2. චූළවග්ගො | 2. චූල (සුළු) වර්ගය |
1. රතනසුත්තං | 1. රතන සූත්‍රය |
224
යානීධ
සබ්බෙව භූතා සුමනා භවන්තු, අථොපි සක්කච්ච සුණන්තු භාසිතං.
|
224
“පොළොව උපන් හෝ අහස උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් දැන් මෙහි රැස්වූවෝද ඒ හැම අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මාගේ වචනය සකසා අසත්වා.
|
225
තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ, මෙත්තං කරොථ මානුසියා පජාය;
දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං, තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා.
|
225
“භූතයිනි, එබැවින් තෙපි හැමදෙන අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරවු. ඒ යම් මිනිස් කෙනෙක් දහවලුත් රෑත් තොපට පුදපඬුරු ගෙනෙත්ද එබැවින් ඔවුන් නොපමාව රකිවු.
|
226
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා, සග්ගෙසු වා යං රතනං පණීතං;
න නො සමං අත්ථි තථාගතෙන, ඉදම්පි බුද්ධෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
226
“මේ මිනිස්ලොව හෝ අන් නාග භවනාදී තැනෙක හෝ යම් වස්තුවෙක් ඇද්ද, ස්වර්ගයන්හි හෝ යම් අගනා රත්නයක් ඇද්ද, ඔවුන් අතරෙහි තථාගතයන්ට සමාන රත්නයක් නැත්තේමය. මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
|
227
ඛයං විරාගං අමතං පණීතං, යදජ්ඣගා
න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චි, ඉදම්පි ධම්මෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
227
“ශාක්‍යමුනි තෙම එකඟ සිත් ඇත්තේ ක්ලෙශයන්ගේ ක්ෂයට නිමිතිවූ රාගයෙන් වෙන්වූ ජාති ජරා මරණ නැති උතුම්වූ යම් නුවණක් ලැබුයේද ඒ නිර්වාණ ධර්මයට සමාන කිසි දෙයක් නැත. මේ කරුණින්ද ධර්මය උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
|
228
යං බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං, සමාධිමානන්තරිකඤ්ඤමාහු;
සමාධිනා
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
228
“බුද්ධශ්‍රේෂ්ඨතෙම අත්‍යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
|
229
යෙ
තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා, එතෙසු දින්නානි මහප්ඵලානි;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන
|
229
“සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, ඔව්හු යුග සතරෙකි. සුගත් බුදුන්ගේ ශ්‍රාවකවූ ඔව්හු කම්පල අදහා දෙන දේ පිළිගැනීමට සුදුස්සෝය. ඔවුනට දුන්දේ මහත්ඵලය. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යයෙන් සෙත්වේවා.!
|
230
යෙ
තෙ පත්තිපත්තා අමතං විගය්හ, ලද්ධා මුධා නිබ්බුතිං
(නිබ්බුති (ක.)) භුඤ්ජමානා;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
230
“ගෞතම බුදුන්ගේ සස්නෙහිවූ යම් ආර්ය ශ්‍රාවක කෙනෙක් ශීලයෙහි මොනොවට යෙදුනේද, ස්ථිර සිතින් යුක්තවූවෝද, සියලු කෙලෙසුන්ගෙන් නික්මුණේද, ඔව්හු නිවණට බැසගෙන නිවීම ඉබේම ලබාගෙන විඳින්නෝ පැමිණියයුතු දහමට පැමිණියාහුය. මේ කාරණයෙන් ද ආර්ය සංඝ රත්නය උතුම් රත්න වේ. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.!
|
231
යථින්දඛීලො පථවිස්සිතො
(පදවිස්සිතො (ක. සී.), පඨවිං සිතො (ක. සී. ස්‍යා. කං. පී.)) සියා, චතුබ්භි වාතෙහි අසම්පකම්පියො;
තථූපමං සප්පුරිසං වදාමි, යො අරියසච්චානි අවෙච්ච පස්සති;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
231
“පොළොව බැස සිටි නුවර දොර සවිවන කනුව සිවුදිගින් හමන සුළඟින් යම්සේ නොසෙල්විය හැකිද ආර්ය සත්‍යයන් යමෙක් නුවණින් බැසගෙන දක්නේ නම් ඒ සත්පුරුෂයා එවැනිකොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයි. මෙ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
|
232
යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි;
කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා, න තෙ භවං අට්ඨමමාදියන්ති;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන
|
232
“ගැඹුරු නුවණ ඇති බුදුරජුන් විසින් මැනවින් දක්වන ලද ආර්ය සත්‍යයන් යම්කෙනෙක් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔව්හු කිසිසේත් බෙහෙවින් පමාවූවෝද අටවන අත්බවක් නම් නොගනිත්. මේ කරුණින්ද ආර්ය සංඝයා රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!
|
233
සහාවස්ස දස්සනසම්පදාය
(සහාවසද්දස්සනසම්පදාය (ක.)), තයස්සු ධම්මා ජහිතා භවන්ති;
සක්කායදිට්ඨි
|
233
“ඔහුගේ පළමුවන නිවන් දැක්ම සමගම සක්කාය දෘෂ්ටියද සැකයද යම්කිසි මිථ්‍යා ශීල ව්‍රත කෙනෙක් ඇත්නම් එහැමද යන තුන් සංයෝජනයෝ ඔහු විසින් හරණ ලද්දෝ වෙත්.
|
234
චතූහපායෙහි
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
234
හේ අපාය සතරින් මිදුනේද වේ. ආනන්තර්ය කර්ම පස හා මිසදිටු ගැන්ම යන බර පව් සය කරන්නටද නොහැක්කේය. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!
|
235
කිඤ්චාපි සො කම්ම
(කම්මං (සී. ස්‍යා. කං. පී.)) කරොති පාපකං, කායෙන වාචා උද චෙතසා වා;
අභබ්බ
(අභබ්බො (බහූසු)) සො තස්ස පටිච්ඡදාය
(පටිච්ඡාදාය (සී.)), අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
235
“ඒ සෝවාන් පුද්ගලතෙම කිසි පමාවෙකින් කයින් හෝ වචනින් හෝ සිතින් හෝ පව්කමක් කරන්නේද, හේ සඟවා ලීමට නොහැක්කේය. නිවන් දුටුවහු වරද සඟවාලීම නොහැක්කක් බව වදාරණ ලදී. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
|
236
වනප්පගුම්බෙ යථ
(යථා (සී. ස්‍යා.)) ඵුස්සිතග්ගෙ, ගිම්හානමාසෙ පඨමස්මිං
(පඨමස්මි (?)) ගිම්හෙ;
තථූපමං ධම්මවරං අදෙසයි
(අදෙසයී (සී.)), නිබ්බානගාමිං පරමං හිතාය;
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
236
“වනෙහි වැඩුණු ගස් රැස ග්‍රීෂ්ම සෘතුවෙහි පළමුවන ග්‍රීෂ්ම මාසයෙහි යම්සේ පිපුණු අක් ඇතියේද එබඳුවූ නිවන් පමුණුවන උතුම් පර්යාප්ති ධර්මයක් පරමහිතය පිණිස වදාළේය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
|
237
වරො වරඤ්ඤූ වරදො වරාහරො, අනුත්තරො ධම්මවරං අදෙසයි;
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
237
“උතුම්වූ නිවන් දන්නාවූ නිවන් දෙන්නාවූ නිවන් මග ගෙනහැර පාන්නාවූ නිරුත්තර බුදුරජතෙම උතුම් දහමක් දෙසීය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
|
238
ඛීණං
තෙ ඛීණබීජා අවිරූළ්හිඡන්දා, නිබ්බන්ත්න්ත්ති
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
|
238
“යම් කෙනෙකුන්ගේ පුරාණ කර්ම ගෙවීගියේද, අළුත් කර්ම පහළවීමෙකුත් නැද්ද, අනාගත භවයෙහි නොඇලුණු සිතැති ක්ෂයකළ ප්රතිසන්ධි විඥාන බීජ ඇති පැනනැගීමෙහි ඡන්දය නැති ධෛර්ය්යය සම්පන්නවූ ඒ රහත්හු මේ පහනසේ පිරිනිවෙත්. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
|
239
යානීධ
තථාගතං දෙවමනුස්සපූජිතං, බුද්ධං නමස්සාම සුවත්ථි හොතු.
|
239
“(සක්දෙව් රජ) පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් වඳිමු. සත්නට සෙත්වේවා.
|
240
යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, ධම්මං නමස්සාම සුවත්ථි හොතු.
|
240
“පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්මය වඳිමු. සත්නට සෙත්වේවා.
|
241
යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූති.
|
241
“පොළොව උපන්නාවූද අහස උපන්නාවූද යම් භූත කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත සංඝයා වඳිමු. සත්නට සෙත්වේවා.”
|
2. ආමගන්ධසුත්තං | 2. ආමගන්ධ සූත්‍රය |
242
‘‘සාමාකචිඞ්ගූලකචීනකානි
ධම්මෙන ලද්ධං සතමස්නමානා
(සතමසමානා (සී. පී.), සතමස්සමානා (ස්‍යා. කං.)), න කාමකාමා අලිකං භණන්ති.
|
242
“බඩහමු, රත්තණ, හීංමුං කොළ වර්ග, අල මුල්, ගස් වැල්වල ගෙඩි, දැහැමින් ලද දෙය යන මෙතෙක් දේ ශාන්තවූ ආර්යයෝ වළඳන්නාහ. කැමති දේ ප්‍රාර්ථනා කරන්නෝ බොරු නොකියත්.
|
243
‘‘යදස්නමානො සුකතං සුනිට්ඨිතං, පරෙහි දින්නං පයතං පණීතං;
සාලීනමන්නං
|
243
“යහපත්කොට කරණ ලද්දාවූ මනාකොට නිම කරණ ලද්දාවූ, අනුන් විසින් දෙන ලද්දාවූ, ආදරයෙන් එළවන ලද්දාවූ, ප්‍රණීතවූ යම්කිසි මසක් ඇද්ද, එය අනුභව කරන්නාවූ එසේම ඇල් සාලේ බත අනුභව කරන්නාවූ කාශ්‍යප ගොත්‍ර ඇති සර්වඥය. නුඹවහන්සේ මත්ස්‍ය මාංශය යයි සලකන ආමගන්ධය (කුණප ගන්ධ) අනුභව කරණ සේක්ද?”
|
244
‘‘න
සාලීනමන්නං පරිභුඤ්ජමානො, සකුන්තමංසෙහි සුසඞ්ඛතෙහි;
පුච්ඡාමි තං කස්සප එතමත්ථං, කථං පකාරො තව ආමගන්ධො’’.
|
244
“බ්‍රහ්ම බන්ධු නම් ගෞතමයන් වහන්ස, මොනවට ඉදිකරණ ලද්දාවූ පක්ෂි මාංශයෙන් යුක්තවූ ඇල්සාලේ බත වළඳන්නාවූ නුඹවහන්සේ ආම ගන්ධය මට නොකැපයයි මෙසේ කියන්නාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ආම ගන්ධය කෙසේවූ විශේෂයක් ඇත්තේදැයි” විචාළේය.
|
245
‘‘පාණාතිපාතො
අජ්ඣෙනකුත්තං
(අජ්ඣෙන කුජ්ජං (සී. පී.)) පරදාරසෙවනා, එසාමගන්ධො න හි මංසභොජනං.
|
245
“ප්‍රාණඝාතයද තැලීම, කැපීම, බැඳීම යන මෙයද, සොරකමද, බොරු කීමද, ආශා කිරීමද, රැවටීමද, අභිවෘද්ධියක් නැති අවැඩට හේතු පොත් කියවීමද, අනුන් අයත් අඹුවන් කරා යාමද, යන මේ ආම ගන්ධ නම්වේ. ත්‍රිකොටික පරිශුද්ධ මාංශය හා භොජනය ආමගන්ධ නොවේ.
|
246
‘‘යෙ
නත්ථිකදිට්ඨී විසමා දුරන්නයා, එසාමගන්ධො න හි මංසභොජනං.
|
246
මේ ලෝකයෙහි යම්කිසි පෘථග්ජන කෙනෙක් කාමයන්හි සංවර නැත්තෝද, රසයන්හි ගිජුවූවාහුද, අපවිත්‍ර භාවයෙන් මිශ්‍රද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, විෂමයෝද, කරුණු කියාවත් නොදැක්විය හැක්කාහුද, මේ තෙම ආමගන්ධ නම් වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.
|
247
‘‘යෙ ලූඛසා දාරුණා පිට්ඨිමංසිකා
(යෙ ලූඛරසා දාරුණා පරපිට්ඨිමංසිකා (ක.)), මිත්තද්දුනො නික්කරුණාතිමානිනො;
අදානසීලා න ච දෙන්ති කස්සචි, එසාමගන්ධො න හි මංසභොජනං.
