ත්‍රිපිටකය
2. චූළවග්ගො 2. චූල (සුළු) වර්ගය
1. රතනසුත්තං 1. රතන සූත්‍රය
2. ආමගන්ධසුත්තං 2. ආමගන්ධ සූත්‍රය
3. හිරිසුත්තං 3. හිරි සූත්‍රය
4. මඞ්ගලසුත්තං 4. මහාමංගල සූත්‍රය
5. සූචිලොමසුත්තං 272
“මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”
6. ධම්මචරියසුත්තං 274
“නුගරුකෙහි කඳින් හටගත් අරළු (මුල්) මෙන් ස්නේහයෙන් වන්නෝ තමාගෙන්ම පහළවන්නෝය. කායයන්හි බෙහෙවින් ඇලුණෝ වනයෙහි මාලුවා නම් වැල පැතුරුණා මෙනි.
7. බ්‍රාහ්මණධම්මිකසුත්තං 284
“එබැවින් ශ්‍රමණ නොවූ ශ්‍රමණ, ශ්‍රමණයයි යන හැඟීම් ඇත්තාවූ, බොල් පිඹ හරිව්. පවිටු කැමැත්ත හා හැසිරීමද ගොදුරද ඇති පවිටන් පහකොට විනීතව පිරිසිදු අපිරිසිදු පුද්ගලයන් සමග විසීම කරව්.
286
‘‘ඉසයො පුබ්බකා ආසුං, සඤ්ඤතත්තා තපස්සිනො;
පඤ්ච කාමගුණෙ හිත්වා, අත්තදත්ථමචාරිසුං.
285
ඉන්පසු සමගිවූවාහු දක්ෂ වූවාහු දුක් කෙළවර කරන්නාහුය.”
287
‘‘න පසූ බ්‍රාහ්මණානාසුං, න හිරඤ්ඤං න ධානියං;
සජ්ඣායධනධඤ්ඤාසුං, බ්‍රහ්මං නිධිමපාලයුං.
7. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය
288
‘‘යං නෙසං පකතං ආසි, ද්වාරභත්තං උපට්ඨිතං;
සද්ධාපකතමෙසානං, දාතවෙ තදමඤ්ඤිසුං.
“මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනේපිඬුමහ සිටාණන් විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරණසේක. ඉක්බිති දිරූ, වැඩිමහල්වූ, මහළුවූ කල්ගිය, අන්තිම වයසට පැමිණි, කොසොල් රට වැසි බොහෝ මහාසාර බ්‍රාහ්මණයන් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටුවූහ. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙකසිටි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මයන් දක්වත්දැයි” ඇසූහ.
“බමුණෙනි, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බමුණු ධර්ම නොදක්වත්.”
“භවත් ගෞතමයන් වහන්ස ඉදින් භවත්ගෞතමයන් වහන්සේට බරක්නොවේ නම් අපට පුරාණ බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මය කියතොත් යහපති.” - “එසේ නම් බ්‍රාහ්මණයෙනි, අසව් මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළසේක. “පින්වතුන් වහන්ස, එසේය”යි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
289
‘‘නානාරත්තෙහි වත්ථෙහි, සයනෙහාවසථෙහි ච;
ඵීතා ජනපදා රට්ඨා, තෙ නමස්සිංසු බ්‍රාහ්මණෙ.
286
“සන්සුන් සිත් ඇති තපස් ඇති පූර්වඍෂීහු වූවාහුද? පස්කම් සැප හැර තමාගේ යහපත කළාහුය.
290
‘‘අවජ්ඣා බ්‍රාහ්මණා ආසුං, අජෙය්‍යා ධම්මරක්ඛිතා;
න නෙ කොචි නිවාරෙසි, කුලද්වාරෙසු සබ්බසො.
287
“පැරණි බමුණන්ට සිවුපා සත්තු නොවූහ. රන් නොවූහ. ධාන්‍ය නොවූහ. මන්ත්‍ර පිරවීම නම්වූ ධන ධාන්‍ය වූවාහ. මෛත්‍රී නිධාන නම් බ්‍රහ්ම (ශුද්ධ සිත්) නිධානය පාලනය කළාහුය.
291
‘‘අට්ඨචත්තාලීසං වස්සානි, (කොමාර) බ්‍රහ්මචරියං චරිංසු තෙ;
විජ්ජාචරණපරියෙට්ඨිං, අචරුං බ්‍රාහ්මණා පුරෙ.
