ත්‍රිපිටකය
2. චූළවග්ගො 2. චූල (සුළු) වර්ගය
1. රතනසුත්තං 1. රතන සූත්‍රය
2. ආමගන්ධසුත්තං 2. ආමගන්ධ සූත්‍රය
3. හිරිසුත්තං 3. හිරි සූත්‍රය
4. මඞ්ගලසුත්තං 4. මහාමංගල සූත්‍රය
5. සූචිලොමසුත්තං 272
“මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”
6. ධම්මචරියසුත්තං 274
“නුගරුකෙහි කඳින් හටගත් අරළු (මුල්) මෙන් ස්නේහයෙන් වන්නෝ තමාගෙන්ම පහළවන්නෝය. කායයන්හි බෙහෙවින් ඇලුණෝ වනයෙහි මාලුවා නම් වැල පැතුරුණා මෙනි.
7. බ්‍රාහ්මණධම්මිකසුත්තං 284
“එබැවින් ශ්‍රමණ නොවූ ශ්‍රමණ, ශ්‍රමණයයි යන හැඟීම් ඇත්තාවූ, බොල් පිඹ හරිව්. පවිටු කැමැත්ත හා හැසිරීමද ගොදුරද ඇති පවිටන් පහකොට විනීතව පිරිසිදු අපිරිසිදු පුද්ගලයන් සමග විසීම කරව්.
8. නාවාසුත්තං 315
“මෙසේ මෙය හීන ක්‍රියාවකි. පුරාණය දන්නවුන් විසින් ගරහන ලද්දේය. යම් තැනක මෙබන්දක් දකීද, ජනයා යාගකරන්නාට ගර්හා කරයි.
9. කිංසීලසුත්තං 322
“එසේම ධර්මය නොවඩා බහුශ්‍රැතයන්ට ඇහුම්කන් නොදී, තෙමේ නොදන්නේ සැක දුරුනොකළේ වේද ඔහු අනුන්ට මෙනෙහි කරවන්ට සමර්ථද,
10. උට්ඨානසුත්තං 329
(සමථ විදර්ශනා) ධර්මයෙහි ඇලෙන්නේය, එහි යෙදෙන්නේය. ධර්මයෙහි සිටින්නේය. ධර්මයෙහි තීරණය දන්නේය. ධර්මය දූෂණය වන කථා නොකරන්නේය. සත්‍යවූ සුභාෂිතයන්ගෙන් කල් යවන්නේය.
11. රාහුලසුත්තං 333
නැගිටිව්, හිඳගනිව්, තොපට නිදීමෙන් කවර ප්‍රයෝජනයක්ද හුලින් විදින ලදුව දුකින් පෙලෙන ලෙඩුන්ට කවර නිදීමක්ද
12. නිග්‍රොධකප්පසුත්තං 341
“චීවර පිණ්ඩපාතයෙහිද ප්‍රත්‍යයෙහිද සෙනසුන්හිද යන මොවුන් කෙරෙහි තෘෂ්ණාව නොකරව. මෙලොවට නැවත නොඑව.
13. සම්මාපරිබ්බාජනීයසුත්තං 355
“දන්නාවූ අලාමක වීර්ය ඇති භාග්‍යවතුන් වහන්ස, යහපත් අයහපත් උතුම් ධර්මය දැන මුළා නොකරණු මැනව. ග්‍රීෂ්මකාලයෙහි ග්‍රීෂ්මයෙන් රත්වූ ජලය මෙන් වචනය කැමැත්තේමි ශ්‍රැතය වසනු මැනවි.
14. ධම්මිකසුත්තං 372
“ආශ්‍රවයන් ක්ෂය කළේ මානය ප්‍රහීන කළේ සියලු රාග මාර්ගය ඉක්මවා ගියේ හික්මුණේ පිරිනිවියේ ස්ථිරවූ ආත්මය ඇත්තේ හෙතෙම ලෝකයෙහි යහපත්ව පිරිනිවෙන්නේය.
378
‘‘පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ, කථංකරො සාවකො සාධු හොති;
යො වා අගාරා අනගාරමෙති, අගාරිනො වා පනුපාසකාසෙ.
373
“ශ්‍රද්ධාවත්වූයේ ශ්‍රැතවත්වූයේ මාර්ගය දක්නේද (දෘෂ්ටියෙන්) වර්ගවූවන් කෙරෙහි කැඩී නොයන්නේ ප්‍රඥාවත් වූයේ ලෝභය ද්වේෂය ක්‍රෝධය දුරුකොට හෙතෙම ලෝකයෙහි මනාව පිරිනිවෙන්නේය.