|
247
“යම් පෘථග්ජන කෙනෙක් රජවූවෝද, කුලෑටියෝද, පිට මස් කන්නවුන් වැන්නෝද, මිත්‍ර ද්‍රොහියෝද, කරුණා නැත්තෝද, අධික මාන ඇත්තෝද, නොදෙන සුල්ලෝද, කිසිවෙක් හට ඉල්වන ලදුවත් නොදේද, මේ ආමගන්ධ නම් වේ. මස් මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.
|
248
‘‘කොධො
මානාතිමානො ච අසබ්භි සන්ථවො, එසාමගන්ධො න හි මංසභොජනං.
|
248
“ක්‍රෝධයද, ජාතිමදාදි මදයද, දැඩිකමද, පසමිතුරුව සිටීමද, මායාවද, ඊර්ෂ්‍යාවද, තමා උසස් කරණ කථා ඇතිබවද, මානය හා අතිමානයද, අසත් පුරුෂයන් හා මිත්‍රත්වයද, යන මෙය ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.
|
249
‘‘යෙ පාපසීලා ඉණඝාතසූචකා, වොහාරකූටා ඉධ පාටිරූපිකා
(පාතිරූපිකා (?));
නරාධමා යෙධ කරොන්ති කිබ්බිසං, එසාමගන්ධො න හි මංසභොජනං.
|
249
“මේ ලෝකයෙහි යම් පෘථග්ජන කෙනෙක් ලාමක ආචාර ඇත්තෝද, ණය ගෙන නොදෙන්නෝද, කේළාම් කියන්නෝද, අල්ලස් ගෙන නඩු අනඩු කරන්නෝද, අධර්මය කරමින් ධර්මයෙහි හැසිරෙන්නේයයි අඟවන්නෝද, මේ ලෝකයෙහි යම් අධම ලාමක සත්ව කෙනෙක් පව් කෙරෙත්ද, මෙතෙම ආමගන්ධය වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.
|
250
‘‘යෙ
දුස්සීලලුද්දා ඵරුසා අනාදරා, එසාමගන්ධො
|
250
“මේ ලෝකයෙහි යම් ජනකෙනෙක් සතුන් කෙරෙහි අසංයත වූවාහුද, අනුන්ගේ ධනය හෝ ජීවිත ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරෙත්ද, අන් සතුන්ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරේද, දුරාචාර හා රෞද්‍ර ක්‍රියා ඇත්තාහුද, රළු තෙපුල් ඇත්තාහුද, ආදරයක් නැත්තාහුද මේතෙමේ ආමගන්ධ හෙවත් කුණප ගන්ධ නම්වේ. මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.
|
251
‘‘එතෙසු ගිද්ධා විරුද්ධාතිපාතිනො, නිච්චුය්යුතා පෙච්ච තමං වජන්ති යෙ;
පතන්ති සත්තා නිරයං අවංසිරා, එසාමගන්ධො න හි මංසභොජනං.
|
251
“මේ ප්‍රාණීන් කෙරෙහි තෘෂ්ණාවෙන් ගිජු වෙත්ද, ද්වේෂයෙන් විරුද්ධයෝ වෙත්ද, නුවණින් සැලකීමක් නැතුව යෙදුනාහුද, ඒ සත්වයෝ මේ ලොවින් පරලොවට ගොස් අඳුරට පැමිණෙත්. යට හිස් ඇතිව අවීචි ආදී නිරයට වැටීම් වශයෙන් පැමිණෙත්. මේතෙමේ ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.
|
252
‘‘න මච්ඡමංසානමනාසකත්තං
(න මච්ඡමංසං න අනාසකත්තං (සී. අට්ඨ මූලපාඨො), න මංච්ඡමංසානානාසකත්තං (ස්‍යා. ක.)), න නග්ගියං න මුණ්ඩියං ජටාජල්ලං;
ඛරාජිනානි නාග්ගිහුත්තස්සුපසෙවනා, යෙ වාපි ලොකෙ අමරා බහූ තපා;
මන්තාහුතී යඤ්ඤමුතූපසෙවනා, සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං.
|
252
“දුරුනොවූ සැකය ඇති සත්වයා මත්ස්‍ය මාංශයන්ගේ නොකෑම හෝ නොකෙරෙයි. වස්ත්‍ර නොහැඳ කරණ තපසද ශුද්ධ නොකරන්නේය. මුඩු කළ පමණින්ම කරණ තපස්ද දළ මඬුළු හා දූවිලි දැලි දරා කරණ තපස්ද, කුර සහිත අඳුම් දිවිසම් දරා කරණ තපස්ද, ශුද්ධ නොකරයි. ගිනි පිදීම් වශයෙන් සෙවනය කිරීමද, ශුද්ධ නොකරයි. නැවත මේ ලෝකයෙහි දිව්‍ය භාවය පතා කරන්නාවූ බොහෝවූ ශරීර තාපයෙන් කරණ තපස්ද ත්‍රි වෙදයද, ගින්නෙහි හොම කිරීමද, අශ්වමෙධාදි යාගද, ඍතු සේවනයද යන මෙකී කරුණු ශුද්ධ නොකෙරෙත්.
|
253
‘‘යො තෙසු
සඞ්ගාතිගො සබ්බදුක්ඛප්පහීනො, න ලිප්පති
(න ලිම්පති (ස්‍යා. කං ක.)) දිට්ඨසුතෙසු ධීරො’’.
|
253
ඉන්ද්රිය සය වසන ලද්දේ, ඉන්ද්රිය සය දන්නා ලද්දේ වෙත්ද, ධර්මයෙහි පිහිටියේද, ඍජු බැව්හි හා මොළොක් බැව්හි ඇලුනේවේද, රාග ද්වේෂ සංවෙගයන් ඉක්ම ගියාවූ සියලු ශොක දුක් ප්රහාණය කළාවූ නුවණැති පුද්ගලතෙම දැකි ඇසූ ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලේයයි” වදාළසේක.
|
254
ඉච්චෙතමත්ථං භගවා පුනප්පුනං, අක්ඛාසි නං
(තං (සී. පී.)) වෙදයි මන්තපාරගූ;
චිත්රාහි ගාථාහි මුනී පකාසයි, නිරාමගන්ධො අසිතො දුරන්නයො.
|
254
“උක්ත ප්‍රකාරවූ මේ අර්ථය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැවත නැවත විස්තර කොට වදාළසේක. ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ තෘෂ්ණා දෘෂ්ටීන් නික්මුණාවූ බාහ්‍ය දෘෂ්ටි වශයෙන් මේ ශ්‍රේෂ්ඨයයි කිසිවකු විසින් නො පැමිණ විය හැකිවූ බුද්ධ මුනිතෙම විසිතුරු ගාථාවෙන් ප්‍රකාශ කොට වදාළසේක. ඒ විසිතුරු දේශනාව වෙදත්‍රයෙහි පරතෙරට පැමිණි හෙයින් මන්තපාරගු නම් වූ ඒ බ්‍රාහ්මණතෙම අවබෝධ කෙළේයි.
|
255
සුත්වාන
නීචමනො වන්දි තථාගතස්ස, තත්ථෙව පබ්බජ්ජමරොචයිත්ථාති.
|
255
“ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ සියලු දුක් නසන්නාවූ සුභාෂිය නම්වූ ධර්ම දේශනාව අසා, යටත්වූ සිත් ඇති ඒ තිස්ස නම් බමුණුතෙම බුදුන්ගේ පා යුවල පසඟ පිහිටුවා වැන්දේය. එම අස්නෙහිම හුන් කසුප් බුදුන්ගෙන් ප්‍රව්‍රජ්‍යාව කැමතිව ආරාධනා කළේයි.”
|
3. හිරිසුත්තං | 3. හිරි සූත්‍රය |
256
හිරිං
සය්හානි කම්මානි අනාදියන්තං, නෙසො මමන්ති ඉති නං විජඤ්ඤා.
|
256
ලජ්ජාව ඉක්මවන, පිළිකුල් කරණ මම යහළුවෙක්මි’යි කියන, කරන්ට හැකි වැඩ බාර නොගන්නා ඔහු මේතෙම මාගේ යයි නොදන්නේය.
|
257
අනන්වයං
(අත්ථන්වයං (ක.)) පියං වාචං, යො මිත්තෙසු පකුබ්බති;
අකරොන්තං භාසමානං, පරිජානන්ති පණ්ඩිතා.
|
257
යමෙක් මිත්‍රයන් කෙරෙහි අනුව නොයන ප්‍රිය කථාව කරයිද පණ්ඩිතයෝ ඔහු නොකරණ, කියන කෙනෙකැයි දනිත්.
|
258
න
යස්මිඤ්ච සෙති උරසීව පුත්තො, ස වෙ මිත්තො යො පරෙහි අභෙජ්ජො.
|
258
යමෙක් බිඳීම බලාපොරොත්තුවන්නේ සිදුරුම සොයයිද, හෙතෙම මිත්‍රයෙක් නොවේ. යමෙක් සතුරන් විසින් නොබිඳිය හැක්කේද ළයෙහි පුත්‍රයා මෙන් යමෙක් යම් මිත්‍රයෙකු කෙරෙහි නිදාද ඒකාන්තයෙන් හේ මිත්රයාවේ.
|
259
පාමුජ්ජකරණං ඨානං, පසංසාවහනං සුඛං;
ඵලානිසංසො භාවෙති, වහන්තො පොරිසං ධුරං.
|
259
“සතුට ඇතිකිරීමට කරුණුවූ, ප්‍රශංසාව ගෙනදෙන, සැපවූ පුරුෂයාට අයත් වීර්යය උසුළන්නේ ඵල විපාකය ඇත්තේ සිත වඩයි.
|
260
පවිවෙකරසං පිත්වා, රසං උපසමස්ස ච;
නිද්දරො
|
260
“විවේකයේ (රහත්ඵල) සැපයද සිත සංසිඳීමේ රසයද බී ධර්මයෙන්වූ ප්‍රීතියේ රසය බොන්නේ විඩා නැත්තෙක් වන්නේය. පව් නැත්තෙක් වන්නේය.”
|
4. මඞ්ගලසුත්තං | 4. මහාමංගල සූත්‍රය |
261
‘‘බහූ දෙවා මනුස්සා ච, මඞ්ගලානි අචින්තයුං;
ආකඞ්ඛමානා සොත්ථානං, බ්රූහි මඞ්ගලමුත්තමං’’.
|
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය. පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට
|
262
‘‘අසෙවනා
පූජා ච පූජනෙය්යානං
(පූජනීයානං (සී. ස්‍යා. කං. පී.)), එතං මඞ්ගලමුත්තමං.
|
261
“බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි” ගාථායෙන් කීය.
|
263
‘‘පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා;
අත්තසම්මාපණිධි
(අත්තසම්මාපණීධී (කත්ථචි)) ච, එතං මඞ්ගලමුත්තමං.
|
262
“එවිට භාග්‍යවතුන් වහන්සේ බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එය උතුම් මඟුල්ය.
|
264
‘‘බාහුසච්චඤ්ච
සුභාසිතා ච යා වාචා, එතං මඞ්ගලමුත්තමං.
|
263
“නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එය උතුම් මඟුල්ය.
|
265
‘‘මාතාපිතු උපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො;
අනාකුලා
|
264
ධර්මශාස්ත්ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එය උතුම් මඟුල්ය.
|
266
‘‘දානඤ්ච ධම්මචරියා ච, ඤාතකානඤ්ච සඞ්ගහො;
අනවජ්ජානි කම්මානි, එතං මඞ්ගලමුත්තමං.
|
265
“මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එය උතුම් මඟුල්ය.
|
267
‘‘ආරතී විරතී පාපා, මජ්ජපානා ච සංයමො;
අප්පමාදො ච ධම්මෙසු, එතං මඞ්ගලමුත්තමං.
|
266
“දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එය උතුම් මඟුල්ය.
|
268
‘‘ගාරවො
කාලෙන ධම්මස්සවනං
(ධම්මසවණං (කත්ථචි), ධම්මසවනං (සී. ක.)), එතං මඞ්ගලමුත්තමං.
|
267
“පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එය උතුම් මඟුල්ය.
|
269
‘‘ඛන්තී ච සොවචස්සතා, සමණානඤ්ච දස්සනං;
කාලෙන ධම්මසාකච්ඡා, එතං මඞ්ගලමුත්තමං.
|
268
“ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එය උතුම් මඟුල්ය.
|
270
‘‘තපො ච බ්රහ්මචරියඤ්ච, අරියසච්චාන දස්සනං;
නිබ්බානසච්ඡිකිරියා ච, එතං මඞ්ගලමුත්තමං.
|
269
“ඉවසීමද, සුවච බවද, ශ්රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එය උතුම් මඟුල්ය.
|
271
‘‘ඵුට්ඨස්ස ලොකධම්මෙහි, චිත්තං යස්ස න කම්පති;
අසොකං විරජං ඛෙමං, එතං මඞ්ගලමුත්තමං.
|
270
“ඉන්ද්රිය සංවරය හා වීර්යයද, බ්‍රහ්මචර්යාවද, ආර්ය සත්‍යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එය උතුම් මඟුල්ය.
|
272
‘‘එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා;
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මඞ්ගලමුත්තම’’න්ති.
|
271
“අෂ්ටලොක ධර්මයෙන් හැප්පුණු යමෙකුගේ සිත නොසැලේ නම් ඒ නොසැලෙන සිතද, ශොකනැති සිතද, කෙලෙස්ධූලි නැති සිතද, උපද්‍රව නැති සිතද යන එය උතුම් මඟුල්ය.
|
5. සූචිලොමසුත්තං |
272
“මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”
|
273
‘‘රාගො ච දොසො ච කුතොනිදානා, අරතී
කුතො සමුට්ඨාය මනොවිතක්කා, කුමාරකා ධඞ්කමිවොස්සජන්ති’’.
