ත්‍රිපිටකය
3. මහාවග්ගො 3. මහා වර්ගය
1. පබ්බජ්ජාසුත්තං 1. පබ්බජ්ජා සූත්‍රය
2. පධානසුත්තං 2. පධාන සූත්‍රය
3. සුභාසිතසුත්තං 3. සුභාෂිත සූත්‍රය
4. සුන්දරිකභාරද්වාජසුත්තං 4. (පුරලාස) සුන්දරික භාරද්වාජ සූත්‍රය
5. මාඝසුත්තං 5. මාඝ සූත්‍රය
6. සභියසුත්තං 6. සභිය සූත්‍රය
7. සෙලසුත්තං 7. සෙලසූත්‍රය
8. සල්ලසුත්තං 8. සල්ල සූත්‍රය
9. වාසෙට්ඨසුත්තං 9. වාසෙට්ඨ සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. කොකාලික සූත්‍රය
11. නාලකසුත්තං 11. නාලක සූත්‍රය
684
ආනන්දජාතෙ තිදසගණෙ පතීතෙ, සක්කඤ්ච ඉන්දං සුචිවසනෙ ච දෙවෙ;
දුස්සං ගහෙත්වා අතිරිව ථොමයන්තෙ, අසිතො ඉසි අද්දස දිවාවිහාරෙ.
684
“හටගත් ප්‍රීතිය ඇති සතුටුවූ සොම්නස්වූ කිලිටි නොහඳින දෙවියන් ශක්‍රයා පිරිවරා වස්ත්‍ර රැගෙන ඉතා ස්තුති කරමින් සිටිනු දවල් විවේක වාසයට ගිය අසිත ඍෂිතෙම දුටුවේය.
685
දිස්වාන දෙවෙ මුදිතමනෙ උදග්ගෙ, චිත්තිං කරිත්වාන ඉදමවොච (කරිත්වා ඉදමවොචාසි (සී.)) තත්ථ;
‘‘කිං දෙවසඞ්ඝො අතිරිව කල්‍යරූපො, දුස්සං ගහෙත්වා රමයථ (භමයථ (සී.)) කිං පටිච්ච.
685
“සතුටු සිත් ඇති ඔද වැඩි දෙවියන් දැක ආදර කොට එහි දිව්‍ය සමූහයා ඉතා සතුටු සිත් ඇත්තෝව වස්ත්‍ර ගෙන කරකවන්නාහු කුමක් සඳහා දැ”යි ඇසීය.
686
‘‘යදාපි ආසී අසුරෙහි සඞ්ගමො, ජයො සුරානං අසුරා පරාජිතා.
තදාපි නෙතාදිසො ලොමහංසනො, කිමබ්භුතං දට්ඨු මරූ පමොදිතා.
686
“යම් කලෙක්හි අසුරයන් හා යුද්ධය වීද, දෙවියන්ට ජය අත්විය. අසුරයන්ට පරාජය අත්විය. එදාද මෙවැනි ලොමු ඩැහැගැනීමක් විය කවර නම් පුදුමයක් දැක දෙවියෝ සතුටු වූවාහුද?
687
‘‘සෙළෙන්ති ගායන්ති ච වාදයන්ති ච, භුජානි ඵොටෙන්ති (පොඨෙන්ති (සී. පී.), පොථෙන්ති (ක.)) ච නච්චයන්ති ච;
පුච්ඡාමි වොහං මෙරුමුද්ධවාසිනෙ, ධුනාථ මෙ සංසයං ඛිප්ප මාරිසා’’.
687
“කටින් ප්‍රීති නාදයක් පිටවෙයි. ගායනා කරත්, වැයීම කෙරෙත්, අත් පොළසන් දෙත්, නටත්. මම තොප විචාරමි. මහමෙර මුදුනෙහි වසන තොප විචාරමි. නිදුකානෙනි මාගේ සැකය වහා නසව්.”
688
‘‘සො බොධිසත්තො රතනවරො අතුල්‍යො, මනුස්සලොකෙ හිතසුඛත්ථාය (හිතසුඛතාය (සී. ස්‍යා. පී.)) ජාතො;
සක්‍යාන ගාමෙ ජනපදෙ ලුම්බිනෙය්‍යෙ, තෙනම්හ තුට්ඨා අතිරිව කල්‍යරූපා.