288
“ගෙනෙනලද දොරටුවෙහි තබනලද මේ බමුණන් උදෙසා ශ්‍රද්ධාවෙන් කරණලද යමක්වේද, එය මොවුන්ට දියයුතුකොට සිතූහ.
292
‘‘න බ්‍රාහ්මණා අඤ්ඤමගමුං, නපි භරියං කිණිංසු තෙ;
සම්පියෙනෙව සංවාසං, සඞ්ගන්ත්වා සමරොචයුං.
289
“නොයෙක් වර්ණවත් වස්ත්‍රයන්ගෙන් හා ආසනයන්ගෙන්ද, වාසස්ථානවලින්ද ජනපද රටවල වාසය කරන්නාහු සමෘද්ධ වූවාහුද ඔහු බමුණන් වැන්දාහ.
293
‘‘අඤ්ඤත්‍ර තම්හා සමයා, උතුවෙරමණිං පති;
අන්තරා මෙථුනං ධම්මං, නාස්සු ගච්ඡන්ති බ්‍රාහ්මණා.
290
“ධර්මයෙන් රැකුණු ඒ බ්‍රාහ්මණයෝ පැරදවිය නොහැක්කාහුද, දඬුවම් නොකළයුත්තාහුද වූහ. කිසිවෙක් ඔවුන් කුළගෙවල දොරින් නොවැළැක්වූවාහුය.
294
‘‘බ්‍රහ්මචරියඤ්ච සීලඤ්ච, අජ්ජවං මද්දවං තපං;
සොරච්චං අවිහිංසඤ්ච, ඛන්තිඤ්චාපි අවණ්ණයුං.
291
“ඔව්හු සතළිස් අට වර්ෂයක් කුමාර බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණාහුය. පැරණි බමුණෝ විද්‍යාවන් හා චරණයන් සොයමින් හැසුරුණාහ.
295
‘‘යො නෙසං පරමො ආසි, බ්‍රහ්මා දළ්හපරක්කමො;
ස වාපි මෙථුනං ධම්මං, සුපිනන්තෙපි නාගමා.
292
“බමුණෝ අනෙකක් කරා නොගියහ. ඔව්හු භාර්යාවන් මිලදී නොගත්තාහ. ඔවුනොවුන් හා ප්‍රෙමයෙන් සමග වාසයට පැමිණ සංවාසය රුචිකළහ.
296
‘‘තස්ස වත්තමනුසික්ඛන්තා, ඉධෙකෙ විඤ්ඤුජාතිකා;
බ්‍රහ්මචරියඤ්ච සීලඤ්ච, ඛන්තිඤ්චාපි අවණ්ණයුං.
293
“ඒ කාලය අත්හැර සෘතු භාවයෙන් වෙන්වූ තැනැත්තිය ලඟට අතරෙහිදී මෛථුන කර්මයට නොගියාහුය.
297
‘‘තණ්ඩුලං සයනං වත්ථං, සප්පිතෙලඤ්ච යාචිය;
ධම්මෙන සමොධානෙත්වා, තතො යඤ්ඤමකප්පයුං.
294
“මෛථුනයෙන් වෙන්වීමද, ශීලයද, ඍජුබවද මෘදුබවද තපස (ඉන්ද්‍රිය සංවරය) අනුකූලබවද අවිහිංසාවද ඉවසීමද වර්ණනා කළාහුය.
298
‘‘උපට්ඨිතස්මිං යඤ්ඤස්මිං, නාස්සු ගාවො හනිංසු තෙ;
යථා මාතා පිතා භාතා, අඤ්ඤෙ වාපි ච ඤාතකා;
ගාවො නො පරමා මිත්තා, යාසු ජායන්ති ඔසධා.
295
“තදවීර්ය ඇති යම් බ්‍රහ්මයෙක් බ්‍රහ්ම වැනි බමුණෙක් ඔවුන්ට ශ්‍රේෂ්ඨවීද හෙතෙමේද සිහිනෙනුදු මෛථුනයට නොගියේය.
299
‘‘අන්නදා බලදා චෙතා, වණ්ණදා සුඛදා තථා (සුඛදා ච තා (ක.));
එතමත්ථවසං ඤත්වා, නාස්සු ගාවො හනිංසු තෙ.