‘‘රාගො ච දොසො ච ඉතොනිදානා, අරතී රතී ලොමහංසො ඉතොජා;
ඉතො සමුට්ඨාය මනොවිතක්කා, කුමාරකා ධඞ්කමිවොස්සජන්ති.
|
5. සුචිලොම සූත්‍රය |
274
‘‘ස්නෙහජා
පුථූ විසත්තා කාමෙසු, මාලුවාව විතතාවනෙ.
|
“මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා තීර්ථයෙහි සුචිලොම යක්ෂයාගේ මාලිගයෙහි ගල් අස්නෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි ඛර නම් යක්ෂතෙමේද සුචිලෝම යක්ෂ තෙමේද භාග්‍යවතුන් වහන්සේ ලඟින් යත්. ඉක්බිත්තෙන් ඛර යක්ෂතෙමේ ශුචිලෝම යක්ෂයාට මෙය කීය. ‘මේ මහණෙකි, කියා ය” “මේ මහණෙක් නොවේ. හිස් මහණෙකි. ඉදින් මෙතෙම මහණෙක්ද, නැතහොත් හිස් මහණෙක්ද, පළමුවෙන් දනිමි” ඉක්බිත්තෙන් ශුචිලොම යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේ කරා ගියේය. ගොස් භාග්‍යවතුන්ට ශරීරය සමීපකෙළේය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය පහකෙළේය. ඉක්බිත්තෙන් ශුචිලොම යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ශ්‍රමණය මට බියවන්නෙහිදැයි” ඇසීය. “ඇවැත්නි මම බිය නොවෙමි. එසේ වුවත් තොපගේ ස්පර්ශය පවිටුයයි” වදාළසේක. “ශ්‍රමණය තොපගෙන් ප්‍රශ්න විචාරන්නෙමි ඉදින් මට ප්‍රකාශ නොකරන්නේ නම් තොපගේ සිත හෝ උමතු කරවන්නෙමි. පපුව හෝ පලන්නෙමි. දෙපය ගෙන ගඟින් එගොඩ විසිකරන්නෙමියි” කීයේය.
“ඇවැත්නි, මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වයා අතරෙහි යමෙක් මාගේ සිත හෝ උමතු කරවන්නේද, පපුව හෝ පලන්නේද, දෙපය හෝ ගෙන ගඟින් එතර දමා ගසන්නේද, එවැන්නකු මම නොදක්නෙමි. එතකුදු වුවත් ඇවැත්නි, ඔබ යමක් කැමැත්තෙහි නම් එය අසවයි” වදාළසේක. ඉක්බිති සුචිලෝම යක්ෂතෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.
|
275
‘‘යෙ නං පජානන්ති යතොනිදානං, තෙ නං විනොදෙන්ති සුණොහි යක්ඛ;
තෙ දුත්තරං ඔඝමිමං තරන්ති, අතිණ්ණපුබ්බං අපුනබ්භවායා’’ති.
|
273
“රාගයද, ද්වේෂයද කුමක් හේතුකොට ඇත්තේද? නොඇලීම හා ඇල්මද ලොමුදැහැගැන්මද කුමකින් හටගත්තේද, ගම්දරුවෝ කපුටෙක් බැඳ (ඉහළ පහළ දමන්නාක්) මෙන් සිතේ පහළවන විතර්කයෝ කොතැනින් හටගෙන ඉහළ පහළ දමත්ද?
“රාගයද ද්වේෂයද මෙතැනින් හටගැනීම ඇත්තේය. නොඇලීමද ඇලීමද ලොමුදැහැගැන්මද මෙතැනින් ඉපදීමට ඇත්තේය. ගම්දරුවෝ කපුටෙකු (බැඳ ඉහළ පහළ දමන්නාක්) මෙන් සිතිවිලි මෙතැනින් පටන්ගෙන ඉහළ පහළ දමත්.
|
6. ධම්මචරියසුත්තං |
274
“නුගරුකෙහි කඳින් හටගත් අරළු (මුල්) මෙන් ස්නේහයෙන් වන්නෝ තමාගෙන්ම පහළවන්නෝය. කායයන්හි බෙහෙවින් ඇලුණෝ වනයෙහි මාලුවා නම් වැල පැතුරුණා මෙනි.
|
276
ධම්මචරියං
පබ්බජිතොපි චෙ හොති, අගාරා අනගාරියං.
|
275
“යමකින් යම් කෙනෙක් ඒ කෙළෙස් සමූහය උපදීයයි දනිද්ද ඔව්හු ඒ හේතුව දුරුකරත් යයි යක්ෂයා අසව. ඔව්හු පෙර එතරනුවූ දුකසේ එතරවිය යුතු මේ කෙලෙස් සැඩපහර තරණයකොට නිවනට එතෙරවෙත්.”
|
277
සො චෙ මුඛරජාතිකො, විහෙසාභිරතො මගො;
ජීවිතං
|
6. ධර්මචර්යා (කපිල) සූත්‍රය |
278
කලහාභිරතො භික්ඛු, මොහධම්මෙන ආවුතො;
අක්ඛාතම්පි න ජානාති, ධම්මං බුද්ධෙන දෙසිතං.
|
276
“ධර්මයෙහි හැසිරීමද බ්‍රහ්මචර්යාවද යන මෙය රත්නයන්ට ශ්‍රේෂ්ඨ යයි කීහු ඉදින් ගිහිගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදිවූයේද,
|
279
විහෙසං භාවිතත්තානං, අවිජ්ජාය පුරක්ඛතො;
සංකිලෙසං න ජානාති, මග්ගං නිරයගාමිනං.
|
277
“හෙතෙම ඉදින් ඵරුෂවචන කියන්නේ වෙහෙස දීමෙහි ඇලුණේ, විලිබිය නැත්තේවේද, ඔහුගේ ජීවිතය ලාමකය. තමහට කෙලෙස් වඩයි.
|
280
විනිපාතං සමාපන්නො, ගබ්භා ගබ්භං තමා තමං;
ස වෙ තාදිසකො භික්ඛු, පෙච්ච දුක්ඛං නිගච්ඡති.
|
278
“මුළා ස්වභාවයෙන් වැසුණු කලහයෙහි ඇලුණු, මහණ තෙම බුදුන් විසින් වදාළ ධර්මය කියන ලද්දේද, නොදනී.
|
281
ගූථකූපො යථා අස්ස, සම්පුණ්ණො ගණවස්සිකො;
යො ච එවරූපො අස්ස, දුබ්බිසොධො හි සාඞ්ගණො.
|
279
“අවිද්‍යාවෙන් මුල්වූ ඔහු කෙලෙස් නැතිකළ පුද්ගලයන් වෙහෙසන්නේ අපායට යන මාර්ගයවූ කෙලෙසීම නොදනියි.
|
282
යං එවරූපං ජානාථ, භික්ඛවො ගෙහනිස්සිතං;
පාපිච්ඡං පාපසඞ්කප්පං, පාපආචාරගොචරං.
|
280
“(සතර) අපායට පැමුණුනේ මව් ගැබින් මව් ගැබට අඳුරින් අඳුරට, යන්නෝව මෙබඳු ඒ භික්ෂුව ඒකාන්තයෙන් පරලොවදී දුකට වැටේ.
|
283
සබ්බෙ
කාරණ්ඩවං
(කාරණ්ඩං ව (ස්‍යා. ක.) අ. නි. 8.10) නිද්ධමථ, කසම්බුං අපකස්සථ
(අවකස්සථ (සී. ස්‍යා. ක.)).
|
281
“වර්ෂ ගණන් පරණවූ පිරුණාවූ අශුචිවලක් යම්සේද යම්කෙනෙක් පවින් පිරුණේවේද මෙබඳු කෙළෙස් සහිතව පුද්ගලතෙම පිරිසිදු කිරීම අපහසුය.
|
284
තතො පලාපෙ
(පලාසෙ (ක.)) වාහෙථ, අස්සමණෙ සමණමානිනෙ;
නිද්ධමිත්වාන පාපිච්ඡෙ, පාපආචාරගොචරෙ.
|
282
“මහණෙනි, (පඤ්ච) කාමගුණ ඇසුරුකළ ලාමක අදහස් ඇති, වැරදි කල්පනා ඇති වැරදි හැසිරීම් හා ගොදුරු ඇති මෙබඳු යමකු දනිද්ද,
|
285
සුද්ධා
තතො සමග්ගා නිපකා, දුක්ඛස්සන්තං කරිස්සථාති.
|
283
“සියල්ලෝ සමගිවී ඔහු දුරුකරව්, කසල පුද්ගලයා ඇද දමව්. කසට පිට කරව්.
|
7. බ්‍රාහ්මණධම්මිකසුත්තං |
284
“එබැවින් ශ්‍රමණ නොවූ ශ්‍රමණ, ශ්‍රමණයයි යන හැඟීම් ඇත්තාවූ, බොල් පිඹ හරිව්. පවිටු කැමැත්ත හා හැසිරීමද ගොදුරද ඇති පවිටන් පහකොට විනීතව පිරිසිදු අපිරිසිදු පුද්ගලයන් සමග විසීම කරව්.
|
286
‘‘ඉසයො පුබ්බකා ආසුං, සඤ්ඤතත්තා තපස්සිනො;
පඤ්ච කාමගුණෙ හිත්වා, අත්තදත්ථමචාරිසුං.
|
285
ඉන්පසු සමගිවූවාහු දක්ෂ වූවාහු දුක් කෙළවර කරන්නාහුය.”
|
287
‘‘න
සජ්ඣායධනධඤ්ඤාසුං, බ්රහ්මං නිධිමපාලයුං.
|
7. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය |
288
‘‘යං
සද්ධාපකතමෙසානං, දාතවෙ තදමඤ්ඤිසුං.
|
“මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනේපිඬුමහ සිටාණන් විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරණසේක. ඉක්බිති දිරූ, වැඩිමහල්වූ, මහළුවූ කල්ගිය, අන්තිම වයසට පැමිණි, කොසොල් රට වැසි බොහෝ මහාසාර බ්‍රාහ්මණයන් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටුවූහ. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙකසිටි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මයන් දක්වත්දැයි” ඇසූහ.
“බමුණෙනි, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බමුණු ධර්ම නොදක්වත්.”