688
“අසමාන ශ්‍රේෂ්ඨ රත්නයක්වූ ඒ බොධි සත්වතෙම සැපය පිණිස උපන්නේය. ශාක්‍යයන්ගේ ජනපදයෙහිවූ ලුම්බිනි උයනෙහි මනුෂ්‍ය ලෝකයට අභිවෘද්ධිය පිණිස උපන්නේය.
689
‘‘සො සබ්බසත්තුත්තමො අග්ගපුග්ගලො, නරාසභො සබ්බපජානමුත්තමො;
වත්තෙස්සති චක්කමිසිව්හයෙ වනෙ, නදංව සීහො බලවා මිගාභිභූ’’.
689
“සියලු සත්වයන්ට උතුම්වූ ශ්‍රේෂ්ඨ පුද්ගලවූ නර ශ්‍රේෂ්ඨවූ සියලු ප්‍රජාවන්ට උතුම්වූ උන්වහන්සේ ඍෂි නම් වනයෙහි බලවත් මෘගයන් මැඩපවත්වන සිංහයකු නාද කරන්නාක් මෙන් ධර්ම චක්‍රය පවත්වන්නේය.
690
තං සද්දං සුත්වා තුරිතමවසරී සො, සුද්ධොදනස්ස තද භවනං උපාවිසි (උපාගමි (සී. පී.));
නිසජ්ජ තත්ථ ඉදමවොචාසි සක්‍යෙ, ‘‘කුහිං කුමාරො අහමපි දට්ඨුකාමො’’.
690
“ඒ ශබ්දය අසා වහා බැස්සාවූ හෙතෙම ඒ වේලාවෙහි ශුද්ධොදන රාජ භවනයට පැමිණියේය. එහි වැඩහිද රජතුමනි කුමාරයා කොහිද මමත් දක්නා කැමැත්තෙමි”යි කීයේය.
691
තතො කුමාරං ජලිතමිව සුවණ්ණං, උක්කාමුඛෙව සුකුසලසම්පහට්ඨං (සුකුසලෙන සම්පහට්ඨං (ක.));
දද්දල්ලමානං (දද්දළ්හමානං (ක.)) සිරියා අනොමවණ්ණං, දස්සෙසු පුත්තං අසිතව්හයස්ස සක්‍යා.
691
“ඉක්බිති ශාක්‍ය රජතෙම අසිත තවුසාට කෝවෙහි දක්ෂලෙස දමාගන්නා ලද දිලිසෙන රන් රුවක් බඳු උසස් වර්ණයෙන් බබලන කුමාරයා දැක්වීය.
692
දිස්වා කුමාරං සිඛිමිව පජ්ජලන්තං, තාරාසභංව නභසිගමං විසුද්ධං;
සූරියං තපන්තං සරදරිවබ්භමුත්තං, ආනන්දජාතො විපුලමලත්ථ පීතිං.
692
දිලිසෙන්නාවූ මොණරෙකු මෙන්ද, අහසින් යන පිරිසිදු තාරකාවක් මෙන්ද, ශරත් කාලයෙහි වළාකුල් වලින් මිදුනු තැවෙන සූර්යයා මෙන්ද, සතුටු සිත් ඇත්තාහු මහත් ප්‍රීතියක් ලැබූහ.
693
අනෙකසාඛඤ්ච සහස්සමණ්ඩලං, ඡත්තං මරූ ධාරයුමන්තලික්ඛෙ;
සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා, න දිස්සරෙ චාමරඡත්තගාහකා.
693
“නොයෙක් නන ඇති කැබලි දහසක් ඇති කුඩයක් දෙවියෝ අහසෙහි දැරූහ. රන්දඬු ඇති සෙමෙර සලත්, සෙමෙර කොඩි ගත්තවුන් නොපෙණෙත්.
694
දිස්වා ජටී කණ්හසිරිව්හයො ඉසි, සුවණ්ණනික්ඛං විය පණ්ඩුකම්බලෙ;
සෙතඤ්ච ඡත්තං ධරියන්ත (ධාරියන්ත (ස්‍යා.), ධාරයන්තං (සී. ක.)) මුද්ධනි, උදග්ගචිත්තො සුමනො පටිග්ගහෙ.
