ත්‍රිපිටකය
3. මහාවග්ගො 3. මහා වර්ගය
1. පබ්බජ්ජාසුත්තං 1. පබ්බජ්ජා සූත්‍රය
407
පබ්බජ්ජං කිත්තයිස්සාමි, යථා පබ්බජි චක්ඛුමා;
යථා වීමංසමානො සො, පබ්බජ්ජං සමරොචයි.
407
“ඇස ඇති බුදුරජාණන් වහන්සේ යම්සේ පැවිදිවූසේක්ද උන්වහන්සේ යම්සේ කල්පනා කරමින් පැවිද්ද කැමතිවූසේක්ද ඒ පැවිද්ද කියන්නෙමි.
408
සම්බාධොයං ඝරාවාසො, රජස්සායතනං ඉති;
අබ්භොකාසොව පබ්බජ්ජා, ඉති දිස්වාන පබ්බජි.
408
“මේ ගිහිගෙයි වාසය කරදරය, කෙලෙසුන් උපදින තැන යයි ද පැවිද්ද අවකාශය මෙන් විවෘත යයි ද මෙසේ දැක පැවිදිවිය.
409
පබ්බජිත්වාන කායෙන, පාපකම්මං විවජ්ජයි;
වචීදුච්චරිතං හිත්වා, ආජීවං පරිසොධයි.
409
“පැවිදිව කයින් පව්කම් දුරුකළේය. වචනයේ වරද අත්හැර ජීවිකාව පිරිසිදු කළේය.
410
අගමා රාජගහං බුද්ධො, මගධානං ගිරිබ්බජං;
පිණ්ඩාය අභිහාරෙසි, ආකිණ්ණවරලක්ඛණො.
410
“ගැවසී සිටි උතුම් ලකුණු ඇති බුදුරජතෙම මගධයන්ගේ පිරිව්‍රජ නම් රජගහනුවර පිඬු පිණිස හැසුරුණේය.
411
තමද්දසා බිම්බිසාරො, පාසාදස්මිං පතිට්ඨිතො;
දිස්වා ලක්ඛණසම්පන්නං, ඉමමත්ථං අභාසථ.
411
“ප්‍රාසාදයෙහි සිටි බිම්බිසාර රජතෙම ලකුනින් යුත් බුදුන් දැක මේ කාරණය කිවේය.
412
‘‘ඉමං භොන්තො නිසාමෙථ, අභිරූපො බ්‍රහා සුචි;
චරණෙන ච සම්පන්නො, යුගමත්තඤ්ච පෙක්ඛති.
412
“භවත්නි, මනා රූ ඇති උස මහත ඇති පිරිසිදු ගමනින් සුන්දර මුන්වහන්සේ බලව්. වියදඬු පමණක් බලයි.
413
‘‘ඔක්ඛිත්තචක්ඛු සතිමා, නායං නීචකුලාමිව;
රාජදූතාභිධාවන්තු, කුහිං භික්ඛු ගමිස්සති’’.
413
“යටට හෙලු ඇස් ඇති සිහි ඇති මේ තෙමේ නීචකුලයෙන් පැවිදි වූවෙකු මෙන් නොවේ. මහණතෙම කොහියන්නෙහිදැයි” රාජදූතයෝ දුව බලත්වා
414
තෙ පෙසිතා රාජදූතා, පිට්ඨිතො අනුබන්ධිසුං;
කුහිං ගමිස්සති භික්ඛු, කත්ථ වාසො භවිස්සති.
414
යවන ලද ඒ රාජදූතයෝ “මහණතෙම කොහි යන්නේද, කොහි වසන්නේදැයි” පිටුපසින් දිව්වාහුය.
415
සපදානං චරමානො, ගුත්තද්වාරො සුසංවුතො;
ඛිප්පං පත්තං අපූරෙසි, සම්පජානො පටිස්සතො.
415
වසනලද ඉඳුරන්ගේ දොරටු ඇතිව සංවරව ගෙපිළිවෙළින් හැසිරෙමින් යහපත් නුවණැත්තේ සිහි ඇත්තේ වහා පාත්‍රය පිරුණේය.
416
පිණ්ඩචාරං චරිත්වාන, නික්ඛම්ම නගරා මුනි;
පණ්ඩවං අභිහාරෙසි, එත්ථ වාසො භවිස්සති.
416
ඒ මුනිතෙම පිඬු සිඟීමෙහි හැසිර නුවරින් නික්ම මෙහි වාසය වන්නේයයි” පාණ්ඩව පර්වතයට නැංගේය.
417
දිස්වාන වාසූපගතං, තයො (තතො (සී. පී.)) දූතා උපාවිසුං;
තෙසු එකොව (එකො ච දූතො (සී. ස්‍යා. පී.)) ආගන්ත්වා, රාජිනො පටිවෙදයි.
417
ඉක්බිති නැවතීමට පැමිණියාහු දැක ඉන් පසු දූතයෝ ළංවූහ. එක් දූතයෙක් පැමිණ රජහුට දැන්වූයේය.
418
‘‘එස භික්ඛු මහාරාජ, පණ්ඩවස්ස පුරත්ථතො (පුරක්ඛතො (ස්‍යා. ක.));
නිසින්නො බ්‍යග්ඝුසභොව, සීහොව ගිරිගබ්භරෙ’’.