“භවත් ගෞතමයන් වහන්ස ඉදින් භවත්ගෞතමයන් වහන්සේට බරක්නොවේ නම් අපට පුරාණ බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මය කියතොත් යහපති.” - “එසේ නම් බ්‍රාහ්මණයෙනි, අසව් මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළසේක. “පින්වතුන් වහන්ස, එසේය”යි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
|
289
‘‘නානාරත්තෙහි
ඵීතා ජනපදා රට්ඨා, තෙ නමස්සිංසු බ්රාහ්මණෙ.
|
286
“සන්සුන් සිත් ඇති තපස් ඇති පූර්වඍෂීහු වූවාහුද? පස්කම් සැප හැර තමාගේ යහපත කළාහුය.
|
290
‘‘අවජ්ඣා බ්රාහ්මණා ආසුං, අජෙය්‍යා ධම්මරක්ඛිතා;
න නෙ කොචි නිවාරෙසි, කුලද්වාරෙසු සබ්බසො.
|
287
“පැරණි බමුණන්ට සිවුපා සත්තු නොවූහ. රන් නොවූහ. ධාන්‍ය නොවූහ. මන්ත්‍ර පිරවීම නම්වූ ධන ධාන්‍ය වූවාහ. මෛත්‍රී නිධාන නම් බ්‍රහ්ම (ශුද්ධ සිත්) නිධානය පාලනය කළාහුය.
|
291
‘‘අට්ඨචත්තාලීසං වස්සානි, (කොමාර) බ්රහ්මචරියං චරිංසු තෙ;
විජ්ජාචරණපරියෙට්ඨිං, අචරුං බ්රාහ්මණා පුරෙ.
|
288
“ගෙනෙනලද දොරටුවෙහි තබනලද මේ බමුණන් උදෙසා ශ්‍රද්ධාවෙන් කරණලද යමක්වේද, එය මොවුන්ට දියයුතුකොට සිතූහ.
|
292
‘‘න බ්රාහ්මණා අඤ්ඤමගමුං, නපි භරියං කිණිංසු තෙ;
සම්පියෙනෙව සංවාසං, සඞ්ගන්ත්වා සමරොචයුං.
|
289
“නොයෙක් වර්ණවත් වස්ත්රයන්ගෙන් හා ආසනයන්ගෙන්ද, වාසස්ථානවලින්ද ජනපද රටවල වාසය කරන්නාහු සමෘද්ධ වූවාහුද ඔහු බමුණන් වැන්දාහ.
|
293
‘‘අඤ්ඤත්ර තම්හා සමයා, උතුවෙරමණිං පති;
අන්තරා මෙථුනං ධම්මං, නාස්සු ගච්ඡන්ති බ්රාහ්මණා.
|
290
“ධර්මයෙන් රැකුණු ඒ බ්‍රාහ්මණයෝ පැරදවිය නොහැක්කාහුද, දඬුවම් නොකළයුත්තාහුද වූහ. කිසිවෙක් ඔවුන් කුළගෙවල දොරින් නොවැළැක්වූවාහුය.
|
294
‘‘බ්රහ්මචරියඤ්ච සීලඤ්ච, අජ්ජවං මද්දවං තපං;
සොරච්චං අවිහිංසඤ්ච, ඛන්තිඤ්චාපි අවණ්ණයුං.
|
291
“ඔව්හු සතළිස් අට වර්ෂයක් කුමාර බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණාහුය. පැරණි බමුණෝ විද්‍යාවන් හා චරණයන් සොයමින් හැසුරුණාහ.
|
295
‘‘යො
ස වාපි මෙථුනං ධම්මං, සුපිනන්තෙපි නාගමා.
|
292
“බමුණෝ අනෙකක් කරා නොගියහ. ඔව්හු භාර්යාවන් මිලදී නොගත්තාහ. ඔවුනොවුන් හා ප්‍රෙමයෙන් සමග වාසයට පැමිණ සංවාසය රුචිකළහ.
|
296
‘‘තස්ස වත්තමනුසික්ඛන්තා, ඉධෙකෙ විඤ්ඤුජාතිකා;
බ්රහ්මචරියඤ්ච සීලඤ්ච, ඛන්තිඤ්චාපි අවණ්ණයුං.
|
293
“ඒ කාලය අත්හැර සෘතු භාවයෙන් වෙන්වූ තැනැත්තිය ලඟට අතරෙහිදී මෛථුන කර්මයට නොගියාහුය.
|
297
‘‘තණ්ඩුලං සයනං වත්ථං, සප්පිතෙලඤ්ච යාචිය;
ධම්මෙන සමොධානෙත්වා, තතො යඤ්ඤමකප්පයුං.
|
294
“මෛථුනයෙන් වෙන්වීමද, ශීලයද, ඍජුබවද මෘදුබවද තපස (ඉන්ද්රිය සංවරය) අනුකූලබවද අවිහිංසාවද ඉවසීමද වර්ණනා කළාහුය.
|
298
‘‘උපට්ඨිතස්මිං
යථා මාතා පිතා භාතා, අඤ්ඤෙ වාපි ච ඤාතකා;
ගාවො නො පරමා මිත්තා, යාසු ජායන්ති ඔසධා.
|
295
“තදවීර්ය ඇති යම් බ්‍රහ්මයෙක් බ්‍රහ්ම වැනි බමුණෙක් ඔවුන්ට ශ්රේෂ්ඨවීද හෙතෙමේද සිහිනෙනුදු මෛථුනයට නොගියේය.
|
299
‘‘අන්නදා
එතමත්ථවසං ඤත්වා, නාස්සු ගාවො හනිංසු තෙ.
|
296
“ඔහුගේ සිරිත් අනුගමනයකර හික්මෙන්නාවූ මේ ලෝකයෙහි ඇතැම් ඤාණවන්තයෝ බ්‍රහ්මචර්යාවද ඉවසීමද වර්ණනා කළාහුය.
|
300
‘‘සුඛුමාලා
බ්රාහ්මණා සෙහි ධම්මෙහි, කිච්චාකිච්චෙසු උස්සුකා;
යාව ලොකෙ අවත්තිංසු, සුඛමෙධිත්ථයං පජා.
|
297
“සහල්ද, ආසනද, වස්ත්‍රද, ගිතෙල්ද, තලතෙල්ද ඉල්වාගෙන දැහැමින් එක්කොට ඉන් යාගකළාහුය. යාගය පැමිණ සිටි කල්හි ඔව්හු දෙන්නු නොමැරූහ.
|
301
‘‘තෙසං ආසි විපල්ලාසො, දිස්වාන අණුතො අණුං;
රාජිනො ච වියාකාරං, නාරියො සමලඞ්කතා.
|
298
“මව්පිය සහෝදරයන් හෝ අන්‍ය නෑයන් හෝ යම්සේද, යමක් කෙරෙහි බෙහෙත් උපදිත්ද, ඒ ගවයෝ අපගේ ශ්‍රේෂ්ඨ මිත්‍රයෝය.
|
302
‘‘රථෙ චාජඤ්ඤසංයුත්තෙ, සුකතෙ චිත්තසිබ්බනෙ;
නිවෙසනෙ නිවෙසෙ ච, විභත්තෙ භාගසො මිතෙ.
|
299
“ආහාර දෙන්නෝය. ශක්තිය දෙන්නෝය. ශරීර වර්ණය දෙන්නෝය. සැප දෙන්නෝය. එසේම මේ කාරණය දැනගෙන ඔව්හු ගවයන් නොමරත්.
|
303
‘‘ගොමණ්ඩලපරිබ්යූළ්හං, නාරීවරගණායුතං;
උළාරං මානුසං භොගං, අභිජ්ඣායිංසු බ්රාහ්මණා.
|
300
“සියුමැලි මහත් ශරීර ඇති, පැහැ ඇති, කීර්තිමත් බමුණෝ ස්වකීය ධර්මයන්ගෙන් යුක්තව කුදුමහත් කටයුත්තෙහි උනන්දු වූවාහුය. බ්‍රාහ්මණයෝ යම්තාක් ලෝකයෙහි පැවැත්තාහුද, මේ ප්‍රජාව සැප වින්දාහුය.
|
304
‘‘තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා, ඔක්කාකං තදුපාගමුං;
පහූතධනධඤ්ඤොසි
යජස්සු බහු තෙ ධනං.
|
301
“රජුන්ගේ සම්පත්තියද අලංකෘත ස්ත්‍රීන්ද අණුවෙන් අණුවට දැක ඔවුන්ගේ විපර්යාසය විය.
|
305
‘‘තතො ච රාජා සඤ්ඤත්තො, බ්රාහ්මණෙහි රථෙසභො;
අස්සමෙධං පුරිසමෙධං, සම්මාපාසං වාජපෙය්යං නිරග්ගළං;
එතෙ
|
302
“ආජානෙය අසුන් යොදනලද, මනාකොට කරණ ලද කොටස් වශයෙන් බෙදනලද, චිත්‍ර මසනලද රථද ගෘහවස්තුද වාසස්ථානද
|
306
‘‘ගාවො සයනඤ්ච වත්ථඤ්ච, නාරියො සමලඞ්කතා;
රථෙ චාජඤ්ඤසංයුත්තෙ, සුකතෙ චිත්තසිබ්බනෙ.
|
303
“වගමණ්ඩලවලින් වටකළ, උතුම් ස්ත්‍රීසමූහයා ඇති, මහත් මනුෂ්‍ය සම්පත බමුණෝ කැමතිවූහ.
|
307
‘‘නිවෙසනානි රම්මානි, සුවිභත්තානි භාගසො;
නානාධඤ්ඤස්ස පූරෙත්වා, බ්රාහ්මණානමදා ධනං.
|
304
“ඔව්හු එහි සිට මන්ත්‍ර ගොතා ඒ ඔක්කාක රජු වෙතට පැමිණ යාගකරව. තොපට බොහෝ වස්තු වන්නේය. යාගකරව, වස්තුව බොහෝ වන්නේය. ධනය බොහෝ වන්නේය.
|
308
‘‘තෙ
තෙසං ඉච්ඡාවතිණ්ණානං, භිය්යො තණ්හා පවඩ්ඪථ;
තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා, ඔක්කාකං පුනමුපාගමුං.
|
305
“බමුණන් විසින් දක්වනලද රථයන්ට වෘෂභයෙකු වැනි රජතෙම අසුන් මරණ යාගද, පුරුෂයන් මරණ යාගද සම්මාපාස නම් යාත්‍රා යාගයද වාජපෙය්‍ය නම් තිරිසනුන් මරණ යාගයද නිරග්ගල නම් යාගයද යන මේ යාගයන් කොට බමුණන්ට ධනය දුන්නේය.
|
309
‘‘යථා ආපො ච පථවී ච, හිරඤ්ඤං ධනධානියං;
එවං ගාවො මනුස්සානං, පරික්ඛාරො සො හි පාණිනං;
යජස්සු බහු තෙ විත්තං, යජස්සු බහු තෙ ධනං.
|
306
“ගවයන්ද, අසුන්ද, වස්ත්‍රද ඉතා අලංකාර කළ ස්ත්‍රීන්ද ආජානෙය අසුන් යුත් මනාකොට මසනලද චිත්‍ර ඇති රථද,
|
310
‘‘තතො ච රාජා සඤ්ඤත්තො, බ්රාහ්මණෙහි රථෙසභො;
නෙකා සතසහස්සියො, ගාවො යඤ්ඤෙ අඝාතයි.
|
307
“කොටස් වශයෙන් බෙදනලද රම්‍ය වාසස්ථානද නොයෙක් නොයෙක් ධාන්‍යයෙන් පුරවා බමුණන්ට දුන්නේය.
|
311
‘‘න
ගාවො එළකසමානා, සොරතා කුම්භදූහනා;
තා විසාණෙ ගහෙත්වාන, රාජා සත්ථෙන ඝාතයි.
|
308
“ඔව්හුද එහි ධනය ලැබ නිදන්කොට තබන්ට කැමතිවූවාහුය, ආශාවට බැසගත් ඔවුන්ට බොහෝ සෙයින් තෘෂ්ණාව වැඩිවිය. ඔව්හු එහිදී මන්ත්‍ර ගොතා නැවතද ඔක්කාක රජු ලඟට ගියාහුය.
|
312
‘‘තතො
අධම්මො ඉති පක්කන්දුං, යං සත්ථං නිපතී ගවෙ.
|
309
“ජලය පෘථුවිය රන්රුවන් ධන ධාන්‍ය යම්සේද ගවයෝ මිනිසුන්ට එසේය. එයම ප්‍රාණීන්ට උපකරණවේ. ඔබගේ බොහෝ වූ වස්තුව යාගකරන්න. ඔබගේ බොහෝ වූ ධනය යාග කරන්න.
|
313
‘‘තයො රොගා පුරෙ ආසුං, ඉච්ඡා අනසනං ජරා;
පසූනඤ්ච සමාරම්භා, අට්ඨානවුතිමාගමුං.
|
310
“බමුණන් විසින් සංඥාකරණ ලද රථයන්ට වෘෂභයෙකු වැනි රජතෙම නොයෙක් ලක්ෂගණන් ගවයන් යාගයෙහි මැරවූයේය.
|
314
‘‘එසො
අදූසිකායො හඤ්ඤන්ති, ධම්මා ධංසන්ති
(ධංසෙන්ති (සී. පී.)) යාජකා.
|
311
“පාවලින්වත් අංවලින්වත් හෝ කිසිවකිනුත් හිංසා නොකළ, ඇලුම්වත්, කළ ගණන් දොවින එලුවන් වැනි ගවයන් ඒ රජතෙම අංවලින් අල්ලා ආයුධයෙන් මැරුවේය.
|
315
‘‘එවමෙසො අණුධම්මො, පොරාණො විඤ්ඤුගරහිතො;
යත්ථ එදිසකං පස්සති, යාජකං ගරහතී
(ගරහී (ක.)) ජනො.
|
312
“ගවයන් කෙරෙහි යම් ආයුධයක් හෙළනලද්දේද, ඉක්බිති (චාතුර්මහාරාජික) දෙවියෝද බ්‍රහ්මයෝද සක්දෙව් රජුද අසුරයෝද රාක්ෂසයෝද අධමයයි කියමින් හැඬූහ.
|
316
‘‘එවං ධම්මෙ වියාපන්නෙ, විභින්නා සුද්දවෙස්සිකා;
පුථූ විභින්නා ඛත්තියා, පතිං භරියාවමඤ්ඤථ.