694
කණ්හසිරි නම් ජටිලතෙම (අසිත) රන්වන් කම්බිලියෙක්හි වූ රන් කැබැල්ලක් මෙන්වූ කුමාරයා දැක මුදුනෙහි සේසත් දරමින් සතුටු සිතින් මුදුනින් පිළිගත්තේය.
695
පටිග්ගහෙත්වා පන සක්‍යපුඞ්ගවං, ජිගීසතො (ජිගිංසකො (සී. ස්‍යා. පී.)) ලක්ඛණමන්තපාරගූ;
පසන්නචිත්තො ගිරමබ්භුදීරයි, ‘‘අනුත්තරායං ද්විපදානමුත්තමො’’ (දිපදානමුත්තමො (සී. ස්‍යා. පී.)).
695
“ලක්ෂණ ශාස්ත්‍රයෙහි හා මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට ගිය ජටිලතෙම ශාක්‍ය ශ්‍රේෂ්ඨයා පිළිගෙන පරීක්ෂා කරන්නේ පැහැදුන සිතින් මෙතෙමේ නිරුත්තරය දෙපා ඇත්තන්ට උතුම්යයි වචන ප්‍රකාශ කෙළේය.
696
අථත්තනො ගමනමනුස්සරන්තො, අකල්‍යරූපො ගළයති අස්සුකානි;
දිස්වාන සක්‍යා ඉසිමවොචුං රුදන්තං,
‘‘නො චෙ කුමාරෙ භවිස්සති අන්තරායො’’.
696
“නැවත තමාගේ පරලොව ගමන සිහි කරන්නේ නොසතුටු සිතින් කඳුළු වගුරුවයි. අඬන ඍෂිවරයා දැක ශාක්‍යයයෝ ඇයි දැයි ඇසූහ. “කුමාරයා කෙරෙහි අනතුරක් නැතැයි කීයේය.”
697
දිස්වාන සක්‍යෙ ඉසිමවොච අකල්‍යෙ, ‘‘නාහං කුමාරෙ අහිතමනුස්සරාමි;
න චාපිමස්ස භවිස්සති අන්තරායො, න ඔරකායං අධිමානසා (අධිමනසා (සී. ස්‍යා.)) භවාථ.
697
“කණගාටුවූ ඍෂිවරයා දැක ශාක්‍යවරුන්ට “මම කුමාරයාට අයහපතක් නැතැයි කියමි. මොහුට අන්තරායක් නැත. මේතෙම එසේ මෙසේ කෙනෙක් නොවේ. ශ්‍රේෂ්ඨ සිතින් යුක්තවන්නාහ.
698
‘‘සම්බොධියග්ගං ඵුසිස්සතායං කුමාරො, සො ධම්මචක්කං පරමවිසුද්ධදස්සී;
වත්තෙස්සතායං බහුජනහිතානුකම්පී, විත්ථාරිකස්ස භවිස්සති බ්‍රහ්මචරියං.
698
“මේ කුමාරතෙම සර්වඥතාඥානය ස්පර්ශ කරන්නේය. ශ්‍රේෂ්ඨ පිරිසිදුකම දක්නාවූ මෙතෙම බොහෝ ජනයාට හිතවත් අනුකම්පා ඇත්තේ ධර්ම චක්‍රය පවත්වන්නේය. මොහුගේ බ්‍රහ්මචරියාව පැතුරුණු එකක් වන්නේය.
699
‘‘මමඤ්ච ආයු න චිරමිධාවසෙසො, අථන්තරා මෙ භවිස්සති කාලකිරියා;
සොහං න සොස්සං (සුස්සං (සී. ස්‍යා.)) අසමධුරස්ස ධම්මං, තෙනම්හි අට්ටො බ්‍යසනංගතො අඝාවී’’.
699
“මාගේද ආයුෂ මේ ලෝකයෙහි බොහෝ කලක් ඉතිරි නොවේ. මාගේ කළුරිය කිරීම අතරෙහි වන්නේය. ඒ මම කිසිවෙකුට සමාන නැති වීර්යයක් ඇත්තහුගේ ධර්මය නො අසමි. එහෙයින් අඬමි. සැප නැති වීමි. දුක් වීමි.”