418
“මහරජ, මේ භික්ෂුතෙමේ පර්වත ගුහාවෙහි ව්‍යාඝ්‍රයකු මෙන්ද වෘෂභයකු මෙන්ද සිංහයෙකු මෙන්ද පාණ්ඩව පර්වතය ඉදිරියෙහි පර්වත ගුහාවෙහි හුන්නේය.”
419
සුත්වාන දූතවචනං, භද්දයානෙන ඛත්තියො;
තරමානරූපො නිය්‍යාසි, යෙන පණ්ඩවපබ්බතො.
419
දූතයන්ගේ වචනය අසා රජතෙම යහපත් යානාවකින් පාණ්ඩව පර්වතය යම් තැනෙක්හිද එහි ඉක්මනින් ගියේය.
420
ස යානභූමිං යායිත්වා, යානා ඔරුය්හ ඛත්තියො;
පත්තිකො උපසඞ්කම්ම, ආසජ්ජ නං උපාවිසි.
420
ඒ ක්ෂත්‍රියය තෙමේ යානාවෙන් යා යුතුතාක් ඉන් ගොස් යානාවෙන් බැස පාබල සෙනඟ සමග පයින්ම පැමිණ සමීපයට ගොස් හිඳගත්තේය.
421
නිසජ්ජ රාජා සම්මොදි, කථං සාරණීයං තතො;
කථං සො වීතිසාරෙත්වා, ඉමමත්ථං අභාසථ.
421
“රජතෙම හිඳ සතුටු විය. ඉක්බිති සිහිකටයුතු කථාවද විය. හෙතෙම කථාව අවසන්කොට මේ කාරණය කීයේය.
422
‘‘යුවා ච දහරො චාසි, පඨමුප්පත්තිකො (පඨමුප්පත්තියා (සී.), පඨමුප්පත්තිතො (ස්‍යා.)) සුසු;
වණ්ණාරොහෙන සම්පන්නො, ජාතිමා විය ඛත්තියො.
422
“ඔබ තරුණයෙකි. බාල මුල් වයසෙහි සිටියේය. උත්පත්තිය ක්ෂත්‍රියයෙකු වැනිය. වර්ණයෙන් හා උස මහතින් යුක්තය.
423
‘‘සොභයන්තො අනීකග්ගං, නාගසඞ්ඝපුරක්ඛතො;
දදාමි භොගෙ භුඤ්ජස්සු, ජාතිං අක්ඛාහි පුච්ඡිතො’’.
423
“මම වස්තු දෙමි. අංග රක්ෂක භට සමූහයා හොබවමින් හස්ති සමූහයට පෙරටුව යමින් ඒ භොග අනුභව කරනු මැනවි. විචාරණ ලද්දාවූ මට ජාතිය කියව.
424
‘‘උජුං ජනපදො රාජ, හිමවන්තස්ස පස්සතො;
ධනවීරියෙන සම්පන්නො, කොසලෙසු (කොසලස්ස (ස්‍යා. ක.)) නිකෙතිනො.
424
“කොසොල් රට පුරාණ සිට පැවත එන ධනයෙන් හා වීර්යයෙන් යුත් හිමාල පර්වත පාර්ශ්වයෙහි ඍජු ජනපද ඇති කොසොල් දනව්වෙහි පුරාණ පාලකවූ රජතෙමේ (මාගේ පියාය.)”
425
‘‘ආදිච්චා (ආදිච්චො (ක.)) නාම ගොත්තෙන, සාකියා (සාකියො (ක.)) නාම ජාතියා;
තම්හා කුලා පබ්බජිතොම්හි, න කාමෙ අභිපත්ථයං.
425
“රජ්ජුරුවෙනි, ගොත්‍රයෙන් සූර්යය, ජාතියෙන් ශාක්‍යය, ඒ කුලයෙන් පැවිදිවූයෙමි. කාම වස්තු නොපතන්නෙමි.
426
‘‘කාමෙස්වාදීනවං දිස්වා, නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො;
පධානාය ගමිස්සාමි, එත්ථ මෙ රඤ්ජතී මනො’’ති.
426
“කාම වස්තූන්හි දෝෂය දැක නිර්භය වශයෙන් නිවන් දක්නට වෑයම්කිරීම පිණිස යන්නෙමි. මගේ සිත මෙහි ඇලේයයි” කීයේය.
2. පධානසුත්තං 2. පධාන සූත්‍රය
3. සුභාසිතසුත්තං 3. සුභාෂිත සූත්‍රය
4. සුන්දරිකභාරද්වාජසුත්තං 4. (පුරලාස) සුන්දරික භාරද්වාජ සූත්‍රය
5. මාඝසුත්තං 5. මාඝ සූත්‍රය
6. සභියසුත්තං 6. සභිය සූත්‍රය
7. සෙලසුත්තං 7. සෙලසූත්‍රය
8. සල්ලසුත්තං 8. සල්ල සූත්‍රය
9. වාසෙට්ඨසුත්තං 9. වාසෙට්ඨ සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. කොකාලික සූත්‍රය
11. නාලකසුත්තං 11. නාලක සූත්‍රය
12. ද්වයතානුපස්සනාසුත්තං 12. ද්වයතානුපස්සනා සූත්‍රය