|
313
“පෙර ඕනෑකමද බඩගින්නද මහලුවීමද යන රොගතුනක් ලෝකයෙහි වූවාහුය. සතුන් මැරීම නිසා අනූඅටක් වූහ.
|
317
‘‘ඛත්තියා
ජාතිවාදං නිරංකත්වා
(නිරාකත්වා (?) යථා අනිරාකතජ්ඣානොති), කාමානං වසමන්වගු’’න්ති.
|
314
“ත්‍රිවිධ දණ්ඩන අතර පුරාණවූ, මේ බැසගැනීම අධර්මයෙකි. යාගකරන්නේ අනුන්ට ද්වේෂ නොකරණ ගවයන් මරත්ද, ධර්මයෙන් පිරිහෙත්.
|
8. නාවාසුත්තං |
315
“මෙසේ මෙය හීන ක්‍රියාවකි. පුරාණය දන්නවුන් විසින් ගරහන ලද්දේය. යම් තැනක මෙබන්දක් දකීද, ජනයා යාගකරන්නාට ගර්හා කරයි.
|
318
යස්මා
සො පූජිතො තස්මි පසන්නචිත්තො, බහුස්සුතො පාතුකරොති ධම්මං.
|
316
“මෙසේ (පුරාණ බ්‍රාහ්මණ) ධර්මයනට කල්හි ශුද්‍රයන් හා වෛශ්‍යයෝ භෙදවූහ. ක්ෂත්රියයෝද බෙහෙවින් භෙදවූහ. භාර්යාව ස්වාමියාට අවනම්බු කළාහුය.
|
319
තදට්ඨිකත්වාන
විඤ්ඤූ විභාවී නිපුණො ච හොති, යො තාදිසං භජති අප්පමත්තො.
|
317
“ක්ෂත්රියයෝද, බ්‍රාහ්මණයෝද ගොත්‍රය රකින යම් අන් කෙනෙක්වේද; ජාතිවාදය නිසා නැසී කාමයන්ගේ වසඟයට ගියාහුය.”
|
320
ඛුද්දඤ්ච බාලං උපසෙවමානො, අනාගතත්ථඤ්ච උසූයකඤ්ච;
ඉධෙව ධම්මං අවිභාවයිත්වා, අවිතිණ්ණකඞ්ඛො මරණං උපෙති.
|
මෙසේ වදාළ කල්හි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට (මෙහි සූත්‍ර නිපාතයේ 1 වර්ගයේ 4 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.)
|
321
යථා නරො ආපගමොතරිත්වා, මහොදකං සලිලං සීඝසොතං;
සො වුය්හමානො අනුසොතගාමී, කිං සො පරෙ සක්ඛති තාරයෙතුං.
|
8. නාවා සූත්‍රය |
322
තථෙව ධම්මං අවිභාවයිත්වා, බහුස්සුතානං අනිසාමයත්ථං;
සයං අජානං අවිතිණ්ණකඞ්ඛො, කිං
|
318
“යම් හෙයකින් පුරුෂයා ධර්මය දන්නේද දෙවියෝ ශක්‍රයාට මෙන් ඔහු පුදත්. හෙතෙම පුදන ලද්දේ, පැහැදුණු සිත් ඇත්තේ බහුශ්‍රැතවූයේ ධර්ම පහළ කරයි.
|
323
යථාපි
සො තාරයෙ තත්ථ බහූපි අඤ්ඤෙ, තත්රූපයඤ්ඤූ කුසලො මුතීමා
(මතීමා (ස්‍යා. ක.)).
|
319
“නුවණැති යමෙක් එය තේරුම් සහිත කොට අසා ධර්මයට හා අනුධර්මයට අනුව පිළිපදින්නේ නොපමාව එබන්දකු ඇසුරු කරයිද හෙතෙම විශේෂයෙන් දන්නේ අනුන්ට අවබෝධ කරන්නේ දක්ෂද වේ.
|
324
එවම්පි
සො ඛො පරෙ නිජ්ඣපයෙ පජානං, සොතාවධානූපනිසූපපන්නෙ.
|
320
“කුඩාවූ නුවණ නැති අනාගතය සිතන ඊර්ෂ්‍යාකරන බාලයා ආශ්‍රය කරන්නේ මෙලොවම ධර්මය නොවඩා අත්නොහළ සැක ඇත්තේ මරණයට පැමිණෙයි.
|
325
තස්මා හවෙ සප්පුරිසං භජෙථ, මෙධාවිනඤ්චෙව බහුස්සුතඤ්ච;
අඤ්ඤාය අත්ථං පටිපජ්ජමානො, විඤ්ඤාතධම්මො ස සුඛං
(සො සුඛං (සී.)) ලභෙථාති.
|
321
“යම්සේ මනුෂ්‍යයෙක් බොහෝ ජලය ඇති ලෙලදී යන පැතුරුණු සැඩ පහර ඇති නදියකට බැස යටිගඟට ගෙන යන්නාවූ ගසාගෙන යන්නාවූ හෙතෙම අන්‍යයන් එතෙර කරවන්ට කිම සමර්ථවන්නේද,
|
9. කිංසීලසුත්තං |
322
“එසේම ධර්මය නොවඩා බහුශ්‍රැතයන්ට ඇහුම්කන් නොදී, තෙමේ නොදන්නේ සැක දුරුනොකළේ වේද ඔහු අනුන්ට මෙනෙහි කරවන්ට සමර්ථද,
|
326
‘‘කිංසීලො
නරො සම්මා නිවිට්ඨස්ස, උත්තමත්ථඤ්ච පාපුණෙ’’.
|
323
“යම්සේ සවිය ඇති නැවකට නැග ලෑලි වලින් හා හබලින් යුක්තවූයේද හෙතෙම එහි උපාය දනීද, දක්ෂද එහි අනික් බොහෝදෙනාද එගොඩ කරවයි.
|
327
‘‘වුඩ්ඪාපචායී අනුසූයකො සියා, කාලඤ්ඤූ
ධම්මිං කථං එරයිතං ඛණඤ්ඤූ, සුණෙය්ය සක්කච්ච සුභාසිතානි.
|
324
“එසේම සිවුමග ඤාණයෙන් යුක්ත වඩන ලද සිත් ඇති, බහුශ්‍රැතවූ කම්පානොවන ස්වභාව ඇති හෙතෙම කන් යොමු කිරීමවූ උපනිශ්‍රය සම්පත්තියෙන් යුත් අනුන් අවබෝධ කරවීමට දන්නේය.
|
328
‘‘කාලෙන ගච්ඡෙ ගරූනං සකාසං, ථම්භං නිරංකත්වා
(නිරාකත්වා (?) නි + ආ + කර + ත්වා) නිවාතවුත්ති;
අත්ථං
|
325
“එහෙයින් ඒකාන්තයෙන් නුවණැති බහුශ්‍රැත සත්පුරුෂයකු භජනය කරව්. හෙතෙම අර්ථය දැන පිළිපදින්නේ දන්නා ලද ලොකොත්තර ධර්මය ඇත්තේ සැප ලබන්නේය.”
|
329
‘‘ධම්මාරාමො ධම්මරතො, ධම්මෙ ඨිතො ධම්මවිනිච්ඡයඤ්ඤූ;
නෙවාචරෙ ධම්මසන්දොසවාදං, තච්ඡෙහි නීයෙථ සුභාසිතෙහි.
|
9. කිංසීල සූත්‍රය |
330
‘‘හස්සං ජප්පං පරිදෙවං පදොසං, මායාකතං කුහනං ගිද්ධි මානං;
සාරම්භං කක්කසං කසාවඤ්ච මුච්ඡං
(සාරම්භ කක්කස්ස කසාව මුච්ඡං (ස්‍යා. පී.)), හිත්වා චරෙ වීතමදො ඨිතත්තො.
|
326
“කවර සීලයකින් යුත් කවර හැසිරීමකින් යුත් කවර වැඩක් කරන මනුෂ්‍යතෙම මනාව ශාසනයෙහි පිහිටියේ සියලු අර්ථයන්ගෙන් උතුම්වූ අර්හත්වයට පැමිණෙන්නේද?
|
331
‘‘විඤ්ඤාතසාරානි සුභාසිතානි, සුතඤ්ච විඤ්ඤාතසමාධිසාරං;
න තස්ස පඤ්ඤා ච සුතඤ්ච වඩ්ඪති, යො සාහසො හොති නරො පමත්තො.
|
327
“වෘද්ධයන් පුදන්නේ ඊර්ෂ්‍යා නොකරන්නේ වන්නේය. ගුරුන් දැකීමට කල් දන්නේය. (සමථ විදර්ශනා යුක්ත) කියන ලද ධර්ම කථාවට කාලය දන්නේය. යහපත් වචනයන් සකස්කොට අසන්නේය.
|
332
‘‘ධම්මෙ
අනුත්තරා
තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතා,
සුතස්ස පඤ්ඤාය ච සාරමජ්ඣගූ’’ති.
|
328
“තද බව දුරුකොට යටත් පහත් පැවතුම් ඇතිව ගුරුවරුන් සමීපයට සුදුසු කාලයෙහි යන්නේය. කියනලද කරුණද, පාලි ධර්මයද සීලයද මහණදමද (සෙසු සසුන් පිළිවෙත්ද) සිහිකරන්නේය. හැසිරෙන්නේය.
|
10. උට්ඨානසුත්තං |
329
(සමථ විදර්ශනා) ධර්මයෙහි ඇලෙන්නේය, එහි යෙදෙන්නේය. ධර්මයෙහි සිටින්නේය. ධර්මයෙහි තීරණය දන්නේය. ධර්මය දූෂණය වන කථා නොකරන්නේය. සත්‍යවූ සුභාෂිතයන්ගෙන් කල් යවන්නේය.
|
333
උට්ඨහථ නිසීදථ, කො අත්ථො සුපිතෙන වො;
ආතුරානඤ්හි කා නිද්දා, සල්ලවිද්ධාන රුප්පතං.
|
330
“මදසිනාව, නිරර්ථක කථාකීම, වැලපීම, කිපීම, වඤ්චාව, නැතිගුණ ඇඟවීම, ගිජුකම, මානය, එකට එක කිරීම, ඵරුෂවචන රාගාදී කසට, අධික තෘෂ්ණාව අත්හැර පහවූ මත්වීම ඇතිව සන්සුන් සිත් ඇතිව හැසිරෙන්නේය.
|
334
උට්ඨහථ
මා වො පමත්තෙ විඤ්ඤාය, මච්චුරාජා අමොහයිත්ථ වසානුගෙ.
|
331
“සුභාෂිතයෝ දන්නා ලද සාරය ඇත්තෝය ශ්‍රැතයද දන්නා ලද සමාධිය සාරයකොට ඇත්තේය. යම් මිනිසෙක් සාහසික වේද ප්‍රමාද වේද ඔහුට නුවණද ශ්‍රැතය (ඉගැනීම) ද නොවැඬේ.
|
335
යාය දෙවා මනුස්සා ච, සිතා තිට්ඨන්ති අත්ථිකා;
තරථෙතං විසත්තිකං, ඛණො වො
(ඛණො වෙ (පී. ක.)) මා උපච්චගා;
ඛණාතීතා හි සොචන්ති, නිරයම්හි සමප්පිතා.
|
332
“යම් කෙනෙක් ආර්යයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයෙහි ඇලුනේද ඔව්හු කයින් වචනින් මනසින් ශ්‍රේෂ්ඨය. ඔව්හු නිවන්හි ඇලුණාහු සමාධියෙහි පිහිටියාහු ශ්රැතයේද නුවණේද සාරයට පැමිණියාහුය.”
|
336
පමාදො රජො පමාදො, පමාදානුපතිතො රජො;
අප්පමාදෙන විජ්ජාය, අබ්බහෙ
(අබ්බූළ්හෙ (ස්‍යා. පී.), අබ්බුහෙ (ක. අට්ඨ.)) සල්ලමත්තනොති.
|
10. උට්ඨාන සූත්‍රය |
11. රාහුලසුත්තං |
333
නැගිටිව්, හිඳගනිව්, තොපට නිදීමෙන් කවර ප්‍රයෝජනයක්ද හුලින් විදින ලදුව දුකින් පෙලෙන ලෙඩුන්ට කවර නිදීමක්ද
|
337
‘‘කච්චි
උක්කාධාරො
(ඔක්කාධාරො (ස්‍යා. ක.)) මනුස්සානං, කච්චි අපචිතො තයා’’
(තව (සී. අට්ඨ.)).
|
334
“නැගිටිව්, හිඳගනිව්, නිර්වාණය පිණිස දැඩිව හික්මෙව්. මාරයා තොප පමායයි දැන වසඟයට ගියවුන් මුළා කළේය.