700
සො සාකියානං විපුලං ජනෙත්වා පීතිං, අන්තෙපුරම්හා නිග්ගමා (නිරගමා (සී. ස්‍යා.), නිගමා (ක. සී.), නිරගම (පී.)) බ්‍රහ්මචාරී;
සො භාගිනෙය්‍යං සයං අනුකම්පමානො, සමාදපෙසි අසමධුරස්ස ධම්මෙ.
700
“ඒ බ්‍රහ්මචාරීතෙමේ ශාක්‍යයන්ට මහත් ප්‍රීතියක් උපදවා ඇතුළු පුරයෙන් නික්මුනේය. හෙතෙමේ බෑනා කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රේෂ්ඨ වීර්යවන්තයාගේ ධර්මයෙහි තෙමේම සමාදන් කරවූයේය.
701
‘‘බුද්ධොති ඝොසං යද (යදි (ස්‍යා. ක.)) පරතො සුණාසි, සම්බොධිපත්තො විවරති ධම්මමග්ගං;
ගන්ත්වාන තත්ථ සමයං පරිපුච්ඡමානො (සයං පරිපුච්ඡියානො (සී. ස්‍යා.)), චරස්සු තස්මිං භගවති බ්‍රහ්මචරියං’’.
701
“බුද්ධ යන වචනය යම් කලෙක්හි අනුන්ගෙන් අසන්නෙහිද, උන්වහන්සේ බුදුවී නිවනෙහි හැසිරෙති. එහි ගොස් තෙමේ අසා ඒ භාග්‍යවතුන් කෙරෙහි බ්‍රහ්මචර්යයෙහි හැසිරෙව.”
702
තෙනානුසිට්ඨො හිතමනෙන තාදිනා, අනාගතෙ පරමවිසුද්ධදස්සිනා;
සො නාලකො උපචිතපුඤ්ඤසඤ්චයො, ජිනං පතික්ඛං (පති + ඉක්ඛං = පතික්ඛං) පරිවසි රක්ඛිතින්ද්‍රියො.
702
“හිතවත් අදහසින් ඔහු විසින් අවවාද කරණ ලද්දේ, සමාධිගත සිත් ඇති අනාගතයෙහි ශ්‍රේෂ්ඨ පිරිසිදු කම බලාපොරොත්තු වන රැස් කරණලද පින් ඇති, ඒ නාලක කුමාරතෙම රක්නාලද ඉඳුරන් ඇත්තේ, බුදුන් බලාපොරොත්තු වෙමින් තවුස් වෙශයෙන් විසුවේය.
703
සුත්වාන ඝොසං ජිනවරචක්කවත්තනෙ, ගන්ත්වාන දිස්වා ඉසිනිසභං පසන්නො;
මොනෙය්‍යසෙට්ඨං මුනිපවරං අපුච්ඡි, සමාගතෙ අසිතාව්හයස්ස සාසනෙති.
703
“මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේ දම්සක් පැවැත්වීම, දෙවියන්ගෙන් අසා ඉසිපතනයට ගොස් බුදුන් දැක අසා පැහැදුනේ අසිතයන්ගේ අවවාදයෙහි පිහිටා මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේගෙන් උතුම්වූ මොනෙය්‍ය ප්‍රතිපදාව ඇසූයේය.
704
‘‘අඤ්ඤාතමෙතං වචනං, අසිතස්ස යථාතථං;
තං තං ගොතම පුච්ඡාමි, සබ්බධම්මාන පාරගුං.
704
“අසිතගෙන් තත්වූ පරිද්දෙන් දැනගන්නා ලද මේ වචනය සියලු ධර්මයන්හි පරතෙරට ගිය ගෞතමයන්වහන්ස, ඔබවහන්සේගෙන් විචාරමි.
705
‘‘අනගාරියුපෙතස්ස, භික්ඛාචරියං ජිගීසතො;
මුනි පබ්‍රූහි මෙ පුට්ඨො, මොනෙය්‍යං උත්තමං පදං’’.