379
‘‘තුවඤ්හි ලොකස්ස සදෙවකස්ස, ගතිං පජානාසි පරායණඤ්ච;
න චත්ථි තුල්‍යො නිපුණත්ථදස්සී, තුවඤ්හි බුද්ධං පවරං වදන්ති.
374
“අරහත් මාර්ග පිරිසුදු දිනන්නාවූ උපුටා දැමූ කෙළෙස් වහල ඇති ධර්මයන්හි වසීවූ පරතෙරට ගිය, පහවූ තෘෂ්ණා ඇති, (ආර්ය මාර්ගය) ප්‍රඥාවෙහි දක්ෂවූ හෙතෙම ලොව මනාකොට පිරිනිවෙන්නේය.
380
‘‘සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං, පකාසෙසි සත්තෙ අනුකම්පමානො;
විවට්ටච්ඡදොසි සමන්තචක්ඛු, විරොචසි විමලො සබ්බලොකෙ.
375
“අතීතයෙහිද අනාගතයෙහිද මමය, මගේයයි සිතීම ඉක්මවා ඉතා පිරිසිදුවූ නුවණ ඇත්තේ සියලු ආයතනයන්ගෙන් මිදුණේ හෙතෙම ලොව මනාව පිරිනිවෙන්නේය.
381
‘‘ආගඤ්ඡි තෙ සන්තිකෙ නාගරාජා, එරාවණො නාම ජිනොති සුත්වා;
සොපි තයා මන්තයිත්වාජ්ඣගමා, සාධූති සුත්වාන පතීතරූපො.
376
“(ආර්යසත්‍ය) පදය දැන, ධර්මය අවබෝධ කොට දැක කෙලෙස් නැති කිරීමෙන්වූ නිවන දැක, සියලු උපධින් සම්පූර්ණයෙන් ගෙවන්නේ හෙතෙම මනාකොට ලෝකයෙහි පිරිනිවෙන්නේය.
382
‘‘රාජාපි තං වෙස්සවණො කුවෙරො, උපෙති ධම්මං පරිපුච්ඡමානො;
තස්සාපි ත්වං පුච්ඡිතො බ්‍රූසි ධීර, සො චාපි සුත්වාන පතීතරූපො.
377
“භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් යමක් වදාරණ ලද්දේද එය එසේමය. මෙබඳු විහරණ ඇති යම් හික්මුණු භික්ෂුවක් වේද සියලු සංයෝජනයන්ද ඉක්මවූ ඒ (ක්ෂීණාශ්‍රව මහණ) තෙම ලෝකයෙහි මනාකොට පිරිනිවෙන්නේය.”
383
‘‘යෙ කෙචිමෙ තිත්ථියා වාදසීලා, ආජීවකා වා යදි වා නිගණ්ඨා;
පඤ්ඤාය තං නාතිතරන්ති සබ්බෙ, ඨිතො වජන්තං විය සීඝගාමිං.
14. ධම්මික සූත්‍රය
384
‘‘යෙ කෙචිමෙ බ්‍රාහ්මණා වාදසීලා, වුද්ධා චාපි බ්‍රාහ්මණා සන්ති කෙචි;
සබ්බෙ තයි අත්ථබද්ධා භවන්ති, යෙ චාපි අඤ්ඤෙ වාදිනො මඤ්ඤමානා.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ධම්මික උපාසක තෙම උපාසකයන් පන්සියයක් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ධම්මික උපාසක තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කීයේය.
385
‘‘අයඤ්හි ධම්මො නිපුණො සුඛො ච, යොයං තයා භගවා සුප්පවුත්තො;
තමෙව සබ්බෙපි (සබ්බෙ මයං (ස්‍යා.)) සුස්සූසමානා, තං නො වද පුච්ඡිතො බුද්ධසෙට්ඨ.
378
“මහත් ප්‍රඥා ඇති භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගෙන් විචාරමි. යමෙක් ගිහිගෙන් නික්ම ශාසනයට එයිද ගිහිගෙයි හෝ උපාසකයෝ වෙත්ද, ඒ කෙසේ පිළිපදින ශ්‍රාවක තෙමේ යහපත් වේද?