|
338
‘‘නාහං අභිණ්හසංවාසා, අවජානාමි පණ්ඩිතං;
උක්කාධාරො මනුස්සානං, නිච්චං අපචිතො මයා’’.
|
335
“යම් තෘෂ්ණාවකින් එය පතන දෙවියෝද මනුෂ්‍යයෝද ඇලී සිටිත්ද, ඒ තෘෂ්ණාව ඉක්මවව්. තොප විසින් මොහොත පැහැර නොහැරිය යුතුය. ක්ෂණය ඉක්මවූවාහු නිරයට ගොස් ශොක කරත්.
|
339
‘‘පඤ්ච
සද්ධාය ඝරා නික්ඛම්ම, දුක්ඛස්සන්තකරො භව.
|
336
“සිහිය නැතිකම කිලුටකි. සිහිය නැතිකම නැවත නැවත උපන්නේ කිලුටකි. සිහියෙන් වෙන් නොවීම නම්වූ අප්‍රමාදයෙන්ද (කෙලෙස් නසන දැනීම නම්වූ) විද්‍යාවෙන්ද තමාගේ රාගාදී උල්පස උදුරන්නේය.”
|
340
‘‘මිත්තෙ භජස්සු කල්‍යාණෙ, පන්තඤ්ච සයනාසනං;
විවිත්තං අප්පනිග්ඝොසං, මත්තඤ්ඤූ හොහි භොජනෙ.
|
11. රාහුල සූත්‍රය |
341
‘‘චීවරෙ
එතෙසු තණ්හං මාකාසි, මා ලොකං පුනරාගමි.
|
337
“රාහුලය, කිමෙක්ද නිතර ආශ්රයෙන් පණ්ඩිතයා අවමන් නොකරන්නෙහිද? මිනිසුන්ට පහන දරන්නා (ශාරීපුත්‍රයන්) කිමෙක්ද තා විසින් පුදන ලද්දේද,
|
342
‘‘සංවුතො පාතිමොක්ඛස්මිං, ඉන්ද්රියෙසු ච පඤ්චසු;
සති කායගතාත්යත්ථු, නිබ්බිදාබහුලො භව.
|
338
“මම නිතර ආශ්රයෙන් පණ්ඩිතයාට අවමන් නොකරමි. මනුෂ්‍යයන්ට එලිය දරන්නා මා විසින් නිතර පුදන ලදී.
|
343
‘‘නිමිත්තං පරිවජ්ජෙහි, සුභං රාගූපසඤ්හිතං;
අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං.
|
339
“ප්‍රිය ස්වරූප ඇති, සිත් ඇලෙන පස්කම් සැප අත්හැර, ශ්රද්ධාවෙන්ගෙන් නික්ම දුක් කෙළවර කරන්නෙක්වෙව.
|
344
‘‘අනිමිත්තඤ්ච භාවෙහි, මානානුසයමුජ්ජහ;
තතො මානාභිසමයා, උපසන්තො චරිස්සතී’’ති.
|
340
“කල්‍යාණ මිත්‍රයන්ද විවේකවූ ශබ්ද නැති දුර පිහිටි සෙනසුන්ද භජනය කරව. අහරෙහි පමණ දන්නෙක් වෙව.
|
12. නිග්රොධකප්පසුත්තං |
341
“චීවර පිණ්ඩපාතයෙහිද ප්‍රත්‍යයෙහිද සෙනසුන්හිද යන මොවුන් කෙරෙහි තෘෂ්ණාව නොකරව. මෙලොවට නැවත නොඑව.
|
345
‘‘පුච්ඡාම
(පුච්ඡාමි (ක.)) සත්ථාරමනොමපඤ්ඤං, දිට්ඨෙව ධම්මෙ යො විචිකිච්ඡානං ඡෙත්තා;
අග්ගාළවෙ කාලමකාසි භික්ඛු, ඤාතො යසස්සී අභිනිබ්බුතත්තො.
|
342
“ප්රාතිමොක්ෂයෙහිද සංවර වෙව. පඤ්චෙන්ද්රියයන්හිද සංවර වෙව. කායගතාසතියෙහිද (කය ගැන සිහියෙහි) සිහි ඇතිවෙත්වා. සසර කලකිරීම බහුලවූවෙක් වෙව.
|
346
‘‘නිග්රොධකප්පො
සො තං නමස්සං අචරි මුත්යපෙක්ඛො, ආරද්ධවීරියො දළ්හධම්මදස්සී.
|
343
“රාගය හා යුක්තවූ ශුභවූ අරමුණ දුරුකරව. එකඟවූ සමාධියට ගිය සිත අශුභයෙන් වඩව.
|
347
‘‘තං සාවකං සක්ය
(සක්ක (සී. ස්‍යා. පී.)) මයම්පි සබ්බෙ, අඤ්ඤාතුමිච්ඡාම සමන්තචක්ඛු;
සමවට්ඨිතා නො සවනාය සොතා, තුවං නො සත්ථා ත්වමනුත්තරොසි.
|
344
“(රාගාදී) නිමිති නොගැනීමද වඩව. මානය හා අනුශය ධර්ම දුරුකරව. ඊටපසු (ආර්ය මාර්ගයෙන්) මානය නැතිකිරීමෙන් සිත ශාන්තව හැසිරෙන්න.
|
348
‘‘ඡින්දෙව නො විචිකිච්ඡං බ්රූහි මෙතං, පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ;
මජ්ඣෙව
(මජ්ඣෙ ච (ස්‍යා. ක.)) නො භාස සමන්තචක්ඛු, සක්කොව දෙවාන සහස්සනෙත්තො.
|
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ට මේ ගාථාවන්ගෙන් නිතර අවවාද කරයි.”
|
349
‘‘යෙ කෙචි ගන්ථා ඉධ මොහමග්ගා, අඤ්ඤාණපක්ඛා විචිකිච්ඡඨානා;
තථාගතං
|
12. වංගීස සූත්‍රය |
350
‘‘නො
තමොවස්ස නිවුතො සබ්බලොකො, න
|
“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්රට අග්ගාලාව චෛත්‍යයෙහි වාසය කරණසේක. එකල්හි වනාහි තනිව සිටි විවේකයෙහි සිටි ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේට මගේ උපාධ්‍යායයන් වහන්සේ පිරිනිවියේද නැත්නම් නුවූයේ දැයි මෙසේ සිතට සිතිවිල්ලක් පහළවිය. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරයන්ගේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටිසේක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි මෙහි තනිව සිටි විවේකයෙහි සිටි මට මාගේ උපාධ්‍යාය තෙමේ පිරිනිවියේද නොවූයේදැයි මෙසේ සිතට සිතිවිල්ලක් පහළවූයේයයි මෙය කීයේය. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ අස්නෙන් නැගිට සිවුර එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවන් කීයේය.
|
351
‘‘ධීරා
විපස්සිනං ජානමුපාගමුම්හා
(ජානමුපගමම්හා (සී. ස්‍යා.)), පරිසාසු නො ආවිකරොහි කප්පං.
|
345
“ලාමක නොවූ ප්‍රඥා ඇති, ශාස්තෲන් වහන්සේගෙන් අසමු. මේ ආත්මයෙහිම යමෙක් විචිකිච්ඡාව සිඳින්නේද, ප්රසිද්ධවූ යසස ඇති සැඟවුණු, සිත් ඇති භික්ෂු කෙනෙක් අග්ගාලවයෙහි කළුරිය කළහ.
|
352
‘‘ඛිප්පං ගිරං එරය වග්ගු වග්ගුං, හංසොව පග්ගය්හ සණිකං
(සණිං (ස්‍යා. පී.)) නිකූජ;
බින්දුස්සරෙන සුවිකප්පිතෙන, සබ්බෙව තෙ උජ්ජුගතා සුණොම.
|
346
“භාග්‍යවතුන් වහන්ස, ඒ බ්‍රාහ්මණයාට නිග්රොධ කප්පයන නම ඔබවහන්සේ විසින් තබනලදී. හෙතෙම නිර්වාණය පතන්නේ පටන්ගන්නාලද වීර්ය ඇත්තේ, මිදීම පතන්නේ ඔබවහන්සේ වඳිමින් හැසුරුණේය.
|
353
‘‘පහීනජාතිමරණං අසෙසං, නිග්ගය්හ ධොනං
(ධොතං (සී.)) වදෙස්සාමි ධම්මං;
න කාමකාරො හි පුථුජ්ජනානං, සඞ්ඛෙය්යකාරො ච
(සඞ්ඛය්යකාරොව (ක.)) තථාගතානං.
|
347
“ශාක්‍ය කුල උපන් සර්වඥයන් වහන්ස, ඒ ශ්රාවකයා අපි හැමෝම දැනගන්ට කැමැත්තෙමු. ශ්‍රවණය පිණිස අපගේ කන්යොමුකොට සිටියාහ. ඔබවහන්සේ අපගේ ශාස්තෲන් වහන්සේය. ඔබවහන්සේ උතුම්වෙහිය.
|
354
‘‘සම්පන්නවෙය්යාකරණං තවෙදං, සමුජ්ජුපඤ්ඤස්ස
(සමුජ්ජපඤ්ඤස්ස (ස්‍යා. ක.)) සමුග්ගහීතං;
අයමඤ්ජලී පච්ඡිමො සුප්පණාමිතො, මා මොහයී ජානමනොමපඤ්ඤ.
|
348
“අපගේ සැකය සිඳින්න, මට මෙය වදාරන්න, මහා ප්‍රාඥයන් වහන්ස, පිරිනිවියහු වදාරන්න. හාත්පස පෙනෙන ඇස් ඇත්තාණෙනි, දහසක් ඇස් ඇති ශක්‍ර දෙවෙන්ද්රයා මෙන් මට මැදෙහි හෝ වදාරන්න.
|
355
‘‘පරොවරං
(වරාවරං (කත්ථචි)) අරියධම්මං විදිත්වා, මා මොහයී ජානමනොමවීර;
වාරිං යථා
|
349
“මෙලොව (අභිධ්‍යාදී) යම්කිසි ගැට කෙනෙක් ඇද්ද, ඔවුහු මෝහයට මාර්ගයෝය, නොදැනීම් පක්ෂයෙහිය. සැකයට හේතුය, ඔව්හු තථාගතයන් වහන්සේ වෙත පැමිණ නොවෙත්. මේ ඇස මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨය.
|
356
‘‘යදත්ථිකං
(යදත්ථියං (පී.), යදත්ථිතං (ක.)) බ්රහ්මචරියං අචරී, කප්පායනො කච්චිස්ස තං අමොඝං;
නිබ්බායි සො ආදු සඋපාදිසෙසො, යථා විමුත්තො අහු තං සුණොම’’.
|
350
“පුරිසතෙමේ කිසිකලෙක වාතය වළාකුල් රාශිය නසන සේ කෙලෙසුන් නොනසාද මුළුලෝකය අඳුරින් වෙළන ලද්දේවේද (ප්රඥානැමැති) ආලෝකයෙන් යුත් (සැරියුත් ආදී) මනුෂ්‍යයෝ නොබබළත්.
|
357
‘‘අච්ඡෙච්ඡි
කණ්හස්ස
(තණ්හාය (ක.)) සොතං දීඝරත්තානුසයිතං;
අතාරි ජාතිං මරණං අසෙසං,’’
ඉච්චබ්රවී භගවා පඤ්චසෙට්ඨො.
|
351
“පණ්ඩිත පුරුෂයෝ නුවණ කරන්නෝ වෙත් වීරයන් වහන්ස, මම ඒ ඒ දෙය එසේම සිතමි. විශේෂයෙන් දක්නාවූ දන්නා බුදුන් වෙතට (දැනගැනීමට) පැමිණියෙමි. නිග්රොධකප්පයන් පිරිස මැද අපට ප්‍රකාශ කරනු මැනවි.
|
358
‘‘එස සුත්වා පසීදාමි, වචො තෙ ඉසිසත්තම;
අමොඝං කිර මෙ පුට්ඨං, න මං වඤ්චෙසි බ්රාහ්මණො.
|
352
“යහපත් ලෙස කථා කරන වචනය වහා කියන්නේ හංසයා මෙන් තදින්ගෙන සෙමෙන් අඬව. ඉතා අලංකාරවූ බින්දු ස්වරයෙන් ඍජුව ගිය ඒ අපි සියල්ලෝ අසමු.
|
359
‘‘යථාවාදී
අච්ඡිදා මච්චුනො ජාලං, තතං මායාවිනො දළ්හං.
|
353
“ඉතිරි නොකොට ජාති මරණ ඉක්මවූ නසනලද සියලු පව් ඇති ධර්මය ඉල්ලා කියන්නෙමි. පෘථග්ජනයන්ට කැමති දේ කිරීමක් නොවේ. තථාගතයන් වහන්සේලා විමසා කරන්නෙකි.
|
360
‘‘අද්දසා භගවා ආදිං, උපාදානස්ස කප්පියො;
අච්චගා වත කප්පායනො, මච්චුධෙය්යං සුදුත්තර’’න්ති.
