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
|
758
“තෘෂ්ණාදීන් ඇසුරු කිරීමෙහි මේ ආදීනවය දැක මහණතෙම ඇසුරු නො කළේ නොගන්නේ සිහි ඇතිව කළුරිය කරන්නේය.
|
759
‘‘යෙ ච රූපූපගා සත්තා, යෙ ච අරූපට්ඨායිනො
(ආරුප්පවාසිනො (සී. පී.));
නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භවං.
|
759
“රූපභවයට ගිය සත්වයෝ යම් කෙනෙක් වෙත්ද අරූපවාසීහු යම් පමණ වෙත්ද, නිවන නොදන්නාවූ ඔවුහු නැවත ඉපදීමට එන්නාහ.
|
760
‘‘යෙ ච රූපෙ පරිඤ්ඤාය, අරූපෙසු අසණ්ඨිතා
(සුසණ්ඨිතා (සී. ස්‍යා. පී.));
නිරොධෙ
|
760
“යම් කෙනෙක් රූපයන් විශිෂ්ට ඥානයෙන් දැන අරූපයෙහි සිටියාවූ යම් කෙනෙක් නිවනෙහි මිදුනාහුද ඒ ජනයෝ මාරයා අත් හැර යන්නේය. (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡේදය යෙදිය යුතුයි.)
|
761
‘‘අනත්තනි අත්තමානිං
(අත්තමානී (ස්‍යා.), අත්තමානං (පී. ක.)), පස්ස ලොකං සදෙවකං;
නිවිට්ඨං නාමරූපස්මිං, ඉදං සච්චන්ති මඤ්ඤති.
|
761
“ආත්ම නොවූවෙහි ආත්මය යන හැඟීම් ඇති දෙවියන් සහිත ලෝකයා බලව. නාම රූප දෙකෙහි මෙයම ඇත්තයයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟියි.
|
762
‘‘යෙන යෙන හි මඤ්ඤන්ති, තතො තං හොති අඤ්ඤථා;
තඤ්හි තස්ස මුසා හොති, මොසධම්මඤ්හි ඉත්තරං.
|
762
“යම් යම් විධියකින් හඟිත්ද, එය ඊට අන් පරිද්දෙකින් වේ. එය ඔහුගේ මුළාවකි. ස්වල්පවූ මුළා කරණ ධර්මයකි.
|
763
‘‘අමොසධම්මං
තෙ වෙ සච්චාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතා’’ති.
|
763
“නොනස්නා සුළු නිවන ආර්යයෝ ඇත්ත වශයෙන් දත යුත්තාහ. ඔව්හු ඒකාන්තයෙන් ඇත්ත අවබෝධ වීමෙන් ආශා නැතිව පිරිනිවීයාහුය.
|
764
‘‘රූපා සද්දා රසා ගන්ධා, ඵස්සා ධම්මා ච කෙවලා;
ඉට්ඨා කන්තා මනාපා ච, යාවතත්ථීති වුච්චති.
|
764
“රූපය, ශබ්දය, රසය, ගන්ධය, ස්පර්ශය, ධර්මය යන මේ යහපත්, කාන්ත මන වඩන යම් මේ අරමුණු සයක් ඇත්තේද,
|
765
‘‘සදෙවකස්ස ලොකස්ස, එතෙ වො සුඛසම්මතා;
යත්ථ චෙතෙ නිරුජ්ඣන්ති, තං නෙසං දුක්ඛසම්මතං.
|
765
“දෙවියන් සහිත ලෝකයා විසින් සැපයයි සම්මතය. යම් තැනෙක්හි මොව්හු නැතිවෙත්ද එය දුක්යයි සම්මතය.
|
766
‘‘සුඛන්ති
පච්චනීකමිදං හොති, සබ්බලොකෙන පස්සතං.
|
766
“ශරීරයාගේ වැළැක්ම සැපයයි ආර්යයන් විසින් දක්නාලදී. සියලු ලෝකයෙහි නොදැක්ම ප්රතිගාමී දෙයකි.
|
767
‘‘යං
යං පරෙ දුක්ඛතො ආහු, තදරියා සුඛතො විදූ.
|
767
“අන්‍යයෝ යමක් සැපයයි කීවාහුද, ආර්යයෝ එය දුක්යයි කීහු. අන්‍යයෝ යමක් දුක්යයි කීවාහුද, ආර්යයෝ එය සැපයයි කීවාහුය. දතනොහැකි ධර්මයන් බලව. බාලයෝ මෙහි මුළාවෙති.
|
768
‘‘පස්ස ධම්මං දුරාජානං, සම්පමූළ්හෙත්ථවිද්දසු
(සම්පමූළ්හෙත්ථ අවිද්දසු (සී. පී.), සම්මූළ්හෙත්ථ අවිද්දසු (?));
නිවුතානං තමො හොති, අන්ධකාරො අපස්සතං.
|
768
“අවිද්‍යාවෙන් වැසුනාවූ නිවන නොදක්නාවුන්ට අන්ධබව කරණ අන්ධකාරයවේ.
|
769
‘‘සතඤ්ච විවටං හොති, ආලොකො පස්සතාමිව;
සන්තිකෙ න විජානන්ති, මග්ගා ධම්මස්ස කොවිදා.
|
769
සත්පුරුෂයන්ට ආලෝකය පෙණෙන්නාක් මෙන් නිවණ විවෘතවේ. මාර්ග අමාර්ග දෙකේ අදක්ෂයාට තමාගේ ශරීරයෙහිම ඇති නිවන නොදනිත්.
|
770
‘‘භවරාගපරෙතෙහි
මාරධෙය්‍යානුපන්නෙහි, නායං ධම්මො සුසම්බුධො.
|
770
“භවාසාවෙන් පීඩිතවූ, භව නැමැති සැඩපාරට අනුව යන කාම රූප අරූප යන සසරට බට තැනැත්තන් විසින් මේ ධර්මය සුවසේ අවබෝධ නොකටහැකිය.
|
771
‘‘කො නු අඤ්ඤත්‍රමරියෙහි, පදං සම්බුද්ධුමරහති;
යං පදං සම්මදඤ්ඤාය, පරිනිබ්බන්ති අනාසවා’’ති.
|
771
“යම් නිර්වාණ පදයක් මනාකොට දැන ආශ්‍රව රහිතව පිරිනිවෙයිද, බුදුරජාණන් වහන්සේ හෝ ආර්යයන් හැර නිවන අවබෝධ කරන්නට අන්කවරෙක් සමර්ථද, අසමර්ථමය.”
|