386
‘‘සබ්බෙපි මෙ භික්ඛවො සන්නිසින්නා, උපාසකා චාපි තථෙව සොතුං;
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං, සුභාසිතං වාසවස්සෙව දෙවා’’.
379
“ඔබ වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයාගේ උපතද පරලොව උපතද දන්නෙහිය. සියුම් අර්ථ දන්නා ඔබ හා සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ බුදුන්යයි කියනු ලැබේ.
387
‘‘සුණාථ මෙ භික්ඛවො සාවයාමි වො, ධම්මං ධුතං තඤ්ච චරාථ සබ්බෙ;
ඉරියාපථං පබ්බජිතානුලොමිකං, සෙවෙථ නං අත්ථදසො මුතීමා.
380
“ඔබ වහන්සේ දත යුත්තද ධර්මයද ඉතිරි නොකොට දැන සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රකාශ කෙළේය. හාත්පස දක්නා නුවණ ඇති පහකළ කෙළෙස් සෙවෙනි ඇත්තෙත් වෙහිය. සියලු ලෝකයෙහි නිර්මලව බබළයි.
388
‘‘නො වෙ විකාලෙ විචරෙය්‍ය භික්ඛු, ගාමෙ ච පිණ්ඩාය චරෙය්‍ය කාලෙ;
අකාලචාරිඤ්හි සජන්ති සඞ්ගා, තස්මා විකාලෙ න චරන්ති බුද්ධා.
381
“ජිනයයි අසා එරාවණ නම් ඇත් රජතෙම ඔබ වහන්සේගේ සමීපයට ආයේය. හෙතෙමේද ඔබ සමග කථා කොට යහපතැයි සතුටු සිතින් ගියේය.
389
‘‘රූපා ච සද්දා ච රසා ච ගන්ධා, ඵස්සා ච යෙ සම්මදයන්ති සත්තෙ;
එතෙසු ධම්මෙසු විනෙය්‍ය ඡන්දං, කාලෙන සො පවිසෙ පාතරාසං.
382
“කුවෙර නම්වූ වෛශ්‍රවණ රජතෙමේ ධර්මය අසන්ට ඔබ කරා පැමිණෙයි. වීරයන් වහන්ස, ඔහුටද අසන ලද්දේ වදාරන්න, හෙතෙමේද අසා සතුටු සිත් ඇත්තේය.
390
‘‘පිණ්ඩඤ්ච භික්ඛු සමයෙන ලද්ධා, එකො පටික්කම්ම රහො නිසීදෙ;
අජ්ඣත්තචින්තී න මනො බහිද්ධා, නිච්ඡාරයෙ සඞ්ගහිතත්තභාවො.
383
“වාද කරුණු කැමති යම් මේ තීර්ථක කෙනෙක් ඇද්ද ඒ ආජීවකයන් හෝ නිඝණ්ඨයන් හෝ යන සියල්ලෝ සිටි තැනැත්තේ ශීඝ්‍රව යන්නකු මෙන් ප්‍රඥාවෙන් ඔබ නො ඉක්මවත්.
391
‘‘සචෙපි සො සල්ලපෙ සාවකෙන, අඤ්ඤෙන වා කෙනචි භික්ඛුනා වා;
ධම්මං පණීතං තමුදාහරෙය්‍ය, න පෙසුණං නොපි පරූපවාදං.
384
“වාද කරුණු කැමැති යම් මේ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද කිසියම් මහලු බමුණු කෙනෙක් ඇද්ද, යම් කෙනෙක් වාදීයයි හඟිත්ද ඒ සියල්ලෝ ඔබවහන්සේ කෙරෙහි අර්ථයෙන් බැඳුනාහුවෙත්.
392
‘‘වාදඤ්හි එකෙ පටිසෙනියන්ති, න තෙ පසංසාම පරිත්තපඤ්ඤෙ;
තතො තතො නෙ පසජන්ති සඞ්ගා, චිත්තඤ්හි තෙ තත්ථ ගමෙන්ති දූරෙ.
385
“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් යම් මේ ධර්මයක් මනාකොට ප්‍රකාශ කරණ ලදද මේ (සත්තිස් බොධිපාක්ෂික) ධර්මය සියුම්ය. සුව එලවන්නේය. යහපත් කොට වදාරණ ලදී. එයම සියල්ලෝ අසනු කැමැති වෙති. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්ස, විචාරණ ලද අපට එය ප්‍රකාශ කරනු මැනවි.