|
354
“ඔබවහන්සේගේ ඍජු නුවණින් ප්‍රකාශ කරණලද කීම වෙනස් නුවූ බව දක්නාලදී. මේ අන්තිම දොහොත් බැඳීමයි. මනාව වඳනා ලද්දේය. දන්නා අලාමක ප්‍රඥා ඇති සර්වඥයන් වහන්ස, මුළා නොකළ මැනවි.
|
13. සම්මාපරිබ්බාජනීයසුත්තං |
355
“දන්නාවූ අලාමක වීර්ය ඇති භාග්‍යවතුන් වහන්ස, යහපත් අයහපත් උතුම් ධර්මය දැන මුළා නොකරණු මැනව. ග්‍රීෂ්මකාලයෙහි ග්‍රීෂ්මයෙන් රත්වූ ජලය මෙන් වචනය කැමැත්තේමි ශ්‍රැතය වසනු මැනවි.
|
361
‘‘පුච්ඡාමි
තිණ්ණං පාරඞ්ගතං පරිනිබ්බුතං ඨිතත්තං;
නික්ඛම්ම ඝරා පනුජ්ජ කාමෙ, කථං භික්ඛු
සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය’’.
|
356
“යමක් බලාපොරොත්තුවෙන් කල්පයක් බ්‍රහ්ම චර්යාවෙහි හැසුරුනේද, කිමෙක්ද ඔහුට එය හිස් නොවූවක් වන්නේද, නැතහොත්, හෙතෙම යම්සේ මිදුණේවේද ශරීරය ශෙෂ වූයේ නිවුණේවේ.
|
362
‘‘යස්ස මඞ්ගලා සමූහතා, (ඉති භගවා)
උප්පාතා සුපිනා ච ලක්ඛණා ච;
සො මඞ්ගලදොසවිප්පහීනො,
සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
357
“මේ නාමරූපයන්හි බොහෝ කාලයක් නිදා සිටි වාරයාගේ ශ්රොතසවූ තණ්හාව සින්දේය. ජාතිජරාමරණ ඉතුරු නොකර තරණය කෙළේය. පස්වග මහණුන්ට ශ්‍රේෂ්ඨවූ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
|
363
‘‘රාගං විනයෙථ මානුසෙසු, දිබ්බෙසු කාමෙසු චාපි භික්ඛු;
අතික්කම්ම භවං සමෙච්ච ධම්මං, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
358
“ඍෂීන්ට සත්වෙනි භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගේ මේ වචන අසා ඒ මම පහදිමි. මා විසින් විචාරණ ලද්ද නොසිස්ය. බ්‍රාහ්මණ තෙමේ මා වංචා නොකෙළෙහිය.
|
364
‘‘විපිට්ඨිකත්වාන
අනුරොධවිරොධවිප්පහීනො, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
359
“බුදුන්ගේ ශ්‍රාවකතෙමේ කියන්නා වෙන් කරන්නේද වේ. මායා ඇත්තාවූ මරුගේ දැඩිවූ තෘෂ්ණා දැල සින්ඳේය.
|
365
‘‘හිත්වාන
සංයොජනියෙහි විප්පමුත්තො, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
360
“සමර්ථවූ භාග්‍යවතුන් වහන්සේ සංසාරයට කාරණය දැක්කේය. එකාන්තයෙන් සුදුසු මං ඇති භාග්‍යවතුන් වහන්සේ දුකසේ එතරවිය යුතුවූ මාර භූමිය ඉක්මවා සිටියේය.”
|
366
‘‘න
සො අනිස්සිතො අනඤ්ඤනෙය්යො, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
13. සම්මාපරිබ්බාජනීය සූත්‍රය |
367
‘‘වචසා
නිබ්බානපදාභිපත්ථයානො, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
361
“සතර ඕඝය තරණය කළාවූ නිවණට පැමිණි සොපාදිසෙස නිවණින් පිරිනිවී නො සැලෙන සිත් ඇති බොහෝ ප්‍රඥා ඇති මුනීන්ද්රයන් වහන්සේ විචාරමි. ගෙන් නික්ම කාමයන් දුරුකොට ඒ මහණතෙම කෙසේ ලෝකයෙහි වාසය කරන්නේද?”
|
368
‘‘යො වන්දති මන්ති නුණ්ණමෙය්ය
(නුන්නමෙය්ය (?)), අක්කුට්ඨොපි න සන්ධියෙථ භික්ඛු;
ලද්ධා පරභොජනං න මජ්ජෙ, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
362
“යමෙකු විසින් දිට්ඨ මංගලාදිය නසන ලද්දාහද? උල්කාපාත ස්වප්න, ලකුණුද මංගල සහිතවූ දෝෂද, ප්‍රහීන කළ මහණතෙම ලෝකයෙහි මනාකොට පිරිනිවෙන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
|
369
‘‘ලොභඤ්ච භවඤ්ච විප්පහාය, විරතො ඡෙදනබන්ධනා ච
(ඡෙදනබන්ධනතො (සී. ස්‍යා.)) භික්ඛු;
සො තිණ්ණකථංකථො විසල්ලො, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
363
“මහණතෙම මනුෂ්‍යයන් අතරෙහිද දෙවියන් අතරෙහිද වූ කාමයන්හි ඇල්ම අත්හරින්නේය. භවය ඉක්මවා ධර්මය දැන ඒ (ක්ෂීණාශ්රව) තෙම ලෝකයෙහි පිරිනිවෙන්නේය.
|
370
‘‘සාරුප්පං
යථා තථියං විදිත්වා ධම්මං, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
364
“මහණතෙම කේලාම්ද ද්වේෂයද අත්හැර මසුරුකම්ද දුරුකරන්නේය. රාග ද්වේෂයන් ගෙවූ හෙතෙම ලෝකයෙහි මනාකොට ලොව පිරිනිවෙන්නේය.”
|
371
‘‘යස්සානුසයා
සො නිරාසො
(නිරාසයො (සී.), නිරාසසො (ස්‍යා.)) අනාසිසානො
(අනාසයානො (සී. පී.), අනාසසානො (ස්‍යා.)), සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
365
“ප්‍රිය බව අප්‍රිය බව අත්හැර කොහිවත් නොබැඳී ඇසුරු නොකොට බැඳුම් වලින් මිදී සිටි හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.
|
372
‘‘ආසවඛීණො
දන්තො පරිනිබ්බුතො ඨිතත්තො, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
366
“හෙතෙම උපාධින්හි සාරයට නොපැමිණේ. දැඩි ගැනීම්වල තද ඇල්ම දුරලන්නේය. හෙතෙම කිසිවක් ඇසුරු නොකෙළේ අනෙකකු විසින් නොහික්ම විය යුත්තේ මනාව ලොව පිරිනිවෙන්නේය.
|
373
‘‘සද්ධො සුතවා නියාමදස්සී, වග්ගගතෙසු න වග්ගසාරි ධීරො;
ලොභං දොසං විනෙය්ය පටිඝං, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
367
“වචනයෙන්ද සිතින්ද ක්‍රියාවෙන්ද විරුද්ධ නොවූයේ ධර්මය මනාකොට දැන නිර්වාණ පදය මනාකොට පතන්නාවූ හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.
|
374
‘‘සංසුද්ධජිනො විවට්ටච්ඡදො, ධම්මෙසු වසී පාරගූ අනෙජො;
සඞ්ඛාරනිරොධඤාණකුසලො
|
368
“යමෙක් මම වදීයයි මානාධික නොවේද, ආක්‍රොශ කෙළේද, මහණතෙම වෛර නොබඳින්නේය. අන්‍යයාගේ ආහාර ලැබ මඳයට පත් නොවන්නේය. හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.
|
375
‘‘අතීතෙසු අනාගතෙසු චාපි, කප්පාතීතො අතිච්චසුද්ධිපඤ්ඤො;
සබ්බායතනෙහි විප්පමුත්තො, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
|
369
“ලෝභයද භවයද හැර සිඳීමෙන් හා බැඳීමෙන් වෙන්වූ මහණතෙම අත්හළ සැක ඇත්තේ, පහවූ උල් ඇති හෙතෙම ලෝකයෙහි යහපත්ව පිරිනිවෙන්නේය.
|
376
‘‘අඤ්ඤාය
සබ්බුපධීනං පරික්ඛයානො
(පරික්ඛයා (පී.)), සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය’’.
|
370
“මහණතෙම තමහට කැප දෙය දැන ලෝකයෙහි කිසිවෙකුට බිය නොවන්නේය. ධර්මය තත්වූ පරිද්දෙන් දැන හෙතෙම ලෝකයෙහි පිරිනිවෙන්නේය.
|
377
‘‘අද්ධා
සබ්බසංයොජනයොගවීතිවත්තො
|
371
“යමකුට (අර්හත් මාර්ගයෙන් නැසූහෙයින්) කිසි අනුශය ධර්මයක් නැද්ද, අකුශල් මුල් ඉගිළුවාහුද ආශයද නැති බැවින් තෘෂ්ණා නැත්තේද, ඒ ක්ෂීණාශ්රවතෙම ලොව යහපත්ව පිරිනිවෙන්නේය.
|
14. ධම්මිකසුත්තං |
372
“ආශ්‍රවයන් ක්ෂය කළේ මානය ප්‍රහීන කළේ සියලු රාග මාර්ගය ඉක්මවා ගියේ හික්මුණේ පිරිනිවියේ ස්ථිරවූ ආත්මය ඇත්තේ හෙතෙම ලෝකයෙහි යහපත්ව පිරිනිවෙන්නේය.
|
378
‘‘පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ, කථංකරො සාවකො සාධු හොති;
යො වා අගාරා අනගාරමෙති, අගාරිනො වා පනුපාසකාසෙ.
|
373
“ශ්රද්ධාවත්වූයේ ශ්රැතවත්වූයේ මාර්ගය දක්නේද (දෘෂ්ටියෙන්) වර්ගවූවන් කෙරෙහි කැඩී නොයන්නේ ප්‍රඥාවත් වූයේ ලෝභය ද්වේෂය ක්‍රෝධය දුරුකොට හෙතෙම ලෝකයෙහි මනාව පිරිනිවෙන්නේය.
|
379
‘‘තුවඤ්හි ලොකස්ස සදෙවකස්ස, ගතිං පජානාසි පරායණඤ්ච;
න චත්ථි තුල්යො නිපුණත්ථදස්සී, තුවඤ්හි බුද්ධං පවරං වදන්ති.
|
374
“අරහත් මාර්ග පිරිසුදු දිනන්නාවූ උපුටා දැමූ කෙළෙස් වහල ඇති ධර්මයන්හි වසීවූ පරතෙරට ගිය, පහවූ තෘෂ්ණා ඇති, (ආර්ය මාර්ගය) ප්‍රඥාවෙහි දක්ෂවූ හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.
|
380
‘‘සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං, පකාසෙසි සත්තෙ අනුකම්පමානො;
විවට්ටච්ඡදොසි සමන්තචක්ඛු, විරොචසි විමලො සබ්බලොකෙ.
|
375
“අතීතයෙහිද අනාගතයෙහිද මමය, මගේයයි සිතීම ඉක්මවා ඉතා පිරිසිදුවූ නුවණ ඇත්තේ සියලු ආයතනයන්ගෙන් මිදුණේ හෙතෙම ලොව මනාව පිරිනිවෙන්නේය.
|
381
‘‘ආගඤ්ඡි
සොපි තයා මන්තයිත්වාජ්ඣගමා, සාධූති සුත්වාන පතීතරූපො.
|
376
“(ආර්යසත්ය) පදය දැන, ධර්මය අවබෝධ කොට දැක කෙලෙස් නැති කිරීමෙන්වූ නිවන දැක, සියලු උපධින් සම්පූර්ණයෙන් ගෙවන්නේ හෙතෙම මනාකොට ලෝකයෙහි පිරිනිවෙන්නේය.
|
382
‘‘රාජාපි
තස්සාපි ත්වං පුච්ඡිතො බ්රූසි ධීර, සො චාපි සුත්වාන පතීතරූපො.
|
377
“භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් යමක් වදාරණ ලද්දේද එය එසේමය. මෙබඳු විහරණ ඇති යම් හික්මුණු භික්ෂුවක් වේද සියලු සංයෝජනයන්ද ඉක්මවූ ඒ (ක්ෂීණාශ්රව මහණ) තෙම ලෝකයෙහි මනාකොට පිරිනිවෙන්නේය.”
|
383
‘‘යෙ කෙචිමෙ තිත්ථියා වාදසීලා, ආජීවකා වා යදි වා නිගණ්ඨා;
පඤ්ඤාය තං නාතිතරන්ති සබ්බෙ, ඨිතො වජන්තං විය සීඝගාමිං.