296
“ඔහුගේ සිරිත් අනුගමනයකර හික්මෙන්නාවූ මේ ලෝකයෙහි ඇතැම් ඤාණවන්තයෝ බ්‍රහ්මචර්යාවද ඉවසීමද වර්ණනා කළාහුය.
300
‘‘සුඛුමාලා මහාකායා, වණ්ණවන්තො යසස්සිනො;
බ්‍රාහ්මණා සෙහි ධම්මෙහි, කිච්චාකිච්චෙසු උස්සුකා;
යාව ලොකෙ අවත්තිංසු, සුඛමෙධිත්ථයං පජා.
297
“සහල්ද, ආසනද, වස්ත්‍රද, ගිතෙල්ද, තලතෙල්ද ඉල්වාගෙන දැහැමින් එක්කොට ඉන් යාගකළාහුය. යාගය පැමිණ සිටි කල්හි ඔව්හු දෙන්නු නොමැරූහ.
301
‘‘තෙසං ආසි විපල්ලාසො, දිස්වාන අණුතො අණුං;
රාජිනො ච වියාකාරං, නාරියො සමලඞ්කතා.
298
“මව්පිය සහෝදරයන් හෝ අන්‍ය නෑයන් හෝ යම්සේද, යමක් කෙරෙහි බෙහෙත් උපදිත්ද, ඒ ගවයෝ අපගේ ශ්‍රේෂ්ඨ මිත්‍රයෝය.
302
‘‘රථෙ චාජඤ්ඤසංයුත්තෙ, සුකතෙ චිත්තසිබ්බනෙ;
නිවෙසනෙ නිවෙසෙ ච, විභත්තෙ භාගසො මිතෙ.
299
“ආහාර දෙන්නෝය. ශක්තිය දෙන්නෝය. ශරීර වර්ණය දෙන්නෝය. සැප දෙන්නෝය. එසේම මේ කාරණය දැනගෙන ඔව්හු ගවයන් නොමරත්.
303
‘‘ගොමණ්ඩලපරිබ්‍යූළ්හං, නාරීවරගණායුතං;
උළාරං මානුසං භොගං, අභිජ්ඣායිංසු බ්‍රාහ්මණා.
300
“සියුමැලි මහත් ශරීර ඇති, පැහැ ඇති, කීර්තිමත් බමුණෝ ස්වකීය ධර්මයන්ගෙන් යුක්තව කුදුමහත් කටයුත්තෙහි උනන්දු වූවාහුය. බ්‍රාහ්මණයෝ යම්තාක් ලෝකයෙහි පැවැත්තාහුද, මේ ප්‍රජාව සැප වින්දාහුය.
304
‘‘තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා, ඔක්කාකං තදුපාගමුං;
පහූතධනධඤ්ඤොසි , යජස්සු බහු තෙ විත්තං;
යජස්සු බහු තෙ ධනං.
301
“රජුන්ගේ සම්පත්තියද අලංකෘත ස්ත්‍රීන්ද අණුවෙන් අණුවට දැක ඔවුන්ගේ විපර්යාසය විය.
305
‘‘තතො ච රාජා සඤ්ඤත්තො, බ්‍රාහ්මණෙහි රථෙසභො;
අස්සමෙධං පුරිසමෙධං, සම්මාපාසං වාජපෙය්‍යං නිරග්ගළං;
එතෙ යාගෙ යජිත්වාන, බ්‍රාහ්මණානමදා ධනං.
302
“ආජානෙය අසුන් යොදනලද, මනාකොට කරණ ලද කොටස් වශයෙන් බෙදනලද, චිත්‍ර මසනලද රථද ගෘහවස්තුද වාසස්ථානද
306
‘‘ගාවො සයනඤ්ච වත්ථඤ්ච, නාරියො සමලඞ්කතා;
රථෙ චාජඤ්ඤසංයුත්තෙ, සුකතෙ චිත්තසිබ්බනෙ.
303
“වගමණ්ඩලවලින් වටකළ, උතුම් ස්ත්‍රීසමූහයා ඇති, මහත් මනුෂ්‍ය සම්පත බමුණෝ කැමතිවූහ.
307
‘‘නිවෙසනානි රම්මානි, සුවිභත්තානි භාගසො;
නානාධඤ්ඤස්ස පූරෙත්වා, බ්‍රාහ්මණානමදා ධනං.