393
‘‘පිණ්ඩං විහාරං සයනාසනඤ්ච, ආපඤ්ච සඞ්ඝාටිරජූපවාහනං;
සුත්වාන ධම්මං සුගතෙන දෙසිතං, සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො.
386
“මේ වැඩහුන් සියලු භික්ෂුහුද එසේම අසන්ට පැමිණි උපාසකයෝද නිර්මල බුදුන් විසින් අවබෝධ කරණ ලද ධර්මය ශක්‍රයාගේ සුභාෂිතය දෙවියන් මෙන් අසත්වා.”
394
‘‘තස්මා හි පිණ්ඩෙ සයනාසනෙ ච, ආපෙ ච සඞ්ඝාටිරජූපවාහනෙ;
එතෙසු ධම්මෙසු අනූපලිත්තො, භික්ඛු යථා පොක්ඛරෙ වාරිබින්දු.
387
“මහණෙනි, අසව්. මා විසින් ධර්මයද කෙලෙස් කම්පා කරණ ක්‍රමයද අස්වමි. සියල්ලෝ දරත්වා, යහපත දක්නා සුළු ප්‍රඥා ඇත්තා ප්‍රව්‍රජිතයන්ට සුදුසු ඉරියව්ව පුරුදු කරව්.
395
‘‘ගහට්ඨවත්තං පන වො වදාමි, යථාකරො සාවකො සාධු හොති;
න හෙස (න හෙසො (සී.)) ලබ්භා සපරිග්ගහෙන, ඵස්සෙතුං යො කෙවලො භික්ඛුධම්මො.
388
“ඒකාන්තයෙන් මහණතෙම නොකල්හි ගමෙහි නොහැසිරෙන්නේය. සුදුසු කල්හි පිඬු පිණිස හැසිරෙන්නේය. නොකල්හි හැසිරෙන්නා කරා ඇලීම් බැඳෙත්. එහෙයින් බුදුවරු නොකල්හි නොහැසිරෙත්.
396
‘‘පාණං න හනෙ (න හානෙ (සී.)) න ච ඝාතයෙය්‍ය, න චානුජඤ්ඤා හනතං පරෙසං;
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, යෙ ථාවරා යෙ ච තසා සන්ති (තසන්ති (සී. පී.)) ලොකෙ.
389
“රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවා සත්වයා මදයට පමුණුවත්ද, මේ ස්වභාවයන් කෙරෙහි කැමැත්ත දුරුකර සුදුසු කල්හි උදය ආහාරයට පිවිසෙන්නේය.
397
‘‘තතො අදින්නං පරිවජ්ජයෙය්‍ය, කිඤ්චි ක්වචි සාවකො බුජ්ඣමානො;
න හාරයෙ හරතං නානුජඤ්ඤා, සබ්බං අදින්නං පරිවජ්ජයෙය්‍ය.
390
“මහණතෙම සුදුසු කාලයෙහි ආහාරය ලබන්නේය. හුදකලාව පහව තනිව මැඩ හිඳින්නේය. එකඟ කළ සිත් ඇත්තේ අධ්‍යාත්මය ගැන සිතමින් පිටත රූපාදියෙහි සිත පිටත් නොකරන්නේය.
398
‘‘අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය, අඞ්ගාරකාසුං ජලිතංව විඤ්ඤූ;
අසම්භුණන්තො පන බ්‍රහ්මචරියං, පරස්ස දාරං න අතික්කමෙය්‍ය.
391
“ඉදින් හෙතෙම ශ්‍රාවකයෙකු හා හෝ අන්කිසි භික්ෂුවක් සමග හෝ කථා කරන්නේ නම් ඔහුට ප්‍රණීත ධර්මය ප්‍රකාශ කරන්නේය. කේලාම් හෝ අනුන්ට දොස් කීම හෝ නොකරන්නේය.
399
‘‘සභග්ගතො වා පරිසග්ගතො වා, එකස්ස වෙකො (චෙතො (සී. ස්‍යා.)) න මුසා භණෙය්‍ය;
න භාණයෙ භණතං නානුජඤ්ඤා, සබ්බං අභූතං පරිවජ්ජයෙය්‍ය.
392
“එකෙක් බහින් බහට එක් නුවණ අඩු ඔවුන් හොඳයයි නොකියමි. ඒ ඇලීම් එයින් පහළ වෙත්. ඒ එසේමයි ඒ සිත ඈතට යවත්.