705
“පිඬු පිණිස හැසිරෙන අනගාරික භාවයට පැමිණි මා විසින් විචාරණ ලද්දාවූ මුනිතෙමේ මුනීන්ට අයත් (මොනෙය්‍ය) ප්‍රතිපදාව වදාරණු මැනව.”
706
‘‘මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං, (ඉති භගවා) දුක්කරං දුරභිසම්භවං;
හන්ද තෙ නං පවක්ඛාමි, සන්ථම්භස්සු දළ්හො භව.
706
“භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.” කරන්ට දුෂ්කර ඉවසීමට දුෂ්කර මුනීන්ට අයත් ප්‍රතිපදාව විවරණය කරන්නෙමි. තමාට වීර්යයෙන් ආධාර කරව,
707
‘‘සමානභාගං කුබ්බෙථ, ගාමෙ අක්කුට්ඨවන්දිතං;
මනොපදොසං රක්ඛෙය්‍ය, සන්තො අනුණ්ණතො චරෙ.
707
“ආක්‍රොශ කරන්නන්ටද වඳින්නන්ටද ගමෙහි සමාන වන්න. සන්සුන් සිත් ඇතිව නොසන්සුන් නොවී හැසිරෙන්න. සිතේ දූශ්‍යවීම වලක්වන්න.
708
‘‘උච්චාවචා නිච්ඡරන්ති, දායෙ අග්ගිසිඛූපමා;
නාරියො මුනිං පලොභෙන්ති, තාසු තං මා පලොභයුං.
708
“ලැව් ගින්නෙහි ගිනි සිළුමෙන් උස් පහත් රූපයෝ ඇස් ආදියට හමුවෙයි. ස්ත්‍රීහු මුනිවරයා ලෝභ කරවත්. ඔවුන් කෙරෙහි තොප ලෝභ නොවිය යුතුය.
709
‘‘විරතො මෙථුනා ධම්මා, හිත්වා කාමෙ පරොපරෙ (පරොවරෙ (සී. පී.), වරාවරෙ (ස්‍යා.));
අවිරුද්ධො අසාරත්තො, පාණෙසු තසථාවරෙ.
709
“යහපත් අයහපත් කාමයන් අත්හැර මෛථුන ධර්මයෙන් වෙන්වූයේ පිට ප්‍රාණීන් කෙරෙහි විරුද්ධ නොවී තමන්ගේ සතුන් කෙරෙහි නොඇලුනේ ජීවත්වනු කැමැත්තන් නොමැරීමෙන්ද සැප කැමති අයට දුක් වැද්ද නොදීමෙන්ද,
710
‘‘යථා අහං තථා එතෙ, යථා එතෙ තථා අහං;
අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ.
710
“මා යම්සේද මොවුනුත් එසේය. ඔව්හු යම්සේද මාත් එසේයයි” තමා උපමා කොට හිංසා නොකරන්නේය. නොනසන්නේය.
711
‘‘හිත්වා ඉච්ඡඤ්ච ලොභඤ්ච, යත්ථ සත්තො පුථුජ්ජනො;
චක්ඛුමා පටිපජ්ජෙය්‍ය, තරෙය්‍ය නරකං ඉමං.
711
“යම් තැනෙක්හි පෘථග්ජන සත්වතෙම යම් චීවරාදී ප්‍රත්‍යයක ඉච්ඡා නම්වූ ලෝභය අත්හැර ප්‍රත්‍යය පිණිස ආජීව පාරිශුද්ධි ශීලය නොවලක්වා නුවණැසින් පුරණ ඇස් ඇති මේ මොනෙය්‍ය ප්‍රතිපදාව රකින මහණ එසේ පිළිපැද මේ ප්‍රත්‍ය තණ්හා නම් නරකය දුරලන්නේය.
712
‘‘ඌනූදරො මිතාහාරො, අප්පිච්ඡස්ස අලොලුපො;
සදා (ස වෙ (පී.)) ඉච්ඡාය නිච්ඡාතො, අනිච්ඡො හොති නිබ්බුතො.
712
“කුස ඉඩ ඇති, ප්‍රමාණවත් ආහාර ඇති ප්‍රත්‍යය ලෝභය නැති අල්ප ආශා ඇත්තෙක් වන්නේය. හෙතෙම ඒකාන්තයෙන් දුරුකළ ආශා ඇත්තේ නිවුනාවූ බලාපොරොත්තු නැත්තෙක් වන්නේය.