304
“ඔව්හු එහි සිට මන්ත්‍ර ගොතා ඒ ඔක්කාක රජු වෙතට පැමිණ යාගකරව. තොපට බොහෝ වස්තු වන්නේය. යාගකරව, වස්තුව බොහෝ වන්නේය. ධනය බොහෝ වන්නේය.
308
‘‘තෙ ච තත්ථ ධනං ලද්ධා, සන්නිධිං සමරොචයුං;
තෙසං ඉච්ඡාවතිණ්ණානං, භිය්‍යො තණ්හා පවඩ්ඪථ;
තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා, ඔක්කාකං පුනමුපාගමුං.
305
“බමුණන් විසින් දක්වනලද රථයන්ට වෘෂභයෙකු වැනි රජතෙම අසුන් මරණ යාගද, පුරුෂයන් මරණ යාගද සම්මාපාස නම් යාත්‍රා යාගයද වාජපෙය්‍ය නම් තිරිසනුන් මරණ යාගයද නිරග්ගල නම් යාගයද යන මේ යාගයන් කොට බමුණන්ට ධනය දුන්නේය.
309
‘‘යථා ආපො ච පථවී ච, හිරඤ්ඤං ධනධානියං;
එවං ගාවො මනුස්සානං, පරික්ඛාරො සො හි පාණිනං;
යජස්සු බහු තෙ විත්තං, යජස්සු බහු තෙ ධනං.
306
“ගවයන්ද, අසුන්ද, වස්ත්‍රද ඉතා අලංකාර කළ ස්ත්‍රීන්ද ආජානෙය අසුන් යුත් මනාකොට මසනලද චිත්‍ර ඇති රථද,
310
‘‘තතො ච රාජා සඤ්ඤත්තො, බ්‍රාහ්මණෙහි රථෙසභො;
නෙකා සතසහස්සියො, ගාවො යඤ්ඤෙ අඝාතයි.
307
“කොටස් වශයෙන් බෙදනලද රම්‍ය වාසස්ථානද නොයෙක් නොයෙක් ධාන්‍යයෙන් පුරවා බමුණන්ට දුන්නේය.
311
‘‘න පාදා න විසාණෙන, නාස්සු හිංසන්ති කෙනචි;
ගාවො එළකසමානා, සොරතා කුම්භදූහනා;
තා විසාණෙ ගහෙත්වාන, රාජා සත්ථෙන ඝාතයි.
308
“ඔව්හුද එහි ධනය ලැබ නිදන්කොට තබන්ට කැමතිවූවාහුය, ආශාවට බැසගත් ඔවුන්ට බොහෝ සෙයින් තෘෂ්ණාව වැඩිවිය. ඔව්හු එහිදී මන්ත්‍ර ගොතා නැවතද ඔක්කාක රජු ලඟට ගියාහුය.
312
‘‘තතො දෙවා පිතරො ච (තතො ච දෙවා පිතරො (සී. ස්‍යා.)), ඉන්දො අසුරරක්ඛසා;
අධම්මො ඉති පක්කන්දුං, යං සත්ථං නිපතී ගවෙ.
309
“ජලය පෘථුවිය රන්රුවන් ධන ධාන්‍ය යම්සේද ගවයෝ මිනිසුන්ට එසේය. එයම ප්‍රාණීන්ට උපකරණවේ. ඔබගේ බොහෝ වූ වස්තුව යාගකරන්න. ඔබගේ බොහෝ වූ ධනය යාග කරන්න.
313
‘‘තයො රොගා පුරෙ ආසුං, ඉච්ඡා අනසනං ජරා;
පසූනඤ්ච සමාරම්භා, අට්ඨානවුතිමාගමුං.
310
“බමුණන් විසින් සංඥාකරණ ලද රථයන්ට වෘෂභයෙකු වැනි රජතෙම නොයෙක් ලක්ෂගණන් ගවයන් යාගයෙහි මැරවූයේය.
314
‘‘එසො අධම්මො දණ්ඩානං, ඔක්කන්තො පුරාණො අහු;
අදූසිකායො හඤ්ඤන්ති, ධම්මා ධංසන්ති (ධංසෙන්ති (සී. පී.)) යාජකා.
311
“පාවලින්වත් අංවලින්වත් හෝ කිසිවකිනුත් හිංසා නොකළ, ඇලුම්වත්, කළ ගණන් දොවින එලුවන් වැනි ගවයන් ඒ රජතෙම අංවලින් අල්ලා ආයුධයෙන් මැරුවේය.