400
‘‘මජ්ජඤ්ච පානං න සමාචරෙය්‍ය, ධම්මං ඉමං රොචයෙ යො ගහට්ඨො;
න පායයෙ පිවතං නානුජඤ්ඤා, උම්මාදනන්තං ඉති නං විදිත්වා.
393
“පිණ්ඩපාතයද, ආවාසයද, සෙනාසනද සඟල සිවුරෙහි රජස් පහකරණ ජලයද බුදුන් විසින් වදාළ ධර්මය අසා ශ්‍රේෂ්ඨ නුවණ ඇති ශ්‍රාවකයා ප්‍රත්‍යවෙක්ෂා කොට සෙවනය කරන්නේය.
401
‘‘මදා හි පාපානි කරොන්ති බාලා, කාරෙන්ති චඤ්ඤෙපි ජනෙ පමත්තෙ;
එතං අපුඤ්ඤායතනං විවජ්ජයෙ, උම්මාදනං මොහනං බාලකන්තං.
394
“එහෙයින් භික්ෂුව පිණ්ඩපාතයෙහිද සෙනාසනයෙහිද, සඟල සිවුරෙහි රජස් දුරුකරණ ජලයෙහිද (සිවු පසයෙහි) නෙළුම් පතෙහි දිය බින්දු මෙන් නොඇලුණේවේ.
402
‘‘පාණං න හනෙ න චාදින්නමාදියෙ, මුසා න භාසෙ න ච මජ්ජපො සියා;
අබ්‍රහ්මචරියා විරමෙය්‍ය මෙථුනා, රත්තිං න භුඤ්ජෙය්‍ය විකාලභොජනං.
395
“තොපට ගිහින් ගේ පැවැත්ම කියමි. යම් පරිද්දකින් කරන ශ්‍රාවකයා යහපත් වේද හෙතෙම අයත් ධ්‍යානාදියෙන් යුක්තව යම් මේ තනි භික්ෂු ධර්මය අවබෝධ කරන්නට නොලබන්නේය.
403
‘‘මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ, මඤ්චෙ ඡමායං ව සයෙථ සන්ථතෙ;
එතඤ්හි අට්ඨඞ්ගිකමාහුපොසථං, බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
396
“ලොව ස්ථාවරවූද, ගමන් කරන්නාවූද සත්වයන් කෙරෙහි දඬු බහා තබා, සතුන් නොමරන්නේය. නොමරවන්නේය. නසන්නවුන්ට අනුනොදන්නේය.
404
‘‘තතො ච පක්ඛස්සුපවස්සුපොසථං, චාතුද්දසිං පඤ්චදසිඤ්ච අට්ඨමිං;
පාටිහාරියපක්ඛඤ්ච පසන්නමානසො, අට්ඨඞ්ගුපෙතං සුසමත්තරූපං.
397
“ආර්යශ්‍රාවකතෙමේ දැන දැන ගමෙහි හෝ අරණ්‍යයෙහිවූ ස්වල්පවූ හෝ කොපමණවූ හෝ නුදුන් දෙය කල්පනා කරමින් දුරු කරන්නේය, නොගන්වන්නේය, ගන්නකුට නොඅනු දන්නේය.
405
‘‘තතො ච පාතො උපවුත්ථුපොසථො, අන්නෙන පානෙන ච භික්ඛුසඞ්ඝං;
පසන්නචිත්තො අනුමොදමානො, යථාරහං සංවිභජෙථ විඤ්ඤූ.
398
“ඤාණවන්ත තෙම දැල්වෙන අඟුරුවලක් මෙන් සිතා කාම සෙවනය දුරුකරන්නේය. බ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නට නොහැකි නම් අනුන්ගේ භාර්යාවන් නොඉක්මවන්නේය.
406
‘‘ධම්මෙන මාතාපිතරො භරෙය්‍ය, පයොජයෙ ධම්මිකං සො වණිජ්ජං;
එතං ගිහී වත්තයමප්පමත්තො, සයම්පභෙ නාම උපෙති දෙවෙ’’ති.
399
“සභාවට ගියේ හෝ පිරිස මැදකට ගියේ හෝ එකෙකුට හුදකලාව බොරු නොකියන්නේය. නොකියවන්නේය. කීමට අනුබල නොදෙන්නේය. සියලු නොසිදුවූ දෙය දුරුකරන්නේය.