|
14. ධම්මික සූත්‍රය |
384
‘‘යෙ කෙචිමෙ බ්රාහ්මණා වාදසීලා, වුද්ධා චාපි බ්රාහ්මණා සන්ති කෙචි;
සබ්බෙ තයි අත්ථබද්ධා භවන්ති, යෙ චාපි අඤ්ඤෙ වාදිනො මඤ්ඤමානා.
|
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ධම්මික උපාසක තෙම උපාසකයන් පන්සියයක් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ධම්මික උපාසක තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කීයේය.
|
385
‘‘අයඤ්හි ධම්මො නිපුණො සුඛො ච, යොයං තයා භගවා සුප්පවුත්තො;
තමෙව සබ්බෙපි
(සබ්බෙ මයං (ස්‍යා.)) සුස්සූසමානා, තං නො වද පුච්ඡිතො බුද්ධසෙට්ඨ.
|
378
“මහත් ප්‍රඥා ඇති භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගෙන් විචාරමි. යමෙක් ගිහිගෙන් නික්ම ශාසනයට එයිද ගිහිගෙයි හෝ උපාසකයෝ වෙත්ද, ඒ කෙසේ පිළිපදින ශ්‍රාවක තෙමේ යහපත් වේද?
|
386
‘‘සබ්බෙපි මෙ භික්ඛවො සන්නිසින්නා, උපාසකා චාපි තථෙව සොතුං;
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං, සුභාසිතං
|
379
“ඔබ වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයාගේ උපතද පරලොව උපතද දන්නෙහිය. සියුම් අර්ථ දන්නා ඔබ හා සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ බුදුන්යයි කියනු ලැබේ.
|
387
‘‘සුණාථ මෙ භික්ඛවො සාවයාමි වො, ධම්මං ධුතං තඤ්ච චරාථ සබ්බෙ;
ඉරියාපථං
|
380
“ඔබ වහන්සේ දත යුත්තද ධර්මයද ඉතිරි නොකොට දැන සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රකාශ කෙළේය. හාත්පස දක්නා නුවණ ඇති පහකළ කෙළෙස් සෙවෙනි ඇත්තෙත් වෙහිය. සියලු ලෝකයෙහි නිර්මලව බබළයි.
|
388
‘‘නො වෙ විකාලෙ විචරෙය්ය භික්ඛු, ගාමෙ ච පිණ්ඩාය චරෙය්ය කාලෙ;
අකාලචාරිඤ්හි සජන්ති සඞ්ගා, තස්මා විකාලෙ න චරන්ති බුද්ධා.
|
381
“ජිනයයි අසා එරාවණ නම් ඇත් රජතෙම ඔබ වහන්සේගේ සමීපයට ආයේය. හෙතෙමේද ඔබ සමග කථා කොට යහපතැයි සතුටු සිතින් ගියේය.
|
389
‘‘රූපා
එතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දං, කාලෙන සො පවිසෙ පාතරාසං.
|
382
“කුවෙර නම්වූ වෛශ්‍රවණ රජතෙමේ ධර්මය අසන්ට ඔබ කරා පැමිණෙයි. වීරයන් වහන්ස, ඔහුටද අසන ලද්දේ වදාරන්න, හෙතෙමේද අසා සතුටු සිත් ඇත්තේය.
|
390
‘‘පිණ්ඩඤ්ච භික්ඛු සමයෙන ලද්ධා, එකො පටික්කම්ම රහො නිසීදෙ;
අජ්ඣත්තචින්තී න මනො බහිද්ධා, නිච්ඡාරයෙ සඞ්ගහිතත්තභාවො.
|
383
“වාද කරුණු කැමති යම් මේ තීර්ථක කෙනෙක් ඇද්ද ඒ ආජීවකයන් හෝ නිඝණ්ඨයන් හෝ යන සියල්ලෝ සිටි තැනැත්තේ ශීඝ්‍රව යන්නකු මෙන් ප්‍රඥාවෙන් ඔබ නො ඉක්මවත්.
|
391
‘‘සචෙපි සො සල්ලපෙ සාවකෙන, අඤ්ඤෙන වා කෙනචි භික්ඛුනා වා;
ධම්මං
|
384
“වාද කරුණු කැමැති යම් මේ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද කිසියම් මහලු බමුණු කෙනෙක් ඇද්ද, යම් කෙනෙක් වාදීයයි හඟිත්ද ඒ සියල්ලෝ ඔබවහන්සේ කෙරෙහි අර්ථයෙන් බැඳුනාහුවෙත්.
|
392
‘‘වාදඤ්හි
තතො තතො නෙ පසජන්ති සඞ්ගා, චිත්තඤ්හි තෙ තත්ථ ගමෙන්ති දූරෙ.
|
385
“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් යම් මේ ධර්මයක් මනාකොට ප්‍රකාශ කරණ ලදද මේ (සත්තිස් බොධිපාක්ෂික) ධර්මය සියුම්ය. සුව එලවන්නේය. යහපත් කොට වදාරණ ලදී. එයම සියල්ලෝ අසනු කැමැති වෙති. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්ස, විචාරණ ලද අපට එය ප්‍රකාශ කරනු මැනවි.
|
393
‘‘පිණ්ඩං විහාරං සයනාසනඤ්ච, ආපඤ්ච සඞ්ඝාටිරජූපවාහනං;
සුත්වාන ධම්මං සුගතෙන දෙසිතං, සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො.
|
386
“මේ වැඩහුන් සියලු භික්ෂුහුද එසේම අසන්ට පැමිණි උපාසකයෝද නිර්මල බුදුන් විසින් අවබෝධ කරණ ලද ධර්මය ශක්‍රයාගේ සුභාෂිතය දෙවියන් මෙන් අසත්වා.”
|
394
‘‘තස්මා හි පිණ්ඩෙ සයනාසනෙ ච, ආපෙ ච සඞ්ඝාටිරජූපවාහනෙ;
එතෙසු
|
387
“මහණෙනි, අසව්. මා විසින් ධර්මයද කෙලෙස් කම්පා කරණ ක්රමයද අස්වමි. සියල්ලෝ දරත්වා, යහපත දක්නා සුළු ප්‍රඥා ඇත්තා ප්‍රව්‍රජිතයන්ට සුදුසු ඉරියව්ව පුරුදු කරව්.
|
395
‘‘ගහට්ඨවත්තං පන වො වදාමි, යථාකරො සාවකො සාධු හොති;
න හෙස
(න හෙසො (සී.)) ලබ්භා සපරිග්ගහෙන, ඵස්සෙතුං යො කෙවලො භික්ඛුධම්මො.
|
388
“ඒකාන්තයෙන් මහණතෙම නොකල්හි ගමෙහි නොහැසිරෙන්නේය. සුදුසු කල්හි පිඬු පිණිස හැසිරෙන්නේය. නොකල්හි හැසිරෙන්නා කරා ඇලීම් බැඳෙත්. එහෙයින් බුදුවරු නොකල්හි නොහැසිරෙත්.
|
396
‘‘පාණං
සබ්බෙසු
|
389
“රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවා සත්වයා මදයට පමුණුවත්ද, මේ ස්වභාවයන් කෙරෙහි කැමැත්ත දුරුකර සුදුසු කල්හි උදය ආහාරයට පිවිසෙන්නේය.
|
397
‘‘තතො අදින්නං පරිවජ්ජයෙය්ය, කිඤ්චි ක්වචි සාවකො බුජ්ඣමානො;
න හාරයෙ හරතං නානුජඤ්ඤා, සබ්බං අදින්නං පරිවජ්ජයෙය්ය.
|
390
“මහණතෙම සුදුසු කාලයෙහි ආහාරය ලබන්නේය. හුදකලාව පහව තනිව මැඩ හිඳින්නේය. එකඟ කළ සිත් ඇත්තේ අධ්‍යාත්මය ගැන සිතමින් පිටත රූපාදියෙහි සිත පිටත් නොකරන්නේය.
|
398
‘‘අබ්රහ්මචරියං පරිවජ්ජයෙය්ය, අඞ්ගාරකාසුං ජලිතංව විඤ්ඤූ;
අසම්භුණන්තො පන බ්රහ්මචරියං, පරස්ස දාරං න අතික්කමෙය්ය.
|
391
“ඉදින් හෙතෙම ශ්‍රාවකයෙකු හා හෝ අන්කිසි භික්ෂුවක් සමග හෝ කථා කරන්නේ නම් ඔහුට ප්‍රණීත ධර්මය ප්‍රකාශ කරන්නේය. කේලාම් හෝ අනුන්ට දොස් කීම හෝ නොකරන්නේය.
|
399
‘‘සභග්ගතො වා පරිසග්ගතො වා, එකස්ස වෙකො
(චෙතො (සී. ස්‍යා.)) න මුසා භණෙය්ය;
න භාණයෙ භණතං නානුජඤ්ඤා, සබ්බං අභූතං පරිවජ්ජයෙය්ය.
|
392
“එකෙක් බහින් බහට එක් නුවණ අඩු ඔවුන් හොඳයයි නොකියමි. ඒ ඇලීම් එයින් පහළ වෙත්. ඒ එසේමයි ඒ සිත ඈතට යවත්.
|
400
‘‘මජ්ජඤ්ච පානං න සමාචරෙය්ය, ධම්මං ඉමං රොචයෙ යො ගහට්ඨො;
න පායයෙ පිවතං නානුජඤ්ඤා, උම්මාදනන්තං ඉති නං විදිත්වා.
|
393
“පිණ්ඩපාතයද, ආවාසයද, සෙනාසනද සඟල සිවුරෙහි රජස් පහකරණ ජලයද බුදුන් විසින් වදාළ ධර්මය අසා ශ්‍රේෂ්ඨ නුවණ ඇති ශ්රාවකයා ප්රත්යවෙක්ෂා කොට සෙවනය කරන්නේය.
|
401
‘‘මදා හි පාපානි කරොන්ති බාලා, කාරෙන්ති චඤ්ඤෙපි ජනෙ පමත්තෙ;
එතං
|
394
“එහෙයින් භික්ෂුව පිණ්ඩපාතයෙහිද සෙනාසනයෙහිද, සඟල සිවුරෙහි රජස් දුරුකරණ ජලයෙහිද (සිවු පසයෙහි) නෙළුම් පතෙහි දිය බින්දු මෙන් නොඇලුණේවේ.
|
402
‘‘පාණං
අබ්‍රහ්මචරියා විරමෙය්ය මෙථුනා, රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
|
395
“තොපට ගිහින් ගේ පැවැත්ම කියමි. යම් පරිද්දකින් කරන ශ්රාවකයා යහපත් වේද හෙතෙම අයත් ධ්‍යානාදියෙන් යුක්තව යම් මේ තනි භික්ෂු ධර්මය අවබෝධ කරන්නට නොලබන්නේය.
|
403
‘‘මාලං
එතඤ්හි අට්ඨඞ්ගිකමාහුපොසථං, බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
|
396
“ලොව ස්ථාවරවූද, ගමන් කරන්නාවූද සත්වයන් කෙරෙහි දඬු බහා තබා, සතුන් නොමරන්නේය. නොමරවන්නේය. නසන්නවුන්ට අනුනොදන්නේය.
|
404
‘‘තතො ච පක්ඛස්සුපවස්සුපොසථං, චාතුද්දසිං පඤ්චදසිඤ්ච අට්ඨමිං;
පාටිහාරියපක්ඛඤ්ච පසන්නමානසො, අට්ඨඞ්ගුපෙතං සුසමත්තරූපං.
|
397
“ආර්යශ්‍රාවකතෙමේ දැන දැන ගමෙහි හෝ අරණ්‍යයෙහිවූ ස්වල්පවූ හෝ කොපමණවූ හෝ නුදුන් දෙය කල්පනා කරමින් දුරු කරන්නේය, නොගන්වන්නේය, ගන්නකුට නොඅනු දන්නේය.
|
405
‘‘තතො ච පාතො උපවුත්ථුපොසථො, අන්නෙන පානෙන ච භික්ඛුසඞ්ඝං;
පසන්නචිත්තො අනුමොදමානො, යථාරහං සංවිභජෙථ විඤ්ඤූ.
|
398
“ඤාණවන්ත තෙම දැල්වෙන අඟුරුවලක් මෙන් සිතා කාම සෙවනය දුරුකරන්නේය. බ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නට නොහැකි නම් අනුන්ගේ භාර්යාවන් නොඉක්මවන්නේය.
|
406
‘‘ධම්මෙන මාතාපිතරො භරෙය්ය, පයොජයෙ ධම්මිකං සො වණිජ්ජං;
එතං
|
399
“සභාවට ගියේ හෝ පිරිස මැදකට ගියේ හෝ එකෙකුට හුදකලාව බොරු නොකියන්නේය. නොකියවන්නේය. කීමට අනුබල නොදෙන්නේය. සියලු නොසිදුවූ දෙය දුරුකරන්නේය.
|