315
‘‘එවමෙසො අණුධම්මො, පොරාණො විඤ්ඤුගරහිතො;
යත්ථ එදිසකං පස්සති, යාජකං ගරහතී (ගරහී (ක.)) ජනො.
312
“ගවයන් කෙරෙහි යම් ආයුධයක් හෙළනලද්දේද, ඉක්බිති (චාතුර්මහාරාජික) දෙවියෝද බ්‍රහ්මයෝද සක්දෙව් රජුද අසුරයෝද රාක්ෂසයෝද අධමයයි කියමින් හැඬූහ.
316
‘‘එවං ධම්මෙ වියාපන්නෙ, විභින්නා සුද්දවෙස්සිකා;
පුථූ විභින්නා ඛත්තියා, පතිං භරියාවමඤ්ඤථ.
313
“පෙර ඕනෑකමද බඩගින්නද මහලුවීමද යන රොගතුනක් ලෝකයෙහි වූවාහුය. සතුන් මැරීම නිසා අනූඅටක් වූහ.
317
‘‘ඛත්තියා බ්‍රහ්මබන්ධූ ච, යෙ චඤ්ඤෙ ගොත්තරක්ඛිතා;
ජාතිවාදං නිරංකත්වා (නිරාකත්වා (?) යථා අනිරාකතජ්ඣානොති), කාමානං වසමන්වගු’’න්ති.
314
“ත්‍රිවිධ දණ්ඩන අතර පුරාණවූ, මේ බැසගැනීම අධර්මයෙකි. යාගකරන්නේ අනුන්ට ද්වේෂ නොකරණ ගවයන් මරත්ද, ධර්මයෙන් පිරිහෙත්.
8. නාවාසුත්තං 315
“මෙසේ මෙය හීන ක්‍රියාවකි. පුරාණය දන්නවුන් විසින් ගරහන ලද්දේය. යම් තැනක මෙබන්දක් දකීද, ජනයා යාගකරන්නාට ගර්හා කරයි.
9. කිංසීලසුත්තං 322
“එසේම ධර්මය නොවඩා බහුශ්‍රැතයන්ට ඇහුම්කන් නොදී, තෙමේ නොදන්නේ සැක දුරුනොකළේ වේද ඔහු අනුන්ට මෙනෙහි කරවන්ට සමර්ථද,
10. උට්ඨානසුත්තං 329
(සමථ විදර්ශනා) ධර්මයෙහි ඇලෙන්නේය, එහි යෙදෙන්නේය. ධර්මයෙහි සිටින්නේය. ධර්මයෙහි තීරණය දන්නේය. ධර්මය දූෂණය වන කථා නොකරන්නේය. සත්‍යවූ සුභාෂිතයන්ගෙන් කල් යවන්නේය.
11. රාහුලසුත්තං 333
නැගිටිව්, හිඳගනිව්, තොපට නිදීමෙන් කවර ප්‍රයෝජනයක්ද හුලින් විදින ලදුව දුකින් පෙලෙන ලෙඩුන්ට කවර නිදීමක්ද
12. නිග්‍රොධකප්පසුත්තං 341
“චීවර පිණ්ඩපාතයෙහිද ප්‍රත්‍යයෙහිද සෙනසුන්හිද යන මොවුන් කෙරෙහි තෘෂ්ණාව නොකරව. මෙලොවට නැවත නොඑව.
13. සම්මාපරිබ්බාජනීයසුත්තං 355
“දන්නාවූ අලාමක වීර්ය ඇති භාග්‍යවතුන් වහන්ස, යහපත් අයහපත් උතුම් ධර්මය දැන මුළා නොකරණු මැනව. ග්‍රීෂ්මකාලයෙහි ග්‍රීෂ්මයෙන් රත්වූ ජලය මෙන් වචනය කැමැත්තේමි ශ්‍රැතය වසනු මැනවි.
14. ධම්මිකසුත්තං 372
“ආශ්‍රවයන් ක්ෂය කළේ මානය ප්‍රහීන කළේ සියලු රාග මාර්ගය ඉක්මවා ගියේ හික්මුණේ පිරිනිවියේ ස්ථිරවූ ආත්මය ඇත්තේ හෙතෙම ලෝකයෙහි යහපත්ව පිරිනිවෙන්නේය.