713
‘‘ස පිණ්ඩචාරං චරිත්වා, වනන්තමභිහාරයෙ;
උපට්ඨිතො රුක්ඛමූලස්මිං, ආසනූපගතො මුනි.
713
“හෙතෙම පිඬු පිණිස හැසිර වනයට යන්නේය වෘක්ෂ මූලයට පැමිණ වැඩ සිටින්නේය.
714
‘‘ස ඣානපසුතො ධීරො, වනන්තෙ රමිතො සියා;
ඣායෙථ රුක්ඛමූලස්මිං, අත්තානමභිතොසයං.
714
“ධ්‍යානයෙහි ඇලුන හෙතෙම වනයෙහි ඇලුනෙක් වන්නේය. තමා සතුටු වෙමින් ගසක් මුල ධ්‍යාන කරන්නේය.
715
‘‘තතො රත්‍යා විවසානෙ (විවසනෙ (සී. ස්‍යා. පී.)), ගාමන්තමභිහාරයෙ;
අව්හානං නාභිනන්දෙය්‍ය, අභිහාරඤ්ච ගාමතො.
715
“රාත්‍රිය ඉක්මවූ කල්හි ගමට යන්නේය. ආරාධනය නොඉවසන්නේය. ගමින් ගෙන එන ලද්දද නොඉවසන්නේය.
716
‘‘න මුනී ගාමමාගම්ම, කුලෙසු සහසා චරෙ;
ඝාසෙසනං ඡින්නකථො, න වාචං පයුතං භණෙ.
716
“මුනිතෙමේ ගමට පැමිණ කුලයන්හි වහා නොහැසිරෙන්නේය. ආහාර ගැන සුන් කථා ඇත්තේ වචනයෙන් නොඉල්වන්නේය.
717
‘‘අලත්ථං යදිදං සාධු, නාලත්ථං කුසලං ඉති;
උභයෙනෙව සො තාදී, රුක්ඛංවුපනිවත්තති (රුක්ඛංවු’පතිවත්තති (ක.), රුක්ඛංව උපාතිවත්තති (ස්‍යා.)).
717
“යමක් නොලැබුනු කල්හි නොලත් බව හොඳ යයිද ලද නොලද බැව්හි මධ්‍යස්ථවූයේ ගසක් ළඟට ගොස් ගෙඩි ලත් හෝ නොලත් තැනැත්තකුමෙන් කම්පා නොවන්නේය.
718
‘‘ස පත්තපාණි විචරන්තො, අමූගො මූගසම්මතො;
අප්පං දානං න හීළෙය්‍ය, දාතාරං නාවජානියා.
718
“අත්ලෙහිවූ පාත්‍රයෙන් යුක්තව හැසිරෙන්නාවූ හෙතෙම නොගොලුව ගොලුයයි සම්මතවූයේ ස්වල්ප දානයට නොගරහන්නේය. දෙන්නාට අවමන් නොකරන්නේය.
719
‘‘උච්චාවචා හි පටිපදා, සමණෙන පකාසිතා;
න පාරං දිගුණං යන්ති, නයිදං එකගුණං මුතං.
719
“ශ්‍රමණයන් වහන්සේ විසින් උස් පහත් ප්‍රතිපදාවන් ප්‍රකාශ කරණ ලද්දාහ. පරතෙරට දෙවරක් නොයත්. මෙය එක මාර්ගයකින් ස්පර්ශ කරණ ලද්දක් නොවේ.
720
‘‘යස්ස ච විසතා නත්ථි, ඡින්නසොතස්ස භික්ඛුනො;
කිච්චාකිච්චප්පහීනස්ස, පරිළාහො න විජ්ජති.
720
“සුන්කරණ ලද කෙලෙස් වතුර ඇති යම් භික්ෂුවකට තෘෂ්ණාවක් නැද්ද, කුසල් අකුසල් නැති කිරීමෙන් දැවීමක් නැත්තේය.
721
‘‘මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං, ඛුරධාරූපමො භවෙ;
ජිව්හාය තාලුමාහච්ච, උදරෙ සඤ්ඤතො සියා.
721
“භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යයන්හි කරකැත්තේ මුවාතකට බඳු උපමා ඇති මොනෙය්‍ය ප්‍රතිපදාව කියන්නෙමි. දිවෙන් තල්ල පෙලා රස තෘෂ්ණාව හැර උදරයෙහි සංවර වන්නේය.
722
‘‘අලීනචිත්තො ච සියා, න චාපි බහු චින්තයෙ;
නිරාමගන්ධො අසිතො, බ්‍රහ්මචරියපරායණො.
722
“කුසීත සිත් ඇත්තේ වන්නේය. බොහෝ දේ ගැන නොසිතන්නේය. කෙලෙස් නැතිව, තණ්හාදීන් ඇසුරු නොකොට ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේය.
723
‘‘එකාසනස්ස සික්ඛෙථ, සමණූපාසනස්ස ච;
එකත්තං මොනමක්ඛාතං, එකො චෙ අභිරමිස්සසි;
අථ භාහිසි (භාසිහි (සී. ස්‍යා. පී.)) දසදිසා.
723
“සියලු ඉරියව්වෙහි හික්මෙන්නේය. ශ්‍රමණයන් විසින් ඇසුරු කටයුතු අරමුනෙහි හැසිරෙන්නේය. එකත්වය මොනයයි කියන ලදී. ඉදින් හුදකලාව සෙනසුන්හි ඇලෙන්නේය.
724
‘‘සුත්වා ධීරානං නිග්ඝොසං, ඣායීනං කාමචාගිනං;
තතො හිරිඤ්ච සද්ධඤ්ච, භිය්‍යො කුබ්බෙථ මාමකො.
724
“දශ දිශාවෙන් එන ස්තුති වචන අසා ධ්‍යාන කරන්නාවූ වීර්යවන්තයන්ගේද, කාමය අත්හළවුන්ගේද ශබ්දයද අසා බොහෝසෙයින් ලජ්ජාවද ශ්‍රද්ධාවද මාගේ ශ්‍රාවක තෙම කරන්නේය.
725
‘‘තං නදීහි විජානාථ, සොබ්භෙසු පදරෙසු ච;
සණන්තා යන්ති කුසොබ්භා (කුස්සුබ්භා (සී.)), තුණ්හීයන්ති මහොදධී.
725
“ඒ නිශ්ශබ්ද භාවය මූදට වදින ගංගා වලින් දතයුත්තාහ. ඇල වලින්ද දොළ වලින්ද කුඩා නදීන්ගෙන්ද, ශබ්දය දත යුත්තාහ.
726
‘‘යදූනකං තං සණති, යං පූරං සන්තමෙව තං;
අඩ්ඪකුම්භූපමො බාලො, රහදො පූරොව පණ්ඩිතො.
726
“යමක් අඩුද එය ශබ්ද වෙයි. යමක් පිරුනේද, එය ශාන්තය. බාලයා දිය අඩු කළයක් සමානය. පණ්ඩිත තෙමේ පිරුණු සාගරය මෙනි.
727
‘‘යං සමණො බහුං භාසති, උපෙතං අත්ථසඤ්හිතං;
ජානං සො ධම්මං දෙසෙති, ජානං සො බහු භාසති.
727
“ශ්‍රමණතෙමේ යහපතින් යුත් යමක් බොහෝකොට කියාද, හෙතෙම දන්නේම ධර්ම දේශනා කරයි. හෙතෙම දන්නේ බොහෝ කියයි.
728
‘‘යො ච ජානං සංයතත්තො, ජානං න බහු භාසති;
මුනී මොනමරහති, ස මුනී මොනමජ්ඣගා’’ති.
728
“දන්නා දෙයක් අප්‍රසිද්ධව කීමෙන් සත්වයන්ට හිත පිණිස නොවේද, එය බොහෝ නොකියයි. ඒ මුනිතෙමේ මොනයට සුදුසුය. ඒ මුනිතෙමේ මේ මොනයට පැමිණියේය.”
12. ද්වයතානුපස්සනාසුත්තං 12. ද්වයතානුපස්සනා සූත්‍රය